BackCover

බඹර පිරිවර අනඟ රැඟුමන්

දරා හිනැහුනු සුවඳ කුසුමන්

යලි යලිත් නොපිපේවී…

කාලයේ ඉරණමට නතුවී

ඔවුන් මැලවේවී…

කතර බිම ආදරෙන් නැවතුන

ළපටි අංකුර සෙමින් එසවී

වැහි බිඳක් ඉල්ලාවී…

අවැසි කල නිසි වැස්ස නොවැටී

ඔවුන් මිය යාවී….

රැළි වු නෙත’ඟින් මග බලාගෙන

සුසුම් හෙළුවා මදිද තවමත්

නර කෙසක් විමසාවී…

අකාලේ තුණු හැඟුම් වියැළී

හීන මියැදේවී….

සුරේඛා

Madagascar Romazava

Madagascar Romazava

අවශ්‍ය ද්‍රව්‍ය

තරමක ප්‍රමාණයට කපා ගත් කුකුල් මස් 500gr

කොටු කපා ගත්තක්කාලි ගෙඩිදෙකක්

තලා ගත් ඉඟුරු තේ හැන්දක්

තලාගත් සුදුලූණු බික් 4/5

සිහින්ම ලියා ගත් ලොකු ලුණු ගෙඩියක්

තෙල් මේ සෑඳි පහක්

චිකන් හෝ වේජබල් stock  500 ml

ලුණු සහ ගම්මිරිස්  ස්වල්පයක්

නිමිති කෝප්ප දෙකක් 

කොටු කපා ගත් කැරට් කල දෙකක්

ගෝවා කොල කෝප්ප දෙකක් සිහින්න කපා ගත්

සාදා ගන්නා ආකාරය

ඝනකම පෑන් එකක් ගෙන ඒ මතට තෙල් මේස  හැඳි තුනක් දමා රත්කර එයට කුකුල් මස් එකතුකර විනාඩි අටත් දහයක් ප්‍රමාණයට දුඹුරු වන තුරු දෙපැත්ත දමා එලියට ගෙන වෙනම තියන්න.ඉන්පසු ඒ පෑන් එකටම ඉතුරු තෙල් හැඳි දෙක දමා එයට ලුණු එක්කර විනාඩියක් පමණ ගිය පසු සුදුලූණු ඉඟුරු සහ තක්කළි කැරට් ද දමා තවත් විනාඩි පහක් පමණක්ම කලවම් කරගන්න.ඉන්පසු එයට කලින් පිසගත් කුකුල් මස් දමා කලවම් කරන stock 500ml දමා විනාඩි පහළොවක් පමණක්ම තැම්බෙන්න හරින්න.ඉන් පසුව අවශ්‍ය  ප්‍රමාණයට ලුණු සහ ගම්බිරිස් එකතු කර එයට නිමිති සහ ගෝවා කොළ එකතුකර තවත් විනාඩි දහයක් පමණ මද ගින්නේ පිසගන්න.මෙය ස්ටු එකක් වන අතර තරමක් ජූස් ගතියෙන් විය යුතුය. මෙය බත්  හෝ කුස්කුස් සමග ඉතා රසවත් ආහාරයක් වන අතර කුකුල් මස් වෙනුවට බීෆ් හෝ පෝක් යොදාගත හැක.අවශ්‍ය නම් මස් ජාති දෙකක් එකතු කර හෝ සාදා ගත හැක.මෙය මැඩගස්කරයේ ප්‍රසිද්ධම සහ ප්‍රධානම ආහාරයකි.

මනෝජ් ප්‍රනාන්දු

Self Appreciation

“එයා නම් හරිම දක්ෂ කෙනෙක්, හරිම කරුණාවන්ත කෙනෙක්, හරියට අනිත් අයට උදව් කරනවා…” මේ විදියට කෙනෙක් තවත් කෙනෙක් අගයනවා අපිට ඕනෑතරම් කන වැකිලා ඇති. අපිම තවත් අයව මේ වචන වලින්ම ලෝබ නැතුව අගය කරලත් ඇති. ඒ අතරවාරයේ තමන් විසින් තමාවම අගය කරලා ඇත්තේ කීයෙන් කී දෙනාද? Self Appreciation එහෙමත් නැත්නම් ස්වයං ඇගයීම හරිම බලසම්පන්න මානසික ක්‍රියාවලියක්. තවත් අතකට සාර්ථකව හිත එකාග්‍ර කරවන්නට සමත් ව්‍යායාමයක්.

තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දිනාගත් ඕනෑම දෙයක් ජයග්‍රහණයක්. ඒ වෙනුවෙන් තමාට තමාවම නොමඳ ඇගයීමට ලක් කරන්න පුලුවන්. තමන් පසු කරන ලද අභියෝගාත්මක අවුරුදු, කාර්තු, මාස, සති, දින වගේම තත්පර ගණන් උනත් මොනතරම් දරා ගැනීමකින් පසුකලාද කියන්නට හොඳින්ම දන්නේ තමාම පමණයි. ඉතින් ඒ ඒ අවස්ථාවන් වලදී තමන් ශක්තිමත්ව ඉදිරියට ගිය ගමන ගැන නැවතිලා මෙනෙහි කරන්න තරම් වටිනවා. ඒ තුළින් විශාල බලගැන්වීමල් අපි තුළම වෙන ආකාරය අත්දැකලාම බලන්න අවැසි දෙයක්.හිතට මොනතරම් සතුටක් ඒ තුළින් ලබන්න පුලුවන්ද? 

පාසලක හෝ රැකියා ස්ථානයක හෝ ක්‍රීඩා පිටියක හෝ වෙන යම් අවස්ථාවක, ඇගයීම වාචිකව මෙන්ම භෞතිකව ප්‍රකාශනයට පත් වෙනවා. සිහිවටනයක්, ත්‍යාගයක් එහෙමත් නැත්නම් උත්තේජනාත්මක වචන ටිකක් මේ කියන ඇගයීම සංකේතවත් කරන්නට යොදා ගන්නවා. ඉතින් තමන්ට තමන් වෙනුවෙන් මේ දේ කරන්න පුලුවන්. ඔයා ඔයාටම කතා කරන්න. අගයන්න. ඔයා වෙනුවෙන් තෑගි ගන්න. අවංකවම මේ ක්‍රියාවලියේ නිරත වෙලා බලන්න. හෙට දවසේ සාර්ථක ආරම්භයකට මේ දේම හොඳ අස්වැසිල්ලක් වෙයි.

