25-12-06

පෙනීම රැක ගැනීමට ආයුර්වේද ප්‍රතිකාර

බාහිර පරිසරය හා සංවේදන ලබා ගැනීමට සිරුරේ සංවේදන ඉන්ද්රියන් ඉතා වැදගත් කාර්ය්යක් සිදු කරයි. නිවැරදි සංවේදන තුළින් නිශ්චිත අවබෝධයන් ලබා ගැනීම සඳහා ඇසෙහි දායකත්වය 80% ක් පමණ ඉහළ අගයක් ගනී. එබැවින් ශරීරයේ සංවේදන ඉන්ද්රියන් අතුරෙන් ඇස හෙවත් චක්ෂු/නේත් ඉන්ද්රියට හිමිවන්නේ ප්රධාන ස්ථානයකි.

ඈත අතීතයේ සිටම මිනිසුන් ඇස් වල නීරෝගී බව රැක ගැනීමට විශේෂ අවධානයක් යොමු කොට ඇත.
ඇසෙහි සුවිශේෂී සැකැස්ම හා ඉන්ද්රියක් වශයෙන් එහි වැදගත්කම නිසි ලෙස අවබෝධය තුළින් මෙම සංවේදී ඉන්ද්රිය කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමත්, සුපරීක්ෂාකාරීව ආරක්ෂා කරගනිමින් නීරෝගීව රැක බලාගැනීමත් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වේ.
නීරෝගී පෙනීම රැක ගැනීම සඳහා ඇස් වල නීරෝගී බව පවත්වා ගැනීමට හා රෝග වලට නතු වීම වළක්වා ගැනීමටත් යහපත් පුරුදු පුහුණු කරමින් ඒවා අනුගමනය කළ යුතුය.
ඇස යනු ශරීරයේ ඉතා වැදගත් මෙන්ම ව්යුහාත්මකව සංකීර්ණ ලෙස සැකසූ ඉන්ද්රියකි. සංකීර්ණ කැමරාවක් මෙන් හැසිරවිය හැකි මිනිස් සිරුරට උරුම වූ අද්විතීය සංවේදන ඉන්ද්රියක් වන බැවින්, එහි ආරක්ෂාව කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමට පිළිබඳ දැනුවත් බාවය අතිශය වැදගත් වේ.

රෝග හේතු:-
වැරදි ආහාර විහරණ
දුම්, දූවිලි හා අධික හිරු එළියට නිතර නිරාවරණය වීම
ඩිජිටල් තිර නිතර භාවිතා කිරීම
නින්ද මද බව
ඇස් නිතර පොඩි කිරීම
ඇසට සිදුවන හදිසි අනතුරු
අධික ලුණු, සැර, ඇඹුල් හා කටු රසැති ආහාර නිතර භාවිතය
වාත හා පිත දෝෂ විකෘති වීම
දියවැඩියාව වැනි දීර්ඝ කාලීන රෝග පැවතීම
සෘතු වලට අනුකූලව ආහාර විහරණ අනුගමනය නොකිරීම
මානසික හේතු
ඇතැම් ඖෂධ වර්ග
ඇතැම් බෝවෙන රෝග

ආයුර්වේද මූල ග්රන්ථ වලට අනුව,
පිත කෝප කරන ආහාර භාවිතය
පිත හා රක්තය කෝප කරන ආහාර හේතුවෙන් දැවිල්ල, පැසවීම, රතු වීම වැනි ප්රදාහික ලක්ෂණ ඇති වේ. උදා:- ඇස් රෝග (Conjunctivitis)

අධික මත් ද්රව් හා මත් පැන් භාවිතය
ශුක්ත, අරනාල වැනි පැසවීම මගින් නිපදවන ඇතැම් මත්පැන් වලහිස්ටැමින්නම් රසායන සංයෝගය අඩංගු වීමෙන් සියුම් රුධිර කේෂ නාලිකාවන්ගේ විස්තාරණය සිදු වී ආසාත්මිකතා ලක්ෂණ හට ගැනීම පහසුවෙන් සිදු වේ.
මද් යනු ශරීරයට විෂ ද්රව් බැවින් පමණට වඩා භාවිතයේදී සිරුරේ මෙතිල් ඇල්කොහොල් වැඩිවීම නිසා ඒවා පටක වලදී formic acid හා formaldehydes බවට පත් වීම සිදු වේ. මෙමගින් ganglion සෛල විනාශ වී toxic amblyopia නම් අක්ෂි රෝග අවස්ථාව ඇති විය හැක.
ක්ෂාරීය, තීක්ෂ්ණ, උෂ්ණ, කටු රස ආහාර සිරුරේ pH අගය ඉහළ නැංවීමෙන් සෛලීය මට්ටමේ වෙනස් කම් බොහොමයක් ඇති කරයි. එම නිසා ඇස් සම්බන්ධ රෝග ඇතිවීමට හේතු විය හැක. කටු ආහාර වේදනාව දනවන prostoglandin නම් රසායන ද්රව් උත්තේජනය කිරීමෙන් රුධිර කේෂ නාලිකා විස්තාරණය සිදු කර ප්රදාහික ලක්ෂණ ඇති කරයි.

අධික අම්ල අඩංගු ආහාර භාවිතය
ඇස් ආසන්නව පිහිටි මාංශපේශීන් (Ciliary muscle) දුර්වල වී ඇසිපිය ක්රියාකාරීත්වයට බාධා ඇති වීම නිසා ඇස් ඇරීමට අපහසු වීම සිදු වේ.

කොල්ලු වැනි ප්රෝටීන බහුල ආහාර අධිකව භාවිතයට ගැනීමෙන් පරිවෘත්තීය නිසි ලෙස සිදු නොවී Pentosan නම් රසායනික සංඝටකය හේතුවෙන් ප්රදාහික ලක්ෂණ හට ගැනීම සිදු විය හැක.

ආයුර්වේද වෛද් විද්යාවේ මූල ගන්ථයක් වන සුශැත ආචාර්ය වරයා විසින් රචිත සුශ්රැත සංහිතාවේඋත්තර තන්ත්රයනේත් රෝග සඳහාම වෙන් කොට ඇත.
එහි ඇස සම්බන්ධ ශරීර රචනාත්මකව, භෞත වේදීයව හා ව්යාධිවේදීමය පැහැදිලි කිරීම් මනාව දක්වා ඇත.

ආයුර්වේද වෛද් විද්යාව තුළ අක්ෂි රෝග වලින් වැළකීම සඳහා දින චර්යයා (daily regimen) තුළ හිතකර ක්රියාවන් අන්තර්ගත කොට ඇත. ස්නානය, නින්ද, තෛල අභ්යංගය, අංජන, ධූමපාන, නස් පිළිබඳව සවිස්තරාත්මකව දක්වා ඇත. එමෙන්ම ආයුර්වේද රසායන ප්රතිකාර (rejuvanation) සහ ඇස් සම්බන්ධිත විශේෂිත ප්රතිකාර ක්රම සාර්ථක ප්රතිඵල ලබා දේ.

වර්තමානයේදී නවීන විද්යාත්මකව හදිසි රෝග අවස්ථා සඳහා නවීන උපකරණ භාවිතයෙන් රෝග විනිශ්චයන් පහසු වීම, සියුම් ශල් කර්ම කිරීමේ හැකියාව හා ගුණාත්මක ඖෂධ ලබා දීම සිදු වුවත් ඇතැම් කාලීන ඇස් සම්බන්ධ ආබාධයන්, දියවැඩියාව නිසා හටගනු ලබන අධිමන්ථ (glucoma/uveitis) හා මධුමේදනීය තිමිර (diabetic retinopathy) යන රෝග අවස්ථාවන් හා නැවත යථාවත් කළ නොහැකි හානිවීම් ගෙන දෙන රෝග උදා:-macular degeneration තත්ත්වයන් සඳහා තවමත් ප්රතිකාරයේ සාර්ථකත්වය කරා ලඟා කොට නොමැත. එබැවින් ඇස් වල නීරෝගී බව රැකගැනීමට ආයුර්වේද ප්රතිකාර වල වැදගත්බාවය කෙරෙහි අවධානය හිමි වී ඇත.

ඇස සැකසී ඇත්තේ පංච මහා භූත වලිනි.
තේජපෙනීම ලබාදේ.
ආප්ද්රවමය පදාර්ථ හා ඇසෙහි ලිහිසි බව ඇති කරයි.
වායුක්රියාව, ඇසිපිය ගැසීම සිදු කරයි.
පෘථිවිව්යුහය සපයා දේ.
ආකාෂහිස් අවකාශය ලබා දේ.
ඇසෙහි ක්රියාකාරීත්වය හා ව්යුහය පදනම් කර ගනිමින් ඇස මණ්ඩල 5, සන්ධි 6 හා පටල 5ක් ලෙස ව්යුහාත්මක වශයෙන් වෙන්කොට දක්වා ඇත.
සුශ්රැත සංහිතා ග්රන්ථයට අනුව නේත් රෝග 76 ක් ශරීර ව්යුහාවට අනුව ප්රබේද කර ඇත.
සන්ධිගත (lid disorders) උදා:- කඵජ අභිෂ්යන්ද (blepharitis)
වර්ත්මගත රෝග (conjunctival diseases) උදා:- අංජන නාමිකා (chalazion), කුකුණක (trachoma)
ශුක්ලගත රෝග (scleral diseases) ඇසෙහි සුදු පැහැති ප්රදේශයේ හටගනු ලබන රෝග
කෘෂ්ණගත රෝග (corneal diseases) ඇසෙහි කළු ඉංගිරියාව ආශ්රිත රෝග උදා:- corneal ulcers
දෘෂ්ටිගත රෝග (vision-related) දෘෂ්ටිවිතානයේ, දෘෂ්ටික ස්නායුව හා කාචය ආශ්රිත රෝග උදා:- තිමිර (early cataract/refractive errors), ලිංගනාශ හා කාච (cornical opacities/mature cataracts)
සර්වගත රෝග (whole eye) උදා:- අභිෂ්යන්ද (conjunctivitis/inflammation)

මීට අමතරව පෝතකී (stye/chalazion), අර්ම (pterygium) යන රෝග අවස්ථා සඳහා විශේෂිත ආයුර්වේද අක්ෂි රෝග ප්රතිකාර දක්වා ඇත.

