25-Aug-17

සුන්දර ප්‍රේමය

කාටවත් නොකියූ
කතාවක්,
හිත පුරා පිරුණු
බලාපොරොත්තුවක්,
නිදිවර්ජිත ගෙවන
රාත්රියක්,
හමු විය යුතුම
මඟ බැලීමක්,
සංසාර පුරාවට පතන
ප්රාර්ථනයක්,
ආත්මාර්ථකාමීම
සිතුවිල්ලක්,
ජීවත් වෙන්න හිතෙන
සිහිගැන්වීමක්,
දන්නවද …?
ඒක මා විදින සුන්දර
ප්රේමයක්,

 

ගගන ගුරුගේ

Home / 2025 / August

25-Aug-18

ආහාර සහ නිවැරදි ප්‍රතිකාර වලින් මුහුණු සම ආරක්ෂා කරගන්න කෙසේද

ආහාර සහ නිවැරදි ප්රතිකාර වලින් මුහුණු සම ආරක්ෂා කරගන්න කෙසේද?”
අද කාලෙක බොහෝ දෙනෙක් මුහුණු සමේ ගැටලු වලට මුහුණ දෙනවාවිශේෂයෙන්ම fast food කෑම නිසා. oily skin, pimples, acne වැනි ගැටලු එක එක අයගේ ආරක්ෂාකාරී රූපය, විශ්වාසය සහ ජීවන රටාවට බාධා කරනවා. අද මම ඔයාලට පැහැදිලි කරනවා fast food නිසා ඇතිවන සම ගැටලු වලට පාලනයක් ගන්න ක්රම සහ ඒවට ගැළපෙන ප්රතිකාර මොනවාද කියලා.”

 

ආහාර වලින් සමය ආරක්ෂා කරගන්නෙ කෙසේද?
1. තෙල් වැඩි ආහාර වළක්වා ගන්න
• fast food කෑම වළක්වන්න.
මේවා සමෙහි තෙල් නිෂ්පාදනය වැඩි කරලා pimples and acne වැනි ගැටලු ඇති කරනවා.
2. සීනි වැඩි ආහාර අඩු කරන්න
සීනි වැඩියෙන් ඇත්තේ සමයේ වයස වැඩීම (aging) වේගවත් කරනවා.
කේක්, Fizzy drinks වැනි ඒවා සීමා කරන්න.
3. ජලය බොන්න
දිනකට ලිටර් 2ක් වත් වතුර බොන්න.
සමය තෙතමනයෙන් පිරුණු ලෙස තබාගන්න.
4. උදෑසන පලතුරක්/කොළ පැළෑටි එක්ක ආහාර ගන්න
විටමින් C, E, Zinc සහ Antioxidants තියෙන ආහාර සමයට හොඳයි.
උදා: නාරං, දෙල්, ගෝවා, බෝංචි, මීකිරි, තක්කාලි.



 වැරදි ප්රතිකාර වලින් සමය ආරක්ෂා කරගන්නෙ කෙසේද?
1. සහතික නැති උපාංග භාවිතයෙන් වලකින්න
අධික රසායනික (chemical) තියෙන උපාංග සමයට හානිකරයි.
• FDA/කෘතිම භාවිතය පිළිගත් උපාංග පමණක් භාවිතා කරන්න.
2. Tretinoin, AHA/BHA වැනි ශක්තිමත් උපාංග නිවැරදිව භාවිතා කරන්න
බෙහෙතක් වගේ බැලිය යුතුයි.
වෛද් උපදෙස් නැතුව භාවිතා නොකරන්න.
3. scrub එකක් සීමා කරන්න
තදින් scrub කිරීම සමෙහි බාධාකාරී වේ.
4. රූපලාවන් නිෂ්පාදන බෙහෙත් මෙන් භාවිතා නොකරන්න


 එකතුවක් ලෙස:
හොඳ ආහාර පුරුදු
විශේෂයෙන් සෙරම්, sunscreen, moisturizer නිවැරදිව භාවිතය
වෛද් උපදෙස් වලට අනුව ක්රියා කිරීම
වියළි, තෙල් වැඩි, හීරුණු වගේ එකී සම වර්ගයට ගැලපෙන උපදෙස් අනුව ක්රියා කිරීම



අපේක්ෂා කරන ප්රතිඵල ලබා ගැනීමට, නිතරම මෙම දේවල් පිළිපදින්න. ඔයාට අවශ්යනම් සම වර්ගය අනුව වඩාත් සුදුසු උපදෙස් දිය හැක.

සාමාන් සම (Normal Skin) සඳහා:

1. Gentle Cleanser – දිනකට දෙවරක් සාමාන් facial wash එකක්.
2. Moisturizer – සම තෙතමනය තබාගන්න light moisturizer.
3. Sunscreen (SPF 30+) – ඉරිදිනාලේ හානියෙන් ආරක්ෂාවක්.



 තෙල් සහිත සම (Oily Skin) සඳහා:

1. Salicylic Acid Cleanser – බෝස්ටෙල් වලට සහ oily skin සඳහා සුදුසුයි.
2. Niacinamide Serum – තෙල් වැඩිවීම අඩු කරයි, pores හකුලයි.
3. Oil-free Moisturizer – gel වර්ගය වගේ lightweight moisturizer.
4. Clay Mask (සතියකට 1-2 වතාවක්) – තෙල් ඉවත් කරයි.



 වියළි සම (Dry Skin) සඳහා:

1. Hydrating Cleanser – සම වියළීමක් නොවන facial wash.
2. Hyaluronic Acid Serum – තෙතමනය වැඩි කරයි.
3. Thick Cream Moisturizer – හැම දිනෙකම යෙදිය යුතුයි.
4. Avoid Alcohol-based products – වියළි සමයට තවත් බරපතල බවක් ලැබෙනවා.



 හීරුණු සහ acne ඇති සම සඳහා:

1. Benzoyl Peroxide / Salicylic Acid – Acne වලට වැදගත්.
2. Tretinoin Cream (0.025% – 0.05%)
රාත්රියේ යෙදිය යුතුයි
ඉරිදා දවස්වල Sunscreen අනිවාර්යයි
මුලදී වියළි බවක්/සමට ලා දැනෙන්න පුළුවන්
වෛද් උපදෙස් යටතේ පමණක් භාවිතා කරන්න



 දායක ප්රතිකාර (Professional Treatments):

1. Chemical Peels – පළවුණු සෙරීම සහ තැලුම් අයින් කරයි
2. Microneedling – scars/pores වලට හොඳයි
3. Laser Treatments – pigmentation සහ wrinkles සඳහා



ඔබේ සම වර්ගය, වයස, තත්ත්වය (e.g. acne, dry patches, etc.) අනුව විශේෂ ප්රතිකාර ලබාදිය හැක. ඔයාට අදාල තොරතුරු කියනවනම්, ඒකට ගැළපෙන treatment plan එකක් හදලා දෙන්න පුළුවන්.

 

දුලාන්ජලී අලහප්පෙරුම

Home / 2025 / August

25-Aug-19

කම්මැලිකම අතහරින්න ජීවිතය දිනන්න නම් මේ දේවල් කරන්න.

හෙට කරලා දාමු,අදට වැඩි වැඩක් කරන්න බැහැ, මට කැමැත්තක් නැහැ කියන වචන ඔබේ ජීවිතයේ පොදු වචන නම්, ඔබත් කම්මැලිකමට යට වෙලා කියලා තේරෙන්න පුළුවන්.
මේක එක්කෙනෙක්ට පොදු කරුණක් නෙමෙයි හැමෝම වගේම කම්මැලිකමට හසුවෙනවා නමුත්, එය දිගටම ජීවිතයෙ ක්රියාත්මක වෙනවනං ඔබේ ජීවිතයෙ බලාපොරොත්තු හීන වෙන්න පටන් ගන්නවා.

කම්මැලිකම කියන්නේ මොකක්ද?

කම්මැලිකම කියන්නේ, කළයුතු දේවල් කළ නොහැකිවීම, තීරණ ගැනීමට ඇති අකමැත්ත, එක ක්රියාවකට හිත යොමු කිරීමට නොහැකි වීම.
මෙවැනි සිතුවිලි යම් කිසි දේවල් වලට ඇබ්බැහිවීම තුළින්ද හටගන්න පුළුවන්.
සරලවම කතා කළොත් කම්මැලිකම කියන්නේ ඒකට.

කම්මැලිකමට හේතුවන දේවල් මොනවද?
* අරමුණක් නොමැතිව ජීවත්වීම.
* අධික තාක්ෂණික භාවිතය(phone,TV)
* අභියෝග වලට බිය වීම.
* විවේක ගැනීමට ඇති දැඩි කැමැත්ත මත කළ යුතු දේවල් පසුපසට දැමීම.

කම්මැලිකමට විකල්ප: මේ දේවල් කරන්න!

1. කුඩා ඉලක්කයක් හො තබාගෙන වැඩ කරන්න.
ඉලක්කයට යන්නේ තව අවුරුදු ගානකින් එන්න පුළුවන්. නමුත් අද වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරන්න. ඔබේ ඉලක්කය චිත් ශිල්පියෙක් වෙන්න කියලා හිතමුකෝ. අද ඔබට චිත් ශිල්පියෙක් වෙන්න අදාල දෙයක් කරන්න චිත්රයක් අඳින්න ඒකෙ අඩුපාඩු බලන්න.
නැවත උත්සහ කරන්න. එය ඔබේ අනාගතයේ විශාල ඉලක්කයට පිටුබලයක් වෙනු ඇත.

2. දවසට සුළු ‘To-Do List’ එකක් තබාගන්න.
ඔබට දවසට කරන්න තියෙන වැඩ දෙකක් තුනක් හෝ සටහන් කරගෙන. ඒවා අවසන් කරහම දැනෙන ජයග්රාහී බව අත්විදින්න.

3.Morning routine එකක් හදාගන්න.

දවසේ ආරම්භය ප්රබෝධමත් නම් එය ඔබව දිනය පුරාම සතුටින් තියන්න හේතුවක් වෙනවා.
උදේ අවදි වෙන්න, පොඩි එක්සයිස් එකක් කරන්න වගේ දේවල් වලින් තමයි පටන් ගන්න ඕන.

4. දුරකථනය භාවිතය සීමා කරන්න.

පළමු පැය 1-2 තුල tik tok/Instagram භාවිතා කිරීම තුළින් දවස පුරාම කම්මැලිකම ඔබේ ඇඟේ පැතිරෙන්න පුළුවන්.

5.”5-minute rule ” එක අනුගමනය කරන්න.

ඔබ ඔබට කියන්නමම විනාඩි පහක් හරි මේ වැඩේ කරලා තමයි නවත්වන්නේ.”කියලා පටන් ගත්තොත් වැඩේ කරන්න ආසාව ඇතිවෙනවා.

6. සාර්ථක අය ගැන කියවන්න.
සාර්ථක මිනිසුන්ගේ ජීවිත, කැපවීම්, ඔවුන්ට ඉලක්ක කරා යෑමට තිබුණු උනන්දුව ඔබෙ ජීවිතයට වටිනාකමක් එක් කරනවා. වගේම ඒවා තුළින් ඔබට පිබිදීමක් ඇතිවෙනවා.


කම්මැලිකම යනු ඔබේ හැකියාවන්, සිහිනයන්, අරමුණු අතරට කඩා වදින අනතුරකි. ඒවා ජය ගන්න නම්, අදම කුඩා පියවරක් ගන්න. කම්මැලිකම අයින් කරලා නිවැරදි ගමන් මගක් තුළින් ලොකු ඉලක්ක සපුරා ගත හැක.

ඉස්සර හෝ හෙට කියනවට වඩා අද කියන එක තමයි ජයග්රහණයේ පළමු පියවර. ඉතින් කම්මැලිකම අයින් කරලා ජීවිතය ජය ගන්න පටන් ගන්න එක අරමුණකින් ඔබට පුළුවන්. සිහින දකින්න විතරක් එපා. ඒවා සත් කරගන්න පියවර ගන්න.
කියවන්නක්රියා කරන්න.

සටහන
නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ.

Home / 2025 / August

25-Aug-20

හමුවනා තුරා

ඉර බහින වෙලාවක, සිඳු වෙරළ දිහාවක
යන්න අත් පටලාන, ආසයිනෙ ඔබ එක්ක
වෙරළ ඉම වාඩිවී, ක්ෂිතිජයට සමවැදී
කතා නොමැතිව ඉන්න, රළ දෙපා දොවනතර

නවකතා පොත් අතර, බොළඳ ටෙලි කතාවක
රැඳුණ ආදරය, විහිලුවකි සිතූවද
මනෝ ලොව සැරිසරන, නොසිතනම වෙලාවක
මගෙ සිතත් වගේ, බොළඳ වෙන හැටි පුදුම

හිනාවක්, රණ්ඩුවක්, කතාවක්, සමාවක්
හැඟුම්බර කඳුලකට පසුව දෙන හාදුවක්
සිංදුවක්, දිවිය ගැන පුංචි කතිකාවතක්
ඔබ ලඟදි ජීවිතේ, මට සොඳුරු කලාවක්

හඳුනගෙන ඔබේ හිත, රැඳී ඔබගේ ලඟම
හිඳිමි, තනි රකිමි, සෙනෙහසින් පුරවා හිතම
ළඟට එන්නට ඔබේ, නොලැබුණත් මට තවම
දුර ඉඳන් වුවත් මේ, කව ලියමි හැමදාම

තාරක ජයතිලක

Home / 2025 / August

25-Aug-21

මදර් ලංකා

~ ස්ත්රීත්වයේ උත්තරීතරත්වය, පුහුදුන් මාතෲත්වයමයි ~

අනූෂ සංජීව එදිරිමුණිගේ කුළුඳුල් සිනමා සම්ප්රාප්තිය

ප්රෞඩ හෙළ දෙරණේ අනන් තේජස ගෝලීය ප්රජාවේ දෑස් අභිමුවදී ක්රීඩා

කෞශල්යය තුළින් යෙහෙන් විරාජමාන කරවන්නට, සවිමත් අදිටනින්,

නොපිරිහෙලෙන වීර්යයෙන්, අනවරත වෑයමක නියලෙනා දහිරියවන්ත

තරුණියකට අහඹු විලසින් සම්මුඛ වන රූපසාරී සුපසන් තරුණයෙකු

කියාපානා ලාමක නුරාවේ මධුර හසරැල්හී පහස රිසි ලෙසින් විඳගන්නට

නොමද අවකාශ සැලසෙයි.

කාලයේ ඇවෑමෙන්, මධුර නුරා ආශ්වාදයෙන් මන මත් කරගන්නා හට

උක්ත උත්කෘෂ්ට අභිලාෂය පසෙක ලෑමට සිදුවෙන අයුරේ ඛේදජනක දෛවයේ

සරදමකට නොසිතූ නොපැතූ ලෙසින් මුහුණ පෑමට සිදුවේ. කෙසේවුවද,

ප්රතාපවත් දහිරිය උපතින්ම උරුමකොටගත් නොසැලෙන තම අව්යාජ

ප්රේමයේ අමිල දායාදය මෙලොවට බිහිකරලීමට තීන්දු කරයි.

තම ක්රියාශීලී ජවසම්පන්න ජාන ශක්තිය හට නොමසුරුවම උරුමකම් කියනා

සුපහන් දියණියක් සන්තක කරගැනීමට සොභාදම් මාතාව හට වරම් දෙයි.

ඉතින් එබැවින්, පියාගෙන් අහිමි රැකවරණයත් සෙනෙහසත්

හාන්කවිසියකටවත් නොදැනී යන අන්දමේ අරුමැසි රැකවරණයත් සෙනෙහසත්

දියණිය හට සමීප කරවමින්, මෙරට සිව්කොණේම පෙළපත් නාමය රැව්පිළි

රැව් දෙන විලසින් දියණියව ක්රීඩා කුසලතාවයෙන් ඔප්නැංවවීම ඇගේ ඒකායන

අරමුණ බවට පත්වේ.

