Month: March 2022
රන්මසු උයන
සැගවී ගිය ඉතිහාසය සොයා
ලංකා ඉතිහාසයේ පෞඩත්වය කියා පාන ඓතිහාසික සිද්ධස්ථාන වලට නමි මාගේ සිත බැදි තිබෙන්නේ පුදුමාකාර විදිහට…. නවීන ලෝකයේ කොන්ක්‍රීට් තටිටු වල මොනතරමි වර්ණ ආලේපිත කර අලංකාර විදුලි බුබුලු වලින් නිමවා සිතුවමි කර තිබුණත් හිත පැහැදෙන්නේ නමි නෑ… පැරණි නටබුන් ඇති භූමියකට ගිය විටකදී දැනෙන හැඟිම කියා නිම කල නොහැකියි… මා ප්‍රිය කරන්නේ එවැනි තැන්වල ඇවිදිමත් එ ඉතිහාසය හාරා අවුස්සා ඉන් ඔබිබටම පිය නැඟිමත් පමණයි..
ලංකා ඉතිහාසය ගැන සොයා යද්දි මොනතරමි දේවල් අපෙන් සගවා ඉතිහාස කතාව ලියා ඇතිදැයි සිතෙන්නේ කනගාටුවක් එක්කමයි.. සමහර ස්ථානයන් හි ඇති විශ්මිත නිර්මාණ අදහාගත නොහැකියි.. ඇත්තෙන්ම මාගේ ප්‍රියතාවයත් එ හෙළ ඉතිහාසයේ විශ්මිත තාක්ෂණය ගැන සොයා යැමයි..
ඉතිං අද මම අපි මැගසින් එක ඔස්සේ ඔයාලාට අරන් එන්නේ මගේ හිතම සොරා ගත් තවත් විශ්මිත ස්ථානයක් ගැන… එ ඉසුරුමත් මුණිගේ ඉසුරුමුණියේ ඇති රන්මසු උයනේ සක්වල චක්‍රය ගැන වගේම බොහො අය කතා කරන මිනිසා සහා අශ්ව හිස පිළිබදව…
මෙි අහස මොනතරමි දේවල් දකිනවා ඇතිද…. මෙි ගහාකොල මොනතරමි දේවල් දිහා බලන් ඉන්න ඇතිද… පැරණි නායකයින් අද වගේම එදාත් අපෙන් මොනතරමි දේවල් සගවාලන්නට ඇතිද…. අප පිළිගත යුත්තේ පත පොතෙහි සදහන් දේ විතරමද?… ඉන් එහාට කිසිවක් සොයා යන්න අවසර නැතිද?…. සැඟවි ගිය හෙළ ඉතිහාසය තරමි රසවත් කුතුහලය දනවන මාතෘකාවක් මට නමි තවත් නොවන තරමි…. මහා පොළොවෙි ඇති නටබුන් වගේම ඈත අහසේ තාරකා ගැනත් මගේ හිත ඇදි යනවා… එ තරමට මෙි මහා පොළවත් එක්ක සමිබන්දතාවයක් තාරකා වලට තියනවා..
ලංකා ඉතිහාසයට වැඩිම උරුමකම්ක් ඇති වැඩිම නටඹුන් ප්‍රමාණයක් ඇති අනුරාධපුර රාජධානියේ ඇති තවත් රමණිය ස්ථානයක් තමයි ඉසුරුමුණිය…. අටමස්ථානයට අයත් නොවුනත් අනුරාධපුර වන්දනාවෙි යන අය මගහැර නොයන ස්ථානයක්.. තිසා වැවට පහලින් ගල් කුළු මත ඉදිවි ඇති මණරමි ඉසුරුමුණිය වැද පුදා ගන්න අනුරාධපුර වන්දනාවෙි යන පිරිස් අමතක නමි කරන්නේ නෑ… එත් එ යන අය අතර ඉසුරුමුණිය ගැන හරියටම දන්නේ හොයන්නේ කීයෙන් කී දෙනාද?…
ගොඩක් අයට නමි ඉතිං ඉසුරුමුණිය කිවුවාම මතක් වෙන්නේ පෙමි යුවලව.. අද මම ආවෙි එ ගැන කතා කරන්න නමි නොවෙයි…. මොකද මෙි වන විට ඉසුරුමුණි පෙමි යුවල ගැන නොදන්නා කෙනෙක් නොමැති නිසා.. සමහර පුද්ගලයන් එහි ගොස් කරනා දේවල් දුටුවාම මට නමි හිතට දැනෙන්නේ කණගාටුවක්…. බුදුගෙයට දකුණු පසින් ඇති පැන් පොකුණටත් ඇත් රුප ඇති ගල ඉහලින් ඇති කවුළුවටත් මිනිසුන් කාසි දමන්න පුරුදු වෙලා… හිතාගත නොහැකියි එ තරමි අපේ මිනිසුන්ගේ මානසිකත්වය ගැන…..
ඉසුරුමුණිය ගැන විස්තර සොයා යන විට මිහිඳු මා හිමියන් මේ ස්ථානයේ වැඩසිටි බවත්, එ කලයේ මෙි ස්ථානය “මේඝගිරි” විහාරය නමින් හැඳින්වූ බවත්, වර්ෂාව ලබා ගැනීම සඳහා උත්සව පැවැත්වූ මෙිඝ වන නමි රජතුමෙකුගේ මගුල් උයන පිහිටා ඇත්තේද මේ ආසන්නයේ බවත් පැවසෙනවා….
දේවානම් පියතිස්ස රජතුමා මේ විහාරය කරවුයේ මිහිඳු හිමියන් ළඟ පැවිදිවූ එතුමාගේ බෑනා කෙනෙකුවූ අරිට්ඨ කුමාරයා ඇතුළු පන්සියයක් වෛශ්‍ය කුලයේ දරුවන් වෙනුවෙන් බව ඉතිහාසයයේ සදහන් වෙනවා.. වංශ කතා පොත්වල මේ විහාරය ඉස්සරසමනාරාම,කසුන්ගිරි වෙහෙර ආදී නම් වලින්ද හඳුන්වා දෙනවා…
එ වගේමයි රාවණ යුගය දක්වාද ඉසුරුමුණිය ඇදි යන බවත් පැවසිය යුතුමයි.. ඉසුරුමුණිය යනු ඉසුරුමත් මුනි නමි මුනිවරයා වාසය කල ස්ථානය ලෙසටත් හදුන්වනවා දිය හැකියි.. මෙහි ඇති බොහො ගල් ගැටයමි වලින් නමි එ බව හැබැවක් බව සිතන්නට පුළුවන්.
ඉසුරුමත් මුනි යනු මහා රවණයන්ගෙ පියා විශ්‍රවස් මුනි නමි වෙසමුනි ලෙස හදුන්වනවා.. වෛයිශ්‍රවන / වෙස්සවණ ලෙස සතරවරම් දෙවිවරුන් අතරට සිටින වෛයිශ්‍රවන දෙවියන් මොහුයි… කොටි ලක්ෂයක් යක්ෂයන්ට අධිපති දෙවියන්ද මොහුයි.. සතරවරම් දෙවිවරුන් සිටි මාලිගා පිහිටා ඇත්තේ මෙි මහා පොළොවෙිම නමි ඉසුරුමුණිය යනු වෛයිශ්‍රවන දෙවියන්ගෙ මාලිගයදැයි මොහොතකට මට සිතෙනවා..
ඉසුරුමුණි විහාරය අසල ඇති පොකුණට ඉහලින් ගල් තලාව මත කැටයමි ගණනාවක් දක්නට ලැබෙනවා.. ඇත් රුප වගේම මිනිසා සහා අශ්ව හිස සහිත කැටයම ඔබ දැක ඇති. බොහො අය මෙි පිළිබදව බොහො නිගමන ඉදිරිපත් කර තිබුණත් තවමත් ස්ථිරවම මෙි කවුරුන්දැයි නිගමනය කරලා නමි නෑ..
ඉතිහාසය පිරික්සා බැලිමෙිදි ගැටලුවක් පවතිනවා.. ඉසුරුමුණිය භික්ෂූන් වහන්සේලාට පුජා කිරිමට ප්‍රථම මෙි ස්ථානය භාවිතා කලේ කවුරුන්ද ?… එ පිළිබදව සොයා බැලුවොත් ඔබව මම ඉහත කී මහා රාවණ යුගය දක්වා රැගෙන යනු ඇත…
කෙසේ වෙතත් ඉතිහාසයේ බොහො දේවල් යටපත් කර ඇති බව නමි කිව යුතුමයි.. මෙහි සිටි ඉසුරුමත් මුනි වරයා කවුරුන්ද? ඇත් අස් රිය පාබල සේනාවලින් සමන්විතව විරාජමානව වැජඹුණු මහා කළුගල් කුටිටි කල එ ගල් මත කැටයමි කළ එ මහා තාක්ෂණය කාගේ විය හැකිද? පත පොතෙහි පමණක් ලියා ඇති දේ අප විස්වාස කල යුතුද… ගැටලුව එතනයි…. මෙහි ඇති සමහර නිර්මාණය වල කාලය තාමත් නිගමනය කර නෑ… ඉතිං මෙහි සිටියා යැයි පැවසෙන ඉසුරුමත් මුනිවරයා අන් කවරෙකුවත් නොව එ මහා රාවණගේ පියා වන විශ්‍රවස් මුනිවරයා නොවන්නේද….
මිනිසා සහා අශ්ව හිස සහිත කැටයමෙන් නිරුපණය වන්නේ ඉසුරුමත් මුනිවරයා බවයි මාගේ මතය. එ ඔහු වාඩිවි සිටින ඉරියවුවෙන් එ බව පැවසිය හැකියි…. මා හට නමි එය දුටු විට දැක ගත හැකි වුවෙි බොහො වෙිලාවක් යාගයක හො භාවනාවක නිරතව සිටිමෙන් සිරුරේ ඇති වන අපහසුතාවය නිසා සිරුර සැහැල්ලු කරගැනිමට පහසු ඉරියවුවකට මාරුවි සිටින ආකාරයක්.. එය මගේ මතයක් පමණක් බව සදහන් කරන්න කැමතියි… අවට වට පිටාව සමග මෙි කැටයම සසදා බැලිමෙිදි මට නමි එසේ සිතුනා. එ වගේම අශ්ව හිස නිසා මෙි ලෙසත් සිතිය හැකියි.. බොහො වෙහෙසකාරි ගමනාත්තයකින් පසු අසු පිටින් බැස වෙහෙස නිවාගන්නා ආකාරයක්දැයි සිතෙනවා.. මෙි මාගේ මතයක් පමණයි..
නමුත් මෙි පුරාණ කැටයමි ගැන නිගමනයකට එන්නට කාටත් අපහසුයි…. එහි සත්‍ය සොයා යාම මොනතරමි අඟනේදැයි වැටහෙන්නෙ මෙි ඉතිහාසය මොනතරමි දේවල් සගවාගෙන සිටිනවාදැයි හැගෙන විටයි… යමි කිසි සලකුණක් දුටු විට එය කුමක්දැයි විමසා බලන්න වගේම එ පිළිබදව සොයා බලන්න නිගමනය කරන්න අපට අයිතියක් තියනවා.. එත් බොහො දේවල් රහසක් ලෙස තබාගෙන කටයුතු කරන්නට සිදුවි ඇත්තේ මෙි සමාජයේ බොහො පිරිසකගේ නොදැනුවත්කම නිසා ඉතිහාසය විහිළුවක් කරගන්නා ගමන් එ දේවල් වලට විනාශය ලගා කරවිමයි…
ඉසුරුමුණි විහාරයට දකුණු පසින් පිහිටා ඇති තවත් අපුරු ස්ථානයක් තමයි රන්මසු උයන…. රථ ගාලත් එක්කම දකුණු පස.. අද එහි ගුප්ත සොබාවයකට උරුමකමි කියයි…. එහි ඇතුල් වෙන විටම නමි මට දැණුනේ අමුත්තක්… මෙි කරුණත් පැවසිය යුතුමයි… තිසා වැව පාමුල ඇති ඉසුරුමුණියත් රන්මසු උයනත් එ කාලයේ මොනතරමි අලංකාරව සුන්දරව තියෙන්න ඇතිද…. රන්මසු උයනේ ඇති ගහා කොල හරි අමුතුයි.. බොහො සෙයින් වෙනස් බවක් මා දුටුවා.. වෙනත් තැන් වල වගේ නොවෙයි එහි ශාක , පත්‍ර, අතු , ඉති හැමදේම එහා සම වෙනත් තැනක ඇති වෙනත් ශාක වගේ නොවෙයි. එහි වෙනසක් තිබෙනවා…. ඔබත් එහි යන්න.. හොදින් බලන්න… ඔබටත් එය වැටහෙවි..
එදා රන්වන් මසුත් පිරි රන්මසු උයනේ අද එ රන්වන් මසුත් නැති සිදි ගිය පොකුණු තිබුණත් බොහො දෙනාගේ අවදානය දිනා ඇත්තේ එහි ගලක තිරස් අතට කොටා ඇති සටහන වෙතයි… බොහො අය මෙය සක්වල චක්‍රය ලෙස නමි කරලා තියනවා.. ඉතිං එ ගැනත් මං ඔබට විස්තර ගෙන එන්නමි…
රන්මසු උයනේ ඇති මෙි සටහන මුලින්ම සොයාගෙන ඇත්තේ මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එචි . සී. පී . බෙල් මහත්මයා… ඉන් පසු මෙි පිළිබදව බොහො දෙනා බොහො මතිමතාන්තර ඉදිරිපත් කර තිබෙනවා… මෙි කරුණත් කිව යුතුමයි.. පුරාණ කාලයන්ට අයිති සංකේතයක් වගේම එ සංකේත අයිති තැනක මෙි සංකේතයෙන් සදහන් කරන්නේ මෙන්න මෙික කියලා අපිට එක පාරටම නිගමනය වලට එමට නොහැකියි.. එ මන්දයත් එ සංකේත වලින් සදහන් කර ඇති දේ අර්ථ දැක්වීම ඉතාම අපහසු කාරණයක් නිසා..
යමි පිරිසක් ගත් විට එක එක අයගේ එක එක අදහස් තිබිය හැකියි.. එ මෙවැනි නිර්මාණ වලට අරථ දැක්වීමක් නොමැති නිසා.. එ නිසාම ඔිනෑම අයෙක්ට මෙි පිළිබදව අර්ථ දැකිවිමට පුළුවන්.. සක්වල චක්‍රය ලෙස මෙි සටහන යමි පිරිසක් හදුන්වා දෙන විට තවත් පිරිසක් මෙයට star geat ලෙස ඉංග්‍රීසියෙන් හදුන්වනවා…
STAR GATE එහෙමත් නැතිනමි සක්වල චක්‍රය නොහොත් තාරකා දොරටුව ගැන විස්තර කරනවා නමි මිටර් 1.8 ක විශ්කම්භයකින් යුතු වෘත්තාකාර චක්‍රයක්.. එහි විශේෂිතවූ රුප මෙන්ම අක්ෂරද ජ්‍යමිතික සංකේතද සත්ව රුපද දැකගන්න පුළුවන්…. මෙහි පිටත චක්‍රය තුල ජලජ සත්ව රුප එකම දිශාවකට පිහිනා යන ආකාරයෙන් දක්වා තිබෙනවා…. හරියට පෘථිවිය එක් දිශාවකටම කරනවා වගේ..
පිටත චක්‍රය තුල ඇති ජලජ ජිවින් ලෙස මුහුදු බෙල්ලන් , මුහුදු අශ්වයින් , කැස්බෑවන් , ඉබිබන් , කකුළුවන් , මුහුදු සිංහයින් , දැල්ලන්ද පැහැදිලිව දැකගත හැකියි…
මෙහි සදහන් වෘතය මධ්‍යයේ හරි හතරැස් කොටුවක් තුල වෘත හතක් දැක්වෙනවා… එ වටා විවිද පරිමාණයෙන් යුත් කොටු දක්වා ඇති අතර සෑම කොටුවක් මැදම කිසියමි ජ්‍යමිතික හැඩතලයක් බැගින් දක්වා තිබෙනවා…. එම හැඩලත අතර කොටස් හතරකට බෙදෙන ලද කුඩා වෘත කිහිපයක්ද චක්‍රයට සමාන හැඩතලද හදුනානොගත හැකි සංඛෙිතද දැකගත හැකියි… .
මෙම චක්‍රයේ ඉහල කොටසේ බ්‍රහ්මීය අක්ෂරයෙන් “පනතිපනශ” යනුවෙන් කොටා තිබෙනවා….. මෙහි අදහස නමි , පන ( ප්‍රණ ) තිපනශ ( පනස් තුන ) යන්නයි සෙනරත් පරණවිතාන මහාතා විසින් ප්‍රකාශ කර තිබෙන්නේ.. මෙම චක්‍රයේ ඇති සත්ව රුප හා ජ්‍යමිතික හැඩතලවල එකතුව පනස් තුනයි….. සත්ව රුප විස්ස හා ජ්‍යමිතික හැඩතල එකතුව තිස් තුනක එකතුව පනස් තුනයි….
එ වගේම මෙි ගැණත් සදහන් කල යුතුමයි… මෙි හා සමාන වන්නාවූ තවත් විශ්ව සලකුණු දෙකක් ලොකයෙන් සොයාගත හැකිව තිබෙනවා. පෙන්ටගනයේ එ හා සමාන වු සලකුණුත්, මිසර ශිෂ්ටාචාරයේ කොපු නමි වු පිරමිඩයේ සලකුණත් සමාන බවයි පැවසෙන්නේ…..
මෙි පිළිබඳව පුරාවිද්‍යා ගාවෙිශක එචි ඩබිලිවු කුමාරතුංග මහතාගේ මතය වන්නේ මෙහි මධ්‍යම වු චක්‍රය පෘථිවිය ලෙසත් එවැනිම වමිපසින් වු චක්‍රය වෙනත් විශ්වයක් බවත් පෘථිවියේ සිට එතනට ඇති දුරත් මෙයින් නිරුපණය කරන බවයි. මෙම විශ්ව යතුර වෙනත් ලොවකට පිවිසුමක් යැයිද ඔහු පවසනවා….
මෙම වෘතයේ එක් පසෙක එකක් වසා ඇති ආකාරයත් අනෙක් පස එය විවෘතව ඇති ආකාරයත් කිසියමි පනිවිඩයක් කියා පාන බවයි පවසන්නේ…. පිටසක්වල ජිවින් සමග මහා රාවණා රජු හා සමකාලිනයන් සමිබන්දතා පවත්වා තිබුණ බවත්, පිටසක්වලයන්ගෙන් ලබාගත් දැනුම භාවිතා කරමින් හෙළයො බොහො දේ සිදුකර ඇති බවත් තතු දන්නො පවසනවා…
හොදම නිදසුන වන්නේ ඔිරායන් තරු රාශියෙහි බදපටියේ තරු ත්‍රිත්වය , ගීසා පිරමිඩ ත්‍රිත්වය හා ලංකාවේ ජේතවනය රුවන්මැලි හා අභයගිරිය දාගැබි එකම රේඛාවක එ හා සමාන වීමයි. එ වගේම එ ආසන්නයේම ඇති මෙි සක්වල චක්‍රයත්..
යමි කිසි පුරාවිද්‍යා ස්ථානයක නටඹුන් වගේම යමි සලකුණු ඇති තැන්වලට ගිය විට සලකුණු දෙස පමණක් විපරමි කර බැලිමයි බොහො අය කරන්නේ. නමුත් එ ආශ්‍රිත වටපිටාවටත් තමන්ගේ අවදානය ලබා දුන්නා නමි නොයෙක් විසදාගන්න නොහැකිවු ගැටලු විසදා ගත හැකියි… රන්මසු උයනේදි මා ලද අත්දැකීම මා දුටු දේවල් සියල්ල මෙහි සටහන් කල නොහැකියි… එ අන් කිසිවක් නිසා නොවෙයි මගේ ගුරුතුමා මා හට දි ඇති උපදෙස් පරිදි කටයුතු කිරිමට මා පොරොන්දුවි ඇති නිසාමයි.. තමන් දන්නා ආරක්ෂා කලයුතු යමි කරුණක් වෙි නමි එය සත්‍යවාදී යැයි හැගෙනා අයට පමණක් පවසන්න එයයි මගේ ගුරුවරයා මට දි ඇති අවවාදය..
මාගේ සිතම භාවනාවකට සම වැදුණු තවත් තැනක් ලෙස රන්මසු උයන සදහන් කල යුතුමයි. දීර්ඝ කාලයක් එකම තැනකට පිරිසක් එක් උන හොත් එහි බිමට කුමක් සිදුවෙිවිද… විශේෂයෙන් ගලක් මතට… මා මෙය පමණක් ඔබට පවසන්න කැමතියි.. සක්වල චක්‍රය පිහිටා ඇති ස්ථානයේ ආසන හතරක් සලකුණු කර ඇති බව ඔබත් දැක ඇතියි. මෙි ආසන පිහිටි ගල වෙත ඔබෙි අවදානය යොමු කලේ නමි ඔබටද වැටහෙනු ඇත.. එනමි රන්මසු උයනේ ඇති වෙනත් ස්ථාන හා මෙි පිහිටි ගල සැසදිය නොහැක… බොහො පිරිසකගේ පාද ස්පර්ශය දිගින් දිගටම ලැබු නිසා මෙි ගල මටසිළුටු වි ඇත.. එ වගේම නිරුවත් දෙපා වලට එහි සිසිලස දැනෙනු ඇත…. මෙි ආසන මත ඉදගත් පසු එක එල්ලේම පෙණෙන්නේ සක්වල චක්‍රය ලෙස නමි කර ඇති මෙි අපුරු සටහන පමණයි… ඉතිං බොහො දේවල් අපිට සිතන්න නිගමනය කරන්න පුළුවන්…
මෙය ලොක සිතියමක්ද? එහෙමත් නැත්තමි වෙනත් සමාන්තර ලොකයක් හා සමිබන්ද විය හැකි දොරටුවක්ද? එහෙමත් නැත්තමි භාවනාවකදි හිත එක තැනක තබා ගැණිමට යොදාගත් සලකුණක්ද? කොයි කාට උනත් එ ගැන අදහස් දක්වන්න පුළුවන්.. එ වගේම තවත් කරුණක් සදහන් කල යුතුයි.. අද වන තෙක් කිසිවෙකුත් මෙම සිතියම පිළිබදව නිගමනයකට පැමිණ නොමැත. මෙිවැනි උරුමයක් හිමි ලංකිකයන් වන අප මහා අභිමානවත් ඉතිහාසයකට උරුම කමි කියන්නොයි.. එබැවින් අප එ සියළු දේ ආරක්ෂා කල යුතුයි. රන්මසු උයන අදවන විට වල් බිහිවිමට පටන්ගෙන ඇත. තාරකා දොරටුව අවු වැසි වලට නිරාවරණය වි විනාශයට ලගාවෙමින් පවතී…මෙය රැකගැණිම හෙළ සිංහලයො වන අපගේ වගකීම නොවන්නේද…
මා මෙහි කීපවතාවක්ම ගිය පසු දුටු දෙවල් බොහොයි.. කිසිවෙකුට පැවසිය නොහැකිදැ මා දැක ගතිමි … නමුත් තවත් එක් දෙයක් මෙහි සටහන් තබමි.. එනමි මෙි සක්වල චක්‍රය බලාකියා ගැනිමට මිනිසෙකු එහි සිටි. එහි පැමිණෙන සියල්ලන්ටම මෙි චක්‍රය ඇල්ලීමට ඉඩදෙයි… ඔහු අල්ලන්නැයි කියා කියයි.. එ නිසාම ඉහල වෘතයෙ තෙල් පැල්ලමි දකින්නට තිබෙි.. කාලයක් සමග දිගින් දිගටම මෙි පුද්ගලයා මෙි ක්‍රියාව සිදුකලහොත් වෙන්නේ කුමක්ද…. සලකුණ මැකි යා හැකිය..
ඔහු පවසන දෙවල් එහෙන් මෙහෙන් අහුලාගෙන කියන එවා බව පැහැදිලියි… මා විසින් මගේ පවුලේ අයට පවසන ලද තරමක් විස්තර නිසා ඔහු පුදුම උවා මා දුටුම.. ” ඇත්තටම නොනා කවුද ?” එ ඔහු මගෙන් ඇසු එකම ප්‍රශ්නයයි… මා අවට පරිසරය නිරික්ෂණය කරන්නට පටන්ගත්තෙමි…. මට ඔහුගේ වැල්වටාරමි වලින් පලක් නැත.. මදක් එහි එක් ආසනයක ඉදගෙන මා දැස් පියා ගතිමි.. නමුත් විනාඩියක් ගෙවෙන්නට මත්තෙන් මගේ සිත මට දැඩිව පැවසුවෙි අවට බලන ලෙසයි… ඉතිං මා සියැසින් දුටු දේවල් බොහොයි..
