Month: February 2026
2026-02-04
ශා#$ක&ම යන*?
ශා#$ක&ම යන පද ,ෙ වචනා&ථය 1මසා බැ5 6ෙ 7 “ශා#$” යන පද යෙ # සෙ ත ලෙ සද “ක&මය” යන පද යෙ # :යාව ය#නද අ&ථ කථනය කළ හැ>ය. ඒ අන@ව ශා#$ක&ම යන@ය6 >A සෙ තB ශා#$යB ලබා ගැD 6ෙ අරම@F# කරන@ලබන :යා සම@දායB ලෙ ස සරලව G&වචනය කළ හැ> Hෙ . මෙ ම වචනය 11ධ J Kෙ ශ අන@ව Jා Kෙ Lය වMවහාරය# අන@ව යාගය, යNම, ස#Gය, කංකාPය , තෙ ා1ලය ,බQය ,මඩ@ව හා සමයම යන 11ධ නාමය# ගෙ # හැS# Hෙ .
Kෙ Lය ශා#$ක&ම පKධ$ය හා T ලාං Bෙ ය සා6JදාUක න&තන කලාව# අතර ඇW Wෙ ඉතා සෘජුසබඳතාවය>. සා6JදාUක න&තන ස6Jදාය# ]Wවය ^_බඳ අධMයනය >` 6ෙ 7 එB එB ස6Jදාය#ට ආ Hෙ Fක වd11ධ ශා#$ක&ම රාeයB අපට හfනාගත හැ> Hෙ . අධMයන ,ෙ පහස@ව සඳහා ඒ මෙ gෙ ව&hකරණය කර ගGම@.
+ෙ -ය ශා#$ක&ම
උඩරට න&තන ස45දාය
- ●
කෙ ා හෙ ාඹා කංකාPය වQයB මංගලMය
පහතරට න&තන ස45දාය
- ● ● ● ● ●
දෙ වෙ ාk මඩ@ව
දහඅට ස#Gය
රට යNම
සdGය6 යාගය
මහ සෙ ා හෙ ා# සමයම `P යNම
සබරගම*න&තන ස45දාය
- ● ● ● ● ●
පහ# මඩ@ව h මඩ@ව
හැkl6 මඩ@ව mF මඩ@ව
මk මඩ@ව
>P මඩ@ව
මෙ n ශා#$ක&ම පැවැWo 6ෙ අරම@p ලෙ ස >Aය6 පුKගලයNට හෙ q සමgත සමාජ ,ෙ rවW වන ජනයා sෙ ස@භ AKuය උ දෙ සා දෙ 1ය# ,යBෂU# හා xහU# යන අදෘශMමාන බල Hෙ ගය#ට පුද ,පූජා පවWවා සෙ තB, ශා#$යB අ zෙ Bෂා >`ම A{ Hෙ . මෙ ය 7&ඝ කා5නව පර6පරා වෙ # පර6පරාවට උ}ම වෙ ~# පැවත එ#නා වdකලාWමක :යා සම@දායB නැ$න6 වW ^_ වෙ W මයB බව පැහැÄQ ක}ණ>.
තම#ට Wෙ }6 ගත නෙ ාහැ> ඇතැ6 සංAKÅ# ^_බඳ ÇයB ,සැකයB හෙ q NÉහලයB ඇ$oම gවභා1කය .ඒ Gසා ඒ
^_බඳ ගෙ ෟරවයB ,යටහW පහW බවB හෙ q අවනත බවB ඇ$ කර ගW ආÄ මානවයා 6ෙ gවාභා1ක වgÉ# හා බල Hෙ ගය# සඳහා වැf6 ,^f6 >`මට යෙ ාම@වd ,ෙ Gරායාස යෙ # ය. දෙ 1ය# ,යN# හා xහය# වශ යෙ # එn බල Hෙ ගය# හf#ව~# ඒ සඳහා පුද ,පූජා >` මෙ # ,ආයාචනා >` මෙ # ,බැගෑපැW o මෙ # ඔව@# සÉට@කර තම අáමතා&ථ ඉàට කර ගත හැ> බව ආÄ මානවයා 1âවාස ක äෙ ය .එn 1âවාසය# Éළ මෙ ව# මවW ශා#$ක&ම පKධ$යB Çã 1ය. 6ෙ ශා#$ ක&ම පැවැWo 6ෙ Jධාන අරම@p ලෙ ස අgවැ#න ස}සාර >`ම ,සTකWවය අ zෙ Bෂා >`ම , ලෙ ඩ , රෙ qග වQ# ආරBෂා oම හා Gවාරණය කර ගැDම ,gවාභා1ක 1පWවQ# ආරBෂා oම, ද} ස6පW අ zෙ Bෂා >`ම ආ7 අවශMතා >ãපයB හf#වා Äය හැ> ය. 6ෙ වා ආර6භක අවu ,ෙ 7 Jාථ~ක ,අáචාර gවåපය># ය@Bත ව@වද කkයWම 1uමW පුද ,පූජා රටාව# සමඟ ගායන ,න&තන ,වාදන හා පෙ ළපා_ වQ# ය@Bතව මවWව හා කලාWමකව සකgව#නට 1ය.
6ෙ එB එB ශා#$ක&ම ^_බඳ අධMයනය >` 6ෙ 7 1 âෙ ෂ යෙ #ම එදා ජනතාව Éළ පැවැ$ ඇදãQ හා 1âවාස ආÄය ඒ Éළ ගැé o ඇ$ බව Jකට Hෙ . තව ද ඒවා Çã වdවකවාන@ Hෙ අදාළ සමාජ සං1ධාන හා සමාජ සංgකෘ$ය ^_බඳව ද අව බෙ qධයB ඒ É_# ලබා ගත හැ> Hෙ . මෙ ã තවW 1 âෙ ෂ ලBෂණයB ව# #ෙ එB එB ශා#$ක&ම අදාළ න&තන ස6Jදායට බැfp ශාgèය න&තන ,ගායන ,වාදන කෙ ාටg මෙ #ම පුද ,පූජා හා සැරAP වQ# ද පෙ qෂණය o $êම ය .ඒවා එ> නෙ කට ස@1 âෙ ë වෙ නgක6 වQ# ද ය@Bත oම තවW වැදගW ක}ණ>.
6ෙ අන@ව බලන 1ට ශා#$ක&ම යන@අíත ,ෙ පට# 6ෙ දBවා පැවත එන 1âවාස හා ඇදãQ පදන6 වd Kෙ Lය න&තනය ,ගායනය ,වාදනය Jධාන කරගW පුද ,පූජා සැරAQ ,කැටය6 සãත සංn&ණ :යාවQයක J$ඵලයB බව පැහැÄQ Hෙ . 7&ඝ කාලයB $g gෙ 1කාශනය වdඅප සංgකෘ$ යෙ ã බෙ ා හෙ q අං ගෙ qපාංග බැî ඇW Wෙ මෙ n ශා#$ක&ම සමïG .ශා#$ක&ම යන@අප සÉ ජා$ක උ}මය>. ව&තමානය වන 1ට 6ෙ ශා#$ක&ම පැවැWo 6ෙ Jධාන අරම@p වෙ නg වdවW 6ෙ වා ñක ගැD මෙ # අ zෙ සංgකෘ$ක උ}මය# ñක ගැDමට හැ> වන බව අප අමතක නෙ ාකළ ය@É ය. එ පමණB ද නෙ ාව ජා$යB වශ යෙ # අප සÉව ඇ$ සමාජ වóනාක6 ,සාරධ&ම, චාPò ,වාPò බෙ ා හෙ qමයB අඛöඩව පවWවා ගෙ න යාමB ද එ මm# A{ ක &ෙ . එ හෙ U# මෙ ම ශා#$ක&ම අභාවයට යාමට ඉඩ නෙ ා7 අනාගත පරපුර වෙ න@ වෙ # ඒවා ආරBෂා >`ම අප සÉ ය@ÉකමB හා වගnමB Hෙ .
By T. A. Chalani Prabashwari
2026-02-03
2026: මේ අවුරුද්දේ Move වෙන්න සූදානම්ද?
පසුගිය අවුරුදු කිහිපය තුළ ගෙදරක් ගැන තීරණයක් ගන්න එක ඔබට වදයක් වු
ණාද? නිතර headlines, වෙළඳපොළේ අස්ථාවර බව,
“තව ටිකක් බලමු” කියලා හිතීම… ඒක ඔබට විතරක් නෙවෙයි. බොහෝ දෙනාම “
වෙළඳපොළ ටිකක් සන්සුන් වෙද්දී බලමු” කියලා තමන්ගේ plan එක ටික කාලෙකට
නවත්තගෙන හිටියා.
2026දී හොඳ වෙනසක් තියෙනවා. වෙළඳපොළේ ස්වභාවය ටිකක් සමබර වෙලා, තී
රණයක් ගන්න සන්සුන් වෙලා හිතන්න ඉඩක් ලැබිල
තියෙනවා.. ඒකට පසුබිමක් විදිහට December 2025දී base
rate එක 3.75%ට අඩු කරාට පස්සේ, February 5th (BOE
meeting) එකේදිත් ඒ rate එක 3.75%ටම සම්මත වූ
නිසා, මේ කාලයට rate එක ටිකක් ස්ථාවරයි කියලා හිතලා සැලසුම් කරගෙන ඉදිරි
යට යන්න බොහෝ දෙනාට පහසු වෙලා තියෙනවා .
ඉතින් 2026 කියන්නේ “ඉක්මනට දුවලා අරගන්න” අවුරුද්දක් නෙවෙයි. මේක හොඳ
ට බලලා හොඳ තීරණයක් ගන්න අවුරුද්දක්. Buyer කෙනෙක්ද,
investor කෙනෙක්ද, නැත්නම් remortgage ගැන හිතන කෙනෙක්ද, මෙන්න මේ අවු
රුද්දේ වැදගත්ම points ටික ඔබටම කතා කරන විදිහට.
2026දී ගෙදරක් ගන්න එක: Panic නෙවෙයි, Confidence
ඉතා උණුසුම් වෙළඳපොළක් තිබුණ කාලේ,
buyer කෙනෙක්ට දැනෙන්නේ rush එකක්.
Viewing එකක් කරලා එළියට එන්නත් කලින් “application එක දාන්න” කියලා pressu
re එක. ඒ වෙලාවට “මට මේ ගෙදර හරිද?” කියලා හොඳට හිතලා බලන්න time එ
ක හම්බවෙන්නේ අඩුවෙන්. ඒ වගේ පසුබිමක, හොඳ තීරණයක් වෙනුවට “පීඩනය
ට කරන තීරණ” වැඩි වෙන්න පුළුවන්.
2026දී ඔබට ලැබෙන ලොකුම වාසිය තමයි තීරණ ගන්න ඉඩකඩ.
Compare කරන්න පුළුවන්. ප්‍රශ්න අහන්න පුළුවන්. හොඳට බලලා ගන්න පුළුවන්
. ඒ වගේ market එකක “හරි purchase එක” කියන්නේ ලාභයක් හොයන එක විතර
ක් නෙවෙයි, ඔයාගේ දවසට ගැළපෙන home එකක්.
ගෙදරක් තෝරද්දි photo එකට ලස්සනයිද කියන එකට වඩා,
“මේක මගේ දවසට පහසුද?” කියන එක බලන්න. වැඩට යන්න ලේසිද,
parking තියෙනවද, ගෙදර තුළ ප්‍රමාණවත් ඉඩක් තියෙනවද, හොඳ ආලෝකය එ
නවද, වටපිටාව හොඳද, මාසික bills වැඩි වෙයිද වගේ දේවල්.
Pull quote: “Market එක සන්සුන් වෙද්දී, හොඳ decision එකක් ගන්න ලේසි වෙනවා.”
2026දී New Build houses වල වාසිය
ඔයාට කවදාවත් “new build එකක් මට ගැළපෙයිද?” කියලා හිතලා නැත්තම්වත්,
2026දී අඩුම තරමේ ඒ option එක ගැන හිතලා බලන්න වටිනවා. මේ අවුරුද්දේ සම
හර developerලා ගෙදරක් ගන්න ඇත්තටම තීරණය කරලා ඉන්න ගැණුම්කරුවන්
ට ආකර්ෂණීය දිරිගැන්වීම් දීමට ,උදාහරණයක් විදිහට deposit එකට support වගේ
පටන් අරන් තිබෙනවා.
5% deposit contribution
සමහර developerලා (selected projects වල) ඇතැම් අවස්ථාවලදී,
deposit එකට සහය වශයෙන් 5% දක්වා deposit
contribution එකක් දෙනවා. මෙහි ලොකුම වාසිය තමයි deposit එක “ලොකු කන්ද
ක්” වගේ දැනෙන වෙලාවට, deposit එකට ඔබට දාන්න තියෙන මුදල අඩු වෙලා,
mortgage
process එක start කරන්න පහසු වීම. ඒකෙන් “තව ටිකක් ඉඳලා බලමු” කියන අද
හස “දැන් ඉස්සරහට යමු” කියල වෙනස් වෙන්නත් පුළුවන්. සමහර අවස්ථාවලදී
මේ වගේ support එකක් තිබ්බාම හොඳ interest
rate එකක් ලබාගන්නත් උදව් වෙන්න පුළුවන්.
හැබැයි මෙතන වැදගත්ම දේ එකක් තියෙනවා. දිරිගැන්වීම හොඳයි, නමුත් ගෙදරේ
සැබෑ වටිනාකම වඩා වැදගත්.
ඒ නිසා offer එකක් දැක්කා කියලාම ඉක්මන් තීරණයක් ගන්න එපා. ප්‍රදේශය, දිගු
කාලීන ඉල්ලුම, service charges
(තිබුණොත්), සහ මාසික bills නඩත්තු වියදම් වගේ දේවල් හොඳට බලලා තමයි “o
verall deal එක” තීරණය කරන්න ඕන.
Incentive එක අමතර බෝනස් එකක් විතරයි. අන්තිමට ඔබ තෝරන්න ඕනේ ඔබට
වටින home එකක්.
First-time buyers 2026: Deposit එකට විකල්ප මාවත් තියෙනවා
First home එක ගැන හිතනකොට වැඩියෙන්ම stress වෙන්නේ deposit එක.
“මාසික ගෙවීම් පාලනය කරගන්න පුළුවන්, ඒත් deposit එක?” කියලා mortgage
process එක පස්සට දානවා.
2026දී හොඳ news එක තමයි deposit එකට විවිධ මාර්ග තියෙන එක. ඒ නිසා ගො
ඩක් අයට “අපිටත් මේක කරන්න පුළුවන්” කියන හිතට හයියක් එනවා.
සමහර අවස්ථාවල 5%
deposit වගේ අඩු deposit එකකින් පටන් ගන්න පුළුවන් විකල්ප තියෙන නිසා depo
sit එක ලොකු ගණනක් වෙනකම් ඉන්න ඕන නැතිව ගෙයක් හිමිකරගන්න සිහින
යට ඉක්මනින් පියවරක් ගන්න ලේසි වෙනවා. First time
buyers ලා දිරිමත් කරන එකේ හොඳ news එක තමයි, දැන් බොහෝ lenders ලා විවි
ධ deposit
options හඳුන්වා දීලා තියෙන එක. උදාහරණයක් විදිහට සමහර offers වල deposit
එක “£5,000” වගේ ලඟා කරගන්න පුළුවන් විදිහට පේනවා, තවත් තැන්වල 0% /
no-
deposit වගේ options ගැනත් කතා වෙනවා. ඒ නිසා deposit එකම බාධාවක් වගේ
දැනෙමින් හිටපු අයටත්, ගෙයක් හිමිකරගන්න ගමනට තවත් මාවතක් තියෙනවා
කියලා දැනෙන්න පුළුවන්.
ඒකට අමතරව new
build පැත්තේ, සමහර developerලා deposit එකට 5% දක්වා contribution දෙන අවස්
ථා තිබ්බොත් deposit එකේ බර තවත් අඩුවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ rent එක
ගෙව ගෙව ඉඳලා deposit එක සම්පූර්ණ කරගන්න කාලය ටිකක් කෙටි වෙන්න ඉ
ඩ තියෙනවා.
Buy-to-let 2026: තවම opportunity තියෙනවා, හැබැයි හොඳට තෝරලා යන්න
Buy-to-
let ගැන අහනකොට “ඉස්සර වගේ ලේසි නෑ” කියලා කියන අය වැඩි. ඒක ටිකක් ඇ
ත්ත. හැබැයි ඒකේ හොඳ පැත්තක් තියෙනවා.
2026දී ඉදිරියට යන්නේ hype එකට ඇදෙන investor කෙනා නෙවෙයි. ප්‍රදේශය හො
ඳට බලලා, ගණන් යථාර්ථවාදීව හදාගෙන, දිගුකාලීන plan එකක් එක්ක යන invest
or කෙනා.
Buy-to-
let එක සාර්ථක වෙන්නේ tenant කෙනෙක්ට “මෙතන ඉන්න ලේසි” කියලා දැනෙන
ගෙදරක් තිබ්බොත්. ඒ “ලේසි” දේවල් බොහෝවිට සරලයි. ගමන් පහසුකම් හොඳද,
රැකියා අවස්ථා තියෙනවද, පාසල් සහ දෛනික පහසුකම් ලඟද, ගෙදර සැලැස්ම
භාවිතයට පහසුද. මේවා හොඳ නම් දිගුකාලීන ඉල්ලුම තිරසාර වෙන්න ලේසි.
Buy-to-
let කියන්නේ ඉක්මනින් ලාභ හොයන දෙයක් නෙවෙයි. නිතර ලැබෙන ආදායමක් ස
හ තිරසාර ඉල්ලුමක් මත ගොඩනැගෙන දිගුකාලීන ගමනක්.
ඒ ගමනේ හොඳම ආරම්භය 2026දී මෙන්න.
“හොඳ තැනක හොඳ property එකක්” තෝරලා, වියදම් පාලනය කරගෙන, ගෙදරේ
තත්ත්වය හොඳින් තියාගෙන,
tenant කෙනාට හොඳ අත්දැකීමක් දෙන විදිහට දිගටම ගෙනයන එක.
Remortgage 2026: paperwork එකක් නෙවෙයි, ඔබට reset එකක්
Remortgage එක බොහෝ දෙනාට පේන්නේ අමතර paperwork වැඩක් වගේ. හැබැ
යි ඒක paperwork එකට වඩා, ඔබගේ ගෙදර සහ මුදල් සැලසුම නැවත සකස් කර
ගන්න අවස්ථාවක් විදිහට බලන්න පුළුවන්.
එකෙන් පුළුවන් ඔබේ මාසික වියදම් ටික හොඳට පාලනය කරගන්න, ගෙවීම් ගැන
සැලැස්මක් හදාගන්න, සහ ඔබේ ඉදිරි සැලසුම් එක්ක ගැළපෙන විදිහට තීරණ ගන්
න. මේකට පසුබිමත් ටිකක් සන්සුන් වෙලා තියෙනවා. December 2025දී base
rate එක 3.75%ට අඩු කරලා, February 5th (BOE
meeting) එකේදිත් ඒ rate එකම 3.75%ට තියාගත්ත නිසා, සැලසුම් කරගෙන තීරණ
ගන්න බොහෝ දෙනාට ලේසි වුණා වගේ දැනෙන්න පුළුවන්.
ඔබ homeowner කෙනෙක් නම්, වැදගත්ම දෙය තමයි ඔබේ දවසට ගැළපෙන පරිදි
plan එක tidy කරගන්න එක. ගෙවීම් පහසුවෙන් දරාගන්න පුළුවන්ද, ඉදිරියේදී මා
රුවෙන්න හිතනවද, ඔබට වැඩියෙන් අවශ්‍ය වන්නේ stability ද නැත්නම් flexibility ද
කියලා හිතලා බලලා ඒකට ගැළපෙන විදිහට සකස් කරගන්න.
ඔබ landlord කෙනෙක් නම්, දේපලේ ආදායම වියදම් බලලා “මේ දේපල තවදුරටත්
මගේ දිගුකාලීන සැලැස්මට ගැළපෙයිද?” කියලා සන්සුන්ව සලකා බලන්න.
අවසාන වචනය
අපි බොහෝ දෙනා property ගැන හිතනකොට “perfect time” එකක් හොයනවා.
හැබැයි ඇත්ත කතාව මෙන්න, perfect time එක කියන්නේ බොහෝ වෙලාවට
ලැබෙන්නේ නෑ. හොඳ decision එකක් එන්නේ සන්සුන්ව, සූදානම්ව, ඉදිරියට
පියවරක් ගන්න වෙලාවක.
ඉතින් ඔබ දැනටමත් හිතලා ඉවර නම්, දැන් action එකට යන්න. Viewings කරන්න,
compare කරන්න, ප්‍රශ්න අහන්න, හොඳට බලලා ඔබට ගැළපෙන right decision
එක ගන්න. ඒ අතරම, ඔබට ගැළපෙන options පැහැදිලි කරගෙන, budget එකත්
plan එකත් තවත් හොඳට සකස් කරගන්න mortgage adviser කෙනෙක් එක්ක කතා
කරලා next step එක confident විදිහට ගන්න.
2026-02-02
ඔබේ බුද්ධියත් මාධ්‍යයට බදු දී තිබේද?
ඔබ කඩයකට බොස් බකාළ පැහැති අව් කණ්ණාඩියක් මිලදී බෙන පැළඳ
ෙත්බතාත්, ඔබට මුළු බලෝකයම
බපබනන්බන් බකාළ පැහැබයනි. අහස බකාළ පාටය, වලාකුළු බකාළ පාටය.
නමුත් ඇත්තටම බලෝකය
බකාළ පාට ද? නැත. බවනස් වී ඇත්බත් බලෝකය බනාව, ඔබ බලෝකය බදස
බලන මාධ්‍යයයි.
මාධ්‍ය විසින් අපට බපන්වන බලෝකය සතය බලෝකයම ද? බමය ඔබ ඔබබන්ම
ඇසිය යුතු කාලීන
පැනයකි.ඔබ කවදා බහෝ ඡායාරූපයක් ෙැනීබේදී අනවශ්‍ය බද්ධවල් ඉවත් කර
ඔබට අවශ්‍ය බද්ධ පමණක්
කැමරා කාචයට හසු කරබෙන තිබේද? නිසැකවම ඔබ එය කර ඇත. ඔබ ලස්සන
මලක් ඡායාරූපයට
ෙන්නවානේ ඊට පබසකින් ඇති කුණු බොඩ රාමුබවන් ඉවත් කරාවි. එවිට එම
ඡායාරූපය බලන අබයකුට
බපබනන්බන් ඉතා සුන්දර මලක් පමණී. නමුත් සතයය බලෝකය එයම
බනාබව්.ජනමාධ්‍ය ක්‍රියාත්මක
වන්බන් ද හරියටම බේ ආකාරයටමය.බමය හඳුන්වන්බන් "රාමුෙත කිරීම"
බලසයි.
බමාකක්ද බේ රාමුව?
සරලවම, මාධ්‍ය රාමුෙත කිරීම යනු යේ සිදුවීමක් වාර්තා කිරීබේදී බතෝරාෙත්
කරුණු කිහිපයක් පමණක්
විබශ්‍්ෂ බකාට දැක්වීමත්, අබනක් කරුණු යටපත් කිරීමත්ය. බමය හරියට
ජබන්ලයකින් බැලීමක් වැනිය.
ජබන්ලබයන් බපබනන බද්ධ සතයයක් වුවද, එය සේූර්ණ දර්ශ්‍නයම බනාබව්.
ජබන්ලබයන් වේ පැත්බත්
බහෝ දකුණු පැත්බත් සිදුවන බද්ධ ඔබට බනාබපබන්.
"මාධ්‍ය විසින් අපට සිතිය යුත්බත් 'කුමක්' ෙැනද යන්න පමණක් බනාව, ඒ ෙැන
සිතිය යුත්බත් 'බකබස්ද'
යන්නත් උෙන්වනු ලබයි."
එකම සිදුවීමක් මාධ්‍ය ආයතන බදකක් වාර්තා කරන ආකාරය බලන්න.එක්
නාලිකාවක් එය "සාමකාමී
උද්ධබඝෝෂණයක්" බලස හඳුන්වයි.තවත් නාලිකාවක් එයම "ප්‍රචණ්ඩ
බකෝලාහලයක්" බලස
හඳුන්වයි.බමහිදී "උද්ධබඝෝෂණය" සහ "බකෝලාහලය" යන වචන බදක අපබේ
මනසට ලබා බදන්බන්
හාත්පසින්ම බවනස් චිත්‍ර බදකකි. මාධ්‍ය විසින් වචන භාවිතා කරන්බන්
පින්සලකින් වර්ණ ෙන්වනවා
වබේ. මාධ්‍යයට අවශ්‍ය නේ යබමකු 'වීරබයක්' කළ හැකි අතර, බමාබහාතකින්
ඔහුම 'බරෝහිබයක්'
කිරීමටද හැකිය.
අද දවබස් සමාජෙත කරන්බන් කුමන බතාරතුරද, සමාජබයන් වසන් කරන්බන්
කුමන බතාරතුරද කියා
තීරණය කරනුබේ මාධ්‍යයයි.බබාබහෝ විට ඔවුන් බතෝරාෙන්බන් "විකිබණන
පුවත්" ය. ධ්‍නාත්මක,
සාමකාමී පුවත්වලට වඩා ෙැටුේ, ඝාතන සහ බද්ධශ්‍පාලන ඕපාදූපවලට ඉහළ
ඉල්ුමක් ඇති බව ඔවුහු
දනිති. එබැවින් අපට නිතරම දකින්නට ලැබබන්බන් බලෝකබේ ඇති "නරක"
පැත්ත පමණි. එවිට අප
සිතන්බන් මුළු බලෝකයම නරක තැනක් කියාය. බමය මාධ්‍ය විසින් නිර්මාණය
කරන ලද කෘතිම
යථාර්ථයකි. අවසානබේදී බේක්ෂකයා තීරණ ෙන්බන් තමන්බේ බුද්ධිබයන්
බනාව, මාධ්‍ය විසින්
නිර්මාණය කර දුන් රාමුව තුළ සිටිමිනි.
රාමුබවන් පැන ෙන්බන් බකබස්ද?
ඩිජිටල් තාක්ෂණය සහ සමාජ මාධ්‍ය රජ කරන යුෙයක, බමම මාධ්‍ය රාමුෙත
කිරීේවලට හසුවීබමන්
වැළකීම අභිබයෝොත්මක ය. නමුත් එය කළ බනාහැක්කක් බනාබව්.
• එකම මූලාශ්‍රයකින් සෑහීමකට පත් බනාවන්න: යේ පුවතක් දුටු විට එය බවනත්
නාලිකා බහෝ
බවේ අඩවි වාර්තා කර ඇත්බත් බකබස්දැයි බසායා බලන්න.
• සිරස්තලයට බනාරැවබටන්න: බබාබහෝ විට සිරස්තල නිර්මාණය කරන්බන්
ඔබේ අවධ්‍ානය
ෙැනීමට මිස සතයය කීමට බනාබව්. සේූර්ණ කතාව කියවන්න.
• "ඇයි?" කියා විමසන්න: "ඇයි බේ ප්‍රවෘත්තිය දැන් බපන්වන්බන්?", "බේ
ප්‍රවෘත්තිබයන් වාසි
ලැබබන්බන් කාටද?", "බමහි බනාකියවුණු පැත්ත කුමක්ද?" යනුබවන් නිතර
ප්‍රශ්‍්න කරන්න.
රූපවාහිනී තිරබයන් බහෝ ජංෙම දුරකථනබයන් දකින "රාමුව" තුළම සිර
බනාවී, ඉන් එහා ඇති විශ්‍ාල
බලෝකය බදස විචාරාත්මක ඇසකින් බැලීමට පුරුදු බවමු. සැබෑ බුද්ධිමතා යනු
මාධ්‍ය බපන්වන බදයම
සතයය යැයි විශ්‍්වාස කරන්නා බනාව, "බනාබපන්වන බදය" තුළ සතයය
බසායන්නා ය.බලෝකය කළු සහ
සුදු බලස බවන් කළ බනාහැක. එය අළු පැහැති තැනකි. නමුත් මාධ්‍ය උත්සාහ
කරන්බන් බලෝකය කළු
බහෝ සුදු බලස බපන්වීමටය. එබැවින් මාධ්‍ය විසින් ඔබේ දෑසට
බලහත්කාරබයන් දමන "වර්ණ
කණ්ණාඩි" ෙලවා දමා, විවෘත මනසකින් බලෝකය බදස බැලීමට කාලය එළඹ
ඇත.
ඔබේ මනස නිදහස් ද? නැත්නේ එය මාධ්‍ය විසින් හිරකර දැමූ සිර මැදිරියක් ද?
තීරණය ඔබ සතුයි.
2026-02-01
Q20 with අමා | Kokila Pawan
කුඩාකල සිටම කලා ක්ශේත්‍රයට අවතීර්ණය වී කාලයත් සමග ක්ශේත්‍රයේ ප්‍රවීනයන් බොහෝ
පිරිසකගේ ඇසුර ලබමින් සහ විවිධ වර්ගීකරණයන් යටතට ගොනු වු නිර්මාණ සදහා රංගන
දායකත්වය ලබාදීම තුලින් ලබාගත් අභ්‍යාස, අත්දැකීම් සමුදායෙන් පොහොසත්ව නිතර වේදිකාව,
රූපවාහිනි හෝ ච්ත්‍රපට වැනි මාධ්‍යයන් තුලින් පෙනි නොසිට ඉතා කල්පනාකාරීව තොරා ගත්
නිර්මාණ සදහා පමණක්ම දායකත්වය ලබා දෙන නමුදු ප්‍රේක්ෂක සිත්තුල සදා නොමැකෙන මතක
එකතු කල චරිතාංග රංගනවේදියානන් කෝකිල පවන් ජයසූරිය සමග යෙදුනු පිළිසදර…
1. කෝකිල, මොකද මේ දවල්වල කලා කටයුතු තුලින් ඔබව පේන්න නැත්තේ?
පේන්න නැති උනාට, ඉදිරි කලා කටයුතු සඳහා සූදානම් වීමකයි මම ඉන්නේ. පේන්න ඉන්නවා වගේම
ඉවසීමකින් නොපෙනී ඉන්නත් ඕනෙනේ. කෙටි කාලයකට මම එංගලන්තයේ ජීවත් වෙනවා. 2026
අවුරුද්දේ වෙනස්ම ආරෙකින් මං නැවත පේන්න ඉඳීවී.
2. කුඩා කාලයේ පටන් දශක ගණනාවක් නිරත වුන නිර්මාණ කටයුතු සහ ඔබ වටා රොද බැදි
ප්‍රේක්ෂක පිරිසගෙන් ඇත් වීම ඔබට දැනෙන්නේ කොහොමද?
ඇත්තෙන්ම මේ නිහඬ බව ඈත් වීමක් නෙමෙයි. මං මීට කලිනුත් මෙවැනි නිහඬ කාලයක් ගත කරලා
තියෙනවා. ප්‍රේක්ෂකයාට එය මතකයි. නමුත් ඉන් අනතුරුව මගේ නිර්මාණ ඔවුන් වෙනදාටත් වඩා
හොඳින් වැළඳගත්තා. මට ඕනේ ප්‍රේක්ෂකයාට හොඳ වින්දනයක් ලබා දෙන්න. ඒකයි කලාවේ යෙදෙන
අපේ වගකීම. මම වෘත්තීමය වශයෙන් කලා කරුවෙක්. මේ නිහඬ බව තුළ තියෙන්නේ නැවත
ගොඩනැගීමක්.
3. එංගලන්තයේදි අහඹු ලෙස ඔබට මුණ ගැහුන ප්‍රේක්ෂකයකුගෙන් ලැබුන අමතක නොවන
ප්‍රතිචාරයක් මතක් කලොත්…
එහෙම මතක ගොඩක් තියෙනවා. සංගීත ප්‍රසංගයකදි ඔහු සෑහෙන්න දුරක් ගෙවාගෙන මාව බලන්න
ඇවිත් තිබුනා. ලංකාවෙදි ඔහු මගෙන් ලබා ගත් සමරු සටහනක් මට පෙන්නුවා. ඔහු එය අදටත් ඉතාම
පරිස්සමෙන් රැක ගෙන. අද සෙල්ෆියකින් අවසන් වන සමරු සටහන් අතරේ ඒ මතකය මට මහමෙරක්
තටම් වටිනවා.
4. දශක ගණනාවක උගත් දේවල් සහ පලපුරුද්ද තුලින් ලැබු කලා කුසලතාවයන් එංගලන්තයේ
වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත තිළිණ කරන්න ඔබ ආරම්භ කල ආයතනය පිළිබදව කිවුවොත්…
එහි නම භාව. භාව ඇකඩමිය හරහා වයස් සීමාවකින් තොරව කලාවට ආදරය කරන ඕනෑම අයෙකුට
තම දක්ශතාවයන් ප්‍රගුණ කිරීමේ අවස්ථාව වගේම, ප්‍රගුණ කල දක්ශතා වේදිකා ගත කිරීමටත්
අවස්ථාව දැන් එංගලන්තයේ ජීවත්වන අපේ ශ්‍රී ලාංකික ආදණීයයන්ට තිබෙනවා. අපේ පලමු
ප්‍රසංගය
2025 වසරේදි පැවැත්වුවා. මෙම දින වල 2026 භාව ප්‍රසංගය සඳහා සූදානම් වනවා.
5. එතෙක් මෙතෙක් රංගනයෙන් දායක වුන චරිත අතරින් ඔබට වඩාත්ම අභියෝගාත්මක ලෙස හැඟුණු
චරිතය මොකක්ද?
මම කරපු හැම චරිතයක්ම අභියෝගාත්මකයි. ඒ අතරින් මාලන්, බාබු, ශක්ති වැනි චරිත විශේෂ යි.
6. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක සිත් තුල නොමැකෙන මතක එකතු කල නාඩගම්කාරයෝ ටෙලි සිත්තමෙහි
මලමාලන්ගේ චරිතය වෙනුවෙන් ඔබ ලැබු අමතක නොවන ඉහලම ප්‍රතිචාරය…
සද්දාමංගල සූරියබණ්ඩාර මහත්මාටත්, ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මාටත්, චාමර සමරවික්‍රම
මහත්මාටත් ඉතාම ස්තූතිවන්ත වනවා මට ඒ චරිතය ලබා දුන්නාට. ඉහලම ප්‍රතිචාරය කියලා මට
විශේෂ කරලා කියන්න බැරි තරමටම අදටත් ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය කියපු දේ තමයි
ටෙලිවිෂනයෙන් ඈත් වෙලා ඉන්න යුගයක නැවත ටෙලිවිෂනය ලඟට ඔවුන්ව ගෙනාවේ නාඩගම්කාරයෝ
කියලා.
7. ඔබට ලැබුණු සම්මාන අතරින් හිතට දැනුන, හිතට ලගම සම්මානය මොකක්ද?
චීනයේ පැවති ජාත්‍යන්තර සම්මාන උළෙලේදි සිරි රජ සිරි චිත්‍රපටය වෙනුවෙන් හොඳම නලුවා
සදහා ලැබුන සම්මානය.
8. ඔබගේ වෘත්තීය ජිවිතයේ ඔබට ඔබ ගැන ආඩම්බරයක් හිතුන අවස්ථාවක තියෙනවාද?
මම සෑම විටම මගේ වෘත්තීය කලා ජීවිතය ගැන ආඩම්බරයෙන් ඉන්නේ. මොකද කලාව හැමෝටම
පිහිටන්නේ නෑනේ.
9. අනාගතයේදී අවස්ථාවක් ලැබුනොත් සම්බන්ධ වෙන්න කැමති විශේෂ චරිතයක් හිතේ තියනවද?
ගොඩක් තියෙනවා. ඒ චරිත මම අනිවාර්යයෙන්ම කරනවා.
10. කලා ක්ශේත්‍රයේ ඔබ අනුගමනය කරන විශේෂ චරිත කිහිපයක්…
මම හොඳ හොරෙක්. චරිතාංග රංගන ශිල්පියෙක් වීම මගේ අරමුණ. ඒකෙදි මගෙ ඉස්සරහට
හම්බුවෙන ඕනෑම කෙනෙක්ගෙන් මං, මට වැදගත් දේවල් මතක තියාගන්නවා.
11. ඔබ රංගනයට මෙන්ම අති දක්ෂ ගායන හැකියාවද ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්න අදහසක්
තියනවාද?
ඔව්, මම උත්සාහ ගන්නවා.
12. කලා ක්ශේත්‍රයෙන් පිටත ඔබ කරන්න බලාපොරොත්තු වෙන වෙනත් දෙයක් තියෙනවද?
ව්‍යාපාර කටයුතු වල නිරත වෙන්න මම කැමතියි.
13. ශරීර සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය වෙනුවෙන් එදිනෙදා අමතක නොකර කරන දේවල්
තුනක්
සංගීතයට සවන් දීම, ව්‍යායාම කිරිම සහ ආහාර පිසීම.
14. ඔබට සතුට දෙන පුංචි දේවල් කිහිපයක් කිවුවොත්…
මම ඕනෑම දේකින් සතුටු වෙනවා. දුකක් තිබ්බත් මම ඒක පෙන්නන්නේ නෑ. ඒ මගෙ හැටි.
15. තව අවුරුදු 10කින් ඔබ ඔබව දකින්න බලාපොරොත්තු වෙන විදිය…
මනස නිරවුල් කෙනෙක් විදියට.
16. විලාසිතාවන් අනුගමනය කිරීමට ඔබ කැමතිද?
ඔව්
17. විවාහයෙන් පසු ඔබේ ජීවිතයේ ඇතිවූ විශාලම වෙනස මොකක්ද?
හැමෝටම විවාහයෙන් පස්සේ ඇතිවෙන වෙනවසම තමයි.
18. ඇය අතින් හදන කෑමවලින් ඔබේ ප්‍රියතම කැම වර්ගය මොකද්ද?
බිත්තර රොටි
19. ඔබ සමාජ මාධ්‍යයන් භාවිතා කරන්නෙක්ද? එසේනම් වැඩිපුර භාවිතා කරන අවකාශය…
මම සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය ලොකුවට භාවිත කරන කෙනෙක් නෙමෙයි. ප්‍රවෘත්ති නම් බලන්නේ
යූටූබ් එකෙන්.
20. ඔබේ නිහැඩියාව නිමාවන කාල වකවානුවක් පිළිබදව හෝඩුවාවක් හොයන ලොව වටා සිටින
ඔබේ ප්‍රේක්ෂකයන්ට පණිවිඩයක් කියන්න ලැබුනොත්…
2026 නොවැම්බර් 01
විශේෂයෙන් ස්තූතියි අමා අක්කේ ඔයාට 2026 වර්ෂයේ මගේ පලමු ආටිකල් එක කලාට.
මේ කතාබහ ඉතාම සරල, සහ හරිම ආදරණීයයි.
අමා නාකන්දලගේ
2026-01-31
සීගිරිය Solo Travel
කූවෙිරගේ ආලකමන්දාව, කාශ්‍යපගේ අහස් මාලිගය…. එක හරි අපූරු නමක්…
මෙි නම යෙදෙන ලොකයේ අටවෙනි පුදුමය ලෙස සැලකෙන එ සුන්දර මහා පර්වත
රාජයාව දැකගන්න මම මෙවරත් තනිවම පිටත් උනේ මෙි වසරේ මුල්ම සංචාරය
ඔබ වෙත ගෙන එමෙි අදිටනින්…
සීගිරිය… මුළු ලොකයක් වසග කරගත් අපේ මවි බිමෙි අභිමානය… කාශ්‍යප
රජුගේ අහස් මාලිගාව දැක නරඹන්න ගවෙිශනයට මම පාන්දරින්ම පොදු
ප්‍රවාහනයෙන් මාතලේ සිට දඹුල්ලට පැමිණියා… දඹුල්ලෙන් සීගිරිය බස් රථයකට
ගොඩවී උදැසන 7.44වන වට මම බස් රථයෙන් බැසගත් විටම මගේ දැස් මානේ
සීගිරි පර්වතය දිස් උවෙි මහත් වු අභීමානයෙන්….
අවට දිය අගල්වල සුන්දරත්වය විදිමින් උදැසන හිරු රශ්මියේ පහස විදිමින්
කුරුල්ලන්ගේ සහා මොණරුන්ගේ හඬටත් සවන් දිගෙනම මම සුන්දර සංචාරය
විදින්න ගත්තේ හිතම අමුතුමවු ප්‍රබොදයකින් පිරි යද්දියි… දේශිය සංචාරකයන්
නමි මගේ දැසට හසු නොවු තරමි.. එ තරමි විදේස් සංචාරකයන්ගෙන් මෙි
උදැසනම සීගිරිය පිරි තිබුණේ අපේ රටෙි මෙි මහත් අභිමානවත් රාජධානිය ගැන
තවත් මගේ හිත ආඩමිබරයෙන් හදවත පිරි යද්දි…..
ටිකටි පතක් මිලදිගෙන දිය අගල මතින් ඇති කුඩා පාලමත් පසු කරගෙන මම
ගොඩ උනේ රාත්‍රියටත් එකල දිස්නේ දුන් චන්ද්‍රකාන්ති පාෂාණයෙන් නිම කල
පඩිපෙල වෙතට… කුඩා කල දෙවතාවක් මෙහි පැමිණ ඇතත් සීගිරිය ගැන
ඓතිහාසික වටිනාකම දැන සිටියේ නෑ….නමුත් මෙවර ගමනේදි නමි යමතාක්
දුරට සීගිරිය පිළිබදව රහස් බොහොමයක් දැනගෙන සිටින නිසාම දැස් මත
මායාවක් වගේ එකල මෙසේ මෙහි තිබෙන්නට ඇතැයි යන හැඟීම සමග මැවි
පෙණුනේ මගේ ගමන තවත් සුන්දර කරලයි….
මෙසේ ආරමිභ කලා මගේ ගවෙිශන චාරිකාව….දිය අඟල් පසු කර පැමිණ ලගා
උනේ ජල උද්‍යානයට… මට වාසනාව තිබුණා තාමත් සක්‍රිය මටිටමෙි තිබෙන ජල
මල්වල සුන්දරත්වය සිසිලස සමග විදින්න… ඉදිරියට පර්වතය දෙස බලාගෙන
ඇවිද ගියේ හිතින් අතීතය දසත මවාගෙන…. තනිව පැමිණි මා සමග සුහදවු චින
ජාතිකයන් කීප දෙනා නිසාම මටත් ඔවුන්ගෙ මගපෙන්වන්නාගෙන් සීගිරියෙ යමි
යමි ස්ථාන ගැන විස්සතර දැනගත හැකිවුවෙත් වාසනාවකට…
දුටු විට හිත තුල පුදුමාකාර ආශාවක් ඇති කල සිංහ පාදය අසල මම රැදි සිටියා
බොහො වෙිලාවක්… එය සිංහයෙකුගේද ගුරුලෙකුගේදැයි යන ප්‍රශ්නය මගේ
හිත තුලට එබිකමි කලත් නැවත එ ගැන හිතත් සමග විවාද නොකල මම නැවත
ඉහලට නැඟගෙන යන්න ගියේ පර්වතය මුදුණත දැකගන්න….පර්වත මුදුණතට
ලගා වෙන විට මගෙ දෑස් මානයෙ බැබළුණේ මම මීට පෙර දිනක ගිය පිදුරංගල
ගල් පර්වතයයි… කෙමෙන් කෙමෙන් පතීත වෙන අවුරශ්මියත් දරාගෙනම මම එ
දෙස මොහොතක් බලා සිටියදී මට ගයිඩි මහත්මයකුගෙන් දැනගත හැකි උනා
පර්වතයට ගොඩ වෙන තැනම ඇති වැසි ජලය එක්විමට ඇති සීදි ගිය පොකුණ..
එහි එක් කුහරයක් පෙන්වු ඔහු පැවසුවෙි වැසි කාලයට එකතුවෙන වැසි ජලය
කුහරය ඔස්සේ පර්වතය පාමුලට රැගෙන යන බවයි……
ඉන්පසු මම ලගා උනේ සීගිරි පර්වතයෙ උසම ස්ථනයට.. කාශ්‍යප රජුගේ
සිරියහන් ගැබ මෙි ස්ථානයෙ තිබු බවත් එහි ඇති චන්ද්‍රකාන්ති පාෂාණයෙන් නිම
කල අවසන් ගල්පඩි දෙක මෙහි ඉතිරි පියගැටපෙලේ අවශේෂ බවත් මට ගයිඩි
මහත්මයෙකුගෙන් දැනගත හැකි උනා… 1201 සහා 1202වන මෙි ගල් පඩි දෙකටත්
නැග විස්සතර පැවසු ගයිඩි මහතාටම කියා ඡායාරූපයක් ගන්නටද මම අමතක
කලේ නෑ…
කෙමෙන් උදාවෙන මධ්‍යාහන නිසා අවුරශ්මිය දරාගත නොහැකි තරමි… මෙි
මොහොතේදියි මට මතක් උනේ මෙහි ඇති ගල් ආසනය එහෙමත් නැත්නමි රජ
ආසනය දකින්න… පඩිපෙල් බැසගෙන නැඟගෙන මම ලගා උනේ එ අපූරු
ස්ථානයට….
විශ්මත නිර්මාණ.. මගෙ දෑස්ද මෙි විශ්මයෙන් ඔප නැංවි තිබෙන්නට ඇති එ
මොහොතේ… ගල් ආසනයට පෙර මගේ දැස් නතර උනේ කොළපැහැති ජලයෙන්
පිරි ඇති විශාල පොකුණ මතයි… මෙි පොකුණ වටාද කතා බොහොමයක් පවතින
බව මම අසා තිබෙනවා… කෘත්‍රිමව සෑදු දිය ඇල්ලක් මෙි පොකුණ අලංකාරයට
එදා යොදා ගත් බව විස්තර සොයා යෑමෙිදි දැනගත් බව මගේ මතකෙට පැමිණියේ
එවිටයි.. එ එක්තරා පඩිපෙල් පෙළියක් දුටු විටයි… පොකුණත් බලාගෙන ගලෙන්
කල ආසනය අසලට එන විට ගඩොල් මත එක්තරා අංකයක් දුටු මට එය
ගැටලුවක් උවා.. නමුත් එ අංකය කුමක් සදහා යෙදවුවක්දැයි තවමත් මට සොයා
ගත නොහැකී වීම නමි කණගාටුවට කරුණක්…..
දැඩි අවුරශ්මියත් සමග පර්වත මුදුණට සමුදී කැටපත් පවුරත් එ සුන්දර සීගිරි
ලලනාවන්ගේ සිතුවමි විලින්ද මගේ හිත පුරවාගෙන පහලට බැස්සේ මොනතරමි
නමි රහස් මෙහි සැගවී ඇතිදැයි සිතමින්… රාජසභා මන්ඩපය ලෙස සැලකෙන
තැන පසු කල පසු නයිපෙන ගුහාවෙි නයි පෙනයක් බදුවු එ අපූරු දැවැන්ත
පාශානය මගේ දැස් විශ්මයෙන් පිරවුවා…
හිත තුල ගැටලු රාශියක් මතුවෙලා… එ තරමට සීගිරිය යනු කියවා අවසන් කල
නොහැකි පුස්තකාලයක් බව නමි කිව යුතුමයි…. දැඩි පිපාසයත් කුසගින්නත් නිසා
සීගිරි පර්වතයට සමුදී මම නැවත ගමිබිමි කරා එන්නට පිටත් උනේ නැවතත්
දවසක තාමත් මට දැකගත නොහැකිවු සහා මට ගැටලු සහගත තැන් ගැන සොයා
බලන්න පැමිණිමෙි බලාපොරොත්තුවෙනුයි….
සුන්දර සංචාරයක් ලොකේ අටවන පුදුමය ලෙස සැලකෙන සීගිරියේ මෙලෙස මම
ගෙවා දැමුවා… නැවතත් දිනක යන්නට තරමි හිත එ පුස්තකාලයට වශි වෙලා
තිබෙනවිට මම ස්තුති කලේ මෙි විශ්වයට….. ඔබත් දිනක යන්න මෙි විශ්මිත
ඓතිහාසික සීගිරිය නරඹා එන්න… එය ඔබෙි ජිවිතේට ගිය හොදම ගමනක් වෙන
එක නමි නොඅනුමානයි…
ඉතිං හැමදාමත් වගේ මෙි ගමනේදීත් මගේ හිත සතුටින් පුරවන විශ්වයට ස්තුතියි
කරන්න අමතක කලේ නෑ…. ඉතිං තවත් සුන්දර සංචාරයකින් නැවත හමු
වෙනතුරු රෑදි ඉන්න…
නිසංසලා රණසිංහ
2026-01-30
ඩූම්ස්ක්‍රෝලිං (Doomscrolling) අඳුරු ආකල්පයය
ඇතැම් රටවල් වයස අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම්
කිරීමේ අණ පණත් හඳුන්වා දෙමින් සිටියි. එය මේ ඩිජිටල් යුගයේ තරුණ පරපුර
අතර නිහඬව පැතිර යන නව අඳුරු පුරුද්දක් සහ ආකල්පයක් මැඬ පැවැත්වීමට
යම් තරමකින් හෝ උපකාර කරනු ඇත. එය doomscrolling ලෙස හඳුන්වන,
අසත්‍ය, බියජනක, අඳුරු පුවත් සහ සමාජ මාධ්‍ය අන්තර්ගතය නිරන්තරයෙන්
පහළට යමින් සළකා බැලීමේ පුරුද්ද සහ ඒ මඟින් තමන් දකින ලෝකය අඳුරු
ලොවක් වේවා යනුවෙන් බැලීමේ ආකල්පයයි. මුලින්ම එය පුරුද්දක් වන අතර
ආකල්පයද එයින් බිහිවේ.
බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් බැලූ විට, මෙය සුන්දර ළමා සිත් අඳුරු කරන මානසික
ගැටළු ඇතිකරන අකුසල චිත්ත ඇති කරයි. ගැඹුරින් බැලීමේදී doomscrolling
කෙලෙස් (කිලේස) වලින් සිත පුරවන අතර සන්තානයේ නිදාසිටින අභ්‍යන්තර
යක්ෂයන් වන අනුසය (dormant destructive forces) පෝෂණය කරයි. අනුසයවල
ස්වභාවය නම් පුද්ගලයාට නොදැනී ඔහුව අනුසය විසින් පාලනය කරනු ලැබීමයි.
ඩූම්ස්ක්‍රෝලින් තුළින් පමණක්ම තම ජීවිතය සහ ලෝකය දෙස බලන දරුවන් මට
හමුවී තිබේ. ඒ මනෝ උපදේශනය සඳහා ඔවුන් හමුවූ විට ය.
බෞද්ධ මනෝවිද්‍යාවට අනුව, මනස නැවත නැවත සිදු කරන දෙයින් අවධානය,
ඇබ්බැහිවීම සහ අත් හදා බැලීමේ ජීවන රටාව නිර්මාණය වේ. අඳුරු හා
විරෝධාත්මක පුවත් සහ ක්‍රීඩා නිරන්තරයෙන් දකිමින් සිටීමෙන් සැකය, කෝපය,
සහ පළිගැනීම වර්ධනය වේ. මේ නිසා ඇතිවන නිශේධාත්මක මානසික පෙරලිය
පාප විතක්ක ලෙස හැඳින්වේ. පාප විතක්ක තුළින් සිදුකරන ඝාතන ආදි අපරාධ,
විශේෂයෙන්ම බාලවයස්කාරයන් විසින් සිදුකරන ඒවා සඳහා පැහැදිලි හේතුවක්
අවශ්‍ය නොවේ. තනියම හෝ කණ්ඩායමක් ලෙස එම අපරාධ සිදුකිරීමේදි ඔවුනට
අවශ්‍ය වන්නේ පහසු ඉළක්කයක් පමණි. අපරාධ වාර්තා අනුව ඇතැම් දරුවන්ට
අවශ්‍ය වූයේ තමන් ඩූම්ස්ක්‍රෝලින් තුළින් දුටු දේ අත් හදා බැලීම පමණි.
බ්‍රහ්මවිහාර හෙවත් මිනිස් ජීවිතය තුළ දෙවියන් බිහි කරන මෙත්තා
(unconditional universal love), කරුණා (compassion, empathy for others), මුදිතා
හෙවත් අනුන්ගේ දියුණුවේදී සතුටුවීම (altruistic joy) සහ උපෙක්ඛා (emotional
balance before life situations) ජනප්‍රිය කරවන දේ සමාජ මාධ්‍ය තුළ විරල ය.
ප්‍රාථමික වයසේ දරුවන්ට හාවා සමඟ සෙල්ලම් කරන සිංහයා හෝ කොටියා
සිටින වැඩ සටහන් තිබුණද භද්‍ර යෞවනත්වයට පත්වන දරුවන් සඳහා ඇත්තේ
ඩූම්ස්ක්‍රෝලින්වලින් පිරිණු දේ ය. මාර්ගගත ක්‍රීඩා (online games) ඒ අතර
ප්‍රධාන ය.
දින කීපයකට පෙර වයස 14 – 15 ක දරුවන් 26 දෙනෙකු සඳහා වැඩ මුළුවක්
කළෙමි. ඒ අය අතරින් 5 දෙනෙකු සිටියේ ඩූම්ස්ක්‍රෝලින් නිසා තමන්ගේම
සහෝදරයාට හෝ සහෝදරියට පහරදීමේ ආකල්පයකිනි. සහජයෙන්ම එන sibling
rivalry හෙවත් සහෝදර සහෝදරියන් අතර ඇතිවන තරඟමය ආකල්පයට සහ
sibling jealousy due to parental attention හෙවත් මව්පියන්ගේ අවධානය අඩුවීම
නිසා සහෝදර සහෝදරියන් අතර ඇතිවන ඉරිසියාවට ඩූම්ස්ක්‍රෝලින් ඉන්ධන
සපයයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මනස නිතර යොමු කරන දේ අනුවම හැඩ
ගනී.
එබැවින්, මනසට ආලෝකය දෙන දේ තෝරා ගැනීම ධර්මමාර්ගයේ අත්‍යවශ්‍ය
පියවරකි. එම මාර්ගය පෙන්වීම මේ ඩිජිටල් යුගයේදී දුෂ්කර වුවත් එය
මව්පියන්ගේ සහ භාරකාරයන්ගේ වගකීමයි. බොහෝ මව්පියෝ ටැබ්
පරිගණකයක් හෝ ස්මාට් ෆෝන් දරුවන්ට දී දරුවන් නිහඬ කිරීම parenting
හෙවත් දරුවන් හැදීම යැයි සිතති. ඒ parenting නොව දරුවාට අඳුරු ලෝකයකට
යාමට මඟ පෙන්වීමක් විය හැකිය.
මේ මව්පියන් අවදි වියයුතු කාලයයි.
සාකල්‍ය මනෝවිද්‍යා උපදේශක
ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි
2026-01-29
සැබෑ නායකයා
“දෙවියන් වහන්සේ කැඳවන්නේ වයසින් නොව, හදවතින් නායකත්වයට”
(1 තිමෝති 4 : 12)
" නුඹේ යෞවනකම සුළුකරන්ට කිසිවෙකුට ඉඩ නෑර, කථාවෙනුත් හැසිරීමෙනුත්
ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් අදහන්නන්ට නුඹම ආදර්ශයක්
වෙයන්න."
අද අපි ජීවත් වන්නේ නායකත්වය අර්ථකථනය වීම අර්බුදයකට පත්
වූ යුගයකය.
බොහෝ අය සිතන්නේ නායකයෙක් වීමට වයස, තනතුර, හෝ බලය
තිබිය යුතුය කියාය.
නමුත් දෙවියන් වහන්සේගේ වචනය අපට පැහැදිලිව කියාදෙන්නේ
සත්‍ය නායකත්වය එන්නේ හදවතින් හා චරිතයෙන් බවයි.
1. දෙවියන් වහන්සේ තරුණයන් භාවිතා කරයි
(ජෙරමියා 1 : 7 – 8)
"නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම බාලයෙක්මියි නොකියා, මා විසින්
නුඹ යවන සියල්ලන් ළඟට ගොස්, මා නුඹට අණකරන සියල්ල කියාපන්න.
ඔවුන්ට භය නොවන්න; මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමග සිටිමියි
ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක."
දෙවියන් වහන්සේ අපගේ වයසට වඩා බලන්නේ
✔️ අපගේ කැමැත්ත
✔️ අපගේ යටත්වීම
✔️ අපගේ විශ්වාසය
2. නායකත්වය ආරම්භ වන්නේ චරිතයෙන්
(හිතෝපදේශ 4 : 23)
"සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂා කරගනින්න; මක්නිසාද එයින් ජීවනය
නික්මෙන්නේය."
තරුණ නායකයෙක් වීමට
• හොඳ කථාව
• පවිත්‍ර ජීවිතයක්
• ආදරයෙන් පිරුණු හැසිරීමක්
• දෙවියන් වහන්සේට විශ්වාසවන්ත බව
මිනිසුන් ඔබ අසන්නේ නැති වෙලාවලදීත්, ඔබ ජීවත්වන ආකාරයයි
සත්‍ය නායකත්වය.
3. නායකයෙක් යනු සේවකයෙකි
(මතෙව් 20 : 25 – 27)
"නුමුත් යේසුස්වහන්සේ ඔවුන් තමන් ළඟට කැඳවා: අන්‍යජාතීන්ගේ
ආණ්ඩුකාරයින් ඔවුන් කෙරේ අධිපතිකම් කරන බවත් ඔවුන්ගේ උත්තමයන් ඔවුන්
කෙරේ බලය පවත්වන බවත් නුඹලා දනිහුය. නුඹලා අතරේ එසේ නොවන්නේය.
නුඹලා අතරේ යමෙක් උතුම් වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා
වන්නේය. නුඹලා අතරේ යමෙක් ප්‍රධානයා වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ
දාසයා වන්නේය."
යේසුස් වහන්සේ නායකත්වය පෙන්වූයේ
�� සිංහාසනයකින් නොව
��♂️ පාද සේදීමෙන්ය.
තරුණ නායකයෙකු වීමට කැමති නම්, පළමුව සේවකයෙකු වීමට
සූදානම් වන්න.
තරුණ නායකයාණනි,
දෙවියන් වහන්සේ ඔබව අදම කැඳවයි.
හෙටට නොව — අද.
“දෙවියන් වහන්සේ මට භාර දී ඇති ස්ථානයේ, මම විශ්වාසවන්තව,
පවිත්‍රව, ආදරයෙන් නායකත්වය ගන්නෙමි”
අවසානය
(පිලිප්පි 4 : 13)
"මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන."
2026-01-28
ආදරවන්තයන්ගේ දිනය – ආදරය, සෙනෙහස සහ මානව සබඳතා සැමරෙන දිනය
පෙබරවාරි 14 වන දින ලොව පුරා ජනතාව විසින් සැමරෙන ආදරවන්තයන්ගේ
දිනය (Valentine’s Day) ආදරය, සෙනෙහස, විශ්වාසය සහ මානව සබඳතා
වටිනාකම මතක් කරවන විශේෂ දිනයක් වේ. මෙම දිනයේදී පෙම්වතුන් තම
ආදරණීයයන්ට ආදරය ප්‍රකාශ කිරීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරති. මල්,
චොකලට්, තෑගි, සුභ පැතුම් කාඩ්පත් සහ ආදරණීය පණිවිඩ හුවමාරු කිරීම මෙම
දිනයේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන අංගයන් වේ.
ආදරවන්තයන්ගේ දිනයේ ඉතිහාසය පුරාණ රෝම යුගය දක්වා දිව යයි. ශාන්ත
වැලන්ටයින් නම් පූජකවරයෙකු මෙම දිනයට සම්බන්ධ ප්‍රධාන චරිතය ලෙස
සැලකේ. රෝම අධිරාජ්‍යයා විසින් සොල්දාදුවන්ට විවාහ වීම තහනම් කර තිබූ
කාලයක, ශාන්ත වැලන්ටයින් ආදරයෙන් බැඳුණු යුවළන්ට රහසිගතව විවාහ කර
දීම සිදු කළ බව කියවෙයි. ඒ හේතුවෙන් ඔහු දඬුවම් ලැබ මරණයට පත් වූ අතර,
ඔහුගේ කැපවීම සහ ආදරය වෙනුවෙන් කළ පූජාව මතක් කරමින් මෙම දිනය
ආදරය සැමරෙන දිනයක් ලෙස හඳුනාගෙන ඇත.
වර්තමාන සමාජයේදී ආදරවන්තයන්ගේ දිනය වෙළඳාමටද දැඩි ලෙස සම්බන්ධ වී
ඇති දිනයක් බවක් පෙනේ. වෙළඳසැල්, හෝටල් සහ විවිධ ආයතන මෙම දිනය
ආශ්‍රිතව විශේෂ ප්‍රචාරණ වැඩසටහන් සංවිධානය කරති. එහෙත්, ආදරය
කියන්නේ මුදල් හෝ වටිනා තෑගි මත පදනම් වූ දෙයක් නොව, හදවතින් හදවතට
ගලා යන සත්‍ය හැඟීමක් බව අප මතක් කරගත යුතුය.
ආදරය යනු පෙම්වතුන් අතර පමණක් සීමා වන හැඟීමක් නොවේ. මව්පියන්ගේ
ආදරය, ගුරුවරුන්ගේ කැපවීම, මිතුරන්ගේ සෙනෙහස සහ සමාජයේ එකිනෙකාට
දක්වන කරුණාවද ආදරයේ විවිධ ආකාර ලෙස සැලකිය හැක. එබැවින්
ආදරවන්තයන්ගේ දිනය අපට අපගේ ජීවිතයට වටිනාකම එක් කරන සියලු
දෙනාට ස්තූතිය පළ කිරීමටත්, ඔවුන්ට අපගේ සෙනෙහස පෙන්වීමටත් හොඳ
අවස්ථාවක් වේ.
අවසානයේදී, ආදරවන්තයන්ගේ දිනය අපට උගන්වන්නේ ආදරය කියන්නේ එක්
දවසකට පමණක් සීමා කළ හැකි දෙයක් නොව, සෑම දිනකම ක්‍රියාවලියෙන්
පෙන්විය යුතු අගනා ගුණාංගයක් බවයි. එකිනෙකාට ගරු කිරීම, තේරුම් ගැනීම
සහ සමාව දීම තුළින් සත්‍ය ආදරය පෝෂණය කළ හැකි අතර, එවැනි ආදරයක්
ඇති සමාජයක් බිහිකිරීමට මෙම දිනය අපට ආශ්වාදයක් විය හැක.
අහිමි හිමිකරු



