25-April-15

Q20 with අමා - Ashan Kapugedara

දැනට වසර ගණනාවක් පුරාවට වැඩිම ප්රේක්ෂක පිරිසක් නරඹන රියැලිටි තරගාවලිය ලෙස ඔටුනු පැළදි හිරු ස්ටාර් ගායන තරු තරගය තුලින් ජනතා මනාප සජීවීව ලබමින් අවසන් මහා තරගාවලිය දක්වා ගමන් කල කන්ද උඩරටින් පැමිණ ගීතයෙන් ප්රේක්ෂක හදවත් ස්පර්ශ කල ලයාන්විත හඩ පෞර්ෂයකට හිමිකම් ලැබු අශාන් කපුගෙදර සමග මෙවර අපේ කතා බහ

1. ලගදීම හැබැ කර ගන්න බලාගෙන ඉන්න හීනයක්

ලොකු හීන නෑ. එකින් එක හැබෑ කරගන යන ගමන්

2. ඔබ නිතර අහන ගීත ලැයිස්තුවෙහි ප්‍රියතම ගීතයෙහි හිමිකරු

චන්දන ලියනආරච්චි

3. ගායන ශිල්පියෙකු වීම නිසා ඔබට ලැබුන වටිනාම තෑග්ගක්

ආදරණීය ප්රේක්ෂක පිරිසක්

4. ඔබ ගායන ශිල්පියෙකු නොවුනේ නම් කුමන වෘත්තියක යෙදෙයිද

ව්යාපාරිකයෙක්

5. කලා ක්ශේත්‍රයේ ඔබට මුණ ගැසුනු ප්‍රියතම චරිතයක්

නිරෝශා විරාජිනි මිස්

6. ප්‍රේක්ෂකයන් නොදන්නා ඔබේ සහජ හැකියාවක්

ගායන හැකියාවම තමා ගොඩක් අය දැනගෙන හිටියෙ නැති හැකියාව

7. ජිවිතයේ අමතක නොවනම දවසක්

හිරුස්ටාර් තරගාවලියේ අවසන් මහා තරගයට ටිකට් එක දිනාගත්ත දවස

8. නිවාඩු දවසට ඔබ බොහෝ විට කරන්නේ

යාලුවෝ එක්ක නිදහසේ ගත කරන එක

9. ඔබව වෙනස් කර ගන්න ඔබටම වරමක් ලැබුනොත් වෙනස් කර ගන්නා දෙයක්

මගේ අසනීප තත්වය

10. ඔබ ලග නිතරම තියා ගන්නා දෙයක්

දුරකතනය

11. ඔබ නිතර භාවිතා කරන සමාජ මාධ්‍ය අවකාශය

ෆේස්බුක්

12. යුග ගීතයක් ගායනා කරන්න ඇරයුමක් ලැබුනොත් ඔබ තෝරා ගන්නා ගායිකාව

ශෂිකා නිසංසලා මිස්

13. හිරු ස්ටාර් වේදිකාවේ අමතක නොවන මතකයක්

මගේ යාලුවා සමග එකට තරග කරන්නට වුණු දවස

14. රංගන දායකත්වය ලබා දෙන්නට ඔබට ආරාධනාවක් ලැබුනොත්

ඒකනම් කරන්න ටිකක් විතර අමාරු වෙයි

15. ඔබ අදින්න කැමති විදිය

සරල විදිහට

16. ඔබේ දින චර්යාවෙන් ශරිර සෞඛ්‍යයට වැදගත් යයි නම් කල හැකි දෙයක්

වෙලාවට කෑම කන එක

17. ඔබේ ප්‍රියතම ආහාර වර්ගයක්

පීට්සා

18. ඔබේ විනෝදාංශවලින් එකක්

යූ ටියුබ් වීඩියෝ නැරඹීම

19. අශාන් කපුගෙදරගේ අනාගත බලාපොරොත්තුවක්

ලංකාවේ ජනප්රියම ගායකයා වෙන එක

20. ඔබේ ප්‍රේක්ෂකයන්ට පණිවිඩයක්

හැමෝටම ආදරයෙන් ඉන්න

අමා නාකන්දලගේ

Home / 2025

25-April-14

අතිශයින්ම පිරිමින්ට පමණයි

ස්ත්රීපුරුෂ ජීව විද්යාත්මක වෙනස හා ශරීර රචනාත්මක ව්යුහයේ වෙනස්කම් වලට අනුව කාන්තාවන්ට හා පුරුෂයන්ට වෙන් වෙන් වශයෙන් ආවේණික වූ රෝග තත්ත්වයන් හටගනී.

 

පුරුෂ මෞත් ලිංගික පද්ධතිය ආශ්රිතව ඇතිවන පුරස්ථි ග්රන්ථයෙහි ප්රදාහය හා පුරස්ථි ග්රන්ථිය ආශ්රිතව ඇතිවන පිළිකා තත්ත්ව පිරිමින් අතර පමණක් දක්නට ලැබේ

ටෙස්ටොස්ටෙරෝන් හා ඇන්ඩ්රජන් යන පිරිමින් සඳහා විශේෂිත හෝර්මෝන ශ්රාවය කරන පුරස්ථි ග්රන්ථියෙහි ශරීර ව්යුහාත්මකව හෝ ක්රියාකාරීත්වයෙහි වෙනස්කම් ඇතිවීම හෝ ව්යුහාත්මකව හා ක්රියාකාරීත්වයෙහි යන දෙකෙහිම වෙනස්කම් හටගැනීම නිසා කායිකව මෙන්ම මානසිකව පීඩා ගෙන දෙන රෝග තත්ත්වයක් ලෙස මෙම රෝගය ප්රකට වේ.

 

මුත්රාශයට පහළින් මුත්රා මාර්ගය ආරම්භ වන ස්ථානයේ පිහිටා ඇති ග්රන්ථිමය අවයවය පුරස්ථි ග්රන්ථිය යි. මෙම ග්රන්ථයෙහි ඉදිමීම මුත් වාහිනිය මත පීඩනයක් ඇතිකිරීමත්, ඉදිමුම මගින් වාහිනී විවරය තද කිරීමත් නිසා මෞත් ලිංගික පද්ධතිය ආශ්රිතව විවිධ අපහසුතා ඇතිකරයි.

 

ආයුර්වේද වෛද් විද්යාත්මක සිද්ධාන්ත වලට අනුවසුශ්රැත සංහිතාග්රන්ථයෙහි සඳහන් පරිදි වසර පන්දහසකට පමණ පෙර කාලයේදී පවා මුත් රෝග විශ්ලේෂණාත්මකව විස්තර කර ඇත. අනුව මෙම පුරස්ථි ග්රන්ථිය ආශ්රිත රෝග තත්ත්වය (Prostate enlargement) ආයුර්වේද මූලග්රන්ථයන්හි සඳහන්වාතජ අශ්ඨිලාරෝග තත්ත්වය හා බොහෝදුරට සමපාත කළ හැක

 

මෙම රෝග අවස්ථාවට අනුමත ප්රතිකාර පද්ධතිය ඉහත සඳහන් රෝගී විශයෙහි ඉහළ ප්රතිඵල ලබා දේ. ආයුර්වේද වෛද් විද්යාත්මක ඉගැන්වීම් වලට අනුව සංහිතා ග්රන්ථයන්හි රෝග හේතූන්, පූර්ව රෝග ලක්ෂණ, ප්රධාන රෝග ලක්ෂණ, රෝග සංකූලතා, රෝගය සඳහා ප්රතිකාර හා රෝගය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළයුතු පිළිවෙත් විස්තරාත්මකව දක්වා ඇත.

එමනිසා රෝගය පිළිබඳ දැනුවත් වීම රෝගය වළක්වා ගැනීමටත්, ඉක්මන් ප්රතිකාර සඳහා යොමුවීමටත් අතිශය වැදගත් වේ.

 

රෝග හේතු :-

 

  • කාර්යය බහුල ජීවන රටාව
  • අධික ලෙස නිදි වැරීම
  • අහිතකර ආහාර රටාව
  • මත්පැන් හා දුම් පානය
  • කෝපි වැනි උත්තේජකර පාන වර්ග නිතර පානය කිරීම
  • ව්යායාම අඩුවීම
  • ඇතැම් ජානමය හේතු
  • මුත්රා පිටනොකර බොහෝ වේලාවක් දරා සිටීම (මුත් වේග ධාරණය)

 

ඉහත හේතූන් නිසා අපාන වාතයේ හා ශ්ලේෂක කඵ යන දෝෂයන් විකෘති වීමෙන් පසු පිත් දෝෂයේ අනුබන්ධතාවය නිසා රෝගය පහසුවෙන් හටගැනීම සිදුවේ.

 

Prostatitis, benign prostatic hyperplasia (BPH) යන රෝග තත්ත්වයන් මෙන්ම පුරස්ථි ග්රන්ථිය ආශ්රිතව ඇතිවන පිළිකා තත්ත්ව අද සමාජයේ මැදි වයස් ගත පිරිමි පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබේ

 

බටහිර වෛද් විද්යාවට අනුව වයස් ගත වීමත් සමඟම පිරිමින්ගේ ලිංගික හෝර්මෝනයන්හි සිදුවන වෙනස් වීම නිසා ග්රන්ථියෙහි ශරීර රචනාවේ හෝ ක්රියාකාරීත්වයේ සිදුවන වෙනස මෙම රෝගයට ප්රධාන හේතුව ලෙසට සැළකේ.

 

රෝග ලක්ෂණ 

 

නිතර නිතර මුත්රා පිටකිරීමේ අවශ්යතාවය පැවතීම 

හදිසියේ පාලනයකින් තොරව එකවර මුත්රා පිටකිරීමේ අවශ්යතාව ඇතිවීම

මුත්රා පිටකිරීමේදී දුර්වල මුත් ධාරාවක් පැවතීම හෝ මුත් ධාරාව කැඩි කැඩී පිටවීම

මුත්රා පිටකිරීම ආරම්භ කිරීමේදී ඇතිවන අධික අපහසුතාව 

මුත්රා පිටකල පසු නැවත පිටකිරීමේ අවශ්යතාවය ඇතිවීම හා නැවත බිංදු වශයෙන් මුත්රා පිටවීම

රාත්රියට වැඩි වාර ගණනක් මුත්රා පිටකිරීම සඳහා අවදි වීමට සිදුවීම

එදිනෙදා කාර්යයන්හි නිරතවීමට පවා බාධා වන අයුරින් නිතර නිතර මුත්රා පිටකිරීමේ අවශ්යතාවය පැවතීම

මුත් වේගය දරා සිටීමේ නොහැකියාව

ලිංගික ජීවිතය අඩාල වීම

මුත් මාර්ගය ආශ්රිතව දැවිල්ල හා වේදනාව

බඩ පුරවා දැමීම

මුත්රාශය තුළ රැස්ව පවතින මුත්රා සම්පූර්ණයෙන් පිටනොවීම හේතුවෙන් යම්කිසි මුත්රා ප්රමාණයක් නිතරම මුත්රාශයේ ඉතිරිව රැඳී පැවතීම හේතුවෙන් පසුකාලීනව මුත්රා ආසාදන ඇතිවීම

 

පුරස්ථි ග්රන්ථිය ආශ්රිත මෙම රෝග තත්ත්වයෙහි රෝග ලක්ෂණ බොහෝ විට හටගනු ලබන්නේ වයස අවුරුදු 40-45 පමණ ඉක්මවූ පිරිමින් හට වුවද ඇතැම් රෝගීන්ට රෝග ලක්ෂණ පහළ නොවන අවස්ථාවන් දක්නට ලැබේ

එවැනි අවස්ථා වලදී, බොහෝවිට වෙනත් රෝගයකට සිදු කරන ලද වෛකෘත පරීක්ෂණ වාර්තා වලට පසුව මෙම රෝග තත්ත්වය හඳුනා ගන්නා අවස්ථාවන් දක්නට ලැබේ

ඇතැම් රෝගීන්ට ඉහත සඳහන් රෝග ලක්ෂණ කිහිපයක් හෝ සියල්ලම එකවිට දක්නට ලැබෙන අවස්ථාවන්ද බහුලව පවතී. තවද, මුලදී සුළු රෝග ලක්ෂණ පෙන්වමින් පැවතියද, දීර්ඝ කාලයක් ප්රතිකාර නොගෙන සිටීම හේතුවෙන් බරපතල රෝගී තත්ත්වයක් ලෙස වර්ධනය වීමේ හැකියාව පවතින රෝග අවස්ථාවකි.

ආයුර්වේද ප්රතිකාරයේදී මුත්රා පිටකිරීම පහසු කිරීමත්, පුරස්ථි ග්රන්ථියෙහි ඉදිමුම් තත්ත්වය අඩු කිරීම හා නීරෝගී බව නැවත ලබා දීමත් සිදුකෙරේ.

 

සඳහා රෝග හේතු සාධක බැහැර කිරීමත්, හිතකර ආහාර, විහරණ වලට යොමුවීමත්, ශාරීරික හා මානසික දෝෂ ප්රශස්ත මට්ටමෙන් පවත්වා ගැනීමත් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වේ

රෝග තත්ත්වය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම සඳහා මුත් පරීක්ෂණ, රුධිර පරීක්ෂණ හා ස්කෑන් පරීක්ෂණ භාවිතා කරන අතර පිළිකා රෝගයක් නොවන බවට තහවුරු කරගැනීමට Prostate specific antigen test (PSA), biopsy, cystoscopy, MRI පරීක්ෂණ පවා වෛද් වරු විසින් රෝගීන් වෙත නිර්දේශ කරනු ලැබේ.

 

රෝගය හට ගැනීමේ ප්රවණතාව සහිත පුද්ගලයන් ලෙස සක්රීයව ඇඟ වෙහෙසෙන රැකියාවල නොයෙදෙන්නන්, තරබාරු පුරුෂයන්, තීන්ත වර්ග ආශ්රිත රසායනික කර්මාන්ත ශාලාවල රැකියාවේ යෙදෙන්නන්, සමාජ රෝග පවතින පුද්ගලයන්, අවුරුදු 40-45 ඉක්මවූ පිරිමි පුද්ගලයන් හැඳින්විය හැකිය.

 

ආයුර්වේද වෛද් චිකිත්සාවේදී බාහිර හා අභ්යන්තර චිකිත්සා ක්රම අනුගමනය කර ප්රතිකාර කරනු ලැබේ.

අභ්යන්තර ප්රතිකාරයේදී සුවිශේෂී කෂාය වර්ග, ගුලි, කල්ක, චූර්ණ ලබාදීමත්, බාහිර ප්රතිකාර ලෙස ස්වේද ප්රතිකාර සිදු කිරීමත්, පංචකර්ම ප්රතිකාර ලෙස ඖෂධීය තෙල් මඟින් වස්ති ප්රතිකාර හා ශිරෝධාරා ප්රතිකාර කිරීමත් පුරස්ථි ග්රන්ථිය ආශ්රිත රෝග තත්ත්වයන් සඳහා සාර්ථක ප්රතිඵල ලබා දේ.

 

හීන් නෙරෙංචි, කොබෝනීල වැනි ශාකමය ඖෂධ තම්බා පානය කිරීමත් අශ්වගන්ධ, චන්ද්රප්රභා, කාංචනාර ගිග්ගුලු වැනි ආයුර්වේද ඖෂධ, වෛද් නිර්දේශ මත ලබා ගැනීමත් සිදුකළ හැක.

 

හිතකර පුරුදු – 

කෙඳි සහිත එළවළු හා පලතුරු ආහාරයට වැඩි වශයෙන් එක් කර ගැනීම

දේශීය ධාන් වර්ග ආහාරයට ගැනීම 

ඇවිදීම, පිහිනීම වැනි ව්යායාමයන්හි නිරත වීම

යෝගා අභ්යාස, භාවනා ක්රම සඳහා යොමු වීම 

කාලය කළමණාකරණය නිසිලෙස සිදු කර ගනිමින් මානසික ආතතිය හැකිතාක් අවම කර ගැනීම 

ජලය පානය කිරීම ප්රමාණවත් තරම් සිදු කිරීම

 

පුද්ගල ප්රකෘතිය හා දෝෂ විෂමතාව සලකා බලා ආයුර්වේද සිද්ධාන්ත මත පදනම්ව සිදු කරන චිකිත්සා පද්ධතියක් මඟින් පුරස්ථි ග්රන්ථිය ආශ්රිත ඉදිමීම හා මුත් ව්යුහාව ආශ්රිත රෝග තත්ත්වය සඳහා සාර්ථක ප්රතිකාර ආයුර්වේද වෛද් විද්යාව සතුවන බැවින් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්යවරයෙක් වෙතගොස් ප්රතිකාර ලබා ගැනීමෙන් රෝගය පහසුවෙන් සුව කරගැනීමේ හැකියාව පවතී.

 

ආයුර්වේද වෛද් නාලිකා හංසිනී ජයතිලක 

BAMS -Colombo (SL)

Home / 2025

25-April-13

හරිත බක්මහා උළෙල

ප්රථම වතාවට Travel මේනියා සංසදය සමගින් ශ්රි ලාංකීය සංචාරක හදවත් එකමුතුවෙන් සංවිධානය කරනු ලැබු හරිත බක් මහ උළෙලට ඔන්න අපි Magazine එකත් එක්ක මටත් සහාබාගි වෙන්න අවස්ථාව ලැබුණා… 
ඉතිං මෙි අවස්ථාව මට ලැබුනේ මාස කීපයකට කලින් ට්රැවල් මෙිනියා සංසදයේ නිර්මාතෘවරයා වන කසුන් වාද්දුවගේ මල්ලිගේ ආරාධනාවත් එක්ක..

සංචාරක හදවත් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබු හරිත බක්මහ උළෙල 2025 අප්රේල් මස 06 වන දින හොරණ පොකුණුවිට ජනසෙත ක්රීඩාංගනයේදී පැවත්වුවෙි කොළපාට හදවත් බොහොමයකගේ සිත් සතුටු කරමින්විවිද ජන ක්රිඩා වගේම විවිදවු විචිත් අංගයන්ගෙන් සමන්විතවු මෙි බක්මහා උළෙල සංවිදානය කරන්න සංවිදායක මන්ඩලේ සියල්ලන්ම තමන්ගේ කාලය ශ්රමය වැය කලේ ඉතාමත් සතුටින්මෙි මොහොතේ මමත් ස්තුති වන්ත වෙනවා සංවිදායක මන්ඩලයේ සමාජික සමාජිකාවන් සියළු දෙනාට මට දැක්වු සුහදතාවයට… 
වගේම අපි Magazine අපි ආශිර්වාද කරනවා ලබන වසරේත් ඔවුන්ට මෙි සුන්දර කර්තව්යය කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා කියලා හදවතින්ම

අපි Magazine වෙනුවෙන් මම නිසංසලා රණසිංහ  

Home / 2025

25-April-10

සුදු වෙන ආලේපන ඉතාමත්ම අනතුරුදායකයි.

සුදු වෙන ආලේපන ඉතාමත්ම අනතුරුදායකයි.

The dangers of skin lightening products

Skin whitening එහෙමත් නැත්නම් හම සුදු කිරීම අද ගැහැනු, පිරිමි භේදයකින් තොරව ඇබ්බැහි වී ඇති ඉතාමත්ම භයානක ක්රියාවලියක්. විවිධ මාද් තුලින් කරන අසත් දිරිගැන්වීම් තුලින් අපි අපේම ඡීවිත ඉක්මනින්ම විනාශ කරගැනීමට පෙලබවීමක් මේ තුලින් සිදු වෙන බව රහසක් නෙමෙයි.
මෙම ආලේපන වල අඩංගු රසායනික කාරයන්,
MERCURY
HYDROQUINONE
STEROIDS
මෙම රසායනිකයන් ශරීරයට ඉතාමත්ම අහිකර වගේම අධිමාත්රා වලිනි භාවිතා කිරීමෙන් මරනය පවා ලගාවීමේ සම්භාවිතය වැඩි බව ඹබ දන්නවාද?
MERCURY සහ HYDROQUINONE මෙම ආලේපන තුල අඩංගු බව නිෂ්පාදකයන් ප්රකාශ කිරීමෙන් වැලකී සිටීම ඹවුන් පාරිභෝගිකයන් මුලා කිරීමට යොදාගන්නා උපෙව්ගක්, නමුත් ඹබ භාවිතයට ගන්නා සියලුම සම සුදු කිරීමේ ආලේපන තුල මෙම විශ සහිත රසායනයන් අඩංගුයි.
mercury or hydroquinone is not declared on the product label. There have been cases in which people exposed to such products have had mercury poisoning or elevated levels of mercury in their bodies. Additionally, FDA has received reports of serious side effects including skin rashes, facial swelling, and ochronosis (discoloration of skin) from the use of skin lightening products containing hydroquinone.
Whitening creams can cause various side effects, including skin irritation, itching, acne, and in some cases, more serious issues like skin thinning, increased risk of skin cancer, and even mercury poisoning if containing mercury .
විශේෂයෙන්ම දේශීය වශයෙන් කිසිම ප්රමිතිකරණයකට යටත් නොවී ලංකාව තුල නිපදවෙන මෙම ආලේපන වෙලදපොලට යොමු කිරීමට පෙර සුදුසු ලෙස පරීක්ෂණයට යෙමු කිරීමට බලදරයන්ගේ සම්පුර්ණ වගකීම විය යුතුමයි.

 

Dilanthi liyanarachchi
Aesthetic practitioner

Serenity body clinic

Home / 2025

25-April-09

දරුවන් හදන එක පස්සට දාන එංගලන්තයේ අම්මලා

දරුවන් හදන එක පස්සට දාන එංගලන්තයේ අම්මලා.

එක්සත් රාජධානියේ ජාතික සංඛ්යාලේන කාර්ය්යාලයේ දත්ත වලට අනුව එංගලන්තයේ සහ වේල්ස් හී කාන්තාවන් දරුවන් ලැබීම දිගින් දිගටම ප්රමාද කරන බව සොයාගෙන තිබේ. එම හේතුවෙන්ම පෙර පරම්පරාවල් වලට වඩා කුඩා පවුල් වලට ඔවුන් හිමිකම් කියන බවයි එම දත්ත වාර්ථා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සංඛ්යාලේන කාර්ය්යාලයේ පෙරයීම් අනුව 2025 වසරේදී 18 විය සපුරණ තරුණියකට වයස 35 වන විට ඇයට එක දරුවෙකු පමණක් සිටීමේ බොහෝ ඉඩකඩක් ඇති බව ඔවුන් ප්රකාශ කරයි. නමුත් එම කාන්තාවන්ගේ මව්වරුන්ගේ පරම්පරාවේ සාමාන්යක් ලෙස ගත්කල කාන්තාවකට වයස 31 ක් වන විට එක දරුවෙකු සිට ඇත.

එංගලන්තයේ සහ වේල්ස් හී තරුණ පරම්පරාවේ කාන්තාවන් දරුවන් හැදීම පිළිබදව තවදුරටත් විස්තර කරන සංඛ්යාලේඛන කාර්ය්යාලය වර්ථමාන පරම්පරාවේ කාන්තාවන්ට සිය ජීවිත කාලය තුල දරුවන් 1.52 ක් ක් සිටිනු අඅති බව ප්රකාශ කරයි. එහෙත් ඔවුන්ගේ මව්වරුන්ගේ පරම්පරාවේ කාන්තාවන්ට සාමාන්යයක් ලෙස දරුවන් 1.95 ක් සිටි බවත් ඔවුන්ගේ ආත්තම්මලාගේ පරම්පරාවේ කාන්තාවන්ට දරුවන් 2.04 සිටි බවත් සදහන් කරයි.

මෙම සමීක්ෂණය සදහා පරම්පරා තුනක දත්ත යොදාගෙන ඇති අතර 1978 වසරේ උපන් කාන්තාවන්, 1951 වසරේ උපන් කාන්තාවන් සහ 2007 වසරේ උපන් එනම් 2025 වසරේදී වයස 18 සපිරෙන තරුණියන් යොදාගෙන ඇත. අනුව මෙරට කාන්තාවන් දිගින් දිගටම දරුවන් හැදීම කල් දමන බවත් පෙර පරම්පරා දෙකේදී පිළිවෙලින් වයස 26 වන විට එක් දරුවෙකුත් , වයස 31 දී එක දරුවෙකුත් සිට ඇත. එම පුරෝකථනයන්ම සදහන් කරන ආකාරයට 2025 වසරේ උපත ලබන කාන්තාවකට ප්රථම දරුවා ලැබීම වයස 36 දක්වා පසුපසට යනු ඇති.

 

 තිලාන් ජයසේකර 

Home / 2025

25-April-08

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දූෂණය පිළිබඳ නීතිය ප්‍රමාණවත් තරම් ශක්තිමත්ද

ශ්රී ලංකාවේ ස්ත්රී දූෂණය පිළිබඳ නීතිය ප්රමාණවත් තරම් ශක්තිමත්ද?

 

මෙම දිනවල ලංකාවේ වැඩි වශයෙන් කතාවෙන මාතෘකාවක් ලෙස මෙය දැක්විය හැකිය. ස්ත්රී දූෂණය යනු ශ්රී ලංකාවේ සිදුවන බරපතලම අපරාධවලින් එකක් වන අතර එය බොහෝ කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ ජීවිතවලට බලපායි. නීතියෙන් වැරදිකරුවන්ට දඬුවම් ලබා දී ඇත, නමුත් බොහෝ අය තවමත් ප්රශ්න කරන්නේ නීති පද්ධතිය වින්දිතයින් ආරක්ෂා කිරීමට සහ යුක්තිය ඉටු කිරීමට තරම් ශක්තිමත්ද යන්නයි. ශ්රී ලංකාවේ ස්ත්රී දූෂණය සම්බන්ධයෙන් පැහැදිලි නීතිමය විධිවිධාන තිබුණද, ක්රියාත්මක කිරීමේදී සැලකිය යුතු අභියෝග, යුක්තියේ ප්රමාදයන් සහ බොහෝ වින්දිතයින්ට නිසි ආරක්ෂාවක් නොමැතිව ඉතිරි කරන හිඩැස් තිබේ.

 

ශ්රී ලංකාවේ, දණ්ඩ නීති සංග්රහයේ 363 වගන්තිය යටතේ ස්ත්රී දූෂණය අර්ථ දක්වා ඇත්තේ කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගය ලෙස හෝ බලහත්කාරයෙන්, තර්ජනය කිරීමෙන් හෝ රැවටීමෙන් කැමැත්ත ලබා ගැනීම ලෙස . වින්දිතයා වයස අවුරුදු 16 අඩු නම්, එය ව්යවස්ථාපිත ස්ත්රී දූෂණයක් (Statutory Rape) ලෙස සලකනු ලැබේ, එනම් ගැහැණු ළමයා එකඟ වුවද, එම ක්රියාව තවමත් නීති විරෝධී . ස්ත්රී දූෂණය සඳහා දඬුවමට අවම වශයෙන් අවුරුදු 7 සිර දඬුවමක් සහ උපරිම වශයෙන් අවුරුදු 20 සිර දඬුවමක් සහ වින්දිතයාට දඩයක් හෝ වන්දි ගෙවීමක් ඇතුළත් වේ. කෙසේ වෙතත්, බොහෝ නීති විශේෂඥයින් සහ ක්රියාකාරීන් විශ්වාස කරන්නේ මෙම දඬුවම් සෑම විටම වැරදිකරුවන් වැළැක්වීමට හෝ දිවි ගලවා ගත් අයට යුක්තිය සහතික කිරීමට ප්රමාණවත් නොවන බවයි.

 

මෙම නීති පැවතුනද, යුක්තිය පතා යාමේදී වින්දිතයින් බොහෝ බාධක වලට මුහුණ දෙයි. විශාලතම ගැටළුවක් වන්නේ නීතිමය ක්රියාමාර්ග ප්රමාද වීමයි. අධිකරණ නඩු අවසන් වීමට වසර ගණනාවක් ගත විය හැකි අතර, එමඟින් වින්දිතයින්ට නැවත නැවතත් ඔවුන්ගේ කම්පනය අත්විඳීමට සිදුවන දැඩි දුක් වේදනා ඇති වේ. තවත් ගැටළුවක් වන්නේ දුර්වල පරීක්ෂණ වන අතර, එහිදී තීරණාත්මක සාක්ෂි නිසි ලෙස රැස් නොකිරීම නිසා අධිකරණයේ දුර්වල නඩු විභාගවලට මග පාදයි. බොහෝ වින්දිතයින් තම පවුල්වලින් හෝ ප්රජාවන්ගෙන් ලැබෙන සමාජ අපකීර්තියට සහ පීඩනයට බිය වන අතර එමඟින් අපරාධය වාර්තා කිරීමෙන් ඔවුන් අධෛර්යමත් වේ. ඊට අමතරව, ශ්රී ලංකාවේ විවාහ දූෂණය හඳුනාගෙන නොමැත, එනම් ස්වාමිපුරුෂයෙකුට තම බිරිඳට වයස අවුරුදු 12 අඩු නම් මිස කිසිදු නීතිමය ප්රතිවිපාකයකින් තොරව තමා මතට බල කළ හැකිය. මෙම නීතිමය හිඩැස බොහෝ කාන්තාවන් විවාහය තුළ ලිංගික හිංසනයෙන් අනාරක්ෂිත කරයි.

තවත් ප්රධාන කරුණක් වන්නේ වරදකරුවන් බවට පත් කිරීමේ අනුපාතය අඩු වීමයි. නඩු උසාවියට ගියත්, සාක්ෂි නොමැතිකම, නීතිමය හිඩැස් හෝ සමාජ බලපෑම හේතුවෙන් බොහෝ දූෂකයින් දඬුවම් වලින් බේරී සිටිති. දිවි ගලවා ගත් අය බොහෝ විට ද්විතීයික වින්දිතයින්ට මුහුණ දෙන අතර, එහිදී නීතිමය කටයුතු අතරතුර ඔවුන්ට දොස් පැවරීම හෝ අසාධාරණ ලෙස සැලකීම සිදු වේ. මෙය බොහෝ දෙනෙකු යුක්තිය සෙවීමෙන් අධෛර්යමත් කරන අතර, අපරාධකරුවන්ට බියෙන් තොරව ඔවුන්ගේ අපරාධ දිගටම කරගෙන යාමට ඉඩ සලසයි. උපදේශනය සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව වැනි වින්දිත සහාය සේවා නොමැතිකම පද්ධතිය තවදුරටත් දුර්වල කරන අතර, දිවි ගලවා ගත් අයට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීම දුෂ්කර කරයි.

 

ශ්රී ලංකාවේ දූෂණයට එරෙහිව නීති තිබුණත්, ඒවා ශක්තිමත් කළ යුතු බව බොහෝ දෙනා විශ්වාස කරති. විවාහක දූෂණය අපරාධයක් ලෙස හඳුනා ගැනීම, විවාහක කාන්තාවන් ලිංගික හිංසනයෙන් ආරක්ෂා වන බව සහතික කිරීම එක් වැදගත් ප්රතිසංස්කරණයකි. ස්ත්රී දූෂණ නඩු සඳහා විශේෂ කඩිනම් අධිකරණ හඳුන්වා දීමෙන් අධිකරණ නඩු වේගවත් කිරීම වින්දිතයින්ට ඉක්මනින් යුක්තිය ලබා ගැනීමට උපකාරී වේ. ආරක්ෂිත නවාතැන්, මනෝවිද්යාත්මක උපදේශනය සහ නීති ආධාර ඇතුළුව වඩා හොඳ වින්දිත ආරක්ෂාව, දිවි ගලවා ගත් තවත් බොහෝ දෙනෙකු ඉදිරියට පැමිණීමට දිරිගන්වනු ඇත. අවම දඬුවම වැඩි කිරීම වැනි වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබා දීම, ස්ත්රී දූෂණයට එරෙහිව ශක්තිමත් වැළැක්වීමක් ලෙස ක්රියා කළ හැකිය.

ස්ත්රී දූෂණය යනු ජීවිත විනාශ කරන බරපතල අපරාධයක් වන අතර, ශ්රී ලංකාවේ නීති පද්ධතිය වින්දිතයින් ආරක්ෂා කිරීමට සහ යුක්තිය සහතික කිරීමට වැඩි යමක් කළ යුතුය. නීතිය දඬුවම් ලබා දෙන අතර, ප්රමාදයන්, අපකීර්තිය සහ නීතිමය හිඩැස් එහි කාර්යක්ෂමතාව දුර්වල කරයි. ස්ත්රී දූෂණ නීති ශක්තිමත් කිරීම, නීතිමය ක්රියා පටිපාටි වැඩිදියුණු කිරීම සහ වින්දිතයින් සඳහා වඩා හොඳ සහයෝගයක් ලබා දීම කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ආරක්ෂිත සමාජයක් නිර්මාණය කිරීමට උපකාරී වේ. සැබෑ වෙනසකට නීති ප්රතිසංස්කරණ පමණක් නොව, වින්දිතයින්ට සවන් දීම, ආරක්ෂා කිරීම සහ ඔවුන්ට ලැබිය යුතු යුක්තිය ලබා දීම සහතික කිරීම සඳහා සමාජ ආකල්පවල වෙනසක් අවශ් වේ.

 

පවිත්රා රණතුංග

Home / 2025

25-April-07

World අවුරුදු කුමරා කුමරිය

World අවුරුදු කුමරා කුමරිය තරගාවලිය ගැන ඔබ දකින විදිය.

ගොඩක් වටිනා වැඩ සාටහනක් මොකද මේක ලෝකයේ රටවල් ගණනාවක් එකතුව කරන සහ අපේ රටේ සංස්කෘතිය ලෝකෙට ගෙනියන වැඩ පිලිවෙලක් 

 

World අවුරුදු කුමරා කුමරිය තරගාවලියේ එංගලන්තයේ සූදානම කොහොමද 

මේ වන විට අවශ් කරන මූලික වැඩ කටයුතු අවසන් දැන් තියෙන්නේ තරුණ තරුණියන් බඳවා ගැනීමේ කටයුතු. අපි බලාපොරොත්තු වෙනවා මුලු එක්සත් රාජධානියේ අස්සක් මුල්ලක් නෑර සිටින සියලුම ශ්රී ලාංකික සුන්දර සහ දක්ෂ දරු දැරියන් ලෝකයට යන්නට දොර කවුලු විවර කර දෙන්නට වගේම අපේ සංස්කෘතිය ලොකෙට කියාපාන්නට. මොකද අපට තියෙනවා ලෝකයේ ගොඩක් රටවල නැති සංස්කෘතික උරුමයන්.

 

ලැබෙන ප්රතිචාර කොහොමද

ගොඩක් හොඳ ඉහළ ප්රතිචාර තියෙනවා . මං විශ්වාස කරනවා මෙය මෙතෙක් එංගලන්තයේ නොදැකපු සහ නොලබපු විශිෂ්ට අත්දැකීමක් බවට පත්වේවි කියලා

 

තරගයට සහභාගි වෙන්න කියලා ඔයාගෙම වචනෙන් කිව්වොත්

මට කියන්න තියෙන්නේ ප්රමාද නොකර ඉක්මනින් ඔබගේ අයදුම්පත් අපට එවන්න කියලා. මොකද අපිට මේ වනවිට සෑහෙන අයදුම්පත් ලැබෙමින් පවතිනවා. ඔබගේ අවස්ථාව මගහැර ගන්න එපා. වගේම තරුණ දරුවන් සිටින දෙමව්පියන් පුළුවන් තමන්ගේ දරුවන් දිරිමත් කරලා මෙයට ඉදිරිපත් කරන්න මොකද මෙය ඔව්න්ට ලැබෙන මහගු අවස්ථාවක්

Wasanthi Gunarathna

(National Director UK)

 

එංගලන්තයේ පැවැත්වෙන World අවුරුදු කුමරා තරඟයේ ශ්රී ලංකාවේ national කෝඩිනිටර් වශයෙන්, මගේවගකීම විශාලයි

එංගලන්තයේ World අවුරුදු කුමරා තරඟයට සූදානම:

 

නියෝජනය සහ සංවිධානය:

 

ශ්රී ලංකාවේ නියෝජනය කිරීම සඳහා නිවැරදිව සූදානම් වීම.

 

තරඟයේ විවිධ අංග සහ ක්ෂේත් සූදානම් කිරීම (නිරූපණ, ඇසින්, පෙනුම, හා මනාප).

 

පුහුණුව:

 

තරඟයට සහභාගී වන කුමරියන්/කුමරයන්ට නිසි පුහුණුව ලබා දීම.

 

ශ්රී ලංකා සංස්කෘතිය සහ විලාසිතාව පිළිබඳ පුහුණුව.

 

අවශ් උපකරණ සහ කටයුතු:

 

කුමරියන්ට පිරිසිදු හා ලස්සන ආරම්භයක් ලබා දීමට අවශ් උපකරණ, විලාසිතා, සහ සැරසිලි සකස් කිරීම.

 

සවිකිරීමේදී සහ තරඟයේ පවතින ආරක්ෂාව.

 

සම්බන්ධතා හා සෙසු රටවල් සමඟ සම්බන්ධතාවය:

 

තරඟයේ ආයෝජකයන් සහ සහභාගී රටවල් සමඟ හොඳ සම්බන්ධතාව පවත්වා ගැනීම.

 

සංචාරක සහ සංස්කෘතික කටයුතු:

 

තරඟයේ පටන්ගත් පසු, නව සම්බන්ධතා සහ විදෙස් සංස්කෘතිය ගැන අවබෝධය ලබා ගනිමින්, ශ්රී ලංකාවේ සංග්රහණය.

 

මෙවැනි සූදානම් සමඟ, තරඟය අඛණ්ඩව සහ සාර්ථකව පැවැත්වීමේ හැකියාව  එංගලන්තය තුළ ඉහළයි.

 

ඉහළ ගෞරවය:

 

ශ්රී ලංකා කුමරියන් සහ කුමරයන්ගේ කුසලතා, විලාසිතා, සහ සංස්කෘතිය ලෝකයාට හැඩගැස්වීම.

 

මෙම තරඟයේ කුමරියන්ගේ නිර්මාණාත්මක හා සාර්ථකභාවය, එංගලන්තයේ සහ අන්තර්ජාතික ප්රේක්ෂකයන්ගෙන් විශාල ගෞරවයක් දිනාගැනීම.

මෙම තරඟය සම්බන්ධව, ඔබට මේ අනර්ඝ අවස්ථාව මග හැර ගත නොහැක. එය ඔබේ හැකියාවන් පෙන්වීමේ හා ජාත්යන්තර මට්ටමින් ශ්රී ලංකාව නියෝජනය කිරීමේ අසමසම අවස්ථාවක්!”

 

නුවන් ප්රසන්තත ප්රනාන්දු

(National cordinator)

 

රටින් බැහැරව ඉන්න අපි වාගේ අයවත් සහබාගි කරගෙන,

අපේ සංස්කෘතිය , අපේකම නොමැකි ඉදිරයට අරන් යන්න හදන සුදානම් විමක් ලෙස තමයි මම දකින්නෙ .

 

මමත් මගේ කාර්ය මන්ඩලයටත් පැවරිලා තියෙන්නෙ , අපේ දරැ දැරියන්ගෙ , පෙනුම , පිලිවෙල , සහ අංගනිරැපනය සම්බන්ධයෙන් කටයුතු කරන්න

ඉතින් අපි ගැන මේවන කොටත් පෙර සුදානමක් විමක ඉන්නෙ

 

ඔව් ගැන ඇත්තටම මට පෟද්ගලිකව  ලැබෙන ප්රතිචාරය ඉතාමත් සතුටුයි , මොකද මට පෟද්ගලිකව දරැවන්ගෙ අම්මලා , තාත්තලා පවා කතාකරා  ගැන වැඩි විස්තර දැනගන්න  . අය හරිම ආසාවෙන් ඉන්නෙ දරැවන්ව මේ දෙයට යොමු කරන්න

 

හරි මම දෙයට මේ වගේ උත්තයක් දෙන්නම්

මේ event එක ඇත්තටම new year kumariya kumara විදිහට සිදුවන එක්තරා ආකාරයක pageant එකක් .මේක ලංකාවේ modelling, pageant field වල ඉන්න අයගෙ ප්රදාන මැදිහත් විමකින් සිදුවන්නෙ .

මේක world wide , අපේ අය celebrate කරනවා ,මෙතනින් එක් අයෙක් හෝ දෙදෙනෙක් විතරක්ම නෙවෙයි , සහභාගි වන අනෙක් අයටත් opportunities ලැබෙනවා, කිහිපයක් සඳහන් කලොත් ,modelling , acting , photoshoots ,working on magazines , etc …..

ඔන්න ඔය හේතුව මත මේකට සහභාගි වෙන්න කියල මට කියන්න පුලුවන් .

Roshini Sulochana

(Beauty Care Partner)

 

World අවුරුදු කුමරා කුමරිය UK කියන්නෙ ඉතාමත්ම හොද වැඩක්. පිටරට ඉන්න සහ පිට රටවල් වල ඉපදුන දුවා දරුවන්ට මේ වගේ දෙයක් හරි කලාතුරකින් ලැබෙන්නෙ. අපි මේකෙ බලන්නෙ වෙනම පැතිකඩක්. පංච කල්යාණ, කඩවසම් තරුණයා වගෙ ඒගොල්ලන්ගෙ හැකියාවන්. වක්රාකාරව අපේ රටේ සංස්කෘතිය ගැන උරුමය විදේශිකයන්ට පෙන්නන්න හොද අවස්තාවක්.

 

ලැබෙන ප්රතිචාර නම් ඉතා ඉහලයි. ගොඩක් අය ඉතාම කැමැත්තෙන් මේකට සහභාගි වෙනව. මට පෞද්ගලිකවම ගොඩක් අය කතා කරලා අහනවා. තවත් ගොඩක් අය අපිත් එක්ක සම්බන්ද වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. තරගයට සහභාගි වෙන්න කියලා මගේම වචනෙන් කියනවානම් සිංහල දෙමල මුස්ලිම් බර්ග හැමෝරම මේකට සහභාගි වෙන්න කියලා කියනවා. කාලෙකට පස්සෙ අපේ රට ගැන ලෝකයටම කියන්න හොද අවස්තවාක් වගේම වෙනස්ම අත්දැකීමක්. අපේ ඉල්ලුම් කරන්න පුලුවන් ලින්ක් එක අපි දැනටමත් ප්රචාරය කරලා තියෙන්නෙ. අනික් අයටත් මේ ගැන කියලා මේ වැඩේට එකතුකරගන්න

 

ඉතින් ගයාන් කරුණාරත්න වගේ මාද්යවේදියෙක් සහභාගිත්වයෙන් මේවිදියට කරගෙන යන එක ගැන අපි ගොඩාක්ම ස්තුති වන්ත වෙනවා.

San Dias

(Official Photographer)

ලොව පුරා විසිරී සිටින ශ්රී ලාංකිකයින්ගේ හදවත් තුල ශ්රී ලාංකේය අභිමානය සදා රැකගනු වස්, අනාගත පරපුර වෙත ඒවා දායාද කරනු වස්, සම්ප්රදාය හා සංකෘතිය පෙරදැරි කොට ගෙන, දැනුම විනෝදය හා ප්රවෘති සපයන සුවිශේෂී ටෙලිවිෂන් නාලිකාවක ආරම්භයක් ලෙස UK Lanka tv සඳහන්  කරනෙමු

 

World අවුරුදු කුමරා කුමරිය වනාහි අපගේ සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ගම් නගර සිසාරා ලක්බිම වර්ණවත් කරන තරඟ ඉසව්ව කාලෝචිත අයුරින් අන්තර්ජාතිකයට රැගෙන යන්නනකි. ලොව සියළුම ශ්රී ලාංකික තරුණ තරුණියන්ට තම පංචකල්යාණිය, පෞරුෂත්වය, දක්ෂතා හා කුසලතා ඔපනංවා ගැනීමට මෙය මහගු පිටිවහලක් වනු අත

 

මෙහි මාධ් අනුග්රහය ලෙස අපි බෙහෙවින් සතුටු වෙමු! ඔබේ අනාගහ ජයග්රහණයන්ට සුභ පතමු!

 

Thilak Dharmarathne

(TV UK Lanka – Official Media Partner)

 

world අවුරුදු කුමර කුමරියෝ එක්සත් රාජධානියේ ජීවත් වන ශ්රී ලාංකීය තරුණ තරුණියන්ට ලැබෙන විශේෂ අවස්ථාවක්.මෙයින්  අපේ ශ්රී ලාංකීය අනන්යතාවය,අපේ රටටම ආවේණික වූ ඇඳුම් විලාසිතාවන්,සහ අපේ සාම්ප්රදායික නර්තනයන් මුළු ලෝකයටම ගෙනියන්න කදිම අවස්ථාවක්. වගේම මේ ශ්රීලාංකික සිංහල දෙමළ ජනතාවට ආවේනික වූ අලුත් අවුරුදු උත්සවයකින්  පැවත එන තරගය මුළු ලෝකයටම ගෙනියන අවස්ථාවේ  අපගේ ජාතීන්ගේ  සමගිය වර්ධනය කර ගැනීමටත් එක්සත් රාජධානියේ සිංහල දමිළ තරුණ තරුණියන්ට මෙය හොඳ අවස්ථාවකි

 නිරo  ගුණසේකර

(Dancing  Coordinator)



Home / 2025

25-April-06

BVS Mortgages and financial Services

BVS Mortgages and financial Services – එංගලන්තයේ නිවාස සිහිනය සැබෑ කරන ලාංකික සන්නාමය.

එංගලන්තයේ ජීවත් වන අපි හැමගේම බලාපොරොත්තුව නිවසක් තමන්ටම කියලා මිලදී ගන්න එක. ජීවිතේ වැඩි කාලයක් කුලී පදනම මත නිවාස වලට වෙලා කාලය ගත කරනකොට තියෙන අපහසුකම් වචනයෙන් විස්තර කරන්න ඕන නෑ. එංගලන්තයේ ජීවත්වෙන ලංකාවේ අපි ගොඩක් වෙලාවට හිතනවා ගෙයක් තමන්ටම කියල ගන්න එක ගොඩක් අමාරු වැඩක් කියලා. ඇත්තටම නිවාසයක් ලබා ගැනීමට යන මාවත ටිකක නුහුරු අලුත් අත්දැකීමක් තමයි. හැබැයි පළපුරුදු උපදේෂණයක් එක්ක මේ ගමන ගියොත් ඔයාලට පුළුවන් වෙනවා තමන්ටම කියලා ගෙයක් ගන්න. විතරක් නෙවේ සදහා අඩිතාලම දමා ගන්න. අන්න වගේ පළපුරුදු උපදේෂණයක් ලබා ගන්න පුළුවන් විශ්වාසවන්ත ආයතනයක් තමයි  BVS Mortgages and Financial Services Ltd කියන්නේ.

මොකක්ද මේ BVS Mortgages and Financial Services Ltd  කියන්නේ.?

එංගලන්තයේ ජීවත්වන ඔබේ නිවාස සිහිනය යතාර්ථයක් කරන ලාංකීය සන්නාමය මොකක්ද කියල ඇහුවොත් ඔබට නිතැතින්ම අසෙන නාමය තමයි BVS Mortgages and Financial Services Ltd  කියන්නේ. අද වන විට ශ්රේණීගත කිරීම් වලින් ඉහලම ස්ථානයක වැජඹෙන BVS Mortgages,Trustpilot 5 star reviews 1600 කට වඩා ලබාගෙන ලංකික, ලාංකික නොවන සැමගේම අධික විශ්වාසයක් දිනාගෙන තිබෙනව.

විතරක් නෙවේ නිසාම ලන්ඩනයේ අංක එකේ Mortgage Broker  (Best London Mortgage Broker No 1) සමාගම බවට වාර්තාවක් තියන්න BVS Mortgages and Financial Services ආයතනයට හැකි වෙනවා . BVS team එක වෙනස් වෙනස් හැකියාවන්ගෙන් යුක්තයි. විශේෂයෙන්ම මේ සාමූහික වගකීම BVS Mortgage ආයතනයට කෙටි කාලයක් ඇතුලත මෙච්චර දුරක් එන්න ලොකු පිටුවහලක් උනා.


BVS Mortgages ආයතනයට ලාංකිකයින්ගෙන් ලැබෙන ප්රතිචාර මොනවගේද ?

ඉතාම විශිෂ්ට ප්රතිචාරයක් ලැබෙනවා.  ආයතනයේ ඉන්නේ ශ්රී ලාංකික උපදේශකවරු. කියන්නේ විශ්වසනීයත්වය අතින් අංක එකේ තියන්න පුලුවන්.  BVS Mortgages මුලින්ම ඉලක්ක ගත කලේ ශ්රී ලාංකිකයින්ව. වසර හයක් වගේ කාලයක් තුල මේ කණ්ඩායමෙන් සේවය ලැබූ කවුරුත් ආයතනයට ඉහල වටිනාකමක් ලබා දී තිබෙනවා. ඒක කොහොමද කියල ඔබටම බලාගන්න පුළුවන් BVS Mortgages සන්නාමය ඉදිරියේ ඔවුන් තබන සටහන්/reviews මත. BVS කණ්ඩායම නිතරම අලුත් දැනුම සොයා ගිහින් දැනුම ඔවුන්ගේ පාරිභෝගිකයෛන්ට ලබා දෙනවා. එංගලන්තයේ වත්මන් වෙලදපොල ප්රවණතා මොනවද, ඒවා තමන්ගේ  පාරිභෝගිකයින්ට ලබාදෙන්නේ කොහොමද, පාරිභෝගිකයින්ගේ ගැටලු වලට නිසි විසදුම් දෙන්නේ කොහොමද ..වගේ පුළුල් පරාසයක කටයුතු කරන අති දක්ෂයින් පිරිසක් BVS සේවක මඩුල්ලේ ඉන්නවා.

BVS ආයතනය ලාංකිකයින්ට  පමණක් සේවය දෙන්නේ ?

BVS Mortgages ලොකු පිම්මක නිරතවෙලා තමයි ලන්ඩනයෙන් අංක එකට එන්නේ. ඒක ඉහල කැපවීමකින් සහ විශ්වාසයකින් ආපු ගමනක්. මේ වනවිට BVS මුලු ලන්ඩනයේම විශ්වාසය දිනූ Mortgages & Protection ආයතනය  බවට පත්වෙලා ඉවරයි.

ශ්රී ලාංකිකයින් නොවන බොහෝ පිරිස BVS වෙත එන්නේ පෙරකී විශ්වාසයත් එක්ක. නිවසක් සොයාගෙන තමන් ලගට පැමිණෙන පුද්ගලයෙක්ට නිවාසය හිමිකරදීම වෙනුවෙන් කෙරෙන අවසාන ක්රියාවලිය දක්වාම බොහෝ විශ්වාසයකින්
ඔවුන් සමග කටයුතු කිරීම නිසා එංගලන්තයේ වෙනත් සමාගම් කෙරෙහි නැති විශ්වාසයක් ඔවුන්ට ලැබෙනවා. ඇත්තම කියනවනම් BVS Mortgages මුළු එංගලන්තයෙම ප්රචලිතයි කිව්වොත් නිවරදියි.


BVS Mortgages ආයතනය ලොකුම වත්කම ඔවුන්ගේ Team එකද ?

ඇත්තටම ඔව්. තරුන ජවය කියල කිව්වොත් හරි . යම් ආයතනයක් සේවය සලසනකොට ආයතනයට තමන්ගේ ගැනුම්කරුවන් ගැන හොද අවබෝධයක් තියෙන්න ඕන . එහෙම නැත්නම් එතන සාර්ථකත්වයක්  නෑ. මොකද විවිධ මට්ටමේ ගණුම්කරුවන්ට එක සමාන සේවයක සලසන්නත් හැකියාව තියෙන්න ඕන.BVS Mortgages ආයතනයේ  සේවක පිරිස උගත්, දක්ෂ මෙන්ම ඉවසීමෙන් ක්රියාවලියේ අවසානය දක්වා පාරිභෝගිකයින් වෙත සේවය සලසන පිරිසක්. ඔවුන්ගේ සේවා කාලය තුල හැකි සෑම අවස්ථාවක්ම තම සේවා දායකයාගේ ගැටළු වලට කන්දීමට කටයුතු කිරීම විශේෂයි. මොකද නිවසක් ගන්න ක්රියාවලිය හරිම පීඩනයකින් යුක්ත කාලයක්. පීඩනය නිසාම පාරිභෝගිකයින් පූර්ණ ලෙස විශ්වාසය තබන්නේ තමන්ගේ උපදේශකයා මත. ඉතින් BVS Team එක ඒක හොදින් අවබෝධ කරගෙන ඉන්නවා.

BVS Mortgages ආයතනය කොහොමද  තමන්ගේ සේවා ලාභීන්ට උසස් සේවයක් දෙන්නෙ ?

BVS Mortgages ආයතනයේ ලොකුම වත්කම තමයි ඔවුන්ගේ සේවා ලාභීන්.  ආයතනයේ සේවය ලබා ගන්නා පළවෙනි දවසෙ ඉදලා පියවරෙන් පියවර ඉදිරියටම ගිහින් නිවසේ යතුර අතට ගන්න මොහොත දක්වා සහ ඉන් පසුවත් BVS ඔවුන්ගේ ලගින් ඉන්නවා. අන්න නිසාම තමයි Trustpilot වගේ Platform එකක BVS Mortgages හැමදාම ඉදිරියෙන් ඉදිරියට යන්නේ. නිසාම තමයි මේ වෙනකන් සේවා ලාභීන් BVS වෙත excellent 5 start reviews පමණක්ම ලබා දීල තියෙන්නේ.


BVS Mortgages කියන්නේ Mortgages පමණක් ලබා දෙන ආයතනයක් ?

Residential Mortgages, BTL Mortgages,Commercial Mortgages, Remortgages වලට අමතරව BVS එක Protection service එකත් ලබදෙනවා.නිවසක් වෙනුවෙන්ම පමණක් නොවෙයි BVS Protection Service එක ඔබේ මුලු ජීවිත කාලයටම වැදගත් වන සේවා රැසකින් සමන්විතයි හරියට Mortgage protection Insurance ,Life & Critical Illness Insurance සහ Income Protection. අද එංගලන්තයේ මිත්යා පතුරුවන රක්ෂණාවරන වෙනුවට පළපුරුදු උපදේශකයකුගේ සේවාව ලබා ගෙන ඔබේ හෙට දවස සුරක්ෂිත කරගන්න BVS  කෙරෙහි විශ්වාසය තබන්න ඔබට පුළුවන්.


BVS Mortgages වසරක් පාසා සිදුකරන CSR Projects ගැන කිව්වොත්..

BVS ආරම්භයේ සිටම අප ශ්රී ලංකාවේ පාසල් දරුවන් ඉලක්ක කරගෙන සිදුකරන EDUCARE Foundation සමග එකතුවී පොත් ලබා දීමේ වැඩසටහන අඛන්ණ්ඩව අදටත් ක්රියාත්මක කෙරෙනවා . අපි මොන රටේ හිටියත්  BVS  කියන්නේ හදවතින්ම ශ්රී ලාංකික ආයතනයක්.

මේ වෙලාවේ RBC Race for the Kids – GOSH charity Marathon එක ගැනත් කියන්න ඕන. BVS Mortgages Great Ormond Street Hospital (GOSH), UK ළමා පිළිකා රෝහලට ආධාර පිනිස සිදුකෙරෙන වාර්ශික මැරතන් තරගයට එක්වුනේ පිළිකා රෝගයෙන් පෙලෙන පුංචි දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් හැකි පමණකින්  දායක වීමටයි.  

ඉතින් BVS  කියන්නේ එංගලන්තය තුල ශ්රී ලාංකිකයාගේ මෙන්ම ඕනෑම ජාතියක හදවතට කතා කල හැකි ආයතනයක්. අපේ සේවාව ලබා ගන්නා කවුරු හෝ අපේ වත්කම මිසක් අපේ ලාභය නොවෙයි. ඉතින් හෙට දවසේත් අපේ බලාපොරොත්තුව තව තවත් අතුපතර විහිදුවමින් අපේම අයට සෙවණක් වීම පමණයි

 

Home / 2025