25-May-05

නව තාක්ෂණය: අනාගතය දැන්ම එයි

අපේ ජීවිතය තාක්ෂණය නැතිව අද යමක් කරන්න පුළුවන්ද? දුරකථනය, අන්තර්ජාලය, සමාජ ජාල, QR කේත, Smart TV, AI… මේවා හැමදාම අපට මුණ ගැසෙන දේවල්. නව තාක්ෂණය කියන්නේ අදටත් ඉස්සරහටත් ලෝකය හැරවෙන්න හේතුවක්.

 

2025 නව තාක්ෂණ ප්රවණතා

  1. කෘත්රිම බුද්ධිය (AI – Artificial Intelligence)

ChatGPT වගේ AI සෙරියාවන් දැන් පමණක් නොව, ව්යාපාර, වෛද්, අධ්යාපන, පරිගණක ක්රීඩා වැනි ක්ෂේත් සියල්ලකට ඇතුල් වෙලා තියෙන්නේ. AI මඟින් now ඔබට ලිපි, කවි, ක්රමලේඛනය, විභාග සදහා උදව් වගේ දේවල් ඉතා ඉක්මනින් කරගන්න පුළුවන්.

  1. මානව සන්සුන්කරණ යන්ත් (Robotics)

ලොව පුරා කර්මාන්තශාලාවල වැඩ කරන යන්ත්, රෝහල් වල රෝගීන්ට සේවය කරන රොබෝ, පරිස්සමෙන් වාහන තැනෙන අයුරු මේවා දැන් යථාර්ථයක්. Soft robotics කියන නව ක්ෂේත්රය මඟින් මිනිස්සෙකු වගේ ගමන් කරන සහ වැඩ කරන යන්ත්රයන් හදනවා.

  1. බුද්ධිමත් උපාංග (Smart Devices)

Smartwatch, Smart Glasses, Smart Home Devices වගේ දේවල් මේ වන විට සාමාන්යයි. 2025දී මේවා AI එකත් එක්ක තව දියුණු වෙලා, ඔබේ මනෝභාව හඳුනාගෙන ක්රියාකරන්නද හැකිවෙයි.

  1. විකෘතිත් (Augmented Reality – AR) සහ අතිසත්යය (Virtual Reality – VR)

AR සහ VR තාක්ෂණය දැන් ක්රීඩා, අධ්යාපන, නිර්මාණ, වෛද් ආදී ක්ෂේත් වල භාවිතා වෙනවා. 2025දී මේවා ඔස්සේ ඔබට විශිෂ්ටව පුහුණු වීමට, සංචාර යාමටත් ඉඩ ලැබේවි.

  1. කාර්බන් නිශ්පාදන අඩු තාක්ෂණ

තිරසාරතාවය සඳහා හොඳ තාක්ෂණ මෙහෙමයි. එලියෙන් විදුලිය ලබාගන්න සූර්ය පැනල්, විදුලි වාහන, smart energy systems වගේ දේවල් 2025දී තවත් ජනප්රිය වෙනවා.

 

අපේ ජීවිතයේ බලපෑම්

  • වැඩ ඉක්මනින්, නියමිතව කරගන්න පුළුවන්.
  • සෙරියාවන් වාගේ යන්ත් ඔබ වෙනුවෙන් බහුතර වැඩ කරයි.
  • නව තාක්ෂණයෙන් ඔබේ දැනුම, ජීවිත තත්ත්වය, ව්යාපාර හැඩ වෙනවා.
  • කෙසේ වෙතත්, පෞද්ගලිකත්වය, ආරක්ෂාව, රැකියා අහිමිවීම වැනි ගැටළු ගැනත් හොඳින් සිතන්න ඕනේ.

නව තාක්ෂණය කියන්නේ අනාගතයයි. ඒක බියවෙන්නක් නෙවෙයිඋගන්වගන්න, වැඩ පහසුකරන්න, ලෝකය එකට ගන්න මාර්ගයක්. හැබැයි ඒවා නිවැරදිව, වගකීමෙන් භාවිතා කරන්නම ඕනේ.

