හිරු හෙමින් හෙමින් නැගෙනහිරින් එබිකමි කරන්න පටන් ගන්නා වෙලාවෙි හිරුට හොරෙන් මම ඉක්මන් ගමනින් පැමිණ බස් රථයට ගොඩ උනේ තවත් සුන්දර සංචාරයක් තනිවම යන්න බලාගෙන..
කඩිමුඩියේ දිව යන මිනිසුන් පිරි මාර්ගයෙ මාතලේ සිට පැමිණි මම නුවරින් නාවලපිටිය බස්රථයට ගොඩ උනේ බස් නැවතුමෙි ඇති කඩයකින් කැමට ආසා කරන දේවල් කිපයක් අරගෙනමයි.. කඩියන්ලෙන ඇල්ල එහෙමත් නැත්තමි කැටබූල ඇල්ල සොයාගෙන යාම තමයි මගේ මෙවර සංචාරය..
බස් රථයේ අයිනක ඉදගෙන උදැසන ආහාරය මම ගත්තේ බස් රථය පිටත් වෙද්දි.. එ තරමට මට මෙි ගමන යන්න තිබුණේ හදිසියක්, නාවලපිටියට එද්දි වෙලාව අටයි. නාවලපිටිය බස්රථයේ රියදුරු මහත්මයා මට කඩියන්ලෙන ඇල්ල බලන්න යන්න පුළුවන් තලවාකැලේ බස් රථය පෙන්නුවා.. ඉක්මනින් ගිහින් ගොඩ උනා බස් රථයට…
එක නමි අමුතුම සුන්දර ගමනක්.. බස්රථය සුන්දර මාර්ගයක් ඔස්සේ ඉදිරියට ඇදුණේ දමිළ ගීත වලින් මගේ කන් පිරි යද්දි. මං හිතන්නේ සිංහල කෙනෙක්ට බස් රථයේ සිටියේ මම විතරයි.. කවදාවත් අසා නැති ගිත ගොඩකින් මගේ කන් පිරිලා.
නාවලපිටියෙන් තලවාකැලේ මාර්ගයේ 11kmක දුරින් තමයි මෙි සුන්දර දිය ඇල්ල පිහිටලා තියෙන්නේ.. ඉතිං මගේ ඇස් එ දසුන දකිනකමි සිටියෙ නොයිවසිල්ලෙන්..
තලවාකැලේ මාර්ගයේ ඇදෙන බස් රථය යන මාර්ගය නමි තරමක අවදානමි සහිතයි. නමුත් පුදුමාකාර ලස්සනයි.. තේ වතු වගේම පාරේ වමි පස බැවුමෙන් ගලා බසින කඩියන්ලෙන ඔය නිසා එ සුන්දරත්වය නමි කියා නිමකල නොහැකියි.. කදු දෙකක් මැද්දෙන් ගල් ගොඩැලි අතරින් නිදහසේ දිය දහර ගලාගෙන යනවා..
පැයක පමණ කාලයක් ඇතුලත බස් රථය පැමිණියා ඇල්ල ලගට.. ඉතිං මම මෙි සුන්දර දිය කොමලියට වශි උනා කිවහොත් හරි… බොහො වෙලාවක් පාළම මත සිට මම බලන් හිටියා ඇල්ල දිහා… තටිටු තුනකට කඩා හැලෙන දිය ඇල්ලෙ සුන්දරත්වය නමි කියා නිම කල නොහැකියි මට… හිරු එළියත් සීතලත් දිය ඇල්ලෙන් විසිරෙන ජල බිදිතිත් මගේ සිතට ගෙනාවෙි අමුතුම මිහිරියාවක්… තනියම ආවත් මට තනියක් නොදැනෙන තරමි හිතම වශි වෙලා…
නාවලපිටියෙන් බස් එකේ එන කෙනෙක්ට තලවාකැලේ බස් රථයෙන් වගේම තිස්පනේ බස් රථයෙන් දිය ඇල්ල බලන්න එන්න පුළුවන්. තලවාකැලේ ප්‍රධාන මාර්ගය නිසා ඔිනෑම අයෙක්ට පහසුවෙන් පොදු ප්‍රවාහනයෙන් ඇල්ල බලන්න එන්න පුළුවන්..
