25-Oct-16

Botox සහ fillers වලින් හැකිතාක් වැලකී සිටිය යුත්තේ ඇයි

Botox සහ fillers වලින් හැකිතාක් වැලකී සිටිය යුත්තේ ඇයි ?
අපි Botox වෙලදපලෙහි හදුන්වන්නේ botulinum toxin injections කියල . මෙම ඵන්නත මගින් සිදුවන්නේ මාංශ පේශින් (මුහුණෙහි) අක්රිය කිරිම තුලින් වැඩීම සම්පුර්ණයෙන්ම නවතා දැමීමයි. Botox දිගින් දිගටම ලබා ගත්විට එම මාංශ පේශි වලවර්ධනය සම්පුර්ණයෙන්ම නැවති ඉතාමත්ම කෘතිම බවකි මුහුණට ලැබෙනවා වගේම Botox එන්නත ලබා ගැනීම නිසා ලැබෙන එක් වාසියක් ලෙස Reduces Muscle Movement හදුන්වන්න පුලුවන් තුලින් lines and wrinkles ඇතිවීම නවතා දමනවා.
නමුත් මෙයින් ඇතිවන අතුරැ අබාධ ඉතාමත් වැඩියිමේ අතර 1 Severe reactions: Difficulty breathing, trouble swallowing, or muscle weakness spreading to other parts of the body. 
2 Eye problems: Double vision, blurred vision, or ptosis (dropping eyelids)
3 Urinary problems: Difficulty emptying the bladder or urinary retention, especially for those with conditions like diabetes or multiple sclerosis
මෙම හේතු නිසා අපි Botox ලබා ගැනීමේදි ඉතාමත්ම කල්පනාකාරී විය යුතුයි.


මීලගට අපි fillers ගැන සවිස්තරාත්මකව බලමු. fillers, are injectable substances, most commonly hyaluronic acid, used in cosmetic treatments to restore lost volume, reduce the appearance of wrinkles, and enhance facial features.
Fillers භාවිතයෙන් ඉතාමත් ඉක්මනින් ප්රතිපල ලබාගන්න පුලුවන් නමුත් එය දීර්ග කාලිනව පවත්වෙගෙන යාමට අපහසුයි. Filler එකක් කියන්නෙ දියර වශයෙන් ලබා දෙන gel එකක්. මෙය එන්නත් කරාට පසුව එම gel එක migrate කිරීමේ සම්භාවිතාව ඉතාමතිම වැඩියි . එම නිසා ගොඩක් වෙලාවට filler ප්රතිකාරය අසාර්තක වෙනව.

Fillers වල අත්රරැ අබාධ පහත සදහන් ,

* Allergic Reactions: Though rare, severe itching, swelling, or hardness can be signs of an allergic reaction. 
* Infections: Bacterial infections can occur, leading to painful nodules or abscesses. 
* Granulomas: These are inflammatory lumps that can form around the filler. 
* Filler Migration: The filler material can sometimes move from the original injection site. 
* Tissue Necrosis: This severe complication occurs when filler blocks blood flow to the skin, leading to tissue death and potentially scabbing or scarring. 
* Blindness: In very rare cases, filler can embolize (block) a blood vessel in the eye area, causing vision loss. 

අපි Botox සහ fillers වලින් වැලකි සිටිය යුත්තේ ඇයි ?
You don’t necessarily have to avoid fillers and Botox entirely, but you must be aware of the potential risks and choose qualified practitioners for safe administration. Serious risks include infection, nerve damage, vascular occlusion leading to blindness or stroke, and allergic reactions. To minimize these risks, always use a qualified and experienced professional, as incorrect injection techniques and lack of anatomical knowledge can lead to severe and permanent complications.

 

Dilanthi liyanarachchi
Aesthatic practitioner
Serenity body clinic
London – Colombo – galle

Home / 2025

25-Oct-15

සිලිඳු රන්වල සමග Q20 with අමා

වේදිකාව, පුංචි තිරය සහ සිනමාව ඔස්සේ විවිධ නිර්මාණ තුලින් චරිතාංග රංගනයෙන් ප්රේක්ෂක සිත් ස්පර්ශ කරමින් එපමණක්ම නොව ගායනය, නර්තනය, හඩ කැවීම මෙම සියලු මාධ්යයන්හි උපන් හපන්කම් ඇති රන්වල පරම්පරාවේ වර්තමාන පුරුක ලෙස ඔටුනු දරණ සිලිඳු රන්වල සමග Q20 with අමා මෙවර දිග හැරුම

1. ඔබ ගැන ඔබව නොදන්නා කෙනෙකුට කිවුවොත්
මම සිලිදු

2. ඔබ සතු කලා හැකියාවන්ගෙන් ඔබ වැඩිපුර නියැලෙන්නට කැමති
රංගනය, ගායනය, නර්තනය සහ හඩ කැවීම් මේ සියලු දේම නියැලෙන්න කැමතියි.

3. ප්‍රේක්ෂක ආදරය දැනුන අවස්ථාවක්
වියළි ටෙලිනාට්යය සදහා ඉතා ඉහල ප්රේක්ෂක ප්රතිචාරයක් ලැබුනා. එමෙන්ම මගේ කට හඩෙන් මාව අදුර ගෙන එදිනෙදා ලැබෙන ප්රතිචාර නම් ගොඩක් තියනවා.

4. ඔබගේ සමීපතමයෙකු ලග නොතිබයුතු යැයි ඔබ හිතන්නේ
ඍණතාවය

5. රංගන ශිල්පිනියක් ලෙස සමාජ මාධ්‍යය භාවිතය පිළිබදව අදහස
රංගන ශිල්පිනියක් වශයෙන් තමන්ගේ කලා කටයුතු ප්රචාරණය කරන්න සමාජ මාධ්යය භාවිතා කිරිමේ වැරැද්දක් මම දකින්න නැහැ.

6. ඔබ පිළිබදව ඔබට ආඩම්බරයක් දැනුන දවසක්
වචනයකින් හරි ධනාත්මක දෙයක් කරන හැම අවස්ථාවකම මම නිහතමානීව සතුටු වෙනවා.

7. ඉතා දක්ෂ රංගන ශිල්පිනියක් වන ඔබගේ මවගෙන් ඔබේ රංගන ජිවිතයට ලැබුන ආදර්ශයක්
ඇය නිරන්තරයෙන්ම ලැබෙන නිර්මාණයට අවංක දායකත්වය ලබා දෙනවා.

8. ආදරණීය කෙනෙකුගෙන් ලබන්න කැමතිම තෑග්ගක්
ආදරය පමණක්ම ඇති

9. ඔබ නිතර මුමුණන ගීතයක කණ්ඩයක්
හැම වෙලාවෙම මොකක්ම හරි ගීයක් මුමුණනවා. නිසා එක ගීතයක් නම් කරන්න අමාරුයි.

10. ශරීර සෞඛ්‍ය වෙනුවෙන් හිතකර යැයි සිතා දිනපතා පූරුද්දක් ලෙස කරන දෙයක්
ලගකදි ඉදලා හොදට වතුර බොනවා.

11. ඔබ ගරු කරන, අනුගමනය කරන රංගන ක්ශේත්‍රයේ චරිතයක්
අම්මා 

12. ඔබ දෙතුන් වතාවක් නරඹපු නැවත නරඹන්නට  කැමති ච්ත්‍රපටයක්
Billy elliot

13. ඔබට ලැබුනා නම් කැමති වෙනත් කෙනෙක් රංගනයෙහි යෙදුන චරිතයක්

ස්වර්ණා මල්ලවාරච්චි, Kate winslette, Natalie portman, Cate blanchette, Emma stone, Olivia coleman, Jessica chastine වැනි රංගන ශිල්පිනියන් රංගන දායකත්වය ලබා දුන් සියළුම චරිතවලට කැමතියි.

14. වේදිකාව, පුංචි තිරය සහ රිදි තිරය… ඔබේ වැඩි කැමැත්ත
මෙම මාධ්යයන් තුනෙහිම අවස්ථාවක් ලැබුනොත් රංගන දායකත්වය ලබා දෙන්න කැමතියි.

15. ඔබට රසටම හදන්න පුළුවන් කෑම වර්ගයක්
රසම රස sandwitches හදන්න පුළුවන්

16. Me time ගැන ඔබේ අදහස
හැම කෙනෙක්ටම ඉතාම වැදගත්

17. ඔබ වැඩිදුර අධ්‍යනයෙහි යෙදෙන්නට කැමති දෙයක්
රංගනය, ගායනය, නර්තනය සහ හඩ කැවීම

18. ඔබ කැමති තාමත් නොකෙරුන අනාගතයේදි කරන්න හිතන දෙයක්
මගේ ආත්මික ගමන

19. සමාජයට ඔබෙන් ගත හැකි ආදර්ශයක්
මම කැමතියි මිනිසුන්ට, සතුන්ට, පරිසරයට කරුණාවන්ත වෙනවට.

20. ඔබේ ප්‍රේක්ෂකයන්ට ඔබේ ඉදිරි කලා නිර්මාණ පිළිබදව පණිවිඩයක්
මෙම දිනවල නීරා චිත්රපටය තිරගත වෙනවා. එමෙන්ම ආදරණීය මිනිසෙක් සහ මූණු ටෙලිනාට්යය විකාශනය වෙනවා. ඉදිරියේදී කීර්ති කේ රත්නායකගේ නිර්මාණයකින් මාව දැක ගන්න පුළුවන්.

