BVS ACCOUNTING LTD

BVS ACCOUNTING LTD

ඔබේ ව්යාපාරික හීනයට ශක්තියක් වෙන්න BVS ACCOUNTING LTD අපි සුදානම්!

අද ව්යාපාරික ලෝකය ඉතාමත් තරඟකාරීයි.ඉතින්, එක්සත් රාජධානිය වගේ රටක ඉන්න ශ්රීලාංකික අපිට සාර්ථක

ව්යාපාරයක් පටන්ගන්නවා කියන්නේ, නැත්තං ව්යාපාරය දියුණු කරගන්නවා කියන්නේ, ලොකු හීනයක්. හීනය සැබෑ

කරගන්න එක අමාරු දෙයක් කියලා තමයි අපිට හිතන්නේ. BVS Accounting අපි ඔබට කියන්නේ, සඳහා ඔබට නිවැරදි

මගපෙන්වීමක් තියෙනවනම්,මේක අමාරු දෙයක් නොවෙයි කියලා.ඉතින් අපි, අද කතා කරන්නේ, ඔබේ මේ ව්යාපාරික

හීනය සාර්ථකව ලෙහෙසියෙන්ම සැබෑ කරගන්න අපට ඔබට උදව් කරන්න පුළුවන් කෙසේද කියන එක ගැනයි."

ඉතින්, මුලින්ම කියන්න අවශ්යයි අපි අතර වැරදි මතයක් තියෙනවා, ව්යාපාරයක් සාර්ථකව පවත්වා ගන්න නිවැරදි මූල්

කළමනාකරණය සහ බදු කාර්යක්ෂමතාවය පමණක් තිබුණොත්,ප්රමාණවත් කියලා. BVS Accounting අපේ මතය නම්

මෙයට අමතරව අපි අවධානය යොමු කළ යුතු විවිධ අංශ රැසක්ම තියෙනවා කියන එකයි. මේ අතර,

  • ව්යාපාරික සැලසුම් සහ උපායමාර්ග (Business Planning & Strategy)
  • මුල් සලකා බැලීම සහ සැලසුම් – Financial planning, budgeting, and cash flow
  • මුදල් පරිපාලනය – Advice on taxes, profit margins, loans, or other financial matters.
  • නීතිමය අනුකූලතාව (Legal and Regulatory Compliance)
  • ව්යාපාරයේ සෞඛ්යය පරීක්ෂාව(Business health check)
  • ආරක්ෂණ සහ අවදානම් කළමනාකරණය (Risk & Security Management)
  • සැලකිලිමත් තීරණ ගැනීම (Decision-Making and Problem Solving)
  • ව්යාපාර වර්ධනය ( Business Growth)

වගේම තවත් කරුණු රැසක් ගැන අවධානය යොමු කළ යුතුයි. සාර්ථක ව්යාපාරයක් නිරන්තර වෙනස්කම් හමුවේ තිරසාර

වර්ධනයක් වගේම "එවාට ඔරොත්තු දීමේ හැකියාව තිබිය යුතුයි. මෙන්න, මේ නිසාමයි අපි කියන්නේ අද ව්යාපාරිකයින්ට

ඔවුන්ගේ ව්යාපාරය කරගෙන යාමට විශේෂඥ සහාය අවශ්යමයි කියලා .

BVS Accounting Ltd , අපේ බලාපොරොත්තුව ගණකාධිකාරීවරයෙකුගේ ප්රධාන කාර්යයන් ඉක්මවා අපගේ සේවාදායකයින්ට

අසාමාන් සේවාවන් සැපයීම. නිසාමයි අපි අනෙකුත් සාම්ප්රදායික ගණකාධිකාරීවරුන්ගෙන් වෙනස්

වෙන්නේ.ඇත්තටම,අපි ගණකාධිකාරීවරුන් පමණක් නොවේ; අපි ඔබේ ව්යාපාර වර්ධන හවුල්කරුවන්, යැයි පැවසුවහොත්,

නැතිනම්,ඔබේ ව්යාපාර උපදේශකයින් යැයි පැවසුවහොත් වඩාත්ම නිවැරදියි.අපි ඔබට ගිණුම්කරණ සේවාවන් පමණක්

නෙමෙයි, ව්යාපාර උපදේශනය, ව්යාපාර සැලසුම් සකස් කිරීම, උපායමාර්ග සංවර්ධනය සහ බදු කාර්යක්ෂම ව්යාපාරයක්

ගොඩනැඟීම සඳහා ක්රියාකාරී සහයෝගය (hands-on support) සපයනවා.

කවුද මේ සේවා සපයන්නේ?

අපගේ සාර්ථකත්වයේ රහස වන්නේ "අපේ ආයතනයේ( BVS Accounting Ltd )සේවය කරන පළපුරුදු, වෘත්තීය සුදුසුකම්

සහිත උපදේශක කණ්ඩායමයි(Business Advisor Team). ඔවුන්ගේ කැපවීම,දක්ශතාව පමණක් නෙමෙයි, ගිණුම්කරණය සහ

කළමනාකරණය යන ක්ෂේත්රවල ඔවුන්ගේ අති පලපුරුද්ද හා අවබෝධය අගය කළ යුතුමයි.

වගේම මතක් කරන්න ඕනේ අපේ Operation team එක.ඔව්, " අය අතින් තමා bookkeeping, final accounts , tax returns

preparation, payroll වලට අදාල සේවාවන්, company secretarial වැඩ වගේ ගණකධිකාරිවරයකුගේ අනෙකුත් සේවාවන්

සියල්ලම සැපයන්නේ."

අපේ කණ්ඩායම ACA, AAT, IFA හා CIMA වැනි වෘත්තීය සුදුසුකම් ඇති කණ්ඩායමක් "වගේම, පිළිගත් Business Analyst,

Tax Planner, and Finance Consultant සහ Accountant ලෙස කටයුතු කරලා පළපුරුදු පිරිසක්.

ඔබට උපදේශක කණ්ඩායමෙන්(Business Advisory Team) ලබා ගත හැකි සේවා මොනවාද?

