ලෝකයේ පොදු ප්‍රවාහන ගාස්තු වැඩිම නගරය ලන්ඩන්

මේ වන විට ලෝකයේ පොදු ප්‍රවාහන ගාස්තු මිළ අධිකම නගරය ලන්ඩන් බව නිළ වශයෙන් තහවුරු වී තිබේ. පසුගිය මාර්තු 2 දා සිට ලන්ඩන් Underground ගාස්තු හා ජාතික දුම්රිය සේවයේ ගාස්තු 4.6% කින් ඉහළ ගිය අවස්ථාවේ සිට ලන්ඩන් නගරයට මෛ අනවශ්‍ය කිරුළ දිනා ගැනීමට හැකිවී තිබේ. ගාස්තු වල නව වැඩි වීමත් සමග Zone 1 තුල එක්වරක් පමණක් ගමන් කිරීමේ ගාස්තුව පවුම් 2.80 සිට 2.90 දක්වා ඉහළ ගොස් තිබේ. Zone 1 හා 2 අතර දෛනික ගාස්තුව පවුම් 8.50 සිට 8.90 දක්වා පෙන්ස 40 කාන් වැඩි වී තිබේ.

ලෝකයේ අනෙක් ප්‍රධාන නගර හා සැසදීමේදී සමහර තනි ගාස්තු ලන්ඩන් නගරයට වඩා වැඩි උවද සමස්ථයක් ලෙස සැලකීමේදී එම සියළු නගර වල උමං දුම්රිය ගාස්තු ලන්ඩන් වලට වඩා පහළ අගයක පවතී. උදාහරණයක් ලෙස ජර්මනියේ බර්ලින් නගරයේ Zone 1 තුල තනි ගමනක් සදහා ගාස්තුව පවුම් 3.14 කි. එහෙත් දුම්රිය ස්ථාන තුනක් දක්වා එහි ඉතා අඩු මිළක් පවතින අතර බර්ලින් නගරයේ පැය 24 ක් වලංගු ටිකට් පතද ලන්ඩන් ගාස්තුවට වඩා අඩු අගයක් ගනී.

පැරිස් නගරය හා සැසදීමේදීද එහි සියළු කලාප ආවරණය වන ටිකට් පතක මිළ ලන්ඩන් හී Zone 1 හා 2 අතර ටිකට් පතට වඩා පවුම් 1 ක් පමණක් වැඩිවේ. ඇමරිකාවේ වොෂින්ටන් නගරයේද තනි ගමන් ගාස්තුව ලන්ඩන් ගාස්තුවට වඩා බොහෝ මිළ අඩු වේ. පැරණි මිළ ගණන් අනුව Zone 5 හි ජීවත් වන එහෙත් Zone 1 හී කාර්යාලයීය රැකියාවක් කරන පුද්ගලයෙකු දිනපතා යෑමට ඒමට පමණක් පවුම් 10.20 ක් වියදම් කල අතර නව මිළ යටතේ ඔවුන් පවුම් 10.70 ක් පමණ වියදම් කල යුතු වේ. එය සාමාන්‍ය පුද්ගලයෙකුට දරාගත නොහැකි මිළ වැඩිවීමක් වේ.

නව ගාස්තු වැඩිවීම පිළිබදව ලන්ඩන් හී ජීවත් වන්නන් සිය අප්‍රසාදය දැඩිව ප්‍රකාශ කරමින් සිටී. පොදු ප්‍රවාහන සේවාවන් වල ගුණාත්මක බවද දිනපතා නරක අතට හැරෙමින් පවතින අතර තුර මෙලෙස ගාස්තු වැඩි කිරීම කිසිසේත්ම අනුමත කල නොහැකියයි ඔවුන්ගේ අදහස වී ඇත. මෙවැනි ගාස්තු ඉහළ යාම් සමග ජනතාව රැකියාවට හා සාප්පු සවාරි සදහා ලන්ඩන් නගරයට පැමිණීමට මැලිකමක් දක්වනු ඇතැයි ඔවුන්ගේ අදහස වී තිබේ. කෙසේ වෙතත් ගාස්තු වැඩිවීම ගැන අදහස් දක්වන ලන්ඩන් නගරාධිපතිවරයා කියා සිටින්නේ වැඩිවූ ගාස්තු හරහා ලැබෙන ආදායම් අරමුදලකට බැර කර පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සදහා අනාගතයේචී ආයෝජනය කරන බවයි.

ලන්ඩන් Underground ගාස්තු හා දුම්රිය ගාස්තු ඉහළ ගියද බස් ගාස්තුව තවමත් පැවති මට්ටමේම රදා පවතී. ඒ අනුව තවදුරටත් ලන්ඩන් බස් ගාස්තුව පැයක් සදහා පවුම් 1.75 ක් වේ. බස් ගාස්තුව 2016 වසරේ සිටම එක් වරක් පමණක් ඉහළ ගිය අතර ඒ මගින් අඩු ආදායම්ලාභීන්ට පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට ඇති අයිතිය ලබා දී තිබේ. පෞද්ගලික මෝටර් රථ භාවිතා කරමින් ලන්ඩන් නගරයට පැමිනීමද ඉතාම මිළ අධික වන අතර මෝටර් රථ ලන්ඩන් නගරයට ඇතුළු කිරීමට විවිධ සීමාවන් පනවා තිබේ. මේ ආකාරයට දිනපතා ලන්ඩන් නගරය ලෝකයේ ජීවත්වීමට මිළ අධිකම නගරය බවට පත්වෙමින් තිබේ

තිලාන් ජයසේකර 

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය අර්බුදයට IMF දිගුකාලීන විසඳුමක් විය හැකිද?

ශ්‍රී ලංකාව මෑත වසරවලදී දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති අතර, ප්‍රධාන වශයෙන් අධික ණය ගැනීම්, දුර්වල මූල්‍ය කළමනාකරණය සහ COVID-19 වසංගතය වැනි බාහිර ගැටලු හේතුවෙන්. 2022 දී රට බංකොලොත් බව ප්‍රකාශ කළ අතර, එහි දැවැන්ත විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි විය. මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා, ශ්‍රී ලංකාව මූල්‍ය ආධාර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යොමු විය. කෙසේ වෙතත්, ප්‍රධාන ප්‍රශ්නය ඉතිරිව පවතී: ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සඳහා IMF හට දිගුකාලීන විසඳුමක් ලබා දිය හැකිද?

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය අර්බුදයට හේතුව අධික ණය ගැනීම්, විදේශ සංචිත පහත වැටීම, දුර්වල ආර්ථික ප්‍රතිපත්ති, COVID-19 වසංගතය සහ දේශපාලන අස්ථාවරත්වය ඇතුළු බහුවිධ සාධක ය. අනුප්‍රාප්තික රජයන් යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා චීනය, ඉන්දියාව සහ ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ණය දෙන්නන්ගෙන් විශාල ණය ලබා ගත්හ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ විදේශ සංචිත තියුනු ලෙස පහත වැටුණු අතර, ඉන්ධන, ඖෂධ සහ ආහාර වැනි අත්‍යවශ්‍ය ආනයන සඳහා ගෙවීම දුෂ්කර විය. ඊට අමතරව, බදු කප්පාදු, ඉහළ රජයේ වියදම් සහ දුර්වල ආදායම් එකතු කිරීම වර්ධනය වන අයවැය හිඟයට දායක විය.  වසංගතය හේතුවෙන් ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක අංශය බිඳ වැටුණු අතර, එය විදේශ ඉපැයීම් අඩුවීමට හේතු වූ අතර, විරෝධතා සහ නිතර සිදුවන රජයේ වෙනස්කම් ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් දුර්වල කළේය. උද්ධමනය ඉහළ ගිය අතර, බොහෝ පුරවැසියන්ට මූලික අවශ්‍යතා දැරිය නොහැකි වූ අතර, මුදල් අවප්‍රමාණය වීම ආර්ථික තත්ත්වය තවත් නරක අතට හැරුණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට උපකාර කිරීම සඳහා IMF 2023 මාර්තු මාසයේදී ඩොලර් බිලියන 2.9 ක ඇපකර පැකේජයක් අනුමත කළේය. රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා බදු ප්‍රතිසංස්කරණ, අනවශ්‍ය රජයේ වියදම් අඩු කිරීම, ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම සහ පොලී අනුපාත අඩු කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම, විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ දූෂණය අඩු කිරීම මගින් පාලනය ශක්තිමත් කිරීම සහ ආයෝජකයින් ආකර්ෂණය කර ගන්නා සහ ආර්ථික වර්ධනය වැඩිදියුණු කරන ප්‍රතිපත්ති දිරිමත් කිරීමෙන් විදේශ ආයෝජන ඉහළ නැංවීම වැනි දැඩි කොන්දේසි සමඟ මූල්‍ය ආධාර ලැබුණි. ඊට අමතරව, රජයට රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ඇති බලපෑම අවම කිරීම සඳහා සමාජ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ උද්ධමනය පාලනය කිරීමට සහ මුදල් ස්ථාවර කිරීමට මුදල් ප්‍රතිපත්ති හඳුන්වා දීම අවශ්‍ය විය.

IMF ණය බෙහෙවින් අවශ්‍ය කෙටි කාලීන සහන සපයන අතර, එය ස්ථිර විසඳුමක් නොවේ. ශ්‍රී ලංකාව ආදායම වැඩි නොකර ණය ගැනීම දිගටම කරගෙන ගියහොත්, එය තවත් ණය අර්බුදයකට ඇද වැටිය හැකිය.  බදු ඉහළ යාම සහ සහනාධාර අඩු කිරීම අඩු ආදායම්ලාභී කණ්ඩායම් මත බර පැටවිය හැකි අතර එය සමාජ නොසන්සුන්තාවයට හේතු විය හැක. IMF නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් දේශපාලන කැමැත්තක් සහ ස්ථාවර ප්‍රතිපත්ති අවශ්‍ය වන අතර ගෝලීය උද්ධමනය සහ භූ දේශපාලනික ආතතීන් වැනි සාධක ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට බලපෑ හැකිය. එපමණක් නොව, සමහර විචාරකයින් තර්ක කරන්නේ IMF විසින් පනවන ලද කප්පාදු පියවර ආර්ථික වර්ධනය මන්දගාමී කළ හැකි බවත්, එය යථා තත්ත්වයට පත්වීම තවත් අභියෝගාත්මක කරන බවත්ය.

