25-11-20

ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මොකක්ද?

ක්රිප්ටෝ කරන්සි යනු ඩිජිටල් (Digital) හෝ අන්තර්ජාලය තුළ පමණක් පවතින මුදල් වර්ගයකි. මෙය බැංකුවක් හෝ රජයක පාලනයකින් තොරව ක්රියාකරන, පරිශීලකයන් අතර සෘජු ගනුදෙනු සඳහා නිර්මාණය කර ඇති පද්ධතියකි.

 

උදාහරණ ලෙස:

  • Bitcoin (BTC)
  • Ethereum (ETH)
  • Binance Coin (BNB)
  • Solana (SOL)
  • Ripple (XRP)

ඇතුළු තවත් දහස් ගණනක් ක්රිප්ටෝ මුදල් වර්ග පවතී.

 ක්රිප්ටෝ කරන්සි ක්රියා කරන විදිහ

 

ක්රිප්ටෝ මුදල් පදනම් වී ඇත්තේ Blockchain කියන තාක්ෂණය මතය.

Blockchain එක යනු ගනුදෙනු සියල්ල සටහන් කරුණු සහිත, විවෘත හා ආරක්ෂිත ඩිජිටල් පොත්පොතක් වගේ එකක්.

 

මෙහිදී:

  • ගනුදෙනු සත්යාපනය (verification) කෙරෙයි විශේෂ “miners” හෝ “validators” විසින්,
  • සඳහා ඔවුන්ට reward (උපහාරයක් ලෙස නව ක්රිප්ටෝ කාසි) ලැබේ,
  • හේතුවෙන් පද්ධතියක් මත විශ්වාසය තබාගත හැක.

 ක්රිප්ටෝ මුදල් වල ප්රධාන වාසියන්

  1. අධික ආරක්ෂාව – Blockchain තාක්ෂණය හේතුවෙන් දත්ත ව්යාජ කිරීම අතිශය අසීරුය.
  2. ඉක්මන් ගනුදෙනුවිශේෂයෙන් ජාත්යන්තර මුදල් යැවීම සඳහා වේගවත් සහ සෘජුය.
  3. තනතුරු රහිත පාලනයක්රජයක් හෝ බැංකුවක් මත පාලනයක් නැති නිසා, පරිශීලකයාටම සම්පූර්ණ අධිකාරිය ලැබේ.
  4. ආයෝජන අවස්ථාබොහෝ අය ක්රිප්ටෝ මුදල් මිල වැඩිවීම හේතුවෙන් ලාභය ලබාගනී.

අවදානම් සහ අවශ් සැලකිලි

  1. මිල වෙනස්කම් වැඩියි – Bitcoin වගේ මුදල් වල මිල දිනකට බොහෝ වෙනස් විය හැක.
  2. වංචා සහ ඩිජිටල් අවදානම්හොඳින් නොදන්නා ව්යාපාර හෝ “scams” වලින් අනතුරු පවතී.
  3. නීතිමය අස්ථාවරතාවයසමහර රටවල ක්රිප්ටෝ තහනම් හෝ සීමා කර ඇත.
  4. මතක තබාගත යුතු කීස්ඔබේ “wallet” කේතය නැතිවුණොත් මුදල් නැවත ලබාගත නොහැක.

ශ්රී ලංකාවේ ක්රිප්ටෝ තත්ත්වය

 

ශ්රී ලංකාවේ දී ක්රිප්ටෝ ගනුදෙනු නීතිවලින් තහනම් නොකළත්, මධ්යම බැංකුව විසින් එය අවධානයෙන් භාවිතා කළ යුතු බව අනතුරු අඟවයි.

නිසා, ආයෝජන කිරීමට පෙර විශ්වාසනීය “exchange” සේවාදායකයන් (උදා. Binance, Coinbase, Kraken) ගැන හොඳින් පරීක්ෂා කිරීම වැදගත්ය.

 නිගමනය

 

ක්රිප්ටෝ කරන්සි යනු අනාගතයේ මුදල් පද්ධතියක් ලෙස සැලකිය හැකි නව තාක්ෂණික විප්ලවයකි.

එහෙත්, මෙය ආයෝජන මගක් ලෙස භාවිතා කරන විට දැනුම, පරීක්ෂාව සහ අවධානය අත්යවශ් වේ.

අහිමි හිමිකරු

25-11-19

හැදෙන උන් හා හැදුණ උන්


පැරණි පරපුර නොදුටු බෝ දේ
දැක බලාගෙන වැඩුණු අප හට
නිතර සවනට වැටුණු වදනකි
දැන් හැදෙන උන්, කමකටම නෑ!”

නව විලාසෙන් ඇඳුම් ඇන්දම
රැප් හිපොප් සංගීතෙ ඇහුවම
නිතර නිතරම ඇහුණ බැනුමකි
දැන් හැදෙන උන්, කමකටම නෑ!”

හැබැයි ඒවා කොහොම වූවත්
අපේ කාලේ වගෙ නෙවෙයි දැන්
ලෝකෙ හොඳටම වෙනස් වී ඇත
දැන් හැදෙන උන්, කමකටම නෑ!”

තාරක ජයතිලක

25-11-18

ඡායාරූපයක සැඟවුණු සන්සුන්ස ල ෝකය

දිලෙන්ස දිෙ කාර්යබහු වෙ ෝකලේ, මිනිසාට මාෙසික ආතතිය යනු නුහුරු ලෙයක් ලොලේ. රැකියාලේ

පීඩෙය, පවුලේ ගැටලු, සහ ජීවෙ අභිලයෝග හමුලේ සිත සන්සුන්ස කර ගැනීම අෙ ලබාලහෝ ලෙලෙකුට

අභිලයෝගයකි. ලේ සියලු පීඩෙයන්ස අතරින්ස ඔබට මිලෙන්සෙට, ඔලේ සිත නිවා ගන්සෙට, නිර්මාණශීලී

විලෙෝොාංශයක් තිබීම අතිශය වැෙගත් ලේ. සඳහා අපට ඇති අපූරුම විලෙෝොාංශයක් වන්සලන්ස ෙේ

ඡායාරූපකරණයයි. එය හුලෙක් පින්සූර ගැනීමකට එහා ගිය, ආත්ීය ුවයක් ලගෙ ලෙෙ චිකිත්සාවක්

කිවලහාත් නිවැරදිය.

 

සාංලේදී ෙෑසක් ලමන්සම සන්සුන්ස මෙසක්

ඡායාරූපකරණය විලෙෝොාංශයක් ලතෝරා ගැනීලමන්ස මාෙසික ආතතිය අඩු කර ගන්සලන්ස ලකලසේෙ?

ලමහි ඇති ප්රධාෙම රහස වන්සලන්ස, එය අපව වර්තමාෙ ලමාලහාතට ලගෙ ඒමයි. ෙවස පුරා අපලේ සිලතහි

අතීතලේ කෙගාටු සහ අොගතලේ බිය අතර ලෙෝ ෙය වෙ විට, කැමරා කාචයකින්ස ෝකය ලෙස

ලමාලහාතකින්ස පවා, සිත එහිම සන්සුන්ස ලේ.

ලහාඳ ගුණාත්මක ඡායාරූපයක් ගැනීමට ෙේ, ඔබ ආල ෝකය (Lights), වයෙය (Texture), වර්ණ, සහ

සාංයුතිය (Composition) ලකලරහි ෙැඩි අවධාෙයක් ලයාමු කළ යුතුය. එලමන්සම මෙස නිරවුේ කර ගනිමින්ස

අවධාෙය සඳහා බාදිය යුතුය.ලමය භාවොවකදී ලමන්ස මෙස සන්සුන්ස කරයි. ඔලේ සිලත් ඇති අෙවශය

සිතුවිලි සහ පීඩෙයන්ස ඉවත් වී, ඔබ ලේ ලමාලහාලත් ෙකිෙ ලේ ලකලරහි පමණක් අවධාෙය ලයාමු වීලමන්ස,

ආතතිය සේවභාවිකවම පහව යයි.කැමරාවක් ලහෝ smart දුරකථෙයක් රැලගෙ එළිමහෙට යෑම යනු,

පරිසරය සමඟ සේබන්සධ වීමයි.එෙේ බාහිර සමාජය සමඟ ගැටීමයි. සේවභාවධර්මලේ ඇති ුන්සෙරත්වය

ගසක ලකාළයක්, ලපත්තක්, ලවරලළේ රළ ලපළක් ලහෝ හිරු බැස යෙ ෙුෙක්ඔබ ලවෙත්

ලකෝණයකින්ස ෙකින්සෙට පටන්ස ගනී. ලමම ලසාබාෙහේ ුන්සෙරත්වය විඳීම, ඔබලේ මාෙසික ුවතාවයට

සෘජුවම පායි. එය හුලෙක් ඡායාරූපයක් පමණක් ලොව, ඔලේ ඇවිදීම, ෙැවුේ වාතය ැබීම සහ ශාරීරික

වයායාමය වැඩි දියුණු කරයි.

 

ඡායාරූපකරණය යනු, ඔලේ හැඟීේ සහ අෙහසේ ප්රකාශ කිරීලේ එක් මාර්ගයකි. ඔබ දුටු ුන්සෙරත්වය ලහෝ

ඔබට ෙැනුණු සාංලේෙෙයක් ඡායාරූපයක් තුළින්ස සටහන්ස කිරීම, සිතට විශා තෘප්තතියක් ලගෙ ලෙයි. ඔලේ

කැමරා කාචය තුළින්ස ඔබ නිර්මාණය කරෙ කතාව, ඔලේ ලපෞේගලික ලේෙොවන්සලගන්ස ලහෝ

පීඩෙයන්සලගන්ස ඔබව මුෙවා ගනී.එලමන්සම එය නිර්මාණශීලී ප්රකාශෙයකි. ලමය ආත්ම අභිමාෙය වැඩි

දියුණු කරෙ ඉතා වැෙගත් ක්රියාවලියකි.මතක තබා ගන්සෙ, ඡායාරූපකරණය ඔබට ආතතිය අඩු කර ගැනීමට

උපකාරී වන්සලන්ස, ඔබ එය තරඟයක් ලොෙකින්සලන්ස ෙේ පමණි. වැඩිම යික් ගණෙක් ලහෝ වැඩිම

අනුගාමිකයන්ස පිරිසක් බා ගැනීම ලවනුවට,ජීවිත තරඟලයන්ස මඳකට මිදී, තම සතුට ලසායා ගැනීමට ෙේ

ඔබ ගන්සො සෑම ඡායාරූපයකින්සම සතුටක් ැබීමට උත්සාහ කරන්සෙ.

 

කුඩා ලේකින්ස පවා එහි ලවෙසක් හඳුොලගෙ,තවලකකු ලොෙකිෙ යමක් ඔබ ෙකිෙවා ෙේ සැබවින්සම

ඔබයි.ඔබ ෙකිෙ ලේ ලොලේ තවලකකු ෙකිනුලේ,එලසේ ෙේ ඔලේ ලහාඳම මිතුලරකු ලමන්ස ජීවිතලේ

දුෂේකරතා මධයලේ, සිත නිවා ගන්සෙටකැමරා කාචයඔබට ුවිලශේෂී ලමව මක් පමණක් වනු

ලොඅනුමාෙය. ඔබ වටා ඇති ුන්සෙරත්වය කාචයට හු කර ගන්සො අතරතුර, ඔලේ මෙසට ැලබෙ

සන්සුන්ස බව වචෙලයන්ස විසේතර කළ ලොහැකි තරේය.දිවිලේ ඒකාකාරීත්වයට අභිලයෝග කරෙ, සිත නිවෙ

ලේ වලේ විලෙෝොාංශයක් ඔබට තවමත් ෙැතිෙ?

 

එලසේෙේ, ඔලේ කැමරාව අතට ගන්සෙ. ඔලේ නිර්මාණශීලී ෙෑසින්ස ෝකය විඳින්සෙ. ආතතිය දුරු කර,

ජීවිතය ුන්සෙර කරගන්සෙ!

 

රවිශානි ලක්ශාලිකා

කැ ණිය විශේවවිෙයා ය

25-11-17

විවාහ දිනයට පෙර තමන්ගේ සම සුරක්ෂිතව තැබිය යුතු හේතු

ඕස්ට්රේලියාවේ: ලැමින්ටන්

මෘදු ස්පොන්ජ්, චොකලට් වලින් අනූන සහ හිම මෙන් ඉසුනු පොල් කුඩු ආලේපනයක්ඕස්ට්රේලියානු ලැමින්ටන් මෙන් ක්ෂණිකව රස හඳුනාගත හැකි හෝ ආදරණීය රසයන්ගෙන් අනූන කේක් කිහිපයක් තිබේ. මෙම ජාතික වස්තුව ක්වීන්ස්ලන්තයේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ලෝඩ් ලැමින්ටන් නමින් නම් කර ඇති බව විශ්වාස කෙරේ. අරමුදල් රැස්කිරීමකදී, සාදයක ​​දී හෝ තේ/කෝපි කෝප්පයක් සමඟ පිළිගැන්වුවද, ලැමින්ටන් යනු නිවසේදීම සාදා ගැනීමට පුදුම සහගත ලෙස පහසු, නොස්ටැල්ජික් ප්රියතමයකි.

අවශ් ද්රව්:

ස්පොන්ජ් එක සඳහා:
* ලුණු රහිත බටර් ග්රෑම් 125 (මෘදු කළ)
* කැස්ටර් සීනි ග්රෑම් 150
* වැනිලා තේ හැන්දක්
* ලොකු බිත්තර 2
* සෙල්ෆ් රේසිං පිටි ග්රෑම් 180
* කිරි මිලි ලීටර් 125

ආලේපනය සඳහා:
* අයිසිං සීනි ග්රෑම් 250
* කොකෝවා කුඩු ග්රෑම් 30
* උතුරන වතුර මිලි ලීටර් 100
* ලුණු රහිත බටර් ග්රෑම් 20
* වියළන ලද පොල් ග්රෑම් 200

උපදෙස්:

