2024 – Jan – 15

HI EVERYONE

GIVE A PENCIL PROJECT – GAPP

MY NAME IS RAAJIV “DYIYA” WANIGASEKERA. I AM THE FOUNDER OF GIVE A PENCIL

PROJECT (GAPP) INITIATIVE.

MY BACK GROUND -I WAS EDUCATED AT S. THOMAS’ COLLEGE MT. LAVINIA. I SERVED IN THE

SRI LANKA ARMY AND RETIRED AS A MAJOR OWING TO INJURIES SUSTAINED IN COMBAT. I

AM A GRADUATE FROM THE PAKISTAN ARMY. I SERVED WITH THE ELITE TANK REGIMENT

AND WAS ALSO ATTACHED TO THE SPECIAL FORCES. HAVING LEFT THE ARMY I HAVE

WORKED AT BRANDIX AS GROUP HEAD OF COMMUNICATION AND AT UNITED MOTORS / TVS

HEADING HR & ADMINISTRATION. PRESENTLY I WORK AN OUTDOOR TRAINER WORKING IN

THE REGION WITH TOP CORPORATES/ MULTI NATIONALS / SCHOOLS & UNIVERSTIES OTHER

ENTITIES

MY LIFESTYLE -I AM AN OUTDOOR BUFF AND I ENGAGE IN MANY OUTDOOR ACTIVITIES

SUCH AS KAYAKING, HIKING, CAMPING, MOUNTAIN BIKING, ABSEILING ETC. MY WORK AND

LIFE STYLE ALWAYS HAD ME TRAVELLING TO MANY BEAUTIFUL AND REMOTE PLACES IN SRI

LANKA.

WHAT INSPIRED ME -ON SUCH TRAVEL I CONSTANTLY MEET CHILDREN OF VARIOUS AGES

WHOM I TREAT TO WITH SWEETS, SOMETIMES WITH THEIR SCHOOL SUPPLIES AND EVEN

FOOD ITEMS. SOMETIMES I PONDER AS TO HOW UNFAIR LIFE IS WHEN I SEE CHILDREN WHO

DON’T GO TO SCHOOL AND WHO DOESN’T HAVE AN EDUCATION OWING TO THEIR FAMILY’S

STATUS AND WHAT I CAN DO TO MAKE A CHANGE….

THAT EUREKA MOMENT -ONE DAY WHEN I WAS AT A WORK SHOP, A THOUGHT CAME TO

MY MIND WHEN I WAS FIDGETING AROUND WITH A PENCIL. I REALISED THAT I HAD SO

MANY PENCILS AND HOW ONE PENCIL CAN CHANGE A LIFE. I THOUGHT OF GIVING AWAY

SOME TO THE CHILDREN I RANDOM MEET DURING MY TRAVELS. EUREKA! THE GAPP

PROJECT WAS THUS BORN.

HOW I SET ABOUT IT – SO I COLLECTED ALL THE PENCILS FROM THAT SEMINAR, SPOKE TO

FAMILY AND FRIENDS, SET UP A FACEBOOK PAGE AND STARTED COLLECTING PENCILS.

OVERNIGHT I WAS BOMBARDED WITH SO MANY PENCILS. PEOPLE GAVE ME NEW PENCILS

AND USED PENCILS. SOME ADDED ERASERS AND SHARPENERS AND COLOURED PENCILS TOO.

CHILDREN WHO CAME TO KNOW ABOUT THE PROJECT HAPPILY GAVE AWAY THEIR

COLLECTION OF NEW AND USED PENCILS AS WELL.

THERE YOU GO…. THAT’S THE HISTORY OF GIVE A PENCIL PROJECT.

GIVE A PENCIL PROJECT

THE MOTIVE BEHIND GAPP – I ADDED THE BELOW AS THE MAIN FOCUS AREAS AND HOW IT

WILL HELP A CHILD AND INTURN THE COMMUNITY AND THE COUNTRY

 BY GETTING PEOPLE TO WRITE

 TO BE CREATIVE – ART / POETRY

 LIMIT POLLUTION BY WAY OF REDUCING THE USE OF PLASTIC PENS

COLLECTION METHODOLOGY – COLLECTION OF PENCILS HAPPENS THROUGH A FEW

COLLECTION POINTS SET UP WITH SOME FRIENDS IN THEIR OFFICES. SOME DIRECTLY SEND

ME TO MY RESIDENCE. WE HAVE HAD STALL SET UP AT FAIRS / CARNIVALS AND POP-UP

STALLS AND SOME CHARITY EVENTS TOO

THE GIVE AWAY INVENTORY – TO DATE MY FAMILY AND FRIENDS HAVE COLLECTED AND I

HAVE DISTRIBUTED PENCILS, COLOURED PENCILS, ERASERS AND SHARPENERS TO CHILDREN

ALL OVER THE COUNTRY. FURTHER, WE HAVE SENT PENCILS PACKS TO ORPHANAGES,

MONTESSORI’S AND PRESCHOOLS AS AND WHEN REQUESTED BY FRIENDS AND

ORGANIZATIONS

THE NUMBERS DESTRIBUTED AS OF 15 DEC 2023 ARE AS BELOW

 LEAD PENCILS – 16,450 NOS – AVERAGE OF 3 PENCILS PER CHILD

 COLOUR PENCIL (6 PACK) – 2125 NOS

 COLOUR PENCILS (12 PACK) – 1515 NOS

 ERASERS – 3233 NOS

 SHARPENERS – 2450 NOS

WE HAVE GIVEN AWAY IN BULK THE USED PENCILS TO PRESCHOOLS AND MONTESSORI’S

AND HAVE NOT KEPT TRACK OF THE NUMBERS BUT IT’S DEFINITELY OVER 7000 PENCILS AND

COLOUR PENCILS

INVENTORY IN HAND – AT ANY GIVEN MOMENT MY VEHICLE CARRIES PENCIL PACKS FOR 50

CHILDREN. THE STOCK IN HAND AS OF 15 DEC 2023 IS

 LEAD PENCILS – 6410 NOS

 COLOUR PENCIL (6 PACK) – 54 NOS

 COLOUR PENCILS (12 PACK) – 128 NOS

 ERASERS – 160 NOS

 SHARPENERS – 160 NOS

THE BACK BONE OF THE PROJECT – THIS PROJECT IS KEPT ALIVE FROM THE CONTRIBUTIONS

MADE BY FAMILY, FRIENDS AND THOSE WHO HAVE HEARD OF GAPP THROUGH SOCIAL

MEDIA AND OTHERS FROM ALL OVER THE WORLD. SOME PROJECTS HAVE BEEN CAPTURED

ON STILL AND VIDEOS AND SOME, THE DONORS WHO SPONSORED THE SPECIFIC

CONTRIBUTION WISHED TO REMAIN ANONYMOUS.

HOW YOU CAN SUPPORT THIS INITIATIVE – YOU CAN JOIN THIS CAUSE BY CONTRIBUTING BY

SENDING US NEW OR USED PENCILS / COLOUR PENCILS / SHARPENERS AND ERASERS AND

PENCIL CASES

IN CASE YOU WISH TO MAKE A CASH CONTRIBUTION THE PRICE LIST IN LKR IS AS BELOW

 LEAD PENCIL / ERASER / SHARPENER SET – LKR 55/- (A SPECIAL RATE OFFERED)

 6 COLOUR PENCIL PACK – LKR 180/-

 12 COLOUR PENCIL PACK – LKR 340/-

 PENCIL CASE – LKR 90/-

CONTACT DETAILS -DO CONTACT ME ON +94 770 778855 OR +94 717 778855 / EMAIL –

raajiv@adventure.lk FOR MORE DETAILS OR YOU MAY CONTACT ISHAN WHO IS BASED IN UK

(DETAILS BELOW) WHO HAS BEEN A SOURCE OF INSPIRATION AND A CONTINUOUS DONOR

TOWARDS THE GAPP INITIATIVE

ISHAN KARU

0044 7574512875

ishankaru@yahoo.co.uk

WISHING YOU LOVE, PEACE AND JOY DURING THIS CHRISTMAS SEASON

WARM REGARDS

RAAJIV “DYIYA” WANIGASEKERA

15 DEC 2023

FACEBOOK LINK – https://www.facebook.com/giveapencilproject?mibextid=zbwkwl

2024 – Jan – 14

රක්ත ප්‍රදර රෝගයෙන් කාන්තා ඔබත් පීඩා විඳිනවාද?

බොහෝ කාන්තා රෝග කාන්තාවකගේ ඔසප් වීම හා සම්බන්ධව බැඳී පවතී.

‘රක්ත ප්‍රදර’ නොහොත් ‘අසෘක්ධර’ යනු ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ස්ත්‍රී රෝගයන් අතුරින් ප්‍රධානතම රෝගී තත්ත්වයකි.

ප්‍රදර යනු බොහෝ සෙයින් වැගිරීම යන්නයි. අසෘක් යනු රුධිරය සඳහා පර්‍යාය නාමයකි. එනම් රක්ත ප්‍රදර/ අසෘක්ධර යනු ඔසප්වීමේදී රුධිරය බොහෝ සෙයින් පිටවීම හා සම්බන්ධ කාන්තා රෝගයකි.

මෙම රෝගය වැලඳී ඇති බව හඳුනා ගැනීමට පලමුව සාමාන්‍ය ඔසප් වීම පිලිබඳ අවබෝධයක් කාන්තා ඔබට තිබීම අනිවාර්‍යය වේ.

සාමාන්‍ය ඔසප්වීමක් දින 3-7 දක්වා ඕනෑම කාලයක් පවතින අතර පිටවන රුධිරය සඳහා දිනකට අවශ්‍ය සනීපාරක්ෂක තුවා ගණන 3-4කට සීමාවේ. (35ml ක් පමණ සමාන්‍ය රුධිර වහනයක්) 

නමුත් ප්‍රායෝගිකව ඔබට,

–  පැය 2න් 2ට නිතර නිතර සනීපාරක්ෂක තුවා මාරු කිරීමට සිදුවීම (90ml ක් පමණ රුධිර වහනය වීම හේතුවෙන්),

–  එදිනෙදා කටයුතුවලට පවා බාධාවක් වන අයුරින් රුධිර වහනය වීම,

–  සතියකට වඩා වැඩි කාලයක් ඔසප් වීම පැවතීම,

–  ඔසප් චක්‍රය අතර මැද දිනවලදී ද රුධිර වහනයන් පැවතීම,

–  අක්‍රමවත් ඔසප් චක්‍ර පැවතීමෙන් පසු දීර්ඝ රුධිර වහනයන් පැවතීම,

වැනි ලක්ෂණ පවතීනම් එය රක්තප්‍රදර රෝගී අවස්ථාවක් ලෙස දැක්විය හැක.

ඔසප් කාලයේදී හෝ නියමිත ඔසප් කාලයෙන් අතර කාලයක කිහිපවරක් හෝ අසාමාන්‍ය ලෙස රුධිරය පිටවීම රක්ත ප්‍රදර රෝගය ලෙස ආයුර්වේදයේ සඳහන් වේ. 

මාසික ඔසප් වීමේදී ඔසප් රුධිරය අධිකව පිටවීමෙන් ඇතැම් කාන්තාවන් අධිකව පීඩා විඳී. 

එනම්, ඔසප් රුධිරය අසාමාන්‍ය ලෙස ප්‍රමාණාත්මකව වැඩි වීම හෝ ඔසප් වීම අවසන් නොවී වැඩි දින ගණනක් දීර්ඝ ඔසප් වීම් පැවතීම හේතුවෙනි.

අතීතයේ දී දේශීය ව්‍යවහාරයේ ‘ලේ මාලය’, ‘කඳ ගැට ශුද්ධ වීම’ යනුවෙන්ද හඳුන්වා දී ඇත්තේ මෙම රෝගී තත්ත්වය බවට පිලිගැනේ.

බටහිර වෛද්‍ය විද්‍යාත්මකව දිර්ඝ කාලීන ඔසප් වීම Menorrhagia ලෙස හඳුන්වන අතර ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පිත හා වාත දෝෂය මෙන්ම රක්තය විකෘති වීම නිසා ඔසප් රුධිරයේ අතිප්‍රවෘත්තිය රක්තප්‍රදර රෝගය සඳහා හේතු වේ.

රෝග හේතු~

–  දිගු වේලාවක් නිරාහාරව සිටීම

–  විදාහී තීක්ෂ්ණ ආහාර, සැර අධික, තෙල් සහිත ආහාර, ඇඹුල් ආහාර වැඩිවශයෙන් හා නිතර නිතර ආහාරයට ගැනීම

–  අධික වෙහෙසවීම හා අතිව්‍යායාමය

–  මානසික ආතතිය

–  පාලනයකින් තොරව ලිංගික එක්වීම්වල නිරතවීම

මීට අමතරව, හෝර්මෝන අසමතුලිතතා, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු හේතුවෙන්, Endometriosis තත්තව නිසාවෙන්, ඇතැම් උපත්පාලන ක්‍රම හේතුවෙන් (Intra uterine contraceptive devices), ඇතැම් ගර්භණී මව්වරුන් හට ප්‍රසවයෙන් පසු පවතින රුධිර වහනය, වැදෑමහ කොටස් ගැබ තුල රැඳීම, ආර්තවාභාවයට ආසන්න අවධියේ සිදුවන හෝර්මෝන වෙනස්වීම්, ගර්භාෂගත පිළිකා, අර්බුද හා ගෙඩි, ඇතැම් ඖෂධ භාවිතය යන හේතූන් නිසාත් යෝනි මාර්ගයෙන් අධිකව රුධිරය පිටවීමේ තත්ත්වයක් හට ගැනීමට පුළුවන.

රෝග ලකෂණ

–  ඇගපත වේදනාව, මලානික බව,

–  නාභියට පහල ප්‍රදේශයේ ඉදිමුම

–  තදකර ඇල්ලීමේදී වේදනාව තීව්‍ර වීම

–  උදරය පුරවා දැමීම

–  ශරීරය දුබලවීම

–  ක්ලාන්තය

–  අසහනකාරී ස්වභාවය

රුධිරය අධිකව පිටවීම නිසා ශරීරය සුදුමැලි වීම, අප්‍රාණික බව, ක්ලාන්තය, ආහාර අරුචිය, කුසගිනි නොදැනීම, ශරීරය ඉදිමුම් ස්වභාවයක් ගැනීම වැනි පාණ්ඩු රෝග ලක්ෂණ පවා දක්නට ලැබිය හැක.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව රක්තප්‍රදර රෝගී තත්ත්වය සඳහා රක්තය හා පිත ශමන ප්‍රතිකාර පද්ධතියක් මුලිකව සිදුකරනු ලැබේ.

අධික රුධිර වහනය සඳහා රක්ත ස්තම්භන ඖෂධ හා ශීත ගුණ ආහාර හා විහරණ මූලික කොටගෙන චිකිත්සාව අභ්‍යන්තර හා බාහිරව සිදුකරනු ලැබේ.

කෂාය, අරිෂ්ඨ, ආසව චූර්ණ, ගුලි, කල්ක, එළකිරි වලින් නිර්මිත ඝෘත වර්ග හා ඇතැම් රස ඖෂධ වර්ග මෙන්ම ඉරමුසු, සැවැන්දරා, හාතාවාරිය, බැබිල, ගොකටු වැනි ඖෂධ ඒකීයව තම්බා පානය කිරීම යෝග්‍ය වේ.

එළකිරි, තැබිලි, පලාවර්ග, කොළකැඳ, සව් කැඳ, අලුකෙසෙල් අල ව්‍යාංජන රෝගයට ගුණදායක වන අතර උෂ්ණාධික ආහාර-මිරිස්, විනාකිරි, ඇඹුල් අධික ආහාර, බලමාළු, ජාඩි, බල කරවල, අන්නාසි, තක්කාලි, ඉස්සො, දැල්ලො, අච්චාරු, ලුණුදෙහි, චට්නි වර්ග හා අධික තෙල් යෙදූ තෙම්පරාදු කල ආහාර නුසුදුසු වේ.

