Author: Digital My Business
25-June-21
25-June-20
25-June-19
වටිනා දවසක්
සිරිපා අඩවිය කියන්නේ මට මගේ හදවත වගෙයි.. හැමදාමත් හැම මොහොතකම මට සිරිපා කදු මුදුණත සිහි වන විට හිතට දැනෙන හැඟිමට වචන නැති තරමි.. දිනක මම මිය යන දාට සමනොළ ගිර පෙණෙන තෙක් මානේක ඉද අවසන් හුස්ම මෙි වා තලයට එක් කරන්න ලැබෙිවා කියලා ප්රර්ථනා කරන මට සුමනසමන් දෙවියන් දුන් ත්යාගය ගැනයි අද මම මෙි කියන්න හදන්නේ…
ඉතිං… මෙවර මම ගියා මගේ උපන්දිනය සමරන්න ශ්රිපාද වන්දනාවෙි.. කලින් කීප වතාවක්ම සිරිපා අඩවිය ගැන අපි මැගිසින් මාසික සඟරාව ඔස්සේ රැගෙන පැමිණ තිබෙිනවා. නමුත් මම මෙවර අරන් ආවෙි මෙි සමනොළ කදු මුදුණේ පිහිටි සමිමා සමිබුදු බුදු පියාණන් වහන්සෙගේ සිරිපතුලට ජීවමාන බුදුන්ට පුජා කරනවා හා සමානව අසීමිත බක්තියෙන් කරනා උතුමි ක්රියාවක් ගැන විස්තරයක්…
හරියටම මැයි හතර වෙනිදා මගේ උපන්දිනය දවසේ මටත් හැකියාව ලැබුණා එ උතුමි කාර්යට සමිබන්ද වෙන්න. එකම දවසේ දෙවතාවක්ම මුණි සිරිපතුල වැද පුදාගන්නත් අවස්ථාව ලැබුණා මට…
කලින් වතාවක අවාරේ සිරිපා වන්දනාවෙිදි හමුවු හිරුෂ ලාලිත්‍ය මල්ලි මෙවර සිරිපා වන්දනාවෙි එන බව පැවසූවා මා හට. නමුත් ඔහුව මට මෙි ලෙසට උඩ මළුවෙිදි දැකගන්න ලැබෙිවියැයි නිකමටවත් සිතුනේ නෑ.. සුදු සරමක් සුදු ශර්ටි එකක් ඇදගෙන රත්නපුර පාරෙන් මහාගිරිදබ නැගගෙන එන මට ඔහු අත වැනුවෙි මගේ ජිවිතේට මගේ ජන්මදිනයේදි අමතක නොවන අත්දැකිමක් ලබා දෙන්න සුදාණමෙන් බවක් දැන සිටින්න ඇත්තේ සුමනසමන් දෙවියන් විතරක්ම වෙන්න ඇති එ වනවිට..
ඉතිං… මට එදා දවස මගේ ජිවිතේ වටිනාම දවසක්… සුමනසමන් දෙවියන් හැමදාමත් මට අඩවියේදි මුණ ගස්වන්නේ පිංවන්ත මිනිසුන්.. එ වගේමයි උන්වහන්සේ මෙි සිරිපා කරුණාවන් වලදී මට අවස්ථාවාදි මිත්රයන්ද පෙන්වා දී තිබෙනවා…
වසර තිස් හතරක් උඩ මළුවෙි දානය පුජා කරන G L සරත් චන්ද්රසිරි මාමාව මට දැන හදුනාගෙන කතාබහා කරන්න ලැබුණේ හිරුෂ මල්ලි නිසා.. හිතට දැණුනේ ලොකු සතුටක්… ඉතිං… මට එදා හැකි උනා සරත් මාමා අතුළු පිරිස සමග එ පින්කමට සහාබාගි වෙන්න , උඩ මළුවෙි මුළුතැන්ගෙයට ගොස් එ රසවත් දානයෙන් කොටසක් රස විදාන්නත් ලැබුණා.. මගේ හොදම දවසේ ඔවුන් මාවත් ලෙන්ගතුව එ පිංවත් කාර්යයට එක් කරගත් නිසාම මෙවර මම තීරණය කලා ඔවුන් වෙනුවෙන් මෙවර මගේ ලිපිය වෙන් කරන්න.. එ වගේම සරත් මාමාගෙන් අසා දැනගත් පරිදි මෙි පුන්‍ය කටයුත්ත ගැන විස්තර බිදක් ඔබ හමුවට රැගෙන එන්න…
මාමා පැවසු පරිදි ඔහු උඩ මළුවෙි දානයට සමිබන්ද වෙන්නේ 90 වර්ශයේ ඉදලා. වසරකට එක් වතාවක් ලැබෙින මෙි උතුමි අවස්ථාව මාමා නොකඩවාම කර තිබෙන්නේ සැදැහැ සිතින් පේ වෙලා… මුලින්ම අප්රේල් 27/28 දිනයන් මාමාට බාරව තිබුණත් පසු කාලිනව තවත් අයෙකුගේ දින වෙනස් වීමක් නිසා මාමාට මැයි 03/04 දිනයන් ලැබිලා… එක නමි මගේම වාසනාවට වගේ ..
උඩ මළුවෙි දානය සහා ගිලන්පස පුජා කරන්න වෙිලාවන් තියනවා , එ නිසා දානයට කලින් දවසේ හවස එක වෙද්දි මෙි සදහා සහාබාගි වෙන පිංවත් පිරිස උඩ මළුවට ලගා වෙන්නේ දානය සදහා අවශ්‍ය සියලු කලමනා හා පුජා භාන්ඩද රැගෙනයි.. හවස පහට ගිලන්පස පුජාවෙන් පසු දේව පුජාවත් පවත්වලා පිං අනුමොදන් කරනවා සුමනසමන් දෙවියන්ට වගේම පැමිණි පිරිසට.. උදැසන හිරු උදාවත් සමගම කිරි ආහාර පුජාව පවත්වන්නේ උඩ මළුවට අලුත් හිරු කිරණ වැටෙනවත් එක්කමයි… හේවිසි නාදයෙත් සමග දහවල් දානය පුජා කරලා දානය සාංගීක කර අවසනයේ සුමනසමන් දෙවියන් වෙනුවෙන් දේව පුජාව ලෙස පලතුරු පුජාවක්ද පුජා කර දෙවියන්ට පිංදි ගෙනා පුජා භාන්ඩද මුණි සිරිපතුලට පුජා කරලා ඔවුන්ගේ කාර්යය නිමා කරනවා..
ඉතිං මෙිවැනි පුන්යකටයුත්තක් සදහා මුදලින් ලක්ෂ එකාමාරක් පමණ වියදමි වෙන බවයි සරත් මාමා මා සමග පැවසූවෙි.. එ වගේම මෙි පුන්යකටයුත්තට මාමා සමග සහාසමිබන්ද වෙන තවත් දෙදෙනෙක් ගැන මාමා පැවසූවා මා සමග.. කැරුණේ මුදලාලි මහත්මයා වගේම එරත්ත සහා පලාබද්දල මාර්ගයෙන් යන විට හමුවෙන ගල්වංගෙඩිය අසල ඇති කෑම කඩෙි හිමිකරු වන වසන්ත කුමාර මහත්මයාත් වසර ගණනක සිට මෙි පුන්යකටයුත්තට සමිබන්ද වෙනවා…
නිර්මාංසව , කිලි කුණු වලින් තොරව පේ වෙලා නිර්මාංස පිරිසිදු ආහාරයක් පිළියෙල කරලා සිරිපා උඩ මළුවෙිදි සමිමා සමිබුදු බුදු පියාණන් වහන්සේට පුජා කරන්න ලැබෙනවා කියන්නේ බෞද්ධයෙකුට ලැබෙනා වාසනාවක් සහා ලොකු පිනක්..
මතක් කරන්නම ඔින එ මොහොතේ මා සමග කතාබහා කල සියළු දෙනාම එ හැමොටම තුති පුදන අතර විශේෂයෙන් මතක් කරන්නම ඔින හිරුෂ මල්ලිව මනුර මල්ලිව , ඔවුන් දෙදෙනා නිසයි මටත් එ අවස්ථාව ලැබුණේ.. ආසාවක් වගේම බලාපොරොත්තුවක් ඇතුවයි මම නැවතත් නිවසට පැමිණියේ ලබන වසරේ මගේ උපන්දිනයට සරත් මාමා ඇතුළු පිරිස සමග එකතුවි එ පුන්යකටයුත්තට සමිබන්ද වෙන්න..
හේවිසි නාද මැද මහා සංඝරත්නයේ ආශිර්වාද මැද බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන් සිරිපාද පද්මයේ සුදු පිරුවට ඇදගෙන සාදු නාද මැද තේවවෙන් කරනා අන්දම සියැසින් දැක ගන්නට මාත් පිං කර ඇත, දළදා වදින්න නුවරට ගොස් රිදුන මගේ හිත සිරිපා පියුම මත සුවපත්වු අන්දම…. ස්තුතියි මෙි විශ්වයට…
සුමනසමන් දෙවි පිහිටයි
නිසංසලා රණසිංහ
25-June-18
බහුචිතවාදියා ~ Giftnet to Lovenet ~
ගුවන් විදුලි නාට්‍ය රචකයෙකු මෙන්ම කෙටි චිත්රපට නිර්මාණකරුවෙකු ද
වශයෙන් සිය කලා කෞශල්යයන් ලාංකේය කලා කෙත වෙත එළිදක්වමින්
කොළඹ විශ්වවිද්යාලයේ ශාස්ත්රවේදී විශේෂ උපාධියකට ද හිමිකම් කියනා
මාලක දේවප්රියගේ ප්රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය " බහුචිතවාදියා "
යි.
අන්තර්ජාලය පදනම් කරගනිමින් විදේශීය තෑගි ඇනයුම් ශ්රී ලංකාව පුරා
බෙදාහැරීමේ ව්යාපාර ආයතනයක් වන " ගිෆ්ට්නෙට් " හී බෙදාහැරීමේ
සේවකයෙකු ලෙසින් සේවයට එක්වන සසිතගේ ජීවන පෙවෙත
කේන්ද්රකොටගනිමින් සිනමාපටය ධාවනය වේ.
කාලීන ලාංකීය ජන සමාජය වේගවත්ව ගෝලීය තාක්ෂණික විප්ලවයේ ගොදුරක්
වෙමින් පැවතීම නවතාලිය හැක්කක් නොවන විටදී ධණවාදී සංස්කෘතික
ප්රවාහයට ඉබේටම නතුවෙන තාරුණ්යයේ ජීවන දෘෂ්ඨිය ද බහුචිතවාදි
ස්වරූපයක් ගන්නා බව සිනමාපටය තුළින් තිර රචකයා හා අදියුරුවරයා
කියාපාන්නට උත්සාහ කරන බව සිතේ.
සකලවිධ මනු සංතානයන්හි නෛසර්ගිකව පහළවන්නා වූත් නිරන්තරයෙන්
වෙනසට බඳුන් වන්නා වූත් අතිශය සංකීර්ණ වූත් අතිශය සියුම් වූත්
මනෝභාවයන් මහත් සංයමයකින් යුතුව රිදී තිරය මත ප්රක්ශේපනය කිරීමට
ප්රදාන හා අනු චරිතයන් නිරූපණය කරන්නා වූ සියළු රංගන ශිල්පීන් විසින්
පාන්නා වූ සමර්ථභාවය එය දෑසින් විඳ මනසින් කියවාගැනීමට සමර්ථභාවයක්
ඇත්තා වූ සියළු ප්රේක්ෂකයන්ගේ සම්භාවනාවට බඳුන් විය යුතුයැයි තරයේ
ප්රකාශ කිරීමට කැමැත්තෙමි.
රංගන දායකත්වය
කලණ ගුණසේකර
වීණා ජයකොඩි
ලක්ෂ්මන් මෙන්ඩිස්
සමනලී ෆොන්සේකා
දමිතා අබේරත්න
ඩී.බී. ගංගොඩතැන්න
ගීතා අලහාකෝන්
රජිත හේවාතන්ත්රි
සුලෝචනා විතානාරච්චි
ඕමාලි රාධිකා
රෙක්ස් හැමිල්ටන්
සුජිත් පතිරගේ
තිළිණ සමරසූරිය
ඊ.එම්.ඩී.උපාලි,
උපුල් කොරටුවෙල
කුමුදු කුමාරසිංහ
එකී යථාර්ථවාදී වූත් අද්විතීය වූත් රංගන ප්රතිභාව පූර්ණ වශයෙන්
විදහාපෑමට මං සලසාදුන් ප්රශස්ථ කාර්මික දායකත්වය විසින් සිනමාපටය
රාමුගත වන ආකයානය තුළ ඉහත සඳහන් කරන ලද මනෝමය සංරචකයන්,
භෞතිකමය සමාජ – දේශපාලන සංරචකයන් මත පුරෝකථනය කළ නොහැකි
ලෙසින් විචල්‍ය වන අයුරු වඩාත් හොඳින් ප්රේක්ෂකයන් වෙතට සන්නිවේදනය
කිරීමට මහත් රුකුලක් වී ඇති බැව් සිනමාපටය සමඟින් තියුණු සබැඳියාවක්
සකසාගත් සිනමා සංවේදී කා හට වුවද වටහාගැන්මට අපහසු නොවනු ඇත.
නිෂ්පාදන කාර්ය මණ්ඩලය
තිරරචනය ,නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – මාලක දේවප්රිය
සම නිෂ්පාදනය – දයානන්ද බෝඹුවල
සහය නිෂ්පාදනය – හිරන්ති ගුණවර්ධන , සූරේන් දෙව්මිත් රත්නායක , ප්රියන්ත
කොළඹගේ , ඩබ්.එස්.විජේසිංහ
ඉදිරිපත් කිරීම – කොළඹ විශ්වවිද්යාලීය විද්යාර්ථීන්ගේ සංවිධානය
සහය අධ්‍යක්ෂණය – ඩබ්.රවින්ද්‍ර , වර්නන් අබේසිංහ
කැමරා අධ්‍යක්ෂණය – චින්තක සෝමකීර්ති
කැමරා සහය – නලින් ධම්මික , ආනන්ද බණ්ඩාර හේරත්, හේමන්ත රත්නායක
සංස්කරණය – හර්ෂ දිසානායක
වර්ණ සංයෝජනය –මේඝ කාවින්ද කොළඹගේ
ශබ්ද සංයෝජනය – ශසික රුවන් මාරසිංහ
සංගීත අධ්‍යක්ෂණය – චිත්‍රාල් සෝමපාල
අංග රචනය – සුරේෂ් හර්ෂජීව
පසුතල හා ඇඳුම් නිර්මාණය – සංජීව කරුණාරත්න
නිෂ්පාදන කළමණාකරණය – රෝහණ වර්ණකුලසූරිය , තිළිණ පෙරේරා
දෘශ්‍ය ප්‍රයෝග – රවීන් වෙත්තසිංහ
නිශ්චල ඡායාරූප – ජයන්ත් ධර්මවර්ධන
ආලෝකකරණ සහය – කෝසල මනෝජ් , ගිහාන් බුද්ධික , කුලරුවන් ගමගේ, සංජීව
විකුම් , දිලංග දිනුෂාන් , නාලක නදීශාන්
පරිවර්තනය – සරත් කැල්ලපත , අතුලසිරි සමරකෝන්
ඩී.සී.පී.පිටපත් කිරීම– දිනිඳු ජාගොඩ
හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය අපේක්ෂාවන් ඇති
කරවන මෙවන් ප්රශස්ථ සිනමා භාවිතාවක් සමඟින් නැවතත් හෙලවුඩය
වර්ණවත් කිරීමට අවැසි සියළු හේතු සම්පත් සැලසේවායි මාලකදේවප්රිය අතුළු
සමස්ථ නිෂ්පාදන කාර්ය මනඩලය වෙත මුළු හදින්ම සුභාශිංශන එක්කරමි.
සැකසුම
හිරාන් ගමගේ
25-June-17
අඳුර තුළ ගෙවන ජීවිතයේන් එළියට එමු!!
මාගේ ප්රේමවන්ත සහෝදර සහෝදරියනි ජේසුගේ ආශිර්වාදය ලැබෙන මාසයක් වේවා!
*අඳුරෙන් පිරුණු ලෝකයක අවශ්යතා ඇති මිනිසුන්ට ආලෝකය වූයේ යේසුස් වහන්සේය.
ඔහු කළ ප්රාතිහාරයන් සාමාන්‍ය මානව බුද්ධියෙන් තේරුම් ගන්න්න බැහැ. ඒවා ඔහුගේ
දේවත්වය හා අපට තිබෙන ආදරය පෙන්නුම් කරයි.
ඉතින් ඔබ තවත් අඳුරේ සිටීමට අවශ්‍ය නෑ. අපි බලමු දෙවියන් වහන්සේ කොපමණ
මනුෂ්‍ය ජීවිතවලට ආලෝකය සහ ප්රේමය නිදහස් කරා ද කියා. පහත කරුණු ගැන
ඔබගේ හදවත ඉතා හොඳින් යොමු කර බලන්න.
*අන්ධ මනුෂ්යයන්ට පෙනීම ලබාදීම,
(ශුද්ධ මාර්ක් 10: 46 – 52)
"ඔව්හු යෙරිකෝවට පැමිණියෝය. උන්වහන්සේ තමන් ගෝලයන් හා මහත්
සමූහයක් සමඟ යෙරිකෝවෙන් පිටත්ව යන කල තිමේයුස්ගේ පුත්රවූ
බර්තිමේයුස් නම් අන්ධවූ හිඟන්නෙක් පාර අයිනේ ඉඳගන උන්නේය. ඒ
නාසරිය යේසුස්වහන්සේ බව ඔහු අසා: දාවිත්ගේ පුත්රවූ යේසුස්වහන්ස, මට
කරුණාකළ මැනවයි මොරගසන්ට පටන්ගත්තේය. එවිට ඔහු නිශ්ශබ්ද වන
ලෙස බොහෝ දෙනෙක් ඔහුට සැරකළෝය. නුමුත් ඔහු: දාවිත්ගේ පුත්රය, මට
කරුණා කළ මැනවයි වඩ වඩා මොරගැසුවේය. යේසුස්වහන්සේ නැවතී සිට:
ඔහුට අඬගසන්නැයි කීසේක. ඔව්හු අන්ධයාට අඬගසා: ධෛර්යවත්වෙන්න.
නැගිටින්න, උන්වහන්සේ නුඹට අඬගසනසේකැයි කීවෝය. ඔහු තමාගේ සළුව
ඉවත දමා, පැනනැගී යේසුස්වහන්සේ ළඟට ආයේය. යේසුස්වහන්සේ ඔහුට
කථාකොට: මා විසින් නුඹට මක්කරනවාට නුඹ කැමතිදැයි ඔහුගෙන්
ඇසූසේක. රබ්බෝනි, පෙනීම ලබාගන්ටයයි අන්ධයා උන්වහන්සේට කීයේය.
යේසුස්වහන්සේද: යන්න, නුඹේ ඇදහිල්ල නුඹට සුවකළේයයි ඔහුට කීසේක.
එවේලේම ඔහු පෙනීම ලැබ, මාර්ගයෙහි උන්වහන්සේ අනුව ගියේය."
බලන්න ඔහුගේ ජීවිතයට ආලෝකය ආපු ආකාරය. ඔහු ලැබුවා වූ යේසුස් වහන්සේගේ
ප්රේමය නිසා ඔහු යේසුස් වහන්සේව අනුගමනය කරමින් යේසුස් වහන්සේගේ පසුපස
යන ඔහු මනුෂ්යයෙකු වුවා. බලන්න මෙම මනුෂ්යයා ආලෝකයට එන්නත් යේසුස්
වහන්සේගේ ප්රේමය අත්දකින්නත් ඔහුට එක් දෙයයි තිබුණේ ඒ තමයි විශ්වාසය. මොහු
යේසුස් වහන්සේ කෙරෙහි තැබුවා වූ අධික විශ්වාසය නිසාම ඔහු අන්ධකාරයේ
ආලෝකයට ආවා.
ඉතින් ඔබත් මුළු හදවතින්ම යේසුස් වහන්සේව විශ්වාස කරන්න. එවිට යේසුස්
වහන්සේ නුඹගේ ජීවිතයේ අඳුර පහ කරලා ආලෝකයෙන් බබලන්න සලස්වයි.
ඔබ සැමට ජේසු පිහිටයි!
ඉවැන්ජලිස්ත අමිල දිසානායක
මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම
25-June-16
තිරිසන් සතුට (schadenfreude)
මෙවර මේ ගැන ලියන්නට හිතුවේ ඔබේ විපතේදී ඔබව සොයා එන සියල්ලන්ම ඔබේ මිතුරන් නොවන බව පැහැදිලි කිරීමටය. ඔබ කරදරයකට පත්වූ විට හෝ යමක් ලබාගැනීමට අසමත්වූ ඔබ වෙනුවෙන් දුක් වෙන අය දෙවර්ගයකි. ඒ අතරින් අයෙකුගේ කඳුළු අවංක වන අතර තවෙකෙකුගේ කඳුළු ඔබේ වැටීම නිසා වන සතුටු කඳුළු ය. ඒ කඳුළු ඔබේ වැටීම නිසා ඔවුන් තුළ ඇතිවූ සතුට නිසාය. එයට තනිවචනයකින් සාර්ථකව ප්රකාශ කිරීම සඳහා ඉංග්රීසියෙහි ද භාවිත වන්නේ “ශෝඩන්ෆ්රොඉඩ” නම් ජර්මන් වචනයයි. එහි තේරුම නම් කෙනෙකුගේ වැටීම නිසා තවෙකෙකු තුළ ඇතිවන ප්රීතියයි (taking delight in another’s downfall). සිංහලෙන් ඒ සඳහා හොඳම වචනය ‘තිරිසන් සතුට‘ ය.
දැන් එම තිරිසන් සතුටෙහි ස්වභාවය විග්රහ කරනු. බුද්ධ ධර්මය තුළ මේ සඳහා භාවිත වචන කීපයකි. ඒ අතරින් “ඉස්සා” හෙවත් ඊර්ෂ්යාව (jealousy) ප්රධාන ය. ඊර්ෂ්යාව ඇති අයට ඔබේ සාර්ථකත්වය ගැන ඇත්තේ පුදුම වේදනාවකි. ඔබට යම් විපතක් වූ විට එවන් අය කොතරම් සතුටුවන්නේ ද කිවහොත් ඔබ හමුවීමට තෑගි ද රැගෙන ඒමට පෙළඹේ. ඔබේ සාර්ථකත්වය නිසා ඔවුන්ට ඇති වේදනාව නිසා ඔවුන් සිටින්නේ ඔබේ විනාශය ප්රාර්ථනා කරමින්ය. එය ධර්මයෙහි හැඳින්වෙන්නේ ව්යාපාද (ill-will) ලෙසය.
මේ තිරිසන් සතුට කොතරම් හානිදායකද කිවහොත් එය පරාජය කිරීමට දිව්යමය මානසිකත්වයක් අවශ්‍ය වේ. එය මුදිතා හෙවත් අනුන්ගේ දියුණුවේදි සතුටුවීම (altruism) යි. එය සතර බ්රහ්මවිහාරවලින් (the four principles of divine life) එකකි. මෛත්රීය, කරුණාව සහ උපේක්ෂාව යන සෙසු බ්රහ්මවිහාරවලට සාපේක්ෂව බැලීමේදී සමාජ සත්ත්වයන් වන මිනිසුන්ට මුදිතාව පුරුදු කිරීම වඩා දුෂ්කර ය. නොදැනීම ඔබට ද මොහොතකට ශෝඩන්ෆ්රොඉඩ ඇතිවිය හැකිය. මොහොතකට හෝ එය ඇති වුවහොත් ඔබ දිව්යමය තත්ත්වයෙන් පිරිහී තිරිසන් තත්ත්වයට වැටේ. ඔබේ වැටීම ගැන යමෙකුට තිරිසන් සතුටක් ඇතිවී ඇතිබව හැඟුනොත් මෙත් සිතින් ඔවුන්ගෙන් ඈත්වීම මැනවි.
බොහෝ මව්පියන්ට ආදරයේ වේශයෙන් ශෝඩන්ෆ්රොඉඩ ඇතිවේ. එය පාසැල් සහ දහම් පාසැල් තරඟ සංදර්ශන ආදියේදි මම දැක ඇත්තෙමි. තම දරුවාට වඩා දක්ෂ දරුවෙකුගේ රංගනයේදී සුළු අතපසුවීමක් දුටුවිට එම දරුවා හමුවී දුක ප්රකාශ කරයි. ඒ දුකක් නොව සතුටකි. පෙර වතාවකදී රංගනය අතිසාර්ථකව කළ විට ඒ සුබපැතුම් නොලැබිණ. මුදිතාවෙන් පිරුණු ළමා ලෝකයද කෙලෙසන්නේ වැඩිහිටියන් විසිනි.
ඔබ මුදිතාව වඩන්න. එහෙත් ඔබ වෙනුවෙන් කඳුළු සළන්නන් ගැන පරිස්සමෙන් ඉන්න.
– ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි
25-June-15
25-June-14
සිව්වෙනි මානය
කාලයක් ගතවෙලා යයි සිතෙන හැමවිටම
‘ බොහෝ දේ වෙනස් වී ඇත‘ සිතෙයි නිසැකවම
කාලයම විසින් ඒ වෙනස ඇතිකරනවද?
වෙනස් වීමම කාලයක් ලෙසින් දැනෙනවද?
පැයක් යනු පැයක් මයි ඔරලෝසු කටුවකට
නමුත් එය වෙනස් වෙයි මිනිසෙකුගෙ මනසකට
විටෙකදී පැය විනාඩියක් ලෙස දැනෙනකොට
තව විටෙක විනාඩිය පැයක් සේ දැනේ මට
වැරදි ඔරලෝසුවද? කාලය ද? අපෙ හිත ද?
කාලයේ අර්ථයම අපිට දැනෙනා දේ ද?
නිසැක ස්ථිරම දේ ‘වෙනස් වෙන බව‘ නේද?
නිසැකවම දැනගන්න, කාලයක් ගත වෙයිද?
*තාරක ජයතිලක*
25-June-13
ශ්‍රී ලංකාවේ මාර්ගගත ළමා අපයෝජනය වළක්වා ගැනීමට ඩිජිටල් සාක්ෂරතාවයේ වැදගත්කම
අද ලෝකයේ තාක්ෂණය සෑම තැනකම පවතී. ශ්රී ලංකාවේ දරුවන් ඉගෙනීම සඳහා පමණක් නොව විනෝදාස්වාදය, ක්රීඩා සහ සමාජ මාධ්‍ය සඳහාද ජංගම දුරකථන, ටැබ්ලට් සහ පරිගණක භාවිතා කරයි. අන්තර්ජාලය අධ්යාපනය සහ නිර්මාණශීලිත්වය සඳහා බොහෝ හොඳ අවස්ථා විවෘත කරන අතරම, එය බරපතල අනතුරු ද ගෙන එයි. විශාලතම තර්ජනයක් වන්නේ මාර්ගගත අපයෝජනයයි.(Online Abuse) බොහෝ දරුවන් සයිබර් හිරිහැර කිරීම්, මාර්ගගත වංචනිකයන් සහ හානිකර අන්තර්ගතයන්ට ගොදුරු වේ. කණගාටුදායක ලෙස, බොහෝ විට, දරුවන් මෙම තර්ජන වලින් ආරක්ෂා වන්නේ කෙසේදැයි නොදනී. ඩිජිටල් සාක්ෂරතාවය ඉතා වැදගත් වන්නේ මෙහිදීය.
ඩිජිටල් සාක්ෂරතාවය යනු ඩිජිටල් මෙවලම් ආරක්ෂිතව, වගකීමෙන් සහ ඵලදායී ලෙස භාවිතා කිරීමට දැනුම සහ කුසලතා තිබීමයි. එය දරුවන්ට අන්තර්ජාලය ඥානවන්තව භාවිතා කරන ආකාරය, අනතුර හඳුනා ගන්නේ කෙසේද සහ එය වාර්තා කරන්නේ කෙසේද යන්න උගන්වයි. දරුවන් ඩිජිටල් සාක්ෂරතාවයෙන් පෙළෙන විට, බෙදා ගැනීමට ආරක්ෂිත වන්නේ කුමන ආකාරයේ තොරතුරුද සහ නොකළ යුතු දේද යන්න ඔවුන් තේරුම් ගනී. නිදසුනක් වශයෙන්, මාර්ගගත ආරක්ෂාව පිළිබඳව උගන්වන දරුවෙකු තම නිවසේ ලිපිනය, පාසලේ නම හෝ ඡායාරූප වැනි පුද්ගලික තොරතුරු ආගන්තුකයන් සමඟ බෙදා ගැනීම භයානක විය හැකි බව දැන ගනු ඇත. සමාජ මාධ්‍ය හෝ ක්රීඩා වේදිකාවල නොදන්නා පුද්ගලයින් සමඟ කතාබස් කිරීමේදී ඔවුන් වඩාත් ප්රවේශම් වනු ඇත.
ශ්රී ලංකාවේ, විශේෂයෙන් ග්රාමීය ප්රදේශවල බොහෝ දරුවන්ට ඩිජිටල් ආරක්ෂාව පිළිබඳ නිසි අධ්යාපනයක් නොලැබේ. පාසල් සාම්ප්රදායික විෂයයන් හොඳින් උගන්වන අතර, ඩිජිටල් අධ්යාපනය තවමත් ඉතා සීමිතය. එහි ප්රතිඵලයක් ලෙස, ළමයින් බොහෝ විට අවදානම් නොදැන අන්තර්ජාලයට පිවිසෙති. මෙය බරපතල ගැටළුවකි, විශේෂයෙන් ස්මාර්ට්ෆෝන් භාවිතා කරන දරුවන්ගේ සංඛ්යාව වැඩි වෙමින් පවතින බැවින්. නගරවල පමණක් නොව ගම්වල ද රට පුරා පාසල්වල ඩිජිටල් සාක්ෂරතා වැඩසටහන් හඳුන්වා දිය යුතුය. මෙම වැඩසටහන් මඟින් දරුවන්ට පෞද්ගලිකත්ව සැකසුම් භාවිතා කරන ආකාරය, ව්යාජ ගිණුම් හඳුනා ගන්නේ කෙසේද සහ යමෙකු අන්තර්ජාලය හරහා ඔවුන්ට හානි කිරීමට උත්සාහ කරන්නේ නම් ප්රතිචාර දක්වන්නේ කෙසේද යන්න ඉගැන්විය හැකිය.
අන්තර්ජාලය හරහා දරුවන් ආරක්ෂා කිරීමේදී දෙමාපියන් ද විශාල කාර්යභාරයක් ඉටු කරයි. නමුත් බොහෝ ශ්රී ලාංකික දෙමාපියන් ඩිජිටල් ලෝකය ගැන හුරුපුරුදු නැත. සමහරු නිතර අන්තර්ජාලය භාවිතා නොකරයි හෝ දරුවන් යෙදුම් සහ වෙබ් අඩවි භාවිතා කරන්නේ කෙසේදැයි ඔවුන්ට වැටහෙන්නේ නැත. මෙය දෙමාපියන් සහ දරුවන් අතර පරතරයක් ඇති කරයි. දෙමාපියන් ඩිජිටල් සාක්ෂරතාවයෙන් පෙළෙන විට, ඔවුන්ට තම දරුවන් සමඟ මාර්ගගත ආරක්ෂාව ගැන කතා කිරීමට, ඔවුන්ගේ ක්රියාකාරකම් නිරීක්ෂණය කිරීමට සහ ගැටළු ඇති වූ විට ඔවුන්ට මඟ පෙන්වීමට හැකිය. එමනිසා, ඩිජිටල් සාක්ෂරතාවයේ තවත් වැදගත් අංගයක් වන්නේ දරුවන්ට ඔවුන්ගේ හැඟීම් සහ හැසිරීම් අන්තර්ජාලය හරහා කළමනාකරණය කරන්නේ කෙසේද යන්න ඉගැන්වීමයි. බොහෝ දරුවන් සයිබර් හිරිහැරයට මුහුණ දෙන අතර එය දුක, ආතතිය සහ සමහර අවස්ථාවලදී ස්වයං–හානියට පවා හේතු වේ. ඩිජිටල් සාක්ෂරතාවය දරුවන්ට තේරුම් ගැනීමට උපකාර කරන්නේ ඔවුන්ට හිරිහැර කරන්නන් අවහිර කිරීමට, අපයෝජන පණිවිඩ වාර්තා කිරීමට සහ ඔවුන් විශ්වාස කරන කෙනෙකු සමඟ කතා කිරීමට හැකි බවයි. එය ඔවුන්ට තමන්ම හිරිහැර කරන්නන් බවට පත් නොවන ලෙසද උගන්වයි. ගෞරවය, කරුණාව සහ වගකීම සැබෑ ජීවිතයේ දී මෙන් මාර්ගගත හැසිරීම් වල කොටසක් විය යුතුය.
ශ්රී ලංකා රජයට, රාජ්‍ය නොවන සංවිධාන සහ තාක්ෂණික සමාගම් සමඟ එක්ව, සිංහල සහ දෙමළ භාෂාවලින් ඩිජිටල් ආරක්ෂණ ව්යාපාර නිර්මාණය කිරීමට එක්ව කටයුතු කළ හැකි බැවින්, සියලු පසුබිම්වල දරුවන්ට තේරුම් ගැනීමට සහ ප්රතිලාභ ලබා ගත හැකිය. පහසුවෙන් තේරුම් ගත හැකි වීඩියෝ, කාටූන් සහ අන්තර්ක්රියාකාරී පාඩම් පාසල් සහ ප්රජා මධ්යස්ථානවල භාවිතා කළ හැකිය. අන්තර්ජාල ප්රවේශය අඩු නිවාසවල දැනුවත්භාවය පැතිරවීමට රූපවාහිනිය සහ ගුවන් විදුලිය පවා උපකාරී වේ. මුළු සමාජයම ඩිජිටල් සාක්ෂරතාවයේ වටිනාකම තේරුම් ගත් විට, දරුවන් වඩා හොඳින් ආරක්ෂා වනු ඇත.
නිගමනයක් ලෙස, ඩිජිටල් සාක්ෂරතාවය යනු කුසලතාවක් පමණක් නොව, එය පලිහකි. එය ශ්රී ලංකාවේ දරුවන්ට ආරක්ෂිතව සිටීමට, විශ්වාසදායක අන්තර්ජාල භාවිතා කරන්නන් බවට පත්වීමට සහ තාක්ෂණයේ ප්රතිලාභ බියෙන් තොරව භුක්ති විඳීමට උපකාරී වේ. මාර්ගගත අපයෝජනය නැවැත්වීමට සහ ආරක්ෂිත ඩිජිටල් අනාගතයක් නිර්මාණය කිරීමට, අපි දැන් ක්රියා කළ යුතුයි.දරුවන් දැනුවත් කිරීමෙන්, දෙමාපියන්ට සහාය වීමෙන් සහ රට පුරා ශක්තිමත් ඩිජිටල් සංස්කෘතියක් ගොඩනැගීමෙන් මෙය වඩාත් පහසු වේ. ඩිජිටල් සාක්ෂරතාවයෙන් යුත් දරුවෙකු යනු බලගතු දරුවෙකු වන අතර, එය අද ඩිජිටල් යුගයේ අපට ලබා දිය හැකි හොඳම ආරක්ෂාවයි.
එපමණක් නොව, ඩිජිටල් සාක්ෂරතාවය දරුවන්ට අන්තර්ජාල ලෝකයේ ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් තේරුම් ගැනීමට ද උපකාරී වේ. සැබෑ ජීවිතයේ දී මෙන්, සෑම දරුවෙකුටම අන්තර්ජාලය හරහා ආරක්ෂාව සහ ගෞරවය ලබා ගැනීමේ අයිතිය ඇත. ඔවුන්ගේ ඩිජිටල් අයිතිවාසිකම් ගැන ඔවුන්ට උගන්වන විට, දරුවන්ට මාර්ගගත අපයෝජනය, සූරාකෑම (Exploitation) සහ වෙනස්කම් කිරීම් වලට එරෙහිව නැගී සිටිය හැකිය. යමෙකු ඔවුන්ට අන්තර්ජාලය හරහා අපහසුතාවයක් හෝ බියක් ඇති කළහොත්, එය වාර්තා කිරීමට සහ උපකාර පැතීමට ඔවුන්ට අයිතියක් ඇති බව ඔවුන් ඉගෙන ගනී. සයිබර් අපරාධ සහ ළමා සූරාකෑමට (Child Exploitation)එරෙහි නීති වැනි ඔවුන් ආරක්ෂා කරන නීති පිළිබඳව ද ඔවුන් දැනුවත් වේ. ශ්රී ලංකාවේ, බොහෝ දරුවන් මෙම ආරක්ෂණයන් පිළිබඳව නොදැන සිටින්නේ කිසිවෙකු ඔවුන්ට තේරුම් ගත හැකි ආකාරයෙන් ඒවා පැහැදිලි කර නොමැති නිසාය. පාසල් පාඩම් වලට ඩිජිටල් අයිතිවාසිකම් ඇතුළත් කිරීමෙන්, අපට දරුවන්ට තමන්ව ආරක්ෂා කර ගැනීමට විශ්වාසය ලබා දිය හැකිය.
අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ සංවාදයට තරුණයින් සම්බන්ධ කර ගැනීම ද වැදගත් වේ. ළමයින් සහ යෞවනයන් අන්තර්ජාලයේ වඩාත්ම ක්රියාකාරී පරිශීලකයින් වන බැවින් ඔවුන්ගේ අත්දැකීම් සහ අදහස් ඇසීමට සිදුවේ. තරුණයින් විසින් මෙහෙයවනු ලබන වැඩමුළු, සම වයසේ අධ්යාපන වැඩසටහන් සහ ඩිජිටල් ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරන පාසල් සමාජ විශාල වෙනසක් කළ හැකිය. දරුවන් එකිනෙකාට උගන්වන විට සහ ඉගෙන ගන්නා විට, ඔවුන් සවන් දීමට සහ හොඳ පුරුදු අනුගමනය කිරීමට වැඩි ඉඩක් ඇත. ළමයින්ට ඔවුන්ගේ අන්තර්ජාල අත්දැකීම් ගැන විවෘතව කතා කිරීමට දිරිගැන්වීම අපයෝජනය වටා ඇති නිහඬතාවය බිඳ දැමීමට ද උපකාරී වේ. දරුවන්ට බියෙන් හෝ ලැජ්ජාවෙන් තොරව තම ගැටළු බෙදා ගත හැකි ආරක්ෂිත අවකාශයන් නිර්මාණය කිරීම හානිය වැළැක්වීමට බලවත් ක්රමයකි. ඩිජිටල් සාක්ෂරතාවය සිසුන්, ගුරුවරුන්, පවුල් සහ ප්රජාව අතර බෙදාගත් උත්සාහයක් බවට පත් වූ විට, එය සෑම දරුවෙකුටම ශක්තිමත් සහ කල් පවතින ආරක්ෂාවක් නිර්මාණය කරයි.
ඩිජිටල් සාක්ෂරතාවය හරහා මාර්ගගත ළමා අපයෝජන ඵලදායී ලෙස වැළැක්වීම සඳහා, පාසල්, දෙමාපියන්, ප්රජාවන් සහ රජයට ගත හැකි වැදගත් පියවර කිහිපයක් තිබේ. පළමුව, පාසල් විෂය මාලාවට ඩිජිටල් සාක්ෂරතාවය ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍ය වේ. දරුවන් තම එදිනෙදා අධ්යාපනයේ කොටසක් ලෙස මාර්ගගත ආරක්ෂාව, පෞද්ගලිකත්වය, සයිබර් හිරිහැර කිරීම සහ වාර්තා කිරීමේ යාන්ත්රණයන් පිළිබඳව ඉගෙන ගත යුතුය. දෙවනුව, ගුරුවරුන් සහ දෙමාපියන් ඩිජිටල් කුසලතා පුහුණු කිරීම ඔවුන්ට දරුවන් වඩාත් ඵලදායී ලෙස මෙහෙයවීමට සහ ආරක්ෂා කිරීමට උපකාරී වේ. වැඩමුළු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මඟින් වැඩිහිටියන්ට දරුවන් භාවිතා කරන මාර්ගගත වේදිකා සහ ඔවුන් ආරක්ෂිතව නිරීක්ෂණය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට උපකාරී වේ. තෙවනුව, රජය ඩිජිටල් ආරක්ෂණ නීති සහ ව්යාපාර සඳහා සහාය විය යුතු අතර, සමාජ මාධ්‍ය සහ ක්රීඩා වේදිකාවල ළමා ආරක්ෂණ නීති ක්රියාත්මක කරන බවට වග බලා ගත යුතුය. හතරවනුව, දරුවන්ට බියෙන් තොරව කතා කළ හැකි ක්ෂණික දුරකථන හෝ පාසල් උපදේශකයින් වැනි ආරක්ෂිත වාර්තාකරණ පද්ධති වෙත ප්රවේශය තිබිය යුතුය. අවසාන වශයෙන්, උපාංග සහ ජාලවල ශක්තිමත් මාර්ගගත වර්ගීකරණ (Strong Filters)සහ ළමා ආරක්ෂණ මෙවලම් ස්ථාපනය කිරීමට තාක්ෂණික සමාගම් සහ අන්තර්ජාල සපයන්නන් දිරිමත් කළ යුතුය.
ශ්රී ලංකා රජය දැනටමත් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) පිහිටුවීම සහ පොලිස් දෙපාර්තමේන්තුව තුළ සයිබර් අපරාධ ඒකක හඳුන්වා දීම වැනි පියවර කිහිපයක් ගෙන ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්රහයේ සංශෝධන වැනි නීති නිර්මාණය කර ඇත්තේ මාර්ගගත අපයෝජනයට, විශේෂයෙන් බාලවයස්කරුවන්ට එරෙහිව දඬුවම් කිරීම සඳහා ය. ශ්රී ලංකා CERT (පරිගණක හදිසි සූදානම කණ්ඩායම) සයිබර් සිදුවීම් සඳහා වාර්තා කිරීමේ පද්ධතියක් ද සපයයි. කෙසේ වෙතත්, ප්රධාන ගැටළුව වන්නේ දෙමාපියන්, ගුරුවරුන් සහ දරුවන් පවා ඇතුළුව බොහෝ දෙනෙකු මෙම ආරක්ෂණ පිළිබඳව නොදැන සිටීම හෝ ඒවාට ප්රවේශ වන්නේ කෙසේදැයි නොදැන සිටීමයි. මෙම සේවාවන් පිළිබඳ මහජන අධ්යාපනය සීමිතයි, විශේෂයෙන් ග්රාමීය සහ අඩු සම්බන්ධිත ප්රජාවන් තුළ. පවතින ප්රතිපත්ති සහ මහජන දැනුවත්භාවය අතර මෙම පරතරය මෙම ආරක්ෂක පියවරවල කාර්යක්ෂමතාව අඩු කරයි.
එසේනම් නිගමනයක් ලෙස, ශ්රී ලංකාවේ මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම එක් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක කාර්යයක් පමණක් නොවේ – එයට එක්සත් උත්සාහයක් අවශ්‍ය වේ. රජය ළමා ආරක්ෂාව සඳහා වැදගත් නීති සහ ආයතන හඳුන්වා දී ඇති අතර, මෙම උත්සාහයන් පිළිබඳව දැනුවත්භාවය ඇති කිරීම ද ඒ හා සමානව වැදගත් වේ. දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් අතර ඩිජිටල් සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමෙන් සහ රජයේ සහාය පද්ධති ප්රවර්ධනය කිරීම, ප්රජා පුහුණුව ලබා දීම සහ පාසල් වැඩසටහන් ශක්තිමත් කිරීම වැනි පැහැදිලි පියවර ගැනීමෙන්, අපට සෑම දරුවෙකුටම ආරක්ෂිත ඩිජිටල් ලෝකයක් නිර්මාණය කළ හැකිය. මාර්ගගත අවකාශයන් බිය නොව ඉගෙනීමේ, විනෝදයේ සහ නිර්මාණශීලීත්වයේ ස්ථාන විය යුතුය. දරුවන් තමන්ව ආරක්ෂා කර ගන්නේ කෙසේදැයි දන්නා විට සහ වැඩිහිටියන් ඔවුන්ට සහාය වන්නේ කෙසේදැයි දන්නා විට, මාර්ගගත අපයෝජනය වළක්වා ගත හැකිය. එක්ව, ශ්රී ලංකාවේ සෑම දරුවෙකුටම ආරක්ෂිතව සහ විශ්වාසයෙන් වර්ධනය වීමට, ගවේෂණය කිරීමට සහ සමෘද්ධිමත් වීමට හැකි ඩිජිටල් සංස්කෘතියක් (online Safety Culture) අපට ගොඩනගා ගත හැකිය.
පවිත්‍රා රණතුංග