1. ඔබේ උඳුන 180°C (160°C fan) / 350°F / ගෑස් ග්රෑම් 4 පෙර රත් කරන්න. 20cm හතරැස් කේක් ටින් එකක් පාච්මන්ට් කොල යොදා සකස්කර තබාගන්න.
2. බටර්, සීනි සහ වැනිලා සුමට සහ ක්රීම්පැහැ වන තෙක් බීට් කරන්න. බිත්තර එකින් එක එක් කරමින් බීට් කරගන්න.
3. සිනිඳු බැටරයක් ​​එන තුරු පිටි සහ කිරි සමඟ මාරුවෙන් මාරුවට මිශ් කරගන්න. දැන් කලින් සකසා ගත් ටින් එකට වත් කර මුදුන සමතලා කරන්න.
4. විනාඩි 25-30ක් හෝ රන්වන් පැහැයට හැරෙන තුරු සහ මැදට ඇතුළු කළ කූරක් පිරිසිදුව එළියට එන තුරු බේක් කරන්න. ටින් එකේ විනාඩි 5ක් සිසිල් කර, පසුව සම්පූර්ණයෙන්ම සිසිල් වන තෙක් කම්බි රාක්කයකට හරවාගන්න.
5. කේක් එක අවම වශයෙන් පැය 1ක් ශීතකරණයේ තබන්න හෝ යන්තමින් අධිශීතකරණයේ තබාගන්නඑමගින් එය කපා අලංකාර කිරීම පහසු කරයි.
6. හතරැස් කැබලි වලට කපන්න (කෑලි 16ක් පමණ).
7. අයිසිං සීනි සහ කොකෝවා බඳුනකට පෙරා චොකලට් ආලේපනය සාදන්න. උතුරන වතුර සහ බටර් එකතු කර සිනිඳු වන තෙක් කලවම් කරන්න.
8. සෑම ස්පොන්ජ් චතුරස්රයක්ම චොකලට් ආලේපනයේ ගිල්වන්න (පහසුවෙන් ගෑරුප්පු දෙකක් භාවිතා කරන්න), ඉන්පසු පොල් වල රෝල් කරන්න. සැකසීමට කම්බි රාක්කයක් මත තබන්න.

ලැමින්ටන් සාර්ථකත්වය සඳහා උපදෙස්:
* චොකලට් වල ගිල්වීමට පෙර ස්පොන්ජ් එක සිසිල් කරන්නඑය චොකලට් වල කඩා වැටීම වළක්වයි.
* චොකොලට් ආලේප කරන විට කේක් තෙත් ගතිය වැඩිවීම වළක්වා ගැනීම සඳහා ඉක්මනින් ආලේප කරන්න.
* නැවුම්කරනයක් සඳහා, සාම්ප්රදායික ලැමින්ටන් පෙත්තක් සෑදීමට ආලේප කිරීමට පෙර ජෑම් සහ විප්ඩ් ක්රීම් පුරවන්න.
* ලැමින්ටන් දින 5ක් දක්වා වාතය රහිත භාජනයක හොඳින් තබා ගත හැකසමහරු පවසන්නේ ඒවා ඊළඟ දවසේ ඊටත් වඩා රසවත් බවයි!

 

චාරුණී පෙරේරා 

25-11-16

විවාහ දිනයට පෙර තමන්ගේ සම සුරක්ෂිතව තැබිය යුතු හේතු

විවාහ දිනය ඔබේ ජීවිතයේ විශේෂම දවසක්. දින.ඔබේ සම පැහැපත් හා ප්රභාමත් තාබා ,ගැනිම ඉතා වැදගත් 

  1. ඡායාරූප හා වීඩියෝ සඳහා.

විවාහයේ ඡායාරූප සහ වීඩියෝ සදහා පෙනුම අතිශය වැදගත්. නිසි ලෙස සත්කාර කළ සමක් ආරක්ෂා කිරීමේන් විවාහ  දිනෙය මුහුණ make-up එකත් හොඳින් රැඳෙයි.

 

  1. ස්වභාවික ලස්සනේ වැඩි කරගැනීම.

සම පිරිසිදු වීමෙන් සහ මෘදු බව ඇතිවීමෙන් ඔබේ ස්වභාවික රූපය තවත් ලස්සනට පෙනේ

 

විවාහයට පෙර රූපලාවන් උපදෙස්

  1. මාස 3–6කට පෙර ආරම්භ කරන්න
  • සතියකට වාරයක් කහ, මීපැණි, කිරි මිශ් කර සම මත ආලේප නරන්. විනාඩි 20 පසුව පිරිසිදු වතුර සෙදා හරින්
  • බොහෝ වතුර බොන්න, තඹිලි වතුර දිනපතා බොන්න.
  1. ආහාරය හා ජීවන රටාව
  • ගොටුකොල, මුරුන්ගා, අඹ, දෙළුම් වගේ පලතුරු සහ එළවළු වැඩියෙන් ආහාරයට එක් කරන්න
  • තෙල් සහිත කෑම වලින් වළකින්න.
  • දිනපතා මිනිත්තු 15ක් යෝගා හෝ විය්යාම කරන්න
  1. කොණ්ඩා සත්කාරය
  • සතියකට දෙවරක් උණුසුම් තැඹිලි තෙල් + කරපිංචා + දෙහි මිශ්රණය හිසට ආල්ප කරන්න

.

 

  1. ශරීර සත්කාරය
  • කහ + කුංකුම + කිරි මිශ් කර ශරීර scrub එකක් ලෙස භාවිතා කරන්න.
  • ආයුර්වේද ස්පා හෝ හෙර්බල් ස්ටීම් බාත් මසකට වරක් භාවිත කරන්න

මාස 6 පුරාවටම මෙම  සත්කාරයන් කිරීමෙන්  ඔබෙ සම ආරක්ෂා කර විවාහ දිනෙය අලංකාර මානාලියක් විය හැකි 

 

දුලාන්ජලී අලහප්පෙරුම

25-11-15

වරද සැමදාම වරදක් විය යුතුම ද?

වරද එසසේත් නැතිනම් වැරැද්ද යන වචනය ඇසූ සැනින් ඕනිම සෙසනක්සේ සිතට කුතුහලයක් ප්රමුඛ වූ

බියක් දැසනන්නට ගනී. එය එසසේ වන්සන් සියල්ලක්ම පාසහේ වරදට මහා බියක් දක්වන නිසාසවනි. සෙසසේ

සවතත් සියල්ලක්ම වරදට බිය විය යුතුමය. එසසේත් සනාමැති වුවසහාත් සමම සමාජය තුලිතව

පවත්වාසගන යාමට සනාහැකි වනු ඇත.

නමුත් අදවන විට සමාජය තුළ මිනිසුන් වරසද් බැසදන අවසේතා ප්රමාණය ඉහළ සගාසේ ඇත. මිනිසුන් වැරදි

ෙරන ප්රමාණය ඉහළ යන විට එම වැරදිෙරුවන්ට දඩුවම් ලබා දීමට අවශ් ෙරන නීතිය ක්රියාත්මෙ ෙරන

ආයතන වැඩි වශ්සයන් සේතාපනය ෙරනු ඇත. අනුව සපාලීසි, උසාවි, බන්ධනාගාර දිසනන් දින වැඩි වන

වැරදිෙරුවන්, අපරාධෙරුවන් සමල්ල කිරීමට පිහිටුවනු ඇත. සම් ආොරයට මිනිසුන් වරසද් බැදීම අවම

ෙරගැනීමට නම් මිනිසාට කුඩා ෙළ සිටම නිසි අධයාපනයක් ලබා දිය යුතුය. කුඩා දරුසවක් හට ලබා සදන

අධයාපනය පළමුසවන්ම ආරම්භ වන්සන් නිවසසනි. එය ප්රාතමිෙ සමාජානුසයෝජනය සලස හදුන්වයි.

ඉන්පසු සදවැනියට අධයාපනය ලබා සදන්සන් පාසසලනි. එය ද්ීතීයිෙ සමාජානුසයෝජනය සලස නම්

සෙසේ. අනුව පාසල යනු මිනිසුන්සේ යහපත නිේමාණය කිරීමට විශ්ාල කර්ර්යභාරයක් ඉටු ෙරන සමාජ

ආයතනයකි. “එක් පාසලක් වැසසන විට බන්ධනාගාර තුනක් ඇසේයනුසවන් පවතින ප්රසිද්ධ කියමන

ඇතිීමට පාසල සතුව පවතින වැදගත්ෙම මහත් සසේ ඉවහල් වන්නට ඇත.

