Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
previous arrow
next arrow

24-06-02

මොහොතක් සිතන්න…

ප්‍රේමය යනු කුමක්ද?..මෙන්න සැබෑම ප්‍රේමය!

(1කොරින්ති 13: 4 – 13)

4 ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත;

ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත, 5උඩඟුවෙන්නේ නැත, අශෝභනලෙස

හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත,

නපුර ගණන්ගන්නේ නැත; 6 අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමග

ප්‍රීතිවන්නේය,7 සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල

බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය.8 ප්‍රේමය කිසිකලක පහවන්නේ

නැත. අනාගතවාක්‍යකීම් වුවත්, නැතිවන්නේය; භාෂා වුවත්, නවතින්නේය;

දැනගැන්ම වුවත්, නැතිවන්නේය.9 මක්නිසාද අපේ දැනගැන්ම මඳය,

අනාගතවාක්‍යකීමත් මඳය.10 නුමුත් සම්පූර්ණ එක පැමුණුණාම මඳක්ව

තිබෙන දේ නැතිවන්නේය.11 මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන්

කථාකෙළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බාලයෙකු මෙන් කල්පනාකෙළෙමි.

දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර

සිටිමි.12 එසේය, දැන් අපට කැඩපතකින් අඳුරුලෙස පෙනෙන්නේය; නුමුත් මතු

මුහුණට මුහුණ පෙනෙනවා ඇත. දැන් මාගේ දැනගැන්ම අඩුය; නුමුත් මා

දැනගනු ලැබූ ලෙසම මතු මම දැනගන්නෙමි.13 දැන් පවතින්නේ ඇදහිල්ල,

බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම්

ප්‍රේමයය.

මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරයිනි ඔබට මෙයින් ඉතාම හොඳින් පෙනී

යනවා නේද සැබෑම ප්‍රේමය කුමක්ද කියා. ඉතින් අපි මෙවැනි ආකාරයට ප්‍රේම

කරමු, ජීවිතය ජය ගනිමු. ප්‍රේමය තුළින් සියල්ල වෙනස් කළ හැකිය. ඉතින්

ඔබත් මෙම දේව වචනයට අනුව සියල්ල දරාගෙන එකිනෙකාට ප්‍රේම කරමින්

ජීවිතය ජය ගනිමු.

ඔබ සැමට ආශිර්වාදමත් මාසයක් වේවා!

ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව මහරගම

Sign up for our newsletter