YouTube කරලා සල්ලි හොයන්නෙ කොහොමද. Part 1

මම අද කතා කරන්න යන්නෙ හැමෝම උනන්දුවෙන් හොයන හොයන්න ආසාවෙන්

ඉන්න සහ කරන්න ආසාවෙන් ඉන්න මාතෘකාවක් ගැන. ඉතින් ගොඩ දෙනෙක් යූටියුබ්

ගැන දැනන් හිටියට සල්ලි හොයන විදියහ ගැන දන්නෙත් ටික දෙනයි.මේකෙ ක්‍රම

කීපයක් තියෙනවා අපි අද කතා කරමු, Monetization නැත්නම් youtube Partnership program

එකත් එක්ක එකතු වෙලා තියෙනවා කොහොමද සල්ලි හොයන්න කියලා.හරි මුලින්ම

අපි බලමු පිට ඒකට අවශ්‍ය මොනවද කියලා. ඉස්සර නම තමයි ඔයාට youtube චැනල්

එකක් තියෙන්නේ නමුත් ඒ විතරක් මදීඒකෙ subscribers එහෙමත් නැත්නම් ග්‍රාහකයා

දාහකට වැඩි ප්‍රමාණයක් ඉන්නත් ඕනේ. ඉතින් මේක විතරක්ම නෙමෙයිකට සුදුසුකම්

ලබන්න නම් ඔයාලට තියෙන්න ඕන මේ subscribers 4000 දවස් අනුවක් ඇතුළත

වීඩියෝස් තුනක් අප්ලෝඩ් කරලා තියෙන්න ඕනේ , ඒ වගේම තමයි ඒ වීඩියෝ බලලා

watch hours එහෙමත් නැත්නම් පැයක් ඇතුළත බලපු ප්‍රමාණය තුන් දාහක් ඒ කියන්නේ

watch hours 4000 කියන limit එක පහු කරන්න ඕනි. ඒ වගේම ඔයාලට දැන් හඳුන්වල

දීල තියෙනවා youtube එකේ short Videos කියලා ඒ කියන්නෙ විනාඩියකට අඩු කාලයකදී

බලන්න පුළුවන් වීඩියෝස් තමයි මෙතනදි අප්ලෝඩ් කරන්නේ එතකොට මේ ෂෝර්ට්

වලදී ඔයාලට ෂෝට් වල views මිලියන 10 ක් ලැබිලා තියෙනවා නං ඔයාලට පුළුවන්

මේක මොන ටයිප් කරන්න. හරි අපි දැන් මේ සුදුසුකම් සපුරලා ඉවරයි නං ඒ කියන්නෙ

සබ්ස්ක්‍රයිබ්ස් දාහක් හෝ view Hours හාරදාහක් සම්පූර්ණ කරලා තියෙනවා නම් හෝ ඔයා

දාපු short වීඩියෝස් වල මීයන 10ට වඩා views තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ

monetization කියන එක ඔන් කරන්න. හරි ඊට පස්සේ අපි බලමු youtube වලදී ඔයාලට

වැදගත් වෙන ඊළඟ කරුණු කාරණා මොනවදාද කියලා. පළවෙනි දේ තමයි CPM .මේ

CPM කියන්නේ Cost per thousand imperations කියන එක.එකෙන් අදහස් වෙන්නෙ යම්කිසි

වීඩියෝ එකකින්ස් දාහක් ඇතුළෙ display වන ads ප්‍රමාණය එතකොට මේක රටින් රටට

වෙනස් වෙනවා.අපි යම්කිසි රටක ඉන්න youtuber ප්‍රමාණයට අනුව play වෙන ad සහ

advetizers ලා ප්‍රමාණය අනුව මේක තීරණය වෙනවා .

ඊළඟ දේ තමයි RPM කියන එක .මේ කියන්නෙ Revenue per mile කියන එක. මෙතැනදී

මේ mile කියන එක යොදාගෙන තියෙන latin භාෂාවෙන් දාහක් කියන එකට. ඒ කියන්නේ

වීඩියෝ එකක් දාහක් දෙනෙක් බලද්දී ඒ video එකට youtube එකෙන් ගෙවන ප්‍රමාණය

මේක චැනල් එක අනුව වෙනස් වෙනවා. ඒකේ යන Views ප්‍රමාණය සහ ඒකෙ ad play

වෙන ප්‍රමාණය අනුව මේ අගය තීරණය වෙනවා. ඊළඟ එක තමයි cpc කියන එක

බොහෝ දුරට යූටියුබර්ස්ලට නම් වැදගත් වෙන්නේ නැහැ නමුත් advertise කරන company

එකකට තමයි මේක වැදගත් වෙන්නේ. මේකේ තේරුම තමයි cost per click කියන එක

යම්කිසි youtube වීඩියෝ එකක ad එක ප්ලේ වන විට advertizerla ගෙවා යුතු ප්‍රමාණය

තමයි මේකෙදි සඳහන් වෙන්නේ .

 මම මේ ඔයාලට පහලින් පෙන්නල තියෙන්නෙ අන්තිම සංඛ්‍යා ලේඛන වලට අනුව

youtube වල සිහිපයේ මෙක තීරණය වන රටවල් සහ රටවල් අනුව වෙනස්වන CPM

අගය ඒ කියන්නේ youtube එකෙන් මේ මේ රටවල් වලට අදාළව CPM එක අනුව ගෙවන

මුදල් ප්‍රමාණය ඩොලර් වලින් තමයි මම මේ දාලා තියෙන්නේ .

සියලූම රටවල් දාන්න ගියොත් ඉඩ මදිවෙන නිසා මම වැඩිම අගයේ සිට සාමාන්‍ය

ප්‍රමාණයකට තියෙන රටවල් තමයි මම මේ දාලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒ ඒ

රටවල ගෙවන ප්‍රමාණයන් වෙනස් වුණත් විවිධ Category අනුවත් මේ CPM රේට් එක

වෙනස් වෙන්න පුළුවන් පහතින් දක්වලා තියෙන්නේ ඊට අදාළ කැටගරීස් ටික සහ ඊට

අදාළව වෙනස් වන CPM රේට් එක

ඉතිං මම හිතන්නේ මේ ලිපි සම්බන්ධව ඔයාලට වැඩිදුර විස්තර අපි මැගසින් පිට්ටෝක්

එකවුන්ට් එක ෆලෝ කරත් කෙලින්ම අපිත් සමඟ සම්බන්ධ වෙන්න පුළුවන් අපි

ඔයාලට මේකෙන් කිව්වාට එකක් සඳහන් කරලා ඒකෙ ලින්ක් එක දාල තියන්නම්

එතකොට ඔයාලට පුළුවන් ඒ කිව්වේ ඒක ස්කෑන් කරලා කෙලින්ම අපේ එකවුන්ට්

එකට ගිහිල්ලා අපිව follow කරල තියාගන්න සහ ඔයාලගෙ ප්‍රශ්න අපේ වීඩියෝස් වල

කමෙන්ට් කරන්න එතකොට අපිට පුළුවන් ඔයාලව කෙලින්ම සම්බන්ධ කරගන්න.

හෙනම් අද ලිපිය සමඟ සම්බන්ධ වූවාට ඔබට බොහෝ පත්ම ස්තූතියි. එහෙනම් ඊළඟ

ලිපිය හමුවෙමු.

(BSc Honors. In Computer Science, Social Media Strategists,Dip in HRM,Dip in Finance

Management, Dip in Production Management, Dip in Sales Management )

076 2209299

www.dilshanmanujaya.com

රෝස ආදරේ

~ වියවුල් නිද්‍රාව අභිබවා අවදි වූ පැහැසර ආලය ~

උලත් එකයි පිලත් එකයි (2016), කොළඹ සන්නිය රිටන්ස් (2018), ගෝරි (2019), ෆේස්ටු ෆේස් (2019), සේද මාවත (2020), කබඩි (2021) යන සිනමාපටයන් තිර රචනය සකස්කොට අධ්‍යක්ෂණය කරනු ලැබූ හර්ෂ උඩකන්ද විසින් සත්වන වරටත් තිර රචනය සකස්කොට අධ්‍යක්ෂණය කරනු ලබන සිනමාපටය වන්නේ ; රෝස ආදරේ යි.

නිදාලුව හෙවත් Narcolepsy යනු නිදන්ගත ස්නායු ආබාධයකි. මිනිස් මොළය විසින් මිනිස් වර්ගයාගේ යහපැවැත්ම තහවුරු කිරීම උදෙසා සිදුකරනු ලබන එක්වැ දගත්ම කරුණක් වන නින්ද – අවදි චක්‍ර නියාමනය කිරීමේ හැකියාව සැළකියයුතු ලෙසින් අඩාල කිරීම ප්‍රදානතම ආබාධය ලෙසින් හඳුනාගත හැක. ඊට අමතරව බටහිර වෛද්‍ය විද්‍යාවේ නවතම පර්යේෂණ තතු වලට අනුව විශේෂයෙන්ම වේගවත් අක්ෂි චලන නිද්‍රාව හෙවත් Rapid eye movement Sleep නම්ත ත්වය හටගැනීම කෙරෙහි බලපවත්වන්නේද මෙම නිදන්ගත ස්නායු ආබාධයයි. රෝග ලක්ෂණ අතර දිවා කාලයේ ඇතිවන අධික නිදිමත ගතිය, නින්ද ආශ්‍රිත මායාවන්, නිද්‍රාගත අංශභාගය, බාධාකාරී රාත්‍රී නින්ද සහ හදිසි සහ තාවකාලික මස්පිඩු වේදනාව සඳහන් කළ හැකිය.

රුධිරගත බැන්ධනයෙන් හමුවන එකම ළබැඳියා ලෙසින් සිය මව පමණක් ඉතිරි වූත්, ඉහත ආබාධයෙන් පෙළෙන නිසාවෙන් කිසිඳු ස්ථීර රැකියා අවස්ථාවක් හෝ ආධායම්මා ර්ගයක් සොයා සපයා ගැනීමට සමත් නොවූත් අනූජ් නැමැති අවිහිංසක අව්‍යාජ තරුණයා හට සිය හෘදයාංගම මිතුරෙකු හරහා අහම්භෙන් උදාවන රංගන වරමක්තු ළ අතිසාර්ථකව නිරූපණයේ යෙදීම ඔහු හට නිර්මළ ප්‍රේමයේ සුමධුර පහස ලැබීමේ අවකාශයද සලසයි. විවේක කාලය උදාවන තුරු සිනමාපටයේ එන සිදුවීම්පෙළගැස්ම එලෙසින් සඳහන් කළ හැකිය. මනුශ්‍යත්වය මැනවින් හඳුනනා, ස්වාර්ථය පරයා පරාර්ථය ගරුකරනා කිසිවෙකු තුළ උපතින්ම ජනිත වන කුමන තරාතිරමක හෝ කුමන අන්දමක හෝ කායික සහ මානසික ආබාධයක් නිරාමිස ප්‍රේමසැරියට හෝ සන්තුෂ්ටිමය විවාහසැරියට හෝ සඵලදායී දිවිසැරියට සෘණාත්මක ලෙසින් එල්ලකළ හැකි බලපෑමත් ඉන් නොසැළී ධණාත්මක චින්තනයෙන් උක්ත සැරියන් සාර්ථකව සපුරාගැනීමට සොභාදම් මාතාව ආශ්චර්‍යමත් ආශීර්වාදය කැන්දන අයුරුත් සිනමාපටය තුළින් කතිකාවට බඳුන්ක රන්නට උත්සාහකරන මූලික ප්‍රස්තුතය ලෙසින් හඳුනාගත හැක.

ඉඳුරාම ප්‍රකාෂ කළහොත් එම සිනමාපටය මෙතුවක් කාලයක් පුරාවට හෙලවුඩ් සිනමා වංශකතාව තුළට එකදු පහදු වූ වීරයා, පෙම්වතිය හා දුෂ්ඨයා කේන්ද්‍රකොටගත් තුන්කොන් ප්‍රේමාන්දරයකට හාත්පසින්ම වෙනස් නැවුම් ප්‍රස්තූතයක් අන්තර්ගත වූවකි. ආලය, අනුකම්පාව, තණ්හාව, ඊර්ෂ්‍යාව, කෝපය, විරහව, සාංඛාව, කාංසාව, සංතාපය, ත්‍රාසය, භීතිය, කුතුහලය, විනෝදය ආදී වූ සකලවිධ මනු සංතානයන්හි නෛසර්ගිකව පහළවන්නා වූත්නි රන්තරයෙන් වෙනසට බඳුන් වන්නා වූත් අතිශය සංකීර්ණ වූත්අ තිශය සියුම් වූත් මනෝභාවයන් මහත් සංයමයකින් යුතුව රිදී තිරය මත ප්‍රක්ශේපනය කිරීමට ප්‍රදාන හා අනු චරිතයන් නිරූපණය කරන්නා වූ සියළු රංගන ශිල්පීන් විසින් පාන්නා වූ සමර්ථභාවය එය දෑසින්වි ඳ මනසින් කියවාගැනීමට සමර්ථභාවයක් ඇත්තා වූ සියළු ප්‍රේක්ෂකයන්ගේ සම්භාවනාවට බඳුන් විය යුතුයැයි තරයේ ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. 

රංගන ධායකත්වය

නිසල හෙට්ටිආරච්චි

දිනක්ෂි ප්‍රියසාද්

දිල්හානි ඒකනායක

රජිත හිරාන් චාමිකර

පැතුම් රුක්ෂාන්

නිමේෂ් එදිරිසිංහ

රුමලී කෙෂීඩා

වසන්ත කුමාරවිල

වසන්ත කුමාරසිරි

ලාල් වීරසිංහ (ගරු රඟපෑම්)

අශේන් නවීන්

හේෂානි ලියදිපිට

සඳුනි වක්කුඹුර

ගයාන් කාන්චන

සැනට් දික්කුඹුර

රයන් වැන්‍රෝයන්

අතුල ඉද්දමල්ගොඩ

සුගත් ජානක

මංජුල සේනානායක

නාලක දළුවත්ත

ශැගී වීරනායක

ආකාෂ් බුද්ධි

චතුරංග පීරිස්

සචිනි යකුපිටිය

සමන්ත මායාදුන්න

මානෝජ් කොතලාවල

හිමල්ක මධුශාන්

අමායා දිල්‍රංගා

දයා ප්‍රතාපසිංහ

රෝහණ සේනාරත්න

සශින් පෙරේරා

එකී යථාර්ථවාදී වූත් අද්විතීය වූත් රංගන ප්‍රතිභාව පූර්ණ වශයෙන්වි දහාපෑමට මං සලසාදුන් ප්‍රශස්ථ සංකල්පය, තිර රචනය හා අදියුරුත්වය යන කාරණාවන් ත්‍රිත්වය විසින් සිනමාපටය රාමුගත වන ආකයානය තුළ ඉහත සඳහන් කරන ලද මනෝමූලික සංරචකයන්සි යල්ල වඩාත් හොඳින් ප්‍රේක්ෂකයන් වෙතට සන්නිවේදනය කිරීමට මහත් රුකුලක් වී ඇති බැව් සිනමාපටය සමඟින් තියුණු සබැඳියාවක්සකසාගත් සිනමා සංවේදී කා හට වුවද වටහාගැන්මට අපහසු නොවනු ඇත.

වර්ථමානය වන විට විද්‍යාව හා තාක්ෂණවේදය කොතරම් උද්දීපනය වුවත් ස්වභාවධර්මය තුළ ක්‍රියාත්මක වන්නා වූ ඇතැම් යාන්ත්‍රණයන්

ක්‍රියාවට නැංවෙන ආකාරය නිර්වචනය කරගැනීමට මානව ප්‍රජාව දක්වන පොහොසත්කම පිළිබඳව සිනමාපටය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන අතර ඒ තුළින් ජීවිතයේ සැබෑ අරුත පිළිබඳවද උභතෝකෝටිකයන් ගණනාවක් නිර්මාණය කෙරෙයි.  (ඇතැම් ආගම්වලට අනුකූලව එම යාන්ත්‍රණයන් පුද්ගල ස්වරූපයකින්ප වතින මහානිර්මාණකරුවකු විය හැක) 

සෑම රූපරාමුවකම පාහේ මිනිස් ඇසට මෙන්ම මනසටද වඩාත් ප්‍රිය උපදවන සුළු සොභා අසිරියෙන් අනූන වූ ස්ථානයන් රැසක සිනමාපටය රූපගතකොට තිබීමත් ඒවායේ පාරිසරික සාධකයන්ට උචිත පසුතලයන්, රංග වස්ත්‍ර හා රංග භාණ්ඩ ආදිය නිර්මාණයකොට භාවිතාව තුළින් ඉහත සඳහන් කරන ලද තිරය හා ප්රේක්ෂකයාගේ මනස අතර හටගන්නා සබැඳිය ශක්තිමත් කිරීමට උපකාරී වී ඇති බව විශේෂ කාරණාවක් ලෙස හුවාදැක්වීමට කැමැත්තෙමි.  උක්ත කාරණාවෙහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ සිනමාපටයේ නිෂ්පාදකයා, අදියුරුවරයා, කැමරා අධ්‍යක්ෂවරයා, කලා අධ්‍යක්ෂකවරයා, රංග වස්ත්‍ර හා මෝස්තර නිර්මාණශිල්පියා හා වේශ නිරූපණ ශිල්පියා හට බැව් අවංකව ප්‍රකාශ කළ යුතුය.

නිෂ්පාදන කාර්‍යමණ්ඩලය

දෙබස්, තිර රචනය, කාර්මික තිර රචනය සහ අධ්‍යක්ෂණය | හර්ෂ

උඩකන්ද

නිෂ්පාදනය | අශෝක් ජයකොඩි

කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය | නිශාන් හසිත

කතා සංකල්පය | අනූජ් රණසිංහ

සහය අධ්‍යක්ෂණය | බන්දුල කැබැල්ලහිටියාව

සංස්කරණය සහ දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණය | තිවංක අමරසිරි

වර්ණ සංයෝජනය | ශාන් අල්විස්

ශබ්ද සැලසුම | සශින් ගිම්හාන් පෙරේරා

දෙබස් පටිගතකිරීම | තනුෂ්ක කහඳවල

අංග රචනය | මනුක ගලගෙදර

අංග රචනා සහය | නවෝද්‍ය සත්සර

කලා අධ්‍යක්ෂණය | හර්ෂණ ලාල් කුමාර

සහය කලා අධ්‍යක්ෂණය | කෙනිෂ් නවරත්න, තමීර කරුණාරත්න,

අෂාන් ද සිල්වා

ඇඳුම් නිර්මාණය | දුල්ශාන් රත්නායක

නර්තන වින්‍යාසය | ශේන් ආර්‍යන්

සටන් අධ්‍යක්ෂණය | සමන්ත මායාදුන්න

නිෂ්පාදන කළමනාකරණය | නන්දලාල් ජයසිරි

විධායක නිෂ්පාදනය | ශලිනි ප්‍රනාන්දු

නිෂ්පාදන සහය | දුෂ්‍යන්ත පෙරේරා, උපුල් බාලසූරිය

නිෂ්පාදන සම්බන්ධීකරණය | හිමල්ක මධුශාන්

සංගීත අධ්‍යක්ෂණය | නිමේෂ් කුලසිංහ

ගීත රචනය | ශෙහාන් ගලහිටියාව, කුසල විදානපතිරණ

ගීත ගායනය | රවීන් තාරුක, ආදිත්‍යා වැලිවත්ත, ෆැලන් ඇන්ඩ්‍රියා,

හිරුෂ ප්‍රනාන්දු, සෙව්මිණි සංජනා

නිෂ්චල ඡායාරූප | ස්කයි ගැලරි

කැමරා සහය | සුරේෂ් කුමාර, ජනිත් දෙව්මින

හෙලවුඩ් සිනමාවේ මධුර ගීත රචකයින්, ගායක ගායිකාවන් හා සංගීත නිර්මාපකයන්කි හිපදෙනෙකුගේම නොමඳ ධායකත්වය සැපිරීම තුළින් ප්රේක්ෂක හදවත් වසඟ කරවමින් පිනා යෑමට සමත්

අතිශය චමත්කාරජනක රූපරාමු රැසකින් සමන්විත ගීතයන්

සිනමාපටය තුළ විද්‍යාමාන කරවීමට අදියුරුවරයා අමතකකොට

නැතිවීම පිළිබඳව මාගේ හෘදයාංගම තුති පිදීමට කැමැත්තෙමි. 

විදේශීය සිනමාපටයන්හි දක්නට ලැබෙන ආකාරයේ ඉහළ ගුණාත්මක

භාවයකින් යුත් ක්‍රියාදාම ජවනිකා හා දෘශ්‍ය ප්‍රයෝගයන් සිනමාපටය

ගලාගෙන යන රිද්මයට හා ඉන් ප්‍රේක්ෂකයාගේ මනස තුළ උපද්දවන

භාවයන්ගේ තාත්වීකරණයට දශමයකුදු හානියක් නොවෙන අයුරින්

සංගෘහිත අනුපිළිවෙලකට ඇතුළත් කිරීම ඉතාමත්ම ප්‍රශංසනීයයි. 

මේ සඳහා සිනමාපටයේ තාක්ෂණික කාර්ය මණ්ඩලය, කැමරා

ශිල්පීන් මෙන්ම සංස්කාරකවරුන්ද මහත් වගකීමකින් හා

ප්‍රවේශමකින් යුතුව කටයුතුකොට ඇති බව විෂයානුබද්ද දැනුමැති

කවරෙකු හටත් පහසුවෙන් ප්‍රත්‍යක්ෂ වන කාරණාවකි. 

ඇක්ෂන්, ඩ්‍රාමා, රොමෑන්ස්,  ක්ෂානරයේ සිනමාපටයක් සඳහා දර්ශීය

උදාහරණයක් වන මෙම සිනමාපටය හෙලවුඩ් සිනමා වාංශ කතාවේ

තවත් එක් සුවිශේෂී කඩඉමක් බැවින් සියළු සම්ප්‍රධායික

ගතානුගතික රාමු අභිබවා අනාගත ලෝකය සමඟින් මැනවින්

යාවත්කාලීන වන නැවුම් අනාගත හෙලවුඩ් සිනමාවක පහස විඳීමට

කැමති සියළු දේශානුරාගී සිනමාලෝලීන් සඳහා මෙම ආකර්ෂණීය

ගුණාත්මක සිනමාපටය  නුදුරේදීම නැරඹීමට අවස්ථාව උදාවීම ඔවුන්

ලත් භාග්‍යයකි. 

හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය

අපේක්ෂාවන් ඇති කරවන මෙවන් ප්‍රශස්ථ සිනමා භාවිතාවක්

සමඟින් නැවතත් හෙලවුඩය වර්ණවත් කිරීමට අවැසි සියළු හේතු

සම්පත් සැලසේවායි හර්ෂ උඩකන්ද අතුළු සමස්ථ නිෂ්පාදන කාර්‍ය

මනඩලය වෙත මුළු හදින්ම සුභාශිංශන එක්කරමි.

සැකසුම | හිරාන් ගමගේ

නිවසේදී තනියෙන් කරන්න පුළුවන් ෆේෂල් එකක් තමයි අද කියලා දෙන්න හදන්නේ

ෆේෂල් එකක් යනු කුමක්ද?

ෆේෂල් යනු ඔබේ මුහුණ පිරිසිදු කිරීමට,  hydrate කිරීමට, මොයිස්චරයිසින් කිරීමට සහ ලිහිල් කිරීමට උපකාර වන විවිධ ක්‍රියාවලීන් ඇතුළත් ස්පා ප්‍රතිකාරයකි. ෆේෂල් සියලු වර්ගවල සම ආරක්ෂණ කරගැනිමට උපකාරි වෙ

Double cleanse the skin

පලමුව මුහුනෙ ඇති makeup හේ දුවිලි ඉවත් කරගන්න. ෙම සදහා ෙකාමාරිකා ඉස්ම ස්වල්පයක් මුහුෙන් අිෙල්ප කරන්න. තත්පර 30 ක් සම්බාහනය කර උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

Gently exfoliate කෝපි ස්ක්‍රබ්

කෝපි ,දුඹුරු සිනි සහ  පොල් තෙල් මිශ්‍රණය මුහුන මත ආෙල්ප කර මෘදු ලෙස අතුල්ලන්න ඇස් අවට ප්‍රදේශවලට ආෙලප කිරිෙමන් වළකින්න. මිනිත්තු කිහිපයක්  පසුව ෙස්දා හරින්න. 

මුහුණ වාෂ්ප කිරිම

මුහුණ වාෂ්ප කිරීම සිදුරු විවෘත කිරීමට සහ ගැඹුරු පිරිසිදු කිරීම සඳහා තෙල් හා අපද්‍රව්‍ය ගොඩනැගීමට ලිහිල් කිරීමට උපකාරී වේ. 

ඔබේ මුහුණ වාෂ්ප කරන්නේ කෙසේද: විශාල භාජනයකට උතුරන උණු වතුර ප්‍රවේශමෙන් වත් කරන්න. ඔබේ හිස මත තුවායක්  දමා  විනාඩි 10ක් දක්වා ඔබේ මුහුණ වතුරට අඟල් 8ක් ඉහළින් තබා  වාෂ්ප ගන්න. කරුණාකර ඔබම පිළිස්සී නොගැනීමට වගබලා ගන්න. පසුව  Extractor Tool ආදාරෙයන් අනවශය Blackhead , whitehead  pimples ඉවත් කරන්න. 

Toner 

Rose water පුලුන් කැබැලි දමා මුහුෙන් ආෙල්ප කරන්න. 

Massage 

ෙම සදහා ඔබට ඔලිවි ෙතල් බවිතා කල හැක. ඔලිවි ෙතල් මුහුෙන් ආෙල්ප කර විනාඩි 10.00 සමිභහනය කරන්න. 

face mask මුහුණු ආවරණයක් යොදන්න

සම අනුව  face mask ෙවනස් ෙවනවා 

Dry skin වියළි සම 

ඔබේ සමේ තෙතමනය රඳවා ගැනීමට සහ අඳුරු බව සහ කැසීම සමනය කිරීමට උපකාරී වේ.

පිපිඤ්ඤා

2 තේ හැදි. කෝමාරිකා ජෙල්

පිපිඤ්ඤා බ්ලෙන්ඩ් කර කෝමාරිකා ජෙල් සමඟ ඒකාබද්ධ කරන්න.පේස්ට් එක ඔබේ මුහුණේ මෘදු ලෙස ආෙල්ප කරන්න.

එය විනාඩි 30 පසු වතුරෙන් ෙසදා හරින්න. 

තෙල් සහිත සම ආවරණ

1 කෙසෙල්

ලෙමන් යුෂ බිංදු 10 ක්

1 තේ හැදි. අමතර වර්ජින් ඔලිව් තෙල්

බඳුනක කෙසෙල් පොඩි කරන්න. දියර පේස්ට් සෑදීමට ලෙමන් යුෂ සහ ඔලිව් තෙල් එකතු කරන්න.

ඔබේ මුහුණ මත ආවරණ යොදන්න. මිනිත්තු 15 ක් සිටීමට ඉඩ දෙන්න, ඉන්පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

කැළැලැ සම 

බිත්තර සුදු වල ඇති ප්‍රෝටීන් සමේ බැක්ටීරියා විනාශ කිරීමට සහ කැළැල් නැවැත්වීමට උපකාරී වේ.

බිත්තර සුදු මද කහ මදයෙන් වෙන් කර බිත්තර සුදු මද බඳුනකට දමන්න.

කපු පුළුන් කැබැල්ලක් බඳුනේ ගිල්වා බිත්තර සුදු මදය ඔබේ මුහුණේ අතුල්ලන්න.

වෙස් මුහුණ විනාඩි 10 සිට 15 දක්වා රැඳී සිටීමට ඉඩ දෙන්න.

තෙත් රෙද්දකින් සෝදා මොයිස්චරයිසර් යොදන්න.

Apply moisturizer

ගෙදරදීම සිදු කරන ෆේෂල් එකේ අවසාන පියවර වන්නේ පෙර මුහුණේ ඇති පෝෂ්‍ය පදාර්ථ සම ආරක්ෂා කිරීමයි. ෙම සදහා ඵදිෙනදා භාවිතා කරන moisturizer  ආෙල්ප කරන්න.  

After care 

පැය 12 පසු face wash ෙහ සබන් භාවිතා කරන්න. 

පැය 24  පසුව makeup foundation භාවිතා කරන්න. 

සැම මාසකට වරක් facial නරන්න.

දුලංජලී අලහප්පෙරුම

ඔත්තුව

අප්පා නැති වුන් දෙන්නා එක්කම

රැක්කෙ දිවි මම තට්ට තනියම

මහ ඇතා ළඟ පාත නැතුවම

තනි එකා අනෙ වුණේ “තනියා” ම

කෑම වේලක් මගහැරෙනකොට

ගඩා ගෙඩියක් හොරෙන් කෑවට

ලොකු වැරැද්දක් කරලා නෑ ඌ

පිටින් ගියෙ නෑ මගේ වචනෙට

ටිකින් ටික උස් වෙලා කර දඬු

හම්බ කෙරුවේ කරලා වැඩ වඩු

මටයි දූටයි කෙරුවෙ නෑ අඩු

කොහේවත් උට තිබ්බෙ නෑ නඩු

ඉඳලා හිටලා ටිකක් බිව්වට

කොල්ලො එක්කලා කරක් ගැහුවට

මේ ලඟක් වෙනකල්ම නොතිබුණි

කිසිම නරකක් උට කියන්නට

ලඟදි ඉඳලා වැඩි කතා නෑ

නිදාගන්නෑ, බඩගිනිත් නෑ

හේතු කිසිවක් කිව්වෙවත් නෑ

යකෙක් වැහුණද කියා දන්නෑ

සල්ලි ඉල්ලා කලත් කරදර

උකස් කෙරුවත් මගේ කණකර

දරුව හින්දා ඉවසුවේ මං

සියලු දුක් ගිනි හිතේ තදකර

අයියගෙයි නංගිගෙයි රණ්ඩුව

ඇවිලුවා මගෙ හිතේ ගින්දර

තව පමා වූවොතින් බැරිවෙයි

රකින්නට කෙල්ලගේ නම්බුව

සර් මම මයි දුන්නෙ ඔත්තුව

කසුන් ජයතිලක

සුබ අලුත් අවුරුද්දක් වේවා

නවමු බලාපොරොත්තු, අභිලාෂ, ඉලක්ක වගේම අභියෝග මේ අවුරුද්දටත් පොදුයි. විය යුත්තේ එළඹෙන දින 365කට ආසන්න කාලපරාසය ඵලදායී ලෙස කළමනාකරණය කර ගැනීම තුළින්, තමාට අවැසි ඉලක්ක කරා සාර්ථකව ළඟා වීමට ක්‍රියාත්මක වීමයි.

ගතවුන අවුරුද්ද තුළ ලද ජයග්‍රහණ යලි යලිත් සමරමින්, තමාට දිය යුතු උපරිම වටිනාකම දෙමින්, අතප්සුවීම් සහ පරාජයන් හමුවේ ලද අත්දැකීම් මේ අවුරුද්ද තුල සාර්ථක වීමට උපයෝගී කර ගත හැකියි. ඒවා පිළිසකර කරගෙන ඉදිරියට යාමම ජීවිතය දිනවීමක්.

සිත පිනවූ අවස්ථාවන් වගේම තවමත් සුව නොවුන සිත් පෑරීම්ද මේ අතරින් පතර ඇති. සර්ව සම්පූර්ණ කිසිවක් නොමැති අවකාශයක පරාජිත සිතිවිලි වලට ඔබව අඩපණ කරන්නට ඉඩත් ඇති. අවසානයේ සංයමයෙන් ඒ හැම දේකටම සුබවාදී පිළිතුරක් නිර්මාණය කරගත යුත්තේ ඔබමයි.

කෙසේහෝ, පුද්ගලයකු ලෙස අවංකවම ඔබට ඔබ ගැන තක්සේරුවක් කල හැකි, ඒ තුලින් නොමදව සතුටු විය හැකි, අභියෝග ජයගත් සැමරුම්ම බහුල නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!

දිමුතු සේනාදි

Bellwood / බෙල්වුඩි

Bellwood…. මෙික යන්නම ඔින ගමනක්….ඇත්තටම මට එහෙම හිතුනා එ කොළපාට ලොකයට ගියාම… නුවර ඉදන් අමිපිටිය තලාතුඔය පහු කරලා 20km ගිය තැන හමු වෙන සුන්දර පරිසරයක්…. උස් බිමක පිහිටි වැවත් එක්ක තියන කදු ගැටය නිසා බොහො දේශිය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන තියන තැනක් තමයි මෙි බෙල්වුඩි කියන්නේ …. ⁣


ඉතිං මම ගියා මෙි සුන්දර පරිසරය හොයාගෙන එ පැත්තට… තනියම නමි නෙවෙයි ගිය වර මගෙත් එක්ක ගල්බොඩ ඇල්ල බලන්න ගිය මිතුරිය වගේම කබරගල , අවාරේ සිරිපාදේ ගිය මිත්‍රයෙක් මෙි ගමනට මාත් එක්ක එකතු උනා…

ඉතිං කතා කරගත්ත විදිහට මුලින්නම මම ආවෙි නුවරට….නුවරින් බෙල්වුඩි බලා යන බස් රථයට ගොඩ උනේ මිතුරියත් එක්ක… එ මොහොතේ තමයි කලින් පැවසු මිත්‍රයාත් මෙි ගමනට අපි එක්ක සමිබන්ද ⁣වන බව පැවසුවෙි… ඉතිං ඔහු පැමිණෙන තුරු අපි බස් රථයෙන් ගමන ආරම්භ කලා…

උදේ 7.40ට නුවරින් පිටත්වු බස් රථය හෙමින් ගමනින් අමිපිටිය තලාතුඔය හරහා ආවා බෙල්වුඩි වලට.. බස් එකෙන් බහිද්දි උදේ නමයයි.. එතන ඉදන් අපි දෙන්නා සීතල ෆයිනස් කැලේ මැදින් වැටිලා තියන පාර දිගේ ඉදිරියට ඇවිදගෙන ගියා… ඇත්තමයි එ ෆයිනස් යාය නමි මගේ දැස් පිනෙවුවා හරි අපූරුවට….. එ සීතල වගේම ෆයිනස් ගස්වල අතු ⁣හුළං සැරට දෙන ශබ්දය වගේම කුරුළු හඬ මගේ ගතයි සිතයි ප්‍රබෝධමත් කලා…

දැනගන්න ලැබුණු විදිහට මෙි ෆයිනස් කැලේ මැදින් වැටි ඇති මාර්ගයේ දුර 2km කියලා කිවුවත් මට නමි හිතුනේ ඊට වඩා වැඩි ඇති කියලා… කොහොම හරි අපි මෙි සුන්දර ෆයිනස් කැලේ පහු කරගෙන ආවා කාපටි පාරට… වාහන වලින් එන අයට ෆයිනස් කැලේ මඟහැරෙනවා.. මොකද එයාලට එන්න වෙන්නේ කාපටි පාරේ නිසා… මට හිතෙනවා ෆයිනස් කැලේ මැදින් වැටුණු පාරට වඩා කාපටි පාර ලගයි කියලා.. අපි එද්දි ආවෙි එ මාර්ගයේ නිසා.. හැබැයි ⁣සුන්දරම මාර්ගය ෆයිනස් කැලේ මැදින් වැටුණු මාර්ගය තමයි…

කාපටි පාර අයිනේ තියන පොඩි කඩෙන් රොටියක් වඩෙි එකක් කාලා ප්ලෙන්ටියකුත් බඩට දාගෙන ඉතිරි කිලෝමිටරය යන්න ගත්තේ ඉර මාමා අපිව හොදටම තෙහෙටිටු කරද්දි…. මොකද පුදුම අවුව සැරක් තිබුණේ… කොහොම හරි අපි එ ලස්සන මුතුකෙලින වැව ලගට ආවාම අවුව සැර නිසා දැණුන වෙහෙස නැත්තටම නැති වෙලා ගියා… එක තනිකරම කොළපාට පාරාදීසයක්…

බෙල්වුඩි කියන්නේ කාලෙකට කලින් හොද සාරවත් තේ වගාවක් තිබුණු අක්කර 500ක භුමියක්… එ ප්‍රදේශයේ ජිවත් වෙන ජනතාව තමන්ගේ ආදයමි මාර්ගය විදිහට තේ දළු නෙලා ගැණිම තමයි ජිවනොපාය විදිහට කරගෙන ගිහින් තියෙන්නේ, නමුත් කාලයාගේ ඇවැමෙන් තේ වගාව නැත්තටම නැති වෙලා… තාමත් දැකගන්න පුළුවන් තේ වගාවන් සදහා බිමි සකස් කර තිබු අන්දම…

තේ වගාව නැති වෙද්දි එහි මිනිස්සු ගවයන් වගේම එළුවන් කුකුලන් හදන්න පටන් ගෙන.. දැන් ඔවුන් ජිවත් වෙන්න මුදල් හොයාගන්නේ එ සතුන්ගෙන්.. දුෂ්කරයි කියලා හිතුවාට නුවරට ඇත්තේ 20kmක දුරක් නිසා දුෂ්කරතාවයක් නෑ…

මුතුකෙලින වැව අසල ඇති කුඩා කදු ගැටය මතට නැග ගත් විට හාත්පසම දැකගත හැකියි.. ජලාශ වගේම මා නමි නොදන්නා කදු ගැට පිරිවරා අපුර්වත්වයක් දැස් මානයේ දිස් වෙන්නේ දැඩි අවු රශ්මියත් නොදැනි යද්දි….

මම දුටුවා එක් කණ්ඩායමක් මුතුකෙලින වැවෙ අයිනෙන් නානවා.. එත් මම නමි හිතන්නේ එක එ තරමි සුදුසු නෑ කියලයි.. එන අතරමග තියනවා ලස්සන දියපාරක් නාන්න අවශ්‍ය නමි එ දිය පාරෙන් නාන්න පුළුවන් යන අයට…

එ වගේම මතක් කරන්නම ඔින එහි කඳවුරු බැදීමට හො නැරඹීමට යනවා නමි තමන්ගේ ආරක්ෂාව වගේම තමන් රැගෙන යන දේ ගැනද අවදානයෙන් සිටින්න… මෙි ගමිමු කීප දෙනෙක් පුරුදු වෙලා තියනවා සංචාරකයන්ගේ දේවල් සොරාගන්න.. මටත් එහි ගිය පසුයි දැනගන්න ලැබුණේ….

ඉතිං යන්න එ සුන්දර කොළපාට පරිසරය විදගන්න වගේම රසවිදින්න… හැබැයි මතක ඇතුව තමන්ගේ කුණු නැවත රැගෙන එන්න තරමි කාරුණික වෙන්න.. මොකද මෙි සුන්දරත්වය විදින්න අයිතිය තියෙන්නේ ඔබට මට විතරක් නෙවෙයි අපි හැමොටම……

නිසංසලා රණසිංහ

අරවින්ද නම් පතාක යෝධයා

ලක් මෑණිට ජය ගෙනෙන්න වරෙන්     ගුරා

අණසක පතුරවමු අපි දෙන්නා පිටිය    පුරා

මේ පිත්තෙන් නෙළනවා අද වගකීම    දරා

පර සුද්දනි තොපි දැනගව් මමයි         අරා

1996 මාර්තු 17 කියන්නේ ලංකාවට නිදහස ලැබුණ දිනය වගේ මතකයේ රැඳුණ තවත් දිනයක්.. මේක ලියන මම එතකොට හිටියේ හයේ පංතියේ..දැන් වගේ නෙවෙයි ඉස්සර දකින දකින තැන කතා කළේ ක්‍රිකට් ගැන. ඒ කාලේ අද වගේ තාක්ෂණය දියුණු නැති නිසා score එක බලන්නවත් ජංගම දුරකථනයක් අතේ තිබුනේ නෑ. නමුත් එසේ කියා ගැටලුවක් නොවූයේ මැච් එකක් තියෙන දවසට පාරට බැස්ස වෙලේ ඉඳලා අඩියෙන් අඩියට score එක දැනගන්න පුළුවන් වුණ නිසා. ඒ Singer, Abans showrooms වලට සහ ස්වීප් ටිකට් විකුණපු මහත්තුරුන්ට පිං සිද්ධ වෙන්නටය. අපේ ගෙදර..ඒක වෙනමම ආතල් එකක්..තාත්තා මුලසුන හොබවන එහි ක්‍රිකට් විස්තර විචාරක අට්ටාලයක සිට මැච් එක බලන අත්දැකීමක් හා සමය. තාත්තාට ක්‍රිකට් කිව්වොත් ඉතින් වෙන දෙයක් අවැසි නැත. 

” මාගේ මතකය දිව යනවා එදා පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංඟනයේ අරවින්ද ද සිල්වා දියත් කළ මනරම් පිතිහරඹය වෙත..” 1996 න් පසුව පැවති සෑම මැච් එකකම පාහේ පේමසර ඈපාසිංහ නම් වූ අද්විතීය නිවේදක මහතාගෙන් ඇසුණ සුන්දර වාක්‍ය කොටසක් තමයි ඒ.. කොහොමෙන් කොහොමහරි 96 ලෝක කුසලානය දිනන එක තමයි අපිට තිබුන ලොකුම දේ..කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස්හී ඉන්දියාවත් එක්ක ගහපු සෙමියේ ආතල් එක පස්සේ කාලෙක ලැබුණා නම් ලැබුනේ 2014 T20 ලෝක කුසලානයේ නවසීලන්ත මැච් එකේදී විතරයි. ඊඩ්න් ගාඩ්න්ස් මැච් එකේ අරවින්දගේ ඉනිම දියත් කරන්න ඔහු පිටියට ආවේ හරියට මහා යෝධයෙක් විලසටය. ජවගල් ශ්‍රීනාත්ටයි, වෙන්කටේෂ් ප්‍රසාද්ටයි අනිල් කුම්ලෙටයි පහර පිට පහර ගැහුවේ උන් හිටි තැන් අමතක වෙන්නටය. විකට් දෙකක් වැටිලා තියෙන වෙලාවක බෝල 47කින් ගහපු ඒ ලකුණු 66 ඇත්තටම අමතක කරන්නම බැරි වුණේ බලන් ඉන්න අපිට හිතුනේ අරවින්ද ගහන්නේ නිකං හරියට ” දාපන් ඕන බෝලයක් මම ගහනවා පැලෙන්න ” වගේ හින්ඳා. ගෙදර රූප පෙට්ටියේ එක බෝලයක්වත් මිස් නොකර බලන් ඉන්න අපිට ඒ ගැහිල්ල තව තවත් ආශ්වාදජනකව දැනුනේ මේ ගහන්නේ ඉන්දියාවටනේ කියලා මතක්වෙද්දි. ඒ ලකුණු 66 ඇතුලේ විල්ස් ලෝක කුසලානයේ බලාපොරොත්තුව රැඳුනා. අමන්දානන්දයට පත්වෙලා හිටපු ඉන්දීය ප්‍රේක්ෂකයෝ ඉකි ගගහා අඬන තත්ත්වයටත්, විනෝද් කම්බ්ලිලාගේ ගෙවල් උමතු වූ ප්‍රේක්ෂකයන් ගිනි තියන තත්ත්වයකටත් පත් කරන්න අරවින්දගේ ඒ ඉනිම දැඩි බලපෑමක් කළා කිව්වොත් නිවැරදියි. 

ඔන්න පුතේ ලක් ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන අවසන් මහා තරඟයකට අපි එනවා. අස්සක් මුල්ලක් නෑර සියලුම ශ්‍රී ලාංකිකයෝ එකම බලාපොරොත්තුවකට රොඳ බැඳ ගත්තේ හිත් වල මරණ බයත් තියාගෙන. ඒ කාලේ යුද්ධයකින් බැට කන අපිට ක්‍රිකට් කියන්නේ හිත නිවන භාවනාවක් වගේ. හිතේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න අමතක කරන්න පුළුවන් අමුතුම දෙයක් ඒ කාලේ ක්‍රිකට් වල තිබුණා. මහා ප්‍රතාපවත් නායකයෙක් එක්ක ගඩාෆි පිටියට බැස්ස අපේ කොල්ලෝ සුද්දන්ව හොල්මන් කරනවා.

තම්බපු කඩල ටිකකුයි, උලුප්පපු පොල් කෑලි ටිකකුයි සූදානම් කරගෙන අපේ ගෙදර ඔක්කොම ටීවි එක ඉස්සරහින් වාඩි වුණේ කිසිදා ජීවිතයේ දෙවරක් දකින්න නොලැබෙන අත්දැකීමකට සාක්ෂිකරුවන් වීමේ අටියෙනි. විටින් විට අම්මාගෙන් ලද තේ පැන් සංග්‍රහයෙන් නව ජීවයක් ලද තාත්තා සහ මම අපේ කොල්ලන්ට චියර් එක දුන්නේ මහ හයියෙන් කෑ ගසමින් සහ අත්පුඩි තලමින්‍ ය. තම්බාගත් කඩල ඇටයක් කටට දාගන්නටත් පෙරාතුව නොසිතූ ලෙස සනා සහ කලූගේ දැවීයාම් තුලින් බලාපොරොත්තු සුන් වූ අපි අරවින්දගේ පැමිණීම ගැන දැඩි අවධානයෙන් බලාසිටියේ අප සතුව සිටි එකම ගැලවුම්කාරයා ඔහු වූ බැවිනි. මේ දිනවල සමාජජාලාවල ඇති අරවින්දගේ පහත සඳහන් ඡායාරූපය දුටු විගස මෙකී මතකයන් යළි ආවර්ජනය වූ බව කිව යුතුමය. මුළු කණ්ඩායමේම බර තම දෙඋර මතට ගත් අරවින්ද ගුරාද කැටුව සුද්දන්ට එළව එළවා ගැහුවේ එවකට ක්‍රිකට් පිටියේ රඟ දැක්වූ ශේන් වෝන්ලාට, ග්ලෙන් මැග්‍රාත්ලාට, ඩේමියන් ෆ්ලෙමින්ලාට අම්මා මුත්තා සිහිගැන්වෙන ආකාරයටය. නිරන්තරව ක්‍රීඩා කරන්නට මැච් ලැබුන සචින්ලාව ගවස්කාර්ලාව ඉන්දියානුවන් දේවත්වයෙන් සැලකූ නමුදු එවකට ඉන්දියානු කණ්ඩායමට අරවින්ද ක්‍රීඩා කළා නම් සචින්ලා ගවස්කාර්ලා යනු සිප්පි කටු බඳුය. අතිශය දුෂ්කර කාලපරිච්ඡේදයන් පසුකරමින් අද තිබෙන තත්ත්වයට ක්‍රිකට් ගෙන ඒමට වෙන කවුරුත් නොව අරවින්දලාගේ දායකත්වයම අතිවිශාලය.

1996 ලෝක කුසලානය ජයගත් පසු අරවින්ද අයියා සහ හෂාන් අයියා පිලිගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පිලිගැනීමේ උත්සවයක් සංවිධානය වුණා. එහිදී අප පාසලේ නිර්මාතෘ දිවංගත ආර්. අයි. ටී. අලස් ගුරුපියාණන් හරිම රසවත් තොරතුරක් හෙළි කරනවා. සර් මෙහෙම කියනවා. එදා මාර්තු 17 රෑ ඕස්ට්‍රේලියා ඉනිම ඉවර වුණාට පසුව මම අරවින්ද පුතාට දුරකථනයෙන් කතා කළා. 

පුතා අරවින්ද.. උඹ තමයි අපේ බලාපොරොත්තුව..උඹ තමයි ලෝක කුසලානේ අරගෙන එන්න ඕන. උඹේ උරහිසේ තමයි වගකීම තියෙන්නේ..

සර්..සර් බයවෙන්න එපා.. මම මගේ රටට කුසලානය ගේනවා.. අද මම හොඳට සෙල්ලම් කරලා මගේ වගකීම මම අකුරටම ඉටු කරනවා සර්..

එතෙක් වේලා ගිනි අව්වේ පිට්ටනිය මැද්දෙ දූවිලි කකා උත්සව කටයුතු දෙස බලාගෙන හිටපු මා ඇතුළු දහස් ගණනක් ඩී. එස් කොල්ලෝ සර්ගේ ඒ වචන ටිකෙන් ප්‍රිතියෙන් ඉපිලව ඔල්වරසන් දෙන්නට වූහ. අරවින්ද කියන්නේ ලෝක ක්‍රිකට් වංශකතාවේ පතාක යෝධයෙක් කියලා මට එදා හිතුණා.

ක්‍රීඩාව වෙනුවෙන් අසීමිත කැපවීම, අධිෂ්ඨානය සහ තමන් කරන කාර්ය පිළිබඳ විශ්වාසය අරවින්දගෙන් සහ එවකට සිටි සෙසු ක්‍රීඩකයන්ගෙන් පිළිබිඹු වූහ. මේ තොරතුරු සමාජගත කරන්නේ හුදෙක්ම වත්මන් දරුවෝ, තරුණයෝ මේ ඉතිහාසය ගැන දැන සිටිය යුතුම බැවිනි. අරවින්ද වැනි ක්‍රිකට් වංශකතාවේ පතාක යෝධයෙක් ක්‍රීඩා කරන සැටි සියැසින් දැකබලා ගැනීමට තරම් අපි වාසනාවන්ත විය.

චරිත් විජේමාන්න – චරියාගේ පන්හිඳ

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යභාරය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුල්ගල වන අතර, ජනතා නියෝජනය111, නීති සම්පාදනය කරන සහ රජය වගකිව යුතු මූලික ආයතනය ලෙස සේවය කරයි. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක ආයතනය ලෙස, එය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සහතික කිරීම, යහපාලනය ප්‍රවර්ධනය කිරීම සහ නීතියේ ආධිපත්‍යය පෝෂණය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පාර්ලිමේන්තුව එහි ව්‍යවස්ථාදායක, නියෝජිත සහ අධීක්ෂණ කටයුතු හරහා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ සම්ප්‍රදායන්හි ආරක්ෂකයා ලෙස ක්‍රියා කරයි.

 පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන එක් ප්‍රධාන මාර්ගයක් වන්නේ එහි ව්‍යවස්ථාදායක භූමිකාවයි. ජනතාවගේ අවශ්‍යතා සහ අභිලාෂයන් පිළිබිඹු කරන නීති වාද විවාද කිරීම සහ සම්මත කිරීම එහි වගකීම වේ. නිදසුනක් වශයෙන්, විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම සහ පොදු තොරතුරු වෙත ප්‍රවේශ වීමට පුරවැසියන් බලගැන්වීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත (2016) වැනි වැදගත් නීති පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. මෙම නීතිය දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ රජය කෙරෙහි මහජන විශ්වාසය වැඩි කිරීමට ඉවහල් වී ඇත. ඒ හා සමානව, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත (2005) වැනි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ආමන්ත්‍රණය කරන නීති පාර්ලිමේන්තුව සමාජ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන ආකාරය සහ මූලික අයිතිවාසිකම් සුරැකීම සහතික කරන ආකාරය පෙන්නුම් කරයි.

 පාර්ලිමේන්තුවේ තවත් තීරණාත්මක කාර්යයක් වන්නේ නියෝජනයයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්) ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන්නේ ඔවුන්ගේ අවශ්‍යතා සහ උත්සුකයන් නියෝජනය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් මගිනි. නිදසුනක් වශයෙන්, පාර්ලිමේන්තුවේ දෙමළ සහ මුස්ලිම් නියෝජිතයින් තම ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම, ඇතුළත් කිරීම සහ සමාජ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය, තවමත් සීමිත වුවද, ප්‍රතිපත්ති සම්පාදනයේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඉදිරිදර්ශනවල වැදගත්කම ද ඉස්මතු කර ඇත.

 ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තවත් වැදගත් කාර්යභාරයක් වන්නේ අධීක්ෂණයයි. පාර්ලිමේන්තු කමිටු සහ ප්‍රශ්න සැසි හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විධායකයේ ක්‍රියාවන් විමර්ශනය කර වගවීම සහතික කරයි. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) වැනි කමිටු මූල්‍ය අක්‍රමිකතා අනාවරණය කර ගැනීමට සහ පාලනය වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර නිර්දේශ කිරීමට මූලික වී ඇත. උදාහරණයක් වශයෙන්, රාජ්‍ය ආයතනවල වැරදි කළමනාකරණය පිළිබඳ කෝප් විමර්ශන මගින් රජයේ මෙහෙයුම්වල ප්‍රතිසංස්කරණ හා වැඩි විනිවිදභාවයක් අවශ්‍ය බව අවධාරණය කර ඇත.

 විශේෂයෙන්ම පශ්චාත් ගැටුම් ශ්‍රී ලංකාව තුළ ජාතික සමගිය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ දී ද පාර්ලිමේන්තුව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. 2009 සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තුව සංහිඳියාව, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ බලය බෙදා හැරීම පිළිබඳ සාකච්ඡා සඳහා වේදිකාවක් බවට පත් විය. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) වැනි ආයතන පිහිටුවීමට දරන උත්සාහයන් යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ දුක්ගැනවිලි විසඳීමට සහ සුවය ප්‍රවර්ධනය කිරීමට පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබිඹු කරයි. අභියෝග පවතින නමුත්, මෙම මුල පිරීම් දිගුකාලීන සාමය සහ ස්ථාවරත්වය පෝෂණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ වැදගත්කම අවධාරණය කරයි.

 මීට අමතරව, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හැඩගැස්වීමේදී සහ ගෝලීය ක්‍ෂේත්‍රය තුළ එහි තත්ත්වය පවත්වා ගැනීමට පාර්ලිමේන්තුව තීරණාත්මක වේ. ජාත්‍යන්තර ගිවිසුම්, වෙළඳ ප්‍රතිපත්ති සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වාද විවාද සහ තීරණ හරහා රටේ අවශ්‍යතා සුරක්ෂිත බව පාර්ලිමේන්තුව සහතික කරයි. නිදසුනක් වශයෙන්, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම පිළිබඳ සාකච්ඡා ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා විදේශ ගනුදෙනු ඇගයීමේ දී පාර්ලිමේන්තු අධීක්ෂණයේ වැදගත්කම අවධාරණය කළේය.

 එහි සැලකිය යුතු දායකත්වයක් තිබියදීත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය ඵලදායී ලෙස ශක්තිමත් කිරීමට ඇති හැකියාවට බාධා කරන අභියෝගවලට මුහුණ දෙයි. දේශපාලන ධ්‍රැවීකරණය, දූෂණය සහ කාන්තා නියෝජනයේ ඌනතාවය වැනි ප්‍රශ්න එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ කනස්සල්ල මතු කර ඇත. තවද, මන්ත්‍රීවරුන් ජාතික අවශ්‍යතාවයට වඩා පක්ෂ පක්ෂපාතිත්වයට මුල්තැන දෙන අවස්ථා ආයතනය කෙරෙහි මහජන විශ්වාසය පළුදු කර ඇත. මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා මැතිවරණ ප්‍රතිසංස්කරණ, වැඩි විනිවිදභාවයක් සහ පාර්ලිමේන්තු ක්‍රියාවලීන් සඳහා සක්‍රීය මහජන සහභාගීත්වය දිරිගැන්වීම සඳහා මුල පිරීම් අවශ්‍ය වේ.

 අවසාන වශයෙන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය සහතික කිරීම, නීති සම්පාදනය කිරීම, රජයට වගවීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එහි ක්‍රියාවන් පුරවැසියන්ගේ ජීවිතවලට සහ ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයට සෘජු බලපෑමක් ඇති කරයි. අභියෝග පවතින අතරම, පාර්ලිමේන්තුවට වඩාත් ඇතුළත්, විනිවිද පෙනෙන සහ ඵලදායී ආයතනයක් බවට පරිණාමය වීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාව ශක්තිමත් සහ යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් සාක්ෂාත් කර ගැනීම සඳහා එහි කාර්යභාරය ශක්තිමත් කිරීම සහ එහි අඩුපාඩු සපුරාලීම අත්‍යවශ්‍ය වේ.

පවිත්‍රා රණතුංග