දිමුතු

මෙච්චර කල් හිතන් හිටියේ පොෂ් කියලද

 Polish posh වෙන්නේ කොහොමද?

ඇත්තටම පොෂ් වෙන්නේ මෙහෙමයි.

පොෂ් වෙන්න උතුරන්න සල්ලි වත් නැත්තං සල්ලි තියෙන පවුලකින් පැවත එන්න වත් ඕනෙ වෙන්නේ නැහැ.පොෂ් මනුස්සයෙක් වෙනවා කියන එකෙන් අපි අදහස් කරගෙන ඉන්නේ හොඳට අඳින පල දින අලුත් ඇඳුම් පැළඳුම් භාවිතාකරන ට්‍රෙන්ඩ් එකට යන ,මිල අධික ජංගම දුරකථන යාන වාහන භාවිතා කිරීම,සහ තවත් සල්ලි වියදම් කරලා කරන්න පුළුවන් බොහෝමයක් දේවල් අපි පොෂ් විදියට දකිනවා.

මම ඒක නැහැ කියන්නේ නැහැ. නමුත් පොෂ් වෙන්න ඉහත කියපු දේවල් වගේම smart වෙන්නත් ඕනේ.

ඉතිං හරියටම පොෂ් වෙන්නේේ කොහොමද?

1.උගත්කම

විශේෂයෙන්ම උගත්කම පොෂ් මනුස්සයෙක්ට සම්බන්ධ වෙන්නම ඕන දෙයක්.ඔබ විශේෂයෙන් දැකලා ඇති ගොඩාක් අය හොඳට ඇඳුම් පැළඳුම් ඇඳලා ගොඩක් expensive දේවල් භාවිතා කරනවා. නමුත් සමහර වෙලාවට ඔවුන්ගේ වචන හසුරන්නවත් ඔවුන් දන්නේ නැහැ. එතනට බලපාලා තියෙන සාධකය තමයි  අපි දැන් කතා කරන උගත්කම.

ඒ නිසා අනිවාර්යෙන් මනුස්සයෙක් පොෂ්ද නැද්ද කියලා දැනගන්න  උගත්කමත් එක හේතුවක් වෙනවා. විශේෂයෙන්ම ඇසූ පිරූ තැන් තියෙන අවශ්‍ය වෙලාවෙදි අවශ්‍ය දේ කතා කරන තැනට සුදුසු නුවණ භාවිතා කරන්න පුළුවන් වීමත් මේ එක්තරා පොෂ් වීමේ ලක්ෂණයක්.

ඒ නිසා අනිවාර්යෙන් තමන් පොෂ් වෙනවා කියන්නේ තමන්ටම සරිලන education level එකක් හදාගන්න එක.

මොකද නැත්තං කොච්චර පොෂ් විදියට ඇඳලා ගියත් උගත් පිරිසක් අතරට ගිහිල්ලා කතා කරද්දි අපිට බයවෙන්න වෙනවා.

අන්න ඒ නිසා පොෂ් වෙනවනම් අනිවාර්යෙන්ම තමන්ගේ education ලෙවල් එටත් මුල් තැන දෙන්න.

2.හොඳ ආත්ම විශ්වාසයක් සහ ආකර්ෂණීය පෙනුමක්.

දැන් මෙතන ආත්ම විශ්වාසය පැත්තකින් තියමුකෝ? හොඳ පෙනුමක්ද මේ හොඳ ආකර්ශනීය පෙනුමක් කියන්නේ දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ආකර්ෂණීය පෙනුමක් කොහෙන්ද අපිට.අපි ඉතින් උපතින්ම කැත මිනිස්සුනේ.

මෙතන මං කතා කරේ ආකර්ෂණීය පෙනුම කියන්නේ ලස්සන ගැන නෙමෙයි.තමන්ගේ පර්සනලිටි එක ගැන.

තමන්ට තියෙන සම්පත් ප්‍රමාණය භාවිතා කරලා ඒවගෙන් උපරිම කොලිටියට ඉන්න මනුස්සයෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන.

සමබර ආහාර වේලක් ලබා ගැනීම ශාරීරික ව්‍යායාම ඒ වගේම තමන්ගේ කොණ්ඩය නිසියාකාරයෙන් පීරීම,හැමවිටම පිරිසිදු ඇඳුම් පැළඳුම් ඇඳීම ආකර්ශනීය පෙනුමට බලපානවා. 

ඔබේ පෙනුම කෙසේ වෙතත් ඔබ පිරිසුදුව පිළිවෙලට ඉන්න මනුස්සයෙක් වුනොත් ඔබට යන තැන බැබලෙන්න පුළුවන්.

ඒ වගේම තමන් හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ තමන් ගැන හැම විටම තමන් කරන කියන දේ තමන් අඳින පළඳින විදිය ගැන තමන්ට ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ.කිසිම අවස්ථාවක තමන් වෙනුවෙන් තමන්ගේ ආත්ම විශ්වාසය කඩ කරගන්න එපා.අරයා කරනවට මෙයා කරනවට දේවල් කරන්න යන්නත් එපා. ඒකත් තමන්ගේ ආත්ම විශ්වාසය කඩවීමට බලපාන ලොකුම හේතුවක්.

3. fashion trends අනුගමනය කරන්න නමුත් තමන්ට ගැලපෙන විදියට.

ඇඳුම් පැළඳුම් ෆැෂන් නම් අද කාලේ වැහි වැහැලා.ගෑණු ළමයිටනම්  ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ එන හැම ෆැෂන් එකම ට්‍රයි කරනවා.

හැබැයි ඔයා කොයිම වෙලාවකවත් එහෙම එන හැම ෆැෂන් එකම ට්‍රයි කරද්දි හිතුවද මේ මං කරන fashion එක මට ගැලපෙයිද?

ඔව්. එහෙම සමහරවිට ඔබ හිතලා නැතුව ඇති. එන හැම ප්‍රශන් එකම ට්‍රයි කරනවා ඇති. නමුත් එන හැම ෆැෂන් එකම ඔබට ට්‍රයි කරන්න ආස හිතුනත්, එය පළවෙනියට බලන්න තමන්ට ගැලපෙනවද නැද්ද කියලා.ලෝකයට ෆැෂන් එක ට්‍රෙන්ඩ් එක උනාට තමන්ට ෆැෂන් එක ගැලපෙන්නෙ නැත්නම් කිසිසේත් ඒ ෆැෂන් එක අනුගමනය කරන්න එපා.

