Author: Digital My Business
25-11-25
25-11-24
25-11-23
25-11-22
මැතිවරණ පොරොන්දු කඩකරමින් බදු ගහන්න සූදානම් වන ආණ්ඩුව
මේ දවස් වල ශ්රී ලංකාවේ 2026 වසර සදහා වන අයවැය විවාදය පාර්ලිමේන්තුවේ ක්රියාත්මක වන නිසා “අයවැය” ගැන ලෝකේ පුරාම ඉන්න ශ්රී ලාංකිකයන්ගේ උන්නදුව වැඩි වෙලා තියනවා. ඒ අතරේ එළැඹෙන නොවැම්බර් 26 වනදා එනම් තව සති දෙකක විතර කාලයකින් එක්සත් රාජධානියේ ලබන වසර සදහා වන අයවැය හෙවත් “සරත් සෘතුවේ ප්‍රකාශය” බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අයවැය කියවීමට නියමිතව තිබෙන්නේ බ්රිතාන්යයේ මුදල් අමාත්යවරයා හෙවත් චාන්සලර්වරිය ලෙස හැදින්වෙන රේචල් රීව්ස්
මෙවර බ්‍රිතාන්‍ය අයවැය ගැන අනාවැකි පළකරන බොහෝ ආර්ථික විශේෂඥයන් හා මාධ්‍ය නම් කියන්නේ මෙවර අයවැයෙන් බදු වැඩිකිරීමට නියමිතයි කියලා. මේ ගැන චාන්සලර්වරියගෙන් අහන හැම තැනදිම ඇය එයට නිශ්චිත පිළිතුරක් ලබා දෙන්නේ නෑ. පහුගිය 10 වෙනිදා BBC ය සමග පැවති සාකච්ඡාවකදීත් බදු වැඩිකරන්නේද යන්න අහපු ප්රශ්නයට ඇය ලබා දුන්නේ අසීරු තීර්ණ ගන්නට තමන්ට සිදුවනු ඇති බවයි. තවමත් අයවැය යෝජනා අවසන් කර නැතැයි ප්රකාශ කරන රේචල් රීව්ස් කියා සිටියේ බදු වැඩිකිරීම සහ වියදම් කප්පාදු කිරීම යන දෙකෙන් රටට සුදුසු එක තෝරා ගැනීමට තමන් පසුබට නොවන බවයි.
කම්කරු රජයේ මේ බදුවැඩිකිරීමේ සූදානම වඩාත් ආණ්දෝලනාත්මක වෙන්නේ පසුගිය වසරේ එනම් 2024 වසරේදී ඔවුන් බලයට පත්වීමේදී ලබාදුන් මැතිවරණ ප්රකාශයේ පැහැදිලිවම “වැඩකරන ජනතාව මත බදු වැඩි නොකරන බවට” ලබා දුන් පොරොන්දුව. ලංකාවෙදි නම් මැතිවරණ පොරොන්දු අමු අමුවේම උල්ලංඝණය කිරීම අතිශය සාමාන්‍ය උනාට බ්‍රිතාන්‍ය වගේ රටකදි මැතිවරණ ප්රතිපත්ති ප්රකාශයේ ප්රධාන පොරොන්දුවක් මෙහෙම උල්ලංඝණය කිරීම ඉතාම බරපතල කාරණාවක් වෙනවා.
කම්කරු පක්ෂ මැතිවරණ ප්රකාශයේ සදහන් වන ආකාරයට සිය රජයක් යටතේ ආදායම් බදු, ජාතික රක්ෂණ අරමුදල හෝ VAT බදු කිසිසේත්ම වැඩි නොකරන බවට පොරොන්දු වෙලා තියනවා. ඒත් චාන්සලර්වරිය මේ සූදානම් වෙන්නේ බලයට ඇවිත් අවුරුද්දක් යනකොට ඒ මැතිවරණ පොරොන්දුව කඩ කරන්න. ඒ ගැන ඇහුවම රේචල් රීව්ස් කියන්නේ මැතිවරණ ප්රතිපත්ති ඒ ආකාරයටම රැකිය හැකි නමුත් එසේ උවහොත් විශාල වශයෙන් ප්රග්ධන වියදම් කපා හැරීමට සිදුවන බවයි. ඇය කියන්න උත්සාහ කරන්නේ බදු වැඩි නොකරොත් යටිතල පහසුකම් මත රජය දරණ වියදම් කපා හරින්න සිදුවන බව.
චාන්සලර්වරියට අනුව මෙවර බ්‍රිතාන්‍ය අයවැයෙහි බලාපොරොත්තු වන්නේ ජීවන වියදම, රාජ්‍ය ණය බර සහ NHS පොරාත්තු ලේඛණ අඩු කිරීමයි. මේ අරමුණු තුන ඉටු කරගැනීමට නම් රාජ්‍ය ආදායම ඉහළ නැංවීම අනිවාර්ය්ය වෙනවා. එහෙනම් බදු වැඩිවීම බොහෝදුරට සිදුවිය හැකිය. නිවරදි අවස්ථාවේ නිවරදි තීරණ ගැනීම හැම විටම පහසු නොවන බවයි රේචල් රීව්ස්ගේ අදහස වන්නේ. ඒ වගේම පසුගිය රජය මගින් යටිතල පහසුකම් සංවර්ධනය සදහා සිදුකල ආයෝජන අඩුකිරීමෙන් බ්‍රිතාන්‍ය ජනතාව මුහුණ දෙන දුශ්කරතා ගැනද චාන්සලර්වරිය සිහිපත් කරනවා. කෙසේ වෙතත් තව සති දෙකකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය මේ සියළු ප්රශ්න සදහා පිළිතුරු ලබාදෙනු ඇති.
තිලාන් ජයසේකර
25-11-21
Back Cover
යාන්තමින් හෝ නුඹේ කිරණින්
නැහැවෙන්නට මග බලන
එතෙක් මැලවුණු මගේ වත
නුඹේ උණුසුමෙන් පිබිදෙන්න
නොඉවසිලිමත් වුන
සූරියකාන්තියයි මම….
කොයිතරම් නුඹ දුරින් දිලුනද
නුඹ නැගෙන්නේ
මා වෙනුවෙන්ම නොවූවද
නුඹේ පහසින් මුසපත් වන්න
නුඹ දකිනු රිසියෙන්ම
නෙතු විදහන
සූරියකාන්තියයි මම….
නුඹ නැගුන වේලේ පටන්
නුඹ දෙසම නෙත් යොමාගෙන
සිතින් සැනසුම සොයන
නුඹ ගිලී යන මූසලම හෝරාවේ
සිතින් ඉකිලන
යළිත් නුඹ නැගෙන තුරු
විඩා නෙතු වසා සිටින
නුඹේම සූරියකාන්තියයි මම….
25-11-20
ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මොකක්ද?
ක්රිප්ටෝ කරන්සි යනු ඩිජිටල් (Digital) හෝ අන්තර්ජාලය තුළ පමණක් පවතින මුදල් වර්ගයකි. මෙය බැංකුවක් හෝ රජයක පාලනයකින් තොරව ක්රියාකරන, පරිශීලකයන් අතර සෘජු ගනුදෙනු සඳහා නිර්මාණය කර ඇති පද්ධතියකි.
උදාහරණ ලෙස:
- Bitcoin (BTC)
- Ethereum (ETH)
- Binance Coin (BNB)
- Solana (SOL)
- Ripple (XRP)
ඇතුළු තවත් දහස් ගණනක් ක්රිප්ටෝ මුදල් වර්ග පවතී.
ක්රිප්ටෝ කරන්සි ක්රියා කරන විදිහ
ක්රිප්ටෝ මුදල් පදනම් වී ඇත්තේ Blockchain කියන තාක්ෂණය මතය.
Blockchain එක යනු ගනුදෙනු සියල්ල සටහන් කරුණු සහිත, විවෘත හා ආරක්ෂිත ඩිජිටල් පොත්පොතක් වගේ එකක්.
මෙහිදී:
- ගනුදෙනු සත්යාපනය (verification) කෙරෙයි විශේෂ “miners” හෝ “validators” විසින්,
- ඒ සඳහා ඔවුන්ට reward (උපහාරයක් ලෙස නව ක්රිප්ටෝ කාසි) ලැබේ,
- ඒ හේතුවෙන් පද්ධතියක් මත විශ්වාසය තබාගත හැක.
ක්රිප්ටෝ මුදල් වල ප්රධාන වාසියන්
- අධික ආරක්ෂාව – Blockchain තාක්ෂණය හේතුවෙන් දත්ත ව්යාජ කිරීම අතිශය අසීරුය.
- ඉක්මන් ගනුදෙනු – විශේෂයෙන් ජාත්යන්තර මුදල් යැවීම සඳහා වේගවත් සහ සෘජුය.
- තනතුරු රහිත පාලනයක් – රජයක් හෝ බැංකුවක් මත පාලනයක් නැති නිසා, පරිශීලකයාටම සම්පූර්ණ අධිකාරිය ලැබේ.
- ආයෝජන අවස්ථා – බොහෝ අය ක්රිප්ටෝ මුදල් මිල වැඩිවීම හේතුවෙන් ලාභය ලබාගනී.
අවදානම් සහ අවශ්‍ය සැලකිලි
- මිල වෙනස්කම් වැඩියි – Bitcoin වගේ මුදල් වල මිල දිනකට බොහෝ වෙනස් විය හැක.
- වංචා සහ ඩිජිටල් අවදානම් – හොඳින් නොදන්නා ව්යාපාර හෝ “scams” වලින් අනතුරු පවතී.
- නීතිමය අස්ථාවරතාවය – සමහර රටවල ක්රිප්ටෝ තහනම් හෝ සීමා කර ඇත.
- මතක තබාගත යුතු කීස් – ඔබේ “wallet” කේතය නැතිවුණොත් මුදල් නැවත ලබාගත නොහැක.
ශ්රී ලංකාවේ ක්රිප්ටෝ තත්ත්වය
ශ්රී ලංකාවේ දී ක්රිප්ටෝ ගනුදෙනු නීතිවලින් තහනම් නොකළත්, මධ්යම බැංකුව විසින් එය අවධානයෙන් භාවිතා කළ යුතු බව අනතුරු අඟවයි.
ඒ නිසා, ආයෝජන කිරීමට පෙර විශ්වාසනීය “exchange” සේවාදායකයන් (උදා. Binance, Coinbase, Kraken) ගැන හොඳින් පරීක්ෂා කිරීම වැදගත්ය.
නිගමනය
ක්රිප්ටෝ කරන්සි යනු අනාගතයේ මුදල් පද්ධතියක් ලෙස සැලකිය හැකි නව තාක්ෂණික විප්ලවයකි.
එහෙත්, මෙය ආයෝජන මගක් ලෙස භාවිතා කරන විට දැනුම, පරීක්ෂාව සහ අවධානය අත්‍යවශ්‍ය වේ.
අහිමි හිමිකරු
25-11-19
හැදෙන උන් හා හැදුණ උන්
පැරණි පරපුර නොදුටු බෝ දේ
දැක බලාගෙන වැඩුණු අප හට
නිතර සවනට වැටුණු වදනකි
“දැන් හැදෙන උන්, කමකටම නෑ!”
නව විලාසෙන් ඇඳුම් ඇන්දම
රැප් හිපොප් සංගීතෙ ඇහුවම
නිතර නිතරම ඇහුණ බැනුමකි
“දැන් හැදෙන උන්, කමකටම නෑ!”
හැබැයි ඒවා කොහොම වූවත්
අපේ කාලේ වගෙ නෙවෙයි දැන්
ලෝකෙ හොඳටම වෙනස් වී ඇත
“දැන් හැදෙන උන්, කමකටම නෑ!”
– තාරක ජයතිලක
25-11-18
ඡායාරූපයක සැඟවුණු සන්සුන්ස ල ෝකය
දිලෙන්ස දිෙ කාර්යබහු වෙ ල ෝකලේ, මිනිසාට මාෙසික ආතතිය යනු නුහුරු ලෙයක් ලොලේ. රැකියාලේ
පීඩෙය, පවුලේ ගැටලු, සහ ජීවෙ අභිලයෝග හමුලේ සිත සන්සුන්ස කර ගැනීම අෙ ලබාලහෝ ලෙලෙකුට
අභිලයෝගයකි. ලේ සියලු පීඩෙයන්ස අතරින්ස ඔබට මිලෙන්සෙට, ඔලේ සිත නිවා ගන්සෙට, නිර්මාණශීලී
විලෙෝොාංශයක් තිබීම අතිශය වැෙගත් ලේ.ඒ සඳහා අපට ඇති අපූරුම විලෙෝොාංශයක් වන්සලන්ස ෙේ ඒ
ඡායාරූපකරණයයි. එය හුලෙක් පින්සූර ගැනීමකට එහා ගිය, ආත්ීය ුවයක් ලගෙ ලෙෙ චිකිත්සාවක්
කිවලහාත් නිවැරදිය.
සාංලේදී ෙෑසක් ලමන්සම සන්සුන්ස මෙසක්
ඡායාරූපකරණය විලෙෝොාංශයක් ල ස ලතෝරා ගැනීලමන්ස මාෙසික ආතතිය අඩු කර ගන්සලන්ස ලකලසේෙ?
ලමහි ඇති ප්රධාෙම රහස වන්සලන්ස, එය අපව වර්තමාෙ ලමාලහාතට ලගෙ ඒමයි. ෙවස පුරා අපලේ සිලතහි
අතීතලේ කෙගාටු සහ අොගතලේ බිය අතර ලෙෝ ෙය වෙ විට, කැමරා කාචයකින්ස ල ෝකය ලෙස බ ෙ
ලමාලහාතකින්ස පවා, සිත එහිම සන්සුන්ස ලේ.
ලහාඳ ගුණාත්මක ඡායාරූපයක් ගැනීමට ෙේ, ඔබ ආල ෝකය (Lights), වයෙය (Texture), වර්ණ, සහ
සාංයුතිය (Composition) ලකලරහි ෙැඩි අවධාෙයක් ලයාමු කළ යුතුය. එලමන්සම මෙස නිරවුේ කර ගනිමින්ස
අවධාෙය ඒ සඳහා බාදිය යුතුය.ලමය භාවොවකදී ලමන්ස මෙස සන්සුන්ස කරයි. ඔලේ සිලත් ඇති අෙවශය
සිතුවිලි සහ පීඩෙයන්ස ඉවත් වී, ඔබ ලේ ලමාලහාලත් ෙකිෙ ලේ ලකලරහි පමණක් අවධාෙය ලයාමු වීලමන්ස,
ආතතිය සේවභාවිකවම පහව යයි.කැමරාවක් ලහෝ smart දුරකථෙයක් රැලගෙ එළිමහෙට යෑම යනු,
පරිසරය සමඟ සේබන්සධ වීමයි.එෙේ බාහිර සමාජය සමඟ ගැටීමයි. සේවභාවධර්මලේ ඇති ුන්සෙරත්වය –
ගසක ලකාළයක්, ම ක ලපත්තක්, ලවරලළේ රළ ලපළක් ලහෝ හිරු බැස යෙ ෙුෙක් – ඔබ ලවෙත්
ලකෝණයකින්ස ෙකින්සෙට පටන්ස ගනී. ලමම ලසාබාෙහේ ුන්සෙරත්වය විඳීම, ඔබලේ මාෙසික ුවතාවයට
සෘජුවම බ පායි. එය හුලෙක් ඡායාරූපයක් පමණක් ලොව, ඔලේ ඇවිදීම, ෙැවුේ වාතය ැබීම සහ ශාරීරික
වයායාමය ෙ වැඩි දියුණු කරයි.
ඡායාරූපකරණය යනු, ඔලේ හැඟීේ සහ අෙහසේ ප්රකාශ කිරීලේ එක් මාර්ගයකි. ඔබ දුටු ුන්සෙරත්වය ලහෝ
ඔබට ෙැනුණු සාංලේෙෙයක් ඡායාරූපයක් තුළින්ස සටහන්ස කිරීම, සිතට විශා තෘප්තතියක් ලගෙ ලෙයි. ඔලේ
කැමරා කාචය තුළින්ස ඔබ නිර්මාණය කරෙ කතාව, ඔලේ ලපෞේගලික ලේෙොවන්සලගන්ස ලහෝ
පීඩෙයන්සලගන්ස ඔබව මුෙවා ගනී.එලමන්සම එය නිර්මාණශීලී ප්රකාශෙයකි. ලමය ආත්ම අභිමාෙය වැඩි
දියුණු කරෙ ඉතා වැෙගත් ක්රියාවලියකි.මතක තබා ගන්සෙ, ඡායාරූපකරණය ඔබට ආතතිය අඩු කර ගැනීමට
උපකාරී වන්සලන්ස, ඔබ එය තරඟයක් ල ස ලොෙකින්සලන්ස ෙේ පමණි. වැඩිම යික් ගණෙක් ලහෝ වැඩිම
අනුගාමිකයන්ස පිරිසක් බා ගැනීම ලවනුවට,ජීවිත තරඟලයන්ස මඳකට මිදී, තම සතුට ලසායා ගැනීමට ෙේ
ඔබ ගන්සො සෑම ඡායාරූපයකින්සම සතුටක් ැබීමට උත්සාහ කරන්සෙ.
කුඩා ලේකින්ස පවා එහි ලවෙසක් හඳුොලගෙ,තවලකකු ලොෙකිෙ යමක් ඔබ ෙකිෙවා ෙේ සැබවින්සම ඒ
ඔබයි.ඔබ ෙකිෙ ලේ ලොලේ තවලකකු ෙකිනුලේ,එලසේ ෙේ ඔලේ ලහාඳම මිතුලරකු ලමන්ස ජීවිතලේ
දුෂේකරතා මධයලේ, සිත නිවා ගන්සෙට ‘කැමරා කාචය‘ ඔබට ුවිලශේෂී ලමව මක් පමණක් වනු
ලොඅනුමාෙය. ඔබ වටා ඇති ුන්සෙරත්වය කාචයට හු කර ගන්සො අතරතුර, ඔලේ මෙසට ැලබෙ
සන්සුන්ස බව වචෙලයන්ස විසේතර කළ ලොහැකි තරේය.දිවිලේ ඒකාකාරීත්වයට අභිලයෝග කරෙ, සිත නිවෙ
ලේ වලේ විලෙෝොාංශයක් ඔබට තවමත් ෙැතිෙ?
එලසේෙේ, ඔලේ කැමරාව අතට ගන්සෙ. ඔලේ නිර්මාණශීලී ෙෑසින්ස ල ෝකය විඳින්සෙ. ආතතිය දුරු කර,
ජීවිතය ුන්සෙර කරගන්සෙ!
රවිශානි ලක්ශාලිකා
කැ ණිය විශේවවිෙයා ය
25-11-17
විවාහ දිනයට පෙර තමන්ගේ සම සුරක්ෂිතව තැබිය යුතු හේතු
ඕස්ට්රේලියාවේ: ලැමින්ටන්
මෘදු ස්පොන්ජ්, චොකලට් වලින් අනූන සහ හිම මෙන් ඉසුනු පොල් කුඩු ආලේපනයක් – ඕස්ට්‍රේලියානු ලැමින්ටන් මෙන් ක්ෂණිකව රස හඳුනාගත හැකි හෝ ආදරණීය රසයන්ගෙන් අනූන කේක් කිහිපයක් තිබේ. මෙම ජාතික වස්තුව ක්වීන්ස්ලන්තයේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ලෝඩ් ලැමින්ටන් නමින් නම් කර ඇති බව විශ්වාස කෙරේ. අරමුදල් රැස්කිරීමකදී, සාදයක දී හෝ තේ/කෝපි කෝප්පයක් සමඟ පිළිගැන්වුවද, ලැමින්ටන් යනු නිවසේදීම සාදා ගැනීමට පුදුම සහගත ලෙස පහසු, නොස්ටැල්ජික් ප්රියතමයකි.
අවශ්‍ය ද්‍රව්‍ය:
ස්පොන්ජ් එක සඳහා:
* ලුණු රහිත බටර් ග්රෑම් 125 (මෘදු කළ)
* කැස්ටර් සීනි ග්රෑම් 150
* වැනිලා තේ හැන්දක්
* ලොකු බිත්තර 2
* සෙල්ෆ් රේසිං පිටි ග්රෑම් 180
* කිරි මිලි ලීටර් 125
ආලේපනය සඳහා:
* අයිසිං සීනි ග්රෑම් 250
* කොකෝවා කුඩු ග්රෑම් 30
* උතුරන වතුර මිලි ලීටර් 100
* ලුණු රහිත බටර් ග්රෑම් 20
* වියළන ලද පොල් ග්රෑම් 200
උපදෙස්:
1. ඔබේ උඳුන 180°C (160°C fan) / 350°F / ගෑස් ග්රෑම් 4 ට පෙර රත් කරන්න. 20cm හතරැස් කේක් ටින් එකක් පාච්මන්ට් කොල යොදා සකස්කර තබාගන්න.
2. බටර්, සීනි සහ වැනිලා සුමට සහ ක්රීම්පැහැ වන තෙක් බීට් කරන්න. බිත්තර එකින් එක එක් කරමින් බීට් කරගන්න.
3. සිනිඳු බැටරයක් එන තුරු පිටි සහ කිරි සමඟ මාරුවෙන් මාරුවට මිශ්‍ර කරගන්න. දැන් කලින් සකසා ගත් ටින් එකට වත් කර මුදුන සමතලා කරන්න.
4. විනාඩි 25-30ක් හෝ රන්වන් පැහැයට හැරෙන තුරු සහ මැදට ඇතුළු කළ කූරක් පිරිසිදුව එළියට එන තුරු බේක් කරන්න. ටින් එකේ විනාඩි 5ක් සිසිල් කර, පසුව සම්පූර්ණයෙන්ම සිසිල් වන තෙක් කම්බි රාක්කයකට හරවාගන්න.
5. කේක් එක අවම වශයෙන් පැය 1ක් ශීතකරණයේ තබන්න හෝ යන්තමින් අධිශීතකරණයේ තබාගන්න – එමගින් එය කපා අලංකාර කිරීම පහසු කරයි.
6. හතරැස් කැබලි වලට කපන්න (කෑලි 16ක් පමණ).
7. අයිසිං සීනි සහ කොකෝවා බඳුනකට පෙරා චොකලට් ආලේපනය සාදන්න. උතුරන වතුර සහ බටර් එකතු කර සිනිඳු වන තෙක් කලවම් කරන්න.
8. සෑම ස්පොන්ජ් චතුරස්රයක්ම චොකලට් ආලේපනයේ ගිල්වන්න (පහසුවෙන් ගෑරුප්පු දෙකක් භාවිතා කරන්න), ඉන්පසු පොල් වල රෝල් කරන්න. සැකසීමට කම්බි රාක්කයක් මත තබන්න.
ලැමින්ටන් සාර්ථකත්වය සඳහා උපදෙස්:
* චොකලට් වල ගිල්වීමට පෙර ස්පොන්ජ් එක සිසිල් කරන්න – එය චොකලට් වල කඩා වැටීම වළක්වයි.
* චොකොලට් ආලේප කරන විට කේක් තෙත් ගතිය වැඩිවීම වළක්වා ගැනීම සඳහා ඉක්මනින් ආලේප කරන්න.
* නැවුම්කරනයක් සඳහා, සාම්ප්රදායික ලැමින්ටන් පෙත්තක් සෑදීමට ආලේප කිරීමට පෙර ජෑම් සහ විප්ඩ් ක්රීම් පුරවන්න.
* ලැමින්ටන් දින 5ක් දක්වා වාතය රහිත භාජනයක හොඳින් තබා ගත හැක– සමහරු පවසන්නේ ඒවා ඊළඟ දවසේ ඊටත් වඩා රසවත් බවයි!
චාරුණී පෙරේරා



