අමන්ද්‍යා උත්පලි

පහුගිය කාලයේදි අපට අහන්න සහ දකින්න ලැබුන ගීත අතර “රැජිනට ඇන්දා” නම් වු වෙනස්ම ආරයක ගීයක් ලංකාව පුරා මෙන්ම ලෝකය පුරා වෙසෙන ශ්‍රී ලාංකිය ප්‍රේක්ෂකයන්ගේ ආකාර්ශණය සහ ආදරය ඉතා ඉහලින් දිනා ගන්නට සමත් වුනා. මෙම ගීතයෙහි හඩ පෞර්ෂය, පද පේළි, සංගීතය මෙන්ම රූප රචනයද ඉතාමත් සුවිශේෂිවිම ගීතයෙහි ජනප්‍රියත්වයට හේතු පාදක වුවා කියා නිතර්කයෙන්ම අපට කිව හැකිය. අප කාගෙත් සිත් සොරාගත් මෙම ගීතයෙහි හිමිකාරිය පිළිබදව විපරම් කල විට දැන ගන්නට ලැබුනේ ඇය ලාංකික ප්‍රේක්ෂක ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පියෙකු වු ගිරිරාජ් කෞෂල්‍යය මහතාගේ දෙටු දියණිය බව සහ සහන් රන්වල මහතාගෙන් කාලයක් තිස්සේ ගුරුහරුකම් ලබන රන්වල බලකායේ සමාජිකවක් බවයි. ගායනට, නර්තනයට මෙන්ම රංගනයට ඇය අති දක්ෂ බව පහුගිය වකවානුවේදි පුංචි තිරයෙහි ජනප්‍රිය වු නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණය තුලින් මනාවට පිළිඹිබු වුනා. මෙවර අපි Magazine හරහා රැජිනට ඇන්දා ගයන නන්දා නම් වු අති දක්ෂ සකල කලාවෙන් පරිපූර්ණ වු ශිල්පිනියක් වන අමන්ද්‍යා උත්පලි සමග සොදුරු කතා බහක යෙදෙන්නයි අපගේ සුදානම…

(1) අමන්ද්‍යා, මොනවාද මේ දවස්වල තොරතුරු?

පහුගිය දවස්වල මම ඉතාම කාර්යබහුල වුනා. පෙබරවාරි මාසයේ 24 වෙනිදා Waters edge හෝටල් පරිශ්‍රයේදි “රැජිනට ඇන්දා Live on stage” නමින් මගේ පළමුවෙනි ඒක පුද්ගල ගීත ප්‍රසංගය ඉතා සාර්ථකව පැවැත්වුනා. එමෙන්ම මෙම දිනවල අනෙකුත් ප්‍රසංග සදහා ගීත ගායනයෙන් සම්බන්ධ  වෙනවා.

(2)”රැජිනට ඇන්දා වේදිකාවට” ඔබේ පළමු ප්‍රසංගය පහුගිය දිනෙක ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් අති සාර්ථක ලෙස නිමාවට පත්වුනා. ප්‍රසංගයේ තතු පිළිබදව කියමුද?

දැනට ලංකාවේ පැවැත්වෙන ප්‍රසංගවලට වඩා වෙනස් වු සෞන්දර්යාත්මක අත්දැකිමක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන පරමාර්ථයෙන් “රැජිනට ඇන්දා Live on stage” ප්‍රසංගය බිහි වෙනවා. ශාස්ත්‍රිය ගීත, පැරණි ගීත, බටහිර ආරයේ ගීත, නාට්‍යය ගීත, නැටුම්, බෙර වාදන, ජන ගී සහ හින්දි තනු නාදමාලාවන් සහිත ගීත ඇතුලත් සංගිතයේ විවිධ පැතිකඩ පෙන්නුම් කල ඒක පුද්ගල ගීත ප්‍රසංගයකට එහා ගියපු විශේෂයෙන්ම මම ප්‍රාසාංගික ශිල්පිනියන් වශයෙන් ප්‍රේක්ෂකයන්ට සමීපව වන්නට දැරු උත්සාහය ප්‍රේක්ෂකාගාරය පිරි යමින් අති සාර්ථක වුනා කිවුවොත් නිවැරැදියි.

රැජිනට ඇන්දා ගීතය පදනම් කරගෙන ලංකාවේ බොහෝ අය මාව ශිල්පිනියක් විදියට හදුනා ගන්නවා. එම ගීතයට ආදරය කරන ප්‍රේක්ෂක පිරිස මගේ ඒක පුද්ගල ප්‍රසංගයක් නැරඹීමට පැමිණිම මට ඉමහත් සතුටක්. ප්‍රසංග සදහා යුග ගීත ගායනයෙන් රොඩ්නි වර්ණකුල මහතා සහ උදේෂ් ඉන්දුල අයියා සම්බන්ධ වුනා. එමෙන්ම සම්භාව්‍ය ඝණයේ සාම්ප්‍රදායික ප්‍රසංගයකට එහා ගියපු පවුලේ සියලුම දෙනා සතුටු වෙන ආකාරයේ ප්‍රාසාංගික ඇත්දැකිමක් ප්‍රේක්ෂකයන්ට ලබා දිමේ අරමුණින් ජනයි ප්‍රියයි දෙපල පූරක දෙපළ වශයෙන්ද මෙම ප්‍රසංගයට එකතු කර ගත්තා. නිර්මාණාත්මක අධක්ෂණයෙන් මගේ තාත්තා ගිරිරාජ් කෞෂල්‍ය මහතා, මගේ ගුරුතුමා සහන් රන්වල මහතා සහ මගේ සැමියා සාරංග කලුගලගේ යන තිදෙනා ප්‍රසංගයේ සියලුම බර කරට ගෙන විශාල දායකත්වයක් ලබා දුන්නා.

(3) “රැජිනට ඇන්දා” ගීතය ඔබව මෙතෙක් දුරක් ගෙන යයි කියලා ඔබ හිතුවාද?

රැජිනට ඇන්දා ගීතය නිර්මාණය කරද්දි ලොකු කුඩා වයස් භේදයකින් තොරව මෙතරම් ජනාප්‍රසාදයක් ලැබෙයි සහ ප්‍රේක්ෂකයන් මෙතරම් වැලද ගනි, ආදරය කරයි කියලා මම හිතුවේ නැහැ. මෙම ගීතය ජන ගී නාද මාලා ඔස්සේ නිර්මාණය වු නාට්‍යයානුසාරි ගීතයක්විම මෙතරම් ජනප්‍රියවිමට ප්‍රධානම හේතුව වෙන්න ඇති කියලා මම හිතනවා. මෙම ගීතය එලි දක්වන කාලයේදි තිබුන ගීත අනුව මෙවැනි ගීතයක් නිර්මාණය කිරිම ඇත්තටම අභියෝගයක් වුනා නමුත් මෙම නිර්මාණය සදහා දායක වුන සියලුම දෙනාට එම අභියෝගය ගනිමින් වෙනස් විදියේ නිර්මාණයක් බිහි කිරිමට අවශ්‍ය වුනා. ඉතින් අපි හිතුවටත් වඩා, හිතා ගන්න බැරි ආකාරයට ලංකාවේ මෙන්ම විවිධ රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබා ගන්න ඒ කරපු වෙනස් නිර්මාණයට හැකි වුනා. පහුගිය කාලයේ පැවැති රියලිටි තරග කිහිපයකම තරගකරුවන් මෙම ගීතය තරගය සදහා ඉදිරිපත් කිරිමට තොරා ගැනිමත් විශේෂත්වයක් වුනා.

(4) ඔබේ අලුත්ම ගීත නිර්මාණය පිළිබදව විස්තර කියමුද?

“තාත්තා” නමින් උමා අසේනි ශිල්පිනියගේ තාත්තගේ උපන්දිනය වෙනුවෙන් ඇය අතින් ලියවුන හිතට දැනෙන වචන ටිකට විදු කහපොලආරච්චි මහතාගේ සංගීතය මුසු කෙරුන ගීතයක් Youtube අවකාශය ඔස්සේ මෙම වර්ෂයේ මුලදි මම එලි දැක්වුවා. මගේ කටහඩට ඇයගේ තාත්තා කැමතිවිම සහ මගෙයි තාත්තයි අතර තියන සම්බන්ධතාවයට සමාන සම්බන්ධතාවයක් ඇයයි ඇයගේ තාත්තගෙයි අතර පැවතිම වැනි හේතු මත මට අහඹු ලෙස මෙම ගීතය ගායනා කරන්න අවස්ථාව ලැබුනා. අහපු රස විදපු අයගෙන් ඉතා විශාල ප්‍රතිචාර ලැබෙනවා.

(5) ප්‍රේක්ෂක සිත්තුල ඉතා අපූරු මතක එක්කල අපට සිටින අති දක්ෂ කලා ශිල්පයෙකු වන ගිරිරාජ් කෞෂල්‍යය ඔබේ පියාගේ සෞඛ්‍ය තත්වය පිළිබදව ප්‍රේක්ෂක අපි කෙටියෙන් දැන ගන්න කැමතියි.

දැනට අවුරුදු දෙකහමාරක විතර කාලයක් තිස්සේ තාත්තා අසනිපය සදහා ප්‍රතිකාර ලබනවා. පහුගිය කාලයේදි ප්‍රතිෂක්තිකරණය අඩුවිම හේතුවෙන් නැවත අසනීප තත්වයක් ඇති වුනා. ඔහු මේ වනවිට ඒ සදහා ප්‍රතිකාර ලබමින් ඉන්නවා.

