
Year: 2025
Ads-05
Ads-04
Ads-03
Ads-02
Ads-01
BackCover
බඹර පිරිවර අනඟ රැඟුමන්
දරා හිනැහුනු සුවඳ කුසුමන්
යලි යලිත් නොපිපේවී…
කාලයේ ඉරණමට නතුවී
ඔවුන් මැලවේවී…
කතර බිම ආදරෙන් නැවතුන
ළපටි අංකුර සෙමින් එසවී
වැහි බිඳක් ඉල්ලාවී…
අවැසි කල නිසි වැස්ස නොවැටී
ඔවුන් මිය යාවී….
රැළි වු නෙත’ඟින් මග බලාගෙන
සුසුම් හෙළුවා මදිද තවමත්
නර කෙසක් විමසාවී…
අකාලේ තුණු හැඟුම් වියැළී
හීන මියැදේවී….
සුරේඛා

Madagascar Romazava
Madagascar Romazava
අවශ්‍ය ද්‍රව්‍ය
තරමක ප්‍රමාණයට කපා ගත් කුකුල් මස් 500gr
කොටු කපා ගත්තක්කාලි ගෙඩිදෙකක්
තලා ගත් ඉඟුරු තේ හැන්දක්
තලාගත් සුදුලූණු බික් 4/5
සිහින්ම ලියා ගත් ලොකු ලුණු ගෙඩියක්
තෙල් මේ සෑඳි පහක්
චිකන් හෝ වේජබල් stock 500 ml
ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක්
නිමිති කෝප්ප දෙකක්
කොටු කපා ගත් කැරට් කල දෙකක්
ගෝවා කොල කෝප්ප දෙකක් සිහින්න කපා ගත්
සාදා ගන්නා ආකාරය
ඝනකම පෑන් එකක් ගෙන ඒ මතට තෙල් මේස හැඳි තුනක් දමා රත්කර එයට කුකුල් මස් එකතුකර විනාඩි අටත් දහයක් ප්‍රමාණයට දුඹුරු වන තුරු දෙපැත්ත දමා එලියට ගෙන වෙනම තියන්න.ඉන්පසු ඒ පෑන් එකටම ඉතුරු තෙල් හැඳි දෙක දමා එයට ලුණු එක්කර විනාඩියක් පමණ ගිය පසු සුදුලූණු ඉඟුරු සහ තක්කළි කැරට් ද දමා තවත් විනාඩි පහක් පමණක්ම කලවම් කරගන්න.ඉන්පසු එයට කලින් පිසගත් කුකුල් මස් දමා කලවම් කරන stock 500ml දමා විනාඩි පහළොවක් පමණක්ම තැම්බෙන්න හරින්න.ඉන් පසුව අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගම්බිරිස් එකතු කර එයට නිමිති සහ ගෝවා කොළ එකතුකර තවත් විනාඩි දහයක් පමණ මද ගින්නේ පිසගන්න.මෙය ස්ටු එකක් වන අතර තරමක් ජූස් ගතියෙන් විය යුතුය. මෙය බත් හෝ කුස්කුස් සමග ඉතා රසවත් ආහාරයක් වන අතර කුකුල් මස් වෙනුවට බීෆ් හෝ පෝක් යොදාගත හැක.අවශ්‍ය නම් මස් ජාති දෙකක් එකතු කර හෝ සාදා ගත හැක.මෙය මැඩගස්කරයේ ප්‍රසිද්ධම සහ ප්‍රධානම ආහාරයකි.
මනෝජ් ප්‍රනාන්දු
Self Appreciation
“එයා නම් හරිම දක්ෂ කෙනෙක්, හරිම කරුණාවන්ත කෙනෙක්, හරියට අනිත් අයට උදව් කරනවා…” මේ විදියට කෙනෙක් තවත් කෙනෙක් අගයනවා අපිට ඕනෑතරම් කන වැකිලා ඇති. අපිම තවත් අයව මේ වචන වලින්ම ලෝබ නැතුව අගය කරලත් ඇති. ඒ අතරවාරයේ තමන් විසින් තමාවම අගය කරලා ඇත්තේ කීයෙන් කී දෙනාද? Self Appreciation එහෙමත් නැත්නම් ස්වයං ඇගයීම හරිම බලසම්පන්න මානසික ක්‍රියාවලියක්. තවත් අතකට සාර්ථකව හිත එකාග්‍ර කරවන්නට සමත් ව්‍යායාමයක්.
තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දිනාගත් ඕනෑම දෙයක් ජයග්‍රහණයක්. ඒ වෙනුවෙන් තමාට තමාවම නොමඳ ඇගයීමට ලක් කරන්න පුලුවන්. තමන් පසු කරන ලද අභියෝගාත්මක අවුරුදු, කාර්තු, මාස, සති, දින වගේම තත්පර ගණන් උනත් මොනතරම් දරා ගැනීමකින් පසුකලාද කියන්නට හොඳින්ම දන්නේ තමාම පමණයි. ඉතින් ඒ ඒ අවස්ථාවන් වලදී තමන් ශක්තිමත්ව ඉදිරියට ගිය ගමන ගැන නැවතිලා මෙනෙහි කරන්න තරම් වටිනවා. ඒ තුළින් විශාල බලගැන්වීමල් අපි තුළම වෙන ආකාරය අත්දැකලාම බලන්න අවැසි දෙයක්.හිතට මොනතරම් සතුටක් ඒ තුළින් ලබන්න පුලුවන්ද?
පාසලක හෝ රැකියා ස්ථානයක හෝ ක්‍රීඩා පිටියක හෝ වෙන යම් අවස්ථාවක, ඇගයීම වාචිකව මෙන්ම භෞතිකව ප්‍රකාශනයට පත් වෙනවා. සිහිවටනයක්, ත්‍යාගයක් එහෙමත් නැත්නම් උත්තේජනාත්මක වචන ටිකක් මේ කියන ඇගයීම සංකේතවත් කරන්නට යොදා ගන්නවා. ඉතින් තමන්ට තමන් වෙනුවෙන් මේ දේ කරන්න පුලුවන්. ඔයා ඔයාටම කතා කරන්න. අගයන්න. ඔයා වෙනුවෙන් තෑගි ගන්න. අවංකවම මේ ක්‍රියාවලියේ නිරත වෙලා බලන්න. හෙට දවසේ සාර්ථක ආරම්භයකට මේ දේම හොඳ අස්වැසිල්ලක් වෙයි.
දිමුතු
මෙච්චර කල් හිතන් හිටියේ පොෂ් කියලද
Polish posh වෙන්නේ කොහොමද?
ඇත්තටම පොෂ් වෙන්නේ මෙහෙමයි.
පොෂ් වෙන්න උතුරන්න සල්ලි වත් නැත්තං සල්ලි තියෙන පවුලකින් පැවත එන්න වත් ඕනෙ වෙන්නේ නැහැ.පොෂ් මනුස්සයෙක් වෙනවා කියන එකෙන් අපි අදහස් කරගෙන ඉන්නේ හොඳට අඳින පල දින අලුත් ඇඳුම් පැළඳුම් භාවිතාකරන ට්‍රෙන්ඩ් එකට යන ,මිල අධික ජංගම දුරකථන යාන වාහන භාවිතා කිරීම,සහ තවත් සල්ලි වියදම් කරලා කරන්න පුළුවන් බොහෝමයක් දේවල් අපි පොෂ් විදියට දකිනවා.
මම ඒක නැහැ කියන්නේ නැහැ. නමුත් පොෂ් වෙන්න ඉහත කියපු දේවල් වගේම smart වෙන්නත් ඕනේ.
ඉතිං හරියටම පොෂ් වෙන්නේේ කොහොමද?
1.උගත්කම
විශේෂයෙන්ම උගත්කම පොෂ් මනුස්සයෙක්ට සම්බන්ධ වෙන්නම ඕන දෙයක්.ඔබ විශේෂයෙන් දැකලා ඇති ගොඩාක් අය හොඳට ඇඳුම් පැළඳුම් ඇඳලා ගොඩක් expensive දේවල් භාවිතා කරනවා. නමුත් සමහර වෙලාවට ඔවුන්ගේ වචන හසුරන්නවත් ඔවුන් දන්නේ නැහැ. එතනට බලපාලා තියෙන සාධකය තමයි අපි දැන් කතා කරන උගත්කම.
ඒ නිසා අනිවාර්යෙන් මනුස්සයෙක් පොෂ්ද නැද්ද කියලා දැනගන්න උගත්කමත් එක හේතුවක් වෙනවා. විශේෂයෙන්ම ඇසූ පිරූ තැන් තියෙන අවශ්‍ය වෙලාවෙදි අවශ්‍ය දේ කතා කරන තැනට සුදුසු නුවණ භාවිතා කරන්න පුළුවන් වීමත් මේ එක්තරා පොෂ් වීමේ ලක්ෂණයක්.
ඒ නිසා අනිවාර්යෙන් තමන් පොෂ් වෙනවා කියන්නේ තමන්ටම සරිලන education level එකක් හදාගන්න එක.
මොකද නැත්තං කොච්චර පොෂ් විදියට ඇඳලා ගියත් උගත් පිරිසක් අතරට ගිහිල්ලා කතා කරද්දි අපිට බයවෙන්න වෙනවා.
අන්න ඒ නිසා පොෂ් වෙනවනම් අනිවාර්යෙන්ම තමන්ගේ education ලෙවල් එටත් මුල් තැන දෙන්න.
2.හොඳ ආත්ම විශ්වාසයක් සහ ආකර්ෂණීය පෙනුමක්.
දැන් මෙතන ආත්ම විශ්වාසය පැත්තකින් තියමුකෝ? හොඳ පෙනුමක්ද මේ හොඳ ආකර්ශනීය පෙනුමක් කියන්නේ දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ආකර්ෂණීය පෙනුමක් කොහෙන්ද අපිට.අපි ඉතින් උපතින්ම කැත මිනිස්සුනේ.
මෙතන මං කතා කරේ ආකර්ෂණීය පෙනුම කියන්නේ ලස්සන ගැන නෙමෙයි.තමන්ගේ පර්සනලිටි එක ගැන.
තමන්ට තියෙන සම්පත් ප්‍රමාණය භාවිතා කරලා ඒවගෙන් උපරිම කොලිටියට ඉන්න මනුස්සයෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන.
සමබර ආහාර වේලක් ලබා ගැනීම ශාරීරික ව්‍යායාම ඒ වගේම තමන්ගේ කොණ්ඩය නිසියාකාරයෙන් පීරීම,හැමවිටම පිරිසිදු ඇඳුම් පැළඳුම් ඇඳීම ආකර්ශනීය පෙනුමට බලපානවා.
ඔබේ පෙනුම කෙසේ වෙතත් ඔබ පිරිසුදුව පිළිවෙලට ඉන්න මනුස්සයෙක් වුනොත් ඔබට යන තැන බැබලෙන්න පුළුවන්.
ඒ වගේම තමන් හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ තමන් ගැන හැම විටම තමන් කරන කියන දේ තමන් අඳින පළඳින විදිය ගැන තමන්ට ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ.කිසිම අවස්ථාවක තමන් වෙනුවෙන් තමන්ගේ ආත්ම විශ්වාසය කඩ කරගන්න එපා.අරයා කරනවට මෙයා කරනවට දේවල් කරන්න යන්නත් එපා. ඒකත් තමන්ගේ ආත්ම විශ්වාසය කඩවීමට බලපාන ලොකුම හේතුවක්.
3. fashion trends අනුගමනය කරන්න නමුත් තමන්ට ගැලපෙන විදියට.
ඇඳුම් පැළඳුම් ෆැෂන් නම් අද කාලේ වැහි වැහැලා.ගෑණු ළමයිටනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ එන හැම ෆැෂන් එකම ට්‍රයි කරනවා.
හැබැයි ඔයා කොයිම වෙලාවකවත් එහෙම එන හැම ෆැෂන් එකම ට්‍රයි කරද්දි හිතුවද මේ මං කරන fashion එක මට ගැලපෙයිද?
ඔව්. එහෙම සමහරවිට ඔබ හිතලා නැතුව ඇති. එන හැම ප්‍රශන් එකම ට්‍රයි කරනවා ඇති. නමුත් එන හැම ෆැෂන් එකම ඔබට ට්‍රයි කරන්න ආස හිතුනත්, එය පළවෙනියට බලන්න තමන්ට ගැලපෙනවද නැද්ද කියලා.ලෝකයට ෆැෂන් එක ට්‍රෙන්ඩ් එක උනාට තමන්ට ෆැෂන් එක ගැලපෙන්නෙ නැත්නම් කිසිසේත් ඒ ෆැෂන් එක අනුගමනය කරන්න එපා.
ට්‍රෙන්ඩ් එකත් එක්ක යනකොට හැමවෙලේම තමන්ට ගැලපෙන ට්‍රෙන්ඩ් එක පමණක් අනුගමනය කරන්න වග බලාගන්න.
තමන්ට fashionable ඇඳුම් තෝරා ගැනීම් සම්බන්ධව දැනුමක් නැත්නම් ඒ ගැන හොයලා බලලා කරන්න උනන්දු වෙන්න මොකද දැන් සමාජ මාධ්‍ය ගත්තොත් ගොඩක් දියුණු වෙලානේ තමන්ට ගැලපෙන විලාසිතාව තමන්ට තෝරාගන්න පුළුවන් තැනටම පත්වෙලා තියෙනවා.
ඒ නිසා හැම වෙලේම බොඩිෂේප් එකට තමන්ට තමන්ගේ ස්ටයිල් එකට ගැලපෙන ෆැෂන් ට්‍රෙන්ඩ් පමණක් අනුගමනය කරන්න.
නැත්තං පොෂ් වෙන්න යන ඔබට අපි සරල කතාබහෙන් කියනවා වගේ ගොඩේ චරිතයක් වෙන්ඩ යන්නේ සුළු වෙලාවක් පමණයි.
4.ඕපදූප නවත්වන්න
සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙන මිනිස්සු අතරේ ඔවුන්ට කොච්චර සල්ලි තිබ්බත් ඔවුන් කොච්චර ලස්සනට ඇන්දත් ඔවුන්ට කොච්චර යාන වාහන තිබ්බත් ඔවුන් කැමතිම තව කෙනෙක්ට ගරහන්න සහ තව කෙනෙක්ගේ ඕප දූප කතා කරන්න.
ඇත්තටම ඔබ කොච්චර පොෂ් විදිහට ඇන්දත් පැළඳුවත් කෑවත් බිව්වත් සමාජ ජීවත් වුණත්.ඔබගේ කට එහෙමත් නැත්නම් අනවශ්‍ය විදිහට ඕපදූප කීම මත ඔබගේ තත්ත්වය ඔබම විනාශ කරගන්න පුළුවන්.
අපි අහලා තියෙන කියමනක් තියෙනවා mind your own bussiness කියලා .ඉතින් පොෂ් වෙන්න බලපාන ප්‍රධාන සාධකයක් තමයි මේ. හැමවෙලේම තමුන්ගෙ රාජකාරිය පමණක් හොයාගන්න පුද්ගලයාට අනිත් අයගේ ඒවා හොයන්න වෙලාවක් නැහැ.
නමුත් හැම වෙලේම අනුන්ගේ ඒව හොයන පුද්ගලයාට තමුන් ගැන හොයන්න වෙලාවක් නැහැ. සමහර වෙලාවට ඔවුන්ට ඔවුන්ගේ පවුල් ජීවිතය තමන්ගේ පර්සනල් ලයිෆ් එක පවා අවුල් වෙන්න ඉඩකඩ ඉතා වැඩි. ඉතින් පොෂ්මනුස්සයෙක් වෙන්න තියා තමන්ගේ ජීවිතයේ ජීවත් වෙන්නේ කොහොමද කියලවත් මේ මිනිස්සුන්ටනම් තේරුම් ගන්න ගොඩක් අමාරුයි.
ඉතින් පොෂ් මනුස්සයෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඕපදූප වලින් බැහැරවෙන්න.
5.ආචාරශීලී මනුස්සයෙක් වෙන්න.
අද කාලේ ගොඩක් දෙනෙක් ආචාරශීලී වෙන්න ඕන කියන එක ඒ තරම් හිතන්නෙ නෑ. හැබැයි ඇත්තටම පොෂ් ස්මාර්ට් මනුස්සයෙක් දන්නවා ආචාරශීලී වීමේ වැදගත්කම. තමන්ට දෙයක් කරලා දෙන, තමන්ට බඩුවක් විකුණන, තමන්ට සේවාවක් සපයන කෙනෙක්ට ස්තුතියි කියන එක කියන්න ලැජ්ජ වෙන්න ඔනේ නැහැ . ඒ විතරක් නෙවෙයි, පොෂ් මනුස්සයෙක් හැසිරෙන විදියේ ඉඳලා කථාබහ කරන දේවල් දක්වා ඒ ආචාරශීලීත්වය තියෙනවා.
6.සමාජ මාධ්‍ය භාවිතය
මනුස්සයෙක් පොෂ් ද නැත්තම් අමු ගොඩේ ද කියලා හිතාගන්න පුළුවන් අලුත්ම සහ ලේසිම මිනුම් දණ්ඩ තමයි එයාගේ සෝෂල් මීඩියා භාවිතය.
විනෝදකාමී දේවල් රසකාමී දේවල් වගේ ගොඩාක් දේවල් මිනිස්සු මේ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරනවා.
නමුත් මේ ප්‍රචාරය කරන දේවල් අතරින් දුක මාකට් කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම නරක පුරුද්ද.ඉතින් ඔබට හරියටම පොෂ් වෙන්න ඕනනම් මේ සමාජ මාධ්‍ය තුළ දුක මාකට් කරන එකත් නවත්තන්න වෙනවා.
තමන්ගේ පෞද්ගලික කරුණු කාරණා සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කිරීම සම්පූර්ණ වරදක්. ඒකෙන් ඔබේ පෞද්ගලික දේවල් රටට ලෝකෙට වගේම ඔබ ගැන යම් අප්‍රසන්න හැඟීමක් මිනිසුන්ට දනවන්න පුළුවන්.ඉතින් හැම වෙලේම තමන් තමන්ගේ ශෝශල් මීඩියා තුළ ශෙයා කරන දේවල් මොනවද කියලා දැනගෙන ශෙයා කරන්න කටයුතු කරන්න. එහෙම නැති වුනොත් ඔබ කොච්චර හොඳට ඇඳ පැළඳලා පොෂ් විදිහට ජීවත් වෙන්න try කරත් ඔබ මේ ශෙයා කරන දේවල් තුලින් ඔබ ගොඩේ ජීවියෙකු බවට පත්වෙනවා නිසැකයි.
ඉතින් පොෂ් වෙනවා කියන්නේ එච්චර අමාරු දෙයක් නෙමේ. අපි මේ කතා කරපු ඉහත කරුණු කාරණා ටික නිසියාකාරයෙන් පිළිපදිනවා නම් පොෂ් මනුස්සයෙක් වෙන එක ඉතාම ලේසි දෙයක්. ඉතින් ඇඳුමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් එක්ස්පෙන්සිව් දේවල් භාවිතා කිරීමෙන් කොටින්ම කිව්වොත් ඇපල් ෆෝන් වගේ දේවල් භාවිතා කිරීමෙනුත් තමුන්ට පෝෂ් වෙන්න බෑ කියලා දැන් ඔබට තේරෙනවා ඇති.ඉතින් පොෂ් වෙන්න ඒ දේවල් විතරක්ම මදි.අපි ඉහත කතා කරපු කාරණා කිහිපයත් අපිට පොෂ් වෙන්න අවශ්‍ය වෙනවා.
ඒ නිසා ඒ කරුණු ටිකත් ඔබේ ජීවිතයට එකතු කරගන්න polish posh මනුස්සයෙක් වෙන්න උත්සහ කරන්න.
ඔබට ජය!
සටහන
නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ.