25-June-19

වටිනා දවසක්

සිරිපා අඩවිය කියන්නේ මට මගේ හදවත වගෙයි.. හැමදාමත් හැම මොහොතකම මට සිරිපා කදු මුදුණත සිහි වන විට හිතට දැනෙන හැඟිමට වචන නැති තරමි.. දිනක මම මිය යන දාට සමනොළ ගිර පෙණෙන තෙක් මානේක ඉද අවසන් හුස්ම මෙි වා තලයට එක් කරන්න ලැබෙිවා කියලා ප්රර්ථනා කරන මට සුමනසමන් දෙවියන් දුන් ත්යාගය ගැනයි අද මම මෙි කියන්න හදන්නේ

ඉතිංමෙවර මම ගියා මගේ උපන්දිනය සමරන්න ශ්රිපාද වන්දනාවෙි.. කලින් කීප වතාවක්ම සිරිපා අඩවිය ගැන අපි මැගිසින් මාසික සඟරාව ඔස්සේ රැගෙන පැමිණ තිබෙිනවා. නමුත් මම මෙවර අරන් ආවෙි මෙි සමනොළ කදු මුදුණේ පිහිටි සමිමා සමිබුදු බුදු පියාණන් වහන්සෙගේ සිරිපතුලට ජීවමාන බුදුන්ට පුජා කරනවා හා සමානව අසීමිත බක්තියෙන් කරනා උතුමි ක්රියාවක් ගැන විස්තරයක්

හරියටම මැයි හතර වෙනිදා මගේ උපන්දිනය දවසේ මටත් හැකියාව ලැබුණා උතුමි කාර්යට සමිබන්ද වෙන්න. එකම දවසේ දෙවතාවක්ම මුණි සිරිපතුල වැද පුදාගන්නත් අවස්ථාව ලැබුණා මට

කලින් වතාවක අවාරේ සිරිපා වන්දනාවෙිදි හමුවු හිරුෂ ලාලිත් මල්ලි මෙවර සිරිපා වන්දනාවෙි එන බව පැවසූවා මා හට. නමුත් ඔහුව මට මෙි ලෙසට උඩ මළුවෙිදි දැකගන්න ලැබෙිවියැයි නිකමටවත් සිතුනේ නෑ.. සුදු සරමක් සුදු ශර්ටි එකක් ඇදගෙන රත්නපුර පාරෙන් මහාගිරිදබ නැගගෙන එන මට ඔහු අත වැනුවෙි මගේ ජිවිතේට මගේ ජන්මදිනයේදි අමතක නොවන අත්දැකිමක් ලබා දෙන්න සුදාණමෙන් බවක් දැන සිටින්න ඇත්තේ සුමනසමන් දෙවියන් විතරක්ම වෙන්න ඇති වනවිට..

ඉතිංමට එදා දවස මගේ ජිවිතේ වටිනාම දවසක්සුමනසමන් දෙවියන් හැමදාමත් මට අඩවියේදි මුණ ගස්වන්නේ පිංවන්ත මිනිසුන්.. වගේමයි උන්වහන්සේ මෙි සිරිපා කරුණාවන් වලදී මට අවස්ථාවාදි මිත්රයන්ද පෙන්වා දී තිබෙනවා

වසර තිස් හතරක් උඩ මළුවෙි දානය පුජා කරන G L සරත් චන්ද්රසිරි මාමාව මට දැන හදුනාගෙන කතාබහා කරන්න ලැබුණේ හිරුෂ මල්ලි නිසා.. හිතට දැණුනේ ලොකු සතුටක්ඉතිංමට එදා හැකි උනා සරත් මාමා අතුළු පිරිස සමග පින්කමට සහාබාගි වෙන්න , උඩ මළුවෙි මුළුතැන්ගෙයට ගොස් රසවත් දානයෙන් කොටසක් රස විදාන්නත් ලැබුණා.. මගේ හොදම දවසේ ඔවුන් මාවත් ලෙන්ගතුව පිංවත් කාර්යයට එක් කරගත් නිසාම මෙවර මම තීරණය කලා ඔවුන් වෙනුවෙන් මෙවර මගේ ලිපිය වෙන් කරන්න.. වගේම සරත් මාමාගෙන් අසා දැනගත් පරිදි මෙි පුන් කටයුත්ත ගැන විස්තර බිදක් ඔබ හමුවට රැගෙන එන්න

