VR technology

ඔන්න අද අපි කතා කරන්න යන්නෙ විශේෂ මාතෘකාවක් ගැන ඉතින් අද මාතෘකාව තමයි virtual reality එහෙමත් නැත්නම් VR technology සිංහල භාෂාවෙන් කිව්වොත් අතථ්‍ය යථාර්ථය තාක්ෂණය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ,

මොකක්ද මේ Virtual Reality කියන්නෙ.

Virtual Reality (VR) කියන්නෙ පරිඝනකයක් මගින් ජනනය කරණ ලද පරිසරයක් වන අතර පෙනෙන තරම් සහ වස්තූන් පරිශීලකයාට තමන් අවට ගිලී සිටින බවක් දැනේ .reality headset එකක් හෝ හෙල්මට් එකක් වැනි උපකරණයකින් මෙම පරිසරය අප හට අවබෝධ වන අතර අප ඒ මොහොතේ හෝ අනාගත ලෝකයක හෝ කෘතිම පරිසරයක ජීවත් වන බව අපට හැගෙන තාක්ෂණයකි.

බොහොමයක් දෙනා පිලිගන්නා අන්දමට මුල්ම VR මැෂින් එක විදියට හදුන්වන්නෙ Sensorama යන උපකරණයයි. 1950 මැද භාගය වන විට හොයාගත් මේ උපකරණය මෙම තාක්ෂණය වැඩි දියුණු කිරීමේ මූලික පියවර ලෙස හැදින්විය හැක.මෙහි අන්තර්ගතය ලෙස 3D චිත්‍රපට පෙන්වන උපකරණයකින් හා vibrations සහිත පුටුවකින් සමන්විත වෙනවා.පසුකාලීනව ඇති වූ මෘදුකාංග සහ දෘඪාංග වල දියුණු වීමත් සමග අද වන විට බොහෝ ක්ෂේත්‍රයන් ඔස්සේ මෙම තාක්ෂණය දියුණු වී ඇත.

මේවායින් ඇති ප්‍රයෝජන මොනවාද.?

අද බොහොමයක් Comouter games මේ VR තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරලා තියෙනවා.තවද මේ හරහා සොල්දාදුවන් හට යුධ අභ්‍යාස ,සැත්කම් සදහා ඉගෙනගන්නා වෛද්‍යවරුන් සදහා පෙරහුරුවක් ලෙසත් අභ්‍යවකාශ ගඟණගාමීන් සදහ පෙරහුරු වැනි කටයුතු වලදී මේක උපකාරී වෙනවා.

ඔයාලට මතක ඇති X man චිත්‍රපටි මාලාවේ එන Cerebro කියන උපාංගය.මේ VR තාක්ෂණය කියන්නෙ මොන වගේ එකක්ද කියන එක ගැන ඔයාලට දල අදහසක් ඒකෙන් ගන්න පුළුවන්.

තවද අංශක 360 ක දිශානතියකින් යුතුව Video Live Streaming කරණ විටදිත් මේ Vr තාක්ෂණය භාවිතා වෙනවා.තවද ගෘහ නිර්මාණ ශිල්පයේදීත් තමන් ගෙයක් සෑදීමට පෙර මෘදුකාංග ඔස්සේ නිර්මාණය කරපු තමන්ගේම ගෙය තුල සිටීමට මේ VR තාක්ෂණයෙන් ඔයාට අවස්ථාවක් ලැබෙනවා.

VR තාක්ෂණයේ අනාගතය කොහොමද?

VR තාක්ෂණය කියන්නෙ නූතන ලෝකයේ වැඩිම වේගයකින් ජනප්‍රිය වෙන project වලින් එකක්.2018 පිටවූ IDC ආයතනයේ පර්‍යේෂණ අනාවැකි අනුව 2022 වෙන විට VR සහ Augmented Reality නමින් යන මේ හා සමාන වූ තාක්ෂණයක් සදහා වූ ආයෝජන යූරෝ බිලියන 15.5ක් පමණ වනු ඇති බව අනුමාන කර ඇත.කෙසේ වෙතත් එම වාර්තා අනුව 2020 අග භාගය වන විට විශාල යුරෝපීය ආයතනවලින් භාගයකටත් වඩා මෙම Virtual Reality සහ Augmented Reality උපක්‍රමයන් භාවිත කරණු ඇති බවට දන්වා ඇත.

අද වන් විට විනෝදාස්වාදය ,සංචාරක කර්මාන්තය සදහා සහ තවත් දේවල් සදහා මෙම තාක්ෂණය සෘජු හා වක්‍රාකාරයෙන් යොදාගෙන තියෙනවා.

අද වන විට අපිට දකින්නට ඇති සුලබ VR උපාංග මොනවාද?

මේ වන විට ප්‍රධාන වශයෙන් විකිණෙන Virtual Reality Headset විදියට Sony සමාගමේ PlayStation VR (PSVR) , Facebook සමාගමේ Oculus Rift සහ HTC සමාගමේ Vive යන උපකරණ සහ Oculus Rift,Oculus Rift S, Oculus Go සහ Oculus Quest යන උපකරණද බහුලව දකින්නට ලැබෙනවා.ඉතින් අදට අපි මේ ලිපිය නවත්තනවා.ඊලග මාසයේදීත් තවත් ලිපියක් සමග හමුවෙමු.

(BSc Honors. In Computer Science, Social Media Strategists,Dip in HRM,Dip in Finance Management, Dip in Production Management, Dip in Sales Management )

076 2209299

www.dilshanmanujaya.com

නිසදැස්

මම දරාගත්ත තැන්වල

නුඹත් දරාගෙන බලපන්

ඒක මොනතරම් අමාරුද කියල

මට තනිකම දැනුන තැන්වල

නුඹත් තනිවෙලා බලපන්

ඒ වේදනාව මොනතරම්ද කියල

මන් නුඹට  ආදරේ කල තරමට

නුඹත් කවදහරි ආදරේ කරල බලපන්

මොනතරම් විදවන්න වෙනවද කියල

මන් තරම් දවසක උහුලලා බලපන්

සුසුම් වල බර පපුවට මොනතරම් බරද කියල

මට වගේම දවසක නුඹටත් දැනෙයි

දුන්න හීන බලාපොරොත්තු උදුරගත්තම

ජීවත් වෙනඑක මොනතරම් කරුමයක්ද කියල

නිශා

Lancashire lamb hotpot

අවශ්‍ය ද්‍රව්‍ය

කියූබ් ලෙස කපාගත් lamp ග්‍රෑම් 400ක්

සිහින්ව කපා ගත් ලොකු ලූනු ගෙඩි දෙකක්

සුද්ද කරගත් අල ගෙඩි 4 (ඝණකම පෙති කපාගෙන) chicken or beef stock 500ml

 කැරට් ගෙඩිය තුනක් කොටු කපා ගෙන

 Wostershir sauce 2tbs

 පිටි 2tbs

 ඔලිව් ඔයිල් 2tbs

බටර් 4tbs

 ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට

Bay leaves 2

සාදාගන්නා ආකාරය

අවන් එක අංශක 180c ට රත්කර ගන්න.

Pan එකක් ගෙන ලිප මත තබා රත්කර එයට ඔලිව් Oil සහ බටර් හැඳි දෙකක් දමා හොඳින් රත්කර lamb ටික එකතු කර විනාඩි 5ක් පමණ දුබුරු පැහැ වන තෙක් පිස පසෙකින් තබා ගන්න. ඉන්පසු එම pan එක යළිත් රත් කර එයට කපාගත් ලූණු එකතු කර තවත් විනාඩි තුන හතරක් කලවම් කර එයට කලින් පිසගත් lamb එකතු කර හොඳින් කලවම් කරගන්න. ඉන් අනතුරුව එයට  bay leaves, wostershir සෝස්, stock සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු, ගම්බිරිස් එකතු කර කලවම් කරගෙන කැසරෝල් පෑන් එකට දමා ඇලුමිනියම් ෆොයිල් එකකින් වසා අවන් එක තුලට දමා විනාඩි තිහක් පිසගන්න. ඉන් අනතුරුව එය එළියට ගෙන කැරට් ටික එකතු කර කලවම් කරගෙන කපාගත් අල රවුම් ආකාරයට පිටතින් අතුරා ඇතුලට උඩින් cover කරගන්න. යළිත් මෙය ෆොයිල් එකෙන් වසා පැයක් පමණ පිසගන්න. යළිත් එළියට ගෙන කවර කරගත foil  එක  ඉවත දමා යළිත් පැය භාගයක් අල ටික  brown වනතුරු පිසගන්න. මෙය තම්බාගත් පීස් ,බ්‍රොකලි  beans හෝ ග්‍රීන් සැලඩ් සමග ආහාරයට ගත හැක. මෙය lancashire වලින් ලෝකයට හදුන්වාතුන් ඉතා ප්‍රසිද්ධ ආහාරයකි