IMF හට පමණක් දිගුකාලීන විසඳුමක් ලබා දිය නොහැක. ශ්‍රී ලංකාව තිරසාර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට නම්, සංචාරක ව්‍යාපාරය මත යැපීම අඩු කිරීමෙන් සහ නිෂ්පාදන හා තාක්ෂණ අංශවල අපනයන වැඩි කිරීමෙන් තම ආර්ථිකය විවිධාංගීකරණය කළ යුතුය. විනිවිද පෙනෙන මූල්‍ය කළමනාකරණය සහතික කිරීමෙන් සහ දූෂණය අඩු කිරීමෙන් රට පාලනය වැඩිදියුණු කළ යුතුය, ස්ථාවර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමෙන් පෞද්ගලික ආයෝජන දිරිමත් කළ යුතුය, කාර්යක්ෂම බදු ප්‍රතිපත්ති හරහා දේශීය ආදායම් උත්පාදනය ශක්තිමත් කළ යුතුය, සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහාය වීම සඳහා සමාජ ආරක්ෂාව වැඩි කළ යුතු අතර ආර්ථික ප්‍රතිසංස්කරණවල ඍණාත්මක බලපෑම අවම කළ යුතුය. ඊට අමතරව, ආනයන මත යැපීම අඩු කිරීම සහ ස්වයංපෝෂිතභාවය වැඩි කිරීම සඳහා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ දේශීය කර්මාන්ත වැඩිදියුණු කිරීම කෙරෙහි රජය අවධානය යොමු කළ යුතුය. දිගුකාලීන ආර්ථික වර්ධනයක් ඇති කළ හැකි වඩාත් තරඟකාරී ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සහ කුසලතා සංවර්ධන වැඩසටහන් ප්‍රමුඛත්වය දිය යුතුය.

 ශ්‍රී ලංකාවේ ණය අර්බුදය යනු IMF ආධාරවලට අමතරව දිගුකාලීන උපාය මාර්ග අවශ්‍ය වන සංකීර්ණ ගැටලුවකි. IMF ඇපකරය ක්ෂණික මූල්‍ය ස්ථාවරත්වයක් ලබා දෙන අතර, තිරසාර ආර්ථික ප්‍රකෘතිය රඳා පවතින්නේ ශක්තිමත් පාලනය, වගකිවයුතු මූල්‍ය ප්‍රතිපත්ති සහ ආර්ථික විවිධාංගීකරණය මත ය. වඩාත් ඔරොත්තු දෙන සහ ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ රජය සහ ජනතාව එක්ව කටයුතු කළ යුතුය. පුළුල් ආර්ථික සැලසුම්කරණය, විනිවිද පෙනෙන පාලනය සහ ඇතුළත් සංවර්ධනය තුළින් පමණක් ශ්‍රී ලංකාවට අනාගත මූල්‍ය අර්බුද වළක්වා ගත හැකි අතර කල් පවතින ආර්ථික සමෘද්ධියක් අත්කර ගත හැකිය.

පවිත්‍රා රණතුංග

8 වන වසර සමරන වේල්ස්අපි

බ්‍රිතාන්‍යයේ, සුන්දර යේල්සය කියන්යන් ශ්‍රි ලාාංකිකයන්යේ ආදරය දින්‍ා ගත්

බහුතරයක් ශ්‍රී ලාාංකිකයන් ජීවත් වන්‍ සුන්දර රටක්. ඉතාං Api Magazine අද යේ

හරවත් කතා බහ දිග හැයරන්යන් යේල්සය කිේවම ශ්‍රී ලාාංයක්ය අපට කතා

යන්‍ාකර ඉන්න්‍ම බැරි යේල්සයේ පැරණිම සහ විශාලතම ශ්‍රී ලායක්ය එකමුතුව

ගැන්‍. ඉතාං දැන් ඔබට විවිධ අදහස්හිතට එන්න්‍ පුලුවන්. ඔබ අප සමග එකග

න්‍ේ, ඔබට මතක් විය යුත්යත් එකම න්‍මක්, ඒ අපි කවුරුත් දන්න්‍ යේල්සයේ

ප්‍රථම ශ්‍රී ලාාංකිය එකමුතුව යන්‍ායහාත් යේල්ස්අපි සාංවිධාන්‍ය.

අපි අද දවයස්යේ කතාබහ දිගහරින්න්‍ට යහ්තුවක් තයයන්‍වා. හරි අපි ඒ ගැන්‍

කියන්න්‍ කලින් යේ සාංවාදය සදහා අද දවයස්සේබන්ධ කර ගන්න්‍වා යේල්ස්

අපි සාංවිධාන්‍ය නිර්මාණය කරන්න්‍ට හා එය යේ දක්වා යමයහයවන්න්‍ට

කටයුතු කල ප්‍රජා නියයෝජිතයන් කිහිප යදයන්‍ක්.

සාංවාදය යමතැනින් ආරේභ කයලාත්……..

01. ඇත්තටම ඇයි යේල්සයේ ශ්‍රී ලාාංකිකයන් යවනුයවන් යේල්ස්අපි කියන්‍

න්‍මින්ම සාංවිධාන්‍යක් නිර්මාණය වුයන්, ඒකට වියශ්ෂ යහ්තුවක් තයයන්‍වද?

ඔේ, යහාද ප්‍රශ්ණයක්, යහාද ආරේභයක්. යේල්සයේ 2016 වසර වයේ

කාලයක ජීවත් වුන්‍ ශ්‍රී ලාාංකිකයන් බහුතරයක් තමන්යේ දදනික කටයුතු

කරයගන්‍ යද්දදි විවිධ ගැටලු බාධක රැසකට මුහුණ දුන්න්‍ා. ඒ අවස්ථායේදී අපි

යේ යේල්ස් අපි කියල සමූහන්‍ය යවන්න්‍ ඕන්‍, අපි අයේ මිනිසුන්ට උදේ

යවන්න්‍ ඕන්‍ කියන්‍ අහිාංසක අරමුණින් සාමුහික යවන්න්‍ හිතුවා. ඒ සදහා

අනුශාසන්‍ා ලැබුයන් අපයේ බ්‍රිස්ටල් විහාරධිපත, පැල්වත්යත් ධේමාන්‍න්ද

හිමි, අයේ ගරුතර න්‍ායක ස්වාමීන් වහන්යස්යගන්. ඒ අනුශාසන්‍ා, උපයදස්

ඇතව අපි 2016 වර්ෂයේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් යේල්ස් අපි

සාර්ථකව සාංවිධාන්‍ය කලා. ඉතාං ඒ ගත්ත ආරේභය තවදුරටත් සාර්ථක

යවමින් යේල්සයේ අගන්‍ගරය Cardiff යක්න්ර කරගනිමින් 2017 මාර්තු 12

යේල්ස් අපි වට්ස් ඇේ සමූහය එලිදක්වන්න්‍ත් ඒ සමගම යේල්ස් අපි

සාංවිධාන්‍ය නිර්මාණය කරන්න්‍ටත් අවස්ථාව ලැබුන්‍ා.

2. යේල්ස්අපි සාංවිධාන්‍ය ගැන්‍ ප්‍රජාව තුල තයයන්යන් යමාන්‍ වයේ අදහසක්

ද? ඒ ගැන්‍ යකටියයන් විස්තර කයලාත්….

ඇත්තටම ප්‍රජාව තුල විවිධ මත තයයන්න්‍ පුලුවන්, යමාකද අද වන්‍ විට

යේල්සයට ආපු ප්‍රජාව විශාලයි. ඒ හැම යකයන්‍ක්ම තවමත් අපි සමග

සේබන්ධ යවලා න්‍ැතව ඇත කියලයි අයේ අදහස. ඉතාං ප්‍රජාවක් විදිහට

යේල්සයේ ජීවත් යවද්දදි ඇතවන්‍ ගැටලු, අවශයතා, උවමන්‍ාවන් වයේම

අනිකාට උදේ කරන්න්‍ත් පිටිවහලක් යවන්න්‍ත් යේල්ස්අපි සාංවිධාන්‍යට හැකි

වුන්‍ා. ඒ වයේම ප්‍රජා සාමුහිකත්වය, ශ්‍රී ලාාංකිකත්වය හා අන්‍න්‍යතාවය ඇත

කරන්‍ විවිධ උත්සව, වැඩසටහන් සාංවිධාන්‍යටත්, න්‍වකයන්ට රැකියා යසායා

ගැනීමට අවශය යතාරතුරු ලබාදීමටත්, විවිධ වැඩසටහන් සදහා ප්‍රජායේ

සහභාගීත්වය යමන්ම දායකත්වය ලබා ගන්න්‍ටත් යේල්ස් අපි සාංවිධාන්‍යට

හැකි වීම ගැන්‍ අපිට සතුටු යවන්න්‍ පුලුවන්. ඉතාං යේ හැම යදයකදීම උදේ

කරන්න්‍ කැමැත්යතන් සිටින්‍ අපිට හයියක් වන්‍ ප්‍රජායේ නියයෝජිතයන් ඉතා

ආදරයයන් මතක් කරන්න්‍ට ඕන්‍. යේල්ස් අපි සාංවිධාන්‍ය ආරේභයට උර

දුන්න්‍ත් යේ වන්‍ විට කාර්යබහුලත්වය නිසා සක්‍රීයව සේබන්ධ යන්‍ාවන්‍ අයේ

ආදරණීය ශ්‍රී ලාාංකිකයනුත් අපි මතක් කල යුතු යවන්‍වා. ඒ වයේම යේල්ස්අපි

සාංවිධාන්‍යට සේබන්ධ යන්‍ාවුන්‍ යේල්සයේ ඉන්න්‍ හැයමෝටමත් අපි

හදවතන්ම ආරධාන්‍ා කරන්න්‍ කැමතයි ඔබට ඇවැසි සහය ලබා ගන්න්‍ට අප

සමග අත්වැල් බැද ගන්න්‍ කියලා.