ඔබ ව්යාපාරයක් ආරම්භ "කරන්න සිතන මොහොතේ සිටම සාර්ථකත්වය දක්වාත් අනතුරුව එම ව්යාපාරය අඛණ්ඩව

පවත්වාගෙන යාමටත් ඔබට පියවරෙන් පියවර උපදෙස් ලබා දෙන්න අපේ Business Advisory Team එකට පුළුවන්.

 

ඔබට ව්යාපාරයක් ආරම්භ කිරීමට අවශ්යයිනම් පළමුවෙන්ම, සඳහා ඔබට කැමත්තක් තිබිය යුතුය. ඊළඟට ඔබ

කුමන ආකාරයේ ව්යාපාරයක් ආරම්භ කළ යුතුද යන්න සිතා බැලිය යුතුයි.උදාහරනයක් වශයෙන් ඔබ දක් ආහාරපාන

සැපයීමට නම් ඔබට එවැණි ව්යාපාරයක් ආරම්භ කිරිම තමයි සුදුසු.එවගේම අපි කියමු ඔබ යම් කිසි ක්ෂේත්රයක

වෘත්තිය ප්රවීණයකු කියලා එහෙනම් ආශ්රිත සේවා සපයන ව්යාපාරයක් ඔබට ආරම්භ කිරිම තමයි වඩාත් සුදුසු

වෙන්නේ.

ඉතින් කිසි විටෙකත් මේ ගමනේ ඔබ තනියම කියලා හිතන්න එපා.BVS Accounting අපිට පෙර කියපු විදිහට ආරම්භයේ

සිටම සරල, මිත්රශීලී සහ විශ්වාසදායක මග පෙන්වීමක් සමඟින් ඔබට සෑම පියවරකදීම නිවැරදි තීරණ ගැනීමට ඔබට

උදව් කරන්න පුළුවන්. අතරින් ව්යාපාරයක් ආරම්භයේදී අවශ්,

  • නිවැරදි ව්යාපාර ව්යුහය (තනි පුද්ගල ව්යාපාර, හවුල් ව්යාපාර, සමාගම්) තෝරා ගැනීම
  • නීතිමය සහ මූල් පදනම් සැකසීම (compliance and strategic planing)
  • ශක්තිමත් ව්යාපාර සැලැස්මක් සහ කෙටුම්පත් කිරීම.(Business plans and budgeting)
  • ව්යාපාර ණය අවශ්යතා සඳහා උපදෙස් (Business loan supports)

වැනි සේවාවන් සඳහා අපේ Business Advisory කණ්ඩායමින් උපදෙස් ලබාගන්න පුළුවන්.

ව්යාපාරයක් පවත්වාගෙන යාම සඳහා ව්යාපාර උපදේශකවරු (Business Advisor) අවශ් ඇයි?

කලින් සඳහන් කළ පරිදි අපේ විශේෂඥ ව්යාපාර උපදේශන සේවාව නිසාම, අපි අනෙකුත් සාම්ප්රදායික ගිණුම්කරණ

සමාගම්වලට වඩා වෙනස්. ව්යාපාර ආරම්භ කිරීමට සහාය පමණක් නොව, අපේ උපදේශකවරු(business advisor) ඔබේ

ව්යාපාර ගමන පුරාම ඔබට සහය වෙන්න සූදානම්.වැදගත්ම දෙය තමයි ඔබේ ව්යාපාර උපදේශකයා ගණකාධිකාරීවරයෙකු

වීම. නිසාමයි අපි කියන්නේ ඔබේ ව්යාපාරය දියුණුකිරීමට උපදෙස් ගන්න සුදුසුම අය අපි කියලා.", ඔවුන් ඔබේ

ව්යාපාරයේ සෞඛ්යය(business health check) නිතිපතා නිරීක්ෂණය කිරිම, උපායමාර්ගික අවබෝධයක් ලබා දිම, සහ මුදල්

ප්රවාහ ගැටළු හෝ පරිමාණ උපාය මාර්ග(strategic planning) වැනි අභියෝග සඳහා නිරවද් සහ කාලීන විසඳුම් ලබා

දෙන්න නිරතුරුවම කැප වෙලා ඉන්නවා.

ව්යාපාරයක් පවත්වාගෙන යාමේදි අවදානම් ගැනීම අවශ්යම වේ.; එය සමෘද්ධිමත් වීම ගැනද සිතිය යුතුමයි. වගේම

වර්ධන අවස්ථා හඳුනා ගැනීම, කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ ගැටළු ඇතිවීමට පෙර ඒවා හදුනාගෙන වළක්වා

ගැනීම වගේ දේවල් ගැනද අවධානය යොමු කළයුතුයි. අපි නිතිපතා ව්යාපාර සෞඛ් පරීක්ෂණ(health check) පවත්වන

නිසා සහ ඔබේ ගිණුම් කටයුතු ගැන අවබෝධයෙන් සිටින නිසා අපගේ ඉලක්කය ඔබේ ව්යාපාරය නිරන්තරයෙන් ඉදිරියට

ගෙන යැමට උදව් කිරීමයි.

තවදුරටත්, ඔබට කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට අවශ්යද? නව වෙළඳපොළකට ව්යාප්ත වීමට සිතනවාද? ඔබේ මුදල්

ආයෝජනය කළ යුතු තැන කොතැනද යන්න තේරුම් ගැනීමට අවශ්යද? අපි සියල්ලට පැහැදිලිව සහ ඔබට මඟ

පෙන්වන්න සූදානම්.

මීට අමතරව ලබා ගත හැකි සේවා මොනවාද?

ඇත්ත වශයෙන්ම, ගිණුම්කරණ සමාගමකින් ඔබ අපේක්ෂා කරන සාමන් සේවාවන් පිළිබඳ විශේෂඥ,පලපුරුදු සහ දක්ෂ

කණ්ඩායමකුත් අපට ඉන්නවා.අපේ ආයතනට වසර 12 කට වැඩි පළපුරුද්දක් තියන්වා මේ ක්ෂේත්රයේ. ශ්රී ලාංකිකයන්ට

පමණක් නොව අපි එක්සත් රාජධානිය පුරා විවිධ ජාතීන්ට අපගේ සේවය සපයන්නෙ බොහෝ සතුටින් .

