කිසිම දිනක ඔබව අත්නාරින යේසුස් ඔබ

කිසිම දිනක ඔබව අත්නාරින යේසුස් ඔබ

සමඟයි!!

(යෝෂුවා 1:5)

"නුඹේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට නුඹට විරුද්ධව සිටින්ට

නොහැකි වන්නේය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම නුඹ

සමඟත් සිටින්නෙමි. නුඹෙන් අහක්ව නොයන්නෙමි, නුඹ

අත්නාරින්නෙමි."

මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි තවත් මාසයක ආරම්භයකට අපි පැමිණ

සිටින්නෙමු. මෙසේ දෙවියන් වහන්සේ මැවූ ඉතා අලංකාරමත් වූ මේ දවස ගැන

උන්වහන්සේට අපි ස්තුතිවන්ත වෙමු.

එදා මෝසෙස් තුමාට මඟ පෙන්වූ දෙවි පියාණෝ ඔබත් මාත් සමග අදත්

ජීවමානව සිටීම මහත් වූ ශක්තියක් බලයක් නොවේද? එමෙන්ම ඉහත ප්‍රධාන

දේව වචනයේ ප්‍රකාරයටම උන්වහන්සේ අප සමග සිටින බව අපි දනිමුව. ඉතින්

අලුත් මාසයකට මා ද මුළු හදවතින්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට

ආශිර්වාද කර සිටිමි.

ඉතින් මාගේ ප්‍රේමවන්ත සහෝදරයනි ඔබ හොඳින් ඉහත බයිබල් පදය දෙස

ඔබගේ මනස යොමු කර බලන්න. උන්වහන්සේ කවමදාක්වත් අපව අත්

නොහරින බව ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා නේද? ඉතින් ඔබගේ

ජීවිතයේ කුමන අභියෝගය ආවත් බයවෙන්න එපා මන්ද යේසු සමිඳුන් ඔබ

සමඟයි. කිසිම දිනෙක උන්වහන්සේ ඔබව අත්නාරින දෙවිඳුන් දෙවිඳුන් වේ.

ඔබගේ ජීවිතයේ කුමන අභියෝගයක් ආවත් නොබියව යාඥාවෙන් දෙවියන්

වහන්සේට සියල්ල බාර දෙන්න.

(නික්මයාම 3:14 )

"එවිට දෙවියන්වහන්සේ කථාකොට: මම යම්සේ සිටිම්ද එසේම

සිටිමියි මෝසෙස්ට කීසේක. තවද උන්වහන්සේ කියනසේක්: නුඹ

ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ස්වයම්භූ නම් තැනන්වහන්සේ

නුඹලා වෙතට මා එවූසේකැයි කියන්නැයි කීසේක."

බලන්න මෙම බයිබල් පදයේ ඔබට කුමක්ද ප්‍රකාශ කරන්නේ කියලා.මෝසෙස්

තුමාට පොරොන්දු වූ ජීවමාන දෙවි සමිදානෝ අදත් මේ මොහොතේදිත් ඔබ සමග

සිටින සේක. මෙම පදය තුළින් එය අපට මනාව පැහැදිලි වෙනවා නේද?

ඉතින් ඔබ මොහොතක් කල්පනා කරන්න උන්වහන්සේ කවමදාකවත් ඔබව

අත්නාරින සෑම මොහොතෙම ඔබ ළඟින්ම සිටින දෙවිඳුන් වේ.

මාගේ ප්‍රේමවන්තයිනි ඔබ දැන්වත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ළං වෙන්න,

ජීවිතය ජයගන්න.

ඔබ සැමට ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව මහරගම

PINIRU AWARDS CEREMONY 2024

PINIRU AWARDS CEREMONY 2024 

පිනිරු සම්මාන උළෙල කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් මෙසේ නිමාවට පත්වුණා.

PINIRU AWARDS CEREMONY 2024 ඉතා විචිත්‍රවත් අයුරින් ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේදී 2024 ඔක්තෝබර් 12 සෙනසුරාදා සවස නිමාවට පත්විය.

නූතන පරම්පාරාවේ සුවිෂේශි කලා හැකියාවන් ඇති නවක කලාකරුවන් සහ පින්න ප්‍රඩක්ෂන් මාධ්‍ය ජාලයේ කලා ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් වෙනුවෙන් නිර්මාණය වූ PINIRU AWARDS CEREMONY ය, මෙවර ප්‍රවීණ කලාකරුවන්⁣ රැසක් වෙනුවෙන් සම්මාන ලබාදිම සහ ප්‍රවීණ කලාකරුවන් කිහිපදෙනුකු ඇගයීමද එහි විශේෂත්වයක්  ලෙස සැලකිය හැකියි. එහිදී ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ රංගධර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විල්සන් ගුණරත්නයන්, සාහිත්‍යවේදි ආචර්ය රත්න ශ්‍රි විජේසිංහයන්, ප්‍රවීණ ගේය පද රචක බංඩාර ඇහැලියගොඩයන්, ප්‍රවිණ ගායන ශිල්පී රෝහණ බෝගොඩයන්, ප්‍රවීණ රංගන ශිල්පිනි උදය කුමාරි, අංජලි ලියනගේ, ජනප්‍රිය රංගන ශිල්පිනී එමාෂා සෙනෙවිරත්න, ප්‍රවීණ ගායන ශිල්පිනි උරේෂා රවිහාරි, ප්‍රවීණ ජනමාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල්, TV දෙරණ කාලීන ප්‍රවෘත්ති අංශයේ සාමාන්‍යාධිකාරී වසන්ති නානයක්කාර, ප්‍රවීණ ගායන ශිල්පිනි නෙරංජලා සරෝජනී, දිමිත්‍රා රත්නායක, අනුරාධා නන්දසිරි ඇතුළු තවත් කලා ශිල්පින් සහ ශිල්පිනියන් රැසක්ම එහිදි සමිමානයට පාත්‍ර විය.

2022 පිනිරු සම්මාන උළෙලට වඩා ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වු මෙම PINIRU AWARDS CEREMONY 2024 හිදී නවතම ග්‍රන්ථ කිහිපයක් දොරට වැඩිමට කටයුතු කර තිබීම තවත් සුවිශේෂී කාරණයක් බව සඳහන් කළ යුතුයි.

එහිදි පින්න ප්‍රඩක්ෂන් මාධ්‍ය ජාලය විසින් නිෂ්පාදනය වූ නිර්මාණාත්මක නිර්මාණ රැසක්ම එළිදැක්වීමට කටයුතු කර තිබුණා.

වසර කිහිපයක් පුරාම තම ශ්‍රමය ධනය වියදම් කරමින් මෙවැනි සොඳුරු සම්මාන උළෙලක් පැවැත්විම තම ආත්මාභිමානය උදෙසා කරන සුන්දර වැඩක් බව පින්න ප්‍රඩක්ෂන් මාධ්‍ය ජාලයේ සභාපති දේශමාන්‍ය කලා විශාරද බුද්ධික පින්නදුව මහතා සහ SLRR ප්‍රඩක්ෂන් මාධ්‍ය ජාලයේ සභාපති ආචාර්ය කලා විශාරද රුවන් රත්නායක මහතා පවසා තිබුණා. මෙහි ප්‍රධානතම විශේෂත්වය වන්නේ පිනිරු සම්මාන උළෙල සඳහා විශාල කලාකරුවන් රැසක් සහභාගි වීම සහ ශ්‍රී ලංකාවේ හඬකැවීම් අංශය සඳහා සම්මාන ලබාදෙන එකම සම්මාන උළෙල බව මෙය හැඳින්විය හැක. මෙහි තවත් සුවිශේෂත්වයක් වන්නේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලාවල ශිල්පීන් සහ ශිල්පිනියන්, ප්‍රවීණ කලාකරුවන් සහ කලාකාරිනියන් විසින් පිනිරු සම්මාන උළෙල පිළිබඳව දැක්වූ අග්‍රගන්නේ අදහස් දැක්වීමයි. 

සංවිධානය 

PINIRU AWARDS CEREMONY 

PINNA PRODUCTION බුද්ධික පින්නදුව 

SLRR PRODUCTION රුවන් රත්නායක

ආඝාතය (resentment)

බුදුරජාණන්වහන්සේ විසින් සූත්‍ර තුනකම (අංගුත්තර නිකායෙහි දෙතැනක සහ සංයුත්ත නිකායෙහි එක් තැනක) ආඝාතය පිළිබඳව විස්තර කර තිබේ. එය ඉංග්‍රීසියෙන් resentment ය. ධර්මානුකූලව ආඝාතය මානසික විෂ (mental poison) ලෙස හැඳින්වේ. තව කෙනෙකුට විෂ පොවා ඝාතනය කරන්නට උත්සාහ කරන අය ද විෂ නිසා කරදරයට පත්විය හැකිය. භෞතික විෂ නිසා එසේ විෂ පොවන්නා බේරුනද ආඝාතය හෙවත් මානසික විෂ නිසා අනුන් කෙසේ වෙතත් තමන් නම් විනාශයට පත්වේ. 