03. ඇත්තටම Api Magazine අපත් දන්න්‍ා තරමින් 2017 වර්ෂයයන් පසුව

යේල්ස්අපි ප්‍රජා සමූහිකත්වය යවනුයවන් විවීධ වැඩසටහන් සාංවිධාන්‍ය කල

බව මතකයි. ඒ වැඩසටහන් ගැන්‍ වියශ්ෂ සදහන්‍ක් කයලාත්?

හරියටම දින්‍ වකවානු මතක න්‍ැත වුන්‍ත්, වැඩසටහන් ගැන්‍ සාරාාංශ කයලාත්,

2016 වර්ෂයේ කලින් කිේවා වයේම BBQ පාර්ටියක් එක්ක සුහද සැහැල්ලු

පන්දු ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුවා, ඒ පලමු වතාවට. 2017 නිල

ආරේභයයන් පසුව අයේ පලමු යේල්ස් අපි අවුරුදු උදාන්‍ය 2017 දී

කාර්්ෆ්වල Insole Court හි ගෘහස්ථව විශාල ප්‍රජා සහභාගීත්වයක් එක්ක

සාර්ථකව අවසන් කරන්න්‍ පුලුවන් වුන්‍ා. 2018 වර්ෂයේ යදවැනි වතාවට

යේල්ස්අපි අවුරුදු උදාන්‍ය 2018 පැවැත්වුයන් Llanishen School hall එයක්

ගෘහස්ථ උසත්වයක් විදිහට. පිට පිට යතවන්‍ වතාවට, යේල්ස් අපි අවුරුදු

උදාන්‍ය 2019 පැවැත්වුයන් St. Mellons Hall වල. යේ හැම උත්සවකටම

විශාල ශ්‍රී ලාාංකික ප්‍රජාවක් සහභාගී වීම වියශ්ෂත්වයක්. 2020 වර්ෂයේ දි

යකාවි් වසාංගතය නිසා අවුරුදු උදාන්‍ය සාංවිධාන්‍ය යන්‍ාකලත් පලමු වරට

ආදරවන්තයින්යේ දින්‍ය සැමරීම කලා. ඒ St. Fagans Village Hall එයක්දි.

ඒ වියශ්ෂ අවස් ථාවට ආදරය යබදා ගන්න්‍ ආදරණීය ශ්‍රී ලාාංකිකයන්

යබායහාමයක් සහභාගී වුන්‍ා. 2021 වර්ෂයේදී BBQ සමගින් සැහැල්ලු පන්දු

ක්‍රිකට් තරගාවලියක් Cardiff වලදි සාර්ථකව පවත්වන්න්‍ හැකිවීම යේල්ස්අපි

සාංවිධාන්‍ය ලද මහගු ජයග්‍රහන්‍යක් කියන්න්‍ පුලුවන්. ඒ 2020 යකාවි්

වසාංගතයයන් පස්යස්ශ්‍රී ලාාංකිය ප්‍රජාව න්‍ැවත යහාදටම යේල්සයේ සාමුහික

වුන්‍ පලමු අවස්ථාව, ඒ අවස්ථාව උදා කරන්න්‍ට හැකිවීම ගැන්‍ අපි සතුටු

යවන්‍වා. 2023 සහ 2024 වර්ෂ කියන්යන් යේල්ස් අපි සාංවිධාන්‍ය ශ්‍රී

ලාාංකිකයන් ඉතා විශාල පිරිසක් සහභාගීත්වයයන් අත උත්කර්ෂවත්ව යේල්ස්

අපි අවුරුදු උදාන්‍ය Llandaff පිටියයදී අත සාර්ථකව අවසන් කල වසර

යදකක්. ඒ හැම සාර්ථකත්වයත් සදහා ම අයේ ශ්‍රී ලාාංකිකයන්යේ සහභාගීත්ව,

දායකත්වය යමන්ම කැපවීම අපි හදවතන්ම අගයන්‍වා. ඊට අමතරව 2023

වර්ෂයේ න්‍ත්තල් කැයරාල් ප්‍රසාංගයක් Cardiff හිදී සාර්ථකව පවත්වන්න්‍

හැකිවුන්‍ා. අතශය හයවැනි වතාවට යේල්ස්අපි අවුරුදු උදාන්‍ය 2025 වර්ෂයේ

පැවැත්වන්න්‍ට සියලු කටයුතු සුදාන්‍ේ කරලයි තයයන්යන්. ඒ අයේල් 06

Cardiff හි Sevenoaks Park හිදී.

04. ශ්‍රී ලාාංකික අපිට අමතක කරන්න්‍ බැරි ජාතක උත්සවයක් තමා අලුත්

අවුරුද්දද, ඉතාං ලග ලගම එන්‍ අලුත් අවුරුද්දදට යේල්සයේ යවයසන්‍ ශ්‍රී

ලාාංකිකයන්ට “යේල්ස් අපි අවුරුදු උදාන්‍ය 2025” සුදාන්‍ම ගැන්‍ කියන්න්‍

පුලුවන්ද?

ඇත්තටම ඔේ, යේල්ස්අපි සාංවිධාන්‍ය අතශය හය වන්‍ වතාවටත් යේල්සයේ

සිටින්‍ ශ්‍රී ලාාංයක්ය ප්‍රජාව එකමුතු කරන්න්‍ට යේල්ස්අපි අවුරුදු උදාන්‍ය 2025

ලහි ලහියේම අතශය උත්කර්ෂවත්ව සාංවිධාන්‍ය වන්‍ බව සතුටින් සිහිපත්

කරන්න්‍ කැමතයි. අයේ අන්‍න්‍යතාවයට මුලුතැන්‍ යදමින් හැකි හැම අවුරුදු

චාරිත්‍රයක්ම සිදු කිරීමටත්, පුජය පක්ෂයේ අනුශාසන්‍ා ඇතව අලුත් අවුරුද්දයද්ද

වැඩ ආරේභ කරන්න්‍ටත් සැලසුේ කරල තයයන්‍වා. ඒ වයේම කැවිලි යපවිලි

වලින් පිරුණු අවුරුදු යේසයක් එදාට එන්‍ හැයමෝටම රස බලන්න්‍ත් සියලු

සැලසුේ සකස් කර අවසන්. කන්‍ා මුට්ටිය බිදීම, අන්ධයාට ඇස තැබීම, කඔ

ඇදීම, යඩෝන්‍ට් කෑම, සිගිත අවුරුදු කුමරා සහ කුමරිය, අවුරුදු කුමරා සහ

කුමරිය, ඇතුලුව අයේල් 06 වැනි දින්‍ උයද්ද 09 සිට දවස පුරාම අවුරුදු ක්‍රීඩා

රැසක්ම පවත්වන්න්‍ සැලසුේ කරල අවසන්. ඉතාං යේ සා විශාල වූත්, අතශය

සාංවිධාන්‍ාත්මක වූත් යේල්සයේ පැවැත්යවන්‍ දැවැන්තම අවුරුදු උත්සවයට

වන්‍ යේල්ස් අපි අවුරුදු උදාන්‍ය 2025 නිරන්තර ශක්තයක් වූ සියලුම

අනුග්‍රාහක වයාපාර හා පුද්දගලයන් න්‍ේ වශයයන් යන්‍ාකලත් හදවතන්ම ඉතා

ආදරයයන් හා යගෞරවයයන් සිහිපත් කරන්‍වා. ඔවුන් යන්‍ාසිටින්න්‍ට අපිට යේ

සා විශාල කර්තයවයක් යේල්සයේ ශ්‍රී ලාාංකික ප්‍රජාවට දායක කරන්න්‍ට යහෝ

සාංවිධන්‍ය කරන්න්‍ට සිතන්න්‍ටවත් බරි තරේ. ඒ තුල අපි කිසිදු ලාභ

පරමාර්ථයක් අරමුණු කරන්යන් න්‍ැහැ.

ඉතාං ඒ විතරක් යන්‍වයි, එදා දවයස්හරිම වියන්‍ෝදයයන් ගත කරන්න්‍ සාංගිතය,

DJ Music සමගින් අයේ දරුවන්යේ න්‍ර්තන්‍ හැකියා විදහා පාන්‍ සුවියශ්ෂි

න්‍ර්තන්‍ාාංග එක්ක අමතක යන්‍ාවන්‍ දවසක් කරන්න්‍ එන්‍ හැයමෝටම යපායටෝ

ගන්න්‍, විඩියයෝ කරන්න්‍ත් හැම සැලසුමක්ම සකස් කරල යි තයයන්යන්.

ඔක්යකාම කිේවත් අපිට තැන්‍ ගැන්‍ හරියට කියන්න්‍ බැරි වුන්‍ා. යේ පාර

අවුරුදු උදාන්‍ය Cardiff න්‍ගරය මධයයේ පිහිටි Sevenoaks Park (CF11

8TF) ක්‍රිඩා පිටිය යතෝර ගත්තා. ඒකට යහ්තුව වාහන්‍ න්‍ැවැත්වීයේ පහසුව,

යපාදු ප්‍රවාහන්‍ යස්වාවන් මගින් ලගා වීයේ පහසුව ගැන්‍ හිතල. යේල්ස් අපි

වැඩිම පිරිසක් එක්ක යමදා 06 වැනිදා යේල්ස්අපි අවුරුදු උදාන්‍ය වියන්‍ෝදකාමි

දවසක් කරන්න්‍ හැකි හැම අයුරින්ම ප්‍රචාරණ මාධය බාවිතා කරන්‍වා. ඉතාං

ආදරණීය ශ්‍රී ලාාංකික ඔබ දැන්ම ම ඔයේ දවස, අයේල් 06 යවන් කරල

තයායගන්‍ අපිත් එක්ක යේල්ස්අපි අවුරුදු උදාන්‍යට සහභාගී යවන්න්‍ කියලා

ආදරයයන්, යගෞරවයයන් හා ඕන්‍ෑකමින් ආරාධන්‍ා කරන්‍වා.

05. යේල්ස්අපි අටවැනි වසර සමරන්න්‍ටත් වැඩි කල් න්‍ැහැ. ඒ ගැන්‍ යමාකද

කියන්න්‍ තයයන්යන්.

2017 වර්ෂයේ කියන්යන්‍ යේල්සයේ යවයසන්‍ ශ්‍රී ලාාංකිකයන්යේ යහපත

යවනුයවන් කවුරුවත් ඉදිරිපත් යවන්න්‍ටවත් හිතපු න්‍ැත කාලයක්. හිටියේ

ඉතා සුලු පිරිසක්. න්‍මුත් එදා, 2017.03.12 වැනි දවසක අපි යමයලස යේල්ස්

අපි සාංවිධාන්‍ය ආරේභ යන්‍ාකරන්න්‍ට අද වන්‍ විට ශ්‍රී ලාාංකියන් එකමුතු කරන්‍

වැඩපිලියවලක් යන්‍ාතයබන්න්‍ටත් තබුන්‍ා. මිනිස්සු එක්ක වැඩ කරන්‍වා

කියන්යන්‍ හරිම අමාරු වැඩක්. යේල්ස් අපි අටවන්‍ වසර සමරන්‍වා කියද්දදි

එකවරම මතක් වුයන් යේ තරේ අමාරු වැඩක් අපි වසර 08ක් කරල තයයන්‍වා

යන් කියල. අභියයෝග, ගැටලු, මතයේද, නින්දා, ප්‍රශාංසා වයේම සහයයෝගයන්

එක්ක අපි යේ දක්වා අතශය ලස්සන්‍ ගමන්‍ක් ඇවිත් තයයන්‍වා දැක්කම හරිම

ආත්මීය තෘේතයක් දැයන්‍න්‍වා. යේල්ස්අපි අවුරුදු උදාන්‍ය 2025 සමගාමීව ශ්‍රී

ලාාංකිකයන් බහුතරයක් එක්ක යේල්ස්අපි 08 වන්‍ සාංවත්සරය සමරන්න්‍ටත්

සැලසුේ කරන්‍වා, ඒ යකායහාමද කියන්‍ එක දැන්‍ට රහසක්. ඉතාං වසර 08ක්

පුරාවට නිබදවම අපට ශක්තයක් වුන්‍, අපිව විශ්වාස කරමින් අප සමග රැදුන්‍

ශ්‍රී ලාාංකිය ඔබ සැමටම යේල්ස්අපි සාංවිධාන්‍ය හිස න්‍මා ආචාර කරන්‍වා. ඔබ

යන්‍ාසිටින්න්‍ට යේ ගමන්‍ අපට එන්න්‍ට යන්‍ාහැකි බව අපි දන්න්‍වා. ඒ වයේම

තවදුරටත් ඔබ අප ඇත කරගත් විශ්වාසය සමගින් තවත් ශක්තමත් වන්න්‍ට

ඔයේ දෑත අප සමග එක්යකාට අත්වැල් බැද ගන්න්‍ට කියා ආරාධන්‍ා

කරන්න්‍ටත් අපි කැමතයි.

06. අවසාන්‍ වශයයන් යේල්ස් අපි සාංවිධාන්‍යේ, යේ ගමන්‍ට හයියක් වුයන්

කවුද කියන්‍ එක මතක් කිරීම යුතුකමක් යන්ද?

යේල්ස්අපි 2017 සිට 2025 දක්වා පුරා වසර 08 ක් යේ ගමන්‍ එන්න්‍ට යයෝධ

ශක්තයක් වුයන් යේල්සයේ ජීවත් වන්‍ ශ්‍රී ලාාංකිකයන් කියන්‍ එක මුලින්ම

කියන්න්‍ම ඕන්‍. යේල්ස් අපි සාංවිධාන්‍ය 8 වන්‍ වර්ෂ පුර්ණය සැමරන්න්‍ටත්

2025 යේල්ස් අපි අවුරුදු උදාන්‍යට සමගාමීව සිදු කරන්න්‍ට සැලසුේ කරල

තයයන්‍වා. බ්‍රිතාන්‍යයේ ඉන්න්‍ හැම යකයන්‍කුයගම කාලය කියන්යන් මුදල්.

ඉතාං යේ වයේ ලාභ අරමුණු යන්‍ාකල කටයුතු යවනුයවන් තමන්යේ ඉතා

වටින්‍ා යව්්ලාව යදන්‍ව කියන්‍ එක යලාකු කැප කිරීමක් වයේම වටින්‍ා

පරිතයාගයක්. ඉතාං යේ හැම යපාදු වැඩකදිම අනුග්‍රහය යදන්‍, දායකත්වය

යදන්‍, මග යපන්වන්‍ බිස්රල් යබෞද්දධ විහාරයේ ප්‍රධාන්‍ තන්‍තුර උසුලන්‍ අයේ

යගෞරවනීය ස්වාමින් වහන්යස් ඇතුලු සහය යදන්‍ හැම යකයන්‍ක්ම ඉතා

යගෞරවයයන් සිහිපත් කරන්‍වා. ඒ වයේම තමන්යේ දරුවන්, පවුයල් අය

එක්ක ඒ හැම උත්සවයක්ම, දවසක්ම ලස්සන්‍ කල යේල්සයේ ඉන්න්‍ ශ්‍රී

ලාාංකික ඔයාල හැයමෝම ආදරයයන් යගෞරවයයන් සිහිපත් කරන්‍ ගමන්ම ඒ

හැම සහභාගීත්වයක්ම අපිට අත විශාල කැපකිරීමක් බව මතක් කල යුතුමයි.

ඉතාං අවසාන්‍ වශයයන් ලබන්න්‍ා වු න්‍ව වසර සාමය, සතුට සපිරුණ ඔයේ

අරමුණු හා බලායපායරාත්තු ඉටු වන්‍ සුභම සුභ අලුත් අවුරුද්දදක්ම යේවා යි

කියා යේල්ස් අපි සාංවිධාන්‍ය සුභපැතුේ එකතු කරන්‍වා. ඒ වයේම යමවැනි

හරවත් සාංවාදයක් සදහා ඉඩ හසර ලබාදුන් Api Magazine ප්‍රධාන්‍ කතෘ,

ගයාන් කරුණාරත්න්‍ මහතා ඇතුලු සාංස්කාරක මණ්ඩලයට අයේ හදපිරිප්‍රණාමය පුද කරන්‍වා.

PROTECTION WITH PEACE OF MIND – ජීවිතයට ආරක්ෂාවක් 

දෙවැනි සාඛච්චාවට     

පසුගිය article එකෙන් අපි Insurance ගැන මුලික කරුණු කීපයක් පිලිබදව සාකච්චා කලා, උදාහරණ විදියට Insurance එකක් තිබීමේ ප්‍රතිලාභ ,Life Insurance සහ Mortgage protection Insurance etc.  ඒ සදහා අපිත් එක්ක BVS Mortgages and Financial Services Ltd හි අධ්‍යක්ෂ මෙන්ම ජ්‍යේෂ්ඨ මූල්‍ය උපදේෂක Roshan Vitharanage  මහතා සම්බන්ධ වුනා. අද අපි ඒ කතාබහේම  දිගුවක් විදිහට තවත්  වැදගත් කාරණා කීපයක් ගැන ඔහුගෙන් පැහැදිලි කරගනිමු.

Q). රොෂාන් ,Critical Illness Coverage එකක් වැදගත්  වන්තෙ ඇයි කියල අපි කතා කරොත්..

ඔව්. ඒ ප්‍රශ්නෙ අහන එක ඉතාමත්ම වටිනවා. ඇත්තෙන්ම Insurance ගැන කතා කරද්දි මගහරින්න හොඳනැති තවත් වැදගත් මාතෘකාවක් තමයි මේක. අපේ ජීවිත කාලය පුරාවට අපිට විවිධාකාර අභියෝග වලට මුහුණ දෙන්න සිද්දවෙනවා. ඒ අතරින් සමහරක් අභියෝග අපේ වගේම අපේ ආදරණීයන්ගේ  අනාගතය තීරණය කරනවා. උදාහරණයක් විදිහට ඔබ එක්වරම බරපතල අසනීපයකට (cancer, heart attack, stroke, etc) ගොදුරුවෙන්න පුළුවන්.

ඒ අවස්ථාවේදී සිද්දවෙන සමහර සිදුවීම් නිසා ඔබේ වගේම ඔබේ බිරිඳගේ ස්වාමියාගේ දරුවන්ගේඅනාගතය අනතුරේ වැටෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක critical illness coverage එකක් තියෙනවා කියන්නෙ ඔබටත් ඔබේ පවුලටත් වචනයෙන් කියන්න බැරි තරමේ මානසික සහනයක්.

තවත් වැදගත්ම කාරණයක් තමයි, ඔබට ලැබෙන ඒ මුදල් ඔබේ වෙනත්  අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න උනත් පාවිච්චි කරන්න පුළුවන් වීම. සමහර විට ඔබේ වෙනස්වන සෞඛ්‍ය තත්වයන්ට ගැළපෙන විදිහට ඔබේ නිවස අලුත් වැඩියා කරගන්න වෙන්න පුළුවන්. ඒ වෙනස්වන තත්වයන්ට ගැළපෙන විදිහට අලුත් නිවසක් මිලදී ගන්නට වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් ඒ මොහොතේදී ඔබට අත්‍යාවශ්‍ය වෙන medical equipment මිලට ගන්න වෙන්න පුළුවන්.

Q:  MetLife වැනි හදිසි අනතුරු රක්ෂණ ආවරණයක් කැපී පෙනෙන්නේ ඇයි ?

Accidental cover එක බොහෝ විට නොසලකා හරින, ඒත් ඇදහිය නොහැකි තරම් වටිනා රක්ෂණ ආවරණ.

Benifit payout වලදී  යම් යම් සීමාවන් තිබිය හැකි standard health or life insurance වගේ නෙවෙයි , Accidental cover එක අවධානය යොමු කරන්නේ අනපේක්ෂිත සිදුවීම් නිසා ඇතිවන තුවාල වැනි සිදුවීම් ගැන.

