ඇස් යට කලු වීම

ඇස් යට කලු වීම

බොහෝ කාන්තාවන්ට  තියන ගැටලුවක් ඇස් යට කලු විම.අද අපි කතා කරන්ෙන ඔබේ ඇස් යට කළු වීමට හේතුව කුමක්ද? ඵයට සුදුසු ප්‍රතිකාර සහා  වළක්වා ගන්නේ කෙසේද?

ඔබේ ඇස් යට අඳුරු විම බොහෝ හේතු නිසා ඇති විය හැක. අඳුරු විම සඳහා වඩාත් පොදු හේතුවක් වන්නේ වයසට යාමයි. ඔබ වයසට යන විට, ඔබේ ඇස් යට සම ලිහිල් වීමට හා තුනී වීමට පටන් ගනී, එවිට ඔබේ සමට යටින් ඇති රුධිර නාල වඩාත් දෘශ්‍යමාන වේ. මෙය ඔබේ ඇස් යට පෙනුම අඳුරු කළ හැකිය. 

ඔබේ ඇස් අතුල්ලමින්:

ඔබේ ඇස් අතුල්ලමින් සහ සීරීමෙන් ඔබේ ඇස් යටි ඉදිමී ඔබේ රුධිර වාහිනී කැඩී යා හැක.

නින්ද නොමැතිකම: 

දුර්වල නිදි පුරුදු නිසා ඔබේ ඇස් යට සම සුදුමැලි වී යයි. ඔබේ රුධිර වාහිනී ඔබේ සම හරහා පහසුවෙන් පෙන්විය හැක.

හයිපර්පිග්මන්ටේෂන්:

 සූර්යයාට ඕනෑවට වඩා නිරාවරණය වීමෙන් ඔබේ ශරීරය මෙලනින් වැඩි කිරීමට පොළඹවයි. මෙලනින් යනු ඔබේ සමට එහි වර්ණය ලබා දෙන ද්‍රව්‍ය (වර්ණක) වේ.

විජලනය: 

ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය නොකළ විට ඔබේ ඇස් යට සම අඳුරු ලෙස පෙනෙන්නට පටන් ගත හැකිය.

ජීවන රටා සාධක: ආතතිය, අධික ලෙස මත්පැන් භාවිතය සහ දුම්පානය වැනි වෙනත් සාධක ඔබේ ඇස් යට කළු වීමට හේතු විය හැක.

ඇස් යට අඳුරු කව වලට ප්‍රතිකාර කිරීමට නිවසේදී කළ හැක්කේ කුමක්ද?

ඔබේ ඇස් යට අඳුරු කව ඉවත් කිරීම සඳහා ඔබට නිවසේදී කළ හැකි බොහෝ දේ ඇත. නිවෙස් පිළියම් ඇතුළත් විය හැකිය:

වැඩිපුර නිදාගන්න: 

ඔබේ ඇස් වටා සෙවනැලි ඇතිවීම වැළැක්වීම සඳහා සෑම රාත්‍රියකම අවම වශයෙන් පැය හතක්වත් නිදා ගැනීමට උත්සාහ කරන්න.

වැඩිපුර කොට්ට භාවිතා කරන්න: රාත්‍රියේදී ඔබේ ඇස් යට තරල එකතු වීම වැළැක්වීම සඳහා අමතර කොට්ට කිහිපයක් සමඟ ඔබේ හිස ඔසවන්න. මෙය ඉදිමීම සඳහා උපකාරී වේ.

සීතල සම්පීඩනය: 

ප්‍රසාරණය වූ රුධිර වාහිනී හැකිලීමට ඔබේ ඇස්වලට සීතල හැඳි යොදන්න. මෙමඟින් ඇහි පිහාටු ඉදිමීම සහ අඳුරු කව පෙනුම අඩු කළ හැකිය.

තේ බෑග්: 

ඔබේ ඇස් යට සීතල තේ බෑග් තබන්න. තේ වල කැෆේන් සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා මෙය සංසරණය වැඩි කළ හැක.

ෆේෂල්: 

අක්ෂි ප්‍රදේශය වටා සම්බාහනය ඇතුළත් ෆේෂල් රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

මගේ ඇස් යට කළු වීම වළක්වා ගන්නේ කෙසේද?

ඔබේ ඇස් යට අඳුරු කව සෑම විටම වළක්වා ගත නොහැක. නමුත් ඔබට උපකාර කළ හැකි සමහර වෙනස්කම් තිබේ. මෙම වෙනස්කම් වලට ඇතුළත් වන්නේ:

හිරු ආරක්ෂාව භාවිතා කරන්න: ඔබේ මුහුණේ, විශේෂයෙන් ඔබේ ඇස් වටා හිරු ආවරණ දැමීමට අමතක නොකරන්න. සහ අව් කණ්ණාඩි පළඳින්න.

ඔබේ නින්ද කාලසටහන සකසන්න: නියමිත වේලාවට නින්දට යන්න, සෑම රාත්‍රියකම අවම වශයෙන් පැය හතක්වත් නිදා ගැනීමට වග බලා ගන්න.

ඔබේ ආතතිය අඩු කරන්න 

මත්පැන් පානය අඩු කරන්න: අධික ලෙස මත්පැන් පානය කිරීම රුධිර සංසරණය අඩුවීමට හේතු විය හැක.

දුම්පානය නතර කිරීම සහ දුම්කොළ භාවිතය දුම්පානය ඔබේ සම වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් කරයි.

දුලාංජලී අලහප්පෙරුම

Strummers Live Band

Strummers Live Band UK, A Story of Passion, Talent, and Togetherness

( Do love and be loved)

අපි Strummers. සංගීතයට තිෙබන එකම ආදරය හේතු කරෙගන එකතු වූසංගීතඥයන්ගේ කණ්ඩායමක්. අපේ

කණ්ඩායමේ ගමන යාලුකමේ, කැපවීමේ, සහ අපේ කලාවට ආදරය කරන කතාවක්. පස් ෙදෙනකුෙගන් ආරම්භ කළත්,

අද වන විට අපේ ගමන අපට බොහෝ අත්දැකීම් සහ මතකයන් ලබා දී තිෙබනවා. අපේ ගමන ඔබටත් ෙමසේ ෙබදා

ගැනීමට සතුටුවනවා.

අපගේ band එකේ පදනම සහ අරම්භය වුනේ චාමර. ඔහුඅපේ Bass ගිටාර් වාදකයා සහ Strummers Band

එකේ ප්‍රධාන කොදූ නාරටිය කිව්වොත් නිවරැදී. Chamara සංගීතයට ඉතා තදින් ඇලුම් කරන අෙයක්. ෙවන්නප්පුව

C7th Band එකේ සිටි චාමර, St. Martin De Porres විද්‍යාලයේ මුලීක අධ්‍යාපනය ලබාගත්තා. චාමර එක්සත්

රාජධානියට පැමිණි දීර්ඝ කාලයක් වන අතර මේ වන විට ඔහුගේ ආදරණීය බිරිඳ, දියණිය සහ පුතුනුවන් සමඟ

Aylesbury හි පදිංචිව සිටිනවා. ඔහුගේ නායකත්වය අපේ සංගීත ගමෙනහි ප්‍රධාන අංගයක්. ඔහුඅකමැතිම කාරනාව

නම් ඔහුෙමහි නායකයා බව ෙපන්විමටත් ෙමය Strummers එක පවුලක සහොදරයන් ෙලස පවත්වා ෙගන යාමට.

ෙම කන්ඩායමේ එකම විෂේශත්වය වන්නෙද එයයි.

විජය, අපගේ Lead ගිටාර් වාදකයා සහා සහය ගායකයා, චාමර සමඟ මුලින්ම Strummers හා එකතු වුයේ විජය

යි. ගාල්ල විද්‍යාලොක විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවිජය පසුව ගාල්ලේ සරිගම සංගීත කන්ඩාෙයෙම සිය දක්ෂතාවය

වැඩිදියුණු කරගත්තා. පසුව ඔහුබිරිද සමග එංගලන්තයට පැමිනියේ වැඩි දුර අධ්‍යාපනය සදහා, මේ වන විට විජය

ඔහුගේ ආදරණීය බිරිඳ සහ පුතුන් තිෙදනා සමඟ Aylesbury හි පදිංචිව සිටිනවා, විජය අපගේ ශබ්දය තවත්

ශක්තිමත් කරන අතර Strummers ජීවය කිව්වොත් නිවැරදී.

අපගේ Drums වාදකයා ප්‍රබොද්, Strummers සංගීතයට විශේෂ අසමසම drums රටාවන් සහ නැවුම් drums

රටාවන් එක් කරන අති දක්ශෙයක්. කොළඹ මහානාම විද්‍යාලයේ මුලීක අධ්‍යාපනය ලැබුප්‍රබොද් ඔහුට 14 වියේදී

එක්සත් රාජධානියට වැඩිදුර අධ්‍යාපනය සදහා සංක්‍රමණය වූඅතර , පසුව ඇෙමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිට

2021 වසෙරදී තම බිරිද සමග විවාහ වී නැවතත් එක්සත් රාජධානියට සංක්‍රමණය වූයේය, මේ වන විට ඔහුතම

ආදරණීය බිරිඳ සමහ Norfolk හි පදිංචිව සිටිනවා. ඔහුගේ බිරිඳෙගන් ඔහුගේ සංගීතය සදහා අනගී සහයෝගයක්

ලැෙබන අතර Strummers සහ එක්සත් රාජධානියේ අෙනකුත් සංගීත කණ්ඩායම් ෙවනස්ව තබන ප්‍රධාන සාධකය

වශෙයන්ද සැලකිය හැකි.

ප්‍රිමාල්, අපගේ Keyboard වාදකයා, සංගීතයට ගැඹුරු කුසලතාවක් ආදරයක් ඇති ඔහු, කදාන De Mazenod

විද්‍යාලයේ මූලීක අධ්‍යාපනය ලබා විවිද ව්‍යාපාර වල නිෙයලී සිටියදීම Eagle Shadows සංගීත කන්ඩායෙම

keyboard වාදකයා වශෙයන් කටයුතු කර ඇති අතර පසුකාලීනව එක්සත් රාජධානියේ පදිංචියට පැමිනියේය, ෙමරට

තුලත් තම උසස් අධ්‍යාපනය සම්පුර්ණ කල ඔහුදියනියන් තිෙදනකුගේ ආදරණීය පිෙයක් සහා ආදරණීය සැමිෙයකී,

තවද ප්‍රිමාල් දක්ශ ව්‍යාපාරිකු වන අතර මේ වන විට Sunderland හී පදිංචිව තම ව්‍යපාර කටයුතු වල නියැලී සිටින

ප්‍රිමාල්ගේ සංගීත දක්ෂතා අපේ කණ්ඩායෙම හඩ පරිපුර්න කරන මුලීක කාරනාවකී. වරකට සැතපුම් 400 අදීක දුර

කතරක් ෙගවා පුහුනුවීම් සදහා London පැමිෙනන ඔහුඅපට ඇති විශාලම ශක්තියක් සහා ඔහුගේ කැපවීම

පිලිබදව අපගේ හදපිරි ප්‍රණාමය පුදකරන්නෙමු.

අපගේ සංගීත කණ්ඩායමේ ලාබාලතම සාමාජිකයා වන්නේ Agraja, Rhythm ගිටාර් වාදකයා සහ අපගේ ප්‍රධානම

ගායකයා වන්නෙත් ඔහුයි. Strummer’s Golden Voice ෙලස අපි ඔහුව හදුවන්නේ ඔහුගේ අනගීභවනීය දක්ශ

ගායන කුසලතාව නිසා කිවොත් නිවැරදී. මීගමුව Maris Stella විද්‍යාලයේ මුලීක අධ්‍යාපනය සම්පුර්ණ කල ඔහුපසුව

එංගලන්තයේ උසස් අධ්‍යාපනය අවසන් කල අතර කුඩා කල සිටම අතී විශේෂ ගායන වාදන දක්ෂතාවයන් ෙපන්නුම්

කලා. ඔහුගේ විශිෂ්ඨ හඩ සහ දක්ෂ ගිටාර් වාදනය අපේ සංගීතයට නව හඩක් ලබා ෙදනවා. තවමත් 23 වියේ පසුවන

Agraja ට දීප්තීමත් අනාගතයක් සහතික බව නොරහසක්.

Imal, අපගේ percussion වාදකයා සහ ගායකයා, කොලඹ රාජකීය විද්‍යාලයේ මූලීක අධ්‍යාපනය අවසන් කල Imal,

තම ආදරණීය බිරිඳ සහා දියනිය සමග Southampton ප්‍රදේශයේ දැනට වාසය කරනවා. කොතරම් කාර්‍යබහුල වුවත්

සංගීතයට දැඩි ඇලිමක් ඇතී Imal Strummers ෙවත යාෙවන්නේ අහම්බෙයන් කිව්වොත් නිවැරැදි. කොළඹ රාජකීය

විද්‍යාලයේ Ochestra කන්ඩායමේ සමාජිකෙයක් වූ Imal විවිද හඩ රටාවල් තම percussion භාන්ඩ තුලින් මවන්නට

උපන් හපෙනකී. විෙශෂත්වය වන්නේ ඔහුගේ ලයාන්විත හඩයි, වාදනය කරන අතරතුර ගායන හැකියාව ඉතා දුර්ලබ

ෙදයක් බව අප හොදින් දන්නා කරුනකි. එහිදී ඉමාල් Strummers කන්ඩායමට ඇති අනර්ඝම සහා ප්‍රබලතම

සමාජිකෙයක් වන අතර එය අපට ආඩම්බරයකී.

Strummers Live Band UK එකේ අපගේ අරමුණ සරලයි, සංගීතයට තිෙයන අපේ අසීමිත ආදරය. අපගේ එකම

අරමුණ වන්නේ එංගලන්තයේ ඇති ෙවනත් ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායම් වලට අභියොග කරන කණ්ඩායමක් නොවී

සහයොගෙයන් සියලුම සංගීත කණ්ඩායම් සහ එහී නායකයන්/ සමාජීකයන් සමග එංගලන්තයේ ජිවත් වන ශ්‍රී

ලාංකිකයන්ට අපගේ සංගීතය සැපයිමයි, ෙමය සරලවම අපගේ රසවින්දනයට පමණක් කරන සංගීත කටයුත්තකී,

අෙනකුත් සංගීත කණ්ඩායම් සමඟ එකමුතුව කරෙගන යන Strummers එය ඉදිරියටත් එෙලසම රැකෙගන යන බවට

සහතික විය හැකී. ඔබගේ යෝජනා, අදහස් අපි සතුටින් පිළීගනිමු, ඒවා අපිට වැඩිදියුණු වීමට සහ කණ්ඩායමක් ෙලස

තව තවත් දියුණු වීමට උපකාරී ෙවන බව අප පිලිගන්නා කරුනක්.

Strummers අරාම්භෙයදී විෙශෂෙයන් නම් වශෙයන් සදහන් නොකලත් එන්ගලන්තයේ දැනට කණ්ඩායම් සංගීතයේ

යේෙදන සියලුම කණ්ඩායම් වල නායකයන්/ සමාජිකයන්ගේ සහයොගය අප බලාපොරොත්තු වන අතර සියලුම අදහස්

යොජනා චොදනා සතුටින් භාර ගැනිමට අප සුදානම්.

ෙමය අප හුෙදක් අපගේ විනොදය ආශ්වාදය සදහා කරන කටයුත්තක් වුවද එය සාර්ථකත්වයට පත් වීම නිසාෙවන් මේ

වන විට අප එංගලන්තයේ ඔනැම උත්සවයක්, ප්‍රසංගයක්, විවාහ උත්සව, Dinner Dance, artists backing,

උපන්දින සාද යනාදී විවිද උත්සව වලට සංගීතය සැපයිමට සුදානමින් සිටිනවා. වැඩි විස්තර සදහා ෙමහි සදහන්

දුරකථන අංකෙයන් චාමර හරහා ලබා ගත හැක (+44 7423 553929). අපගේ Facebook පිටුෙවන් Strummers

Live Band UK ඔනැම ෙවලාවක අපගේ video නැරබීමට හැකියාව ඇති අතර Tik Tok හා Youtube ෙවදීකාවන්

තුලදී Strummers Live Band UK නමින් ඔබට නැරඹීමට ඉඩ අවකාශ සලසා ඇත.

අපිව රසවිදින/ නොවිදින සියලුම අකාරයේ රසික රසිකාවියන්ට අපගේ නොමසුරු ස්තුතිය පුද කරන්න ෙමය අවස්ථාවක්

කරගන්නවා, මන්ද අප රදා පවතින්නේ ඔබගේ රස වින්දනය මතයි, ෙපර සදහන් කල පරිදි ඔබගේ ඔනැම අදහසක්

යොජනා චොදනා අප සතුටින් භාර ගැනිමට සැදි පැහැදී සිටිමු.

අවසානයේදී සදහන් කරන්න අමතක නොකල යුතු ෙදයක් වේ නම් අපි Magazine සහා ගයාන්. මුල සිටම අප

දිරිගන්වා එංගලන්තයේ ෙවෙසන ශ්‍රී ලාංකික ප්‍රජාවට අපව හදුන්වා දීම ඉඩ අවකාශ සලසා දීම ගැන අප නිහතමානී

කෘතඥතාවය පලකර සිටිනවා. අපට පමනක් නොවේ එංගලන්තයේ ජිවත් වන සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාවට ගයාන් ඇතුලු

ඔහුගේ අපි Magazine කණ්ඩායෙමන් ලබාෙදන විවිද අකාරයේ සහයොගයන් සහා ප්‍රවර්ධන උපකාර ඉතාම අගය කල

යුතු ෙදයක්. ගයාන් සහ අපි Magazine කණ්ඩායම, ඔබ සැමට ස්තුතී.

Naada Article

වේලසයේ පැවැත්වෙන දැවැන්තම Naadha Live in Concert ගැන දන්නවද? නැතිනම් හරියටම දැනුවත් වෙමුද ?

01. මොකද මේ කොන්සර්ට් එකට නාද කිව්වෙ,

බ්‍රිතාන්‍යයේ මේ දිනවල පැවැත්වෙන දැවැන්තම රියලිටි තරගය කියන්නෙ නින්නාද 2024. ඒ නමේ අවසාන අකුරු දෙක අරගෙන තමයි නාද කියල හැදුවේ. 

02. නාද ලයිව් ඉන් කොන්සර්ට් එකට එන්නේ කවුද?

ලංකාවේ සංගිතය කේෂ්ත්‍රයේ ජනප්‍රියත්වයට පත්වුන ප්‍රියත් රාජපක්‍ෂ, තීක්ෂණ අනුරාධ, දිමන්ක වෙල්ලාලගේ, සංජුල හිමාල, දුලාන් ඒආර්එකස් එනවා.

03. මේ වගේ සුසංයෝගයක් ඇයි තෝරන්න හිතුවේ?

දිමන්ක, තීක්ෂණ කියන්නෙ ගොඩක් කේෂ්ත්‍රයේ ජනප්‍රියත්වය රැකගෙන එන දෙන්නෙක්. පියත්, සංජුල කියන්නෙ නව නිර්මාණ එක්ක අලුත් පරම්පරාව කැමති ගායකයන් දෙන්නෙක්. රැප් සංගිතයට ආස අයට වෙනුවෙන් අපි දුලාන් එකතු කලා. ඉතිං මේ සුසංයෝගයෙන් අත්නොවිදි නියම අත්දැකිමක් ලබා දෙන්න නාද ලයිව් ඉන් කොන්සර්ට් සුදානම්

04. කොහේද, කවදද, කීයටද මේ ප්‍රසංගය තියෙන්න?

වේලසයේ අගනුවර කියන්නෙ ගොඩක් සංගිත ප්‍රසංග නොපැවෙත්වෙන නගරයක්. බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අපි වේල්සයේ කාර්ඩ්ෆ් අගනුවර රැඩිසන් බ්ලු තරු පහේ හෝටලය මේ වැඩේට තෝර ගත්තා. ඔක්තෝබර් 12 වෙනිද සවස 6 ඉදල රාත්‍රි 12 වෙනකල් එක දිගටම මේ කොන්සර්ට් එක පැවැත්වෙනවා.

05. වෙන මොනවද මේ කොන්සර්ට් එකට එකතු කරල තියෙන අංග?

* නින්නාද 2024 අවසාන මහා ප්‍රසාංගික අත්දැකීම විදගන්න 

* DJ music එක්ක නටන්න

* ලංකාවේ විදිහට පහසු මිලට රසම රස ආහාර කන ගමන් කැමති විදිහට බොන්න 

06. ඇයි පවුම් 30 වගේ ගණනකට ටිකට් ආලවි කරන්න හිතුවෙ? 

වේලසය වගේම බ්‍රිතාන්‍යය  පුරාම ඉන්නේ බහුතරයක් ඉගන් ගන්න ආපු ශිෂ්‍යයෝ. ඒ අයගේ පවුල්වල අය. ඉතිං මේ හැම කොනක්ටම මිලට ගන්න පුලුවන් ඉතාම සාධාරණ මිලක් විදිහට Early Bird tickets £30 කට අලෙවි කරනවා. ඊට පස්සෙ පොඩි ගානක් වැඩි වෙනවා. කොහොම වුනත් ගොඩක් ටිකට්ස් අලෙවි වෙලා තියෙන නිසා ඉක්මනින්ම ගන්න පුලුවන් නම් ෂුවර්. සියලුම ටිකට්ස් පරිසර හිතකාමි විදිහට Online ගන්න පුලුවන්. 

07. මේ කොන්සර්ට් එක කරන්නෙ කවුද ? 

All Sri Lankans in UK community එක නියෝජනය කරන Concept Crew එක පලමු වතාවට BlackBoX Events and Media එක්ක කරන වෙනස්ම වැඩක් මේක. අනික මේ වැඩේට බ්‍රිතාන්‍යයේ ඉන්න මේ වගේ වැඩ කරන බොහොමයක් දෙනක් සහයෝගය දෙනවා. ලිවර්පූල් කොමියුනිටි එක, රාවනා ඉවෙන්ට්, වෙලස් අපි, සහස්රා එන්ටර්ටේන්ට්මන්ට් අපිට මේ වැඩේට පුර්ණ සහයක් දෙනවා එයාලගේ අත්දැකීම් එක්ක නාද ලයිව් ඉන් කොන්සර්ට් එක සාර්ථක කර ගන්න. හැබැයි කියන්නම ඕන මේ වැඩේ කරන්නේ All Sri Lankans in UK කියන එක පැහැදිලිව කියන්නේ ඒ ගැන වැරදි අවබෝධයක් ඇති වන්න පුලුවන් නිසාමයි.

08. මේ කොන්සර්ට් එක කරන්න විශේෂ අරමුණක් තියෙනවද?

අපි දැක්කා බ්‍රිතාන්‍යය පුරාවටම පැවැත්වෙන සංගිත ප්‍රසංග ගොඩක් තෝරාගත් නගර කිහිපයකට සීමා වෙලා ව්‍යාපාරික අරමුණු එක්ක සංවිධානය වෙනව. නින්නාද 2024 කියන රියලිටි ප්‍රසංගය එක්ක නාද ලයිව් ඉන් කොන්සර්ට් එක ලාභ අරමුණු නොකල සාමාජීය මෙහෙවරක් වෙනුවෙන් 2024 වර්ෂයේ පලමු වරට ආරම්භ කලා. 

09. මේ ප්‍රසංගය සාර්ථක කර ගන්න සහය දුන්න අනුග්‍රහයකයන් කවුද?

ABEC Primer ප්‍රධාන අනුග්‍රහාහක විදිහට මේ කර්තව්‍යයට උපරිම සහයක් දෙනවා. ශ්‍රී ලාංකිකයන් විදිහට මේ කර්තව්‍යය සදහා ලංකාවේ IJ මර්කනටයිල් පුද්ගලික සමාගම, ස්කටිලයින් මැනුපැක්චරින් පුද්ගලික සමාගම මුල්‍ය අනුග්‍රහය ලබා දුන්නා. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ව්‍යාපාර විදිහට Owl Financial, Little Lanka Restaurant, Ceylon Express මූල්‍ය සහය  ලබා දුන්නා. මීට අමතරව CMORE digital media සහකරු විදිහට ලබා දෙන සහය අගය කල යුතුමයි. තවදුරටත් Prime News, Api Magazine, FM adawiya, NMTV මාධ්‍ය සහය ලබා දෙනවා. My Digital Business වෙබ් සහකරු, NLC උපදේශන සහකරු, Ambiaent Potraitor ඡායාරූප සහකරු, Primetop Liverpool නිල වාහන සහකරු විදිහට මෙන්ම £2000 ක් වටිනා වාහනයක් නින්නාද 2024 ජයග්‍රාහී කිරුල හිමි කුමරාට හෝ කුමරියට ලබාදෙන්න සුදානම්.

10. සංවාදය අවසන් කරන්න කලින් විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවද? 

ඔව්, ඇත්තටම වේලසයේ 2024 වර්ෂයේ පැවැත්වෙන අති දැවැන්තම හා එකම සංගීත අත්දැකීම විදිහටත්, Artists ලා 05ක් එක්ක නින්නාද 2024 ජයග්‍රාහී තිදෙනා සංගිතවත් වන අති දැවැන්තම සංගිත ප්‍රසාංගය විදිහටත් ඉතාම අඩු මුදලකට මේ සියල්ලම අත්විදින්න අවස්ථාව ලැබෙන අත් නොහැරිය යුතු එකම ප්‍රසංගය විදිහටත් Naadha Live in Concert එක බලන්න එන්න කියල ශ්‍රී ලාංකික ඔයාල හැමෝටම අපි ඉතා ආදරයෙන් ආරාධනය කරන්න කැමතියි.

අවසාන වශයෙන් මේ වගේ ලස්සන ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න අනුග්‍රහය ලබාදුන් හැම කෙනෙක්ම සහය දුන්න හැම කෙනෙක්ම ඉතා ආදරයෙන් සිහිපත් කරන ගමන්, මේ සංවාදයට ඉඩ හසර හදල දුන්න අපි මැගසින් (Api Magazine) සගරාවට විශේෂ ස්තුතිය පුදකරනවා.

CENTIGRADEZ

ශ්‍රී ලාංකේය කන්ඩායම් සංගීත වංශකතාවේ දිදුලනා

ජාත්‍යන්තර සන්නාමය ~ CENTIGRADEZ

ශ්‍රී ලාංකේය කන්ඩායම් සංගීත කරළියේ

සම්ප්‍රදායානුකූල දිශානතිය පෙර නොවූ විරූ අයුරේ

අපූර්ව විපර්යාසයකට බඳුන් කරවන්නට සමත්කම්

පාමින්… සංගීතයේ පරතෙර සොයා යෑමේ

නොසන්සිඳෙන ආසාව යෙහෙන් තෘප්ත කොටගැනීම

උදෙසා නා නා විද අත්හදා බැලීම් සිදුකිරීමත්… එහි

ධණාත්මක ප්‍රතිඵලයක් ලෙසින් ගෝලීය කන්ඩායම්

සංගීත කරළිය තුළත් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය

මැනවින් සනිටුහන් කරවමින් සිටින… අභිමානවත්

ගැයුම් මුද්‍රාවන් කැළකගේ එදා මෙදා තුර වෘත්තීය

සංගීත භාවිතාවේ රස මුසු අහු මුලු සොයා යාමට

සිදුකෙරුණු සුහඳ පිළිසඳරක් මෙලෙසින්

දිගහරින්නෙමු…

Q). Centigradez හී ආරම්භය සිදු වූ ආකාරය පිළිබඳව

සඳහන් කරමු.

තුන ශ්‍රේණියේ පටන් හය ශ්‍රේණිය දක්වා ගතවුණු

වසර කිහිපයේදී පාසලේ කණිෂ්ඨ වාද්‍ය වෘන්දයට

සම්බන්ධ වීමට අවස්ථාව සැලසුනා. එහිදී තමයි

ප්‍රථමයෙන්ම තාලය රිද්මය ආදී සංගීතයේ මූලික

සංරචකයන් නිවැරදිව හඳුනාගැනීමට ඉඩකඩලැබුණේ.

එයින් ඇරඹුණු කුතුහලයෙන් යුතු හැදෑරීම පාසලේ

ජේෂ්ඨ වාද්‍ය වෘන්දය නියෝජනය කිරීම දක්වාම

අඛණ්ඩව සිදුකෙරුණා. සංගීතකාමීත්වය මැදින්

කාලය එලෙසින්ම ගතවුනා.

නමය ශ්‍රේණියේදී සංගීතලෝලී කළණ මිතුරන් කැළක්

වන තුසිත්, ඉෂාන්, එරංග, උදය, ඉසුරු සහ අමිල

යන අපගේ ඒකරාශී වීමෙන් centigradez උපත

ලබනවා. ඒ දක්වා ගත වූ කාල පරිඡ්චේදයේදී

උකහාගත් සාරවත් අත්දැකීම් ගොන්න ඊට කදිම

තෝතැන්නක් සැපයූ බව නිහතමානී ආඩම්භරයකින්

ප්‍රකාශ කළ හැකියි.

උසස් පෙළ හදාරණ කාල වකවානුව වන විටදී

ස්වතන්ත්‍ර ගීත නිර්මාණයන් රැසක් අප අතින් ශ්‍රී

ලාංකේය සංගීත කර්මාන්තයට දායාද වීමට සූදානම්ව

තිබීම කලාත්මක අනන්‍යතාවයක් මෙන්ම වාණිජ

වටිනාකමක් ගොඩනැංවීමේ පදනම සකස් කළා කියා

සිතීම සාදාරණයි.

Q). වෘත්තීය සංගීත කන්ඩායමක් ලෙස මේ දක්වා

අත්කරගෙන තිබෙන සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳව

මතකාවර්ජනයක් සිදුකරමු.

වර්ෂ 2006 දී එළි දැක්වුණු " Dark Angel " ගීතය බ්‍රිතාන්‍ය

BBC ගුවන්විදුලි සේවයේ ප්‍රාචාරය වූවා. වර්ෂ 2008 දී

පැවැත්වුණු “ Malaysia World Star Quest “ ගායන

තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නටත්

එහිදී " Excellent New Singer " ලෙසින් ඇගයීමට පාත්‍ර

වන්නටත් අවකාශය සැලසුණා. වර්ෂ 2013 දී පැවැත්වුණු

රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම තනු නිර්මාණය

සඳහා වන සම්මානය ඉෂාන් ලක්මාල් විසින් ගායනා කරන

ලද " දිවුරාලා පවසන්න " ගීතය හිමිකර ගන්නට සමත්

වූවා. 2013 – 2014 වර්ෂයන් උදෙසා පැවැත්වුණු " Derana

Lux Music Awards " හිදී " Sri Lanka's Most Popular Boy Band

Twice In a Row " ලෙසින් සම්මානනීය වූවා.

දිවයිනේ ප්‍රමුඛතම ටෙලිවිෂන් සහ ගුවන්විදුලි නාළිකාවල

විකාශනය වන ගීත ප්‍රචාරක වැඩසටහන් තුළ

ප්‍රමුඛස්ථානය සනිටුහන් කිරීමට සමත් ගීතයන් දාහතරක්

පමණ නිර්මාණය කිරීමට අප සමත් වෙලා තියෙනවා. එය

අප ලැබූ සුවිශේෂීම ජයග්‍රහණයක් ලෙසින් සැළකිය හැකියි.

Q). ගෝලීය සංගීත කරළියේ වෙළඳ අනන්‍යතාවයක්

ගොඩනගාගැනීම උදෙසා ක්‍රියාත්මක කරමින් සිටින

සැලසුම් පිළිබඳව හැඳින්වීමක් කරමු. 

මේ දිනවලදී අන්තර්ජාතික මට්ටමින් කීර්තියක්

උසුලන විදේශීය සංගීත කන්ඩායමක් සමඟින්

සුවිශේෂී ව්‍යාපෘතියකට මුල පුරන්නට සැලසුම් සකස්

කරමින් සිටිනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු

ඉදිරියේදී හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා.

Q). ඉදිරියේදී එළිදැක්වීමට සැලසුම් කරමින් සිටින

නිර්මාණාංගයන් පිළිබඳව විග්‍රහයක් කරමු. 

ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සුරැකගත් ගැයුම් මුද්‍රාවන්

සමඟින් ගෝලීය නාද රටාවන් ද කදිමට පාහාගත්

ජාත්‍යන්තර ප්‍රමිතිකරණයෙන් ඔප්නැංවුණු ගීත රූප රචනා

ද්විත්වයක නිර්මාණ කටයුතු නිමා කරන්නටත් හැකි

ඉක්මනින් රසිකයින් වෙත මුදාහරින්නටත් අවැසි සියලු

කටයුතු සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව පවසන්නට

ලැබීම සතුටට කාරණාවක්.

Q). වර්ථමාන ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය

තුළ සංගීතයේ භාවිතාව නැතහොත් සිනමා සංගීතය

පිළිබඳව අදහස් ඉදිරිපත්කරමු. 

ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයේ ප්‍රවීණතම තිර

රචකයෙකු මෙන්ම අදියුරුවරයෙකු ද වන උදයකාන්ත

වර්ණසූරිය මහතාගේ නිර්මාණ කෞශල්‍යයෙන් හැඩ

වී වර්ෂ 2007 දී දිවයින පුරා තිරගත කෙරෙමින්

අතිශයින් ජනාකර්ෂණයට පත් වූ " ආසයි මං

පියාඹන්න " සිනමාපටය සංගීතයෙන් විචිත්‍රවත් කළේ

තුසිත් නිරෝෂන විසිනුයි. ඒ හරහා ඔහු මෙරට

ළාබාලතම සංගීත අදියුරුවරයා බවට පත්වූවා.

ගුණාත්මක භාවයෙන් මෙන්ම තාක්ෂණයෙන් ද ඉතා

උසස් ඝණයේ ලා සැළකිය හැකි ගීතයන් වර්ථමාන

දේශීය සිනමා භාවිතාව තුළ දැකගන්නට පුළුවන්.

පසුබිම් සංගීතය සැපයීමද ඊට නොදෙවෙනියි කියා

අවංකව පැවසිය හැකියි. කරළියට පැමිණීමට

වෙහෙසෙන අංකුර සංගීතවේදීන්ගේ එම සුභවාදී

පූර්වාදර්ශය අපව බොහෝ සෙයින් ප්‍රමෝදයට පත්

කරවනවා.

