25-April-05

මාතලේ ලස්සනම දවස්

  මෙි වසරේ මාර්තු 12 සහා 13 මාතලේට නමි එක්තරා සුවිශේෂී දවස් දෙකක්.. මාතලේ නඟරය පුරාම අමුතුම අලංකාරයක් ගන්නා උත්සවයක් නිසා…. ශ්රී මුත්තුමාරි අමිමාන් කොවිලේ වාර්ෂික තේරු උත්සවය..
           මම බෞද්ධයෙක් උනත් මෙි උත්සවයට හරිම ආසයිමම පුංචි කාලේ ඉදන්ම දකින අලංකාර උත්සවයක් තමයි මෙි උත්සවය.. ඇත්තටම එකත් එක්තරා වාසනාවක් , පත්තිනි දේව ප්රතිමාව පමණක් නොවෙයි තවත් දේව ප්රතිමා මෙි තේරු උත්සවයෙන් නඟරයේ විදි පුරා සංචාරය කරන තේරු කරත්ත වල තැන්පත් කරලා තියනවා.. හැම තේරු කරත්තයක්ම බෞද්ධයෙක් උන මමත් භක්තියෙන් ඇදලා තියන බව කියන්නේ ආඩමිබරයෙන්.. මොහොතේ හිතට දැනෙන සිතුවිලි නමි පුදුමාකාරයි
         
    ලංකාවෙි පත්තිනි දේවාල තවත් බොහොමයක් තිබෙනවා…. එත් ඓතිහාසික මාතලේ පුරවරයේ සුන්දර කඳුවළල්කට මැදිව ඉදි කර ඇති ශ්රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයක්.

       අරුල්මිගු ශ්රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක් . පත්තිනි දේවිය වෙනුවෙන් කැපවුණු කෝවිලක් නිසා මේ කෝවිලට බෞද්ධ සහ හින්දු කියන සෑම කෙනෙක්ම වන්දනාමාන කරන්න යනවා .

          මාතලේ පුරවරයේ දෙමළ ජනතාව වාසය කිරීම සාමාන් දෙයක් . ඉතාම පිරිසිදු දෙමළ ජනතාවක් මේ ප්රදේශයේ වාසය කරනවා . මේ දෙමළ ජනතාව නිසාම හින්දු ආගම මේ ප්රදේශයේ වඩාත් ප්රචලිත වෙලා තියෙනවා . මුත්තුමාරි අම්මාන් කෝවිලත් ඇතිවෙන්නේ මේ දෙමළ ජනතාවගේ වන්දනාමාන කිරීම වෙනුවෙන් .

          මේ කෝවිල පත්තිනි දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරන්න හේතුවුණු යම් නිමිත්තක් තියෙනවා . දැනට වසර 200කට වගේ කලින් . කියන්නේ කෝවිල නිර්මාණය කරන්න කලින් මේ කෝවිල තියෙන ප්රදේශයේ කොහොඹ ගහක් ලග දවසක් ඉතාම ලස්සන ඇඳුමෙන් සැරසුණු පුංචි ගැහැණු ළමයෙක් ඉඳලා තියෙනවා. පහුවෙනිදා උදේ බලනකොට මේ ළමයාගේ ඇඳුන් එහෙමත් හොඳටම පරණ වෙලා නිකං හිඟන ගැහැණු දරුවෙක් වගේ පෙනුමක් තමයි තිබිලා තියෙන්නේ .
          මේ ප්රදේශයේ ඉඳලා තියෙනවා නල්ලමුත්තු කියලා ඉතාමත් භක්තිවන්ත දෙමළ කෙනෙක් . මේ කෙනා මේ ගැහැණු දරුවාව ඔය කියන ලස්සනට සහ වැරහැලි ඇඳගෙන ඉන්න දවස් දෙකේම දැකලා තියෙනවා . දවසක් නල්ලමුත්තු හීනෙන් පත්තිනි දේවියව දකිනවා . පත්තිනි දේවිය නල්ලමුත්තුට කියනවා එදා කෝවිල තියෙන භූමියේ කොහොඹ ගහ ලග ඉන්නවා දැක්ක ගැහැණු ළමයා තමන්ම තමයි . භූමිය ශුද්ද භූමියක් . නිසා එතන පත්තිනි දේවිය වෙනුවෙන් කෝවිලක් හදවන්න කියලා .
          මේ කාලේ වෙනකොට මේ ප්රදේශයේ හිටපු දෙමළ ජනතාව සහ වෙළඳාම් කරන්න ආව දකුණු ඉන්දීය දෙමළ ජනතාව මේ කෝවිල හදන්න දායක වෙලා තියෙනවා මේ කතාව ප්රසිද්ධ වුණාට පස්සේ . කලින් මේ ස්ථානය වෙල් යායක් විදියට තමයි පැවතිලා තියෙන්නේ . ඒත් ඊට පස්සේ 1852 වසරේ තමයි මේ ඉඩම හිමි අය මේ කෝවිලට මේ ඉඩම පවරලා දීලා තියෙන්නේ . කෝවිල ඉදිකරලා තියෙන්නේ 1874 වසරේ . තාමත් අර කියන කොහොඹ ගහේ කඳ කොටස දේවාලය ඇතුලේ තියනවාගිය කෙනෙක්ට දකින්න පුළුවන්.