උදාහරණයක් ලෙස MetLife ගන්න. එය රෝහල්ගතවීම්, අස්ථි බිඳීම් හෝ හදිසි අනතුරු හේතුවෙන් ඇතිවන ස්ථිර ආබාධ වැනි දේ සඳහා ගෙවීම් කරනවා .  මේ  ආකාරයේ cover  එකක් විශේෂයෙන් ක්‍රියාශීලී ජීවන රටාවක් ඇති පුද්ගලයින්ට හෝ අනතුරු වැඩි ඉඩක් ඇති පරිසරයක සේවය කරන අයට තිබිය යුතුම රක්ෂණයක්. 

මෙය වැදගත් වන්නේ ඇයි? අනතුරු ඕනෑම කෙනෙකුට, ඕනෑම වේලාවක සිදුවිය හැකි නිසා. ඒ වගේම ඔබට health insurance එකකින් වෛද්‍ය බිල්පත් ආවරණය කළ හැකි උනත්, හදිසි අනතුරු ආවරණය මඟින් ඔබට ලබා දෙන මුදල් ඔබට අවශ්‍ය පරිදි භාවිතා කළ හැකියි. එය අහිමි වූ ආදායම ආවරණය කිරීම, child care  සඳහා ගෙවීම හෝ ඔබේ නිවස සුවදායී අනුවර්තනය කිරීමක් වෙනුවෙන් යොදාගන්න පුළුවන්.

ඔබේ ජීවිතය අනපේක්ෂිත වන අවස්ථාවක විශාල වෙනසක් ඇති කළ හැකි අමතර ආරක්ෂණ ස්ථරයක් ලෙස මෙවැනි රක්ෂණයක් හදුන්වා දිය හැකියි. 

Q. ඔබේ Insurance Policies නිතිපතා Review කළ යුත්තේ ඇයි?

අපේ ජීවිතය කියන්නේ නිවසක් මිලදී ගැනීම, විවාහ වීම, දරුවන් ලැබීම හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීම වැනි නිතර වෙනස්කම් වලින් පිරී ඇති දෙයක්. ඒ සෑම සන්ධිස්ථානයක්ම ඔබේ මූල්‍ය වගකීම්වලට බලපාන අතර, ඔබේ රක්ෂණයද ඒ සමඟ වෙනස්  විය යුතුයි.

ඒ වගේම නිතර review  කිරීම තුළින් ඔබේ insurance  එක ඔබේ life style එකට සහ අනාගත අපේක්ෂා සමග කෙතරම් දුරට align වෙනවද කියලා බලාගන්න පුළුවන්.

උදාහරණයක් ලෙස ඔබට දරුවෙකු ලැබීමෙන් පසුව පවතින Insurance එක පුළුල් කිරීම හෝ වයසට යත්ම critical illness cover එකක් ගැනීම පෙන්වා දෙන්න පුළුවන්.

It’s not just about staying protected—it’s about staying prepared.

Q: Income Protection Insurance එකක් කියන්නෙ මොකද්ද? මොනවද ඒකේ තියන ප්‍රතිලාභ?

Income Protection Insurance කියන්නේ ඔයාගේ ආදායම වෙනුවෙන් රක්ෂණයක් ලබා ගැනීම. ඒක තව විදිහකින් කියනවනම් යම් අසනීපයක් , අනතුරක් වැනි අනපේක්ෂිත දෙයකදි ඔබේ රැකියාව කරගෙන යන්න බැරි අවස්ථාවක් ආවොත්, ඔබේ නැතිවන අදායම ඔබට ලබාගන්න හැකි වෙනවා.  එවැනි අවස්ථාවක ජීවන අරගලයකට මැදිහත් වනවාට වඩා මෙවැනි රක්ෂණයකින් ආවරණය වෙලා හිටියොත් ඔබේ වැටුපෙන් 60% -70% පමණ මාසිකව ලබා ගන්න පුළුවන්.

මේකෙන් තවදුරටත් අදහස් කරන්නේ ඔබේ savings වැය නොකොට ඔබේ එදිනෙදා බිල් පත්, mortgage payment . එදිනෙදා වියදම් ප්‍රමාදයකින් තොරව කළමණාකරණය කර ගැනීමට අවස්ථාව පැවතීම.

අපි කවුරුත් දන්නේ නෑ අනාගතය මොනවගේ වෙයි ද කියලා. ජීවිතයට යම් යම් බාධා ඇතිවෙන්න පුළුවන්. නමුත් මෙවන් safety net එකක් අපේ වටේ තිබ්බොත් ඒක මානසිකව ලොකු සහනයක්. It’s about staying on your feet, even when you’re not feeling your best.

Q:  Income Protection Insurance එක self-employed අයට වැදගත් වන්නේ ඇයි?

ස්වයං රැකියාවක නිරත වෙනවා කියන්නේ ඉතාමත් හොද දෙයක් වගේම අභියෝග වලින් එමටයි.ලොකුම අභියෝගය වෙන්නේ ඔබ අසනීපයකට ලක් වුනොත් ආදායමට ඒක සෘජුව බලපානවා. ඒ කියන්නේ employed කෙනෙක්ට වගේ sick pay එකක් නෑ. ඉතිං ඔබට අසනීපනම් හෝ තුවාලයක් වූ විට ඔබට වැඩ කිරීමට නොහැකි වීමෙන් ඔබේ මුළු අදායමම නැතිව යනවා. ඔබයි ඔබේ මූල්‍ය උත්පාදකයා. අන්න එතනදි තමයි මේ  Income Protection එකේ වැදගත් කම මතු වන්නේ. එය ඇත්තටම lifesaver එකක්. ඔබ පූර්ණ සුවය ලබන තෙක් ඔබට ස්තාවර ආදායමක් එමගින් ලැබෙනවා. 

Q : රොෂාන් දැන් මේ ලිපිය මෙතෙක් කියවපු පිරිසට ඔබ ලබා දෙන final advice එක මොකක්ද?

මගේ advice එක ඉතා සරළයි …තවත් ප්‍රමාද වෙන්න එපා.  Insurance  කියන්නෙ මුදල්ම පමණක් නොවෙයි.

ඔබගේ  සහ ඔබගේ ආදරණීයන් ගේ ජීවිතයට අනාගතයේදී  කෙතරම් අනපේක්ෂිත සිදුවීම් ආවත් ඒ සියල්ලටම මුහුණ දීමට හැකි safety net එකක්. 

ඔබේ ආදායම් තත්වය .. දිගුකාලීන සැලසුම් සලකා බලා අදම Fiancial advisor කෙනෙක් හමුවන්න. ඒක ජීවිත රක්ෂණයක් හෝ ආදායම් රක්ෂණාවරණයක් හෝ රෝගාබාද  වෙනුවෙන් වෙන්න පුළුවන්.  එවිට ඔහු ඔබට නිවැරදි මග පෙන්වීමක් සිදු කරයි ඔබට ගැලපෙනම Insurance එකක් activate කරගන්න. එමගින් ඔබට මානසික නිදහස සහ මූල්‍ය ආරක්ෂණය ලැබෙනවා. 

BVS Mortgages අපි සූදානම් ඔබට ශක්තියක් වෙන්න. අනාගතය අවිනිශ්චිතයි කියලා අත්හරින්න එපා.පාලනය අදම ඔබේ සුරතට ගන්න. ඉතින් තීරණය ඔබ සතුයි.

රොෂාන් වැනි ප්‍රවීන මූල්‍ය උපදේශකයකු පවසන ආකාරයට  රක්ෂණාවරනයක් කියන්නේ මුදලකට එහා ගිය දෙයක්. එය අනපේක්ෂිතතාව කියන මාතෘකාවෙන් ඔබ සහ ඔබේ පවුල ආරක්ෂා කරන මානසික නිදහසක්. හරි තීරණයක් ගැනීම වලක්වන  මිත්‍යාවන්ට රැවටෙන්නේ නැතිව ඔබ ඔබේ විශ්වාසවන්ත උපදේශකයෙක් හමුවන්න.
ඔබේ අවශ්‍යතා පිළිබද පිළිබදව දැනුම්වත් වී ,එමගින් ඔබේ ජීවිතය සුරක්ෂිත කරගන්න.

LUNUDEHI සම්මුඛ පරීක්ෂණයේ ප්‍රශ්නාවලිය

Q). ඔබ පුද්ගලයෙකු වශයෙන් ඔබව

දකින්නෙ කුමන අයුරකින්ද යන්න පිළිබඳව

සඳහනක් කරමු. 

මම නිරත වන්නේ කුමන කාර්‍යක වුවත් එය

ඉතාමත් වෙහෙස මහන්සියෙන් ඉටුකරන්න

කැමති කෙනෙක්. ඒ වගේම අවශ්‍ය

අවස්ථාවන්වලදි කන්ඩායම් හැඟීම

පවත්වාගනිමින් නායකත්වය උසුලන්න හෝ

මගපෙන්වීම සිදුකරන්න හෝ පසුබට වෙන්නෙත්

නෑ. වගකීම් සහගතව ඵලදායි අවධානම් දැරීමත්

මගේ ප්‍රදාන ලක්ෂණයක්. හැකි සෑම විටකම

ආත්මාර්ථය පසෙකලමින් පරාර්ථයට මුල් තැන

ලබාදෙන්න උත්සාහ කරනවා.

Q). ඔබ ජීවිතය දකින්නෙ කුමන අයුරින්ද යන්න

පිළිබඳව හැඳින්වීමක් කරමු.  

මම ජීවිතය දකින්න කැමති සොභාදහමින් උරුමවුණු

ඉතාමත්ම දීර්ඝ කාල සීමාවක් හැටියටයි. ඇරඹුමේ පටන්ම

අවසානය තෙක් නොයෙකුත් අභියෝගයන්ට මුහුණපානවා.

ඒවා සාර්ථකව ජයගැනීම තුළින් විවිදාකාරයේ ඵලදායි දේවල්

ඉගෙනගන්නවා. නිශ්චිත සුබවාදී අවසාන ඉලක්කයක්

සාක්ෂාත් කරගන්නට අවශ්‍ය රිද්මයානුකූල සමබර ප්‍රයත්නය

දරන්නට මූලික පසුබිම සැකසෙන්නෙ ඒ ඉගෙනුම හරහා

ඔප්නැංවෙන පන්නරය ඔස්සේයි. මිදෙන්නට නොහැකි තරමේ

පුළුල් තරගකාරීත්වයක් තිබුණත් ලද දෙයින් තෘප්තිමත් වීමේ

සොභහවය නිරතුරුවම සැනසීම උදාකරනවා.

Q). ඔබේ වැටහීමේ පරිද්දෙන් මනුශ්‍යත්වය අරු

ත්ගන්වන්නේ කෙසේද යන්න පිළිබඳව විස්තර 

කරමු.

ආත්ම වංචාවෙන් තොරව, ස්වකීය හෘද සාක්ෂිය

විසින් සාදාරණීකරණය කරනා අන්දමින් නිවැරදි

ජීවන පෙවෙතක් ගතකිරීම මම මනුශ්‍යත්වය

නිසි ලෙසින් අරුත්ගැන්වීමක් ලෙසින් දකිනවා.

Q). ඔබ කලාව නිර්වචනය කරගන්නේ

කෙසේද? 

රසවිඳින්නන්ගේ හුදු යහපැවැත්ම වඩවාලීම

උදෙසාම ව්‍යුත්පන්න වන අනන්‍ය වූත් යාථාවාදී

වූත් හැඟීම් ප්‍රකාශනයක් ලෙසින් කෙටියෙන්

හඳුන්වන්න කැමතියි. ප්‍රසාංගිකත්වයේ සියලු

ස්වරූපයන් කලාවට අයිතියි.

Q). ඔබ කලා මාධ්‍යයක් ලෙස සංගීතය හඳුනාග

න්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක්

කරමු.

උපතින්ම කතෝලිකයෙක් නිසාවෙන් කුඩා කාලෙ

ඉඳන්ම පල්ලියේ දකින්නට තිබුණු සංගීතමය

වටපිටාව ප්‍රභල උත්තේජනයක් සැපයුවා

සංගීතය යන්න කලා මාද්‍යයක් ලෙසින්

වැළඳගැනීමට. මවගේ කලාකාමී ඌරුවත් ඒ

උත්තේජනය තවදුරටත් සවිමත් කළා කිව්වොත්

මම වඩාත් නිවැරැදියි

Q). LUNUDEHI  හී ආරම්භය සිදු වූ

ආකාරය පිළිබඳව සඳහනක් කරමු.

Lunudehi සංගීත කන්ඩායම ආරම්භ කිරීමට

ප්‍රථමයෙන් වසර 17 කට ආසන්න කාලයක්

මුළුල්ලේ මම ජිප්සීස් සංගීත කන්ඩායමේ

නියමුවා සුනිල් පෙරේරා මහතා යටතේ

කන්ඩායම් සංගීතයේ ආශ්වාදය ලබන්නට

වාසනාවන්ත වුණා. ඔහුගේ වියෝවෙන් පසුවත්

තවත් වසර දෙකක් පමණ ජිප්සීස් සංගීත

කන්ඩායමේ සාමාජිකත්වය දැරුවා.

ඒ වකවානුවේ පටන්ම මගේ හිතේ ඇල්මක්

තිබුණා මගේම කියලා සංගීත කන්ඩායමක්

පටන්ගන්න. ඒ නිසා මගේ පුරප්පාඩුව

සපුරාලන්නට සුදුසු සංගීතකාමීන් දෙදෙනෙකු

ජිප්සීස් සංගීත කන්ඩායම වෙතට අනුයුක්ත

කරවීමෙන් අනතුරුව මම ජිප්සීස් සංගීත

කන්ඩායමෙන් සමුගන්නට තීරණය කළා.

එවකට ජිප්සීස් සංගීත කන්ඩායමේ මා

සමගින්ම සංගීතය හදාරපු නලීන් සමත් තමයි

වත්මනේ මගේ ව්‍යාපාරික සහකරුවා හැටියට

කටයුතු කරන්නෙත්. Lunudehi කියන නමින්

සංගීත කන්ඩායම හඳුන්වමු කියන යෝජනාව

ඉදිරිපත් කළේ මගේ ආදරණීය බිරිඳයි. එය

පියල් පෙරේරාගේත් ප්‍රසංශාවට ලක්වුණා.

Lunudehi අද වෙනකොට යම් සාර්ථකත්වයක්

අයත් කරගෙන ඉන්නවනම් ඒ සඳහා සවිමත්

පිටුවහලක් සපයන්න ඉවහල් වුණේ භාතිය –

සන්තුශ් යුගලය කියන කාරණාව මම මේ

වෙලාවෙ සිහිපත් කරන්නෙ ඔවුන් පිළිබඳව

ඉතාමත්ම ගෞරවයෙනුයි.

Q). වෘත්තීය සංගීත කන්ඩායමක් ලෙස මේ

දක්වා ඔබ අත්කරගෙන තිබෙන සුවිශේෂී ජයග්‍ර

හණයන් පිළිබඳව මතකාවර්ජනයක් සිදුකරමු.

ඉහත කිවූ පරිදි භාතිය – සන්තුශ් යුගලය

සමගින් සහභාගි වූ විදෙස් රටවල් ගණනාවක

පැවැත්වුණු අති දැවැන්ත සංගීත ප්‍රසංගයන්

රාශියකදීම විදෙස්ගත සංගීතලෝලී ශ්‍රී ලාංකේය

ප්‍රජාවෙන් නොමසුරු ඇගයීම් ලබන්නට lunudehi

සමත් වුණා. එය සුවිසල් අත්තිවාරමක් ඉදිකළා

සංගීත කන්ඩායම ස්ථාවර ඒ වගේම තෘප්තිමත්

ආධායමක් ලබන තත්වයකට ගෙන එන්නට. ඒ

සඳහා ගතවුණේ වසර දෙකක් වගේ සුළු කාල

සීමාවක්.

අද දවස වෙනකොට විදෙස්ගත සංගීත

ප්‍රසංගයන් වල සංගීතය සපයන්නට වැඩිම

ඉල්ලුමක් ඇති ශ්‍රී ලාංකේය සංගීත කන්ඩායම

Lunudehi කියලා මම ප්‍රකාශ කරන්නෙ

නිහතමානී ආඩම්භරයකිනුයි.

Q). වෘත්තීය සංගීත කන්ඩායමක් ලෙස ගෝලීය 

සංගීත කරළියේ වෙළඳ අනන්‍යතාවයක්

ගොඩනගාගැනීම උදෙසා ක්‍රියාත්මක කරමින්

සිටින සැලසුම් පිළිබඳව හැඳින්වීමක් කරමු. 

ඇත්තවශයෙන්ම කිව්වොත් සංගීත කන්ඩායමේ

වත්මන් දිශානතිය අනුව මම වඩාත්ම

ප්‍රමුඛතාවය ලබාදෙන්නේ ශ්‍රී ලාංකේය සංගීත

කරළිය තුළ වඩාත් කැපීපෙනෙන අයුරින්

ස්වකීය අනන්‍යතාවය ගොඩනංවාගන්නයි.

ස්වතන්ත්‍ර නිර්මාණයන් එළිදැක්වීම කියන්නෙ ඒ

අභිලාෂය ඉෂ්ට කරගන්නට දියත් කරමින්

තිබෙන සැලසුමකට කදිම උදාහරණයක්. ගීත

රචනය කෙරෙහි මගේ ඇති නොනිමෙන ඇල්මත්

සරිලන දක්ෂතාවයත් ඊට කදිම උපකාරයක්

සපයනවා කියන කරුණත් මට මෙහිදී

විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන්.

Q). ඉදිරියේදී එළිදැක්වීමට සැලසුම් කරමින්

සිටින නිර්මාණාංගයන්

පිළිබඳව විග්‍රහයක් කරමු. 

නොබෝ කලකින්ම නවතම ස්වතන්ත්‍ර ගීත රූප

රචනා කිහිපයක්ම Lunudehi ප්‍රේක්ෂකයන්

වෙතට මුදාහරින්නට අවශ්‍ය මූලික කටයුතු මේ

දිනවල සාර්ථකව සිදුවෙමින් තියෙනවා. ඒ

අතුරින් ගැළපෙන සංගීත නිර්මාණයන් සමූහයක්

එකම වේදිකාවක් මත්තට ගෙන එමින්

නුදුරේදීම සජීවී ප්‍රසංග ශ්‍රේණියක්ම

පවත්වන්නත් බලාපොරොත්තු වෙන බව

ඉතාමත්ම සතුටින් කියන්න පුළුවන්.

ඒ වගේම මෑත කාලයේ එළිදැක්වුණු හරවත්

රසවත් ගීතයන් කිහිපයක් පසුබිම් කොටගෙන

වෙනස් සංකල්පයන්ට අනුකූලව නිර්මාණය

කෙරුණු cover versions කිහිපයක් ඔස්සේත් අපේ

ආදරණීය ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කරන්නට

මම අපේක්ෂාවෙන් ඉන්නවා.

Q). වෘත්තීය සංගීතවේදීයෙක් ලෙස වර්ථමාන ශ්‍රී

ලාංකේය සිනමා කර්මාන්තය

තුළ සංගීතයේ භාවිතාව නැතහොත් සිනමා

සංගීතය පිළිබඳව ඔබේ අදහස් ඉදිරිපත්කරමු. 

වර්ථමානයේ නිපදවෙන බොහෝ සිනමාපටයන්ගේ අන්තර්ගත

වෙන බොහෝ ගීතයන් එතෙර මෙතෙර ලක්ෂ සංඛ්‍යාත

සංගීතලෝලීන්ගේ සාතිශය ආකර්ෂණය දිනාගත් අතිමහත්

ගෞරවයට ද පාත්‍ර වන ප්‍රශස්ථ සංගීතවේදීන් අතින් නිමවෙන

බව දැකගන්නට පුළුවන්. එනමුත් මට නැගෙන ප්‍රදානතම

ගැටළුවනම්, ඒවාහී සිනමාකරුවාගේ ප්‍රකාශනය ජනගත

කරවීමට සමත් වෙන තරමට සිනමා සංගීතකරණය (music

score) තියුණු මට්ටමක පවතිනවාද යන්නයි.