රක්තප්‍රදර තත්ත්වය සඳහා ප්‍රධාන හේතූන් සලකා බලා ඒ සඳහා ප්‍රතිකාර යෙදීමත්, දෝෂ අසමතුලිතබව සලකා බලා සිරුරේ දෝෂ සම තත්තවයට ගෙන ඒමත්, රක්ත ස්ථම්බනය සිදුකර රුධිර වහනය අවුරා ශරීර බලකාරක, රක්ත වර්ධක ඖෂධ යොදමින් රක්ත වර්ධනය සිදු කිරීමත් විශේෂිත වේ.

පසු කාලීනව උපද්‍රව ලෙස රක්තහීනතාවය ඇතිවීමේ ප්‍රවණතාවයක් ද පවතින අතර මුල් අවස්ථාවේදීම වෛද්‍යවරයෙක් හමුවට ගොස් පරීක්ෂාවට ලක්කොට ඉක්මන් ප්‍රතිකාර හා උපදෙස් ලබා ගැනීම සුදුසු වේ.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)

2024 – Jan – 12

1970 ලව් ස්ටෝරි

~ නොමියෙන ආත්මීය ප්‍රේමයේ මායාත්මක සිනමා ආමන්ත්‍රණය ~

" නිකිණි වැස්ස ", " Happy Birthday " හා " මාරියා " වැනි ජනාකර්ෂණීය මෙන්ම ගුණාත්මක

භාවයෙන්ද තෘප්තිමත් සිනමාපටයන් නිර්මාණය කරමින් හෙලවුඩ් සිනමා වංශ කතාවට

නැවුම් ආක්‍යානයක් තිළිණ කරමින් ජාතිකව හා ජාත්‍යන්තරව අනේකවිද ඇගයීම්වලට

මෙන්ම ගෞරවාදරයට පාත්‍ර වෙමින් හෙලවුඩ් සිනමාව ජාත්‍යන්තර සිනමාව හමුවේ

අභිනන්දනයට මං සැලසූ ශ්‍රී ලංකා තිරරචකයින්ගේ සංසදයේ වර්ථමාන සභාපතීත්වය

උසුලන ප්‍රවීණ තිරපිටපත් රචකයෙකු මෙන්ම ශ්‍රී ලංකා සිනමා අද්‍යයක්ෂකවරුන්ගේ

සංසදයේ විධායක කමිටු සාමාජිකත්වය උසුලන ප්‍රවීණ අදියුරුවරයෙකුද වන අරුණ

ජයවර්ධනයන් විසින් තිරරචනය සකස්කොට අද්‍යයක්ෂණය කරනු ලැබූ " 1970 Love Story "

සිනමාපටය එළඹෙන ජනවාරිය මද්‍යයේ සිට " Scope Cinema " සිනමා බෙදාහැරීමේ

මණ්ඩලයට අයත් සියළු සිනමාශාලාවන් ඇතුළු දිවයින පුරා පිහිටි සිනමාහල් හතළිකදී

පමණ අපගේ දේශප්‍රේමී සිනමාලෝලීන් අභිමුඛයට පැමිණවීමට අවැසි සියළු කටයුතු

සාර්ථකව සූදානම්වෙමින් පවතින බව ඉතාමත් ප්‍රමෝදයෙන් යුතුව ප්‍රකාශ කිරීමට

කැමැත්තෙමි.

2023 වර්ෂයේ මාර්තුවේදී පැවති " Aura Lanka DGSL සිනමාභිමාන – 2023 " සිනමා

වසන්තයේදී අතිසාර්ථකව ජනාකර්ෂණය දිනාගනිමින් තිරගත කෙරුණු එක් සිනමා

පටයක් වූ “ 1970 Love Story “ නැරඹීමට මාගේ නෙතු යුගලද වාසනාවන්ත වීම ඉහත

සඳහන් කරනලද ප්‍රමෝදයට හේතුව ලෙස දැක්වීමට කැමැත්තෙමි.

ඉඳුරාම ප්‍රකාෂ කළහොත් එම සිනමාපටය මෙතුවක් කාලයක් පුරාවට හෙලවුඩ් සිනමා

වංශකතාව තුළට එකදු පහදු වූ වීරයා, පෙම්වතිය හා දුෂ්ඨයා කේන්ද්‍රකොටගත්

තුන්කොන් ප්‍රේමාන්දරයකට හාත්පසින්ම වෙනස් නැවුම් ප්‍රස්තූතයක් අන්තර්ගත වූවකි.

ආලය, අනුකම්පාව, තණ්හාව, ඊර්ෂ්‍යාව, කෝපය, විරහව, සාංඛාව, කාංසාව, සංතාපය,

ත්‍රාසය, භීතිය, කුතුහලය, විනෝදය ආදී වූ සකලවිධ මනු සංතානයන්හි නෛසර්ගිකව

පහළවන්නා වූත් නිරන්තරයෙන් වෙනසට බඳුන් වන්නා වූත් අතිශය සංකීර්ණ වූත්

අතිශය සියුම් වූත් මනෝභාවයන් මහත් සංයමයකින් යුතුව රිදී තිරය මත ප්‍රක්ශේපනය

කිරීමට ප්‍රදාන හා අනු චරිතයන් නිරූපණය කරන්නා වූ සියළු රංගන ශිල්පීන් විසින්

පාන්නා වූ සමර්ථභාවය එය දෑසින් විඳ මනසින් කියවාගැනීමට සමර්ථභාවයක් ඇත්තා

වූ සියළු ප්‍රේක්ෂකයන්ගේ සම්භාවනාවට බඳුන් විය යුතුයැයි තරයේ ප්‍රකාශ කිරීමට

කැමැත්තෙමි.

විදේශීය සිනමාපටයන්හි දක්නට ලැබෙන ආකාරයේ ඉහළ ගුණාත්මක භාවයකින් යුත්

ක්‍රියාදාම ජවනිකා හා දෘශ්‍ය ප්‍රයෝගයන් සිනමාපටය ගලාගෙන යන රිද්මයට හා ඉන්

ප්‍රේක්ෂකයාගේ මනස තුළ උපද්දවන භාවයන්ගේ තාත්වීකරණයට දශමයකුදු හානියක්

නොවෙන අයුරින් සංගෘහිත අනුපිළිවෙලකට ඇතුළත් කිරීම ඉතාමත්ම ප්‍රශංසනීයයි.

මේ සඳහා සිනමාපටයේ තාක්ෂණික කාර්ය මණ්ඩලය, කැමරා ශිල්පීන් මෙන්ම

සංස්කාරකවරුන්ද මහත් වගකීමකින් හා ප්‍රවේශමකින් යුතුව කටයුතුකොට ඇති බව

විෂයානුබද්ද දැනුමැති කවරෙකු හටත් පහසුවෙන් ප්‍රත්‍යක්ෂ වන කාරණාවකි.

ඩ්‍රාමා, රොමෑන්ස්, හොරර්, ත්‍රිලර් ක්ෂානරයේ සිනමාපටයක් සඳහා දර්ශීය උදාහරණයක්

වන මෙම සිනමාපටය හෙලවුඩ් සිනමා වාංශ කතාවේ තවත් එක් සුවිශේෂී කඩඉමක්

බැවින් සියළු සම්ප්‍රධායික ගතානුගතික රාමු අභිබවා අනාගත ලෝකය සමඟින් මැනවින්

යාවත්කාලීන වන නැවුම් අනාගත හෙලවුඩ් සිනමාවක පහස විඳීමට කැමති සියළු

දේශානුරාගී සිනමාලෝලීන් සඳහා මෙම දැවැන්ත ආකර්ෂණීය ගුණාත්මක සිනමාපටය

නුදුරේදීම නැරඹීමට අවස්ථාව උදාවීම ඔවුන් ලත් භාග්‍යයකි.

හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය අපේක්ෂාවන් ඇති කරවන

මෙවන් ප්‍රශස්ථ සිනමා භාවිතාවක් සමඟින් නැවතත් හෙලවුඩය වර්ණවත් කිරීමට අවැසි

සියළු හේතු සම්පත් සැලසේවායි අරුණ ජයවර්ධනයන් අතුළු සමස්ථ නිෂ්පාදන කාර්‍ය

මනඩලය වෙත මුළු හදින්ම සුභාශිංශන එක්කරමි.

