Month: August 2024
SoC චිප් එක සමඟ ලැප්ටොප්වල අනාගතය
මා සෙව්වේ ඔබමද
කැඩපතකි ඔබේ හිත
හිස්ෙකස් ඉතා ඉක්මනින් දිග්රකර ගැනිමට උපකාරි වන රෝස්මරී
හිස්ෙකස් ඉතා ඉක්මනින් දිග්රකර ගැනිමට උපකාරි වන රෝස්මරී
රෝස්මරී යනු කුමක්ද?
රෝස්මරී යනු මධ්‍යධරණී කලාපයට ආවේණික ඔසුවක් වන අතර එය ආහාර පිසීම, ඖෂධ සහ රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා සියවස් ගණනාවක් තිස්සේ භාවිතා කර ඇත. මෙම ශාකය ප්‍රත්‍යස්ථ සහ පහසුවෙන් වර්ධනය වන බව දන්නා අතර පිසීමේදී එය රසවත් කෑම සඳහා භාවිතා කරන ශක්තිමත්, පස් රසැති ඔසු වර්ගයකි. බොහෝ නැගෙනහිර යුරෝපීය සහ මධ්‍යධරණී සංස්කෘතීන් ද සාම්ප්‍රදායිකව රෝස්මරී ඔවුන්ගේ හිසකෙස් රැකවරණ ,නිරෝගී හිස්කබලකට ආධාර කිරීමට, හිසකෙස් බැබළීමට සහ හිසකෙස් නැතිවීමට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ.
රෝස්මරී අත්‍යවශ්‍ය තෙල් රුධිර සංසරණයට සහාය විය හැකි අතර, හිසකෙස් නැතිවීම වළක්වා ගත උපකාරිෙවි.
හිසකෙස් වර්ධනය උත්තේජනය කිරීමට, සුදු වීම සහ හිසේ කැක්කුම වැළැක්වීම සඳහා රෝස්මරී තෙල් භාවිතා කරයි. හිස්කබලේ වියළි හෝ කැසීම ඉවත් කිරීමටද උපකාරී වේ.
රෝස්මරී ස්නායු වර්ධනය වැඩි කරන අතර හිසකෙස් වර්ධනයට සහ සම පැහැපත් කිරිමට උපකාරි විය හැක. එෙමන්ම හිස්කබලේ ස්නායු ප්‍රබෝධමත් කර හිසකෙස් වර්ධනය යථා තත්වයට පත් කරයි.
ඉතාපහසුවෙන් නිවෙස්දි රෝස්මරී තෙල් සදාගන්නා අකාරය
වියළි රෝස්මරී කොළ
ඔලිව් තෙල්
වියළි රෝස්මරී කොළවලින් තුනෙන් එකක් භාජනය දමාගන්න. අවශ්‍ය පරිදි ඔලිව් තෙල් එකතු කරන්න. විනාඩි 30 double boil කර කර ෙහ්දින් room temperature cool down කර්න්න. ඉන් පසු හිස් කබලෙය් සහ හිස ෙකස් වල ෙහදින් ෙල්පනය කරන්න. ම්ෙමම සත්කාරය සතියකට දවතාවක් ඔබෙග් හිස් බලෙය් ආෙල්ප කරන්න. ෙමම සත්කාරය මගින් ඔබට ඉතා අලංකාර ෙකස් කලබක් ලබා ගැනිමට උපකාරි ෙවයි.
දුලාංජලී අලහප්පෙරුම
රති කෙළියට වැට බැඳි හද කෙළිය දූස්රා
රති කෙළියට වැට බැඳි හද කෙළිය… දූස්රා…
චන්න දේශප්‍රියගේ සාඩම්භර දෙවන සිනමා සම්ප්‍රාප්තිය…
වර්ෂ 2019 දී යූ ටර්න් චිත්‍රපටය අද්යක්ෂණය තුළින් හෙලවුඩ් සිනමා වංශකතාවේ
අදියුරු භූමිකාවට පිවිසීමට දොරගුළු විවර කොටගත් අන්තර්ජාතික සම්මාන උළෙල
නියෝජනය කරමින් තෙවරක් ඇගයීමට බඳුන් වූ ප්‍රවීණ කැමරා අද්යක්ෂකවරයෙකු
වන චන්න දේශප්‍රිය මහතාගේ දෙවන සිනමා නිර්මාණය දූස්රා යි.
තිලක්ෂිණී රත්නායක ඇතුළු සිනමාපටයේ කොඳුනාරටිය හට ජීවය සම්ප්‍රේෂණය
කරනා ප්‍රදාන රංගන ශිල්පීන් සියළු දෙනාම විසින් තම චරිතයන් හුදු නිරූපණය
කිරීමකින් ඉතා ඔබ්බට ගොස් අදියුරුවරයාගේ විධානයන්ට නතු වන කාල සීමාව
තුළදී අදාළ චරිතයන් තුළ භාවාත්මිකව ජීවත් වෙන්නට ඇති බව සිනමාපටය
නැරඹීමෙන් අනතුරුව හද කීරිගැසෙන සුළු ඉතා සංකීර්ණ සංවේදී මනෝභාවයන්
ගොන්නක වල්මත් වී සිනමාශාලාවෙන් පිටතට පැමිණෙන බොහෝ පිරිසකට මැනවින්
ප්රත්යක්ෂ වන්නට ඇත.
මීට අමතරව සිනමාපටයේ අතිරේඛ රංගන ශිල්පීන් සියළුම දෙනා විසින්ද චිත්‍රපටය
තුළ ඉදිරිපත් කරන්නා වූ යථාර්ථවාදී රාංගනය ප්‍රදාන භූමිකාවන් ඉදිරිපත් කරන්නා වූ
රංගන ශිල්පීන්ගේ දැඩි උත්සාහයට හා කැපවීමට මනා සාධාරණත්වයක් ඉටුකිරීමට
සමර්ථ වී ඇති බවත් පැහැදිලිව පෙනීයයි.
ප්‍රධාන රංගන ධායකත්වය
තිලක්ෂිණී රත්නායක
ලක්ෂාන් අබේනායක
සජිත ඇන්තනී
ශ්‍යාම් ෆර්නෑන්ඩු
ස්ටීව් ඩිලා සිල්වා
වසන්ති රන්වල
ජයනාත් බෝදාහන්දි
රුවන් මදනායක
නදීශානි පේලිආරච්චි
තරිඳු කාවින්ද ගමගේ
රෝහිත් මාන්නගේ
සමන්ත පරණලියනගේ
මෙම අද්විතීය රංගන කෞශල්‍යය රිදී තිරය මත විදහාපෑමට මං සලසා දුන් ප්‍රශස්ථ
සංකල්පය, තිර රචනය හා අදියුරුත්වය යන කාරණාවන් ත්‍රිත්වය විසින් සිනමාපටය
රාමුගත වන ආකයානය තුළ ඊට අදාළ දේශපාලනික සහ මානුශීය සංරචකයන්
සියල්ල වඩාත් හොඳින් ප්‍රේක්ෂකයන් වෙතට සන්නිවේදනය කිරීමට මහත් රුකුලක් වී
ඇති බැව් සිතේ.
හෙලවුඩ් සිනමාපටයන්හි ඉතා කලාතුරකින් දක්නට ලැබෙන සිනමා සංගීතය හා
චිත්‍රපටය තුළ දිගහැරෙන රූප රාමු එකිනෙක මනාව අතිච්චාදනය වී තිබීම තුළින්
ප්‍රේක්ෂකයා හා සිනමාපටය අතර ඉතා ශක්තිමත් බැඳීමක් නිර්මාණය කර තිබීම
මඟින් ස්මස්ථ නිර්මාණයේ සාර්ථකත්වය තවදුරටත් ඔපමට්ටම් කිරීම සඳහා විශාල
පිටුවහලක් සපයන බව කිවයුතු විශේෂ කාරණාවකි.
විදේශීය සිනමාපටයන්හි දක්නට ලැබෙන ආකාරයේ ඉහළ ගුණාත්මක භාවයකින් යුත්
ක්‍රියාදාම ජවනිකා හා දෘශ්‍ය ප්රයෝගයන් සිනමාපටය ගලාගෙන යන රිද්මයට හා ඉන්
ප්‍රේක්ෂකයාගේ මනස තුළ උපද්දවන භාවයන්ගේ තාත්වීකරණයට දශමයකුදු
හානියක් නොවෙන අයුරින් සංගෘහිත අනුපිළිවෙලකට ඇතුළත් කිරීම ඉතාමත්ම
ප්‍රශංසනීයයි.
මේ සඳහා සිනමාපටයේ තාක්ෂණික කාර්ය මණ්ඩලය, කැමරා ශිල්පීන් යමන්ම
සංස්කාරකවරුන් මහත් වගකීමකින් හා ප්‍රවේශමකින් කටයුතුයකාට ඇති බව
සිනමාපටය තියුණු අවධානයයන් නරඹන්නා වූ කා හට
වුවද මැනවින් ප්රතයක්ෂ වනු ඇත.
නිෂ්පාදන කාර්ය මණ්ඩලය
තිර රචනය සහ අද්‍යයක්ෂණය | චන්න දේශප්‍රිය
නිෂ්පාදනය | ලක්ෂාන් අබේනායක
මාර්ක් ටෙසියර්
සිනමාකරණය | ධම්මික රත්නායක
සහකාර අධ්‍යක්ෂණය | දමින්ද ඩී. මඩවල
සංස්කරණය | තිස්ස සුරේන්ද්‍ර
සංගීතය | චින්තක ජයකොඩි
නිෂ්පාදන කළමනාකරණය | ප්‍රවීන් රණසිංහ
නිෂ්පාදන සැලසුම්කරණය | ප්‍රදීප් චන්ද්‍රසිරි
කලා අධ්‍යක්ෂණය | ලකී විජේවර්ධන
හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය අපේක්ෂාවන් ඇති කරවන
මෙවන් ප්‍රශස්ථ සිනමා භාවිතාවක් පුරා දශක අටකට ආසන්න හෙලවුඩ් සිනමා
වංශකතාව වෙත තිළිණ කරවීම උදෙසා ස්මස්ථ නිෂතපාදන කණ්ඩායම හා රංගන
ශිල්පීන් දරනු ලබන අපමණ වෙහෙස හා කැපවීම සියළුම දේශප්‍රේමී හෙලවුඩ්
සිනමාලෝලීන්ගේ ස්ම්භාවනාවට ලක්විය යුතුය.
ත්‍රිලර් ශානරයේ චිත්‍රපටයකට දර්ශීය උදාහරණයක් වන මෙම සිනමාපටය හෙළවුඩ්
සිනමා වාංශ කතාවේ තවත් එක් සුවිශේෂී නිර්මාණයක් බැවින් සියළු සම්ප්‍රධායික
ගතානුගතික රාමු අභිබවා අනාගත ලෝකය සමඟින් මැනවින් යාවත්කාලීන වන
නැවුම් අනාගත ශ්‍රී ලාංකේය සිනමාවක පහස විඳීමට කැමති සියළු දේශානුරාගී
සිනමා ලෝලීන් සඳහා මෙම චිත්‍රපටය නැරඹීමට අවස්ථාව උදාවීම සම්බන්ධයෙන් ඉතා
ප්‍රයමෝදයට පත්වෙමි.
එමෙන්ම තම දෙවන සිනමා අද්යක්ෂණය තුළින්ම වර්ෂ 2021 දී මොස්කව් ජාත්‍යන්තර
සිනමා සම්මාන උළෙල, වර්ෂ 2023 දී ඩකා ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල සහ
කල්කටා ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල යන ජාත්‍යන්තර සිනමා උළෙල වලදී
හෙලවුඩ් සිනමා කර්මාන්තය සම්භාවනාවට පාත්‍ර කරන්නට සමත්කම් පෑ ප්‍රවීණ
කැමරා ශිල්පීයෙකු වන චන්න දේශප්‍රිය මහතා හටත් ඔහුයේ සමස්ථ නිෂතපාදන
කණ්ඩායම හටත් මෙම සිනමාපටය සමගින් දීර්ඝ චාරිකාවක් නිම කිරීමටත් නුදුරු
අනාග්‍තයේදී මෙවන් තවත් අපූරු නිර්මාණයකින් අප හමුවට පැමිණීමටත් අවැසි
සියළු හේතු සම්පත් සැලසේවායි මුළු හදවතින්ම පතමි.
අවසන් වදන…..
