2025 දී අලුත් වෙනසකින්, සාර්ථක ගමනක් යමු

2024 වසර අවසානය සටහන් උනේ ඉතාමත් ශෝකජනක විදියට. ඒ වසරේ අවසාන සතිය තුල ලෝකයේ ස්ථාන කිහිපයක සිදුවූ බිහිසුනු ගුවන් අණතුරු කිහිපයක් හේතුවෙන්. සෙමාන්‍යයෙන් ලෝකයේ ගුවන් ගමන් සදහා කාර්ය්‍ය බහුලම සතියක් වන නත්තල් නිවාඩුව හා නව වසර උදාව යෙදී ඇති වසරේ අවසාන සතිය තුල සිදුවූ මෙම ගුවන් අණතුරු කිහිපය මගින් සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව සුළුපටු නෑ.

සතිය ආරම්භ වෙන්නේ නත්තල් දිනට පෙර දින, එනම් දෙසැම්බර් 24 වන දින ඇමරිකානු ගුවන් සමාගමට අයත් සියළුම ගුවන් යානා තාක්ෂණික දෝශයක් හේතුවෙන් වහාම ගොඩබෑමට තීරණය කිරීමත් සමග. සාමාන්‍යයෙන් ගුවන් ගමන් සදහා වසරේ කාර්ය බහුලම දිනය ලෙස සැලකෙන දෙසැම්බර් 24 වනදා ගුවන් ගමන් සිය ගණනක් එකවර අවලංගු වීම එදිනබගුවන් ගතවීමට සිටි මගීන්ට දරාගත නොහැකි තරම් පාඩුවක් උනා. කෙසේ වෙතත් පැය කිහිපයක් ඇතුලත තාක්ෂණික දෝශය නිවරදි කිරීමට පියවර ගත් ඇමරිකානු ගුවන් සමාගම විශාල ප්‍රමාධයන් සහිතව උවද සිය ගුවන් යානා නැවත පියාසර කරවීමට පියවර ගත්තා.

ඒ දිනය එසේ ගතවෙද්දි 25 වන දින, එනම් අසිරිමත් නත්තල යෙදී තිබූ දිනයේදී අපිට අසන්නට ලැබුනේ හද කකියවන ගුවන් අනතුරක්. ඒ අසර්බයිජානයේ සිට රුසියාව බලා පියාසර කරමින් තිබූ අසර්බයිජාන් ගුවන් සේවයට අයත් Embraer 190AR වර්ගයේ ගුවන් යානයක් කසකස්ථානය වෙත හදිසි ගොඩබෑමක් සිදු කිරීමට උත්සාහ කිරීමේදී අනතුරට පත්වී එහි ගමන් කල මගීන් 38 දෙනෙකු මිය යාමයි. අනතුරට පත්වන අවස්ථිවේ එම ගුවන් යානයේ මගීන් 67 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඒ අතරින් වැඩි දෙනෙකු අසර්බයිජාන් ජාතිකයන් උනා.

ගුවන් අනතුරු විශ්ලේෂකයන් සදහන් කරන්නේ මෙම ගුවන් අනතුරට හේතුව රුසියානු ගුවන් ආරක්ෂන පද්ධතියෙන් ගුවන් යානය වෙත එල්ල වූ ප්‍රහාරයක් විය හැකි බවයි. රුසියාව විසින් එම චෝදනාව සෘජුව පිලි නොගත්තද ජනාධිපති පූටිං විසින් සිය අසල්වැසි අසර්බයිජාන් ජනාධිපතිවරයාගෙන් සමාව අයැද නිවේදනයක් නිකුත් කර තිබුනා. එම ගුවන් යානය රුසියාව වෙත ගොඩබෑමට උත්සාහ කරන අවස්ථාව වන විට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකට එරෙහිව රුසියානු ගුවන් ආරක්ෂන පද්ධතිය ක්‍රියාත්මතව තිබූ අතර නිසැකවම එහි ප්‍රහාරයක් අසර්බයිජාන් මගී ගුවන් යානයටද එල්ල වී ඇති බව තහවුරු වේ.

