සරල Eye Makeup

සුපුරුදු පරිදි අද ත් ඔබට ඇති තව ත් රූපලාවණ්‍යය ගැටළුවකට පිළිතුරු රැගෙන එන ලිපියක ආරම්භය යි මේ. මෙම ලිපිපෙළ තුළින් ආරම්භයේ දී කතාබහ කළ අයුරින් ඔබට ම ඔබගේ දෛනික makeup භාවිතය පිළිබඳව දැනුමක් ලැබෙන්නට ඇති බව මා විශ්වාස කරනවා. එබැවින් එහි තව පියවරක් ලෙස eye makeup පිළිබඳව කතාබහ කරන්නට යි අද සූදානම. මෙහිදී සිදුකළයුතු මූලික සහ වැදගත් ම පියවරයන් පිළිබඳව අපි අද දැනුවත්වෙමු.

1. Always Use Primer 

Eye primer භාවිතය මගින් ඔබගේ සමෙහි ඇති තෙල් ස්වාභාවය, වළකාලමින් ඔබගේ eye makeup එක සඳහා සුදුසු පසුබිම සකස් කරනු ලබයි .මෙය ආලේපනය  මගින් ඔබගේ eye makeup එක වැඩි කාලයක් තබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

2. Decode Your Palette

සැමවිටම ඔබගේ eye makeup palette තදවර්ණ ලා වර්ණ ලෙස වර්ණ කිහිපයකින් ඔබට දැක ගත හැකි අතර ඔබ සැමවිටම නිවැරදිව ම එම වර්ණ ඇසේ මොන කොටසටද වඩාත් යෝග්‍ය වනුයේ යන කරුණ පිළිබඳව  සැලකිලීමත් විය යුතුය . එසේ ම මනාව වර්ණ මිශ්‍ර කිරීම සහ ගැල්වීම අනිවාර්යය අතර හැමවිට ම අවස්ථාවෝචිතව , සමෙහි සහ ඇඳුමේ මෙන් ම ගල්වන ලිප්ස්ටික් වර්ණයට ගැළපෙන ආකාරයට එම වර්ණ භාවිතය තෝරාගන්න. 

-Lightest Color

මෙය ඔබගේ eye makeup  base color එක එකලෙස හැදින්වියහැකි අතර ඔබ මෙම වර්ණය භාවිත කිරීමේදී ඔබගේ lash liner එකේ 

 සිට brow  එකේ පහලට වනතෙක් ඉතා මෘදු ලෙස අලේප කලයුතු අතර ඔබට  inner tear duct corner යන කොටසේ මෙම වර්ණය අලේප කිරීම මගින් මනා ආලෝකයක් ඇසට ලබාදීමට හැකියාව ලැබෙනු ඇත .

-Second Lightest

මෙය ඔබගේ eye lid color එක වන අතර, මෙය eye makeup base color එකට වඩා තරමක් තද පැහැති වේ  .මෙය ඔබගේ lid එක පුරාවට upper lash line එකේ සිට crease දක්වා මෘදු ලෙස අලේප කලයුතු වේ.

-darkest color 

වර්ණ ගැළපීම අවසානයට ම තෝරාගත යුතුවන්නේ තරමක් තද පැහැයෙන් යුතු වර්ණයකි. මෙහි දී angled brush එක අධාරයෙන් ඇස් පිහාටු කෙළවර උඩ සහ පහළ කෝණාකාර හැඩයකට ඇසෙහි හැඩතල මතුවන සේ සහ shade වන ආකාරයට අවශ්‍යය පරිදි තද හෝ අඳුරු පැහැ smoked eye ආකාරයට පරතරයක් නොපෙනෙන සේ ප්‍රවේශමින් ආලේප කිරීමට වගබලාගන්න. කල්ගතවීමේ දී මේ පිළිබඳව මනා පළපුරුද්දක් ඔබට ලැබෙනු ඇත. 

3. Highlight

ඇසෙහි inner corner Highlight කිරීම මගීන් අමතර glam look  එකක් ලබාගැනීම හැකියාව ලැබෙනු ඇත .මේ සදහා light shimmery eyeshadow එකක් ගෙන inner corner එකේ සුළු ප්‍රමාණයක් අලේප කර ඉතා හොදින් blend කරගන්න  

4. Make Colours More Vibrant With White Shadow.

ඔබට ඔබගේ eye makeup එක ඉතා පිළිවෙළ වීමට නම්, පළමුව එහි white base එකක් අලේප කර ගත යුතු වන අතර මේ සදහා white pencil,eye makeup primer හෝ canceler එකක් ගෙන ඔබගේ eye lid එක පුරාවට ආලේපනය කොට ඉන් පසුව ඔබගේ eye shadow අලේප කරගැනීම මගින් ඔබගේ eye makeup එක ආකර්ෂණීයය ව සකස් කරගැනීමට හැකිවේ 

5. Clean Your Makeup Fixes

ඉහත ආකාරයට ආලේපන ගැල්වීමෙන් අනතුරුව සෑම පියවරක් ම අවසානයේදීම Q-tip ගෙන එය micellar water වල පොඟවාගෙන  eye makeup වටා ඇති අමතර ආලේපන makeup wipes මඟින් ප්‍රවේශමින් ඉවත්කරගැනීමෙන් ඉතා  සුන්දර eye makeup look එකක නිමාව ලබාගැනීමට හැකි ය. 

6. Choose Your Eye Makeup Formula Wisely

Pressed eyeshadows පොදු සාමාන්‍ය mess-free විකල්පය වන අතර ඔබට ඔබගේ Makeup එක දිලිසෙන ස්වාබවයක් අවශ්‍ය වන්නේ නම් සැමවිටම Cream shadows බාවිතා කලයුතුවේ.  Loose shadows හැමවිටම බාවිතා කිරීමේදී ඉතා සැලකිලිමත් වියයුත්තේ එය මෙම eyeshadow වර්ග තුනෙන් messiest eyeshadow එක වීම නිසාය.

7. Picking The Right Brushes For Eye Makeup

ඔබ නිවැරදිව eye makeup එකක් කරගැනීමේදී ඔබට ඒ සදහා විශේෂිත  වර්ගතුනක eye makeup brush ඔබසතුව තිබීමෙන් ඉතා විධිමත් ආකාරයට ඔබට මෙම eye makeup කරගැනීමට හැකිවේ.

Basic Eyeshadow Brush මෙය පැතලි සහ තියුණු ලෙස ඔබට හදුනා ගත හැකි අතර ඔබ මෙම Brush එක ඔබගේb eye lid එක වටා අලෙපකිරිම සදහා ඉතා සුදුසු වේ.

Blending Brush-මෙය ඉතා කුඩා ප්‍රමාණයේ brush එකක් වන අතර ඉතා මෘදු වන අතර ඔබට අවශ්‍ය වන ආකාරයට eye shadow  blend කරගැනීමේ  හැකියාව ලැබෙනු ඇත.

Angled Eyeshadow Brush- මෙම brush එක මඟින් lash line කොටස සහ ඇසෙහි හැඩය මුහුණට ගැළපෙන පරිදි මනාව සකසා ගැනීමට උපකාරී වේ.