Q). වෘත්තීය සංගීතවේදියෙකු වීමට අපේක්ෂාවෙන්

සංගීතය හදාරණ්නෙකු හට ශ්‍රී ලාංකේය සංගීත

කර්මාන්තය තුළ සඵලධායී අයුරින් ස්ථාවරත්වයට

පත්වීම සඳහා ආධාර විය හැකි යම් ඔවදනක්

සඳහන් කරමු.

සංගීතය යනු ලොව පුරා විහිදී පැතිරී ගිය කලාකාමී

සංස්කෘතියක් ලෙසින් හඳුන්වා දෙන්නට කැමතියි.

එබැවින් ඉඩ ප්‍රස්ථාව සැලසෙන අයුරින් සෑම සංගීත

ප්‍රවර්ගයක් පිළිබඳවම විචාරය කිරීමත්… තම

කැමැත්ත සහ හැකියාව මත තෝරාගනු ලබන

සංගීත ප්‍රවර්ගය පරිපූර්ණ වශයෙන් අධ්‍යයනය

කිරීමත්… එලෙසින්ම ඒ තුළ තමන්ගේ අනන්‍යතාවය

සොයා සපයා ගැනීමේ අරමුණින් සරිලන අත්හදා

බැලීම් සිදුකිරීමේ නැඹුරුවත්… විෂයේ පරතෙර සොයා

යාමට රිසි අංකුර සංගීතවේදියෙකු හට පිහිටිය යුතු

ගති ලක්ෂණයන් ලෙස දැකීම වඩාත් අරුත්

සම්පන්නයි.

Q). Api Magazine සමඟින් මෙලෙස සොඳුරු

පිළිසඳරකට එක්වීම සම්බන්ධයෙන් ඇතිවන හැඟීම

කෙබඳුද යන්න පවසමු.

ඇත්තෙන්ම අප ඉතාමත්ම සන්තෝෂයට පත්වෙනවා

කලාතුරකින් සිදුකෙරෙන මෙවැනි අරුත්බර සොඳුරු

පිළිසඳරකට ඒකරාශි වෙන්න ලැබීම සම්බන්ධයෙන්.

ඒ වගේම Api Magazine හී කතෘ තුමන් වන ගයාන්

කරුණාරත්න මහතාට අපගේ හදපිරි ස්තූතිය

පිරිනමන්නට මෙය අවස්ථාවක් කරගන්නවා. Api

Magazine හී සමස්ථ කාර්‍ය මණ්ඩලයටත් ජයෙන් ජයම

ප්‍රාර්ථනා කරනවා.

සැකසුම | හිරාන් ගමගේ

රුව ලස්සන කරන profhilo

සම නැවත සකස්  කිරීම (skin remodelling )  සහ සමෙහි  පැහපත් බව රැකදීම  profhilo එන්නත මගින් අපට ලබාදෙන ප්‍රධානතම වාසි දෙකක් .  මෙම එන්නත ගැහැණු , පිරිමි  බේදයකින් තොරව  අපි හැමෝටම  ලබාගන්න  පුලුවන්.  

            , වයස අවුරුදු  30 පසු  වීමත් සමගම  අපේ සම තුළ  විවිධ  වෙනස් කම් ඇතිවීමට පටන් ගන්නවා, එය මිනිස් සිරුර  තුළ  තුල සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක් . විශේෂයෙන්ම   Collagen නිපදවීම ක්‍රම ක්‍රමයෙන්  අඩුවීම නිසා සමෙහි  වියළි බවක් සහ එය තුළින් සම රැලිවැටීමේ සම්බාවිතාව වැඩිවීමත් කඩිනමින් සිදුවීමට පටන්ගන්නවා.  එම ක්‍රියාවලිය නිසා සමෙහි  තුලනාත්මක  බව අඩුවෙමින් සම රැලි වැටීම සහ පැහය අඩුවීමට පටන්ගන්නවා. 

             සම රැකගැනීමට අපි වෙලදපොලෙහි පවතින  විවිධ  ආලේපන, ඉතාමත් අධික  මිලක් ගෙවා ලබාගෙන සමෙහි  පිටතින් ආලේපනය කිරීම බොහොමයක් දෙනා කරන දෙයක්, නමුත්  ඒ තුළින් කිසිම  සත්කාරයක් සමට ලැබෙන්නේ  නැහැ. එය ඉතාමත්ම  තාවකාලික  විසදුමක් පමණයි. සමෙහි  නිරෝගි  බව රැකිය යුත්තේ 90%  සම ඇතුලතින්මයි. ඒ සදහා අපගේ ආහාර රටාව සහ ව්‍යායාම ප්‍රධාන වශයෙන්ම බලපාන  මුලික කාරණා දෙකක් . එයට  අමතරව සමෙහි තුලනාත්මක බව රුකගැනීමට  profhilo එන්නත ඉතාමත්ම වැදගත් බව දැන්  පර්යේෂණ කටයුතුවලින්ද තහවුරුකර  තිබෙනවා. මෙම  එන්නත මගින් අතුරු අබාධ ඇතිවන සම්බාවිතාව ඉතාමත්ම  අඩුයි.

Aesthetic practitioner

Dilanthi  Liyanarachchi

Serenity  beauty boutique 

ශ්‍රී ලංකාවේ වනහරණය සහ ජෛව විවිධත්වයට වන බලපෑම

ඉන්දියන් සාගරයේ සුන්දර දිවයිනක් වූ ශ්‍රී ලංකාව කලක් ජීවයෙන් පිරුණු සශ්‍රීක හරිත වනාන්තරවලින් වැසී තිබුණි.  මෙම වනාන්තර බොහෝ අද්විතීය සතුන් සහ ශාක සඳහා නිවහන වූ අතර, ජීවමාන සහ සමබර පරිසර පද්ධතියක් නිර්මාණය කරයි.  කෙසේ වෙතත්, මෑත වසරවලදී, වන විනාශය හේතුවෙන් වනාන්තර භයානක ලෙස අතුරුදහන් වෙමින් පවතී.  මෙම පාඩුව දිවයිනේ ජෛව විවිධත්වයට බරපතල බලපෑමක් ඇති කර ඇත.