 ට්‍රෙන්ඩ්  එකත් එක්ක යනකොට හැමවෙලේම  තමන්ට ගැලපෙන ට්‍රෙන්ඩ් එක පමණක් අනුගමනය කරන්න වග බලාගන්න.

තමන්ට fashionable ඇඳුම් තෝරා ගැනීම් සම්බන්ධව දැනුමක් නැත්නම් ඒ ගැන හොයලා බලලා කරන්න උනන්දු වෙන්න මොකද දැන් සමාජ මාධ්‍ය ගත්තොත් ගොඩක් දියුණු වෙලානේ තමන්ට ගැලපෙන විලාසිතාව තමන්ට තෝරාගන්න පුළුවන් තැනටම පත්වෙලා තියෙනවා.

ඒ නිසා හැම වෙලේම බොඩිෂේප් එකට තමන්ට තමන්ගේ ස්ටයිල් එකට ගැලපෙන ෆැෂන් ට්‍රෙන්ඩ් පමණක් අනුගමනය කරන්න.

නැත්තං පොෂ් වෙන්න යන ඔබට  අපි සරල කතාබහෙන් කියනවා වගේ ගොඩේ චරිතයක් වෙන්ඩ  යන්නේ සුළු වෙලාවක් පමණයි.

4.ඕපදූප නවත්වන්න

සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙන මිනිස්සු අතරේ ඔවුන්ට කොච්චර සල්ලි තිබ්බත් ඔවුන් කොච්චර ලස්සනට ඇන්දත් ඔවුන්ට කොච්චර යාන වාහන තිබ්බත් ඔවුන් කැමතිම තව කෙනෙක්ට ගරහන්න සහ තව කෙනෙක්ගේ ඕප දූප කතා කරන්න.

ඇත්තටම ඔබ කොච්චර පොෂ් විදිහට ඇන්දත් පැළඳුවත් කෑවත් බිව්වත් සමාජ ජීවත් වුණත්.ඔබගේ කට එහෙමත් නැත්නම් අනවශ්‍ය විදිහට ඕපදූප කීම මත ඔබගේ තත්ත්වය ඔබම විනාශ කරගන්න පුළුවන්.

අපි අහලා තියෙන කියමනක් තියෙනවා mind your own bussiness කියලා .ඉතින් පොෂ් වෙන්න බලපාන ප්‍රධාන සාධකයක් තමයි මේ. හැමවෙලේම තමුන්ගෙ රාජකාරිය පමණක් හොයාගන්න පුද්ගලයාට අනිත් අයගේ ඒවා හොයන්න වෙලාවක් නැහැ.

නමුත් හැම වෙලේම අනුන්ගේ ඒව හොයන පුද්ගලයාට තමුන් ගැන හොයන්න වෙලාවක් නැහැ. සමහර වෙලාවට ඔවුන්ට ඔවුන්ගේ පවුල් ජීවිතය තමන්ගේ පර්සනල් ලයිෆ් එක පවා අවුල් වෙන්න ඉඩකඩ ඉතා වැඩි. ඉතින් පොෂ්මනුස්සයෙක් වෙන්න තියා තමන්ගේ ජීවිතයේ ජීවත් වෙන්නේ කොහොමද කියලවත් මේ මිනිස්සුන්ටනම් තේරුම් ගන්න ගොඩක් අමාරුයි.

ඉතින් පොෂ් මනුස්සයෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඕපදූප වලින් බැහැරවෙන්න.

5.ආචාරශීලී මනුස්සයෙක් වෙන්න.

අද කාලේ ගොඩක් දෙනෙක් ආචාරශීලී වෙන්න ඕන කියන එක ඒ තරම් හිතන්නෙ නෑ. හැබැයි ඇත්තටම පොෂ් ස්මාර්ට් මනුස්සයෙක් දන්නවා ආචාරශීලී වීමේ වැදගත්කම.  තමන්ට දෙයක් කරලා දෙන, තමන්ට බඩුවක් විකුණන, තමන්ට සේවාවක් සපයන කෙනෙක්ට ස්තුතියි කියන එක කියන්න ලැජ්ජ වෙන්න ඔනේ නැහැ . ඒ විතරක් නෙවෙයි, පොෂ් මනුස්සයෙක් හැසිරෙන විදියේ ඉඳලා කථාබහ කරන දේවල් දක්වා ඒ ආචාරශීලීත්වය තියෙනවා.

6.සමාජ මාධ්‍ය භාවිතය

මනුස්සයෙක් පොෂ් ද නැත්තම් අමු ගොඩේ ද කියලා හිතාගන්න පුළුවන් අලුත්ම සහ ලේසිම මිනුම් දණ්ඩ තමයි එයාගේ සෝෂල් මීඩියා භාවිතය.

 විනෝදකාමී දේවල් රසකාමී දේවල්  වගේ ගොඩාක් දේවල් මිනිස්සු මේ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරනවා.

නමුත් මේ ප්‍රචාරය කරන දේවල් අතරින් දුක මාකට් කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම නරක පුරුද්ද.ඉතින් ඔබට හරියටම පොෂ් වෙන්න ඕනනම්  මේ සමාජ මාධ්‍ය තුළ දුක මාකට් කරන එකත් නවත්තන්න වෙනවා.

තමන්ගේ පෞද්ගලික කරුණු කාරණා සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කිරීම සම්පූර්ණ වරදක්. ඒකෙන් ඔබේ පෞද්ගලික දේවල් රටට ලෝකෙට වගේම ඔබ ගැන යම් අප්‍රසන්න හැඟීමක් මිනිසුන්ට දනවන්න පුළුවන්.ඉතින් හැම වෙලේම තමන් තමන්ගේ ශෝශල් මීඩියා තුළ ශෙයා කරන දේවල් මොනවද කියලා දැනගෙන ශෙයා කරන්න කටයුතු කරන්න. එහෙම නැති වුනොත් ඔබ කොච්චර හොඳට ඇඳ පැළඳලා පොෂ් විදිහට ජීවත් වෙන්න  try කරත් ඔබ මේ ශෙයා කරන දේවල් තුලින් ඔබ ගොඩේ ජීවියෙකු බවට පත්වෙනවා නිසැකයි.