මාමා පැවසු පරිදි ඔහු උඩ මළුවෙි දානයට සමිබන්ද වෙන්නේ 90 වර්ශයේ ඉදලා. වසරකට එක් වතාවක් ලැබෙින මෙි උතුමි අවස්ථාව මාමා නොකඩවාම කර තිබෙන්නේ සැදැහැ සිතින් පේ වෙලාමුලින්ම අප්රේල් 27/28  දිනයන් මාමාට බාරව තිබුණත් පසු කාලිනව තවත් අයෙකුගේ දින වෙනස් වීමක් නිසා මාමාට මැයි 03/04 දිනයන් ලැබිලාඑක නමි මගේම වාසනාවට වගේ ..

උඩ මළුවෙි දානය සහා ගිලන්පස පුජා කරන්න වෙිලාවන් තියනවා , නිසා දානයට කලින් දවසේ හවස එක වෙද්දි මෙි සදහා සහාබාගි වෙන පිංවත් පිරිස උඩ මළුවට ලගා වෙන්නේ දානය සදහා අවශ් සියලු කලමනා හා පුජා භාන්ඩද රැගෙනයි.. හවස පහට ගිලන්පස පුජාවෙන් පසු දේව පුජාවත් පවත්වලා පිං අනුමොදන් කරනවා සුමනසමන් දෙවියන්ට වගේම පැමිණි පිරිසට.. උදැසන හිරු උදාවත් සමගම කිරි ආහාර පුජාව පවත්වන්නේ උඩ මළුවට අලුත් හිරු කිරණ වැටෙනවත් එක්කමයිහේවිසි නාදයෙත් සමග දහවල් දානය පුජා කරලා දානය සාංගීක කර අවසනයේ සුමනසමන් දෙවියන් වෙනුවෙන් දේව පුජාව ලෙස පලතුරු පුජාවක්ද පුජා කර දෙවියන්ට පිංදි ගෙනා පුජා භාන්ඩද මුණි සිරිපතුලට පුජා කරලා ඔවුන්ගේ කාර්යය නිමා කරනවා..

ඉතිං මෙිවැනි පුන්යකටයුත්තක් සදහා මුදලින් ලක්ෂ එකාමාරක් පමණ වියදමි වෙන බවයි සරත් මාමා මා සමග පැවසූවෙි.. වගේම මෙි පුන්යකටයුත්තට මාමා සමග සහාසමිබන්ද වෙන තවත් දෙදෙනෙක් ගැන මාමා පැවසූවා මා සමග.. කැරුණේ මුදලාලි මහත්මයා වගේම එරත්ත සහා පලාබද්දල මාර්ගයෙන් යන විට හමුවෙන ගල්වංගෙඩිය අසල ඇති කෑම කඩෙි හිමිකරු වන වසන්ත කුමාර මහත්මයාත් වසර ගණනක සිට මෙි පුන්යකටයුත්තට සමිබන්ද වෙනවා

නිර්මාංසව , කිලි කුණු වලින් තොරව පේ වෙලා නිර්මාංස පිරිසිදු ආහාරයක් පිළියෙල කරලා සිරිපා උඩ මළුවෙිදි සමිමා සමිබුදු බුදු පියාණන් වහන්සේට පුජා කරන්න ලැබෙනවා කියන්නේ බෞද්ධයෙකුට ලැබෙනා වාසනාවක් සහා ලොකු පිනක්..

මතක් කරන්නම ඔින මොහොතේ මා සමග කතාබහා කල සියළු දෙනාම හැමොටම තුති පුදන අතර විශේෂයෙන් මතක් කරන්නම ඔින හිරුෂ මල්ලිව මනුර මල්ලිව , ඔවුන් දෙදෙනා නිසයි මටත් අවස්ථාව ලැබුණේ.. ආසාවක් වගේම බලාපොරොත්තුවක් ඇතුවයි මම නැවතත් නිවසට පැමිණියේ ලබන වසරේ මගේ උපන්දිනයට සරත් මාමා ඇතුළු පිරිස සමග එකතුවි පුන්යකටයුත්තට සමිබන්ද වෙන්න..

හේවිසි නාද මැද මහා සංඝරත්නයේ ආශිර්වාද මැද බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන් සිරිපාද පද්මයේ සුදු පිරුවට ඇදගෙන සාදු නාද මැද තේවවෙන් කරනා අන්දම සියැසින් දැක ගන්නට මාත් පිං කර ඇත, දළදා වදින්න නුවරට ගොස් රිදුන මගේ හිත සිරිපා පියුම මත සුවපත්වු අන්දම…. ස්තුතියි මෙි විශ්වයට
සුමනසමන් දෙවි පිහිටයි

නිසංසලා රණසිංහ
 

Home / 2025

25-June-18

බහුචිතවාදියා ~ Giftnet to Lovenet ~

ගුවන් විදුලි නාට් රචකයෙකු මෙන්ම කෙටි චිත්රපට නිර්මාණකරුවෙකු

වශයෙන් සිය කලා කෞශල්යයන් ලාංකේය කලා කෙත වෙත එළිදක්වමින්

කොළඹ විශ්වවිද්යාලයේ ශාස්ත්රවේදී විශේෂ උපාධියකට හිමිකම් කියනා

මාලක දේවප්රියගේ ප්රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය " බහුචිතවාදියා "

යි.

අන්තර්ජාලය පදනම් කරගනිමින් විදේශීය තෑගි ඇනයුම් ශ්රී ලංකාව පුරා

බෙදාහැරීමේ ව්යාපාර ආයතනයක් වන " ගිෆ්ට්නෙට් " හී බෙදාහැරීමේ

සේවකයෙකු ලෙසින් සේවයට එක්වන සසිතගේ ජීවන පෙවෙත

කේන්ද්රකොටගනිමින් සිනමාපටය ධාවනය වේ.

කාලීන ලාංකීය ජන සමාජය වේගවත්ව ගෝලීය තාක්ෂණික විප්ලවයේ ගොදුරක්

වෙමින් පැවතීම නවතාලිය හැක්කක් නොවන විටදී ධණවාදී සංස්කෘතික

ප්රවාහයට ඉබේටම නතුවෙන තාරුණ්යයේ ජීවන දෘෂ්ඨිය බහුචිතවාදි

ස්වරූපයක් ගන්නා බව සිනමාපටය තුළින් තිර රචකයා හා අදියුරුවරයා

කියාපාන්නට උත්සාහ කරන බව සිතේ.

සකලවිධ මනු සංතානයන්හි නෛසර්ගිකව පහළවන්නා වූත් නිරන්තරයෙන්

වෙනසට බඳුන් වන්නා වූත් අතිශය සංකීර්ණ වූත් අතිශය සියුම් වූත්

මනෝභාවයන් මහත් සංයමයකින් යුතුව රිදී තිරය මත ප්රක්ශේපනය කිරීමට

ප්රදාන හා අනු චරිතයන් නිරූපණය කරන්නා වූ සියළු රංගන ශිල්පීන් විසින්

පාන්නා වූ සමර්ථභාවය එය දෑසින් විඳ මනසින් කියවාගැනීමට සමර්ථභාවයක්

ඇත්තා වූ සියළු ප්රේක්ෂකයන්ගේ සම්භාවනාවට බඳුන් විය යුතුයැයි තරයේ

ප්රකාශ කිරීමට කැමැත්තෙමි

රංගන දායකත්වය

කලණ ගුණසේකර

වීණා ජයකොඩි

ලක්ෂ්මන් මෙන්ඩිස්

 