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි

සමීර ජයසිංහ

07402992944

වැඩි ලුණු වැඩි ලෙඩ

සෝඩියම් ක්ලෝරයිඩ් කියන විද්‍යාත්මක නමින් හැඳින්වෙන ලුණු, මිනිසාට වගේම සතුන්ටත් අත්‍යවශ්‍ය ඛනිජයක්. ශරීරයේ ක්‍රියාකාරිත්වයට ලුණු නැතුවම බැරි දෙයක් ,නමුත් ලුණු වැඩිපුර ආහාරයට ගැනීම නම් තවත් ලෙඩ ගොඩකට අතවැනීමක් වෙනවා. 

වැඩුණු පුද්ගලයෙකුට දිනකට ගත යුතු උපරිම ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5ක් බව යි සෞඛ්‍ය අංශ නිර්දේශ කරන්නේ

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය  විසින් (වැඩි ලුණු, වැඩි ලෙඩ- අඩු ලුණු  අඩු  ලෙඩ )යන්න තේමාව කරගනිමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

විශේෂයෙන්ම අපේ රටේ  කෑම, බීම පිළියෙළ කරන විට ලුණු පාවිච්චි කරන එක සාමාන්‍ය දෙයක් .

මෑතතකදී කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අනුව හෙළි වී ඇත්තේ අපේ රටේ ජනතාව පමණට වඩා වැඩියෙන් ලුණු ආහාරයට  ගන්නා බවයි.

සාමාන්‍යයෙන් එක් පුද්ගලයකු විසින් දිනකට ලබාගත යුතු ලුණු ප්‍රමාණය වන්නේ ග්‍රෑම් පහක් උවත්  ඉහත කී සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ අපේ රටේ පුද්ගලයෙකු දිනකට ලුණු මිලි ග්‍රෑම් 9-12ත් අතර ප්‍රමාණයක් ආහාරයට ගන්නා බවයි. 

අපි ශරීරයට ගන්නා ලුණු ප්‍රමාණය ඉක්මවා ගිය විට එය ශරීයට අහිතකර ලෙස බලපානවා. පමණට වඩා ලුණු ආහාරයට ගැනීමෙන් ඇතිවන ප්‍රධාන රෝගය අධික රුධිර පීඩනයයි.

අපේ රටේ ජනතාව අතරින් සෑම පුද්ගලයන් හතරදෙනෙකුගෙන් එක් අයෙකුම අධික රුධිර පීඩනයෙන්  පෙළෙන බව සමීක්ෂණ වලින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව රටේ සමස්ත ජනගහනයෙන් 26%ක්ම අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මේ තත්වයෙන් ජනතාව පීඩා විඳිනවා. මෙයට ප්‍රධාන හේතුව අධික ලෙස ලුණු භාවිතකිරීම බව සොයාගෙන තිබෙනවා.

පමණට වඩා ලුණු ආහාරයට ගැනීමෙන් ශරීරයේ වතුර රඳන ප්‍රමාණය වැඩි වෙනවා. එය අධික රුධිර පීඩනය ඇතිවීමට හේතු වෙනවා. අධික රුධිර පීඩනය මෙන්ම හෘදයාබාධ, හෘද අකර්මණ්‍ය වීම, ආඝාතය, වකුගඩු  ආබාධ ඇති වීමටත් අධික ලුණු භාවිතය හේතු වන බව විද්‍යානුකූලව සනාථකොට තිබෙනවා.

ආමාශයේ පිළිකා, ඔස්ටියෝපොරෝසිස්, ආසාත්මිකතා, අස්ථි බිඳවැටීම් වැනි ආබාධ සඳහාත් අධික ලුණු භාවිතය හේතු වෙනවා.

මෙරට වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාවෙන් 83%ක්ම සිදුවන්නේ බෝ නොවන රෝග හේතුවෙන්. හදවත් ආබාධ, ආඝාතය, පිළිකා, දියවැඩියාව, අධික රුධිර පීඩනය හා ශ්වසන රෝග වැනි බෝ නොවන රෝග  එම මරණවලට හේතු වෙනවා. ඒ අතරින්ද මරණවලින් 34%කටම හේතුව හෘදයාබාධ හෝ රුධිරවාහිනී ආශ්‍රිත රෝග තත්වයන් බව සොයාගෙන තිබෙනවා. මේවාට ප්‍රධාන හේතුව අධික රුධිර පීඩනයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ලුණු භාවිතය අඩු කිරීමෙන් මෙලෙස සිදුවන මරණ සංඛ්‍යාවෙන් දළ වශයෙන් ජීවිත මිලියන 2.5ක් වළක්වා ගත හැකි වනු ඇති බවයි .

අධික ලුණු භාවිතය ඉක්මන් මරණවලට අත වැනීමක් බව දැන් ඔබ දන්නවා. එසේ නම් කටට රසට කන්න  හිතාගෙන පමණට වඩා ලුණු දමා කෑම බීම සකස් කර ගැනීමෙන් ඔබේ පවුලේ ආදරණීය සාමාජිකයන් බෝ නොවන රෝගවලට  ගොදුරු කරවගන්නේ ඔබම නොවේදැයි මඳක් සිතා බලන්න. කට දිව පිනවීමට වඩා නිරෝගී දිගු දිවියක් ඔබේ පවුලේ සාමාජිකයන් වෙත ලබාදෙන්නට ඔබටත් පුළුවන් . ඒ සඳහා ඔබ කළ යුත්තේ වෛද්‍ය උපදෙස් අනුව එක් පුද්ගලයෙකු සඳහා සෑහෙන ලුණු ප්‍රමාණය පමණක් ලැබෙන පරිදි  ඔබේ පවුලේ සාමාජිකයන් සඳහා අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලුණු  යොදා ඔබේ දිනපතා  ආහාර වේල් සකස් කර ගැනීමයි. 

ලුණු දෙහි, අච්චාරු, සෝස්වර්ග හා කටගැස්ම වර්ග හැකිතාක් අඩු කළ යුතුයි. ලුණුවල අඩුව නොදැනෙන්නට කරපිංචා, කුරුඳු, එනසාල්, කරාඹු නැටි, සූදුරු, මහදුරු වැනි ස්වාභාවික රසකාරක  වර්ග වැඩිපුර භාවිත කිරීමෙන් ආහාර පානවල රසය මෙන්ම ගුණයද වර්ධනය කරගත හැකියි.

නීරෝගීමත් දිවි පැවැත්මක් සදහා ඔබ හැකිතරම් ලුණු භාවිතය අවම කරන්න ,

නිශා

ලස්සනව ඉපදීම සඳහා බලපාන කර්මය

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තෝදෙය්‍ය බමුණාගේ පුත් වූ සුභ තරුණයා මිනිසුන් වශයෙන් උපන් සියලු දෙනා අතර ඇති විශේෂ කාරණයක් වන පුද්ගල විවිධත්වයට (මිනිසුන් අතර උස් – පහත් භාවයට) කරුණු විමසීය.

“කො නු බො, හො ගොතම, හෙතු කො පච්චයො යෙන මනුස්සානංයෙච සතං මනුස්සභුතානං දිස්සන්ති හිනප්පණිතතා”?

එයට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ මේ විවිධත්වය සඳහා බලපාන සෘජු සාධකය වන්නේ කර්මය බවයි. එය පුද්ගලයාට දායාද වශයෙන්, උපන් ස්ථාන වශයෙන්, පිළිසරණ වශයෙන් හේතු වී උස් – පහත් වශයෙන් විවිධත්වය සඳහා බලපෑම් ඇති කරන බවයි.

“කම්මස්සකා, මාණව, සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මප්පටිසරණං කම්මං සත්තෙ විභජති යදිදං – හීනප්පණීතතායාතී”

යමෙක් ලස්සන නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද තරහ නොගැනීම හෙවන් අද්වේශය නැමති කුසල කර්මයයි. එම කාරණය , ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු.

== සුරූපී වීමට හෙවත් ලස්සනව ඉපදීම සඳහා බලපාන කර්මය ==

ඉධ පන, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා අක්කොධනො හොති අනුපායාසම්බහුලො, බහුම්පි වුත්තො සමානො නාභිසජ්ජති න කුප්පති න ඛ්‍යාපජ්ජති න පතිටඨියති න කොපඤ්ච දොසඤ්ච අප්පච චයඤ්ච පාතුකරොති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති. නො වෙ කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සවෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති පාසාදිකො හොති. පාසාදිකසංවත් තනිකා එසා, මාණව, පටිපදා යදිදං – අක්කොධනො හොති අනුපායාසම්බහුලො, බහුම්පි චුත්තො සමානො නාභිසජ්ජති න කුප්පති න බයාපජ්ජති න පතිට්ඨීයති න කොපඤ්ච දොසඤ්ච අප්පචයඤ්ච පාතුකරොති.

මානවයක, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට නැත්තේ වෙයි ද, බොහෝ දෙයක් කීවේ නමුත් නො කිපෙන සුළු වෙයිද, නොගැටෙයි ද, විරුද්ධ බවට නොපැමිණෙයි ද, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ නොකරයි ද, මෙසේ ඔහු හෝ ඇය අන්‍යයන් සමඟ සුහදව සිටීමේ විපාක වශයෙන්, ශරීරයේ බිඳීමෙන් හෙටත් මරණින් පසු යහපත් ගතිපැවතුම් ඇති සැපතින් ආඪ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් සුරූපී තැනැත්තෙක් බවට පත් වෙයි. මෙය සුරූපී බව ඇතිවීම සදහා බලපාන ප්‍රතිපදාවයි..

ඉතින් ඔබත් නුවණින් කරුණු විමසා බලන්න ,,අද කාලයේ බොහෝ දෙනෙක් තම රූපය ලස්සන කරගැනීමට කොපමණ වෙහෙසක් දරනවාද?

විශාල මුදලක් වියදම් කරමින් මෙන්ම තම වටිනා කාලය නාස්ති කරමින් ලබා ගන්නා ලස්සන තාවකාලික බව ඔබ පැහැදිලිව දැකගත හැක.

එම ලස්සන බාහිර හේතු නිසා ඉතා ඉක්මණින් වෙන්ව් වීමකට ලක්වෙයි.

නමුත් කුසල කර්මයේ විපාක වශයෙන් ලැබෙන සුරූපී බව ඉක්මණින් විනාශ නොවන බවත් අමතර වෙහෙසකින් තොරව ලැබෙන බවත් පැහැදිලි වේ..

සෑම හටගත් දෙයක්ම හේතුව නැති වීමෙන් විනාශ වන්නේය .සුරූපී බවද සැමදාම එකලෙස නොපවතින බව ඔබ නුවණින් වටහා ගත යුතුය.

ඉතින් ඔබත් අසිරිමත් අවබෝධ ඥාණයක් වූ සර්වතඥාණයෙන් නිරවුල්ව අවබෝද කලාවූ ඉහත ප්‍රතිපදාව අනුගමනය කර නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ජාතියකම සුරූපීව ඉපදීමට හැකිබව ඉතා විශ්වාස යෙන් යුතුව මතක් කර සිටිමු.

== අවලස්සනව ඉපදීම සඳහා බලපාන කර්ම ==

යමෙක් අවලස්සන නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද තරහ ගැනීම හෙවත් ද්වේශය නැමති අකුසල කර්මයයි. එම කාරණය ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු.

ඉධ, මාණව, එකච්වො ඉත්ථි වා පුරිසො වා කොධනො හොති උපායාසම්බහුලො, අප්පම්පි චුත්තො සමානො අභිසජ්ජති කුප්පති ඛ්‍යාපප්ජති පතිට්ඨියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤච පාතුකරොති. සො තෙන කම්මෙන ඒවං සමත්තෙන ඒවං සමාදින්තෙන කායස්ස හෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, කො වෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති, දුක්ඛණ්ණො හොති, දුක්ඛණ්ණසංවත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං කොධනො හොති උපායාසම්බහුලො, අප්පම්පි චුත්තො සමානො අභිසජ්ජති කුප්පති බයාපජ්ජති පතිටඨියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට ඇත්තේ සුළු දෙයකට වුව ද, නිතර නිතර කිපෙන සුළු වෙයි ද, ගැටෙයි ද, විරුද්ධ බවට පැමිණෙයි ද, කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරයිද, මෙසේ ඔහු හෝ ඇය නිතර කිපී අන්‍යයන් සමඟ නිතර ගැටුම් ඇතිකර ගැනීමේ විපාක වශයෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගතිපැවතුම් ඇති විවසව පතිතවන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ තම විරූපී ශරීර ඇත්තෙක් බවට පත්වෙයි. මෙය විරූපීවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

ඔබත් නුවණින් කරුණු විමසා බලන්න.අද සමාජයේ කෙතරම් පිරිසක් තරහව හෙවත් ද්වේශය නැමති මනෝ භාවයෙන් පෙලෙන බව ඔබට දැක ,දැන ,,අත්විද ඇතිබව ඔබම මෙනෙහි කර බලන්න.රූපලාවන්‍ය කටයුතුවලට බොහෝ මහන්සි වී මුදල් වියදම් කරත් ,තමන්ට ඇතිවන ද්වේශ සහගත සිතුවිලි පාලනය කර ගැනීමට බොහෝ දෙනෙක් අපොහොසත් වෙති.

ඔබත් කෝපයෙන් ද්වේශයෙන් අන් අය සමග ගැටුම් ඇතිකර ගන්න යනවාද?

එම කෝපය තුල හටගන්නා වූ කර්ම විපාකය විදිය යුතුවන්නේ ඔබමය එබැවින් ද්වේශයෙන් වැලකී මෛත්‍රී සිතුවිලි වලින් සිත පුරවා ගෙන විරූපී බවින් මිදී නිවන් දක්නා ජාතිදක්වා සුරූපී ශරීර ඇතිව ඉපදිමට අවශ්‍ය ප්‍රතිපදාව අනුගමනය කරන්න….

මහරැඹෑවැවේ පාලිත හිමි

සමනලුන්ගේ වතගොත

පසුගිය කලාපයේ වගේම අපේ රටේ හැංගිලා ඉන්න තවත් ලස්සන සමනල්ලු රංචුවක් අයිති වෙන කුලයක් ගැන විස්තර කියන්න ආයෙත් අවස්ථාවක් හමුබුනා. මේ කලාපෙදි මම විස්තර ගෙනාවේ Lycaenidae කුලය ගැනයි. ඔගොල්ලොන්ගේ වත්තේ පියාඹන පුංචි ම පුංචි සමනල්ලු ටික අයිති වෙන්නේ මෙන්න මේ කියන කුලයට යි. Lycaenidae තුලයේ අපිට දකින්න හම්බෙන්නේ පුංචි පමානයේ සමනල්ලු. තරමෙන් පොඩි උනාට එගොල්ලෝ කරන සේවය ගොඩක් ලොකුයි. අපි බලමු මේ කුලයේ ඉන්න සමනල්ලුන්ගේ තියෙන විශේෂ හැසිරිම් වගේම විශේෂ ලක්ෂණ මොනවද කියලා.

Lycaenidae කුලය ගත් විට මෙහි සිටින සමනල විශේෂන් හි ව්‍යාප්තිය ලොව පුරා විහිදි පවති. මෙම කුලයේ විශේෂ 5000 ක් පමණ මේ වන විට ලොව පුරා දැක ගත හැක. මෙයිනුත් වැඩි ම විශේෂ සංඛ්‍යාවක් දක්නට ලැබෙන්නේ නිවර්තන ප්‍රදේශ වලයි. ලොවෙහි සිටින සමනලුන් ගෙන් 30% ක් ද සමනල් විශේෂ අයිති යන්නේ මෙම කුලයටයි. ශ්‍රී ලංකාවේ ද වැඩිම සමනලුන් විශේෂ සංඛ්‍යාවක් අයිති වන කුලය වන්නේ Lycaenidae කුලයයි. මෙම පවුලේ වැඩිහිටි සමනලුන් තුඩා ප්‍රමානයේ සිට මධ්‍යම ප්‍රමාණයේ ශරීර දරයි. මොවුන්ගේ දැක ගත හැකි එක් විශේෂ ලක්ෂණයක් වන්නේ ඇතුල් පියාපත් තුල ඇකි වර්ණ සංකලණයයි. බොහෝමයක් Lycaenidae සමනලුන්ගේ ඇතුල් පියාපතෙහි වර්ණය දීප්තිමත් නිල් පැහැයක් ගනි. ඒ හැරුණු විට රතු, තැඹිළි, කළු හා දුඹුරු වර්ණයන් ගේ පුභේද දැකගැනීමට පුලුවන්. තවද මොවුන් ස්පර්ශක හිස මුදුනෙ හි එකට ලංව පිහිටයි. එපමණක් නොව මොවුන් ගේ පිටුපස පියාපත් මත ව්‍යාජ ඇස් පිහිටනවා ද දැකිය හැක. 

මෙම කුලයේ වැඩිහිටි සමනලුන් ගේ හැසිරීම් පිළිබද සාකච්ඡා කලහොත් මොවුන් අතරේ සාමාන්‍ය වේගයෙන් හා වේගවත් ව පියාසර කරන සමනලුන් දැක ගත හැකි වේ. බොහෝමයක් සමනලුන් මල් පැණි මත යැපෙන අතර සමහරක් විශේෂ ගස් මතින් වැගිරෙන යුෂ හා දිරාපත් වෙමින් යන සත්ව මල සිරුරු මතින් ගලනි යුෂයන් මත යැපේ. සාමාන්‍යයෙන් මොවුන් හිරු එළිය පතිත වන නිරාවරණය වු ස්ථානයන් හි නිරීක්ෂණය කල හැකි අතර සමහර විශේෂ වනවාසි හා වියන්වාසි ජීවිත ගත කරයි. බොහෝමයක් විශේෂ වල පිටුපස පියාලත් ‌ෙකලවරෙහි ව්‍යාජ ඇස් සහ වල්ගයක් පිහිටය අතර එය ඔවුන් විසින් රිදුමයකට චලනය ඔබ දැක තිබිය හැක. මෙය සිදු කිරීම මගින් විලෝපිකයන් විසින් මොවුන්ගේ හිස හා ඉදිරිපස පෙදෙස් වලට සිදු කරන හානිය අවම කර ගත හැක. 

Lycaenidae කුලයේ සමනලුන් ගේ බිත්තර පිළිබද සොයා බැලීමේ දි මොවුන් ගේ බිත්තර සුමට වූත් සුදු පැහැයේ සිට තැඹිළි පැහැය දක්වාත් වර්ණ ගනි. මෙම විශේෂයක් ගේ දැළඹුවන් ප්‍රමාණයෙන් කුඩා වන අතර හැඩයෙන් හම්බෙල්ලෙකුගේ හැඩය ගනි. එ විශේෂ කාරණයක් ලෙස මෙම කුලයේ සමනලූන් හා කුහුඹුවන් අතර ඇති සහ-සම්බන්ධතාවය පෙන්වා දිය හැක. මොවුන්ගේ දැළඹුවන් ගේ සිරුර මතින් නිකුත් කරන පැණිමය දියරයක් හේතුවෙන් කුහුඹුවකන් මොවුන් හා බැදි සිටින අතර එමගින් දැළඹුවාටද සේවයක් ඉටු කර දේ. 

මේ වන විට ශ්‍රී ලංකාවේ විශේෂ 86 ක් වාර්ථා වන අතර එය අතරින් විශේෂ 9 ක් ලංකාවට ආවේණික වේ. මෙලෙස මේ කුලය පිළිබදව ගවේශනය කිරිමේදි බොහෝමයක් රසවතු වු ‍තොරතුරු සමුදායක් ඔබ නෙත ගැටෙනු නොඅනුමානය. මෙවැනි වු සුන්දර විශේෂ සිටින මේ පුංචි දුපත රැකගනිමින් ඉදිරි පරම්පරාවට ද මේ සුන්දරත්වය දකින්නට විදින්නට ඉතිරි කරනමෙන් මේ ලිපියේ අවසනෙයේ දි බොහොම ගෞරවයෙන් ඉල්ලා සියිමි.

රාවණ සිවුහෙළය

ආවඩා අයුබොහො වෙිවා ! කියලම අද කතාව මං පටන් ගන්නමි….

         ඔන්න ඉතිං අද නමි මං ආවෙි තවත් වෙනස්ම විදිහේ මාතෘකාවක් අරගෙන…..  මෙි කාලේ මෙි නම ගැන බොහො අය කතාබහා කරනවා ඔයාලා දැකලා ඇති….

         සමහරු එ නමට ගරු කරනවා.. තවත් සමහරු එ නමට සිනාසෙනවා…. එ එක එක අයගේ දැනුවත් කම වගේම නොදැණුවත්කම නිසා කියලයි මට නමි හිතෙන්නේ…

         අපේ රටෙි ආර්ථිකය විතරක් නෙවෙයි රටෙි පාළනයත් දැන් නැත්තටම නැතිවෙලා ගිහින්…. එක එක දේශපාලන පක්ෂ රටෙි ජනතාව බිල්ලට තබා ඔවුන්ගේ මඩි තර කරගන්නා කාලයක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ.. එ නිසාමද මන්දා අද වන විට ⁣ගොඩක් අය රටෙි ඉතිහාසයටත් හිනාවෙන්න අරගෙන…

         නිකමට හිතන්න රටෙි ඉතිහාසයට හිනාවෙන අයත් රටෙි ඉතිහාසයට අයිතියි නේද?.. රටට විතරක් නෙවෙයි අපිටත් ඉතිහාසයක් තියනවා… අ⁣පි ඉපදෙන පරමිපරාවට ඉතිහාසයක් තියනවා…. අමිමා තාත්තා ආච්චි සියා එ අයගේ දෙමවුපියන් …. අපේ මුතුන්මිත්තන්.. එ තමයි අපේ පුද්ගලික ඉතිහාසය…..