  • ගිණුම් පොත් තැබීම(Bookkeeping)
  • වැටුප් ආශ්රිත සේවා(payroll),
  • ගිණුම්කරණ සේවාවන් (Accounting Services) සහ
  • බදු සේවාවන් (Tax Services)-Income tax/VAT/CT/CGT
  • ඕනෑම Company Secretarial Work
  • Cash Flow Statement/Budget සකස් කිරීම

 

වැනි සේවාත් සාම්ප්රදායික සේවාවන්ගෙන් ඔබ්බට ගිය නවීන තාක්ෂණය(New Technology), ක්ෂණික සේවාවන් (realtime

Accounting) සහ උසස් පාරිභෝගික සේවා(Customer Service) වැනි අංශ වලට අවධානය යොමු කරලා අපි

සපයනවා.ඉතින් අපගේ මූල් උපදෙස් සැමවිටම නිවැරදියි, ක්රියාත්මක කළ හැකියි සහ ප්රායෝගිකයි.

ඇයි ඔබ අපව තෝරා ගත යුත්තේ ඇයි?

BVS Accounting Ltd අපි දැනටමත් මූල් අංශයේ එක්සත් රාජධානිය පුරා අපගේ සන්නාමය නිර්මාණය කර අවසන්.අපේ

ඉලක්කය අපේ පාරිභෝගිකයන්ගේ සාර්ථකත්වයම පමණයි. මේ වෙනකොට අපි UK වල ව්යවසායකයින්ට ඔවුන්ගේ

බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කිරීමට වගේම කුඩා ව්යාපාර සමෘද්ධිමත් ව්යවසායන් බවට පත් කිරීමට උපකාර

කළ අවස්ථා නොයෙක් තිබෙනවා. නිසා අපි ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. වගේම, අපගේ මූල් උපදෙස්

සැමවිටම නිවැරදියි, ක්රියාත්මක කළ හැකියි සහ ප්රායෝගිකයි.

අපේ කණ්ඩායම ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් සහ වසර ගණනාවක සැබෑ අත්දැකීම් සමඟින්, මේ ක්ෂේත්රයේ ඔබට

සහාය වීමට සන්නද්ධ වෙලා ඉන්නේ. ප්රතිඵල ගෙන දෙන පැහැදිලි, ක්රියාකාරී උපදෙස් ලබා දෙමින්, ව්යාපාරික ඉලක්ක

වෙත ලඟා වීමට සහ අභියෝග ජය ගැනීමට අපි අපගේ ගනුදෙනුකරුවන්ට උදව් කරන්න අපි සුදානම්.

ඔබගේ ව්යාපාරය කුමන තරාතිරමක එකක් වුවත්,ඔබට අපි සමග එකතු වෙන්න පුළුවන්. ඉතින්, අවසාන වශයෙන්

ඔබට අපගේ සහාය අවශ් නම්, ඔබට අප සමඟ මිනිත්තු 30 මූලික උපදේශනයක් නොමිලේ වෙන්කරවා ගත

හැකියි.https://calendly.com/inquiries-bvsaccounting/30min?month=2025-04

(+44) 020 7183 6994

inquiries@bvsaccounting.co.uk

Home / 2025

25-May-05

නව තාක්ෂණය: අනාගතය දැන්ම එයි

අපේ ජීවිතය තාක්ෂණය නැතිව අද යමක් කරන්න පුළුවන්ද? දුරකථනය, අන්තර්ජාලය, සමාජ ජාල, QR කේත, Smart TV, AI… මේවා හැමදාම අපට මුණ ගැසෙන දේවල්. නව තාක්ෂණය කියන්නේ අදටත් ඉස්සරහටත් ලෝකය හැරවෙන්න හේතුවක්.

 

2025 නව තාක්ෂණ ප්රවණතා

  1. කෘත්රිම බුද්ධිය (AI – Artificial Intelligence)

ChatGPT වගේ AI සෙරියාවන් දැන් පමණක් නොව, ව්යාපාර, වෛද්, අධ්යාපන, පරිගණක ක්රීඩා වැනි ක්ෂේත් සියල්ලකට ඇතුල් වෙලා තියෙන්නේ. AI මඟින් now ඔබට ලිපි, කවි, ක්රමලේඛනය, විභාග සදහා උදව් වගේ දේවල් ඉතා ඉක්මනින් කරගන්න පුළුවන්.

  1. මානව සන්සුන්කරණ යන්ත් (Robotics)

ලොව පුරා කර්මාන්තශාලාවල වැඩ කරන යන්ත්, රෝහල් වල රෝගීන්ට සේවය කරන රොබෝ, පරිස්සමෙන් වාහන තැනෙන අයුරු මේවා දැන් යථාර්ථයක්. Soft robotics කියන නව ක්ෂේත්රය මඟින් මිනිස්සෙකු වගේ ගමන් කරන සහ වැඩ කරන යන්ත්රයන් හදනවා.

  1. බුද්ධිමත් උපාංග (Smart Devices)

Smartwatch, Smart Glasses, Smart Home Devices වගේ දේවල් මේ වන විට සාමාන්යයි. 2025දී මේවා AI එකත් එක්ක තව දියුණු වෙලා, ඔබේ මනෝභාව හඳුනාගෙන ක්රියාකරන්නද හැකිවෙයි.

  1. විකෘතිත් (Augmented Reality – AR) සහ අතිසත්යය (Virtual Reality – VR)

AR සහ VR තාක්ෂණය දැන් ක්රීඩා, අධ්යාපන, නිර්මාණ, වෛද් ආදී ක්ෂේත් වල භාවිතා වෙනවා. 2025දී මේවා ඔස්සේ ඔබට විශිෂ්ටව පුහුණු වීමට, සංචාර යාමටත් ඉඩ ලැබේවි.

