ජීවිතය ජය ගන්න නම් ප්රථමයෙන් ස්වයං විනය ගොඩනඟා ගන්න.

(Self discipline)          

“ස්වයං විනය යනු, පොහොසතුන් මධ්‍යම පන්තිය සහ දුප්පතුන් අතර අංක එකේ නිර්වචන සාධකයයි.” යනුවෙන් robert  kiyosaki පවසා තිබෙනවා.ලොව දියුණු පුද්ගලයින් අඛණ්ඩව බොහෝ දේ අත් කර ගෙන ඇත්තේ කෙසේද?තවද අපගේ පෞද්ගලික ජීවිතයේ සහ වෘත්තීන්හි දී අපි බොහෝ දේ ඉටු කර ගන්නේ කෙසේද?පිළිතුරෙන් කොටසක් ස්වයං විනය තුළ පවතී.අපට ස්වයං විනය හදා ගැනීම අපහසු වූවද,අපගේ හොඳම අභිප්‍රායන් හා අරමුණු ඉටුකර ගැනීමට අපව තල්ලු කරන්නේ මෙයයි. 

ස්වයං විනය ඉතා වැදගත් වන්නේ එබැවිනි. මෙම ලිපිය තුලින් අපි ස්වයං වෙන්නේ යනු කුමක්දැයි පරික්ෂා කර බලමු,ඒය ප්‍රයෝජනවත් වන්නේ ඇයි දැයි යන්න සොයා බලා ඒ වර්ධනය කරගන්නේ කෙසේදැයි බලමු.

*ස්වයං විනය යනු කුමක්ද?

ශාරීරික හා මානසික වශයෙන් ඔබට හැඟෙන්නේ කෙසේ දැයි නොසලකා ඔබ ඉදිරියට ගෙන යාමට අභිප්‍රේණයේන් සිටීමට සහ ක්‍රියා කිරීමට ඇති හැකියාවයි.

ඔබට යම් හොඳ ක්‍රියාවක් කිරීමට අවශ්‍ය වූ විට ඔබ අවධානය වෙනතකට යොමු නොකර, වෙහෙස මහන්සි වී වැඩ කර, අහිතකර අවාසි ගැන නොතකා වැඩ කරන්න.ඔබේ අභිප්‍රායයන් අනුගමනය කිරීමේ හැකියාව සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ස්වයං විනය ඔබට මහත් සේ දායක වේ.

*ඔබ ස්වයං විනය මත වැඩ කරන්නේ ඇයි?

ස්වයං විනය අපේ ජීවිතය ඇතුළත බොහෝ අවස්ථාවල ට වැදගත් වේ. ඔබට උසස් තත්ත්වයේ වැඩක් කිරීමට අකමැත්තක් ඇතත් එය කිරීමට ඔබව පොළඹවන්නේ එයයි. ඔබ විසින් තබාගෙන ඇති දැඩි ඉලක්ක සපුරා ගැනීමට එය ඉවහල් වේ ජයගත නොහැකි යනුවෙන් අන් අය සිතා සිටින දේවල් ස්වයං විනය තුළින් ඔබට විශාල ලෙස ජයගත හැකිවේ.

ස්වයං විනය අධ්‍යාපනය වැඩ කටයුතුවලට පවා මනා සේ ඉවහල් වේ.පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ උසස් ස්වයං විනයක් ඇති සිසුන්ට  ස්වයං විනය නැති අයට වඩා වැඩි දැනුමක් රදවා ගත හැකි බවයි.

පර්යේෂකයින් පෙන්වා දී ඇත්තේ පුද්ගලයකු ගේ ස්වයං විනය මට්ටම මැනීම ඔවුන්ගේ I.Q මට්ටම මැනීමට වඩා සාර්ථක නිවැරදි අනාවැකි පෙර කරන බවයි.

*ඔබේ  ස්වයං විනය දියුණු කිරීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.

01.ඉලක්කයක් තෝරාගන්න.

ඔබේ ස්වයං විනය වර්ධනය කරගැනීම සඳහා ඔබට වැඩිපුර අවධානය යොමු කිරීමට අවශ්‍ය එක් ඉලක්කයක් තෝරාගන්න.

උදාහරණයක් ලෙස;ඔබ චිත්‍ර විෂය කෙරෙහි දැඩි ඉලක්කයක් තබා ගැනීමේදී,ඔබට කුමන රාජකාරිය පැවරුණද දිනකට එක් චිත්‍රයක් හෝ ඇදීම පුරුදු පුහුණු කර ගන්න මතක තබාගන්න.ඔබේ ස්වයං විනය වර්ධනය කර ගැනීමට හොඳම ක්‍රමය කුඩා ප්‍රමාණයේන් පටන් ගැනීමයි.

ඔබ තැබූ ඉලක්කය සෑම විටම ළඟාවිය හැකි අදාල කාල සීමා වලට අදාළව සකසා ගන්න,තවද ඔබේ ඉලක්කය කුඩා උප ඉලක්ක බවට බිඳ දමන්න.

02.ඔබට හොඳ  අභිප්‍රේණය(motivation) සොයාගන්න.

ඔබේ ඉලක්කය තෝරාගත් පසු ඒය සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය සියලුම දේවල් ලයිස්තුගත කරන්න. එම ලයිස්තුවේ ඇති අසීරුම දේවල් ධනාත්මක ලෙසටම සිතන්න.

උදාහරණයක් ලෙස;ඔබේ ඉලක්කය චිත්‍ර වලින් ඉදිරියට යන්න, මට හැමදාම චිත්‍ර අඳින්න වෙනවා නේ.යනුවෙන් පැවසීම වෙනුවට මං අනිත් රාජකාරි අවසන් කර කාලය කෙසේ හෝ ඉතිරි කර චිත්‍ර අඳිනවා යනුවෙන් සිතන්න.

ඔබට යමක් ශාක්ෂාත් කරගැනීමට අවශ්‍ය හේතු ලයිස්තු ගත කළ විට එම කාර්යය ඔබට පහසුවෙන් ඉටුකරගත හැක.

03.බාධක හඳුනා ගන්න.

ඔබ ප්‍රථමයෙන් ඔබ ගැන සිතන්න. ඒ මන්දයත් ඔබ නිවැරදි වූ කල අන් සියල්ලම ඔබට නිවැරදි වනු ඇත.     ඔබේ ස්වයං විනය ඔබ තුළින් කෙසේ හෝ ඉහළට ඔප් නංවා ගන්න එවිට ඔබට ජීවිතයේන් දිනනවා නොඅනුමානයි.                                  

  “ස්වයං විනය,හික්මීම යනු අරමුණු ඉලක්ක ජයග්‍රහනය අතර පාලමයි”.

ඔබට සුභ අනාගතයක් !                                                              

Good Luck

සටහන

නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ.

හිස්හොරි වදේ නිසා සමාජෙට මූණ දෙන්න බයෙන්ද?

හිස්හොරි හැදෙන්නෙ කොහොමද? ඔබට තිබෙන්නෙ කුමන හිස් හොරි වර්ගයද? හිස්හොරි මෙ තරමටම ඔබට ඇතිවෙල තියෙන්නෙ ඇයි? කියන දේවල් පිළිබඳව ඔයා මුලින්ම දැනගන්න අවශ්‍යයි. එවිට පිළියම්/ ප්‍රතිකාර කිරීම පහසුයි.

ඔබේ නියපොතු හා උරහිස්වල සුදු පිටි තැන්පත් වී තිබුණු ආකාරයත් ඉන් ඔබ අපහසුතාවයට පත් වූ ආකාරයත් ඔබට මතක ද? හිස්හොරි ප්‍රශ්නය නිසා ඔබ කැමතිම විලාසිතා, ප්‍රිය සම්භාෂණ කොපමණක් නම් සිතින් අත් හැර දැමුවා ද? සම්පූර්ණ බියකරු සිහිනයක් ලෙසින් පැමිණි හිස්හොරි, ඔබේ ජිවිතයට සීමා පණවා අවසන් ද? වෙළඳපොලේ ඇති විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු ෂැම්පූ සහ නොයෙක් ආලේපන වර්ග ඔබේ හිස්කබලේ සෞඛ්‍යය නරක අතට හරවන බව තවමත් අවබෝධ වී නැති ද???

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මෙම තත්වය හැඳින්වෙන්නේ “දාරුණක” ලෙසින්. දාරුණක නැතහොත් හිස්හොරි ආයුර්වේදයේ ක්ෂුද්‍ර රෝග යටතේ කාණ්ඩ ගත කර ඇත. තවද ආයුර්වේදයේ දාරුණක, ත්‍රිදෝෂජ රෝගයක් ලෙස විස්තර කෙරේ, එනම්,ඔබේ දෝෂ (ශාරීරික බලවේග – වාත, පිත්ත, කඵ ) තුනෙහි ඇති වූ අසමතුලිතතාවය නිසා ඇතිවූ රෝග තත්වයක් ලෙස.

ඔබට වියළි හිස්හොරි ඇති විට, එය සිදුවන්නේ පිත්ත සහ වාත දෝෂ වල උග්‍රවීම හේතුවෙනි. ඒ හා සමානව, ඔබ තෙත් / තෙල් සහිත හිස්හොරි ඇති විට, එය සිදුවන්නේ කඵ-වාත දෝෂවල අසමතුලිතතාවය නිසාය. දෝෂ වල අසමතුලිතතාවය හේතුවෙන් හිස්කබල  හා එහි ගැඹුරු පටක දූෂණයට පත් වේ. ඔබේ ශරීරය, එහි ස්වාභාවික සුව කිරීමේ ක්‍රියාවලියේදී, දූෂිත අපිච්ඡද සෛල සාමාන්‍ය තත්වයට වඩා විශාල ප්‍රමාණයකින් ඉවත් කිරීමට ගන්නා උත්සාහයේදී හිස්කබලේ කැසීම නැතහොත් හිස්හොරි තත්වය ඇති වෙයි.

පොදුවේ ගත් කල, නිරෝගී හිස්කබලේ ඇති මිය ගිය සෛල, මාසයක් තුළ ගැලවී යයි. නමුත් ඔබට හිස්හොරි ඇති නම්,සෑම දින 2-7 කට වරක්ම මෙම ක්‍රියාවලිය  සිදු වේ. ආයුර්වේදයට අනුව, දාරුණක හෝ හිසරදය පහත රෝග ලක්ෂණ පෙන්වයි.