රාවණ ඉතිහාසය දක්වා දිවයන මෙිහි සත්‍ය තොරතුරු සැඟවි තිබිමයි සුදුසුම ….ලොකය යන්නේ විනාශය කරා .. ඉතිං බොහො අයට හෙළ ඉතිහාසය විහිළුවක් වි අවසන්.. කවුරුන් හො වෙිවා ඉතිහාසය ගැන දන්නා සත්‍ය දේ රහස් ලෙස තබාගෙන සත්‍යවාදියැයි හැගෙන අයට පමණක් පවසන්න….. එ වගේම මිල කල නොහැකි වටිනාකමි ඇති මෙවන් සථාන ආරක්ෂා කරන්න… රැගෙන යන ටොෆි කොලයක්වත් එහි නොදමා එන්න තරමි කාරුණික වන්න…
නිසංසලා රණසිංහ
සම්බන්ධතා ගැන හිතන්නට යමක්…
සන්ෆලවර්ස් / Sunflowers 🌻
සන්ෆලවර් සීඩ්ස් (Seeds) විටම්න් බහුල පෝෂ්‍යදායක ආහාරයක් බව සහ ආහාර පිසීමේදී සන්ෆලවර් ඔයිල් (Oil) භාවිතා කර ගැනීම ඉතාමත් හිතකර බව ඔබ දන්නවා ද?
මෙම ලිපිය කියවා මේ පිළිබදව වටිනා විස්තර රැසක් ඔබේ දැනුම පොතට එකතු කර ගන්න.
The National Garden Bureau ආයතනය 2021 අවුරුද්ද “Year of the Sunflower” ලෙසට නම් කර තිබෙනවා.
“Helianthus annuus” කියන්නේ සන්ෆලවර් වලට කියන විද්‍යාත්මක නාමයයි. මෙම විද්‍යාත්මක නම හැදිලා තියෙන්නේ helios (“sun”) සහ anthos (“flower”) යන ග්රීක් (Greek) භාෂාවෙන් එන වචන දෙකක එකතුවෙනි.
ඇමරිකාව සහ මෙක්සිකෝව යන රටවල්වල් සන්ෆලවර් මුලින් ම වගා කිරිම ආරම්භ කර තිබෙනවා. ඉන්පසු යුරෝපියන් සහ ඒශියන් (European and Asian) රටවල්වලත් සන්ෆලවර් වගාව බහුලව ප්‍රචලිත වෙලා තිබෙනවා.
සන්ෆලවර් බොහෝ දුරට දකින්නට ලැබෙන්නේ තද කහ පාට වර්ණයෙනි. රතුපාට, තැඹිලි පාට, මෙරූන් පාට සහ දුඹුරු පාට සන්ෆලවර් වර්ගත් අද වනවිට බහුලව දක්නට ලැබෙනවා.
සන්ෆලවර් හිරු එලියේ දිශාවට අනුව හැසිරෙන එනම් හෙලිඔට්‍රොපික් (Heliotropic) ලක්ෂණයෙන් යුතු පැල විශේෂයක් වෙනවා. හෙලිඔට්‍රොපික් ස්වභාවය මල් හටගෙන මුල් කාලයේදී විශේෂයෙන් දකින්නට ලැබෙනවා. මල ප්‍රමාණයෙන් විශාල වී බීජ හට ගන්නා කාලයේදී මලෙහි බර ප්‍රමාණය වැඩිවීම සමග මෙම ස්වභාවය සෙමින් අඩු වී යනවා.
සන්ෆලවර් උෂ්ණත්වයට හොදින් ඔරොත්තු දෙන නිසා, එමෙන්ම කෘමීන්ගෙන් පැලවලට වන බලපෑම ඉතාමත් අඩුවන නිසා වගා කිරිම පහසු පැල විශේෂයක් වෙනවා. එමෙන්ම
මී මැස්සන් සහ කුරුල්ලන්ගේ විශේෂ ආකර්ෂණයක් මෙම අලංකාර මල්වලට හිමි වෙනවා.
මෙම මල්පැල දින 80 ක් 95 ක් අතර කාලයේදි පරිණත ස්වභාවයට පැමිණිනවා. ප්‍රමාණයෙන් විශාල සන්ෆලවර් වර්ග (American Giant Sunflowers) අඩි 15 ක් පමණ උසට වැවෙන බවයි කියවෙන්නේ.
දැනට වාර්තා වුනු උසම සන්ෆලවර් පැලය අඩි 30 යි අගල් 1 ක් උසින් යුතු වේ. මෙය 2014 දී Germany වලින් වාර්තා වී තිබෙනවා. අඩි කීපයක් උසින් යුතු Sunrich or ProCut වැනි නම්වලින් හදුන්වන කුඩා ප්‍රමාණයේ සන්ෆලවර් වර්ගත් දකින්නට ලැබෙනවා.
ඒවගේම විශාල සන්ෆලවර් මල්වල මැද කොටස එනම් සන්ෆ්ලවර් හෙඩ් (Sunflower head) අගල් 12 ක වගේ ප්‍රමාණයකින් විශාල වෙනවා. එවැනි සන්ෆලවර් හෙඩ් එකක් තුල තවත් කුඩා මල් විශාල ප්‍රමාණයක් තිබෙනවා.
සන්ෆලවර් බීජ පැල කිරිමේදී කලින් පැල සුදානම් කිරිමේ ක්‍රියාවලියක් අවශ්‍ය වන්නේ නැත. ඔබ තෝරාගත් බිම් කොටසෙහි පෙර සුදානමකින් තොරව බීජ සිටුවා ගත හැකිය. බීජ පැල කිරීමේදී පැය 6 ක් 8 ක් හිරු එලිය වැටෙන හොදින් ජලය බැසයන බිම් ප්‍රදේශයක් තෝරා ගන්න. සන්ෆලවර් බීජ පැල කිරිමේදී අගල් 1 ක් 1-½ ගැඹුරින් ද පැල අතර පරතරය අගල් 30 ක් ද විය යුතුය.
සන්ෆලවර් සීඩ්ස් මේ විදියට හදලා රස බලන්න…
සන්ෆලවර් සීඩ්ස් Vitamin E සහ Selenium සහිත ඉතාමත් ගුණදායක ආහාරයක් වෙනවා. සන්ෆලවර් සීඩ්ස් මේ ආකාරයට ආහාරය සදහා පිළියෙල කරගත හැකිය. සන්ෆලවර් සීඩ්ස් ලුනු ස්වල්පයක් දමා රැයක් එලිවෙන තුරු වතුරේ පෙගෙන්නට හැර පෙරේනයක් භාවිතයෙන් වතුර ඉවත් කර පේපර් ටවල් (Paper towel) එකකට දමා තෙතමනය අඩු වෙන්නට හරින්න. ඉන්පසු විදුලි උදුනක් (Oven) උෂ්ණත්වය 325 °C තබා විනාඩි 25 ක් 30 ක් පමණ බේක් (Bake) කර ගන්න. ඉන්පසු ඔබ කැමති නම් ඔලිව් තෙල් සහ ලුනු ස්වල්පයක් එකතු කර තවත් රසවත් කර ගත හැකිය. එලවලු සලාද සැදිමේදී සන්ෆලවර් සීඩ්ස් එකතු කරගෙන සලාදයේ රසය සහ ගුණය වැඩ කර ගත හැකිය.
සන්ෆලවර් ඔයිල් (Sunflower oil) සමග නිරෝගී දිවියක්…
සන්ෆලවර් බීජ භාවිතා කර සන්ෆලවර් ඔයිල් සාදා ගත හැකිය. Vitamin E, Omega 3 සහ Omega 6 බහුලව ම ලබාගත හැකි ඉතාමත් ගුණදායි ඔයිල් වර්ගයක් ලෙස සන්ෆලවර් ඔයිල් නම් කල හැකිය. ආහාර පිසීමේදී සන්ෆලවර් ඔයිල් යොදා ගැනිමෙන් ශරීරයට අහිතකර මේදය තැන්පත්වීම අවම කර ගැනීමට මෙන්ම ආහාරවලට හොද රසයක් ලබා ගැනීමට ද ඔබට හැකිය.
ගුණයෙන් සපිරි සන්ෆලවර් සීඩ්ස් සහ ඔයිල් ආහාරයට එකතු කරගෙන නිරෝගීමත් ආහාර රටාවකට හුරුවන්න ඔබටත් හැකි වේවි යැයි අප සිතනවා.
සටහන: අමා නාකන්දලගේ
සමනලුන්ගේ වතගොත
ජීවිත පොත පෙරළන්න, කයින් වගේම මනසිනුත් දියුණු වෙන්න!
ජීවිතය යනු විවිධ විපර්යාස හමුවේ නොසැලී ඉදිරියට යා යුතු දිගු ගමනක්. ඇතැම් විට මේ ජීවිතය උපමා කළ හැකි අපූර්ව සංසිද්ධියක් වැස්ස. අහසේ සිට පොළවට වැටෙන වැහි බිඳු අතුරින් ඇතැම් වැහි බිඳු කෘෂිකර්මාන්තය සරු කරමින් මේ රටේ පමණක් නොව බොහෝ පිරිසකගේ ජීවිතය පවා සාර්ථක කරගැනීමෙහි ලා විශාල මෙහෙයක් ඉටු කරන නමුත් ඇතැම් වැහි බිදු වැටෙන්නේ කොතැනටද, ගලා යන්නේ කොතැනටද කියලා නිශ්චිත අවබෝධයක් දැක්මක් නොමැතිවාක් මෙන් ඔහේ ගලාගෙන යන්නේ තමාගෙන් කිසිවෙකුට පල ප්‍රයෝජනයක් ලබා නොදෙමින්. ජීවිතය ද මෙවැනිම වූ දෙයක්.