අනුව කුඩා ොලසේ සිටම නිවසින් සහෝ පාසසලන් ලැබිය යුතු අධයාපනය නිසි පරිදි සනාලැබීම

නිසාසවන් මිනිසසකු කුඩා ෙළ සිටම සනාමග යෑසම් ප්රවණතාවයක් පවතී. නිසාම දරුවන්ට කුඩා

අවධිසේ සිටම නිසි අධයාපනයක් ලබා දීම සදමාපියන්සේ හා ගුරුවරුන්සේ විශ්ාල වගකීමකි. ඕනෑම

පුද්ගලයකු ඕනෑම සදයක් එක්වරම නිවැරදිව සිදු ෙරන්සන් නැත. සමය අතීත විද්වතුන් යම් යම් නයායන්

හරහා සාෙච්චා සොට ඇත. එයට ෙදිම නිදසුනක් වන්සන් . එල්. සතෝන්සඩායික් විසින් ඉදිරිපත් ෙරනු

ලැබූ තැත් වරද ඉසගනුම් නයායයි. සමය මුලින්ම සයාදාගත්සත් සතුන් හටය. සතුන් පරීක්ෂාවට සයාදාසගන

වැරදි වැරදි ඔවුන් නිවැරදි සද් සිදු කිරීමට ෙටයුතු ෙරන ආොරය සමහි දී පරීක්ෂා ෙරන ලදී.

ආොරයටම මිනිසාට සමය සයාදාගැනීමට හැකි සේ. එහි දී වැරැද්දක් සිදුවන විට එයට ඍජුවම දඩුවමක්

ලබා සදනවා සවනුවට සිදුෙළ වැරැද්ද පිළිබදව නිසි අවසබෝධයක් ලබා සදමින්, එසලස වැරැද්ද සිදු කිරීසමන්

සිදුවන අලාභයන් ගැන මනාව වටහා ගැනීමට අවොශ් සලසමින් නැවත එවන් වැරදි සිදු සනාකිරීමට

වගබලා ගැනීමට උගන්වනු ලබයි. වසේම නිවැරදි සදයක් සිදුෙළ විට එයට ප්රශ්ංශ් ෙරමින් තයාග ලබා

දීසමන් තව තවත් එවන් සද්වල් සිදු කිරීමට දිරිගැන්ීම් එෙතු ෙරනු ලැසේ. සමය තයාග හා දඩුවම්

ෙරමසේදය සලස හදුන්වයි.

අදවන විට සමාජය තුල මිනිසුන් සිදු ෙරන සෑම වැරදි ක්රියාවෙටම ඉතාමත් පහසුසවන් නිවැරදි සද්

අවසබෝධ ෙරවමින් ඒවා සාමනයෙරණය කිරීමට සනාහැකි වුවත් සිදුෙරනු ලබන වැරැද්දට නිසි දඩුවම්

පැමිනීමකින් පසුව සහෝ එම තැනැත්තන්ව සාමානය සමාජයට එෙතු ෙරගනිමින් ඔවුන්ව නැවතත් වරදට

 

සපළඹීමට ඇති ඉඩ අවම කිරීමට හැකි සේ. නමුත් සමාජය සතය වශ්සයන්ම සිදු ෙරන්සන් එය ?

වැරැද්දක් සිදු වූ විට එයට දඩුවම් ලැබීසමන් අනතුරුව එම පුද්ගලයා සදස වැරදිොරයා යන සෙෝණසයන්ම

බැලීම හා ආොරයටම සැලකීම නිසා තව තවත් එම තැනැත්තා වරසද් බැසදනවා මිස නිවැරදි මාවතට

පැමිනීමට ඇති ඉඩ ෙඩ සම්ූේණසයන්ම ඇසිරී යනු ඇත.

නමුත් සමසේත සමාජයටම එෙට එෙතු වැරදිෙරුවන් සලස හංවඩු ගසා ඇති පුද්ගලයන් හට ඔවුන්ට සුදුසු

දඩුවම් පැමිණීසමන් පසු ඔවුන් සදස ොරුණිෙව බලමින් නිවැරදි මාවතෙට පැමිසණන සතක් ඔවුන්ට

උපොර කිරීමට හැකි නම් සමම සමාජය තිසබනවාටත් වඩා සුන්දර තැනක් වනවා නියතය. නිදසුනක් සලස

ගතසහාත් තමාසේ ආත්මාරක්ෂාවට මිනිමැරුමක් සිදු ෙල පුද්ගලසයක් බන්ධනාගාරගත පැමිණි විට එම

තැනැත්තාට එම ක්රියාව ගැන පසුතැීමට සහෝ ඉඩක් සනාතබාම ඔහු සෙසරහි මිනීමරුවා යන

දෘෂේිසෙෝණසයන් දිගින් දිගටම බැලීසමන් එම තැනැත්තා තම වැරද්ද නිවැරදි ෙරගන්නවා සවනුවට තවත්

වරසද්ම ගිලී යයි. බියක් සනාමැතිවම වැරදි සිදු ෙරයි. අනුව ගත් විට වැරදි පුද්ගලයකු නිවැරදි පුද්ගලයකු

බවට පත් කිරීමටත්, නිවැරදි පුද්ගලයකු වැරදි පුද්ගලයකු බවට පත් කිරීමටත් ඇති වගකීම නිවැසියන්ට

හා ගුරුවරුන්ට සමන්ම සමසේත සමාජයටම පවතින්නකි.

නිසාම වරද වරදක් සලසම සෑමදාම පැවතිය යුතු නැත. ඕනෑම වැරද්දක් නිවැරදි කිරීමට හා නිවැරදි

ෙරගැනීමට සෑම පුද්ගලසයකුටම අවොශ් සැලසිය යුතුමය.


චසමෝදයා එදිරිසිංහ

25-11-14

එක්සත් රාජධානියේ දේවි ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය.

එක්සත් රාජධානියේ දේවි ආදි ශිෂ්යාවන්ගේ සංගමය (Devi Past Pupils’ Association of the United Kingdom – Devi PPA UK) 1991 දී එක්සත් රාජධානියේ පදිංචි වූ ආදි දේවි බාලිකාවන් විසින් ස්ථාපිත කරන ලදී. 2026 දී මෙමෙ සංගමය “Coral Anniversary” සන්ධිස්ථානයට ළඟාවීම, සංවිධානය ස්ථාපනය කිරීමට උර දුන් අයගේ අනගි ජයග්රහණයකි. පසුගිය අවුරුදු 34 පුරා මෙම සංගමය කටයුතු කොට ඇත්තේ මූලික අරමුණු දෙකක් සාක්ෂාත් කරගැනීමටයි.
ශ්රී ලංකාවේ දේවි බාලිකා විද්යාලයේ ශිෂ්යයන්ගේ අධ්යාපනය ඉදිරියට ගෙන යාම සඳහා අධ්යාපනික සම්පත් හා ආර්ථික ආධාර සැපයීම.
එක්සත් රාජධානියේ පදිංචි පුරවැසිවරුන්, ගුරුවරුන් සහ පවුල් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම.
2025 අගෝස්තු මාසයේදී මෙම සංගමය නිල වශයෙන් සත්කාරක ආයතනයක් (charitable organisation) ලෙස ලියාපදිංචි කරන ලදී. වසර පුරා සංස්කෘතික වැඩසටහන් සහ අනෙකුත් උළෙලවල් උළෙලවල් සංවිධානය කරමින්, පවත්වාගෙන යමින්, එකී අවස්ථාවන් වල රැස්වෙන මූල්යමය සම්පත් ප්රධාන වශයෙන්මඋපාධිධාරී ශිෂ්යත්ව වැඩසටහනසඳහා යෙදවීම සුවිශේෂී කාර්යයක් ලෙස නම් කල හැක. 2003 දී ආරම්භ වූ මෙම සත්කාර වැඩසටහන, විශ්වවිද්යාල, අධ්යාපනික ගැටළු හා ආර්ථික අපහසුතා අත්විඳින දේවි ශිෂ්යාවන්ගේ වෙනුවෙන් වැයවේ. 2009 දී සම්මත වීමෙන් අනතුරුව මෙම සංගමය විසින් ශිෂ්යත්ව ලබාදුන් සිසුවියන් පිරිස 100කට වැඩි සංඛ්යාවක් වෙයි. මෙම සහාය ඔවුන්ට ඔවුන්ගේ අධ්යාපනික සිහිනයන් ඉටු කර ගැනීමට හා විවිධ වෘත්තිමය ක්ෂේත්රවලට පිවිසීමට උපකාරී වී ඇත. එමඟින් ශ්රී ලංකාවේ බුද්ධිමය හා වෘත්තිමය ප්රජාවට සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇත.

