25-April-25

අසාර්ථකත්වයට බයද?

අසාර්ථකත්වය යනු සාර්ථකත්වයේ පළමු පියවර බව ඔබ දැන සිටියාද?
Failure is not the opposite of success it’s part of success.

අසාර්ථක වීම කියන්නෙ අප සැමට අපගේ ජීවිතයේ යම් අවස්ථාවකදී මුහුණ දීමට සිදු වන දෙයක්.බොහෝ අයට, ඕනෑම ආකාරයක පසුබෑමක් අත්විඳින විට ජීවිතයේ ඉදිරියට යෑමට අපහසු බවක් දැනෙනවා. නමුත් අසාර්ථකත්වය ඔවුන්ගේ වර්ධනයට, සාර්ථකත්වය තරම්ම තීරණාත්මක බව ඔවුන් දන්නේ නැහැ. බොහෝ විට ප්රධාන ගැටලුව වෙන්නේ අසාර්ථකත්වයට පත්වීම නෙවෙයි අසාර්ථකත්වය කියන්නේ කඩාවැටීමක්,පරාදවීමක් කියා සිතීම යි.

අසාර්ථක වීම් එකක් දෙකක් නෙවෙයි. අසාර්ථක වීම් රාශියකට පස්සේ සාර්ථක වුණු ලොකු කුඩා කවුරුත් දන්න චරිතයක් තමයි ජේ. කේ රෝලින්ග් කියන්නේ.

ඉතින් ජේ කේ රෝලින්වත් දැන් නොදන්න කෙනෙක් නැති තරම් රෝලින්ව නොදන්න කෙනෙක් උනත් ඇගේ හැරී පෝටර් කතා මාලාව නම් නොදන්න කෙනෙක් නැති තරම් බිලියනයටත් වඩා ඉපැයූ ලේඛිකාව විදියටත් රෝලින්ව හඳුන්වනවා. මෙච්චර සාර්ථක ඇගේ පටන් ගැන්ම නම් සාර්ථක එකක් නෙවෙයි. රෝලින් වයස අවුරුදු 17 දී ඔක්සෝඩ් සරසවියට ඇතුල් වෙන්න ගියත් ඇයව ප්රතික්ෂේප වෙනවා. හේතුව නිසාම ඇය එක්ස්ටර් සරසවියට ඇතුල් වෙනවා. එතනින් පස්සේ ජීවිතයේ අවාසනාවන්ත සිදුවීම් වැරදි විවාහයක් ගෘහස්ථ හිංසනය වගේ දේවල් රාශියක් එක්ක ඇය නිසාම 1993 වෙනකොට රෝලින් යනවා තමන්ගේ සහෝදරියත් එක්ක එකට ජීවත් වෙන්න වෙනකොටත් ඇගේ විවාහයේ ඉඳලා වෘත්තිය දක්වාම හැමදේකින්ම ගොඩක් අසාර්ථක වෙලා තමයි හිටියේ. රෝලින්ගේ අවට පිටාවේ අයත් ඇයව ගණන් ගන්නේ නැති තරම්. වෙනකොටත් රෝලින් විශාදයෙන් පෙළෙමින් හිටියා විතරක් නෙමෙයි. දිවි තොර කරගන්න පවා පෙළඹිලා තියෙනවා.

කොහොම හරි ඊට අවුරුදු දෙකකට පස්සේ ඇය හැරී පොටර් පළවෙනි අත්පිටපට ඉවර කරනවා. වෙනකොට අදහස ඇවිත් ලියන්න පටන් අරගෙනත් අවුරුදු පහක් වෙනවා. එතනින් පස්සේ ඇය පොත ප්රකාශයට පත් කරගන්න ඒජන්ට් කෙනෙක් හිටියත් අවුරුද්දක් තිස්සේ ඒකත් අසාර්ථක වෙනවා.
ලෝකයේ ප්රධාන ප්රකාශන සමාගම් 12ක්ම අත්පිටපත ප්රතික්ෂේප කරනවා. හැබැයි අන්තිමට රෝලින්ට පොඩි ප්රකාශන සමාගමකින් මේ පොත ප්රකාශ කරනවා කියලා පවුම් 1500 ඇඩ්වාන්ස් එකක් විදියට ලැබෙනවා. හැරී පොටර් අදහස ඇවිත් අවුරුදු හතකට පස්සේ තමයි ගැන රෝලින්ට තිස් දෙකේදී පළවෙනි හරි පොටර් පොත ප්රකාශයට පත් වෙනවා.
එතනින් එහාට රෝලින්ගේ ගමන් මග විශේෂ එකක් වෙනවා. රෝලින් කොහොම බිලියන පැතියෙක් එතනින් එහාට උනාද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.

ජෙ.කෙ රොලින්ගෙ කතාව ගත්තත් දියුණු වෙන්න නම් මනුස්සයෙක්ට අනිවාර්යෙන්ම
අසාර්ථකත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා අපිට තේරෙනවා.
ඇත්තටම ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් ලෝකෙ ඉහළටම නොයා මොකක් හරි පරිස්සම් ජොබ් එකක් කරගෙන ඉන්න එක හේතුවක් වෙන්නෙත් මේ අසාර්ථකත්වයට මුහුණ දෙන්න තියෙන බය හැබැයි දවසක සුවොත්සහයෙන් දියුණු වුණු මනුස්සයෙක් විදියට නම තියන්න ඕන නම් අසාර්ථක වීම් වලටත් එක වගේ මූණ දෙන්න සහ අසාර්ථක වීම් හින්දා වැඩේ මඟ අතෑරලා නොදා ආයෙමත් ආයෙමත් උත්සහ කරන්න අධිෂ්ඨානයක් ශක්තියක් තියෙන්න ඕනේ.

මොකද මේ ලෝකේ එක වරක්වත් අසාර්ථක නොවී අසාර්ථකත්වයෙන් නොපසුබටව ආයෙ ආයෙත් උත්සාහ නොකර සාර්ථක නම තියපු මිනිස්සු බිහිවුනේ නැහැ.

කෙනෙක්ට ජීවිතෙ ඉලක්ක ජයගන්න අවශ් කරන්නේ අධිෂ්ඨාන ශක්තිය පමණයි. තමන්ට දේවල් කරන්න පුළුවන් තමන්ට ඉලක්ක වලට යන්න පුළුවන් කියන ආත්ම විශ්වාසයක් ඔයාලට හදාගන්න පුලුවන්නම්.
තමන්ට දෙයක් කරන්න පුළුවන් කියන නොසැලෙන විශ්වාසයක් තියෙනවා නම් ආයේ ඊට වඩා අධිෂ්ඨානයක් අවශ් වෙන්නේ නැහැ. තමන්ට පුළුවන් කියන විශ්වාසය පොඩ්ඩක් අඩු වෙනවා වගේ දැනෙනකොට, තමන්ට යන්න ඕන ඉලක්කයට ගිහින් තියෙන හැටි එදාට තමන් සතුටු වෙන හැටි පොඩ්ඩක් සිහිපත් කරගන්න.
එතකොට කොයිතරම් අසාර්ථක වුණත් තමන්ට ආයෙ ආයෙත් නැගිටින්න පුළුවන්.

හරියන්න හෝ වරදින්න හෝ දේවල් කරන්න. වරදින දේවල් ආයෙ ආයෙත් කරන්න හරියන දේවල් වලින් එහාට දේවල් කරන්න අසාර්ථක වීමට බය නොවෙන්න.

සටහන
නවොද්යා දෙව්මිණි ආරියවංශ.

Home / 2025

25-April-24

හැම දේම වෙන්නෙ හොඳකට

හිත පුරා නැගුණු අඳුරටදුක දරාගන්න බැරිවිට
දිවි නසා ගන්න හිතුණටනැවතිලා ඉන්න ටිකකට

අද දවසේ හිත දැවුණටවිසඳුමක් ලැබේ මයි හෙට
දිනකට පැය විසි හතරටවැඩි නොමවනු ඇත කිසිවිට

හෙනහුරා අදට දිනුවටහැමදාම දිනුම නෑ උට
හැම දරා ඉන්න හිතකටහැමදේම වෙන්නෙ හොඳකට

තාරක ජයතිලක

Home / 2025

25-April-23

ව්‍යව්‍සායකත්ව්‍ය යනු කුමක්ද ?

ව්යව්සායකත්ව් යනු කුමක්ද ?

ආර්ථිකයක ව්ර්ථධනය සහ පැව්ැත්ම සඳහා ව්යව්සායකත්ව් සාධනීය බලපෑමක් ඇති කරයි.ශ්රී ලංකාව්

ව්ැනි සංව්ර්ථධනය වව්මින් පව්තින රටකට අපනයනය මත පදනම් වූ ආර්ථික ව්ර්ථධනයක් ඇති කිරීමට සහ

වගෝලීය පරිමාණවයන් තරග කිරීමට නම් ව්යව්සායකත්ව් සංව්ර්ථධනය කිරීම වකවරහි අව්ධානය වයාමු

කළ යුතුය. ව්යව්සායකත්ව් වහව්ත් ‘Entrepreneur’ යන ව්චනය මුලින්ම දිස්ව්න්වන් ක්රි.ව්‍ 1437 දී

ප්රංශ බසින් රචිතඩික්ෂවනයාර්ථ ඩි ලා ලැන්ු ෆ් රැන්චයිස් නම් වූ ශබ්ද වකෝෂවේහිය.එම ශබ්දවකෝෂවේ

අර්ථථ දැක්ීම් තුනක් ලැයිස්තුගත කර ඇත.ව්ඩාත් වපාදු අර්ථථය වලස සලකා ඇත්වත්ක්රියාශීලි හා යමක්

සාක්ෂාත් කරගන්නා පුද්ගලවයකුයන අර්ථථයයි .18 ව් ශත ව්ර්ථෂවේ ආරම්භය ව් විට ප්රංශ

ජාතිකයන් ව්යව්සායකවයකු වලස සැලකුවේඅව්දානම් ගන්නා පුද්ගලවයකු වූ නමුත් අව්දානම් දැරූ

සියලු වදනා ව්යව්සායකයන් වලස වනාසැලකුණි.18 ව් ශතව්ර්ථෂය තුළස්ථාව් මිලක් සඳහා වබාවහෝ

විට රජය වව්නුවව්න් යම් විශාල කාර්ථයයක් කිරීමට ගිවිසුම් ගත වූ පුද්ගලවයකුව්යව්සායකවයකු වලස

හැදින්වූහ .

 

ව්යව්සායකත්ව් යනු ව්යාපාරයක් ආරම්භ කරමින් වහෝ පව්ත්ව්ාවගන යමින් මුදල් උපයන

ක්රියාකාරකමකි. තරගකාරී වව්ළඳවපාළ හා ගැවටමින් නව්නිෂ්පාදනයක් එයට හඳුන්ව් දීම

ව්යව්සායකයකු මුහුණ වදන ප්රධානතම අභිවයෝගයක් සහ අව්ධානමක් වේ.එම නිෂ්පාදනය

පාරිවභෝගිකයා විසින් ප්රතික්වෂ්ප කළවහාත් ව්යව්සායකයාට පාඩුව්දරා ගැනීමට සිදුවේ. ව්යව්සායකත්ව්

අර්ථථකථනය කර ඇත්වත් අලුවතන් ව්යාපාරයක් ආරම්භ කිරීමට,විවශ්ෂවයන් නව්අව්ස්ථා

හදුනාගැනීමට ඇති හැකියාව්වලසයි .එනම් ව්යව්සායකයාට වව්ළඳවපාළ පිළිබඳ මනා අව්වබෝධයක්

තිබිය යුතුය.තමන් සතුව්පව්ත්නා ව්ත්කම් සහ උත්සාහයන් මත පදනම්ව්වහාඳ ප්රතිලාභයක් ලබාගත

හැකි ව්යාපාරික අව්ස්ථාව්න් පිළිබඳ ව්යව්සායකයා අව්ධානවයන් සිටිය යුතුය .

 

ශ්රී ලංකාව්දියුණු වව්මින් පව්ත්නා රටක් ව් අතර ආර්ථිකය ප්රාථමික (කෘෂිකාර්ථමික ),ද්විතීක (කාර්ථමික

)හා තෘතියික (වස්ව්) යන අංශයන්වගන් සකස් ඇත.නිදහස ලබන මුල් කාලවේ ජාතික නිශ්පාදනවයන්

46% පමණ කෘෂි අංශවයන් දායක වූ අතර ව්ර්ථතමානවේ එය 18% ව්ැනි සුළු අගයකි .මුල් යුගවේ 20%

පමණ වූ කාර්ථමික අංශවේ දායකත්ව් ව්ර්ථතමානවේ 54% පමණ වේ . අනුව්ආර්ථිකය ව්ඩාත් වස්ව්

අංශය වකවරහි වයාමුව්පව්තින බව්වපවන්.වමම සියලුම අංශ ආර්ථික ක්රියාව්ලිය සඳහා වයාමු වූව්ත්

තව්මත් ශ්රම බලකාවයන් 10% පමණ වස්ව් වියුක්ත ව්සිටියි. එම සන්දර්ථභය තුළ කුඩා ව්යාපාර ආරම්භ

කිරීමට හා ප්රව්ර්ථධනය කිරීමට ඉඩ ප්රස්ථා ලබාදීම මගින් ප්රතිලාභයන් හිමි වේ.විවශ්ෂවයන්ම

 

ව්යව්සායකත්ව් ප්රව්ර්ථධනය කිරීම ශ්රී ලංකාව්තුළ නව්රැකියා අව්ස්ථා බිහිීම වකවරහි සාධනීය

බලපෑමක් ඇති කරයි.

ව්යව්සායකත්ව් ඕනෑම ආර්ථිකයට ප්රධාන අත්ව්ැලක් සපයනු ලබන නමුත් ශ්රී ලංකාවේ ව්යව්සායකයන්

සිටින්වන 1.5% කටත් ව්ඩා අඩු සංඛයාව්කි.ආසියානු කලාපවේ වියට්නාමය හා තායිලන්තය ව්ැනි

වව්නත් රටව්ල් හා සසඳන විට වමය අතිශය දුර්ථව්ලතාව්කි.රටක් වලස අපනයනය මත පදනම් වූ

සංව්ර්ථධන නයාය පත්රයක් සමඟ ඉදිරියට යාමට, ආර්ථිකය ව්ර්ථධනය කිරීමට හා වගෝලීය පරිමාණවයන්

තරග කිරීමට නම් ශ්රී ලංකාව්තුළ අනිව්ාර්ථයවයන් ව්යව්සායකත්ව් දිරිගැන්ීම සිදු කළ

යුතුමය.ව්යව්සායකත්ව් ව්ර්ථධනය කිරීම ජාතික ප්රතිපත්ති මට්ටමින් ඉටු කරන ප්රමුඛතාව්යක් විය

යුතුය.රවට් ව්යව්සායකත්ව්පරිසර පද්ධතිය පසුගිය ව්සර කිහිපවේ යහපත් ව්ර්ථධනයක් අත් කරවගන

තිවබනු දක්නට ලැවබන අතර,විවශ්ෂවයන් තරුණ තරුණියන් තුළ වම් පිළිබඳ උනන්දුව්ක් දක්නට ලැබීම

සතුටට කරුණකි.

ව්යාපාරයක් ආරම්භ කිරීමට නම් භූමිය, ශ්රමය සහ ප්රාග්ධනය යන අව්ශයතා සපුරා තිබිය යුතුය.ශ්රී ලංකාවේ

ආර්ථික අර්ථුදය වහ්තුවව්න් සුළු පරිමාණ ව්යාපාර මුහුණ පාන ප්රධානතම ගැටලුව්ක් ව්න්වන් ප්රාග්ධනය

හිඟකම වේ.ව්යාපාරයක් ආරම්භ කිරීවම්දී වමන්ම පව්ත්ව් වගන යාවම් දීත් එය ව්ර්ථධනය කිරීවම් දීත්

සඳහා ප්රමාණව්ත් මූලය පැව්තීම අව්ශය වේ .එවහත් විධිමත් මූලය ප්රභව්යන්වගන් මූලය සපයා ගැනීමට

පහත සඳහන් වහ්තූන් මත දුෂ්කර ඇත.

  • ප්රමාණව්ත් සුරැකුම්/ඇප වනාමැති ීම
  • බැංකු කටයුතු පිළිබඳ දැනුම අඩුීම
  • මූලය පහසුකම් පිළිබඳ වතාරතුරු වනාමැති ීම
  • ලබා වදන මූලය පහසුකම්(ණය මුදල්) ප්රමාණව්ත් වනාීම
  • ලිපි වල්ඛන රාශියක් පිළිවයල කිරීමට සිදුීම සහ ණය අනුමත ීමට හා ලැබීමට දිු කාලයක්

බලා සිටීමට සිදුීම

  • වබාවහෝ විට වමම ව්යාපාර භාවිතා කරනු ලබන්වන් සාම්ප්රදායික තාක්ෂණයයි (නිශාන්ත,2019).

සෑම ව්යව්සායකයකුම සාර්ථථක ව්යව්සායකවයකු වනාවේ. ව්යාපාරයක් ආරම්භ කරන සෑම

ව්යව්සායකවයකුම සාර්ථථකත්ව්යට පත් වනාව් අතර බහුතරයක් ව්යාපාර අතරමඟ නව්තියි.

ව්ර්ථතමානවේ සාර්ථථකව්ක්රියාත්මක ව් ප්රධාන ව්යාපාර ආරම්භ කර ව්යව්සායකයන් ඇසුරින් සිදු කළ

පර්ථවේෂණ ව්ලදී පහත සඳහන් වපෞරුෂත්ව්ුණාංග ව්යව්සායකයාවග් සාර්ථථකත්ව්යට වහ්තුව් බව්

හඳුනා වගන ඇත.

  • උත්සහය

 

  • මූලිකත්ව් ගැනීමට ඇති කැමැත්ත සහ කැමැත්ත
  • තරගකාරිත්ව්
  • ස්ව්යං විශ්ව්ාසය
  • දැඩි අව්ශයතාව්ක් සපුරා ගැනීම
  • ආත්ම විශ්ව්ාසය
  • යහපත් ශාරීරික වසෞඛයය
  • නව්නිෂ්පාදන හා වස්ව් සඳහා සමාජවේ තිවබන ඉඩකඩ හඳුනා ගැනීම.
  • ව්යාපාරික සමාජය තුළ වගාඩනැවගන නව්අව්ශයතා හඳුනා ගැනීම.
  • නව්නිෂ්පාදන වහෝ වස්ව්ාව්න් සමාජගත කිරීවම්දී තුළ අන්තර්ථගත විය යුතු නිර්ථමාණාත්මක බව්

හඳුනාගැනීම.

  • නව්භාණ්ඩ වහෝ වස්ව් සමාජගත කිරීවම් දී එය අවලවි කරණය කර ගැනීම පිළිබඳ පව්තින

අව්දානම හඳුනා ගැනීම.

  • නව්භාණ්ඩ වහෝ වස්ව් සමාජගත කිරීවම් දී එමඟින් ලාභ ඉපයීවම් හැකියාව්පිළිබඳ පව්තින

අව්දානම හඳුනා ගැනීමය .

ඉහත ුණාංග ව්ලට අමතරව්සාර්ථථක ව්යව්සායකත්ව්යක් වගාඩ නංව් ගැනීමට ව්යව්සායකයාට මනා

ව්යව්සායකත්ව්මානසිකත්ව්යක් තිබීම ව්ැදගත් වේ.

 

පියුමි වනළුමිකා

ශ්රි ජයව්ර්ථධනපුර විශ්ව්විදයාලය

Home / 2025

25-April-22

ලාංකේය සිනමාවේ වාලම්පූරිය, ලකා

ලක්මාල් ධර්මරත්න සම්මුඛ පරීක්ෂණ ප්රශ්නාවලිය

Q). ඔබ පුද්ගලයෙකු වශයෙන් ඔබව දකින්න කැමති කොහොමද?

සාමාන්යයෙන් අපි දකින්න අකමැතිම සහ දකින්න භියම අපිවමයි. අපි කැමතිම අපිට

ඔබ්බෙන් තියෙන ලෝකය දකින්නයි. යම් අවස්ථාවක අහම්භෙකින් හරි අපිට අපිවම

දකින්න අවකාශය සැලසුනත් අපි ඒක මගහැරගන්නවා. මම මගේ නිර්මාණ තුළින්

හොයාගන්න උත්සාහ කරන්නෙත් මාවමයි. එනම්, මගේ අනන්යතාවයමයි.

නිසාම මගේ නිර්මාණ තුළින් පිළිපිඹු වෙන්නෙත් මගේ පරිකල්පනයමයි. මගේ

නිර්මාණයන් පුරාවට මමත් සැරිසරනවා. මට හැඟෙන විදිහට අපි ලෝකය යන්න අර්ථ

නිරූපණය කරගන්නෙත් අපි අපේ අනන්යතාවය අර්ථ නිරූපණය කරගන්න ආකාරයේම

පරාවර්ථනයක් විදිහටයි.

Q). ඔබ ජීවිතය දකින්නේ කොහොමද?

මම ජීවිතය දකින්නෙ සොභහවයෙන් උරුම වුණු කිසියම් ආකාරයක ක්රීඩාවක් විදිහට.

උපන් දා පටන් මරණය තෙක්ම අපි නිරත වෙන්නෙ පැවැත්ම තහවුරු කරගැනීමේ

අනවරත අරගලයක. මට හැඟෙන විදිහට මේ ක්රීඩාව තුළ ශක්තිවන්තයා නැතහොත්

ප්රභලයා ජයග්රහණය කරනවා නැතහොත් ප්රමුඛ වෙනවා. මෙවන් තත්ත්වක් තුළ

සන්සුන්භාවය සහ නිහඬභාවය පවත්වාගැනීම සොභහවයට පටහැණියි.

එනම්, කිසියම් කෙනෙක් එසේ පවතින්නට උත්සාහ දරනවානම් එය තමයි ජීවිතය තුළ

සිදුකිරීමට අපහසුම කාර් වෙන්නෙ. කෙසේවෙතත් සොභහවයෙන් උරුම වුණු නිසා

ජීවිතය පවතිනා කාල පරිඡ්චේදය පුරාවට තමන් නිරත වන දේ තුළින් තමන්

අත්දැකීමක් කරගන්නෙ ශෝකයක්ද නැත්නම් ප්රීතියක්ද කියන කාරණාව තමන්ගෙ

නිදහස් කැමැත්තට භාර දෙයක්.

Q). ඔබ කලාව නිර්වචනය කරගන්නේ කොහොමද?

මම මාව හඳුන්වාගන්න කැමති සමාජදේශපාලන අන්තර්ගතයන් නිර්මාණය

කරන්නෙක් හැටියටයි. සඳහා මාද්යයක් ලෙස මම කලාව භාවිතා කරනවා.

විශේෂයෙන්ම සිනමාව. ඊට අමතරව ප්රමුඛ වශයෙන් සමාජ මාද්යයනුත්. මම

කලාකරුවෙක් හැටියට මාව හඳුන්වාගන්න එතරම් කැමැත්තක් දක්වන්නෙ නෑ. මම

කලාව දකින්න කැමති මගෙන් පරිභාහිර දෙයක් හැටියටයි. මට හැඟෙන හැටියට

එතකොට තමයි කලාව නියමාකාරයෙන් හඳුනගන්න පුළුවන් වෙන්නෙ.

නිර්මාණශීලී මිනිසුන් සමූහයක් විසල් අරගලයක යෙදෙනවා තමන් උපකල්පනය කරන

යුතෝපියාවත් වගේම තමන් අත්දකින යථාර්ථයත් කිසියම් මාද්යයක් මතින් එකිනෙක

 

අතිච්චාදනය කරගන්නට. මම කලාව අරුත්ගන්වා ගන්නට කැමති විදිහටයි. නිසාම

රසවත් වෑයම රසවින්දනය කරන ප්රේක්ෂකයෙක් විදිහට මම මාව හඳුන්වාගන්න

කැමතියි කලාකරුවෙකු ලෙස හඳුන්වනවාට වැඩියෙන්.

Q). සිනමාකරුවෙක් විදිහට මෙරට සිනමා කර්මාන්තය තුළ වෘතීමයභාවය

ස්ථායී කරගනිද්දි ඔබ මුහුණදදීපු අභියෝග මොනවාද?

මේ රටේ වෘත්තීමය සිනමාකරුවන් නෑ කියන අදහසිනුයි මම ඉන්නෙ. ඒකට හේතුව

විදිහට මම දකින්නෙ මේ රටේ සිනමාව කර්මාන්තයක් විදිහට රඳා පවතින්නෙ නැති

වීමයි. අති බහුතරයක් සිනමාකරුවන් සිනමාකරණයට අමතරව වෙනත් වෘත්තීයක

නියැලෙනවා. සැබැවින්ම කිව්වොත් සිනමාකරණය කියන්නෙ ඔවුන්ගෙ වෘත්තීය

නෙමෙයි එක් ප්රදාන විනෝදාංශයක්.

සිනමාකරණය වෘත්තීමය වශයෙන් සිදුකරන කෙනෙකුට මේ රටේ සෑහිමකට පත්විය

හැකි ආර්ථික ශක්තියක් හෝ ජීවන තත්වයක් උදාකරගැනීම සිහිනයක්. මමත් එසේමයි.

මගේ වෘත්තීය වෙළඳ දැන්වීම් නිර්මාණකරණය. ඉහත කිවු පරිදි මම සිනමාකරණයේ

සළකන්නෙ මගේ සමාජදේශපාලනික කියවීම් සමාජය වෙත මුදාහරින්න සමත්

ප්රභල ප්රකාශන මාද්යයක් විදිහට.

වගේම ඒක මගේ ප්රදානම විනෝදාංශයක් වෙනවා. සිනමාකරණය තුළින් මම

කිසිවිටෙක ආර්ථික ස්ථාවරත්වයක් අපේක්ෂා කරන්නෙ නෑ. සිනමා කර්මාන්තය තුළ

නිර්මාණකරුවෙක් ලෙස ස්ථාවර වීම සම්බන්ධයෙන්නම් මම සුවිසල් අවධානයක්

යොමුකරනවා. නමුත් ටෙලිවිෂන් කර්මාන්තය සම්බන්ධයෙන්නම් කරුණු කාරණා

තරමක් වෙනස්.

වත්මන් ටෙලිවිෂන් කර්මාන්තය තුළ වෘත්තීය වශයෙන් නිර්මාණකරණයේ නියැලෙන

ප්රශස්ථ නිර්මාණකරුවන් කොතෙකුත් සිටිනවා. ඇතැම්විටක ඔවුන්ට වෘත්තීමය භාවය

සුරක්ෂිත කරගන්නට නිර්මාණකරණය තුළම අවස්ථානුකූල අනුගත කිරීම්වලට

භාජනය වන්නට සිදුවෙනවා. එය වෘත්තීමය උපක්රමශීලීත්වය යනුවෙන් නිර්වචනය

කිරීමටයි මා කැමති. එම කර්මාන්තයට පරිභාහිරව සිටින්නෙකුට ඔවුන්ව විවේචනය

කිරීමට සාධාරණ අයිතියක් නොමැති බවයි මගේ විශ්වාසය.

Q). දර්ශනය, ආගම හා බැඳි සංස්කෘතිය සහ දේශපාලනය යන විෂය

ක්ෂේත්‍රයන් සිනමාකරුවා හට ඇතිකරන බලපෑම මොනවගේද?

සොභහවයෙන්ම සවිශක්තිමත් ලෙස මහ6665 පොළව මත මුල්බැසගත් යමක් වේනම් එහි

සෘජු හෝ වක් බලපෑම් කිසිවකට කිසිවෙකුට කිසිම ලෙසකින් නොවැළැක්විය හැකියි.

ඉහත ප්රස්තුතයන් ත්රිත්වයම මේ මහපොළව මත සොභහවයෙන්ම සවි ශක්තිමත්

ලෙස මුල් බැසගෙන ඇත්තෙ අනාදිමත් කාලයක සිටයි. නිර්මාණකරුවෙකුට

 

නිර්මාණකරණයේ යෙදෙන්නට මූලාශ්රයන් සැපයෙන්නෙත් මේ ප්රස්තුතයන්

ත්රිත්වයම හෝ ද්විත්වයක් හෝ එකක් ඇසුරු කොටගෙනමයි.

කොටින්ම කියතොත් නිර්මාණකරුවාගේ පරිකල්පනය ගොඩනැංවෙන්නෙත්

මෙහෙයවෙන්නේත් මේ ප්රස්තුතයන් මත පිහිටායි. මින් ස්වායක්තව

නිර්මාණකරණයේ යෙදීම ප්රායෝගික නොවන්නක්. මගේ විශ්වාසයට සහ අත්දැකීම්

වලට අනුව කිසිඳු නිර්මාණකරුවෙක් නව්යතම කිසිවක් නිර්මාණය කරන්නේ නෑ. එසේ

කිරීමට අවකාශයක් නෑ. ඔවුන් සිදුකරන්නේ සොභහවිකව පවතිනා යමක පැවැත්ම තම

පරිකල්පනය මත පිහිටා අර්ථ නිරූපණය කිරීමමයි.

නිසාමයි එකම සංදර්භයක් සම්බන්ධයෙන් විවිධ නිර්මාණකරුවන් අතින් විවිදාකාරයේ

නිර්මාණ බිහිවෙන්නෙ. ඇතැම්විට එය නිර්මාණකරුවාට ගෝචර නොවෙන්නත් ඉඩ

තියෙනවා. උදාහරණයක් ලෙස කිසිවෙක් සංස්කෘතිය බිඳවැටීමට උත්සාහ දරනවානම්

ඔහු සිදුකරමින් සිටින්නේ පවතිනා සංස්කෘතිය තුළම සුළු අපගමනයක් සටහන් කිරීමක්.

මේ කාරණාව දර්ශනයටත්, දේශපාලයටත් මෙන්ම ආගමටත් එලෙසින්ම අදාළ වෙනවා.

එනම්, නිර්දාර්ශනික, නිරාගමික, නිර්දේශපාලනික යමෙක්ගෙ පැවැත්මක් දැකිය

නොහැකියි.

Q). ඔබේ අවබෝධය අනුව සිනමාව තුළ අධ්‍යක්ෂකවරයාගේ කාර්‍යභාරය

සහ වගකීම මොකක්ද?

සිනමාව කියන්නෙම අධ්යක්ෂකවරයාගේ ප්රකාශනයක්මයි. තේ පැන් පිළියෙල කිරීමේ

සිටම ප්රක්ශේපනය දක්වාම සියලු කර්ත්ව්යයන් මෙහෙයවෙන්නේ

අධ්යක්ෂකවරයෙකුගේ අතිනුයි. පිටපත් රචකයාගෙන් අධ්යක්ෂකවරයා හට තිර

රචනයක් ලෙස භාර වන්නේ කඩදාසි සමූහයක්.

එම කඩදාසිවල අන්තර්ගතය සරිලන අයුරින් ඔහුගේ පරිකල්පනය සමගින් සුසංහිත

කරගන්නටත් අවසානයේ පුළුල් තිරයක් මත රූප හා ශබ්ද විලසින් එය ප්රක්ශේපනය

කරවන්නටත් අධ්යක්ෂකවරයා සමත් විය යුතුයි. එම ක්රියාවලිය කෙතරම් ප්රශස්ථ

අයුරින් සිදුවනවාද යන්න මත සිනමාකෘතියේ ගුණාත්මක භාවය රඳා පවතිනවා.

පෙර නිෂ්පාදනය, රූගත කිරීම් සහ පසු නිෂ්පාදනයට අදාළ සියලුම අංගයන් පිළිබඳව

ඔහු තුළ පූර්ණ අවබෝධයක් පැවතීම අනිවාර්යයි. එමෙන්ම ඉහත සඳහන් කළ

ආකාරයට දර්ශනය, ආගම හා බැඳි සංස්කෘතිය සහ දේශපාලනය ආදී වෙනත් විෂය

ක්ෂේත්රයන් පිළිබඳවත් ඔහු තුළ ප්රථුල අවබෝධයක් තිබිය යුතුයි. අධ්යක්ෂණයේ

වගකීම ඔහුගේ මරණයෙන් පසුවත් අහෝසි වන්නේ නෑ. එය අමරණීයයි.

Q). ඔබේ වෘත්තීය ඉතිහාසය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරමු. ඔබේ වෘත්තීය ජීවිතය

තුළ ඔබ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳව මතක්කරමු.

 

මම ඈත ගම් පියසක හැදී වැඩුණු කෙනෙක්. එවකට කරමින් හිටපු ගෞරවනීය

රැකියාවෙන් ඉවත්වෙලා තමයි මම නිර්මාණකරණයට අත්පොත් තියන්නෙ.

ටෙලිනාට්යය සහය අධ්යක්ෂකවරයෙකු වශයෙන්. ආරම්භයේදී කටුක අත්දැකීම් රැසක්

ලබන්නට සිද්දවුණා. නමුත් යොවුන් විය නිසා ඒවා දරාගන්නට හැකියාව තිබුණා.

ජයන්ත චන්ද්රසිරි සහ අශෝක හඳගම යන ප්රවීණ ටෙලිනාට්යය අදියුරුවරුන්

සමගින් නිර්මාණකරණයේ යෙදෙන්නට භාග්යය ලැබුණා.

කූඹියෝ ටෙලිනාට්යය මේ රටේ ලක්ෂ සංඛ්යාත ටෙලිවිෂන් ප්රේක්ෂකයන්ගෙ

අමරණීය ආකර්ෂණය දිනාගන්නට සමත් වීමත් නොමද විචාරක පැසසුමට ලක් වීමත්

පිළිබඳව මට සන්තෝෂයි. කූඹියෝ කියන්නෙ එවකට මගේ සමාජදේශපාලන කියවීම

සමාජගත වීමත්, එවකට සමාජය විසින් සමාජදේශපාලනය කියවාගෙන තිබුණු

ආකාරයත් කදිමට එකිනෙක පෑහීමත් සඳහා අඩිතාලම සකස්කෙරුවා යන්න මගේ

විශ්වාසයයි.

මම වර්ථමානය වන විට මෙරට වෙළඳ දැන්වීම් නිර්මාණකරණ කර්මාන්තය තුළ

සක්රීය ශ්රේණියේ වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙක්. නමුත් මේ කිසිවක් මම

ජයග්රහණයන් ලෙස දකින්නෙ නෑ. කිසිවෙකුගෙ ජීවිතය තුළ ජයග්රහණයන්

තිබෙනවනම් ඔහුගේ ජීවිතය තුළ පරාජයන්ද තිබිය යුතුමයි. මම සියල්ල සළකන්න

කැමති අත්දැකීම් හැටියටයි. සිදුවීම් හැටියටයි. විශේෂයෙන්ම කලාව තුළ හෝ

කලාකරුවන් තුළ හෝ ජයපරාජය වලංගු නොවිය යුතු කාරණාවක් විය යුතුයි යන්න

මගේ තක්සේරුවයි.

Q). වෘත්තීය සිනමාකරුවෙක් ලෙස ජාතයන්තර සිනමාව ජයගැනීම කෙරෙහි ඔබ

ක්‍රියාත්මක කරමින් සිටින සැලසුම් මොනාද?

ජාත්යන්තර සිනමාව ජයගැනීම යැයි කිවූ සැණින් බොහෝ අයට වැටහෙන්නේ ප්රමුඛ

අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලක කිසියම් අංශයක් ඔස්සේ නිර්දේශ වීම හෝ

සම්මානනීය වීමයි. එනමුත් මේ සම්බන්ධයෙන් මගේ වටහාගැනීම මීට තරමක් වෙනස්.

කිසියම් සිනමාකරුවෙක් ස්වදේශීය අනන්යතාවය සුරැකෙන පරිද්දෙන් කිසියම්

ස්වදේශීය වස්තු බීජයක් පාත් කරගෙන නිමවන සිනමාකෘතියක් අන්තර්ජාතික

සිනමා ප්රජාව හමුවේ ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ගෝලීය වශයෙන් ප්රමාණවත්

සහකම්පනයක්, කතිකාවක් හට ගැන්වීමට සමත් වෙනවානම් එසේත් නැත්නම් හරහා

ස්වදේශීය ප්රජාවට කිසියම් ධණාත්මක ප්රතිචාරයක් ළඟාකරවන්නට හැකියාව

ලැබෙනවානම් හෝ එය තමයි මගේ දෘෂ්ටිකෝණයෙන් ජාත්යන්තර සිනමාවට

අවතීර්ණ වීමක් කියන්නෙ.

 

අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලක කිසියම් අංශයක් ඔස්සේ නිර්දේශ වීම හෝ

සම්මානනීය වීම නොසැළකිය යුතු දෙයක් නෙමෙයි. එය සැබවින්ම ප්රශංසනීයයි.

නමුත් මූලික අභිප්රාය විය යුත්තේ එයම නොවෙයි. මම වත්මනේ නිර්මාණකරණයේ

නියැලෙන්නේ ලාංකීය සිනමාලෝලීන් ඉලක්ක කරගෙන පමණයි.

Q). ඔබ වර්ථමානයේ නියැලෙන නිර්මාණ කටයුතු මොනවාද? ඔබ ඉදිරියේදී ජනගත

කරන්න සැලසුම්කරමින් සිටින නිර්මාණයන් මොනවාද?

වර්ෂ 5 පමණ අඛන්ඩ නිර්මාණ වෑයමක ප්රතිඵලයක් ලෙස වාලම්පූරි සිනමාපටය

මේ වසරේ අප්රේල් මාසයේදී දිවයින පුරා සිනමාශාලාවල තිරගත කරන්න අවශ්

සියලු කටයුතු මේ දිනවල අතිසාර්ථක අන්දමින් සිදුකෙරෙන බව ඉතාමත්ම සතුටින්

කියන්න පුළුවන්. සිනමාපටයේ නිෂ්පාදන කටයුතු ඇරඹුණේ 2019 වසරේදී වුණත්

කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසාවෙන් නිෂ්පාදන කටයුතු වරින්වර

ඇණහිටියා. නිසයි සිනමාපටය ප්රේක්ෂකාගාරය වෙත තිළිණ කරන්න මෙතරම්

කල්ගත වුණේ.

මා සමගින් නිර්මාණකරණයේ නියැලෙන හිතවත් කලාකාමීන් පිරිසක් ඒකරාශී

කොටගෙන නව් සංකල්පයන්ගෙන් සමන්විත තවත් ව්යාපෘති කිහිපයක ආරම්භක

අදියරේ වැඩකටයුතු සමගින් මේ දිනවල කාලය ගතකරන බවත් ඉතාමත්ම

සන්තෝෂයෙන් කියන්න කැමතියි.

Q). Api Magazine සමඟින් සොඳුරු පිළිසඳරකට එක්වීම සම්මබන්ධයෙන්

ඔබ මොකද හිතන්නෙ?

නිර්මාණකරුවන් වශයෙන් අපි බලපෑම් කිරීමට බැඳී සිටින්නෙ මෙරට සංස්කෘතික

සමාජයට. සංස්කෘතිකව සුපෝෂණය වුණු සදාචාර සම්පන්න සමාජ සංස්ථාවක්

උපද්දවන්න. වගේම එසේ බිහිවන සමාජ සංස්තාවක් හරහා දේශපාලන සමාජයට

සැළකියයුතු අන්දමේ ප්රගතිගාමී බලපෑමක් සිදුකළ හැකියි යන්න අපි තරයේ විශ්වාස

කරනවා. ඇතැම් අවස්ථාවන්හිදී අපි බව පැහැදිලිව අත්දකිනවා.

ගතික සමාජදේශපාලන තත්වයන් කෙරෙහි ප්රමාණවත් සවිඤානක බවක් නොමැති

වීමමයි එම සමාජ සංස්ථාවේ පරිහානිය ඇරඹීමට පසුබිම වන්නේ. එබැවින් මෙවන්

සාරවත් රසවත් පිළිසඳරක් තුළින් නිර්මාණකරුවන් වශයෙන් අප සිදුකරන්නට උත්සුක

සංස්කෘතික බලපෑම විධිමත්ව දිශාගත කරවන්නට ශක්තිමත් පිටුවහලක් සැපයෙන බව

කිව හැකියි.

සැකසුම | හිරාන් ගමගේ

Home / 2025

25-April-21

ජීවිතය "සුවපහසු" වීමට නම්..

සුව පහසු ජීවිතයක් කියන්නේ අවශ්යතාවන් උවමනාවන් සම්පූර්ණ වූ, භෞතික දෑ මත පමණක්ම පදනම්වූ  පැවැත්මකටද? වෙනත් ආකාරයකට අර්ථ දක්වනවානම්, ජීවත්වීමට සුවපහසු වටපිටාවක්, නිවසක්, වාහනයක්, අහාරපාන, ඇඳුම් ආයිත්තම් යනාදී මෙකී නොකී දෘශ්යමාන, ස්පර්ශ කල හැකි ද්රව් පමණක් සම්පූර්ණ වීම තෘප්තිමත් ජීවිතයකට නියත විවරණ කැඳවීමක්ද?

 

Materialistic නැතිනම්, භෞතිකවාදය හුදෙක්ම ඇසට පෙනෙන, ස්පර්ශ කල හැකි, ද්රව්යමය ස්වභාවයක් ගන්නා දෑ හට වැඩි වටිනාකමක් දෙනවා. මෙතනදි වැදගත් වන්නේ, ද්රව්යමය ස්වරූපයක් ගන්නා දේවල් මත පමණක් පුද්ගලයකුගේ ජීවිතයේ සුවපහසු බව තීරණය වනවාද නැද්ද යන්නයි.

 

මෙම සංකල්පයට විරුද්ධව පවතින්නේ, spiritualism නැතහොත් ආධ්යාත්මිකවාදයයි. සරලවම දක්වනවානම් සිතිවිලි පාලනය කරගැනීම තුළින් ලබන මානසික නිදහසේ මුදුන් මල්කඩ ආධ්යාත්මික සුවයයි.

 

සරල සාමාන් මිනිසුන් විදියට මේ අන් දෙකෙහි මැදි අවස්ථාවක කටයුතු කරනවානම් එය වඩාත් ප්රායෝගික බවයි මගේ පුද්ගලික අදහස. භෞතික සම්පත් වලින් සන්නද්ධ වන තරමට, මානසික නිදහසත් ළඟා කරගත හැකි නම්, නිතැතින්ම ජීවිතයසුවපහසුවනු නොඅනුමානයි.

 

දිමුතු

Home / 2025

25-April-20

කමලට කියන්න එපා

මේ දවස්වල බ්රිතාන්යය පුරා සාමාජ මාධ්යවල දකින්න තිබුන පෝස්ට් ගනනාවක කිව්වේ මෙහෙම. අපි Magazine අද දවසේ කතාබහ දිගහරින්නට යන්නේ ගැනයි.

ලෝකයට Dark Comedy කියන සංකල්පය අලුත් නොවුනට, ශ්රී ලංකාවට නැතිනම් ශ්රී ලාංකිකයන් බහුතරයකට ඒක අලුත්. නිසාම තමයි මේ දවස්වල බොහොමයක් සමාජ මාධ්යවල viral වෙන සුවිශේෂි ශ්රී ලාංකික අග්රගන් සිනමා නිර්මාණයක් ගැන කතා වෙන්නේ. ලංකාවේ සිනමා ඉතිහාසය වෙනස් කල වර්ෂයක් බවට 2025 පත් වෙන්නෙත්, ලෝක සිනමාවේ සංකල්ප බද්ධව අපේ සිනමාව පැවතුනත්, අද වන විට ලෝක සිනමාව අපෙන් ඉගන ගන්නා තත්වයට පත් කරන්නට සමත් ඒකී Dark comedy තේමාවකින් ඉලංගෝ රාම් අතින් අධක්ෂණය වුනු නෙලුම් කුලුණ නවතම චිත්රපට අද වන විට ශ්රී ලාංකිකයන්ගේ රසවින්දනයට මෙන්ම ප්රේක්ෂක ආදරයට ලක්වීම සුප්රකට රහසක් බව කිව යුතුයි.

නෙලුම් කුලණ සැබෑම පවුලක වටා ගොනු වූ දුක්මුසු සිදුවීමක් වුවත්, එය චිත්රපටය පුරාවටම හාස්යය මෙන්ම විනෝදකාමීත්වය ජනිත කරවන්නට සමත් වීම මෙකී dark comedy තේමාවක් වටා ගොනු වුවක් බව සනාථ කරයි. විදේස් ගත ශ්රී ලාංකිකයන් තවමත් ලාංකීය සිනමාවට මෙන්ම නෙලුම් කුලූණ චිත්රපයට දක්වන ආදරය කැමැත්ත නිසාම අද වන විට ලෝකය පුරා විශාල වශයෙන් මෙම සිනමා නිර්මාණය ප්රේක්ෂක ආදරය දිනා අවසන්. ඉතිං ‘’කමලට කියන්න එපා’’ කියන්නේ නෙලුම් කුලුණ චිත්රපටයේ එන එක්තරා සංවාදයක උපුටා ගත්තක්. එය සිනමාව ගැන update අය දැනගත්තත්, අනික් අයට නම් හිතා ගන්න බැරි කතාවක්.

මෙවැනි සුවිශේෂි වූත්, අග්රගන් වූත්, ශ්රී ලාංකේය සිංහල සිනමාවේ අනපේක්ෂිත හැරවුම් ලක්ෂය, නෙලුම් කුලුණ බ්රිතාන් සිසාර විසිරි සිටින ආදරණිය ශ්රී ලාංකිකයන්ට නැරඕමේ අවස්ථාව උදා කර දීමට, හැමදාම අලුත් විදිහට සිතන අලුත් වැඩක් කරන Concept Crew PVT LTD සමගින් Vipula Nawadagala සුසංයෝගය සමත් වී අවසන් බව දැනුම් දෙන්නේ ඉතා සතුටින්. ඉතිං අයගේ උත්සාහය, මෙවැනි ප්රේක්ෂක ආදරයක් දිනා ගත් නෙලුම් කුලුණ බ්රිතාන්යයේ ප්රධාන නගර වන ලංන්ඩන්, බර්මින්හැම්, මැන්චෙස්ටර්, ලිවර්ෆූල්, කාර්ඩීෆ් ඇතුලු ප්රධාන නගර 10 ආදරණීය ශ්රී ලාංකිකයන්ගේ රසාස්වාදය වෙනුවෙන් ප්රදර්ශණය කරන්න.

ඉතිං ඔයත් නෙලුම් කුලුණ චිත්රපටය නරඔන්නට බලාපොරොත්තු වන ආදරණීය ශ්රී ලාංකිකයෙක් නම්, *concept crew* Facebook pan page එක follow කරල අලුත්ම updates දැනගෙන චිත්රපටය නරඔන්නට ඔබගේ ටිකට් පත හැකි ඉක්මනින් වෙන් කර ගන්න. අපි මැගසින් අපිත් සිනමාවට ආදරය කරන ඔයාල දකින්න නෙලුම් කුලුණ ඔබේ නරගයට එන දවසට හමු වෙන්න එන්න හිතන් ඉන්නවා.

Home / 2025

25-April-19

හමුවෙලත් එක් නොවුණු

දුක
දැනෙනකොට
අසරණකම
දැනෙනවා

තනිවෙනකොට
හිත තනියම
අඩනවා

නුඹ ළග නැති විට
මගේ හිත
දොස් කියනවා

අපි හමු වී
අද දෙතැනක
දුක් විදිනවා

සසරින් සසරේ
හමුවෙන්නට
කියනවා

තනිකම
නොවෙන්න
ළග
ඉන්නම් කියනවා

භාදක ජයගන
හමුවෙන්නට
පතනවා

හමුවෙලත්
එක් නොවුණු නිසා
හිත තව දුක්
විඳිනවා

 

ගගන ගුරුගේ

Home / 2025

25-April-18

එක්සත් රාජධානියේ ආදි අනුලාවියෝ

1941 වසරේදී . ඩබ්ලිව්

අධිකාරම්තුමන් විසින් අනුලා විද්යාලය ආරම්තභ කරනු ලබන්රන් ශිෂ්යාවන් 38 රද්රෙකු සහ

ගුරුමණ්ඩලය පස් රද්රෙකුරෙන් සමන්විතවයි. එරස් ආරම්තභ වූ අනුලා විද්යාලය වසර අසූ

හතරක් පුරා ඉතා දිගුෙමෙක් පැමිණ අද්වෙ විට බාිකාවන්ට අධ්යාපෙය ලබාරද් මහා

පිංරකතක්ව දිරලයි. පන්ද්හස ඉක්මවූ ශිෂ්යාවන් පරිසක්ද්එකසිය හැත්තෑව ඉක්මවූ ගුරු

මණ්ඩලයකින්ද්සමන්විත අනුලා විද්යාලය විභාෙ ප්රතිඵල අතර ඉහළින් වැජරෙෙ පාසලකි.

හුරද්ක් අධ්යාපෙය පමණක් රොව සද්ාචාරසම්තපන්ෙ දිරිය කුන් බිහිකිරීරම්ත රේතොව

රපරද්ැරි කරෙත් අනුලා විද්යාලරයන් ආධ්යාපනික , ක්රීඩා , කලා , මාධ් සහ රවෙත්

ක්රේත්රයන්හි නිපුණ චරිත රැසක් රම්ත වෙ විට බිහිව තිරබ්ල.

 

එක්සත් රාජධ්ානිරේ අනුලා විද්යාලයීය ආදි ශිෂ්යා සිංෙමය අද්වෙ විට ඉතාම සාේථක

අන්ද්මින් ක්රියාත්මක රවමින් පාසල රවනුරවන් සිය වෙකීම ඉටුකිරීමට සක්රීයව ද්ායක රවමින්

සිටී. සභාපතිනිය වෙ රුේනි රසරෙවිරත්ෙ , රේකම්ත යස්මින් අමරවික්රම සහ භාණ්ඩාොරික

ඩිලාරි අමරුිංෙ ඇුළු රද්ාරලාස් රද්රෙකුරෙන් යුත් නිලධ්ාරි මඩුේරල් මෙරපන්ීම

යටරත් ඉදිරියට යෙ එක්සත් රාජධ්ානිරේ අනුලා විද්යාලයීය ආදි ශිෂ්යා සිංෙමරේ මීළඟ

වැද්ෙත්ම ඉසව්ව වන්රන්් , මැයි 10 වෙද් පැවැත්ීමට නියමිත , ‘ ස්වර සිංචාරසිංගීතමය

අත්ද්ැකීමයි. Ickenham Village Hall හිදී සවස 6.30 ආරම්තභ ීමට නියමිත රමමස්වර සිංචාර

සිංගීතමය සන්ධ්යාව රසෙැන්ීම බුද්ධධික කහවල වාද් වෘන්ද් විසින් සිදුරකරනු ඇති.

ශාරිංගිකා උද්යිංෙනී සහ අචිනි නිශාදිකා රේ හඬින් සුමධුර ස්වර මැද්සරහෝද්රත්වරේ

උණුසුමින් කුළුෙැන්රවෙ සන්ධ්යාවක අත්ද්ැකීම ලබන්ෙට එක්සත් රාජධ්ානිවාසීන්ට ආදි

ශිෂ්යා සිංෙමය ආරාධ් කර සිටී.

 

ශ්රි ලිංකාරව් පාසේ වල ආදි සිසු එකමුුරවන් සිදු රකරරෙ Festival of Cricket සඳහා අනුලා

විද්යාලයීය ආදි ශිෂ්යා කණ්ඩායමක් ඉදිරිපත් ීම රම් වසරේ ද්ක්ෙට ලැරබෙ සුවිරේෂි

සිදුීමක්. 2025 ජුි මස හයවෙද් පැවැත්රවෙ රමම ක්රිකට් සැණරකළිය සඳහා ආදි

ශිෂ්යාවන් රද්ාරළාස්රද්රෙකුරෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වනු ඇති.

 

රම්ත සියේල අතරුර , එක්සත් රාජධ්ානිරේ අනුලා විද්යාලයීය ආදි ශිෂ්යා සිංෙමය පාසල

රවනුරවන් ඔවුන්රේ වෙකීම අමතක කර ෙැත. එහි එක් අදියරක් රලස ශිෂ්යත්ව

වැඩපළිරවලක් ක්රියාත්මක රව්. ආරම්තභක අදියරේදී අධ්යාපෙ රපාදු සහතික පත් උසස් රපළ

විභාෙය සඳහා රපනීසිටිෙ ආේික දුේකරතා වින් රපරළෙ ශිෂ්යාවන් පස්රද්රෙකු

රතා් රාරෙෙ ඔවුන් සඳහා මාසිකව රුපයේ විසිද්හසක මුද්ලක් පරිතයාෙ කිරීරම්ත

වැඩපළිරවලක් ආදි ශිෂ්යා සිංෙමය මගින් රම්ත වෙ විටත් සිංවිධ්ාෙය රකරරමින් පවතී.

වවද් පයුමිකා තිලකවේධ් රේ සම්තබන්ධිකාරකත්වරයන් ක්රියාත්මක වෙ රමම

වැඩපළිරවළ යටරත් ප්රතිලාභ ලබෙ සිංඛ්යාව ශිෂ්යාවන් විසිරද්රෙක් ද්ක්වා රම්ත වසර ුළදී

ඉහළ ෙැිංීමට අරේක්ෂිතයි.

 

අනුලා විද්යාලරේ අභිවෘද්ධධිය රවනුරවන් ආදි ශිෂ්යාවන් රලස ලබාදිය හැකි සියලුම සහය

ලබාදීමට එක්සත් රාජධ්ානිරේ ආදි ශිෂ්යා සිංෙමය අොෙතරේ දී ද්රොපැකිලව කටයුු

කරෙ බව එහි වත්මන් සභාපතිනිය රුේනි රසරෙවිරත්ෙ ඉතා සුටින් ද්ැනුම්ත රද්න්නීය. ඇය

පවසන්රන් තවත් වැඩපළිරවළ රැසක් ඉදිරිරය් දී පාසල රවනුරවන් ක්රියාත්මක කරෙ බවයි.

අනුලා විද්යාලයීය ොමය රලාවට රැරෙෙ යාම සිය සිංෙමරේ එකම පැුම බවයි ඇය

පවසන්රන්. එක්සත් රාජධ්ානිරේ රවරසෙ සියළුම ආදි අනුලාවන්ට තම සිංෙමය හා

එක්වන්ෙැයි ඇය ඇුළු නිළධ්ාරි මඩුේල ද්කමිටු සාමාජිකාවන් ද්ඉතා ආද්රරයන් ඉේලා

සිටියි.

 

FB page – Anulians PPA UK

FB account – Anula Ppa

Email – anula.ppa.uk@gmail.com

 

හරහා එක්සත් රාජධ්ානිරේ අනුලා විද්යාලයීය ආදි ශිෂ්යා සිංෙමය සමඟ සම්තබන්ධ්විය

හැකියි.

Home / 2025

25-April-17

ස්පාඤ්ඤයේ: ගැස්ටා ටා(ර්)ටා...

අප්රේල් මාසයට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු

හිරු එළියට එබීමට පටන් ගෙන, දිගු දින පැමිණ ඇති බැවින්, සම්භාව් ස්පාඤ්ඤයේ බේක් කළ චීස්කේක් සඳහා අපි හිරු පෑයූ ස්පාඤ්ඤ භූමියට යමු

 

අවශ් අමුද්රව්:

 

ක්රීම් චීස්: 1 kg

සීනි: 200 g

බිත්තර: 4 

හෙවි ක්රීම්:  500 ml

වැනිලා : තේ හැන්දක

ලුණු

පිටි: මේස හැදි 1

 

උපදෙස්:

 

1: උඳුන  රත් කරන්න.-

 

ඔබේ උඳුන 200°C (400°F පමණ) කලින්ම රත් කරන්න. මෙම කේක් වර්ගයට ආවේණිකවූ  පිළිස්සුණු මුදුනක් ලබා ගැනීම සඳහා උඳුන හොඳ සහ උණුසුම් වීම අවශ් වේ. අඟල් 8 (සෙ.මී. 20) ස්ප්රින්ග්ෆෝම්  පෑන් එකක් පාච්මන්ට් කඩදාසිවලින් පෙළගස්වන්න, කඩදාසි පෑන් එක දෙපස ඉහළට එන බව සහතික කරගන්න. මෙය කේක් එක ඉහළට නැගීමට සහ පෑන් එකට ඇලී සිටීම වැළැක්වීමට උපකාරී වේ.

 

2: බැටරය සකස් කරන්න.- 

 

තරමක් විශාලබඳුනක, ක්රීම් චීස් කිලෝග්රෑම් 1 (රාත්තල් 2.2 ක් පමණ) , සීනි ග්රෑම් 200 (කෝප්ප 1) සමඟ සිනිඳු සහ ක්රීම්ගතියක් එන තෙක් එකට බීට් කරගන්න. ගැටිති නැති බවට වග බලා ගන්න. ක්රමයෙන් බිත්තර 4 ක් (තරමක් ලොකු), එකින් එක එකතු කර, එක් එක් එකතු කිරීමෙන් පසු හොඳින් මිශ් කරන්න. හෙවි ක්රීම් මිලි ලීටර් 500 (කෝප්ප 2 ක් පමණ) වත් කර සියල්ල සම්පූර්ණයෙන්ම මිශ් වන තෙක් බීට් කිරීම දිගටම කරගෙන යන්න. වැනිලා තේ හැන්දක් සහ ලුණු ස්වල්පයක් එකතු කර, පසුව පිටි මේස හැන්දක් එකතු කරන්න. ඔබට සිනිඳුවට වත් කළ හැකි බැටරයක් ​​ලැබෙන තුරු මිශ් කරන්න.

 

3: බැටරය පෑන් එකට වත් කරන්න.-

 

බැටරය සූදානම් වූ පසු, එය ඔබේ සූදානම් කළ ස්ප්රින්ග්ෆෝම් පෑන් එකට වත් කරන්න. ඒකාකාර ලෙස බැටරය පතුරුවා හැරීමට ස්පැචුලාවකින් මුදුනත මෘදු ලෙස සුමට කරන්න. බැටරය ඉතා තුනී හෝ දියවන බවක් පෙනේ නම් කලබල නොවන්නමෙය සාමාන් දෙයක් වන අතර මිශ්රණය එතරම් ක්රීම් බවට පත් කරන දෙයකි.

 

4: අංගසම්පූරණව පිළිස්සීම.-

 

කලින් රත් කරගත් උදුනේ තබා විනාඩි 50 සිට 60 දක්වා හෝ ඉහළ කොටස ගැඹුරු රන්වන් දුඹුරු වන තෙක්, සමහර ස්ථානවල තරමක් පිළිස්සුනු ගතියක් එන තෙක් බේක් කරන්න. එනමුදු තවමත් මැද ටිකක් සෙලවෙන ගතියකින් විය යුතුයඑය සිසිල් වන විට හරි පදමට පැමිනේ. මෙම අධික තාප පිළිස්සීම ගැස්ටා ටාටාට එහි සුවිශේෂී පිළිස්සුණු පෙනුම සහ, කැරමල් කළ අනගි රසය ලබා දෙයි.

 

5: සිසිල් කර පිළිගන්වන්න.-

 

ටාටාකාමර උෂ්ණත්වයේ දී සම්පූර්ණයෙන්ම සිසිල් වීමට ඉඩ දෙන්න. එය සිසිල් වන විට, රසයන් ගැඹුරු වන අතර පදම පරිපූර්ණත්වයට පත්වේ. සම්පූර්ණයෙන්ම සිසිල් වූ පසු, එය ස්ප්රින්ග්ෆෝම් පෑන් එකෙන් ඉවත් කරන්න. පාච්මන්ට් කඩදාසි ටාටාවේ හැඩයට හානි නොකර ගැලවීමට උපකාරී වේ.

ගැස්ටා ටාටා සාම්ප්රදායිකව කාමර උෂ්ණත්වයේ දී පොළිගන්වන අතර කිසියම්මහෝ ටොපිංස් වර්ගවල අවශ්යතාවයකින් තොරව එය එලෙසම භුක්ති විඳිය යුතුය. එහි ස්වාභාවික පැණි රස සහ ක්රීම් වලින් පොහොසත්කම ඕනෑම ආහාර වේලක පරිපූර්ණ අවසානයක් බවට පත් කරයි.

 

වැදගත් ඉඟි:

 

අධික ලෙස මිශ් නොකරන්න – 

අමුද්රව් හරියාකාරව කලවම්  වීමටනම්ප්රමාණවත් තරම් මිශ් කිරීමට වග බලා ගන්න, නමුත් එම සියුම් පදම පවත්වා ගැනීම සඳහා බැටරය අධික ලෙස බීට් කිරීමෙන් වළකින්න.

 

පිළිස්සීම පරිපූර්ණයි – 

සෑම උඳුනක්ම වෙනස් , එබැවින් පිළිස්සීමේ අවසානය දක්වා ටාටා දෙස අවධානයෙන් සිටින්න. ඔබ ඔබේ කේක් එකෙහි පිළිස්සුණු මුදුන අඳුරු වීමට කැමති නම්, එය තව ටිකක් පුළුස්සන වේලාවන් දිගු කිරීමට ඉඩ දෙන්න, නමුත් මුළු කේක් එකම පුළුස්සා නොගැනීමට ප්රවේශම් වන්න.

 

විවේක කාලය – 

එය වහාම හාරා ගලවාගැනීමට ඉක්මන් නොවන්න. ටාටා සම්පූර්ණයෙන්ම සිසිල් වීමට ඉඩ දීමෙන් එය සැකසීමට කාලය ලැබේ. මෙම විවේක කාලය පරිපූර්ණ කේක් පෙත්තක් ලබා ගැනීම සඳහා යතුරයි.

 

චාරුනී පෙරේරා 

Home / 2025

25-April-16

“ අයිස්ක්‍රීම් “

 

~ අයිස්ක්රීම් නැති දුදූගේ ලෝකය ~

සහය නිෂ්පාදකයෙක් විලසින් ටෙලිවිෂන් කර්මාන්තය තුළ සිය වෘතීය

ජීවිකාව අරඹා කාලයාගේ ඇවෑමෙන් වැඩසටහන්

නිෂ්පාදකයෙකුවැඩසටහන් අධ්යක්ෂකවරයෙකු, පූරකයෙකුරංගන

ශිල්පියෙකු සහ ටෙලිනාට් අධ්යක්ෂකවරයෙකු විලසින් සිය කලා

කෞශ්ල්යයන් ඔප්නංවාගන්නට සමත් වූ ප්රදීප් ධර්මදාසඉන් නොනැවතී සිනමා

ක්ෂේත්රය තුළට  අවතීර්ණ වූයේ සිනමා රංගන

ශිල්පියෙක් විලසින්  සිය ප්රසාංගිකතවය තවදුරටත් විහිදුවාලන්නට

උත්සුක වෙමින්. “අයිස්ක්රීම්ඔහුගේ සිනමා අධ්යක්ෂණ භූමිකාවේ දොරට

වැඩුමයි.

 

පැල්පත් නිවාස සංකීර්ණයක වෙසෙන, ස්ථීර රැකියාවක් හෝ වෙනත් ස්ථිර

ආධායම් මාර්ගයක් හෝ නොමැති, මවගේ සහ එකම නැගණියගේ සෙනෙහස

පමණක් උපතින් උරුම වූ, කෙදිනක හෝ කවර අයුරකින් හෝ ශ්රී ලාංකේය

සිනමාවේ ජනාකර්ෂණීයම සිනමා තරුව වීමට සිහින දකින, කඩවසම්අව්යාජ

ප්රේමවන්තයෙකු වනදුදූ’ සිය ඇස් මායිමෙන් ඔබ්බෙහි වූ ලෝකය දකින

අයුරු සිනමාපටය පුරාවට චිත්රණය වෙයි

මිනිසුන් උපදින්නේ මියඇදෙන්නේද හිස් අතින් යැයි දාර්ශනික කියමනක් ව්යවහාරයේ තිබුණද මේ

මහපොළවෙ මත පැළවුණු සමාජදේශපාලන යථාර්ථය ඉන් සහමුලින්ම විතැන් වේයැයි

සිනමාපටයේ යටිපෙළ කියවාගන්නට වෙරදරණ සිනමා සංවේදී මෙන්ම සමාජදේශපාලන

සංජානනයෙන් යුතු කවරෙකු හට වුවද වැටහෙනු ඇතැයි සිතමි.

කරුමයෙන් උරුම වූ සෘණාත්මක ආර්ථික, සාමාජයීය, සංස්කෘතික, ආගමික සහ දේශපාලනික පසුබිම

සහජයෙන් උරුම වූ ධණාත්මක ආකල්පයන් අන්තර්ගත වන්නෙකුගේ ඉරණම තීන්දුකිරීම කෙරෙහි

කෙතරම් තීරණාත්මක සාධකයක් වන්නේද යන්න නිර්ධන පාන්තික උද්වේගකර තාරුණයේ

සංකේතය වූ දුදූගේ ලිවිසැරිය තුළින් සිනමාරූපීව පිළිපිඹු කරවීම තිර රචකයා සහ අදියුරුවරයාගේ

මූලික අභිප්රාය වන්නට ඇත.

සිනමාපටය සවිඤානකව කියවාගැනීමේදී උක්ත අයුරේ ගැඹුරු අභ්යන්තරික යටිපෙළක් පිළිබඳව

සංකල්පනාවක නිරත විය හැකි වුවත් සිනමාපටය ඇරඹුමේ පටන් අවසානය තෙක්ම ගලායන්නේ

නිරූපිත ප්රදාන චරිතයන් හට අහඹු ලෙසින් මුහුණපාන්නට සිදුවන අනපේක්ෂිත සිදුවීම් දාමයන්

නිසාවෙන් ප්රේක්ෂකාගාරය තුළට සියුම් සිනහවක් ජනිත කෙරවෙන නමුදු අදාළ චරිතයන් තුළින්

හාස්යය විද්යාමාන නොකෙරෙන්නට වගබලාගැනීම නිර්මාණකරුවන් විසින් සිනමාපටයේ

හිතාමතාම සංගෘහිත කරවන ලද සුවිශේෂී කාරණාවක් බව ඉතා ඕනෑකමින් පැවසිය යුතුය.

සිනමාපටයේ ප්රදාන රංගන ශිල්පීන් වන හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි සහ සරත් කොතලාවල

යන ප්රතිභා සපිරි රංගන ශිල්පීන් විසින් මිනිස් චිත්ත සංතානය තුළ නිරන්තරයෙන් හටගන්නා වූ

අතිශය සියුම් වූත් සංකීර්ණ වූත් භාවාත්මික ප්රකාශනයන් වඩාත් තාත්වික අයුරින් ගෙනහැරපෑම

 

සිනමාපටය රාමුගත වන ආකයානයන් තුළ ඉහත සඳහන් කරන ලද යටිපෙළ වඩාත් ත්රීව ලෙසින්

සන්නිවේදනය කිරීමට මහත් රුකුලක් වී ඇති බැව් පැහැදිලිව පෙනීයයි.

මීට අමතරව සිනමාපටයේ අතිරේඛ රංගන ශිල්පීන් විසින්ද චිත්රපටය තුළ ඉදිරිපත් කරන්නා

වූ යථාර්ථවාදී රංගනය ප්රදාන භූමිකාවන් ඉදිරිපත් කරන්නා වූ රංගන ශිල්පීන්යේ භාවාත්මික

ප්රකාශනය සමඟින් මැනවින් අතිච්චාදනය වී ඇති බවද නොවළහා පැවසිය හැක.

 

රංගන ධායකත්වය

හේමාල් රණසිංහ

සරත් කොතලාවල

අයිශරා අතුකෝරල

රුක්මල් නිරෝෂ්

බිමල් ජයකොඩි

චමිලා පීරිස්

දමිතා අබේරත්න

රොෂාන් රණවන

මධුශාන් නානායක්කාර

චින්තක වාස්

වීණා ජයකොඩි

ජයලත් මනෝරත්න

දයා තෙන්නකෝන්

ඩී. බී. ගංගොඩතැන්න

කෝරළගේ සමන්

ආනන්ද කුමාරෞන්නැහේ

අංජන ප්රේමරත්න

රොෂෙල් ඩැනියෙල්

ලයන්ත ප්රැන්සිස්

ශෙනුල්යා දන්තනාරායන (ළමානිළි)

කැමරාකරණයකලා අදයයක්ෂණය, අංගරචනය හා සංස්කරණය යන සිනමාපටයක ප්රාදාන

සංරචකයන් අතර පවත්නා මනා පෑහීම ප්රේක්ෂක මනස තුළ උද්වේගකාරී

එල්බගැනීමක් හටගැන්වීමට සමත්වන බැව් නොවළහා කිවයුතුය.

 

සිනමාපටය තුළ අන්තර්ගත ගීතයන් හා එහි මුල සිට අවසානය වන

යතක් දාවනය වන මියුරු භාවාත්මික පසුබිම් සංගීතයත් සිනමාපටයේ කථා

තේමාව සමඟින් අපූර්ව ලෙස ඒකාත්මික වීම ප්රේක්ෂකයන් හා සිනමාපටය

අතර හටගන්නා සියුම් සන්නිවේදනය වඩාත් ත්රීව කරන බව ප්රකාශ කිරීමට

කැමැත්තෙමි

 

ගීත රචකයන්, ගීත ගයන්නන් සහ සාංගීත අදයයක්ෂකවරයා අතර ඇති අන්යෝන් අවබෝධය

හා සුසංයෝගය උක්ත කාරණාවට මං සැලසූ බව සිනමාපටය අවදානයයන් රසවින්දනය කරන්නා වූ

කා හට වුවද යෙහෙන් වැටහී යනු ඇති බව සිතමි.

 

සංගීත අධ්යක්ෂණය | කසුන් කල්හාර

ගීත රචනය | මංජුල වෙඩිවර්ධන

ගීත ගායනය | කසුන් කල්හාර, කුෂානි සඳරේඛා, ශේන් සිංග්

නිෂ්පාදන ධූරාවලිය 

නිෂ්පාදනය | කෝකිලා විතානගේ, දුමින්ද පියරත්න

අධ්යක්ෂණය | ප්රදීප් ධර්මදාස

තිර රචනය | කළණ ගුණසේකර

කැමරා අධ්යක්ෂණය | චින්තක සෝමකීර්ති

කලා අධ්යක්ෂණය | රුවන් මලිත් පීරිස්

අංග රචනය | නාරද ධනංජි තොටගමුව

සංස්කරණය | රුක්මල් නිරෝෂ්

සටන් අධ්යක්ෂණය | සමන් ඔසඳ බණ්ඩාර

නර්තන වින්යාසය | අවන්ත ආටිගල

සහය අධ්යක්ෂණය | චාමර සේලාර

ශබ්ද පරිපාලනය | සුනන්ද මෙත්තසිං

වර්ණ සංයෝජනය | දිනිදු ජාගොඩ

නිෂ්පාදන කළමනාකරණය | ජීවම මනරම් කෝදාගොඩ

ශබ්ද සැලසුම්කරණය | තරුපති මුණසිංහ

මාධ්යය සම්බන්ධීකරණය | ඇන්ටන් ජේ. ප්රනාන්දු

"අයිස්ක්රීම්" සිනමාපටය තම කුළුඳුල් සිනමා අධ්යක්ෂණය බවට පත්කොට ගනිමින් පුරා දශකයන්

හතක් ඉක්මවූ හෙලවුඩ් සිනමා වංශකතාවේ අදියුරු භූමිකාවට පිළිපන් ප්රදීප් ධර්මදාස

නම් නිහතමානී සොඳුරු මිනිසා හට හෙලවුඩයේ දීප්තිමත් හෙටක් අපේක්ෂා කරන්නා වූ සුවහසක්

දේශීය හා විදේශීය සිනමාලෝලීන්ගේ මනදොළ පිනවීමටත් ඔවුන්ගේ බුද්දිය අවධි කිරීමටත් මතු

අනාගතයේදීද ඉඩ ප්රස්ථාව උදාවේවායි එක සිතින් පතන්නෙමු.

සැකසුම | හිරාන් ගමගේ

Home / 2025