පණනල සුරක්ෂා කරගැනීමේ උපක්රමයක් විනා ස්ත්රීත්වයේ වෙස් ගන්නා

අයෙකුගේ අහඹු හමුවීම මොවුන්ගේ ලිවිසැරිය කිනම් දිශානතියකට

යොමුකරවාවිද? දෛවයේ සරදමට ලක් වූ ඔවුන් පෙරළා දෛවයටම සරදම්

කරාවිද?

පුරා දශකයන් 7 ක් මුළුල්ලේම සෙලෝලොයිඩ් පටයෙන් නානාප්රකාරයේ කයි

කතන්දර තනාලමින් මුළු මහත් ලොව පුරාවට විසිරී පැතිරී සිටින ශ්රී

ලාංකිකයින්ගේ නෙත් සිත් කුල්මත් කරවීමේ සමර්ථකම් පෑ ශ්රී ලාංකේය

සිනමා වංශකතාවේ අද්විතීය හැරවුම් ලක්ෂයක් වන " මදර් ලංකා " සළරුවේ

කතා සාරාංශය ඉහත අයුරින් සැකෙවින් දැක්වීමට කැමැත්තෙමි.

දශක ද්විත්වයකට නොඅඩු කාල සීමාවක් පුරාවට ප්රතිභාන්විත ලාංකේය

සිනමා රූ සරණි 25 කට අධික සංඛයාවක් අතිසාර්ථකව ජනගත කිරීම

උදෙසා ප්රවර්ධනය හා අලෙවිකරණය යන දෙවැදෑරුම් අංශයන්ගෙන් සිය

 

වෘත්තීය නිපුණත්වය මැනවින් පෙන්නුම් කෙරූ " අනූෂ සංජීව එදිරිමුණි "

නම්, නිහතමානී සොඳුරු කලාශිල්පියාගේ අදියුරු භූමිකාවේ දොරට වැඩුම,

මදර් ලංකා සළරුව නිමවීම හරහා අග්රගණය අයුරින් සනිටුහන් වන බව

ඉමහත් ප්රීතියෙන් යුතුව දැනුම්දෙමි.

පීතෘත්වයේ නිමළ දායාදයන් උරුම කර ගැනීමට උපතින්ම

අපොහොසත් වන මනුදම් රකිනා තම දියණියගේ ආත්ම ගෞරවය

සුරක්ෂා කිරීමටත්, ඉන් නොණැවතී ඇගේ ආත්ම අභිමානය

විරාජමාන කරවීමටත් නිබඳව නොමදව යත්න දරණ දිරිය

මාතාවකගේ චිත්ත සංතානය තුළ පහළ වන්නා වූ අතිශය සියුම් සහ

අතිශය සංකීර්ණ වූ මනෝභාවයන්හි සිදුවන සියුම් විචල්යයන් පිළිබඳ

අතිශය ගැඹුරු සාකච්ඡාවක් සදහා  ප්රවේශයක් ලබා ගැනීමට

නිර්මාණකරුවන් වෙහෙසී තිබීම මෙම සිනමාපටය ස්විඤ්ඤානිකව හා

සබුද්දිකව රසවින්දනය කිරීමට අපේක්ෂා කරන සිනමාලෝලියෙකු

හට ධණාත්මක කාරණාවක් වනවා නොඅනුමානයි.

ශ්රී ලාංකේය සිනමා වංශකතාවේ එතෙක් මෙතෙක් බිහි වූ තාරකා

ගුණයෙන් අනූන රංගන ශිල්පීන් අතර ප්රමුඛස්ථානයක් දිනා සිටින

රූපණ වේදිනියක වන තරින්දි ප්රනාන්දුගේ අසමසම ප්රතිභාන්විත

රූපණ පෙළහරිනුත්, පුංචි තිරයේ ප්රේක්ෂක ප්රජාව අතර නොමැකෙන

මතක සටහන් ඉතිරි කරමින් සිනමාවට පිළිපන් රංගන ශිල්පියෙකු

ලෙස ධනංජය සිරිවර්ධනගේ මින් පෙර නොවූ විරූ අන්දමේ සාතිශය

භාවාත්මක රැඟුමිනුත් සමන්විත රූප රාමුඅද්විතීය පසුබිම් සංගීත

සැලසුම්කරණයත් සමගින් මනාව පෑහීමනිර්මාණකරුවන්ගේ උක්ත

වෑයම රිදී තිරය මතදී උත්කර්ෂවත් අයුරින් සඵල කොටගැනීම සඳහා

මනා ශක්තියක් වන්නට ඇති බව සිනමා රසවින්දනය හොඳින්

හඳුනන  කා හට උවද ප්රත්යක්ෂ වනු නිසැකයි.

ප්රධාන රංගන ධායකත්වය

තරින්දි ප්රනාන්දු

ධනංජය සිරිවර්ධන

ශෙනුකි දිසල්යා

බිමල් ජයකොඩි

හේෂානි ලියදිපිට

සනත් ගුණතිලක

 

දිල්හානි ඒකනායක

නුවන් ගුණසේකර

කලණ ගුණසේකර

නවින්දි රැපියෙල්

විචින්ත ඉලංගකෝන්

හර්ෂිකා රත්නායක

සිධීක්ෂා සමාධි

චතුරංග කොඩිතුවක්කු

ධර්මප්රිය ඩයස්

හිරාන් යටෝවිට

මාදනී මල්වත්ත

සරත් කොතලාවල

මෙතික නවීක් සෙනරත්

තේෂාලි දෙවිමිණි

ෂෙලන් මුණසිංහ

සාරා අබේගුණවර්ධන

නිපුණි පූජිත ගුණවර්ධන

නෙතුලි පෙරේරා

කුසුම් පෙරේරා

ලිෂාරා සනුත්මි

ඊසා සංජලී මැදගේ

අනුර බන්ඩාර රාජගුරු

ධනුෂ්ක ජයසිංහ

ගමගේ ප්රියන්ති

සමන් අමුණුගම

පත්මා මෙන්ඩිස්

තරංගා සුරංජි බුලත්සිංහල

ලක්රුවන් ලොකුහපුආරච්චි

 