        ඔිනෑම රජ්‍යකට ඉතිහාසයක් තියනවා… කොයිතරමි අකමැති උනත් එ ඉතිහාසය අපිට පිළිගන්න සිද්ධ වෙනවා…. සමහර දෙවල් මුලාශ්‍ර ආශ්‍රයෙන් තිබුණත් තවත් සමහර දේවල් පුරාවෘත ජන කතා ලෙසත් මිත්‍යා කතා ලෙසත් ගොඩ නැගි තියනවා… හැබැයි එ හැමදේම අපිට එක හෙළාම ප්‍රතික්ෂේප කරන්න බෑ… එහෙම ජනශ්‍රැති ඇති වෙන්න හෙතු තියනවා.. ආධි මිනිස්සු එවා පැවසූවෙි නිකමි නොවෙයි.. යමි සිද්ධින් කට විවහාරයෙන් පැමිණියෙත් නිකමි නෙවෙයි….

        කවුරු කොහොම මොන දේවල් මිත්‍යා මතයැයි සමිමත කර ප්‍රතික්ෂේප කලත් එවා එසේ ඉවත් කරන්නට නොහැකියි . කොහෙන් හො නැවත එ කතාව මතු වෙනවා… එ සියල්ල සනාථ වෙනවා

        ඉතිහාසය ගවෙිෂනය කියන්නේ මං වඩාත්ම ආස කරන, මට කුතුහලයක් ගෙන එන මාතෘකාවක්.. එ නිසාම මෙි රාවණ ඉතිහාසය ගැන වසර ගණනක් කරුණු එක්රැස් කරනවා…. එ කාලය ඇතුලත මම දැනගත් දේවල් නමි බොහොමයි……… ඉතිං එ පිළිබදව මා දැනගත් කරුණු ටිකෙන් ටික අපි මැගසින් එක හරහා ඔබටත් කියන්නට සිතුනා…

        සමහර කරුණු ගැන සලකා බලන විට නමි මෙි දේවල් අපට නොසලකා හරින්න බෑ… වසර දහස් ගණනකට පෙර ලංකා භූමියෙ ජනාවාස තිබුණු බවට සාක්ෂි මෙි වන විටත් හමුවී අවසන්.. විජය කුමාරයා ලක් දිවට පැමිණි පසු ජනවාස ඇතිවුවායැයි පොත පතෙහි සදහන් උවත් අපිට එ දේවල් විස්වාස කරන්න පුළුවන්ද….  විද්වතුන් පවසනා ලෙස කුවෙිණිය ගැන සාක්ෂි සාධක ( තොනිගල ) තිබුණත් විජය නමි රජ කෙනෙක් මෙි හෙළ භුමිය පාළනය කල බවට කිසිදු සාදකයක් ( මාලිගා නටඹුන් , වැවු හා සෙල්ලිපි ) හමුවී නෑ….

        විජය ලංකාවට පැමිණිමට සත් දිනකට පෙරයි අප මහා තිලොගුරු සමිමා සමිබුදු රජාණන් වහන්සෙගේ පිරිනිවන ඇති වන්නේ. දින ගණනය කර බැළු විට ඔබටද එය වැ⁣ටහෙනු ඇති… එසෙනමි විජයාගමණයට පෙර ලක් දිවට බුදුන්වහන්සේ තුන්වරක් වැඩි බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්.. එසේ නමි බුදුන්වහන්සේ සරණ ගිය යක්ෂ , නාග , දේව, රකුස් ගොත්‍රිකයන් කවුරුන්ද?. එ වගේම විජය පැමිණෙන විට කපු කොටමින් සිටි ස්ත්‍රිය කුවෙිණිය කවුරුන්ද?… එසේ නමි අප විජයගෙන් පැවත එන්නන් ලෙස විස්වාස කරනවාද?…. සියළු දනන් හට මෙත් සිසිල පැතිරවු බුදුන්වහන්සේගේ දිවැසට හත්සියක් පිරිස සමඟ සල්ලාලයෙකු ලෙස රටින් පිටමං කල විජයව හසුනොවුනේ මංද…. එහි ගැටලුවක් ඇති බව එ පිළිබදව සොයා බලන විට වැ⁣ටහෙනු ඇත…

        අද තාක්ෂණය අතින් දියුණු යුගයකත් දත්ත වෙනස් වෙනවා නමි යමි වැදගත් තොරතුරු අස්ථාන ගත වෙනවා නමි එකල කෙසේ නමි එසේ නොවි තියෙවිද… මා හට හැගෙන්නේ හිතා මතාම අපේ රටෙි ඉතිහාසය සගවා ඇති බවයි…. දකුණු ඉන්දිය සමිබවයක් සහිත මහානාම හිමි විසින් රචිත මහාවංශය තුල රාවණ ගැන හො ඔහුගේ ගුවන්යානා තාක්ෂණය පිළිබදව කිසිදු සදහනක් නොකළ හෙයින් එය මුළික කරගනිමින් ගොඩ නැඟුණු කොඩිරින්ටන්ගේ “ලංකා ඉතිහාසය” තුලද රාවණ රජු මඟහැරි තිබේ…. 

            මහාචාර්ය සෙනරත් පරණවිතාන ශුරින් 1920 වර්ශයේ සෙල්ලිපි කියවිම ආරමිභ කරන විට කොඩිරින්ටන්ගේ “ලංකා ඉතිහාසය” ලංකාව තුල පාසල්වල ඉගැන්වීමි ආරමිභකර තිබු අතර පුවත්පත් හා ජනමාධ්‍ය තුලින් එය විශාල ලෙස ප්‍රචලිතව යාමත් නිසා ලංකාවෙි නිවැරදි ඉතිහාසය එය ලෙස පිළිගෙන තිබුණි… කරුණු මෙසේ හෙයින් ලංකාවෙි සත්‍ය හා සැඟවු ඉතිහාසය තවමත් පවතින්නේ ගවෙිෂන මටිටමෙිය…. 

        රටෙි බහුතරයක් ඓතිහාසික තැන් වලගම්බා රජුට ලියා දි අවසන්… නමුත් වලගම්බා නමි රජු කොයිතරමි කාලයක් සැඟවි සිටියාදැයි අප කවුරුත් දන්න කරුණක්. එසේ සැඟවි සිටියදි විස්මිත වැඩ කල හැකිදැයි ගැටලුවක් පැනනැගීම ඉතිහාසය පිළිබදව අසීමිත කුතුහලයක් ඇති මට නමි ගැටලුවක්….

         වසර දස දහසකට ඉහතදී ලක් දිවෙහි සිටි රාවණ නමි රජ කෙනෙක් පිළිබදව අද වන විට බොහො අය අසා ඇතුවාට සැක නැත… රාවණ ඉතිහාසය සමාජගතවුවෙි ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ කාලයෙදි….. වාල්මිකි රචානා කල රාමායනයේ රාවණ දුෂ්ඨ රජෙක් කලත් අපේ ඉතිහාසයේ එනමි අංගමි සටන් කලාවෙිත් හෙළ වෙදකමෙිත් රාවණ රජු ගැන සදහන් වන්නේ ගෞරවයකින්… එ වගේමයි ජනප්‍රවාද කතා වලත් රාවණ රජු ගැන ඇත්තේ අතිමහත් භක්තියක්… වාල්මිකිගේ රාමායනයේ රාවණ දුෂ්ඨ යක්ෂයෙක් කර තිබුණත් රාවණගෙ තාක්ෂණික හා යුද ඥාණය පිළිබදව කිසිවක් සඟවා නොතිබිම නමි විශිෂ්ඨයි..

         ඌව වෙල්ලස්ස කැරැල්ලෙදි සියළු සටන් ශිල්පීන් මාරගල කන්දේ භූගත රාවණ දේවාලයේදී පුදපූජා පැවත්වු බවත් රහසක් නොවෙයි.. එසේ පුදපූජා පැවැත්වු කිරිගරුඬ ප්‍රතිමාව අද එංගලන්ත කෞතුකාගාරයක කාමර අංක තිස්තුනෙහි තාමත් සුරක්ෂිතව තිබෙනවා….අපේ රටින් අරන් ගිය එ කෞතුක භාන්ඩ ඉල්ලා මැතකදි නීති මාර්ගයෙන් කටයුතු කල බවත් මෙි වන විට ඔබ දන්නවා ඇති…

       සිංහල රාජාවලියෙ එන මනුවංශය අවසාන උවායින් පසුව තවත් රාජ වංශ තුනක් පිළිබදව ඉතිහාසයේ සදහන් වෙනවා.. එ තාරක ( වසර 10,000 ), මහාබලි ( වසර 7500 ), රාවණ ( වසර 5000 ) යන වංශ තුනයි.. ( සුනිල් ශාන්ත සුරින් ගායනා කරන ලද ” ලංකා ලංකා පෙමිබර ලංකා ” ගීතයෙත් මෙි බව සටහන් කොට ඇත්තේ ඉතා අභිමානයෙනි.. එක් පද්‍යයක මෙසේ සදහන් වෙි.. ” බලි තරු රාවණ ගැමුණු විජයබා නිරිදුන් ලද ලංකා”)

       මෙි රාජවංශ තුන අතරින් රාවණ පිළිබදව පවතින තොරතුරු ඉස්මතු වන්නේ ඉන්දියානු සාහිත්‍යයේ සදහන් වන රාවණ තුල පවතින තාක්ෂණික හා යුද බලය නිසා..

       සාහිත්‍යයේ සදහන් වන පරිදි රාවණ හට හිස් දහසක් අත් දහසක් පවතින බව ඔබ අසා ඇති. නමුත් එසේ ඔහුට එ ලෙස අත් හා හිස් නැත. හිස් දහයක් ඇති රාවණ රුප වලින් පිළිබිඹු කරන්නේ ඔහු සතු විවිදාකාර දක්ෂතාවයන් ගැනයි..

       වරිගපුර්ණිකාවට අනුව රාවණ ප්‍රදේශ දහයක් පාළනය කිරිම නිසා දසරාවණ නමි වු බවට මතයක් ඇත..  තවත් මතයක් වන්නේ රාවණ යනු වෙදකම මෙන්ම කලාවෙිද කෙල පැමිණි අයෙකු නිසා ඔහුට හිස් දහසක් හා අත් විස්සක් ඇතැයි කීමට හෙතුවක් කරගත්තාද වන්නට ඇතැයි සදහන්ය..

       විරු  රාවණ ( විරත්වය ), තීර රාවණ ( ස්ථිරවු අධිෂ්ඨානය ) , රාජාධිරාවණ ( රාජ්‍යන්ට අධිපති ) , රණ රාවණ ( යුද්ධයට දක්ෂ ) , සිරි රාවණ ( සිත් ආකර්ෂණීය පෙණුම ) , තරු රාවණ ( තාරකා විද්‍යාව පිළිබද දැණුම ) , පුත්ත්‍ර රාවණ ( පුතුන් ඇති නිසා ) , මනු රාවණ ( ජනතාවට අධිපති ) , දික් රාවණ ( දික් විජය කල ) ,  රාජාවරාවණ ( සියළු දේට දක්ෂ )

          සිංහල ජාතියෙ උපත සිදුවි ඇත්තේ ප්‍රධාන පෙළපත් හතරක් මුල් කරගෙනයි… යක්ක, නාග , දේව හා රකුස් ⁣යන සිවු පෙළපතයි … යක්ක ( යකඩ කර්මාන්තයෙ යෙදෙන්නන් ) , නාග ( නාවික වෙළද කටයුතු ) , දේව ( පාලන තන්ත්‍රයේ අනුශාසක වරු ) , රකුස් ( කුස රැස් කිරිමට ගොවිතැන් කරනා අය ).

          සිංහල යන්නෙහි අර්ථයත් එයයි…. බොහො උගතුන් නොදන්නා කරුණක් මෙය… සිංහල ජාතිය උවත් එහි තෙරුම දන්නේ නැත. සිංහල කියු පමණින් එහි තෙරුම සිංහබාහු නාටකේ හා සසඳති. නමුත් සිංහල යන්නෙහි සැබැ තෙරුම නමි සිවුහෙළයයි… සිවුහෙළ / සිංහල ලෙස  මා ඉහතකී යක්ක , නාග, දේව , රකුස් යන ප්‍රධාන ගොත්‍ර සතර එකතුවි සෑදි ඇත්තෙකි…..

          එයින් ගත් කල සිවුහෙළය යනු හිරු දෙවියන්ට වැදුමි පිදුමි කල එකම රටක එක කොඩියක් යටතේ පාළනයවු රාජ්‍යයක් බව නොරහසකි. තවද රාවණ රජු විසින් භාවිතා කරන ලද කඩුවක් අතින් ගත් සිංහයෙකු සහිත රාවණ කොඩිය ලංකාවෙි පැරණිම කොඩිය ලෙස දැක්විය හැකියි…

          රාවණ යන්නෙහි තෙරුම “රා” සුර්ය්‍යා , “වණ” පරමිපරාව හෝ වංශය , රාවණ  යනු  ” සුර්ය්‍ය වංශික ” අර්ථය දේ…

          රාවණ වත නැමති පුස්කොල පොතට අනුව සිගිරියෙ සැකසුම් ශිල්පියා වන්නේ මායාදනව නැමැත්තායි.. එකල සිගිරිය ආලකමන්දාව නමින් හැදින්වු අතර කුවෙිර( බහිරව ) රජ සමයේ  එය හදුන්වා ඇත්තේ චිත්රකූට නමිනුයි…

          පසුව රාව⁣ණගේ අතුරුදහන් විමත් සමග ඔහුගේ සොයුරු විභිශන රජකමට පත්වු අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන යන ලදි… (වත්මන් කැළණිය නොව නැඟෙනහිර වෙරළෙහි හැඩ ඔය මුහුදට වැටෙන ස්ථානය අසල තිබි මුහුදට ගිලි ගිය කැළණියයි. කොළඹට නුදුරු කැළණි විහාරය ගොඩනංවන ලද්දේ පොළොන්නරු යුගයේ විසු ” කල්‍යාණවති ” බිසව විසන් ) චිත්රකූටය විභිශන තමන්ගේ ඥාතියෙකුවු යක්ක වංශාදාපතියෙකුවු චිත්තරාජට පවරන ලදි.. චිත්‍රරාජ යනු පණ්ඩුකාභය කුමරු ( ක්‍රි.පු. 437-367 ) හට රජකම ලබා ගන්නට උපකාර කල අයගෙන් කෙනෙකු බව ඉතිහාසයේ සදහන් වෙි. පණ්ඩුකාභය කුමාරයාගෙ දෙමව්පියන් යනු චිත්‍රරාජගෙ වංශයෙන් පැවත එන්නන් බව සැලකේ..

          මෙයට අමතරව රාවණ වතෙහි කියවෙන ලෙසට පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්‍රයාවු කස්සප කුමරු තම වාස බවණ ලෙස චිත්රකූටය තොරා ගත්තේ ඔහුගේ මව යක්ක ඇදැහිලි විස්වාස කරන්නියක් වු බැවින් හා ඇයද ඉන් පැවත එන්නියක් නිසාවෙනි..

