අතීතය හා වර්තමානය

ඔන්න මං අද නමි ඔයාලට කියන්න ආවෙි වෙනස්ම දෙයක් ගැන……..

       මෙි ලංකාවනේ කාලෙන් කාලෙට එක එක රැලි එනවා වගේම පෙර සිංහල ගති පුරුදුත් මිනිස්සුන්ට අමතක වෙනවා….. එ වගේම තමයි පෙර පැරණි මිනිස්සුන්ගේ කියමන් වගේම ක්‍රියාකලාප අද සමාජය විසින් ගොඩෙි යැයි කියන ලේබලය ගහලා පැත්තකටම දාලා……

සමහර දේවල් තියනවා අපිට එහෙම අයින් කරලම දාන්න බැරි දේවල්….  ඉතිං එහෙම අයින් කරන්න බැරි වවටිනාකමක් තියන මනස්ගාත යැයි සලකා අද සමාජය නොසලකා හරින ලද කරුණු කීපයක් ඉදිරිපත් කරන්නයි මගේ සුදාණම…

           මෙි දවස්වල රට පුරාම ඇති ලොකුම අර්බුදය තමයි ගොවිතැන් කරන්න පොහොර නැතිකම….. එක එක අය උද්ගොශන කරනවා නිතර දකින්න ලැබෙනවානේ…….

       එත් ඉතිං නිකමට හරි හිතෙනවාද එ කාලේ අපේ පැරණි මිනිස්සු කොහොමද රට ස්වයංපෝෂිත කලේ කියලාවත්… වැවි අමුණු හැදුවා වාගේම හොද සරුසාර අස්වැන්නක් ලැබුවා… අහලා ඇතිනේ වෙල්ලස්ස කැරැල්ල ගැන…. එක කුඹුරු යායකින් තමයි එ වෙල්ලස්ස සටන ජය ගන්න වෙහෙස මහන්සිවු එ ආශ්‍රිත සියළු ගමිමාන ස්වයංපෝෂිත කලේ….

       එත් අද …….. අද පිටරටින් කාබනික පොහොරයි රසායනික පොහොරයි එනකමි බලන් ඉන්න වෙලා….. ඇයි එහෙම උනේ….

       එදා මුළු රටටම සහල් සපායා පිටරට පාව පැටවු පෙරදිග ධාන්‍යගාරය ලෙස විරුදාවලිය ගත් අපේ රට අද අන්තිම තැනට ඇදගෙන වැටිලා……

       දේශපාලන උවමනාකමි වගේම ගොවියන්ගේ අතපසුවිමි මෙි අතර තියනවා කියලයි මට නමි හිතෙන්නේ….

       ගොඩ මඩ දෙකම එකම විදිහට සරුසාර කල පැරණි ගොවියන්ට එදා රසායනික පොහොර තිබුණේ නෑ … ඔවුන් පොහොර වශයෙන් ගත්තේ පරිසරයේ තියන දේවල්ම තමයි…. අස්වැන්න නෙලා අවසානයේ හරකා බාන බැන්දෙත් ඔවුන් වෙල් යායේ… එ ගොම පසට එකතුවෙලා තවත් පස සාරවත්කලා….

       කුඹුරේ ඇති කිවුල් දිය සහ ලවණයන් මී ගස් මගින් උරා ගන්නා නිසා ඔවුන් මී ගස් කපා දැමුවෙ නැ…..

      එසේම මී ගසට එන වවුලන්ගෙ වසුරු කදිම පොහොරක්…..අසල ඇති මා දං ගසට එන කුරුල්ලන්ගෙන් කුඹුරේ කෘමි හානිය තුරන් වන නිසා මා දං ගසත් ඔවුන් පරිස්සමි කලා…..

      එ වගේමයි මී ගස දහවල් කාලයේ වගේම රාත්‍රි කාලයෙත් ඔක්සිජන් සපයන වටිනා සමිපතක්….

         1833දි සුද්දා විසින් ඉදිපත් කෙරු කොල්බෘෘක් කැමරන් ප්‍රතිසංස්කරණ වලින් මී ගස කැපිම ආරම්භ කලා.. මෙි මහා පොහොර ගහේ බලය දැනගත් ඔවුන් එදා නියොග කලා, මෙි සද්දන්ත ගස් සියල්ල කපලා වැවු අමුණු වල පාලමි බොක්කු වලට දාන්න….

         එදා සුද්දා කියු දේවල් අපේ මිනිස්සු හරියටම කලා….. කුඹුරු පුරන් උනාම අපේ මිනිස්සු සුද්දාගේ වතුවල වැඩට ගියා… සුද්දා අපේ මිනිස්සු රසායනික පොහොර වලට පුරුදු කලා…..

          එක මී ගසකින් කුඹුරු අක්කරයකට පොහොර දෙනවා වගේම එවා යුරියා වලට වඩා හතර ගුණයක පොශණ ගුණයකින් යුක්තයි…. එකල රජ සමයේදි මී ගසක් කපා දැමු පුද්ගලයන්ට ලැබුණු දඩුවම හිස ගසා දැමිම තරමි බරපතල දඩුවමක්….

          එ තරමට ඉස්සර අපේ කුඹුරු පොශණය කලේ මී ගස.. මී ඇට කන්න ආව වවුල්ලු වාසුරු දැමිමා… වාසුරු ගිණිපෙටිටි පියනක ප්‍රමාණය යුරියා කිලො තුනක රසායනික සංගටක තියනවා…එහි බැර ලෝහ නෑ…

      එහෙයින් ඔවුන් එවා රැක ගත්තෙ ඔවුන්ගේ ජිවිත වල කොටසක් වගේ….එ වගේම වී වැපිරිය යුතු කාලයන්ද ඔවුන් මනාව දැන උන්නා… එසේම ඉතා සාර්ථක ආහාර ගබඩා ක්‍රමද ඔවුන් සතු උනා…………

*** කුඹුක් ගස විශේෂ වන්නේ ඇයි ?…. එ ගැනත් මං කියන්නමි…

ටර්මිනලියා අර්ජුනා (Terminalia Arjuna) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කුඹුක් ශාකය ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සශ්‍රීකව වැඩෙන ඉතාමත් වටිනා ශාකයක්…… කුඹුක් ශාකය කොම්බ්‍රෙටාසේ (Combretaceae) කුලයටයි අයත් වන්නේ….

මේ ශාකය සම්බන්දව පවතින විද්‍යාත්මක කරුණු දැන හෝ නොදැන, පැරණි මුතුන් මිත්තන් විසින් කුඹුක් ගස පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වා කටයුතු කර තිබුණු බව ඉතා පැහැදිලියි……

      විශේෂයෙන් සෑම වැවක් හා අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව කුඹුක් ගස් සිටුවීම ඔවුන් විසින් මනාව කරනු ලැබ තිබුණා…..

කුඹුක් ගසේ තිබෙන්නා වූ මිල කළ නොහැකි හැකියාව වන්නේ ජලය පිරිසිදු කිරීමයි. මෙහිදී ජලය මෘදු කිරීම(ජලයේ කිවුල ගතිය අඩු කිරීම) හා පිරිසිදුකරණයද සිදුවන අතර ඒ මඟින් මනුෂ්‍ය වර්ගයාට සිදු කරන සේවය අති මහත්….

විශේෂයෙන්ම වියලි කලාපයෙ දැන් දකින්නට ලැබෙන වකුගඩු රෝග ඇතිවීමට එක ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, කිවුල් ජලය හෙවත් කඨින ජලය භාවිත කිරීම බවයි වෛද්‍යවරු පවසන්නේ….. වගාවට දැන් එක් කරන රසායනික පොහොර වගේම මෙි කිවුල් ජලයත් මිනිස් සිරුරට අහිතකරයි…… නමුත් පෙර කාලේ පැරණි මිනිසුන්ට මෙවැනි රෝග තිබුණේ නෑ…..  අද බවබොග වල වගේම පානය කරන්නට ඇති ජලයෙත් ඇත්තේ විස පමණයි…….

       ජලයේ බහුලව අඩංගු වන කැල්සියම් අඩංගු ලවණ සාන්ද්‍රණයෙහි අධික බව මේ තත්වයට හේතුවයි….

