2026-02-15

ශ්‍රී ලාංකේය සිනමාවේ නයිට් රයිඩර්ගෙන් නතාරි

ලාංකේය වෙළඳ දැන්වීම් නිර්මාන කර්මාන්තයේ සම්මානනීය අදියුරුවරයෙකු
වශයෙන්, ලාංකේය සිනමා කර්මාන්තයේ අද්විතීය තිර රචකයෙකු වශයෙන්,
අදියුරුවරයෙකු වශයෙන් මෙන්ම නිෂ්පාදකවරයෙකු වශයෙන් ද සිය
ප්‍රතිභාපූර්ණ නිර්මාන කෞශල්‍ය විදහාපාමින් සිටින වත්මන් ශ්‍රී ලාංකේය
සිනමාවේ සොඳුරු හිතුවක්කාරයා වන “කසුන් චන්ද්‍රනාත් පතිරණ” ගේ
ආධ්‍යාත්මය, වෘත්තීයත්වය සහ දේශපාලනික ආඛ්‍යානය මැනවින් පිළිපිඹු
කරන්නට දරණ වෑයමකි මේ.
Q). ඔබ පුද්ගලයෙකු වශයෙන් ඔබව දකින්න කැමති කොහොමද?
මම පුද්ගලයෙක් විදිහට මාව දකින්න කැමති ආකරය කාලානුරූපීව වෙනස්
වෙනවා. එක්තරා කාලයකදි මම මාව දකින්න කැමැත්තෙන් හිටියා සිනමාව
අධ්‍යයනය කරන්නෙක් හැටියට. තව කාලයකදි වෙළඳ දැන්වීම්
නිර්මාණකරුවෙකු විදිහට, ඊට පස්සෙ කාලෙදි මම මාව දකින්න කැමති උනේ
ආදරණීය පියෙකු විදිහට. ඒ වගේම වර්ථමානයෙ මම මාව දකින්න කැමති
සිනමාකරුවෙක් විදිහට.
Q). ඔබ ජීවිතය දකින්නේ කොහොමද?
මම ජීවිතය දකින්නෙ ගතවෙමින් පවතින එක මොහොතක් විදිහට. ඒ
කියන්නෙ වර්ථමානය. මම සාමාන්‍යයෙන් ගෙවුණු අතීතය ගැනවත් එළබෙන්න
නියමිත අනාගතය ගැනවත් හිතන්නෙ නෑ. ගතවෙන මොහොත සුන්දරව
අත්විඳීමයි මගේ උවමනාව. ඒ මොහොතේදී මට සතුට ළඟාකරවන දෙයක්
එක්ක මම ජීවත්වෙනවා.
Q). ඔබ කලාව නිර්වචනය කරගන්නේ කොහොමද?.
මගේ කියවීම අනුව කලාව කියන්නෙ කිසියම් නිර්මාණකරුවෙකුට ප්‍රකාශන
මාධ්‍යයක්. යම් කෙනෙකුට ඒක චිත්‍රයක් වෙන්න පුළුවන්, තවත් කෙනෙකුට
ඒක ස්වර රටාවක් වෙන්න පුළුවන්, නර්තනයක් වෙන්න පුළුවන්, එහෙමත්

නැත්තම් ඒක ගායනයක් වෙන්නත් පුළුවන්. වර්ථමානයේ පවතින ප්‍රභලතම
ප්‍රකාශන මාධ්‍යය සිනමාව කියලයි මම විශ්වාස කරන්නෙ. ඒ නිසා මගේ
ප්‍රකාශන මාධ්‍යය විදිහට මම තෝරාගත්තේ සිනමාව.
Q). ඔබේ වෘත්තීය ඉතිහාසය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරමු.
මගේ වෘත්තීය ජීවිතය ආරම්භ වෙන්නෙ සිනමාවට සම්බන්ධ වීමත් එක්කමයි.
සහය අදියුරුවරයෙක් වගේම නිෂ්පාදන කළමණාකරුවෙක් හැටියටත් සිනමා
කර්මාන්තයේ ප්‍රවීණ සිනමාකරුවන් ගණනාවකගේ ප්‍රශස්ථ සිනමා
නිර්මාණයන් කිහිපයකටම මම සම්බන්ධ උනා.

ඊට පසුව මම සම්බන්ධ වෙනවා වෙළඳ දැන්වීම් නිර්මාණකරණ
කර්මාන්තයට. එහිදී දශක දෙකකට නොඅඩු කාලයක් තිස්සෙ මම වෙළඳ
දැන්වීම් අදියුරුවරයෙකු හැටියට වෘත්තියේ නියලෙනවා. කාලය ගතවෙද්දි
වෙළඳ දැන්වීම් කර්මාන්තය පිළිබඳව මගේ තිබුණු උනන්දුව ක්‍රමයෙන් හීන
වෙනවා.
එහි ප්‍රතිඵලයක් විදිහට මම යළිත් සිනමා කර්මාන්තයට අවතීර්ණ වෙනවා.
වර්ථමානයේ මම පූර්ණ කාලීන සිනමා තිර රචකයෙකු, අදියුරුවරයෙකු සහ
නිෂ්පාදකයෙකු විදිහට නිර්මානකරණයේ නියලෙනවා.
ඊට අමතරව මෑත කාලයේ මම නව නිර්මාන කලාපයක් අධ්‍යයනය කරමින්
ඉන්නවා. ඒ තමයි විශේෂ දෘෂ්‍ය ප්‍රයෝගකරණය. ඉදිරියේදී තිරගත වීමට
නියමිත දැවැන්ත සිනමාපට රැසක විශේෂ දෘෂ්‍ය ප්‍රයෝගකරණය සිදූවුනේ
මගේ නිර්මාන කෞශල්‍යයෙන්.
Q). ඔබේ වෘත්තීය ජීවිතය තුළ ඔබ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳව
මතක්කරමු.
වෙළඳ දැන්වීම් නිර්මානකරණ කර්මාන්තයේ නියැලෙද්දී මගේ නිර්මාන
කෞශල්‍යය ජාතික හා අන්තර්ජාතික සම්මාන උළෙල කිහිපයකදීම ඇගයීමට
ලක්වෙලා තියෙනවා.

“එ. පී. ඒ. සී. ක්‍රිස්ටල්” සම්මාන උළෙලේදි, “මිඩාස්” සම්මාන උළෙලේදී,
“එපිකා” සම්මාන උළෙලේදී, “එෆී” සම්මාන උළෙලේදී සහ “සුමති” සම්මාන
උළෙල ඉන් ප්‍රදානයි.
ඊට අමතරව මම සහ ශ්‍රී නාත් චතුරංග තිර රචනය ලියපු, මම නිෂ්පාදනය
කරලා අධ්‍යක්ෂණය කරපු “නයිට් රයිඩර්” සිනමාපටයත් ජාතික හා
අන්තර්ජාතික සම්මාන උළෙල කිහිපයකදීම ඇගයීමට ලක්වෙලා තියෙනවා.
2024 වසරේ පැවැත්වුණු “ඕ. සී. අයි. සී. සිග්නීස්” සම්මාන රාත්‍රියේදී නයිට්
රයිඩර් සිනමාපටය ප්‍රමුඛ සම්මාන 16 කට නිර්දේශ උනා. ඒ වගේම ඉතාම
සතුටින් කිව යුතුයි මාධ්‍යයවේදිනියකගේ චරිතයට පණපොවපු “යුරේනි
නොෂිකා” පළමු වරට විශිෂ්ටතම රංගන ශිල්පිණිය ලෙස ඇගයීමට බඳුන්
උනා. ඒ වගේම කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ විශ්වජිත් කරුණාරත්නට
ජූරියේ විශේෂ සම්මානයක් ද හිමිඋනා.
මේ වසරේ පැවැත්වීමට නියමිත “චෙන්නායි අන්තර්ජතික චිත්‍රපට උළෙලටත්”
නයිට් රයිඩර් සිනමාපටය නිල නිර්දේශය ලබලා තියෙනවා. සිනමාපටය
තිරගත වෙලා වසර කිහිපයක් ගෙවීගියත් තවමත් ඇගයීම්වලට ලක්වීම
නිර්මානකරුවන් ලෙස අපව දිරිමත් කරවන කාරණයක්.
මගේ නිර්මාන වෑයම හරහා කිසියම් කෙනෙක් තමන්ගෙ ජීවිතයට එක්
සාරවත් කරුණක් හෝ උකහාගන්නවානම් එය තමයි මම ජයග්‍රහණයක්

හැටියට තක්සේරු කරන්නෙ සම්මාන උළෙලවලදි සිදුවෙන නිර්දේශ වීමකට
හෝ සම්මානයට පාත්‍ර වීමකට වඩා.
විශේෂයෙන්ම නයිට් රයිඩර් සිනමාපටය ජනගත කරවීම හරහා ලොව පුරා
විහිදුණු අතිවිශාල ලාංකේය තරුණ සිනමාලෝලීන් පිරිසක් මතුපිටින්
බැලූබැල්මට නොපෙනෙන අදූරදර්ශී මාධ්‍යය අවභාවිතාව පිළිබඳව ඛේදවාචී
යතාර්ථය අවබෝධ කරගන්නට සමත් උන බව මම විශ්වාස කරනවා. ඒ බව
මට හොඳින්ම පසක් වන්නේ තිරගත වී වසර කිහිපයක් ගෙවීගියත් අදටත්

එම සිනමාපටයට ලැබෙන ධණාත්මක ප්‍රතිචාරය නිසයි.
Q). සිනමාකරුවෙක් වීම තුළින් ඔබේ ජීවිතයට සිදුවූ පරිවර්තනය කුමක්ද?
සිනමාකරුවෙකු වීම නිසා මගේ ජීවිතයට සිදුවුණු පරිවර්තනයකට වඩා මගේ
ජීවිතයේ සිදුවුණු ඇතැම් පරිවර්තනයන් නිසා මම සිනමාකරුවෙකු බවට
පත්උනා කිව්වොත් මං වඩාත් නිවැරදියි කියලා හිතෙනවා. මම කුඩා කාලෙ
ඉඳන්ම ඇසුරු කළේ සිනමාව ගැන දැඩි ඇල්මක් දක්වන මිතුරු මිතුරියන්මයි.
කාලය ගතවෙද්දි ඒ ඇසුර මගේ හැඟවුණු සිනමාරූපී නිර්මාන කෞශල්‍යය
ඉස්මතු කරගන්නත් ඔප්නංවාගන්නත් මට කදිම තෝතැන්නක් බවට පත්වුනා.
Q). ඔබේ අවබෝධය අනුව සිනමාකරුවෙකුගේ සමාජ වගකීම මොකක්ද?
මම දරණ මතය අනුවනම්, ස්වාධීන සිනමාකරුවෙකු කිසිඳු සමාජ වගකීමක්
ඉෂ්ට කරන්නට නිර්මාන කටයුතු මෙහෙයවිය යුතු නෑ. නමුත් ඇතැම්
වෙලාවන්හිදී සමාජ සංස්ථාවේ ඇතැම් පාර්ශවයන් නොයෙක් දේශපාලනික හා
ආගමික අරමුණු මුදුන්පත් කරගන්නට සිනමාකරුවන් මත එවැනි සමාජ
වගකීම් බලහත්කාරයෙන් පවරන්නට තැත්කරන අවස්ථා මම දැක තිබෙනවා.
පෙර කී ලෙසම සිනමාව යනු දැනට පවතින ප්‍රභලතම ප්‍රකාශන මාධ්‍යයයි. ඒ
නිසා තමන්ගෙ නිදහස් නිවහල් පරිකල්පනය සිනමාරූපණයෙන් ඉදිරිපත්
කරවීම තමයි සිදුකළ යුත්තෙ. මගේ නිර්මාන ජීවිතය සාර්ථක කරගැනීමේ
අදහසින් මම යම් ප්‍රගතිගාමී ප්‍රතිපත්ති රාමුවක් මත පිහිටා නිර්මානකරණයේ
යෙදෙනවා.

Q). වර්ථමානයේදී ගෝලීය සිනමා කර්මාන්තය තුළ සිදුවෙමින් පවතින
තාක්ෂණික විප්ලවය මගින් දේශීය සිනමා කර්මාන්තය වෙතට එල්ලවන
අභියෝග ජයගැනීම කෙරෙහි යොවුන් සිනමාකරුවෙකු ලෙස ඔබ සපයමින්
සිටින උපක්‍රම මොනවාද?
වත්මන් ගෝලීය සිනමා කර්මන්තයේ උපයෝගී වන තාක්ෂණික ප්‍රභේදයන්
දිනෙන් දින සංවර්ධනය වෙනවා. තාක්ෂණිකව නිරතුරු යාවත්කාලීන වන

සිනමාකරුවෙකු වශයෙන් එය මා දකින ඉතාම සාධනීය ප්‍රවනතාවයක්.
අන්තර්ජාතික තලයේ සිනමා උළෙලක නිර්දේශ වීමක් පවා ලබන්නටනම්

ලාංකේය සිනමාපටත් එවන් තාක්ෂණික ප්‍රභේදයන් ඇසුරින් නිමවිය යුතු වීම
අනිවාර්යයි.
මා තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කරන “නතාරි” ළමා
සිනමාපටයත් ද්වීමාන සජීවීකරණයෙන් නිමවෙන එවැනි නව්‍ය තාක්ෂණික
ප්‍රභේදයන් සකසුරුවම්ව යොදාගන්නා අපූරු අත් හදාබැලීමක්.
Q). ඔබ ඉදිරියේදී ජනගත කරන්න සැලසුම්කරමින් සිටින
නිර්මාණයන් මොනවාද? 
පෙර කී පරිදි නතාරි සිනමාපටයේ පසු නිෂ්පාදන කටයුතු හා හඬකැවීම්
කටයුතු මා ඇතුළු මගේ සමීපතම නිර්මානකරුවන් සමූහයක් ඉතාමත්ම
උනන්දුවෙන් සිදුකරමින් සිටිනවා. මෙම වසරේ අප්‍රේල් පාසල් නිවාඩුවට
සමගාමීව චිත්‍රපටය ජනගත කරන්නට හැකිවේවයි අපි විශ්වාස කරනවා.
ඊට අමතරව ඉදිරියේදී නිෂ්පාදන කටයුතු ඇරඹීමට නියමිත “අප්ටවුන් නයිට්ස්’
සහ “හිට් විකට්” සිනමාපටයන් සිනමාකරුවෙකු වශයෙන් මට ඉතාමත්ම
විශේෂයි. පසුගිය වකවානුවේ ලාංකේය දේශපාලනයේ සිදුවූ යම්
ආන්දෝලනාත්මක සිදුවීම් පෙළක සැඟවුණු යතාර්ථය සංකේතාත්මකව
විවරණය කිරීමයි එතුළින් අපේක්ෂා කරන්නේ.

Q). “අපි Magazine” සමඟින් සොඳුරු පිළිසඳරකට එක්වීම සම්මබන්ධයෙන්
ඔබ මොකද හිතන්නෙ?
 
“අපි Magazine” කියන්නෙ මම නිරන්තරයෙන් පරිශීලනය කරන ඩිජිටල්
සඟරාවක්. සම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගියපු, වත්මන් ඩිජිටල් අවකාශයත්
සමග කදිමට පෑහුණු, රසකාමී කතුවරුන් සමූහයක් විසින් ලෝකය පුරා

විසිරුණු මිලියන සංඛයාත ලාංකිකයින් වෙතට දැනුම සම්ප්‍රේෂණය කරනා
අරුත් සම්පන්න සඟරාවක් ලෙස මම අපි Magazine හඳුන්වන්න කැමතියි.
ඒ වගේම සඟරාවේ ප්‍රදාන කතෘතුමා වන ගයාන් කරුණාරත්න මහතාටත්, මේ
සම්මුඛ සාඛච්චාවට මට ඇරයුම් කරපු වෘත්තීමය මාධ්‍යයවේදියෙකු මෙන්ම
සිනමා තිර රචකයෙකු වන හිරාන් ගමගේ මහතාටත් මම හෘද්‍යාංගම ස්තූතිය
පළකරනවා.
සැකසුම | හිරාන් ගමගේ

2026-02-14

සතා හඳුනමි

කඳුළු වැස්සට තෙමි තෙමී දුක් කුණාටුවකට හසුවෙලා
අඳුරු ලෝකෙක අතරමං වී සිටියමුත් මග වැරදිලා
සතුරු යැයි පෙර සිතු මිතුරු කැල ළඟට විත් සිත සනසලා
රුදුරු ඔබගේ ලොවේ මායාවන් වෙතින් ආවෙමි පලා
එසේ සිටි මා නැවත පෙර සේ ඔබ වෙතට ඒ යයි සිතා
කෙසේ දුක් ගී ගැයුවමුත් මගෙ සවන දැන් බිහිරියි ඉතා
මෙසේ කීවත් ඔබේ ගැන මම නැතේ කිසි තරහක් සිතා
ලෙසේ පෙර නොරැවටෙමි. හඳුනමි හොඳින් ඔබ තුල ඇති සතා
තාරක ජයතිලක

2026-02-13

ස්ත්‍රී රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර

කාන්තාවකගේ නීරෝගීබාවය පවුලේ සහ සමස්ථ සමාජයේ නීරෝගී, යහපත්
පැවැත්ම සඳහා අතිශයින්ම වැදගත් වේ.
ආයුර්වේද මූලග්‍රන්ථයන්හි ස්ත්‍රී රෝග පිළිබඳව ඉහළ අවධානයක් ලබාදී,
විශේෂිත අධ්‍යායක් යටතේ ස්ත්‍රී රෝග සහ ප්‍රතිකාර පද්ධති පිළිබඳව
සවිස්තරාත්මකව දක්වා ඇත.
ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය යනු ගර්භ සම්භවය සඳහා මූලික වන ස්ථානයයි. මාසික
ඔසප් රුධිරය සිරුරෙන් බැහැර කිරීම, ශුක්‍රාණු හා ඩිම්බ සංසේචනය සඳහා ඉඩ
සැළසීම සහ දරු ප්‍රසවය මෙහි ප්‍රධාන කාර්‍යයන් වේ.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය සම්බන්ධ රෝග තත්ත්ව
පොදුවේ 'යෝනි ව්‍යාපද්' ලෙස හඳුන්වයි. 'යෝනි' යන්නෙන් යෝනිය, ගර්භාශය හා
අනෙකුත් ප්‍රජනන පද්ධතියට අයත් අංග අදහස් වන අතර 'ව්‍යාපද්' ලෙස රෝග
හා අක්‍රමතා අදහස් වේ. මූලග්‍රන්ථයන්හි 'ප්‍රසූති තන්ත්‍ර' හා 'ස්ත්‍රී රෝග'
යටතේ ස්ත්‍රී ප්‍රජනන පද්ධතියට බලපාන ප්‍රධාන රෝග තත්ත්ව (යෝනි ව්‍යාපද්)
20ක් සවිස්තරාත්මකව දක්වා ඇත.
ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වය හා නීරෝගී පැවැත්ම, තුලිත වාත,
පිත හා කඵ දෝෂ තත්ත්වය අනුව සහ ආර්තව වහා ස්‍රෝතසෙහි නීරෝගී බව මත
රඳා පවතී.
මිත්‍යා ආහාර, විහරණ, ප්‍රදෘෂ්ඨ ආර්තව, බීජ දෝෂ හා දෛවජ හේතූන් නිසා ස්ත්‍රී
ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත යෝනි දෝෂ හට ගනී. වාත, පිත, කඵ හා රක්තය
දූෂණය වීම සහ යෝනි මගෙහි ඇතිවන්නා වූ නොයෙක් ගැටලුමය තත්ත්ව නිසා
ඉහත සඳහන් දෝෂ අසමතුලිත වීමෙන් යෝනි මාර්ගය, ගර්භාෂය, ආර්තවය
(menstrual blood), යෝනි-ස්නේහ (natural lubricants), ස්‍රෝතස් (reproductive
channels) ආශ්‍රිත ව්‍යාධවේදීය වෙනස්කම් ඇති කළ හැක. මෙනිසා අසාමාන්‍ය
ස්‍රාව ගැලීම්, වේදනා, කැසීම්, දාහ, ලිංගික සංසර්ගය වේදනාකාරී වීම, ඔසප්
චක්‍රයේ හා ඔසප් වීමේ අක්‍රමිකතා සහ මදසරුබාවය වැනි කාන්තා ප්‍රජනන
පද්ධතිය ආශ්‍රිත ගැටලු රාශියක් හටගනී.
අහිතකර ආහාර-පාන හා විහරණ නිසා දෝෂ විකෘති වීම, හදිසි අනතුරු, ආසාදන,
අධිකව හෝ අක්‍රමවත් ලෙස ලිංගික සංසර්ගයේ යෙදීම, මුදාහල යුතු වේගයන්
බොහෝ වේලාවක් දරා සිටීම, මානසික ආතතිය යන හේතූන් නිසා ප්‍රජනන

පද්ධතිය ආශ්‍රිත ශරීර ක්‍රියාවන්ට බාධා පමුණවමින් නොයෙක් යෝනි රෝග ඇති
කරයි.
එක් එක් දූෂිත දෝෂ තත්ත්ව අනුව මෙම රෝග ලක්ෂණ ප්‍රකට වේ. ඔසප් වීමේ
අක්‍රමිකතා ඇති වීම, විකෘති වූ යෝනි ශ්‍රාව පැවතීම, යෝනිය ආශ්‍රිතව වියළි
බව, ප්‍රදාහය, ක්ෂුද්‍ර ජීවී අසමතුලිත බව නිසා හට ගනු ලබන රෝග තත්ත්ව
මෙන්ම ශරීර ව්‍යුහාත්මක, ක්‍රියාකාරීමය හා ආසාදන තත්ත්ව හේතුවෙන්
හටගනු ලබන රෝග අවස්ථාවන්ද මේ අතර වේ.
ප්‍රබේද ලෙසට වාතජ, පිත්තජ, කඵජ හා සන්නිපාතජ ලෙස දෝෂ සම්බන්ධ
වීමෙන් ප්‍රබේද වන අතර රක්තජා, අසෘජා, අචරණා, අතිචරණා, කර්ණනී,
උදාවර්තිනී, පුත්‍රාඝ්නි, වන්ධ්‍යා, විප්ලුතා, පරිප්ලුතා, අන්තර්මුඛී, සූචිමුඛී,
මහායෝනි, ආවෘත්නි, ශුෂ්කා, ප්‍රසංසිනී ආදී ලෙස ප්‍රබේද 20ක් අන්තර්ගත වේ.
මීට අමතරව වෙනත් ස්ත්‍රී රෝග තත්ත්වයන් ලෙස ප්‍රදර, ග්‍රන්ථි, අර්බුද යනාදී
රෝග දක්වා ඇත.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සදහන් ඉහත රෝග අවස්ථාවන් නවීන වෛද්‍ය
විද්‍යාත්මකව සමපාත වන අවස්ථාවන් රාශියක් ඇත. Vaginitis, cervicitis, PID,
bacterial vaginosis, candidiasis, vaginal dryness, vulvodynia, mixed vaginitis,
dysmenorrhea, vaginismus, dyspareunia, menorrhagia, acute vulvovaginitis, cervical
polyps, vulvitis, endometriosis, infertility යන රෝග අවස්ථා මෙන්ම හෝර්මෝනමය
හා ව්‍යුහාත්මක අක්‍රමිකතා අවස්ථාවන් හා බොහෝසෙයින් සමපාත වන රෝග
තත්ත්ව ආයුර්වේද වෛද්‍ය ඉගැන්වීම් අතර වේ. මීට අමතරව බැක්ටීරියා, දිලීර හා
වෛරස් ආසාදන නිසා හටගන්නා ස්ත්‍රී රෝග, හෝර්මෝන අසමතුලිත බව නිසා
හටගැනෙන PCOS වැනි ඩිම්බකෝෂ ආශ්‍රිත ගැටලු, ගර්භාෂ ගෙල ආශ්‍රිත අර්බුද
තත්ත්ව, අර්බුද හා ග්‍රන්ථි වර්තමානයේ ස්ත්‍රීන් බහුලව ගොදුරු වන රෝග
අවස්ථාවන් වේ.
රෝග හේතු :-
– අධික කටු, අම්ල, ලවණ රස ආහාර භාවිතය
– රූක්ෂ, තීක්ෂණ, විදාහී ආහාර භාවිතය
– විරුද්ධ ආහාර හා අධිමාත්‍රාවෙන් ආහාර ගැනීම
– මත්පැන්, පැසවූ ආහාර නිතර භාවිතය
– ක්ෂණික ආහාර හා සීනි අඩංගු ආහාර නිතර ගැනීම
– පිටකල යුතු වේගයන් ආයාසයෙන් දරා සිටීම
– අධිකව ලිංගික ක්‍රියාවන්හි යෙදීම හා අපරීක්ෂාකාරී ලිංගික හැසිරීම්
– මෛථූනයේදී යෝනියට අනතුරු සිදු වීම
– අයහපත් ලිංගික පුරුදු

– අපිරිසිදු ඇඳුම්/ජලය භාවිතය
– රාත්‍රී නිදි වැරීම
– අධිකව මහන්සි වීම
– ප්‍රජනන අවයවයන්හි අපිරිසිදු බාවය
– තද ඇඳුම් භාවිතය
– මානසික ආතතිය
– විශාදය
– ලිංගික ක්‍රියාවලියේ යෙදීමට ඇති භය
– සාංකාව
– දිලීර / බැක්ටීරියා නිසා හටගන්නා ආසාදන
රෝග ලක්ෂණ –
– වාත දෝෂය විකෘති වීමෙන් වියළි බව, වේදනාව, මිරිකන්නාක් බඳු වේදනාව,
වේදනාකාරී ඔසප් වීම
– පිත දෝෂය ප්‍රමුඛ වීමෙන් දාහය, ප්‍රදාහ තත්ත්වය, තුවාල වීම්
– කඵ දෝෂයේ විකෘති වීමෙන් කැසීම්, ස්‍රාව ගැලීම්, සිරුරේ බර බව ශාරීරික රෝග
ලක්ෂණ ලෙසට ප්‍රමුඛ වේ.
මීට අමතරව, ලිංගිකව එක්වීමේදී වේදනාව, යෝනි ස්නේහ මද බව, ආර්තව වහා
ස්‍රෝතසෙහි දෝෂ (menstrual issues) යෝනි ව්‍යාපද් ලක්ෂණ අතර බහුලව ප්‍රකට
වේ.
ප්‍රතිකාර :-
ශෝධන, ශමන හා රසායන ඖෂධ බහුලව යොදා ගනිමින් සිදු කරන චිකිත්සා
පද්ධතියක් ප්‍රතිකාර සඳහා අන්තර්ගත වේ.
විරේචන හා වස්ති ප්‍රතිකාරය චිකිත්සාවේදී ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම
උත්තර වස්ති ප්‍රතිකාර ක්‍රමය සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බවට සායනිකව
සනාථ කොට ඇත. Tubal block සහ Chronic inflammation පහසුවෙන් සුව කිරීමේ
හැකියාව මෙම ප්‍රතිකාරය සතුවේ.
බාහිර ප්‍රතිකාරයේදී ත්‍රිඵලා හා පංච වල්කල කෂාය මඟින් සිදු කරන යෝනි
ප්‍රක්ශාලන හා ජාත්‍යාදී හෝ බලා තෛල මඟින් යෝනි පිචු භාවිතය සිදු කෙරේ.
ලොත්සුඹුල්, අශෝක, හාතවාරිය, රසකිඳ, දාරුහරිද්‍රා, ත්‍රිඵලා, පංච වල්කල
ඖෂධ වර්ග ප්‍රතිකාර වශයෙන් බහුලව යොදා ගැනේ. ඉහත ඖෂධ වල අඩංගු

ප්‍රතිජීවක, ප්‍රතිප්‍රදාහක, ඊස්ට්‍රජන් යාමන ගුණ පර්යේෂණ මගින් සනාථ කොට
ඇත.
හිතකර ක්‍රියා :-
– උණු ජලය භාවිතය
– සැහැල්ලු දිරවීමට පහසු ආහාර භාවිතය
– පිරිසිදු බව / සනීපාරක්ෂාව සපයා ගැනීම
– භාවනා, යෝග අභ්‍යාස වලට යොමුවීමෙන් මානසික සෞඛ්‍ය රැකගැනීම
අහිතකර ක්‍රියා :-
– ඇඹුල් රසැති හා කුළුබඩු අධිකව යෙදූ ආහාර ගැනීම
– අධික මෛථූනය
– දහවල් නිදීම
– මානසික ආතතිය
කෂාය, අරිෂ්ට, ආසව, ගුග්ගුලු, වටී, චූර්ණ අභ්‍යන්තර ඖෂධ ලෙස භාවිතයෙන්
ක්‍රමවත් චිකිත්සා පද්ධතියකට යටත්ව නිසි සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරු
යටතේ ප්‍රතිකාරයෙන් ස්ත්‍රී රෝග පහසුවෙන් සුව කිරීමේ හැකියාව ආයුර්වේද
ඖෂධ සතු වේ.
රෝග ලක්ෂණ නොසලකා හැරීමෙන් රෝග තත්ත්වයන් වර්ධනය වීමේ හැකියාව
පවතින බැවින් හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවීම අනිවාර්යයෙන්ම සිදු
කළ යුතුය.
ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක
BAMS -Colombo (SL)

2026-02-12

ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණය සහ එය ශ්‍රී ලාංකික පවුල් සඳහා වන බලපෑම සහ පිළියම්

ශ්‍රී ලංකා රුපියල පහත වැටීම රට පුරා සාමාන්‍ය පවුල්වල දෛනික ජීවිතයට දැඩි
ලෙස බලපා ඇත. කලක් දුරස්ථ ආර්ථික ගැටලුවක් ලෙස දැනුණු දෙයක් දැන්
සිල්ලර බඩු බිල්පත්, පාසල් වියදම්, ප්‍රවාහන වියදම් සහ නිවසේ පවුලේ
සංවාදවල පවා දැකිය හැකිය. රුපියලේ වටිනාකම දුර්වල වීමත් සමඟ ආනයනික
භාණ්ඩවල මිල වේගයෙන් ඉහළ ගොස් එදිනෙදා ජීවිතය වඩාත් මිල අධික විය. ඊට
ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලාංකික පවුල්වලට දිවි ගලවා ගැනීම සඳහා තමන්
උපයන ආකාරය, වියදම් කරන ආකාරය සහ මුදල් ඉතිරි කරන ආකාරය පිළිබඳව
නැවත සිතා බැලීමට බල කෙරී ඇත.
වඩාත්ම කැපී පෙනෙන වෙනස්කම් වලින් එකක් වන්නේ ගෘහස්ථ ආහාර
වියදම්වල ය. බොහෝ පවුල් කිරිපිටි, තිරිඟු ආශ්‍රිත නිෂ්පාදන සහ ඇතැම්
පලතුරු වැනි ආනයනික ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම අඩු කර ඇත. ඒ වෙනුවට,
මිනිසුන් සහල්, එළවළු, අල සහ සෘතුමය පලතුරු වැනි දේශීය ආහාර විකල්ප
වෙත නැවත හැරෙමින් සිටිති. නිවසේ ආහාර පිසීම වැඩි වී ඇති අතර, බොහෝ
මධ්‍යම සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා පිටත ආහාර ගැනීම දුර්ලභ වී ඇත.
දෙමාපියන් සතිපතා ආහාර ප්‍රවේශමෙන් සැලසුම් කරයි, ආහාර නාස්තියෙන්
වළකින්න සහ ඔවුන්ගේ අයවැය කළමනාකරණය කිරීම සඳහා ලාභදායී විකල්ප
තෝරා ගනී.
සාප්පු සවාරි පුරුදු ද සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත. පවුල් දැන් වෙන
කවරදාටත් වඩා මිල ගණන් සංසන්දනය කර දැරිය හැකි මිලකට භාණ්ඩ සොයා
ගැනීමට බහු වෙළඳසැල් වෙත යති. තොග මිලට ගැනීම, වට්ටම් දඩයම් කිරීම සහ
අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගැනීම සාමාන්‍ය පිළිවෙත් බවට පත්ව ඇත.
සන්නාමගත ඇඳුම්, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි
සාමාන්‍ය දෙයක් ලෙස සැලකූ අයිතම දැන් සුඛෝපභෝගී භාණ්ඩ ලෙස සලකනු
ලැබේ. බොහෝ පවුල් අත්‍යවශ්‍ය අවශ්‍යතා කෙරෙහි පමණක් අවධානය යොමු
කරමින් අත්‍යවශ්‍ය නොවේ නම් මිලදී ගැනීම් ප්‍රමාද කරයි.
අධ්‍යාපන වියදම් තවත් ප්‍රධාන ගැටළුවක් බවට පත්ව ඇත. පාසල් සැපයුම්, නිල
ඇඳුම්, උපකාරක පන්ති සහ ප්‍රවාහනය සඳහා වන පිරිවැය ඉහළ යාමත් සමඟ,
දැරිය හැකි මිලකට ගුණාත්මක අධ්‍යාපනය සමතුලිත කිරීමට දෙමාපියන්
පීඩනයට ලක්ව ඇත. සමහර පවුල් පෞද්ගලික උපකාරක පන්ති ගණන අඩු කර
හෝ මුදල් ඉතිරි කර ගැනීම සඳහා කණ්ඩායම් පන්ති වෙත මාරු වී ඇත. තවත්
සමහරු නොමිලේ මාර්ගගත ඉගෙනුම් සම්පත් මත වැඩි වශයෙන් විශ්වාසය

තබති. මූල්‍ය අරගල තිබියදීත්, බොහෝ දෙමව්පියන් තවමත් තම දරුවන්ගේ
අධ්‍යාපනය ආරක්ෂා කිරීමට උපරිම උත්සාහයක් දරති, එය තමන්ගේම
සුවපහසුව කැප කිරීමට පවා හේතු වේ.
ප්‍රවාහන හා ඉන්ධන වියදම් ද දෛනික චර්යාවන් නැවත සකස් කර ඇත. ඉන්ධන
මිල වැඩි වීමත් සමඟ, පවුල් මුදල් ඉතිරි කර ගැනීම සඳහා අනවශ්‍ය ගමන් සහ
ඒකාබද්ධ චාරිකා අඩු කර ඇත. පොදු ප්‍රවාහන භාවිතය වැඩි වී ඇති අතර,
සමහර නිවාස දැන් වාහන බෙදා ගනී හෝ කෙටි දුර සඳහා ඇවිදීම සහ බයිසිකල්
පැදීම තෝරා ගනී. හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමේ කටයුතු, ගමන් වියදම්
අඩු කිරීමට සහ කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමට උපකාරී වී ඇත.
මුදල් ඉතිරි කිරීම අතිශයින් දුෂ්කර වී ඇත, නමුත් කිසිදා නොවූ විරූ තරම් වැදගත්
වී ඇත. වරක් නිතිපතා ඉතිරි කළ බොහෝ පවුල් දැන් කුඩා මුදලක් පවා වෙන්
කිරීමට අරගල කරති. හදිසි ඉතිරිකිරීම් බොහෝ විට වෛද්‍ය අවශ්‍යතා හෝ
අනපේක්ෂිත වියදම් කළමනාකරණය කිරීමට භාවිතා කරයි. ඒ සමඟම, ඉහළ
පොලී අනුපාත හේතුවෙන් අනවශ්‍ය ණය වළක්වා ගනිමින්, ණය සහ ණය
සම්බන්ධයෙන් මිනිසුන් වඩාත් ප්‍රවේශම් වී ඇත. මූල්‍ය විනය, අයවැයකරණය
සහ ප්‍රවේශමෙන් සැලසුම් කිරීම තේරීම් වලට වඩා පැවැත්මේ කුසලතා බවට
පත්ව ඇත.
කාන්තාවන්, විශේෂයෙන් ගෘහණියන්, මෙම කාල පරිච්ෙඡ්දය තුළ ගෘහස්ථ මූල්‍ය
කළමනාකරණය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ස්මාර්ට් සිල්ලර බඩු
සැලසුම් කිරීමේ සිට ගෙවතු වගාව සහ කුඩා නිවාස පදනම් කරගත් ආදායම්
ක්‍රියාකාරකම් දක්වා, කාන්තාවන් බොහෝ මුහුණ දීමේ උපාය මාර්ග මෙහෙයවයි.
නිවසේදී එළවළු වගා කිරීම, පිටත ආහාර මිලදී ගැනීම වෙනුවට ගෙදර හැදූ කෙටි
ආහාර පිළියෙළ කිරීම සහ කුඩා පරිමාණ මාර්ගගත ව්‍යාපාරවල නියැලීම බොහෝ
පවුල්වලට වියදම් අඩු කිරීමට හෝ අමතර ආදායමක් උපයා ගැනීමට උපකාරී වී
ඇත.
රුපියල පහත වැටීම පරිභෝජනය පිළිබඳ ආකල්ප ද වෙනස් කර ඇත. පවුල් අඩු
සහ වටිනාකමක් ඇති සරල බවකින් ජීවත් වීමට ඉගෙන ගනිමින් සිටිති. පැරණි
අයිතම ප්‍රතිස්ථාපනය කිරීම වෙනුවට අලුත්වැඩියා කිරීම, විස්තෘත පවුල් තුළ
සම්පත් බෙදා ගැනීම සහ දේශීය නිෂ්පාදන සඳහා සහාය වීම සාමාන්‍ය දෙයක්
බවට පත්ව ඇත. දුෂ්කරතා නිසා මෙම වෙනස්කම් සිදු වුවද, ඒවා වඩාත්
සිහිකල්පනාවෙන් හා වගකීමෙන් යුතුව වියදම් කිරීමට දිරිමත් කර ඇත.
අවසාන වශයෙන්, රුපියල පහත වැටීම ශ්‍රී ලාංකික පවුල්වල වියදම් කිරීමේ

පුරුදු බලවත් ආකාරවලින් නැවත සකස් කර ඇත. ආර්ථික පීඩනය ආතතිය හා
අවිනිශ්චිතභාවය ගෙන ආවත්, එය ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව,
නිර්මාණශීලිත්වය සහ අනුවර්තනය වීමේ හැකියාව ද පෙන්නුම් කර ඇත. ශ්‍රී
ලාංකික පවුල් තම ජීවන රටාවන් සකස් කර ගැනීමෙන්, එකිනෙකාට සහයෝගය
දක්වමින් සහ එකමුතුකම තුළ ශක්තිය සොයා ගැනීමෙන් දිගටම දිවි ගෙවයි. මෙම
වෙනස්වන පුරුදු ආර්ථික පැවැත්ම පමණක් නොව, අභියෝගාත්මක කාලවලදී
ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ ගැඹුරු පාඩමක් ද පිළිබිඹු කරයි. බුද්ධිමත්
අයවැයකරණය, දේශීය නිෂ්පාදන සඳහා සහාය වීම, මූල්‍ය දැනුවත්භාවය වැඩි
දියුණු කිරීම සහ ප්‍රජා සහයෝගය දිරිමත් කිරීම මගින් පවුල්වලට මෙම අභියෝග
වඩා හොඳින් කළමනාකරණය කළ හැකිය. මෙම පිළියම් එක රැයකින් අර්බුදය
විසඳා නොගත හැකි නමුත්, අවිනිශ්චිත කාලවලදී ශ්‍රී ලාංකික පවුල්වලට
ශක්තියෙන් හා බලාපොරොත්තුවෙන් ඉදිරියට යාමට උපකාරී වේ.
පවිත්‍රා රණතුංග

2026-02-11

ආපදාවට ලක් වූවන් PTSD තත්වයට ගමන් කරයි ද?

පසුගිය කාලවකවානුව තුළ දී ශ්‍රී ලාාංකිකයන්ට මුහුණ දීමට සිදු වූයේ අති දුෂ්කර
කාලවකවානුවකට ය. එහි
දී ඇතැමුන්ට තම සමීපතමයන් අහිමි වූ අතරම තමා ඉතාමත් උත්සහයයන් හා
උනන්දුයවන් තමා උපයාගත්
ධනය, යේපළ ආදිය අසුරු සැයනකටත් වඩා අඩු කාලයකින් දෑස් අභියසම විනාශ
වන්නට විය. ඒ සිදු වූ
සියල්ලක්ම ඒවාට මුහුණ දුන් මිනිසුන් හට දරාගැනීමට ඉතාමත් අසීරු විය.
එම කාලවකවානුව තුළ දී ශ්‍රී ලාාංකිකයන් හට මුහුණ දීමට සිදු වූ අපහසුතාවන්
නිසාම දිවයින පුරාම
යවයසන ලක්වැසියන් නැවතත් ජීවිතයේ මුල් අවස්තාවට හදීසියේම
ඇදවැයටන්නට විය. යේ නිසාම
ය ායහෝමයකයේ හැගීේ, චිත්තයේග සියල්ලක්ම පායහ් ඉතාමත්
පහත්මට්ටමකට පත්වන්නට විය. ඇතැේ
ප්‍රයේශවල ඇති වූ නායයෑේ, ගාංවතුර හා සුළි කුණාටුමය තත්වයන් නිසායවන්
මිනිසුන්ට අහිමි වූ යේවල්
නැවත්ත යතා තත්වයට පත් කරගැනීමට යනාහැකි තරේම අඩපණ වීම හා
කිසිදාක නැවතත් පණ දීමට
යනාහැකි තරමටම තම සමීපතමයන් අහිමි වීම නිසාම චිත්තයේගීය වශයයන්
විශාල යලස දුර්‍ර්වල වී මිනිසුන්
අදික යලස චිත්තයේගීය වශයයන් දුප්පත් වට පත් වී ඇත.
යේ නිසාම යමම තත්වය වත්මන් කාලයට ලපානවාටත් වඩා අධික යලස
ලපාන්යන් අනාගතයටය.
පසුගිය කාලයේ දී සිදු වූ ආපදාමය තත්වයයන් ලපෑමට ලක් වූ මිනිසුන් කාලයත්
සමග තම චිත්තයේගයන්
යතා මට්ටමට සකසා ගැනීමට අයපායහාසත් වුවයහාත් ඔවුන් ඉතාමත් දරුණු
යලස PTSD තත්වයට
යගාදුරු වීයේ ඉඩකඩ ඉතාමත් වැඩි යේ.

ඒ අනුව PTSD යනු මයනෝවිදයායේ දී කතා හට ලක් යවන අතීතයේ දී සිදු වූ යේ
යේ යහ්තු කාරණා
නිසායවන් මිනිසා ඒ මත්යත්ම එල් යගන සිට තම වර්‍ර්තමානය යමන්ම
අනාගතය ද අදුරු කරගන්නා
වයා ාධයකි. යමහි ඉාංග්‍රීසි නාමය යකටි යකාට PTSD යලස හදුන්වන අතරම
එහි දීර්‍ර්ඝතම නාමය වන්යන්
Post Traumatic Stress Disorder (පශ්චාත් කල්ිත ආතති වයා ාධය) යන්නයි.
යමහි දී ප්‍රධාන වශයයන්ම
සිදු වන්යන් මිනියසකුයේ ජීවිතයේ සිදු වූ යහෝ මුහුණ දීමට වූ විනාශකාරී යහෝ
නරක සිදු වීේ නිරන්තරයයන්
සිතින් මවායගන ඒවායයහි ආතතිය සමග දිගින් දිගටම ජීවත් වීමයි. යේ නිසාම
නිරතුරුවම එම දර්‍ර්ශනයන්
සිහිනයයන් දැක බිය වීම, හුදකලාව කටයුතු කිරීම, මවාගත් යලෝකයක ජීවත්
වීම යමන්ම නිරතුරුව බියයන්
හා සාාංකායවන් යුතුව ජීවත් වීම යමම වයා ාධයට යගාදුරු වූවන්යේ පවතින
සුලභ ලක්ෂණ කිහිපයකි.
යමම තත්වයට අවශය කරන මානසික ප්‍රතිකාර සහා උපයේශනයන් නිසි
යේලාවට ල ා දීයමන් එයට
යගාදුරු වී සිටින තැනැත්තාව එමගින් මුදවා ගැනීමට හැකි යේ. පසුගිය
කාලවකවානුයේ දී ශ්‍රී ලාංකාවට
මුහුණපෑමට සිදු වූ වයසනකාරී තත්වය නිසායවන් විපතට හා පීඩාවට පත් වූවන්
ද යමකී පශ්චාත් කල්ිත
ආතති වයා ාධයට ලක් වීයේ ඉඩකඩක් පවතී. ඒ නිසාම ශ්‍රී ලාංකායේ සක්‍රීය
මයනෝ උපයේශකයන් හා
මයනෝචිකිත්සකවරුන් ඇතුළු සියලූම මයනෝවිදයාත්මක ක්යෂ්ත්‍රයට අයත්
සියලූමයදනායේ යුතුකම හා
වගකීම වන්යන් පීඩාවට පත් ජනතාව යකයරහි වැඩි අවධානයක් යයාමු කරමින්
ඔවුන්යේ ප්‍රජානන ශක්තිය
වැඩි දියුණු කිරීමට අවශය කරන සියලූම ක්‍රියාිළියවත් ක්‍රියාවට නැාංවීමයි.

එහි දී දිවයින පුරා යරෝහල් යහෝ ප්‍රජා යසෞඛ්‍ය ආයතන හරහා දීපවයාප්ත
ප්‍රජා යසෞඛ්‍ය වැඩසටහන්
පවත්වමින් වයසනයයන් පීඩාවට පත් ජනතාවයේ ප්‍රජා යසෞඛ්‍ය පරීක්ෂා කිරීම
හා යදෝෂ පවතී නේ ඒවාට
ිළියේ ල ා දීමට කටයුතු කිරීම, ඉහත සදහන් කළ ආකාරයේ වයා ාධයන්යගන්
යපයළන්නන්
හදුනායගන ඔවුන්ට එම තත්වයන්යගන් මිදීමට අවශය කරන ප්‍රතිකාර ල ා දීම
සිදු කළ යුතුය.
ඒ අනුව යමවන් කාල වලදී PTSD යනු ඉතාමත් සුලභ මයනෝ වයා ාධයන් වන
අතර ඒවාට නිසි පරිදි අවශය
ප්‍රතිකාර ල ා දීම සිදු කරමින් ඔවුන්යේ මානසික තත්වයන් යහපත් කිරීමට වග
ලා ගැනීම සමස්ත ලක්
වැසියන්යේ කාර්‍ර්‍යයක් යමන්ම වගකීමකි.

චයමෝදයා එදිරිසිාංහ

2026-02-10

පැන්සල සහ වර්ණ අතරින් ජීවිතය දකින මගේ කලා චාරිකාව

 

කුඩා කාලයේ සිටම මා තුළ චිත්‍ර කලාව කෙරෙහි තිබුණේ සහජ ලැදියාවකි. එය
මා සිතාමතා තෝරාගත් දෙයකට වඩා ස්වභාවිකවම මා හා බැඳුණු කුසලතාවයකි.
මට අවස්ථාවක් ලැබුණු සෑම මොහොතකම පාහේ මගේ සිතේ උපදින අදහස්
රේඛා සහ වර්ණ ඇසුරින් සිතුවමට නැඟීම මා පුරුද්දක් කරගත්තෙමි. එදා
විනෝදාංශයක් ලෙස ඇරඹි ඒ ගමන, කාලයත් සමඟ වෘත්තීය මට්ටමින් වර්ධනය
වෙමින් අද වන විට මගේ ජීවිතයේ අනිවාර්ය කොටසක් බවට පත්ව තිබේ.
මම ශෙහාරා කාවින්දි. දැනට ලන්ඩන්හි පදිංචිව සිටින මම, ස්වාධීන
කලාකාරිනියක් (Independent Artist) ලෙස මගේ කලා කටයුතු සාර්ථකව ඉදිරියට
ගෙන යන්නෙමි. ඒ අතරතුර, ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක වෘත්තීය කටයුතුවල
නිරත වෙමින් මගේ කලා ජීවිතය සහ වෘත්තීය ජීවිතය අතර මනා සමබරතාවයක්
පවත්වා ගැනීමට ද මම නිරන්තරයෙන් උත්සාහ කරමි.
මගේ නිර්මාණ එක් මාධ්‍යයකට පමණක් සීමා වී නැත. තෙල් වර්ණ, ඇක්‍රිලික්,
පැන්සල් සිතුවම් සහ දිය සායම් වැනි විවිධ මාධ්‍ය භාවිතා කරමින්, නවීන
තාක්ෂණික ක්‍රම අත්හදා බැලීමට මම නිරන්තරයෙන් උනන්දු වෙමි. විශේෂයෙන්ම
මිනිස් මුහුණක මැවෙන සියුම් හැඟීම් සහ ඉරියව් (Hyper-realistic style) සිතුවමක්
තුළ ජීවමාන කර පෙන්වීම මගේ නිර්මාණවල ඇති සුවිශේෂී ලක්ෂණයයි.
මගේ නිර්මාණකරණය කැන්වස් එකකට පමණක් සීමා නොවේ. විශාල
ප්‍රමාණයේ බිතු සිතුවම් (Murals / Wall Art) නිර්මාණය කිරීම ද මගේ කලා ගමනේ
වැදගත් සන්ධිස්ථානයකි. එවැනි නිර්මාණ හරහා යම් අවකාශයකට නවතම
කලාත්මක හැඩයක් ලබා දීමට මට හැකියාව ලැබේ. ඒ වගේම, ලන්ඩන්හි
පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ කලා උළෙලවල් (Art Fairs) සහ ප්‍රදර්ශන සඳහා
ක්‍රියාකාරීව සහභාගී වෙමින්, ජාත්‍යන්තර කලාකරුවන් සහ රසිකයින් සමඟ
මගේ නිර්මාණ බෙදාහදා ගැනීමට ද මම නිරන්තරයෙන් කටයුතු කරමි.
නිර්මාණ 5,00ක අසමසම අත්දැකීම
මේ දක්වා මම ජාත්‍යන්තර මට්ටමේ කලා ඇණවුම් (Commissions) 5,000කට
ආසන්න ප්‍රමාණයක් සාර්ථකව අවසන් කර ඇත්තෙමි. එම නිර්මාණ අද වන විට
ලොව පුරා විවිධ රටවල පෞද්ගලික එකතුන් (Private Collections) අතර පවතී.
විවිධ රුචිකත්වයන් සහ අපේක්ෂාවන් සහිත ජාත්‍යන්තර පාරිභෝගිකයින් සමඟ
කටයුතු කිරීමෙන් මා ලබාගත් අත්දැකීම්, කලාත්මකව මෙන්ම වෘත්තීයමය
වශයෙන් ද මා ලැබූ විශාල පරිණතභාවයකි.

ලන්ඩන්හි වාසය කිරීම මගේ කලා ගමනට ජාත්‍යන්තර මට්ටමේ අවස්ථාවන්
රැසක් විවර කර දුන්නේය. එහිදී මා ලැබූ වැදගත්ම අත්දැකීමක් වූයේ ලන්ඩන්හි
පිළිගත් කලාගාරයන් තුළ මගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබීමයි.
එහිදී විවිධ රටවලින් පැමිණි කලා ලෝලීන්ගෙන් ලැබුණු ප්‍රතිචාර සහ ඔවුන්
සමඟ ඇති වූ සංවාද, මගේ නිර්මාණ දිවියට නව පණක් ලබා දුන්නේය.
අනාගතයේදී මගේ අරමුණ වන්නේ නිරන්තරයෙන් අලුත් දේ ඉගෙන ගනිමින් මගේ
නිර්මාණ මට්ටම තවත් උසස් කරගැනීමයි. ඉදිරි කාලයේදී තවත් ජාත්‍යන්තර
ප්‍රදර්ශන පවත්වමින් මගේ කලා ගමන තවදුරටත් පුළුල් කරගැනීමට මම
බලාපොරොත්තු වෙමි. මගේ නිර්මාණ හරහා ශ්‍රී ලාංකීය කලා අනන්‍යතාවය
ජාත්‍යන්තර තලයේ ඉහළින්ම සනිටුහන් කිරීම මගේ එකම ප්‍රාර්ථනයයි.

2026-02-09

දස වසක් ඇවෑමෙන්...

දහසක් බාධා ආවත් එක් සිත් රන්දා
නුඹවම පතා මුලු හද සෙනෙහස බන්දා
රන්මුදු දමා කැන්දාගෙන පෙරදා
ගෙවිලා දස වසකුත් නොදැනිම මෙදා…
ආදුර ආපසු බලන්නට අවැසිම නැති හින්දා
ගෙවිගිය ඒ දවස් හීනෙක මෙන් රන්දා
ලද පිං මහිම බලයෙන් ලැබු දරු තිදෙනා
මොනවට පහදාවිද දිවියේ අරුත සදා…
කෙනෙකුට හොදක් තවකෙනෙකුට නපුරක්
දෙන්නට එපා කාහටවත් කිසි ගින්නක්
කලහොත් දිනෙක තලුමරමින් පාප කදක්
කර්මය පලදරයි ඒ ගැන නැහැ සැකයක්…
පවුලක සවිය දුක සැප හා ගැටී ඇතී
දරුවන් මාපියන් ඒ හා වෙළී සිටී
භාහිර සෝසුම් ඒ තුල අවැසි නැති
සැනසුම සාමය සැමවිට රජකෙරෙති…

රීනා

2026-02-08

සමාව දීමට ඇති නිහතමානී ධෛර්යය

සමාව දීම යනු මිනිස් හදවතකින් ඉල්ලිය හැකි අතිශය දුෂ්කර දේවලින් වලින්
එකකි. ඊටහේතුව සමාව දීම තුළ ගැබ්වුණු සැබෑ අර්ථය අපට නොතේර්‍රීම නිසා
නොව, එය ක්‍රියාත්මක කිරීමට අප තුළ ඇති මන්දගාමී ස්වභාවයයි.
තමාට මුහුණ පෑමට සිදුවූ අත්දැකීම සහ තමා තුළ පවතින ආධ්‍යාත්මික හුරුව
මත පුද්ගලයෙකු තවත් පුද්ගලයකුට සමාව දීමට ගන්නා කාල පරාසය වෙනස්
වෙනවා.වේදනාව, වංචාව, බලාපොරොත්තු බිඳවැටීම් ඉදිරියේ අපි පෞද්ගලිකව
හැසිරෙන ආකාරය එකිනකාට ආවේනික දෙයක්.
යමෙක් අපට වේදනාවක් කළ විට, ඒ වේදනාව මෘදු ලෙස පැමිණෙන්නේ නැත. එය
හදිසියේම පැමිණියත්, කාලයක් අප තුළ අමිහිරි මතකයක් ලෙස රැඳීම අතිශය
ස්වභාවික තත්වයක්. එසේ අපි මකා දැමීමට කැමති මොහොතවල් නැවත
නැවතත් මතක් කරමින් හදවත තුළ සිරවී සිටීමෙන් පෙරලා සමාවදීම අසීරු
කරවයි.
කිව්ව දේවල්, කළ දේවල්, කිසිදා සිදු විය යුතු නොවූ දේවල් අපට මතකයෙහි නැවත
නැවතත් නැගෙයි. ඒ මොහොතවල් උදා කල තැනැත්තන් හට සමාව දීම
අසාධාරණයක් ලෙස පෙනේ.
ඒ කෙසේ වුවත්, ඔබව රිදවූ, ඔබගේ කාලය අපතේ යැවූ, ඔබ පීඩාවට පත් කරවූ,
ඔබගේ බලාපොරොත්තු බිඳ දැමූ… මේ ලැයිස්තුවේ නොමැතිව, එහෙත් ඔබට
මොනයම්ම ආකාරයකින් හෝ වැරැද්දක් සිදුකල කෙනෙක්ට සමාව දෙන්න හිතිලා
තියෙනවද? කිසිම බැඳීමක් නැතුව එහෙම සමාව දීලා දුරස්ථ කරලා තියෙනවද? ඒ
කෙනා නොදන්නවා උනත් ඔබේ පැත්තෙන් ඔබ සමාව දී නිදහස් වෙලා තියනවාද?
එසේනම් ඔබ ගැන අවංකවම සතුටු වෙන්න ඔබට පුලුවන්. නිහතමානීව ආඩම්බර
වෙන්න පුලුවන් . ඒ කිසිවක් නිසා නොව, ඉතාම දුලබ මානුෂික ගුණාංගයක් ඔබ
දරා සිටින නිසා බැවිනි.
දිමුතු සේනාදි

2026-02-07

Framed by Destiny

Film එකෙන් Legacy එකක් දක්වා ගමන් කළ ශ්‍රී ලාංකික නිර්මාණශීලී ජීවිතයක්
Chamitha Bandara

ඔබගේ නිර්මාණාත්මක ගමන ආරම්භ වූයේ කොහොමද?
මගේ ගමන ආරම්භ වුණේ ambition එකකින් නොව instinct එකකින්. වයස අවුරුදු 12දී මම මුලින්ම
අතට ගත්තේ 35mm film camera එකක්. ඒ වෙලාවේ technique හෝ industry ගැන මට දැනුමක්
තිබුණේ නැහැ. නමුත් emotion එක මට හොඳින්ම තේරුණා. වචන නැතිව කතාවක් කියන්න පුළුවන්
image එකක තියෙන ශාන්තිමත් බලයට මම ආකර්ෂණය වුණා. ඒ ආකර්ෂණය කවදාවත් මාව
අත්හැරලා ගියේ නැහැ.

2009දී UK ගමන් කිරීම ඔබේ ජීවිතයට කොහොම බලපාද්ද?
2009දී මම UK එකට ආවේ පැහැදිලි සිහිනයක් නැතිව, නමුත් ගැඹුරු බලාපොරොත්තුවක් එක්ක.
බොහෝ ශ්‍රී ලාංකිකයන් වගේම, මමත් resilience එක ඉක්මනින් ඉගෙන ගත්තා. Fast food
chains, hotels, foreign exchange වැනි විවිධ ක්ෂේත්‍රවල වැඩ කළා. ඒ හැම අත්දැකීමක්ම මට
මිනිසුන්, සංස්කෘතිය, සහ ජීවිතය ගැඹුරින් තේරුම් ගන්න උදව් කළා.

Photography එකට ඔබ නැවත සම්බන්ධ වුණේ කොහොමද?
2012දී photography නැවතත් මගේ ජීවිතයට ආවා. මුලින්ම local සහ community events
cover කිරීම part-time ලෙස ආරම්භ කළා. ඒක සරල ආරම්භයක් වුණත්, ඒ මොහොතවලින් මට
නැවතත් මගේ purpose එක හමුවුණා. Camera එක එතනින් පස්සේ tool එකක් විතරක් නෙමෙයි.
මම ලෝකය දකින්නේ කොහොමද කියන එක පෙන්වන extension එකක් වුණා.

2018දී ඔබට සිදුවුණු අත්දැකීම ගැන කතා කරන්න පුළුවන්ද?
2018දී London වලදී මම violent robbery එකකට ලක් වුණා. ඒ මොහොත මගේ ජීවිතය
සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඉන් ටික කලකට පස්සේ Covid pandemic එක ආවා. ඒ කාලය
ජීවිතය නවත්තපු වගේම, මාව ඇතුළතට බැලීමට मजबूर කළ කාලයක්. ඒ නිශ්ශබ්දතාවය තුළ මට
clarity එකක් ලැබුණා. මම තේරුම් ගත්තා, දැන්ම මගේ සිහින පස්සට දාගෙන ඉන්න වෙලාව
නෙමෙයි කියලා.

ඒ තීරණය ඔබව කොහෙටද ගෙන ගියේ?

ඒ තීරණය මාව නැවත education එකට ගෙන ගියා. University of Westminster හි
Contemporary Media Practice specialization එක යටතේ filmmaking සහ photography
formal ලෙස අධ්‍යයනය කළා. 2023දී මම officially graduate වුණා. ඒක chapter එකක් අවසන්
වීමක් වගේම, clarity, confidence සහ deeper purpose එකකින් පටන් ගත්ත නව chapter
එකක් වුණා.

ඒ සමගම, 2019දී London Eye Production House ආරම්භ කළා. ඒක business එකක් විතරක්
නෙමෙයි. Meaningful cinema නිර්මාණය කරන්න, honest stories කියන්න, creatives ලාට
struggle නොවී වැඩ කරන්න පුළුවන් space එකක් හදන්න කියන vision එකෙන්.

ඊට පස්සේ ඔබගේ career එක කොහොමද evolve වුණේ?
මම short films දෙකක් write, direct සහ act කළා. මේ වෙලාවේ මගේ පළමු feature film එක
develop කරන ගමන්. ඉතාමත් මෑතකදී Northampton හි professional production studio
space එකක් open කළා. ඒක UK තුළ filmmakers, photographers සහ storytellers ලාට
creative home එකක් වුණා.

Acting journey එක ගැනත් කියන්න.
2014 සිට UK film සහ television industry එකේ supporting actor ලෙස වැඩ කරනවා. Night
at the Museum: Part Three, King Arthur, The Royals, I Hate Suzie, The Covenant,
Ghostbusters, The Extraordinary, Andor Season 2 (Star Wars), Geek Girl වැනි
internationally recognised productions වලට සම්බන්ධ වෙලා තියෙනවා. Morrisons, Kodak,
Nationwide Bank වැනි brands වල advertising campaigns වලත් appear වෙලා තියෙනවා.

ඔබ අද දින role එක define කරන්නේ කොහොමද?
මම hats ගොඩක් දරන creative professional කෙනෙක්. Filmmaker, photographer, actor,
producer, editor, camera operator, mentor. London Eye Production House හරහා
NHS, UK Parliament, UK top universities සහ international brands සමග වැඩ කරලා
තියෙනවා. International locations වල events සහ productions cover කරනවා.

ශ්‍රී ලංකාවට ආපසු දෙන එක ඔබට කොච්චර වැදගත්ද?
London Eye Production House හි Sri Lanka branch එක open කිරීම මගේ journey එකේ
ඉතාමත් අර්ථවත් milestone එකක්. මාව හැඩ කළ රටට ආපසු දෙන එක business decision එකක්
විතරක් නෙමෙයි. ඒක personal responsibility එකක්. UK creative industry එක තුළ ශ්‍රී

ලංකාව represent කරන එක ගැන මට ලොකු ආඩම්බරයක් තියෙනවා. Local සහ global level වල
Sri Lankan talent එකට pathways හදන්න මට අවශ්‍යයි.

අද ඔබ ඔබේ ගමන බලන්නේ කොහොමද?
අද මගේ වැඩ guide වෙන්නේ position එකෙන් නෙමෙයි, purpose එකෙන්. මවගේ film camera
එකෙන් photography discover කළ පොඩි ළමයෙක්ගෙන්, international production company
එකක් ගොඩනගන තැනට ආපු ගමන persistence, faith සහ storytelling මත පදනම්. මම create
කරන හැම frame එකක් තුළම මගේ අතීතයත්, මගේ අනාගතයත් තියෙනවා.

මේ කතාවේ අවසානය නෙමෙයි.
මේක ආරම්භය විතරයි.

2026-02-06

"Avatar" සගීත කණ්ඩායමේ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රශ්නාවලිය

Q). ඔබ පුද්ගලයෙකු වශයෙන් ඔබව දකින්නෙ කුමන අයුරකින්ද යන්න
පිළිබඳව සඳහනක් කරමු.
මම ව්‍යාපාරිකයෙකු විදිහට තමයි වෘත්තීමය ජීවිතේ ආරම්භ කරන්නෙ.
හැබැයි මම කලාවට ඉතාමත්ම ප්‍රියයි. ඉතින් ඒ නිසාම තමයි මම සංගීත
කර්මාන්තයට පිවිසෙන්නෙත්. කලාකාමී ව්‍යාපාරිකයෙකු හැටියට මම මාව
හඳුන්වාගන්න කැමතියි.
Q). ඔබ කලාව නිර්වචනය කරගන්නේ කෙසේද? 
මට හැඟෙන හැටියට කලාව කියන්නෙ මිනිස්සුන්ව අවධියෙන් ජීවත්
කරවන්න අත්‍යාවශ්‍ය සාධකයක්. ඒ වගේම කලාව හරහා මිනිස්සුන්ගෙ
රසවින්දන හැකියාව වර්ධනය කරනවා. හොඳ රසවින්දනයක් තියෙන
මනුස්සයෙක් ජීවිතේ සන්තෝෂෙන් ගතකරනවා කියලයි මගේ අත්දැකීම.
කලාව වැජඹෙන තාක්කල් මේ ලෝකෙ හරිම සුවදායී තැනක් වේවි කියලයි
මගේ විශ්වාසය.
Q). ඔබ කලා මාධ්‍යයක් ලෙස සංගීතය හඳුනාගන්නේ කෙසේද යන්න
පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු.
ලෝකයේ දැනට පවතින සියලුම කලා මාධ්‍යයන් අතරෙන් ජාති, ආගම්, කුල,
වර්ග, ගෝත්‍ර ආදී නා නා විද භෙදීම් ඉක්මවා ගිහින් පොදුවේ සමස්ථ මානව
ප්‍රජාවටම රස විඳින්න පුළුවන් එකම කලා මාධ්‍යය සංගීතය පමණයි කියලයි
මම විශ්වාස කරන්නෙ. ඒ නිසාම තමයි සංගීතය විශ්ව භාශාවක් කියලත්
හඳුන්වන්නෙ. ඒ වගේම මම දකින විදිහට වඩාත් සංවේදීම කලා භාවිතාව
සංගීතය යි.
 
Q). “Avatar” හී ආරම්භය සිදු වූ ආකාරය පිළිබඳව සඳහනක් කරමු.
මගේ නිවසට එක්කාසු වෙච්ච මගේ සමීපතමයින් කිහිපදෙනෙකු සිදුකරපු

සංගීතය සම්බන්ධ සංවාදයක ප්‍රතිඵලයක් විදිහට තමයි “ඇවටාර්” සංගීත
කණ්ඩායම බිහිවෙන්නෙ. 06 දෙනෙකුගෙන් ආරම්භ කරපු සංගීත කණ්ඩායමට
අමේලියාගේ ආගමනය දැවැන්ත ආලෝකයක් මුසුකළා කිව්වොත් මා නිවැරදියි.
ඒ ආලෝකයත් පෙරදැරි කරගෙන වර්ථමානයේ අපි ලෝකය වටේම ජයග්‍රාහී
චාරිකාවක නිරතවෙනවා කියලා නිහතමානී ආඩම්භරයකින් පවසන්න පුළුවන්.
Q). සංගීත ඛණ්ඩායමක් ලෙස වෘත්තීය ගමන්මග ආරම්භයේදී ඔබ මුහුණදුන්
විශාලතම අභියෝගය කුමක්ද?
ශ්‍රී ලංකාව වගේ සුළු පරිමාණ ආර්ථික පද්ධතියක් පවතින රටක සංගීත
කණ්ඩායමකට පමණක් නෙමෙයි වෙනත් ඕනෑම කලාකාමී සමූහයකට
මුහුණපාන්න සිද්දවෙන ප්‍රදානතම අභියෝගය තමයි සැකසුණු වෙළඳ පරිශ්‍රය

තුළ වාණිජ අනන්‍යතාවයක් ගොඩනගාගැනීම. එහෙම නැත්තම් ඒ තුළ සරිලන
ඉඩකඩක් වෙන්කරගැනීම. ඉංග්‍රීසි භාශාවෙන් අපි ඒකට වචනයක් භාවිතා
කරනවා “Branding” වෙනවා කියලා.
ඒක හරියට සංගීත කණ්ඩායම් අතරේ පවතින සීතල යුද්ධයක් වගේ. ඉතින්
ආරම්භයේදී ඒ අභියෝගයට අපිත් කණ්ඩායමක් විදිහට සා මුහුණදුන්නා.
අඛන්ඩව සාර්ථකව අභියෝගවලට මුහුණදීමේ ප්‍රතිපලයක් විදිහට වර්ථාමානය
වෙද්දි අපි අපිටම අනන්‍ය වූ ප්‍රේක්ෂකාගාරයක් නිර්මානය කරගෙන ඉන්නවා.
 
Q). වෘත්තීය සංගීත කන්ඩායමක් ලෙස මේ
දක්වා ඔබ අත්කරගෙන තිබෙන සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳව
මතකාවර්ජනයක් සිදුකරමු.
පෙර කී ලෙසම සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීමේදී නෙමෙයි බාධක
හමුවෙන්නෙ. කර්මාන්තය තුළ
සංගීත කණ්ඩායමක් ලෙස වෘත්තීමය වශයෙන් ස්ථාවර වීමේදී තමයි බාධක
හමුවෙන්නෙ. මේ වෙද්දි

අපේ රටේ ගෞරවයට පාත්‍ර වෙච්ච සෑම වෙළඳ සන්නාමයක් සමගම පාහේ
සංවිධානය කරන
සංගීත ප්‍රසංග වලට අපි අපේ නිර්මාන ධායකත්වය සපයලා තියෙනවා.
විශේෂයෙන්ම කියන්න ඕනෙ
විදේශයන්ගෙ වාසය කරන මිලියන සංඛයාත ශ්‍රී ලාංකික සංගීතලෝලියො
සංවිධනය කරන සෑම
දැවැන්ත සංගීත ප්‍රසංගයකටම පාහේ අපිට ඇරයුම් ලැබී තියෙනවා.
දේශීය ප්‍රසංග වලට ලැබෙන ඇරයුම්වලට වඩා විදේශීය ප්‍රසංගයකට ඇරයුම්
ලැබීම යම් සංගීත
කණ්ඩායමක අනාගතය සුබදායී වීම කෙරෙහි අතිශයින් තීරණාත්මකව
බලපානවා. ඒ වගේම සියලුම
ශ්‍රී ලාංකේය ජනමාධ්‍යයන් සමග ඉතාමත්ම සුහඳශීලීව කටයුතු කරන්නත් අපි
භාග්‍යවන්ත වෙලා
තියෙනවා.
Q). වෘත්තීය සංගීත කන්ඩායමක් ලෙස ගෝලීය සංගීත කරළියේ වෙළඳ අන
න්‍යතාවයක් ගොඩනගාගැනීම උදෙසා ක්‍රියාත්මක කරමින් සිටින
සැලසුම් පිළිබඳව හැඳින්වීමක් කරමු. 
සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වගේ රටක බිහිවුණු සංගීත
කණ්ඩායමක් හැටියට ගෝලීය සංගීත කරළියේ වෙළඳ අනන්‍යතාවයක්
ගොඩනගාගැනීම කියන්නෙ අපේ මව්බිමේ සංස්කෘතික අනන්‍යතාවය
අන්තර්ජාතික තලයට සම්මුඛ කරවන අතිදැවැන්ත මෙහෙයුමක්. අපිට
ආසන්නයෙන්ම තියෙන ජාත්‍යන්තර සංගීත වෙළඳපොල තමයි ඉන්දියානු
සංගීත කරළිය.
ඒ වගේම මුළු ලෝකයේම අවධානය දිනාගත්තු සංගීත කරළිය තමයි
යුරෝපීය සංගීත භාවිතාව. මේ සංගීත කරළීන් ද්විත්වයේම විවිධාකර
සංස්කෘතික ප්‍රභේදයන් ඇසුරු කරගත්ත පොහොසත් භාශාවන් රැසකින්
සංගීත නිර්මාන ලෝකයට ධායාද කරනවා. ඉතින් ඒවායේ කුඩා හෝ
ඉඩකඩක් වෙන්කරවාගන්න සමත් විවිධ භාශාවන්ගෙන් සැදුම්ලත් සංගීත

නිර්මානයන් ඉදිරියේදී බිහිකරන්නට වර්ථමානයේ අපේ දක්ෂ සංගීත ශිල්පීන්
සැලසුම් සකසමින් ඉන්නවා.

Q). ඉදිරියේදී එළිදැක්වීමට සැලසුම් කරමින් සිටින නිර්මාණාංගයන්
පිළිබඳව විග්‍රහයක් කරමු. 
මම පලමුවෙන්ම කියන්න ඕනෙ ලෝකයේ මෙතෙක් බිහිවෙච්ච ඕනෑම සංගීත
කණ්ඩායමක් ආරම්භයේදී
භාවිතා කරන්නෙ අන් අයගේ ගීතයන්. අපේ සංගීත කණ්ඩායම මේ කාලය වෙද්දි
ලෝ වාසී
ප්‍රේක්ෂකාගාරයේ කැපීපෙනෙන අනන්‍යතාවයක් ගොඩනගාගෙන ඇති නිසා
මීළඟ ධණාත්මක
පියවර විදිහට අපේ ශිල්පීන්ගෙම නිර්මාන කෞශල්‍යයෙන් ගීතයක් ජනගත
කරන්න පහුගිය
වකවානුවේ අපි වෙහෙසුනා. “ප්‍රේම හාදු” නමින් නිර්මානය වූ ගීතයේ ශබ්ද
රචනාව මේ වෙනකොට
යූ ටියුබ් අවකාශයට මුදාහැරලා තියෙනවා කියලා ඉතාමත්ම අභිමානයෙන්
කියාහිටින්න පුළුවන්.

Q). වෘත්තීය සංගීතවේදියෙකු වීමට අපේක්ෂාවෙන් සංගීතය හදාරණ්නෙකු
හට ශ්‍රී ලාංකේය සංගීත කර්මාන්තය තුළ සඵලධායී අයුරින්
ස්ථාවරත්වයට පත්වීම සඳහා ආධාර විය හැකි යම් ඔවදනක්
හෝ උපක්‍රමයක් සඳහන් කරමු.
මිහිරෙන් ගීත ගයන්න, එහෙම නැත්තම් කිසියම් සංගීත භාණ්ඩයක්
ලයාන්විතව වාදනය කරන්න හැකියාවක් තියෙන තරුණයෙක් හෝ තරුණියක්
පළමුවෙන්ම ප්‍රේක්ෂකාගාරයක් හමුවේ ගීත ගයන්නෙ, වාදනය කරන්නෙ
හුදෙක් ආශාව නිසාමයි. ඒ ගයන්නෙ හෝ වාදනය කරන්නෙ වෙනත් සංගීත
ශිල්පියෙක්ගෙ ගීතයක්. කලක් ගතවෙද්දි මේ අයට මුදල් ඉපයීමේ
අවශ්‍යතාවයත් ඇතිවෙනවා. ඉන් අනතුරුව මේ ආධුනිකයො උත්සහ කරන්නෙ

කඩිනමින් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් හැටියට මේ කටයුත්ත දිගටම
කරගෙන යන්න.
අවංකවම කියන්න ඕනෙ මම ඒකෙ කිසිම වරදක් දකින්නෙ නෑ. නමුත්
මෙතනදි මම අවධාරණය කරන කරුණක් තියෙනවා. ඒ තමයි තවත් සංගීත
ශිල්පියෙක්ව දිගින් දිගටම අනූකරණය කිරීම එතරම් යහපත් නොවන බව.
ඔවුන් අනිවාර්‍යයෙන්ම වෑයම් කලයුතුයි තමන්ගේ ස්වතන්ත්‍ර සංගීත නිර්මාන
එළිදක්වන්නට. එම අව්‍යාජ උත්සහය ඇතැම්විටක ප්‍රවීණයින් අභිභවා යන
තරමේ උසස් සංගීත භාවිතාවක් වෙන්නත් පුළුවන්. මෑත කාලයේ එවන්
උදාහරණ ඕනෙතරම් දකින්න පුළුවන්.
Q). අපි Magazine සමග සොඳුරු පිළිසඳරකට එක්වීම සම්බන්ධයෙන් ඔබ දරන
අදහස් බෙදාගමු.
“අපි Magazine” කියන්නෙ මම ඇතුළු අපේ සංගීත කණ්ඩායමේ ශිල්පීන්
හැමදෙනාම පාහේ ඉතාමත්ම කැමැත්තෙන් කියවන ඩිජිටල් සඟරාවක්.
සම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගියපු, ඔවුන්ටම ආවේණික ස්වරූපයකින්
ලෝකය පුරා විසිරුණු මිලියන සංඛයාත ලාංකිකයින් වෙතට වටිනා තොරතුරු
සම්ප්‍රේෂණය කරවීම තමයි මම ඔවුන්ගේ කතෘ මණ්ඩලයේ දකින
සුවිශේෂත්වය. ඇවටාර් සංගීත කණ්ඩායම වෙනුවෙන් මට මේ සම්මුඛ
සඛච්චාවට ඇරයුම් කිරීම සම්බන්ධයෙන් සඟරාවේ ප්‍රදාන කතෘතුමා වන

ගයාන් කරුණාරත්න මහතාට මගේ හෘද්‍යාංගම ස්තූතිය පළකරන්න මම මෙය
අවස්ථාවක් කරගන්නවා.
සැකසුම | හිරාන් ගමගේ
අපි Magazine