 කැසීම

 සුදු පැහැති කොරපොතු – පිටි වැනි ව්‍යුහයන්

 හිස්කබලේ වියළි බව

 හිස්කබලේ හිරිවැටීම

 හිසකෙස් ගැලවී යාම

 සමහර අවස්ථාවලදී ඇසිපිය ඉදිමීම

දැන් අපි ඔබ සැලකිල්ලක්  නොදක්වන, එමෙන්ම  ඔබේ හිස්හොරි තත්වය  වඩාත් නරක අතට හැරවිය හැකි සාධක කිහිපයක් සොයා බලමු.

සාමාන්‍යයෙන් අපේ සම මැරුණ සෛල ස්ථරය සෑම දින 28කට වරක්ම ඉවත් කරනවා.ඒක අපි හැමෝම දන්නවා. අපේ හිස් කබලත් මේ විදියට මැරුණ සෛල ඉවත් කරනවා. ඉතිං මේ ඉවත් කරන මැරුණ සෛල අක්‍රමවත් ආකාරයට සිදුවීම හිස්හොරි ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙසේ ඇතිවන්නාවූ හිස්හොරි වර්ග කිහිපයක් තියෙනවා.

1. හිස්කබල දැඩිව වියළිීම නිසා ඇතිවන හිස්හොරි:

නිතරම උණු වතුර නාන කෙනෙක් නම්, නිතර නිතර අව්වේ යන කෙනෙක් නම් මේ ප්‍රශ්නෙ අනිවාර්යෙන්ම ඇති. ඉතිං මේකට විසඳුමක් විදියට හොඳ මොයිස්චරයිසර් අඩංගු ෂැම්පූ එකක් භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම තමයි දැඩි රස්නෙන් කරන ස්ට්‍රේට්, පර්ම් වගේ දේවල් නොකර ඉන්නවා නම් ගොඩක් හොඳයි.

2. ස්‍රාවයන් නිසි පරිදි ඉවත් නොකිරීම නිසා හටගන්නා හිස්හොරි:

හිස් කබලෙත් තියෙන්නෙත් සාමාන්‍ය සමක්. එහි ඝනකම අඩුයි. සීබම් කියන ස්‍රාවයන් මේ ආශ්‍රිතවද නිපදවෙනවා. මේ නිසා මුහුණේ සම වගේම හිස් කබලත් තෙල්/ ඇලෙන සුළු ස්‍රාව සහිත වෙන්න පුලුවන්. මේ තෙල් එක්ක, කුණු දූවිලි එකතු වෙලා මේ තත්වය නරක අතට හැරිලා හිස්හොරි වගේ ආසාදන ඇතිවෙන්න පුලුවන්. මේ නිසා නළලේ, බෙල්ලේ වගේම පිටේ බිබිලි තත්වයන් ඇතිවෙන්න පුලුවන්. හොඳම දේ හැමදාම නාලා පිරිසිදුව ඉන්න එක.

3. දිලීර වැනි රෝග තත්වයන් නිසා හටගන්නා හිස්හොරි:

ගොඩක් වෙලාවට මේ හිස්හොරි කියන තත්වයන් ඇතිවෙන්නෙ තරුණ වියට එළඹීමත් එක්කම. ඒ කාලෙදි ඇතිවන හෝමෝන අසමතුලිත තත්වයන් නිසා දිලීර ක්‍රියාකාරී වීමෙන් ඒ දිලීරය මගින් ස්‍රාවය වන ඇසිඩ් මගින් හිස් කබල ආසාදනය වෙලා තෙත් ගතියක් සමඟ හිස්හොරි ඇතිවෙන්න පුලුවන්. මෙහිදී නිසි ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.

4. අපි හිස කෙස් සඳහා භාව්තා කරන විවිධ නිෂපාදන නිසා හටගන්නා හිස්හොරි:

හිසකෙස් විවිධ විලාසිතා වලට හැඩගන්වද්දි අපි විවිධ රසායනික දේවල් භාවිතා කරනවා.මේ දේවල් හිස් කබලෙ රැඳුනම ඒත් එක්ක කුණු දූවිලි රැඳෙන්න පුලුවන් වගේම මේ දේවල් නිසා හිස් කබල වියළි වෙන්නත් පුලුවන්. එයිනුත් හිස්හොරි ඇති වෙනවා. කිසියම් නිෂ්පාදනයක් භාවිතා කළාට පසුව හිස හොඳින් ෂැම්පු කර සෝදන්න. අමතක නොකර කන්ඩිෂනර් කරන්න.

5. හිස්හොරි නොවන විවිධ ආසාදන: Seborrheic Dermatitis  යන ක්ෂුද්‍ර ජීවී විශේෂය ආසාදනය වීමෙන් හිස්හොරි වලට සමාන ආසාදන තත්වයක් හිසේ ඇති වෙනවා. හිස මෙන්ම කන, නාසය දෙපස හා බෙල්ල දක්වාත් මෙය ව්‍යාප්ත වෙන්න පුලුවන්. මේක හිස්හොරි තත්වයක් නොවන නිසා වෛද්‍ය ප්‍රතිකාර අනිවඑයෙන්ම ගත යුතුයි. සමේ පැහැයට ගොඩක් සමාන හෝ යන්තම් රතු රෝස පැහැයකින් මේක මුලින්ම දකින්න පුලුවන්.

6. මානසික ආතතිය නිසා ඇතිවන හිස්හොරි:

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව යමෙකු ආතතියට පත්වන විට ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව අඩු කර පිත්ත දෝෂය  ඉහළ යන බවයි. මෙවැනි අවස්ථාවකදී හිස්හොරි ඇතිවීමේ හා වැඩි වීමේ සම්භාව්‍යතාවය අතිශය වැඩියි.

මෙන්න මේ තත්ව වලින් ඔයාට තියෙන්නෙ මොකක්ද කියලා හඳුනාගෙන, නිසි ප්‍රතිකාරයට යොමු වීම ඉතා වැදගත්. මෙහිදී ඔබ ඔබ තුළින්ම දෛන්ක ජීවිත චර්‍යාව හැඩගස්වා ගැනීමත් වැදගත්. තවද ප්‍රතිකාරයේදී නියමිත වෛද්‍ය උපදෙස් ක්‍රමානුකූලව ප්‍රතිකාර අවසන් වනතුරු පිළිපැදීමත් වැදගත්.

[ඔබටත් මේ සඳහා ප්‍රතිකාර අවශ්‍යවේ නම් Dr. Chandhi Rajapakshe

(https://www.facebook.com/drchandhirajapakshe/) FB පිටුව සමග සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිනවා.]

Dr. (Mrs) R. Chandrika Rajapakshe

Senior Lecturer | Doctor of Ayurveda

M. Sc. (UoP-SL),

BAMS (UoC-SL),

B. Sc. (YSU-USA),

Ad. Dip. in Psychotherapy & Dip. in Counselling (MHF-SL)

ඔබගේ සිත දැඩි කර ගන්න

1යොහාන් 3:21

ප්‍රේමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරනවානම්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිර්භීතකම අපට ඇත්තේය;

  • මොහොතක් ඔබ කල්පනා කර බලන්න ඉහත පදය තුළින් දෙවිදුන් ඔබට පවසන්නේ කුමක්ද කියා.ඔබ ඔබගේ දැඩි සිත පහ කරමින් ඔබ ඔබගේ සිත නිදොස්ව තබා ගනිමින් දෙවිඳුන් තුළ යටහත් පහත් සිතක් තබාගෙන ජීවත් විය යුතුය.ඔබ මෙයාකාරයෙන් ජීවත් වන විට නිසැක කමකින් යුතුව ඔබ නිර්භීතව දෙවිඳුන්ගෙන් ඕනම දෙයක් ඉල්ලීමට හැකියාව ඇත.එම නිසා මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි නිතරම ඔබ දැඩි සිතක් නොමැති නිදොස් මනසක් ඇති මනුෂ්‍යයෙක් ලෙස ජීවත් විය යුතුය.එවිට ස්වාමීන් වහන්සේ ඔබට බොහෝ ආශිර්වාද නිදහස් කරනවා ඇත.

හිතෝපදේශ 28:14

නිතරම භයවන්නා වාසනාවන්තයෙක්ය; එහෙත් තමාගේ සිත දැඩිකරගන්නා විපතට වැටෙයි.

  • ඒ වගේම මෙම පදය දෙසත් ඔබගේ සිත යොමු කිරීමට මම කැමැතියි.ඔබගේ සිත හොඳින් මෙයට යොමු කර බලන්න.

ඔබ හොදින් මතක තබා ගන්න මෙම පදයේ බය වශයෙන් පෙන්වන්නේ දේව බයයි (දේව වචනයට බයවීම).එම නිසා මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරයෙනි ඔබ ඔබගේ සිත දැඩි කරගෙන ජීවිතය විනාශ කර ගන්නවද?නැතිනම් දේව වචනයට දෙවියන් වහන්සේට බයෙන් යුක්තව නිර්භීතකම ඇතුව ජීවිතය ජයගන්නා මනුෂ්‍යයෙක් වෙනවද?තීරණය ඔබ සතුය..

එම නිසා මොහොතක් සිතන්න.ජීවිතය වෙනස් කරගන්න.දේව ආශිර්වාදය අත්පත් කර ගන්න.ඔබ සැමටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිදහස් වේවා..

ඔබ සැමට ජේසු පිහිටයි!

අපි කරන හැම පාපයක්ම විපාක දෙන්නේ ද ?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අප කළ හැම පාපයක් ම විපාක දෙන්නේ ද යන්න බොහෝ දෙනා විමසන පැනයකි. ධර්මයට අනුව සිත සහ පව් කර්ම සංස්කාර වශයෙන් දක්වා තිබේ . විපාක යනු නරක විපාක පමණක් නොවේ . නරක දේවල් වලට නරක විපාකත් හොඳ දේවල් වලට යහපත් විපාකත් ලැබේ. හොඳ කර්ම පිණිස ලැබෙන විපාක පුඤ්ඤාභි සංඛාර ලෙසත් නරක විපාක වලට ලැබෙන කර්ම අපුඤ්ඤාභි සංඛාර ලෙසත් බුදු දහමෙහි හඳුන්වයි.  සරලවම කියත හොත් කර්ම වශයෙන් රැස් වන්නේ අප කරන පින් හා පව් ය.

නමුත් සිතට එන සැම නරක සිතිවිල්ලක් ම විපාක ගෙන දෙන්නේ නැත . එයට හේතුව නරක සිතුවිල්ලක් ඇති වූ පමණින්ම ඒ සඳහා කර්ම රැස් වෙන්නේ නැති බැවිනි.විපාක පිණිස කර්ම රැස් වන්නේ ඒ නරක සිතුවිල්ලෙන් සිත කය වචනය ක්‍රියාත්මක කිරීමට යාම තුළිනි. මෙහිදී එම නරක සිතිවිල්ල සිතින් ක්‍රියාත්මක කරන්න කරනුයේ යනුවෙන් හඳුන්වන්නේ ඒ පිළිබඳව නැවත නැවත සිතමින් සැලසුම් සකස් කිරීමයි .

කෙසේ හෝ කිසියම් කර්මයක හිමි කාරයා වන්නේ ඒ ක්‍රියාව හා බැඳුණු සිත ඇති තැනැත්තා ය . උදාහරණයක් ලෙස කෙනකු සතෙකු මරන්න සූදානම් වෙනවා යැයි සිතමු . එම මරණ සිත තිබෙන්නේ මරණ පුද්ගලයාට ය. මරණ ක්‍රියාව දෙස බලා සිට තවත් කෙනෙකුට එය සතුටින් අනුමත කරන්නේ නම්

ඒ පිළිබඳ හටගත් ශෝකය මත ගැටීමක් ඇති කර ගන්නේ නම් හෝ එය සතුටින් අනුමත කිරීම සහ ගැටීම තුළ එම පුද්ගලයාත් එම පාප කර්මය සිදු කරගනු ඇත. නමුත් එය කරන කෙනා මරණ තැනැත්තාට අත්වන ප්‍රාණඝාත අකුසලය තරම්ම බලවත් එකක් නොවේ. සත්ත්ව ඝාතන දෙස බලා සතුටු වීම යනු පව් අනුමෝදන් වීම යි . ගැටීමක් ඇති කර ගැනීම තුළ ඇත්තේ ද්වේශයක් නිසා එයද කර්මයකි.

 මෙසේ තමන්ම තමන් ම ප්‍රාණඝාත අකුසලය නොකළත් අනුන් කරන ඕනෑම පාප කර්මයක් දෙස බලා සතුටු වීමෙන් බොහෝ අය පව් සිදු කර ගනිති. එසේම එම කරන ක්‍රියා අනුමත නො කළොත් කරන තැනැත්තා කෙරෙහි මානසිකව හෝ ගැටීම පාපයකි. මේවා මනෝ කර්ම නම් වේ.

මෙකල බොහෝ දෙනා කයින් හා වචනයෙන් රැස් කරන පාප කර්ම වලට වඩා මනසින් ඇති කරගන්නා පාප කර්ම වැඩි බව පෙනේ . සැබවින්ම මෙහිදී සිදු වී ඇත්තේ ඔවුන් කරගෙන ඇත්තේ අනුන්ගේ පවකට කර ගැසීමයි . මෙබඳු පාප කර්ම වලට කර ගැසීම නිසා ප්‍රාණඝාතය අකුසලය තරම්ම කර්මයක් රැස් නොවූවද එයට සමීප ප්‍රතිඵලයක් ලැබිය හැකිය.

මේ තත්ත්වය වළක්වා ගත ගතහැක්කේ අපට මය. අප කරන සියළුම පින් හා පව් වලට අප වග වගකිව යුතු වේ. එය කිසිදු බාහිර කාරණයකින් සාධාරණීකරණය කළ නොහැකි ය.අපි විසින් කරන හොඳ හෝ නරක කර්ම වල

විපාක අපිට දායාද වශයෙන් ලැබේ . මෙය කම්ම දායාද ලෙස ධර්මයෙහි සඳහන් වෙයි.

මෙසේ අතීතයේ කරන ලද දේවල් අතීත දායාද වශයෙන් උරුම වුවත් වර්තමාන ක්‍රියාකාරිත්වය තුළ එම කර්ම දායාද වෙනස් කළ හැකි ය . තමන් ජීවිතය කරනු ලබන කර්ම වලට තමන් වගකිව යුතු සේ ම එය වෙනස් කළ හැක්කේ ද තමන්ට ම ය. මේ ගැන අපි ටිකක් පැහැදිලි කර ගනිමු .

බෞද්ධයෝ අකුසල වලට බෝධි පූජා පවත්වති . අපල යනු එක්තරා අතකින් බැලූ විට  අප අතීතය කරපු පාප කර්ම විපාක දෙන කාලය යි . එහෙනම් හොඳ කර්ම ඵල නොදෙන කාලයයි. මෙසේ තමන් ගේ දරුවෙකුට අපල කාලයක් ආ විට සමහර දෙමව්පියන් එම දරුවාට බෝධි පූජා තබන්නේද දරුවාට නොදන්වා ය . මෙසේ ආශිර්වාද ලැබිය යුත්තාට නොදන්නවා කරන ආශිර්වාදයෙන් එය ලැබිය යුත්තාට ලැබෙන්නේ නැත. ඔහුට එම ආශිර්වාදය ලැබෙන්නේ ආශිර්වාද ලැබිය යුත්තා එම ස්ථානයේ නොසිටියත් ඔහු එය දැන ගෙන මනසින් හෝ ඒ හා සම්බන්ධ වීමෙනි . ඒ බෝධි පූජාවලට සම්බන්ධ කුසල චේතනා මනසේ පහළ වීමෙනි. කුඩාම දරුවෙකු නම් එම ස්ථානයේ තබා ගෙන ආශිර්වාද කිරීමෙන් එම ආශිර්වාදය ලැබෙයි.

පන්සලට බුදු බුදු පිළිම වහන්සේ නමක් පූජා කරන තැනැත්තෙකු එහෙමත් නැතිනම් පන්සලට ට බුදු කුටියක් සාදා දුන් අයෙකු සැදැවතුන් ඒ වන්දනා කරන මොහොතක් මොහොතක් පාසා තමන්ට ඉබේම පින් ලැබෙයි යනුවෙන් සිතීම වැරදිය. එසේ පින් ඉබේ පෙළඹෙන්නේ නැත . තමා කළ ඒ කුසල ක්‍රියාව ගැන නිතර මනසින් මෙනෙහි කිරීමෙන් සහ සතුටු වීමෙන් ඒ පින ලැබෙනු ඇත.

අප කළ පාප කර්ම වල විපාක වලක්වා ගත හැක . නරක හැම විපාකයක් ම විපාක දෙන්නේ නම් දුටුගැමුණු රජුට දිව්‍ය ආත්මයක් ලැබීමට පුළුවන් වන්නේ නැත . අංගුලිමාල රහත් භාවයට පත් වන්නේත් නැත. නමුත් මෙසේ කී පමණින් ඔබ තව තවත් පාප කර්ම කළොත් එහි විපාක බිහිසුණු වීමට පුළුවන.

පාප මිත්‍ර සේවනය නිසා හෝ හෝ ආවේග පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා හෝ නොමනා පුද්ගලයෙකු ගේ බලපෑම නිසා ඔබ පාප කර්මයක් සිදු කළේ නම් ඔබ එම පාප කර්මය නැවත කිසි දිනෙක නොකරන්නේ යැයි ආයත සංවරයේ පිහිටා වඩ වඩාත් වඩා කුසල් දහම් කළ යුතුයි . එමගින් නරක විපාක වළක්වා ගත හැකි ය.

නමුත් මොන තරම් කුසල ධර්ම කළත් මව මැරීම පියා මැරීම ආදී වූ ආනන්තරිය පාප කර්ම කළ අයෙකුට නම් විපාක ලැබීම වෙනස් කළ නොහැකිය . ආනන්තරීය පාප කර්ම වලින් එකක් හෝ කර ඇතොත් මරණින් මතු ඒකාන්තයෙන්ම නරකයෙහි උපත ලැබීම  කර්ම නියාමයකි.

අතිපූජනී තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ

සම්මා සම්බුදු සරණයි හැමෝටම !!

ප්‍රතික්ෂේප වීම් ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය කරගන්න…


ප්‍රතික්ෂේප වීම කියන්නේ ඇත්ත වශයෙන්ම  හිතට දරා ගැනීමට අතිශය දුෂ්කර හැඟීමක්, ඔබ ප්‍රතික්ෂේප වීමකට මුහුණ දුන් පසු ඔබේ ආත්ම ශක්තිය පවා හීන වනවා, එවිට ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරනවා ඔබ ප්‍රමාණවත් තරම් හොඳද නැද්ද කියලා,                                      නමුත් ඔබ ඔබෙන් ප්‍රශ්න කළ යුත්තේ ඔබ ප්‍රමාණවත් තරම් හොඳද නැද්ද කියා නොවේ.ඔබ හොඳටම හොඳයි මෙය නියම වෙලාව හෝ නියම අවස්ථාව නොවේ යන්නයි.
කිසියම් කෙනෙකු ගෙන් ඔබ ප්‍රතික්ෂේප වුණු පසු ඔබ යන ගමන නවත්තන්න හෝ අත්හරින්න ඔබ සිතුවාද?
එහෙනම් එය තමයි ඔබ ගන්න හිතුව මෝඩම තීරණය,මොකද කෙදිනකවත් ඔබ හිතුවද මේ ප්‍රතික්ෂේප වීම තුළ ඔබේ හැරවුම් ලක්ෂය සැඟව තිබෙන බව.ඔබ සිතන්න නැතුව ඇති නමුත් එය තමයි ඔබේ ජීවිතයේ හොඳම හැරවුම් ලක්ෂය, එහෙම නැත්නම් නැගිටින්න ඕන මූලික අඩිතාලම.
මේ වන විට වත්කම ඩොලර් බිලියන 39 ක් වන (Alibaba)අලිබබා සමාගමේ නිර්මාතෘවරයා වන ජැක් මා ඔහුගේ ජීවිතයේ ලොකුම (Turning point) ටර්නින් පොයින්ට් එක එහෙම නැත්තං හැරවුම් ලක්ෂය කරගත්තේ ඔහුගේ ජීවිතේ ප්‍රතික්ෂේප වීමයි.ඔහු (KFC)කේඑෆ්සී ඇතුළුව අයදුම් කළ රැකියා 30කින් පමණ ප්‍රතික්ෂේප විය. ඒ විතරක් නොවේ ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයට අයදුම් කළ 10 දහවතාවම       ප්‍රතික්ෂේප විය,නමුත් ඔහු ඒවා කෙදිනකවත් ඔහුගේ ජීවිතයේ කඩාවැටීමට මඟ පාදා ගැනීමක් ලෙස ක්‍රියා කළේ නැත.ඔහු ඒවා ඔහුගේ ජීවිතයට ආශිර්වාදයක් කරගත්තා පමණි.එම ප්‍රතික්ෂේප වීම් තුළින් ඔහු කඩා වැටුනා නම් අද(Alibaba ) අලිබබා වැනි ඩොලර් බිලියන ගාණක වත්කමක් උපයන සමාගමක් සහ ඒ වටා වැඩ කරන සේවක සංඛ්‍යාවක් බිහි නොවන්නට ඉඩ තිබුණි.ජැක් මා ඇතුළුව අදටත් ලෝකයේ බලවත් චරිත බිහි වී ඇත්තේ යම් යම් ප්‍රතික්ෂේප වීම් හමුවේ නොසැලී ඉදිරියට ගමන් කළ නිසාවෙනි.
සෑම ප්‍රතික්ෂේප වීමකදී ම අප සිතිය යුත්තේ අපේ ජීවිතයට එය ලොකුම අඩිතාලම වශයෙනි, එවිට අපට ජීවිතය ගැඹුරට ගොස් එය ගොඩගැනීමට ප්‍රතික්ෂේප වීම  පන්නරයක් කරගත හැකිය.
ප්‍රතික්ෂේප වීම් වලට මුහුණ නොදී මේ මිහිතලයේ  කිසිම කෙනෙකුට ඉදිරියට යා නොහැකි බව ඔබ සැමවිටම සිතන්න,
ඔබ ප්‍රතික්ෂේප වීමෙන් ඉගෙන ගන්නා  දෙයින් අවසානයේ ඔබ ඔබවම සංස්කරණය කර හොඳම තත්ත්වයකට පත්කර ගනී.
“වරදින්න ඕන දවසක හරියන්න වගේම,”ප්‍රතික්ෂේප වෙන්නම ඕන ඔබ ඔබව සංස්කරණය කර ඔබේ ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂයක් ගොඩනගාගැනීමට.ඒ නිසා කෙදිනකවත් ප්‍රතික්ෂේප වීම් තුළින් වැටෙන්න එපා,ඒ හැම එකක්ම ඔයාගෙ ජීවිතේ වෙනස් කරන්න පාවිච්චි කරන්න එවිට නිසැකවම ඔබ දිනක ජය ගනීවි.

හැමදාම අනුන් එක්ක කතා කරන නිසා දවසක් තමන් එක්කත් කතා කරලා බලන්න


හැමදාම අනුන් එක්ක කතා කරන නිසා දවසක් තමන් එක්කත් කතා කරලා බලන්න.
උදේ ඇස් ඇරපු වෙලේ ඉඳන් රෑට ඇස් පියවෙනක්ම් අපි කී දෙනෙක් එක්ක කථා කරනවා කියලද?
දුක සැප අහන්න, බනින්න, අගය කරන්න, හිනා වෙන්න, අඬන්න, ඕපයක් හොයන්න ඔය වගේ දහසකුත් දේවල් වලට දවසෙම දහසක් දෙනා එක්ක කථා කළාට නිකමටවත් ඔයා ඔයා එක්ක කථා කරලා තියනවද??
 තමන් තමන්ම එක්ක කථා කරන්නෙ අහවල් දේකටද? එහෙමද හිතෙන්නෙ 

☺️

 නිකමට වගේ මොහොතකට  ඔයා එක්ක ටිකක් කථා කරලා බලන්නකෝ,
ඔයා හොඳින් ඉන්නවද?
ඔයා ඉන්නෙ දුකෙන් නම් ඒ ඇයි?
ඔයා ඔයා වෙනුවෙන් මොනවද කරන්නෙ..
ඔයා ගැන ඔයා තෘප්තිමත්ද..
ඔයාගේ හෙට දවස කොහොම වෙනවටද ආස
කියලා ඔයාගේ හිතෙන් අහල බලන්නකො .
සමහරවිට ඔයා ලෝකෙට පේන තරම් හොඳ කෙනෙක් නෙමෙයි කියලා හිත කියයි. නැත්තම් ලෝකෙ මොනවා කිව්වත් ඔයා පට්ටම පොරක් කියලා හිත මතක් කරලා දෙයි. කාටත් හොරෙන් කරපු නපුරුකම් දුෂ්ටකම් ටික හදවත හිමින් මතක් කරලා දෙයි.කරපු මිත්‍රදෝහී කම් ටික පපුවෙන් ඔලුවට ඇවිත් පොල් ටෝක්කක් අනියි. කරපු යහපත්කම් ටික ලස්සන හිනාවකුත් අරන් තොල් මැද්දට එයි . අමතකවෙච්ච යුතුකම් මග ඇරිච්ච මිනිස්සකම් ටික මතකේ උඩ හරියට මතුවෙලා එයි.
එක්කෝ ඔයා ගැන ඔයාට පට්ට මොරාල් එකකුත් එක්ක පුදුම ආදරයක් දැනෙයි, නැත්තම් අනේ අපොයි එකකුත් එක්ක මාර කලකිරීමක් දැනෙයි.
ඒ කොහොම උනත්, හිත එක්ක කථා කරන්න පටන් ගත්ත දාට ඔයාට ඔයාව හම්බෙයි.
 තමන් එක්ක එක මොහොතක් වත් කථා නොකර, ලෝකෙත් එක්ක දවසම කථා කර කර හිටියට ලෝකෙටම පද තාල හද හද හිටියට පලක් නැහැ,
ඒකෙන් වෙන්නෙ, අන්තිමට අසීමිතව ස්ට්‍රෙස් වෙලා මානසික ලෙඩ්ඩු වෙලා අනිත් මිනිස්සුන්ගේ ජීවිත දිහා බල බල තරහෙන් පුපුර පුපුර විඳවන්න වෙන එක විතරයි.
නිකමට වගේ අද හෙට වෙලාවක් දාගෙන ඔයා එක්ක ටිකක් ආදරෙන් කථා කරලා බලන්නකො, ඔයා හිතන් ඉන්නවට වඩා ගොඩක් දේවල් ඔයා ගැන ඔයාගෙ හදවත දන්නවා ඒ පාඩම් ඔක්කොම මතක සටහන් අත්දැකීම් එක්ක එකතු වෙලා ඔයාට උගන්නයි.
 අමතක වෙච්ච බොහෝ දේවල් ඔලුව අත ගගා මොළය ඔයාට මතක් කරයි.
ඔයාට ඔයාව හමුවුන දවසට ජීවිතේ මාරම රහට දැනේන්න පටන් ගනියි.
ඇත්තටම ඒක හරි සුන්දර හමුවීමක් වෙයි.

අනිශා ජයකොඩිජීවන කුසළතා හා පෞරුෂ වර්ධන උපදේශිකා

Yahoo Email භාවිතය සහ අවධානම.


මම හිතන්නෙ yahoo කීවමහම Google තරම්ම ප්‍රසිද්ධ නොවුනත් අතීතයේදිනම් හැමෝම අතර ජනප්‍රිය උණන් විද්‍යුත් තැපැල් (email) service එකක් තමයි Yahoo Mail කියන්නෙ.1997 ඔක්තෝම්බර් මාසේ 08 වෙනිදා ඇමරිකානු සමාගමක් වන Yahoo Incoperation සමාගම් විසින් දියත් කරණ.ලද e mail සේවාවකි.මූලිකවම මෙහි සේවාවන් හතරක් ක්‍රියාත්මක වූ අතර Basic , Plus සහ Ad Free සේවාවන් පුද්ගලික භාවිත (personal Use) සදහාත් තවත් සේවාවක් ව්‍යාපාර සදහාත් හදුන්වා දෙන ලදී.

2020 ජනවාරි මස වන විට ලොව පුරා මිලියන 225ක සංඛ්‍යාවක් Yahoo mail සේවාව භාවිත කරමින් සිටින ලදී.

මෙහි ඉතිහාසය තවත් විපරම් කරන් යනකොට ප්‍රථම වතාවට username එකක් ban කරණ ලදී..එනම් ඒ ආකාරයේ නම් භාවිතය තහනම් කරණ ලදී.ප්‍රථම වරට මෙලෙස තහනම් කරණ ලද වචනය වන්නේ “Allah” නමින් භාවිතා වූ නම් වන අතර තවත් විධි විධාන කීපයක්ම ක්‍රියාත්මක කරණ ලදී.

2012 වසරේ Yahoo සදහා දත්ත සූරාකෑමක් (exploit] සිදු වූ අතර ඊජිප්තු Hacker වරයෙකු විසින් $700 ක මුදලට විකිණීමක් සිදු වූ අතර එමගින් කොල්ලකරුවන් හට Yahoo Hack කිරීමට හැකි වූ අතර පරිෂීලකයන් හට අසභ්‍ය වෙබ් අඩවි වලට හරවා යැවීමට සහා Cookies හොරකම් කිරීමට Hacker වරුන් ක්‍රියා කරණ ලදී.2013 ජනවාරි මස Hacker වරයෙකු සහ Security Researcher වරයෙකු වූ Shahin Ramezany මහතා පෙන්වා දුන් තවත් DOM- based XSS loophole මගින් පෙන්වා දුන් අන්දමට මිලියන 400ක පරිෂීලකයන් අවධානමක ඇති බව පෙන්වා දෙන ලදී.

2017 ඔක්තෝම්බර් මස 3 වන දින Yahoo සමාගම විසින් සිය බිලියන තුනකට ආසන්න පරිෂීලකයන්ගේ account Hack වී ඇති බව ප්‍රකාෂ කලා

මේ විදියට ඉතිහාසයක් ඇති Yahoo Account එකක් ඔයාලා භාවිතා කරනවනම් මම ඔයාලට තවත් අනතුරු ඇගවීමක් කරන්න කැමතී..ඒ තමයි පහුගිය දවස් ටිකේම ලංකාව තුල මගෙන් උපදෙස් ගැනීමට ආ 8 කට වඩා වැඩි අගයකින් යුත් Facebook Account ප්‍රමාණයක් මේ Yahoo Mail එකක් primary Mail address එක විදියට link කර තිබීම මගින් Hack වී තිබුනා හේතුව විදියට සදහන් කලොත්,මාස 10 කට වඩා වැඩි කාලයක් Log නොවී අක්‍රීයව පැවති Yahoo Mail address එකක් ඔයාගෙ තියෙනවනම් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න මේ වන විටත් ඒක අයින් කරලාද කියලා.සමහර වෙලාවට මේ නමින්ම අයින් කරපු email account එක ඒ නමින් වෙන කෙනෙක් හැදුවම ඔයාගේ Facebook Account එක නිකම්ම recover කරගන්න පුළුවන්..ඉතින් එහෙම වෙන්න කලින් අදම පොඩ්ඩක් ඔයාගෙ Facebook Account එක Yahoo Mail එකකට Link කරලා තියෙනවනම් දෙපාරක් Check කරන්න.ඉතින් අදට අපි මේ ලිපිය නවත්තනවා.ඊලග මාසයේදීත් තවත් ලිපියක් සමග හමුවෙමු.

P.K.D.Manujaya

(BSc Honors. In Computer Science , Social Media Strategists ,Dip in HRM ,Dip in Finance Management, Dip in Production Management , Dip in Sales Management )

076 2209299

www.dilshanmanujaya.com