ඉහත සඳහන් ගැටළුව විසඳා ගැනීම සඳහා සොබාදහම විසින් ලබා දී තිබෙන එක් දායාදයක් වන්නේ කුඹුක් ශාකය….. මේ ශාකය වැව් ආශ්‍රිතව වගා කිරීමෙන් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට පෙර මුතුන් මිත්තන් කටයුතු කර තිබුණේ එ ශාක මතු පරපුරටත් ආරක්ෂා කර දෙන ගමන්……..

එ නිසාම එ කාලේම බටහිර ආක්‍රමණිකයන් අපේ රටෙි කුබුක් ගසට බය උනා… එවා විනාශ කරන්න පවා ඔවුන් පෙළබි සිටියා…..

        නමුත් අද…… අදත් සිදුවන්නේ මෙිතරමි වටිනාකමක් ඇති කුඹුක් ගස් කපා වත්පොහොසත් කමි ඇති අය ඔවුන්ගේ මැදුරු වල බිමට ඇල්ලිමයි….. අද එය රැල්ලක් වෙලා….. අපේම අවාසනාවට….. ජලය පිරිසිදු කරන්න ක්ලොරින් වගේම වගාව සරු කරන්න රසායනික පොහොර දැන් අත්‍යවශ්‍යම දෙවල් අතරට ඇවිත්…. එයත් රැල්ලක් නොවෙිද?…. පෙර මුතුන්මිත්තන් අපි වෙනුවෙන් ආරක්ෂා කල කුබුක් ගස් වගේම මී ගස් අද අවසන් ගමන් යන්නට සැරසි සිටින්නේ ධනවත් පුද්ගලයින්ගේ නිවාස සරසන්න…..

           අටවිසි බුදුවරුන් අතරින් අනොමදස්සි බුදුන්වහන්සේ මාසයක් පමණ කෙටි කාලයක් දුෂ්කර ක්‍රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්වූ බව සාසන ඉතිහාසයෙහි සදහන් වෙනවා…..

        එ වගේමයි මෙි කියමණත්….. “සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා”, යැයි කීවේ සිංහල ප්‍රතිරෝධි බටහිර ආක්‍රමිණිකයන්‍…

         නමුත් කිසිදින සිංහලයා මෝඩකමට කැවුම් කෑවේ නැ…. ආක්‍රමණික යුධයක පවා අවි ආයුධවලට අමතරව කැවුම් මල්ලක් රැගෙන යන්න එදා ඔවුන් පුරුදු වෙලා සිටියා…..

         ඒ සිංහලයාගේ බුද්ධිමත්කමට මිස මෝඩකමට නොවේයි….. දරුණු සටනකදි ඇතිවන ආහාර හිඟයට කැවුම් මල්ල බොහෝ ප්‍රයොජනවත් දෙයක්…… දින කිහිපයක් නිරාහාරව සිට ශක්තිය හීන වූ කෙනෙකුට කැවුමකින් ලැබෙන ශක්තිය අති මහත්….

         එ වගේමයි යුද්දයකදි ඇති වන තුවාලවලදී කැවුම් තබා එම තුවාල ක්ශණිකව සුව කරගැනීමට හැකිබව සිංහලයා මනාව දැන සිටියා…. දින කිහිපයක් ගත වූ කැවුම් ගෙඩියකට ඕනෑම තුවාලයක් සුව කිරීමේ දිව්‍යමය හැකියාවක් තිබුණු බවයි පැරණි මිනිසුන් විස්වාස කලේ….

          සිරිපා කරුණාවේදි පවා රිටක ගැට ගැසූ කැවුම් මල්ලක් රැගෙන යාම සිංහලයාගේ සිරිතක්… නමුදු එය මෝඩකමට නොවේ…කඳු තරණයේදී අද මෙන් මාර්ග පහසුකම් නොතිබු හෙයින් අධික දුෂ්කර මාර්ග වලින් කඳු තරණය කිරීමේදි අවශ්‍ය තරම් ආහාර රැගෙන යාම පහසු නොවෙි….

         පිසූ ආහාර රැගෙන ගියද ඒවා ඉතා ඉක්මනින් නරක් වන බව අපි කවුරුත් දන්නවානේ…. කැවුම් මල්ලෙන් මේ ගැටලු සියල්ලම විසදෙනවා, එ වගේමයි තවත් ඉතාම ප්‍රයොජනවත් කාරණයක් තමයි, රිටෙහී ගැට ගැසූ කැවුම් මල්ල කරේ තබාගෙන යාමේදී කඳු තරණයේදී ඇතිවන සිරුරෙහි අධික නම්‍යශීලීභාවය අඩු කර සිරුර කෙලින් කරගෙන යාමට හැකි විම….

         ඉතිං එහෙම සමබරතාවය රැකගැනීම කඳු තරණට බොහෝ පහසුවක්…. මේ කිසිවක සත්‍යතාවය නොදත් සුද්දා මෝඩකමට සිංහලයා කැවුම් කන බවයි පැවසුවෙි……

     එ වගේමයි පෙර පැරණි මිනිසුන් තමන් නෙළු ගමිමිරිස් අස්වැන්නෙන් ඉවතලන නැටි පාරට දැමිමත් යමි හෙතුවක් මතයි….

     එත් අද …… අද මිනිස්සු තමන් නෙළු ගමිමිරිස් අස්වැන්නෙන් ඉවතලන නැටි පාරට දාන්නේ එවා මිනිස් පයට පැගුණු පසු තමන්ගේ අස්වැන්න වැඩිවෙිවියැයි හිත්වල පැලපදියම් වි ඇති අධික තෘෂ්ණාවත් මිත්‍යා මතයත් නිසා….

     නමුත් සත්‍ය නමි එය නොවෙයි…. පැරණි මුතුන්මිත්තන් තමන් නෙළු ගමිමිරිස් අස්වැන්නෙන් ඉවතලන නැටි පාරට දැමුවෙි කාගේ හො සමෙි රොගයක් සුවවෙියැයි සිතාගෙන , එයයි සත්‍යා…

     එ ඇයි දැයි කියනවා නමි පෙර මිනිසුන් වැඩි පුරම ගමන් ගියේ පා ගමනින්….ඔවුන් කිසිවෙකුත් එකල පාවහන් යුගලක් නොපැලදුව ගානයි…. ගවු ගණන් දුර නිරුවත් පා ගමනින් ගමන් යන මිනිසුන්ගේ දෙපා වල නොයෙක් කුෂ්ඨ රෝග මතු වෙනවා…. එ වගේම නොයෙක් කෘමින්ගේ සපා කෑමි නිසා දෙපතුල් තුවාල විමත් දෙපා ඉදිමිමත් සිදුවුවා….

     ගමිමිරිස් කියන්නේ ඖෂධිය වටිනාකමක් ඇති මහඟු කුළුබඩුවක්…. ගමිමිරිස් නැටිටෙි පවා එ ඖෂධිය වටිනාකම ගැබිවි තිබෙනවා…. එ නිසාම ගමිමිරිස් නැටි පයට පැඟි යද්දි දෙපාවල ඇති මා පෙර පැවසූ රෝගාබාධ විගසින් සුව වන්නේ කිසිවෙකුටවත් නොදැනෙන්නයි…

     නමුත් අද තමන් නෙලා ගන්නා ගමිමිරිස් අස්වැන්නේ ඉවතලන නැටි පාරට දමා එවා පාගානෙ යන මිනිසුන් දිහා බොහො අය බලා සිටින්නේ තමන්ගේ අස්වැන්න වැඩි කරගැනීමෙි අභිප්‍රාය හිත් තුල තබාගෙන….

     එදා මුතුන්මිත්තන්ගේ ආකල්ප සමග සංසන්දනය කරන විට අද අපි සිටින්නේ කොහෙද….. ?

     අද මෙන් විද්‍යාව දියුණු යුගයක භෞතික උපකරණ වලින් කාළ ගුණ අනාවැකි නොකියු යුගයක අදට වඩා හොදින් ඔවුන් කාළ ගුණය ගැන දැනගත්තේ ඔවුන්ගේ හෙළ දැනුමෙන්…. නමුත් විද්‍යාව දියුණු අද වැනි යුගයක පැරණි මිනිසුන්ගෙ පැරණි මත විහිළුවක් වෙලා…. එත් විද්‍යාවට වරදින බොහොදේ පැරණි මිනිසුන්ගේ පැරණි මත ඉදිරියෙන් සිටින්නේ එ සියල්ලේම සත්‍ය බව මනා පෙන්වා දෙමින්…..