….* රංගන ධායකත්වය *….

හේමාල් රණසිංහ

ගම්‍යා විජයදාස

මහේන්ද්‍ර පෙරේරා

බිමල් ජයකොඩි

අශාන් ඩයස්

සඳනි ප්‍රනාන්දු

සරත් කොතලාවල

සමන් හේමරත්න

ලසන්ත උඩුකුඹුර

2024 – Jan – 11

රජ මා වතින් අවා රේ වන්දනා ව

2 කො ටස

අපේ නඬය ගෙ ත්තම්පා න අසලට පැ මිණෙ න විටත් අඳුර හතරවටින් ගලා ඇවිත්…. ගෙ ත්තම්පා න මම

දකින්න පෙ රු ම් පීරු තැ නක්.. බුදුන් වහන්සේ සමනළ කන්ද නගිද්දී සිවුර ඉරිගිය නිසා එක් ස්ථා නයකදී

නැ වතී සිවුර මසා ගත් බවත්, එනිසා එම ස්ථා නය ගෙ ත්තම්පා න නමින් එදා සිටම හැ ඳින්වෙ න බවත්

ජනප්රවා දයේ සදහන් වෙ නවා … එක් ජනප්රවා දයකට අනුව පැ වසෙ න්නේ පර්වතය මත වැ ඩසිට

ඉරීගිය තම චීවරය උන්වහන්සේ පර්වතය මත එලු පසු, එය දුටු මා රයා බුදුන් වහන්සේ විනා ශ කිරීමට

විශා ල ජල ධා රා වක් කඳු මුදුණින් මවා පහළට එවූ බවත්, මහත් වූ වේ ගයකින් පහළට ඇදී ආ ජලකඳ

බුදුන් වහන්සේ වැ ඩ සිටි තැ නින් දෙ කට බෙ දී පහළට ගැ ලූ බව කියවෙ නවා …

ඝණ අන්දකා රයත් වර්ෂා වත් මැ දින් ටො චි එළි ආලො කයෙ න් සීත ගඟුලත් ( කුරු ගඟ ) ධර්මරා ජ ගලත්

පසු කරන්නට සිදුවුවෙි හිතේ කණගා ටුවක් එක්ක… දැ කගන්න තවත් ආස කල ස්ථා නයක්, රා ත්රියෙ එ

ගල් පඩි ගණන් කරමින් මං නැ ග ගියෙ ආයෙ ත් දවසක එන බව අදිටන් කරගනිමින්… ගල් පර්වතයේ

කපන ලද පියගැ ට පෙ ළ සියයකට අධික ප්රමා ණයක් හමුවෙ නවා …. එ ස්ථා නයෙ එක්තරා කා ලයක

ධර්මරා ජ නම්, තා පසයකු වා සය කළ බවත්, එතුමා වෙ ද වනරා ජ පෙ රු මා ල් නම් ආරච්චිගේ උදව් ඇතිව

මෙ ම පියගැ ට පෙ ළ කරවූ බවත් ධර්මරා ජ නමි සෙ ල්ලිපියේ සඳහන් වෙ න බව පැ වසෙ නවා …. මෙ ම

සෙ ල් ලිපිය සමඟ එහි තා පසතුමා ගේ රු වද කො ටා ඇති බවයි පැ වසෙ න්නේ … කෙ සේ වුවත් සෙ ල්

ලිපිය නමි පර්වතය පා මුල පසට යටවි ඇති බවයි පැ වසෙ න්නේ ..

ආඬියා මලතැ න්න අමිබලමෙි රා ත්රිය ගත කරන්න සැ ලසුමි කර සිටියත් වර්ෂා වත් හෙ මින් ගමන නිසා

කා ලය ගෙ වි යා මත් හෙ තුවෙ න් එදා රා ත්රිය හැ රමිටිපා න අමිබලමෙි ගත කරන්න යො ජනා උනා …

හැ රමිටිපා න අමිබලමට එන අතරමග තවත් අමුත්තෙ ක් දැ ක ගත හැ කි උනා … අවදා නයෙ න් නො ගියා

නමි කණ්ඩා යමෙි ඉදිරියෙ න් ගිය කෙ නෙ ක්ට අනතුරක් සිදු වෙ න්න ඉඩ තිබුණා … මෙි ඉතිං එයා ලා ගෙ

කා ලය. අපි යන්නේ අවා රේ පො ලො න් තෙ ලිස්සෙ ක් අපට ඇස ගැ ටුණේ එ විදිහට.. එ විතරක් නෙ වෙ යි

නිකි බලු යා ළුවා ත් එක් තැ නකදි කටුස්සෙ කුට බියවි බුරා ගෙ න අපි අතරට පැ න්නේ මා ව නමි හො දටම

බය කරලා …

වැ ස්සෙ තෙ මිලා හො දටම තෙ හෙ ටිටුවෙ න් හැ රමිටිපා න අමිබලමට පැ මිණි අපට වෙ හෙ සට වඩා

තිබුණේ කුසගින්න… ඇගපත සො දා ගෙ න ඉක්මනින් රැ ගෙ න පැ මිණි පා න්, සිනිසමිබල් , ජැ මි, බටර්,

සො ස් සියල්ල ලං කරගත්තේ කො පි එක නිවෙ න්න කලින් කා ලා බිලා නිදා ගන්න….

පසුදා පා න්දරම නැ වත කරු ණා කරන්න කතිකා කර ගත්තත් කිසිවෙ කුත් ගමන ඉක්මන් කලෙ නැ

නැ වත.. එ නිසා ම උදැ සන ආහා රයත් හැ රමිටිපා න අමිබලමෙි සිටම රැ ගෙ න යන්න සුදා ණමි උනේ මෙි

හිමිදිරියෙ ඈතින් ඉද අපට අඬගසන සමනො ළ කන්ද දිහා බලා ගෙ නමයි…. විටින් විට සුදු සේ ද

සළුවකින් වසා ගන්නවා වගෙ මීදුම අස්සෙ න් ඉඟි බිඟි පා න සමනො ළ ඟිර දිහා බලා සිටියදි වෙ ලා ව

ගතවි තිබුණේ අපටත් නො දැ නිමයි..

7kmදි හමුවන හැ රමිටිපා න සිය වන්දනා ගමන සා ර්ථක වුවහො ත් සමන් දෙ වියන්ට හැ රමිටියක් පූජා

කරන බවට අතීතයේ දී වන්දනා වේ ගිය බැ තිමතුන් පො රො න්දු වූ බව ජනප්රවා ද වල කියවෙ නවා ….

මෙි කියන ස්ථා නයේ ඇති ප්රපා තා කා ර බෑ වුම නිසා හැ රමිටිවල ආධා රයෙ න් බැ තිමතුන් කන්ද නැ ග

යන්නට ඇතැ යි සිතන්නට පුළුවන්.. දම්වැ ල්වල එල්ලී නැ ගීමට තිබුණු මහ ගිරි දඹය පා මුල පිහිටි මේ

කො ටසට නැ ග යැ මට හැ රමිටි භා විතා කරන්නට ඇති එ කා ලයෙ …. ඒ හැ රමිටි කඳු පර්වත අසල

ගො ඩ ගැ සෙ න්නට ඇති…. ඉතිං හැ රමිටි ගො ඩක් ගො ඩගැ සුනු නිසා එ ස්ථා නය හැ රමිටිපා න නමින්

ව්යවහා ර වූ බව ජනප්රවා ද වල සදහන් වෙ නවා .. අවා රේ යන මම බා ර උනා වා රේ දි නැ වතත්

හැ රමිටියක් පුජා කරන්න…

හැ රමිටිපා න අමිබලමට 50mක් පමණ දුරින් ගල්වං ගෙ ඩිය හමු වෙ නවා . එ ගැ න හරිහැ ටි සදහනක්

නැ .. විශේ ෂත්වය තමයි ශ්රී පලා බද්දල මා ර්ගය හා කුරු විට එරත්න මා ර්ගය එකට හමුවන ස්ථා නය

මකර තො රණට පහලින් විම… මකර තො රණ පිහිටි ශ්රි වනරතන විවෙි කා රා මය පසු කර ඉහලට

කරු ණා කල මම නමි මෙි පා රා දිසයේ අතරමං උවත් සැ පයක්යැ යි සිතෙ න තරමි සුන්දරත්වයට වශි

උනා ….. ඇත්තමයි අවා රේ අඬවිය කියන්නේ දිව්යලො කයක්…. ඉල්ලන්නේ එක දෙ යයි මෙි දිව්යලො කය

ආරක්ෂා කරන්න පන මෙ න්….. මෙි ගස් කතා කරනවා … ඉහලට නැ ඟි සුළග මීදුම එක්ක වෙ ලි ඔවුන්

කතා කරනවා … නෙ කවිද කුරු ළු ශබිද සවනත පිනවන්නේ අමුතුමවු මිහිරියා වකින්… නවතින්නමයි

හිත..

වා සනා ව කියන්නේ අපේ නඬෙි හදිසිකා රයො නො මැ ති විමයි… පරිසරය විදින ගහා කො ළට සතා

සිවුපා වුන්ට ආදරය දක්වන පිරිසක් මා වටා සිටිම ගැ න මම ස්තුති වන්ත වෙ න්නේ මෙි විශ්වයට…

මැ ල්ලමළ කඳුර පසු කර ආඬියා මලතැ න්න අමිබලම අසලට පැ මිණෙ න ගමන් මා ර්ගය නමි

දිව්යලො කයක්… අඬවියටම ආවෙි නිකවු මල් වලින් පා ර දෙ පසම අලං කා රවි තිබුණේ හරියට අපිව

පිළිගන්න වගේ …. එ තරමි දැ ස් වශි වන සුන්දරත්වයක්… දිය ඇලි ලො කයක්.. වනමල් වලින් පා ර

දෙ පසම අලං කා ර කර තිබුණේ පඩියක් පඩියක් ගා නේ මගේ දෙ පා නතර කර එ සුන්දරත්වය විදින්නම

සො බා දහම දුන් තැ ග්ගක් වගේ ….

මැ ල්ලමළ කඳුර පසු කරන් මුළු දුරින් 7.7kmක් පමණ ගමන් කල පසුයි ආඬියා මලතැ න්න අමිබලම හමු

වන්නේ . මෙි ස්ථා නය පිළිබදවත් කතා වක් තිබෙ නවා .. සීතා වක දෙ වැ නි රා ජසිං හ රජතුමා ගේ කා ලයේ දී

ශ්රී පා දස්ථා නයේ පා ලනය ශිව දෙ වි භක්තිකයන්ට පවරා තිබෙ නවා … දේ වා ලවල වතා වත් කිරීම

සඳහා ශ්රී ලං කා වට පැ මිණි හින්දු තා පසයන් එවක හඳුන්වන ලද්දේ ආඬි යන නමින්.. ඔවුන් මෙ හි

පැ මිණ ඇත්තේ දකුණු ඉන්දියා වේ “ආන්ද්ර” දේ ශයෙ න්… ඔවුන්ට සන්නා සි කියලත් කියවෙ නවා …. ඉතිං

මෙි සන්නා සියන්ගේ නා යකයා මියගිය ස්ථා නය ආඬියා මල තැ න්න නමිනුයි ජනවහරේ සඳහන්

වෙ න්නේ …..

මම එ අසලට පැ මිණෙ න විට උදැ සන 9.48යි… එහි සිට 1km පමණ දුරක් යා යුතුයි මළුවට… ලග ලගම

පෙ ණෙ න ශ්රිපා දස්ථා නය දිහා බලා ගෙ න ලො කේ ලස්සනම පඩිපෙ ළ දිගේ මීදුම අතරින් ඇවිද යනවා

කියන එක මගේ ජිවිතේ මං ලබපු වචනයෙ න් විස්තර කල නො හැ කි අත්දැ කීමක්.. ඇත්තටම කදු කතා

කරනවා …. පඩි එකින් එක නැ ඟගෙ න මම ඇවිද ගියෙ දෑ සින් එ චමත්කා ර දර්ශනය නිසා ඇතිවු

සතුටට කදුළු කැ ට කීපයක් පිට පනිද්දි… මගෙ හදවත බදු මා ප්රිය කරන පෙ මි කරන අඬවිය… එ

සුන්දරත්වයෙ පහස විදින්න මො නතරමි නමි මම හීන දකිනවා ද…. අවා රයෙ සිරිපා මළුව සිපගෙ න

හමන මද සුළගත් ගතේ හැ පි යද්දි දැ නෙ න සැ ණසීම කියා නිම කල නො හැ කියි… වසනා වට වර්ෂා වෙ න්

කිසිදු බා දා වක් නෑ …

ඇහැ ල කණුව අඩි දෙ කක් පමණ උස සිලින්ඩරා කා ර ගලින් නිමැ වුණු ස්ථම්භයක්, එත් මෙ දා දැ කිය

හැ ක්කේ කො ටස් දෙ කක් වශයෙ න්…. අතීතයේ දී මෙ හි තිබෙ න්නට ඇත්තේ ඇහැ ළ ලීයෙ න් තැ නූ

කණුවක් හො ඇහැ ල ගසක් විය හැ කියි… වන්දනා කරු වෝ මෙි ස්ථා නයෙ දි තමයි සුදු පිරු වට

අදින්නේ ….. තව මං අහලා තියනවා චා රිත්රයක් විදිහට ඇහැ ළ කණුවේ දී වන්දනා කරු වෝ හුණු

තවරන බවක්…

ඇහැ ල කණුව , හුලං කපො ල්ල , මහා ගිරිදබය පසු කර මම මළුවට පැ මිණියෙ තනිවම… මගෙ නඬයෙ

දෙ දෙ නෙ ක් කලින්ම මළුවට කරු ණා කරලා … ඉතිරි අය හෙ මින් එන තෙ ක් මම මහා ගිරිදබ කරු ණා

කලා ඉක්මනින්… සුමන සමන්දෙ විහා මුදුරු වනේ ගෙ පිහිටෙ න් කිසිදු කරදරයක් නො මැ තිව වන්දනා

කරගත්තා අවා රේ සිරිපා කරු ණා ව…. ඉතිං මට නවතින්නමයි හිත… එත් නැ වත යා යුතුයි ගමිබිමි

කරා … නැ වත පහලට කරු ණා කරන්න සඳගලතැ න්න මා ර්ගය වෙ ත පැ මිණියෙ නැ වත නැ වතත් උඩ

මළුව දෙ ස හැ රි බලන ගමන් වා රේ ත් මම එන බව සිතා ගෙ න අඬවියෙ සුන්දරත්වයෙ න් මුළු හදවතම

පුරවා ගෙ න….

ස්තුතිවන්ත වෙ නවා මගෙ මිතුරන්ට වගෙ ම මෙි ගමන යන්න අවශ්ය තො රතුරු ලබා දුන් මිත්රයන්ට….

ඉල්ලන්නේ එක දෙ යයි… යන්න විදින්න වන්දනා කරන්න එත් මෙි සුන්දර පරිසරය විනා ස කරන්න එපා ..

ප්ලා ස්ටික් පො ලිතින් වලින් තො රව එන්න.. තමන් ගෙ නෙ න ප්ලා ස්ටික් පො ලිතින් මෙි පරිසරයට

මුදා හැ රීමි නො කර එවා නැ වත රැ ගෙ න යන්න… රකින්න මෙි අපේ රටෙි සුන්දරත්වය.

නිසංසලා රණසිංහ

2024 – Jan – 10

ලෝකයේ කාලීන  පුවත් එසැනින් අකුරු කරන, කටකාර තරුණයා 

THILAN JAYASEKARA

තිලාන් ගෙ නම ගම පවුලේ විස්තර ටිකක් කිව්වොත්?

 මගේ සම්පූර්ණ නම තිලාන් දර්ශන ජයසේකර. පවුලේ විස්තර විදියට කියන්න තියෙන්නේ මම එංගලන්තයේ ජීවත් වෙන්නේ මගේ බිරිඳත් එක්ක. ඒ වගේම ලංකාවේ මගේ අම්මා තාත්තා එකම සහෝදරයා ජීවත් වෙනවා. මම එක්සත් රාජධානියට සංක්‍රමණය වෙලා ටික කාලයක් වෙනවා. ඉතිං ඒ විදියට තමයි මගේ පවුලේ විස්තර 

ඔබ ජනමාද්‍යවේදීයෙක්. මේ ගමන්මඟේ ඇරඹුම කොහොමද සිද්ධ වුණේ ?

ඒක නම් කොහොම කොතනදි ආරම්භ උනාද කියන්න හරියටම දන්නේ නෑ. මම කැම්පස් කාලේ ඉඳලම මාධ්‍ය වලට සම්බන්ධ වෙලා කටයුතු කරා. විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍යත් එක්ක. පස්සේ අමාත්‍යාංශයකට සම්බන්ධව මාධ්‍ය සම්බන්ධිකරණ ලේකම්වරයෙක් විදියට කටයුතු කරන්න ලැබුනා. දැන් නම් ඉතිං නිදහස් මාධ්‍යවේදියෙක් විදියට ලංකාවේ මාධ්‍ය ආයතන කිහිපයක් සමඟත් සමාජ මාධ්‍ය වලත් වැඩ කරමින් ඉන්නවා.

තිලාන් ලංකාවෙන් පිට ඉන්න ජනමාද්‍යවේදීයෙක් විදියට, ලියන්න සහ අදහස් පළකරන්න  තියෙන නිදහස ගැන කොහොමද දැනෙන්නේ ?

ඒක නම් අති විශිෂ්ඨයි. විශේෂයෙන්ම මම ලංකාවේ වගේම එංගලන්තයේත් දේශපාලනය ගැන, තත්කාලීන වෙනස්කම් ගැන නිතරම ලියන කෙනෙක් විදියට හරිම නිදහසක් මට දැනෙනවා ඕනි දෙයක් බය නැතුව ලියන්න පුළුවන් වීම ගැන. අපි දන්නවා ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න ලියන්න තියන නිදහසට පවතින සීමාවන් ගැන. ඒත් එක්සත් රාජධානිය වගේ රටක ඉද්දි අපිට ඇත්ත තොරතුරු ඒ විදියටම ලියන්න අවශ්‍ය වටපිටාව හොඳටම නිර්මාණය වෙලා තියෙනවා.

ඒ වගේම විදෙස් මාධ්‍ය ගත්තත. ලංකාවේ මාධ්‍ය සමඟ සංසංදනය කරනකොට මිනිස්සුන්ගේ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය සැහෙන්‍න දුරට රකිනවා කියන එක පේනවා. තව මට කියන්න තියෙන්නේ එංගලන්තය වගේ රටවල මාධ්‍ය හැසිරීම සහ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම ඉතාම ඉහළ මට්ටමක තියනවා.

 මාධ්‍ය කලාවේ ඔබේ පසුබිම සහ අත්දැකීම් ගැන අපට කියන්න පුළුවන්ද ?

මම කලින් කිව්වා වගේම මගේ අධ්‍යාපනික පසුබිම මාධ්‍යයට කිසිම සම්බන්ධයක් නෑ. මගේ අධ්‍යාපන පසුබිම වගේම වෘත්තීය වෙන්නේ ගණකාධිකරණය. ඒත් මට අවස්ථාව ලැබුනා මම දන්න දේ සහ මම සොයාගන්න දේ රටට මිනිස්සුන්ට කියන්න සහ ලියන්න. ඒ දේ මම දැනටත් කරමින් ඉන්නවා. මම ලියන දේවල් කියවන පිරිස සහ ඒවායින් ප්‍රයෝජන ගන්න පිරිස ඉතා විශාලයි කියලා මට දැනිලා තියනවා. මට කියපු අය ඉන්නවා. ඉතිං ඒ අත්දැකීම් මට විශාල සතුටක් මේ මාධ්‍යකරනය ඉස්සරහට කරගෙන යන්න.

ඔබ ලංකාවෙ දේශපාලනය ගැන වැඩි උනන්දුවක් තියෙනවා කියලා කිව්වොත්  ? 

ඔව්. මම විශ්වාස කරනවා සෑම මිනිසෙක්ම දේශපාලන සත්වයෙක් කියන එක. ඒ වගේම පුරවැසියන් විදියට අපි හැමෝම දේශපාලනය ගැන උනන්දු වෙන්නම ඕනි. මිනිස්සු එහෙම නොවී ‘අපි හම්බකරොත් අපි කනවා’ කියන විකාරයක් ඔළුවට දාගෙන රටේ දේශපාලනය ගැන උනන්දුවක් නොදක්වන නිසාම තමයි අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ.

මම ලංකාවේ ඉන්න කාලේ දේශපාලනයට සම්බන්ධව ක්‍රියාකාරීව වැඩ කරා. ඉතිං ඒ උනන්දුව එක්සත් රාජධානියට ආවා කියලත් අඩු වෙලා නෑ. ලංකාවේ දේශපාලකයන්, ලංකාවේ දේශපාලන පක්ෂ එක්ක සම්බන්ධ වෙලා වැඩ කරමින් අපේ ලංකාව කොතනදි හෝ හරි මාර්ගයකට ගන්න පුළුවන් වෙයි කියන උවමනාවෙන් අපි තවම වැඩ කරමින් ඉන්නවා. මාධ්‍යවේදියෙක් විදියටත්, පුරවැසියෙක් විදියටත් අපිට ඒ වගකීමෙන් මිදෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් වඩා යහපත් රටක් බිහිකරීමේ අරමුණින් තවමත් අත නොහැර වැඩ කරනවා.

 ඔබේ වාර්තාකරණයේ නිරවද්‍යතාවය  ඔබ සහතික කරන්නේ කෙසේද?

සාවද්‍ය වාරතාකරණය හෝ ඕපදූප වාර්තාකරණය මාධ්‍යකරුවෙකුගේ වගේම මාධ්‍ය ආයතන වලත් ජීවිත කාලය ඉතා ඉක්මනින් අවසන් කරනවා. මම කියන්නේ මාධ්‍ය ජීවිතය .ඒ නිසා සෑම විටම නිවරදිම මාධ්‍යකරනයට මාධ්‍යවේදීන් හුරුවිය යුතුමයි. පෞද්ගලිකව මම ලියන අකුරු වලට මම වගකියන මිනිහෙක්. විශේෂයෙන්ම තත්කාලීන සිදුවීම් වාර්තා කරන කෙනෙක් විදියට පුළුවන් තරම් මූලාශ්‍ර එකතු කරගෙන තමයි මම දේවල් ලියන්නේ. විශේෂයෙන්ම විදෙස් මාධ්‍ය වල ඉංග්‍රීසි භාෂාවෙන් වාර්තා වන ඒත් ලංකාවේ මාධ්‍ය වාර්තා නොකරන ඒ වගේම ලංකාවේ මිනිස්සු දැනගත යුතුයි කියලා හිතෙන හැම දෙයක්ම වගේ මම ලියනවා. එතකොට ඒ ගැන පලවෙච්ච මාධ්‍ය වාර්තා කිහිපයක්ම පරිශීලනය කරලා තමයි ඒ ගැන ලියන්න මම කටයුතු කරන්නේ.

තාක්‍ෂණය සහ සමාජ මාධ්‍ය අද පුවත්පත් කලාවේ ඉටු කරන කාර්යභාරය කුමක්ද?

මේ වෙනකොට මිනිස්සුන්ගේ තොරතුරු දැනගැනීමේ හැකියාව අසීමිත වෙලා තියනවා. ඒකට ප්‍රධාන හේතුව තාක්ෂණය. තාක්ෂණය කියන්නේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය. ශ්‍රව්‍ය දෘෂ්‍ය සංකලනයන් විදියට පවතින සමාජ මාධ්‍ය හේතුවෙන් සමාජයේ ඕනෑම මට්ටමක පුද්ගලයෙකුට මොන විදියකින් හරි ලෝකය පුරාම සිදුවන තොරතුරු ගලාගෙන එනවා. එතකොට මිනිස්‍සු සංස්කරණය කරලා තෝරාගත් තොරතුරු පමණක් බෙදාහරින සාම්ප්‍රදායික මාධ්‍ය කෙරෙහි තියන අවධානය අඩු වෙනවා. ඒක පුවත්පතටත් පොදු ඉරණමක්. ඉතා වේගයෙන් ලෝකයේ පුවත්පත් අළෙවිය පහත වැරටනවා. මිනිස්සු ඒ වෙනුවට විවිධ කියවීමේ මාර්ග වෙත ආකර්ෂණය වෙනවා. 

තිලාන්ගෙ මතය අනුව, පුවත්පත් කලාව සමාජය තුළ ඉටු කරන කාර්යභාරය කුමක්ද?

ඒක ලෝකයේ රටින් රටට වෙනස් වෙනවා කියන එකයි මගේ අදහස. අපිට පුරුදු ලංකාවේ තවමත් එක පරම්පරාවක් අත පුවත්පත තාම රැඳෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වලට හුරු නොවුනු අපේ තාත්තලාගේ පරම්පරාව. ඉතිං ඒ නිසා පුවත්පතට තවමත් අත්හැරිය නොහැකි වගකීමක් හා කාර්‍ය්භාරයක් තියනවා ඒ පරම්පරාව තොරතුරු වලින් දැනුවත් කිරීමට. ඒ වගේම අපි ගත්තොත් රටක කලාවට, සංස්කෘතියට සහ අධ්‍යාපනයට සේවයක් කරන්න තවමත් පුවත්පතට ඉඩ වෙන්වෙලා තියනවා. ඒ ඉඩ ලංකාවේද එංගලන්තයේද කියලා සීමාවක් නෑ. ඒක මම හිතන්නෑ දැන් අපි කතා කරන ලියන සමාජ මාධ්‍ය වලට විතරක් කරන්න පුළුවන් දෙයක් කියලා.

කවදා හරි දේශපාලනට එකතු වෙන්න අදහසක් තියනවාද?

ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම කවදා හරි සම්බන්ධ වෙන්න නෙමෙයි මම කලිනුත් කිව්වා වගේම අපි මේ වෙනකොටත් දේශපාලනය කරමින් තමයි ඉන්නේ. මම විශ්වාස කරන්නේ දේශපාලනයට සම්බන්ධ වෙනවා කියන්නේ මැතිවරණයකට ඉදිරිපත් වීමම නෙමෙයි. ලංකාවේ දේශපාලන දිශානතිය තීරණය කරන්න ක්‍රියාකාරීව මැදිහත් වෙනවා කියන්නෙම දේශපාලනය කරනවා කියන එක තමයි. දේශපාලනය කරනවා කියන එකෙන් ඔබ අදහස් කරන්නේ ඡන්දෙ ඉල්ලනවා කියන එක නම්, කාලයකදි මම ඇත්තටම එහෙම අදහසක හිටියා නමුත් මේ වෙනකොට අපේ රටෙ මිනිස්සු මේ දේශපාළඥයන්ට වෛර කරන විදියට ඔබ හිතනවද සිහියක් තියන මිනිහෙක් මැතිවරණයකට ඉදිරිපත් වෙයි කියලා.

අපි මැගසින් එකත් එක්ක සම්බන්දවීම සහ මැගසින් එක ගැන හිතෙන දේ කිව්වොත්

අපි මැගසින් එකට සම්බන්ධ වෙන්න මෙච්ච ප්‍රමාද වීම ගැන තමයි මට තියන කණගාටුව. මේ වෙනකොට පුරා වසර 4ක් විදේශගතව ඉන්න ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් සාර්ථක මෙහෙවරක යෙදෙන අපි මැගසින් එකට මම මීට වසරකට පමණ කලින් සම්බන්ධ වෙන්නේ ගයාන්ගේ ආරාධනාවක් මත. මම හරි සතුටින් ඒ ආරාධනාව බාරගෙන හැම කලාපයකටම මගේ අදහසක් මම අපි මැගසින් එකට එකතු කරනවා. මම විශ්වාස කරනවා තව දීර්ඝ කාලයක් මේ ඊ සඟරාව එක්සත් රාජධානිය ඇතුළු රටවල වෙසෙන ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් සේවය කරයි කියලා. මම කලින් තැනක කිව්වා වගේ පුවත්පතේ කාර්‍ය්භාරය හීන වෙමින් යන යුගයක පුවත්පතේ කාර්‍ය්ත් නූතන මාධ්‍ය කාර්‍ය්ත් එකට ඉටු කරන අපි මැගසින් එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා.

2024 – Jan – 09

2024  මේ ඔබේ වසරයි…..

A new year is nothing.but a new opportunity to restart and do things better than before.

ඔබට කොතෙක් දුර යා හැකිද යන්න තීරණය කළ හැක්කේ ඔබට පමණයි.ඔබ ඔබේ හැකියාවට වඩා ප්‍රබල දෙයක් කිරීමට සැලසුම් කිරීමේදී එය අසාර්ථක වුවහොත්. ඔබ නිසැකවම අසතුටට පත්වනු ඇත.ඔබේ ජීවිතයේ නිසි තැනට ගේන්න යමක් ඔබට කරන්න අවශ්‍යයි නම්,ඔබට පැහැදිලි නිවැරදි ඉලක්ක තිබිය යුතුයි .එබැවින් මෙම වසර ඔබ යහපත් වීමට තීරණය කරන වසර බවට පත් කරගන්න.

ඔබ 2024 ට සූදානම්ද?

මේ අවුරුද්දේ ඔබ ඔබව ඔසවා තබන හැම දෙයක්ම කලයුතුයි.ඔබ අතීතය ගැන මැසිවිලි නැගීම නවත්වන වසර මෙය කරගන්න.ඔබ නිදහසට කරුණු නොකියන වසර මෙය  කරගන්න.ඔබ ඔබේ අධිෂ්ඨාන පැහැදිලිව ඔළුවෙන් දැක එය ළඟා කර ගන්න වසර මෙය කරගන්න.ඔබ නිවැරදි මානසිකත්වයකින් සූදානම් වුවහොත් ඔබගේ අධිෂ්ඨාන සිහින කරා යෑම ඔබට සිහිනයක් නොවනු ඇත.දැන් අපට ප්‍රශ්නයක් නැගෙනවා.අපි මෙම වසරේ නිවැරදිව මානසිකත්වයකින් අධිෂ්ඨාන කරා යන්නේ කොහොමද?ඔබට ඔබගේ උපරිමයෙන් යමක් කරන්න පුළුවන්නම් ඔබගේ ඉලක්ක සිහිනයක් නොවනු ඇත.2024 දැනටමත් පැමිණ ඇත.

ජීවිතය දෙස බලන්න එය අහම්බෙන් සිදුවූ දෙයක් නොවේ.එය හාස්කමකින් සිදුවන දෙයක් නොවේ ජීවිතයේ ලස්සනට හැඩගස්වා ගත හැක්කේ තමන්ටම පමණි.එසේ නම් ජීවිතයේ ලස්සනට නිර්මාණය කිරීමට හැකි හොඳම ක්‍රමය වන්නේ කුමක්ද?හොඳම ක්‍රමය තමයි ආරම්භ කිරීම.

මේ වසරේ ඔබ ඔබ වෙනුවෙන් සෑම මොහොතක්ම උපරිමයටම කරගෙන යා යුතු වෙනවා.හිත් රිදීම් තැලීම් පොඩිවීම් ඇතුළින් ඔබ ඉදිරියටම  ගමන් කළ යුතු වෙනවා.උඹේ වැරදි වලට පාඩම් ඉගෙන ගත යුතුයි.

ඔබ ඒ සඳහා ඔබටම සමාව දිය යුතුයි.ඒ වගේම අන් අය අතින් වෙන සුළු සුළු වැරදි වලට සමාව දීමට ඔබ පුරුදු විය යුතුයි.එවිට ඔබට ඉදිරියට යා හැකියි.ඔබටත් ප්‍රබල දීප්තිමත් බලවත් අනාගතයක් ඇත.බලවත් අනාගතයට පිවිසීමට කාලය මෙයයි.

අපි හැමෝම මුහුණ දෙන අභියෝගයක් තමයි තේරීමේ අභියෝගය.තේරීමේ අභියෝගය යනු සියලුම දේ අතරින් හරිම දේ තෝරා බේරා ගැනීමයි.මුලින්ම ඔබ ඔබව හඳුනාගත යුතුයි.ඔබට ගැලපෙන්නේ කුමක්ද ඔබට නොගැලපෙන්නේ කුමක්ද එය ඔබේ හොඳින් වටහා ගත යුතුයි.ඔබ මෙතෙක් කල් කරපු තෝරාගැනීම් හැමදේම නිවැරදිද?අවංකවම කල්පනා කළහොත්.?ඔබට උත්තරේ ඇයි නැහැ.නමුත් අපිට සියලු දේ කිරීමට මායාවක් ඇත එම මායාව ජයගැනීමට අපිට හැකියාව තිබෙනවා නම් අපිට ඕනෙම දෙයක් කල හැක.ඔබ  මුහුණ දෙන යම්කිසි අභියෝගයක් ඔබ සාර්ථකව ජය ගැනීම මුහුණදීම ඔබට ඇති මායාවයි.තවද මේ ඔබේ වසර විය හැකියි.

2024 මෙම වසරේ ඔබ සියලු අරගල හරහා යා යුතුයි. අභියෝග සියල්ල ජයගත යුතුයි. ඔබ යමක් කිරීමේදී ඔබ දියුණු වීමට යෑමේදී මිනිස්සු ඔබම නොසලකා හරි. මිනිස්සු ඔබව අවතක්සේරු කරයි. නමුත් ඔබ ඉදිරියටම යා යුතුයි.ඔබට අනිවාර්යෙන්ම ජයගත හැක .ජීවිතය ඔබට හැකි තරම් තදින් පහර දෙයි.නමුත් ඔබ අවසානය තෙක්  වැරෙන් අල්ලාගෙන සිටිය යුතුයි.අතීත වැරදිවලින් ඔබව නිර්වචනය කිරීමට ඉඩ නොදෙන්.නමුත් ඔබගෙන් යම් කිසි වරදක් සිදුවුවහොත් ඔබ ඒ නිවැරදි කිරීමට උත්සාහ කරගන්න.නැවත එම වරද සිදු නොවීමට වග බලා ගන්න.ඔබට අවශ්‍ය පමණින් සියල්ල අවසන් නොවේ.නමුත් ඔබට හැකි පමණින් යමක් කර ගැනීමේ හැකියාව ඔබ තුළ පවතී.මෙම වසර ඔබට වාසිදායකම වසර කර ගැනීමට ඔබ වග බලා ගත යුතුයි.දැනටමත් ඔබ අධිෂ්ඨානයේ ඉලක්ක සිහින කරා යන ගමන ආරම්භ කළේ නැත්නම් එය ආරම්භ කල යුතු කාලය මෙයයි.ඔබ විනෝදයෙන්  සැහැල්ලුවෙන් කරපු කාලේ අවසන් මදකට තිත තබන්න.

ඔබට යමක් සාර්ථක කර ගැනීමට ඔබගේ උපරිම කැපවීම උත්සාහය අවශ්‍යයි.ඔබගේ පාදය වතුරේ ඔබා තැබීමෙන් ඔබට සාගරය ගවේෂණය කළ නොහැකියි.සාගරයේ ගවේෂණය කිරීමට අනිවාර්යයෙන් කිමිදිය යුතුයි.

ඔබ සැමවිටම ඔබවහන්සේට ඔසවා තබන්න උත්සාහ කරන්න.

ඔබ ඔබගේ හිණි පෙත්ත තරණය කරන වසර මෙය කරගන්න.

ඇත්තටම ජීවත් වෙනවා කියලා තමන්ට දැනෙන්න ඕනේ නේද?ඔව්.

ඔබ කොතරම් කාර්යබහුල වුවත්.ඔබ අධිෂ්ඨාන අරමුණු ජයගන්නවා මෙන්ම ඔබගේ ජීවිතය සතුට හා ප්‍රීතියෙන්ද ජයගත යුතුයි .දිනපතා ඔබ සිනහවකින් අවදි විය යුතුයි.ඔබ වෙහෙසට පත් වූ විට ඔබ කනස්සල්ලේ සිටින විට ඔබේ පවුලේ අය සමග එකතුවී පොඩ්ඩක්  නිවි සැනසිල්ලේ කාලය ගත කරන්න.නැතිනම් පොතක් කියවන්න උත්සාහ කරන්න.

ඔබට අනිවාර්යෙන් ජීවිතය ජය ගන්න අවශ්‍යයි.අතරමගදී ඔබගේ දුර්වලතා  ඔබටම හමුවන ඇත.නමුත් ඔබ ඔබව විශ්වාස කළ යුතුයි.ඔබ වැටෙන හැම අවස්ථාවකදීම ඔබ ඔබ වෙනුවෙන් සිටිය යුතුයි.කිසිවෙකුට ඔබ වෙනුවෙන් ඒ කර නොහැකියි. ඒ කළ හැක්කේ ඔබට පමණයි.ඔබගේ කැපවීම උත්සාහය අධිෂ්ඨානය කරා යන ගමන ඔබට නතර කර නොහැක.ඔබට පසුවට කල් දැමිය නොහැක .ඔබ ඔබ වෙනුවෙන් කැප විය යුතුයි.සාර්ථකත්වය ලැබෙන්නේ වැඩ කරන අයට පමණක් බව අප හොදින් දන්නවා.ඔබ හැම වෙලාවෙම උපරිමයෙන් කරන්න උත්සාහ කරන්නේ නැහැ.ඇයි?ඔබ උපරිමයෙන් සිදු කරත් ඔබ පරාද වෙවී ද යන බය ඔබගේ හිතේ තියෙනවා.ඔබ ඔබව අවතක්සේරු කිරීමේ කාලය නවත්තන්න.පරාජය හෝ ජයග්‍රහණය සමසේ  විදදරා ගැනීමෙන්  ඔබ උපරිමය හැම වෙලේම කරන්න ඔබ උත්සාහ කළ යුතුය.මොකද ඔබ උපරිමයෙන් කරන හැම අවස්ථාවකම ඔබට දිනන්න වාර බොහොමයක් ඇත.ඔබ සටන් කරන්න.ඔබ විශ්වාස කරන්න.ඔබට අවශ්‍ය දේ ඔබ තුළ නැත එය නාස්ති නොකරන්න.

සැම විටම ඔබේ සිහිනය විශ්වාස කරන මිනිසුන් සමග වැඩි කාලයක් ගත කරන්න.ජීවිතය හැඩ කරන ජීවිතය කියා දෙන මිනිසුන් සමග වැඩි කාලයක් ගත කරන්න.හැම ක්‍රීඩාවක්ම දිනන්නෙ ඉනිමකින් ඔබට ජීවිතේ ඉනිමකින් ජය ගත නොහැකියි.

ඉතින් නෝනා වරුනි, මහත්වරුනි,

මෙම වසර ඔබගේ ප්‍රබලම වසර බවට පත් කරගන්න උත්සාහ කරන්න.ඔබේ වටිනාකම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබෙන වසර මේ කරගන්න.පසුගිය වසරේ ඔබට කළ යුතුව තිබූ දේවල් කිරීමට කැප වන්න.කිසිම වසරක් හොඳයි නරකයි කියා බෙදිය නොහැක.සෑම වසරක්ම ලස්සන වසරක් ලෙස නිර්මාණය කළ හැක්කේ තමන්ටම පමණයි.ලබන සතිය ලබන මාසයේ ලබන වසරේ යනුවෙන් හෙට දිහා බලන එක ඔබ නැවැත්වුවහොත්.ඔබ අදින් පටන් ගත්තොත් ඔබගේ ජීවිතය සාර්ථක වේ .එවිට මෙම වසර ඔබට පැහැදිලි පිරිසිදු ඔබගේ ඉලක්ක අරමුණු අධිෂ්ඨාන කරා යන ප්‍රබලම වසරක් වනවා නොඅනුමානයි.

ඉතින් ඔබට ජය!

සටහන 

නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