ඉතින් පොෂ් වෙනවා කියන්නේ එච්චර අමාරු දෙයක් නෙමේ. අපි මේ කතා කරපු ඉහත කරුණු කාරණා ටික නිසියාකාරයෙන් පිළිපදිනවා නම් පොෂ් මනුස්සයෙක් වෙන එක ඉතාම ලේසි දෙයක්. ඉතින් ඇඳුමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් එක්ස්පෙන්සිව් දේවල් භාවිතා කිරීමෙන් කොටින්ම  කිව්වොත් ඇපල් ෆෝන් වගේ දේවල් භාවිතා  කිරීමෙනුත් තමුන්ට පෝෂ් වෙන්න බෑ කියලා දැන් ඔබට තේරෙනවා ඇති.ඉතින් පොෂ් වෙන්න ඒ දේවල් විතරක්ම මදි.අපි ඉහත කතා කරපු කාරණා කිහිපයත් අපිට පොෂ් වෙන්න අවශ්‍ය වෙනවා.

ඒ නිසා ඒ කරුණු ටිකත් ඔබේ ජීවිතයට එකතු කරගන්න polish posh මනුස්සයෙක් වෙන්න උත්සහ කරන්න.

ඔබට ජය!

සටහන 

නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ.

ඉස්කෝලෙට ගියා…

රතුපාට මල් වැටුනු

ගුරු පාරේ හෙමි හෙමින්

ඉස්සරම අතීතෙක 

මතක පොදි අවුස්සා,

සුදු ගවුමේ රැළි හදන්

දග කෙරූ දවස් යළි

හීන් සීරුවේ ඇවිත්

සියොළගම දැවටුනා…

ඉන්දියන් විලෝ යටදි

සිනා කැන් සරසාදා

පැසැලට ආව ගිය

දවස් යළි වින්දා,

බද්‍ර යෞවනය ලග

හීන පොදි එකතුකර

එක පවුලේ සොයුරියන් සේ

අපි ජීවිතේ වින්දා…

එදා සිටි උන් නැතත්

ඉස්කෝලේ නැත මහලු

හරි ආදරෙන් තාම

වැළදගෙන ඉම්බා…

අ යනු ආ යනු කියා

අමර සල් ගස් බලා

නයනා එනතුරු තාම

මගබලන් ඉන්නා…

සොළොස් වසරක් පුරා

හරි ආදරෙන් බදා

අපි අපිට ආදරෙන් උන්නු

ඉස්කෝලෙට ගියා…

නෙතග කදුලක් පුරා

මතකයන් අවුස්සා

හෙමි හෙමින් ආයේ මං

ගුරුපාරෙම ආවා…

රීනා

ආදර මතක

සෝ සුසුම්

නැගෙනවා සිතින්,

පෙර මතක

අමතක නෑ ඉතිං,

ජීවිතේ උරුම 

පමණි එක පෙමක්,

ලං උනත් නුඹ

හදවතේ නැත ඉඩක්,

සමා වෙනු මැනේ

ජීවිතේ මගෙ වරද,

හැඟීමක් නැති බැඳීමක

ජීවිතේ ගෙවනවා මං,

වෙනස් වෙන්නට

හැකිය මුත්  මට

වෙනස් වෙන්න බෑ

ජීවිතේ …

ගෙවිය යුතුය දඬුවම් …

ගගන ගුරුගේ

ගෞතම බුද්ධ මාතා

~ අපරිමිත දාරක ස්නේහයෙන්

නිර්මිත අභිවන්දනීය මාතෘත්වයේ සිනමාත්මක ප්‍රතිරූපණ

ය ~

ගෙවීගිය වර්ෂ 1961 දී පටන් ගෙවීයන වර්ෂ

2025 ඇරඹුම සනිටුහන් වන

මේ කාලවකවානුව වන විටත් පුරා දශකයන් සයක්

පුරාවටම ශ්‍රී ලාංකේය කලා

කෙත සකලවිද ආක්‍යානයන්ගෙන් යෙහෙන් අස්වද්දනු

රිසියෙන් මෙන්ම ඉන් නොනැවතී ශ්‍රී

ලාංකේය අනන්‍ය කලා කෞශල්‍යයන් ගෝලීය විස්කෘත ක

ලා කෞශල්‍යයන් ඉදිරියේ විරාජමාන වනු දකිනු

රිසියෙන් අඛන්ඩව අනවරතව සාහිත්‍යවේදියෙකු, ගත්

කතුවරයෙකු, කවියෙකු, ගීත රචකයෙකු, තිර

රචකයෙකුසහ

සිනමාකරුවෙකු ආදී නන් වැදෑරුම් කලා ශිල්පයන්ගේ මස්

තකප්‍රාප්තිය මොනවට විහිදුවාපාමින් වදනකින් කෙළවර

දකිනු නොහෙන තරමේ අනූපමේය

මෙහෙවරක් සපුරාලූ " විද්‍යෝදය විභූෂන සාහිත්‍ය කලා

ශිරෝමනී, සුනිල් ආරියරත්න කුරුවිට

බන්ඩාර " නොහොත් සම්මානිත මහාචාර්‍ය සුනිල් ආරියරත්

නයන්ගේ අසමසම අදියුරු නෙතින් ශ්‍රී ලාංකේය

සිනමා වංශකතාව වෙතට තිළිණ වන අපරිමිත දාරක

ස්නේහයෙන්

නිර්මිත අභිවන්දනීය මාතෘත්වයේසිනමාත්මක ප්‍රතිරූපණය

යි " ගෞතම බුද්ධ මාතා ". 

එකල දඹදිව රාජ්‍යයේ කපිලවස්තු පුරයේ ශාක්‍ය වාංශික

සුදෝවුන් මහරජුට දාව දෙව්දහනුවර ශාක්‍ය වාංශික අග්‍ර

බිසොවුන් වූ තම එක කුස උපන් වැඩිමහල් සොහොයුරිය

වන මායාදේවිය දස මසක් කුස දරා මනු ලෝ තලයට

ජනිත කළ මහා බෝධිසත්ත්වයින් වහන්සේ හට උරුමවිය

යුතු මාතෘ ස්නේහයට අල්ප මාත්‍රයක්වත් අඩුවක් වන්නට

ඉඩ නොතබමින් දාරක ස්නේහය පරිපූර්ණ වශයෙන්ම දායාද

කෙරවූ මහාප්‍රජාපතී දේවියගේ ආදර්ශවත් ජීවන මංපෙතත්

එහි දැක්වෙන එක් සුවිශේෂී පරිඡ්චේදයක් විලසින්

භික්ෂුණී ශාසනය පිහිටුවීම

උදෙසා පුරෝගාමීත්වය සැලසීමත් සිනමාපටයේ

ප්‍රදාන ප්‍රස්තූතයන් ලෙසින් ගෙනහැර පාන්නට හැකියි. 

….. * විදේශීය රංගවේදීන් * …..

පාල්ගුනී ඛන්නා

අදිති සිං

තුෂාර් චිබ්බර්

හිමංෂි ජෛන්

කිම් ඩක් ජෝ

….. * ස්වදේශීය රංගනවේදීන් * …..

දිල්හානි ඒකනායක

අනුරාද මල්ලවආරච්චි

සම්පත් ජයවීර

ඉඳුවර සූර්‍යබන්ඩාර

නෙතූ ගම්ලත්

නිලූෂි පවන්‍යා

චානුක ප්‍රබුද්ධ

නිරෝෂන් විජේසිංහ 

ජයනි වීරසිංහ

ධනංජය සිරිවර්ධන 

ගෙවින් අභිෂේක්

ප්‍රියංකා සමරවීර

උදයන්ති කුලතුංග

ආශා එදිරිසිංහ 

සූර්‍යා දයාරුවන්

සරළා මිෂෙල් දිල්හාරා

හිරාන් යටෝවිට

කේ. ඒ. මිල්ටන් පෙරේරා

….. * ශ්‍රී ලාංකේය සිනමාලෝලීන් හට සිනමාපටය

නැරඹීමට විශේෂ හේතු * ……

1). බුදුන් වහන්සේගේ ජීවන පුවත,

බුදුදහමේ සෛද්දාන්තික සහ ප්‍රායෝගික අන්තර්ගතය සහ

බුදුදහම බිහිවීමේ ඓතිහාසික –

 තාක්ෂණික පසුබිම ආදිය කේන්ද්‍රකොටගෙන කෙතරම්

නාට්‍යරූපී සහ වාර්ථාමය සිනමාපටයන් මෙන්ම

ටෙලිමාලාවන් ද ලෝකයේ විවිද කාලවකවානුවල විවිද

භාෂාවන්ගෙන් විවිද ශෛලීන්ගෙන් නිපදවූවත් භික්ෂූණී

ශාසනය පිහිටුවීමත් එහි පුරෝගාමීත්වය සම්බන්ධයෙනුත්

ප්‍රශස්ථ කතිකාවක් මේ වනතෙක් හටගැන්වීමට උත්සුක

නොවීම. 

2). ගෝලීය සිනමා වංශකතාවේ සෑහෙන කලක සිට එකම

ආරක වූ වීරයා, පෙම්වතිය සහ දුෂ්ඨයා කේන්ද්‍ර කරගත්

තුන්කොන් ප්‍රේමයෙන් සම්පූර්ණයෙන්

වෙනස් මාතෘත්වය,පුහුදුන් දාරක

ස්නේහය, ස්ත්‍රීත්වය, මානව

දයාව ආදී මානව විද්‍යාත්මක කාරණාවන් ගොනුවක්

එකිනෙක මුහුකරමින් නිපදවුණු ඓතිහාසික –

 චරිතාපදාන ක්ෂානරයේසිනමාපටයකට දර්ශීය උදාහරණය

ක් වීම. 

3). වර්ථමානය වනවිට විද්‍යාව හා තාක්‍ෂණය කෙතරම්

උද්දීපනය වුවද ඉන් පැහැදිලි කළ නොහැකි

ස්වභාවධර්මයේ ක්‍රියාත්මක වන ඇතැම් යාන්ත්‍රණ

පිළිබඳ සිනමාරූපී කතිකාවතක් නිර්මාණය කිරීමට

උත්සාහ කිරීම.

4). සකලවිධ මනු සංතානයන්හි නෛසර්ගිකව පහළවන්නා

වූ නිරන්තරයෙන් වෙනසට බඳුන් වන්නා වූ අතිශය

සංකීර්ණ වූ අතිශය සියුම් වූ

මනෝභාවයන්  වනආලය, අනුකම්පාව, තණ්හාව, ඊර්

ෂ්‍යාව, කෝපය, විරහව, සාංඛාව, කාංසාව, සංතාපය, 

ත්‍රාසය, භීතිය, කුතුහලය, විනෝදය ආදිය 

මහත් සංයමයකින් යුතුව රිදී තිරය මත ප්‍රක්ශේපනය

කිරීමට උත්සාහ කිරීම

5). සෑම රූප රාමුවකම වාගේ මිනිස් ඇසට මෙන්ම

මනසට ද සුන්දරත්වයක් මෙන්ම ප්‍රභාවක් එකතුකිරීමට

සමර්ථ වන දර්ශන තලයන් රැසක රූගත කර ඇති

මෙම සිනමාපටයේ පසුතල, රංගවස්ත්‍ර හා රංගභාන්ඩ

පාරිසරික සාධකවලට ගැළපෙන පරිදි

නිර්මාණය කිරීම හා තේමාවට උචිත අයුරින් සංගෘහිත

කරවීම. 

6). ඉන්දීය ටෙලිකතා මාලාවන් තුළ ප්‍රතිභාපූර්ණ

රංගකෞශල්‍යයන් විදහාපාන රංගන ශිල්පීන් සහ රංගන

ශිල්පිනියන්ගේ ලාලිත්‍යසාරී

සෝබමාන නර්තනාංගයන්හෙලවුඩ් සිනමාවේ මියුරු මියැසි

රාව නංවන ගීත රචකයින්, ගායකයින් සහ සංගීත

නිර්මාපකයින් කිහිප

දෙනෙකුගේමශ්‍රම දායකත්වය සමඟින් සරිලන අයුරින්

අතිඡ්ඡාදනය කරමින් සංගීතකාමී ශ්‍රී

ලාංකේය ප්‍රේක්ෂකයන් කුල්මත් කරවීමට සමර්ථ වූ රස

නිෂ්පත්තියෙන් අනූන ගීත මාලාවක්ඇතුළත් කර තිබීම.

7). විදේශීය චිත්‍රපටවල දක්නට ලැබෙන ඉහළ ගුණාත්මක

භාවයෙන් යුතු ක්‍රියාදාම දර්ශන ඇතුළත් කරතිබීම හා

ඒවායේ තාත්වීකරණය ඉහළ නැංවීමේ

අරමුණින්   අධිතාක්ෂනික විශේෂ දෘශ්‍ය

ප්‍රයෝග සකසුරුවම්ව ඇතුළත් කරතිබීම. 

…..* නිෂ්පාදන කාර්‍ය මණ්ඩලය * …..

තිර රචනය, සංවාද රචනය, ගේය කව්‍ය රචනය

සහ අධ්‍යක්ෂණය |

සම්මානිත මහාචාර්‍ය සුනිල් ආරියරත්න 

නිෂ්පාදනය | තිලංග සුමතිපාල 

රේඛීය නිෂ්පාදනය | අනූෂා ධර්මදාස

කැමරා අධ්‍යක්ෂණය | චන්න දේශප්‍රිය

සංස්කරණය | තිස්ස සුරේන්ද්‍ර

කලා අධ්‍යක්ෂණය | මංජුල අයගම

සංගීත අධ්‍යක්ෂණය | ආචාර්‍ය රෝහණ වීරසිංහ

සහය අධ්‍යක්ෂණය | විමල් දේශප්‍රිය

නිෂ්පාදන කළමනාකරණ | නිමල් විජේසිරි සේනාධීර

රංග වස්ත්‍ර | රමේෂා ඔෂිනි

කේෂාලංකාරය | හරූන් ෂයිඩීන්

අංග රචනය | ප්‍රියන්ත දිසානායක 

විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අධ්‍යක්ෂණය | සමින්ද

වතවනවිතානගේ, බුද්ධික විජේරත්න, 360 productions

නාද සැලසුම්කරණය | සසික රුවන් මාරසිංහ (ජාතික

චිත්‍රපට සංස්ථා ශබ්දාගාරය)

නර්තන අධ්‍යක්ෂණය | චන්දන වික්‍රමසිංහ

දෙවන සහය අධ්‍යක්ෂණය | සමිත් බෝධිපක්ෂ

තෙවන සහය අධ්‍යක්ෂණය | වත්සලා සමරකෝන්

නිෂ්ඡල ඡායාරූප | ධම්මික පතිරත්න

වර්ණ සංයෝජනය | අසංක වික්‍රමසිරි

ගිත ගායනය | කාංචනා අනුරාධි

ආදිත්‍යා වැලිවත්ත

අංජලී හේරත්

සංචලී රත්නායක

තනුර මධුගීත්

" ගෞතම බුද්ධ මාතා "

සිනමාපටය තම කුළුඳුල් සිනමා නිමැවුම  බවට පත්කොට

ගනිමින් පුරා දශකයන් හතක් ඉක්මවූ හෙලවුඩ්

සිනමා වංශකතාවේ නිෂ්පාදක භූමිකාවට පිළිපන් තිලංග 

සුමතිපාල නම් නිහතමානී සොඳුරු කලාලෝලියානන් හට

හෙලවුඩයේ දීප්තිමත් හෙටක් අපේක්ෂා කරන්නා

වූ සුවහසක් දේශීය

හා විදේශීය   සිනමාලෝලීන්ගේ  මනදොළ පිනවීමටත් ඔවු

න්ගේ බුද්දිය අවධි කිරීමටත් මතු අනාගතයේදීද ඉඩ

ප්‍රස්ථාව උදාවේවායි එක සිතින් පතන්නෙමු.

සැකසුම | හිරාන් ගමගේ

YouTube හි මුදල් උපයන්නේ කෙසේද

YouTube සරල වීඩියෝ දැමීම එකම වේදිකාවක සිට ලොව පුරා නිර්මාණකරුවන් සඳහා

ලාභදායී ආදායම් මාර්ගයක් බවට පරිවර්තනය කර ඇත. ඔබට ක්‍රීඩා කිරීම, අධ්‍යාපනය,

විලාසිතා හෝ වෙනත් ඕනෑම ස්ථානයක් ගැන දැඩි උනන්දුවක් දක්වන්නේ නම්, YouTube

හි ඔබේ අන්තර්ගතය මුදල් බවට පත් කිරීම සදහා විවිධ ක්‍රම ඉදිරිපත් කර ඇති අතර,

පසුගිය කලාපයේ කොටස්ද ඇතුලත්ව YouTube හි මුදල් උපයන්නේ කෙසේද යන්න

පිළිබඳ සවිස්තරාත්මක මාර්ගෝපදේශයක් මෙන්න.

1. YouTube Partner Program (YPP)

දැන්වීම් හරහා ඔබේ වීඩියෝ මුදල් ඉපැයීම මෙය මගින් සිදු කළ හැකිය, ඔබ YouTube

partner program (YPP) සමගින් සම්බන්ධ වීම සදහා සුදුසුකම් ලැබීමට, ඔබ කළ යුත්තේ:

අවම වශයෙන් ග්‍රාහකයින් ( Followers )1,000 ක් වත් තබා ගන්න

පසුගිය මාස 12 තුළ නැරඹුම් පැය (watch hours) 4,000 ක් හෝ පසුගිය දින 90 තුළ

YouTube කෙටි බැලීම් (short Views) මිලියන 10 ක් රැස් කරන්න

සියලුම YouTube මුදල් ඉපැයීමේ ප්‍රතිපත්තිවලට (Youtube Guideline) අනුකූල වන්න

ඔබගේ Google ගිණුමේ දෙපියවර සත්‍යාපනය ( 2 Factor Authentication )සබල (Active)

කරන්න

අනුමත වූ පසු, ඔබට ඔබේ වීඩියෝවල ප්‍රදර්ශනය වන YouTube දැන්වීම් (ads) හරහා

ආදායම් ඉපයීම ආරම්භ කළ හැක.

2. දැන්වීම් ආදායම සබල කරන්න (ad revenue active )

ඔබ YPP හි කොටසක් වූ පසු, ඔබේ වීඩියෝවලට පෙර, අතරතුර හෝ පසුව ප්‍රදර්ශනය

කෙරෙන වෙළඳ දැන්වීම්වලින් ඔබට මුදල් ඉපයිය හැක. ඔබගේ ඉපැයීම් නරඹන්නන්ගේ

(watching), නැරඹුම් කාලය, සහ දැන්වීම් නියැලීම වැනි සාධක මත රඳා පවතී. ඔබේ

අන්තර්ගතය වඩාත් ආකර්ශනීය වන තරමට, සැලකිය යුතු දැන්වීම් ආදායමක් ඉපැයීමේ

ඔබේ අවස්ථා වැඩි වේ.

3. නාලිකා සාමාජිකත්වය (Channel Subscription )

YouTube සුදුසුකම් ලත් නිර්මාපකයින්ට (Creators) ඔවුන්ගේ ග්‍රාහකයින්ට (Followers)

නාලිකා සාමාජිකත්වය පිරිනැමීමට ඉඩ දෙයි. මාසික ගාස්තුවක් ගෙවීමෙන්,

සාමාජිකයින්ට සුවිශේෂී ලාංඡන, ඉමෝජි සහ විශේෂ අන්තර්ගත වැනි වරප්‍රසාද ලැබේ.

ඔබේ විශ්වාසවන්ත ප්‍රේක්ෂකයන්ගෙන් ස්ථාවර ආදායමක් උපයා ගැනීමට මෙය හොඳ

ක්‍රමයකි.

4. සුපිරි කතාබස් සහ සුපිරි ස්ටිකර් (Stickers)

සජීවී ප්‍රවාහකයන්ට සුපිරි කතාබස් සහ සුපිරි ස්ටිකර් හරහා ඔවුන්ගේ අන්තර්ගතයෙන්

මුදල් ඉපැයීමට හැකිය. සජීවී ( Live )කතාබහක් අතරතුරදී ඔවුන්ගේ පණිවිඩ උද්දීපනය

කර ගැනීමට නරඹන්නන්ට ගෙවිය හැකිය, එය නිර්මාපකයින්ට තථ්‍ය කාලීනව( Real time

) තම ප්‍රේක්ෂකයින් සමඟ සම්බන්ධ වෙමින් උපයා ගැනීමට උපකාරී වේ.

5. YouTube කෙටි අරමුදල්

කෙටි ආකෘති (Short Content) අන්තර්ගතයේ ඉහළ යාමත් සමඟ,කෙටි වීඩියෝ (short

video )සඳහා නිර්මාපකයින්ට ත්‍යාග පිරිනැමීම සඳහා යූ ටියුබ් යූ ටියුබ් කෙටි අරමුදල

හඳුන්වා දුන්නේය. ඔබේ Shorts සැලකිය යුතු බැලීම් සහ නියැලීමක් ලබා ගන්නේ නම්,

ඔබ තවමත් YPP හි නොමැති වුවද, ඔබට YouTube හි අරමුදල්වලින්( Revenue

)කොටසක් ලබා ගත හැක.

6. අනුබද්ධ අලෙවිකරණය ( affiliate marketing )

අනුබද්ධ අලෙවිකරණය යනු YouTube හි මුදල් ඉපයීමට තවත් විශිෂ්ට ක්‍රමයකි. ඔබේ

වීඩියෝවල නිෂ්පාදන හෝ සේවා ප්‍රවර්ධනය කිරීමෙන් සහ ඔබේ විස්තරයේ අනුබද්ධ

සබැඳි ඇතුළත් කිරීමෙන්, ඔබට ඔබේ යොමු සබැඳිය හරහා කරන සෑම විකිණීමකටම

කොමිස් මුදලක් උපයා ගත හැක.

7. අනුග්‍රහය දක්වන අන්තර්ගත සහ සන්නාම ගනුදෙනු ( Sponsored ads and Branding)

බොහෝ සමාගම් තම නිෂ්පාදන හෝ සේවා ප්‍රවර්ධනය කිරීම සඳහා යූ ටියුබ්කරුවන්ට

ගෙවීමට කැමැත්තෙන් සිටිති. ඔබට හොඳ අනුගාමිකයන් ප්‍රමාණයක් සිටී නම්, වෙළඳ

නාම සහයෝගිතා සඳහා ඔබ වෙත ළඟා විය හැකිය, නැතහොත් ඔබට ඔබේ

අන්තර්ගතය සමඟ සමපාත වන වෙළඳ නාම වෙත ළඟා විය හැකිය. අනුග්‍රහය දක්වන

අන්තර්ගතය ඉතා ලාභදායී විය හැකි අතර බොහෝ විට දැන්වීම් ආදායමට (ad revenue )

වලට වඩා වැඩි මුදලක් ගෙවයි.

8. ඔබේම නිෂ්පාදන හෝ සේවා විකුණන්න (your products and services)

ඔබට පුද්ගලික සන්නාමයක් ( brand name) තිබේ නම්, ඔබට ඔබේ YouTube නාලිකාව

හරහා වෙළඳ භාණ්ඩ, මාර්ගගත පාඨමාලා (Online Course ), හෝ ඩිජිටල් නිෂ්පාදන (

Digital Products ) වැනි ඔබේම නිෂ්පාදන අලෙවි කළ හැක. බොහෝ සාර්ථක යූ

ටියුබ්කරුවන් ඔවුන්ගේ ආදායම් මාර්ග විවිධාංගීකරණය කිරීම සඳහා තමන්ගේම ඇඳුම්

පේළි, පොත්පත් හෝ පුහුණු වැඩසටහන් දියත් කරයි.

9. සමූහ අරමුදල් සැපයීම සහ පරිත්‍යාග

ඔබට ඔබේ නරඹන්නන්ගෙන් පරිත්‍යාග ලබා ගැනීමට Patreon, Buy Me a Coffee, හෝ

වෙනත් සමූහ අරමුදල් වේදිකා පිහිටුවිය හැක. අධ්‍යාපනික, නිකේතන හෝ කලාත්මක

අන්තර්ගතයන් නිෂ්පාදනය කරන නිර්මාණකරුවන්ට මෙය විශේෂයෙන් ප්‍රයෝජනවත්

වේ.

10. YouTube වාරික ආදායම ( Youtube premium )

YouTube Premium පරිශීලකයින්ට මාසික දායක ගාස්තුවක් සඳහා දැන්වීම් නොමැතිව

වීඩියෝ නැරඹීමට ඉඩ සලසයි. නිර්මාපකයෙකු ලෙස, Premium සාමාජිකයින් ඔබේ

අන්තර්ගතය නරඹන ප්‍රමාණය මත පදනම්ව ඔබ ආදායමෙන් කොටසක් උපයා ගනී.