ප්රතිකාර :-

ශෝධන ප්රතිකාර ලෙස වමන, විරේචන, නස් හා රක්ත මෝක්ෂණ ප්රතිකාර සිදු කරනු ලබන අතර ශමන ප්රතිකාර ලෙස ත්රිඵලා ඝෘත, නේත් බිංදු සහ ප්රතිප්රදාහක ඖෂධ වන තර්පණ ගුණ සහිත යෂ්ටිමධු (neuro pritective effect) හා දාරු හරිද්රා (anti-microbial) අක්ෂි රෝග සම්බන්ධයෙන් විශේෂිත ඖෂධ වේ.
ත්රිඵලාඅරලු, බුලු, නෙල්ලි ඇස් සම්බන්ධ බාහිර මෙන්ම අභ්යන්තර ප්රතිකාර සඳහා බහුලව යොදා ගැනේ. එම ඖෂධ වල ප්රතිඔක්සිකාරක (anti-oxidative) හා ප්රතිප්රදාහක (anti-inflammatory & cytoprotective) ගුණ සහිත බව විද්යාත්මකව තහවුරු කොට ඇත.
එමෙන්ම ආයුර්වේද මූල ග්රන්ථ වල සඳහන් ජීවනීය හා චක්ෂුක්ෂ් ද්රව් ඇස් වල පෙනීම වර්ධනය කළ හැකි හා වයසට යා නොදී රැක ගත හැකි ඖෂධ ලෙස දක්වා ඇත.
බාහිර ප්රතිකාර ලෙස නේත් තර්පණ, ආශ්චෝතන (eye drops), බිඩාල (oinments), පුටපාක (juice insillation) හා අංජන (collyrium application) ප්රතිකාර රෝගියාට ඉහළ ප්රතිඵල ලබා දේ. එමඟින් ඇස අවට රුධිර සංසරණය නිවැරදි කිරීම මගින්, බාධා ඉවත් කරමින් විෂ කොටස් ඉවත් කිරීමත් ක්රමවත් රුධිර සැපයුමක් ලබා දී ඇස පෝෂණය කිරීමත් සිදු කරයි.

තර්පණඇස් වටා ගිතෙල් රඳවා තබා ගැනීමෙන් ඇසෙහි වියළි බව, විඩාව හා දුර්වල බව නැති කිරීම සිදු කෙරේ. (early degenerative changes සඳහා ඉතා සුදුසු වේ.)
පුටපාකපෝෂණීය ප්රතිකාරයක් ලෙස නැවුම් යුෂ යොදා ගනිමින් සිදු කරයි. අක්ෂි මාංශ පේශීන්ගේ පෝෂණය හා ශක්තිමත් බව වැඩි කිරීම සඳහා තර්පණ ප්රතිකාරයෙන් පසු සිදු කරන විශේෂිත ප්රතිකාරකි.
ආශ්චෝතනක්ෂණික ප්රදාහ තත්ත්ව සඳහා ඖෂධීය නේත් බිංදු භාවිතා කිරීම සිදු කරයි.
අංජනඅක්ෂි රෝග වලින් වැළකී සිටීමට මෙන්ම කාලීන අක්ෂි රෝග සඳහා ඉතා සුදුසුය.
නස්ඖෂධීය තෙල් භාවිතයෙන් දෘෂ්ටික ස්නායුව ඇතුළු ඇසට ස්නායු ආවේග සපයන අනෙකුත් ස්නායු උත්තේජනය කිරීම සිදු කරයි.
ශේකඇස මතින් ගලා යන පරිදි ඖෂධීය දියර වත් කිරීම මගින් ඇසෙහි ආසාදන තත්ත්වයන් නැති කරයි. (conjunctivitis, acute infections)
මීට අමතරව විශේෂිත ආයුර්වේද ප්රතිකාර ලෙස භේදන, ලේඛන, ක්ෂාර කර්ම වැනි ප්රතිකාර පිළිබඳව සවිස්තරාත්මකව දක්වා ඇති අතර ප්රතිකාරයේදී සාර්ථක ප්රතිඵල ලබා දේ.

ඇසෙහි වියළි බව (dry eye) සඳහා තර්පණ ප්රතිකාරය ලිහිසි ද්රව් භාවිතයට වඩා ප්රතිඵලදායකය. කෘත්රිම දියර වර්ග ඇසට දැමීම වෙනුවට, අක්ෂි තර්පණ සඳහා ත්රිඵලා ඝෘත භාවිතයෙන් කදුළු ශ්රාවී ග්රන්ථින් උත්තේජනය කොට කදුළු ගැලීම හොඳින් සිදුවී ඇසෙහි වියළි බව නැති කිරීමත්, පෙනීමේ දුර්වලතාව මගහැරීමත් සිදු කරයි.

ත්රිඵලා හා යෂ්ටිමධු ඖෂධවල පවතින ප්රතිඔක්සිකාරක ගුණ මගින් කාච (cataract) ඇති වීම ප්රමාද කරයි.
නස්, තර්පණ, ලේඛන ප්රතිකාර මගින් ඇස අභ්යන්තර පීඩනය (intra-occular pressure) අඩු කර ග්ලූකෝමා ඇති වීම වළක්වා ගත හැක.
මධුමේහනීයතිමිර (diabetic retinopathy) අවස්ථාව සඳහා ත්රිඵලා, නෙල්ලි යන ඖෂධ භාවිතා කිරීමෙන් රෝගයේ වර්ධන වේගය අඩු කිරීමට සමත් වේ.

හිතකර ක්රියා:-
ගිතෙල්, කිරි, පලා වර්ග භාවිතය
ත්රිඵලාඅරලු, බුලු, නෙල්ලි තම්බා පානය කිරීම
රාත්රී සුව නින්දක් ලබා ගැනීම
ඩිජිටල් තිර භාවිතය රාත්රී කාලයේ අවම කිරීම
ජලය හොඳින් පානය කිරීම

අහිතකර ක්රියා:-
අධික කුළුබඩු යෙදූ, පැසවීමට ලක් වූ, තෙල් අධික ආහාර භාවිතය
දුම්, දූවිලි හා අධික හිරු එළියට නිතර නිතර නිරාවරණය වීම
මද අඳුරේ කියවීම හා ඇස් වෙහෙසට පත් කිරීම

තර්පණ ප්රතිකාර සමග සිදු කරනු ලබන නව් ප්රතිකාර ක්රම (modern ergonomic practices) මගින් ඩිජිටල් තිර භාවිතය නිසා හටගනු ලබන අක්ෂි රෝග (computer vision syndrome) සඳහා ඉතා ඉහළ සුව වීමේ ප්රගතියක් ලබා ගත හැකි බව පර්යේෂණ මගින් තහවුරු කොට ඇත.
ආයුර්වේද හා නව් ප්රතිකාර ක්රම එක්ව භාවිතයේ ප්රතිඵල ලෙස ඇතැම් අක්ෂි රෝග සඳහා එක් එක් වෛද් ක්රමයන් තනිව ප්රතිකාර සිදු කීරීමට වඩා ඉහළ සාර්ථකත්වයක් ලබා දෙන බව විද්යාත්මකව පෙන්වා දී ඇත.
ඇසෙහි සුද ඇතිවීම (cataract) නොහොත් කාච රෝග අවස්ථාව සඳහා ආයුර්වේද ප්රතිකාර සඳහා කල්තියා යොමු වීමෙන් ශල් කර්ම වලට යොමු වීම ප්රමාද කිරීමේ හැකියාව පවතී.

එබැවින් ආයුර්වේද ප්රතිකාර සඳහා යොමු වීම තුළින් ඇස් වල නීරෝගී බව රැක ගැනීමටත්, අක්ෂි රෝග සම්බන්ධ ප්රතිකාර සඳහා සුදුසුකම් ලත් ආයුර්වේද විශේෂඥ වෛද්යවරයෙක් වෙත ප්රතිකාර සඳහා යොමු වීමෙන් ජීවන තත්ත්වය ඉහළ නංවා ගනිමින් ඇස් රෝග හටගැනීම හා වර්ධනය වීම ප්රමාද කිරීමටත් හැකියාව ඔබට ලැබෙනු ඇත.

ආයුර්වේද වෛද්‍ය නාලිකා ජයතිලක
BAMS – Colombo (SL)

25-12-05

අභියෝග සඳහා සූදානම් වීමේ වැදගත්කම

ජීවිතය කියන්නේ අපූරු මාර්ගයක්. බලාපොරොත්තු උනාටත් වඩා ලස්සන මතකයන් වගේම අපේක්ෂා නොකළ වක්රතා සහ අවස්ථාත් මේ ගමන් මාර්ගයේ හමුවී ඇති .ඉදිරියට මුණගැහෙන්නට ඇති.

පෞද්ගලික සාර්ථක හාඅසාර්ථකතා සිට වෘත්තීය අභියෝග දක්වා, අභියෝග ජීවිතයේ අත්යාවශ් කොටසක් . කිසිවකට බිය නොවී, පෙර සූදානම්ව සිටින්නට හැකි නම්, තුළ අභියෝග ජය ගැනීමේ හැකියාව වැඩි වැඩියෙන් පවතී.

අභියෝග සඳහා සූදානම් වීමෙන් ඔබගේ ආරක්ෂාකාරීභාවය වර්ධනය කර ගන්නට පුලුවන්. අපිට අසාර්ථකතා වලින් නැවත නැගී ඉදිරියට යා හැකි මානසික සහ සංවේදී ශක්තියක් ගොඩනගා ගත හැකි නම්, ඉදිරියේදී ඇතිවන අපහසුතා හා අභියෝග සැලකිල්ලට ගෙන සැලසුම් සකස් කරගැනීමට හැකි නම් විට, එම අවස්ථාවන්ට බිය වීමට හෝ අනවශ් ලෙස තැති ගැනීමට උවමනා වන්නේ නැහැ.

එමෙන්ම පෙර සූදානම අපව අනාගත අවස්ථා විශ්ලේෂණය කිරීමට සහ නිර්මාණාත්මක විසඳුම් සොයා ගැනීමට හුරුකිරීමක් කරනවා. අපි සෑම සිද්ධියක්ම පෙරහුරු කරන විට, අවස්ථාවට සාමකාමී සහ තාර්කිකව ප්රතිචාර දැක්වීමට පුළුවන් වෙනවා. වෘත්තීය ක්ෂේත්රවල නම් අසාර්ථකතාවන් සාර්ථකතාවන්ට පත් කරගැනීමට අවශ් පුහුණුව සහ දැනුම නිරතුරුවම ක්රමානුකූලව ලබා දෙනවා.

ආතතිය සහ පීඩනය අඩු කරන කදිම කියාවලියක් තමයි මේ පෙර සූදානම. කිසිදු
නිරීක්ෂණයක් නොමැතිව උනත් ඇතැම් අවස්ථාවන් පිළිබඳව ආතතියක් අප තුල ඇති වීමට පුලුවන්.සූදානම් නොවී සිටීමත් ඒකට බලපාන ප්රබල හේතුවක් .

අභියෝග වලට මුහුණ දෙන්නත් කලින්, අපිට බරපතළ ලෙස බලය හීන වූවා මෙන් හැඟෙන්නේ මෙකී පෙර සූදානමේ අඩු වැඩිකම් නිසා වෙන්න බැරිද? සූදානම්ව සිටින විට, පැහැදිලි සැලැස්මක් සහිතව අවස්ථාවන්ට මුහුණ දෙන්න පුළුවන්, ආතතිය අඩු කරමින්, තමාගේ අභ්යන්තර ශක්තිය වඩවා ගන්න පුලුවන් .

ඇත්තටම හිතලා බැලුවොත්, පුද්ගලික සංවර්ධනය උද්දීපනය කරන්න තමයි
අභියෝග තියෙන්නේ. සඟවා ඇති අවස්ථා ලෙස අපි අභියෝග වලට මුහුණ දෙන්න සූදානම් උනොත්, අපේ ශක්තිය අපේම දුර්වලතා අභිබවා ගොස් අපි ගැනම අභිමානයක්, ආඩම්බරයක් අවසානයේ ඉතුරු කරනවා.

ඉතින් සෑම අවස්ථාවක්ම පුද්ගලික වර්ධනය සඳහා ඉදිරි පියවරක් විදියට දකින්න පුලුවන් නම්, ධනාත්මක මනෝභාවයක් ගොඩනගා ගැනීම තුළින් අපට අවස්ථාවට මුහුණ දීමට අවශ් මෙවලම්, දැනුම සහ විශ්වාසය අප තුලින්ම හොයා ගන්න එක අපහසු කාර්යයක් වෙන්නේ නැහැ.

එවන් මනෝභාවයක් ඔබගේ මානසික සෞඛ්යය වර්ධනය කරනවා වගේම , අනෙක් අය සඳහාත් උද්දීපනයක් ඇති කරනවා. ඉතින් අභියෝග අතහැරලා අපිට මේ ගමන යන්න බෑ. මේ ගමනම අභියෝගක්. මූලික සැලසුම්, පෙර සූදානම, එකී අභියෝග වලට මුහුණු දෙන්න අවශ් වටපිටාව, දැනුම සහ සම්පත් වලින් සන්නද්ධ වෙන එක තමයි අපි කරන්න ඕනේ, සාර්ථකත්වයේ සවුදිය අවසානයේ සමරන්න නම්.

දිමුතු සේනාදි .

25-12-04

පිටපිට සම්මාන දිනන BVS Mortgages

ලන්ඩනයේ ලාංකීය අභිමානය 2018 වර්ෂයේදී, ඒක පුද්ගල උපදේශකවරයෙක්ගේ දැඩි කැපවීමෙන් කුඩා සමාගමක් ලෙස එක්සත් රාජධානිය තුළ ආරම්භ වූ BVS Mortgages & Financial Services සමාගම අද වන විට විශිෂ්ට කාර්ය මණ්ඩලයකින් යුතුව, වඩාත් පුළුල් සේවාවක් සපයන, එක්සත් රාජධානිය පුරා විශ්වාසනීය නාමයක් දිනාගත්,සමාගමක් බවට පත්ව ඇත.
ආරම්භයේ සිටම, මෙම සමාගමේ අභිප්රාය වූයේ ශ්රී ලාංකීය සංස්කෘතිය හා සමාජයීය අනන්යතා රැකගනිමින්, පාරිභෝගිකයන්ගේ නිවාස හිමිකරගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට අවශ් පහසු සහ ආරක්ෂිත සේවාවක් ලබා දීමයි.මෙහිදී පාරිභෝගික අවශ්යතාවයට ගැලපෙන ණය ක්රියාවලියක් තුළින් පුද්ගල සහ ව්යාපාරික මූල් අවශ්යතා සපුරාලීමට පහසුකම් සපයනු ලබයි.

මෙම අභිමානවත් ගමනේදී BVS Mortgages & Financial Services සමාගම, පාරිභෝගික සේවාව, විශිෂ්ට වෘත්තීයභාවය, සහ කාර්යශූරත්වය යන මූලික වටිනාකම් කෙරෙහි වැඩි අවධානයක් ලබා දී ඇත. සමාගම දැඩි කැපවීමෙන් සහ කාර්යක්ෂමතාවෙන් නවෝත්පාදන ප්රතිපත්ති යොදා ගනිමින්, පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගෙන ඇති අතර අන්යෝන් විවිධත්වයට ගරු කිරීම සමාගමේ වටිනාකම තවත් ඉහළ නංවයි. සමාගමේ මෙම සියලු සාර්ථකත්වයට පාදක වී ඇත්තේ සමාගමේ නිර්මාතෘවරයා වන රොෂාන් විතාරණගේ මහතාගේ දූරදර්ශී නායකත්වයත්, යටතේ ක්රියා කරන advisers සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම සහ විශ්වාසවන්ත සේවා සැපයීමයි.