කොටස් තුනකින් සමන්විත මෙි ඇල්ලේ තුන්වෙනි කොටස ආරුක්කු තුනක් ඇති පාළමෙන් පහලට ගලා බසිනවා.. මේ ආරුක්කු පාළම ඉංග්‍රීසි පාළනය සමයේ සැදුවක්.. පාළමෙන් බැස ඇල්ලේ උඩ කොටසට යන්න අඩි පාරක් තියනවා.. මෙි දිය ඇල්ලේ උස 25m (අඩි 82).
දිය ඇල්ලේ විශේෂත්වය තමයි මහානුවර දිස්ත්‍රික්කයත් නුවරඑළිය දිස්ත්‍රික්කයත් වෙන් කරන දිස්ත්‍රික් මායිමෙි කඩියන්ලෙන ඇල්ල පිහිටා තිබිම.. එ වගේම තමයි මෙි සුන්දර දිය දහාරාව ගලාගෙන ගිහින් නාවලපිටියෙන් මහාවැලි ගඟට එකතුවෙනවා..
ඇල්ල පාමුල ඇති විදුලි බලාගාරය නිසා ඇල්ලට තවත් සුන්දරත්වයක් එක්වෙලා.. බලාගාරය පැත්තට යන එක පසුවට කල් දාලා මම අඩිපාර දිගේ දිය ඇල්ලේ ඉහලට ඇවිද ගියා.. කඩියන්ලෙන ඇල්ලේ පලවෙනි තටාකය නමි බොහො අවදානමි. පාරේ හමුවු ගමි වැසියෙක් මට පවසු අන්දමට මෙි දිය ඇල්ලේ පලවෙනි තටාකයේ ඇති වලවල් දෙක අඩි සියයකට වඩා ගැඹුරින් යුක්ත බව පැවසුවා. එ නිසාම වතුර වැඩි කාලෙට එ අසලට යාම දැඩි අවදානමි සහිතයි. නිතරම දිය රැදි ඇති නිසා මෙි ගල් බොහොම ලිස්සනවා. සුළු අතපසුවිමක් උවහොත් වන්නේ විනාශයක්. තමන්ගේ පරිස්සම තමයි වැදගත්..
දිය ඇල්ලට වශි වෙලා සිටිය මම නමි මගේ සපත්තු ගලවා දමා පරිස්සමට ගල් මතින් නැග ගියා පළවෙනි දිය ඇල්ල අසලට.. අවදානමි ගමනක් උවත් මම පරිස්සමෙන් අඩිය තියලා ලගට ගියේ ගමෙි කෙනා පැවසු දෙය නිසා ඇතිවු කුතුහලයට..
දහවල් වන විට දිය ඇල්ල අසල සංචාරකයන්ගෙන් පිරි ඉතිරි ගියා.. දිය ඇල්ලේ දෙවනි කොටසට උඩ ඇති තටාකයේ දිය නැමට සුදුසුයි.. පතුල පෙනෙන තරමි නොගැඹුරු එහි මටත් දිය නැමට සිතුනත් අමතර ඇදුමක් රැගෙන නොපැමිණිම ගැන ඇතිවුවෙි දුකක්…
එ විතරක් නෙවෙයි.. කණගාටුම දෙය තමයි මෙි සුන්දර දිය ඇල්ල අසල ප්ලාස්ටික් බොතල් , බිස්කට් සබන් කොල වගේම ෂැමිපො බොතල් දකින්න ලැබුණා.. අපේ මිනිස්සු යන තැන වනසනවා.. අවසානයෙ මම ආදරයෙන් ඉල්ලනවා යන්න කඩියන්ලෙන ඇල්ලේ සුන්දරත්වය විදින්න එ දිය දහාරාවෙි පහස විදින්න. සුන්දර මතකයන් එකතු කරගෙන තමන්ගේ කුණු නැවත රැගෙන එන්න තරමි හොද මිනිසෙක් වෙන්න..
නිසංසලා රණසිංහ