නත්තල් දිනය එසේ ගෙවී යද්දි පසුගිය ඉරිදා එනම් 29 වනදා ලොකයේ ගුවන් ගමන් ක්ෂේත්‍රයට අමතක කල නොහැකි බිහිසුණුම දිනයක් ලෙස ඉතිහාසයට එක් උනා. එකම දිනයකදී පැය කිහිපයක් ඇතුලත ලෝකයේ ස්ථාන තුනකදී ගුවන් සේවාවන් තුනකට අයත් ගුවන් යානා අනතුරට පත්වුනා. එයින් බිහිසුණුම හා ඛේදජනකම ගුවන් අනතුර දකුණු කොරියාවේදී සිදුවූ අතර එය දකුණු කොරියානු ඉතිහාසයේ සිදුවූ විශාලතම ගුවන් අනතුර බවයි වාර්ථා වෙන්නේ.

තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවේ Muan ගුවන් තොටුපළ වෙත පියාසර කරමින් තිබූ Jeju Air ගුවන් සමාගමට අයත් බෝයිං 737-800 වර්ගයේ ගුවන් යානයක් ගුවන් තොටුපළට ගොඩබෑමට උත්සාහ කිරීමේදී සිදුවූ අනතුරකින් එම ගුවන් යානයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හැරෙන්නට ඉතිරි සියළු දෙනාම ජීවිතක්ෂයට පත් උනා. අනතුරට පත්වන විට ගුවන් යානයේ මගීන් 175 දෙනකු සහ කාර්ය මණ්ඩලය 6 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඉතිරි වූ දෙදෙනාම එහි ගමන් කරමින් සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකු බවයි වාර්ථා වන්නේ. 

ලියුම්කරු මෙම ලිපිය සකස් කරන විටත් ගුවන් එම දරුණු ගුවන් අනතුරට හේතුව නිෂ්චිතවම තහවුරු කරගෙන නොතිබූ නමුත් ගුවන් යානයේ කුරුල්ලන් ගැටීමක් හෝ අයහපත් කාලගුණය අනතුරට හේතුවන්නට ඇතැයි සැක කෙරෙනවා. එමෙන්ම මේ වන විට පරීක්ෂන වල අවධානය තවත් දෙසකට යොමුවී ඇති අතර ගුවනි ධාවන පථයක් අවසානයේ දැඩි බිත්තියක් ඉදිකර තිබීම කිසිසේත්ම සිදු නොකල යුත්තක් බවයි විචාරකයන් ප්‍රකාශ කරන්නේ. ගුවන් යානය ගැටී විනාශ වූ තාප්පය නෙතිබුනි නම් ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගැනීමට හැකිව තිබූ බව ඔවුන් විශ්වාස කරනවා.

දකුණු කොරියාවේදී එතරම් විශාල අනතුරක් සිදුව තිබියෙදී ඊට පැය කිහිපයකට පසුව කැනඩාවෙන් තවත් ගුවන් අනතුරක් වාරතා උනා. ඒ කැනඩාවේ ශාන්ත ජෝන්ස් සිට හැලිෆැක්ස් දක්වා මගීන් 179 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබූ කැනඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගොඩබෑමට උත්සාහ කිරීමේදී ගිනි ගැනීමත් සමගයි. ගුවන් යානයේ ජනේල වලින් පිටත ගිනි ගන්නවා දුටු ගුවන් මගීන් භීතියෙන් ඇලලී ගිය අතර කෙසේ හෝ ජීවිත හානියකින් තොරව ගුවන් යානය නතරකර ගැනීමට නියමුවන් සමත් වී තිබුනා. ගුවන් යානය ගොඩබෑමට යොදා ගන්නා රෝදයක් ක්‍රියා විරහිතව පැවතීම අනතුරට හේතුවන්නට ඇතැයි විශ්වාස කරනවා.

එදිනම එනම් දෙසැම්බර් 27 වන ඉරිදාම KLM නෙදර්ලන්ත රාජකීය ගුවන් සමාගමට අයත් බෝයිං 737-800 ගුවන් යානයක් නොර්වේ හීදී අනතුරට පත්වුනා. දකුණු කොරියාවේදී ගිනිගෙන විනාශ වූ වර්ගයේම ගුවන් යානයක් වූ නෙදර්ලන්ත ගුවන් යානය ගුවන් ගතවූ වහාම එහි හයිඩ්‍රොලික් පද්දතියේ ඇතිවූ දෝශයක් හේතුවෙන් හදිසි ගොඩබෑමකට උත්සාහ කර තිබුනා.