ක්ෂේත්රය පිළිබඳ මනා අවබෝධයත්, පාරිභෝගික අවශ්යතාවයන්ට ප්රමුඛත්වය දෙමින් ඔවුන්ගේ සිහින සැබෑ කරදීමට කටයුතු කිරීමත් නිසා පාරිභෝගික හදවත් දිනාගත් සමාගමක් බවට පත්වීමට BVS Mortgages & Financial Services සමාගම සමත් වී ඇත. එය සනාථ කරමින් mortgage broker සමාගම් අතරින් ලන්ඩනයේ ප්රථම ස්ථානය සහ එක්සත් රාජධානියේ අටවන ස්ථානය දක්වාත් Trustpilot හි ශ්රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමට BVS Mortgages & Financial Services සමාගමට හැකියාව ලැබී ඇත.

මෙම පාරිභෝගික විශ්වාසය නිසාම, 2025 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී, එංගලන්තයේ ප්රකට Barclays Intermediary Inclusion Summit and Awards උළෙලේ Best Inclusive Culture (Company) Award අංශයෙන් BVS Mortgages & Financial Services සමාගම ප්රථම ස්ථානය දිනා ගත් අතර, ආසියානු සම්භවයක් සහිත සමාගමක් මෙම සම්මානයෙන් පිදුම් ලද පළමු සහ එකම අවස්ථාව මෙය වීමද සුවිශේෂී කරුණකි.ශ්රී ලාංකීය සමාගමක් ප්රථම වතාවට ලබා ගන්නා ලද මෙම සම්මානය ලාංකීය ව්යාපාරිකයන්ට සහ සමාගමේ කාර්ය මණ්ඩලයට අභිමානවත් අවස්ථාවක් ලෙස සැලකේ.

මෙම උත්සවය සඳහා හිටපු එංගලන්ත පාපන්දු ක්රීඩක Fara Williams සහ Para- Olympic ටෙනිස් ක්රීඩිකා Lucy Shuker සහභාගී විය. ඔවුන් BVS Mortgages සමාගමේ ගමනේ විශිෂ්ටත්වය, කණ්ඩායමේ කැපවීම සහ සමාගමේ සංස්කෘතික වටපිටාව අගය කරන බව ප්රකාශ කළහ.

එපමණක් නොව BVS Mortgages & Financial Ltd සමාගමේ අඛණ්ඩ විශ්වාසවන්ත සේවාවේ ප්රතිඵලයක් ලෙස, SME NEWS මඟින් සංවිධානය කරනු ලැබූ Financial Awards 2025හි දී Best Mortgage & Protection Advisory Firm 2025-London සහ Homebuyer Support Excellence Award 2025 යන සම්මානයන්ගෙන් පිදුම් ලැබීමද, සමාගමක් ලෙස ඔවුන් ලද සුවිශේෂී ජයග්රහණයකි.


එමෙන්ම, BVS Mortgages සමාගම හුදෙක් ලාභ පමණක් අරමුණු කර නොගෙන ඉන් එහා සමාජයට වටිනා යමක් ලබාදිය යුතු යන විශ්වාසය පෙරදැරි කරගෙන 2018 වසරේ සිට EduCare Foundation සමග එක් වී ශ්රී ලංකාවේ අඩු ආදයම්ලාභී ග්රාමීය දිස්ත්රික්ක වල අඩු වරප්රසාද සහිත දරුවන්ගේ අධ්යාපන අවශ්යතා සඳහා පාසල් උපකරණ ලබා දීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇති අතර 2018 වසරේදී ළමුන් 100කගෙන් ඇරඹි මෙම ව්යාපෘතිය මෙම වසරේ අභිප්රාය වී ඇත්තේ පාසල් ළමුන් 1000කට ආසන්න ප්රමාණයකට අනුග්රහය දැක්වීමයි.

එලෙසම එක්සත් රාජධානියේ සෑම වසරකම පවත්වනු ලබන RBC Race for the kids ධාවන තරඟය පැවැත්වීම මඟින් ලන්ඩනයේ Great Ormond Street රෝහල සඳහා නවීන මට්ටමේ ළමා පිළිකා ප්රතිකාර මධ්යස්ථානයක් ඉදිකිරීමට 2025 වසරේදී පවුම්3500 කට වැඩි අරමුදලක් රෝහල වෙත පරිත්යාග කිරීමට සමත් වී ඇත. මෙවැනි ව්යාපෘති සිදුකිරීම මඟින් ආයතනික සමාජ වගකීම මනාව පිළිබිඹු කරයි.

මෙවන් සංස්කෘතික සහ සමාජයීය අගයන්ද BVS Mortgages & Financial Services සමාගමට මෙම සම්මාන දිනා ගැනීමට හේතු විය. මෙම සමාගම සමස්ත ප්රජාව වෙත මෙවන් වටිනා සේවාවක් ලබා දීම අගය කළ යුතුය.සමාගම සිදු කරනු ලබන මෙම සේවාව සමාගමේ සාමාජික වගකීම, සංස්කෘතික අනන්යතාවය සහ ප්රජාභාවය පිළිබඳ කැපවීම මනාව පෙන්නුම් කරයි.

