25-11-04

එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් සඳහා Inheritance Tax (IHT) පෙර සැලසුම් කිරීමේ වැදගත්කම - දෙවන සාකච්චාව

එංගලන්තයේ පදිංචි ශ්රී ලාංකිකයන් සඳහා Inheritance Tax (IHT) පෙර සැලසුම් කිරීමේ වැදගත්කම – දෙවන සාකච්චාව

එංගලන්තයේ  හි පදිංචි ශ්රී ලාංකිකයන් බොහෝ විට සිතන්නේ, Inheritance Tax (IHT) ඔවුන්ට බලපාන්නේ නැහැ කියලාශ්රී ලංකාවේ IHT නොතිබීම හේතුවෙන් මෙම අදහස ඇති වුවත්, UK හිදී IHT ඔබේ UK-based assets පමණක් නොවසමහර අවස්ථා වල worldwide assets සඳහාත් බලපා හැක.

පසුගිය ලිපියෙන්, අපි IHT යනු කුමක්ද, එය කොහොම ක්රියා කරන්නේද, estate value එක ගණනය කරන ආකාරය, gifts, trusts, reliefs සහ IHT ගෙවීමේ ක්රම පිළිබඳ පැහැදිලි කළෙමු. මේ ලිපියෙන්, UK හි පදිංචි ශ්රී ලාංකිකයන්ට IHT සඳහා ඉදිරියට සැලසුම් කිරීමේ වැදගත්කම සහ early planning අවශ්යතාවය විස්තර කරනු ඇත.

 

  1. Domicile Rules – UK-හිපදිංචිශ්රී ලාංකිකයන්

2017–2025 නීති අනුව, ඔබ UK හි tax years 20 අතර 15 වසරක් පදිංචිවී ඇත්නම්, ඔබ UK domiciled (deemed domicile) ලෙස සැලකේ. එවිට worldwide assets: Sri Lanka property සහ සියලු overseas holdings, estate valuation එකට ඇතුළත් වේ.

Domiciled නොවන අය සඳහා, UK-based assets විතරක් IHT යටතේ ගෙවිය යුතුය. නිසා UK හි දිගු කාලීන ජීවත් වන ශ්රී ලාංකිකයන් තම domicile status හොඳින් තේරුම් ගෙන, professional advice ලබා ගත යුතුය.

 

  1. IHT සැලසුම්කිරීමේවැදගත්කම 

Seven-Year Rule

Gifts (තෑගි), estate එකෙන් පිටවන්නේ මරණයට පෙර අවසන් 7 වසරක පසු පමණි. පසු වයසේදී assets පවරනවා නම්, 7-year rule යටතේ IHT යටත් වීමේ අවදානම ඇත.

Wills සහ Trusts

නිසි will එකක් නොමැතිනම්, UK හි intestacy rules ක්රියාත්මක වේ. එය ශ්රී ලාංකික පවුල් වල සාම්ප්රදායික උරුම බෙදාහැරීමේ ආකල්ප සපුරාලිය නොහැකි විය හැක. උදාහරණයක් ලෙස, පවුලේ නිවස හෝ වෙනත් දේපල අනාගත පරපුරට සාමකාමීව පවරා ගැනීම අවශ් වුවත්, intestacy rules යටතේ එය සැලසුම් මගින් නොව, නීතිමය ආකාරයෙන් බෙදා හැරේ.

Record Keeping

HMRC පසුකාලීනව 20 වසරක gifts ලේඛන විමසිය හැක. ආරම්භයේ සිටම සරල, පැහැදිලි record-keeping කිරීම, disputes අවදානම අඩු කරයි.

Life Insurance

Whole-of-life insurance trust තුළ ලියා තිබේ නම්, IHT ගෙවීමට assets විකුණා නොමැතිව tax cover කළ හැක. මෙය family financial security සහ estate preservation සඳහා ඉතා වැදගත් වේ.