(6) ඔබගේ කලා ගමනට ඔබේ පවුලෙන්, ඔබේ ආදරණීය ස්වාමියාගෙන් ඒවගේම ඔබ වටා සිටිනපිරිසගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

කුඩා කාලයේ ඉදන්ම අම්මයි තාත්තයි මගේ ගීත ගායන හැකියාව අදුන ගෙන මාව ඒ සදහා යොමු කරමින් වැඩිදුර අධාපනය ලබා දුන්නා. කලා කටයුතු වෙනුවෙන් යොමුවිම නිසා තාත්තා කාර්යබහුලවිම නිසා විශේෂයෙන්ම අම්මා මගේ අධාපනය කටයුතු සදහා ඉතා ඉහල සහයෝගයක් ලබා දුන්නා. දැන් මගේ සැමියාගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා. රැජිනට ඇන්දා Live on stage ප්‍රසංගයේ මූලික අදහස මට ලබා දෙමින් සහ ප්‍රසංගයේ සම්පූර්ණ වැඩ කටයුතු කළමනාකරණය කරමින් ඔහු මට විශාල සහයෝගයක් දුන්නා. කලා ශිල්පිනියක් විදියට මගේ කලා ගමනට ඔහුගෙන් ලැබෙන සහයෝගය ලොකු ශක්තියක් කිවුවොත් මම නිවැරදියි. තවත් සුවිශේෂි පුද්ගලයන් දෙදෙනෙකු වශයෙන් සහන් රන්වල ගුරුතුමා සහ ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහතා හදුන්වන්න පුලුවන්. කථිකත්වය, පෞර්ෂත්වය ගොඩ නගා ගැනිම, පිරිසක් ඉදිරියේදි ගීතයක් නර්තනයක් ඉදිපත් කිරිම වැනි සියලුම දේවල් රන්වල බලකාය සමග සම්බන්ධ වෙමින් සහන් රන්වල ගුරුතුමාගේ ගුරුහරුකම් ලබමින් මගේ ජිවිතයට එකතු කර ගන්න මම වාසනාවන්ත වුනා. ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහතා නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය හරහා ටෙලිනාට්‍යය රංගනයට මාව සම්බන්ධ කර ගනිමින් රංගන ශිල්පිනියක් වශයෙන් විවරණ ලබන්නට මට අවස්ථාව සලසා දෙනවා. මගේ ජිවිතයේ ශක්තියක් වුන මෙම සියලු දෙනාට ස්තුතිවන්ත වන්නට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

(7) රන්වල බලකාය සමග ඔබගේ බැදිම පිළිබදව සහ බලකාය සමග සම්බන්ධවිමට බලාපොරොත්තු වන පිරිසට බලකාය ගැන විස්තර ටිකක් කියමුද?

මම රන්වල පදනමට සම්බන්ධ වුනේ 2007 වර්ෂයේදි ඉන්පසු 2011 වර්ෂයේ සිට රන්වල බලකායේ සාමාජිකාවක් විදියට කටයුතු කරනවා. මගේ ජිවිතය වෙනස් මානයකට ගෙනගිය සංදිස්ථානයක් ලෙස රන්වල බලකාය සමග සම්බන්ධවිම හදුන්වන්න පුලුවන්.

සහන් රන්වල ගුරුතුමා බලකාය තුල හදාරන සියලුම සිසු සිසුවියන්ගේ වර්ධනය වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබා දෙමින් නිරන්තරයෙන්ම වැඩ කරයුතු කරනවා. රන්වල බලකාය සමග සම්බන්ධ විමෙන් දරුවෙක්ට තමන්ගේ ජිවිතය යහපත් අතට හරවා ගන්න, දැනුම එකතු කර ගන්න, කණ්ඩායමක් විදියට වැඩ කරන්න ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. විදේශ රටවල්වල වෙසෙන දරු දැරියන් වෙනුවෙන් පැවත්වෙන පාඨමාලාවන් පිළිබද තොරතුරු රන්වල බලකායෙහි ලංකාeපාසල (lankaeschool.com) වෙබි පිටුව මගින් ලබා ගන්න පුලුවන්.

(8)ඔබව ඉදිරියේදි ප්‍රේක්ෂක අපට දකින්නට ලැබෙන කලා කටයුතු මොනවාද?

රැජිනට ඇන්දා Live on stage ප්‍රසංගයත් සමග ලංකාවේ විවිධ පැතිවලින් සහ විදේශීය රටවල්වලින් මට විශාල ආරාධනා ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් ඉදිරියේදි රැජිනට ඇන්දා Live on stage ප්‍රසංගය ලංකාව පුරා වගේම ලෝකය පුරාත් අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

පහුගිය අවුරුදුවල වගේම රන්වල බලකාය සමග ජන ගීය අරන් ලෝකය පුරා යන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ ටෙලිනාට්‍යය හරහා මගේ රංගන හැකියාවන් ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබේවි.