ආඝාතය ඇතිවන්නේ ආත්මීය ස්වභාවය හෙවත් මමත්වය (ego) සහ ආත්ම අනන්‍යතාවය (self-identity) මුල් කරගත් අවිද්‍යාව (absence of rational awareness) නිසාය. 

ආඝාතයෙහි ප්‍රභේද හතරක් තිබේ. එනම් 1. ආත්ම ආඝාතය හෙවත් තමන් කෙරෙහිම පවතින ආඝාතය (self-directed resentment), 2. අනුන් කෙරෙහි ඇති ආඝාතය (resentment directed at others), 3. අජීවී වස්තූන් සහ අවස්ථාවන් කෙරෙහි ආඝාතය (resentment toward objects and circumstances) සහ 4. සංකල්ප සහ අදහස් කෙරෙහි ආඝාතය (resentment that arises from ideological or philosophical conflicts) ය. ප්‍රභේද හතර තව දුරටත් පහත විස්තර වේ. 

පළමුවෙනි ප්‍රභේදය වන ආත්ම ආඝාතය යනු තමන් විසින්ම තමන් මානසිකව ඝාතනයකට ලක් කර ගැනීමයි. ආත්ම ආඝාතයෙන් පෙළෙන අධිරාජවරුන්, රාජ්‍ය නායකයන්, උගතුන්, ආගමික නායකයන් ඇතුළු සියළු තරාතිරමේ අය ලොව සිටිය අතර අද ද සිටියි. ආත්ම ආඝාතය ඇති තැනැත්තා සාමාන්‍යයෙන් එය දකින්නේ නිපුණත්වයක් (talent) ලෙසය. එය ධර්මානුකූලව තමන්ටත් හොරෙන් තමන්ව රවට්ටා ගන්නා වඤ්චක ධර්ම හෙවත් masquerading tendenciesවල ස්වභාවය නිසා ඇති වේ. ආත්ම ආඝාතයට ප්‍රධානම හේතුව තමන්ගේ ක්‍රියාවන් සහ අසමත්වීම් ය. 

දෙවෙනි ප්‍රභේදය හෙවත් අනුන් කෙරෙහි ඇතිවන ආඝාතය ඇතිවන්නේ තමන්ගේ රුචියට ගැලපෙන ලෙස අනුන් නොසිටින විටය. එම තත්ත්වය ඇතිවන්නේ අනුන් සමග ආශ්‍රයේදී ය. 

තුන්වෙනි ප්‍රභේදය හෙවත් අජීවී වස්තූන් සහ අවස්ථාවන් කෙරෙහි ආඝාතය ඇතමුන් තුළ තිබේ. එයට හේතුව දෙවෙනි ප්‍රභේදය කෙරෙහි බලපාන හේතුවම ය. නිකරුණේ කැලෑ ගිනි තැබීම තුළින් තමන්ට කිසි වරදක් නොකරන ස්වභාවධර්මයෙන් පළිගැනීම තුන්වෙනි ප්‍රභේදයට කදිම උදාහරණයකි. 

හතරවෙනි ප්‍රභේදය හෙවත් සංකල්ප සහ අදහස් කෙරෙහි ආඝාතය අද ඉතා ගෝලීය මට්ටමෙන් ඉතා භයානක තත්ත්වයකට පැමිණ තිබේ. තමන්ගේ ආගමික මතවාදය පමණක් සත්‍ය යැයි ප්‍රකාශ කිරීමේ සහ ව්‍යාප්ත කිරීමේ ආගමික අන්තවාදය මෙම ප්‍රභේදයට කදිම උදාහරණය කි.

ආඝාතයට විසඳුම ලෙස බුදුරජාණන්වහන්සේ විසින් පෙන්වා ඇත්තේ මෛත්‍රීය (loving-kindness), කරුණාව (compassion), සහ ඛන්ති හෙවත් සමාවදීම (forgiveness) ප්‍රගුණ කිරීමත් අවධානයෙන් හෙවත් සති (mindfulness) හැකිතරම් දුරට ක්‍රියාවට සහ චින්තනයට යොදා ගැනීමත් අප කවුරුත් ලෝකයේ අයිතිකරුවන් නොව තාවකාලික නවාතැන්කරුවන් බව අවධාරණය කෙරෙන අනිත්‍යතාව හෙවත් අනිච්ච (impermanence) පිළිබඳ ඉගැන්වීම ආකල්ප ලෙස භාවිත කිරීමත් ය. බුද්ධ වචනයට අනුව විසඳුම හැඳින්වෙන්නේ ‘ආඝාත පටිවිනය’ (anti-resentment training) ලෙසය. නිතරම පච්චවෙක්ඛණ හෙවත් කරන කියන දෑ කෙරෙහි reflection කිරීම අත්‍යවශ්‍ය වේ.