Reliefs (BPR / APR)

Business Property Relief (BPR) සහ Agricultural Relief (APR) වල උපරිම වාසිය ලබා ගැනීමට, qualifying assets නිසි ආකාරයෙන් structure කර, මරණයට පෙර අවම වසර 2ක් තබා ගැනීම අවශ් වේ. Proper planning මඟින් reliefs වල උපරිම වාසිය ලබා ගත හැක.

 

  1. පවුල්සහ සාම්ප්රදායික අදහස්

ශ්රී ලාංකිකයන් බොහෝවිට පවුලේ දේපල, අනාගත පරපුරට රැක ගැනීමට කැමතියි. නමුත් නිසි සැලසුම් නොමැති නම්:

  • දරුවන්ට පවුලේ නිවස විකුණා IHT ගෙවීමට සිදු වෙයි .
  • Surviving spouse  ආර්ථික අභියෝගයකට ලක් විය හැක.
  • උරුමකරුවන් අතර ගැටුම් සහ විවාද ඇති විය හැක, පවුලේ සාමය කඩාවැටේ.

නමුත් නිසි සැලසුම් කර තිබේ නම්:

  • දේපල අනාගත පරපුරට ගැටලුකාරකමකින් තොරව බෙදා හැරිය හැක.
  • Inheritance Tax වගකීම අඩු කරගත හැක.
  • පවුලේ සම්පත් සහ ධනය දරුවන් සහ පැරපුරේ දරුවන් (grandchildren) සඳහා සුරක්ෂිතව රැකිය හැක, පවුලේ උරුමය (family legacy) ආරක්ෂා කරයි.

 

  1. Common Myths
  • “£325,000 අඩු estate නම් IHT බදු නොයෙදේ → නිවසේ වටිනාකම වැඩිවීම සහ pensions එකතු වීමෙන්, estate එක tax-free threshold ඉක්මවිය හැක.
  • ශ්රී ලංකාවේ ඇති දේපළ IHT යටතේ සැලකෙන්නේ නැහැ → ඔබ deemed domicile නම්, Sri Lanka සහ overseas ඇති සියලු assets estate valuation එකට ඇතුළත් වේ.
  •   “Gifts දුන්නොත් බදු වලින් නිදහස් විය හැක” → PETs 7-year rule යටතේ, gift එක මරණයට පෙර අවසන් 7 වසර ඇතුළත සිදු වූ නම් IHT යටතේ ගණනය කෙරේ; reservation of benefit gifts estate එකට add කර ගණනය වේ.
  • “IHT only affects rich” → UK හි property price inflation නිසාමධ්යම පන්තියේ families හි estates  IHT threshold ඉක්මවීමට පුළුවන්උදාහරණයක් ලෙස, £525,000 estateක් තියෙන family එකකට £80,000 IHT liability ඇති විය හැක.
  • “Trusts සියල්ල විසඳයි → Trusts වල 10-yearly periodic charges සහ වෙනත් නීතිමය රීති ඇතනිසි professional උපදෙස් අත්යවශ්යය.

 

  1. Practical Planning Tips
  • Will සකස් කරන්න – පවුල් අතර ගැටලු වැලැක්වීමට සහ probate ක්රියාවලිය සරල කිරීමට.
  •  Gift allowances use කරන්න – £3k annual, £250 small gifts, wedding gifts properly plan කරන්න
  •  PETs early plan කරන්න – 7-year rule යටතේ gifts structured කරන්න  
  •   Estate records update කරන්න – property valuations, bank statements, jewellery appraisals, share certificates, gift records maintain කරන්න.
  •  Charity donations consider කරන්න – net estate 10%+ charities donate කලොත් IHT rate 36% දක්වා reduce වේ.  
  •  BPR / APR සුදුසුකම් පරීක්ෂා කරන්න – පවුල් ව්යාපාර හෝ ගොවිපල හිමියන් නිසි සැලසුම් සකස් කරන්න.
  • Life insurance trust තුළ සලකා බලන්න – payout estate එකට count නොවී බදු ආරක්ෂාව ලබා ගත හැක.
  •  Professional උපදෙස් ලබා ගන්න – solicitors, financial advisers, විශේෂයෙන් සංකීර්ණ estate සඳහා.
  •    නවතම නීති පිළිබඳ යාවත්කාලීන වන්න – 2027 සිට pensions ගණනය, 2025+ දී long-term residency / domicile rules වෙනස්කම්.

 

  1. Planning Timeline
  • 40 වන වියේදී: Gifts (තෑගි) සහ long-term planning පිළිබඳව සලකා බලන්න.
  • 50 වන වියේදී: Wills සහ trusts review කර, අවශ් සංශෝධන කරන්න.
  • 60 වන සහ ඊට පසුව: Life insurance සැලසුම් කරන්න, spouse ආරක්ෂා කර, grandchildren සඳහා අනාගත සැලසුම් සකස් කරන්න.

 

Inheritance Tax (IHT) සැලසුම් කිරීම යනු, පවුලේ ආර්ථික ආරක්ෂාව සහ දේපල අනාගත පරපුරට නිසි ලෙස පැවරීම සඳහා අත්යවශ් ක්රියාවලියකි.

නිසි සැලසුම් සහ professional උපදෙස් ලබාගැනීමෙන්, ඔබේ දේපල අනාගත පරපුරට ගැටලුකාරකමකින් තොරව බෙදාහැරිය හැකි අතර, IHT වගකීම් අඩු කර, පවුලේ උරුමය (family legacy) ආරක්ෂා කළ හැක. Estate planning මඟින් පවුලේ සාමය රැක ගත හැකි අතර, financial uncertainty අවම කර, ආර්ථික ආරක්ෂාව සහ continuity එකක් පවත්වා ගත හැක. එමනිසා, UK හි පදිංචි ශ්රී ලාංකිකයන් IHT සම්බන්ධ සැලසුම් දැන්ම ආරම්භ කළ යුතුය

25-11-03

වෙනස්වීමේ විද්‍යාව (science of change)

බුද්ධ දේශනාව අනුව වෙනස්වීමේ විද්යාවඅනිච්චනම් වේ. ථේරවාද බෞද්ධ ධර්මයේඅනිච්චයනු අස්ථාවරතාවය, “අනිත්යතාවයලෙස හැඳින්වෙනත්රිලක්ෂණතුනෙන් එකකි (අනිච්ච, දුක්ඛ, අනත්ත). අනිච්ච යන නම් ලෝකයේ සියලු දෙයින්ම නිරන්තරයෙන් වෙනස්වීම සිදුවන බවය. ඔබගේ හැඟීම්, හිතවත්කම්, ශරීරය හෝ කිසිවක් සදාකාලිකව එකම ආකාරයෙන් පවතින්නේ නැත. එබැවින් ඒවා ස්ථාවරය ලෙස බැඳී සිටීම නිසා අසතුට හා දුක පමණක් උපදවයි.

බුදුරජාණන් වහන්සේ මෙම සත්යය උපදේශනය කර ඇත්තේ සියලු ඇතිවන සියළු දේ කාලයක් පවතින අතර පසුව නවතින බව පෙන්වීමටය. එම පැවතීම යනු අඛණ්ඩ වෙනස්වීමයි (existence is constant change). බුද්ධ දේශනාව අනුව, මෙය දාර්ශනික අදහසක් පමණක් නොව, ඔබටම මෙහිදී ඔබගේම ශරීරය හා සිත තුළ නිරීක්ෂණය කළ හැකි සජීව අත්දැකීමකි.

