Author: Digital My Business
25-Sep-10
පාඩම් මතක තබා ගැනීමට පහසු ක්රම 5ක්
පාඩම් කරන දේවල් මතක තබා ගැනීම කියන්නේ ගොඩක් අයට තියෙන ප්රශ්නයක්. වෙලාවට විභාගයට ලියන්න යනකොට පාඩම් කරපු දේවල් අමතක වෙනවා. ඒත් බය වෙන්න එපා! මේකට හොඳ විසඳුම් තියෙනවා. මෙවර ලිපියෙන් අපි ඒ වගේ පහසු ක්රම 5ක් ගැන කතා කරමු.
1. මතක සිතියම් (Mind Maps) සාදන්න
මතක සිතියම් කියන්නේ පාඩම් මතක තබා ගන්න තියෙන හොඳම ක්රමයක්. ප්රධාන මාතෘකාව පිටුවේ මැදට දාලා, ඒකට අදාළ අතුරු මාතෘකා සහ අදහස් රේඛා වලින් සම්බන්ධ කරලා සටහන් කරන්න. මේ වගේ දේවල් වලට විවිධ පාට පෑන් පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්රමය පාවිච්චි කරනකොට අපේ මොළය දෘශ්යමයව (visual) තොරතුරු සංවිධානය කරගන්නවා. ඒක නිසා මතක තබා ගන්න පහසුයි.
2. තොරතුරු කොටස් වලට කඩන්න (Chunking)
විශාල තොරතුරු ප්රමාණයක් එකවර මතක තබා ගැනීම අමාරුයි. ඒ නිසා ඒ තොරතුරු කුඩා කොටස් වලට කඩලා පාඩම් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට දුරකථන අංකයක් මතක තබා ගන්නකොට අපි ඒක කොටස් වලට කඩලා මතක තියා ගන්නවා. ඒ වගේම ඕනෑම විශාල තොරතුරක් කොටස් වලට කඩලා පාඩම් කරන්න පුළුවන්.
3. පුනරාවර්තනය (Repetition) සහ නැවත නැවත මතක් කිරීම
ඕනෑම දෙයක් මතක තබා ගන්න පුනරාවර්තනය අත්යවශ්යයි. ඔබ පාඩම් කරන දේවල් නිතරම ආවර්ජනය කරන්න. පොඩි වෙලාවක් අරන් කලින් පාඩම් කරපු දේවල් මතක් කරලා බලන්න. මේ ක්රමය ඔබ පාඩම් කරන දේවල් ඔබේ දිගුකාලීන මතකයට (long-term memory) ගබඩා කරගන්න උපකාරී වෙනවා.
4. ශබ්ද නඟා කියවීම (Reading Aloud)
පාඩම් කරනකොට ශබ්ද නඟා කියවීමෙන් ඔබට කියන දේ ඇහෙනවා. ඒකෙන් මතක තබා ගන්න පහසු වෙනවා. ඔබ පාඩම් කරන මාතෘකා අනිත් අයට තේරුම් කරලා දෙනවා වගේ හිතාගෙන කියවන්න. එහෙම නැතිනම් ඔබේම හඬින් රෙකෝඩ් කරලා පස්සේ අහන්න. මේ ක්රමය auditory learners ලාට (ඇසීමෙන් ඉගෙන ගන්නා අයට) ගොඩක්ම ප්රයෝජනවත්.
5. පාඩම් කරන ස්ථානය වෙනස් කරන්න
හැමදාම එකම තැනක පාඩම් කරනවට වඩා විවිධ තැන්වල පාඩම් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට එක දවසක් පුස්තකාලයේ, තව දවසක් උද්යානයක, තව දවසක් ගෙදර පාඩම් කරන්න පුළුවන්. මේකෙන් ඔබ පාඩම් කරන තොරතුරු ඒ ඒ ස්ථාන වලට සම්බන්ධ වෙන නිසා මතක තබා ගැනීම පහසු වෙනවා.
මේ ක්රම 5ම ඔබගේ පාඩම් කටයුතු වලට එකතු කරගෙන බලන්න. ඔබට වඩාත්ම ගැලපෙන ක්රමය මොකක්ද කියලා තීරණය කරලා ඒක නිතරම භාවිතා කරන්න. එතකොට පාඩම් කරන දේවල් මතක තබා ගැනීම තවත් පහසු වේවි.
පියුමි නෙළුමිකා
25-Sep-09
Knuckles five peaks
තාමත් මට සිතාගත නොහැකියි මගේ මෙි සැබැවු සිහිනය…. මිට මෙළවු අතක් බඳු නකල්ස් කදු වැටිය සොයා යාම මෙි වසරේ මගේ හොදම සංචාරය ලෙසයි මට හැඟි යන්නේ.. එ තරමට මම හීන දැක්කා ආස කලා මෙි කදු මුදුණ දැක ගන්නටත් එ සිසිල් සුළං රැල්ලක පහස විදින්නත් නකල්ස් ඇල්ලේ සුන්දරත්වය දකින්නත්…
නිතරම මීදුමෙන් බරවී තිබිම නිසාම දුමිබර යන නමින් වගේම , බටදඬු ගස් බොහොමයක් ඇති නිසාම බටදඬු කදු වැටිය යන නමින්ද ප්රචලිත මෙි කොළපාට ලොකය හොයාන මට යන්නට හැකි උනා…. ඉතිං.. මෙි සුන්දර චාරිකාවෙි මම ලද අත්දැකීම් ගොන්නක් රැගෙනයි මම මෙවර ඔයාලා හමුවට ආවෙි….
මෙි ගමන යන්න මාත් සමග තවත් හතර දෙනෙක් එකතු උනා… ඉතිං අපි පස් දෙනාම එකතු උනේ වත්තේගමට… වත්තේගමින් ගමන ආරම්භ කල අපි පන්විල හරහා බඹරැල්ලට පැමිණියේ ඉතාමත් සුන්දර මාර්ගයක් දිගෙයි… මෙි එන මාර්ගයේදි බොහො දිය ඇලි ප්රමාණයක් දැක ගන්නට හැකියාව ලැබෙනවා.. එ අතර හුළුගඟ ඇල්ල රහස් ඇල්ල සාරි ඇල්ල ජොඩු ඇල්ල වගේ තවත් මා නොදන්නා බොහොමයක් සුන්දර තැන් දැක බලා ගන්න පුළුවන්…
නමුත් අපේ ගමනාන්තය උනේ නකල්ස් කදු මුදුන් පහා නිසාම ජොඩු ඇල්ල වගේ තැන් ඇතින් දැකගෙන ගමන ආරම්භ කලා… එත් අමතක කලේ නෑ මම මෙි ගමන යන්නට මුලපිරු දින සිටම මගේ තාත්තා මට පැවසූ රහස් ඇල්ල බලන්න.. රහස් ඇල්ලත් බලාගෙන හුළුගඟ ඇල්ලත් බලාගෙන අපි ගියේ බඹරැල්ල දෙසට…
බඹරැල්ලට ලගා උන අපි මඟ සිටි අයගෙන් මාර්ගය අසාගෙන ගියත් මඟදි එක් අයෙක් පැවසූවෙි වනජීවී කාර්යාලය ඇති ස්ථානයට බයිසිකල් වලට යා නොහැකි බවයි.. එසේ යනවා නමි තවත් මාර්ගයක් ඇති බවත් ඔහු පැවසූවා.. නැවත හරවාගත් අපි පස් දෙනාම කාපටි යෙදු මාර්ගයේ 3kmක් නැවත ගියේ වනජීවී කාර්යාලය ඇති ගොමරය ගමට යන්නට ඇති දුෂ්කර ගල් බොරළු මාර්ගය වෙතටයි….
ඉතාමත් අබලන්වු මාර්ගයක් ඔස්සේ ලගා උනා රක්ෂිතයට යන්නට අවසර ගන්න වනජීවී කාර්යාලය අසලට… අපි එහි යන විටත් වෙිලාව උදැසන දහයයි තිහ පසුවි අවසන්… අප පැමිණි බයිසිකල් කීපය වනජීවී කාර්යාලයත් වනපෙතට ඇතුල් වෙන ස්තානයත් පසු කර ඉදිරියට ගොස් මෙි මාර්ගයේ අවසන් නිවස වන මල්ලිකා අක්කාගේ නිවසේ නවතා ගමනට සූදානමි උනා….
හරියටම මධ්යාහන උදා විමට හොරාවක් තබා මා විසින් චාරිත්රයක් ලෙස කොල අත්තක් කඩා මෙි වනයට අරක්ගෙන සිටින සියළු දෙවියන්ගේ ආරක්ෂාවත් අවසරයත් ඉල්ලා සිට ගමන ආරමිභ කලා….
අපි ඇතුල් වෙන්නේ හදවතක් බඳුවු ස්ථානයකට… දවටගල ස්වාභාවික මංපෙත.. සමිපූර්ණ දුර කිලොමිටර් 08යි… ගමන ආරමිභ කලේම දහවලේ නිසා පුළුවන් තරමි දුරක් ගොස් හවස හතර වන විට නැවත පල්ලමි බැසිමට අප කතාබහ කරගත්තේ මෙි රක්ෂිතයේ රාත්රියේ රැදිම දඬුවමි ලැබිය හැකි වරදක් බව දන්නා නිසාමයි…
ගමන ආරම්භ වන තැන සිට වනලැහැබ මැදින්
වනයට ඇතුල්වි මිටර් 300ක් පමණ ගිය විට හමුවන දිය පාරෙන් ගොඩවු විට ඇති තුන්මන් හන්දියෙන් දකුණු පසට ඇති අඩි පාරේ මදක් පහලට බැසගත් පසු නකල්ස් ඇල්ල හමුවෙනවා… මගේ ජිවිතේ මම දකින්න හීන දැක්ක දිය ඇල්ලක් මෙි ලෙස මගේ දෑස මානයේ සුන්දරත්වය විදහාලමින් සිටියේ සතුට වැඩි කමට මටත් නොදැනි මා පිස්සෙකු සේ කෑ ගසද්දියි…. මෙි දිය කොමලියගේ උස 10mක් ලෙසයි දැනගත හැකි උනේ…
සුන්දර නකල්ස් දිය ඇල්ල ලග මොහොතක් ගත කල අප ඉක්මනින් නැවත ගමන ආරම්භ කලේ අපේ කාල වෙිලාව පිළිබඳව ඇති ගැටලුව නිසාමයි.. දිය ඇල්ලෙන් සමුගෙන නැවතත් අප පැමිණි තුන්මන් හන්දියට පැමිණ වමි පසට ඇති අඩිපාරේ ඉදිරියට ගමන් කලේ කදු පහා සොයා යෑමෙි අරමුණින්… මද දුරක් අඩි පාරේ ගමන් කල අප අවතීර්ණ උනේ එළිමහන් ස්තානයකට.. මෙි ස්ථානයට නකල්ස් කදු පහා වගේම වමි පසින් රිලාගලත් පැහැදිලිව දැකගත හැකි උනා… මෙි අතරමග තමයි මෙි ගමනේ හමුවන අවසන් දිය පාර හමුවන්නේ.. අපි රැගෙන ගිය බොතල් වලට එයින් ඇති පදමට ජලය පුරවාගෙන නැවත ගමන ආරමිභ කලා..
දහවල නිසා දැඬි අවු රශ්මියත් විදගෙන ඉදිරියට ඇවිද ගිය අප ඇතුල් උනේ අඳුරු වනලැහැබකට… දැඬි අවු රශ්මියෙන් එළිමහන් ප්රදේශය පසු කර පැමිණි මට වචනයෙන් කියාගත නොහැකි සිසිලසක් ගතට දැණුනා මෙි වනලැහැබ තුලදි… කෙමෙන් කෙමෙන් අප කදු මුදුණට ලගා වෙන නිසාම දැඩි වෙහෙසක් දැණුනා මට….
මෙි වන ලැහැබ පුරාම මම දුටුවෙි විසල් වනස්පතින් සමග ඇති කුඩා ශාක… යටි රෝපණයක් නැති තරමි… දහවල් ආහාරය ලෙස ගෙනා කුඩා ඉදි ආප්ප පාර්සලය ලිහා බඩකට පුරවාගෙන නැවතත් ගමන ආරමිභ කලේ කුඩැල්ලන්ගේ පහසත් විදගෙනමයි….. බැලු තෙක් මානේ ඇත්තේ ඝන වනාන්තරය වෙනකොට නැවතත් අප මෙි අඳුරු වන ලැහැබ පසු කරගෙන ලගා උනේ එළිමහන් උස් ස්ථානයකට… දැස් අදහාගත නොහැකි තරමි වට පිටාවෙිම තිබුණේ උස් කදු විතරමයි… කොළපැහැති ලොකයක් තමයි අප වටා තිබුණේ… අපේ මුහුණු වල තෙහෙටිටුව මදකට අඩුවි සිනාවෙන් මුහුණු වර්ණවත් වෙන්න ගියේ තත්පරයයි…
අප සිටින මෙි ස්ථානයට අපේ ගමනාන්තය පැහැදිලිවම දිස් වෙද්දි අප නැවතත් ගමන ආරමිභ කලේ තවත් කිලොමිටර් කිපයක් අපට පළවන සහා දෙවන කදු මුදුන් වලට යෑමට ඇති හෙයිනි… අප මදකට විවෙික ගත් ගල් පර්වතයෙන් බැස නැවතත් සීග්‍ර නැග්මක් ඔස්සේ ගමන ආරමිභ කලේ පළවන කදු මුදුණතට ලගා විමටයි.. මෙි යන අතරමග අපට ලාංකිය සංචාරකයන් වගේම විදෙස් සංචාරකයන්ද මුණගැසුණු බව සදහන් කල යුතුමයි.
එළිමහන් ස්ථානය පසු කර ගිය පසු බට පඳුරු ශාක බහුලව ඇති සීග්‍ර නැග්මක් ඔස්සේ පැමිණි අප අවතීර්ණ උනේ තංගප්පුව මාර්ගය අප යන මාර්ගයට සමිබන්ද වෙන ස්ථානයටයි.. මෙි වෙතට ලගා වෙත්ම ලංකාවෙි සංචාරයට පැමිණි පොලන්ත ජාතිකයන් පිරිසක් අපට මුණගැසුණා.. ඔවුන් අපට දකුණු පසින් ඇති අළුගල් ලෙනට යන තංගප්පුව මාර්ගයෙන් පහලට බැස ගියේ මෙි පටු මාර්ගයේ ඔවුන් යන තෙක් ඉඩදී බලා සිටියදියි….
නොයෙක් වර්ගයේ ශාක කඳන් වසාගෙන ඇති තෙත පාසි වර්ග අතගා බලා සිසිලස විදගෙන වන මල් පිපි ඇති වනලැහැබෙි සුන්දරත්වයත් විදගෙන මම නමි දැඩි වෙහෙසකින් ඉදිරියට නැඟ ගියේ බලාපොරොත්තු දහසක් හිත තුල පොදි බැදගෙනයි…
අපේ ගමනාන්තයේ පළවෙනි කදු මුදුණතට ලගාවු පසු මගේ විඩාව නමි කොහේ ගියාදැයි සිතාගත නොහැකි උනා.. 1500m උසින් පිහිටි මෙි කදු මුදුණත තරමක පටු තැනක් , පහලින් ප්රපාතය නිසා පළමු කදු මුදුණේ සිට අවට රිසි සේ නැරඹීමට නොහැකියි.. මද වෙලාවක් එහි සිටි අප නැවත අඩිපාර දිගේ ඉදිරියට ඇවිද ගියේ දෙවනි කදු මුදුණත සොයාගෙනයි…
මාව පිස්සෙකු සේ මන්මත් කල නකල්ස් කදු මුදුන් පහේ උසම කදු මුදුණතට අප ලගා උනේ සියළු වෙහෙස මහන්සිය කොහෙන් ගියාදැයි සිතාගත නොහැකි වෙද්දියි…
නකල්ස් කදු වැටියේ උසම කදු මුදුණ වන ගොමිබානියට දෙවනි වන කදු මුදුණත තමයි මෙි five peaks වල දෙවන කදු මුදුණ.. උසින් 1864m… දහවල් එකොලහට වනාන්තරයට ඇතුල්වි සීග්‍ර නැග්මන් ඔස්සේ 6kmක් ගෙවා අප දෙවන කදු මුදුණතට ලගා වෙන විට වෙලාව් හවස තුනයි…
අප පසු කර පැමිණි කාපටි මාර්ගයේ අප ඉදිරියෙන් දිස්වු කන්ඳසාමි ගල පැහැදිලිවම අපට දැකගත හැකි උනා. එ වගේමයි මගේ තවත් හීන ගමනාන්තයක් වන ලකේගල , ගොමිබානිය අළුගල් කන්ද රිලාගල වගේ තවත් බොහො කදු මුදුන් මගේ දැස් මානයේ විරාජමානව තෙජාන්විතව සිටියේ හරියට එ කදු මුදුන් මට කතා කරනවා වගේ හදවතට දැනෙද්දි…
මොහොතකට මට සිතුනා මගේ දැස් කොයිතරමි නමි වාසනාවන්තදැයි කියලත්.. වර්ණවත් ශාක පත්‍ර වගේම වනමල් මගේ හිත වශිකරගෙන… රාවණ ඉතිහාසය ගැන බොහො කතාන්දර මෙි නකල්ස් කදු මුදුණ් සමග බැදී පවතිනවා.. එ කතා ලියා තැබිමට ගියහොත් මගේ ලිපිය තවත් දීර්ඝ වෙන බව මා දන්නා නිසාම ලකේ ගල ගිය දවසක එ විස්තර රැගෙන එන්නට පොරොන්දු වෙනවා…
අපේ රට මොනතරමි නමි සුන්දරද.. මෙි රටේ සුන්දරත්වය දැක බලා ගන්නට මෙවැනි කදු මුදුණකට එන්නම ඔින… දෑස් මානයේ පෙනෙන්නට ඇති අනෙක් කදු මුදුණ් ත්රිත්වය දෙස බලා සිටියේ එහි යාමට අපට කාල වෙිලාව නොමැති සොවින්…
ඉතිං… බොහො වෙිලාවක් මෙහි සුන්දරත්වය විදගෙන ගෙනා කෙටි ආහාර වලින් කුසත් පුරවාගෙන හතරයි තිහ වන විට අප පල්ලමි බැස්සේ අඳුර වැටෙන්නට ප්රතම අප පැමිණි දුශ්කර බොරළු ගල් ගොඩැලි ඇති ගොමරය ගමි පියසේ මාර්ගය පසු කර යා යුතු නිසයි…
හදවත නකල්ස් දෙවන කදු මුදුණත තබා මෙි විශ්වයට ස්තුති කර නැවත පහලට බැස ගත්තා… පැමිණි මාර්ගයේ එළිමහන් තැන්නට පැමිණි පසු නැවතත් සුළු මොහොතක් අප තරණය කල දෙවන කදු මුදුණත දුටු විට ඇතිවු තෘප්තියෙන් හදවත පිරි යද්දි බස්නාහිරි හරි අපූරුවට හිරු බැස යන සුන්දරත්වයත් මෙි විශ්වය අපට තෑගි කලා…
මෙි සුන්දරත්වය දෑස් පුරා පුරවාගෙන නකල්ස් වලට සමුදි සවස හයයි තිහ වන විට අප පැමිණි යතුරුපැදි නවතා ඇති නිවසට පැමිණියා… එ එන විටත් මල්ලිකා අක්කා ඇගේ නිවසේ ඉදිකඩ ලග පෙර මඟ බලා සිටියේ අප දහවලේ කදු තරණයට ගිය හෙයින් අඳුර වැටෙන විට අතරමං උවාදැයි බියෙන්.. මදක් ඇගේ නිවසේ ගිමන් හැර නැවත අප අපේ ගමි බිමි කරා පිටත්ව ආවෙි සුන්දර මතක ගොන්නකින් හදවත පුරවාගෙනයි….
මෙි ගමන පුරාවටම මගේ හිත සතුටින් පිරිලා… වෙනදා වගේම මෙි ගමනෙත් මාව පරිස්සමට එක්ක ගිය මගේ මිත්රයන් උපුල්,සංජිව, නදීශාන් සමග අලුත් මිත්රයා මහීවත් ආදරයෙන් මතක් කරනවා… කදු තියෙන්නේ නගින්න හදවත් තියෙන්නේ සතුටින් පුරවා ගන්න.… සුන්දර මතක පුරවාගෙන තාමත් එ සුන්දර මකත මතක් කරමින් සතුටු වෙන මම වෙනදා වගේම අවසානයේ ස්තුති කරන්නේ මෙි විශ්වයට…. ස්තුතියි මාව සතුටින් තබනවාට…
ඔබත් දිනක එහි යන්න… එ සුන්දරත්වය විදින්න..එ වගේම මතක තබාගන්න එ නොයිදුල් පරිසරය ආරක්ෂා කරන්න.. තමන් රැගෙන යන දේ නැවත රැගෙන එන්න තරමි කාරුණික වෙන්න… එහෙනමි තවත් නිසංසලාගේ චාරිකාවකින් ඔබ හමුවට එන්නමි..
නිසංසලා රණසිංහ
25-Sep-08
නව UK බදු නීති (Foreign Income & Gains (FIG) regime)– ශ්‍රී ලාංකිකයන් දැනගත යුතු වැදගත් කරුණු
2025 අප්රේල් සිට අලුත් පද්ධතියක්
දශක ගණනාවක් UK හි බදු පද්ධතිය domicile නීති මත ක්රියාත්මක විය. එය විදේශීය පුරවැසියන්ට (non- domicile) , ශ්රී ලාංකිකයන්ට විදේශ ආදායම UK තුළට remit නොකරන තුරු, එම ආදායම UK බදු වලට යටත් නොවීමයි
කෙසේ වෙතත්, 2025 අප්රේල් 6 සිට මෙම නීති ඉවත් වී, ඒ වෙනුවට Foreign Income & Gains (FIG) regime නව පද්ධතිය ආරම්භ වන අතර මෙය UK බදු පද්ධතියේ විශාල වෙනසක් ලෙස සැලකේ.
නව නීති යටතේ:
- UK හි පදිංචි සියලුම පුද්ගලයන්ගේ ලෝකය පුරා ඇති ආදායම සහ ලාභ (worldwide income & gains) බදු යටතට ගනු ලැබේ.
- Remittance basis (මුදල් UK වලට ගෙන ආ විට පමණක් tax කිරීම) අහෝසි වේ.
- අලුතෙන් UK වලට පැමිණි පුද්ගලයන් හට අවුරුදු 4ක් foreign income tax-free කරන්න පුළුවන්, නමුත් ඔවුන් පසුගිය අවුරුදු 10ට UK resident නොවී තිබිය යුතුයි.
- Relief අවසන් වූ පසු, ශ්රී ලංකාවේ හෝ වෙනත් රටවල් වලින් ලැබෙන අදායම හෝ ලාභ අනිවාර්යව UK tax return එකේ declare කළ යුතුය. එම මුදල් ශ්රී ලංකාවේම හෝ අදාල රටේම රැඳී තිබුනත්, UK බදු යටතට ගන්නා ලැබේ.
මෙය UK හි පදිංචි ශ්රී ලාංකිකයන්ට ගැටලුවක් සහ අභියෝගයක් වේ.
- විදේශගත වී පවුලට මුදල් යවන migrant workers,
- ශ්රී ලංකාවේ දේපල හෝ කුලියට දීලා ඉන්න professionals,
- Sri Lanka pensions ගන්න retirees සියලු දෙනාටම හැමෝම මේ නව නීතියට බලපානවා.
සරලවම කිව්වොත්: මේ නව නීතියේ යටතේ ඔබේ ශ්රී ලංකාවේ ආදායම, investments, දේපල income හැමදේම UK tax system එකට ඇතුළත් වෙනවා.
මෙම නීතිය බලපාන්නේ කාටද?
UK හි වැඩකරන ශ්රී ලාංකිකයන්
ශ්රී ලංකා බැංකු ගිණුම් වලින් ලැබෙන interest, fixed deposits ආදායම් දැන් UK tax return එකට ඇතුළත් කළ යුතුයි.
ශ්රී ලංකාවේ දේපල හිමියන්
නිවාස හෝ බිම් බදු ගෙවා කුලියට දී ඇති අය, rental income UK tax return එකේ declare කළ යුතුයි.
Dual-income professionals
විශේෂයෙන් UK හි සේවය කරන Doctors, Engineers, IT consultants සහ SL businesses, shares, side-income තිබෙන අයට මෙම නීති බලපායි.
Retirees සහ Pensioners
ශ්රී ලංකා pensions හෝ annuities ලබා ගන්න අයගේ ආදායමද UK හි declare කළ යුතුය.
Double Taxation Agreement (UK–SL DTA) යටතේ tax credit ගත හැක, නමුත් එය නිවැරදිව claim කළ යුතුය.
අවදානම් – නිසි පියවර නොගන්නේ නම්;
HMRC පැහැදිලිව කියා සිටිනවා:
- Late returns හෝ incorrect returns සඳහා Penalties සහ interest අය කරයි.
- විදේශ ආදායම නොදැක්වීමේදී investigations ආරම්භ විය හැක
- “I didn’t know” කියන එක තව දුරටත් valid excuse එකක් නොවෙයි.
විශේෂයෙන් ශ්රී ලාංකිකයන්ට property, bank accounts, pensions ආදිය නිසා විශාල අවදානමක් මෙම බදු ක්රමය නිසා ඇති විය හැක.
Reliefs සහ Protections
මේ නව නීති සම්පූර්ණයෙන්ම අවාසිදායක දෙයක් නොවේ. නව tax rules යටතේත්, ඔබ නිසි සැලසුම් සහ planning කළහොත්, tax burden අඩු කරගැනීමට උපකාරී reliefs සහ protections තිබෙනවා
- Foreign Tax Credit Relief (FTCR)
– ඔබ ශ්රී ලංකාවේ income (උදාහරණයක් ලෙස rental income) මත tax ගෙවන්නේ නම්, ඒ tax එක UK tax liability එකට offset කරන්න පුළුවන්.
– මේක මඟින් double taxation වැළැක්විය හැක.
– නමුත් rules ඉතා දැඩියි . Claim කල හැක්කේ අඩු අගය (Sri Lanka tax හෝ UK tax එක), සහ නිවැරදි forms (SA106) පුරවා යොමු කළ යුතුයි. - FIG 4-year Relief
– අලුතින් UK වලට පැමිණෙන (new arrivals) සහ පසුගිය අවුරුදු 10 තුළ UK resident නොවූ අය, අවුරුදු 4ක් foreign income tax-free අයදුම් කරගත හැක.
– මේක අලුතින් UK වලට වැඩ කරන්න පැමිණෙන හෝ study කරන්න පැමිණෙන අය සඳහා golden opportunity එකක්. - Double Taxation Agreement (DTA)
– UK සහ Sri Lanka අතර තියෙන ගිවිසුමක් මඟින් double taxation වැළැක්විය හැක.
– නමුත් මෙය සාර්ථකව භාවිතා කරන්න නම්, ඔබේ foreign income නිවැරදිව declare කර claim කරන එක අත්යවශ්යයි.
සරලව කියන විදිහට, reliefs තියෙනවා. නමුත් ඒවා ලැබෙන්නේ නිවැරදි reporting සහ professional guidance එකක් යටතේ පමණි.
ඉදිරි සැලසුම් – How to Prepare ?
- ඔබේ විදේශ ආදායම් සහ දේපල ලැයිස්තු ගන්න. – ශ්රී ලංකාවේ ඇති bank accounts, rental properties, investments, pensions, හෝ business income ලිස්ට් එකක් සකස් කර ගන්න.
- ඔබේ UK tax residence තහවුරු කර ගන්න – Statutory Residence Test හෝ HMRC online tool භාවිතා කර, ඔබ UK tax resident ද යන්න පරීක්ෂා කර බලන්න.
- Deadlines අවබෝධ කර ගන්න – නව නීතිය බලපැවැත්වෙන පළමු වසර 2025/26 ය. ඒ සඳහා Self-Assessment return එක 31 January 2027 ට පෙර පුරවිය යුතුය. අවසන් මොහොත දක්වා රැඳී නොසිටින්න
- Document රැස්කරගන්න – Bank statements, rental agreements, Sri Lankan tax receipts වැනි ලියකියවිලි UK return සකස් කිරීමට අත්‍යවශ්‍ය වේ.
- Professional advice ගන්න – International tax ගොඩක් complex. UK සහ Sri Lanka tax laws දෙකම දන්නා adviser කෙනෙක්ගෙන් උපදෙස් ගත්තාම, reliefs claim කරන්න, වැරදි වලින් වලක්වගන්න, tax bill අඩු කරන්න පුළුවන්.
ශ්රී ලාංකිකයන් සඳහා මෙය ඇත්තෙන්ම වැදගත් වන්නේ ඇයි?
මෙය සරල paperwork එකක් විතරක් නොවෙයි.
මෙම නව නීති අපි ශ්රී ලංකාවට යවන මුදල් ප්රමාණයට, අපි ශ්රී ලංකාවේ කරන ආයෝජන වලට, සහ අපේ විශ්රාම සැලසුම් වලට සෘජුවම බලපායි.
බොහෝ ශ්රී ලාංකිකයන් UK වෙත ගියේ විදේශ ආදායම වෙනමම රැඳෙයි කියන විශ්වාසය ඇතිවය. නමුත් 2025/26 සිට එම වෙන්කිරීම අවසන් වේ.
නිසි සැලසුම් නොමැතිනම්:
- වැඩි tax bills
- penalties
- සහ ඔබේ අතේ තියෙන මුදල් අඩුවීම
නිවැරදි සැලසුම් සහ වෘත්තීය උපදෙස් සමග:
- නීති සම්පූර්ණයෙන් පිළිපදින්න පුළුවන්
- double taxation වලින් වලක්වගන්න පුළුවන්
- සහ ඔබේ පවුලට UK තුළත්, ශ්රී ලංකාව තුළත් ආධාර ලබා දෙමින් ආරක්ෂිතව ඉදිරියට යන්න පුළුවන්.
නව FIG regime යනු UK taxation ඉතිහාසයේ විශාල වෙනසක් වන අතර, UK හි පදිංචි ශ්රී ලාංකිකයන්ට වාසි සහ අවාසි දෙකම ගෙන එයි.
අදම සැලසුම් ආරම්භ කර, නිසි professional උපදෙස් ලබා, ඔබේ hard-earned මුදල්, ඔබ සහ ඔබේ පවුල වෙනුවෙන් නිවැරදිව ක්රියාත්මක වන බවට වගබලා ගන්න.
මෙම නව නීති යටතේ, ඔබේ overseas income, pensions, property සහ investments පිළිබඳ පැහැදිලි සැලසුම් කිරීම මඟින්, double taxation වලින් බේරී, අනාගත ආර්ථික ආරක්ෂාව සහ family support සුරක්ෂිත කර ගත හැක
25-Sep-07
හිම ගිනි
අඳුරු අහසේ වලාකුළු මත
විදුලි එළියෙන් ලියමි මගෙ කව
කඳුළු වැහිබිඳු මවෙත දී ඔබ
හිරුත් සමඟින් පලා ගිය බව
කඳුළු අකුරු ද එකට මුසුවී
මහා වැසි මෙන් ඇද හැලෙන විට
හදවතේ ශීතලට හසුවී
සුදෝ සුදු හිම උපදවනු ඇත
වැහිලිහිණියන් තනුව සපයා
කවෙහි ලියවුණු දුක ගයනු ඇත
ශෝක ගීයේ උච්ච ස්වරය
අහස ගුගුරා පල කෙරෙනු ඇත
එහඬ නෑසෙන මානයේ ඇති
මන්දිරේ කවුළුවක් ලඟ ඔබ
වැටෙන හිම දෙස බලා සිටිමින්
සතුටු ගිනි උණුසුම විඳිනු ඇත
– තාරක ජයතිලක
25-Sep-06
සීතල යුද්ධයෙන් ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදය සහ එහි වත්මන් තත්වයට මුහුණ දීමට සහ හැඩගැසීමට ශ්
සීතල යුද්ධයෙන් ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදය සහ එහි වත්මන් තත්වයට මුහුණ දීමට සහ හැඩගැසීමට ශ්රී ලංකාවේ උපාය මාර්ග
සීතල යුද්ධය යනු එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර දේශපාලන හා මිලිටරි එදිරිවාදිකමක් පමණක් නොව, ගෝලීය ආර්ථිකය හැඩගස්වා ගත් දිගු අරගලයක් ද විය. එය ලෝකය කණ්ඩායම් දෙකකට බෙදා, ආතතීන්, වෙළඳ සීමාවන් සහ අසමාන සංවර්ධනයක් ඇති කළේය. විශේෂයෙන් ආසියාවේ, අප්රිකාවේ සහ ලතින් ඇමරිකාවේ බොහෝ රටවල් මෙම බලවතුන් දෙදෙනා අතර සිරවී සිටියහ. සීතල යුද්ධය අතරතුර සහ ඉන් පසුව ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදය ආයුධවල පිරිවැය සහ හමුදා ව්යාප්තිය පමණක් නොව කුඩා ජාතීන්ට නිදහසේ සංවර්ධනය වීමට ඇති සීමිත අවස්ථා ද විය. මෙම උරුමය අදටත් ගෝලීය ආර්ථිකයට බලපාන අතර ශ්රී ලංකාව වැනි රටවලට බලපෑම් කරයි.
සීතල යුද්ධය අතරතුර, සුපිරි බලවතුන්ගේ තරඟය බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල තෙල් කම්පන, උද්ධමනය ඉහළ යාම සහ ණය අර්බුද ඇති කළේය. කණ්ඩායම් දෙකෙන් ඕනෑම කණ්ඩායමකින් ආධාර හෝ ණය මත යැපෙන රටවල් බොහෝ විට ණය ආපසු ගෙවීමට අරගල කළ අතර, ඔවුන් ආර්ථික අස්ථාවරත්වයට ගොදුරු විය. IMF සහ ලෝක බැංකුව වැනි ජාත්යන්තර ආයතන ව්යුහාත්මක ගැලපුම් වැඩසටහන් හඳුන්වා දුන් අතර, එය බොහෝ අවස්ථාවලදී සාමාන්‍ය පුරවැසියන්ගේ ආර්ථික දුෂ්කරතා ගැඹුරු කළේය. ශ්රී ලංකාව වැනි කුඩා දූපත් රාජ්යයන් සඳහා, මෙම ගෝලීය ආර්ථික තරංග ප්රධාන අභියෝග ඇති කළේය. වෙළඳ මාර්ගවලට බලපෑම් ඇති විය, භාණ්ඩ සඳහා ගෝලීය ඉල්ලුම වෙනස් විය, සහ ශක්තිමත් ආර්ථිකයන් මත මූල්‍ය යැපීම වැඩි විය.
ශ්රී ලංකාව, නොබැඳි රටක් ලෙස, සීතල යුද්ධය අතරතුර තම විදේශ සබඳතා ප්රවේශමෙන් සමතුලිත කිරීමට උත්සාහ කළේය. එක්සත් ජනපදය හෝ සෝවියට් සංගමය සමඟ සම්පූර්ණයෙන්ම පැත්ත ගැනීම වෙනුවට, ශ්රී ලංකාව තම ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් දෙපැත්තෙන්ම ආධාර ලබා ගැනීමට තම මධ්යස්ථ ස්ථාවරය භාවිතා කළේය. කෙසේ වෙතත්, තෙල් මිල ඉහළ යාම සහ වෙනස් වන වෙළඳපොළවල් වැනි ගෝලීය අර්බුදවල ආර්ථික බලපෑම් තවමත් රටට තදින්ම බලපෑවේය. උද්ධමනය, විරැකියාව සහ ආනයන මත යැපීම දිගුකාලීන ගැටළු බවට පත්විය.
අද පවා, ශ්රී ලංකාවට සීතල යුද්ධ ගතිකය තුළ මුල් බැසගත් ගෝලීය ආර්ථික අභියෝගවල අඛණ්ඩ බලපෑම් දැනේ. ලෝකය ගෝලීයකරණය සහ නිදහස් වෙළඳපොළ පද්ධති වෙත ගමන් කර ඇත, නමුත් බලවත් රටවල් අතර තරඟකාරිත්වය තවමත් අස්ථාවරත්වයක් ඇති කරයි. වෙළඳ යුද්ධ, ඉහළ යන ඉන්ධන පිරිවැය, ගෝලීය උද්ධමනය සහ මූල්‍ය අර්බුද සීතල යුද්ධයේ නූතන දෝංකාරයයි. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ආනයන මත යැපෙන සහ තේ, ඇඟලුම් සහ ශ්රම ප්රේෂණ වැනි අපනයන මත දැඩි ලෙස රඳා පවතින ශ්රී ලංකාව වැනි රටකට, මෙම ගෝලීය මාරුවීම් අවදානම් සහ පීඩන යන දෙකම ගෙන එයි.
මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා, ශ්රී ලංකාව වෙනස් වන ආර්ථික තරංගවලට අනුවර්තනය වීමට උපාය මාර්ග සකස් කර ඇත. එක් ප්රවේශයක් වන්නේ එහි ජාත්යන්තර හවුල්කාරිත්වයන් විවිධාංගීකරණය කිරීමයි. එක් සුපිරි බලවතෙකු මත පමණක් යැපීම වෙනුවට, ශ්රී ලංකාව ඉන්දියාව, චීනය, එක්සත් ජනපදය සහ යුරෝපීය ජාතීන් ඇතුළු බහු රටවල් සමඟ වෙළඳ සහ ආයෝජන සබඳතා ගොඩනඟා ගෙන ඇත. තවත් උපාය මාර්ගයක් වන්නේ විදේශ ආදායම් උපයා ගැනීමේ මාර්ග ලෙස සංචාරක ව්යාපාරය සහ සේවාවන් කෙරෙහි අවධානය යොමු කිරීම, සාම්ප්රදායික අපනයන මත දැඩි ලෙස යැපීම අඩු කිරීමයි. ඒ සමඟම, මෙම පියවරයන්ට සමහර විට දැඩි ප්රතිසංස්කරණ අවශ්‍ය වුවද, ණය ප්රතිව්යුහගත කිරීමට සහ එහි ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්රී ලංකාව ගෝලීය මූල්‍ය ආයතන සමඟ කටයුතු කර ඇත.
මෑත වසරවලදී, විශේෂයෙන් ආහාර සහ ඉන්ධන සඳහා ආනයන මත යැපීම අඩු කිරීම සඳහා ශ්රී ලංකාව සිය දේශීය නිෂ්පාදනය ශක්තිමත් කිරීමට ද උත්සාහ කර ඇත. දේශීය කර්මාන්ත දිරිමත් කිරීම, පුනර්ජනනීය බලශක්තිය ප්රවර්ධනය කිරීම සහ ඩිජිටල් තාක්ෂණයේ ආයෝජනය කිරීම රට ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයට මුහුණ දීමට සූදානම් වන නව ක්රම කිහිපයකි. මෙම පියවර පහසු නොවූවත්, ගෝලීය දේශපාලනයෙන් ඇතිවන ආර්ථික අර්බුද තත්ව තාවකාලික නොවන නමුත් බුද්ධිමත් අනුවර්තනයක් අවශ්‍ය දිගුකාලීන යථාර්ථයන් බව පිළිගැනීම ඒවායින් පිළිබිඹු වේ.
සීතල යුද්ධයෙන් වර්ධනය වූ ගෝලීය ආර්ථික අර්බුදය ලොව පුරා කල් පවතින බලපෑම් ඇති කර ඇති අතර, අනෙකුත් බොහෝ ජාතීන් මෙන් ශ්රී ලංකාව ද එහි ප්රතිවිපාකවලට මුහුණ දෙමින් සිටී. රාජ්‍ය තාන්ත්රිකභාවය, විවිධාංගීකරණය සහ දේශීය ශක්තිය හරහා හැඩගැසීමෙන්, කුඩා ජාතීන්ට තවමත් අවිනිශ්චිත ගෝලීය පිළිවෙලක දිවි ගලවා ගැනීමට මාර්ග සොයා ගත හැකි බව ශ්රී ලංකාව පෙන්වයි. ශ්රී ලංකාවේ උපාය මාර්ග පිළිබඳ කතාව, ඉතිහාසය අභියෝග නිර්මාණය කරන අතරම, අනාගතය සඳහා ඔරොත්තු දීමේ හැකියාව සහ නවෝත්පාදනය සොයා ගැනීමට රටවල් තල්ලු කරන බව මතක් කිරීමකි.
පවිත්රා රණතුංග
25-Sep-05
එළද බ්‍රා
~ තිසර පට යට වසන්තය ~
ලාංකේය ටෙලිනාට්‍ය කර්මාන්තයේ මෙන්ම සිනමා කර්මාන්තයේ ද පුරා දශක
ද්විත්යකට නොවැඩි කාල පරාසයක් මුළුල්ලේ නිෂ්පාදන කළමණාකරුවෙකු
ලෙසත්, සහය අදියුරුවරයෙකු ලෙසත් නිපුණශීලීව වෘතියේ නියළුනු සොඳුරු
නිමැවුම්කරුවෙකි පූජිත සේනාරත්න ගුණතිලක. එමෙන්ම වර්ෂ 2019 දී මෙරට
රිදී තිර ආලෝකමත් කරන්නට වරම් ලැබූ “ෂෙලීනා” සිනමාපටයේ අර්ථපතීත්වය
දරමින් එහි අධ්යක්ෂණ භූමිකාව ද නොපිරිහෙලා ඉටුකරන්නට හෙතෙම
සමර්ථකම් ඉසුලුවේය. “එළද බ්‍රා” ඔහුගේ දෙවන සිනමා වියමන ලෙසින් තව
නොබෝ දිනකින් දිවයින පුරා සිනමාහල් වර්ණවත් කරන්නට සූදානමිනි.
නූගත් දුගී ගැමියෙකු හට සිය මුත්තණුවන් විසින් අතීන්ද්රීය විස්කමක් හරහා
අමිල දියමන්තියක් ත්යාග කරයි. ගැමියා එය සුඛෝපභෝගී සංචාරක හෝටල්
පරිශ්රයක් තුළදී ධනවත් විදේශීය මැණික් ව්යාපාරිකයෙකු හට අලෙවි කරන්නට
සැරසෙයි. එනමුත් එහිදී සිදුවන එක් අනපේක්ෂිත සිදුවීමක් නිසාවෙන් දියමන්තිය
හෝටල් සේවකයෙකු භාරයට පත්වෙයි. අනිසි තැතිගැන්මකට ලක්වන සේවකයා
වහා හෝටල් පරිශ්රයෙන් පලායාමට වෙර දරද්දී, ව්යාපාරිකයාත් ඔහුගේ
සහචරයිනුත් සේවකයා පසුපස හඹායයි. සේවකයා අහම්භෙන් කාන්තා නිමි
ඇඳුම් හලකට පිවිසෙයි. ඉන් අනතුරුව සේවකයා දියමන්තිය අඛණ්ඩවම තමා
සන්තකයේ රඳවා ගන්නට දරණ උත්සාහයත්, ව්යාපාරිකයා සහ සහචරයින්
දියමන්තිය යළි තම භාරයට ගැනීමට දරණ වෑයමත් පෙරටු කොටගෙන
සිනමාපටය ඉදිරියට ධාවනය වෙයි.
චිත්රපටයේ සාරාංශය සැකෙවින් ඉහත පරිදි වන අතර, හුස්මකින් ඇරඹී
හුස්මකින් නිමවන කෙටිකාලීන මිනිස් ජීවිතය තුළ තෘෂ්ණාව නැතහොත් ආසක්ත
භාවය නැමැති පාරභෞතික යෙදවුමේ කාර්යභාරය සිනමා පටය තුළින් මැනවින්
විග්රහ කිරීමට සිනමාකරුවා සමර්ථ වී ඇති බැව් එය අවදානයෙන් නරඹා
යටිපෙළ කියවාගන්නා කා හට වුවද ප්රත්යක්ෂ වනවා නොඅනුමානය.
පුබුදු චතුරංග, අමන්දා සිල්වා ඇතුළු සිනමාපටයේ කොඳුනාරටිය හට ජීවය
සම්ප්රේෂණය කරනා ප්රදාන රාංගන ශිල්පීන් සියළු දෙනාම විසින් තම චරිතයන්
හුදු නිරූපණය කිරීමකින් ඉතා ඔබ්බට ගොස් අදියුරුවරයාගේ විධානයන්ට නතු
වන කාල සීමාව තුළදී අදාළ චරිතයන් තුළ භාවාත්මිකව ජීවත් වෙන්නට ඇති
බව සිනමාපටය නැරඹීමෙන් අනතුරුව මුව විදහා, දසන් විලිස්සා සිනහවට
නෑකම් කියමින් සිනමා ශාලාවෙන් පිටතට පිවිසෙන සුවහසක් ප්රෙක්ෂක ජනකාය
දෙසට අවධානය යොමුකරන්නෙකු හට ආයාසයෙන් වටහාදිය යුතු නොවේ.
රංගන දායකත්වය
පුබුදු චතුරංග
නිලුක්ෂි අමන්දා සිල්වා
රොඩ්නි වර්ණකුල
ප්රියන්ත සෙනෙවිරත්න
ශ්රියන්ත මෙන්ඩිස්
සරත් කොතලාවල
මිහිර සිරිතිලක
සුරංග සතරසිංහ
නිල්මිණි කෝට්ටේගොඩ
සුසිලා කෝට්ටගේ
පේෂල මනෝජ්
ශ්රීමාල් වෙඩිසිංහ
නිර්ධා උයන්හේවා
හේමන්ත ඊරියගම
කැළුම් ශ්රීමාල්
ශිරෝමිකා ප්රනාන්දු
ශාන්ත ගාල්ලගේ
ලක්ෂ්මන් අමරසේකර
සුමුදු අමල්ක
චතුර පෙරේරා
නදීකා ගුණසේකර
සාරා අබේවර්ධන
චින්තක පීරීස්
හිරුණි රණසිංහ
කැමරාකරණය, කලා අද්යයක්ෂණය, අංගරචනය හා සංස්කරණය යන
සිනමාපටයක ප්රාදාන සංරචකයන් අතර පවත්නා මනා පෑහීමත්, දර්ශනයෙන්
දර්ශනයට මදකුදු ඇසිපිය ඉවතට නොගන්නට සිතෙනා තරමේ කුකුස නොඅඩුව
කැටි වූ උද්වේගකාරී එල්බගැනීමක් ප්රේක්ෂක මන තුළ හටගැන්වීමට සමත්වන
බැව් නොවළහා කිව යුතුය.
එමෙන්ම සිනමාපටය තුළ අන්තර්ගත ගීතයන් හා එහි මුල සිට අවසානය වන
තෙක් දාවනය වන සවනට ප්රිය පසුබිම් සංගීතයත් සිනමා ශාලාව තුළ
අසුන්ගන්නා සුවහසක් රසික සිත් නොසිඳෙන විනෝදාස්වාදයෙන් පුරවාලන්නට
හපන්කම් උසුලන බව අව්යාජව පැවසිය හැකියි.
නිෂ්පාදන කාර්ය මණ්ඩලය
කතා සංකල්පය සහ අධ්යක්ෂණය – පූජිත සේනාරත්න ගුණතිලක
නිෂ්පාදනය – සුජිතා පීරිස් , දේදුණු සිල්වා
සහය නිෂ්පාදනය – සමිත පීරිස් , ප්රසන්න සිල්වා
විධායක නිෂ්පාදනය – චරිත් සුද්දත්චාරි
සහය අධ්යක්ෂණය – උදය ප්රසන්න
කැමරා අධ්යක්ෂණය සහ ආලෝකකරණය – නිරංග සංජීව
කැමරා සහය –ප්‍රදීප් නිශ්සංක
සංස්කරණය , වර්ණ සංයෝජනය , ශබ්ද සැලසුම්කරණය සහ විශේෂ ශබ්ද
ප්‍රයෝග –සිනෙත් මාලක පතිරණ
අංග රචනය සහ නිෂ්පාදන කළමණාකරණය – තාරක අධිකාරි
කලා අධ්යක්ෂණය – වින්ද්‍යා ප්රියංකර
සටන් අධ්යක්ෂණය – සුමුදු අමල්ක
නර්ථන වින්‍යාසය – ගයාන් ශ්රීමාල්, තරංග හර්ෂ කුමාර
හඬකැවීම් පටිගතකිරිම – තනුෂ්ක කහඳවල
5.1 ශබ්ද පරිපාලනය – ප්රියන්ත එදිරිසිංහ , සිනෙත් මාලක පතිරණ
පසුබිම් සංගීතය – ඔනිෂ් ද මෙල් , දිලීප ලියනගේ
ගීත රචනය – කැළුම් ශ්රීමාල් , චාමික වීරසිංහ , රුචිර ෆ්රීසෝ , දිවාන් තේමිස්
ගී තනු නිර්මාණය – රවි රොයිස්ටර් , කේෂාන් පෙරේරා , ඔනිෂ් ද මෙල්
ගීත ගායනය –රවි රොයිස්ටර්, කේෂාන් පෙරේරා , රංග හේරත්, සදීපා ඉසුරුණි,
චන්දි සුද්දත්චාරි
නිශ්චල ඡායාරූප – හසිත නිළුපුල්
ප්රධාන අලෝකකරණ ශිල්පි–සමන් මායාකඩුව
දෙවන සහය අධ්යක්ෂණය –මධුශාන් පෙරේරා , අරවින්ද රත්නායක
ඩ්රෝන කැමරා – සම්පත් චතුරංග
“එළද බ්‍රා” සිනමාපටය තම දෙවන සිනමා අධ්යක්ෂණය බවට පත්කොට ගනිමින්
පූජිත සේනාරත්න ගුණතිලක හට හෙලවුඩයේ දීප්තිමත් හෙටක් අපේක්ෂා
කරන්නා වූ මිලියන සංඛයාත එතෙර මෙතෙර සිනමාලෝලීන්ගේ ඇස් කණ්
ප්රමුදිත කරවීමටත්, මනදොළ කුල්මත් කරවීමටත් මතු අනාගතයේදී ද විවරණ
ලැබේවායි, ලාංකේය සිනමා සහ ටෙලිවිෂන් කර්මාන්තයන්හී වෘතීය තිර
රචකයෙකු ලෙසින් නිර්මාණකරණයේ නියලෙන මා ද එක සිතින් පතන්නෙමු.
සැකසුම
හිරාන් ගමගේ
25-Sep-04
25-Sep-03
සමූහ ගතිවිධි (group dynamics)
මෙවර පිටුව වෙන්වන්නේ සමූහ ගතිවිධි (group dynamics) පිළිබඳ විග්රහයකට ය. සමූහ ගතිවිධි යනු පුද්ගල ආශ්රයේදී ඇඟෑලුම් පවත්වන රටා, හැසිරීම සහ මනස ක්රියාත්මක වන අයුරු (patterns of interaction, behavior, and psychological processes) විධි ය. (මෙම ලිපියේ මෙතැන් සිට පහසුව සහ ඉඩකඩ සඳහා group dynamics GD ලෙස භාවිත කරමු).
GD පිලිබඳ අවබෝධය අපේ සමාජයීය ජීවිතයට අත්‍යවශ්‍ය ය. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පඨම කෝධගරු සූත්රයේදී GD වර්ග (types) බුදුරජාණන්වහන්සේ අපට උගන්වා තිබේ. එනම් කෝධගරු (anger-respecting), මක්ඛගරු (contempt-respecting), ලාභගරු (gain-respecting) සහ සක්කගරු (honour-respecting) ය. මෙම වර්ග හතරට අයත් අය වටිනාකම (value) දෙන්නේ, සැබෑ නායකත්වය, සැබෑ පෞරුෂය ලෙස සිතන්නේ ඒ කෝධ, මක්ඛ, ලාභ සහ සක්ක යන දුර්ගුණ ය. එසේම අපට තිබිය යුතු GD වර්ගය ද මෙම සූත්රයේදී උගන්වා තිබේ. එනම් සද්ධම්මගරු (Dhamma-respecting) ය. දැන් ඒ එක් එක් GD දෙස බලමු.
කෝධගරු අය අය තම තරහව, ක්රෝධය සළකන්නේ වටිනාම ගුණය ලෙස. ‘මගේ හැටි එහෙම තමයි, කුණුහරුපයෙන් හොඳට කියලා දෙන්නේ‘ යනුවෙන් පුරසාරම් දොඩයි. ඔවුන්ගේ සමාජ සම්බන්ධතා නිර්ණායකය (criterion of interaction) ක්රෝධය යි. ක්රෝධගරු අයට අනුන් ආශ්රය දුෂ්කරය.
මක්ඛගරු අය අනුන්ගෙන් අනුන්ගේ ප්රයෝජන ගනියි. තමන්ගේ අරමුණ ඉටුවූ පසුව උදව් කළ අයට නිගා කිරීම සහ අමතක කිරීම මේ වර්ගයේ ස්වභාවය යි. මේ වර්ගය සටකපටය. අනුන්ට උගුල් ඇද හෝ තම අරමුණ ට යයි.
ලාභගරු අය තමන්ට මිලියන ගණනින් තිබුණද අනුන්ගේ සතය ඩැහැ ගනියි. ඔවුන්ට ලැජ්ජා (moral shame) සහ භය (moral fear) නැති තරම් ය. චාටුවෙන් අනුන්ගෙන් කඩා වඩා ගැනීම මේ වර්ගයේ ගතිය යි.
සක්කගරු අය නිතර ගර්වය (glory) සොයා යයි. මේ වර්ගය ලෙහෙසියෙන්ම ගර්වයෙන් මත්වීමට (infatuate) පත් වේ. සුදුසුකම් නැතත් මුල්තැන බලාපොරොත්තු වෙයි. ගර්වය වෙනුවෙන් වියදම් ද කරයි.
ඉහළ වර්ග හතරේ අයට දීර්ඝකාලීනව සමාජ ආශ්රය දුෂ්කරය. ඔවුන් නිසා පිටස්තරයන් පමණක් නොව පවුලේ අයද අපහසුතාවට ගර්හාවට ලක් වේ.
සද්ධම්මගරු GD වර්ගය විශ්වීය (universal) වර්ගයයි. මෙහිදී සද්ධම්මගරු වීමට බෞද්ධ වීමට අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ සවන්දීම (listening), අනුන්ට ගරු කිරීම (respecting others) සහ අනුන්ගෙන් ලැබෙන උදව් ඇගයීම (being appreciative of help from others) ය. කෙටියෙන් කිවහොත් සද්ධම්මගරු අය ආධ්යාත්මික ය. බුද්ධ දේශනාව ආධ්යාත්මික මිස ආගමික නොවේ. ලෝකය කාටත් උරුමය යන විශ්වාසය සද්ධම්මගරු අය සතු මහා ගුණාංගකි. ගැටෙනවාට වඩා තම ආත්ම ගෞරවය රැකගෙන නොගැලපෙන අයගෙන් ඉවත්වීම සද්ධම්මගරු අයගේ රටාවය.
සද්ධම්මගරු ඔබ සෙසු වර්ගයන් නිසා පීඩාවට වේදනාවට දුකට පත්වී නම් හැකි තරම් නොකඩවා ලෝකයට උපකාරි වෙන්න. එහෙත් සීමාවන් දැනගන්න. තෙරුවන් සරණයි!
ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි
25-Sep-02
UK වලට එන සංක්‍රමණිකයන් අතර ශ්රී ලංකාව තවමත් ඉදිරියෙන්
UK වලට එන සංක්‍රමණිකයන් අතර ශ්රී ලංකාව තවමත් ඉදිරියෙන්
එක්සත් රාජධානියේ 2025 ජුනි මාසයෙන් අවසන් වන වසර සදහා වන ආගමන විගමන දත්ත පහුගිය දවසක බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්ය්‍යාලය මගින් නිකුත් කරා. මේ වෙනකොට බ්‍රිතාන්‍යයට විශාල ගැටළුවක් වෙලා තියන ශුද්ධ සංක්‍රමණ ප්‍රමාණය ඉහළ යාම නිසා මේ නිකුත් වෙන දත්ත ගැන සෑහෙන්න පිරිසක් උනන්දුවෙන් නිරීක්ෂණය කරනවා. ගෙවුනු වසර ඇතුලත බ්‍රිතාන්‍යයේ රජයන් දෙකක් විසින් සංක්‍රමණ පාළණය කිරීම සදහා ගනිපු විවිධ දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල සිදුවූ සංක්‍රමණ වල පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන පහත වැටීමක් සිද්ධ වෙලා තියනවා.
එක්සත් රාජධානියට පුද්ගලයන් සංක්‍රමණය වන ප්‍රධාන මාර්ග දෙකක් තමයි රැකියා වීසා සහ ස්ටුඩන්ට් වීසා. මේ වීසා මාර්ග දෙක ඉලක්ක කරගනිමින් තමයි බ්‍රිතාන්‍ය රජය පහුගිය කාලය පුරාවටම විවිධ සීමා කිරීම් පැනවීම කරේ. ඒ නිසාම කැපී පෙනෙන පහත වැටීමක් ඒ අංශ දෙකෙන්ම සිදුවෙලා තියනවා. 2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල බ්‍රිතාන්‍යය විසින් නිකුත් කල රැකියා වීසා ප්‍රමාණය 182,553 ක්. එය පසුගිය වසරට සාපේක්ෂව 36% පහත වැටීමක්. සෞඛ්‍ය සහ රැකවරණ සේවක වීසා එහෙම නැත්තම් සෞඛ්‍ය සහ care වීසා වැටෙන්නෙත් ඒ යටතේ රැකවරණ සේවක වීසා වල පසුගිය වසරට සාපේක්ෂව 77% අඩුවෙලා තියනවා.
රැකියා වීසා සදහා පිටතින් එන ප්‍රමාණය අඩුවීමත් එක්ක දැනට මේ රටේ ඉන්න පිරිසට වීසා සහිතව රැකියාවක් සොයා ගැනීමේ අවස්ථාව වැඩි වෙනවා. විශේෂයෙන්ම දැනට ස්ටුඩන්ට් වීසා හෝ PSW වීසා වල ඉන්න පුද්ගලයන්ට අඩු තරගකාරිත්වයකින් රැකියාවකට යාමට අවස්ථාව මේ එක්කම වැඩි වෙනවා. ඒ අතරේ ස්ටුඩන්ට් වීසා යටතේ මෙරටට පැමිණි පිරිස එම කාලය තුල 431,725 ක් කියලා තමයි සදහන් වෙන්නේ. එම ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 18% ක අඩුවීමක්. මේ අඩුවීම සිද්ධ වෙලා තියෙන්නේ පවුල් වල සාමාජිකයන් ගෙන ඒම අඩුවීමත් එක්ක. ඒ වගේම ස්ටුඩන්ට් වීසා යටතේ මෙරටට පැමිණි වැඩිම ප්‍රමාණය චීනයෙන් වන අතර ඉන්පසුව පිළිවලින් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ශිෂ්‍ය වීසා මත පිරිස් පැමිණ තිබෙනවා.
ඒ අතරේ අපිට වඩා වැදගත් වෙන්නේ ලංකාවෙන් එක්සත් රාජධානියට කොච්චර පිරිසක් සංක්‍රමණය වෙලා තියනවද කියන එක. 2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානියට රැකියා වීසා මත සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ලෙස 4,924 දෙනෙකු සංක්‍රමණය වෙලා තියනවා. එම කාලය තුල ශ්‍රී ලංකාවේ සිට අයදුම් කල රැකියා වීසා සහ යැපෙන්නන්ගේ අයදුම්පත් වලින් 76% කටම වීසා නිකුත් වෙලා තියනවා. විවිධ හේතු මත ප්‍රතික්ශේප වෙලා තියෙන්නේ අයදුම්පත් 1,416 ක් පමණයි.
2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල ස්ටුඩන්ට් වීසා සහ එම යැපෙන්නන් ලෙස ලංකාවෙන් එක්සත් රාජධානියට සංක්‍රමණය වූ පිරිස 4,318 ක්. වීසා ප්‍රධානය කල ප්‍රතිශතය 92% ක් . ඒ වසර තුල ලංකාවෙන් ස්ටුඩන්ට් වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ 308 ක් පමණයි. රැකියා විසා සහ ස්ටුඩන්ට් වීසා මත මෙරටට සංක්‍රමණය වූ ජාතීන් අනුව ලංකාව පසුවන්නේ පිළිවෙලින් 12 වන සහ 13 වන ස්ථානයේ.
ඒ අතර ගෙවුනු වසර තුල සංචාරක වීසා මත ලංකාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණි පිරිස 23,922 ක්. එම ප්‍රමාණය බ්‍රිතාන්‍යයට පුද්ලයන් සංචාරය කරන ප්‍රමාණය අනුව සැලකිය යුතු පිරිසක්. ඒ අතරේ 2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල ලංකාවෙන් ඉදිරිපත් වූ සංචාරක වීසා අයදුම්පත් 8,504 ක් ප්‍රතික්ශේප කරන්නත් බ්‍රිතාන්‍ය රජය තීරණය කරලා තියනවා. 26% තරම් අයදුම්පත් ප්‍රතිශතයක් ප්‍රතික්ශේප වෙලා තියනවා. අවසානයක් විදියට 2024 වසර තුල ශ්‍රී ලාංකිකයන් 3,019 දෙනෙකුට බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය එහෙම නැත්තම් ILR ප්‍රධානය කරලා තියනවා.
තිලාන් ජයසේකර