ඉදිරියේදි එලි දැක්විමට නියමිත මගේ ගීත රසවිදින්න සියලුම දෙනාට ආරාධනා කරනවා. 


අමා නාකන්දලගේ

මුළු ලෝකයේම අනාගතය තීරණය වන තීරණාත්මක 2024

මුළු ලෝකයේම අනාගතය තීරණය වන තීරණාත්මක 2024

2024 වර්ශය කියන්නේ “මැතිවරණ වසරක්”. ශ්‍රි ලංකාවට නම් ඒක එහමයි කියලා අපි දන්නවා.  ලංකාවේදී නම් අනිවාර්යයෙන්ම 2024 වසරේ ඉදිරි මාස කිහිපය තුල ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නට නියමිතයි. ඒ වගේම දැනට පවතින තත්වය අනුව වසර අවසාන වීමට ප්‍රථමයෙන් මහ මැතිවරණයකුත් පැවැත්වේවී. ලංකාවේ ජනතාව නම් පුල පුලා බලා ඉන්නේ එලැඹෙන මැතිවරණ දෙකේදී ලංකාවට නව ජනාධිපතිවරයෙකුත් නව රජයකුත් තෝරාපත් කර ගන්න.

හැබැයි අද අපි කතා කරන්නේ ලංකාව ගැන නෙමෙයි. මුළු ලෝකයම ගැන. 2024 වසර මුළු ලෝකයටම “මැතිවරණ වසරක්” වෙනවා. එහෙම කියන්නේ මේ වසර තුල ලෝකයේ ප්‍රබලතම රටවල් කිහිපයක් ඇතුළු රටවල් 60 කට අධික සංඛාවක ප්‍රධාන පෙලේ මැතිවරණ පැවැත්වෙනවා. ඒ මැතිවරණ සඳහා ලෝක ජනගහනයෙන් 50% ආසන්න සංඛාවක් සිය ඡන්දය ප්‍රකාශ කරලා හෝ කිරීමට නියමිතව තිබෙනවා. මේ වසර තුල ලංකාවේ පැවැත්වෙන මැතිවරණ වල ප්‍රථිපල ලංකාවේ අනාගතයට කොතරම් වැදගත් වේද ඒ තරමටම ලෝකයේ සමහර රටවල පැවැත්වීමට නියමිත මැතිවරණ වල ප්‍රථිපලත් ලංකාවේ අනාගතයට ඉතා තදින් බලපානවා. 

ඒ නිසා ලොව පුරා පැවැත්වීමට නියමිත මැතිවරණ මොනවාද යන්න විමසා බැලීම අපිට සෑහෙන්න වැදගත් වෙන්න පුළුවන්. ලංකාවට පමණක් නෙමෙයි ලොව සමහර රටවල පැවැත්වීමට නියමිත මැතිවරණ වල ප්‍රථිපල අනුව මේ වන විට ඉතා ප්‍රබලව ඇදෙමින් යන රුසියානු – යුක්රේන යුද්ධය වගේම ඊශ්‍රායල් – පලස්තීන යුද්ධයේ ප්‍රතිඵලත් තීරණය වේවි කියන එක තමයි ලෝක දේශපාලන විචාරකයන්ගේ මතය වෙන්නේ. මේ ගෙවෙන්නේ 2024 අප්‍රේල් මාසය. ගොඩාක් අය දන්න විදියට ලෝකයට වගේම ලංකාවටත් සැලකිය යුතු බලපාන ප්‍රබල මැතිවරණ කිහිපයක් මේ වන විටත් පවත්වා අවසන්.

ඒ අතරින් වැදගත්ම මැතිවරණය ලෙස රුසියානු ජනාධිපතිවරණය සලකන්න පුළුවන්. එම මැතිවරණයෙන් හිටපු ජනාධිපති වැල්දිමීර් පුටින් නිතරඟයෙන්ම නැවත එරට ජනාධිපතිවරයා ලෙස තේරීපත් උනා. ලංකාවට බලපාන තවත් අසල්වාසී රටවල් දෙකකම මැතිවරණ පසුගිය මාස දෙකෙහි අවසන් උනා. ඒ පකිස්ථානයේ හා බංගලිදේශයේ. පකිස්තාන මැතිවරණයේදී හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිරගත කර ඔහුට තරඟ වැදීමේ අයිතිය අහිමි කරමින් ෂරීප් එම මැතිවරණය ජයග්‍රහණය කරා. බංග්ලාදේශයේද අග්‍රාමාත්‍යවරිය වශයෙන් එරට හිටපු අග්‍රාමාත්‍යවරියක වූ ශෙයික් හසීනා නැවත තේරීපත් උනා.

පැවැත්වීමට නියමිත මැතිවරණ අතරින් ලංකාවේ අනාගතයට බරපතල ලෙසම බලපානු ලබන්නේ ඉන්දියානු මහමැතිවරණයයි. බොහෝ විට එලැඹෙන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයෙන් ජයගන්නා අපේක්ෂකයා අනුව ලංකාවේ දේශපාලන දිශානතියද තීරණය වීමට ඉඩ ඇත. මැතිවරණය සඳහා වර්තමාන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අඛණ්ඩව තුන්වන වරටත් ඉදිරිපත් වන අතර ඔහු ඉන්දියාව ලෝකයේ ප්‍රබලතම රටක් දක්වා ගෙන ගිය දේශපාලඥයා ලෙස එරට ජනතාවගේ ගෞරවය දිනාගෙන ඇත.

මේ වසරේ පැවැත්වීමට නියමිත ප්‍රබලතම මැතිවරණය වන්නේ ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරණයයි. නොවැම්බර් 5 වනදා පැවැත්වීමට නියමිත එම මැතිවරණය සඳහා වර්තමාන ජනාධිපති ජෝ බයිඩන් හා එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තරඟ වදින බවට මේ වන විටත් තහවුරු වී ඇති අතර ජරඟය ජයග්‍රහණය කරන පුද්ගලයා අනුව වර්තමානයේ පවතින ලෝක මට්ටමේ ගැටුම් වල අනාගතය තීරණය වනු ඇති. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුද්ධ සඳහා අනුග්‍රහය නොදක්වන නායකයෙකු ලෙස ප්‍රසිද්ධ අතර ඔහුගේ පසුගිය ධූර කාලය තුලද ඇමරිකාව එකදු යුද්ධයකට හෝ මැදිහත් නොවීමට ඔහු වගබලා ගත්තේය.

ලෝකයට සහ ලංකාවට එක සේ බලපාන අනෙක්‍ මැතිවරණය වන්නේ බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණයයි. වසර 14ක පාලනයෙන් පසු නැවත බලය ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ පාලක කොන්සර්වේටිව් පක්ෂය සහ මේ වන විට ජනමත සමීක්ෂණ වල ඉදිරියෙන්ම සිටින කම්කරු පක්ෂය 2024 අවසාන භාගයේදී මැතිවරණයකට එලැඹෙනු ඇති. මේ වන විට ආර්ථික අර්බුදයකටද මුහුණ දී සිටින බ්‍රිතාන්‍යයේ ඉදිරි වසර 5 කවුරුන් විසින් පාලනය කරන්නේද යන්න එහිදී තීරණය වනු ඇති අතර රුසියානු යුක්රේන යුද්ධයේ ප්‍රබල පාරශවකරුවෙකු වන බ්‍රිතාන්‍යයේ ඉදිරි දායකත්වයද ඒ මත තීරණය වනු ඇති.

ලෝකයේ ප්‍රබලතම කලාපීය සංවිධානය වන යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයද මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. රටවල් 27ක නියෝජනයෙන් සුසැදි යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මාසයේදී පැවැත්වෙනු ඇති. ශ්‍රි ලංකාවද යුරෝපා සංගමය සමඟ සහ යුරෝපා කලාපයේ රටවල්‍ රැසක් සමඟ ප්‍රබල ආර්ථික ගණුදෙනු හී නිරත වන බැවින් එම මැතිවරණාය් ප්‍රථිපලද ලංකාව කෙරෙහි බලපානු ඇති. එම මැතිවරණයේදී ද යුක්රේනයට සහය දැක්වීම පිලිබඳව දැඩි ලෙස අවධානය යොමු වීමට නියමිත බවයි මාධ්‍ය වාර්තා වල දැක් වෙන්නේ.

ඉහත දැක්වූ රටවලට අමතරව මේ වසරේ ප්‍රධාන පෙලේ මැතිවරණ පැවත්වීමට නියමිත ප්‍රබල රටවල්‍ අතර දකුණු අප්‍රිකාව, ඉරානය, දකුණු කොරියාව, උතුරු කොරියාව, වෙනිසියුලාව, රුවන්ඩාව සහ රුමේනියාව ඇතුළු තවත් රටවල් රැසක් පවතිනවා. ඒ අතර ලෝකයේ ලාබාලතම රට වන දකුණු සුඩානය වසර ගණනාවක් පුරා කල් ගිය එරට පළමු මැතිවරණය එලැඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වන විට පුළුල් මැදිහත් වීමක නිරත වෙමින් සිටිනවා.

තිලාන් ජයසේකර 

දෙවියන් වහන්සේට සැබෑ ලෙස

දෙවියන් වහන්සේට සැබෑ ලෙස

ප්‍රේම කරමින් වස්තුව උරුම

කරගන්නෝ වෙමු!