ශිෂ්ටාචාරගත වීමේදී මිනිසා විසින් නිමවාගන්නා ලද සමාජීය, ආර්ථික, සංස්කෘතික,
දේශපාලනික, ආගමික සහ නීතිය ආදී පරාමිතීන් මද්‍යයේ සොභාදහමේ පදනම
හෙවත් ජීවයේ සංකේතය වන ස්ත්‍රීත්වයෙහි නිර්වචනයන් කවරෙක්ද…?
පිටතින් කෙතරම් රුදුරු පෞර්ෂයක් ලෙස නිරූපණය වන්නෙකුගේ වුවත්
අභ්‍යන්තරයේ අතිශයින් සෞම්‍ය පෞර්ෂයක් සැඟවී තිබිය හැකිද…?
ධනේශ්වර අර්ථ ක්‍රමය තුළ ස්වාධීන ගැහැණියක් හට ස්වකීය පැවැත්ම යෙහෙන්
තහවුරු කරගැනීම උදෙසා හැඟීම් යටපත් කරගෙන තීරණයන්ට එල්බීමට සිදුවීම
සාදාරණීකරණය කළ හැකිද…?
පිළිතුරු දත්තෝ දන්වත්වා…
සැකසුම : හිරාන් ගමගේ
කටුසු කොන්දට
හන්තා න ඌරා ගලින් මා රා න්තික කටුසුකො න්දට
සමහර ගමන් තියනවා කදු නගින්නෙ කු අනිවා ර්යෙ න් එක් වතා වක් හො යන්නම ඔින… මෙි කත් එ
වගේ ගමනක්.. මගේ හීන ලිස්ටි එකේ තවත් එක හීනයක් තමයි හන්තා න කටුසුකො න්ද කියන්නේ …
ඉතිං මෙි පා ර මම ගියා යා ළුවො එක්ක එ අපුරු ගමන…
හන්තා න කදු හතේ එක් කෙ ලවරක තියනවා අපුරු පුදුමා කා ර ස්වා භා වික පිහිටිමක්.. හරියට
කටුස්සෙ කුගෙ කො දු නා රටිය වගේ පෙ ණෙ න ගලක්… දැ ඬි අවදා නමි ස්ථා නයක්.. මෙි ස්ථා නයට යන්න
නමි හන්තා න කදු හතේ උසම ස්ථා නය වන ඌරා ගලත් නගින්නම වෙ නවා …
ඉතිං අපි පස් දෙ නෙ ක් එ ගමනට සුදා ණමි උනේ වර්ෂා ව මැ ද්දේ … ගමන යන්නේ හෙ ට කියලා රෑ ඉදන්ම
එක දිගටම වැ ස්ස පටන්ගත්තා .. මහා රෑ ත් කතා උනා අපි වැ ස්සො ත් මො කද කරන්නේ වෙ න කො හෙ ද
යන්නේ කියලා .. එත් අපි තුන්දෙ නා ගෙ ම එ කියන්නේ මමයි පැ තුම් මල්ලියි සදුන් මල්ලියි, අපි
තුන්දෙ නා ගෙ ම හිත තිබුණේ කටුසුකො න්දෙ වෙ ද්දි වෙ න කො හෙ වත් හිතට දැ ණුනේ නෑ …
කො හො ම හරි පහුවදා උදේ ම මම මා තලෙ න් පිටත්වෙ ලා ආවා සරසවිගමට.. (නුවර ඉදන් සරසවිගමට
14km ) සරසවිගමට ආවා විතරයි ආයෙ ත් ඇදහැ ලෙ න්න ගත්තා මහා වැ ස්සක්.. හිත කඩන් වැ ටුණා
වගේ … එතන හිටපු මා මා කෙ නෙ ක් කතා කලා මට , එ මා මා කිව්වා ලො කු වැ ස්සක් නැ ති නිසා යන්න
පුළුවන් කියලා .. ඉතිං එ වචනෙ ම ඇති..
මගේ ගමන්වල මම අත්විදපු දෙ යක් තමයි අපි යන්නේ හො ද ගමනක් නමි ඇත්තටම සො බා දහම අපිට
එ ගමන යන්න ඉඩ දෙ නවා ආශිර්වා ද කරනවා කියන එක.. මෙි ගමනෙ න් එකත් හරි අපුරු වට ඔප්පු
උනා .. ගමන පටන්ගන්න ලයිමි නිවා ස වෙ තට එද්දි වැ ස්ස හෙ මින් යන්නම ගිහින්… ඉතිං නුග ගහා ලග
දෙ වි පිළිරු වත් වැ දගෙ න ආශිර්වා ද අරන් අපි ආරමිභ කලා ගමන… දැ නගන්න ලැ බුණු විදහට ගමන
ආරමිභ වන ස්ථා නය නුග ගහා ලග ඉදන් 1.3kmක් ගමනා න්තයට යන්න ඔින…
සීග්‍ර දල බෑ වුමක් ඔස්සේ ඉලුක් යා යක් පහු කරගෙ න ගමන අපි ගියෙ හෙ මින්.. අපිටත් වඩා උසට
වැ ඩි ඇති ඉලුක් අතරින් අඩිපා ර හො යා ගන්නවා කියන එක සමහර තැ න්වල කරන්න අසිරු යි. එ
නිසා ම අවදා නයෙ න් අපි ඉදිරියට ඇදුනේ අවට සුන්දරත්වය විදගෙ න.. කියන්නම ඔින දෙ යක් තමයි
ඉලුක් යා යවල් මැ දින් යනවා නමි අත් දිගට ඇදගෙ න යන්න.. පිහි තුඩවල් වගේ අතපය හිරෙ නවා . අත්
දිගට ඇදගෙ න ගියත් මගේ නමි මුණත් සීරු නා ..