අප මෙලොවට ආවේ අපත් විනාශ වී ලොවත් විනාශ කිරීමට නොව අපත් සුරැකී ලොව ද අනාගත මිනිස් පරපුර සහ ජීවීන් වෙනුවෙන් වඩා සුරක්ෂිත කර නික්ම යාමට ය.

– ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි

ඔබේ ලෝකය හා මගේ ලෝකය

ඔබේ ලෝකය හා මගේ ලෝකය

විඩාපත් වූ ඔබේ මුහුණට

සිනාවක් ගෙන දෙන එකම දේ

මගේ ඇසුරයි මගේ දසුනයි

මගේ සතුටත් ඔබේ ඇසුරයි

උදේ පාසැල්, හවස පංතිය

රෑට පොත් පත් වල ගෙදර වැඩ

අතර ලැබෙනා කෙටි විවේකය

ඔබේ මාගේ මිතු නිමේශය

මගේ වරලැති බඳ සැලෙනු දැක

මොහොතකට තුටු වන ඔබේ සිත

මවගෙ ඇමතුම ලැබුණ සැණකින්

මැලව යනු දැක දැවේ මසිතද

නමුත් ලමයෝ නොදනී ද ඔබ

මමත් ඔබ මෙන් හිඳිමි සිරවී

යහලු රෑනක සමාගමයට

මමත් ඔබ තරමටම කැමතී

ඔකසිජන් හා කෑම බීමත්

දෙදෙනටම අඩු නැතිව ලැබුණත්

ඔබට මට පොදු විසල් තනිකම

ඔබට මට මිස ලොවට නොදැනේ

තාරක ජයතිලක

ලෝකයේ විශාලතම සංචාරක ප්‍රදර්ශනය

පසුගිය නොවැම්බර් මස 5,6,7 තෙදින පුරා ලන්ඩන් Excel හී පැවැත්වුනු ලොව විශාලතම සංචාරක වෙළද ප්‍රදර්ශනය වන WTM 2024 සදහා මෙවරත් ශ්‍රී ලංකාව සිය නියෝජන දායකත්වය දක්වා තිබුනා. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්ය්‍යාලය ඇතුළු ආයතන කිහිපයක් එකතුවෙන් ආකර්ශණීය සංචාරක කුටියක් ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කරන්නට ශ්‍රී ලංකාව මෙවර පියවර ගෙන තිබුනා.

ප්‍රදර්ශණය සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අභිනව සභාපති බුද්ධික හේවාවසම් මහතා ඇතුළු කණ්ඩායමක් ලංකාවේ සිට පැමිණ සිටි අතර ශ්‍රි ලංකාවේ‍ සංචාරක කර්මාන්ථය නියෝජනය කරමින් ආයතන 100 කට ආසන්න සංඛාවක් මෙවර ප්‍රදර්ශණය සදහා සහභාගී වී තිබුනා. සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කල පරිදි 1980 වසරේදී ආරම්භ වූ WTM ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වැඩිම පිරිස මෙය වන අතර ඉදිරි වසර කිහිපයේදී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ව්‍යාප්තිය සදහා එය මහත් පිටිවහලක් විය හැකි බව ඔහු තවදුරටත් සදහන් කලා. 

ඒ අතර ව්‍යාපාර සඳහා බොහෝ ඉඩකඩ සහිත සුවපහසු සහ පුද්ගලික අවකාශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙවර ප්‍රදර්ශනයේ “හොදම ව්‍යාපාරික ප්‍රදර්ශන කුටිය” ට හිමි (Best Stand for doing Business @ WTM 2024 ) සම්මානය දිනා ගැනීමටද සමත්වී තිබුනා. එම සම්මානය පසුගිය වසරේදී චිලී රාජ්‍යයත්, 2022 වසරේදී ඉතාලියත් දිනාගෙන තිබුනා


තිලාන් ජයසේකර