ඩූම්ස්ක්‍රෝලිං (Doomscrolling) අඳුරු ආකල්පයය
ඇතැම් රටවල් වයස අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම්
කිරීමේ අණ පණත් හඳුන්වා දෙමින් සිටියි. එය මේ ඩිජිටල් යුගයේ තරුණ පරපුර
අතර නිහඬව පැතිර යන නව අඳුරු පුරුද්දක් සහ ආකල්පයක් මැඬ පැවැත්වීමට
යම් තරමකින් හෝ උපකාර කරනු ඇත. එය doomscrolling ලෙස හඳුන්වන,
අසත්‍ය, බියජනක, අඳුරු පුවත් සහ සමාජ මාධ්‍ය අන්තර්ගතය නිරන්තරයෙන්
පහළට යමින් සළකා බැලීමේ පුරුද්ද සහ ඒ මඟින් තමන් දකින ලෝකය අඳුරු
ලොවක් වේවා යනුවෙන් බැලීමේ ආකල්පයයි. මුලින්ම එය පුරුද්දක් වන අතර
ආකල්පයද එයින් බිහිවේ.
බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් බැලූ විට, මෙය සුන්දර ළමා සිත් අඳුරු කරන මානසික
ගැටළු ඇතිකරන අකුසල චිත්ත ඇති කරයි. ගැඹුරින් බැලීමේදී doomscrolling
කෙලෙස් (කිලේස) වලින් සිත පුරවන අතර සන්තානයේ නිදාසිටින අභ්‍යන්තර
යක්ෂයන් වන අනුසය (dormant destructive forces) පෝෂණය කරයි. අනුසයවල
ස්වභාවය නම් පුද්ගලයාට නොදැනී ඔහුව අනුසය විසින් පාලනය කරනු ලැබීමයි.
ඩූම්ස්ක්‍රෝලින් තුළින් පමණක්ම තම ජීවිතය සහ ලෝකය දෙස බලන දරුවන් මට
හමුවී තිබේ. ඒ මනෝ උපදේශනය සඳහා ඔවුන් හමුවූ විට ය.
බෞද්ධ මනෝවිද්‍යාවට අනුව, මනස නැවත නැවත සිදු කරන දෙයින් අවධානය,
ඇබ්බැහිවීම සහ අත් හදා බැලීමේ ජීවන රටාව නිර්මාණය වේ. අඳුරු හා
විරෝධාත්මක පුවත් සහ ක්‍රීඩා නිරන්තරයෙන් දකිමින් සිටීමෙන් සැකය, කෝපය,
සහ පළිගැනීම වර්ධනය වේ. මේ නිසා ඇතිවන නිශේධාත්මක මානසික පෙරලිය
පාප විතක්ක ලෙස හැඳින්වේ. පාප විතක්ක තුළින් සිදුකරන ඝාතන ආදි අපරාධ,
විශේෂයෙන්ම බාලවයස්කාරයන් විසින් සිදුකරන ඒවා සඳහා පැහැදිලි හේතුවක්
අවශ්‍ය නොවේ. තනියම හෝ කණ්ඩායමක් ලෙස එම අපරාධ සිදුකිරීමේදි ඔවුනට
අවශ්‍ය වන්නේ පහසු ඉළක්කයක් පමණි. අපරාධ වාර්තා අනුව ඇතැම් දරුවන්ට
අවශ්‍ය වූයේ තමන් ඩූම්ස්ක්‍රෝලින් තුළින් දුටු දේ අත් හදා බැලීම පමණි.
බ්‍රහ්මවිහාර හෙවත් මිනිස් ජීවිතය තුළ දෙවියන් බිහි කරන මෙත්තා
(unconditional universal love), කරුණා (compassion, empathy for others), මුදිතා
හෙවත් අනුන්ගේ දියුණුවේදී සතුටුවීම (altruistic joy) සහ උපෙක්ඛා (emotional
balance before life situations) ජනප්‍රිය කරවන දේ සමාජ මාධ්‍ය තුළ විරල ය.
ප්‍රාථමික වයසේ දරුවන්ට හාවා සමඟ සෙල්ලම් කරන සිංහයා හෝ කොටියා
සිටින වැඩ සටහන් තිබුණද භද්‍ර යෞවනත්වයට පත්වන දරුවන් සඳහා ඇත්තේ
ඩූම්ස්ක්‍රෝලින්වලින් පිරිණු දේ ය. මාර්ගගත ක්‍රීඩා (online games) ඒ අතර
ප්‍රධාන ය.
දින කීපයකට පෙර වයස 14 – 15 ක දරුවන් 26 දෙනෙකු සඳහා වැඩ මුළුවක්
කළෙමි. ඒ අය අතරින් 5 දෙනෙකු සිටියේ ඩූම්ස්ක්‍රෝලින් නිසා තමන්ගේම
සහෝදරයාට හෝ සහෝදරියට පහරදීමේ ආකල්පයකිනි. සහජයෙන්ම එන sibling
rivalry හෙවත් සහෝදර සහෝදරියන් අතර ඇතිවන තරඟමය ආකල්පයට සහ
sibling jealousy due to parental attention හෙවත් මව්පියන්ගේ අවධානය අඩුවීම
නිසා සහෝදර සහෝදරියන් අතර ඇතිවන ඉරිසියාවට ඩූම්ස්ක්‍රෝලින් ඉන්ධන
සපයයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මනස නිතර යොමු කරන දේ අනුවම හැඩ
ගනී.
එබැවින්, මනසට ආලෝකය දෙන දේ තෝරා ගැනීම ධර්මමාර්ගයේ අත්‍යවශ්‍ය
පියවරකි. එම මාර්ගය පෙන්වීම මේ ඩිජිටල් යුගයේදී දුෂ්කර වුවත් එය
මව්පියන්ගේ සහ භාරකාරයන්ගේ වගකීමයි. බොහෝ මව්පියෝ ටැබ්
පරිගණකයක් හෝ ස්මාට් ෆෝන් දරුවන්ට දී දරුවන් නිහඬ කිරීම parenting
හෙවත් දරුවන් හැදීම යැයි සිතති. ඒ parenting නොව දරුවාට අඳුරු ලෝකයකට
යාමට මඟ පෙන්වීමක් විය හැකිය.
මේ මව්පියන් අවදි වියයුතු කාලයයි.
සාකල්‍ය මනෝවිද්‍යා උපදේශක
ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි



