25-Aug-02

ඉවත් කර පවිත්‍ර ජීවිතයකට ඇතුල් වෙමු

ඉවත් කර පවිත් ජීවිතයකට ඇතුල් වෙමු!

(මතෙව් 5:29)

"වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත

ලන්න; මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ

අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත."

මාගේ ප්රේමවන්ත සහෝදර සහෝදරියනි ඔබ සැමටම ආශිර්වාදමත් මාසයක්

වේවා!

ඔබ ඉහත බයිබල් පදය දෙස ඔබගේ මනස ඉතා හොඳින් යොමුකර බලන්න

දෙවියන් වහන්සේ ඔබට කතා කරනු ඇත.

*අපේ දෛනික ජීවිතයේදී අපගේ සිත් හානි වෙන්නේ බොහෝ විට අපේ ඇසින්

බැලීමෙනි. ඇසින් දකින දේ අපගේ සිතුවිලි වලට බලපායි, සිතුවිලි අපේ හැසිරීම්

වලට බලපායි, එබැවින් යේසුස් වහන්සේ අපට ඉතා දැඩි වශයෙන් කියයි ඔබේ

ඇස වරදට හේතුව නම් එය ගලවා අහක දමන්න කියා.

මෙම බයිබල් පදයේ අපි ගැඹුරට යනවා නම් මෙහිදී අපට පෙන්වා දෙන්නේ

අපගේ ආත්මික ජීවිතයට ඔබගේ ඇස බාධාවන් නම් එය ගලවා ඉවත් කරන

ලෙසටයි. අපගේ ඇස වුණත් ඒක අපට බාධාවක් නම් අපි ගලවා ඉවත්

කිරීමට සූදානම් විය යුතුයි.

අප දැන් මේ සිටින යුගයේ මෙය වඩාත්ම අදාළ වේ.

*ඇසින් බැලිය හැකි දේවල් අතීශයින් විශාල වේ. ස්මාට් දුරකථනය අතට ගත්

විට සමාජ මාධ්, ෆිල්ම්, විකෘති වූ දර්ශන මේ දේවල් නිසා අපට නොදැනුවත්ව

අපගේ ආත්මික ජීවිතය විනාශ කරනවා.

එම නිසා අපි අද තීරණයක් ගනිමු..

*ඔබට එන බාධාවන් මොනවාද කියලා ඔබ තේරුම් අරගෙන ඒවාට ඔබව

පාලනය කරන්න ඉඩ නොදී එම පාලනය යාඥාව තුළින් ඔබගේ අතට

පත්රගන්න.

*දෙවියන් වහන්සේ අපිට පවිත් ජීවිතයක් දී ඇත මෙය අපගේ ජීවිතයේ ඉහළම

අභියෝගය විය හැකිය. නමුත් අපි ජීවිතය ජයගැනීමට නම් මෙම අභියෝගය

ජය ගැනීමට උත්සාහ කරමු. ඔබ සැමට ජයගත හැකිය.

 

ඔබ සැමටම ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව මහරගම

Home / 2025 / August

25-Aug-03

සූර්යා

~ සමාජ මාධ්යය පෙරළියකින් සමාජයම උසස් කරවපු සූර්යාගේ වික්රමය ~

මහේෂ් මුණසිංහගේ අභිමානනීය දෙවන සිනමා රූ සරණිය

ශ්රී ලාංකේය වෙළඳ දැන්වීම් නිර්මාණකරණ කර්මාන්තයේ සදා අනුස්මරණීය

වෙළඳ දැන්වීම් සමුදායක් නිමවීම උදෙසා සිය අද්විතීය නිර්මාණ කෞශල්යය

නොමසුරුව දායාද කරමින් ප්රතිභාපූර්ණ අදියුරු සන්නාමයක් විලසින් යෙහෙන්

වැජඹෙන මහේෂ් මුණසිංහ මහතා සහ ශ්රී ලාංකේය උපකාරක පන්ති

ක්ෂේත්රයේ වියත් ගුරු භවතෙකු විලසින් දසත කිතුගොස පතුරමින්

සිව්හෙළයේ සිව්කොණ පුරා විසිරී පැතිරුණු මිලියන සංඛ්යාත උසස් පෙළ ජීව

විද්යා සිසු සිසුවියන්ගේ නැණ මග පහන් දැල්වූ දිනේෂ් මුතුගල මහතාගේ

සුපහන් සුසංයෝගයෙන් ශ්රී ලාංකේය රිදී තිරය එකලු කරවන්නට පායන

සූර්යයායිසූර්යා”.

උපතින්ම ඉහළ මධ්යයම පාන්තික පවුල් පසුබිමකට උරුමකම් කීම නිසාවෙන්

, විනිමය මාපිය දායාද නොමසුරුවම ලත් එකම දරුවා වීම නිසාවෙන් කුඩා

කළ පටන්ම කෙළිලොල් දිවි පෙවතකට හුරු වූ සූර්යා සරණජීව, පාසල්

අධ්යාපනය නිමවීමෙන් පසු සිය අදහස් උදහස් හට කදිමටම පෑහුණු

දෙමිතුරන් සමඟින් එක්ව, බලකාමී දේශපාලන මාධ්යයකරණයේ නව්

උපයෝගීතාවයක් ලෙසින් ගෝලීය සමාජ මාධ්යය සැරියේ ප්රමුඛතම මුහුණුවර

වන යූටියුබ් අවකාශය අවභාවිතා කරන්නට පෙළඹෙන අයුරුත්, සමඟින්

සූර්යාගේ හා ඔහුගේ ළබැඳියන්ගේ ඉරණම් කතාවට එල්ලකෙරෙන

සෘණාත්මක බලපෑම් විකසනය වන අයුරුත්, අවසානයේ පරිණත සමාජ

මාධ්යයකරුවෙකු වශයෙන් තමාගේත්, තම ළබැඳියන්ගේත් මෙන්ම ඉන්

නොනැවතී සමස්ථ සමාජ සංස්ථාවේත් ධණාත්මක පරිවර්තනයක් සිදුකරනු

උදෙසා සමාජ මාධ්යය සුභාවිතකරණය සිදුකරන අයුරුත් සිනමාපටය පුරාවට

අපූරුවට දිගහැරෙයි.

සෑම තාක්ෂණික නවෝත්පාදනයක් හරහාම ධණාත්මක භාවිතාවක් මෙන්ම,

සෘණාත්මක භාවිතාවක් පිළිපිඹු වීමේ සම්භාවිතාවක් පවතින බවත්,

විද්යාමාන වන්නේ කුමන භාවිතාව යන්න තීරණය කෙරෙන්නේ භාවිතා

කරන්නා දරණා ආකල්පයන් මත බවත් සිනමා සළරුව මතින් ගම්යකරන්නට

තැත්කරන උඩුපෙළ විය යුතු බව හැඟෙයි.

කාලීන ලාංකීය ජන සමාජය වේගවත්ව ගෝලීය තාක්ෂණික විප්ලවයේ

ගොදුරක් වෙමින් පැවතීම නවතාලිය හැක්කක් නොවන විටදී, ධණවාදී

සංස්කෘතික ප්රවාහයට ඉබේටම නතුවෙන තාරුණ්යයේ ජීවන දෘෂ්ඨිය

 

බහුචිතවාදි ස්වරූපයක් ගන්නා බව නිර්මාණකරුවන් සිනමාපටය තුළින්

කියාපාන්නට උත්සාහ කරන යටිපෙළ විය හැකි බව සිතේ.

උක්ත පෙළ ද්විත්වය මනා සංයමයකින් යුතුව රිදී තිරය මත ප්රක්ශේපනය

කිරීමට ප්රදාන හා අනු චරිතයන් නිරූපණය කරන්නා වූ සියළු රංගන ශිල්පීන්

විසින් පාන්නා වූ සමර්ථභාවය එය දෑසින් විඳ මනසින් කියවාගැනීමට

සමර්ථභාවයක් ඇත්තා වූ සියළු ප්රේක්ෂකයන්ගේ සම්භාවනාවට බඳුන් විය

යුතුයැයි තරයේ ප්රකාශ කිරීමට කැමැත්තෙමි.

රංගන ධායකත්වය

ජනිත් වික්රමගේ

නිහාරි පෙරේරා

මයික් ෆර්නෑන්ඩු

දිල්හානි ඒකනායක

දිනේෂ් මුතුගල

සණත් ගුණතිලක

අජිත් වීරසිංහ

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

සුදීක්ෂා සමාධි

සංගීත් ප්රභූ

සචින් චතුරංග

ලසන්ත උඩුකුඹුර

කමල් දේශප්රිය

සංගීතා තදානි

හර්ෂිකා රත්නායක

එකී යථාර්ථවාදී වූත් අද්විතීය වූත් රංගන ප්රතිභාව පූර්ණ වශයෙන්

විදහාපෑමට මං සලසාදුන් ප්රශස්ථ කාර්මික දායකත්වය විසින් සිනමාපටය

රාමුගත වන ඉහත ආකයානයන් ද්විත්වය තුළ මිනිසාගේ සියුම් මනෝමය

සංරචකයන්, සංකීර්ණ භෞතිකමය සමාජදේශපාලන සංරචකයන් මත

පුරෝකථනය කළ නොහැකි ලෙසින් විචල් වන අයුරු වඩාත් හොඳින්

ප්රේක්ෂකයන් වෙතට සන්නිවේදනය කිරීමට මහත් රුකුලක් වී ඇති බැව්

 

සිනමාපටය සමඟින් තියුණු සබැඳියාවක් සකසාගත් සිනමා සංවේදී කා හට

වුවද වටහාගැන්මට අපහසු නොවනු ඇත.

නිෂ්පාදනය | දිනේෂ් මුතුගල

අධ්යක්ෂණය | මහේෂ් මුණසිංහ

තිර රචනය | රොනල්ඩ් දසනායක

කැමරා අධ්යක්ෂණය | රංගන එස්. බන්ඩාර

සංගීතය | එරංග ජයවර්ධන

සහය අධ්යක්ෂණය | නිරෝෂන් එදිරිමාන්න, ඉඳුනිල් දැරණියගල

සංස්කරණය හා වර්ණ සංයෝජනය | රොෂාන් එඩ්වඩ්

විශේෂ දෘශ් ප්රයෝග | මහේෂ් බී. චන්ද්රසේන

සංගීත සැලසුම්කරණය | සශික රුවන් මාරසිංහ

ගීත පදරචනය | මනුරංග විජේසේකර, එරංග ජයවර්ධන

නිෂ්පාදන ප්රදානී | සන්ක බන්ඩාර

නිෂ්පාදන කළමනාකරණය | එරන්ද දේවනාරායන

කලා අධ්යක්ෂණය | නුවන් සනුරංක

සටන් අධ්යක්ෂණය | සමන් බන්ඩාර

ඇඳුම් නිර්මාණය | ජනක උල්ලන්දුපිටිය

වේශ නිරූපණය | ප්රියන්ත දිසානායක

කොන්ඩා සැකසුම් | අවිෂ්ක චතුරංග

නර්තන වින්යාසය | සාරා අබේවර්ධන

සමාජ මාධ්යය ප්රචාරණය | ඩී. එම්. ඩිජිටල්

හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය අපේක්ෂාවන් ඇති

කරවන මෙවන් ප්රශස්ථ සිනමා භාවිතාවක් සමඟින් නැවතත් හෙලවුඩය

වර්ණවත් කිරීමට අවැසි සියළු හේතු සම්පත් සැලසේවායි මහේෂ් මුණසිංහ

හා දිනේෂ් මුතුගල අතුළු සිනමාපටයේ සමස්ථ නිෂ්පාදන කාර් මනඩලය වෙත

මුළු හදින්ම සුභාශිංශන එක්කරමි.

සැකසුම | හිරාන් ගමගේ

Home / 2025 / August

25-Aug-05

අරුමැති කාලය නුඹයි

අරුමැති කාලය නුඹයි….

කාලය නුඹනම් අරුමයක්මැයි,

හීන මවමින් සතුට වපුරා
රැයක දුටු සිහිනයක තවරා
බඹරු නොදුටුව මලක සුවදින්
රැයක් නිදිවරනා

දිගේ සුසුමන් වතින් වදිනා
ගව් ගනන් දුර පෙහෙළි කරනා
ආලවන්තකම් දෝරෙ ගලනා
හීන රස විදිනා

කාලය නුඹ අරුමයැක්මයි,

නිදන නොනිදන අමාවක සද
එළිය නෑවිත් හැංගී අදුරෙම
දෙව්ලොවට පිපෙනා කුසුමෙකට
සිහින් දිය ඉසිනා

නුඹත් නැතිවම නුඹත් එක්කම
ජීවිතේ කප්පරක් පෙළකට
සිනා මල් පෙති මගින් මගකට
සුවදවත් කරනා

කාලය නුඹමැයි….

 

රීනා

Home / 2025 / August