          සීගිරියේ ඇති ලොකප්‍රකට බිතු සිතුවමි වලිනි දැක්වෙන්නේ සිවුහෙළය ගැන බවට විස්වාස කල හැකියි.එහි ඇති නිල් පැහැති කාන්තා රුපය යක්ක ගොත්‍රය බවත්, අනෙක් කාන්තා රුප වලින් දැක්වෙන්නේ නාග, දේව සහා ගන්ධබිබ ( රකුස් ) යන ගොත්‍රවල නියොජනය බවත් අලංකාර මල් වලින් දේශයේ එකමුතු බවත් , උඩුකය නිරාවරණයෙන් පෞරුෂයත් පෙන්වන බව රාවණ වතෙහි සදහන්ය…

          රාවණ එසේ නැතිනමි සහස්‍රමුඛ ( මුහුණු දහයක් සහිත ) ගැන ඇති විස්තර මෙසේ ලියා නිම කල නොහැකි තරමි… වරිගපුර්ණිකාවෙි සදහන් පරිදි “යකු කෞර මණ්ඬක” එනමි “සියල්ල සමිපුර්ණ කරන ලද යකා” ගැන විස්තර නමි බොහොමයි…. පොත පතේ මෙන්ම මහාචාර්යවරුන් පවසා ඇති කරුණු සමග මම තව තවත් විස්තර ඔබ හමුවට රැගෙන එන්නට පොරොන්දු වෙනවා….

          දන්නා දේ අබ ඇටයක් තරමි නමි අපි නොදන්නා දේවල් මහා පොළොවෙි වැලි කැට තරමි.. ඉතිං නොදන්නා දේ සොයා යමු, දන්නා දේ කියා දෙමු…. මුළාශ්‍රවල ඇති ඉතිහාසයත් ජනශ්‍රැති හා බැදි ඇති දෙයත් එකින් එකට සසදා බලමු…. අපි අපේ ඉතිහාසය ගැන කතා කරමු ….. සිංහල රටෙි සිංහල අපිට ඇති උරුමය එයයි…. අපේ ඉතිහාසය අපි රකිමු , හාස්‍යට අපහසයට නොව ගෞරවයෙන් ඉතිහාසය පිළිබදව කතා කරමු… එ දේවල් රැකගනිමු……

තෙරුවන් සරණයි
නිසංසලා රණසිංහ

යහපත් කුරුළු පැටියා

ඔන්න දරුවනේ ලොකු රූස්ස ගස් තියන කැලෑවක උන්නා පුංචි කුරුල්ලෙක්. මේ කුරුළු පැටියා තනිවම තමයි ජීවත් උනේ.  ටික ටික සීත කාලය ලං උනා. 

ඉතින් සීත කාලය ලං වෙද්දී කුරුළු පැටියා ඈත ලඳූ කැලෑවන් වෙත පියාසර කර කෑමට ගන්න පුළුවන් මල්, පලතුරු එකතු කර ගත්තා. මොකද, ගොඩක් සීත‍ උනාම හිම වැටෙනවා. එතකොට කෑම සොයන් පියඹා යන්න ලේසි පහසු කටයුත්තක් නොවේ. 

 අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මල්,   පලතුරු වර්ග එකතු වී තිබුණා. කුරුළු පැටියට හරිම සතුටුයි. දැන් ඉතින් ඉන්න පුළුවන් උණුසුමට කූඩුව ඇතුලට වෙලා. පැංචා සතුටින් හිතුවා.

ඔහොම ඉන්න අතරේ කුරුළු පැටියා දැක්කා අමාරුවෙන් හෙමි හෙමින් පියඹා යන කුරුල්ලෙක්. ඒ කුරුල්ලා ට තව දුරටත් පියඹා යන්න බැරිව බිම 

වැටුණා. කුරුළු පැටියා ඉක්මනින් එදෙසට පියඹා ගියා.

කොහොමද ඔබට? මොකද උනේ? කුරුළු පැටිය ඇහුවා. 

වයසක කුරුල්ලා ඉතා අමාරුවෙන් නැගිට කතා කලා. 

“අර පෙනෙන විශාල ගසේ මම වගේම දුබල වයසක කුරුල්ලන් කිහිප දෙනෙක්ම ඉන්නවා. අපිට හිම වැටෙන්න කලින් කෑම සොයා ගැනීමට අපහසුයි.”

වයසක කුරුල්ලා අමාරුවෙන් නැවත පියඹා කැදැල්ල වෙත ගියා.

කුරුළු පැටියා කල්පනා කලා. මට පුළුවන් ඔවුන්ට උදවු කරන්න. 

තවම හිම වැටෙන්න පටන් අරන් නැ. ඉතින් කුරුළු පැටියා ඉක්මනින් පියඹා ගිහින් වයසක කුරුල්ලන් සඳහා කෑම සොයා ගෙනැවිත් දුන්නා.

වයසක කුරුල්ලන් හැමෝම ගොඩක් ස්තුති කලා කුරුළු පැටියට. හරිම මහන්සියෙන් කුරුළු පැටියා තම කූඩුවට ආවා. ගොඩක් ඈතට පියඹා ගිය නිසා මහන්සි දැනුනත්, හිතට හරිම සතුටුයි. වයසක කුරුල්ලන්ට සීත කාලය ට අවශ්‍ය කෑම තිබෙන නිසා. 

ටික වෙලාවකින් හිම වැටෙන්න පටන් ගත්තා. හොඳින් උණුසුම පිරුණු පුංචි කූඩුවට වෙලා කුරුළු පැටිය සීත කාලය සතුටින් ගතකලා. 

පුංචි දුවලා පුතාලාත් මතක ඇතිව ඔයාලගෙ වයසක දෙමව්පියන් සීයා ආච්චි ගැන හොයලා බලන්න. අසරණ අයට උදවු උපකාර කරන්න. හොඳ ගුණ යහපත් දරුවන් වෙන්න. 

සුබ අලුත් අවුරුද්දක් වේවා. 

තිලෝෂි ප්‍රනාන්දු.

Google Travel

කොහොමද ඔයාලට අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා අලුත්ම විදියකට හැඩ ගැහෙන ගමන් අලුත් දෙයක් ඉගෙන ගමුද .? ඔන්න වෙනදා වගෙම මම ඔයාලට අලුත් දෙයක් අරගෙන ආවා.අදත් කියලා දෙන්න යන්නෙ ඔයාලා ගොඩක් අය නොදන්න නමුත් ඔයාලට ප්‍රයෝජනවත් වන Google Service එකක් පිලිබදව..

ඉතින් මේ කතාව Google Travel කියන Service එක සහ ඒකේ වැඩ කටයුතු සිද්ද වෙන ආකාරය.

ගොඩක් වෙලාවට ඔයලා trip එකක් යන්න plan කරණ හෝ කරපු කෙනෙක්නම් ඔයාලා Google එකේ ඒකට අදාල විස්තර search කරපු කෙනෙක්නම් සමහර විටක මේ Service එක හමුවෙන්න ඇති.

මේ Google Travel ගැන සරලවම කිව්වොත් පරිශීලකයන්ට සංචාර වෙන් කරවා ගැනීමට, ගමන් මාර්ග කළමනාකරණය කිරීමට ඉඩ සලසන යෙදුමකි.2016 Silicon Valley Giant හිදී මෙය සේවාවක් ලෙස හදුන්වා දෙන ලදී.මීට පෙරදී Google Trip ලෙස අසා තිබුනේත් මෙම service එකමයි.

Google Travel එකෙන් මොනවද කරන්න පුලුවන්.