GSK

25-May-04

සුන්දර ජීවිතයක් සඳහා නිර්ණායක ත්‍රිත්වයක්:

ධම්මපදය බුද්ධ දේශනාවන්ගෙන් සමන්විත මනරම් ග්රන්ථයක් වන අතර, එය සුන්දර ජීවිතයකට මග පෙන්වයි. ධම්මපදයේ 224 වන ගාථාව තුළින් සුන්දර ජීවිතයක් සඳහා මූලික නිර්ණායක ත්රිත්වයක් දක්වයි:

සච්චං භණේ, කුජ්ඣෙය්, දජ්ජා අප්පම්පි යාචිතො;
ඒතෙහි තීහි ඨානෙහි, ගච්ඡේ දේවාන සන්තිකෙ.”

සත්යය පවසන්න. තරහවට ඉඩ නොදෙන්න. ඉල්ලූ විට සුළු දෙයක් වුවත් දෙන්න. මේ ත්රිත්වය හරහා, දෙවියන් වෙසෙන ලෝකයකට ඔබට යා හැකිය.”

මෙම වාක්යය තුළ දැක්වෙන සත්යය කතා කිරීම, තරහ නොගැනීම සහ පරිත්යාගය යන අංග තුන, නවීන මනෝවිද්යාවේත් මූලික මට්ටමේ මානසික සෞඛ්යය, සමාජීය හැසිරීම, සහ ආත්ම සංවර්ධනය යන ක්ෂේත්රවලට අදාල වේ. දැන් මේ අංග තුන ගැන වෙන වෙනම විමසා බලමු.


1. “සච්චං භණේ” – සත්යභාවය සහ ආභ්යන්තර ඒකාකාරතාවය

සත්යය පවසීම යනු නීතිමය සහ සදාචාරාත්මක අවශ්යතාවක් පමණක් නොව මනෝවිද්යාත්මකවද අතිශය වැදගත් වේ. Cognitive dissonance (ඥානාත්මක ව්යතිරේකය) නමැති න්යාය අනුව පුද්ගලයෙකුගේ අභ්යන්තර විශ්වාසයන් හා බාහිර හැසිරීම් අතර නොගැලපීමක් පවතින විට, ආතතියක් හා අධෛර්යතාවයක් මතු වේ. බොරුවෙන් ජීවත්වීම කාලයත් සමඟම මානසික ආතතියක් ඇති කරයි.

බුද්ධධර්මයේ, සම්මා වාචා (නිවැරදි වචනය) යනු අෂ්ටාංගික මාර්ගයේ අංගයකි. සත්යය පැවසීම යනු පිරිසිදු ජීවිතයකට මග විවෘත කිරීමකි. සත් වචන සමාජය තුළ විශ්වාසය සහ නීතිගරුකබව ගොඩනඟයි.

මනෝවිද්යාත්මක වශයෙන් සත්යය පැවසීම ආත්මීය සත්යතාවය (self-authenticity) හා ආත්මීය ප්රත්යක්ෂීකරණය (self-actualization) ඇතිකර මනුෂ්යයෙකුගේ ජීවිතයේ ව්යාකූලතාවය අවම කර සිතේ සමාධිය වැඩි කරයි.


2. “ කුජ්ඣෙය්” – තරහව පාලනය සහ මානසික නිදහස

තරහව යනු හැම කෙනෙකුම අත්විඳින, නමුත් පාලනය කල යුතු බලවත් ආවේගයකි. නවීන මනෝවිද්යාව අනුව, පාලනය නොකළ ආවේගවිශේෂයෙන්ම තද තරහවමනෝසික හා ශාරීරික සෞඛ්යයට මහත් සේ හානි කරයි. එය අධික රුධිර පීඩනය, හෘදයාබාධ, සහ සමාජික ගැටුම් වලට හේතු වේ.

බුද්ධ දේශනාව අනුව තරහව යනු අකුසල මූල තුනෙන් එකකට අයත් . මෙය පාලනය කිරීම සඳහා මෙත්තා (මිත්රත්ත්වය) සහ උපේක්ෂාව වර්ධනය කළ යුතුය. එසේ නොකළහොත්, මානසික සෞඛ්යය පිරිහෙයි.

