ජීවිතාවර්ජනය

අපේ ජීවිතවලට අභියෝග විවිධාකාරයි. අභියෝග, ප්‍රශ්න, හිත් රිදීම් වගේම සතුටු මොහත වල් ජීවිතය ජීවත් කරවනවා. ජීවිත වර්ජනය තුළින් සමාජයෙන් මගහැර මාතෘකාවක් පිළිබඳව මම ඔබ හමුවට ගෙන එන ලබනවා. කාලකන්නි ජීවිත ගත කරමින් සිට ජීවිතයේ සැබෑ අරුත වටහා ගත් මිනිස් ජීවිතවල පසුවිපරම් ඒ.

අද කතාව ඔබ මෙතෙක් කියපු සත්‍ය කතාවන්ට වඩා වෙනස්. පවුල් සංස්ථාව බිඳ වට්ටමින් සමාජයේ වියරුවක් ව ඇති මත් ද්‍රව්‍ය,  මත්පැන් මිනිස් ජීවිතවලට කරන විනාසය ඔබ මම හිතනවට වඩා අතිශය භයානක බව අද ඔබට වැටහේවි.

අද කතා නායකයා මා මේ අකුරු කරන මොහොත වන විට පනස් පස් වසරක් ජීවත් වී තම  දිවිගමනට සමු දී අවසන්. අතිශය කඩවසම් පුරුෂ දේහයකින් හෙබි ඔහු ජාලිය ලෙස මම හඳුන්වමි.

ජාලිය පිළිගත් සමාජ හා ආර්ථික පසුබිමකින් යුත් පවුලක එකම පිරිමි දරුවායි. ඔහුට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් සහ බාල සහෝදරියන් දෙදෙනෙක් සිටී. 

ජාලිය  මොනාටද addict  වෙලා හිටියේ?

මත්පැන් වලට 

කොච්චර කල් ඉදලා ද? කොහොමද ඒක වුණේ?

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ  මම කායවර්ධන ශූරිය ලෙස එක්තරා තරඟයකින් තේරී පත්වුනා. ඊට පස්සේ මම කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියා. ගොඩක් ළමයි මගේ ජිම් එකට ආවා.  මං සුවපහසු ජීවිතයක් ගත කළා.  ඒත් මගේ ආසාව තිබ්බේ වෙන දෙයක්. මම ලංකාවේ ආරක්ෂක අංශයට බැදුනා. මම යුද්ධයටත් ගිය කෙනෙක්. එහි සිදුවන යම් යම් ක්‍රියාකාරකම් මට ආතතිය ඇති කළා. ඒත් සමගම මම ටිකින් ටික මත්පැන් ම බොන්න පටන් ගත්තා. මට depression ඇති වුණ නිසා මගේ දෙමව්පියෝ එතනින් මාව අයින් කර ගත්තා. ඊට පස්සේ මම රැකියාව සඳහා ගියේ රටේ පිළිගත් ප්‍රධාන පෙළේ ආයතනයකට. මම හොඳ නිලයක් දරපු නිසා සැලකිය යුතු වැටුපක් ලැබුණා. ඒ ස්ථානය නිසා මට නිතර නිතර මත්පැන් ඇස ගැටුනා. නොදැනීම මම මත්පැන් වලට ඇබ්බැහි වුණා. මේ වෙනකොට මම විවාහ වෙලා සිටියෙ.

ජාලිය පුනරුත්ථාපනය වුන කෙනෙක් ඒ අත්දැකීම් අපිට කියන්න.

බීමත්කම නිසා ගෙදර හරියට ගැටුම් ඇති වුණා. මේ වෙනකොට මට පුතෙක් හිටියා. 

ගෙදර ප්‍රශ්න නිසා මගේ දෙමව්පියන් හිතවතකුගේ මාර්ගයෙන් නිර්නාමික මත්ලෝලීන් ගේ සංසදයට මාව යොමුකලා.  එතන හිටපු සහෝදරයෙක් මාව මඩකලපුවේ තියෙන පුනරුත්ථාපන කඳවුරට ගෙන ගියා. මම එතැනට කැමැත්තෙන් ගියත් ඒ යනකොටත් මම බෝතලයක් විතර බීල ඉඳල තියෙන්නෙ. එතන මාස තුනක් ඉඳලා ආවත් , මට බීම නවත්වන්න බැරි වුණා. ඇතුලෙ ඉදිද්දි නොබී හිටියට එලියට ආවම මට ආයෙත් බොන්න ඕන වුණා. මේක මහා  කරුම ඇබ්බැහිවීමක්. පුනරුත්ථාපනය වෙන්න මගේ රැකියා ස්ථානයෙන් මට නිවාඩු ලබා දුන්නා. ඒ ඇවිත් නැවත මම රැකියාවට ගියා. 

ජාලිය ගේ බිරිඳ දරුවා මොන වගේ තත්ත්වයකට මුහුණ දුන්නේ ?

මගේ බීමත්කම නිසා අපිට තිබුණු දෙමහල් නිවසත් විකුණන්න සිද්ධ වුණා. මගේ පුතාට මාව පෙන්නන්න බැරි වුණා. ඒත් මගේ බිරිඳ මාව කවදාවත් දාලා ගියේ නැහැ. මම එයාට අදටත් ණයගැතියි. පුදුම ඉවසීමක් එයාට තියෙන්න ඇත්තේ. දවසක් මං හොඳටම බීලා ඇවිත් බිරිඳගෙ කකුල් දෙකට කඩුවෙන් කෙටුවා. වාසනාවට මම එදා කොටලා තියෙන්නේ මුවහත් පැත්තෙන් නෙවෙයි. ඒත් අවුරුදු ගානක් එයාට බෙහෙත් කරන්න වුණා. 

පුනරුත්ථාපනය වුනත් ඔබ ඇබ්බැහි වීමෙන්  සම්පූර්ණයෙන් සුව වුණු කෙනෙක් නොවෙයි. මොකක්ද ඒකට හේතුව?

රැකියා කරන ස්ථානයෙන් තුන් වතාවක් මට අවවාද කරලා අවසානයේ මාව රැකියාවෙන් ඉවත් කළා. නැවතත් මගේ  සහෝදරියෝ එකතු වෙලා මාව එඩේරමුල්ල පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කළා. ඒ වෙනකොට මම පවුලට, නෑදෑයන්ට ලොකු කරදරයක් වෙලා තිබුනේ. මධ්‍යස්ථානය ඇතුලේ ඉන්නකම් මට නොබී ඉන්න පුළුවන්. ඔවුන් අපිට කෙටි නිවාඩු ලබා දෙනවා. අපේ ස්වයං විනය පරික්ෂා කරන්න. ඒත් ඒ එක දවසක වත් මට නොබී ඉන්න  බැරි වුණා. මම සෙන්ටර් එකේ ඉදලා ගෙදර යන්න බීලා. මට මගේ හිත පාලනය කරගන්න බෑ. ආසාව එලියට එනවා. ඊට පස්සේ මම එතන පාලනාධිකාරියට කියලා  දිගටම එතන ඉන්න තීරණය කළා. එහෙම ඉන්නකොට මගේ දරුවත් බිරිඳක් සතුටින් කාලය ගත කලා. මාව ඉන් පස්සේ එතන කාර්ය මණ්ඩලයට  බඳවා ගත්තා. මම හොඳින් වැඩ කළා. එළියට ගියාමයි මට පරීක්ෂාව ඇතිවෙන්නෙ. ඒ නිසා මම ගෙදර යන එක නතර කළා. ඒත් මම සෙන්ටර් එකේ ඉන්නකොට අසනීප වුණා. පසුව දැන ගත්තා මං මම ලියුකේමියා රෝගයෙන් පෙළෙන බව. 

එතැනදී නැවතත් මගේ ජීවිතේ කඩාගෙන වැටුනා. නිතරම මම සෙන්ටර් එකෙන් එළියට ආව බෙහෙත් ගන්න. දවසක් එහෙම එළියට ආපු මම ආයෙත් සෙන්ටර් එකට ගියේ නැහැ. මට දැන් ජීවත් වෙන්න බලාපොරොත්තුවක්   නැහැ. තව ටික දවසකින් මම මැරෙනවා. ඒ නිසා මොකටද නොබී ඉන්න කියලා මම ආයෙත් බොන්න පටන් ගත්තා. මේ කරුණු ඇබ්බැහිවීමෙන් මට මිදෙන්න බැරි වුණා. මගේ පවුලත් එක්ක සතුටින් ජීවත් වෙන්න මට බැරි වුණා. මගේ හිතේ තියෙන්නෙ ලොකු පසුතැවිල්ලක් විතරයි. දැන් මගේ පවුලෙ අයට මං බිවුවත් එකයි නැතත් එකයි ගානයි. එයාලා මං වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කලා. මටයි හැදෙන්න බැරි වුනේ. පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකේදීම අපිට හැදෙන්න පුළුවන් හොඳම විදිහට අපව හැඩ ගස්සනවා. හැදෙන්න අපිටත් කැපවීමක් උත්සාහයක් තියෙන්න ඕන. ඒ වගේ ලැබෙන අවස්ථාවක් මම වගේ ඇබ්බැහි ඉන්නා අය කිසිම දවසක මග ඇර ගන්න එපා. ඒ තමයි අපිට අපේ ජීවිත හදාගන්න ලැබෙන හොඳම අවස්ථාවක්.  මට ඒ අවස්ථාවේ නිසි ප්‍රයෝජන ගන්න බැරි වුනා. 

මගේ පුතා දැන් කඩවසම් තරුණයෙක්. හොඳ රැකියාවක නිරත වෙනවා. එයා  මාත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ දරුවා සාධාරණයි මම ඒ අයට දුන්නු වද වලට.. එයා සතුටින් ජීවත් වෙනවා. ටික දවසකින් මැරෙන්න ඉන්න මට ඒ හොඳටම ඇති.

මම තරුණ දරුවන්ට කියන්නේ අද වෙනකොට හැම තැනම මේ මත්පැන් මත්ද්‍රව්‍ය. මිනිස්සු පුදුම විදිහට අසරණ වෙලා. මේ මත්ද්‍රව්‍ය මත්පැන් වලට ජීවිත බිලි දෙන්න එපා. ඇබ්බැහි උනත් අනේ එකෙන් ගැලවෙන්න උත්සාහ කරන්න. මං වගේ කාලකන්නියෙක් නම් වෙන්න එපා.  පුනරුත්ථාපනය වුන හැම කෙනෙකුටම එයින් සම්පූර්ණයෙන්ම සුවය ලබන්න නම් ස්වඋත්සාහයෙන්, ආත්ම දමනය කින්, පරීක්ෂාවට ලක් නොවී ඉන්න හිතට ගන්න. එතකොට ජීවිතය විඳවන්නෙ නැතුව විඳින්න පුළුවන් වෙයි. 

                          ස්තුතියි

                     පියුමි සිල්වා

Trying is Better than Crying!

බැරි දේට අඬනවට වඩා උත්සාහක් වීම ප්‍රභලයි!

 ඒ සාර්ථකත්වය සහ හැඟීම් අතර ඇත්තේ ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවත්. සාර්ථකත්වය අත් කර ගන්නා අය කිසි විටෙකත් ඔවුන්ට බාධක ආවිට කඳුළු සලමින් කාලය නාස්ති කළේ නෑ.ඔවුන් දැන සිටියා හඬන මිනිසුන් කිසිවිටෙකත් සාර්ථක නොවන වග. සාර්ථකත්වය හා ජයග්‍රහණය යනු දෙකකි. නමුත් සියලු දෙනා උත්සාහ කරන්නේ සාර්ථකත්වය අත් කර ගැනීම නොවේ. ඔවුන් සැමවිටම උත්සාහ කරන්නේ ජයග්‍රහණය කුසලානය අත්කර ගැනීමටත් සාර්ථකත්වයක් අත් කර ගැනීමටයි.නමුත් සාර්ථකත්වය යනු තරගයක් හඹාගොස් කුසලානයක් අත්කර ගැනීම  පමණක්ම නොවේ, අභියෝග ජයගෙන ඒවාට මුහුණ දී කටුකත්වයත් සුන්දර මල්  යහනාවක් කර ජීවිතයම ජය ගැනීමයි. සාර්ථකත්වය  ඉතා අපැහැදිලිය. එය ජයගන්නේ මිලියන ගණනින් කීපදෙනකු පමණි.

 ලෝකයේ බිහිවුණු සාර්ථක දැවැන්ත චරිත කිසිවිටෙකත් සාර්ථකත්වය කරා ගමන් කිරීමේ දී එන ගැටලු බාධක හමුවේ හඩමින් කාලය නාස්ති කර දැමුවේ නැත. ඔවුන් එම කාර්යයක් උපයෝගී කර ගනිමින් නැවත නැවත උත්සාහ කරමින් කෙසේ හෝ සාර්ථකත්වය හඹා යෑමට උත්සුක විය.ලෝකයේ බිහිවුනු ප්‍රබල සාර්ථක චරිත ගැන අපි අසා තිබෙනවා. ඔවුන් නික්ම යෑමෙන් පසු වත් මිනිසුන් ඔවුන් අනුකරණය කරමින් සාර්ථකත්වය සඳහා ආදර්ශ  ගන්නවා. ඇල්බට් අයින්ස්ටයින්,චාල්ස්ඩාවින්, සොක්‍රටීස්, තෝමස් එඩිසන්, ඒබ්‍රහම් ලින්කන්,චාලි චැප්ලින්, හෙන්රි ෆෝඩ්,බිල් ගේට්ස්, මහත්මා ගාන්ධි ආදීන්  අප මවිතයට පත් කරන නම් කිහිපයකි.ඉහත සදහන්  කල සියලුම පුද්ගලයින්  සාර්ථකත්වය  ළගා කර ගැනීමේ රහස් අපට කියා දුන්නා.     “අත් නො හැර නැවත නැවත උත්සාහ කිරීම”ඉන් එකකි.

සාර්ථකත්වය ළඟා කරගැනීම නිසැකවම ඉතා අපහසුය.එහි මාවත බලවත් අසාර්ථකත්වයකන් ගෙන් පිරී තිබේ. අප ක්‍රියාත්මක විය යුත්තේ නොපසුබට උත්සහය සහ සාර්ථක වීමට අධිෂ්ඨානය පෙරදැරිවයි. ඔබ සාර්ථක වීමට උනන්දුවෙන් වැඩ කරන විට එන බාධක හමුවේ දුක් වී හඬා වැටීමෙන් කිසිම ප්‍රයෝජනයක් නො වේ.එම නිසා එන සියලු අභියෝග හමුවේ උනන්දුවෙන් උත්සාහවන්තව කටයුතු කරන්න.

 එවිට ඔබගේ අවසානය  කිසිම විටෙක කඳුළු සැලීමක් නොවෙනු ඇත.             

ඔබට ජය!                 

 සටහන නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ .

සඳගලතැන්න හරහා සිරිපා කරුණාව

01 වන කොටස

  ඔන්න මං අදත් ආවෙි මම 2023 මාර්තු 03න් වෙනිදා ගිය තවත් ලස්සන සුන්දර ගමනක් ගැන ඔයාලාට කියන්න… වෙනදා වගේම ආරාධනා කරනවා එකතුවෙන්න මාත් එක්ක ලස්සන තැන් ගැන විස්තර දැනගන්න.. දවසක ඔයාලටත් එ තැන් බලන්න යන්න ආස හිතෙයි…

         නිල් වන් අහස්කුස විදගෙන වළාකුළුත් වට කරගෙන විරාජමානව ⁣පෙනි සිටින දිව්‍යලොකය වගේ තැනක් ගැන කිවුවාම කවුරුත් දන්නවා එ කොහෙද කියලා….. එ තමයි මගේ හදවත බැදි කන්ද සමනොළ කන්ද ගැන…  මෙවර කියන්න යන්නෙත් සමනොළ තරණය කරන්න අපි හයදෙනෙක් තොරාගත්ත ⁣අලුත් පාරක් ගැන….. අහලා තියන විදිහට සමනොළ කන්ද තරණය කරන්න පාරවල් හතක් තියනවා.. ඉතිං මගේ ආසාව මෙි හැම පාරකින්ම සිරිපා වදින්න යන්න… එ නිසාම අපි මෙවර යන්න කතා කරගත්තේ මාරේ වතුයාය ,රජමලේ වත්ත, සඳගලතැන්න හරහා සමනොළ කන්දට… සිරිපාදේ යන්න කෙටිම සුන්දරම මාර්ගය තමයි මෙි සඳගලතැන්න හරහා මාර්ගය…

      හීනයක්….. හීනයක්ම වෙන්නට නොදුන්න ගමනක්…. මෙි ගමන යන්න ඇත්තටම මං හීන දැක්කා…. මොකද ගොඩක් අය කියලා තිබුණා මෙි මාර්ගය දුෂ්කර වගේම ඉතාමත් සුන්දර වනගත මාර්ගයක් කියලා…. ඉතිං මං ආසම එ වගේ දුෂ්කර ගමන් යන්නමනේ….. කොයිතරමි අපහසු උනත් එවැනි ගමනකදි ලබන අද්දැකිමිවල වටිනාකම කියලා නිමක් නැ….. එ නිසාම මම මගේ යාළුවොත් එක්ක මෙවර සඳගලතැන්න හරහා වාරේ සිරිපා කරුණාකරන්න කතා කරගත්තා….

    ඉතිං මෙි ගමන යන්න 2023/03/03 වෙනිදා නුවරින් හවස 5.20ට තියන නානුඔය දුමිරියෙන් මමයි වාසනයි දෙන්නා හැටන් එකට ආවා… ගමන යන්න කතා කරගත්තේ පහු වෙනිදා උදෙට, එ කියන්නේ 4 වෙනි සෙනසුරාදා උදේ…. ගමන උදෙන්ම පටන්ගන්න ඔින නිසාමයි කලින් දවසේ අපි හැටන් එකට ගියේ… ඉතිං මෙි සිරිපා වාරේ නිසා හැටන් දුමිරියපලේ විශ්‍රාම ශාලාවෙි නමි ඉඩක් නැති තරමි.. කොහොම හරි මමයි මගේ මිතුරිය වාසනයි දෙන්නා අපේ අනික් සඟයො දෙන්න පැතුමි ,චානක එනකමි විශ්‍රාම ශාලාවෙි පැත්තක් අල්ලන් නිදාගත්තා….

ඉතිං හරිම සුන්දර ගමනක්… ගමන පටන්ගත්ත වෙලාවෙි ඉදන් මම නමි හිටියේ කියාගන්න බැරි තරමි සතුටකින්… සිරිපාදේ යන්න දුරින් අඩුම මාර්ගය විදිහට සැලකෙන්නේ මෙි සඳගලතැන්න මාර්ගය තමයි… එකට හෙතුව 7km පමණ සුන්දර තේ යායවල් මැදින් වාහනයක උනත් යන්න පුළුවන් නිසා.. කැලෑ පාර තියෙන්නේ 5kmක් වගේ. ටිකක් දුෂ්කරයි.. එත් හිතට සැණසිල්ක් ගෙන එන ගමනක්..

   මාඋස්සාකැලේ පාලම පහු කරලා සුමනසමන් දේවාලයත් වැදගෙනම නල්ලතන්නියට එන විට නල්ලතන්නියට බස් හොල්ටි දෙකක් මෙහායින් මුල්ගම හන්දිය හමුවෙනවා…. මුල්ගම හංදියෙන් Fishing Hut / මරේ වතුයාය මාර්ගයට හැරෙන ස්ථානය හමුවෙනවා ( 6°49’30.0″N 80°31’39.0″E). අපි නමි නල්ලතන්නිය බස් එකේ ඇවිත් මෝහිනි ඇල්ල බලන්න එතනින් බැස්සා… හරියටම මෝහිනි ඇල්ල ලගට එද්දි වෙලාව උදේ 9.15. මෙවර අපේ ගමනට නල්ලතන්නියෙන් අලුත් යාළුවො දෙදෙනෙක් එකතු උනා එ තමයි දර්ශන් වගේම ජීවා…. ගිය වර දෙහෙනකන්දෙන් සිරිපා කරුණාකරලා හැටන් පාරෙන් පහලට බහිද්දි තමයි මට දර්ශන්ව අදුනගන්න ලැබුණේ…….. මෝහිනි ඇල්ලත් බලලා අපි එතනින් පා ගමනින්ම පිටත් උනා ඈතින් පේන සමනළ කන්ද දිහා බලාගෙනම මුල්ගම හන්දියට….

    මුල්ගම හන්දියට එද්දි උදේ 9.55යි…  මුල්ගම හන්දියට ගියාම එතැනින් වමට තියනවා පාරක්….. Fishing Hut , මරේ වතුයායට යන මාර්ගය…. එතන ඉදන් 7km පමණ ගමන් කරලා සිරිපා මාර්ගය ආරම්භ වන ස්ථානයට රජමලේ වතුයායට (6°48’01.7″N 80°31’29.9″E) පැමිණිය හැකියි… මෙම මාර්ගයේ පැමිණෙන විට අවසන් කිලෝමීටරයට පෙර නැවතත් ඔබට හන්දියක් හමුවෙනවා (6°47’53.6″N 80°31’30.6″E) , එහි Fishing Hut සහ සිරිපාදය ලෙස පුවරු සඳහන් කර තිබෙනවා දකින්න පුළුවන්.. එතනින් උඩහට ඇති සිරිපා මාර්ගය තොර ගෙන රජමාලේ වතුයායට පැමිණෙන්න පුළුවන්…. අතරමග කඩ එහෙ⁣මත් තියනවා අවශ්‍ය දෙයක් මිලදි ගන්න පුළුවන්… මොනවා උනත් රජමලේ වතුයායට නමි මට හිත ගියා. පදිංචි වෙන්න ඇත්නමි කියලා හිතුනා.. එ වෙන දෙයක් නිසා නෙවෙයි… එ තරමි එ පරිසරය සුන්දරයි එ ජිවිත සරලයි..

තව දෙයක් කියන්න ඔින මෙි මාර්ගයේ එනවා නමි බස් රථයක් තියනවා.. නල්ලතන්නියෙන් එ බසය තියන වෙලාවට එන්න පුළුවන්…… නැත්නමි මුල්ගම හන්දියෙන් ත්‍රිවිල් එකක් හයර් එකට අරන් එන්න පුළුවන්.. අපි නමි පා ගමනින් 400m විතර ඇවිත් අවුව සැර වැඩි නිසා ත්‍රිවිල් එක්ක තමයි ගියේ… මෙි වෙලාවෙි ත්‍රිරොද රථයේ රියදුරු මල්ලිවත් මතක් කරනවා… මොකද අපේ ගමනට කිසිම හදිසියක් කලේ නෑ.. අපිට අපේ නිදහසේ යන්න පුළුවන් උනා… එ යන ගමන් Gartmore ඇල්ල Viewpoint එක බලන්නත් ගියා… ඇත්තටම එක නමි පාරාදිසයක්… තව මරේ වතු යාය, මාඋස්සා කැලේ ජලාශය, මරේ ඇල්ල සහ Fishing Hut නැරඹිය හැකියි… අපි සිරිපා මාර්ගය ආරමිභ වෙන තැනට එද්දි වෙලාව හවස එකයි… මොකද අපි ගාටිමොර් viewpoint එක බලන්න ගිය නිසා ටිකක් වෙලාව ගත උනා…

රජමලේට ආවට පස්සේ ත්‍රිවිල් මල්ලිට සමු දිලා අපි හය දෙනාම ගමන පටන්ගත්තෙ සමන්දෙවිහාමුදුරුවන් සිහිකලාමයි… හීනයක් වගේ ගමනක් ආරමිභ කරන්න සුදාණමි වෙද්දිම අහසත් කළු කරගෙන වැහි පොද යමිතමි වැටෙන්න ගත්තා කැලෙට ඇතුල්වෙන තැන ඉද්දිම… කොකටත් කියලා කුඩැල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න ඔින දෙවලුත් කරගෙන කැලෙට ඇතුල් උනේ ගහක අත්තක් කඩලා දෙවියන්ට බාරහාර වෙලාමයි…. මඟ දුරක් යද්දි වැස්ස පටන්ගත්තා…. වැස්ස කියන්නේ කැලේක යදිද් තියෙන්නම ඔින දෙයක් කියලා තෙරුනේ මෙි වතාවෙි තමයි… වැස්සේ උනත් වාසනාවකට කුඩැල්ලෙක් නමි අපි කාටවත් දකින්නවත් ලැබුණේ නමි නෑ….

ගමනේ තවත් විස්තර දෙවනි කොටසින් අරන් එනකමි බලන් ඉන්න…..

නිසංසලා රණසිංහ

හිසරදය ඔබට තවමත් හිසරදයක්ද

වර්තමානයේ බොහෝ පුද්ගලයන් ඉරුවාරදය නොහොත් ‘මිග්‍රේන්’ (Migraine) රෝගී තත්ත්වයෙන් පීඩා විඳිනු සුලබව දක්නට ලැබේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශීර්ෂ රෝග කාණ්ඩය යටතේ “සූර්‍යාවර්ත” යන නමින් හැඳින්වෙන රෝගී තත්ත්වය හා සමානකම් පෙන්වන, ඉර උදාවත් සමඟ හිසරදය ඇතිවී ඉර මුදුන් වීමේදී එනම් දහවල් කාලයේ රෝගය උත්සන්න වී, සවස් කාලයේදී තරමක් දුරට සමනය වීම ප්‍රධාන රෝග ලක්ෂණය ලෙස හඳුනා ගත හැක. 

ඇතැම් රෝගීන් හිසේ අර්ධයක පමණක් ඇතිවන අධික වේදනාවක් පිළිබඳ පැමිණිලි කරන අවස්ථා ද පවතී. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් හිසෙහි අර්ධයක අධික වේදනාවක් හට ගැනෙන “අර්ධාවබේධ” නම් රෝගී අවස්ථාව සමඟ ද මිග්‍රේන් රෝගී තත්ත්වයෙහි සමානත්වයක් ඇති බවද එක් පිළිගැනීමකි. 

බටහිර වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම් වලට අනුව බොහෝ විට හිසේ එක් පසෙක තදබල වේදනාව, ඔක්කාරය, වමනය, ඉර එළිය හෝ ආලෝකයට නිරාවරණය වීමේ අපහසුව, ආලෝකය හා ශබ්දය නිසා රෝගී තත්ත්වය උත්සන්න වීම යන රෝග ලක්ෂණ දක්වා ඇත. 

ආයුර්වේද මූලධර්ම වලට අනුව සූර්‍යාවර්ත රෝගය ඇතිවීමේ හේතූන් ලෙස මල-මූත්‍ර යනාදී ශරීරයේ ස්වභාවිකව පිටකල යුතු වේග බොහෝ වේලාවක් දරා සිටීම, අජීර්ණ නිසා ශරීරයේ ඇතිවන විෂ තත්ත්ව, දූෂිත ආහාර පරිභෝජනය, අධික හිරු එළියට හෝ උණුසුමට නිරාවරණය වීම, අධික දැවිලි සහිත-තෙල් සහිත-ලුණු සහිත ආහාර අධිකව පරිභෝජනය, ඊර්ෂ්‍යාව, කෝපය, වෛරය, ලෝභය යන මානසික හේතූන් හා මානසික ආතතියෙන් පෙලීම සඳහන් වේ.

තව ද, වර්තමාන ජන සමාජයේ ඇතැම් අපත්‍ය හැසිරීම් රටා නිසාද මිග්‍රේන් රෝගී තත්ත්වය පහසුවෙන් වැලඳීමට හේතු යෙදේ. එනම්, මත්ද්‍රව්‍ය හා දුම්පානය, කෝපි-කැෆේන් අන්තර්ගත පාන නිතර පානය කිරීම, හෝමෝන අසමතුලිතතා, නින්දේ මඳ බව හෝ අධිකව නිදාගැනීම, අධික ඝෝෂාකාරී ශබ්ද වලට සවන්දීම, රූපවාහිනී, smart දුරකතන, ලැප්ටොප් පරිගණක තිර ඉදිරියේ බොහෝ වේලා ගත කිරීම, දීප්තිමත් ආලෝකය හෝ තද සුගන්ධ ද්‍රව්‍ය ආදියට නිරාවරණය වීම, කුසගින්නේ හිඳීම හා ආහාර වේල් මඟහැරීම, මානසික ආතතිය, පහසුවෙන් නොදිරවන සකස් කල ක්ෂණික ආහාර පාන නිතර පරිභෝජනය මිග්‍රේන් තත්ත්වය වර්ධනය කිරීමට හේතු සලසා දෙනු ලැබේ.

පූර්ව රෝග ලක්ෂණ ලෙසට බලන බලන තැන්හි අඳුරු ලප ඇති ලෙසට පෙනීම හෝ තරු-ඉරි වැනි යමක් පෙනීම, පෙනීමේ විෂමතා ඇතිවීම, බොඳවී පෙනීම, ඔක්කාරය හෝ වමනය, ශරීරයේ පණ නැති ස්වභාවය, සිහිමඳ බව, අසාමාන්‍ය ලෙස දහඩිය දැමීම, ශරීරයේ ඇතැම් තැන් හිරිවැටීම දැක්විය හැක. 

ඉරුවාරදය නොහොත් මිග්‍රේන් රෝගී තත්ත්වය නිසා ඇතිවන හිසරදයෙහි ඇස් වටා වේදනාවක් හටගැනීම, හිරු එළියට නිරාවරණය වීමෙන් හිසරදය උත්සන්න වීම, හිස තුල දෙදරීමක් ඇති අයුරින් (නලියන හෝ ගැහෙන ලෙසට) වේදනාව දැනීම (Throbbing Pain/Pulsating Pain), ඇතැම්විට කුමන හේතුවකින් හෝ සමනය නොවන පැය ගණන්/දින ගණන් පුරාවට නොකඩවා පවතින හිසරදය, හිසෙහි එක් පසෙක හෝ දෙපසට හෝ මාරුවෙන් මාරුවට ඇතිවන වේදනාව, ඇතැම් විට ගෙල හා උරහිස දක්වා පැතිරයන වේදනාව, ගමනකින් පසුව/මානසික පීඩනයකින් පසුව හේතුවක් ඇතිව හෝ නොමැතිව ඇතිවන දැඩි හිසරදය පැවතිය හැකිය. ඇතැම් විට රෝගීන් වේදනාව ඇසේ හෝ හිසේ පිටුපසින් හෝ ගෙල දෙසින් එන්නාක් සේ දැනෙන බවට පැමිණිලි කරනු ඇත. හිසේ කැක්කුම පහව ගිය පසුද අධික නිදිමත ගතියක් ඇති වීම මෙම රෝගයේ තවත් ලක්ෂණයකි. 

ඉහත සඳහන් රෝගී ලක්ෂණ රෝගියාගේ ශරීර ස්වභාවය, ප්‍රකෘතිය, ඇවතුම් පැවතුම් අනුව වෙනස් විය හැක. 

රෝගී තත්ත්වය නිශ්චිතව සැකහැර දැනගැනීමට EEG/CT හා MRI scan පරීක්ෂණ වර්තමානයේ සිදුකරනු ලැබේ. නිතර ඇතිවන හිසරදයකින් පීඩා විඳින රෝගියෙකු විසින්,

• හිසෙහි වේදනාව හටගත් වේලාව හා දිනය

• වේදනාවේ ස්වභාවය 

• පෙරදින නිදිවැරුවාද නැද්ද යන වග

• වේදනාව ඇතිවීමට පෙර ගන්නා ලද ආහාර

• අනෙකුත් රෝග ලක්ෂණ 

සටහන් කර ගැනීමෙන් කාලයක් යත්ම රෝගය ඇතිවීමේ රටාව හඳුනා ගත හැකිවන අතර, ප්‍රධාන හේතු සාධක හඳුනාගැනීමේ පහසුව ද සැලසෙනු ඇත.

මෙම රෝගී තත්ත්වය සඳහා ආයුර්වේද පිළියම් ලෙසට,

• ශිරෝධාරා හෙවත් හිසට ඖෂධීය තෙල් හෝ ද්‍රව වත්කිරීම 

• ශිරෝලේප හෙවත් පිත සමනය කරන ලේප වර්ග හිස ගැල්වීම

• නස්‍ය, ඖෂධීය ගුණයෙන් යුත් ද්‍රව වර්ග වලින් කවල/ගණ්ඩූෂ (ද්‍රව වර්ග මුව තුල රඳවාගෙන සිටීම) 

• වේදුපෑම

• ‘මූර්ධනීය තෛල විධි’ යන කේරලීය පංචකර්ම ප්‍රතිකාර භාවිතය

• අභ්‍යන්තරව කෂාය, ගුල, කල්ක, රස ඖෂධ ආදී ඖෂධ භාවිතය

සිදුකිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබා දෙනු ඇත.

එදිනෙදා ඇතිවන මිග්‍රේන් තත්ත්වයෙන් මිදීම සඳහා  හිසරදය සෑදුණු වහාම වේදනා නාශක නිතර නිතර භාවිතය වෙනුවට බාහිර ප්‍රතිකාරයන් සිදුකිරීමෙන් රෝගී තත්ත්වය සමනය කර ගැනීමට පිළියම් කල යුතුය. (උදාහරණ ලෙස සුදු හඳුන් කැබැල්ලක් දෙහි ඉස්මෙන් ගලගා නලලේ ආලේපය, සීතල වතුරෙන් තෙත් කල තුවායක් හිසේ වෙලීම)

නිසි වේලාවට නින්ද හා ආහාර ලබා ගැනීම, දුම්බීම හා මත්පැන් පානයෙන් වැළකීම, අධික සැර සුවඳින් යුත් විලවුන් භාවිතයෙන් ඈත් වීම, තේ-කෝපි ආදී පාන නිතර ගැනීමෙන් වැළකීම, සුවපහසු හොඳින් වාතාශ්‍රය ලැබෙන මඳ අඳුරු කාමරයක විවේකීව සිටීම, ඝෝෂාකාරී ශබ්දයන්ගෙන් ඈත්ව සිටීම, අධිකව වායුසමීකරණය කරන ලද ස්ථාන වලින් ඈත්ව සිටීම, අධික ශීත හෝ අධික උණුසුම් ජලයෙන් ස්නානය නොකිරීම,  හොඳින් ජලය පානය කිරීම, ඩිජිටල් තිර වලින් ඈත්වී ඇසට විවේකය ලබා දීම, ශරීර සුවතාවය සඳහා නිතිපතා ව්‍යායාම / යෝග අභ්‍යාස වල නිරතවීම, මානසික සෞඛ්‍යය යහපත් අයුරින් පවත්වාගනිමින් සතුටින් සිටීම හා දින දෙකතුනකට වරක්වත් වෛද්‍ය උපදෙස් මත සුදුසු තෙල් වර්ගයකින් ශීර්ෂ සම්බාහනය මගින් මිග්‍රේන් රෝගී තත්ත්ව ඇතිවීම වලක්වාගත හැක. 

දිගින් දිගටම හිසේ කැක්කුම පවතීනම් එවැනි රෝගීන් නොපමාව සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත යොමු වීමෙන් පසු නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර මගින් රෝගී තත්ත්වය පහසුවෙන් සුවකරගැනීමට හැකිවනු ඇත.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)