වෛද් ලාල් ඒකනායක

වෛද් චමල් සංජීව

තරුකා සමරකෝන්

එබැවින් සොභාදහමේ පදනම හෙවත් ස්ත්රීත්වයේ පරිපූර්ණත්වය වන

මාතෘත්වය මෙන්ම සොඳුරුතම මනු දම වන නිරාමිස ස්නේහය

නිර්වචනය කෙරෙනා ස්මරණීය සිනමාත්මක අත්දැකීමක්

එකදුපහදුකොට ගැනීමට අමතරව ජීවන ගමනට ආක්යානයන්

කිහිපයකින්ම සැළකියයුතු අර්ථයක් සැපයිය හැකි  අපූරු

සිනමාපටයක් සිනමාශාලාවක් තුළ නැරඹීම සඳහා ඔබේ වටිනා මුදල්

හා කාලය වෙන් කිරීම නොවැදගත් තීරණයක් ලෙස නොසිතන බැව්

හදවතට එකඟව පැවසීමට කැමැත්තෙමි.

මෙම සිනමාපටය හෙලවුඩ් සිනමාලෝලීන්ගේ හෘද ස්පර්ශයෙහි

කොනක හෝ තැන්පත් කරලීමට සමර්ථ වේවායි සිනමාපටයේ

අද්යයක්ෂකවරයා වන අනූෂ සංජීව එදිරිමුණි මහතාටත්, ක්රිශාන්ති

කුලසූරියගේ තිර පිටපත යථාර්ථයක් කරලීමට අර්ථ පතීත්වය දැරූ

ඉෂාන් ලියනගේ මහතාටත් මෙන්ම බුද්ධිමය ශ්රමය කැප කෙරූ

සියලු ප්රාසාංගික සහ තාක්ෂණික ශිල්පීන් හටත් මුළු හදින්ම

සුභාසිංශණය කරන අතර හැකි ඉක්මනින් තවත්

විශිෂ්ට සිනමා නිර්මාණයක් සමඟින් නැවතත් හෙලවුඩයේ කරළියට

ඒමට අවැසි සියළු හේතු සම්පත් සැපයේවායි එක හිතින් පතන්නෙමු

සැකසුම

හිරාන් ගමගේ

Home / 2025 / August

25-Aug-22

වචනයක තෑග්ගක්

වචන කියන්නේ හරිම බලවත් දෙයක්. කෙනෙක්ව බලගන්වන්න වගේම, කෙනාව මුලින් උදුරා දැමූ ගහක් වගේ දුර්වල කරන්නත් වචන වලට පුලුවන්. ඔයා නිතර ගැටෙන නොගැටෙන කොයි කාට උනත්, උත්තේජනයක්, ආස්වාදයක්, මිහිරක්, ආත්මාභිමානයක් තෑගි කරන්න වචන විදියට . ඔයාට හැම වෙලේම හොඳ වචනම නෑහෙන්නට පුලුවන්. ඒක අමාරුවෙන් හරි දරාගෙන, ඔයාගෙ තෑග්ග දෙන්න. ඒකට අඩු පාඩුවක් කරන්න එපා.


ඔයාගෙ වචන වලින් දිලිසෙන, අඳුනන,නාඳුනන , ගැහැණුන්, මිනිස්සුන්ගේ ඇස්වල කාන්තිය විඳින්න. ඔයාගෙ වචන වලින් ජීවිතයට පන්නරයක් ලබාගත් උදවියගේ සාර්ථකත්වයේ අදිසි කොටස්කාරයකු වී බලන්න. සුවය අකුරු කරන්න තරම් පොහොසත් මට වචන නෑ. ඔයාටත් එහෙම නේද?

සොබාදහමට නොවන අවනත, ලොවේ කිසිවක් නෑමම අනිත් අයට කොපමණ හොඳ වචන වලින් සංග්රහ කලත්, මට ඒක ලැබෙන්නෑනෙ, නැත්නම් මට ඒක අඩුවෙන්නෙ ලැබෙන්නෙ කියලා දුක් වෙන්න එපා..

වචන වලින් කෙනෙක්ව ඝාතනය කරන්න උනත් පුලුවන්, අනිත් පැත්තට ජීවත් කරවන්නත්. ඔයා තෝරාගැනීම කරන්න. මේ විශ්වය ඔයාව හොඳින්ම බලාගනීවි.

දිමුතු

Home / 2025 / August

25-Aug-23

Back Cover

දැවෙන හදවත මතට
සිසිල් දිය බිඳ වන්න
එක වරක් හෝ නුඹව
මේ නෙතින් දැක ගන්න ….
වදනකුදු නොදොඬාම
දෙඇස් තුළ කිමිදෙන්න
ආයෙමත් එනවාද
මල් සිනා පුබුදන්න ….

ආදරය ගැන වදන්
හිත තුළම රඳවන්න ….
හැකියි මට කිසිවක්ම
නොකියාම සඟවන්න ….
හෙට වුවද මිය යන්න
හැකි දිවිය සනසන්න ….
එක වරක් හෝ පැමිණ
මතකයක් වී යන්න ….