නිගමනය

YouTube හි මුදල් ඉපැයීමට කාලය, උත්සාහය සහ ස්ථාවරත්වය අවශ්‍ය වේ. බහුවිධ

මුදල් ඉපැයීමේ උපාය මාර්ග භාවිතා කිරීමෙන්, ඔබේ ප්‍රේක්ෂකයින් සමඟ සම්බන්ධ

වීමෙන් සහ උසස් තත්ත්වයේ අන්තර්ගතයන් නිර්මාණය කිරීමෙන්, ඔබට YouTube

තිරසාර ආදායම් මාර්ගයක් බවට පත් කළ හැකිය. ඔබ ආධුනිකයෙක් හෝ පළපුරුදු

නිර්මාපකයෙක් වුවද, සාර්ථකත්වයේ යතුර වන්නේ නිරන්තරයෙන් වෙනස් වන ඩිජිටල්

භූ දර්ශනය තුළ නොනැසී පැවතීම සහ අනුවර්තනය වීමේ හැකියාවයි.

අදම ආරම්භ කරන්න, ස්ථාවරව සිටින්න, සහ ඔබේ නාලිකාව ලාභදායී ව්‍යාපාරයක්

දක්වා වර්ධනය වන ආකාරය නරඹන්න!

(BSc Honors. In Computer Science, Social Media Strategists,Dip in HRM,Dip in Finance

Management, Dip in Production Management, Dip in Sales Management )

076 2209299

www.dilshanmanujaya.com

Q20 with අමා Dulanja Dilshan

ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ විකාශනය වි ඉතා මෑතකදි නිමාවට පත්වු සල්ලි පොකුරු ටෙලිනාට්‍යයෙහි ලැම්බට්ගේ චරිතය අති සාර්ථක ලෙස පන පෙවු රංගන ශිල්පියා ඔබට මතකද? එහෙම නැතිනම් නාඩගම්කාරයෝහි මන්ත්‍රීතුමා, සුසුම් රස්තියාදුවෙහි අසේල, අග්නිපියාපත් හි විමලේ මෙන්ම සකර්ම ටෙලිනාට්‍යය වැනි පුංචි තිරයෙහි ජනප්‍රියත්වයේ හිනි පෙත්ත තෙක් ගමන් කල නිර්මාණය බොහෝමයක ඔහු රංගනයෙන් දායක වුනා. මෙම දිනවල ස්වාධීන රූපවාහිනි නාලිකාවෙහි විකාශනය වන සසංකාර ටෙලි සිත්තම ආදරයෙන් නරඹන ඔබට නම් ඔහු ලෙස්ලි නේද? දිර්ඝ කාලයක් පුරාවට වේදිකා නාට්‍යය, ජනප්‍රිය ධාරවේ ටෙලිනාට්‍යය සහ කෙටි චිත්‍රපට තුලින් තම චරිතාංග රංගන හැකියාව මනාවට පෙන්වමින් සහ රංගන විෂය පරිපථය තුල පරිණත වෙමින් ප්‍රේක්ෂක අප සිත්තුල සදා නොමැකෙන මතක එකතු කල දුලාංජ ඩිල්ෂාන් ආදරණීය රංගනවේදියා Q20 with අමා සමග කෙරුණු කතා බහ කියවන්නට අපි Magazine පාඨක ඔබටයි මේ ආරාධනාව…

1 ඔබ සැබෑ කර ගන්න හීන දකින දෙයක්

විදේශීය චිත්‍රපටියක රංගනයෙන් දායක වීම

2 දවසක් තුල ඔබ අනිවාර්යයෙන් කරන දේවල් 3 ක්

සතුටින් ඉන්නවා, ආදරය කරනවා, විනෝද වෙනවා

3 ඔබ ලග නිතරම තියන දෙයක්

සතුට

4 ඔබ නිතරම මුමුණන ගීතයක්

තව දවසක් හමු වී…

5 ඔබේ විනෝදාංශවලින් එකක්

ක්‍රිකට් ක්‍රිඩා කිරිම

6 විලාසිතා ගැන ඔබේ ඇල්ම

සුළු වශයෙන්

7 ඔබ විවේක කාලය ගත කරන්න කැමති විදිය

ක්‍රිකට් ක්‍රිඩා කරන්න

8 Me time ද යාළුවෝ එකක් සවාරියක්ද

යාළුවෝ එකක් සවාරියක්

9 ඔබ නිවාඩුවකට යන්න කැමතිම විදේශිය රට

ඕනේම රටකට යන්න කැමතියි

10 ඔබ නැවත කියවන්න කැමති පොතක්

නිල් කටරොලු මල්

11 ඔබේ ආහාර රටාවෙන් ආදර්ශයක්

ආදර්ශයක් දිය හැකි අයුරින් නිවැරදිව පවත්වාගෙන යන්නෙ නැහැ

12 ඔබ රගපාන්න කැමතිම තාමත් නොලැබුන චරිතයක්

එහෙම චරිතයක් නැහැ

13 ප්‍රේක්ෂක ආදරය හිතට දැනුන දවසක්

ජුනි 29

14 වේදිකාව, ටෙලිනාට්‍යය, චිත්‍රපට ඔබ වඩාත් ප්‍රිය තුනටම කැමතියි

15 ඔබ ගැන හිතට එකගව කතා කරන්න පුලුවන් කෙනෙක් 

මම ආදරය කරන කෙනා

16 ඔබේ ආදරය ගැන වචනයක්

තමන්ට තමන් විදියට ඉන්න ඉඩදීම

17 ඔබ ගැන ප්‍රේක්ෂක අප නොදන්න දෙයක්

මගේ වයස 32 යි

18 අනාගතයේදි ඔබ ඔබව දකින්නට කැමති විදිය

සතුටින්, සැහැල්ලුවෙන්, විනෝදයෙන්

19 ඔබේ ජිවිතයෙන් සමාජයට ආදර්ශයක්

පුළුවන් හැම මොහොතකම සතුටින් අවංකව ජිවත් වෙන්න

20 ඔබේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පණිවිඩයක්

මම ඔයාලට හරි ආදරෙයි
අමා නාකන්දලගේ