ශෙෆීල්ඩ් නඟරයේ Street food රස මවන MADUSHA WETHTHASINGHE

මදූෂ වෙත්තසිංහ ; මේ වෙද්දි අපි දන්නේ සූපවේදියෙක් වගේම එංගලන්තයේ ජීවත් වෙන ලාංකික ව්යාපාරිකයෙක් විදියට. ලංකාවෙ ඉඳලා එංගලන්තෙ ආපු ගමන ගැන කිව්වොත් , පදිංචිය ආපු කාලෙ මොකටද ආවෙ කියලා?

මගේ තාත්තා හරහා තමයි මම එංගලන්තයට ආවේ. ඒ කාලේ තාත්තා වැඩ කලේ කොළඹ හිල්ටන් හෝටලයේ. ඒ වැඩ කරද්දි තාත්තට අවස්ථාවක් ලැබුනා එංගලන්තයට එන්න. මමත් ඉස්සර ඉදන්ම කැමතියි cricketer කෙනෙක් වෙන්න. ඒත් තාත්තා නිසා සූපවේදියෙක් මාර්ගයට වෙනස් වුනා.ඒනිසාම මම අවුරුදු 16දි ගල්කිස්ස මහ හෝටලයේ අවුරුද්දක කාලයක් පුහුණුවීම් සිදුකලා. ඊටපසුව තමයි මම එංගලන්තයට ආවේ.

ඔයාගෙ පවුලෙ විස්තර ටිකක් කිව්වොත් ?

මගේ බිරිඳ මනීශා අම්ඩේකාර්. ඇය ඉන්දියානු ජාතික කාන්තාවක්. අපි දෙන්නට දුවලා තුන්දෙනෙක් ඉන්නවා.

මදූශව අපි දැනගන්නෙ එංගලන්තයේ පටන්ගත්ත ව්යාපාරයකින් කිව්වොත් අපි හරි. ගැන කිව්වොත්. ආරම්භ වෙන්නෙ කොහොමද සහ අද තත්ත්වය?

මම කලින් කිව්වා වගේ මම එංගලන්තයට ආවේ අවුරුදු 17දි. මම Moorside Hilton හෝටලයේ පුහුණුවෙන සූපවේදියෙක් විදියට අවුරුදු 4ක් වැඩ කලාට පසුව එහි ප්‍රධාන සූපවේදී විදියට උසස් වීම් ලැබුවා. ඒ කාලයේදි තමයි මම තීරණය කලේ මගේම ව්‍යාපාරයක් පටන්ගන්න. ඒ වෙනුවෙන් මම වගේම මගේ බිරිඳත් සෑහෙන්න මහන්සි වුනා. අපි දෙන්නගේ මහන්සිය සහ මගේ පවුලේ අයගේ උනන්දුකිරීමේ ප්‍රතිපලයක් විදියට ආයුබෝවන් අවන්හල 2013 වසරේදී ග්ලොසප් නගරයේදී විව්ෘත වුනා. ඊටපස්සෙ පිළිවෙලින් Matlock -Tinsley නඟරයේත්, Sheffield – Eccelesall road වගේම 2021 වසරේ මුල් බාගයේදී කොට්ටාව නඟරයේදීත් විව්ෘත වුනා. මගේ අලුත්ම ව්‍යාප්ෘතිය වුනු Ayubowan street food bar ”, ශෙෆීල්ඩ් නඟරයේ Orchard square හීදී 23/09/2021 විව්ෘත කලා.