දෛනික උදාහරණ:
ඔබේ ප්රියතම පාවහන් හෝ ඇඳුම සදා පරණ නොවී තබා ගැනීමට උත්සාහ කළද එය වෙනස් වීමයි සිදු වන්නේ. යම් දෙයක වෙනස්වීම ආරම්භ වන්නේ එය හටගත් මොහොතේදීමය.
ඔබ නව ජංගම දුරකථනයක් ලබාගැනීමේ සතුට ටික දිනකින් මැකී යයි.
සියළුම මනෝභාව අද “cool” යැයි හැඟුනද හෙට “cringe” බවට පත්වේ.
මෙයයි අනිච්චකිසිවක් එකම තත්ත්වයෙන් පවතින්නේ නැත යන සත්යයයි.

විද්යාත්මක සමානතා තුළින්ද මේ ගැන බලමු.
1. භෞතික විද්යාව (physics)– ඔබ වාඩීවී අසුනස්ථිරදෙයක් නොවේ. එහි අණු නිරන්තරයෙන් සංචලනය වේ. එබැවින් එමස්ථාවරයැයි සිතෙන වස්තුව පවත්නා තුරුම චලනයක පවතී. එම චලනය අනිච්ච ස්වභාවයයි. ස්ථාවර බව යනු මනෝකල්පිතයක් බවට සාක්ෂියකි.
2. ජෛව විද්යාව (biology) –
ඔබේ සම සති කිහිපයකට එක වරක් සම්පූර්ණයෙන්ම අලුත් වේ. දිනපතා මිලියන ගණනක් ශෛල මිය යයි. අලුත් ශෛල උත්පන්න වේ. ගතවූ වසරක සිටිඔබඅද සිටිනඔබනොවේ.
3. තාරකා විද්යාව (astronomy)–
තාරකා සදාකාලික ලෙස පෙනුනත්, ඒවා උපදියි, දැල්වෙයි, අවසානයේ විනාශ වෙයි. එබැවින් මුළු විශ්වයම අනිච්ච ගැන දේශනාවක් ලෙස පවතී.
4. තාක්ෂණය (technology)–
ඔබේ දුරකථනය ගැන සිතන්න: යෙදුම් නිතර යාවත්කාලීන වේ. බැටරි කෙටි කාලයකින් අඩුවෙයි. ඊයේනවතමතාක්ෂණය අදපැරණිතාක්ෂණයකි. තාක්ෂණයම අනිත්යතාවය ඉතා වේගයෙන් පෙන්වයි.

මෙයයි බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ අනිච්චසියල්ල වෙනස්වීමේ සත්යයයි.

අනිච්ච ස්වභාවයට මුහුණ දෙන්නේ කෙසේද? අවබෝධය තුළින් විඳීම තුළිනි. ලොව බොහෝ අය විඳීම වෙනුවට විඳවන්නේ අනිච්ච හෙවත් වෙනස්වීමේ විද්යාව නොදන්නා නිසාය.

ඉලක්ක හඹා ගොස් සාර්ථක කරගෙන විඳින්න. එහෙත් සියල්ල වෙනස් වෙන බව සිතේ තබාගන්න. එවිට ඔබට කඳුළු වෙනුවට සිනාව ඇතිවේ.


– ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි, සාකල්‍ය මනෝචිකිත්සා උපදේශක

25-11-02

යේසුස් වහන්සේගේ අසීමිත බලය

ප්රිය සහෝදරයෙනි, අද අපි කතා කරන්නේ අපගේ මැවුම්කරුවාණන්

වූ යේසුස් ක්රිස්තුස්ගේ අසීමිත බලය ගැනයි. ඔහුගේ බලය කිසිවෙකුට

සීමා කළ නොහැක. ඔහුගේ බලය කාලයටත්, ස්ථානයකටත්, මනුෂ්

සීමාවන්ටත් අයත් නොවේ.

අපිට බයිබලය තුළින් බලය පැහැදිලිවම දැකිය හැකිය.

1.යේසුස් වහන්සේට තිබූ බලය

(මතෙව් 8:26–27)

ඔහු ඔවුන්ට කියා සිටියේය, ‘ඔබලා හෙතෙම භීතිකාවෙන් පිරී සිටින විට, ඔබලාගේ

විශ්වාසය කොහොමද? ‘ඊට පස්සේ යේසුස් වහන්සේ නැගී, සුළඟටත් මුහුදටත් ගැඹුරු

විඳිමින් තරවටු කළා. එවිට විශාල නිවේශනයක් උදාවිය.”

මෙහිදී අපි දකින්නෙ යේසුස් වහන්සේගේ බලය සෞඛ්යයට පමණක්

නොව, ස්වභාවයම නියම කිරීමේ බලයක්ද ඇති බවයි.

(මාර්ක් 5:41–42)

ඔහු ළමයාව අල්ලාගෙන, ‘තලිථා කුම්කියා කීවා. එහි අර්ථයදැරිය, නැගී සිටින්න

යන්නයි. මොහොතේම ළමයා නැගී හිඳින්නට විය.”

මේ පදයෙන් අපි දකින්නෙ යේසුස් වහන්සේගේ බලය මරණය පවා

ජයගන්නා අසීමිත බලයක් බවයි.

(යොහන් 11:43–44)

ඔහු මේ දේ කියා අවසානයේ උච්චස්වරයෙන් කීවේය, ‘ලාසරුස්, පිටට ඒව විට මැරී

සිටි තැනැත්තා පිටතට ආවේය

මෙයින් පෙන්වන්නේ යේසුස් වහන්සේගේ බලය, ජීවනය හා මරණයට

අධිපතිකම් කරන බවය.

යේසුස් වහන්සේගේ අසීමිත බලය අදත් ක්රියාත්මකයි. යේසුස් වහන්සේ අදත්

බලයෙන්ම වැඩ කරමින් සිටී. ඔහුගේ නම කියා විශ්වාස කරන විට

අපටත් බලය තුළ ජීවත්විය හැකිය.

(මතෙව් 28:18)

ස්වර්ගයේද පොලවේද සියලු බලය මට ලබා දී ඇත.”

මේ වචනයෙන් අපි දැන ගන්නේ යේසුස් වහන්සේගේ බලය සෑම තැනකම

පවතින අසීමිත බලයක් බවයි. බලය ඔහු විශ්වාස කරන සෑම

කෙනෙකුටම දෙන බවත් බයිබලය පෙන්වයි.

2.අපට අද ලැබෙන බලය

යේසුස් වහන්සේගේ නාමයෙන්, අපටත් බලය ඇත.

(ලූක් 10:19)

මම ඔබලාට සර්පයන් හා ගෝනුස්සන් මත ඇවිදීමටත්, සතුරාගේ සියලු බලය මත

ජය ගැනීමටත් බලය දුන්නෙමි.”

මෙයින් කියන්නේ, අපටත් යේසුස් වහන්සේ තුළින් විජය බලය ඇති

බවයි. සතුරා අපට බියක් නොවිය යුතුය. බලය තුළින් අපි රෝගීන්ට

සුව දිය හැක, බිය ජයගත හැක, පව් වලින් නිදහස ලැබිය හැක.

3.අවසන් පණිවිඩය

අද යේසුස් වහන්සේ ඔබේ ජීවිතයට කියන්නේ,

මාව විශ්වාස කරනු මැනව, මට හැමදේම කළ හැකිවෙමි.”

ඔහුගේ අසීමිත බලය අදත් ක්රියාත්මකයි. ඔහුගේ අසීමිත බලයෙන් ඔබේ

නිවසෙත්, ඔබේ රැකියාවෙත් ප්රශ්න සියල්ලම වෙනස් කළ හැකිවේ. ඔබේ

හදවතත් වෙනස් කළ හැක.

ඔහුට ඔබගේ ජීවිතය භාරදෙන්න එවිට ඔබටත් අසීමිත බලය

අත්දැකිය හැක.

ජේසු පිහිටයි!!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව මහරගම

25-11-01

නෙළු මල් වසන්තේ තොටුපොළ කන්දට

නෙළු මල් වසන්තේ තොටුපොළ කන්දට
නිසංසලාගේ චාරිකා

වසර දොලහකට පසු පිපෙන මල් වර්ගයක් ගැන දැනගන්න ලැබුණාම මටත්ලොකුම ලොකු ආසාවක් ආවා මල් බලන්න යන්නඇත්තටම මම ආසම කැලෑ මල් වලට….. මල්වල සුන්දරත්වය අපි හැමදාම දකින මල් වලට වඩා ගොඩක් වෙනස්…..

ඉතිං මෙවර මම අරන් ආවෙි මම නෙළු මල් බලන්න ගිය අපූරු චාරිකාව ගැන පුංචි විස්තරයක්…. කොහොමත් මම ආසම දෙයක් තමයි නෙළු ගස් අතරින් ඇවිද යන්න…. මං එහෙම නෙළු ගස් අතරින් ඇවිද  ගිහින් තියනවා චැරියටිපාත්වලඑදා මං නෙළු මල් දැක්කා එක වර්ගයක්තැනින් තැන පිපි තිබු මල් වල ඡායාරූප ගත්තා දැනට අවුරුදු තුනකට පෙර

දැනගත්ත විදිහට මෙවර මෙි නෙළු මල් පිපි ඇත්තේ වසර දොලහකට පසුවයි…. ඉතින් කලින් 2013 හොර්ටන් තැන්නේ නෙළු පිපිලාඑත් කාලේ මට දැනගන්න ලැබුණේ නෑ…. නමුත් මෙවර ලොකු ප්රචාරයක් සිදු උනා සමාජ මාධ්යයේ

ලංකාවේ පිහිටා ඇති කඳු අතරින් උසින් තුන්වන ස්ථානය හිමි වන තොටුපොළ කන්ද මංපෙතේ මෙි නෙළු මල් පිපි ඇති සුන්දරත්වයත් විදින්න මමත් තොටුපොළ කන්ද තරණය කලා…. එහි උස මුහුදු මටිටමෙි සිට මීටර් 2357ක්…. පිහිටා තියෙන්නේ හෝර්ටන් තැන්න ප්රදේශයේ

නෙළු ගැන විස්තර මම ගොඩක් හොයන්න උත්සාහ කලා…. ඉතින් අතරතුර මට මේ නෙළුම් මල් ගැන පුංචි විස්තරයක් දැනගන්න ලැබුණා. වසර දොළහකට පස්සේ නෙළු වසන්තය ඇවිල්ලා.. නෙළු ප්රභේද පහක් දැක ගන්න පුළුවන් කියලා දැනගන්න හැකි වුණා…..

හෝර්ටන් තැන්නේ තොටුපොල කන්ද මංපෙතේ මේ නෙළුමල් වර්ග පහම දැක ගන්න පුළුවන්ඉතිං නෙළු කියලා හඳුන්වන්නේ strobilanthes කියන ශාක විශේෂ වලට….. ලංකාවේ මේ ශාක විශේෂ තිස්පහක් පමණ වාර්තා වෙලා තියෙනවා කියලා දැනගන්න හැකි වුණා…..

ඉතිංමේ නෙළු ශාක හොර්ටන්තැන්නට විතරක් ආවේනික ශාක නෙවේයි….. හොර්ටන් තැන්නේ පිපෙන නෙළු ශාක මධ්යම කඳුකරේ පිදුරුතලාගල, නකල්ස් කදුවල පවා දකින්න ලැබෙනවලු…. ඒක ඇත්ත….. මොකද මමත් කාලෙකට කලින් චැරියට්පාත් ගිය මොහොතේ එහෙදි මේ නෙළුම් මල් තැනින් තැන පිපිලා තියෙනවා දැක්කා…..

අවුරුදු දොළහකට පස්සේ ශාක වල මල් පිපිලා තියෙනවා…. මෙි මල් පර වෙලා ගෙඩි හැදිලා ඉවර වුණාට පස්සේ මෙි ගස් මැරිලා යනවා.. හැදෙන ගෙඩිවල බීජ පොළොවට යට වෙලා තිබිලා නැවතත් ටිකෙන් ටික මේ ශාක වර්ධනය වෙනවා….  ඉතින් කාලය වසර දොළහක් වෙන්න ඇති…. වසර දොළහකට පසු නැවතත් අපිට මේ සුන්දර මල් දැක ගන්න පුළුවන් වෙයි

මවු මරා උපන් නෙළු කුමරියොඑසේ මෙි නෙළු වසන්තයට නමි පවා පටබැඳි තිබු අයුරු මම දුටුවා සමාජ මාධ්යයේ

මට නමි වාසනාව ලැබුණා නෙළුමල් බලන්න යන්නඇත්තටම රෝස පාට, දම් පාට වගේම කහ පාට, කොළ පාට සහා  සුදු පාට මල්වලින් තොටුපොළ මංපෙත වටපිටාවම වර්ණවත් වෙලා තිබුණා…… හිතා ගන්න බැරි තරම් සුන්දරත්වයක් තිබුණා…. ඉතින් මම පුදුම ආසාවකින් තොටුපොල කන්ද තරණය කලේ මේ මල් බලන්න වගේම තමයි මී මැස්සන්ට රජ දහනක්මගේ ජීවිතේට දුටුවාමයි මෙි තරමි මී මැසි ප්රමාණයක්…..

කොහොමත් මගේ ලොකු ආසාවක් තිබුණා තොටුපොළ කන්ද නගින්න…… එක හීනයක් උනා මගේ ජීවිතේ…. තොටුපොල කන්ද කියන්නේ ලංකාවෙ තුන්වෙනියට උසම කන්ද….

වගේම තොටුපොළ කන්ද වටා ජනප්රවාදයකුත් පවතිනවා…. තමයි රාවණ රජතුමා සම්බන්ධ ජනප්රවාදය…. රාවණ රජතුමා ඉන්දියාවෙන් සීතා දේවිය පැහැරගෙන ලංකාවට ඇවිල්ලා මුලින්ම දඬුමොනරය නවත්තපු තැන මේ තොටුපොළ කන්ද කියලා ජනප්රවාදයේ කියවෙනවා….. නිසාම මේ කන්දටරාවණ මං පෙතකියලත් ගම්මු හඳුන්වනවා…..

කොහොමත් එතන බෝඩ් එකක් ගහලා තියෙනවා බෝඩ් එකෙත් රාවණ කියන නම තියෙනවාගම්මු විශ්වාස කරනවලු තොටුපළ කන්දේ කොහේ හරි තාමත් දඬුමොනරය සඟවලා ඇති කියලා……

කොහොම හරි මගේ හීනයක් උන තොටුපොළ කන්දත් තරණය කරලා….. වසර දොලහකට පසු පිපුණු නෙළු මල් වසන්තයත් හිත පිරෙන්නම දෑසින් විදලා මම ගෙදර ආවෙි හිත එහේ තියලා…. මොකද මට ආයෙමත් යන්න ඔින එහේ…. සීතල මීදුම මට රිසිසේ විදින්නයි අවශ්….

යමි විදිහකින් මට සුන්දරත්වය දකින්න නොහැකි උනා නමි මගේ ජිවිතේ පුරාවටම මම පසුතැවෙන්න ඉඩ තිබුණානමුත් මට වාසනාව ලැබුණා සුන්දරත්වයත් දෑසින් දැකගන්න….. ඉතින් හැමදාමත් වගේ මම ස්තුතියි කියන්නේ මෙි විශ්වයට……..

නිසංසලා රණසිංහ