          ඉදිරියේදී ඇතිවීමට හැකි නියන් තත්ව, ගං වතුර මනාව දැන ඒවාටද ඔවුන් සූදාණම්ව සිටියේ කල් වෙලා ඇතුවමයි…… අඩුම තරමේ අවුරුද්දකට දෙකකටවත් ඇති තරම් තල, මෙනේරී, කුරක්කන් ,බඩ ඉරිගු, වී වර්ග , ගබඩාකරගෙන සිටියේ කූඹින් වගේ…..

          අද අපගේ එකම ප්‍රධාන ආහාරය බත් වූවද පෙර සිංහලයාට බොහෝ විකල්ප ආහාර තිබුණා…… කොස්,කුරක්කන් ,කවුපි,මුං ඇට, මඤ්ඤොක්කා  ඔවුන්ගේ දිනපතා ආහාර වෙිල් වලට එකතුවුවෙි වැඩි වැඩියෙන් කාය ශක්තියෙන් වැඩි වෙද්දි….

       එ වගේමයි, පරිසරයේ දකින සලකුණු වලින් ඔවුන් කාළගුණය මනාව අවභෝධ කරගත්තේ…

වඩු කුරුල්ලන් ගසක ඉතාම පහලින් කූඩූ තැනීම එලබෙන වැසී වාරයේ වර්ෂාව ඉතා අඩුවෙන් ලැබෙන බවට ද , ගසේ මැද කොටසේ කූඩූ තැනීම සාමන්‍ය වර්ෂාවක් ලැබෙන බවද ,ගසේ මුදුනේ නැත්නම් ඉහල කොටසේ කූඩු තැනීම අධික වර්ෂාක් ලැබීමටද ඉගියක් බව ඔවුන් දැන සිටියා……

       එමෙන්ම කිරලකු වැව් තාවුල්ලේ ජලයට ආසන්නයෙහි බිත්තර දැමීම වර්ෂාව අඩු බවට ද , වැව් තාවුල්ලේ ඉහල කොටස හා කුඹුරු යාය අතර බිත්තර දැමීම සමාන්‍ය වර්ෂාවක් ලැබෙන බවට ද, කුඹුරු යාය තුල බිත්තර දැමීම වර්ෂාව අඩුවී නියං තත්වයක් ඇති වෙන බවට ඔවුන් නිගමනය කලා……..

       දිවුල් ගසේ පළදාව වෙනදාට වඩා විශාල ලෙස වැඩිනම් ඉදිරියේදී නියං තත්වයක් ඇති වන බවද , අඹ ගසේ පළදාව බොහෝසෙයින් වැඩිවීම අධික වර්ෂාක් ලැබෙන බවටත් එසේම අඹ ගසේ ගෙඩි ප්‍රමාණය අඩුවී ගෙඩියේ නැට්ට අඩියක් පමණ දික්වී ගසත් ගෙඩියත් අතර දුර වැඩිනම් වර්ෂාව අඩුවන බව ඔවුන් දැන සිටියා……

                        එමෙන්ම අඹ ගස සම්පූර්ණයෙන්ම රතුපැහැති දල්ලෙන් පිරුණෙහිනම් නියඟය හමාර වී සති දෙක තුනක් ඇතුලත වර්ශාව ලැබෙන බවත් ඔවුන් දැන සිටියා……

            කිරලෙකු රාත්‍රියෙදී පොලොවට ආසන්නයෙන් ගමන් කරමින් කෑ ගසයි නම් උරෙකු,ගෝනෙකු.බල්ලෙකු වැනි උස අඩු සතකු ගමන් කරන බවටත්,කිරලා ගස් මුදුන් දක්වා ඉහලින් කෑ ගසන්නෙ නම් මිනිසකු ගමන් කරන බවටත්, කිරලා ඉහල අහසට නැග කෑ ගසන්නේ නම් අලියෙක් ඇතෙක් ගමන් කරන බවටත් කිරලාගෙ නාද රටාවෙන් පැරණි හෙළයා දැන සිටියා…..

         නමුත් අද මෙි දෙය සිදු වෙිද …. මී ගස් කපති … කුබුක් ගස් කපති…. කැවුමි යනු ගොඩෙි කෑමක් ලෙස හංවඩු ගසති…. එකල අප මුතුන්මිත්තන්ගෙ ක්‍රියා කලාප හා එ කියු කතා මිත්‍යා මත කර විහිළුවක්  සේ සලකා සිටියි……  සංස්කෘතිය සදාචාරය ගැන කතා කරන්නා ගල් යුගයෙ මිනිසුන් ලෙස හංවඩු ගසයි ……

      එ මොනවා උනත් පරිසරයට හානි කරන අයට පරිසරයෙන්ම දඬුවම් ලැබීම ස්වභාවිකයි…… අපිටද එවාට වන්දි ගෙවන්න වෙන්නේ නොකල වරදකට නොවෙිද….

      එ නිසා සොබාදහමට විරුද්ධව කටයුතු නොකිරීම මානව වර්ගයාගේ ප්‍රධාන යුතුකම හා වගකීම වන බව කවුරු කවුරුත් වටහා ගත යුතුයි……

      මිත්‍යා මතයැයි සමිමත කිසිවක් එකහෙලා ප්‍රතික්ෂේප කල නොහැකියි…… ආදි මුතුන්මිත්තන් එ දේවල් ක්‍රියාත්මක ක⁣ලෙත් පැවසූවෙිත් අත්දැකීමි අනුසාරයෙන්…. ඔවුන්ගේ සමහර ක්‍රියාකලාප වෙත තාක්ෂණය අතින් දියුණු යැයි සමිමත යුගයේ සිටින අපට ලං වෙන්නවත් හැකිද?………. සැබෑ පරිසර හිතකාමියෙකු ලෙස විනාශ වෙමින් පවතින පරිසරය අනාගත පරපුර උදෙසා රැක දීම කළ යුතුයි….. එය අප කාගෙත් යුතුකමක් නොවන්නේද…..

තෙරුවන් සරණයි නිසංසලා රණසිංහ

Russell’s viper

Daboia russelii (Shaw & Nodder, 1797) තිත් පොළඟා / සොහොන් පොළඟා / දාර පොළඟා

ශ්‍රී ලංකාවේ හමුවන සර්ප විශේෂ අතුරින් උග්‍ර විෂ සහිත ලැයිස්තුවේ කිරුළ දරමින් ලංකාවේ සිදුවන සර්ප දෂ්ඨන හේතුවෙන් සිදු වන්නාවූ මිනිස් මරණ ලැයිස්තුවේ වැඩිම මරණ ප්‍රතිශතයකට වග කිව යුතු සර්ප විශේෂය ලෙස තිත් පොළඟා හැඳින්විය හැකිය.

මොවුන්ගෙන් සිදුවන මරණ ප්‍රමාණය ඉහළ වීමට බලපාන ප්‍රධානතම හේතු කාරණා කිහිපයක් වේ.

01 . දිවයින පුරා මිනිස් වාසස්ථාන අවට සහ කෘෂිකාර්මික ගොවිබිම් අවට පුළුල් ව්‍යාප්තියක් සහිත සර්ප විශේෂයක් වීම.

* මොවුන්ගේ පුළුල් ව්‍යාප්තියක් මිනිසුන් නිතර ගැවසෙන ප්‍රදේශ වල ඉහළ වීම නිසාවෙන් සහ  මිනිසුන්ගේ අපරික්ෂාකාරී හැසිරීම් නිසාවෙන් තිත් පොළඟුන්ගෙන් සිදුවන දෂ්ඨන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවට සඳහන් කල යුතුමයි.

02. ඉක්මනික් කෝපයට පත්වන සර්ප විශේෂයක් වන අතරම ඉතාමත්ම අවිශ්වාස සහගත හැසිරීම් රටා පෙන්නුම් කරනු කිරීම සහ දෂ්ඨනයක් සිදු කිරීමේ යාන්ත්‍රික කාර්යක්ෂමතාව ඉතාම ඉහල සර්ප විශේෂයක් වීම.