හොදයි අපි දැන් මෙහි සරල පැහැදිලි කිරීමක් දැන ගත්තනේ.ඉතින් අපි බලමු මෙයින් ඉටු වෙන සේවාවන් මොනවද කියලා..

ඔබ නොසැලකිලිමත් ලෙස Search කරන්නේ නම් හෝ ඔබට යාමට අවශ්‍ය ස්ථානය දැන සිටියත්, Google Travel සමඟින් ගුවන් ගමන් සෙවීම පහසුය. ඔබට ඔබගේ සෙවුමේ සංචාර කොපමණ කාලයක් පැවතිය යුතුද යන්න සැකසීම සමඟින් ඔබට පහසුවෙන් ගමන් කිරීමට අවශ්‍ය දිනයන් වෙනස් කළ හැක.

ගුවන් ගමන් සොයන විට, ඔබට පරාමිති කිහිපයක් භාවිතා කර ඔබගේ සෙවුම කැමති පරිදි සිදු කළ හැක. මේවාට ඇතුළත් වන්නේ:

1.ඔබ භාවිතා කිරීමට කැමති ගුවන් තොටුපල සම්බන්ධ කිරීම

2.ගමනේ සියලුම ගමන් සඳහා ඔබට ගමන් කිරීමට අවශ්‍ය දවසේ වේලාව

3.ඔබට පියාසර කිරීමට අවශ්‍ය ගුවන් සමාගම්

මේ විතරක් නෙමේ..ඔයාලට ගමන් මලු දීමනාව (baggage allowance) සහ තවත් දේ මත පදනම්ව ගුවන් ගමන් සෙවිය හැක.

ගුවන් ගමන් වලට අමතරව, ඔබට හෝටල්වල මිල ගණන් ද පරීක්ෂා කළ හැකිය. මෙය සිදු කිරීම සඳහා, හෝටල් මිල ගණන් වෙත ගොස් “What you’ll pay” මගින් කළ හැකි වේ..

ඔබේ ආශ්වාදය සදහා සහ විවිධ චාරිකා මත සෙවුම් කළ හැකි වේ.

බොහෝ පුද්ගලයින් සඳහා, ඔවුන්ගේ සංචාරයේ සෑම කොටසක්ම වෙන්කරවා ගැනීම ඔවුන්ගේ අවශ්‍යතා සඳහා වඩා හොඳින් රිසිකරණය කිරීමට උපකාරී වේ. ඔබ මෙම පුද්ගලයන්ගෙන් කෙනෙක් නම්, ඔබගේ සෙවුම් ප්‍රතිඵල ඔබගේ ඉල්ලීම් වලට වඩාත් ගැලපෙන බව සහතික කර ගැනීමට Google Travel ඔබට විකල්ප කිහිපයක් වෙනස් කිරීමට ඉඩ ලබා දෙන බව නිසාම ගැනීමට ඔබ සතුටු වනු ඇත.

ඔබගේ විස්තර එකතු කිරීමේ හැකියාව

ඔබ ඔබගේ සංචාරය සැලසුම් කිරීමට සූදානම් වූ පසු, ඔබට අවසාන ගමන් විස්තරය නිර්මාණය කිරීමට Google Travel භාවිතා කළ හැක. ඔබ නව ගමනක් ආරම්භ කරන විට, ඔබට එයට බොහෝ දේ එකතු කළ හැකිය.ඔබගේ ගුවන් ගමන්වල සිට ඔබ කෑමට කැමති ස්ථාන දක්වා සියලූම විස්තරද එකතු කල හැකියි.

ඔබ Google Travel හරහා ඔබගේ ගුවන් ගමන් සහ නවාතැන් වෙන්කරවා ගන්නේ නම්, ඔබගේ තහවුරු කිරීම් ඔබගේ ගමන් විස්තරයට එකතු වේ.

ඔබගේ සැලසුම් එකතු කිරීමට අමතරව, ඔබගේ ගමනාන්තය පිළිබඳව ඔබව දැනුවත් කිරීමටද ඔබට මෙම කොටස භාවිතා කළ හැක. ඔබ සංචාරය කිරීමට අදහස් කරන වසරේ කාලය සඳහා සාමාන්‍ය උෂ්ණත්වය සමඟින් Google ඔබට නිතර අසන ප්‍රශ්න පෙන්වයි.

නවාතැන් වෙන් කිරීමේ හැකියාව.

ඇත්ත වශයෙන්ම, ඔබට කොහේ හරි සංචාරයක් සැලසුමක් තනිවම කිරීම අපහසු වන නිසාම මේ සේවාව ඉතාමත් පහසුවේ.ගුවන් ගමන් මෙන්ම, ඔබට Google සංචාරක අතුරුමුහුණත හරහා හෝටල් වෙන්කරවා ගත හැක.

හෝටල් සොයන විට, ඔබට ඔබගේ සෙවුම මිල සහ සංචාරයේ කොපමණ පිරිසක් සිටීද යන්න මත පදනම්ව Filter කළ හැක. ඔබ වෙනත් හෝටල් වෙළඳ නාමවලට ​​වඩා කැමති නම්, ඔබට පෙන්වීමට ඔබ කැමති විකල්ප සඳහා පමණක් තෝරාගත හැක.

ඔබට ඔබේ හෝටල් search කිරීම Filter කළ හැකි වෙනත් ක්‍රමවලට ඇතුළත් වන්නේ:

  • දීමනා
  • නොමිලේ Wi-Fi සහ ළමා හිතකාමී වැනි පහසුකම්
  • හෝටලයේ පන්තිය/තරු ශ්‍රේණිගත කිරීම

ඔබට නේවාසිකාගාර සහ ගෙස්ට් හවුස් වෙන්කරවා ගැනීමටද මෙම විශේෂාංගය භාවිතා කළ හැක. ඔබේ නවාතැන් වෙන්කරවා ගැනීම ආරම්භ කිරීමට, ඔබට Hotel එකේ website වෙත යාමට අවශ්‍ය වනු ඇත. ඔබ එහි සිටින විට, ඔබට අවශ්‍ය යැයි හැඟෙන පරිදි කැමති දෙයක් තෝරා ගැනීම කළ හැක.

දේපල බදු ගැනීම.

ඔබ හෝටලයක නවාතැන් ගැනීමට උනන්දුවක් නොදක්වන්නේ නම්, ඔබට Google Travel හරහා පුද්ගලික නිවාඩු කුලී සොයා ගත හැක. ඔබට විකල්ප කිහිපයක් පෙනෙනු ඇත,:

Apartment

Guest House

කුටි(Cottage)

Hotel මෙන්ම ඔබට අවශ්‍ය පහසුකම්, ඔබේ මිල පරාසය සහ තවත් දේ මත පදනම්ව ඔබට තෝරා ගැනීම කළ හැක.

ඉතින් මේ වගේ තවත් විශේෂාංග රාෂියක් මෙම සේවාව ඔස්සේ ඔබට ලබා ගත හැකි අතර තවත් සේවාවන් රැසක් මෙහි ඇත.ඉතින් අදට අපි මෙතනින් සමුගන්නවා..තවත් කොටසක් අරගෙන ආයේ ඉක්මනින්ම හමු වෙනකම් ඔයාලට සුබම සුබ නව වසරක් වේවා..!

(BSc Honors. In Computer Science, Social Media Strategists,Dip in HRM,Dip in Finance Management, Dip in Production Management, Dip in Sales Management )

076 2209299

www.dilshanmanujaya.com