Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

24-05-06

බඹරකිරිඇල්ල / Solo

මෙි තමයි මගේ ජිවිතේ පළවෙනි වතාවට හෙල්ලෙන පාළමකට ගොඩවු දවස….රිවස්ටන් තනිව ගිහින් එන ගමනේ තවත් එක සොදුරු ගමනාන්තයක් තමයි බඹරකිරිඇල්ල…

දකින්න ආසාවක් වගේම අසා ඇති දේවල් නිසා හිතට චකිතයක් ඇතිවු දිය ඇල්ලක්…

කොහොම හරි මට එ සුන්දර දිය කොමලියගෙත් සුන්දරත්වය දකින්න හැකියාව ලැබුණා.. 

බඹරකිරිඇල්ල පිහිටා තිබෙන්නේ රත්තොට සිට 6kmක් දුරින්, රිවස්ටන් යන පාරේ.. මාර්ගය අද්දරම නිසා පහසුවෙන් ප්‍රවේශ විය හැකි සුන්දර දිය ඇල්ලක්..

ප්‍රධාන පාරේ සිට 200mක පමණ කෙටි ගමණකින් ඇල්ලට යන්න පුළුවන්.. කොටස් තුනකින් සමන්විත මෙි ඇල්ලේ සුන්දරත්වය වඩාත්ම වැඩි වර්ෂාව ඇති කාලයට…. මෙි ඇල්ලේ සුසුන්දරත්වය වැඩි වන්නේ දෙවනි ඇල්ල හරහා වැටි ඇති හෙල්ලෙන ලී පාළම නිසා.. 

වර්ෂාව වැඩි කාලෙට මෙි දිය කොමලිය නමි බොහොම ප්‍රචණ්ඬ බවයි මට දැනගන්න ලැබුණේ.. එ කාලෙට දිය ඇල්ලේ දෙවනි ඇල්ලෙන් කඩා හැලෙන දිය දහරාවෙි ජල බිදිති ඇල්ල හරහා ඇති පැද්දෙන පාළම තෙක් වි⁣හිදෙන බවයි එ අසල කඩයේ නැන්දා මට පැවසුවෙි.. 

කෙසේ වෙතත් මෙි ඇල්ලට බඹරකිරිඇල්ල ලෙස නම පටබැදුනු ආකාරය නමි කිසිවෙක් දන්නේ නෑ.. නමුත් ඔවුන් නමි පවසන්නේ වර්ෂව වැඩි කාලයට ඇල්ලේ දිය දහර විසිරි යන ආකාර නිසා බඹරු ඇවිස්සි ඇති සේ දිස් වෙන නිසාම එ නම යෙදෙන්නට ඇති බවයි…

එ වගේම තමයි රත්තොට , වෙිරගම ගමි වලට පානිය ජලය සපයන්නේ මෙි බඹරකිරිඇල්ලෙන්…

චිනයේ ආධාර යටතේ එරටෙන් පැමිණ දික්කුඹුර ප්‍රදේශයේ විශාල ටැංකි දෙකකට ඇල්ලේ ජලය රැගෙන යනවා… එ ජලය තමයි එ අවට ප්‍රදේශ වල පානීය ජල අවශ්‍යතා සපුරන්නේ…. සුදු ගඟ පොශනය කරන තවත් දිය දහාරවක් ලෙස බඹරකිරිඇල්ල සියළු අවශ්‍යතා සපුරා දෙමින් ගලා බසිනවා නිහඬව කිසිත් නොදන්නා ආකාරයට…

මං එහෙම පැවසුවෙි ඇල්ල කොයිතරමි සුන්දර උවත් ඇල්ල ගැන ඇති කතා නමි සුන්දර නැති නිසා..

මෙි වතුර තටාක තුනම ගැඹුරින් වැඩියි.. එ නිසා එහි බැස දිය නෑම මෙි වන විට තහනමි වගේම ඇල්ල අසල මත්පැන් පානයත් තහනමි.. දැනටමත් මිනිස් ජිවිත පනහකට වඩා බිලි අරන් ඇති බවයි ගමිමු කීපදෙනෙක්ම මා හට පැවසුවෙි.. එ හැම ජිවිතයක්ම අරගෙන මෙි ඇල්ල එ කිසිම දෙයක් නොදන්නා ගාණට සුන්දරව ගලා බහිනවා…

කාලෙකට ඉහතදි මෙහි දිය නෑමට දුන්නත් දැන් නමි කිසිවෙක්ට මෙි තටාක තුලට බසින්න ඉඩ දෙන්නේ නෑ.. එ පෙරට වඩා දැන් මෙහි අනතුරුදායක බව වැඩි නිසා.. 

එයට හෙතුව  2012 වර්ෂයේ නිකොලොය වත්තේ මහා නාය යෑම… එ නායයෑමෙි ප්‍රතිපලයෙන් මෙි ඇල්ලේ තටාක තරමක් ගොඩවෙලා ගසාගෙන පැමිණි ගල් වලින්, එ ගල් වලින් තටාක ගොඩවිම නිසා අවදානමි වැඩියි.. යමි අයෙක් දියට බැස දිය නැමට උත්සාහ කලොත් යමි විදිහකින් ගැඹුරු තටාක ඇතුලේ ඇති ගල්පර තුල හිරවිමට ඇති ඉඩකඩ වැඩි බවයි පැවසුවෙි.. එ නිසාම කිසිවෙකුට එහි දිය නෑමට නමි අවසරයක් නෑ…

නායයෑමෙන් පහලට ගසාගෙන පැමිණි විසාල ගලක් දෙවන දිය ඇල්ලේ වතුර තටාකය මත අදටත් දැකගත හැකියි… මට නමි මෙි ඇල්ලේ සුන්දරත්වයට වඩා දැණුනේ අමුතු ගුප්ත බවක්.. සමහරවිට එ ජිවිත ගණනක් මෙි ස්ථානයේ අහිමිවි ගිය නිසාම වෙන්න ඇති…. එ නිසාම මම බොහො වෙිලාවක් නමි එහි රැදුණේ නෑ,

ඉතිං බඹරකිරිඇල්ල සොයා තනිව මම ගිය ගමනේ බොහො දේවල් අසා දැනගත්තා… වැඩිපුරම 2012 ඇතිවු නායයෑම් විස්තර…

රිවස්ටන් යන ඔයාලත් මෙි දිය ඇල්ල බලන්න යන්න අමතක කරන්න එපා.. එ වගේම කිසිම විටකත් දිය ඇල්ලට බැස දිය නෑමට නොයා ඉන්න වගබලා ගන්න… දිය ගැඹුරුයි ගල් ලිස්සන සුලුයි.. ඔබෙි පුංචි අතපසුවිමක් ඇති ජිවිතෙන් වන්දි ගෙවන්න….යන්න එ සුන්දර දිය කොමලිය දැකබලාගෙන පරිස්සමෙන් නැවත එන්න….

නිසංසලා රණසිංහ

Sign up for our newsletter