සමාගමේ Director වන රොෂාන් විතාරණගේ මහතා මෙම ජයග්රහණ පිළිබඳ මෙසේ ප්රකාශ කරයි.

මෙම ජයග්රහණ, අපව විශ්වාස කළ කණ්ඩායමටත්, අප සමඟ ගමන් කළ ගනුදෙනුකරුවන්ටත් අයිති විය යුතුයි. එංගලන්තයේ මූල් ක්ෂේත්රය තුළ ශ්රී ලාංකීය සමාගමක් ලෙස අපට මෙය ඉමහත් අභිමානයකි.”

BVS Mortgages ගමන, ශ්රී ලාංකීය ව්යාපාරික ක්ෂේත්රයේ කැපවීම, සහ විශ්වාසය සමඟ සංවර්ධනය වෙමින්, එංගලන්තයෙහි මූල් ක්ෂේත්රයේ ආදර්ශමත් සමාගමක් බවට පත්ව තිබේ. මෙම ජයග්රහණ, කණ්ඩායමේ කැපවීම සහ සමාගමේ වටිනාකම් පිළිබඳ ලෝකයට පෙන්නුම් කරන අතර, අනාගතයේ තවත් සම්මාන සහ සාර්ථකත්වයන් දිනා ගැනීමේ මාර්ගය සකසා දෙයි.

25-12-02

සුවය දෙන්නා වූ දෙවියන් වහන්සේ!

(යාකෝබ් 5:15)

"එවිට ඇදහිල්ලෙන් පුදන යාච්ඤාවෙන් රෝගියාට සුවය

ලැබේ. සමිඳාණන් වහන්සේ ඔහු නැඟිටුවනු ඇත. ඔහු පව්

කර තිබේ නම්, පව් ඔහුට කමා කරනු ලැබේ."

දෙවියන් වහන්සේගේ සුව කරන අත් දෙස බලනකොට, ඔහු පෙර

සිටම බිඳුණු සිත් සුව,රෝගීන් සුව කළා.

  1. දෙවියන් වහන්සේ ඔබගේ වේදනාව දැනගන්නා සේක.

යේසුස් වහන්සේව පූජා කරන කාලයේදී ඔහු සොයා ගියේ රැස්වූ

ජනතාවගේ වේදනාවයි.

(මතෙව් 4:23)

"තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල

අනුශාසනා කරමින් රාජ්යය පිළිබඳ සුබ අස්න දේශනා

කරමින් සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව

කරමින් ගලීලය පුරා සැරිසැරූ සේක."

ඔබ ගැනත් යේසුස් වහන්සේට දැනෙන්නේ එහෙමයි.ඔබේ අද ගිනිබත්

වූ සිත, ඔබේ ශරීරයේ ඇති වේදනාව, මෙහෙමම ඔබ අත්විඳින බර

දෙවියන් වහන්සේ හදවතින්ම දනී..

  1. දෙවියන් වහන්සේට කිසිදු රෝගයක් අතිරේක නොවේ යැයි

බයිබලය පවසනවා.

(නික්මයාම 15:26)

" උන් වහන්සේ ඔවුන් අමතමින්, “නුඹේ දෙවි වන

සමිඳාණන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී

උන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි තිබෙන දේ කොට,

උන් වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන් වහන්සේගේ

සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම්, මිසර වාසීන් පිට

මා පැමිණවූ ලෙඩ රෝග එකක් වත් නුඹලා පිට

නොපමුණුවමි. මන්ද, නුඹලාට සුවය දෙන සමිඳාණන්

වහන්සේ මම යි වදාළ සේක."

ඔබට මේ මොහොතේ දැනෙන දුක, රෝගී බව, හදවතේ තිබෙන

අනෙකුත් බර මේ සියල්ලම දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සුව

කරන්නට පුළුවන්.

යේසුස් වහන්සේ සුව කරනවා ඔබේ ශරීරය ඔබේ සිත ඔබේ පවුල

ඔබේ ජීවිතය.

  1. ඔබ පාවිච්චි කරන්නා වූ ආයුධයයාඥාව

(ජාකොබ් 5:13)

"ඔබ අතරෙන් යමෙක් දුක් විඳින්නේ නම් ඔහු යාච්ඤා

කෙරේ වා. යමෙක් ප්රීතියෙන් සිටින්නේ නම් ඔහු තුති ගී

ගයා වා."

දෙවියන් වහන්සේට සුවය දෙන්න ලැබෙන මාර්ගය කුමක්ද?

යාඥාව සහ විශ්වාසය.

*ඔබට මේ අයුරින් යාඥා කිරීමට පුලුවන්.

ස්වර්ගයේ වැඩ සිටින යේසුස් වහන්ස මට සුවය දෙන්න, ඔබේ

සහනකාර අත් මගින් මා ආවරණය කර මගේ ජීවිතයට නව

ශක්තියක්, බලාපොරොත්තුවක් හා දයාව දුන මැනව. ආමේන්!

  1. සුවය ඔබ වෙත එනවා..

දේව වචනයේ මෙසේ පවසනවා..

(යෙසායා 53:5)

"එහෙත්, එතුමන් තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසා

;පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසා .එතුමන් ලත්

දඬුවමින් අපට සාමදානය ලැබී ඇත;එතුමන් ලැබූ

පහරවලින් අපට සුවය ලැබී ඇත."

ඔබේ කඳුළු, ඔබේ හදවතේ පපුවේ තියුණු දැනීම, ඔබේ ශරීරයේ

වේදනාව එය අවසානයක් නොවේ ඔබව සුවපත් කරන ලද අයෙක්

බව දෙවියන් වහන්සේ ප්රකාශ කරලා තියෙනවා.

ජේසු පිහිටයි!!

25-12-01

මානසික ගංවතුර (MentalFloods)

සංයුක්ත නිකායෙහි ඔඝ සූත්රයේදී බුදුරජාණන්වහන්සේ විසින් ගංවතුර වර්ග හතරක් දේශනා කර තිබේ. ඕඝ යනු ගංවතුරයි. එම ගංවතුර මානසිකය. තවත් අයුරකින් කිවහොත් ජීවිතයයෙහි සතුට සෝදා පාළුවට ලක් කරන අභ්යන්තර ප්රවාහ හතරකි.

එම හතර නම් කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ සහ අවිජ්ජා ඕඝ යි.

කාම යනු කැමැත්තයි. ජීවිතය තෘප්තිමත් කරන දේ නොලැබීම ඇතැම්විට සිය දිවි හානිකර ගැනීම දක්වා මානසික අවපාතයකට කෙනෙකු ලක්විය හැකිය. එසේම එහි අනෙක් අන්තය වන අසාමාන් ලෙස සැපයට ගිජුවීමද විනාශකාරී විය හැකිය. එසේ ගිජුවීම කාම ඕඝයයි.

භව යනු නැවත නැවත හට ගැනීමයි. තවත් සරලව කිවහොත් ඉපදී ජීවත්වීමයි. කොපමණ සතුටු වියහැකි දේ තිබුණත් ලැබූ ජීවිතය ගැන සතුටක් නැතිවීම නිසා නොලැබෙන වෙනත් ජීවිතයක් ගැන සමහරු මනෝ ලෝකයක ජීවත් වෙති. එනිසාවෙන්ම ඔහුන් පැවැත්ම ගැන අවපාතයකට ලක්වෙයි. භව ඕඝයයි.

දිට්ඨි යනු දැකීම හෙවත් මතවාද . සතුටින් ජීවත්වීමට ඕනෑ තරම් අවස්ථා තිබුණද සමහරු ආගමික, දේශපාලනික ආදි මතවාදවල අන්තගාමීව එල්ලී සිටිති. එනිසාම ඔවුනට ලැබීමට වඩා නොලැබීම බහුලය. දිට්ඨි වැරදුන තැන සියල්ල වැරදී යා හැකිය. එනිසාය ආර් අෂ්ඨාංගික මාර්ගය හෙවත් පරම සතුට වන නිර්වාණයට දිවෙන මග මුල්ම පියවර සම්මා දිට්ඨි හෙවත් නිවැරදි දැකීම වන්නේ. ‘මගේ ආගම, මගේ මතය, මා කියන දේ පමණක් නිවැරදියිආදි වශයෙන් ආත්ම මහත්යතාවෙන් (self-importance) සමහරු පෙළෙති. දිට්ඨියෙහි ප්රතිඵලයයි. දිට්ඨි නිසා තම දරුවන්, බිරිඳ, සැමියා නිකරුණේ අහිමි කරගත් අය බොහෝ සිටිති.

අවිජ්ජා යනු අඳුරේ අතපත ගෑමයි. එනම් දරුණු ලෙස මුලාවට ලක්වීමයි. මෙය ඉතාම නිහඬ මානසික ගංවතුර යි. එය සියුම් නිසාය. විජ්ජා (විද්යා) යනු දැනීමයි. නොදැනීම අවිජ්ජා (අවිද්යා) වේ. පෙර කී ගංවතුර වර්ග තුනට මේ අවිජ්ජා ගංවතුර නිහඬව ශක්තිය ලබා දේ. ඉහත ගංවතුර ත්රිත්වය ගැන කෙනෙකුට හැඟීමක් ලැබුණද මේ ගංවතුරට හසුවූ අය තමන් විනාශයට යන බව පිළිබඳව හැඟීම් මාත්රාවක්වත් නොලබති.

නූතන විද්යාව හා තාක්ෂණය අපට බොහෝ සැපදායක දේ මවා තිබේ. එහෙත් එයින් මිනිසාගේ සතුටට හේතුවන සරල දිවි පැවැත්ම හානියට පත්කර තිබේ. තම සීමාවන් දැනගැනීම සහ ඉහළ ඉලක්කයන් පසුපස හඹායන අතරතුර ලද දෙයින් සතුටුවීමද විශේෂයෙන්ම තම මානසික සෞඛ්යය වෙනුවෙන් දවසකට අඩුම තරමේ විනාඩි විස්සක් හෝ සති භාවනාවෙහි යෙදීම ඕඝයන්හි ස්වභාවය සහ ඒවායින් බේරීම පිළිබඳව ආධ්යාත්මික අවබෝධයක් අප තුළින්ම ඇතිවේ.

බුදුරජාණන්වහන්සේ ඔබට මග පෙන්වා තිබේ. එහි ගමන් කිරීම හෝ නොකිරීම ඔබ සතුය.

 

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි, සාකල් මනෝචිකිත්සා උපදේශක