         අද වෙනකොට කෝවිලේ පෙනුම ගැන බලනකොට විශේෂයෙන්ම කැපිලා පෙන්නේ කෝවිලේ තියෙන සුවිශාල ගෝ පුරය . මේ ගෝපුරය අඩි 108 ක් උස වෙනවා . ඒවගේම තමයි කුඩා කුඩා පිළිම 1008 ක් මේ ගෝපුරයේ අන්තර්ගත වෙනවා . දැනට ලංකාවේ තියෙන උසම ගෝපුර වලින් එකක් කියලා තමයි මේ කෝවිලේ ගෝ පුරය හඳුන්වන්නේ . මේ ගෝපුරය නිර්මාණය කරන්න දායක වෙලා තියෙන්නේ දකුණු ඉන්දීය නිර්මාණ ශිල්පී නාගලිංගම් සහ ඔහුගේ පුත් රාමනාදන් කියන මූර්ති ශිල්පීන් දෙදෙනා . මේ දෙදෙනාට 100 පමණ පිරිසක් උදවු උපකාර කරලා තියෙනවා මේ කටයුත්ත සම්පූර්ණ කරන්න .

         2007 වසරේ තමයි කෝවිලේ ගෝපුරයේ වැඩ කටයුතු සම්පූර්ණ කරලා අවසන් වෙලා තියෙන්නේ . වෙනකොට මේ නිර්මාණය වෙනුවෙන් රුපියල් මිලියන 150ක් පමණ වියදම් වෙලා තියෙනවා . මේ ගෝ පුරය නිර්මාණය කරලා සායම් වලින් පින්තාරු කිරීමට කේරලීය ශිල්පීන් සහ ශ්රී ලාංකික ශිල්පීන් කීප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා .

        මෙි තමයි මාතලේ ශ්රි මුත්තුමාරි අමිමාන් කොවිල ගැන ගැන මට හොයාගන්න පුළුවන් උන දේවල්කොවිල ගැන වගේම වාර්ෂිකව පවත්වන මෙි අලංකාර උත්සවය ගැන ගොඩක් විස්තර තියනවා. තේරු කරත්ත විදි සංචාරය කරන විට ගොඩක් අය භාරහාර වෙනවා.. ආගමි භේද පසෙකලා මෙි උත්සවයට හැමොම සහාබාගි වෙන්නේ තරමට කොවිල ගැන ඇති විස්වාසය නිසා.. කොටින්ම මාතලේ පුරවරයට කිසිදු කරදරයක් නොවන්නෙත් මුත්තුමාරි අමිමාන් කොවිල නිසා කියලා සියළු දෙනාම විස්වාස කරනව.. තරමි සත්යක් මෙි කොවිල කෙරෙහි බැදි තිබෙනවා.. නිසාම වාර්ෂික තේරු මංගල්යය දවසට මුළු මාතලේ නඟරයම එකම හිස් ගොඩක් බවට පත් වන්නේ මංමාවත් පවා අතුරු සිදුරු නැතුව මහා ජනතාවගෙන් පිරි යද්දි