වර්ෂා ව නැ ති උනත් කන්දේ ඉහල නමි අපිට දැ කගත හැ කි උනේ නැ පහලදි, ඝන මීදුමකින් කන්ද උඩ
වසා ගෙ න තිබුණ නිසා අපි කවුරු ත් දැ නගෙ න සිටියෙ නැ කටුසුකො න්ද කො යි පැ ත්තෙ ද ඌරා ගල
කො යි පැ ත්තෙ ද කියන්න.. අඩි පා රත් යමි තැ න් වල තිබු ඊතල ලකුණුත් දිගේ අපි ඇවිද ගියෙ හරි
පරිස්සමට…. වැ හි පො ද වැ ටුණු බවක් පෙ නෙ න්නට නැ තත් යමි යමි තැ න්වල දියසීරා ව නිසා අඩිය
තැ බුවෙි හෙ මින්. කො හො ම උනත් හරි අපුරු වට කො ළපා ට ඉලුක් යා ය දිලිසෙ න්න ගත්තා වෙ ල්වටි
රෙ ද්දක් වගේ වැ ටුණු අවු රැ ල්ලට.. මො හො තක් එ ඉලුක් යා යේ අපි ගිමන් ඇරියේ ඇතින් පෙ ණෙ න
සුන්දරත්වය විදගෙ න ගෙ නා බිස්කට් රහා බලන ගමන්…
ඉලුක් යා ය කෙ ලවර ඉදන්ම තිබුණේ එක දිගටම ලො කු නැ ග්මක්.. දිය සිරා ව නැ ති තැ න්වලින් ඇඹුල්
ගස් වල අතු සහා පදුරු අල්ලා ගෙ න අපි ඉහලට ගියෙ හෙ මින්.. කියන්නම ඔින දෙ යක් තමයි
අනිවා ර්යයෙ න් කටුසුකො න්ද යනවා නමි හො ද සපත්තු පළදින්න, හෙ තුව ලිස්සනවා හැ ම තැ නම. එ
වගේ ම නගින්න තියන ආනතිය වැ ඩියි.. උස තැ න්වලට බය අය නමි යන්න එපා ..
හෙ මින් හෙ මින් අපි එ ගල් පො ත්ත පහු කරන් ඉහලට ආවා ම තමයි හො දම තැ න සෙ ටි උනේ .. මිටර්
කියක් දිගද කියන්න දන්නේ නැ ති උනත් තවත් විශා ල ගල් පො ත්තක් පා මුලට අපි ඇවිත්… අං ශක
60ක පමණ ආනතියකින් යුක්ක මෙි ගල් පො ත්ත නැ ග යා යුතුයි ඉහලට, මට නමි හිතුනේ ම හැ ටට
වඩා වැ ඩි ඇති කියලමයි.. මෙි ගල්පො ත්ත ඉහලට තරණය කලේ මැ ද හරියෙ දි නමි මම අතපය දෙ කම
යො දා ගෙ න.. බයක් හිතුනේ නැ තත් පරිස්සම වටිනවා .. යමි විදිහකින් කකුල ලිස්සුවො ත් වෙ න්නේ
මිටර් ගා ණනක් පහලට වැ ටෙ න්න..
ගල් පො ත්ත පහු කල පසු හමුවන්නේ කුඩා කැ ලෑ කුටිටියක්.. හැ ම තැ නම දකින්න තියෙ න්නේ ඇබුල්
ගස්… කෙ මෙ න් කෙ මෙ න් ඉහලට ලගා වෙ ද්දි තද සුළග වගේ ම මීදුමෙ න් අපිව වෙ ලා ගත්තේ අඩි දහයක්
පමණ ඈතින් සිටින කෙ නා වත් නො පෙ නි යද්දි… මො හො තක් එක් තැ නක රැ දෙ න්න සිදු උනා මීදුම
සහිත හුළගේ වෙි ගය නීසා .. වැ හි වළා කුලක් අපව පසු කර යනවා දැ යි එ මො හො තේ සිතුනා මට..
මො කද මගේ ජිවිතේ පළවෙ නි වතා වට මම මෙි වගේ අත්දැ කීමක් ලැ බුවෙි .. මෙි මීදුම අතරින් හිරු
එළිය විදගෙ න ආවෙි සුදුපා ට මීදුම රිදිපා ටින් දිලිසෙ ද්දි.. සො බා දහමෙි ආශිර්වා දයෙ න් මුළු පලා තම එළිය
වැ ටුනා මීදුම මැ කි ගිහින්.. 360°ක වපසරියක් අපේ දැ ස් මා නයේ දිස් උනේ මම නමි සතුටින් කෑ ගහද්දි..
ත් ටෙි න් ත්
ඉතිං තවත් මො නවද… වටෙි තියන කදු දිහා බලා ගෙ න එ කදු අදුරගන්න උත්සා හ කලා අපි..
අමිබුලුවා ව, අලගල්ල , පෙ ටිටිගල, හන්තා න , සමනළ කන්ද වගේ කදු රා ශියක සුන්දරත්වය බලා ගන්න
පුළුවන් උනා .. ටික වෙ ලා වක් එ සුන්දරත්වය විදගෙ න අපි නැ වතත් හෙ මින් ගමන් කලේ ඌරා ගල
පැ ත්තට… හෙ මින් පරිස්සමෙ න් යන්න ඔින ගමනක්.. එක් පසෙ ක දරු ණු ප්රපා තයත් අනෙ ක් පසින් දල
බැ වුමත් නිසා ගමන අවදා නමි,
පුරා වෘ ත කතා වකටද නෑ කමි කියන ඌරා ගල තමයි මෙි හන්තා න කදු පන්තියෙ උසම තැ න… මුහුදු
මටිටමෙි සිට මීටර 1200 කට (~3800 ft)
ඌරා ගලට සමිබන්ද ජනප්රවා ද කතා වක් තියනවා කො හො ඹා කං කා රිය සමිබන්දව. එක තමයි
පඩුවස්දෙ වු රජුට ඇතිවු දිවි දො සය නිසා එක හො ද කරන්න මලය රටෙි රජතුමා ව ගෙ න්වන්න විම.. එ
කා ර්ය පැ වරු නේ රා හු අසුරේ ද්‍රයා ට… රා හු ඌරෙ කු වෙ ස් ගෙ න මලය රටට ගිහින් මලය රජතුමා ගේ
මගුල් උයන පො ඩි කරලා දා ලා . එකට කෙ න්ති ගිය මලය රජතුමා ඌරා පසු පස පන්නා ගෙ න ඇවිත්
තියෙ න්නේ මෙි හන්තා න කදු වැ ටියට.. එ පන්නා ගෙ න ඇවිත් ඌරා ව අල්ලා ගෙ න දුන්නෙ න් පහර දිලා . එ
පහරට ඌරා ගලක් බවට පත් උනා කියලා කියනවා .. තව ඌරා ව මෙි ස්ථා නයෙ දි කො ටා මරා දැ මිමා
කියලත් කියනවා .. කතා ව කො හො ම උනත් ඌරා ගල නමි ඇත්තටම සත්වයෙ ක් වගේ තමයි ඇතට…
ඌරා ගල පහලින් ගල් දෙ කක් අතරින් පහලට බහින්න කුඩා හිඩසක් තියනවා . එ හිඩසෙ න්
පහලට බැ සගත්තා ම කුඩා ගුහා වක්ද දැ කගන්න පුළුවන්. එහි වර්ෂා වකදි උවත් නො තෙ මි
ඉන්න හැ කියි පිරිසකට. හැ බැ යි පටු ස්ථා නයක් නිසා අවදා නමි ඉදිරියෙ න් ප්රපා තය නිසා … එහි
සිටියදියි අපි දැ ක්කේ විශා ල වැ හි වළා කුලක් මෙි කදු වැ ටිය පහු කරගෙ න ඈතට යනවා . එක
පුදුමා කා ර දර්ශනයක්.. බො හො වෙි ලා වක් අපි රැ දි සිටියා එ ස්ථා නයේ . එ මො හො තෙ යි තවත්
පිරිසක් කටුසුකො න්ද අනෙ ක් පසෙ න් නැ ගගෙ න ආවෙි ..