ඕනෑම පුද්ගලයෙක් මනුෂ්‍යයෙකු ලෙස මෙලොව උපත ලද දා පටන් ම විවිධ ආකාරයේ වටිනාකම් තමා වටා එක් රොක් කර ගනිමින් නිරන්තරයෙන් වෙහෙසෙන්නේ තම ජීවිතය වටිනා එකක් බවට පත් කර ගැනීමට වුව ද වර්තමානයේ ජීවත් වන ඇතැම් පිරිස් වටිනාකම් වලින් කෙතරම් අනූන වුවත් ඒවායෙන් තම රටට පමණක් නොව තමාට ද ප්‍රයෝජන ලැබීමටත් පෙර ඔවුන් ඔවුන්ගේම ජීවිතය හැර යන අවස්ථා ඕනෑතරම්.
අධ්‍යාපනයෙන්, ගුණධර්ම අතින් කෙතරම් වටිනාකම් අපේ ජීවිතය සතුව පැවතියත් අප එවැනි වටිනාකම් අපේ ජීවිත වලට එක් කර ගත්ත ද ඒවායෙන් ප්‍රයෝජන නොලබා පොදි ගසා තබා ගැනීමෙන් තමාටත් තමා ජීවත් වන රටටත් කිසිදු ඵල ප්‍රයෝජනයක් නොවේ.
මෑත කාලීනව ශ්‍රී ලාංකේය තාරුණ්‍යය තුළ පමණක් නොව ඕනෑම රටක සංවර්ධනයේ පැවැත්ම කෙරෙහි සුවිශේෂීම පිරිසක් වන තරුණ පරපුර තමාගේ වටිනාකම් තුළින් පල ප්‍රයෝජන ලැබීමටත් පෙර තම ජීවිතය අතහැර නැවත නොඑන්නටම යන අවස්ථා ඕනෑ තරම්. අධ්‍යාපනයේ ඉතා අසීරු කඩඉම් පවා ජය ගෙන විශ්වවිද්‍යාල වරම් ලද බුද්ධිමත් යැයි පිළිගන්නා තාරුණ්‍යය තුළ ද සිය දිවි නසා ගැනීම් වර්තමානයේ සුලභ කරුණක්.
ප්‍රේම සබඳතා නිසාවෙන් හෝ වෙනත් කුමන හේතු සාධකයක් නිසාවෙන් හෝ ඔවුන් මෙපමණ කලක් තම ජීවිතයට එක් කර ගත් වටිනාකම් අගයන් තුළින් තමාගේ රටට තමා හැදූ වැඩූ මවුපියන්ටවත් යුතුකම් ඉටු කිරීමට පෙර මෙවැනි තීරණවලට එළඹීම ඉතාමත් කනගාටුදායක තත්වයක්.
එහෙත් මෙවන් පිරිස් අතුරින් තවත් පිරිස් හිසට වහලක් හිතට නිවනක් නොමැතිව වුව ද තමාට ලද ජීවිතය කෙසේ හෝ ගැට ගසා ගන්නට උත්සහ දරති. ඔවුන්ගේ ජීවිතයට කිසිදු වටිනාකමක් එක් කර ගැනීමට නොහැකි වුවද තමා ලද මිනිසත් බවේ වටිනාකම රැක ගෙන ජීවිතය ජය ගැනීමට ඔවුහු වෙර දරති. අධ්‍යාපනයෙන් ධනයෙන් සශ්‍රික නොවුව ද ආත්ම ශක්තිය, අභියෝග ජය ගැනීම වැනි වටිනාකම් ඔවුන් උපදින විටම තම දෑතේ මිට මොලවා ගෙන පැමිණියාක් මෙන් මොවුන් හැසිරේ.
ඕනෑම සමාජ ක්‍රමයක මෙකී දෙපිරිසම ජීවත් වෙයි. එනම් වටිනාකම් තිබුණ ද එහි ඵල ප්‍රයෝජන නොවිඳින පිරිස් හා වටිනාකම් නොමැති වුව ද කෙසේ හෝ තම ජීවිතය රැක ගැනීමට උත්සහ දරන පිරිස් ලෙස ඕනෑම සමාජයක මානව කණ්ඩායම් දෙපිරිසක් ජීවත් වෙයි.
ඕනෑම පුද්ගලයෙකු තම ජීවිතයට වටිනාකම් එකතු කර ගනු ලබන්නේ ඒවා පොදි ගසා ගෙන මිය යාමට නොව, එයින් තම රටට ජාතියට යුතුකම් හා වගකීම් ඉටු කිරීමටය. ඒ නිසාවෙන් වඩා වැදගත් වන්නේ වටිනාකම් එක් කර ගැනීම පමණක් නොව එයින් තමාට මෙන්ම තම රටට තමා හැදූ වැඩූ මවුපියන්ට ද යහපතක් සැලසීමයි.
අධ්‍යාපනයෙන් ධන ධාන්‍යයෙන් කොතරම් සශ්‍රීක වුවද යමෙකුට මේ ජීවිත ගමනෙහි එන අනේක විධ බාධක හමුවේ නොසැලී මුහුණ දීමට ආත්ම ශක්තියක් නොමැත්තේ නම් එවැනි අයෙකු වටා කොතරම් වටිනාකම් එක් රැස් වී තිබුණද පලක් නොවේ. ඒ නිසාවෙන් මිහිපිට ජීවත්වන අප සෑමවිටම උත්සහ දැරිය යුත්තේ වටිනාකම් එකතු කර ගන්නවා සේම ඒවා තුළින් අපට මෙන්ම අප ජීවත් වන රටට සමාජයට අප හැදූ වැඩූ මවුපියන්ට එයින් පල ප්‍රයෝජන ලබා දීමටය.
වටිනාකම් නොවටිනාකම් මැදින් අප මේ ගෙවනජීවිතය අපට සාර්ථක කරගත හැකිවන්නේ අප ඒආකාරයෙන් කායිකව මෙන්ම මානසිකව ද සංවර්ධනය වුවහොත් පමණි. වත්මන් තරුණ පරපුර එය මනාව වටහා ගනිමින් ස්වයං සංවර්ධනය විය යුතු කාලය එළඹ ඇත.
වෛද්‍ය චන්දි රාජපක්ෂ
Doctor of Ayurveda | Motivational Speaker | Counselor
M. Sc., BAMS, B. Sc., CCHRM,
Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology!
කොන්ද කෙලින් තියන් කසාද බඳින්න
වයිෆ් කියනවා අපි වෙනම පදිංචි වෙමු කියලා , මට පුලුවන්ද මගේ අම්මා තනිකරන්න ,ගෑණිට ඕන කුදයක් ගහගන්න කියලා දික්කසාද නඩු දැම්මා , අපි බැන්දේ ආදරේ කරලා , ඒත් මටනම් දැන් එයාව තිත්තයි ,අපේ අම්මා ඔය ඉඳලා හිටලා එක එක අවකැපෙන කතා කියනවා තමයි ,
මොකද වචනයක් දෙකක් කිව්වා කියලා ඉතින් ඇඟේ වැදෙන වයෑ , ගෑණු උනාම පොඩ්ඩක් ඉවසන්න බැරිද ?
ගෑණු නම් ඕන තරම් හොයාගන්න බැරි යෑ , හැබැයි අම්මලා එහෙමද , උපන්දා ඉඳලා කන්න බොන්න දීලා හදපු අම්මට සමාන කරන්න පුළුවන් ද මේ කොහෙවත් හිටපු ගෑණු .
ගෑණු වගේද අම්මා ..????
මේ ටික මෙහෙම කිව්වේ දන්න කියන පිරිමි යාලුවෙක් උනාට , මේ කතාව මීටත් වඩා බරට කියන පිරිමි අපේ සමාජයේ තොග පිටින් ඉන්නවා .
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා , නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා කියලා,නෝනයි අම්මයි අතර ලස්සනට ජීවිතේ බැලන්ස් කරන්න ගොඩක් පිරිමින්ට බැහැ ,ඇත්තම කිව්වොත් ගොඩක් පිරිමින්ට එහෙම කරන්න කොන්දක් නැහැ .