අමා නාකන්දලගේ

Home / 2025

25-Oct-14

ජීවිතය සමරන්න, ලැබෙන හැම ඇසිල්ලේ..

අපි හැම කෙනාටම තමන්ටම ආවේණිකවූ ජීවන රටාවක්, ගති පැවතුම් ස්වභාවයක්, අනන්යතාවක් තියනවා. මෙකී සාධකත්, නොකී යම් යම් සාධකත් පදනම් කරගෙන අපි අපේම කියලා ගමනක යෙදෙනවා. එතනදී පෞද්ගලික ඉලක්ක, වෘත්තීමය ඉලක්ක වගේම ආධ්යාත්මික ඉලක්ක මුල් කරගෙන සැලසුම් ක්රියාත්මක කරනවා. මේ අතරමැද හමුවන ජයග්රහණ, විශේෂ අවස්ථාවන් හැකි ශක්ති ප්රමාණයෙන් සමරන්න කියලා පොඩි ආයාචනාත්මක ලිපියක් අද දවසේ ගෙනෙන්නට හිතුවා.

ඇතැම්විට ඔබ මේ කටයුත්ත දැනටමත් ඉතාම සැලසුම් සහගතව, ක්රමානුකූලව, හොඳ සංයමයකින් කරනවා වෙන්න පුලුවන්. අනෙක් අතට පිළිබඳව ලොකු අවදානයක් නොදී, සාමාන් පරිදි එදිනෙදා කටයුතු වල නිරතවෙමින් ඉන්නවා වෙන්නත් පුලුවන්. එහෙම විශේෂ සැමරුම් පිළිබඳව ස්ථිර අදහසක් හෝ මුලපිරීමක් නොමැති නම් මේ ලිපිය ඔයාට.

ඉතාම කෙටි කාල පරාසයක, දුක සැප පෙරළෙන අස්ථිර ගමනක ,කොටස්කාරයො උන ඔයාට මට, මේ ගමන තුළ සතුටු වෙන්න පුලුවන් හැම කඩඉමක්ම දිනුම් කණු. ඉලක්ක වලට සීරුවෙන්, මහන්සියෙන් යන්න එපා කියල නම් නෙමෙයි මේ කියන්නේ. අතරමග හිනා වෙන්නත් මතක් කරගන්න ඕනෙ කියලයි ලියන්න ඕනෙ උනේ.

ඉතින් සීත කාලය ඉවර වෙනකන්, අමාරු කාල ඉවර වෙනකන්, ආදායම් මාර්ග තර වෙනකන්ම ඉන්න අපිට කල් නෑ. සතුටින් ඉන්න පුලුවන්, සවුදිය පුරන්න පුලුවන් හැම මොහොතකටම, හැම දවසකටම උපරිම සාධාරණයක් ඉටු කරමු. මොකද, එහෙම සතුටු වෙන්න අපි හැම කෙනාටම සමාන අයිතියක් තියනවා, සම්පත් විශමාකාරයෙන් එකිනෙකා අතරේ බෙදී ගිහින් තිබුණත්. සතුට සමරන්න කල් ගන්න එපා.

හති අරින්නට ඕනෑ,
දුවන ඔය දිවිල්ලේ
පලක් වෙද තුටක් නැති,
වේගවත් විදිල්ලේ
හිනැහෙමින් කාලයට,
පියඹලා නිදැල්ලේ
සමරන්න ජීවිතය ,
ලැබෙන හැම ඇසිල්ලේ

දිමුතු සේනාදි

Home / 2025

25-Oct-13

අපේ සමට අත්‍යාවශ්‍ය කොලජන් සහා සම ආරක්ෂා කිරීම

කොලජන් යනු අපේ ශරීරයේ ස්වභාවික ප්රෝටීන් වර්ගයකි. මෙය සම, ඇට, සන්ධි, කෙස්, නහර හා නිය ආදිය සුරැකීමට ඉතාම වැදගත්ය.
වයස වැඩි වීමත් සමඟ, කොලජන් නිෂ්පාදනය අඩුවීමෙන් සමය රැලි වැටීම, සන්ධි වේදනාව සහ තෙතමනය අඩුවීම සිදු වේ.

මුහුණේ කොලජන් වර්ධනය කිරීමට ක්රම
1.1 ස්වභාවික ප්රතිකාර
අලෝවෙරා ජෙල්රාත්රියේ මුහුණට ආල්පනය කිරෙිමන් සම තදකිරීම; සම තෙතමනය රදා පවතී.
අවකඩෝ Mask – සතියකට 2-3 වරක් භාවිත කිරීමේන් සම පෝෂණය කරයි. මෙම masked Vitamin E හා Omega-3 oil මිශ් කිරීම සමය පෝෂණය වැඩි කරයි
ගොටුකොළ පිටි Mask – කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරයි.
කහ + දෙහි Mask – Vitamin C හා ප්රතිජීවක ද්රව් සමඟ සමය වර්නවත් කරයි
• Face Massage – රුධිර ප්රවාහය වැඩි කර කොලජන් නිෂ්පාදනයට උදව් කරයි.

සප්ලිමන්ට් (Supplements)
• Hydrolyzed Collagen Powder – ජලයට හෝ සෙරියල් වලට එකතු කර ලබා ගන්න. කොලජන් නිෂ්පාදනයට උදව් කරයි.

• Vitamin C + Collagen Capsules – කොලජන් නිෂ්පාදනය සහ පරිවෘත්තිය උත්තේජනය කරයි.
• Biotin + Zinc – සම, කෙස් සහ නහර සුරැකීමට උදව් කරයි.



වාණිජ/වෛද් ප්රතිකාර
• Microneedling – මගින් සමය යළි සකස් කර නව කොලජන් නිෂ්පාදනය උත්සාහ කරයි.
• Chemical Peels – අළුත්, මෘදු සම මතු කරයි.
• Laser Therapy – වයස පෙනුම අඩු කරයි.
• RF (Radio Frequency) Therapy – තාපය මගින් කොලජන් වැඩි කරයි.
• PRP Therapy (Platelet-Rich Plasma) – ඔබේම ලේ භාවිතයෙන් නව කොලජන් වර්ධනය කරයි.



කොලජන් ආරක්ෂා කිරීමට දෛනික උපදෙස්

දින පුරාදී:
• SPF 30+ සන්ස්ක්රීන් භාවිතා කරන්න.
• Vitamin C serum යොදන්න.

රාත්රියේ:
• Collagen-boosting night cream භාවිතා කරන්න.
•6–8 පැය නිදා ගැනීම ඉතාම වැදගත්ය.
කොලජන් වර්ධනය කරන ආහාර
ආහාර වර්ගය
ගොටුකොළ, දෙළුම්
Vitamin C
Vitamin A
Omega-3
බිත්තර, පනීර්
Amino Acids

කොලජන් වර්ධනය සඳහා හොඳම ක්රමය වන්නේ
ස්වභාවික ආහාර ,සත්කාර රටාව ,නිසි විවේකය සහා නිසි ප්රතිකාර සමට එකතු කිරීමයි.

 

දුලාංජලී අලහප්පෙරුම

Home / 2025

25-Oct-12

මේ අසරණකමද?

වැරද්ද මොකක් උනත්
සමාව දීලා ළඟට ගන්න තරම්
හිතක් අසරණ වෙද්දී

කොච්චර අඩුපාඩු තිබුණත්
ඒවත් දරාගත
ළඟින් ඉන්න තරම්
හිතක් ශක්තිමත් වෙද්දී

මඟහැර ගිහින් ආයේ ආවත්
ළඟට ගන්න තරම්
වෙලාවකට සමහර හිත්
අනුකම්පා කරද්දී

එයා හිටියට කමක් නෑ
මාත් ආදරෙයි කියන තරමට
ඇයි දෙවියනේ
සමහර ආදර කතා අසරණ වෙන්නේ

ගගන ගුරුගේ

Home / 2025

25-Oct-11

ගංගාවේ ගීතය~


අහසට දුක සිතී කඳුළැලි වසින විට
පහසට කඳුළු වල, සොම්නස දැනෙයි මට
කඳුළට කඳුළ එක්වී මා වැඩෙන කොට
රටකට දුක් දෙන්න පුලුවන් වේවි හෙට

පෙරකල නිහඬවම සමුදුර තෙක් ඇදුණී
පින් කල බෝ දනට පැන් පහසුව ලැබුණී
කල හොඳ පසුව නරකෙන් නරකට හැරුණී
කලගුණ නැති නිසාවෙන් හොඳහිත මැරුණී

දැක මිනිසුන්ගෙ හීනව ගිය කුලුණු ගුණේ
දුක අනුකම්පාව යන කිසිවක් දැන් නොදැනේ
නෙක වතු උයන් රට තොට සිරි දකිනු මෙනේ
එක වැස්සෙන්ම උතුරා යමි සතර කොනේ

– තාරක ජයතිලක

Home / 2025

25-Oct-09

ශ්‍රී ලංකාව තුළ ක්‍රමවත් මැතිවරණ ක්‍රියාවලියක් උදෙසා

ශ්රී ලංකාව තුළ ක්රමවත් මැතිවරණ ක්රියාවලියක් උදෙසා E – Voting හදුන්වා දීමේදී පවතින අභියෝග

ලොව පුරා සිටින ජනතාවට මැතිවරණවලට සහභාගී වීමට ඉලෙක්ට්රොනික ඡන්දය දීම (E – Voting) ජනප්රිය ක්රමයක් බවට පත්වෙමින් තිබේ. එය වේගවත් ප්රතිඵල, අඩු පිරිවැය සහ බොහෝ පුරවැසියන්ට පහසු ප්රවේශයක් පොරොන්දු වේ. ශ්රී ලංකාවේ, මෑත වසරවලදී විද්යුත් ඡන්දය පිළිබඳ සාකච්ඡා වර්ධනය වී ඇත, විශේෂයෙන් වැඩි සේවාවන් අන්තර්ජාලයට මාරු වන විට මේ ගැන අවබෝධය පුලුල් වී ඇත.එහෙත් මෙම සුවිශේෂි ක්රමවේදය පිටුපස නිහඬ අභියෝගයක් පවතී. සෑම ශ්රී ලාංකිකයෙකුටම සහභාගී වීමට එකම අවස්ථාවක් සහ පහසුකම් නොමැත. සමාජආර්ථික අසමානතාවයන් සහ ඩිජිටල් සාක්ෂරතාවයේ අඩු බව මෙම ක්රියාවලියට පවතින ප්රධාන බාධක වේ.

හොඳ අන්තර්ජාල සම්බන්ධතා, ස්මාර්ට්ෆෝන් සහ නිතිපතා පරිගණක භාවිතයක් ඇති නාගරික ප්රදේශවල බොහෝ දෙනෙකුට, විද්යුත් පද්ධතියක් හරහා ඡන්දය ප්රකාශ කිරීම සරල ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් දුප්පත් ප්රජාවන්හි, විශේෂයෙන් කුඩා නගරවල සහ දුරස්ථ ගම්මානවල, තාක්ෂණයට එදිනෙදා ප්රවේශය තවමත් සීමිතය. සමහර පවුල්වලට පරිගණකයක් හෝ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැත. ඔවුන් එසේ කළත්, දත්ත හෝ නව උපාංගවල පිරිවැය ඉතා ඉහළ විය හැකිය. මෙම මූල් බාධක ඩිජිටල් මෙවලම් පහසුවෙන් භාවිතා කළ හැකි අය සහ භාවිතා කළ නොහැකි අය අතර පැහැදිලි රේඛාවක් නිර්මාණය කරයි. මෙම පරතරය වසා දැමීමට ක්රියාමාර්ගයක් නොමැතිව, විද්යුත් ඡන්දය දීමෙන් තම හඬට අවස්ථාවක් නොමැති ගිය හැකිය.

ඩිජිටල් සාක්ෂරතාවය තවත් ගැටලුවක් එක් කරයි. එනම් කියවීමට සහ ලිවීමට දැන ගැනීම මාර්ගගත පෝරමයක් පුරවන්නේ කෙසේද, මුරපදයක් නිර්මාණය කරන්නේ කෙසේද හෝ වෙබ් අඩවියක ආරක්ෂක පියවර අනුගමනය කරන්නේ කෙසේද යන්න දැන ගැනීම සැමට එක සමාන නොවේ.බොහෝ වැඩිහිටි පුරවැසියන් මෙන්ම තාක්ෂණයට නිරාවරණය නොවන පුද්ගලයින්ට මාර්ගගත ඡන්දයක් ව්යාකූල හෝ බිය උපදවන සුළු විය හැකිය. ඔවුන් වැරදි කිරීමට බිය විය හැකිය හෝ ඔවුන්ගේ ඡන්දය ගණන් නොගනු ඇතැයි කනස්සල්ලට පත්විය හැකිය. තරුණ කණ්ඩායම් අතර පවා, ඩිජිටල් කුසලතා සමාන නොවේ. හොඳින් සන්නද්ධ පාසල්වල සිසුන් ඉක්මනින් උපාංග හැසිරවීමට ඉගෙන ගන්නා අතර, අරමුදල් නොමැති ප්රදේශවල සිටින සිසුන් මූලික පරිගණක භාවිතය සමඟ අරගල කළ හැකිය. පැහැදිලි මග පෙන්වීමක් සහ පුහුණුවක් ලබා නොදුනහොත්, විද්යුත් ඡන්දය ජනගහනයෙන් කොටසක් සඳහා පමණක් මෙවලමක් ලෙස පැවතිය හැකිය.

විශ්වාසය මෙම හිඩැස්වලට සම්බන්ධ වේ. ඉලෙක්ට්රොනික පද්ධතියක් ක්රියා කරන ආකාරය මිනිසුන්ට සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැති විට, ඔවුන් එහි ආරක්ෂාව සහ සාධාරණත්වය ප්රශ්න කළ හැකිය. අනවසරයෙන් ඇතුළුවීම, ඡන්ද අපයෝජනය හෝ තාක්ෂණික දෝෂ පිළිබඳ කනස්සල්ල ඡන්දදායකයින් අලුත් දෙයක් උත්සාහ කිරීමට මැලි කළ හැකිය. ප්රජාතන්ත්රවාදයක් සඳහා, මැතිවරණ කෙරෙහි විශ්වාසය ඡන්දය තරම්ම වැදගත් වේ. එයින් අදහස් කරන්නේ විද්යුත් ඡන්දය පුළුල් පිළිගැනීමක් ලබා ගැනීමට නම් දැනුවත් කිරීමේ ව්යාපාර, සරල උපදෙස් සහ දෘශ් ආරක්ෂණ (Visible Protections) අත්යවශ් බවයි.


ශුභාරංචිය නම් මෙම බාධක ජය ගැනීමට නොහැකි නොවන බවයි. දැරිය හැකි මිලකට අන්තර්ජාල සේවා පුළුල් කිරීම, ප්රජා පුහුණු මධ්යස්ථාන සඳහා සහාය වීම සහ රාජ්පෞද්ගලික හවුල්කාරිත්වයන් දිරිමත් කිරීම මගින් අවාසි සහගත කණ්ඩායම් වෙත තාක්ෂණය සමීප කිරීමට උපකාරී වේ. ජංගම හිතකාමී වේදිකා (Mobile-friendly platforms), දේශීය භාෂා අතුරුමුහුණත් (local language interfaces) සහ පැහැදිලි උපකාරක මාර්ග (clear help lines) පළමු වරට භාවිතා කරන්නන් සඳහා පද්ධති (Systems) පහසු කළ හැකිය. පුරවැසිභාවය පිළිබඳ පාඩම් සමඟ ආරක්ෂිත මාර්ගගත භාවිතයන් ඉගැන්වීමෙන් පාසල් සහ යෞවන සමාජවලට කාර්යභාරයක් ඉටු කළ හැකිය. වෙනත් රටවල මෙන් ශ්රී ලංකාව තුළ මෙය ක්රියාත්මක කීරීමෙන්, එනම් විද්යුත් ඡන්දයට මාරුවීම ප්රජාතන්ත්රවාදය බෙදීම වෙනුවට ශක්තිමත් කරන බව ශ්රී ලංකාවට සහතික කළ හැකිය.

රට තම මැතිවරණ ක්රියාවලිය නවීකරණය කිරීම සලකා බලන විට, තාක්ෂණය පමණක් සාධාරණත්වය හෝ ඇතුළත් කිරීම සහතික නොකරන බව මතක තබා ගැනීම වැදගත් වේ. ඡන්දයක් යනු සෑම පුරවැසියෙකුම වැදගත් බවට අංගයකි.ආදායම, වයස හෝ ඩිජිටල් අත්දැකීම් නොසලකා සියලුම ශ්රී ලාංකිකයින්ට සහභාගී වීමට අවස්ථාවක් ඇති විද්යුත් ඡන්ද (E- Voting) ක්රියාවලිය කරනු සක්රීය කරනු ඇත.

පවිත්‍රා රණතුංග

Home / 2025

25-Oct-08

කථනයට බාධා ගෙන දෙන 'ස්වරභේද'

කථනයනොහොත්කතා කිරීමයනු සත්ත්වයන්ගේ ප්රකාශනයේ භාෂාවයි.
එමඟින් තමාට අවශ් දේ තවත් අයෙක් වෙත සම්ප්රේෂණය තුළින් සන්නිවේදනය කිරීමටත්, හැඟීම් හා දැනීම් ප්රකාශනයටත් අවස්ථාව සැළසේ.

අවශ් තැන්හි, නිවැරදි වචන ගැලපීමෙන් අදහස් හුවමාරු කිරීමටත්, අර්ථවත් හා නිරවද් සන්නිවේදනයටත් කථනය අතිශය වැදගත් වේ.

නමුත් ජනගහනයෙන් තුනෙන් එකක ප්රමාණයක් ජීවිත කාලය තුළ කුමන හෝ අවදියක දී කතා කිරීමේ විකෘතිතා ඇති කරන රෝග අවස්ථාවන්ට ගොදුරු වේ.

උස් හඬින් නිතර කතා කිරීම, පාඩම් කිරීමේදී ශබ්ද නගා කියවීම, විෂ ද්රව් පානය කිරීම, හදිසි අනතුරු වලට ලක්වීම සහ වෙනත්රෝග තත්ත්වයන්ගෙන් පසුව හටගන්නා වූ හේතූන් නිසා කටහඬෙහි විකෘතිතා හට ගැනීම සිදුවිය හැක.

පුද්ගලයෙකුගේ සාමාන් කටහඬ හෝ කතාකිරීමේ තීව්රතාවයෙහි වෙනස් කම්/විකෘතිතා ඇතිවීම මඟින් නියමිත ස්වර උත්පාදනය නොහැකි වීම ආයුර්වේද වෛද් විද්යාව තුළ හැඳින්වෙන්නේස්වරභේදනම් රෝග අවස්ථාව ලෙසයි.

ඉහත හේතු කාරණා නිසා වාත දෝෂය වෘද්ධි වීමෙන් අනතුරුව, කෝප වන වාත දෝෂය මගින් අනෙකුත් දෝෂ විකෘති කිරීම මඟින් රෝගය හට ගැනීම සිදුවේ. විකෘති දෝෂ ස්වර උත්පාදනයට අදාල අවයවයන්ගේ නිසි ක්රියාවට බාධා ගෙනදෙමින් ශබ්දය නිකුත් කිරීම අවුරුවා දැමීමත්, ගොරෝසු හඬක් (hoarseness of voice) නිකුත් කිරීමත් සිදු කරයි.

බොහෝවිට වයස්ගත වීමත් සමඟ රෝගය හටගැනීමේ හැකියාව ඉහළ යන අතර පුරුෂ පාර්ශ්වයට සාපේක්ෂව කාන්තාවන් හට රෝගය වැළඳීමේ හැකියාව ඉහළ .

ආයුර්වේද වෛද් විද්යාව තුළ මූකත්ව (ගොලු බව/වචන කථා නොකිරීම), මින්මින (නාසික ස්වරයන්ගෙන් කථා කිරීම) , ගද්ගත (ගොත බව) හා ස්වර නාශ (කථා කිරීමට සම්පූර්ණ හා අර්ධ වශයෙන් බාධා වීම) කථනයට බාධා ගෙනදෙන රෝග අවස්ථාවන් ලෙස තව දුරටත් සඳහන් කොට ඇත.

එමෙන්ම, කථනයේ විකෘතිතා ඇති කරනස්වරභේදරෝග අවස්ථාවක් ලෙස දක්වා ඇති නමුත් ඇතැම් විට වෙනත් ප්රධාන රෝගයක රෝග ලක්ෂණයක් ලෙසද සඳහන් වේ.

වාත දෝෂයේ සාමාන් ක්රියාව විකෘති වීමෙන් කම්පිත ස්වර (trembling voice), ශුෂ්ක ස්වර (dry or hoarse voice), නිර්ඝෝෂ (loss of voice) යන ලක්ෂණ ඇතිවේ. එමනිසා වාත දෝෂයේ ක්රියාව නිවැරදි කරමින් ප්රතිකාර සිදු කරයි.

රෝග ලක්ෂණ :-
උගුරේ වියළි බව/ ගොරෝසු බව
උගුර හා තල්ල ආශ්රිත දැවිල්ල/ වේදනාව
කටහඬ ස්ථාවර නොමැතිවීම
දුර්වල, බිඳුණු හඬක් පිටවීම
ගිලීමේ අපහසු බව
ස්වරය හිරවීම
පෙර පැවති හඬෙහි ගුණාංග වෙනස් වීම (තීව් බව අඩු / වැඩි වීම)
කතාව ඇරඹීම අපහසු වීම
අපහසුවෙන් කතා කිරීම

ඇතැම් මූල ග්රන්ථයන්ට අනුව ස්වරභේද යනු ඌර්දව ජත්රැගත එනම් හිස හා ගෙල ආශ්රිත ප්රදේශය මූලික කොට හටගන්නා කණ්ඨ් රෝගයකි.

උගුර, තල්ල, මුහුණ හා හිස ආශ්රිත රෝග අවස්ථාවන්හිදී ස්වරභේද තත්ත්වය හටගන්නා අතර එය ප්රබේද 6 කි.

වාතජ ස්වරභේද
පිත්තජ ස්වරභේද
කඵජ ස්වරභේද
ත්රිදෝෂජ ස්වරභේද
මේදෝජ ස්වරභේද
ක්ෂයජ ස්වරභේද

වාත, පිත, කඵ දෝෂ මූලික කොටගත් ස්වරභේද අවස්ථාවන්ට අමතරව ත්රිදෝෂජ ස්වරභේද, ස්වර උත්පාදනයට අවශ් වන මාංශ පටක හා ස්වර තන්ත් වල ක්ෂය වීම් හේතුවෙන් හටගන්නා ක්ෂයජ ස්වරභේද හා මේදෝජ ස්වරභේද අවස්ථාව එනම් උගුර හා ස්වර තන්ත් ආශ්රිත ස්නායු පටක වල මේදය තැන්පත් වීම නිසා හට ගන්නා අවස්ථාව ස්වරභේද ප්රබේද ලෙසට සැළකේ.

ඉතා දුර්වල වයස්ගත හා වැහැරීගිය රෝගීන් හට සුව කිරීම අපහසු අසාධ් රෝග අවස්ථාවක් ලෙස මෙම රෝගය දක්වා ඇති අතර බොහෝ කල්ගත වූ, උපතේ සිට පවතින හා අධික තරබාරු, මේදය අධික ලෙස ශරීර පටකයන්හි තැන්පත් පුද්ගලයන් හට රෝගය වැළඳීමේදී, සුව කිරීම අපහසු බව මූලග්රන්ථයන්හි දක්වා ඇත.

ශාරීරික හා මානසික අනතුරු, රසායන ද්රව් ශරීරගත වීම, උගුර ආශ්රිත අර්බුදග්රන්ථි හා පිළිකා තත්ත්ව, ගලගණ්ඩය වැනි උගුර ආශ්රිත රෝගාබාධ, ශල් කර්ම, ඇතැම් ඖෂධ, ආසාත්මිකතා වැනි හේතූන් නිසා ස්වරභේද තත්ත්වයක් ඇති විය හැකිය.

සෙම සහිත උණ හෝ ඇතැම් වෛරස් ආසාදන තත්ත්වයන් වලදී ප්රතිකාර ලබා ගැනීමේදී සාමාන්යයෙන් සති 2 කාලයක් තුළදී කටහඬ යථා තත්ත්වයට පැමිණේ. නමුත් සති 2 කට වඩා වැඩි කාලයක් රෝග ලක්ෂණ පවතින අවස්ථාවකදී රෝග හේතුව නිවැරදිව හඳුනා ගැනීමත් සඳහා ඉක්මන් නිසි ප්රතිකාර ලබා ගැනීමත් අතිශය වැදගත් වේ.

කණ්ඨගත රෝග එනම් උගුර ආශ්රිත ආසාදන හෝ ප්රදාහ තත්ත්වයන්, ස්වර තන්ත් ආශ්රිත ස්නායු හානි, පක්ෂාඝාත, අර්ධිත, හදිසි අනතුරු නිසා කථන ස්ථානයන්ට හානි වීම හා ඇතැම් මානසික රෝග නිසාත් ස්වරභේද හට ගනී.

එමෙන්ම කාස (කැස්ස), ශ්වාස (ඇදුම), තාලු ශෝෂ (තල්ල වියළීම) හා කණ්ඨ රෝග (උගුර ආශ්රිත රෝග) නිසා රෝග ලක්ෂණයක් ලෙස ස්වරභේද හටගනී.

කණ්ඨනොහොත් උගුර යනු කඵ දෝෂය මූලික ස්ථානයකි. එම නිසා නිතර නිතර සෙම් රෝග වැළඳෙන අතර උගුරේ ආසාදනයන්ට (tonsilitis, pharyngitis, laryngitis) වරින් වර ගොදුරු වීම පහසුවෙන් සිදුවේ. එම නිසා කටහඬෙහි සිදුවන වෙනස්වීම් නිරන්තරයෙන් අත්දැකිය හැක.
(Hoarseness of voice, feeble voice, split voice)

උගුර ආශ්රිත රෝගයන්ට හිතකර ඖෂධ ආයුර්වේද ප්රතිකාර තුළ බොහෝසෙයින් අන්තර්ගත වේ.

පලොල් මුල්, උක් මුල්, වැල්මී, තිප්පිලි, වියළි මිදි,එළබටු මුල්, කටුවැල්බටු, බෙහෙත් ගොටුකොළ, කැප්පෙටියා කොළ, ඉරිවේරිය, කප්පරවල්ලිය යන කඵ නාශන හා උගුරේ අභ්යන්තරයේ වියලි බව නැති කිරීමට හිතකර ආයුර්වේදීය ඖෂධයන් ලෙස ප්රතිකාරයේදී බහුලව යොදා ගැනේ.

හිතකර ක්රියා :-
කටහඬට විවේකය ලබා දීම
උස් හඬින් කතා කිරීම, සිනාසීම, කෑගැසීම අවම කිරීම
මද උණුසුම් ජලය පානය කිරීම
ගිතෙල් පානය කිරීම
ශීතකල ආහාර, ආසාත්මික ආහාර නොගැනීම
යෝග අභ්යාසප්රාණායම සිදු කිරීම
දුම් පානයෙන් වැළකීම
ඖෂධීය ද්රව් වලින් සැකසූ මුඛ දාවන සිදු කිරීම

රෝග රෝගී පරීක්ෂාවෙන් අනතුරුව ස්වරභේද රෝග අවස්ථාව සඳහා පුද්ගලානුබන්ධ චිකිත්සා පද්ධතියක් ආයුර්වේද වෛද් ක්රමය තුළ අන්තර්ගත වේ. එමෙන්ම නස්, ධූමපාන, කවල හා ගණ්ඩූෂ ප්රතිකාර මෙන්ම ඖෂධීය කෂාය, චූර්ණ, අවලේහ, කල්ක, අරිෂ්ඨ, ආසව හා රසායන ඖෂධ මඟින් ක්රමවත් චිකිත්සා පද්ධතියක් සිදුකිරීමෙන් සාර්ථක ප්රතිඵල ගෙනදෙන රෝග අවස්ථාවකි.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක
BAMS – Colombo University (SL)

Home / 2025