  ඉතිංමෙි තේරු කරත්ත පහ ගැන කියනවා නමි මුලින්ම යන්නේ ගණදෙවියන්, දෙවනුව කතරගම දෙවියන් සමග වල්ලි අමිමා සහා තේවානි අමිමා දෙවඟනන්, තුන්වෙනියට යන්නේ ශිව සහා පාර්වති දෙවියන්හතර වෙනියට තමයි යන්නේ පත්තිනි මැණියන්පස්වෙනි තේරු කරත්තයේ සිටින්නේ සන්ඩෙිෂ්වර් කියන දෙවියන්.. මෙි දෙවියන් තමයි මෙි තේරු කරත්ත පහටම ආරක්ෂාව සපයන ආරක්ෂක දෙවියන්

        එන්න දවසක  තේරු දවසට හැබැයි රෑට අලංකාර ලස්සන පෙරහැර දකින්න වගේම තේරු කරත්තයක් ඇදලා දෙවියන්ගෙ ආශිර්වාදය ලබා ගන්න.
ඔබ සැමට සත්පත්තිනි දේවි පිහිටයි

නිසංසලා රණසිංහ  

Home / 2025

25-April-04

වේල්සය දෙවනත් කරමින් 6 වන වරටත් වේල්සයේ දැවැන්තම අවුරුදු උදානය

වේල්සය දෙවනත් කරමින් 6 වන වරටත් වේල්සයේ දැවැන්තම අවුරුදු උදානයවේල්ස් අපි අවුරුදු උදානය 2025” අතිශය උත්කර්ෂවත්ව අප්රේල් මස 06 වැනි දින උදේ 9 සිට දවස පුරා කාඩිෆ් සෙවර්නොක්ස් පාක්ස් හිදී පවත්වන්නට යෙදුනා. වේල්ස් අපි සංවිධානය විසින් සංවිධානය කරන්නට යෙදුන අවුරුදු උදානය මෙතරම් සාර්ථකව අවසන් කරන්නට හැකි වූයේ සදහා ශක්තිය ධෛරය මෙන්ම අනුශාසනා ලබාදෙමින් ඔවුන් දිරිමත් කල ශ්රී ලාංකීක ප්රජාව නිසා බව සිහිපත් කල යුතුයි.
වේල්සයේ සිදුවන මෙවැනි සුවිශේෂි කටයුතු සදහා සෑම විටම අනුශාසනා දෙමින් මගපෙන්වන, බ්රිස්ටල් බෞද්ධ විහාරාධිපති, පැලවත්තේ ධම්මාන්නද ස්වාමින් වහන්සේ ඇතුලු බ්රිස්ටල් ,කාර්ඩීෆ් බෞද්ධ විහාරවාසී ස්වාමීන් වහන්සේලාට ප්රථම කොට ගෞරව නමස්කාර ස්තූතිය පුද කරමු. එමෙන්ම
වේල්ස් අපි අවුරුදු උදානය 2025 සමාර්ම්භය සනිටුවහන් කරන්නට ලබාදුන් දායකත්වය සිහිපත් කරමු. එමෙන්ම එදින ආරාධිත අමුත්තන් ලෙස සපැමිණි, අතිගෞරවනීය පැල්වත්තේ ධම්මාන්නද ස්වාමීන් වහන්සේ,ගරු හීන්බුන්නේ සුනන්ද ස්වාමීන් වහන්සේ, ගරු මොනරාගල සුමේධ ස්වාමීන් වහන්සේ,ගරු බුලුගහපිටියේ නන්දබෝධි ස්වාමීන් වහන්සේ, ගරු මහරගම සුදස්සී ස්වාමීන් වහන්සේ, ගරු මොරගහඋල්පත විමලබුද්ධි ස්වාමීන් වහන්සේ ඇතුලුව සාන්ත පීතර දේවස්ථානය නියෝජනය කරන Benny Dennis පියතුමා, කාඩිෆ් කවුන්සිලය නියෝජනය කරන Right Honourable the Lord Mayor of Cardiff Councillor Helen Lloyd Jones (Guest of Honour) සමගින් ආරාධිතව සපැමිණි
Consort Sir Richard Lloyd Jones KCB, Pontypridd Mayor Councillor Desmond Paul
Consort, Anoma Paul Lord-Lieutenant of South Glamorgan Morfudd Meredith, Police Constable Emma Roach, Police Constable Leah Roberts, Sargent Samantha Johnson, Police Community Support Officer Leah Williams ඇතුලු සියලුම දෙනා සමාරම්භය වර්ණවත් කරමින් ලබාදුන් ශක්තීය වේල්ස් අපි ඉතා ගෞරවයෙන් හා ආඩම්බරයෙන් ස්තුති පූර්වකව සිහිපත් කරනවා.

වගේම වේල්ස් අපි අවුරුදු උදානය 2025 දැවැන්ත කර්තව් මේසා සාර්ථක වන්නට ප්රධාන අනුග්රහය ලබාදුන් Bank of Ceylon,
Sri Lankan Airlines, BVS Mortgages, Owl Financial, Philip Nolan Accounts, Universal Retail Group, H&T Pawnbrokers, Ceylon Express, Owen Tudor Solicitors වෙත ලබාදුන් දැවැන්ත මුල් ශක්තිය වෙනුවෙන් වේල්ස් අපි හදපිරි ස්තූතිය පුද කර සිටිනවා.

වගේම මෙම කර්තව්යයට නිබද ශක්තිය වෙමින් සම අනුග්රහය ලබා දුන්, Little Lanka Restaurant, Genius Bit Academy, Teeparam, Teddy Wills Photography කලමණාකාරීත්වය ඉතා ආදරයෙන් ස්තූති පුර්වකව සිහිපත් කරනවා.

එසේම තවදුරටත් අනුග්රහය ලබාදෙමින් ශත්කියක් වන්නට වේල්ස් අපි අවුරුදු උදානය 2025 එකතු වුන, Fast Credit, Autoway Service, The King Coconut,
Otsy Bubble Tea, Kandy Brew Beverages, Ravana Events,
Divine UK, Rashi Salon,
KGV Consultancies, Sri Product, Ceylon Brew,
Craft Aura – Stall (Y)
Fat Elephant, Ceylon Heritage Limited, Concept Crew Limited, Ceylon Mirror, Banana Leaf සැම ඉතා ආදරයෙන් සිහිපත් කරනවා.

වේල්ස් අපි අවුරුදු උදානය සමාජ මාධ්යවලින් සහ වෙනත් සියලුම ආකාරවලින් ප්රවර්ධනයට, වර්ණවත් කරන්නට, බබලවන්නට මෙන්ම ආදරණීය දවසක් ලෙස මතක අතරට ගාන යන්නට නිබද ශක්තියක් වුන, Story of Glory – Official Photographer,
N Lab – Official Photographer
Jesko Frames – Official Videographer, Ambient Portraiture – Official Videographer, Api Magazine Official Media Partner, UK Lanka TV – Official TV Partner
London Api – Official YouTube Partner ඉතා ආදරයෙන් සිහිපත් කරනවා.
දවස පුරාවට ශබ්ද විකාශණ සහ DJ සංගීතය සපයමින් වර්ණවත් කල Dirty Cordz Official DJ Partner, ආරක්ෂාව තහවුරු කල
Special Task Security – Official Security partner මෙන්ම නර්තනයෙන් වේල්ස් අපි අවුරුදු උදානය වර්ණවත් කල Samu Academy – Official Dancing Partner දවස මේ තරම් ආදරණීය දවසක් කරන්නට ලබාදුන් දායකත්වයට හදවතින් ස්තූතිවන්ත වෙනවා.