අනෙකුත් ව්යාපාර ගැන කතා කරොත්?

මම ඉස්සර Off Licence shops දෙකක් කලා ව්‍යාපාර ගැන ඉගෙන ගන්න වගේම ඒ ගැන අත්දැකීම් ලබාගන්න. ඒත් දැන් මට ඒ වෙනුවෙන් වෙන් කරන්න වෙලාවක් නෑ. දැන් ඒ ව්‍යාපාර කරගෙන යන්නෙ මගේ අම්මයි තාත්තයි.

ලංකාවෙන් එංගලන්තෙට ආපු එක ගැන අද දැනෙන්නෙ කොහොමද?

මුලින් නම් මම ආවේ තාත්තා කියපු නිසා. ඒ එද්දී එංගලන්තය ගැන, ඇවිත් කරන්න ඕන දේ ගැන මට කිසිම අවබෝධයක් තිබුනේ නෑ. හැබැයි කාලේ ගෙවෙද්දි, මම එංගලන්තයේ ජීවිතේට හුරු වෙද්දී මම හීන දැක්කේ මගේම ව්‍යාපාරයක් පටන්ගන්න.ඒ වෙනුවෙන් මම මහන්සි වුනා. කිසිම දෙයක් අපිට ලේසි වුනේ නෑ. එහෙම මහන්සි වුනු මමයි මගේ බිරිඳයි අද වෙද්දි අපි ඉන්න තැන ගැන සතුටු වෙනවා.

මේ තරම් සාර්ථක ව්යාපාරිකයෙක් වෙන්න උදව් කලේ කවුද? ගැන කිව්වොත් ?

මම හිල්ටන් හෝටලයේ ප්‍රධාන සූපවේදී විදියට වැඩ කරද්දි එහි කලමණාකරුවෙක් විදියට වැඩ කලේ Graham Pickersgill. ඒ කාලේ ඉදන් අද වෙනකම් ග්‍රෙයම් මට ලබාදෙන්නෙ පුදුමාකාර සහයෝගයක්. ඒ වගේම ආයුබෝවන් අවන්හල ආරම්භයේ සිට අද දක්වාම එහි ප්‍රධාන සූපවේදී විදියට සේවය කරන චතුරංග රත්නායකත් මගේ ජීවිතේ දුක සැප මාත් එක්ක බෙදාගන්න මගේ බිරිඳ මනීශාත් නිසා තමයි අද ආයුබෝවන් සන්නාමය මේ තරම් දුරකට අරගෙන එන්න මට පුලුවන් වුනේ. ඊට අමතරව මනීශගේ පවුලේ අයගෙනුත් මගේ පවුලේ අයගෙනුත් විශේෂයෙන්ම මගේ පොඩි නංගි මල්ශා වෙත්තසිංහගෙනුත් ලැබෙන සහයෝගය මතක් කල යුතුමයි.

එංගලන්ත පදිංචි කෙනෙක් හැටියට ලංකාවේ සූපවේදීන් වෙනුවෙන් මොනවද අපිට කරන්න පුළුවන්?

ලංකාවේ සූපවේදීන් වෙනුවෙන් එංගලන්තයේ ඉදන් කරන්න ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේවල් ඇත්තටම නෑ. ඒත් මම මට හිතෙන දේ කියන්නම්. ලංකාවේ සූපවේදීන්ට ජාත්‍යන්තර තලයට යන්න තියෙන අවස්ථා වැඩි වෙන්න නම් ලංකාවේ හෝටල් වල තියෙන වැඩ කිරීමේ පිළිවෙල වෙනස් විය යුතුයි කියන මතයේ මම ඉන්නවා. ඒ ලංකාවේ සූපවේදින්ගේ තාක්ෂණික දැනුම ලෝකේ අනිත් රටවල සූපවේදීන් එක්ක සසඳනකොට ටිකක් අඩුයි. ඒ දේවල් වැඩි දියුණු කරන්න පුලුවන් නම් ලංකාවේ සූපවේදීන්ට මීට වඩා ඉදිරියට එන්න පුලුවන්.

Business  පැත්තට තියෙන නැඹුරුව එක්ක ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නෙ මොනවද?

මේ වෙද්දී ආයුබෝවන් නාමය අවන්හල් ජාලයක් බවට පත්කරන්න තීරණය කරලා ඉවරයි. ඒ නිසා මේ වෙද්දි අපි සැලසුම් කරනවා එංගලන්තයේ වගේම ලංකාවෙත් තවත් ආයුබෝවන් අවන්හල් විව්ෘත කරන්න. ඒ සැලසුමේ ඊළඟ කොටස විදියට ආයුබෝවන් අවන්හල් මැන්චෙස්ටර් , ලීඩ්ස් වගේම මධ්‍යම ලන්ඩනයේදීත් විව්ෘත කරන්න හිතාගෙන ඉන්නවා.

ජීවිතයෙ ලස්සනම දවස ගැන පොඩ්ඩක්  මතක් කරොත්?

මගේ ලොකු දුව අනූශා වෙත්තසිංහ ඉපදුනු දවස. එතකොට මට වයස අවුරුදු 23යි. එදා මගේ හිතට දැනුනු හැඟීම ගැන මතක් කරද්දී මට ඒ ගැන කියන්න තාමත් වචන ගලපන්න අමාරුයි. ඒ තරමටම ඒ මොහොත සුන්දරයි. ඉතින් ඒ දවස තමයි මගේ ජීවිතේ හැමදාටම ලස්සනම දවස. ඒ දවසට පසුව නම් ඉතින් ආයුබෝවන් පළමු අවන්හල ග්ලොසප් වල විව්ෘත කරපු දවස තමයි.

අපි Magazine එක ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම හොඳ සඟරාවක්. එංගලන්තයේ ජීවත් වෙන ලාංකිකයන්ට තොරතුරු දැනගන්න තියෙන හොඳම විදියක්. සඟරාව පළවෙන්නේ ඔන්ලයින් නිසා ඕනම කෙනෙක්ට නිවාඩුවේ කියවන්න පුලුවන්. ඒ වගේම එංගලන්තය පුරා විසිරිලා ඉන්න ලාංකිකයන්ට තමන් ගැන කතා කරන්න ලබා දෙන අවස්ථාවට බොහොම ස්තූතියි.

ඊළඟට කාවද Nominate  කරන්නෙ?

නීතීඥ තුසිත මම ඊළඟට nominate කරනවා.

– ගුරු පඬුරු –

පුංචි සන්දියේ මා හට අකුරු  කරන්නට

කුලදෙවි යොමු කළා මා ගුරුගෙදරකට

අකමැති වුණත් මා එහි    පියමනින්නට

යන්නට සිදුවුණා නිවසේ      පෙරැත්තට

කළු උස මහත රුදු පෙනුමැති යෝධයෙකුට

දිය හැකි වේද පොඩි අප වෙත සිප්     සතර

‘එන්න පුතා’ ලෙස ඔහු අමතද්දිත්    සොඳට

ලොමු ඩැහැගැන්විලා හිටගෙන අපි     බියට

ගණිතය විෂය මෙලොවට හැදුවේ  කව්ද

හොඳක් නොවන් එලෙසට පැතුවා  මමද

අමතක චක්කරය හොයා ගත්    එකාවද

නිතරම මතක් කරනවා රෑ      නින්දෙන්ද

පාසලට නුදුරු වත්තේ කාමරයක    විසූ

වත්ත පුරාවට වගාවක්‍ වේය          ඔසු

දුප්පත් දරුවෝ කැන්ඳා පාසලෙන්    පසු

ශිල්ප දෙන තැන ගුරුගෙදරක්ය       පසු

ගුරු ගෙදරට ගොඩ වූ හැම         දිනයකදිම

පාඩම් දිය යුතුවේ චක්කරයත්     නොවැරදිම

පාඩම් නොමැතිවුන් දණගහලා       පෝලිමට

ඇතැමෙක් හඬයි තෙත් කරගෙන කලිසමෙම

නිතරම බුලත් සපමින් කට රතු          වීලා

සුදු කලිසමට සුදු කමිසෙන්         සැරසීලා

සිනා නොවෙයි බොරුවට හසරැල්      පාලා

අවැසි දේ කියයි ඔළුවට ටොක්කක් ඇනලා

විදුහල්පති පවා ගරුසරුවයි  ගුරුදෙවිට

විශිෂ්ටයෝ බිහිවේ නීරස       ගණිතයට

පැසසුම් ඉදිරියේ ඔහු නොසැලී ඉදිරියට

සෘජු මිනිසෙකි යට නොවනා    මුදලකට

ගලේ කෙටුව අකුරක් මෙන්  සිහිවෙනවා

තාමත් උගන්නපුවා මතකේ  රැව්දෙනවා

වේවැල් පහරේ රසයත් අමතක  නැතුවා

ගුරුදෙවි ගැන ගරුසිත තව වැඩිවෙනවා

ශිල්ප උගෙන රැකියාවක් මම     සොයාගෙන

Interview ගියා මගෙ දෙයියොත් පතාගෙන

‘ආවෙද ගණිතෙට D එක නුඹ       තියාගෙන’

සිහිවුණි මෙමට ගුරු බුලතුත්        සපාගෙන

D එක නිසාමයි මට Job එක හම්බවුණේ

ගුරු පා නමදින්නමයි මට නම් ඕන    වුණේ

සුදු කමිසයක් අළුතින් ගුරු පඬුරු     වුණේ

මා දුටු කල ගුරු තුටමයි          මතක්වුණේ

හා හා පුරා කියලා ගත් රථේ        නැගී

පෙර ගිය මාවත් දිග මතකයේ      රැඳී

තවමත් දැනෙනවා එදවස සුවඳ   රැඳී

ලං ලං වුණා ගුරුගෙදරට දිවියේ  බැඳී

ඈතට පෙනෙනවා මහ සෙනඟක් රැස්වීලා

මග දෙපසට යුහුසුළුවම වැඩ      කරනා

කුකුසක් මගේ යටි සිත්හි දැන්   නැගෙනා

ගුරු ගෙදරම සුදු කොඩියෙන්     සැරසීලා

ගුරු පඬුරත් ගෙන හනිකට පිය   නැගුවා

ගුරුගේ අඹුව මහ හයියෙන් වැළපෙනවා

එදවස සිට ගුරු අඹුවත්         හඳුනනවා

මා දුටු විට ඇගේ දුක තව    වැඩිවෙනවා

කුමකින් කුමක් සිදුවේදැයි නොදත්   නිසා

ගෙට ගොඩ වී ගුරු අඹුවගේ ලඟට   ගියා

‘මොකද වුණේ මිස්’ කියලා ඇහුවා මෙමා

‘පුතාලගේ සර් අද අපිවත් දාලා        ගියා’

අකුණක් වන්ව කම්පනයකි දැන්      දැනෙන්නේ

රූරා වැටෙන කඳුළුත් නොම           නවතින්නේ

එදවස ගුරුපියගේ ගුණ එකිනෙක    සිහිවන්නේ

ගෙන ආ සුදු කමිසෙද ගුරු හට දැන් අන්ඳන්නේ ?

______________________ච | රි | යා_______

( යම් පුද්ගලයෙක් අනුන්ගේ දරුවෙකු තමාට වඩා උගතෙකු වී දිවි ජය ගන්න අයුරු දැකීමට සිහින මවයි නම්, ඒ සඳහා මාවත එළිපෙහෙළි කර දෙයි නම්, තමාව අභිබවා යනු දැක හදවතින්ම සතුටට පත්වේ නම් ඒ උත්තම ගුරුවරයෙකු පමණමය.නොපමාව තමන්ට සිප් කිරි පෙවූ ගුරු දෙවිවරුන් හට කෘතගුණ සලකන්න. )