දේවි ආදි ශිෂ් සංගමය සංවිධානය කල සංස්කෘතික උත්සවයන් අතරින්දේවි කලා උළෙලමුල් තැනක් ගනී. 2024 සැප්තැම්බර් මාසයේදී සාහිත් මාසය සමරමින් මුල්වරට පැවැත්වුණු දේවි කලා උළෙල මෙවරද අතිසාර්ථක ප්රවේශයක් ගනිමින්, සහෝදර පාසල් වල ආදි සිසු සංගම්ද එක් රොක් කරගනිමින්, 2025 සැප්තැම්බර් 21 වැනිදා, Watford Grammar School for Boys හි James Theatre හිදී දෙවන වරටත් පැවැත්විණි. එක්සත් රාජධානියේ ආදි සිසු සංගම් 20කට ආසන්න සංඛ්යාවක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, සම්ප්රදායික සංගීත, නර්තන, නාට්, සහ ගැහැණු හා පිරිමි කණ්ඩායම් අතර තරග විවාදයන්ද මෙහි විශේෂාංග විය.
කවිය, කෙටිකතා, හා ලිවීමේ වෙනත් කලාවන් සදහා තරගද පැවැත්විණි. ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් විනිශ්චය කරන ලද මෙම තරගවල ජයග්රාහීන්ට ඔවුන්ගේ නිර්මාණාත්මක දායකත්වය පිළිබඳව සම්මාන පිරිනමන ලදී.

එක්සත් රාජධානියේ දේවි ආදි ශිෂ් සංමයෙහි ක්රියාකාරකම් විශ්වාසනීයව මඟ පෙන්වනු ලබන කමිටුවකින් සංවිධානය වන අතර, 2025/2026 වර්ෂයට ගයනි වීරසිංහ මහත්මිය සභාපතිනිය ලෙසත්, ගෝතමී වීරකෝන් මහත්මිය උප සභාපතිනිය ලෙසත් කටයුතු කරයි. ඊට අමතරව ,ඉමල්කා රත්නායක සහ තේජා කලුබෝවිල මහත්මීන් සම ලේකම් ලෙසත්, ජෙනිෆර් පෙරේරා මහත්මිය භාණ්ඩාගාරික ලෙසත්, උදේනි සමරවික්රම මහත්මිය උප භාණ්ඩාගාරික ලෙසත් මේ වසරේ කටයුතු කරයි. මෙම වසරේ පැවැත්වූ දේවි කලා උළෙලෙහි සේයාරූ කිහිපයකින් ලිපිය හැඩ ගන්වමින්, එක්සත් රාජධානියේ දේවි ආදි සිසුවියන්ගේ සංගමයට තව තවත් දිරිය සවිය ප්රාර්ථනා කරමි.

 

සේයාරූප්රනීත් හෙට්ටිආරච්චි



දිමුතු සේනාදි

25-11-13

Facebook Monetization

ඔන්න අද අපි අරගෙන ඇවිත් තියෙනවා මේ දවස් වල trending මාතෘකාවක් ඉතින්

ඔයාලත් මේක කියවලා අපි Magazine හා එක් වෙනවාට ඔයාලා හැමෝටම ගොඩාක්

ස්තූතියි.ඩිජිටල් ලෝකයේ අන්තර්ගත නිර්මාණය (Content Creation) යනු තවදුරටත්

විනෝදාංශයක් පමණක් නොවේ. එය මුදල් ඉපයිය හැකි, වෘත්තීය මට්ටමේ ක්ෂේත්රයකි.

ශ්රී ලංකාවේ සිටින Facebook භාවිතා කරන ඔබටත් ඔබේ නිර්මාණශීලී අන්තර්ගතයන්

මුදල් බවට පත් කර ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබේ.

මෑතකදී ශ්රී ලංකාවට Facebook Monetization පහසුකම නිල වශයෙන් විවෘත කිරීමත්

සමඟ, සිංහල භාෂාවෙන් අන්තර්ගතයන් නිර්මාණය කරන අපේ රටේ නිර්මාණකරුවන්ට

සිය වීඩියෝ, රීල්ස් (Reels), සහ අනෙකුත් පළ කිරීම් හරහා සෘජුවම මුදල් ඉපයීමේ

 

හැකියාව ලැබී ඇත.

මෙම ලිපියෙන් Facebook Monetization යනු කුමක්ද, එයින් මුදල් උපයන්නේ කෙසේද, සහ

ඊට සුදුසුකම් ලැබීමට අවශ් දෑ ගැන සවිස්තරාත්මකව දැනුවත් වෙමු.

 

Facebook Monetization යනු කුමක්ද?

Facebook Monetization යනු අන්තර්ගත නිර්මාණකරුවන්ට (Creators) ඔවුන්ගේ Facebook

පිටු (Pages) හෝ වෘත්තීය ගිණුම් (Professional Accounts) හරහා මුදල් ඉපයීමට Facebook

විසින් සපයන මෙවලම් සහ වැඩසටහන් සමූහයකි. ඔබේ අන්තර්ගතය නරඹන පිරිස

(Audience) සහ ඔවුන්ගේ නියැලීම (Engagement) මත පදනම්ව ඔබට මුදල් ඉපයීමට

මෙයින් අවස්ථාව ලැබේ.

මුදල් ඉපයීමේ ප්රධාන ක්රම (Key Monetization Tools)

මෑත කාලීන යාවත්කාලීන කිරීම් අනුව Facebook විසින් සිය මුදල් ඉපයීමේ වැඩසටහන්

ඒකාබද්ධ කර Facebook Content Monetization Program නමින් නව වැඩසටහනක් හඳුන්වා

දී ඇත. කෙසේ වෙතත්, සාමාන්යයෙන් පහත සඳහන් ආකාරයට ඔබට මුදල් උපයා ගත

හැක.මම ක්රම මේ විදියට ලියන්නම් කරුණු වශයෙන්.

 

  1. In-Stream Ads (වීඩියෝ තුළ දැන්වීම්)

දිගු වීඩියෝ (අවම වශයෙන් මිනිත්තු 3ක්) අතරතුර ධාවනය වන කෙටි දැන්වීම් හරහා

ආදායමක් ලැබෙන ක්රමය මෙයයි.

  • සුදුසුකම් අවශ්යතා (සාමාන්යයෙන්):
  • අවම වශයෙන් Followers 10,000 ක් සිටිය යුතුය.
  • පසුගිය දින 60 තුළ මිනිත්තු 600,000 නැරඹුම් කාලයක් (Watch Time) සම්පූර්ණ කර

තිබිය යුතුය.

  • සක්රීය වීඩියෝ 5ක් වත් තිබිය යුතුය.
  1. Ads on Reels (රීල්ස් දැන්වීම්) සහ Performance Bonus

 

මෙය කෙටි වීඩියෝ (Reels) හරහා මුදල් ඉපයීමේ ක්රමයකි. ඔබගේ Reels හි දර්ශන වාර

(Views) සහ නියැලීම (Engagement) මත පදනම්ව ආදායමක් ලැබේ.

  • Facebook Content Monetization වැඩසටහන යටතේ Reels, වීඩියෝ, ඡායාරූප, සහ සරල

 

text posts පවා ඒවායේ කාර්ය සාධනය (Performance) මත පදනම්ව මුදල් ඉපයීමට

සුදුසුකම් ලබයි. මෙම නව වැඩසටහනට ආරාධනා (Invite-only) ලැබීමෙන් හෝ

Professional Dashboard හරහා ඔබගේ උනන්දුව ප්රකාශ කිරීමෙන් (Express Interest)

සම්බන්ධ විය හැක.

  1. Stars (තාරකා)

නරඹන්නන්ට ඔවුන් කැමති නිර්මාණකරුවන්ට සජීවී (Live) වීඩියෝ හෝ සාමාන්

වීඩියෝ නරඹන අතරතුර 'Stars' මිලදී ගෙන යැවිය හැක. ලැබෙන සෑම Star එකක්

සඳහාම නිර්මාණකරුට මුදල් හිමි වේ.

  • සුදුසුකම් අවශ්යතා:
  • Facebook හි ප්රතිපත්ති වලට අනුකූල වීම.
  • අඛණ්ඩ දින 30ක් පුරා අවම වශයෙන් Followers 500 ක් සිටිය යුතුය.
  • වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබිය යුතුය.

 

  1. Fan Subscriptions (අනුගාමික දායකත්ව)

අනුගාමිකයින්ට මාසික ගාස්තුවක් ගෙවා ඔබේ පිටුවේ සුවිශේෂී අන්තර්ගතයන්

(Exclusive Content) සහ විශේෂ වරප්රසාද ලබා ගැනීමට මෙයින් අවස්ථාව ලැබේ.

  • සුදුසුකම් අවශ්යතා:
  • අවම වශයෙන් Followers 10,000 ක් හෝ නිරන්තරයෙන් පැමිණෙන නරඹන්නන් 250+

ක් සිටිය යුතුය.

  • අදාළ Engagement අවශ්යතා සපුරා තිබිය යුතුය.

Facebook Monetization සඳහා ශ්රී ලංකාවේ නිර්මාණකරුවන් සූදානම් විය යුත්තේ කෙසේද?

මුදල් ඉපයීමට සුදුසුකම් ලැබීමට පෙර පහත මූලික කරුණු කෙරෙහි අවධානය යොමු

කිරීම අත්යවශ් වේ.

 

  1. නීතිරීතිවලට අනුකූල වන්න
  • Partner Monetization Policies: Facebook හි මූලික නීතිරීති හා ප්රමිති වලට අමතරව මුදල්

 

ඉපයීම සඳහා වන විශේෂ ප්රතිපත්ති (Partner Monetization Policies) පිළිබඳව දැඩි

අවධානයක් යොමු කරන්න.

  • ප්රකාශන හිමිකම් (Copyright) ගැටළු: වෙනත් අයගේ වීඩියෝ, සංගීතය හෝ ඡායාරූප

අවසරයකින් තොරව භාවිතා කිරීමෙන් වළකින්න. මුදල් ඉපයීමට නම් ඔබේ

අන්තර්ගතය සම්පූර්ණයෙන්ම ඔරිජිනල් (Original) විය යුතුය.

  1. ගුණාත්මක අන්තර්ගතය (Quality Content)
  • අගය එකතු කරන්න: ඔබේ නරඹන්නන්ගේ ගැටළු විසඳන, ඔවුන්ට දැනුම හෝ

විනෝදය ලබා දෙන ගුණාත්මක සහ ආකර්ශනීය අන්තර්ගතයන් නිතිපතා පළ කරන්න.

  • නියැලීම වැඩි කරන්න: ප්රශ්න අසමින්, අදහස් (Comments) වලට පිළිතුරු දෙමින්, සහ

සජීවීව (Live) විකාශනය කරමින් නරඹන්නන් සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වා

ගන්න.

 

  1. සුදුසුකම් පරීක්ෂා කිරීම සහ සැකසීම
  • Meta Business Suite / Professional Dashboard: ඔබේ පිටුව හෝ ගිණුම අවශ්යතා සපුරා

ඇත්දැයි පරීක්ෂා කිරීමට සහ Monetization මෙවලම් සකස් කිරීමට මෙම වේදිකාව

භාවිතා කරන්න.

  • Monetization Tab: Meta Business Suite හි ඇති Monetization කොටසට ගොස් ඔබේ පිටුවට

විවෘත වී ඇති මෙවලම් සහ ඒවාට සුදුසුකම් ලැබීමට අවශ් දෑ පරීක්ෂා කරන්න.

 

  1. ගෙවීම් සැකසීම (Payout Setup)
  • මුදල් ඉපයීම ඇරඹීමෙන් පසු ඔබට ඔබේ බැංකු ගිණුම (බැංකු විස්තර, Swift Code

ආදිය) සහ අනෙකුත් ගෙවීම් තොරතුරු Facebook හා සම්බන්ධ කිරීමට අවශ් වනු ඇත.

ශ්රී ලංකාවට මේ සඳහා විදේශ මුදල් හුවමාරු කළ හැකි ගිණුම් අවශ් වේ.

 

Facebook Monetization යනු එක රැයකින් ධනවත් වන මාර්ගයක් නොවේ. එයට කැපවීම,

නිරන්තරයෙන් ගුණාත්මක අන්තර්ගතයන් සැපයීම සහ Facebook නීතිරීතිවලට ගරු

කිරීම අවශ් වේ. ශ්රී ලංකාවේ නිර්මාණකරුවෙකු ලෙස, මෙම අවස්ථාවෙන් උපරිම

ප්රයෝජන ගෙන, ඔබේ දක්ෂතා මුදල් බවට පත් කර ගැනීමට මෙය රන් අවස්ථාවකි!

 

P.K.D.Manujaya

(BSc Hons. In Computer Science, Social Media Strategists, Dip in HRM, Dip in Finance

Management, Dip in Production Management , Dip in Sales Management )

+9476 2209299

Www.dilshanmanujaya.com

Yes.manujaya@gmail.com

25-11-12

කාන්තා පාර්ශ්වය ලුහුබඳින CTS

වයස අවුරුදු 30-60 අතර වූ බොහොමයක් කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයක් ලෙසට CTS හෙවත් Carple Tunnel syndrome තත්ත්වය හැඳින්විය හැක. ලෝක ජනගහනයෙන් 4.25% පිරිසක් පීඩා විඳින මෙම රෝග අවස්ථාව කාන්තාවන් හට වැළඳීමේ හැකියාව පිරිමි පාර්ශ්වයට වඩා 3 ගුණයක ප්රවණතාවක් ඇත.
CTS යනු අතෙහි මැණික් කටුව ආශ්රිතව අභ්යන්තර ව්යුහාවේ පවතින වලලු ආකාර කුහරමය ගමන් පථය (tunnel) පටු වීම, ආශ්රිත පටක ප්රදාහයට ලක්ව ඉදිමීම, අතෙහි ඇඟිලි කරා ස්නායු ආවේග සම්ප්රේෂණය සිදු කරන ප්රධාන ස්නායුව මත නිතර පීඩනයක් යෙදීම හා අතෙහි රුධිර සැපයුම අඩාල වීම යන ප්රධාන හේතූන් නිසා හටගන්නා රෝග අවස්ථාවකි.