ඔවුන් සමගත් කතා බහා කරලා අපි පිටත් උනේ එ අසිරිමත් ගල් පො ත්ත ඇති පැ ත්තට…
ඦා යා රු ප වලින් විඩියෝ වලින් දැ ක තිබුණු කටුසුකො න්ද දුටු විට නමි ඇත්තටම හදවත
ගැ හුණා වෙි ගයෙ න්.. එ තරමි එ පිහිටිම නමි විශ්මිතයි… කටුසුකො න්ද ගල් පර්වතය මුදුණට
නගින්න නමි බහින්න ඔින ප්රපා තය අසලින් පහලට. කදු ගැ ට තරණය කරලා උපන්
හපන්කමි ඇති සදුන් මල්ලි නමි එ ප්රපා තය බැ ස්සා .
එත් මට දුක හිතුනා .. හෙ තුව එ පල්ලම දුටුවා ම මට එයට බහින්න බැ රි බව තෙ රු මි ගියා .
මම මිටියි, එ නිසා ගල අල්ලන් පහලට බැ සිම අවදා නමි.. බලන් හිටියා සදුන් මල්ලි කඩියා
වගේ කටුසුකො න්ද දා රය දිගේ යනවා .. ආසා ව තිබුණත් එ මො හො තේ එ අවදා නම ගන්න
මගේ හිත ඉඩ දුන්නේ නැ මට.. හිත කිවුවෙ ම බහින්න එපා කියලා …. අපිත් එක්ක ආව
අයියලා දෙ න්නා හෙ මින් පහලට ගියත් අපි තුන්දෙ නා ට නමි පහළට යන්න සිහියක් නෑ .. එ
තරමි මෙි සුන්දරත්වය අපිව වශි කරගෙ න…
නැ ග්ගා වගේ ම තමයි මෙි පල්ලම බහින එකත් පරිස්සමෙ න් කල යුතු වැ ඩක්… ඇත්තටම මට
නමි මෙි ගමන විර චා රිකා වක්… එ තරමි ගමන පුරා වටම මම සිටියෙ විශ්මයෙ න්.. කදු
මුදුණත බො හො ම පටුයි. එ පටු ස්ථා නයෙ ඉදන් මම වටෙි ම සුන්දරත්වය විදින ගමන් කල්පනා
කලේ ඇත්තටම මගේ රට කො යිතරමි ලස්සනද කියලා … අන්තිමට අපි තුන්දෙ නා පහලට
බහින්න ගත්තා . එකත් හෙ මින්.. සො බා දහම විසින් අපිට ඉදුණු ඇබුල් පෙ ර තෑ ගි ලෙ ස ලබා
දුන්නේ අපේ සතුට තවත් වැ ඩි කරලා …
හන්තා න ඌරා ගලින් මා රා න්තික කටුසුකො න්ද ගිය මෙි අපුරු චා රිකා ව දවසක අනිවා ර්යයෙ න්
ඔයා ලත් යන්න, හැ බැ යි මතක තියා ගන්න දැ ඬි අවදා නමි, වර්ෂව කා ලෙ ට නමි මෙ හි යන එක
සුදුසු නැ කො හෙ ත්ම.. යන්න එ විර චා රිකා ව ගිහින් එ සුන්දරත්වය විදින්න… එ වගේ ම මතක
තියා ගන්න තමන් ගෙ නියන සියළු දේ වල් නැ වත පහලට රැ ගෙ න එන්න.. එ සුන්දර කදු වැ ටිය
ආරක්ෂා කරන්න…
නිසං සලා රණසිං හ
රනීත කේක් සහ අතුරුපස නිවැරැදිව සාදාගන්නා අයුරු අපි”ට කියා දෙන
CHARUNI PERERA
Hello Charuni, කොහොමද? අපි ඔබ ගැන වැඩි විස්තර දැන ගැනීමට කැමතියි. ඉතින් ,ඔබ කවුද, ඔබේ වෘත්තිය කුමක්ද සහ ඔබේ පවුල් පසුබිම ගැන විස්තර ටිකක් අපට කියන්න පුළුවන්ද?
ආයුබෝවන්! මම හොදින්, ස්තූතියි! මම බොහෝ මාර්ගයන් හී ගමන් ගන්නා බැවින් පිළිතුරු දීමට තරමක් අපහසු ප්‍රශ්නයක්!