"මට පෙම් කරන්නන්ට වස්තුව හිමි කර දීමෙන්

පොළොවේ සහ ස්වර්ගයට උරුමකම් කියන දේවදරුවනේ

මොහොතක් අපි ඉහත බයිබල් පදය දෙස අපගේ මනස

යොමු කරමු.

මෙම පදය තුළ පැහැදිලිවම අපට පේනවා දෙවියන්

වහන්සේට ප්‍රේම කරන අයට වස්තු උරුමකර දෙන බව.

ඉතින් ඔබටත් මෙම වස්තුවට උරුමයක් ලබාගන්න නම්

සර්ව බලධාරි දෙවියන් වහන්සේට ප්‍රේම කරන මනුෂ්‍යයෙක්

වෙන්න. ඒවගේම අපට තවත් බයිබල් පදයක් මෙසේ පවසයි,

(හිතෝපදේශ 10:22)

"සමිඳුන්ගේ ආසිරි සෞභාග්‍යය සලසයි; දැඩි

ශ්‍රමයෙන් එය වැඩි කළ නොහැක."

මෙහිදී අපට පැහැදිලිවම පෙනෙනවා උන්වහන්සේගේ

ආශිර්වාදය ලැබෙන අපිට එයට දුක එකතු නොකරන බව.

ඉතිං මොහොතක් කල්පනා කර බලන්න දෙවියන් වහන්සේ

ඔබට, මට මොන තරම් ප්‍රේම කරනවද කියා. ඉතිං

මොහොතක් නවතින්න මෙය හොඳින් මෙනෙහි කරන්න

ජීවිතය ජය ගැනීමට දෙවියන් වහන්සේව සොයන

මනුෂ්‍යයෙක් වෙන්න. එවිට ජේසු ඔබට ආශිර්වාද කරන

සේක.

ඒ වගේම අපි ඉහත බයිබල් පදය තුළට තවත් ගමන් කරන

විට අපට පෙනී යනවා ඔබ මම ධර්මිෂ්ට සහ යුක්තිගරුක

මනුෂ්‍යයන් විය යුතු බව. ඉතින් ප්‍රේමවන්තයිනි අපි වෙනස්

වෙන්න තීරණයක් ගමු! දුක් විඳීම නතර කරමු! ජේසුස්

වහන්සේව මුළු සිතින්ම සොයමු! ජීවිතය ජය ගනිමු!

උන්වහන්සේගේ ක්‍රියාවන් සහ උන්වහන්සේගේ

බලපරාක්‍රමයන් ගැන අපට සිතා ගන්නවත් බැරිය. හොඳයි

ඔබ මම ගැන මොහොතක් කල්පනා කර බලමින් ඔබගේ

ජීවිතයේ ඇති අඩුපාඩු සාදාගෙන ජීවිතයේ සැබෑ ප්‍රීතිය

අත්දකින්න.

(හිතෝපදේශ 24:4)

"එහි කාමර අගනා සැරසිලිවලින් විසිතුරු කළ

යුත්තේ බුද්ධියෙනි."

ඔබ සැමට ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම

අලුත් අවුරුදු උත්සවය නිසි ලෙස සැමරීම

අලුත් අවුරුදු උත්සවය නිසි ලෙස සැමරීම 

ශ්‍රී ලාංකේය අලුත් අවුරුදු උත්සවය නිසි ලෙස සැමරීම සඳහා, ඔබට අනුගමනය කළ හැකි සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් පහත දැක්වේ.

1. නිවස වටපිටාව පිරිසිදු කිරීම : ඔබේ නිවස සහ වටපිටාව හොඳින් පිරිසිදු කිරීමෙන් ආරම්භ කරන්න. මෙය පෙර වසරේ සිට සෘණ ශක්තිය ඉවත් කිරීම සහ නව ආරම්භයක් සඳහා සූදානම් වීම සංකේතවත් කරයි.

2. තෙල් පහන දැල්වීම: අලුත් අවුරුද්දේ නැකතට තෙල් පහනක් දල්වන්න. මෙය සිදු කරනු ලබන්නේ ධනාත්මක ශක්තිය ආයාචනා කිරීම සහ නිවසට ආශීර්වාද ගෙන ඒම සඳහා ය.

3. සාම්ප්‍රදායික ඇඳුම්: උත්සවයේ සංස්කෘතික වැදගත්කම වැලඳ ගැනීම සඳහා කාන්තාවන් සඳහා සාරි සහ පිරිමින් සඳහා සරම් වැනි සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ඇඳුම් අඳින්න.

