දළදා වදින්න මම නුවරට
ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං
වේනෙය්‍ය කෝමුද වනං වලිසීතරංසි
අද්ධින්දුකාර වරරූප විරාජමානං
වන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං
සිංහල තේරුම -: දෙවියන් සහිත ලෝකයාට එකම පිහිට වූ බුදුරජාණන් වහන්සේගේ ශ්රී මුඛය නමැති නෙළුම් විලට, රාජ හංසයකු වැනි වූ හික්මවිය යුතු ජනයා නමැති කුමුදු විල පුබුදු කරන්නා වූ, චන්ද්රයා වැනි වූ අඩසඳ මෙන් උතුම් රූපයකින් විරාජමාන වූ, බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ශ්රී දන්ත ධාතූන් වහන්සේ මනා කොට වන්දනා කරමි.
මාගේ සමිමා සමිබුදු බුදු පියාණන් වහන්ස… ඔබ වහන්සේ දේශනා කලාවු එ අසුහාරදහසක්වු මහා ධර්මස්කන්ධය ස්පර්ශ කලාවු දන්ත ධාතුන් වහන්සේ වන්දා කිරිමට 2025 අප්රේල් මස 22වන දින මමද පේවී පිරිසිදුවි සුදුවතින් සැරසී නුවර බලා පිටත් උනේමි…
විවිදවු අයගේ උපදෙස් සහා අත්දැකිමි පිළිබදව සියල්ල දැන හදුනාගෙන දින දෙකක් රැදි ඔබ වහන්සේ වන්දනා කරගැනීමෙි අරමුණ පෙර දැරිව වගේම මෙි මහා පින්කම දැක හිත සතුටු කරගෙන සුන්දර මතක ගොන්නක් තුරුළු කරගෙන නැවත නිවසට පැමිණිමෙි සිහිනය හිස මුදුණේම තබාගෙන මම ගමන පිටත් උනේ පාන්දර ජාමයෙය…
හිරු නැගෙනහිරින් උදාවී ඔහුගේ රැස් පෙන්නා සිටි මොහොතක කටුගස්තොට නඟරයේ පාළම සමිපයට වන්නට මමත් මුහුණ පුරාම බලාපොරොත්තු පොදි බැදගත් සිනහවෙන් පොළිමට එකතු උනෙමි…
උදැසණ ගෙවි දහවල අවසන්ව සවස් යාමය වන විට පොළිම ටිකෙන් ටික ඉදිරියට ඇදුණේ කඩි ගුලක් වගේය.. තනිව ගිය මමත් එ සැදැහැවතුන් අතරේ සිටි අය සමඟ කුළුපඟ උවෙි හදිසියකදි මටත් ඔවුන්ගෙන් පිහිටක් අවැසි බව දන්නා නිසාමය…..
ස්වාමීනි භභාග්යවතුන් වහන්ස…. මගේ සතුටු පිරි හිත කඩා වැටෙන්නට පටන් ගත්තේ සවස් යාමය එළඹීමට මත්තෙන් උවත් එදිනට ඔබ වහන්සේගේ තේවාවන් කටයුතු නිසා දළදා වන්දනාව අවසන් විම නිසා මා මෙි ලොකයේ නරකම මිනිසුන් වගේම හොද මිනිසුන් කීප දෙනෙක් අතර තනි උනෙමි….
අන් අය සමග මමත් මහා පාරේ පසෙක හිද ගත්තේ නිවස බලා යන එක තමයි සුදුසුම බව මාගේ සිත මට පවසනා මොහොතකදීය… එ මොහොත වන විටත් මගේ වමි අත දරුණු ලෙස ඉදිමී රිදුම් දෙන්න පටන් ගෙන තිබුණේ ආත්තමිමලාට උදවු කරන්නට ගොසිනි….
හිත පැවසූවෙිම නැවත නිවසට යන ලෙස උවත් එ මොහොතේ දැන හදුනා ගත් සහොදරියක් නිසා මම රාත්රිය එහි ගත කර පසුදා තත්වය බලා නිවසට එන්නට තීරනය කලෙමි…
යුද්ධය පටන්ගත්තේ ඉන්පසුවයි…
ඉන්න තැන නොයිද මට මුණ ගැසුණු සොයුරිය මාවත් ඇදගෙන අන් අයසේ පොලිමෙි ඉදිරියට යන්නට පටන් ගත්තේ මගේ අකමැත්ත පිටමය.. ඇයත් තනිව මමත් තනිව නිසා මා ඇය පසු පස ඇවිද ගියේ අප දෙදෙනාට හෙට දිනයේ දළදා වහන්සේ දැක වන්දනා කරගන්නට ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුව නිසාමය…
එත් මෙි පොළිමෙිදී මා විදි වෙිදනාවල් මෙසේ නැවත ලියා නොතබමි.. මට අවශ්‍ය එ මහා දුක අමතක කර දැමිමටය.. දහස් ගණන් සැදැහැවතුන් පොලිමි පනිමින් පරුෂ වචනයෙන් බැද වදිමින් ගහාමරා ගනිමින් දළදා වදින්න යන්න පොරකෑ සැටි මා බලාගෙනය… දින ගණනක් එකම ඇදුම ඇදගෙන ගඳ ගසන මිනිසුන් මැද මට වමනයට ආවෙි මෙි අපායදැයි මගේ හිත මගෙන්ම විමසද්දිය…
තැන තැන දැමු ඉදුල් ගඳ ගසන උඩම ඉටි රෙදි එලා බොහො අය නින්දේය… එ අයවත් පාගාගෙන මිනිසුන් දිව යන සැටි දුටු මට කිසිසේත්ම ඔබ වහන්සේව දකින්න මෙි ලෙස පැමිණිය නොහැකි බව වැටහුණේය…
ඔබ වහන්සේ වෙනුවෙන් පිරිකර පුජා කර සුවඳ මල් පුජා කර දණ නවා වන්දනා කරන්නට හීන දැක්ක මගේ හීන මෙි පොලිම මතදි සුන්නද්දුලීවි ගියේය…
කටුගස්තොට මහයියාව බොක්කුව මා දුටුවෙි දොරටුවක් ලෙසිනි.. බොක්කුවෙන් පිටත මා සිටිනා පැත්ත නිරය යැයි මට සිතුනි.. එ තරමට මිනිසුන්ගේ නොමිනිස්කම පමණක් මගේ ඇස් කන් වල පිරි තිබුණි..
සාදු කාර වෙනුවට මට ඇසුනේ නරක වචන වගේම “තල්ලු කරන්න එපා හුස්ම ගන්න බැ” යැයි කියනා වචන පමණි.. එ අතර මම දුටුවෙමි ප්රේතයන්… කිලිටි ඇදුමි ඇදගෙන දහඩිය පෙරාගෙන කෑම වලට පොරකන සැටි මා දුටුවෙමි… තල්ලු කිරිමි නිසා වයසක උපාසක අමිමලා දහයක් පහලොවක් එක උඩ බිම වැටි පපුව අල්ලන් කෑ ගසන සැටි තාමත් මට මැවි මැවි පෙණෙයි..
ස්වාමීනි භභාග්යවතුන් වහන්ස… මා සියැසින් ප්රේතයන් දුටුවෙමි… මෙි මහා සෙනඟ මැද මටද මරණ බිය දැණුන මොහොතක් ඇත.. මිනිසුන් අතර මා සිර විය.. හුස්ම ගන්නට පවා නොහැකි වද්දි මගේ දැසින් කදුළු ගැලුවේ තවත් නමි මෙි දුක ඉවසිය නොහැකි තැනය…. බැරියර් එක මතට මා වැටුණු මොහොතේ එය මගේ වමි කකුලේ වැදි ඉදිමි ආවෙි හරියට මට ලැබුණු සංඥාවක් වගේය…
“ දැන් හිටියා ඇති “ සෙනඟ අතරේම මා දැස් පියාගෙන මනසින් දළදා හාමුදුරුවන්ව දැක්කෙමි වැන්දෙමි , මගේ සමිමා සමිබුදු බුදු පියාණන් වහන්සේ දේශනා කලා “ආනන්දය ,යමෙක් මාගේ ධර්මය දකිද හෙතෙම මා දැක්කා හා සමානය “ යන බුදු වදන මගේ සිතෙහි රැවු පිළිරැව් දුන්නේය…
නිරයෙත් දෙවුලොවත් දොරටුවක් ලෙස මා දුටු මහයියාවෙි බොක්කුවෙන් මා මහානුවරට ඇතුල් උනේමි… වෙනසක් නැත.. මානිසුන් එ වගේමය… මා දුටුවෙි නපුරු හිත් ඇති මිනිසුන් පමණි.. අහස දිහා බලන් මම ස්තුති කලා මෙි විශ්වයට… ජිවිතේ ප්රථම වතාවට මෙවැනි අත්දැකිමක් මට ලබා දුන්නාට.. තේරුම් ගත්තෙමි මම, හිත පවසනා දෙය ඇසිමට… පෙර දින හවස් යාමයේ මගේ සිත මට පැවසු ලෙස හමුවු කාන්තාව ගැන නොසිතා නිවසට ගියානමි මගේ මනස මෙි ලෙස ව්යාකූල නොවනු ඇත… ඇය ගැන සිතු නිසා මම පීඬා වින්දෙමි…
ඉතිං… මම පොළිමෙන් ඉවත් උනේමි… මාගේ අවස්ථාව වෙන අයෙකුට ලැබෙන්නට ඇත… සතුටක් ලබන්න මට එය ප්රමාණවත්ය…
නැවතත් දළදා වන්දනාවක් මෙි ලෙසට පැවැත්වුවහොත් , නැවතත් මම පැමිණෙනවා දළදා වහන්සේ වන්දනා කරන්න.. සැළසුමකට අනුව යැයි මම අහස දෙස බලා අධිෂ්ඨානයක් කලෙමි… එ වගේම තවත් ප්රර්ථනාවක් කලෙමි.. මෙි අපිරිසිදු මිනිසුන් සේදි පිරිසිදු වෙන්නම වසිවායි කියා මම මහා මාර්ගයේ සිටම අහස දෙස බලා ප්රර්ථනා කලේමි…
එත් එක්කම පැමිණි බස් රථයට ගොඩවු මට දැණුනේ නිදහස් උවා යැයි හැගීමකි… මා සිරවි සිටි අඳුරු ලොකයකින් නිදහස් උවා යැයි හැගීමක් මට දැණුනෙමි…
ස්වාමීනි භාග්යවතුන් වහන්ස කිරි ආහාරත් රැගෙන පිරිසිදුව දළදා සමිදු වැද පුදාගෙන යන්න මම නැවතත් එනවා මහානුවරට…
මනසින් දුටුවෙමි මනසින් වැන්දෙමි
මම බුදුන් සරණ යමි
නිසංසලා රණසිංහ