දුරකථනය හෝ පුවත්පත අතට ගත් විට හෝ වාහනයේ සුක්කානම මත අත තැබූ විට ඉහත වේදනා හටගනී නම් බොහෝ විට එය CTS රෝග අවස්ථාව විය හැකිය.
රාත්රියේදී වේදනාව අධික වීම හේතුවෙන් නින්ද නොයෑම මෙන්ම උදෑසනට අතේ හිරියක් පැවතීම ප්රධාන රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබේ.

අතට ස්නායු ආවේග සපයන ප්රධාන ස්නායුව වන median nerve (මධ් ස්නායුව) මත අනවශ් පීඩනයක් නිතර යෙදීමෙන් පසු කාලීනව හිරිය, ක්ෂණිකව හිරි වැටී යාම, අස්වාභාවික දැනීම්, වේදනාව, දැවිල්ල හා අතෙහි ක්රියාකාරීත්වය දුර්වල වීම සිදු වේ.
නිසි ප්රතිකාර සඳහා යොමු නොවීම හේතුවෙන් ස්ථිර ස්නායු හානිය, මහපට ඇඟිල්ලේ අස්ථීන් විකෘති වීම හා මාංශ පේශි ක්ෂය වීම පවා සිදු විය හැක.
ආයුර්වේද වෛද් විද්යාත්මකව ස්ථිර ලෙසටම බටහිර රෝග විනිශ්චයන් සමඟ සමපාත කළ නොහැකි රෝගී තත්ත්වයක් වුවද CTS සඳහා සාර්ථක ප්රතිකාර පද්ධතියක් ආයුර්වේද ප්රතිකාර සතු වේ.

රෝග හේතු :-
කාන්තා හා වයස්ගත පුද්ගලයන් හට පහසුවෙන් වැළඳීමේ ඉහළ සම්භාවිතාවයක් ඇත.
ජානමය හේතුඇතැම් පුද්ගලයන්ට උපතින්ම ශරීර රචනාත්මක වෙනස්වීමක් ලෙස මෙම කුහරමය පථයෙහි (tunnel) පටු වීම පවතී. එමනිසා තුළින් ගමන් කරන ස්නායු මත පීඩනයක් යෙදීම නිරන්තරයෙන් සිදු වේ. පවුලේ අනෙක් අය අතර රෝග ඉතිහාසයක් පවතී නම් රෝගය හට ගැනීමේ ඉහළ හැකියාවක් පවතී.
සන්ධීන්ගේ අධික්රියාකාරීත්වයඅත හා මැණික් කටුව වෙහෙසවමින් එකම කාර්ය්යක බොහෝ වේලාවක් නිරත වීම නිසා අතෙහි හා මැණික් කටුව ආශ්රිතව බන්ධනී හා ඛණ්ඩරා මත ඇති කරන අනවශ් පීඩනය හේතුවෙන් සන්ධි ආශ්රිත ප්රදාහ තත්ත්ව පහසුවෙන් හට ගනී. එමනිසා සන්ධිය වටා ඉදිමීම සිදුවන අතර ඉදිමුම මඟින් නැවත නැවතත් ස්නායුව මත පීඩනයක් ඇති කරයි.

අතෙහි හා මැණික් කටු සන්ධිය ආශ්රිත චලනයන්ගේ ඇදීම්, තෙරපීම්, අනවශ් තරමට වඩා නැවීම් බොහෝ කාලයක් පුරාවට සිදුවීම හේතුවෙන් ස්නායුව මත පීඩනයක් නිරන්තරයෙන් ගොඩනැගේ. පසුකාලීනව CTS රෝගය ඇතිවීමට එය හේතු වේ.
ගර්භණීභාවය සමඟ ඇතිවන හෝර්මෝනමය වෙනස් වීම් හේතුවෙන් ශරීරයේ සන්ධි ආශ්රිත ඉදිමීම නිසා මධ් ස්නායුව මත පීඩනයක් ගොඩනැගීම සිදු වේ.

මැණික් කටු සන්ධියේ ඇතිවන අස්ථි බිඳීම්, අවහන්දි වීම්, රුමොටොයිඩ් ආතරයිටීස් වැනි ආතරයිටීස් තත්ත්ව නිසා කුඩා සන්ධීන්ගේ ස්වරූපයේ වෙනස්කම් ඇති වීම නිසා පසු කාලීනව මෙම රෝග තත්ත්වය ඇතිවීමේ හැකියාව පවතී. එමෙන්ම Carple tunnel ප්රදේශය කාන්තාවන්ගේ පිරිමින්ට සාපේක්ෂව කුඩාවට පිහිටා ඇති බැවින් කාන්තා පාර්ශ්වය අතර රෝගය හට ගැනීම ඉහළ අගයක් ගනී.
ස්නායු ආඝාත හා ඇතැම් කාලීන රෝග දියවැඩියාව නිසා පසු කාලීනව සිදුවන ස්නායු හානි වීම නිසා අතට ස්නායු ආවේග සම්ප්රේෂණය සිදු කරන මධ් ස්නායුවට හානිවීමත්, ඇතැම් ඖෂධ භාවිතය, ආර්තවාභාවය හා
තයිරොයිඩ් ග්රන්ථිය ආශ්රිත රෝග, වකුගඩු අකර්මණ් වීම, වසා ග්රන්ථි ප්රදාහ වැනි රෝග අවස්ථා වලදීත් CTS ඇතිවීමේ ප්රවණතාවක් පවතී.

රෝග ලක්ෂණ :-
හිරිය, අසාමාන්/අස්වභාවික දැනීම්, දැවිල්ල, වේදනාව, මුල්ම අවස්ථාවේදී අතෙහි මහපට ඇගිල්ලේ සිට වෙදගිල්ල දක්වා (lateral half of ring finger) රෝග ලක්ෂණ හට ගනී.
රාත්රී කාලයේදී වේදනාව ප්රමුඛ රෝග ලක්ෂණ උත්සන්න වේ.
ඇඟිලි වල එකවර විදුලියක් දිවයන්නා මෙන් වේදනාවක් ඇතිවේ. ඇඟිලි වලින් ආරම්භ වී අත දිගේ ඉහළට දිවයන වේදනාව හා හිරිය ක්රමයෙන් හට ගනී.
අතෙහි හටගන්නා දුර්වලත්වය හේතුවෙන් අතෙන් සිදු කරන සියුම් ක්රියාවලි, උදාහරණ ලෙස කමිසයක බොත්තම් දමා ගැනීම වැනි දේ සිදු කිරීමට පවා නොහැකි වේ.
හිරිය, මාංශ පේශි දුර්වලත්වය හා පේශි සමායෝජනයේ අඩාලත්වය හේතුවෙන් රෝග ලක්ෂණ තීව් වී, අතට ගත් දේ බිම වැටීම පවා පසු කාලීනව සිදු වේ.
රෝගය ඇති වීම ක්රමක්රමයෙන් සිදු වන අතර රෝගය හටගත් පසු රෝග ලක්ෂණ කිහිපයක් එකවර තීව් ලෙස ඉස්මතු වේ. මුල් කාලයේදී රෝග ලක්ෂණ ඇති වීම දිනයේ ඇතැම් විට පමණක් වුවද පසු කාලීනව දිනය පුරා පැවතිය හැක.
නින්දට පවා බාධා ගෙනදෙමින්, එදිනෙදා වැඩ වලට පවා පීඩා ගෙන දෙන පරිදි රෝග ලක්ෂණ පවතින අවස්ථාව වනතුරු බොහෝ රෝගීන් වෛද් ප්රතිකාර සඳහා යොමු නොවේ. මෙම අවස්ථාවේදීත් ප්රතිකාර නොලැබ නොසලකා හැරීමෙන් ස්නායු හා මාංශපේශීන්හි ස්ථිර හානි වීම් සිදු විය හැක.