සුරේඛා 

Home / 2025 / August

25-Aug-06

ඔබේ සිහින නිවස සදහා පියවරක් – Credit Score එක ඉහළ දැමීමෙන් හොඳම Mortgage Deal එකක් ලබාගන්න!

එංගලන්තයේ නිවසක් මිලදී ගැනීම ඔබේ ජීවිතයේ වැදගත්ම මූල් තීරණවලින් එකක්. මේ තීරණය සාර්ථක කර ගැනීමට, ඔබේ credit score එක තීරණාත්මක භූමිකාවක් ඉටු කරයි. මේ ලිපියෙන් ඔබට mortgage එකක් සඳහා අයදුම් කරන විට credit score එකක් හොඳින් පවත්වා ගැනීමට අවශ් යෝජනා හා කරුණු පැහැදිලි කෙරේ.

 Credit Score එක කියන්නේ කුමක්ද?
Credit score එක යනු ඔබේ සියලුම මූල් හැසිරීම පදනම් කරගෙන, Credit Reference Agencies (CRAs) මඟින් ලබාදෙන සංඛ්යාත්මක අගයක් වන අතර, සාමාන්යයෙන් අගය 300 සිට 999 දක්වා වේ.

UK හි ප්රධාන Credit Reference Agencies (CRAs) තුන:

  • Experian
  • Equifax
  • TransUnion

මෙම ආයතන ඔබේ credit history එක පදනම් කරගෙන ණය දෙන ආයතන වලට ඔබේ විශ්වාසනීයතාවය තක්සේරු කිරීමට උපකාරී වන credit report එකක් නිකුත් කරයිඑම report එකෙන්, ඔබට ඔබේ  ණය ගෙවීම් ආදිය පිළිබඳ විස්තර සමඟ,  credit score වැඩි දියුණු කිරීමට අවශ් පියවර ගැනීමටද හැකියාව ලැබේ. මෙම score එක වැඩි නම්, ඔබට මූල් ආයතනයකින් ණයක් හෝ mortgage එකක් ලබා ගැනීමේ හැකියාව වැඩි වන අතර, ගෙවීම් කොන්දේසිද හොඳ වෙනවා.

Mortgage එකක් ලබා ගැනීමේදී Credit Score එක  වැදගත් වන්නේ ඇයි?

Credit score එකක් කියන්නේ ඔබේ මූල් ක්රියාකාරකම් හා මුදල් කළමනාකරණ හැකියාව පිළිබඳ ප්රතිබිම්බයක් වගේම, මෙය ණය ආයතනයකට හෝ බැංකුවකට ඉතා වැදගත් report එකක් . විශේෂයෙන්ම mortgage එකක් සඳහා අයදුම් කරන විට ඔබේ මූල් ඉතිහාසය සහ විශ්වාසනීයතාව ඔප්පු කිරීමට credit score එක විශාල භූමිකාවක් වෙනවා .

Lender (ණය දෙන ආයතනයක්) ඔබේ credit score එක සමීපව බැලීමෙන්, ඔබ කල මූල් ගනුදෙනු කෙතරම් ශක්තිමත්ද කියන විශ්වාසය ලබාගන්නවා. මෙයට ඔබ ගෙවන මාසික බිල්පත් වලින් පටන්ගෙන, credit card ගෙවීම් දක්වා සියල්ලම ඇතුළත් වේ.

ඔබේ Credit Score එක වැඩිදියුණු කර ගැනීමට;


 සියලුම ගෙවීම් නියමිත කාලයට සිදු කරන්න

ඔයාලට තියෙන credit facilities – උදාහරණයක් විදියට credit cards, loans, HP agreements වගේ ඒවා – timely settlement කරන්න ඕනේ. Late payments කියන්නේ credit score එකට හුඟාක් negative impact එකක් දෙන  factor එකක්.

consistent payment behaviour එකක් තියෙනවා කියන්නේ ඔය lender කෙනෙක්ට credibility එකක් establish කරනවා.

 නිවැරදිව Credit card භාවිතා කරන්න
Credit utilisation වැඩි වීමේ අස්ථාවර මූල් තත්ත්වයකට ඉඟියක්. එබැවින් limit එකෙන් 30% වඩා අඩුවෙන් භාවිතා කරන්න. එමගින් ,  ඔයාට මුදල් properly manage කරන්න පුළුවන් බවත් ,  ඔයා financially stable කෙනෙක් බවත් පෙන්නුම් කරනවා.

 අධික ණය වාරික අඩු කර ගැනීම
අධික debt-to-income ratio එකක් තිබේ නම් lender විසින් ඔබට mortgage ලබාදීම අවදානමක් ලෙස සලකා බලයි. හැකි තරම් ණය අවම කරන්න.

 Electoral Roll එකේ ලියාපදිංචි වන්න
ඔබ electoral register එකේ ලියාපදිංචි වීමෙන්, ඔබ “traceable” සහ “credible” පුද්ගලයෙකු ලෙස ප්රකාශ වේ. ඒක score එකට points එකක් වගේම lender trust එකක් දෙන factor එකක්. .

 Credit report එක පරික්ෂා කරන්න
ඔබේ credit report එකේ ඇති දෝෂ හෝ අසමතුලිතතා නිවැරදි කිරීමෙන් score එක ඉහළ යා හැකිය. CRA වෙබ් අඩවි (උදා: Experian, Equifax) හරහා score එක පරීක්ෂා කරන්න. වැරදික් තිබේනම් 28 දිනයක් ඇතුළත එය නිවැරදි කරගැනීම ඉතා වැදගත්ය.

 

 දිගුකාලීනව එකම ලිපිනයක සිටීම

ඔබ එකම ලිපිනයක දිගු කාලයක් සිටීම lendersලාට financial stability සහ විශ්වාසය පෙන්වයි. නිතර ලිපිනය වෙනස් කිරීම credit score එකට අහිතකරයි.

 විශ්වාසදායක Credit Mix එකක් පවත්වා ගැනීම

Credit mix එක යනු ඔබගේ විවිධ ණය වර්ග (mobile contract, credit card, loan) යොදාගැනීමයි. හොඳින් පාලනය කරන විවිධ credit වර්ග ඔබ විශ්වාසවන්ත බව පෙන්වයි, එමඟින් score එක වැඩි කරගත හැක.


 Credit Score Report එකක අඩංගු තොරතුරු
ඔබේ credit report එකෙහි ඇතුළත් වන සාමාන් තොරතුරු කිහිපයකි:

  • නම, ලිපිනය සහ උපන් දිනය
  • මේ වන විට ඇති ණය ප්රමාණය
  • Repossessed properties
  • Joint  loans, mortgage හෝ overdraft තිබේද යන්න
  • ගෙවී නොමැති බිල්පත් (utility bills ඇතුළත්)
  • අධිකරණ තීන්දුවක් තිබේද යන්න (Court judgements)
  • Bankruptcy පිළිබඳ තොරතුරු

 

ඔබේ credit score එක වැඩි කරගන්නවා කියන එක, එක දවසකින් සම්පුර්ණ වෙන්නක් නෙමෙයි. මේක පුළුල් ක්රියාවලියක්. එය discipline එකක්, consistency එකක්, සහ financial common sense එකක් අවශ් කරන process එකක්. ඔබේ  credit score එක, අද perfect නැත්තම් දුක් වෙන්න එපා.අදම හොඳ credit history එකක් වෙනුවෙන් නිවැරදි පියවර ගන්න.


වෘත්තීය උපදෙස් අවශ්යද?
ඔබට පුහුණු මූල් උපදේශකයෙකුගේ උපදෙස් අවශ්යනම්, BVS Mortgages and Financial Services සමාගමට ඔබට උදව් කළ හැක. ඔවුන් ඔබගේ credit report එක සවිස්තරාත්මකව විශ්ලේෂණය කරමින්, ඉදිරි mortgage plan එක සඳහා සුදුසු මාර්ගය සකස් කරදෙයි.


Mortgage එකක් ලබා ගැනීමටත්, නිවසක් මිලදී ගැනීමටත් අවශ්යම දෙයක් වන්නේ හොඳ credit score එකක් තිබීමයි. නිසා ඔබේ score එක පිළිබඳව පරික්ෂා කරමින් එය නිරන්තරයෙන් වැඩිදියුණු කිරීමට උත්සාහ කරන්න.
Mortgage එකකට apply කරන්නට පෙර, මේ සියල්ල පිළිබඳව දැනුවත් වීම ඔබේ chances වැඩි කරනවා. BVS Mortgages and Financial Services හි විශේෂඥ කණ්ඩායමට  ඔබට උපදෙස් සහ සහාය ලබා දිය හැක.

Home / 2025 / August

25-Aug-01

මහනුවර ඇසළ පෙරහැර

මහනුවර ඇසළ පෙරහැර: ශ්රී ලංකාවේ අභිමානවත් සංස්කෘතික මංගල්යය
ශ්රී ලංකාවේ සංස්කෘතික අනන්යතාවය ලොවට විදහාපාන අති උත්කර්ෂවත් මංගල්යයක් ලෙස මහනුවර ඇසළ පෙරහැර හැඳින්විය හැකිය. වසරක් පාසා ඇසළ මාසයේදී මහනුවර නගරයේදී පැවැත්වෙන මෙම පෙරහැර, දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද සිත් ඇදගන්නා සුවිශේෂී උත්සවයකි. බුදුන් වහන්සේගේ පූජනීය දන්ත ධාතූන් වහන්සේට පුද සත්කාර කිරීම අරමුණු කරගනිමින් පැවැත්වෙන මෙම පෙරහැර, ශ්රී ලංකාවේ බෞද්ධ උරුමයේ සහ සංස්කෘතික සම්ප්රදායන්ගේ ජීවමාන සංකේතයකි.

ඉතිහාසය සහ සම්ප්රදාය
මහනුවර ඇසළ පෙරහැරේ ඉතිහාසය ඈත අතීතයට දිව යයි. මෙය ඇසළ පෙරහැර සහ දළදා පෙරහැර යන පෙරහැර දෙකක එකතුවක් ලෙස සැලකේ. ඇසළ පෙරහැර ක්රි.පූ. 3 වැනි සියවසේදී පමණ ආරම්භ වූ බව විශ්වාස කෙරෙන අතර, එය කාලෝචිත වර්ෂාව සඳහා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා සිදු කරන ලද චාරිත්රයකි. දළදා පෙරහැර ආරම්භ වූයේ ක්රි.. 4 වැනි සියවසේදී පමණ බුදුන් වහන්සේගේ පූජනීය දන්ත ධාතූන් වහන්සේ ශ්රී ලංකාවට වැඩමවීමෙන් පසුවය. වර්තමාන පෙරහැරේ ස්වරූපය මහනුවර රාජධානිය සමයේ සිට පැවත එන අතර, දන්ත ධාතූන් වහන්සේ ප්රදර්ශනය කිරීමේ සම්ප්රදාය වසර 1,500 කට වඩා පැරණි . 1815 දී බ්රිතාන්යයන්ට මහනුවර රාජධානිය අහිමි වීමෙන් පසු, දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරත්වය මහා සංඝරත්නයට පැවරිණි. පාලක රජෙකු නොමැති අවස්ථාවක, දියවඩන නිලමේ තනතුර පිහිටුවන ලද්දේ ධාතූන් වහන්සේට අදාළ දෛනික පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහාය.

පෙරහැරේ අංග
මහනුවර ඇසළ පෙරහැර දින දහයක් පුරා පැවැත්වෙන අතර, එය කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහැර ලෙස අදියර දෙකකට බෙදා දැක්විය හැකිය. සෑම රාත්රියකම පෙරහැරේ අලංකාරය සහ උත්කර්ෂවත් බව වැඩි වේ.

කුඹල් පෙරහැර
කුඹල් පෙරහැර දින පහක් පුරා පැවැත්වේ. මෙම පෙරහැරේදී දළදා කරඬුව වැඩම කරවනු ලබන්නේ දියවඩන නිලමේ විසින් තෝරාගත් අලංකාර ලෙස සරසන ලද හස්තියෙකු විසිනි. මෙම පෙරහැර සාපේක්ෂව කුඩා වන අතර, එය ප්රධාන පෙරහැරට පෙර පෙරහුරුවක් ලෙස ක්රියා කරයි. නර්තන ශිල්පීන්, බෙර වාදකයින්, ගිනි කෙළි දක්වන්නන් සහ අලි ඇතුන්ගෙන් සමන්විත මෙම පෙරහැර මහනුවර වීදි පුරා ගමන් කරයි.

රන්දෝලි පෙරහැර
රන්දෝලි පෙරහැර දින පහක් පුරා පැවැත්වෙන අතර, එය පෙරහැරේ ප්රධාන සහ වඩාත්ම අලංකාර කොටසයි. මෙම පෙරහැරේදී දළදා කරඬුව වැඩම කරවනු ලබන්නේ දළදා මාළිගාවේ ප්රධාන හස්තියා වන මාලිගාවේ ඇතු විසිනි. රන්දෝලි පෙරහැරේදී අලි ඇතුන් විශාල සංඛ්යාවක් සහභාගී වන අතර, ඔවුන් අලංකාර ලෙස සරසා ඇත. විවිධ නර්තන කණ්ඩායම්, බෙර වාදකයින්, කොඩි දරන්නන්, සහ සාම්ප්රදායික කලාකරුවන් මෙම පෙරහැරට එක්වී එහි අලංකාරය තව තවත් වැඩි කරයි. අවසාන රන්දෝලි පෙරහැර, ඇසළ පෙරහැරේ උච්චතම අවස්ථාව වන අතර, එය අතිශය අලංකාරවත් හා උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.

දිය කැපීමේ මංගල්යය සහ දහවල් පෙරහැර
රන්දෝලි පෙරහැර අවසන් වීමෙන් පසු, දිය කැපීමේ මංගල්යය මහවැලි ගඟේ ගෙටඹේ තොටුපළේදී සිදු කෙරේ. මෙය පෙරහැරේ අවසාන චාරිත්රය වන අතර, එයින් පසු දහවල් පෙරහැරක් මහනුවර වීදි පුරා ගමන් කරයි. මෙම දහවල් පෙරහැරෙන් පසු ඇසළ පෙරහැර නිල වශයෙන් අවසන් වේ.

සංස්කෘතික වැදගත්කම
මහනුවර ඇසළ පෙරහැර ශ්රී ලංකාවේ සංස්කෘතික හා ආගමික ජීවිතයේ අතිශය වැදගත් ස්ථානයක් ගනී. එය බුදුන් වහන්සේට සහ දන්ත ධාතූන් වහන්සේට දක්වන ගෞරවය මෙන්ම, ශ්රී ලංකාවේ පැරණි සම්ප්රදායන් සහ කලා ශිල්ප ආරක්ෂා කිරීමේ සංකේතයකි. මෙම පෙරහැර තුළින් සිංහල සංස්කෘතියේ විවිධ අංගයන් වන නර්තනය, සංගීතය, ඇඳුම් පැළඳුම්, සහ අලි ඇතුන් පුහුණු කිරීමේ කලාව ලොවට ප්රදර්ශනය වේ. එය ශ්රී ලංකාවේ ජාතික උරුමයේ සහ අනන්යතාවයේ කැඩපතක් බඳුය.

නිගමනය
මහනුවර ඇසළ පෙරහැර යනු හුදෙක් උත්සවයක් පමණක් නොව, එය ශ්රී ලංකාවේ පොහොසත් ඉතිහාසය, සංස්කෘතිය, සහ ආගමික භක්තිය විදහාපාන ජීවමාන කෞතුකාගාරයකි. මෙම අසිරිමත් මංගල්යය, වසර දහස් ගණනක් පුරා පැවත එන සම්ප්රදායන් සහ විශ්වාසයන් අනාගත පරම්පරාවන් වෙත ගෙන යන පාලමකි. එය ශ්රී ලංකාවට පැමිණෙන ඕනෑම අයෙකු අත්විඳිය යුතු අද්විතීය අත්දැකීමකි.

 

අහිමි හිමිකරු

Home / 2025 / August