වටිනාකම් හෝ ගුණාංග සමඟ මා ගැන විස්තර කරන්නේ නම්, මම ශක්තිමත් , ඕනෑම දෙයකට ඔරොත්තු දෙන, විමසිලිමත්, දැඩි ලෙස පක්ෂපාතී සහ අවශ්‍ය වූ විට ඝෝෂාකාරී වන කෙනෙක් කියලා කියන්නට පුලුවන් .. සම්මත පිළිතුරක් ලබා දෙන්නේ නම්, මම 1994 දී ලන්ඩනයේ උපත ලබා, මා සහා මගේ සහෝදරයා අපගේ ශ්‍රී ලාංකීය සම්ප්‍රදායන් සහ සංස්කෘතිය ඉගෙන ගැනීමට කාලය පැමිණ ඇති බව මගේ දෙමාපියන් තීරණය කොට, ඔවුන් අපව ලංකාවට ගෙන යන විට මට වයස අවුරුදු 7 කි. ලංකාවෙහි වසර 10 ක් ජීවත් වූ අතර ලයිසියම් ඉන්ටර්නැෂනල් හි අධ්‍යාපනය ලැබ, එම කාලය තුළ මම වඩාත් චතුර ලෙස භාෂාව කතා කිරීමට ඉගෙනගෙන, මගේ උරුමය වැළඳ ගත් අතර, වඩාත්ම වැදගත් දෙය නම් 2008 දී මගේ සැමියා බුද්ධික මුණගැසීමයි. මගේ පවුල නැවත එක්සත් රාජධානියට ගියේ 2012 දී ය. ඉන් මගේ විශ්ව විද්‍යාල උපාධිය ආරම්භ කළ අතර ඉතිරිය ඉතිහාසයයි. ශ්‍රී ලංකාවේ හැදී වැඩෙන කුඩා දරුවෙකු ලෙස බුදුදහම පිළිබඳ වැඩිදුර ඉගෙනීමට මගේ දෙමාපියන් මාව දහම් පාසලකට ඇතුළත් කිරීමේදී අභිධර්මය මගේ අවධානයට ලක් වූවා., මා මනෝවිද්‍යාවට දැඩිලෙස බැදී ගිය නිසා මිනිස් හැසිරීම් වඩාත් ස්විස්තරාත්මකව තේරුම් ගැනීමට මට පුලුවන් වුණා .. ඉන් අනතුරුව මම ශ්‍රී ලංකාවේ සිසුන්ට අභිධර්මය ඉගැන්වීම සහ ශ්‍රී ලංකාවේ සහ එක්සත් රාජධානියේදී මනෝවිද්‍යාවේ මාවත අනුගමනය කළා.සායනිකව මම මනෝචිකිත්සකවරියක්, හෝ වඩාත් නිශ්චිතව කිවහොත්, NHS හී වාචිකව කරනු ලබන ප්‍රතිකාර සේවා කණ්ඩායම් සාමජිකවරියක ලෙස සේවය කරනවා. වසර 10 ක් මුළුල්ලේ NHS සඳහා සේවය කරමින් සිටින අතර එය අභියෝගාත්මක නමුත් ඒ සමඟම ප්‍රතිලාභදායකයි. බුද්ධික සහ මම හර්ට්ෆර්ඩ්ෂයර් සිට ලන්ඩනයට ගොස් දැන් මර්සිසයිඩ්, විර්රල් හි දැන් අවුරුදු 5 තිස්සේ පදිංචිව සිටිනවා.,. රිය පැදවීම, සංචාරය කිරීම සහ නව ස්ථාන ගවේෂණය කිරීම, සංගීතය, කියවීම සහ නව අවන්හල්වල ආහාර ගැනීම අපි දෙන්නම කැමතියි . එය මගේ එදිනෙදා ජීවිතයේ සාරාංශයයි! මින් අන්තුරුව බේකිං පැමිණෙන්නේ මෙහිදීය.
2. ඔබට බේකිං කිරීම යනු වඩාත්ම විනෝදාංශයක්ද නැතිනම් වෘත්තියක් ද?
එය තනිකරම විනෝදාස්වාදයකි, කිසිදා වෘත්තියක් නොවේ. ඇණවුම් භාර ගත්තද මම කිසි විටෙකත් වෘත්තීය බේකරිකරුවෙකු ලෙස සලකන්නේ නැ. එය මගේ නිස්කලංකත්වය අත්විදීමට සහ මගේම සිතුවිලි තුල අතරමං වීමට යොදා ගන්නා මගේ කාලයයි. මම කෑමට ප්‍රිය කරන දේ මම බේක් කරනවා, තමුන්ගේ ඇණවුම් කල කේක් එක අතට ගන්නා විට ඒ අයගේ මුහුණුවල ඇති උද්යෝගය දැකීමෙන් මම සතුටක් ලබනවා. මට වඩාත්ම වැදගත් දෙය නම් මගේ නිර්මාණයෙහි අන්තර්ගත රසයයි. කේක් වල පෙනුම වැදගත් වුවත්, කේක් වල රසය අපගේ මතකයේ පවතින බව මම විශ්වාස කරනවා. කාල සීමාවන්හී ඇති ඉඩ මදි කම් නිසාවෙන් වසර ගණනාවක් පුරා බොහෝ ඇණවුම් භාර නොගත් අතර, එහි ඇති වූ අවාසිය නම් මගේ නිර්මාණයන්හී පරිපූර්ණත්වයට පත්වීම සඳහා මට එතරම් පුහුණුවීමට කාලය නොලැබීමයි. නමුදු රසය කිසි විටෙකත් අඩුවක් නොවීමට මම දැඩිව වගබලාගන්නවා.
3. කේක් සාදන්නෙකු වීමට ඔබව පෙලඹවූයේ කුමක්ද?
මගේ අම්මා. මම හැදී වැඩුණේ මගේ මව මිතුරන්ට සහ පවුලේ අයට සත්කාරකත්වය සදහා , ඉතා පුළුල් පරාසයක පැතිරුණු ප්‍රධාන සහ අතුරුපස ලබා දීමෙන් සතුටක් ලබන ආකාරය දෙස බලාය. අතුරුපස සෑම විටම මට ඉන් කැපී පෙනුනු අතර, මම සහා මගේ සහෝදරයා අපගේ මව අතුරුපස සාදා අවසන් වූ පසු බඳුනේ පතුලේ රස දිවගා බලන්නට මුලුතැන්ගෙයිහි වාඩි වී සිටිනවා. අවසානයේදී ඇය මෙම ක්‍රියාවලිය සමඟ මා කෙරෙහි විශ්වාසය තැබීමට පටන් ගත් අතර මම මුලින්ම ඇගේ මඟ පෙන්වීම යටතේ වයස අවුරුදු 10/11 දී පමණ කේක් එකක් පිළිස්සූ අතර ඉන් මාගැන ගොඩනැගුනු විශ්වාසය නිසා මට වයස අවුරුදු 13 දී අපි එක්ව ඇණවුම් භාර ගැනීමට පටන් ගත්තා. එවකට මගේ ප්‍රධාන කාර්යභාරය වූයේ කේක් අලංකාර කිරීමයි, ඒත් සම්පූර්ණ ක්‍රියාවලියම භාර ගන්න මට ලොකු කාලයක් ගියේ නෑ..