  1. කාර්බන් නිශ්පාදන අඩු තාක්ෂණ

තිරසාරතාවය සඳහා හොඳ තාක්ෂණ මෙහෙමයි. එලියෙන් විදුලිය ලබාගන්න සූර්ය පැනල්, විදුලි වාහන, smart energy systems වගේ දේවල් 2025දී තවත් ජනප්රිය වෙනවා.

 

අපේ ජීවිතයේ බලපෑම්

  • වැඩ ඉක්මනින්, නියමිතව කරගන්න පුළුවන්.
  • සෙරියාවන් වාගේ යන්ත් ඔබ වෙනුවෙන් බහුතර වැඩ කරයි.
  • නව තාක්ෂණයෙන් ඔබේ දැනුම, ජීවිත තත්ත්වය, ව්යාපාර හැඩ වෙනවා.
  • කෙසේ වෙතත්, පෞද්ගලිකත්වය, ආරක්ෂාව, රැකියා අහිමිවීම වැනි ගැටළු ගැනත් හොඳින් සිතන්න ඕනේ.

නව තාක්ෂණය කියන්නේ අනාගතයයි. ඒක බියවෙන්නක් නෙවෙයිඋගන්වගන්න, වැඩ පහසුකරන්න, ලෝකය එකට ගන්න මාර්ගයක්. හැබැයි ඒවා නිවැරදිව, වගකීමෙන් භාවිතා කරන්නම ඕනේ.

GSK

Home / 2025

25-May-04

සුන්දර ජීවිතයක් සඳහා නිර්ණායක ත්‍රිත්වයක්:

ධම්මපදය බුද්ධ දේශනාවන්ගෙන් සමන්විත මනරම් ග්රන්ථයක් වන අතර, එය සුන්දර ජීවිතයකට මග පෙන්වයි. ධම්මපදයේ 224 වන ගාථාව තුළින් සුන්දර ජීවිතයක් සඳහා මූලික නිර්ණායක ත්රිත්වයක් දක්වයි:

සච්චං භණේ, කුජ්ඣෙය්, දජ්ජා අප්පම්පි යාචිතො;
ඒතෙහි තීහි ඨානෙහි, ගච්ඡේ දේවාන සන්තිකෙ.”

සත්යය පවසන්න. තරහවට ඉඩ නොදෙන්න. ඉල්ලූ විට සුළු දෙයක් වුවත් දෙන්න. මේ ත්රිත්වය හරහා, දෙවියන් වෙසෙන ලෝකයකට ඔබට යා හැකිය.”

මෙම වාක්යය තුළ දැක්වෙන සත්යය කතා කිරීම, තරහ නොගැනීම සහ පරිත්යාගය යන අංග තුන, නවීන මනෝවිද්යාවේත් මූලික මට්ටමේ මානසික සෞඛ්යය, සමාජීය හැසිරීම, සහ ආත්ම සංවර්ධනය යන ක්ෂේත්රවලට අදාල වේ. දැන් මේ අංග තුන ගැන වෙන වෙනම විමසා බලමු.


1. “සච්චං භණේ” – සත්යභාවය සහ ආභ්යන්තර ඒකාකාරතාවය

සත්යය පවසීම යනු නීතිමය සහ සදාචාරාත්මක අවශ්යතාවක් පමණක් නොව මනෝවිද්යාත්මකවද අතිශය වැදගත් වේ. Cognitive dissonance (ඥානාත්මක ව්යතිරේකය) නමැති න්යාය අනුව පුද්ගලයෙකුගේ අභ්යන්තර විශ්වාසයන් හා බාහිර හැසිරීම් අතර නොගැලපීමක් පවතින විට, ආතතියක් හා අධෛර්යතාවයක් මතු වේ. බොරුවෙන් ජීවත්වීම කාලයත් සමඟම මානසික ආතතියක් ඇති කරයි.

බුද්ධධර්මයේ, සම්මා වාචා (නිවැරදි වචනය) යනු අෂ්ටාංගික මාර්ගයේ අංගයකි. සත්යය පැවසීම යනු පිරිසිදු ජීවිතයකට මග විවෘත කිරීමකි. සත් වචන සමාජය තුළ විශ්වාසය සහ නීතිගරුකබව ගොඩනඟයි.

මනෝවිද්යාත්මක වශයෙන් සත්යය පැවසීම ආත්මීය සත්යතාවය (self-authenticity) හා ආත්මීය ප්රත්යක්ෂීකරණය (self-actualization) ඇතිකර මනුෂ්යයෙකුගේ ජීවිතයේ ව්යාකූලතාවය අවම කර සිතේ සමාධිය වැඩි කරයි.


2. “ කුජ්ඣෙය්” – තරහව පාලනය සහ මානසික නිදහස

තරහව යනු හැම කෙනෙකුම අත්විඳින, නමුත් පාලනය කල යුතු බලවත් ආවේගයකි. නවීන මනෝවිද්යාව අනුව, පාලනය නොකළ ආවේගවිශේෂයෙන්ම තද තරහවමනෝසික හා ශාරීරික සෞඛ්යයට මහත් සේ හානි කරයි. එය අධික රුධිර පීඩනය, හෘදයාබාධ, සහ සමාජික ගැටුම් වලට හේතු වේ.

බුද්ධ දේශනාව අනුව තරහව යනු අකුසල මූල තුනෙන් එකකට අයත් . මෙය පාලනය කිරීම සඳහා මෙත්තා (මිත්රත්ත්වය) සහ උපේක්ෂාව වර්ධනය කළ යුතුය. එසේ නොකළහොත්, මානසික සෞඛ්යය පිරිහෙයි.

Dialectical Behavior Therapy (DBT) (ආචරණ ආවේග විධාන චිකිත්සාව) යන ප්රතිකාර ක්රමය තුළද තරහව පාලනය යනු ප්රධාන අංගයකි. එය කුජ්ඣෙය් යන බුදුවදනේ අර්ථය සෘජුවම හුවා දක්වයි.