* තිත් පොළඟුන් සහ viperidae කුලයට අයත් සර්ප විශේෂ පොදුවේ ගත් කල අනෙක් සර්ප විශේෂ වලට සාපේක්ෂව ආවේගශීලී සතුන් ලෙස හැඳින්විය හැක එමෙන්ම, මොවුන්ගේ හැසිරීම් රටාද ඉතාම අවිනිශ්චිත බවකින් යුතු අතර පෙර අනතුරු ඇඟවීමක් ලෙස ඉතාම ශබ්ධයෙන් පිඹීම ( ලෝකයේ වැඩිම ශබ්ධයක් ඇති වන අයුරින් පිඹින සර්පයාද තිත් පොළඟා ලෙස හඳුන්වනු ලබයි) ඇතැම් අවස්ථා වල සිදු කලද කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව ඉදිරියට පැන දෂ්ඨ කරන අවස්ථාද සුලබයි.

ඒ වගේම තිත් පොළඟා මළ රංගනය සිදු කිරීම/ මැරුණු සර්පයෙකු ලෙස රඟපෑම කිරීමේ ඉතාම දක්ෂ සතෙකු නිසාවෙන් හඳුනාගැනීමට අපහසු ආකාරයට දෂ්ඨ කුරීමක් සිදු කිරීමේ හැකියාව පවතී. මෙම ඡායාරූපයද එසේ මළ රංගනය සිදු කරන අවස්ථාවකදී ගන්නා ලද එකකි.

තිත් පොළඟුන්ගේ දෂ්ඨනයක යාන්ත්‍රික කාර්යක්ෂමතාව එනම් සාර්ථක දෂ්ඨනයක් දෂ්ඨ කිරීමේදී සිදු විය හැකි හැකියාව ඉතාමත්ම ඉහල හෙයින් බොහෝවිට තිත් පොළොන් දෂ්ඨන වලඳී සංස්ථානික රෝග ලක්ෂණ නිතැතින්ම පෙන්නුම් කරනු ලබන අතර මොවුන්ගේ චලනය කල හැකි solenoglyphous වර්ගයේ විෂ දළ යුගල සාර්ථක දෂ්ඨනයක් සිදු කිරීමට ඔවුන්ට ලැබී ඇති තවත් අමතර උපාංගයක් ලෙස හැඳින්විය හැක.

03. මිනිස් ශරීරයේ ප්‍රධාන පද්ධති කිහිපයකටම එකවර බලපෑම් එල්ල කිරීමට හැකියාව සහිත විෂ මිශ්‍රණයක් අඩංගු වීම.

* තිත් පොළඟුන්ගේ විෂෙහි අඩංගු ප්‍රධානතම විෂ ලෙස රුධිර සංසරණ පද්ධතිය කෙරෙහි බලපාන රුධිර විෂ / Haematotoxins අඩංගු වන අතරම එමඟින් මිනිස් රුධිරයේ අඩංගු වන රුධිර කැටිකාරක / blood clotting factors අධිභාවිතයක් සිදු වනු ලබන අතර ඉන්පසුව ශරීරයේ අභ්‍යන්තර අවයව වලට රුධිරය වහනය වීම , මූත්‍රා , ඇස් ,විදුරුමස් හරහා රුධිරය වහනය වීම සිදු වේ. එමෙන්ම මොවුන්ගේ විෂෙහි ස්නායු පද්ධතිය කෙරෙහි බලපාන ස්නායුක විෂ/ neurotoxin විශේෂයක් අඩංගු වන අතර මෙම ස්නායුක විෂ විශේෂය U1-viperitoxinDr1a ලෙස නම් කර අත. මීට අමතරව මොවුන්ගේ විෂෙහි වකුගඩු වලට බලපෑම් ඇති කරනු ලබන Nephrotoxin , හෘදයට බලපාන cardiotoxin සහ මාංශපේෂි වලට බලපාන myotoxin අඩංගු වේ.

විවිධ පද්ධතීන් කිහිපයකට දරුණු ලෙස බලපෑම් ඇති කිරීමට තිබෙන්නාවූ ප්‍රභල හැකියාව හේතුවෙන් බොහෝවිට නිසි අවස්ථාවේදී නිවැරදි ප්‍රතිකාර බලා නොදුනහොත් රෝගීන් මරණයට පත්වීම සිදු විය හැකි නිසාවෙන් සෑමවිටෙකම කුමන සර්පයෙකුගේ දෂ්ඨනයක් සිදු වූවද හැකි ඉක්මනින් නිවැරදි ප්‍රථමාධාර ක්‍රම අනුගමනය කරමින් රෝගියා රෝහල්ගත කිරීම ඉතාම වැදගත්.

හඳුනාගැමේ ලක්ෂණ.

මොවුන්ගේ පැහැය කහ සහ දුඹුරු පැහැති වන අතර ඉතා ක්‍රමවත් දම්වැලක් මෙන් පුල්ලි රටාවක් සහිත වන අතර දේහය කෙටි සහ සිලින්ඩරාකාර ස්වරූපයක් ගනී.පැහැදිලි ගෙලක් සහ ත්‍රිකෝණාකාර හිසක් සහිතය.ශරීරයේ දිගු අතට විහිදෙන දම්වැලක ආකාර පුල්ලි පේලි තුනක් සහිත වන අතර එම පුල්ලි වල මායිම තද දුඹුරු හෝ කළු පැහැති වර්ණයෙන් මායින් වේ. මොවුන්ගේ හැසිරීම් රටා ප්‍රධානවම දිවාචර වූවත් රාත්‍රී කාලයේදීද සංචරණය කරනු දැකගත හැකි වේ. වරකට පැටවුන් 5 – 30 ක් පමණ දමනු ලබන බව වාර්තා වේ.

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන් ජයවීර

Google Keep

ආයුබෝවන්..! මේ අවුරුද්දේ අවසාන ලිපිය විදියට මේ ලිපිය හදුන්වන්න පුලුවන් ඉතින් බලාපොරොත්තු රැසක් එක්ක අපි දැන් මේ අලුත් අවුරුද්දට අඩිය තියන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ අපි අද අලුත් දෙයක් ඉගෙනගන්න යන්නෙ

ඉතින් අද මම කියලා දෙන්න යන්නෙ ලිපියක් හෝ යම්කිසි දෙයක් Type කිරීමට යාමේදී අපිට ඒ සඳහා ලේසිම ක්‍රමයක් .ඉතින් අපි බලමු කොහොමද කියලා.

ඉතින් මේ ක්‍රමයට අකුරු Type කිරීමේදී ඔබට සහ කියවන්ටන්නා හටද ඉතාමත් පහසු සහ ඕනෑම ආකාරයක Font එකකට වුවද වෙනස් කිරීමේ හැකියාව ලැබෙනවා.ඉතින් අපි බලමු මේ ලේසිම ක්‍රමය මොකක්ද කියලා.

ඔයාලා දන්නවා Google ආයතකය විසින් ඔබට සේවාවන් සමූයක් සහ බොහොමයක් සේවාවන් මුදලක් අය නොකරම ඔබට බුක්ති විදීමේ හැකියාව ලබා දී තිබෙනවා. ඉතින් අපි බලමු මොකක්ද අපි අද භාවිතා කිරීමට බලාපොරොත්තු වෙන සේවාව කියලා. Google Keep ගැන මොනවද ඔයාලා අහලා තියෙන්නෙ ,ඉතින් මේ Google Keep කියන සේවාව තුලින් ඉතා පහසුවෙන්ම ඔබට ඔබගේ ජංගම දුරකතනයේ බොහෝ විට මෙම Software එක එහෙමත් නැත්නම් Google play store හෝ Apple store එකෙන් Download කරගන්න පුලුවන්.

ඉතින් මේකට ගියාට පස්සෙ ඔයාලගෙ ජංගම දුරකතනයෙන් ඔයාලා භාවිතා කරණ හෝ ඔයාලා කැමති Gmail Address එකක් දෙන්න පුලුවන් ඉතින් මීට පස්සෙ ඔයාලට බලාගන්න පුලුවන් ඉතින් මේක ඇතුලේ Section කිහිපයක් තියෙනව ඔයාලගෙ Private Notes, Photos මේකට Add කරන්න පුලුවන් ඒ වගේම තමයි විවිධ Labels ගොඩක් යටතේ ඔයාලට අවශ්‍ය  Notes කැමති තරමක් එකතු කරන්න පුළුවන් වගේම කැමතිනම් තවත් ඔයාග මේ  Notes එකක් තව යාලුවෙක් හෝ කිහිප දෙනෙක් අතර බෙදාගන්න අවශ්‍ය නම් එක  Note එකකට Collaborator කෙනෙක් විදියට එකතු කරගන්න පුළුවන්.ඉතින් අපි හිතමු ඔයාලා Voice Typing හෝ Helakuru වගේ App එකකින් ඔයාලගෙ ජංගම දුරකතනය තුල Google Keep හි Note එකක් විදියට Type කරාම ඒක එම මොහොතෙම Save වෙනවා.ඊට පස්සෙ ඒක අපි අපේ පරිඝනකය තුලට ගන්න විදිය බලමු.ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගෙ පරිඝනකය තුල ඇති Chrome වගේ Browser එකකින් Google Keep කියලා  Type  කරලා  Search කරන එක ඉන් පසුව ඔයාලා ඒ අදාල Gmail එකෙන් Log වෙලා නැත්නම් ඔයාලට  Log in කියලා option එකක් පෙන්වයි එතනින් ඔයාලා කරන්න ඕනේ ඒ අදාල Gmail එකට Log වෙලා Google Keep open කර ගන්න එකයි.පසුව ඔයාලට ඔයාලා Type කරලා Save කරපු Note එක මේකේ දැක ගන්න පුළුවන්.ඉතින් ඒක ඇතුලට ගියාම තියෙන Option වල තියෙන Copy to Google Doc කියන Option එක තෝරාගත්තම ඔයාලගෙ Note  එක ඔයාලගෙ Browser එක තුලම Google Keep Document එකක් විදියට Open වෙනවා ඉන් පස්සෙ ඔයාලට කරන්න තියෙන්නෙ file වල තියෙන Download කියන option එක තුලින් ඔයාලා කැමතිම Format එකකින් ඔයාලගෙ ලිපිය Download කරගන්න  පුළුවන්.

ඉතින් අදට අපි මේ ලිපිය නවත්තනවා.ඊලග මාසයේදීත් තවත් ලිපියක් සමග හමුවෙමු.ඒ වගේම ලබන්නා වූ කව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නා වූ සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරණවා.

BSc Honors. In Computer Science, Social Media Strategists,Dip in HRM,Dip in Finance Management, Dip in Production Management, Dip in Sales Management )

076 2209299

www.dilshanmanujaya.com

ෆෝලික් අම්ලය [FOLIC ACID]

ෆෝලික් අම්ලය මෙය ඇසූ පමනින්ම සිහියට එන්නෙ මේ විටමින් ගන්නෙ ගර්භනී කාලයෙ එහෙම නැත්තං දරුවෙක් බලාපොරොත්තු වෙන තරුණ කාන්තාවන් කියල ,ඇත්තටම මේ ෆෝලික් අම්ලය කියන්නෙ  විටමින් Bවර්ගයක් . එය ශරීරයට ඉතාමත් වැදගත් විටමින් එකක්. ඒවගේම  බාල මහලු, ස්ත්‍රී ,පුරුෂ සියලු දෙනාටම වැදගත් .  ගර්භනී කාලයේදී ෆෝලික් අම්ල ඌණතාවය නිසා, දරුවාට ඉතා අයහපත් බලපෑම් ඇති වීමට විශාල හැකියාවක් ඇති නිසයි විශේෂයෙන් ඒ අයට මේව දෙන්නෙ .

ගර්භනී සමයේ මෙම විටමිනය අවශ්‍ය ප්‍රමාණය ට නොලැබී යාමෙන්, දරුවන්ගේ උපතේදීම මොළයේ හා සුසුම්නාවේ විකෘති හා ආබාධ ඇතිවීමට පුළුවන් .

ඒකයි හුගක්  දෙනා හිතන්නේ ෆෝලික් අම්ලය ලබා ගත යුත්තේ ගර්භනී මව්වරුන් පමණක් කියල . එය  ඉතා වැරදි අදහසක් . එය සෑම දෙනාම ලබා ගත යුතු විටමිනයක් .

මෙම විටමිනය

*   රතු රුධිරානු සෛල හා සුදු රුධිර සෛල සෑදීමට ෆෝලේට් අත්‍යාවශ්‍ය වේ.

 * ඇමයිනෝ අම්ල සංස්ලේෂණයේදී විශේෂ B12 සමඟ එක් වී ෆෝලේට් විශේෂ මෙහෙයක් ඉටු කරයි.

* හිමෝග්ලොබින් වල යකඩ   සංයුතියට ෆෝලික් ඇසිට් අත්‍යාවශ්‍ය වේ.

* මව් කුස තුල සිටින කලළයේ  හා දරුවාගේ ස්නායු පද්ධතියේ මෙන්ම මොළයේ වර්ධනයට ෆෝලික් ඇසිට්  ඉවහල් වේ.

* පිළිකා රෝග වැළදීමේ අවදානම අඩු කරයි.

*හදවත් රෝගීන්ගේ අවධානම අඩු කරයි.

දිනකට ෆෝලික් අම්ලය 5mg ප්‍රමාණයක් අවශ්‍ය වේ. එමෙන්ම කිරි දෙන හා ගර්භනී මවකට මෙම ප්‍රමාණ අතිරේකව ලබා ගත යුතු බව වෛද්‍ය මතයයි.

කාන්තාවක් ගර්භනී මවක් වීමට මාස 3 කට පමණ පෙර මෙම ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතුය. මන්ද යත් ගර්භනී සමයේ මුල් අවධියේ දරු ගැබෙහි ස්නායු නාල හා මොළයේ සෛල වර්ධනයට මෙම ෆෝලික් ඇසිඩ් උපකාරි වන අතරම දරු ගැබද ආරක්ෂා කිරීමට උපකාරි වේ.

නිවිති, ගෝවා, සෝයා බොංචි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, තිරිඟු නිෂ්පාදන , රටකජු , කඩල, මල්ගෝවා, අලිපේර, ගස්ලබු ආදී ආහාර වල මෙන්ම කොළ පැහැති එළවළු හා පලා වර්ග වලින් අපේ ශරීරයට අවශ්‍ය ෆෝලික් ලබාගැනීමට පුළුවන් .

ෆෝලික් ඇසිඩ් වල ඌනතාවයන් නිසා

* DNA සංස්ලේෂණය දුර්වල වන අතර නීරක්තිය ඇතිවේ.

*  බර අඩු වීම, නොමේරූ දරු උපත් ඇතිවීම දැකිය හැකිය.

*දරු ගැබෙහි ස්නායු සෛල හා මොළයේ සෛල වර්ධනය අඩාල වේ.

කෙසේ වෙතත් පිටතින් ෆෝලික් ඇසිඩ් ලබා ගැනීමේදී වකුගඩු රෝගීන් හා ඖෂධ වලට ආසාත්මිකතා ඇති පුද්ගලයන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යෝග්‍ය වේ.

මෙම විටමිනය අතුරු ආබාධ ඉතා දුර්ලභ අතර ඔබ යම් රෝගී තත්වයක් සදහා ප්‍රතිකාර ලබන කෙනෙක් නම් වෛද්‍ය උපදෙස් මත මේවා ලබා ගැනීමට කටයුතු කරන්න.