4. ඔබේ බේකිං කෙතරම් පිළිවෙලට සහ සවිස්තරාත්මක දැයි අපි දැකලා තියනවා. ඔබ එම මට්ටමේ නිරවද්‍යතාවය සහ කලාත්මක බව ලබා ගන්නේ කෙසේද?
පුහුණුවීම් සහ කාලය! මගේ කේක් මා කැමති තරම් පිළිවෙලට හා සවිස්තරාත්මක වීමට නම් මා තව සැලකියයුතු මට්ටමකට පැමිණිය යුතුය. මාගේ බේකිං සීමිත වන තරමටම, එම පරිපූර්ණ නිමාව සහ සුමට දාරයන් ලබා ගැනීමත් සමඟ මම වැඩි වැඩියෙන් වෙහෙසෙනවා. මම හිතන්නේ ටික කාලයක් බේක් නොකර ඉඳලා මම නිර්මාණය කරන කේක් වල ඒක හොඳටම පේනවා. කොහොම වුනත්, මා කලින් කී පරිදි, කේක් වල රසය මෝස්තරයට වඩා පවතිනු ඇතැයි මම සිතමි, එබැවින් මට පරිපූර්ණ දාරයක් නොමැති නම් මම වැඩිය කරදර නොවන්නෙමි. එහෙම කිව්වම, මම රකින ප්‍රමිතියක් තියෙනවා, මම කවදාවත් සතුටු නොවන කේක් එකක් විකුණන්නේ නැහැ. සමහර විට මා විසින් මුළුතැන්ගෙයිහි හොදින්ම සරසා අවසන් කල කේක් ගෙඩියක් මටම තෘප්තියක් මදි බවක් හැගුනු විටදි නැවත අලුතින්ම සරසන ආකාරය බුද්ධිකට පවා ඉතා සුපුරුදු දසුනක්.
5. ඔබ ඕනෑම කේක් වර්ගයක් හෝ රසයක් ගැන විශේෂඥයෙක්ද?
මම යන්නේ වැඩියෙන්ම වැනිලා අයිසිං සහිත සම්භාව්‍ය ශ්‍රී ලාංකේය රිබන් කේක් හෝ චොකලට් අයිසිං සහිත චොකලට් කේක් දෙසටය. මම පෞද්ගලිකව මෙම රස දෙක ආහාරයට ගැනීමට ප්‍රිය කරන බැවින් ඉන් බැහැර වීම මට ඉතා අපහසුය. තවද ඒවා මගේ අම්මා මට මුලින්ම ඉගැන්වූ වට්ටෝරු දෙකයි, එම නිසාවෙන්ම සමහර විට මම ඒවා සමඟ වඩාත් සුවපහසු විය හැකිය.
6. ඔබ නව කේක් නිර්මාණ ඉදිරිපත් කරන්නේ කෙසේද?
මම මා සමගම වැඩිපුරම අරගල කොට වෙහෙසෙන්නේ නවතම මෝස්තර බේකිං අංගයන් සදහායි, විශේෂයෙන්ම වැඩිහිටි කේක් ඒ අතර මුල්තැනක් ගනී. එබැවින් හැම විටම පාරිභෝගිකයාගෙන් මා ඉල්ලා සිටින්නේ ඔවුන්ට අවශ්‍ය දේ සම්බන්ධයෙන් මට අදහස් හෝ දළ සටහනක් ලබා දෙන ලෙසයි. ළමයින්ගේ සහ කාටූන් කේක් කිරීම පහසු වන අතර මට ඒවායින් බොහොමයක් නිදහස් දෑතින් කල හැකිය, නමුත් වර්තමානයේ ප්‍රවණතාවක් ඇති වඩාත් සෞන්දර්යාත්මක මෝස්තර සමඟ මම ඇත්තටම අරගල කරනවා.
7. ඔබ මෙතෙක් සාදා ඇති වඩාත්ම අභියෝගාත්මක කේක් එක කුමක්ද?
සෑම ඇණවුමක්ම වෙනස් අභියෝගයක් වන බැවින් එක් කේක් එකක් සඳහන් කිරීම අපහසුය. කෙසේ වෙතත්, ඇණවුම් භාර ගැනීමේදී මා මුහුණ දුන් වඩාත්ම අභියෝගාත්මක කාලය ගැන සිතන්නේ නම්, එය අනිවාර්යයෙන්ම 2021 දී මමත් මගේ අම්මාත් භාර ගත් සිංහල සහ දෙමළ අලුත් අවුරුදු තොග ඇණවුමයි. අපට විවිධ සම්ප්‍රදායික කැවිළි, කේක් සහ වෙනත් අතුරුපස වර්ග සාදා, බෙදා හැරීමටද, තැපැල් මාර්ග වලින් යැවීමට සහ පැමිණ රැගෙන යාම් සදහා සුදානම් කිරීමට තිබුණා . සෑම දෙයක්ම නැවුම් ලෙස පිසීම සහ සකස් කිරීම අවශ්‍ය බව මම තරයේ විශ්වාස කිරීම හා ඉල්ලුම් වලට සාර්ථකව මුහුණ දීම සඳහා මට අලුත් අවුරුද්දට පෙර නිදි නැති පැය ගණනක් ගත කිරීමට සිදු වීමෙන්, අවාසනාවන්ත ලෙස අපට ශාරීරික සමබරතාවයන් පවත්වා ගැනීමට නොහැකිව අවසානයේ නව ඇණවුම් ප්‍රතික්ෂේප කිරීමටද සිදු වුණා . මම එම අවස්ථාවේදී මගේ පාඩම ඉගෙන ගත් අතර එතැන් සිට මට ඕනෑම වේලාවක ඇණවුම් කොපමන ගත හැකිද යන්නට සීමාවක් තබා ගැනීමට මම වගබලා ගත්තා .
8. ඔබ නවතම බේකිං ප්රවණතා සහ ශිල්පීය ක්‍රම සමඟ යාවත්කාලීනව සිටින්නේ කෙසේද?