වේල්ස් අපි අවුරුදු උදානය 2025 දවස පුරාවට ඉතා අලාකෘතව නිවේදන කටයුතු සදහා කැපවුන සැමට අපගේ ස්තූතිය පුද කරනවා.

වේල්ස් අපි අවුරුදු උදානය 2025 සදහා අති දැවැන්ත කෑම මේසයක් නිර්මාණය කල සියලුම දෙනාටමත්, එම කෑම මේසයට ආහාරපාන සපයමින් දායක වුන හැමෝටමත්, ආරම්භයේ සිට අවසානය තෙක් සංග්රහ කටයුතු කල හැමෝටමත් වේල්ස් අපි ස්තූතිය පුද කරනවා.

වේල්ස් අපි අවුරුදු උදානය 2025 වර්ණවත් කල අවුරුදු ක්රීඩා සම්බන්ධීකරණය කරමින් සියල්ල මෙහෙයවූ ක්රීඩා කමිටුව නියෝජනය කරමින් නායකත්වය ලබාදුන් කණ්ඩායමට ආදරණීය ස්තූතිය පුද කරනවා.

එසේම වේල්ස් අපි සංවිධානය සංවිධානය කල මෙම දැවැන්තම වේල්ස් අපි අවුරුදු උදානය 2025 සංවිධායක කමිටුව නියෝජනය කල සියලුම දෙනාටත්, කමිටුව නියෝජනය නොකලත් සදහා දායකත්වය ලබාදුන් හැමෝටමත් හෘදයාංගම ස්තූතිය පුද කරනවා.

වේල්ස් අපි අවුරුදු උදානය 2025 සිගිති අවුරුදු කුමරා සහ කුමරිය සමගින් අවුරුදු කුමරා සහ කුමරිය තෝරා ගන්නට විනිශ්ඡයෙන් දායකත්වය ලබාදුන්, Londis Nantymoel Bridgend Manager – Hasangani De Silva, Beyond Reality Make-up Artist –
Roshini Sulochana, OWL Financial Area Manager –
Riyancy Abeygunawardana, Artist / Chief Guests – Jananath Warakagoda ඔබ සැමට වේල්ස් අපි සංවිධානයේ ආදරය ගෞරවය හා ස්තූතිය පුද කරනවා.

වේල්ස් අපි අවුරුදු උදානය 2025 මෙතරම් සාර්ථකව අවසන් කරන්නට, අනුශාසනා ලබාදුන් සැමටත්, දායකත්වය ලබාදුන් සැමටත්, ශක්තියක් වෙමින් සංවිධාන කටයුතු කල සැමටත්, දවස වර්ණවත් කල වෙලද කුටි පැවැත්වූ ව්යාපාරික ඔබ සැමටත්, තරග සදහා සහභාගී වූ මෙන්ම එදා දවස වේල්සයේ ලස්සනම දවස කරන්නට එකතු වූ සියලුම ආදරණීය ශ්රී ලාංකික ප්රජාවටත් අප ඉතා ආදරය ගෞරවය මෙන්ම ස්තූතිය පුද කරනවා.

වේල්සයේ ඉතිහාසය නැවත ලියන්නට තරම් මේ සා දැවැන්තම කර්තව්යක් වෙනුවෙන් වේල්ස් අපි සංවිධානය සමගින් නිබදව සිටින ශ්රී ලාංකික ඔබ අපගේ අද්වීතීය ශක්තියයි, විශ්වාසයයි. ආදරය සමගින් නැවතත් මෙවැනි සුන්දර දවසකදී හමුවෙමු. ලබන්නාවූ සිංහල, දමිල හා හින්දු නව වසර සුභ සුභ වේවායි වේල්ස් අපි සුභාශිංෂණ එකතු කරනවා.

වේල්ස් අපි 08 වන සංවත්සරය සදහා සැමරුම් කේක් සපයමින් දායකත්වය ලබාදුන් ඔබටත්www.walesapi.co.uk නිල වෙබ් අඩවිය නිර්මාණය කල ඔබටත්, 08 වැනි සංවත්සරයට සමගාමීව මාර/බෝපාගොඩ අනුර විද්යාලයේ ලමා ක්රීඩාංගණය ඉදිකරදීම සදහා පැවැත්වූ Raffle draw සදහා තාග් ලබාදුන් සැමටත්, එම ටිකට් පත් මිලදී ගනිමින් අදාල අරමුදල් රැස් කිරීමට ශක්තියක් වු ආදරණීය ඔබ සැමටත් අපගේ අවංක ආදර ස්තූතිය පුද කරනවා.

Home / 2025

25-April-03

සිනා බෝ වේවා.

සියොත් ඉගි බිගි නාද මැද්දේ
වසන්තය එබිකම් කරයි,
පිපුණු සුවදැති මලක් පසුපස
බඹර කැළ රොදපොද බදියි,
උනුන් ගැන වග තුග අසන්නට
කෙනෙක් මගතොට කල්මරයි,
අවුරුදුත් ලග ලගම බව විත්
කොවුල් නද දසතම නැගෙයි

රබන් රත්කොට පලපුරුද්දෙන්
ලිපේ කැවුමක ගෙඩි බැදෙයි,
අටුව කොටුවත් හරිම සාරෙට
උජාරුව පිරි ඉතිරී යයි,
සියලු සිත් තුල නැවුම් හැගුමෙන්
චක්ගුඩුත් කල එළි බසියි,
අලුත් හාලේ මගුලකට
ආවඩා අයුබෝ වෙයි

දෙදහකට වැඩි ඉතිහසකට හිමි
කම් ලැබූ සිහලුන් අපියි,
කුමට කෙණෙහිළි කම් හිතේ
සිනාවන් බෝ වන්නටයි,
කිරෙන් පැණියෙන් බතින් බුලතින්
සියලු වස්දොස් මැකී යයි,
ලබන මේ නව අවුරුද්දේ ඔබ
සැමට සිරි සුභ වෙන්නටයි…!!

 

රීනා

Home / 2025

25-April-02

ආගම භාවිතයෙන් තමන් බැබලීම

මෙවර ලිපිය වෙන්වන්නේ බුද්ධ දේශනාවේ එන වඤ්චනික ධර්මයක් හෙවත් ප්රවණතාවක් (masquerading tendency) වන ශ්රද්ධාවේ (religious devotion) නාමයෙන් එන මානය (conceit) විස්තර කිරීමටයි. වංචනික ධර්ම යනු තමන් විසින්ම තමන් රවටා ගැනීමේ ප්රවණතා . පාලි සූත් පිටකයේ සුත්තනිපාත ග්රන්ථයේ මාගන්ධියා සූත්රයේ මෙසේ සඳහන් වේ.
තේන හෝති ධම්මට්ඨෝ
යේනත්ථං සහසේ නයං
යෝ අත්තං අනත්තඤ්ච
උභෝ නිච්ඡෙය්ය පණ්ඩිතෝ
අත්තං පටිපජ්ජෙය්ය
වේ ධම්මට්ඨෝති වුච්චති.”

මෙහි තේරුම නම් හුදු දේශනාවෙන්, කතාවෙන් පුදපූජා පිංකම්වලින් කෙනෙකු ධර්මයෙහි නොපිහිටන බවයි, ධර්මකාමී අයෙකු නොවන බවයි. එයට හේතුව බණ ගැන කතා කරන්නේ පිංකම් ආදියෙහි නිරතවන්නේ ශ්රද්ධාව නිසා නොව මානය නිසා බවයි. එය දරුණු වඤ්චනික ධර්මයකි. බොහෝ අය තමන් පිංකම් කරන්නේ සැබෑ ශ්රද්ධාව නිසා නොව කැපී පෙනීමටය. මානය නිසාය.
පිංකම් පූජා ආදිය මානයට වාහනයකි (Religious rituals are a vehicle to conceit). මානයෙන් පිංකම් කරන්නන් තුළ ප්රධාන චරිත ලක්ෂණ තුනකි.
1. ගෞරවය සහ විශේෂ තත්ත්වයක් බලාපොරොත්තුවෙන් ප්රසිද්ධියේ විශාල මුදල් පරිත්යාග කරති.
2. වර්ණනා බලාපොරොත්තුවෙන් පිංකම් සහ උත්සවවල මුදුනා වෙති.
3. තමන් රකින සිල්, කරන භාවනා සහ වතාවත් ගැන පම්පෝරි ගසති.
කෙටියෙන් කිවහොත් අරමුණ නම් self-glorification හෙවත් ආත්ම උත්කර්ෂයයි.

ධර්මානුකූලව එහි භයානකබව තුන් ආකාර වේ. එනම් එයමම වැඩ්ඩාහෙවත්අත්ත දිට්ඨි (self-view) තත්ත්වය බලගන්වයි. එය තමන්ද අනුන්ද මුලා කරයි. එය විදර්ශනාව හෙවත් සැබෑ දැකීම (insight) වළක්වයි.

මානයෙන් බැබලෙන එවන් අය සැබෑ ආධ්යාත්මික ප්රජාවට සහ පංසලට පිළිකාවකි. ඔබට එවන් පිළිකා තත්ත්වයක් තිබේ දැයි ආධ්යාත්මික ඉලක්ක සඳහා සැබෑ වුවමනාවක් තිබේ දැයි තමන්ගේ හදවතින් මෙසේ විමසිය යුතුය; “මම පිංකම් කරන්නේ අනිත් අයට පේන්නටද?”

සැබෑ බුද්ධ ශ්රාවකයා අත් හැරීම සඳහා පිංකම් කරති. මානයෙන් පිංකම් කරන්නා තාවකාලිකව මානයෙන් බැබලුනද එය බුදුන් ඉදිරියේ කරන පිංකමක් නොව ගොංකමයි. රැවටෙන්නේ තමාමය.

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි

Home / 2025

25-April-01

අද ස්වාමීන් වහන්සේ කරන දෙය බලන්න

අද ස්වාමීන් වහන්සේ කරන දෙය බලන්න. (නික්මයාම 14: 13 – 14) "මෝසෙස්ද: භයනොවන්න, නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ අද නුඹලාට සිදුකර දෙන ගැළවීම බලන්න. මක්නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදක්නහුය." "ස්වාමීන්වහන්සේ නුඹලා උදෙසා සටන්කරනසේක, නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනඟට කීවේය." මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි දෙවිඳුන් තුළ ඔබ සැමට ආශිර්වාදමත් මාසයක් වේවා!! මාගේ සෙනෙහෙවන්තයිනි මොහොතක් ඉහත බයිබල් පදය දෙස ඔබගේ මනස යොමු කර බලන්න. උන්වහන්සේ ඔබට පවසන්නේ බය නොවී නිශ්චලව සිටින ලෙසටය. ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතය තුළ කරන්නට යන දෙය ඔබට සිතා ගන්නටවත් බැරිය. ඉහත සඳහන් බයිබල් පදය තවදුරටත් ඔබ මෙනෙහි කරනවා නම් ඔබට තව බොහෝ කරුණු දැක ගත හැකිවේ. කෙසේ වෙතත් මාගේ ප්‍රේමවන්තයිනි ඔබගේ ජීවිතයේ ඔබ ඉදිරියේ තිබෙන සෑම අභියෝගයක්ම ස්වාමීන් වහන්සේට භාර දෙන්න. ඒ දේ බාර දෙමින් නොබියව දෙවියන් වහන්සේව විශ්වාස කරමින් ඔබ ඉදිරියටම ගමන් කරන්න. බලන්න ඔබගේ විශ්වාසය තුළ ඔබ මේ කියවන මොහොතේ සිට ඔබගේ ජීවිතයේ යමක් සිදුවන්නට පටන් ගන්නවා නියතයි. ඔබ සැමට ජේසු පිහිටයි!! ඉවැන්ජලිස්ත අමිල දිසානායක මාර්ගය සහෝදරත්වය සභාව මහරගම
Home / 2025