Dialectical Behavior Therapy (DBT) (ආචරණ ආවේග විධාන චිකිත්සාව) යන ප්රතිකාර ක්රමය තුළද තරහව පාලනය යනු ප්රධාන අංගයකි. එය කුජ්ඣෙය් යන බුදුවදනේ අර්ථය සෘජුවම හුවා දක්වයි.

3. “දජ්ජා අප්පම්පි යාචිතො” – සුළු දානයක් වුවත් දීම සහ ආත්මය හැරීම

දානය හෙවත් දීම යනු බුදු සසුනේ ඉගැන්වෙන මූලික ප්රතිපත්තියකි. වටිනා දෙයක් දීම නොව, පිරිසිදු සිතෙන් දීම මෙහි මුල්ම තේමාවයි. ඉතා සුළු දෙයක් වුවත් පිරිසිදු හා අවංක සිතින් දෙන විට මහත් වටිනාකමක් ඇත.

මනෝවිද්යාවෙහි prosocial behavior හෙවත් සමාජහිතෛෂී හැසිරීම යන සංකල්පය මෙයට සමාන වේ.

නවීන නියුරෝවිද්යාවට අනුවද දානය සතුට ජනනය කරන්නා මෙන්ම brain reward system හෙවත් යම් අරමුණක් මුදුන් පමුණුවා ගැනීමෙන් ලැබෙන සම්මාන දිනාගත්තා යන හැඟීම ගෙන දෙයි. එම නිසා, දානය සිත් සතුට, තෘප්තිය සහ නිකේතන සබඳතාවයක් උදාකරයි.

ඉහත කී නිර්ණායක ත්රිත්වය දෛනික ජීවිතයේදී නොවරදාම සුළු වශයෙන් හෝ පුහුණු කිරීම රාත්රියෙහි සුවදායක නින්දකට සහ අවදිව සිටියදී ජීවිතය සුන්දරයි යන හැඟීම පහසුවෙන් දැනීමට පිටුබලයක් වේ.

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි

 

25-May-03

මහා සිකුරාදා

ආදරයේ කැපවීම සහ මුදවා ගැනීමේ දිනය..

 

(යෙසායා 53:5)

"නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ

අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය;

උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ."

මාගේ ප්රේමවන්ත සහෝදර සහෝදරයනි ඔබ සැමට ආශිර්වාදමත් පාස්කු

මංගල්යයක් වේවා!

ඉතින් අද දවසේ මා ඔබ හට පෙන්වා දෙන්න යන්නේ මහා සිකුරාදාව ගැන බිඳක්

වේ.

මාගේ සහෝදර සහෝදරියනි අද අපි එකට සන්සුන් සිතකින් භක්තිවන්ත

හදවතකින් යුක්තව මහා සිකුරාදාව සිහිපත් කරමු. මෙය යේසුස් වහන්සේ

කුරුසිය මත මියගිය දිනයයි. මේ දින අපි උන්වහන්සේගේ වේදනාව සිහිකරනවා

නමුත් එය දුකක් පමණක් නොව ආදරයත් සමාවත් සහ ජයග්රහණයකි.

1.යේසුස් වහන්සේගේ ආදරය

(යොහන් 3:16)

"මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්රයාණන් දෙන තරම් ලෝකයාට

ප්රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී

සදාකාල ජීවනය ලබන පිණිසය."

දෙවියන් වහන්සේ ලෝකයාට මෙපමණ ආදරය කළ බැවින් උන්වහන්සේගේ එකම

පුත්රයා දුන්නේය.එම පුත්රයාගේ ජීවිත පූජාව විශ්වාස කරන කවුරුත් විනාශ නොවී

සදාකාල ජීවනය අත්පත් කරගැනීමට හැකිවනු ඇත.

*උන්වහන්සේ වද විදිනු ලැබුවේ අප වෙනුවෙන්.

*අපගේ පව් උන්වහන්සේ උරාගෙන අපිට මිදීම ලබා දුන්නේය.

මෙයයි උන්වහන්සේගේ අරමුණු.

 

2.කුරුසිය දුකෙන් උපන් ජය.

යේසුස් වහන්සේ වින්ද දුක් මගින් අපට ජීවිතය ලබා දුන්නේය.මොහොතක්

සිතන්න උන්වහන්සේට පහර දුන්නා, නින්දාකළා කසයෙන් පහර දුන්නා.

නමුත් උන්වහන්සේ කිව්වේ පියාණෙනි මොවුන් නොදැන කරන වරදට මොවුන්ට

සමාව දෙන ලෙසටය.

ඔබ මොහොතක් කල්පනා කර බලන්න යේසුස් වහන්සේගේ ප්රේමය කොපමණද

කියා.අපේ දුක, අපේ පව්, අපේ කඳුළු, කුරුසිය මතට උන්වහන්සේ රැගෙන අපව

මේ සියල්ලෙන් නිදහස් කර තිබේ.

මෙහි තුන්වෙනි කරුණ ගැන ඔබ හොඳින් කල්පනා කර බලන්න. උන්වහන්සේගේ

ප්රේමයට අප කෙසේ පිළිතුරු දිය යුතුද?

*උන්වහන්සේ මගේ ජීවිතයට කළ දේ සිහි කරමින් මමත් අන් අයට සමාව දිය යුතුය.

*ඔබත් ආදරය කරන්න කැපවෙන පිණිස සත්යාවබෝධ කරගෙන පසුපස ගමන් කළ යුතුවේ.

*සියල්ලේදී උන්වහන්සේගේ ප්රේමය සිහි කරමින් ජීවත් වෙමු.

3.සදාකාලික ජයග්රහණය.

මහා සිකුරාදා යනු යේසුස් වහන්සේගේ මරණය සිදුවූ දිනය නොවේ එය අප හට

ජීවනයට යන මාර්ගයේ ආරම්භයයි. යේසුස් වහන්සේ කුරුසපත් වීමෙන් පසුව

සුන්දර ජයග්රහණයක් අපට ලැබී තිබේ.මෙය විශ්වාසය කිරීම තුළින් අපි සියල්ලෝ

ජයග්රාහකයෝ වෙමු..

ඔබ සැමට ආශිර්වාදමත් මාසයක් වේවා!!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව මහරගම

25-May-02

දළදා වදින්න මම නුවරට

ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං
වේනෙය් කෝමුද වනං වලිසීතරංසි
අද්ධින්දුකාර වරරූප විරාජමානං
වන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං
සිංහල තේරුම -: දෙවියන් සහිත ලෝකයාට එකම පිහිට වූ බුදුරජාණන් වහන්සේගේ ශ්රී මුඛය නමැති නෙළුම් විලට, රාජ හංසයකු වැනි වූ හික්මවිය යුතු ජනයා නමැති කුමුදු විල පුබුදු කරන්නා වූ, චන්ද්රයා වැනි වූ අඩසඳ මෙන් උතුම් රූපයකින් විරාජමාන වූ, බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ශ්රී දන්ත ධාතූන් වහන්සේ මනා කොට වන්දනා කරමි.

මාගේ සමිමා සමිබුදු බුදු පියාණන් වහන්සඔබ වහන්සේ දේශනා කලාවු අසුහාරදහසක්වු මහා ධර්මස්කන්ධය ස්පර්ශ කලාවු දන්ත ධාතුන් වහන්සේ වන්දා කිරිමට 2025 අප්රේල් මස 22වන දින මමද පේවී පිරිසිදුවි සුදුවතින් සැරසී නුවර බලා පිටත් උනේමි

විවිදවු අයගේ උපදෙස් සහා අත්දැකිමි පිළිබදව සියල්ල දැන හදුනාගෙන දින දෙකක් රැදි ඔබ වහන්සේ වන්දනා කරගැනීමෙි අරමුණ පෙර දැරිව වගේම මෙි මහා පින්කම දැක හිත සතුටු කරගෙන සුන්දර මතක ගොන්නක් තුරුළු කරගෙන නැවත නිවසට පැමිණිමෙි සිහිනය හිස මුදුණේම තබාගෙන මම ගමන පිටත් උනේ පාන්දර ජාමයෙය

හිරු නැගෙනහිරින් උදාවී ඔහුගේ රැස් පෙන්නා සිටි මොහොතක කටුගස්තොට නඟරයේ පාළම සමිපයට වන්නට මමත් මුහුණ පුරාම බලාපොරොත්තු පොදි බැදගත් සිනහවෙන් පොළිමට එකතු උනෙමි

උදැසණ ගෙවි දහවල අවසන්ව සවස් යාමය වන විට පොළිම ටිකෙන් ටික ඉදිරියට ඇදුණේ කඩි ගුලක් වගේය.. තනිව ගිය මමත් සැදැහැවතුන් අතරේ සිටි අය සමඟ කුළුපඟ උවෙි හදිසියකදි මටත් ඔවුන්ගෙන් පිහිටක් අවැසි බව දන්නා නිසාමය…..

ස්වාමීනි භභාග්යවතුන් වහන්ස…. මගේ සතුටු පිරි හිත කඩා වැටෙන්නට පටන් ගත්තේ සවස් යාමය එළඹීමට මත්තෙන් උවත් එදිනට ඔබ වහන්සේගේ තේවාවන් කටයුතු නිසා දළදා වන්දනාව අවසන් විම නිසා මා මෙි ලොකයේ නරකම මිනිසුන් වගේම හොද මිනිසුන් කීප දෙනෙක් අතර තනි උනෙමි….

අන් අය සමග මමත් මහා පාරේ පසෙක හිද ගත්තේ නිවස බලා යන එක තමයි සුදුසුම බව මාගේ සිත මට පවසනා මොහොතකදීය මොහොත වන විටත් මගේ වමි අත දරුණු ලෙස ඉදිමී රිදුම් දෙන්න පටන් ගෙන තිබුණේ ආත්තමිමලාට උදවු කරන්නට ගොසිනි….

හිත පැවසූවෙිම නැවත නිවසට යන ලෙස උවත් මොහොතේ දැන හදුනා ගත් සහොදරියක් නිසා මම රාත්රිය එහි ගත කර පසුදා තත්වය බලා නිවසට එන්නට තීරනය කලෙමි

යුද්ධය පටන්ගත්තේ ඉන්පසුවයි
ඉන්න තැන නොයිද මට මුණ ගැසුණු සොයුරිය මාවත් ඇදගෙන අන් අයසේ පොලිමෙි ඉදිරියට යන්නට පටන් ගත්තේ මගේ අකමැත්ත පිටමය.. ඇයත් තනිව මමත් තනිව නිසා මා ඇය පසු පස ඇවිද ගියේ අප දෙදෙනාට හෙට දිනයේ දළදා වහන්සේ දැක වන්දනා කරගන්නට ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුව නිසාමය

එත් මෙි පොළිමෙිදී මා විදි වෙිදනාවල් මෙසේ නැවත ලියා නොතබමි.. මට අවශ් මහා දුක අමතක කර දැමිමටය.. දහස් ගණන් සැදැහැවතුන් පොලිමි පනිමින් පරුෂ වචනයෙන් බැද වදිමින් ගහාමරා ගනිමින් දළදා වදින්න යන්න පොරකෑ සැටි මා බලාගෙනයදින ගණනක් එකම ඇදුම ඇදගෙන ගඳ ගසන මිනිසුන් මැද මට වමනයට ආවෙි මෙි අපායදැයි මගේ හිත මගෙන්ම විමසද්දිය

තැන තැන දැමු ඉදුල් ගඳ ගසන උඩම ඉටි රෙදි එලා බොහො අය නින්දේය අයවත් පාගාගෙන මිනිසුන් දිව යන සැටි දුටු මට කිසිසේත්ම ඔබ වහන්සේව දකින්න මෙි ලෙස පැමිණිය නොහැකි බව වැටහුණේය

ඔබ වහන්සේ වෙනුවෙන් පිරිකර පුජා කර සුවඳ මල් පුජා කර දණ නවා වන්දනා කරන්නට හීන දැක්ක මගේ හීන මෙි පොලිම මතදි සුන්නද්දුලීවි ගියේය

කටුගස්තොට මහයියාව බොක්කුව මා දුටුවෙි දොරටුවක් ලෙසිනි.. බොක්කුවෙන් පිටත මා සිටිනා පැත්ත නිරය යැයි මට සිතුනි.. තරමට මිනිසුන්ගේ නොමිනිස්කම පමණක් මගේ ඇස් කන් වල පිරි තිබුණි..

සාදු කාර වෙනුවට මට ඇසුනේ නරක වචන වගේමතල්ලු කරන්න එපා හුස්ම ගන්න බැයැයි කියනා වචන පමණි.. අතර මම දුටුවෙමි ප්රේතයන්කිලිටි ඇදුමි ඇදගෙන දහඩිය පෙරාගෙන කෑම වලට පොරකන සැටි මා දුටුවෙමිතල්ලු කිරිමි නිසා වයසක උපාසක අමිමලා දහයක් පහලොවක් එක උඩ බිම වැටි පපුව අල්ලන් කෑ ගසන සැටි තාමත් මට මැවි මැවි පෙණෙයි..

ස්වාමීනි භභාග්යවතුන් වහන්සමා සියැසින් ප්රේතයන් දුටුවෙමිමෙි මහා සෙනඟ මැද මටද මරණ බිය දැණුන මොහොතක් ඇත.. මිනිසුන් අතර මා සිර විය.. හුස්ම ගන්නට පවා නොහැකි වද්දි මගේ දැසින් කදුළු ගැලුවේ තවත් නමි මෙි දුක ඉවසිය නොහැකි තැනය…. බැරියර් එක මතට මා වැටුණු මොහොතේ එය මගේ වමි කකුලේ වැදි ඉදිමි ආවෙි හරියට මට ලැබුණු සංඥාවක් වගේය

දැන් හිටියා ඇතිසෙනඟ අතරේම මා දැස් පියාගෙන මනසින් දළදා හාමුදුරුවන්ව දැක්කෙමි වැන්දෙමි , මගේ සමිමා සමිබුදු බුදු පියාණන් වහන්සේ දේශනා කලාආනන්දය ,යමෙක් මාගේ ධර්මය දකිද හෙතෙම මා දැක්කා හා සමානයයන බුදු වදන මගේ සිතෙහි රැවු පිළිරැව් දුන්නේය

නිරයෙත් දෙවුලොවත් දොරටුවක් ලෙස මා දුටු මහයියාවෙි බොක්කුවෙන් මා මහානුවරට ඇතුල් උනේමිවෙනසක් නැත.. මානිසුන් වගේමයමා දුටුවෙි නපුරු හිත් ඇති මිනිසුන් පමණි.. අහස දිහා බලන් මම ස්තුති කලා මෙි විශ්වයටජිවිතේ ප්රථම වතාවට මෙවැනි අත්දැකිමක් මට ලබා දුන්නාට.. තේරුම් ගත්තෙමි මම, හිත පවසනා දෙය ඇසිමටපෙර දින හවස් යාමයේ මගේ සිත මට පැවසු ලෙස හමුවු කාන්තාව ගැන නොසිතා නිවසට ගියානමි මගේ මනස මෙි ලෙස ව්යාකූල නොවනු ඇතඇය ගැන සිතු නිසා මම පීඬා වින්දෙමි

ඉතිංමම පොළිමෙන් ඉවත් උනේමිමාගේ අවස්ථාව වෙන අයෙකුට ලැබෙන්නට ඇතසතුටක් ලබන්න මට එය ප්රමාණවත්ය

නැවතත් දළදා වන්දනාවක් මෙි ලෙසට පැවැත්වුවහොත් , නැවතත් මම පැමිණෙනවා දළදා වහන්සේ වන්දනා කරන්න.. සැළසුමකට අනුව යැයි මම අහස දෙස බලා අධිෂ්ඨානයක් කලෙමි වගේම තවත් ප්රර්ථනාවක් කලෙමි.. මෙි අපිරිසිදු මිනිසුන් සේදි පිරිසිදු වෙන්නම වසිවායි කියා මම මහා මාර්ගයේ සිටම අහස දෙස බලා ප්රර්ථනා කලේමි

එත් එක්කම පැමිණි බස් රථයට ගොඩවු මට දැණුනේ නිදහස් උවා යැයි හැගීමකිමා සිරවි සිටි අඳුරු ලොකයකින් නිදහස් උවා යැයි හැගීමක් මට දැණුනෙමි

ස්වාමීනි භාග්යවතුන් වහන්ස කිරි ආහාරත් රැගෙන පිරිසිදුව දළදා සමිදු වැද පුදාගෙන යන්න මම නැවතත් එනවා මහානුවරට
මනසින් දුටුවෙමි මනසින් වැන්දෙමි
මම බුදුන් සරණ යමි


නිසංසලා රණසිංහ

25-May-01

ගෙවුනු සතිය මැතිවරණ සතියක්

ගෙවුනු සතිය මැතිවරණ සතියක්. ලංකාවට වගේම එංගලන්තයටත්. ලංකාවේ නම් පාළාත් පාළන ආයතන 341 ක් සදහා සභිකයන් තෝරා පත්කර ගන්න රට පුරාම මැතිවරණය පැවැත් උනා. මැතිවරණයෙන් වැඩි ජයග්රහණයක් ලබා ගත්තේ පාළක ජාතික ජන බලවේගයම තමයි. එංගලන්තයේ මැතිවරණය පැවැත්වුනේ රටේ ප්රදේශ කිහිපයක පළාත් පාළන ආයතන 23 ක් වගේ ඉතා සුළු ප්රමාණයක විතරයි. හැබැයි සුළු මැතිවරණය රටේ මැතිවරණ සිතියම වෙනස් වෙමින් පවතින බවට විශාල ඉගියක් ලබා දුන්නා. ඇත්තටම කුඩා ප්රථිපලය එක්සත් රාජධානියේ දේශපාළන පක්ෂ දෙදරවන්න සමත්වුනු ප්රථිපලයක් උනා.

 

පැවති මැතිවරණයේ වැඩි ගෞරව දිනා ගන්න සමත් උනේ Reform UK කියන දේශපාළන පක්ෂය. මීට මාස දහයකට විතර කලින් පැවති මහ මැතිවරණයෙන් අති විශාල ජයග්රහණයක් ලබපු කම්කරු පක්ෂය එක පැත්තකින් ඉද්දි එංගලන්තයේ පැරණිම මෙන්ම දැවැන්තම දේශපාළන පක්ෂය වෙච්ච කොන්සර්වේටිව් පක්ෂය තවත් පැත්තකින් ඉද්දි අළුත්ම දේශපාළන පක්ෂයක් වෙච්ච වගේම බ්රිතාන් පාර්ලිමේන්තුවේ ආසන පහක් පමණක් හිමිකර ගනිමින් 6 වන ස්ථානයේ පමණ පසුවෙන Reform UK පක්ෂය එකවරම එවැනි දැවැන්ත ජයග්රහණයක් ලබමින් ඉදිරියට පැමිණීම හැමෝම විශ්මයට පත්කරන කාරණාවක් උනා.

 

Reform UK කියන්නේ ජාතිකත්වය පදනම් වෙච්ච පක්ෂයක්. ස්වදේශිකත්වය එහෙම නැත්තම් ආසියානු රටවලදි නම් ඒක ජාතිවාදය විදියට හැදින්වෙනවා. එංගලන්තයේ විතරක් නෙමයි ඇමරිකාවත් යුරෝපයත් ප්රමුඛ බටහිර රටවල් සියල්ලකම පාහේ පහුගිය කාලය පුරාම දකින්න ලැබුනේ මේ ජාතිකත්ව රැල්ල. කියන්නේ සංක්රමණිකයන්ට විරුද්ධව හඩ නගන, සංක්රමණ එපා කියන රැල්ල. රැල්ලෙම පීනලා ගිහාන් තමයි මෙවර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් බලය ගත්තෙත්. දැන් එක්සත් රාජධානියටත් රැල්ල විදියටම ගහනවා.

 

Reform UK පක්ෂය මෙවර පළාත් පාළන මැතිවරණයේ සභික ආසන 1600 කි අතරින් ආසන 677 ක් දිනා ගනිමින් පළමු ස්ථානයට පත්වෙනවා. පාළක කම්කරු පක්ෂය සමස්ථයක් ලෙස හතරවන ස්ථානයට ඇද දමමින්. පළාත් පාළන ආයතන පමණක් නොව පාර්ලිමේන්තු ආසනයක් සදහා එදිනම පැවති අතුරු මැතිවරණය ජයග්රහණය කරන්නත් Reform UK පක්ෂය සමත් වෙනවා. නගරාධිපති ධූර හයෙන් දෙකක් ජයග්රහණය කරන්නෙත් ඔවුන්. මේ සියළු ජයග්රහණ Reform UK පක්ෂය ලබා ගන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට.

 

නිගෙල් ෆරාජ් කියන්නේ Reform UK පක්ෂයේ නායකයා. බැලූ බැල්මටම ඔහු සාම්ප්රධායික බ්රිතාන් දේශපාළඥයන්ට වඩා සෑහෙන්න වෙනස් චරිතයක්. බොහොම ගරු ගාමිභීර ස්වරූපයක් පෙන්නම් කරන අනෙක් බ්රිතාන් දේශපලන නායකයක්ට වඩෙ ෆරාජ්ගෙන් දිස්වන්නේ බොහොම සැහැල්ලු සහ අපිළිවෙල පෙනුමක්. ඔහුගේ දේශපාළන ප්රතිපත්ති විතරක් නෙමෙයි සමහර හැසිරීම් පවා ඇමරිකානු ජනාධිපති ට්රම්ප්ට සමානයි. වගේම පෞද්ගලිකවත් ඔහු ට්රම්ප්ගේ හොදම හිතවතෙක්ද වෙනවා. එහෙමත් තියෙද්දි තමයි නිගෙල් ෆරාජ් මේ තරම් ජයග්රහණයක් ලබන්නේ. ඔහුගේ මේ ඉදිරියට ඒම බ්රිතාන් ආණ්ඩුව කොච්චර ගැස්සුනාද කියලා හිතා ගන්න පුළුවන් රජය පහුගිය සතියට විතරක් කරපු වැඩ ටික බැලුවම.

 

නිගෙල් ෆරාජ් මුලින්ම මතුවෙන්නේ 2016 වසරෙදි යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවද නැද්ද කියලා බ්රිතාන්යයේ තිබුනු ජනමත විමසුමේදී. ඔහු එවකට දැඩිව පෙනී සිටියේ බ්රිතාන් යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයි කියන තැන. වෙලාවේ පැවති ජනමත විචාරනයෙන් ඔහු දරපු මතය ජයග්රහණය කලත් චරිතයක් විදියට නිගෙල් ෆරාජ් ඉහළට මතු උනේ නෑ. ඊටත් පස්සේ Brexit පක්ෂය විදියට කරලියට ආපු ඔහු බ්රිතාන් පාර්ලිමේන්තුව ඇතුලේ ජයග්රහණයක් ලබන්න බැරි උනත් බ්රිතාන්යය යුරෝපා පාර්ලිමේන්තුව සදහා තරග වදින කොට එහි වැඩිම ආසන දිනාගත්තේ නිගෙල්. පස්සේ බ්රිතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමග ඔහුගේ පක්ෂයත් විසුරුවා හැරපු නිගෙල් ෆරාජ් ආයෙත් Reform UK පක්ෂයත් එක්ක කරලියට එන්නේ 2024 මහ මැතිවරණයේදී. අපි බලාගෙන ඉමු බ්රිතාන්යයේ ඊළග අගමැතිධූරයට නිගෙල් කොච්චර වේගයෙන් ලගාවෙයිද කියලා.

 

තිලාන් ජයසේකර