අන්න ඒ නිසා,
ලංකාවේ බහුතරයක් කසාද ජීවිතවල , ” නැන්දම්මා ” හිටගෙන ඉන්නේ හරිම අවලස්සන තැනක .
එකෙනුත් සාපේක්ෂව ගත්තහම දරුණුවටම රිදෙන තැනක හිටගෙන ඉන්නේ ඉන්නේ ” පිරිමියාගේ අම්මා ”
නැන්දම්මා මෙහෙමයි , ඇරෙහෙමයි , කියලා නන්දම්මලගෙන් දුක්විඳපු ගැහැණු පිරිමි දෙපැත්තට බෙදුවොත් , නැන්දම්මලා නිසා දුක් විඳින ගැහැණු ගාන , පිරිමි ගානට වඩා දහස් ගුණයකින් විතර වැඩිවෙලා තියෙයි .
මහත්තයාගේ අම්මා බැන්නා , හස්බන්ඩ්ගේ අම්මා හින්ට් ගැහුවා , වද දුන්නා කියලා කවුරුමහරි ගැහැණියෙක් අඬනවනම් දුක් විඳිනවනම් , සම්පුර්ණයෙන්ම ඒ වගකීම ගන්න ඕනේ ඒ ” පිරිමියා” මිසක් අර නැන්දම්මා නෙමෙයි .
සරළවම කිව්වොත් ,බැන්දට පස්සේ නැන්දම්ම නිසා කවුරුම හරි ගැහැණියකගේ ජීවිතේ අවුල් වෙනවනම් ඒ වගකීම 200% ම පිරිමියා දරන්න ඕනේ. අම්මට තාත්තට ඕන විදිහට විතරක්ම ජීවත් වෙන්න හිතන් ඉන්න පිරිමි කසාද බඳින එක අපරාදේ , තවත් ගැහැණු ජීවිතයක් අසරණ කරන්නේ නැතුව එයාලා සදාකාලිකවම අම්මාගේ ඔඩොක්කුවලම ඉන්න එක තමයි හොඳම දේ .
කසාදයක් බඳින්න නම් අවුරුදු 16 සම්පුර්ණ වෙන්න ඕනේ කියලා නීතියක් දාලා තියෙන්නේ , කෙනෙකුට ස්වාදීනව ජීවිතේ තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ යමක් කමක් තේරෙන්නේ අවුරුදු 16ක් වත් උනාට පස්සේ කියලා දන්න හින්දා.
හැබැයි දාසයෙන් පස්සේ ගන්න තීරණත් මඩේ හිටවපු ඉනි එක එක්කෙනා තට්ටු කරනකොට එහාට මෙහාට වැනේනවානම් වයස ගියාට ඒ වගේ මිනිස්සු කාසද බඳින්න සුදුසු නැහැ .
ලංකාව වගේ ආසියාතික රටවල් වල තදින්ම මුල් බැහැලා තියන “මාතෘත්වය “කියන කාරණාව ඉස්සරහ , දරුවෝ බිරිඳ නෙමෙයි , දෙවියෝ බුදුන් වත් සමාන නැහැ කියලා තමයි සම්මතය හැදිලා තියෙන්නේ .
අන්න ඒක නිසා , අම්මාද බිරිඳද කියලා තීරණයක් ගන්න වෙන වෙලාවේදී ,පුරුද්දට වගේ මුළු සමාජයම ගන්නේ ” අම්මා “කියන චරිතය පැත්ත තමයි .
හැබැයි , තමන්ගේ බිරිඳත් අම්මා කෙනෙක් කියන එක ගොඩක් පිරිමින්ට මතක නැහැ , එහෙම මතක් උනත් ඒක ප්‍රසිද්දියේ පිළිඅරගෙන බිරිඳගේ පැත්තේ හිටගන්න ගොඩක් පිරිමින්ට හයියක් නැහැ .
එන්න ඒ වගේ කශේරුකාවක් නැති පිරිමියෙක්ගේ බිරිඳක් වෙනවා කියන්නේ ඉතින් ජීවිත කාලෙම පවක් ගෙවන්න ලැස්ති වෙනවා කියන එක තමයි .
අන්න ඒ නිසා , ගැහැණියෙක් විදිහට විදිහට ආදරේ කරන්න , හරි කසාද බඳින්න හරි පිරිමියෙක් තොරගන්නකොට උප්පැන්න සහතිකේ පුරුෂ කියල තිබ්බට , ජීවිතේ තීරණයක් ගන්න වෙන වෙලාවක නියම පිරිමියෙක් විදිහට තීරණයක් ගන්න බැරි පිරිමියෙක්ව නම් ජීවිතයට ලන්කරගන්න එපා .
අවුරුදු දහසය පහුවෙලා ස්වාදීන මිනිහෙක් විදිහට සමාජ ගත උනාට පස්සෙත් , අම්මගේ උකුලේ හුරතල් වේවි , චාටු බස් අහ අහ , උක්කුන් බිබී අම්මගේ සියලු තීරණ වලට හිස නමා අම්මව සනසවා , බිරිඳව රිදවුවාට කමක් නැහැ කියලා විශ්වාස කරන,නමට පිරිමි වුන පිරිමි ආත්ම කසාද බඳින්න හිතන එක ගැහැණු ආත්ම තමන්ටම කරගන්න අවැඩක් .
තමන් පිරිමියෙක් විදිහට තමන්ට කැමති කාන්තාවක් එක්ක විවාහ වෙලා , තමන් හදපු කුටුම්බය ඇතුලේ තීරණ ගන්නකොට , ඉන්නේ කොහෙද , කන්නේ මොනවද , ළමයි කී දෙනෙක්ද , කියන එක තීරණය කරන්න ඕනේ සැමියා සහ බිරිඳ මිසක් , අම්මා , තාත්තා , අයියා , අක්කා නෙමෙයි .
එහෙම ස්වාදීනව තීරණ ගන්න බැරි කසාද ජීවිත නූල් කැඩිච්ච සරුංගල් වගේ , හුළඟ හැරෙන හැරෙන පැත්තට වැනෙනවා .
මේ මගේ කොල්ලා , එයා වෙනුවෙන් මම අච්චර දුක් වින්දා , මෙච්චර වින්දා , ඒ නිසා කොල්ලා ඉන්න ඕනේ මගේ ළඟ , කියලා සැමියාගේ අම්මා පුතාව ළඟ තියාගන්න ඉල්ලන ඉල්ලීම සාදාරණයි නම් , මේ මගේ කෙල්ල , කෙල්ල වෙනුවෙන් මම මෙච්චර කළා , අච්චර විඳේව්වා , මගේ දුව මට ඇස් දෙක වගේ , දුව ඉන්න ඕනේ මගේ ළඟ කියලා , දුවගේ අම්මා ඉල්ලන ඉල්ලීමත් ඒ තරමටම සාදාරන වෙන්න ඕනේ .
එතකොට අපිව හැදුවා , අපි වෙනුවෙන් දුක් වින්දා කියලා ඒ වෙනුවට හිලව් වෙන්න දෙමව්පියෝ ළඟ ජීවත් වෙන්න , එයාලගේ අදහස් වලට ජීවත් වෙන්න පටන් ගත්තොත් , කුටුම්බය ඇතුලේ , සැමියා , බිරිඳ දරුවෝ කියන න්‍යාය වෙනුවට , සැමියාගේ අම්මා , සැමියාගේ තත්තා , සැමියා බිරිඳ , බිරිඳගේ අම්මා , බිරිඳගේ තත්තා , දරුවෝ වෙන්න ඕනේ නේද ?
ඔහොම අච්චාරු වෙච්ච ජීවිත ඉන්දියාවේ කතා වල වල තිබ්බට , ප්‍රයෝගිකව එහෙම හවුලේ ජීවත්වෙන්න විසිඑක්වෙනි සියවසේ මිනිස්සුන්ගේ මනස සුදානම් නැහැ .
දෙමව්පියෝ වයසට ගිහාම , අත පය වාරු නැති උනාම දරුවෝ එයාලව බලාගන්න ඕනේ , ඒක සාදාරණයි වගේම මානුශීයයි .
එහෙම අවස්ථාවක දරුවෝ එක්ක ජීවත්වෙන්න අම්මා ත්තත්ට අවශ්‍යතාවය වගේම අවස්තාවත් ලැබෙන්නත් ඕනේ,
හැබැයි ඒකේ තේරුම ඒ පවුලේ තීරණ වලට ඇඟිලි ගහන්න දෙමව්පියන්ට අවස්ථාව ලැබෙනවා කියන එක නෙමෙයි කියන දේ දෙමව්පියෝ වගේම පවුලේ ගෘහමුලිකයත් තේරුම ගන්න ඕනේ .