Chicken and beans Enchiladas (Spanish)

අවශ්‍ය ද්‍රව්‍ය

පොඩියට කොටු කපාගත් ලොකු ළූණු  ගෙඩියක්

 ඔලිව් ඔයිල් 2tbs

කලින් පිසගත් chicken breast දෙකක් සිහින්ව කපාගෙන

 තලාගත් සුදු ලූනු බික් දෙකක්

තක්කාලි පේස්ට් කෝප්ප භාගයක්

මිරිස් කුඩු 1tsp

සුදුරු කුඩු1tsp

kidney beans කෝප්ප භාගයක්

සිහින් පොඩියට කපාගත් මිරිස් කරලක්

 සිහින්ව කපාගත් කොත්තමල්ලි කොල ස්වල්පයක්

 චීස් ග්‍රෑම් 100

ලුණු ස්වල්පයක්

Chicken stock 2 cups

පාන් පිටි 1tbs

Soured cream 6 tbsp

6 Tortilla

සදා ගන්න ආකාරය

මුලින්ම ඔබගේ අවන් එක අංශක 180 ට රත් කරගන්න. ඉන්පසු ඝණකම භාජනයක් ගෙන එයට ඔලිව් ඔයිල් ටික දමා ළුුණු සහ තලාගත් සුදුලූනු එකතු කර විනාඩි තුන හතරක් කළවම් කරගන්න. ඉන්පසුව එයට පිටි එක්කර තවත් විනාඩියක් කලවම් කරගන්න .ඉන්පසු එයට තක්කාලි paste කෝප්ප භාගය තමා මදක් කලවම් කර මිරිස්කුඩු cumin powder සූදුරු කුඩු ලුණු සහ චිකන් ස්ටොක් එක දමා විනාඩි 10ක් පමණ තරමක් හිඳින තුරු කලවම් කර පසෙක තබා ගන්න. ගැඹුර දීසියක් ගෙන එයට පිසගත් කුකුළු මස් (දිග අතට සිහින්ව කපාගත්) දමා kidney beans, කපාගත් මිරිස් කරලක්, කොත්තමල්ලි කොල ටිකක් දමා සහ චීස් වලින් භාගයක් දමා කලවම් කර ඉන්පසු ඔබ සාදා ගත් සෝස් එකෙන් කෝප්ප භාගයක් දමා හොඳින් මිශ්‍ර කරගන්න.

ඉන්පසු tortilla ටික ගෙන ඔබගේ මිශ්‍රණය සම ආකාරයට  බෙදා රෝල් කරගන්න. ඉන්පසු oven tray එකක් ගෙන ඉතිරි සෝස් වලින් බාගයක් යටින් අතුරා නවාගත් thotilla ඊට උඩින් තබා ඉතුරු , source ටික උඩින් දමා ඉතිරි වූ චීස් උඩින් ඉසින්න. ඉන්පසු එය අවන් එක තුලට දමා විනාඩි විස්සක් විසිපහක් බේක් කරගන්න. ඉන්පසු එළියට ගෙන පිහියක් ආධාරයෙන් එය කපා පිඟානක් මත තබා එයට ඩ් cream හැන්දක් දමා ගත්කල කදිමය.මෙය දවාලට හෝ රාත්‍රියට සලාද ටිකක් සමග කදිම ආහාරයකි

MANOJ FERNANDO

HEAD CHEF

ST’ IVES LODGE LONDON

වචන සිතුවම් කරන සිතුවම් වචන කරන චරිත් විජේමාන්න

*ඇත්තටම චරිත් විජේමාන්න කියන්නේ කවුද ? ඔයාගේ වචනෙන්ම කෙටියෙන් කිව්වොත්..*

මම හිතන්නේ නෑ ඔය ප්‍රශ්නයට මට එක එල්ලේම උත්තරයක් දෙන්න පුළුවන් කියලා..මොකද කෙනෙක්ට තමන් කවුද කියලා හරියටම කියන්න බැහැ කියලයි මම විශ්වාස කරන්නේ..ඔබගේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නම ඕන නිසා මම මෙහෙම කියන්නම්.. ගෙවන හැම තත්පරයකම මනස නිරවුල්ව තියාගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති, අසාධාරණය ඉදිරියේ ටිකක් වැඩිපුර කේන්ති යන කෙනෙක් කිව්වොත් මම හිතන්නේ එය ප්‍රමාණවත්.

*චරිත් ඔයාගේ විස්තර ඔයාගේ පවුලේ විස්තර ටිකක් අපි දැනගන්න කැමතියි..*

මට අතිශය සුන්දර ළමා කාලයක් ගත කරන්න වාසනාව තිබුණා. පවුලේ වැඩිමලා වුණේ මම..මටත් වඩා හොඳ ගතිගුණ තියෙන සහෝදරයෙක් මට ඉන්නවා..අම්මා තමයි පොඩි කාලේ ඉඳලා මගේ හැමදේකටම හිටියේ. උත්තරීතර අම්මාගේ ආදරය විග්‍රහ කරන්න භාෂාවක වචන ප්‍රමාණවත් නෑ කියලයි මම හිතන්නේ..මට මතකයි මම පුංචි කාලේ මගේ තාත්තා හරිම සැරයි..ඒ නිසා ඕනම දෙයක් මම කතා කළේ අම්මා එක්ක..හැබැයි ටිකක් කල් යනකොට මට තේරුණා තාත්තා නොහිටින්න මම කියලා කෙනෙක් නෑ කියලා..හදවතේ ආදරය හංඟගෙන තාත්තා එහෙම අපිට සැර කරලා අපිව හරි මාවතට ගත්තේ නැත්නම් අද තත්වය මීට වඩා වෙනස්.. ඒක තමයි ඇත්ත..හැමදාටම තාත්තා තමයි මගේ ජීවිතයේ වීරයා..

මගේ පාසල කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය. එහි උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් විධියට කටයුතු කළ කාලය මම හිතන්නේ මගේ පාසල් කාලයේ හොඳම කාලය. ඉන්පසු කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති පශ්චාත් උපාධිය ලබාගන්න මට හැකිවෙනවා. පෞද්ගලික බැංකුවක සේවය කරන මම වෘත්තීයෙන් බැංකුකරුවෙක්. විවාහකයි..අවුරුදු දහයක් ආදරය කළාට පස්සේ විවාහ වුණේ. දැන් විවාහ වෙලත් අවුරුදු දහයකට බොහෝම ආසන්නයි. උතුම් කාන්තාවක් මගේ බිරිඳ වෙලා ඉන්නවා.. දැන් මම තිදරු පියෙක්..මට ඉන්නවා දියණියක් සහ පුතුන් දෙදෙනෙක්.. ඉතින් පවුලක් විධියට අපි බොහොම සැහැල්ලුවෙන් සෙනෙහසින් සතුටෙන් ජීවත්වෙනවා..

*කොහොමද මේ ලියන දේවල් වලට යොමුවුණේ ? ඒ වගේම ඔබ බොහොම ලස්සනට සිතුවම් කරනවා කියලත් අපි දන්නවා. කියන්න අපිට ඒ ගැනත්..*

ඇත්තටම ගී පද රචනය, කවි, නිසඳැස්, කෙටි කතා ලියන එක දැන් මම කාලයක් තිස්සේ කරගෙන එනවා. සිතුවම් කරන එක මුලින්ම විනෝදාංශයක් විධියට කරගෙන ගියේ.. මේ හැමදේම කරනකොට පාසලේ, බැංකුවේ ගොඩක් අය මාව අගය කළා. ඒ අගය කිරීම් මට ලොකු ශක්තියක් වුණා මේ හැමදේම වැඩි දියුණු කරගන්න. දැන් දැන් ඒක මගේ ජීවිතයේ නැතුවම බැරි කොටසක් වෙලා. සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න මට මේ දේවල් අස්වැසිල්ලක් වෙලා කිව්වොත් වඩාත්ම නිවැරදියි.

*මේ ඔක්කොම ” චරියාගේ පන්හිඳ ” නිසා නේද ? කොහොමද චරියාගේ පන්හිඳ කරළියට එන්නේ ? මොකද්ද මෙහි අරමුණ ?*

දැන් සන්නිවේදනය දියුණුයි. එහෙම බලනකොට ඇත්තටම අතීතයේ හිටපු ගී පද රචකයන්ට සහ අනෙකුත් නිර්මණකරුවන්ට හිමිවුණ අවස්ථා හරිම අල්පයි. ඒ යුගයේ හිටපු ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා වගේ සුවිශිෂ්ට නිර්මාණකරුවන් කොපමණ වෙහෙසක් මහන්සියක් වෙන්න ඇතිද ඒ තත්ත්වයට එන්න. අද එක රැයකින් කෙනෙකුට ලෝකයේම ජනප්‍රිය වෙන්න අවස්ථාව තියෙනවා. ජනප්‍රිය වෙන්න හරිම පහසුයි. ඕනම දෙයක් කරලා ජනප්‍රිය වෙන්න පුළුවන්. නමුත් රටක පුරවැසියෝ විධියට අපිට වගකීමක් තියෙනවා හරවත්, අර්ථවත් යමක් සමාජගත කරන්න. Facebook නිසා තමයි චරියාගේ පන්හිඳ කරළියට එන්නේ..චරියාගේ පන්හිඳ ජනප්‍රිය නෑ. කොහෙත්ම ජනප්‍රිය නෑ. නමුත් එය හැකිතාක් ගුණාත්මක බවින් කරගෙන යන්න මම උත්සහ කරනවා. ඒක තමයි චරියාගේ පන්හිඳේ අරමුණ.