 ශ්‍රී ලංකාවේ වන විනාශයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ කෘෂිකර්මාන්තය, නාගරික සංවර්ධනය සහ දැව කැපීම සඳහා වැඩි ඉඩම් අවශ්‍යතාවයයි.  වනාන්තර එළි පෙහෙළි කරන විට බොහෝ විශේෂවලට ස්වභාවික වාසස්ථාන අහිමි වේ.  නිදසුනක් වශයෙන්, පොහොසත් ජෛව විවිධත්වය සඳහා ප්‍රසිද්ධ සිංහරාජ වන රක්ෂිතය, ශ්‍රී ලංකා දිවියා සහ දම් පැහැති ලැන්ගර් වැනි දුර්ලභ විශේෂවල නිවහන වේ.  ඔවුන්ගේ වනාන්තර නිවාස විනාශ වූ විට, මෙම සතුන් වඳවීමේ තර්ජනයට මුහුණ දෙයි.

 වනාන්තර අහිමි වීමේ ප්‍රතිවිපාක සතුන්ට පමණක් සීමා නොවේ.  සමස්ත පරිසර පද්ධතියම බලපායි.  සොබාදහමේ සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා වනාන්තර තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.  ගස් සතුන්ට ආහාර සහ නවාතැන් සපයන අතර ඒවායේ මුල් පස නිසි ලෙස තබා ගැනීමට උපකාරී වේ.  ගස් නොමැතිව, පස සෝදා ඉවත් කළ හැකි අතර, ඛාදනය වීමට තුඩු දෙන අතර නව ශාක වර්ධනය වීමට අපහසු වේ.  මෙය, ආහාර සඳහා මෙම ශාක මත යැපෙන සතුන්ට බලපායි.

 වනාන්තර විනාශය පරිසරය හරහා ජලය ගමන් කරන ආකාරය ද වෙනස් කරයි.  වර්ෂාපතනය නියාමනය කිරීමට සහ අතිරික්ත ජලය අවශෝෂණය කිරීමෙන් ගංවතුර වැළැක්වීමට වනාන්තර උපකාරී වේ.  ගස් ඉවත් කරන විට, ජල ප්රවාහය පාලනය කිරීම අඩු වන අතර, එය නිතර නිතර හා දරුණු ගංවතුර හෝ නියඟවලට හේතු විය හැක.

 තවද, වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගනිමින් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට වනාන්තර උපකාරී වේ.  ගස් කපා පුළුස්සා දැමූ විට ගබඩා කර ඇති කාබන් නැවත වායුගෝලයට මුදා හරින අතර එය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට දායක වේ.  මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව පෘථිවියට ද පුළුල් බලපෑමක් ඇති කරයි.

වන විනාශයේ ගැටලුව විසඳීම සඳහා වනාන්තර ආරක්ෂා කිරීමට සහ ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ දරයි.  සංරක්ෂණ ව්‍යාපෘතිවල අරමුණ වන්නේ ඉතිරිව ඇති වනාන්තර ප්‍රදේශ සංරක්ෂණය කිරීම සහ වනාන්තර විනාශ වූ ස්ථානවල නැවත ගස් සිටුවීමයි.  ප්‍රාදේශීය ප්‍රජාවන් මෙම ප්‍රයත්නයන් සඳහා සම්බන්ධ වීම ද වැදගත් වන අතර, ඔවුන්ගේ ස්වභාවික වටපිටාව ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට හැකි වේ.

අධ්‍යාපනික වැඩසටහන් මගින් වනාන්තරවල වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ සංරක්ෂණ ප්‍රයත්නයන්ට සහාය වීමට ජනතාව දිරිමත් කළ හැක.  වනාන්තරවල වටිනාකම සහ ඔවුන් ජීවත් වන ජීවිතය අවබෝධ කර ගැනීමෙන්, මිනිසුන්ට ඒවා ආරක්ෂා කිරීමට උපකාර කිරීමට පියවර ගත හැකිය.

අවසාන වශයෙන්, වන විනාශය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට බරපතල බලපෑමක් ඇති කරයි.  වනාන්තර අහිමි වීම බොහෝ අද්විතීය විශේෂවලට තර්ජනයක් වන අතර සොබාදහමේ සමතුලිතතාවයට බාධා කරයි.  අනාගත පරපුරට ශ්‍රී ලංකාවේ පොහොසත් ජෛව විවිධත්වය භුක්ති විඳීමට සහ ප්‍රතිලාභ ලැබිය හැකි බව සහතික කරමින් දිවයිනේ වනාන්තර ආරක්ෂා කිරීමට සහ ප්‍රතිසංස්කරණය කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

පවිත්‍රා රණතුංග

ගිලිහුනු ආදරේ

හුදෙකලාව තනිරකිනා බවක් දැනි දැනී

කෙලෙසක සිත වාවන්නද ඔබව නොම පෙනී

ගිම්හානෙට වඩා හැගුනු සීතේ ගුලි වෙවී

අප ආගිය මං මාවත පාලුවී ඇතී….

තනිකම තනියට රකිනා හද සසල රැයේ

තනිවූ සදු වටා එතුනු තරු පේළි එළී

සෙනෙහසකට හේතුවිනා නැහැ මුළා වුනේ

ඒ ඇති සනසාගන්නට සිත මතම එබී….

දැහැනක සමවැදී සිටිමි නෑසුනත් ගී රසේ

විරහව හිත පුරා විදින්නද භවකතෙරේ

කල පිං මදි වීදෝ අප දෙතැනක උන්නේ

මතු උපදින හැම භවයෙම ඉමු සංසාරේ

රීනා