4. සාම්ප්‍රදායික ආහාර: සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය කෑම පිළියෙළ කර රසවිඳින්න. ප්‍රධාන ආහාරය වන්නේ කිරිබත් (කිරිබත්) වන අතර එය පොල් කිරි සමග පිසූ පැණිරස කෑම වේ. අනෙකුත් ජනප්‍රිය කෑම අතර සම්ප්‍රදායික රසකැවිලි (කිරිබත්, කොකිස් සහ අතිරස) සහ විවිධ ව්‍යංජන ඇතුළත් වේ.

5. තෑගි හුවමාරු කර ගැනීම: ආදරය සහ හොඳ හිතේ සංකේතයක් ලෙස පවුලේ අය සහ මිතුරන් සමඟ තෑගි හුවමාරු කර ගන්න. පොදු තෑගි අතර බුලත් කොළ, පුවක් සහ කුඩා තෑගි ඇතුළත් වේ.

6. අවුරුදු කුමාරි සහ කොහොඹ කංකාරිය: අවුරුදු කුමාරි (අලුත් අවුරුදු කුමරිය) සහ කොහොඹ කංකාරිය වැනි සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට සහභාගී වන්න, උත්සව නැටුම් සහ ප්‍රසංග ඇතුළත් වේ. මෙම චාරිත්‍ර ඉදිරි වසර සඳහා ආශීර්වාද සහ සමෘද්ධිය ගෙන එනු ඇතැයි විශ්වාස කෙරේ.

7. එළිමහන් ක්‍රීඩා සහ ක්‍රියාකාරකම්: සාම්ප්‍රදායික එළිමහන් ක්‍රීඩා සහ කඹ ඇදීම්, කොට්ට සටන් සහ පැද්දීම් වැනි ක්‍රියාකාරකම්වල නිරත වන්න. මෙම ක්‍රීඩා සමගිය, ප්‍රීතිය සහ ප්‍රජාව පිළිබඳ හැඟීමක් ප්‍රවර්ධනය කරයි.

8. විහාරස්ථාන නැරඹීම: ආශිර්වාද ලබා ගැනීමට සහ ආගමික වතාවත්වලට සහභාගී වීමට විහාරස්ථාන වෙත පැමිණීම. යාඥා කර මල්, පලතුරු, සුවඳ දුම් පූජා කරන්න.

9. නැකැත් වේලාවන්: තෙල් පහන දැල්වීම, වසරේ පළමු ආහාර පිසීම, වැදගත් චාරිත්‍ර වාරිත්‍රවල යෙදීම වැනි විවිධ කටයුතු සඳහා නැකැත් අනුගමනය කරන්න. මෙම වේලාවන් ජ්‍යොතිෂ්‍ය ගණනය කිරීම් මත තීරණය වන අතර වාසනාව ගෙන දෙන බව විශ්වාස කෙරේ.

10. පවුලේ අය සමඟ කාලය ගත කිරීම: ශ්‍රී ලාංකේය අලුත් අවුරුද්ද පවුල් එකට එකතු විය යුතු කාලයකි. ඔබේ ආදරණීයයන් සමඟ ගුණාත්මක කාලයක් ගත කරන්න, අර්ථවත් සංවාදවල යෙදෙන්න, සහ පවුල් බැඳීම් ශක්තිමත් කරන්න.

මතක තබා ගන්න, ශ්‍රී ලංකා අලුත් අවුරුදු උත්සවය සැමරීමේ වැදගත්ම අංගය වන්නේ අලුත් කිරීම, ධනාත්මක බව සහ එකමුතුකමේ ආත්මය වැලඳ ගැනීමයි. සැණකෙළිය භුක්ති විඳින්න සහ ඉදිරි වසරක් ප්‍රාර්ථනා කරන්න!

අහිමි හිමිකරු

චිත්තධර්ම 2024 

චිත්තධර්ම 2024 

ප්‍රාර්ථනීය මනඃකල්පිතයේ උගුල

(toil of wish fantasies) 

ආත්මාවබෝධය (self-realization) බුදුදහමේ පර්මාර්ථයයි. එය ආධ්‍යාත්මික වචනයෙන් ‘නිබ්බාණ/නිර්වාණ’ ලෙස හැඳින්වේ. සරල සිංහලෙන් එය ‘නිවීම’ යි. එම පරමාර්ථය දුෂ්කර වන්නේ නිතර අපේ සන්තානය (psyche) පරිළාහ/පරිදාහ තත්ත්වයට ලක්වන නිසාය. ‘පරි’ යනු හාත්පසින්ම හෙවත් all possible ways ය. ‘දාහ/ළාහ’ යනු දැවීම/පිච්චීම හෙවත් burning ය. සමස්ථ වචනයේ සරල තේරුම හාත්පසින්ම ජීවිතය පිච්චෙන්නාක් මෙන් දැනීමය. 

එම දැවීමට එක ප්‍රබල හේතුවක් නම් wish fantasies හෙවත් ප්‍රාර්ථනා මත මවාගත් කල්පිත ය. Wish fantasies පිළිබඳව සවිස්තරව ඉගැන්වෙන්නේ පාලි (ථේරවාද) සූත්‍ර පිටකයේ සච්චවිභංග සූත්‍රයේ ය. උපත, ලෙඩ රෝග, වයසට යාම, ආදරණීයයන් අහිමි වීම, අප්‍රිය අය සමඟ විසීමට සිදුවීම ආදි හේතු නිසා මිනිසා අපේක්ෂා භංගත්වයට පත් වේ. පෙනෙන දැනෙන ලෝකය තුළ එම අපේක්ෂා භංගත්වයට විසඳුමක් නොපෙනෙන විට මිනිසා සිතින් මවාගත් කල්පිතය හෙවත් fantasy තුළ ජීවත්වීමට පෙළඹේ. එම කල්පිත පවතින්නේ ප්‍රාර්ථනා නිසාය. එනිසා ය එම මනෝභාව wish fantasies ලෙස හැඳින්වෙන්නේ. 

මහා ජයමංගල ගාථාවන්හි තථාගත ශ්‍රී සද්ධර්මය හැඳිවෙන්නේ ‘පරිළාවූපසමනං ධම්මතේජේන සොත්ථිනා’ ලෙසය. එනම් පෙර කී දැවීමට විසඳුම වන්නේ ධම්ම/ධර්ම ය. ධර්මය විපත වලක්වා ජීවිතය තේජස්වී හෙවත් අලංකාර (glorify) කරයි.

කෙසේවුවද සච්චවිභංග සූත්‍රයේ ඉගැන්වෙන පරිදි wish fantasies විසඳුමක් නොව උගුලක් බව තේරුමගත යුතුය. සච්චවිභංග සූත්‍රයේ සවිස්තරව ඉගැන්වෙන්නේ බුදුරජාණන්වහන්සේගේ මුල්ම දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍රයේ කෙටියෙන් කළ  චතුරාර්‍ය සත්‍යය ය. සත්‍යය එකකි. එහෙත් එය හතරක් ලෙස දැක්වේ. එනම් දුක, එහි හේතුව හෙවත් පිපාසය (thirst, තෘෂ්ණා), විසඳුම හෙවත් පූර්ණ නිවීම/නිර්වාණ සහ එම පූර්ණ නිවීමට මඟ ය. සත්‍යය හතරක් ලෙස දැක්වෙන්නේ සැබවින්ම එය දෙකක් වන නිසාය. එනම් ප්‍රශ්නය (problem) සහ විසඳුම (solution) ය. ප්‍රශ්නයට හේතුව ප්‍රශ්නයේම කොටසකි. එ නිසා දෙකම ප්‍රශ්නය පිළිබඳවය. විසඳුමට මඟ විසඳුමේම කොටසකි. ඒ අනුව ප්‍රශ්නය සහ ඒ පිළිබඳ අවබෝධය අත්‍යවශ්‍ය ය. 

බොහෝ අය ප්‍රශ්නයට මුහුණදීමට බියක් දක්වති. Wish fantasies ප්‍රශ්නය තවත් අවුල් කරවයි. එය විශාදය (depression) ආදි මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ලැබිය යුතු මට්ටම දක්වා තීව්‍ර විය හැකිය. විෂාදය ඇති තැනැත්තා එය අස්වැසිල්ල (solace) ලෙස දකියි. එ නිසාම එය උගුල බවට පත් වේ. බුද්ධ දේශනාවට අනුව සර්වශුභවාදය (optimism) තාවකාලික අස්වැසිල්ලක් ගෙනෙන අතර දීර්ඝකාලීනව උගුල කි. සර්වාශුභවාදයෙන් (pessimism) මිදීමට පමණක් එය උපකාරී වේ. කල් නොයවා එම සර්වශුභවාදය යථාර්ථවාදයට හෙවත් realism බවට හරවා ගත යුතුය. 

තමන්ට එය තනියම කරගැනීමට අපහසු නම් කළ්‍යාණමිත්‍රයෙකුගේ හෙවත් කාරුණික සවන්දෙන අයෙකුගේ ආශ්‍රය අවශ්‍ය ය. මුලින්ම කී රෝග, වයසට යාම, ආදරණීයයන් අහිමි වීම ආදිය නොවැළක්විය හැකි ජීවිත යථාර්ථයන් නම් ඒ දේ ප්‍රාර්ථනාවෙන් විසඳිය නොහැකිය. යථාර්ථවාදී වීම තිත්ත කසායක් බඳු වුවද එය දීර්ඝකාලීනව ප්‍රශ්නයට විසඳුම ගෙනෙයි. 

ජීවිතය අමිල, සුන්දර ත්‍යාගයකි. Wish fantasies නිසා එය උගුලට හසු නොකරන්න.

-ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි