මගේ හුස්ම හිරවෙනවා වගේ

 ‘මගේ හුස්ම හිරවෙනවා වගේ’ යනුවෙන් කෙනෙකුට ඇතැම්විට කියවේ. බොහෝවිට එසේ කියවෙන්නේ කායික ආබාධයකට වඩා මානසික ගැටළු නිසාය. සච්චවිභංග සූත්‍රයට අනුව කායික ආබාධ ‘දුක්ඛ’ ලෙසද මානසික ආබාධ ‘දෝමනස්ස’ ලෙසද දැක්වේ. මෙහිදී අප සාකච්ඡා කරන්නේ දෝමනස්ස (දොම්නස්) ගණයට වැටෙන හුස්ම හිරවීමය හෙවත් gasping ය. දෝමනස්ස යනු නිෂේධාත්මක, විනාශකාරී හෙවත් negative මානසික තත්ත්වයකි. එය අකුසලයක් (unskillfulness) ලෙස දැක්වේ. 

පාලි සූත්‍රවල මෙම මානසික තත්ත්වය හඳුන්වන්නේ ‘උපායාස’ ලෙසය. සරලවම විග්‍රහ කළහොත් ‘උප’ යනු අභ්‍යන්තර හෝ සමීප ය. ආයාස යනු උත්සාහයයි. උපායාසය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු පහක් තිබේ. එනම් කැළඹුනු හැඟීම් (emotional disturbance), ව්‍යාකූල චින්තන ශක්තිය (cognitive disorientation), නිෂේධාත්මක කායික ප්‍රතිචාර (negative biological reactions), චර්‍යා රටාවේ අසමතුලිතතාව (behavioral nervousness) සහ උපේක්ෂාව බිඳවැටීම (loss of equanimity) ය. 

උපායාසයෙහි භයානක ගතිය නම් එය නිහඬ විනාශකයෙක් (silent killer) වීමයි. බොහෝවිට කෙනෙකුගේ උපායාසය තව කෙනෙකුට නොපෙනේ. බොහෝවිට එය ඇති අයද ඒ ගැන සිතන්නේ තමන්ට ඇති කායික මහන්සිය හා කාර්‍යබහුලතාව නිසා එසේ වන බවය. එහෙත් උපායාසය සියදිවි හානිකර ගැනීමේ තත්ත්වය දක්වා දරුණු විය හැකිය. අද සමාජයේ සියළුම සමාජ ස්ථරවල අයට උපාසයය තිබේ. ඒ සියළු ස්ථර ගැන සාකච්ඡා කිරීමට ඉඩකඩ නොමැති නිසා අධ්‍යාපනයෙහි නිරත දරුවන් ගැන පමණක් මෙහි සටහන් කරමි. මනෝ උපදේශනය සඳහා පැමිණෙන දරුවන්ගෙන් 40%ක ට පමණ සියුම් ලෙස තමන්ට තමන් එපාවීමේ සහ සියදිවි හානිකර ගැනීමේ ප්‍රවණතාවක් තිබේ. විෂයයන් සඳහා ළකුණු අඩුවුවහොත් දරුවන්ට නොබැණ ඔවුන්ට පරිසරයේ සුන්දරත්වය විඳීමටත් සති භාවනාව (mindfulness) සඳහා යොමුකිරීමත් කළ යුතුය. එම සති භාවනාව කණ්ඩායමක් තුළ දරුවාට ලබාදිය යුතුය. එවිට තම හැඟීම සම වයසේ අය සමඟ හුවමාරු කරගැනීමට අවස්ථාව දරුවන්ට සැළසේ. දරුවෙකු නිතර අසාමාන්‍ය ලෙස හුස්ම ගන්නේ නම් ඒ ගැන සැළකිළිමත් වෙන්න. වැඩිහිටි ඔබට එසේ වන්නේ නම් ඔබට අනිවාර්‍යයෙන්ම මානසික විවේකය අවශ්‍ය ය.

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි

Test

අවම සදාචාරය

ලියොන් උඹ චරිතයක් – සිනමාව මත ඇඳුණු

අපරාධකාරයෙක් – අණගුණක් නොම තිබුණු

නැතත් දුක, දනන් ගැන – නුඹෙ අතින් මිය ඇදුණු

පාරවන මතකයක් – නුඹෙ මරණෙ හා බැඳුණු

යන්ත්‍රයක් වගේ වැඩ – කලත් එක සීරුවට

හදවතේ මෙලෙක් බව – තේරුණේ මැටිල්ඩට

ආලයක් නැති වුණත් – කාලයක් ගෙවෙන විට

ඇගෙ ඇසුර දිව ඔසුව – වුණා ඔබෙ පාලුවට

ඇයට විපතක් වෙන්න – නොදී ඔබෙ දිවි පිදුම

පෙන්වුවා පෙමට වැඩි – වටින දේ වගවීම

මිනීමරුවෙකු වුවත් – ලැබුණ දේ සෙනෙහසම

ඔබට තිබු නිසා ඒ – සදාචාරය අවම


 තාරක ජයතිලක

අවම සදාචාරය

අවම සදාචාරය

ලියොන් උඹ චරිතයක් – සිනමාව මත ඇඳුණු

අපරාධකාරයෙක් – අණගුණක් නොම තිබුණු

නැතත් දුක, දනන් ගැන – නුඹෙ අතින් මිය ඇදුණු

පාරවන මතකයක් – නුඹෙ මරණෙ හා බැඳුණු

යන්ත්‍රයක් වගේ වැඩ – කලත් එක සීරුවට

හදවතේ මෙලෙක් බව – තේරුණේ මැටිල්ඩට

ආලයක් නැති වුණත් – කාලයක් ගෙවෙන විට

ඇගෙ ඇසුර දිව ඔසුව – වුණා ඔබෙ පාලුවට

ඇයට විපතක් වෙන්න – නොදී ඔබෙ දිවි පිදුම

පෙන්වුවා පෙමට වැඩි – වටින දේ වගවීම

මිනීමරුවෙකු වුවත් – ලැබුණ දේ සෙනෙහසම

ඔබට තිබු නිසා ඒ – සදාචාරය අවම


 තාරක ජයතිලක

පළිගැනීම අත් හරින්න

(රෝම 12: 19 – 21)

"ප්‍රේමවන්තයනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය;

මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ." "නුමුත් නුඹේ සතුරාට

බඩගිනිවුවොත් ඔහුට කන්ට දෙන්න; පිපාසවුවොත් ඔහුට බොන්ට දෙන්න. එසේ කිරීමෙන්

නුඹ ඔහුගේ හිස පිට ගිනිඅඟුරු ගොඩකරන්නෙහිය." "නපුරුකමෙන් පරාජය නොවී,

යහපත්කමෙන් නපුරුකම පරාජයකරන්න."

මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ඔබ සැමටම ආශිර්වාදමත් මාසයක්

වේවා! ඔබ සැම මොහොතක් ඉහත බයිබල් පදය දෙස ඔබගේ මනස හොඳින්

යොමු කර බලන්න.

මෙහිදී අපට මුලින්ම පෙන්වන කාරණාව නම් පළිගන්න එපා යන්නයි. ඉතිං ඔබ

කල්පනා කරලා බලන්න මේ පළිගැනීම් තුලින් ඔබට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද

කියා. එයින් අපට ලැබෙන්නේ වෛරය, තණ්හාව, ක්‍රෝධය, ඉරිසියාව වගේ දේවල්

නොවෙයිද?

මේවායින් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද?

 ඔබ ඔබ විසින්ම ඔබගේ ලේ පුච්චා ගනියි.

 ඔබ අවලස්සන වෙයි.

 ඔබ රෝගියෙක් බවට පත්වේ.

 යේසුස් වහන්සේ තුළ වරදකරුවෙක්ද වෙයි.

 ඔබ විසින්ම ඔබවම විනාශ කර ගනී.

ඉතිං ඔබ මොහොතක් සිතා බලන්න වෛරය තුළින් මොනවද මේ සිදුවෙන්නේ

කියලා.

ඉතින් මාගේ ප්‍රේමවන්තයනි අපි වෛර නොකර යේසුස් වහන්සේ කියන විදිහට

ජීවත් වෙමු. ඒවගේම ඔබ යේසුස් වහන්සේට සියල්ල බාර දී ඔබ යේසුස්

වහන්සේ කියන විදිහට ඔබගේ ජීවිතය ගෙන යනවනම් ඔබට විරුද්ධව සිටින

අය ගැන යේසුස් වහන්සේ බලාගන්න යනවා.

එම නිසා ඔබ හැම මොහොතෙම ඔබගේ සතුරාට පවා ප්‍රේම කරමින්

එකිනෙකාට සමාව දී ජීවිතය ජයගන්න.

ඔබ සැමට ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත අමිල දිසානායකමාර්ගය සහෝදරත්වය සභාව – මහරගම