ගැහැණු කසාද බඳින්න පිරිමියෙක් හොයනකොට , රැවුල තියනවද , ගෙයක් දොරක් රස්සාවක් තියනවද කියලා බලනවා වගේම , පිරිමියෙක් වගේ තීරණයක් ගන්න පුළුවන් කොන්දක් තියනවද කියලත් නිකමට වගේ බලන්න .
මොකද ශුක්‍රානු වලින් දරුවෙක් හැදුව පලියට මිනිහෙක් පිරිමියෙක් වෙන්නේ නැහැ , තමන් කසාද බැඳලා , බලාගන්නවා ආදරේ කරනවා , ජීවිතේ බාරගන්නවා කියලා පොරොන්දු වෙචච ගැහැණියට තමන්ගේ අම්මාගෙන් උනත් වැරද්දක් අවැඩක් වෙනවනම් , එයා අම්මනේ , මොනවා උනත් අම්මනේ කියල නං පචන් ගාන්නේ නැතුව , කරුණාකරලා අම්මා අපේ ජීවිතවලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්න කියලා කෙලින්ම කියන්න පුළුවන් කමක් ඕනෑම පිරිමියෙකුට තියෙන්න ඕනේ ,
ඒකෙ තේරුම බැන්දට පස්සේ අම්මට තාත්තට නොසලකනවා කියන එක නෙමෙයි .
හැබැයි ආම්මට තාත්තට සලකනවා කියලා කියන්නේ තමන්ගේ බිරිඳට, පවුලට, එයාලගෙන් වෙන අනිසි බලාපෑම් දිහා කට උඩ තියාගෙන බලන් ඉන්න එකත් නෙමෙයි .
ඔව් මම ඔබේ පුතා ,දරුවෙක්ගෙන් දෙමව්පියන්ට විය යුතු යුතුකම් මම ඉටු කරනවා, නමුත් මම දැන් ස්වාදීන පුද්ගලයෙක් , විවාහයෙන් පස්සේ මගේ ජීවිතේ ගැන තීරණ ගන්නේ මම සහ බිරිඳ , කරුණාකර ඒවාට අනිසි බලපෑම් කිරීමෙන් වලකින්න , කියලා කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ අම්මට තාත්තට කියන්න බැරි පිරිමි , තමන්ගේ බිරිඳට තමන්ගේ පවුලෙන් වෙන හිරිහැර නවත්තන්න බැරි පිරිමි , තමන් කසාද බඳින ගැහැණියට ඒ අයිතිවාසිකම් පුර්ණව දෙන්න බැරි පිරිමි , සර්ව සම්පුර්ණ පිරිමි නෙමෙයි .
ඔයා,ගැහැණියෙක් විදිහට කසාද ජීවිතේ සතුටෙන් සැහැල්ලුවෙන් සැනසීමෙන් ගත කරන්න හීන දකිනවනම් ,කසාද බඳින්න කලින් අනිත් දේවල් බලනවා වගේම ඒ බඳින පිරිමියාගේ කොන්දයී කශේරුකාවයිත් කෙලින් තියනවද කියලත් නිකමට වගේ බලන්න .
අනීෂා ජයකොඩි
පුංචි මී මැස්සා
පහතරට මූකලන් තෙලිස්සා
Lowland hump nosed pit viper
Hypnale zara (Gray,1849)
උග්‍ර විෂ සහිත
ශ්‍රී ලංකාවේ හමුවන තෙලිස්සන් / කුණකටුවන් විශේෂ තුන අතුරින් වැසි වනාන්තර ප්‍රදේශ තුල සුලබව හමුවන ලංකාවට ආවේණි තෙලිස්සන් විශේෂයක් ලෙස මොවුන් හැඳින්විය හැකි වේ. තෙලිස්සන් විශේෂ අනෙක් සර්පයන්ගෙන් වෙන් කොට හඳුනාගැනීමට හැකි ප්‍රධානතම ලක්ෂණ වශයෙන් හොඳින් ගෙලින් වෙන් වූ ත්‍රිකෝණාකාර හිසක් දැරීම සහ පාර්ශ්විකව බැලූ විට හොම්බ අගින් ඉහලට එසවී තිබීම ( තොල ඉහලට එසවුණු යන අරුත ලැබෙන පරිදි තෙලිස්සා යනුවෙන් මොවුන් පොදුවේ හැදින්වීමට හේතුව මෙයයි) සහ මොවුන් බොහෝවිට පොළවට අංශක 45 ක කෝණයකින් හිස ආනතව තබාගෙන සිටීම සහ ශ්‍රී ලංකාව තුල හමුවන වල පොළොඟුන් / pit vipers සතු විශේෂ ලක්ෂණයක් වන තාප සංවේදී ලෝරියල් ජිද්‍ර / Loreal pits දැරීම ( මෙම ලෝරියල් ජිද්‍රය ඇස සහ නාස් කුහරය අතරමැදි කලාපයේ දක්නට ලැබේ) දැක්විය හැකි වේ.
කඳුකර මූකලන් තෙලිස්සා / Hypnale nepa සහ පොළොන් තෙලිස්සා / Hypnale hypnale දෙදෙනාගෙන් පහතරට මූකලන් තෙලිස්සා / H. zara වෙන් කොට හඳුනාගැනීමට හැකි ප්‍රධාන ලක්ෂණ වශයෙන් අනෙක් තෙලිස්සන් විශේෂ දෙකට සාපේක්ෂව ඉහලට එසවුණු හොම්බක් සහිත වීම සහ ලෝරියල් කොරල වලට ඉදිරියෙන් අනෙක් තෙලිස්සන් විශේෂ දෙකේ දක්නට ලැබෙන විශේෂිත කොරළ සැකැස්ම දක්නට නොලැබීම ප්‍රධානම ලක්ෂණ දෙක වශයෙන් දැක්විය හැකි වේ. මීට අමතරව බොහෝ අවස්ථා වලදී මොවුන්ගේ ගෙල දෙපස අඳුරු පැහැති විචිත්‍රවත් වයිරම් රටාවක් සහිත වීමද විශේෂ ලක්ෂණයකි. මෙම ලක්ෂණය සහිත වීම නිසාවෙන් පහතරට මූකලන් තෙලිස්සාට වයිරම් ගෙලැති කුණකටුවා යන නාමයද භාවිතා වේ.වැඩුණු සතෙකුගේ දේහ ප්‍රමාණය ආසන්නව සෙන්ටිමීටර 30ක් පමණ වේ.
මොවුන්ගේ පෘෂ්ඨීය වර්ණය කහ දුඹුරු කළු සහ රතු පැහැය දක්වා පුළුල් වර්ණ පරාසයකින් දැකගත හැකි අතර උදරීය වර්ණය කහ මිශ්‍ර සුදු පැහැයක් සහ කළු පැහැති තිත් සළකුණු සහිතව දක්නට ලැබේ.වල්ගයේ පැහැය බොහෝවිට කළු පැහැති හෝ කහ පැහැයෙන් යුක්ත වේ.
මොවුන් බොහෝවිට වැසි වනාන්තර ආශ්‍රිතව දිරාගිය කොළරොඩු සහ කොටන් අතර දිවි ගෙවන සර්ප විශේෂයක් වන අතර අනෙක් තෙලිස්සන් විශේෂ දෙකට සාපේක්ෂව ආවේගශීලී හැසිරීම් රටා දක්වනු ලබයි. නමුත් ඇතැම් අවස්ථා වලදී 60cm පමණ උස් වූ ශාක පඳුරු මත මොවුන් හමුවී ඇති බව දක්වා තිබේ (Maduwage et al. 2009)
දැනට වසර කිහිපයකට පෙරදී Hypnale zara විශේෂය මධ්‍යස්ථ විෂ සහිත සර්ප විශේෂයක් ලෙස වර්ගීකරණය කලද මෑතකදී හඳුන්වා
දුන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වෛද්‍ය විද්‍යාත්මක වර්ගීකරණය යටතේ ලංකාවේ හමුවන තෙලිස්සන් විශේෂ තුනෙන් H. zara විශේෂය සහ H. hypnale විශේෂය සිදුවන මිනිස් මරණ සහ ඇතිවන සංකූලතා තත්ව සළකා බලා උග්‍ර විෂ සහිත සර්පයන් ලෙස නම් කරන ලදී.
සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන් ජයවීර
ආවර්ජනා- කෙටි කතාව
අවසාන කොටස.
මම ජීවත් වුනේ පුදුමාකාර නිදහසකින්. ඒ නිදහස ගෙවුනු අවුරුද්දක කාලයකදි නැත්තටම නැති වෙලා ගියේ මගේ හිතුවක්කාරකම් නිසාද නැත්නම් ඕනෑවටත් වඩා තිමිරට අවනත වුනු නිසාද කියන්න මම තාමත් දන්නෙ නෑ.
‘බලපන්, දිනූශා අක්කයි තිමිරයි ඉන්න විදිය. උන් දෙන්නා ඉන්න හැටි දැක්කම බදින්න ආස හිතෙනවා..
‘කෝ..කෝ කොහෙද ඉන්නේ?
‘අර අතන කොනේ.. දෙන්නා මොනවදෝ කකා මයිලෝ බොනවා.. එහෙම තමා ඉන්න ඕනි..
මගේ මිතුරියක වුනු සචිනි තිමිරත් දිනූශාත් දිහා බලාගෙන කියද්දී ඒ පැත්ත නොබලා ඉන්න, ඒ ගැන දැනෙන වේදනාව යටපත් කරගන්න මම පුදුම විදියට උත්සහා කලා. ඒත් මගේ ඒ වෙනස සචිනිටත් දැනුනු නිසාද කොහෙද ඇය මගේ අතින් අල්ලා ගත්තේ හරිම ලෙන්ගතුකමින්.
‘ටික දවසක් තිස්සේ මම උඹේ ලොකු වෙනසක් දකිනවා බන්ධනා. තිමිර කියන නම ඇහුනත් උඹ ගැස්සෙනවා. මට ඇත්ත කියපන්. මොකද්ද මේ වෙලා තියෙන්නේ?’
එක හුස්මට සචිනි මගේ ඇස් දිහා බලාගෙන අහද්දි මට හැඬුම් වාවාගන්න බැරි වුනා. එහෙමම අවන්හලෙන් පිටතට දුවගෙන එද්දි මම කාගෙදෝ ඇඟකත් හැප්පුනා. ඒ වෙනුවෙන් සමාව ඉල්ලන්න වත් නොඉද මම දුවගෙන ඇවිත් නතර වුනේ බෝඩිම් කාමරයේ. එදා හවස මම හැමදේම සචිනි එක්ක කිව්වා. කාලෙකට පස්සේ කෙනෙක් ඉස්සරහා හිතේ හැටියට ඇඬුවා. මගේ කතාවට සචිනි බාධා කලේවත් බැන්නෙ වත් නෑ. ඒත් අන්තිමට ඇය කිව්ව දෙයින් මම තීරණය කලා මම තව දුරටත් තිමිරගේ අනියම් බිරිඳ භූමිකාවෙන් ඉවත් විය යුතු බව. ඒ වචන ඒ තරමටම මගේ හිතට කතා කලා.
‘දිනූශා අක්කා ප්‍රෙග්නන්ට්… උඹව තිමිර යූස් කරනවා විතරයි. අනික බන්ධනා, කසාද බැඳපු මිනිහෙක් තමන්ගේ ගෑණිව දාලා තව ගෑණියෙක් ළඟට යන්නේ ඒ ගෑණිව හොර ගෑණි විදියට තියාගන්න මිසක් ආදරේට නෙවෙයි. උඹම හිතලා බලපන්. එච්චර උඹට ආදරෙයි නම් දිනූශාට කොහොමද බබාල හම්බවෙන්නේ? ආදරේ කියන්නෙ ඇස් මානේ තියාගෙන පරිස්සම් කරන දෙයක්.. උඹට ඒ විදියේ ආදරයක් ලැබුනු කාලෙක තේරෙයි. අනික, නිකමට හිතපන්. උඹ තිමිරව බැඳලා දිනූශා තුන්වෙනියෙක් වෙනවට කැමතිද ආහ්?
එදා සචිනි ඒ ටික කියද්දි මම ඒ වචනයක් ගානේ අහගෙන උන්නේ මට මම ගැනම පිළිකුලක් දැනෙද්දියි. අවුරුද්දක් පුරාවට තිමිරගේ හොර වැඩ වලට මාත් කොටස් කාරයෙක් වුනා නේද කියන හැඟීම මගේ පපුවට තදින්ම දැනෙන්න වුනා. මට නිදහසේ හිතන්න ඉඩ දීලා සචිනි කාමරයෙන් යද්දී මම අවසාන වතාවට තිමිරට ඇමතුමක් ගත්තා.
‘ඔව් කියපන්.. මම මේ ගෙදර..මොකද වෙන්නේ?
මෙච්චර කල් මේ වගේ කතා මට ලොකුවට නොතේරුනත් අද අනියම් බිරිඳක් වීම මොන තරම් පහත්ද කියලා තේරුනේ තිමිරගේ කතාවෙන්. ආයෙත් සචිනිගේ වචන මගේ කන් වල දෝංකාර දෙන්න වුනා..
‘කසාඳ බැදපු පිරිමි තමන්ගෙ ගෑණිව අත් ඇරලා වෙන ගෑනියෙක්ව කසාද බදින්නේ ඒකට සාධාරණ හේතු තිබුනොත් විතරයි. තිමිර කියන්නෙ දිනූශාව කවදාවත් අත අරින කෙනෙක් නෙවෙයි…
…………………………………………..
‘භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා…..’
පෝරු මස්තකයේ ඉදන් මම මගේ අනික් පසින් සිටින රූපය දිහා බලාගෙන උන්නේ හරි ආදරෙයෙන්. අවුරුදු ගානක් තිස්සේ මගේ ආදරය පතාගෙන ආව එරංග මගේ එහා පැත්තෙන් හිටගෙන ඉන්නවා දකිද්දි මට දැනෙන්නෙ පුදුමාකාර ආඩම්බරයක්. මගේ ජීවිතේ සිද්ද වුනු හැමදෙයක්ම අඩුවක් නැතිව දැනගෙනත් එරංගගේ ආදරේ දවසින් දවස වැඩි වුනා මිසක් අඩුවුනේ නෑ. කාලයක් තිමිර සහ දිනූශගෙයි ආදරේ ගැන කතා කරපු අය මමයි එරංගයි ගැන කියද්දි මගේ ඇස් කඳුලින් තෙත් වුනේ මටත් නොදැනීමයි. වැහි පොදේකින් පවා මාව පරිස්සම් කරපු එරංග නතර වුනේ මාව පෝරුවට නග්ගලමයි.
සචිනිගේ වචන වලින් පස්සේ තිමිරව මම මඟ හරින්න පුලුවන් හැම විදියටම මඟ හැරියා. තිමිර සෑහෙන්න උත්සහ කලා මාව මුණගැහෙන්න වගේම එක එක දුරකථන අංක වලින් ඇමතුම් ගන්නත්. ඒත් අන්තිමට එයාටම හති වැටුනා. ඊටපස්සේ මමත් තිමිරත් එකම රෝහලක හැසිරුනේ නන්නාදුනන අය ලෙසිනි.
අතීතය ගැන මට දුකයිද?
ඇත්තටම නෑ. තිමිර ගැන නොතේරෙන්න මම එරංගට කවදාවත් ලං වෙන්නෙ නැති වෙයි. මේ තරම් හොඳ රැකියාවක් කරද්දිත් සමාජයට මම අනියම් බිරිඳක් වෙන්න තිබුනා. කිසිම සතුටක් නැතිව රෑ ගනං අඩපු මට රෑ ගණං හිනා වෙන්න ඉගෙන්නුවේ එරංගයි. ඉතින් මට අතීතය ගැන දුකක් නෑ.
අතීතයේ බර බිමින් තියලා වර්තමානයට ඇවිත් මම ගොඩාක් දවස්. පෝරුවේ චාරිත්‍ර වල අවසානයට ලන් වෙද්දි මම සෙනඟ අතරින් බැලුවේ සචිනි දිහා. ඒ ඇස් වල තියෙන අව්‍යාජ සතුට දිහා මම බලාගෙන උන්නේ හරි ආදරයෙන්. ඇය නොහිටින්න මගේ ජීවිතේ මේ තරම් සුන්දර නෑ. මගේ දිහා බලාගෙන ඇය මොනවාදෝ කියද්දි මම හිනා වුනා. ඒත් එක්කම එරංග මගේ අතින් අල්ලා ගත්තා.
‘පිස්සි, කොයි ලෝකේ ඉන්නවද මන්දා. දැන් පෝරුවෙන් බහිමු. මේක උඩම ඉන්නද කල්පනාව?
‘ඔයා ඉන්නවා නම් කොහේ හිටියත් එකයි මට ‘
එරංගට ලං වෙලා එහෙම කිව්ව මම පෝරුමස්තකයෙන් බැස්සෙ මුළු ජීවිතයම මින් මතුවට අපි වෙනුවෙන් කැපවෙන බවට පොරොන්දුවෙමින්.
අවසානයි.
තක්ෂිලා ඒකනායක.