එම ගුවන් යානය අනතුරට පත්වන විට එහි මගීන් 182 කඅ ගමන් කරමින් සිට ඇති අතර ගුවන් ධාවන පතයෙන් ඉවතට විසිවූ KLM ගුවන් යානය කිසිදු මගියෙකුට අනතුරක් නොවී නතර කර ගැනීමට ගුවන් නියමුවන් සමත් වී තිබුනා. පසුව ජංගම පඩිපෙලක් භාවිතයෙන් සියළු මගීන් වහාම ඉවත් කිරීමට පියවර ගාන තිබූ අතර මෙම ලිපිය ලියන විටත් කුමන හේතුවක් නිසා අනතුර සිදුවූවේද යන්න තහවුරු කර ගෙන නොතිබිනි. එලැඹි 2025 වසර මෙවැනි ඛේදනීය පුවත් අසන්නට හෝ දකින්නට නොලැබෙන සුබ නව වසරක් වේවා යැයි “අපි” සියල්ලන්ගේම පැතුමයි.

තිලාන් ජයසේකර

2024 වසර අවසානය කදුලින් අවසන් කල ගුවන් අණතුරු.

සිරිසුභ නව අවුරුද්දේ…

ගිමන් හලන වැහැරුනු කය

වාරුවටම වාඩිවෙලා

ඈත ඉමක සිතිජ කොනේ

මැවෙන රූ රටා,

සිතපු පතපු සමහර තැන්

අතරමගින් නැවති බලා

අතීතයක රූප මැවෙයි 

මීදුමෙන් වෙළා…

දිනෙන් දිනම ජීවිතයක

ශේෂ වෙවී වියැකෙන පණ

තදින් බදා යදම් වෙලා

නවතනු බැරිදා, 

කිනම් අරුත් පහදන්නද

ලොබ බැද ගත් කාසි පනම

සතර වරම් ලැබුවද මතු

හිමිඅහිමි වෙනා…

එපා කිසිත් පොදි බදිනට

දිරන කයට දිරියක් නැත

කල පිං පව් මතු උපදින

දා ඵල ලබනා,

අවුරුද්දක නියම අරුත

කාලය රන් හා සමවෙන

රිදවපු සිත් සුවපත් කොට

සව්සිරි පුරනා…

සිරිසුභ නව අවුරුද්දේ

කිරි ඉතිරෙන අනාවකේ

නව මංපෙත් විවරණයක

සේයා පෙනෙනා,

හීන මවපු නව ලෝකේ 

එකම දැයක දරුවන් සේ

එකාවන්ව එකමුතුවී

සැම සවි වඩනා…

රීනා

ඇයි මෙහෙම

ලං වෙන්න බැරි තරම්

ටිකෙන් ටික

නුඹ දුරස් වෙනවා …

දුන්න ආදරේ නුඹ මට

හැම අතේ 

මං තාම සොයනවා …

වරදක් නොකර මම

නිතර නිතර

වැරදි නුඹ දකිනවා …

හැම දේම දරාගන  මම

අනේ ඉතින්

නුඹ තවම පතනවා …

ගෙවුණු හැටි පෙර දිනක

අපි අපට

සෙනෙහසින් ලං වෙලා …

වින්ද හැගුමන් තවත් ඇත

දරාගන තනියම

හිතේ කොනක හිරවෙලා …

හමුවුනත් මඟ 

හමුනොවුණු ගානට

යන්න අද සිදු වෙලා …

වරදක් කළා නම් නුඹට 

එකම වරද

හුස්ම තරමට පෙම් කලා …
ගගන ගුරුගේ

ජේසුස් වහන්සේ ඉපදුනේ ඇයි?

(ශුද්ධ මතෙව් 1:21)

ඈ පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය; මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය”යි කී ය. මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ඔබ සැමටම ආශිර්වාදමත් වර්ෂයක් වේවා කියා මා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමි.

ඔබ මොහොතක් කල්පනා කර බලන්න ඉහත බයිබල් පදයෙන් ඇයට පවසන්නේ කුමක්ද කියා. ජේසුස් ඉපදුනේ ඇයි කියලා ඔබට දැන් තේරෙනවා නේද? ජේසුස් වහන්සේගේ ඉපදීමේ ප්‍රධාන හේතුව නම් පව්කාර මනුෂ්‍යයින්ව ගැලවීම සඳහාය.

ඉතින් ඔබ නව වසරකට යන්න ප්‍රථමයෙන් ජේසුගේ උපතේ සැබෑ තේරුම තේරුම් අරගෙන යන්න එවිට ඔබ පාපයෙන් ඈත් වෙන වසරක් වේවි. ඒ විතරක් නෙමෙයි ජේසුස් වහන්සේ ඉපදුනේ දෙවියන් වහන්සේ අපට කොපමණ ප්‍රේම කරනවද කියා පෙන්වීමටයි.

(1 යොහාන් 4:9)

දෙවියන්වහන්සේගේ ප්‍රේමය අප අතරේ ප්‍රකාශ වූයේ මෙලෙසිනි: එනම් දෙවියන්වහන්සේ ස්වකීය එකම පුත්‍රයාණන් මෙලොවට එවීමෙනි. එසේ කළේ, උන්වහන්සේ මඟින් අප ජීවත් වන පිණිසය.

මෙම පදය ඔබ හොඳින් මෙනෙහි කරන්න දෙවියන් වහන්සේ ඔබට මට මොන තරම් ප්‍රේම කරනවද තම ඒකජාතක පුත්‍රයාව දෙන තරම් උන්වහන්සේ අපට ප්‍රේම කරනවා.

ඉතින් ඔබ මෙම ප්‍රේමය අවතක්සේරු නොකර මෙම ප්‍රේමය තුළින් ජීවිතයජයගන්න.

ඉතින් ඔබට දැන් තේරෙනවාද ජේසු ඉපදුනේ ඇයි කියලා. ඉතින් මාගේ සහෝදරයිනි මෙය හොඳින් තේරුම් ගෙන ලබන්නා වූ නව වසරට ආශිර්වාදමත් ලෙස ජීවත් වීමට තීරණයක් ගන්න.

ඔබ සැමට ජේසු පිහිටයි!!

ඉවැන්ජලිස්ත අමිල දිසානායකමාර්ගය සහෝදරත්වය සභාව – මහරගම

කෝපි ස්ක්‍රබ්

අද අපි ඔබවෙත ගෙනඑන්නෙ නිවසෙදි ඉතා පහසුවෙන් සාදා ගත හැකි සත්කාර. 

මුහුණ සහ ශරීරය සඳහා කෝපි ස්ක්‍රබ්

කෝපි ක වැනි වයනය ගෙදර හැදූ ස්ක්‍රබ්වල මගින් මිය ගිය සමේ සෛල මෘදු ලෙස ඉවත් කිරීමට ක්‍රියා කරන අතර එමඟින් රුධිර සංසරණය ප්‍රබෝධමත් කිරීමට සහ වැඩි දියුණු   වනු ඇත. 

මුහුණ සහ ශරීරය සඳහා කෝපි ස්ක්‍රබ්

අවශය 

නැවුම් කෝපි කෝප්ප 1/2

දුඹුරු සීනි කෝප්ප 1/2 ක්

උණු කළ පොල් තෙල් කෝප්ප 1/2 ක්

1 තේ හැන්දක වැනිලා සාරය

 කෝපි කෝප්ප 1/2 සහ දුඹුරු සීනි කෝප්ප 1/2 එකට මිශ්ර කරන්න.

කෝපි මිශ්‍රණයට පොල්තෙල් කෝප්ප 1/2ක් සහ වැනිලා සාරය තේ හැදි 1ක් එක් කරන්න.

හොඳින් මිශ්‍ර වන තුරු මිශ්‍ර කරන්න.

මිශ්‍රණය ඔබේ සිරුර මත මෘදු ලෙස අතුල්ලන්න ඇස් අවට ප්‍රදේශවලට ආෙලප කිරිෙමන් වළකින්න. මිනිත්තු කිහිපයක්  පසුව ෙස්දා හරින්න. 

පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න හිසකෙස් සඳහා ඇපල් සයිඩර් විනාකිරි භාවිතා කිරීම

පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න හිසකෙස් සඳහා ඇපල් සයිඩර් විනාකිරි භාවිතා කිරීම විශිෂ්ට  රූපලාවන්‍ය උපක්‍රමය කි. ඔබට අවශ්ය වන්නේ අමුද්රව්ය දෙකක් පමණි: ඇපල් සයිඩර් විනාකිරි සහ ජලය.මෙම සරල සංයෝජනය මගින් ඔබට සිනිදු කෙස් කලබක් ලබා ගත හැක. 

පළමුව, ඔබේ හිසකෙස් ෂැම්පු කර කන්ඩිෂන් කරන්න. ඉන්පසු ඇපල් සයිඩර් විනාකිරි ද්‍රාවණය ඔබේ කෙස් මත වත් කර මිනිත්තු කිහිපයක් පසු ඔබ ඔබේ හිසකෙස් සෝදාගන්න. 

දුලාන්ජලී අලහප්පෙරුම