සමනලී ෆොන්සේකා

දමිතා අබේරත්න

ඩී.බී. ගංගොඩතැන්න

ගීතා අලහාකෝන්

රජිත හේවාතන්ත්රි

සුලෝචනා විතානාරච්චි

ඕමාලි රාධිකා

රෙක්ස් හැමිල්ටන්

සුජිත් පතිරගේ

තිළිණ සමරසූරිය

.එම්.ඩී.උපාලි,

උපුල් කොරටුවෙල

කුමුදු කුමාරසිංහ

එකී යථාර්ථවාදී වූත් අද්විතීය වූත් රංගන ප්රතිභාව පූර්ණ වශයෙන්

විදහාපෑමට මං සලසාදුන් ප්රශස්ථ කාර්මික දායකත්වය විසින් සිනමාපටය

රාමුගත වන ආකයානය තුළ ඉහත සඳහන් කරන ලද මනෝමය සංරචකයන්,

භෞතිකමය සමාජදේශපාලන සංරචකයන් මත පුරෝකථනය කළ නොහැකි

ලෙසින් විචල් වන අයුරු වඩාත් හොඳින් ප්රේක්ෂකයන් වෙතට සන්නිවේදනය

කිරීමට මහත් රුකුලක් වී ඇති බැව් සිනමාපටය සමඟින් තියුණු සබැඳියාවක්

සකසාගත් සිනමා සංවේදී කා හට වුවද වටහාගැන්මට අපහසු නොවනු ඇත.

නිෂ්පාදන කාර් මණ්ඩලය

තිරරචනය ,නිෂ්පාදනය සහ අධ්යක්ෂණයමාලක දේවප්රිය

සම නිෂ්පාදනයදයානන්ද බෝඹුවල

සහය නිෂ්පාදනයහිරන්ති ගුණවර්ධන , සූරේන් දෙව්මිත් රත්නායක , ප්රියන්ත

කොළඹගේ , ඩබ්.එස්.විජේසිංහ

 