*චරිත්.. අපිට කියන්නකෝ මේ වෙනකොට චරියාගේ පන්හිඳෙන් ලියැවුණ විශේෂිත නිර්මාණ කිහිපයක් කෙටියෙන්..*

ගීත ගැන කතා කළොත් මම මේ වෙනකොට ගීත හයක් වගේ ලියලා තියෙනවා. ඉන් කිහිපයක් අවසන් වෙලා තියෙනවා. ” එන්න දෝණියේ..” ගීතයත් ” ගිරසල ” කියන ගීතයත් මේ වනවිට youtube එකේ තියෙනවා. අනෙකුත් ගීත නුදුරු අනාගතයේදීම අවසන් වේවි කියලා විශ්වාස කරනවා. Facebook හරහා සමාජගත කළ ” ගෙදර ආදරේ “, ” අවසන් ඇමතුම ” වගේ නිර්මාණ අතිශය ජනප්‍රිය වුණා. ඒ වගේම පාරේ තොටේ යන එන මග යම් සමාජගත කළ යුතු යැයි සිතෙන යහපත් යමක් දුටු සැණින් එය Facebook සටහනක් මගින් සමාජගත කිරීම පුරුද්දක් වෙලා මට. ඒ වගේ මම ලියපු ” හොඳ හිත “, ” රෝද තුන උඩ මනුස්සකම ” , ” අරවින්ද නම් පතාක යෝධයා ” වැනි සටහන් මිනිස්සු ප්‍රසංශාභිමුඛව ඉතා ආදරයෙන් වැලඳගත්තා.

*කාර්යබහුල රැකියාවක් කරන අතරතුර මේ වගේ නිර්මාණකටයුතු වලට කොහොමද ඔබ කාලය වෙන්කර ගන්නේ ?*

හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේ ජීවිතයේ අපි කරන හැමදේම අපිට තනියෙන් කරන්න බෑනේ. අපිට අනෙකාගේ උදව් අත්‍යාවශ්‍යයි. මගේ බිරිඳ සහ මා අතර ඇති අන්‍යොන්‍යය අවබෝධය නිසා මේ දේවල් සමබරව කරගෙන යන්න මට හැකිවෙලා තියෙනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි තමන් කරන නිර්මාණ තමන් රසවිඳිමින් කරනකොට කෙසේ හෝ කාලය හැදෙනවා ඒ දේවල් කරගන්න.

*මොනවද නිර්මාණ කටයුතු පැත්තෙන් ඔබට තියෙන අනාගත බලාපොරොත්තු ?*

එහෙම බලාපොරොත්තු කිහිපයක් තියෙනවා. එකක් තමයි මම කැමැත්තෙන් ඉන්නවා ලංකාවේ දැනට ඉන්න විශිෂ්ටගණයේ ගායකයෙකුට හෝ ගායිකාවකට ගීතයක් ලියලා දෙන්න. ඒ වගේම මගේ කුළුඳුල් පොත එළි දක්වන්න. කවදාහරි සිතුවම් ප්‍රදර්ශනයක් කරන්න. මේවා තමයි මගේ සිහින.

*හැකියාව තියෙන නව නිර්මාණකරුවන්ට මොකද්ද ඔබ ලබා දෙන උපදෙස ?*

උපදෙස් දෙන්න තරම් නම් මම සුදුසුයි කියලා හිතන්නේ නෑ. මොකද මේ ක්ෂේත්‍රය දිග්විජය කරපු දැවැන්තයෝ ඉන්නවා. එහෙම බැලුවොත් මම කියන්නේ බොහොම පොඩි කෙනෙක්. උපදෙසක් විධියට නෙවෙයි අදහසක් විධියට කිව්වොත් මෙහෙමයි. අපේ රටේ පොඩි කාලේ ඉඳන් දරුවන්ගේ හැකියාවන් හඳුනාගන්න නිසි ක්‍රමවේදයක් නැහැ. යම් රාමුවක් හදලා ඒ රාමුව ඇතුළට දරුවන් තල්ලු කරනවා මිසක් දරුවන්ගේ හැකියාවන් වලට අවස්ථාවක් නැහැ. තමන් සතු හැකියාවන් තමන්ට අවබෝධ වෙන්නෙ විවිධ කාලපරිච්ඡේදවලදි. උදාහරණයක් විධියට කිව්වොත් කෙනෙක්ට කුඩා කාලයේදී තමාට යම් දෙයකට හැකියාවක් තියෙනවා කියලා වැටහෙනකොට තව කෙනෙක්ට අවුරුදු පනහෙදි විතර ඒක වැටහෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. වයස නෙවෙයි වැදගත් තමන්ගේ ඇඟේ තියෙන හැකියාව කුමන හෝ මොහොතක දැනගැනීමයි වැදගත්. ඉන්පසු එය දියුණුකරන්න, එය විඳින්න. ඔබේ ඒ ආරට කැමති අය ඔබට එකතු වේවි.

*“ අපි Magazine “ එකට සම්බන්ධ වීම ගැන මොකක්ද දැනෙන අදහස ?* බලන්න මේ Magazine එකේ නම ” අපි “. එතනම ලෙංඟතුකම පටන් අරගෙන.. මම වගේ සරල සාමාන්‍ය පුංචි මනුස්සයෙක්ට මේ වගේ සුවිශේෂි Magazine එකක ලියන්න ලැබීමම මට ලොකු ගෞරවයක්, ආඩම්බරයක්. ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වුණ අනීෂා ජයකොඩි සහෝදරියගේ ආරාධනාවෙන් සහ ගයාන් කරුණාරත්න සහෝදරයාගේ අනතිමානී අවසරයෙන් මට මේ අගනා අවස්ථාව හිමි වූ බව කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වගේම ලෙංඟතු පිරිසක් “අපි” වටා එක්ව සිටින බවත් ඔවුන්ගේ කැපවීම මත ” අපි Magazine ” එක හරවත් ගුණාත්මක දේ සමාජගත කරමින් අතිශය ජනප්‍රිය බවට පත්වෙමින් තිබෙන බවත් කියන්නම ඕන. ඉදිරියටත් මම ” අපි ” සමඟ නිරන්තරව රැඳෙන අතර එහි සියලු කටයුතු සාර්ථක වේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.

සමනලුන්ගේ වත ගොත

Pieridae කුලය

Papilio, Schmetterling, la farfalle, 나비, kelebek, 蝶, papillon. මේ හැම භාෂාවකින් ම  තේරුම් කරන්නේ ‘සමනලයා’ කියන වචනෙයි. මේ ලෝකේ භාෂාවන් ගොඩක් තියෙනවා. අන්න එ වගේ මේ ලෝකේ සමනල් විශේෂත්  ගොඩක් ඉන්නවා. ඉතින් අපි කලින් කලාප දෙකේදිම ඒ ගැන කතා කරා. අද මේ කලාපෙන් අපි කතා කරන්න යන්නේ ලංකාවේ දකින්න හම්බෙන තවත් සමනල් කුලයක් වෙන Pieridae කුලය ගැනයි. ඒ කුලයත් මේ කුලයෙත් අනිත් තුල වගේම විශේෂ වු ලක්ෂණ සමුහවකින් සමන්විත වෙලා තියෙනවා.

මෙම කුලයේ සිටින සමනලුන් දිවයින පුරා විසිරි සිටි. විශේෂයෙන් කහ, සුදු, හා කහ පැහැයට හුරු වර්ණ වලින් වර්ණ ගැන් වි ඇති මොවුන් මධ්‍යම ප්‍රමාණයේ ශරිර දරණ ජිවීන් වේ. මොවුන් ගේ පියාපත‍් වර්ණ ගන්වන pterins ලෙසින් හදුන්වන වර්ණකය හේතුවෙන්  Pieridae කුලයේ සමනලුන් හට UV කිරණ විවිධ මට්ටම් වලට අවශෝෂණය කිරිමට හෝ පරාවර්ථනය සිදු කිරිමට උපකාරි වන අතර එය මෙම කුලයේ සමනලුන් ගේ දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වේ. Pieridae කුලයේ හමුවන සමනලුන් කලින් සදහන් කල ආකාරයටම මධ්‍ය පුමාණයේ ශරීර දරන පිරිසක් වන අතර මොවුන් ගේ ශරීර කොටස් ද මනා ලෙස සැකසි ඇත. තවද මොවුන් ඉතා ශක්තිමක් පියාසරුවන් වේ. ඒ මෙන්ම මොවුන් සිය දහස් ගනනින් පර්යටනය සිදු කරයි. මොවුන්ගෙන්  බොහෝමයක් විශේෂ මල් පැණි මත යැපෙන්නන් වන අතර සමහරක් වි‌ශේෂ සත්ව මල හා දිරා ගිය මල සිරුරු මගින් වැහෙන යුෂයන් ගෙන් පෝෂණය වේ.

‍Pieridae කුලයේ වැඩි දෙනෙක් විවෘත පරිසරයේ අපට දැක ගැනිමට පුලුවන් වේ. මොවුන්ගේ පියාපත්වල වර්ණ මගින් මොවුන් හට මෙලෙස විවෘත පරිසරයේ සැරි සැරීමට අවස්ථාව උදාකර දී ඇත. මෙම සමනලුන් පියාසැරිමේ දි එකට පියාසර කරන අතර බොහෝමයක් සමනල විශේෂ එක සමාන රූපකායන් ඇති ලෙස පෙනේ. ඉතිරි වන සුලු පිරිස වන වාසිව ජීවිත ගත කරයි. මෙලෙස ගත් විට මොවුන් දිවයින පුරා විසිරි සිටින අයුරු මනා ලෙස දැක ගැනීමට හැක. තවත් එක ලකෂණයක් ලෙස මොවුන් තුල Seasonal forms හෙවත් සෘතුමය වෙනස් වන වර්ණ රටා දැකගත හැකි වේ.

බිජුපන සමයේදි, ගැහැණු සතුන් විසින් තම පෝෂණ ශාකයේ බිත්තර දමන අතර එම බිත්තර සුදු පැහැයක් ගනි. නමුත් බිජු ලෑමෙන් පසුව එම බිතතර තැඹිලි හා රතු පැහැයන් ට හැරිමට පටන් ගනි. පෝෂක ශාක අතුරින් වීර, මලිත්තන්, රිලා කටු, වෙල්ලන් ගිරිය, තෝර, ඇහැළ හා ලුණුවරණ වැනි ශාක මත බොහෝමයක් විශේෂ බිත්තර දැමීම සිදු කරයි. මොවුන් ගේ දැළඹු අවදියෙ දි වැඩිමනක් විශේෂ කොල පැහැ වර්ණයන් ගෙන් සමන් විත වන අතර එමගින් පරිසරයේ දි තම විලෝපිකයන් ගෙන් ආරක්ෂා වීම සදහා වේෂාන්තරනය සිදු කිරිමට උපකාරි වේ. පිලවා අවදියේ දි මොවුන් ගේ කෝෂය කෝණාකාරව උල් වු නෙරීම් සමග දැක ගත හැකි වේ. මේවාද ස්වාභාවික පරිසරයේ දි මොවුන් හට පරිසරයේ දි තම විලෝපිකයන් ගෙන් ආරක්ෂා වීමට මහත් ලෙස උපකාරි වේ. මේ වෙන කොට ශ්‍රී ලංකාව තුල Pieridae කුලයේ සගයින් විශෞෂ 28 ක් අපිය දැක ගන්න පුලුවන්. ඒ අතරින් විශේෂ 2 ක් මේ දිවයිනට ආවේනික වෙනවා. ඉතින් මේ වගේ විශේෂ ලක්ෂණ ගොඩක් Pieridae කුලයේ සමනලුන් ගෙන් අපිට දැකගන්න පුලුවන්. මේ වගේ ම ලංකාවේ ඉන්න තවත් සමනල්ලු අයිතා වෙන කව තුලයක් ගැන තොරතුරුත් එක්ක ලබන කලාපෙදි මුණ ගැහෙමු.

සිංහ පැංචාගේ සෙල්ලම් බඩු

ඔන්න දරුවනේ අද කතාව අපේ සිංහ පැංචා ගැනයි.

දවසක් උදෙන්ම අවදි වුණ සිංහ පැංචා, සෙල්ලම් බඩු ඔක්කොම ටික එළියට ගත්තා. විශාල සෙල්ලම් බඩු ප්‍රමාණයක් අපේ මේ සිංහ පැංචාට තියෙනවා.

නමුත් සිංහ පැංචා සෙල්ලම් බඩු කිහිපයක් විතරක් අරගෙන සෙල්ලම් කරනවා. අනෙක් සෙල්ලම් බඩු ඔක්කොම හැම තැනම.

සිංහ පැංචා ගෙ අම්මා ඇවිත් බැලුවා සිංහ පැංචා මොකද කරන්නේ කියලා. පැංචා සෙල්ලම් කරනවා පැත්තකට වෙලා. නමුත් සෙල්ලම් බඩු ගොඩක් හැමතැනම අපිළිවෙළට තියනවා.

පැංචො අපි මේ අනෙක් සෙල්ලම් බඩු වලට මොනාද කරන්නේ දැන්?  පැංචා ඒවායින් සෙල්ලම් කරන්නේ නෑ නේ දැන් නේද කියලා ඇහුවා.

අනේ අම්මා ඒවා මගේ සෙල්ලම් බඩු. මම ඔක්කොම සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරනවා. පැංචා එහෙම කිව්වට පැංචා දන්නවා එයා මේ විශාල සෙල්ලම් බඩු තොගය එක්කම සෙල්ලම් කරන්නේ නෑ කියලා.

පැංචා ඔයා කැමැතිම සෙල්ලම් බඩු ටික තියා ගන්න. ඔයා සෙල්ලම් කරන්නේ නැති ඒවා අපි සෙල්ලම් බඩු නැති බබෙක් ට දෙමු. පැංචා කැමැති ද එහෙම? අම්මා ඇහුවා.

පැංචා ටිකක් කල්පනා කළා. ඒත් මේ මගේ සෙල්ලම් බඩු නේ.. පැංචා හිතුවා.

තමන්ට වැඩි දෙයක් වගේම තවදුරටත් පාවිච්ච් නොකරන දෙයක්, තව කෙනෙකුට දෙන එක ගොඩක් වටිනවා. දෙයක් දෙන විට හිතට ගොඩක් සතුටු දැනෙනවා.

ඉතින් අපි උත්සාහ කරලා බලමුද? අම්මා යෝජනා කලා.

අම්මයි පැංචා යි එකතු වෙලා ලොකු මල්ලක් පිරෙන්න සෙල්ලම් බදු එකතු කලා. සෙල්ලම් කරන්න හොඳ ඉඩකුත්   තියනවා දැන්. පැංචා ට සතුටුයි.  සෙල්ලම් බඩු නැති බාබා ලා කිහිප දෙනෙක් ට පැංචා ගෙ සෙල්ලම් බඩු බෙදා දුන්නා. පැංචා ට හරිම සතුටුයි. මට හරිම සතුටුයි අම්මා ස්තූතියි එහෙම කලාට කියලා පැංචා අම්මා ව ආදරෙන් වැලඳ ගත්තා.

පුංචි දුවලා පුතාලාත් මේ වගේ හොඳ දේවල් කරන්න පුරුදු වෙන්න. එයින් හිතට දැනෙන සතුට හොඳින් විඳගන්න. අලුත් කතාවක් එක්ක ආයෙත් හමු වෙමු. සතුටින් ඉන්න.

තිලෝ ප්‍රනාන්දු.