3. “දජ්ජා අප්පම්පි යාචිතො” – සුළු දානයක් වුවත් දීම සහ ආත්මය හැරීම

දානය හෙවත් දීම යනු බුදු සසුනේ ඉගැන්වෙන මූලික ප්රතිපත්තියකි. වටිනා දෙයක් දීම නොව, පිරිසිදු සිතෙන් දීම මෙහි මුල්ම තේමාවයි. ඉතා සුළු දෙයක් වුවත් පිරිසිදු හා අවංක සිතින් දෙන විට මහත් වටිනාකමක් ඇත.

මනෝවිද්යාවෙහි prosocial behavior හෙවත් සමාජහිතෛෂී හැසිරීම යන සංකල්පය මෙයට සමාන වේ.

නවීන නියුරෝවිද්යාවට අනුවද දානය සතුට ජනනය කරන්නා මෙන්ම brain reward system හෙවත් යම් අරමුණක් මුදුන් පමුණුවා ගැනීමෙන් ලැබෙන සම්මාන දිනාගත්තා යන හැඟීම ගෙන දෙයි. එම නිසා, දානය සිත් සතුට, තෘප්තිය සහ නිකේතන සබඳතාවයක් උදාකරයි.

ඉහත කී නිර්ණායක ත්රිත්වය දෛනික ජීවිතයේදී නොවරදාම සුළු වශයෙන් හෝ පුහුණු කිරීම රාත්රියෙහි සුවදායක නින්දකට සහ අවදිව සිටියදී ජීවිතය සුන්දරයි යන හැඟීම පහසුවෙන් දැනීමට පිටුබලයක් වේ.

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි

 

Home / 2025

25-May-03

මහා සිකුරාදා

ආදරයේ කැපවීම සහ මුදවා ගැනීමේ දිනය..

 

(යෙසායා 53:5)

"නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ

අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය;

උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ."

මාගේ ප්රේමවන්ත සහෝදර සහෝදරයනි ඔබ සැමට ආශිර්වාදමත් පාස්කු

මංගල්යයක් වේවා!

ඉතින් අද දවසේ මා ඔබ හට පෙන්වා දෙන්න යන්නේ මහා සිකුරාදාව ගැන බිඳක්

වේ.

මාගේ සහෝදර සහෝදරියනි අද අපි එකට සන්සුන් සිතකින් භක්තිවන්ත

හදවතකින් යුක්තව මහා සිකුරාදාව සිහිපත් කරමු. මෙය යේසුස් වහන්සේ

කුරුසිය මත මියගිය දිනයයි. මේ දින අපි උන්වහන්සේගේ වේදනාව සිහිකරනවා

නමුත් එය දුකක් පමණක් නොව ආදරයත් සමාවත් සහ ජයග්රහණයකි.

1.යේසුස් වහන්සේගේ ආදරය

(යොහන් 3:16)

"මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්රයාණන් දෙන තරම් ලෝකයාට

ප්රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී

සදාකාල ජීවනය ලබන පිණිසය."

දෙවියන් වහන්සේ ලෝකයාට මෙපමණ ආදරය කළ බැවින් උන්වහන්සේගේ එකම

පුත්රයා දුන්නේය.එම පුත්රයාගේ ජීවිත පූජාව විශ්වාස කරන කවුරුත් විනාශ නොවී

සදාකාල ජීවනය අත්පත් කරගැනීමට හැකිවනු ඇත.

*උන්වහන්සේ වද විදිනු ලැබුවේ අප වෙනුවෙන්.

*අපගේ පව් උන්වහන්සේ උරාගෙන අපිට මිදීම ලබා දුන්නේය.

මෙයයි උන්වහන්සේගේ අරමුණු.

 

2.කුරුසිය දුකෙන් උපන් ජය.

යේසුස් වහන්සේ වින්ද දුක් මගින් අපට ජීවිතය ලබා දුන්නේය.මොහොතක්

සිතන්න උන්වහන්සේට පහර දුන්නා, නින්දාකළා කසයෙන් පහර දුන්නා.

නමුත් උන්වහන්සේ කිව්වේ පියාණෙනි මොවුන් නොදැන කරන වරදට මොවුන්ට

සමාව දෙන ලෙසටය.

ඔබ මොහොතක් කල්පනා කර බලන්න යේසුස් වහන්සේගේ ප්රේමය කොපමණද

කියා.අපේ දුක, අපේ පව්, අපේ කඳුළු, කුරුසිය මතට උන්වහන්සේ රැගෙන අපව

මේ සියල්ලෙන් නිදහස් කර තිබේ.

මෙහි තුන්වෙනි කරුණ ගැන ඔබ හොඳින් කල්පනා කර බලන්න. උන්වහන්සේගේ

ප්රේමයට අප කෙසේ පිළිතුරු දිය යුතුද?

*උන්වහන්සේ මගේ ජීවිතයට කළ දේ සිහි කරමින් මමත් අන් අයට සමාව දිය යුතුය.

*ඔබත් ආදරය කරන්න කැපවෙන පිණිස සත්යාවබෝධ කරගෙන පසුපස ගමන් කළ යුතුවේ.

*සියල්ලේදී උන්වහන්සේගේ ප්රේමය සිහි කරමින් ජීවත් වෙමු.

3.සදාකාලික ජයග්රහණය.

මහා සිකුරාදා යනු යේසුස් වහන්සේගේ මරණය සිදුවූ දිනය නොවේ එය අප හට

ජීවනයට යන මාර්ගයේ ආරම්භයයි. යේසුස් වහන්සේ කුරුසපත් වීමෙන් පසුව

සුන්දර ජයග්රහණයක් අපට ලැබී තිබේ.මෙය විශ්වාසය කිරීම තුළින් අපි සියල්ලෝ

ජයග්රාහකයෝ වෙමු..

ඔබ සැමට ආශිර්වාදමත් මාසයක් වේවා!!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව මහරගම

Home / 2025

25-May-02

දළදා වදින්න මම නුවරට

ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං
වේනෙය් කෝමුද වනං වලිසීතරංසි
අද්ධින්දුකාර වරරූප විරාජමානං
වන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං
සිංහල තේරුම -: දෙවියන් සහිත ලෝකයාට එකම පිහිට වූ බුදුරජාණන් වහන්සේගේ ශ්රී මුඛය නමැති නෙළුම් විලට, රාජ හංසයකු වැනි වූ හික්මවිය යුතු ජනයා නමැති කුමුදු විල පුබුදු කරන්නා වූ, චන්ද්රයා වැනි වූ අඩසඳ මෙන් උතුම් රූපයකින් විරාජමාන වූ, බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ශ්රී දන්ත ධාතූන් වහන්සේ මනා කොට වන්දනා කරමි.

මාගේ සමිමා සමිබුදු බුදු පියාණන් වහන්සඔබ වහන්සේ දේශනා කලාවු අසුහාරදහසක්වු මහා ධර්මස්කන්ධය ස්පර්ශ කලාවු දන්ත ධාතුන් වහන්සේ වන්දා කිරිමට 2025 අප්රේල් මස 22වන දින මමද පේවී පිරිසිදුවි සුදුවතින් සැරසී නුවර බලා පිටත් උනේමි

විවිදවු අයගේ උපදෙස් සහා අත්දැකිමි පිළිබදව සියල්ල දැන හදුනාගෙන දින දෙකක් රැදි ඔබ වහන්සේ වන්දනා කරගැනීමෙි අරමුණ පෙර දැරිව වගේම මෙි මහා පින්කම දැක හිත සතුටු කරගෙන සුන්දර මතක ගොන්නක් තුරුළු කරගෙන නැවත නිවසට පැමිණිමෙි සිහිනය හිස මුදුණේම තබාගෙන මම ගමන පිටත් උනේ පාන්දර ජාමයෙය

හිරු නැගෙනහිරින් උදාවී ඔහුගේ රැස් පෙන්නා සිටි මොහොතක කටුගස්තොට නඟරයේ පාළම සමිපයට වන්නට මමත් මුහුණ පුරාම බලාපොරොත්තු පොදි බැදගත් සිනහවෙන් පොළිමට එකතු උනෙමි

උදැසණ ගෙවි දහවල අවසන්ව සවස් යාමය වන විට පොළිම ටිකෙන් ටික ඉදිරියට ඇදුණේ කඩි ගුලක් වගේය.. තනිව ගිය මමත් සැදැහැවතුන් අතරේ සිටි අය සමඟ කුළුපඟ උවෙි හදිසියකදි මටත් ඔවුන්ගෙන් පිහිටක් අවැසි බව දන්නා නිසාමය…..

ස්වාමීනි භභාග්යවතුන් වහන්ස…. මගේ සතුටු පිරි හිත කඩා වැටෙන්නට පටන් ගත්තේ සවස් යාමය එළඹීමට මත්තෙන් උවත් එදිනට ඔබ වහන්සේගේ තේවාවන් කටයුතු නිසා දළදා වන්දනාව අවසන් විම නිසා මා මෙි ලොකයේ නරකම මිනිසුන් වගේම හොද මිනිසුන් කීප දෙනෙක් අතර තනි උනෙමි….

අන් අය සමග මමත් මහා පාරේ පසෙක හිද ගත්තේ නිවස බලා යන එක තමයි සුදුසුම බව මාගේ සිත මට පවසනා මොහොතකදීය මොහොත වන විටත් මගේ වමි අත දරුණු ලෙස ඉදිමී රිදුම් දෙන්න පටන් ගෙන තිබුණේ ආත්තමිමලාට උදවු කරන්නට ගොසිනි….

හිත පැවසූවෙිම නැවත නිවසට යන ලෙස උවත් මොහොතේ දැන හදුනා ගත් සහොදරියක් නිසා මම රාත්රිය එහි ගත කර පසුදා තත්වය බලා නිවසට එන්නට තීරනය කලෙමි

යුද්ධය පටන්ගත්තේ ඉන්පසුවයි
ඉන්න තැන නොයිද මට මුණ ගැසුණු සොයුරිය මාවත් ඇදගෙන අන් අයසේ පොලිමෙි ඉදිරියට යන්නට පටන් ගත්තේ මගේ අකමැත්ත පිටමය.. ඇයත් තනිව මමත් තනිව නිසා මා ඇය පසු පස ඇවිද ගියේ අප දෙදෙනාට හෙට දිනයේ දළදා වහන්සේ දැක වන්දනා කරගන්නට ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුව නිසාමය

එත් මෙි පොළිමෙිදී මා විදි වෙිදනාවල් මෙසේ නැවත ලියා නොතබමි.. මට අවශ් මහා දුක අමතක කර දැමිමටය.. දහස් ගණන් සැදැහැවතුන් පොලිමි පනිමින් පරුෂ වචනයෙන් බැද වදිමින් ගහාමරා ගනිමින් දළදා වදින්න යන්න පොරකෑ සැටි මා බලාගෙනයදින ගණනක් එකම ඇදුම ඇදගෙන ගඳ ගසන මිනිසුන් මැද මට වමනයට ආවෙි මෙි අපායදැයි මගේ හිත මගෙන්ම විමසද්දිය

තැන තැන දැමු ඉදුල් ගඳ ගසන උඩම ඉටි රෙදි එලා බොහො අය නින්දේය අයවත් පාගාගෙන මිනිසුන් දිව යන සැටි දුටු මට කිසිසේත්ම ඔබ වහන්සේව දකින්න මෙි ලෙස පැමිණිය නොහැකි බව වැටහුණේය

ඔබ වහන්සේ වෙනුවෙන් පිරිකර පුජා කර සුවඳ මල් පුජා කර දණ නවා වන්දනා කරන්නට හීන දැක්ක මගේ හීන මෙි පොලිම මතදි සුන්නද්දුලීවි ගියේය

කටුගස්තොට මහයියාව බොක්කුව මා දුටුවෙි දොරටුවක් ලෙසිනි.. බොක්කුවෙන් පිටත මා සිටිනා පැත්ත නිරය යැයි මට සිතුනි.. තරමට මිනිසුන්ගේ නොමිනිස්කම පමණක් මගේ ඇස් කන් වල පිරි තිබුණි..

සාදු කාර වෙනුවට මට ඇසුනේ නරක වචන වගේමතල්ලු කරන්න එපා හුස්ම ගන්න බැයැයි කියනා වචන පමණි.. අතර මම දුටුවෙමි ප්රේතයන්කිලිටි ඇදුමි ඇදගෙන දහඩිය පෙරාගෙන කෑම වලට පොරකන සැටි මා දුටුවෙමිතල්ලු කිරිමි නිසා වයසක උපාසක අමිමලා දහයක් පහලොවක් එක උඩ බිම වැටි පපුව අල්ලන් කෑ ගසන සැටි තාමත් මට මැවි මැවි පෙණෙයි..

ස්වාමීනි භභාග්යවතුන් වහන්සමා සියැසින් ප්රේතයන් දුටුවෙමිමෙි මහා සෙනඟ මැද මටද මරණ බිය දැණුන මොහොතක් ඇත.. මිනිසුන් අතර මා සිර විය.. හුස්ම ගන්නට පවා නොහැකි වද්දි මගේ දැසින් කදුළු ගැලුවේ තවත් නමි මෙි දුක ඉවසිය නොහැකි තැනය…. බැරියර් එක මතට මා වැටුණු මොහොතේ එය මගේ වමි කකුලේ වැදි ඉදිමි ආවෙි හරියට මට ලැබුණු සංඥාවක් වගේය

දැන් හිටියා ඇතිසෙනඟ අතරේම මා දැස් පියාගෙන මනසින් දළදා හාමුදුරුවන්ව දැක්කෙමි වැන්දෙමි , මගේ සමිමා සමිබුදු බුදු පියාණන් වහන්සේ දේශනා කලාආනන්දය ,යමෙක් මාගේ ධර්මය දකිද හෙතෙම මා දැක්කා හා සමානයයන බුදු වදන මගේ සිතෙහි රැවු පිළිරැව් දුන්නේය

නිරයෙත් දෙවුලොවත් දොරටුවක් ලෙස මා දුටු මහයියාවෙි බොක්කුවෙන් මා මහානුවරට ඇතුල් උනේමිවෙනසක් නැත.. මානිසුන් වගේමයමා දුටුවෙි නපුරු හිත් ඇති මිනිසුන් පමණි.. අහස දිහා බලන් මම ස්තුති කලා මෙි විශ්වයටජිවිතේ ප්රථම වතාවට මෙවැනි අත්දැකිමක් මට ලබා දුන්නාට.. තේරුම් ගත්තෙමි මම, හිත පවසනා දෙය ඇසිමටපෙර දින හවස් යාමයේ මගේ සිත මට පැවසු ලෙස හමුවු කාන්තාව ගැන නොසිතා නිවසට ගියානමි මගේ මනස මෙි ලෙස ව්යාකූල නොවනු ඇතඇය ගැන සිතු නිසා මම පීඬා වින්දෙමි

ඉතිංමම පොළිමෙන් ඉවත් උනේමිමාගේ අවස්ථාව වෙන අයෙකුට ලැබෙන්නට ඇතසතුටක් ලබන්න මට එය ප්රමාණවත්ය

නැවතත් දළදා වන්දනාවක් මෙි ලෙසට පැවැත්වුවහොත් , නැවතත් මම පැමිණෙනවා දළදා වහන්සේ වන්දනා කරන්න.. සැළසුමකට අනුව යැයි මම අහස දෙස බලා අධිෂ්ඨානයක් කලෙමි වගේම තවත් ප්රර්ථනාවක් කලෙමි.. මෙි අපිරිසිදු මිනිසුන් සේදි පිරිසිදු වෙන්නම වසිවායි කියා මම මහා මාර්ගයේ සිටම අහස දෙස බලා ප්රර්ථනා කලේමි

එත් එක්කම පැමිණි බස් රථයට ගොඩවු මට දැණුනේ නිදහස් උවා යැයි හැගීමකිමා සිරවි සිටි අඳුරු ලොකයකින් නිදහස් උවා යැයි හැගීමක් මට දැණුනෙමි

ස්වාමීනි භාග්යවතුන් වහන්ස කිරි ආහාරත් රැගෙන පිරිසිදුව දළදා සමිදු වැද පුදාගෙන යන්න මම නැවතත් එනවා මහානුවරට
මනසින් දුටුවෙමි මනසින් වැන්දෙමි
මම බුදුන් සරණ යමි


නිසංසලා රණසිංහ

Home / 2025

25-May-01

ගෙවුනු සතිය මැතිවරණ සතියක්

ගෙවුනු සතිය මැතිවරණ සතියක්. ලංකාවට වගේම එංගලන්තයටත්. ලංකාවේ නම් පාළාත් පාළන ආයතන 341 ක් සදහා සභිකයන් තෝරා පත්කර ගන්න රට පුරාම මැතිවරණය පැවැත් උනා. මැතිවරණයෙන් වැඩි ජයග්රහණයක් ලබා ගත්තේ පාළක ජාතික ජන බලවේගයම තමයි. එංගලන්තයේ මැතිවරණය පැවැත්වුනේ රටේ ප්රදේශ කිහිපයක පළාත් පාළන ආයතන 23 ක් වගේ ඉතා සුළු ප්රමාණයක විතරයි. හැබැයි සුළු මැතිවරණය රටේ මැතිවරණ සිතියම වෙනස් වෙමින් පවතින බවට විශාල ඉගියක් ලබා දුන්නා. ඇත්තටම කුඩා ප්රථිපලය එක්සත් රාජධානියේ දේශපාළන පක්ෂ දෙදරවන්න සමත්වුනු ප්රථිපලයක් උනා.