ඉදිරිපත් කිරීමකොළඹ විශ්වවිද්යාලීය විද්යාර්ථීන්ගේ සංවිධානය

සහය අධ්යක්ෂණයඩබ්.රවින්ද් , වර්නන් අබේසිංහ

කැමරා අධ්යක්ෂණයචින්තක සෝමකීර්ති

කැමරා සහයනලින් ධම්මික , ආනන්ද බණ්ඩාර හේරත්, හේමන්ත රත්නායක

සංස්කරණයහර්ෂ දිසානායක

වර්ණ සංයෝජනයමේඝ කාවින්ද කොළඹගේ

ශබ්ද සංයෝජනයශසික රුවන් මාරසිංහ

සංගීත අධ්යක්ෂණයචිත්රාල් සෝමපාල

අංග රචනයසුරේෂ් හර්ෂජීව

පසුතල හා ඇඳුම් නිර්මාණයසංජීව කරුණාරත්න

නිෂ්පාදන කළමණාකරණයරෝහණ වර්ණකුලසූරිය , තිළිණ පෙරේරා

දෘශ් ප්රයෝගරවීන් වෙත්තසිංහ

නිශ්චල ඡායාරූපජයන්ත් ධර්මවර්ධන

ආලෝකකරණ සහයකෝසල මනෝජ් , ගිහාන් බුද්ධික , කුලරුවන් ගමගේ, සංජීව

විකුම් , දිලංග දිනුෂාන් , නාලක නදීශාන්

පරිවර්තනයසරත් කැල්ලපත , අතුලසිරි සමරකෝන්

ඩී.සී.පී.පිටපත් කිරීමදිනිඳු ජාගොඩ

හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය අපේක්ෂාවන් ඇති

කරවන මෙවන් ප්රශස්ථ සිනමා භාවිතාවක් සමඟින් නැවතත් හෙලවුඩය

වර්ණවත් කිරීමට අවැසි සියළු හේතු සම්පත් සැලසේවායි මාලකදේවප්රිය අතුළු

සමස්ථ නිෂ්පාදන කාර් මනඩලය වෙත මුළු හදින්ම සුභාශිංශන එක්කරමි.

 

සැකසුම

හිරාන් ගමගේ

Home / 2025

25-June-17

අඳුර තුළ ගෙවන ජීවිතයේන් එළියට එමු!!

මාගේ ප්රේමවන්ත සහෝදර සහෝදරියනි ජේසුගේ ආශිර්වාදය ලැබෙන මාසයක් වේවා!

*අඳුරෙන් පිරුණු ලෝකයක අවශ්යතා ඇති මිනිසුන්ට ආලෝකය වූයේ යේසුස් වහන්සේය.

ඔහු කළ ප්රාතිහාරයන් සාමාන් මානව බුද්ධියෙන් තේරුම් ගන්න්න බැහැ. ඒවා ඔහුගේ

දේවත්වය හා අපට තිබෙන ආදරය පෙන්නුම් කරයි.

ඉතින් ඔබ තවත් අඳුරේ සිටීමට අවශ් නෑ. අපි බලමු දෙවියන් වහන්සේ කොපමණ

මනුෂ් ජීවිතවලට ආලෝකය සහ ප්රේමය නිදහස් කරා කියා. පහත කරුණු ගැන

ඔබගේ හදවත ඉතා හොඳින් යොමු කර බලන්න.

*අන්ධ මනුෂ්යයන්ට පෙනීම ලබාදීම,

(ශුද්ධ මාර්ක් 10: 46 – 52)

"ඔව්හු යෙරිකෝවට පැමිණියෝය. උන්වහන්සේ තමන් ගෝලයන් හා මහත්

සමූහයක් සමඟ යෙරිකෝවෙන් පිටත්ව යන කල තිමේයුස්ගේ පුත්රවූ

බර්තිමේයුස් නම් අන්ධවූ හිඟන්නෙක් පාර අයිනේ ඉඳගන උන්නේය.

නාසරිය යේසුස්වහන්සේ බව ඔහු අසා: දාවිත්ගේ පුත්රවූ යේසුස්වහන්ස, මට

කරුණාකළ මැනවයි මොරගසන්ට පටන්ගත්තේය. එවිට ඔහු නිශ්ශබ්ද වන

ලෙස බොහෝ දෙනෙක් ඔහුට සැරකළෝය. නුමුත් ඔහු: දාවිත්ගේ පුත්රය, මට

කරුණා කළ මැනවයි වඩ වඩා මොරගැසුවේය. යේසුස්වහන්සේ නැවතී සිට:

ඔහුට අඬගසන්නැයි කීසේක. ඔව්හු අන්ධයාට අඬගසා: ධෛර්යවත්වෙන්න.

නැගිටින්න, උන්වහන්සේ නුඹට අඬගසනසේකැයි කීවෝය. ඔහු තමාගේ සළුව

ඉවත දමා, පැනනැගී යේසුස්වහන්සේ ළඟට ආයේය. යේසුස්වහන්සේ ඔහුට

කථාකොට: මා විසින් නුඹට මක්කරනවාට නුඹ කැමතිදැයි ඔහුගෙන්

ඇසූසේක. රබ්බෝනි, පෙනීම ලබාගන්ටයයි අන්ධයා උන්වහන්සේට කීයේය.

යේසුස්වහන්සේද: යන්න, නුඹේ ඇදහිල්ල නුඹට සුවකළේයයි ඔහුට කීසේක.