ඇඟිලි වල සංවේදනය හා මාංශ පේශී ශක්තිමත් බව පරීක්ෂා කිරීම මගින් වෛද්යවරුන් විසින් රෝගය නිශ්චිතව තහවුරු කර ගන්නා අතර මැණික් කටු සන්ධියෙන් අත නැවීමේදී මෙන්ම, මධ් ස්නායුව මදක් තෙරපීමේදී වේදනාව අධික වීම රෝගය හඳුනා ගැනීමේ ප්රධාන ලක්ෂණ වේ.
මීට අමතරව X-ray හා Scan පරීක්ෂණ මගින් වෙනත් රෝගයන්ගෙන් වෙන්කර හඳුනා ගනිමින් නිවැරදි රෝග විනිශ්චය පහසුවෙන් සිදුකළ හැක.

මාංශපේශීන්ගේ හා මධ් ස්නායුවේ (median nerve) නිසි ක්රියාකාරීත්වය පරීක්ෂා කිරීමට නවීන වෛද් විද්යාවේ දී Electromyography පරීක්ෂණ භාවිතා වේ.

බටහිර වෛද් විද්යාවේ සිදුකරන ශල් කර්ම මගින් රෝග ලක්ෂණ අඩු කිරීම සිදු වුවද නැවත රෝගය ඇතිවීමත්, උපද්රව හට ගැනීමත්, ඇතැම්විට ඇතිවන අතුරු ප්රතිවිපාක හේතුවෙන් සන්ධියේ ක්රියාකාරීත්වය කෙරෙහි අහිතකර බලපෑම් පසු කාලීනව ඇති විය හැකිය.

ආයුර්වේද වෛද් විද්යා මූලධර්මානුකූලව වාත ව්යාධි රෝගයක් වන බැවින් ප්රකුපිත වාත දෝෂය හා බැඳි රෝග ලක්ෂණ වලින් යුක්ත මෙම රෝගයට ස්නේහ යුක්ත මෘදු විරේචන සහිත වාත ව්යාධි චිකිත්සා ප්රත්යක්ෂ ප්රතිඵල ලබා දේ. කෂාය, චූර්ණ, වටී, ගුග්ගුලු, තෛල, ඝෘත හා රස ඖෂධ භාවිතය සාර්ථක ප්රතිඵල ලබා දෙන අතර අභ්යංග, ඌෂ්ණ ස්වේද, උපනාහ ස්වේද, බන්ධන (bandage) යෙදීම, පිචු, ලේපන, ධාරා, නස්, රක්තමෝක්ෂණ හා අග්නි ප්රතිකාර ක්රම සාර්ථක බාහිර ප්රතිකාර ලෙස දක්වා ඇත.


ආයුර්වේද වෛද් විද්යාවට අනුවමනිබන්ධ මර්මයමැණික් කටු සන්ධිය ආශ්රිතව පිහිටා ඇති අතර මර්මය පීඩාවට පත් වීම රෝගය හට ගැනීම හා උත්සන්න වීමට හේතු වේ. දීර්ඝ කාලීනව මර්මය පීඩාවට පත් වීමෙන් අතෙහි ක්රියාහානිය පවා සිදු විය හැක. එමෙන්ම හදිසි අනතුරු හේතුවෙන් මර්මය පීඩාවට පත්වීමෙන් පසු රෝගය හට ගන්නා අවස්ථාවන්ද පවතී. රෝග ලක්ෂණ හටගත් මුල්ම අවස්ථාවේදී ප්රතිකාර වෙත යොමු නොවීමෙන් රෝග ලක්ෂණ තීව් වීමත්, රෝගය සුව වීමට කල්ගත වීමත් සිදු වේ.
රෝග ලක්ෂණ උත්සන්න වීමේදී අත දිගේ ඉහළට වේදනාව පැතිර යාම දක්නට ලැබෙන අතර, මෙම අවස්ථාව ආයුර්වේද වෛද් විද්යාවේ සඳහන්විශ්වාචීරෝග අවස්ථාව (Brachial neuralgia) හා සැසඳීම සිදු කළ හැක.

හිතකර ක්රියා :-
කාර්ය්යන්ගේ නිරත වීමේදී යොදන බලය අවම කිරීම හා විවේකය ලබා දීම. උදා:- යතුරුපුවරුවක ක්රියාවේ යෙදේ නම් පීඩනයකින් තොරව යතුරු එබීම සිදු කළ යුතුය. ලිවීමේදී ප්රමාණයෙන් ලොකු පෑනක් භාවිතා කිරීම හා මෘදු ලෙස අල්ලා ගැනීමට හැකි වන අයුරින් සකසා ගැනීම මෙන්ම මෘදුව ලිවීමට උත්සාහ ගැනීම කළ යුතුය.
කඩින් කඩ විවේක ගැනීමත්, අල්ල දිගහැර ඇඟිලි විහිදුවීම හා මැණික්කටු සන්ධියෙන් දෙපසට අත නවමින්, දිගහරිමින්, සෙමෙන් කරකවමින් අතට ව්යායාම ලබා දීමත් සිදුකළ යුතුය.

බෙල්ලේ හා උරහිස්මාංශපේශීන්ගේ තද බවද ස්නායු තෙරපීමට හේතු විය හැකි බැවින් ඇඟිලි හා අතෙහි වේදනාව ගෙන දිය හැකිය. එබැවින් නිවැරදි ඉරියව් භාවිතය අනිවාර්යයෙන්ම කළයුතුය.
එමෙන්ම වායු සමීකරණ තුළ රාජකාරියේ යෙදීමේදී වේදනාව වැඩි විය හැකිය. එමනිසා අත් උණුසුම්ව තබා ගැනීමට උණුසුම් අත් ආවරණ පැළඳීම සුදුසු වේ.
අති ස්තෞල් පුද්ගලයෙක් නම් ශරීර බර පාලනය කළ යුතුය.
මැණික් කටු සන්ධිය වටා ප්රත්යස්ථ වෙළුම් පටියකින් වෙළීම හෝ elastic band එකක් පැළඳීම සුදුසුය.
අත මත නිදා ගැනීම සිදු නොකළ යුතුය.

රෝග ලක්ෂණ හටගත් වහාම සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්යවරයෙක් වෙත ගොස් නිසි ඉක්මන් ප්රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝග තත්ත්වය පහසුවෙන් සුවකර ගත හැක.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක
BAMS – Colombo (SL)

25-11-11

අපරාජිත හිතක්

හිත හොඳ කමට
හැමදේම වැරදුනත්,
කමක් නෑ හරියන
දවසක් ඒවි මටත්,

වැරද්දක් නැතුව
බැනුම් ඇහුවත්
කමක් නෑ මම දන්නවා
වැරදි නැති බවක්,

කෙළෙහි ගුන නැති අයට
උදව් කෙරුවත්,
අහිතක් නෑ අය එක්ක
හොඳ දවසක් ඒවි මටත්,

වැඩියෙන් ආදරේ අය
මා හැර ගියත්,
තනියක් දැනෙන්නෙ නෑ
මට මම ඉන්නවා කොහෙත් ….

 

ගගන ගුරුගේ