 

පැවති මැතිවරණයේ වැඩි ගෞරව දිනා ගන්න සමත් උනේ Reform UK කියන දේශපාළන පක්ෂය. මීට මාස දහයකට විතර කලින් පැවති මහ මැතිවරණයෙන් අති විශාල ජයග්රහණයක් ලබපු කම්කරු පක්ෂය එක පැත්තකින් ඉද්දි එංගලන්තයේ පැරණිම මෙන්ම දැවැන්තම දේශපාළන පක්ෂය වෙච්ච කොන්සර්වේටිව් පක්ෂය තවත් පැත්තකින් ඉද්දි අළුත්ම දේශපාළන පක්ෂයක් වෙච්ච වගේම බ්රිතාන් පාර්ලිමේන්තුවේ ආසන පහක් පමණක් හිමිකර ගනිමින් 6 වන ස්ථානයේ පමණ පසුවෙන Reform UK පක්ෂය එකවරම එවැනි දැවැන්ත ජයග්රහණයක් ලබමින් ඉදිරියට පැමිණීම හැමෝම විශ්මයට පත්කරන කාරණාවක් උනා.

 

Reform UK කියන්නේ ජාතිකත්වය පදනම් වෙච්ච පක්ෂයක්. ස්වදේශිකත්වය එහෙම නැත්තම් ආසියානු රටවලදි නම් ඒක ජාතිවාදය විදියට හැදින්වෙනවා. එංගලන්තයේ විතරක් නෙමයි ඇමරිකාවත් යුරෝපයත් ප්රමුඛ බටහිර රටවල් සියල්ලකම පාහේ පහුගිය කාලය පුරාම දකින්න ලැබුනේ මේ ජාතිකත්ව රැල්ල. කියන්නේ සංක්රමණිකයන්ට විරුද්ධව හඩ නගන, සංක්රමණ එපා කියන රැල්ල. රැල්ලෙම පීනලා ගිහාන් තමයි මෙවර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් බලය ගත්තෙත්. දැන් එක්සත් රාජධානියටත් රැල්ල විදියටම ගහනවා.

 

Reform UK පක්ෂය මෙවර පළාත් පාළන මැතිවරණයේ සභික ආසන 1600 කි අතරින් ආසන 677 ක් දිනා ගනිමින් පළමු ස්ථානයට පත්වෙනවා. පාළක කම්කරු පක්ෂය සමස්ථයක් ලෙස හතරවන ස්ථානයට ඇද දමමින්. පළාත් පාළන ආයතන පමණක් නොව පාර්ලිමේන්තු ආසනයක් සදහා එදිනම පැවති අතුරු මැතිවරණය ජයග්රහණය කරන්නත් Reform UK පක්ෂය සමත් වෙනවා. නගරාධිපති ධූර හයෙන් දෙකක් ජයග්රහණය කරන්නෙත් ඔවුන්. මේ සියළු ජයග්රහණ Reform UK පක්ෂය ලබා ගන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට.

 

නිගෙල් ෆරාජ් කියන්නේ Reform UK පක්ෂයේ නායකයා. බැලූ බැල්මටම ඔහු සාම්ප්රධායික බ්රිතාන් දේශපාළඥයන්ට වඩා සෑහෙන්න වෙනස් චරිතයක්. බොහොම ගරු ගාමිභීර ස්වරූපයක් පෙන්නම් කරන අනෙක් බ්රිතාන් දේශපලන නායකයක්ට වඩෙ ෆරාජ්ගෙන් දිස්වන්නේ බොහොම සැහැල්ලු සහ අපිළිවෙල පෙනුමක්. ඔහුගේ දේශපාළන ප්රතිපත්ති විතරක් නෙමෙයි සමහර හැසිරීම් පවා ඇමරිකානු ජනාධිපති ට්රම්ප්ට සමානයි. වගේම පෞද්ගලිකවත් ඔහු ට්රම්ප්ගේ හොදම හිතවතෙක්ද වෙනවා. එහෙමත් තියෙද්දි තමයි නිගෙල් ෆරාජ් මේ තරම් ජයග්රහණයක් ලබන්නේ. ඔහුගේ මේ ඉදිරියට ඒම බ්රිතාන් ආණ්ඩුව කොච්චර ගැස්සුනාද කියලා හිතා ගන්න පුළුවන් රජය පහුගිය සතියට විතරක් කරපු වැඩ ටික බැලුවම.

 

නිගෙල් ෆරාජ් මුලින්ම මතුවෙන්නේ 2016 වසරෙදි යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවද නැද්ද කියලා බ්රිතාන්යයේ තිබුනු ජනමත විමසුමේදී. ඔහු එවකට දැඩිව පෙනී සිටියේ බ්රිතාන් යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයි කියන තැන. වෙලාවේ පැවති ජනමත විචාරනයෙන් ඔහු දරපු මතය ජයග්රහණය කලත් චරිතයක් විදියට නිගෙල් ෆරාජ් ඉහළට මතු උනේ නෑ. ඊටත් පස්සේ Brexit පක්ෂය විදියට කරලියට ආපු ඔහු බ්රිතාන් පාර්ලිමේන්තුව ඇතුලේ ජයග්රහණයක් ලබන්න බැරි උනත් බ්රිතාන්යය යුරෝපා පාර්ලිමේන්තුව සදහා තරග වදින කොට එහි වැඩිම ආසන දිනාගත්තේ නිගෙල්. පස්සේ බ්රිතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමග ඔහුගේ පක්ෂයත් විසුරුවා හැරපු නිගෙල් ෆරාජ් ආයෙත් Reform UK පක්ෂයත් එක්ක කරලියට එන්නේ 2024 මහ මැතිවරණයේදී. අපි බලාගෙන ඉමු බ්රිතාන්යයේ ඊළග අගමැතිධූරයට නිගෙල් කොච්චර වේගයෙන් ලගාවෙයිද කියලා.

 

තිලාන් ජයසේකර

Home / 2025