බොලිවුඩ් හා හොලිවුඩ් සිනමා කර්මාන්තයන් පිළිබඳව

සළකාබැලුවහොත් ඔවුන්ගේ සංගීතවේදීන් වැඩිපුරම අවධානය

යොමුකරන්නේ සිනමා සංගීතකරණය ඔස්සේ අධ්‍යක්ෂණ

කාර්‍යයේ ඵලදායිතාවය ඉහළ නැංවීම බවයි මම විශ්වාස

කරන්නෙ.

Q). වෘත්තීය

සංගීතවේදියෙකු වීමට අපේක්ෂාවෙන් සංගීතය

හදාරණ්නෙකු හට ශ්‍රී ලාංකේය

සංගීත කර්මාන්තය තුළ සඵලධායීඅයුරින් ස්ථාව

රත්වයට පත්වීම සඳහා ආධාර විය හැකි යම්

ඔවදනක් හෝ උපක්‍රමයක් සඳහන් කරමු.

මම ප්‍රථමයෙන්ම කියන්න ඕනෙ මම වර්ෂ 1996

දී තමයි සංගීතය හදාගන්නට අත්පොත් තැබුවේ.

ඒ කාලයේ වර්ථමානයේ වගේ ඉගෙනීමේ

මූලාශ්‍රයන් සුලභව පැවතුනේ නැහැ. භාවිතාව

තුළින් උකහාගන්නා අත්දැකීම් තුළින් තමයි අපි

සංගීත අධ්‍යයනය සිදුකළේ. නමුත් අද වන විට

තත්ත්වය හාත්පසින්ම වෙනස්. දැන් අපි

ජීවත්වෙන්නෙ වේගවත් තාක්ෂණික විප්ලවයක්

සිද්දවෙන තොරතුරු සම්ප්‍රේෂණය ඉතාම

වේගවත් ලෝකෙක.

සංගීතය කියන්නෙ පුළුල් වපසරියක් සහිත

නිර්මාණශීලී විෂයක්. ඉතින් එබැවින් අනෙකුත්

සෑම විෂයකටම අදාළ වනවා සේම මේ විෂය

සම්බන්ධයෙනුත් එහි අන්තර්ගත වන සියලුම

සෛද්දාන්තික කාරණා පිළිබඳව පුළුල් හැදෑරීමක

නිරතවීම, සංගීත කර්මාන්තයේ සාර්ථක

චාරිකාවක් අරඹන්නට සිහින දකින

ආධුනිකයෙකුගේ පළමු පියවර ලෙස හඳුන්වන්න

මම කැමතියි.

සැකසුම | හිරාන් ගමගේඅපි Magazine

මායාකාරි දවසක්


  දිය ඇලි කියන්නෙම හිත් වශි කරගන්නා දෙයක්… දිය ඇල්ලක් දිහා බලන් ඉන්න තියනවා නමි මට තවත් ආසම කරන දෙයක් නැති තරමි… කොළපාට නිල්පාට එක්ක කිරි සුදු පාට එකතු වෙලා ගෙනෙන චමත්කාර ජනක දර්ශනය හිත නමි ඇත්තටම සුවපත් කරනවා….

ඉතිං මුහුණු පොතෙන් දැක්කා දවස් කීපයකට කලින් ලස්සන දිය ඇල්ලක්… දෙපැත්තකින් කඩා හැලෙන දිය දහාරාවක් එක් තැනට කඩා වැටෙන සුන්දර දර්ශනයක්.. එ ඡායාරූප වගේම රූප රාමු දුටු මගේ දෑස් සිහින දැක්කා ඉක්මනින් මෙි දිය ඇල්ල දැකගන්න යන්න….

ඉතිං… මට එ අවස්ථාව උදා උනා… මොණර කන්ද ගිහින් ආව අපි පස් දෙනා නැවත යන්න පිටත් උනේ මෙි සුන්දර ඇල්ල සොයාගෙන… ඇත්තටම කියනවා නමි දකිනකමි හදිසියක් තමයි තිබුණේ… රමිබොඩ උමගත් පසු කරන් කිලෝමීටරයක දුරක් පැමිණෙන විට ඈතින් දැක ගන්න හැකි උනා එ සුන්දර දිය කොමලියව… එ සුන්දරත්වය දුටු සැණින් මට ඉඟිල යන්න හිතුනා කිවහොත් හරි… මොකද එ තරමි හදිසියක් තිබුණා මට දිය ඇල්ල අසලටම ගොස් එ හැඬ බලන්න..

රමිබොඩ මෙි මාර්ගයේ යන විට රමිබොඩ ඇල්ල , ගැරඬිගිණි ඇල්ල දැකගත හැකියි… දකින්න ආසාවක් තිබුණා මට ගැරඬිගිණි ඇල්ල පාමුල… මෙි මාර්ගයේ යන විට ඇල්ලේ පාමුලත් දැකගන්න පුළුවන්… එ වගේම රමිබොඩ ඇල්ලේ පහල කොටසත් පාර අයිනේ සිටම  දැකගන්න පුපුළුවන්…

මට කවදාවත් යන්න පුළුවන් වෙිවියැයි නොහිතු මාර්ගයක් තමයි මෙි රමිබොඩ උමග ඇති මාර්ගය… මෙි විශ්වයට ස්තුති වන්න මම රමිබොඩ උමඟ හරහා යන්න ගියේ දකින්න පෙරුම් පුරන එ ඇල්ල හොයාගෙන….

ඉතිං… පුනා ඇල්ල සොයන් ආව අපි පස් දෙනා සුදාණමි උනේ ඇල්ල ලගටම ගිහින් එ සුන්දරත්වය රිසි සේ විදගන්න.. ප්‍රධාන මාර්ගයේ අපි පැමිණි වාහන නවතා ඇවිද යන්න පටන් ගත්තා එ දුෂ්කර මාර්ගය දිගේ… ගල් අල්ලා ඇති මෙි බැවුමි මාර්ගය ලිස්සන සුළුයි..

යන්න සුදාණමි වෙන විට එ අසල කඩෙි සිටිය මාමා කෙනෙක් අපිට යන මඟ විස්තර පැවසුවත් පස්සේ තමයි තේරුම් ගත්තේ අපි පස් දෙනාම මඟ විස්තර වලට හරියට ඇහුමිකන් දිලා නෑ කියලා… ⁣හැබැයි මම නමි එ මාමාගෙන් ඇසුවා මෙි ඇල්ලට පුනා කියන නම වැටුණු හැටි ගැන… වයස්ගත පුද්ගලයෙකු උවත් මෙි මාමා නමි මෙි ඇල්ල ගැන ලොකු විස්තරයක් නොදන්නා බව තමයි මට හැගි ගියේ…

ඉතිං… අපි අර ලිස්සන සුළු මාර්ගය දිගේ හෙමින් පල්ලමි බැස්සේ ඇල්ල පාමුලට යන්න…. කිලෝමීටරයක දුරක් ඇති බව අර මාමා පැවසු නිසාම අපි ඉක්මනින් ඇවිද ගියා.. එත් එක් තැනකදි පාර ඩොසර් කර තිබිම හෙතුවෙන් අපට මඟ වැරදුනා.. මම මගේ මිත්‍රයෙක් සමග නැවත හැරි අර මාමා පැවසු පඩිපෙල් ටික සොය යද්දි මගේ අනෙක් මිතුරන් තිදෙනා කැලේ කඩන් ඇල්ල පැත්තට යන්න පිටත් උනා….

මග දිගට වැටි වැටි කුඩැලි ප්‍රහාර වලට මැදිවි අපි දෙන්නෙක් පැමිණියා ඇල්ල පාමුලට… එ එන මාර්ගය නමි දුෂ්කරයි.. තේ වතු මැදින් දිය දහරා මැදින් එන මාර්ගය දුෂ්කර උවත් සුන්දරයි….

අපි දෙදෙනා පැමිණ බොහො වෙිලාවකට පසුයි අපේ අනෙක් මිතුරන් තිදෙනාත් පැමිණියෙ.. ඉතිං පාරක් හරිහැටි නැති මෙි ඇල්ල අසල ගවයන්ගේ අඩි සලකුණු නිසා මඩ ගොඩක් උඩිනුයි අපි ඇල්ල පාමුලට පැමිණියෙ….

එන මාර්ගය එසේ උවත් මෙි ඇල්ලේ සුන්දරත්වය නමි දෑස් වශි කරගත්තා අපි හැමොගේම… එ තරමි සුන්දරයි… පුනා ඇල්ල සොයාගෙන මම ආවෙි මෙි විදිහට… මගේ දෑස් මොනතරමි වාසනාවන්තදැයි මොහොතකට සිතුනා මට…

ඇල්ල ගැන කියනවා නමි මෙි දිය ඇල්ලේ උස මිටර් 103 පමණ වෙනවාලු. දෙපැත්තකින් ගලා එන පුඬළු ඔයත් පුනා ඔයත් පහලට වැටෙන මෙි තැන ගැන නමි වචනයෙන් විස්තර කරන්න බැරි තරමි සුන්දරයි…

මෙි දිය ඇල්ල අයිති වෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මල්හැව කියන ගමට. මල්හැව කියන ගමත් එක්තරා සුවිශේෂී ගමිමානයක්.. ඉංග්‍රීසින් ඉන්න කාලේ අපේ දළදා වහන්සේ මෙි ගමෙි සඟවා තිබු බව පැවසෙනවා. දළදා වහන්සේ සගවා තිබු පන්සල ශ්‍රි දළදා කරඬු විහාරය ⁣ලෙසට හදුන්වනවා අදටත්..

ඇල්ලේ සුන්දරත්වය නරඹා එන මොහොතේ මුන ගැසුණු මාමලා දෙන්නා පැවසු විදිහට මෙි ඇල්ලට එන්න තවත් මාර්ගයක් තියනවා.. එ කොත්ම⁣ලේ සිට මල්හෑව ගමිමානය හරහා.. එ මාර්ගය නමි දුෂ්කර නැති බවයි මට දැනගන්න ලැබුණේ… දිය ඇල්ලට මෙි නම හැදුණු හැටි ගැන නමි කතාවක් නැති උනත් මෙි දිය ඇල්ලේ රන් මුටිටියක් තිබුණු බවත් එය ඉංග්‍රීසින්⁣ සිටි සමයේම අරගත් බවත් දැන ගන්න ලැබුණා…  ඇල්ල ගැනත් ඇල්ල අයිති ගම ගැනත් මෙි විස්තර මට පැවසු U G ගාමිණි බන්ඩාර , B H G සෙනවිරත්න කියන මහත්වරු දෙදෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා…

එ වගේම තමයි මාව පරිස්සමින් එක්ක ගිහින් එක්ක ආව මගේ යාළුවන් වන සංජිව , උපුල් , චානක , නදීශාන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා…
හැමදාම කියනවා වගේ මගේ හිත සනසන නලවන සුන්දර දෙවල් විතරක්ම මට දෙන ආදරණිය මෙි විශ්වයට ස්තුතියි…
ඉතිං… ඔයාලත් යන්න….ගිහින් එ සුන්දරත්වය හදවතේ පුරවන් එන්න…

නිසංසලා රණසිංහ

මගේ හුස්ම හිරවෙනවා වගේ

 ‘මගේ හුස්ම හිරවෙනවා වගේ’ යනුවෙන් කෙනෙකුට ඇතැම්විට කියවේ. බොහෝවිට එසේ කියවෙන්නේ කායික ආබාධයකට වඩා මානසික ගැටළු නිසාය. සච්චවිභංග සූත්‍රයට අනුව කායික ආබාධ ‘දුක්ඛ’ ලෙසද මානසික ආබාධ ‘දෝමනස්ස’ ලෙසද දැක්වේ. මෙහිදී අප සාකච්ඡා කරන්නේ දෝමනස්ස (දොම්නස්) ගණයට වැටෙන හුස්ම හිරවීමය හෙවත් gasping ය. දෝමනස්ස යනු නිෂේධාත්මක, විනාශකාරී හෙවත් negative මානසික තත්ත්වයකි. එය අකුසලයක් (unskillfulness) ලෙස දැක්වේ. 

පාලි සූත්‍රවල මෙම මානසික තත්ත්වය හඳුන්වන්නේ ‘උපායාස’ ලෙසය. සරලවම විග්‍රහ කළහොත් ‘උප’ යනු අභ්‍යන්තර හෝ සමීප ය. ආයාස යනු උත්සාහයයි. උපායාසය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු පහක් තිබේ. එනම් කැළඹුනු හැඟීම් (emotional disturbance), ව්‍යාකූල චින්තන ශක්තිය (cognitive disorientation), නිෂේධාත්මක කායික ප්‍රතිචාර (negative biological reactions), චර්‍යා රටාවේ අසමතුලිතතාව (behavioral nervousness) සහ උපේක්ෂාව බිඳවැටීම (loss of equanimity) ය. 

උපායාසයෙහි භයානක ගතිය නම් එය නිහඬ විනාශකයෙක් (silent killer) වීමයි. බොහෝවිට කෙනෙකුගේ උපායාසය තව කෙනෙකුට නොපෙනේ. බොහෝවිට එය ඇති අයද ඒ ගැන සිතන්නේ තමන්ට ඇති කායික මහන්සිය හා කාර්‍යබහුලතාව නිසා එසේ වන බවය. එහෙත් උපායාසය සියදිවි හානිකර ගැනීමේ තත්ත්වය දක්වා දරුණු විය හැකිය. අද සමාජයේ සියළුම සමාජ ස්ථරවල අයට උපාසයය තිබේ. ඒ සියළු ස්ථර ගැන සාකච්ඡා කිරීමට ඉඩකඩ නොමැති නිසා අධ්‍යාපනයෙහි නිරත දරුවන් ගැන පමණක් මෙහි සටහන් කරමි. මනෝ උපදේශනය සඳහා පැමිණෙන දරුවන්ගෙන් 40%ක ට පමණ සියුම් ලෙස තමන්ට තමන් එපාවීමේ සහ සියදිවි හානිකර ගැනීමේ ප්‍රවණතාවක් තිබේ. විෂයයන් සඳහා ළකුණු අඩුවුවහොත් දරුවන්ට නොබැණ ඔවුන්ට පරිසරයේ සුන්දරත්වය විඳීමටත් සති භාවනාව (mindfulness) සඳහා යොමුකිරීමත් කළ යුතුය. එම සති භාවනාව කණ්ඩායමක් තුළ දරුවාට ලබාදිය යුතුය. එවිට තම හැඟීම සම වයසේ අය සමඟ හුවමාරු කරගැනීමට අවස්ථාව දරුවන්ට සැළසේ. දරුවෙකු නිතර අසාමාන්‍ය ලෙස හුස්ම ගන්නේ නම් ඒ ගැන සැළකිළිමත් වෙන්න. වැඩිහිටි ඔබට එසේ වන්නේ නම් ඔබට අනිවාර්‍යයෙන්ම මානසික විවේකය අවශ්‍ය ය.

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි

Test

අවම සදාචාරය

ලියොන් උඹ චරිතයක් – සිනමාව මත ඇඳුණු

අපරාධකාරයෙක් – අණගුණක් නොම තිබුණු

නැතත් දුක, දනන් ගැන – නුඹෙ අතින් මිය ඇදුණු

පාරවන මතකයක් – නුඹෙ මරණෙ හා බැඳුණු

යන්ත්‍රයක් වගේ වැඩ – කලත් එක සීරුවට

හදවතේ මෙලෙක් බව – තේරුණේ මැටිල්ඩට

ආලයක් නැති වුණත් – කාලයක් ගෙවෙන විට

ඇගෙ ඇසුර දිව ඔසුව – වුණා ඔබෙ පාලුවට

ඇයට විපතක් වෙන්න – නොදී ඔබෙ දිවි පිදුම

පෙන්වුවා පෙමට වැඩි – වටින දේ වගවීම

මිනීමරුවෙකු වුවත් – ලැබුණ දේ සෙනෙහසම

ඔබට තිබු නිසා ඒ – සදාචාරය අවම


 තාරක ජයතිලක

අවම සදාචාරය

අවම සදාචාරය

ලියොන් උඹ චරිතයක් – සිනමාව මත ඇඳුණු

අපරාධකාරයෙක් – අණගුණක් නොම තිබුණු

නැතත් දුක, දනන් ගැන – නුඹෙ අතින් මිය ඇදුණු

පාරවන මතකයක් – නුඹෙ මරණෙ හා බැඳුණු

යන්ත්‍රයක් වගේ වැඩ – කලත් එක සීරුවට

හදවතේ මෙලෙක් බව – තේරුණේ මැටිල්ඩට

ආලයක් නැති වුණත් – කාලයක් ගෙවෙන විට

ඇගෙ ඇසුර දිව ඔසුව – වුණා ඔබෙ පාලුවට

ඇයට විපතක් වෙන්න – නොදී ඔබෙ දිවි පිදුම

පෙන්වුවා පෙමට වැඩි – වටින දේ වගවීම

මිනීමරුවෙකු වුවත් – ලැබුණ දේ සෙනෙහසම

ඔබට තිබු නිසා ඒ – සදාචාරය අවම


 තාරක ජයතිලක

පළිගැනීම අත් හරින්න

(රෝම 12: 19 – 21)

"ප්‍රේමවන්තයනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය;

මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ." "නුමුත් නුඹේ සතුරාට

බඩගිනිවුවොත් ඔහුට කන්ට දෙන්න; පිපාසවුවොත් ඔහුට බොන්ට දෙන්න. එසේ කිරීමෙන්

නුඹ ඔහුගේ හිස පිට ගිනිඅඟුරු ගොඩකරන්නෙහිය." "නපුරුකමෙන් පරාජය නොවී,

යහපත්කමෙන් නපුරුකම පරාජයකරන්න."

මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ඔබ සැමටම ආශිර්වාදමත් මාසයක්

වේවා! ඔබ සැම මොහොතක් ඉහත බයිබල් පදය දෙස ඔබගේ මනස හොඳින්

යොමු කර බලන්න.

මෙහිදී අපට මුලින්ම පෙන්වන කාරණාව නම් පළිගන්න එපා යන්නයි. ඉතිං ඔබ

කල්පනා කරලා බලන්න මේ පළිගැනීම් තුලින් ඔබට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද

කියා. එයින් අපට ලැබෙන්නේ වෛරය, තණ්හාව, ක්‍රෝධය, ඉරිසියාව වගේ දේවල්

නොවෙයිද?

මේවායින් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද?

 ඔබ ඔබ විසින්ම ඔබගේ ලේ පුච්චා ගනියි.

 ඔබ අවලස්සන වෙයි.

 ඔබ රෝගියෙක් බවට පත්වේ.

 යේසුස් වහන්සේ තුළ වරදකරුවෙක්ද වෙයි.

 ඔබ විසින්ම ඔබවම විනාශ කර ගනී.

ඉතිං ඔබ මොහොතක් සිතා බලන්න වෛරය තුළින් මොනවද මේ සිදුවෙන්නේ

කියලා.

ඉතින් මාගේ ප්‍රේමවන්තයනි අපි වෛර නොකර යේසුස් වහන්සේ කියන විදිහට

ජීවත් වෙමු. ඒවගේම ඔබ යේසුස් වහන්සේට සියල්ල බාර දී ඔබ යේසුස්

වහන්සේ කියන විදිහට ඔබගේ ජීවිතය ගෙන යනවනම් ඔබට විරුද්ධව සිටින

අය ගැන යේසුස් වහන්සේ බලාගන්න යනවා.

එම නිසා ඔබ හැම මොහොතෙම ඔබගේ සතුරාට පවා ප්‍රේම කරමින්

එකිනෙකාට සමාව දී ජීවිතය ජයගන්න.

ඔබ සැමට ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත අමිල දිසානායකමාර්ගය සහෝදරත්වය සභාව – මහරගම