Instagram සහ Tiktok! මම ඒවායේ දිනපතා රීල් නැරඹීම හරහා දැනුවත්භාවයක් ලබා ගන්නවා . මෙයින් අදහස් කරන්නේ මම සෑම විටම ඒවා අනුකරණය කරන බව නොවේ, නමුත් බේකිං ලෝකයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව දැනුවත් වීමට මම කැමතියි.
9. ඔබේ බේකිං වෘත්තියෙහි ඔබේ අනාගත ඉලක්ක සහ සැලසුම් බෙදා ගැනීමට ඔබ කැමතිද?
මට ඇත්තටම ඒ ගැන හරි පැහැදිලි කිරීමක් අපහසුයි. මානසික සෞඛ්‍යය සහ බේකිං ලෝකය එකට එකතු කිරීමට මම කැමතියි නමුත් මෙය කරන්නේ කෙසේද යන්න පිළිබඳව මට තවමත් පැහැදිලි දැක්මක් නැහැ. සමහර විට මම මාව බේකිං චිකිත්සකවරිය ලෙස හඳුන්වනු ඇත! විහිළු පසෙක තබා, මම දැන් මෙම අවකාශයන් දෙකම සමඟ සිටින ස්ථානය ගැන සතුටු වන අතර අනාගතය කුමක් රදවාවිදැයි අපි බලමු.
10. අපි සඟරාව ගැන ඔබ සිතන්නේ කුමක්ද?
අපි සඟරාව මගේ හදවතේ විශේෂ තැනක් ගන්නවා. එය සියලුම ප්‍රජාව එකමුතු කරන වේදිකාවක් දක්වා වර්ධනය වී ඇති අතර තම සිතැගි, නිර්මාණ, කුසලතා ප්‍රකාශ කිරීමට අවකාශයක් සලසා දෙන තෝතැන්නකි. විවිධ ක්ෂේත්‍ර සහ මාතෘකා ගවේෂණය කරන සඟරාවේ සංකල්පයට මම ඇලුම් කරන අතරම, එය විශිෂ්ට කාර්යභාරයක් යැයි මම සිතනවා. වෙනදා වගේම මගේ ලිපි ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරලා සඟරාවට ගැළපෙන විදියට නිර්මාණ කරන්න මේ අවස්ථාව ලබාදුන් ගයාන් ඇතුළු අපි සඟරාවේ මුළු කණ්ඩායමටම මම ස්තුතිවන්ත වෙනවා. සුභ පැතුම් අපි සඟරාව!
හිරු නොබසින අධිරාජ්‍යයේ සුරැපිනියන්ගේ රැව රැක ගැනීමට අත්වැල් දෙන SRI LANKAN AESTHETIC PRACTITIONER
හැම කාන්තාවක්ම උපතින්ම ඉතාමත්ම සුන්දරයි. දීප්තිමත් සමක්., වර්නණයක්, ලස්සන කෙස් කලඹක් මෙම සුන්දරත්වය තවත් වැඩි කරන බව නොවනුමානයි.
සුන්දර තාරුණ්‍යය අපි අතර හැමදාමත් රැදෙන්නෙ නැහැ , කාලයත් එක්ක හෙමිහිට ඒ සුන්දරත්වය වියකී යාම සොබාදහම අපට කියාදෙන අපුරු පාඩමක්. නමුත් නචීන රැපලාවන්ය තාක්ෂණය උපයෙඟීකරගෙන අපගේ සුන්දරත්වය මනාව පාලනය කරගෙන යන්න දැන් අපිට අවස්ථාව තිබෙනවා.
සෞන්දර්යවිදිනියක් (Aesthetician) විදියට මම සම රැකගැනීම සහ නිරෝගීමත් සමක් පවත්වාගෙන යාම පිළිබඳව අධ්‍යාපනය හදාරා සහ තවදුරටත් ඒ පිළිබඳව උසස් අධ්‍යාපන කටයුතු වල නියලෙමින් සිටිනවා. Skin care therapist කෙනෙක් විදියට අපි අපේ ශරීරය සමිබන්ධව ගොඩක් දේවල් අධ්‍යනය කරන්න වෙනව. එය ඉතාමත්ම වගකීමකින් හැදෑරීය යුතු විෂය මාලාවක්.
දැන් අපි බලමු ඇයි අපි සමෙහි සුන්දරත්වය පවත්වාගෙනයාම සදහා පිටතින් උත්තේජකයන් ලබා දිය යුත්තේ ඇයි කියන දෙය.. . ?
අවුරුදු 28-30 අතර කාල පරාසය තුළ අපගේ ශරීරය තුළ නිපදවන කොලජන් (collagen) ක්‍රම ක්‍රමයෙන් අඩු වීගෙන යනව, මෙම collagen ප්‍රමාණය අඩුවීමත් සමගම අපේ සම රැලි වැටීමත්,සමෙහි පවත්නා තෙතමනයත් සහ ස්වාභාවික වර්නණයත් වියකී යාමේ කාලය එහෙම නැත්නම් Ageing process එක ආරම්භ වෙනවා. ඉතින් මෙම ක්‍රියාවලිය අඩපණ කිරීමට තමයි අපි මෙම තාරුණ්‍යය රැක ගැනීමේ එන්නත් skin boosters යොදා ගන්නෙ. මෙය තුළින් අපි සෞඛ්‍ය සම්පන්න,නිරෝගී සමක් පවත්වාගෙන යාම සදහා අවශ්‍ය විටමින් වර්ග,Antioxidants, hyaluronic acid සම තුළට එන්නතකින් ලබා දෙනවා. මෙහි අතුරු ආබාධ side effects ඇත්තේම නැහැ. එම නිසා මෙය beauty industry එක තුළ ඉතාමත්ම ජනප්‍රියත්වයට පත් වෙමින් තිබෙනවා.
තාරුණ්‍යය රැක ගැනීමට ශල්‍යකර්ම කිරීම ක්‍රම ක්‍රමයෙන් ගිලිහී යමින්, එන්නත් තුළින් රැව රැක ගැනීම රැපලාවන්ය කේෂ්ත්‍රය තුළ බෙහෙවින් ජනප්‍රියයි මන්දයත් ශල්‍යකර්ම වැඩිපුරම අසාර්ථක වීමේ සමීභාවිතත්වය මෙයට ප්‍රධානතම හේතුවක් ලෙස කේෂ්ත්‍රය තුළ පිලිගැනීමක් ඇති වී තිබෙනවා.