එවේලේම ඔහු පෙනීම ලැබ, මාර්ගයෙහි උන්වහන්සේ අනුව ගියේය."

බලන්න ඔහුගේ ජීවිතයට ආලෝකය ආපු ආකාරය. ඔහු ලැබුවා වූ යේසුස් වහන්සේගේ

ප්රේමය නිසා ඔහු යේසුස් වහන්සේව අනුගමනය කරමින් යේසුස් වහන්සේගේ පසුපස

යන ඔහු මනුෂ්යයෙකු වුවා. බලන්න මෙම මනුෂ්යයා ආලෝකයට එන්නත් යේසුස්

වහන්සේගේ ප්රේමය අත්දකින්නත් ඔහුට එක් දෙයයි තිබුණේ තමයි විශ්වාසය. මොහු

යේසුස් වහන්සේ කෙරෙහි තැබුවා වූ අධික විශ්වාසය නිසාම ඔහු අන්ධකාරයේ

ආලෝකයට ආවා.

 

ඉතින් ඔබත් මුළු හදවතින්ම යේසුස් වහන්සේව විශ්වාස කරන්න. එවිට යේසුස්

වහන්සේ නුඹගේ ජීවිතයේ අඳුර පහ කරලා ආලෝකයෙන් බබලන්න සලස්වයි.

ඔබ සැමට ජේසු පිහිටයි!

 

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම

Home / 2025

25-June-16

තිරිසන් සතුට (schadenfreude)

මෙවර මේ ගැන ලියන්නට හිතුවේ ඔබේ විපතේදී ඔබව සොයා එන සියල්ලන්ම ඔබේ මිතුරන් නොවන බව පැහැදිලි කිරීමටය. ඔබ කරදරයකට පත්වූ විට හෝ යමක් ලබාගැනීමට අසමත්වූ ඔබ වෙනුවෙන් දුක් වෙන අය දෙවර්ගයකි. අතරින් අයෙකුගේ කඳුළු අවංක වන අතර තවෙකෙකුගේ කඳුළු ඔබේ වැටීම නිසා වන සතුටු කඳුළු . කඳුළු ඔබේ වැටීම නිසා ඔවුන් තුළ ඇතිවූ සතුට නිසාය. එයට තනිවචනයකින් සාර්ථකව ප්රකාශ කිරීම සඳහා ඉංග්රීසියෙහි භාවිත වන්නේශෝඩන්ෆ්රොඉඩනම් ජර්මන් වචනයයි. එහි තේරුම නම් කෙනෙකුගේ වැටීම නිසා තවෙකෙකු තුළ ඇතිවන ප්රීතියයි (taking delight in another’s downfall). සිංහලෙන් සඳහා හොඳම වචනයතිරිසන් සතුට

දැන් එම තිරිසන් සතුටෙහි ස්වභාවය විග්රහ කරනු. බුද්ධ ධර්මය තුළ මේ සඳහා භාවිත වචන කීපයකි. අතරින්ඉස්සාහෙවත් ඊර්ෂ්යාව (jealousy) ප්රධාන . ඊර්ෂ්යාව ඇති අයට ඔබේ සාර්ථකත්වය ගැන ඇත්තේ පුදුම වේදනාවකි. ඔබට යම් විපතක් වූ විට එවන් අය කොතරම් සතුටුවන්නේ කිවහොත් ඔබ හමුවීමට තෑගි රැගෙන ඒමට පෙළඹේ. ඔබේ සාර්ථකත්වය නිසා ඔවුන්ට ඇති වේදනාව නිසා ඔවුන් සිටින්නේ ඔබේ විනාශය ප්රාර්ථනා කරමින්ය. එය ධර්මයෙහි හැඳින්වෙන්නේ ව්යාපාද (ill-will) ලෙසය

 

මේ තිරිසන් සතුට කොතරම් හානිදායකද කිවහොත් එය පරාජය කිරීමට දිව්යමය මානසිකත්වයක් අවශ් වේ. එය මුදිතා හෙවත් අනුන්ගේ දියුණුවේදි සතුටුවීම (altruism) යි. එය සතර බ්රහ්මවිහාරවලින් (the four principles of divine life) එකකි. මෛත්රීය, කරුණාව සහ උපේක්ෂාව යන සෙසු බ්රහ්මවිහාරවලට සාපේක්ෂව බැලීමේදී සමාජ සත්ත්වයන් වන මිනිසුන්ට මුදිතාව පුරුදු කිරීම වඩා දුෂ්කර . නොදැනීම ඔබට මොහොතකට ශෝඩන්ෆ්රොඉඩ ඇතිවිය හැකිය. මොහොතකට හෝ එය ඇති වුවහොත් ඔබ දිව්යමය තත්ත්වයෙන් පිරිහී තිරිසන් තත්ත්වයට වැටේ. ඔබේ වැටීම ගැන යමෙකුට තිරිසන් සතුටක් ඇතිවී ඇතිබව හැඟුනොත් මෙත් සිතින් ඔවුන්ගෙන් ඈත්වීම මැනවි

 

බොහෝ මව්පියන්ට ආදරයේ වේශයෙන් ශෝඩන්ෆ්රොඉඩ ඇතිවේ. එය පාසැල් සහ දහම් පාසැල් තරඟ සංදර්ශන ආදියේදි මම දැක ඇත්තෙමි. තම දරුවාට වඩා දක්ෂ දරුවෙකුගේ රංගනයේදී සුළු අතපසුවීමක් දුටුවිට එම දරුවා හමුවී දුක ප්රකාශ කරයි. දුකක් නොව සතුටකි. පෙර වතාවකදී රංගනය අතිසාර්ථකව කළ විට සුබපැතුම් නොලැබිණ. මුදිතාවෙන් පිරුණු ළමා ලෝකයද කෙලෙසන්නේ වැඩිහිටියන් විසිනි.

 

ඔබ මුදිතාව වඩන්න. එහෙත් ඔබ වෙනුවෙන් කඳුළු සළන්නන් ගැන පරිස්සමෙන් ඉන්න.

 

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි

Home / 2025

25-June-15

Back Cover

තරුවක් නිවෙනා

යලිඳු හිනැහෙනා

නුඹ වගේමයි සිතමී

 

වැටෙනා පිණි කැට 

සිර කරලන්නට 

සඳ මත නුඹ සොයමී

 

යන්තම් දැවටුන 

ලවන් පහස මත 

සෑහී සිත සදමී….

 

සුසුමන් නවතා 

නෙතු පැටලෙන තුරු 

නුඹේ මතකයේ සරමී….


සුරේඛා…

Home / 2025

25-June-14

සිව්වෙනි මානය

කාලයක් ගතවෙලා යයි සිතෙන හැමවිටම

බොහෝ දේ වෙනස් වී ඇතසිතෙයි නිසැකවම

කාලයම විසින් වෙනස ඇතිකරනවද?

වෙනස් වීමම කාලයක් ලෙසින් දැනෙනවද?

 

පැයක් යනු පැයක් මයි ඔරලෝසු කටුවකට

නමුත් එය වෙනස් වෙයි  මිනිසෙකුගෙ මනසකට

විටෙකදී පැය විනාඩියක් ලෙස දැනෙනකොට

තව විටෙක විනාඩිය පැයක් සේ දැනේ මට

 

වැරදි ඔරලෝසුවද? කාලය ? අපෙ හිත ?

කාලයේ අර්ථයම අපිට දැනෙනා දේ ?

නිසැක ස්ථිරම දේවෙනස් වෙන බවනේද?

නිසැකවම දැනගන්න, කාලයක් ගත වෙයිද?


 *තාරක ජයතිලක*

Home / 2025