25-Oct-21

Back Cover

කඳුළ දැන් කුමට නුඹ
තවත් නෙතු අතර හිඳ
හෙමින් සැඟවියන් යළි
නොපෙනෙනා මානයක

ගගනතේ දිලෙන සඳ
දුර ඈත වුවද මට
කාලෙකින් නැඟි පුරා සඳෙ
එළිය ඇති සැනසෙන්න

දෙතොලටද අමතකව
සැඟව ගිය සිනාවක
යළිත් මල් සුපිපුනේ
දන්නවද නුඹ නිසාමය

සුරේඛා..

25-Oct-20

AI තාක්ෂණය අප නරක ලෙස භාවිතා කළහොත්

අද ලෝකයේ වේගවත් වර්ධනය වෙමින් පවතින තාක්ෂණයක් වන්නේ කෘත්රිම බුද්ධිමත් (AI) . AI නිසා අපගේ ජීවිතය පහසුකම් සහිත වන අතර වෛද්, ගුරුත්ව, ගණිත, වාණිජ හා විනෝද ක්ෂේත්රවල විශාල දායකත්වයක් ලබා දී ඇත. එහෙත්, මේ තාක්ෂණය නිවැරදිව නොව භාවිතා කළහොත්, ඒවායෙන් ගොඩක් අනතුරු සහ අභියෝග මතුවිය හැක.

 

  1. තොරතුරු ව්යාජ කිරීම

 

AI මගින් සෑදිය හැකි deepfake වීඩියෝ සහ රූප නිසා මිනිසුන්ට සැබෑ හා ව්යාජය අතර වෙනස හඳුනාගැනීම අපහසු වේ. මෙය පසුබිම් තොරතුරු වංචා, දේශපාලන අර්බුද සහ පුද්ගලික නාස්තියකට හේතු විය හැක.

 

  1. රැකියා අහිමිවීයාම

 

AI පදනම්ව ක්රියා කරන යන්ත් සහ මෘදුකාංග මනුෂ්යයන්ගේ රැකියා බොහොමයක් ආදේශ කළ හැක. එමඟින් අනාගතයේ අර්ථික අසමතුලිතතා වැඩි වීමේ අවදානමක් ඇත.

 

  1. යුධ හා ආරක්ෂාව

 

AI තාක්ෂණය අවි හෝ මාරාන්තික යන්ත් සෑදීමට භාවිතා කළහොත්, ඒවා මිනිස් ජීවිතයට විශාල අනතුරක් වේ. යුධ භූමියේ මිනිසුන් වෙනුවට AI යන්ත් භාවිතා වීම මිනිසත් බව අහිමි කරන අවදානමක් ගෙන එයි.

 

  1. පුද්ගලික දත්ත කඩාවැටීම්

 

අපගේ දත්ත, ඊමේල්, ඡායාරූප සහ පුද්ගලික තොරතුරු AI මගින් අයත් නොවන අය භාවිතා කළහොත්, ගෝලීය හා ආරක්ෂාව බරපතල ලෙස විනාශ වේ.

 

  1. මනුෂ් ගුණාංග අහිමිවීම

 

AI මත අවධාරණය වැඩි වීම නිසා මනුෂ්යයන්ගේ සිතුවිලි, හැඟීම් සහ මනුෂ්යත්වය පවා අඩු විය හැක.

 

AI තාක්ෂණය යනු අපගේ අනාගතය වෙනස් කරන බලවත් මෙවලමකි. නමුත් එය නරක ලෙස භාවිතා කළහොත්, මිනිස් ජීවිතය, ආරක්ෂාව, ආර්ථිකය සහ මනුෂ් සංස්කෘතියට මාරාන්තික බලපෑම් ඇති කරයි. නිසා AI තාක්ෂණය නීතිගතව, වගකීම් සහිතව සහ මනුෂ්යත්වය සුරක්ෂිත කරමින් භාවිතා කළ යුතුය.

 අහිමි හිමිකරු 

25-Oct-19

අපෙ ජන්ම දා...

සෙනෙහසට කවි කුමට
පද හරඹ ගලපලා,
ලේ කිරට හැරෙන්නට දී
දෙහදක් පණගසා,
එකම කුස තුල ගුලිව
සතර පායුග සලා,
දෑගිලිත් පටලන්ම
මගෙ කුසේ දග කලා
උපන්නෙත් තනිව මා
නෑ සොයුරන් සදා,
එම දිනයෙම එනිසා
මිණිකැට දෙකකී ගෙනා,
නැත තවත් පාලුවක්
සොයුරෙකුත් නෑ කියා,
දියණියන් තිදෙනෙකුට
සෙනෙහසත් වැඩිඋනා
පුතෙකු නැති හැටි කියා
සමහරෙක් කී නිසා,
එදා හිත ගැස්සුනත්
නොකියාම බැහැ මෙදා,
තනිව කෙල්ලක ලෙසට
තිබු හයිය දත් නිසා,
දියණියන් තිදෙනගැන
තව කවරනම් කතා
රකින්නට ඇති හෙටක්
මිනිස් දම් පුරවලා,
මලක් වූවත් දැඩිව
පෙති සුරැකිව තනා,
පිපුණු මල් කැකුළු යුග
මගෙ සෙනේහෙට වෙලා,
3 වසක් සපිරු තැන
නොදැනීම එළඹුණා…!!!


රීනා 

25-Oct-16

Botox සහ fillers වලින් හැකිතාක් වැලකී සිටිය යුත්තේ ඇයි

Botox සහ fillers වලින් හැකිතාක් වැලකී සිටිය යුත්තේ ඇයි ?
අපි Botox වෙලදපලෙහි හදුන්වන්නේ botulinum toxin injections කියල . මෙම ඵන්නත මගින් සිදුවන්නේ මාංශ පේශින් (මුහුණෙහි) අක්රිය කිරිම තුලින් වැඩීම සම්පුර්ණයෙන්ම නවතා දැමීමයි. Botox දිගින් දිගටම ලබා ගත්විට එම මාංශ පේශි වලවර්ධනය සම්පුර්ණයෙන්ම නැවති ඉතාමත්ම කෘතිම බවකි මුහුණට ලැබෙනවා වගේම Botox එන්නත ලබා ගැනීම නිසා ලැබෙන එක් වාසියක් ලෙස Reduces Muscle Movement හදුන්වන්න පුලුවන් තුලින් lines and wrinkles ඇතිවීම නවතා දමනවා.
නමුත් මෙයින් ඇතිවන අතුරැ අබාධ ඉතාමත් වැඩියිමේ අතර 1 Severe reactions: Difficulty breathing, trouble swallowing, or muscle weakness spreading to other parts of the body. 
2 Eye problems: Double vision, blurred vision, or ptosis (dropping eyelids)
3 Urinary problems: Difficulty emptying the bladder or urinary retention, especially for those with conditions like diabetes or multiple sclerosis
මෙම හේතු නිසා අපි Botox ලබා ගැනීමේදි ඉතාමත්ම කල්පනාකාරී විය යුතුයි.


මීලගට අපි fillers ගැන සවිස්තරාත්මකව බලමු. fillers, are injectable substances, most commonly hyaluronic acid, used in cosmetic treatments to restore lost volume, reduce the appearance of wrinkles, and enhance facial features.
Fillers භාවිතයෙන් ඉතාමත් ඉක්මනින් ප්රතිපල ලබාගන්න පුලුවන් නමුත් එය දීර්ග කාලිනව පවත්වෙගෙන යාමට අපහසුයි. Filler එකක් කියන්නෙ දියර වශයෙන් ලබා දෙන gel එකක්. මෙය එන්නත් කරාට පසුව එම gel එක migrate කිරීමේ සම්භාවිතාව ඉතාමතිම වැඩියි . එම නිසා ගොඩක් වෙලාවට filler ප්රතිකාරය අසාර්තක වෙනව.

Fillers වල අත්රරැ අබාධ පහත සදහන් ,

* Allergic Reactions: Though rare, severe itching, swelling, or hardness can be signs of an allergic reaction. 
* Infections: Bacterial infections can occur, leading to painful nodules or abscesses. 
* Granulomas: These are inflammatory lumps that can form around the filler. 
* Filler Migration: The filler material can sometimes move from the original injection site. 
* Tissue Necrosis: This severe complication occurs when filler blocks blood flow to the skin, leading to tissue death and potentially scabbing or scarring. 
* Blindness: In very rare cases, filler can embolize (block) a blood vessel in the eye area, causing vision loss. 

අපි Botox සහ fillers වලින් වැලකි සිටිය යුත්තේ ඇයි ?
You don’t necessarily have to avoid fillers and Botox entirely, but you must be aware of the potential risks and choose qualified practitioners for safe administration. Serious risks include infection, nerve damage, vascular occlusion leading to blindness or stroke, and allergic reactions. To minimize these risks, always use a qualified and experienced professional, as incorrect injection techniques and lack of anatomical knowledge can lead to severe and permanent complications.

 

Dilanthi liyanarachchi
Aesthatic practitioner
Serenity body clinic
London – Colombo – galle

25-Oct-15

සිලිඳු රන්වල සමග Q20 with අමා

වේදිකාව, පුංචි තිරය සහ සිනමාව ඔස්සේ විවිධ නිර්මාණ තුලින් චරිතාංග රංගනයෙන් ප්රේක්ෂක සිත් ස්පර්ශ කරමින් එපමණක්ම නොව ගායනය, නර්තනය, හඩ කැවීම මෙම සියලු මාධ්යයන්හි උපන් හපන්කම් ඇති රන්වල පරම්පරාවේ වර්තමාන පුරුක ලෙස ඔටුනු දරණ සිලිඳු රන්වල සමග Q20 with අමා මෙවර දිග හැරුම

1. ඔබ ගැන ඔබව නොදන්නා කෙනෙකුට කිවුවොත්
මම සිලිදු

2. ඔබ සතු කලා හැකියාවන්ගෙන් ඔබ වැඩිපුර නියැලෙන්නට කැමති
රංගනය, ගායනය, නර්තනය සහ හඩ කැවීම් මේ සියලු දේම නියැලෙන්න කැමතියි.

3. ප්‍රේක්ෂක ආදරය දැනුන අවස්ථාවක්
වියළි ටෙලිනාට්යය සදහා ඉතා ඉහල ප්රේක්ෂක ප්රතිචාරයක් ලැබුනා. එමෙන්ම මගේ කට හඩෙන් මාව අදුර ගෙන එදිනෙදා ලැබෙන ප්රතිචාර නම් ගොඩක් තියනවා.

4. ඔබගේ සමීපතමයෙකු ලග නොතිබයුතු යැයි ඔබ හිතන්නේ
ඍණතාවය

5. රංගන ශිල්පිනියක් ලෙස සමාජ මාධ්‍යය භාවිතය පිළිබදව අදහස
රංගන ශිල්පිනියක් වශයෙන් තමන්ගේ කලා කටයුතු ප්රචාරණය කරන්න සමාජ මාධ්යය භාවිතා කිරිමේ වැරැද්දක් මම දකින්න නැහැ.

6. ඔබ පිළිබදව ඔබට ආඩම්බරයක් දැනුන දවසක්
වචනයකින් හරි ධනාත්මක දෙයක් කරන හැම අවස්ථාවකම මම නිහතමානීව සතුටු වෙනවා.

7. ඉතා දක්ෂ රංගන ශිල්පිනියක් වන ඔබගේ මවගෙන් ඔබේ රංගන ජිවිතයට ලැබුන ආදර්ශයක්
ඇය නිරන්තරයෙන්ම ලැබෙන නිර්මාණයට අවංක දායකත්වය ලබා දෙනවා.

8. ආදරණීය කෙනෙකුගෙන් ලබන්න කැමතිම තෑග්ගක්
ආදරය පමණක්ම ඇති

9. ඔබ නිතර මුමුණන ගීතයක කණ්ඩයක්
හැම වෙලාවෙම මොකක්ම හරි ගීයක් මුමුණනවා. නිසා එක ගීතයක් නම් කරන්න අමාරුයි.

10. ශරීර සෞඛ්‍ය වෙනුවෙන් හිතකර යැයි සිතා දිනපතා පූරුද්දක් ලෙස කරන දෙයක්
ලගකදි ඉදලා හොදට වතුර බොනවා.

11. ඔබ ගරු කරන, අනුගමනය කරන රංගන ක්ශේත්‍රයේ චරිතයක්
අම්මා 

12. ඔබ දෙතුන් වතාවක් නරඹපු නැවත නරඹන්නට  කැමති ච්ත්‍රපටයක්
Billy elliot

13. ඔබට ලැබුනා නම් කැමති වෙනත් කෙනෙක් රංගනයෙහි යෙදුන චරිතයක්

ස්වර්ණා මල්ලවාරච්චි, Kate winslette, Natalie portman, Cate blanchette, Emma stone, Olivia coleman, Jessica chastine වැනි රංගන ශිල්පිනියන් රංගන දායකත්වය ලබා දුන් සියළුම චරිතවලට කැමතියි.

14. වේදිකාව, පුංචි තිරය සහ රිදි තිරය… ඔබේ වැඩි කැමැත්ත
මෙම මාධ්යයන් තුනෙහිම අවස්ථාවක් ලැබුනොත් රංගන දායකත්වය ලබා දෙන්න කැමතියි.

15. ඔබට රසටම හදන්න පුළුවන් කෑම වර්ගයක්
රසම රස sandwitches හදන්න පුළුවන්

16. Me time ගැන ඔබේ අදහස
හැම කෙනෙක්ටම ඉතාම වැදගත්

17. ඔබ වැඩිදුර අධ්‍යනයෙහි යෙදෙන්නට කැමති දෙයක්
රංගනය, ගායනය, නර්තනය සහ හඩ කැවීම

18. ඔබ කැමති තාමත් නොකෙරුන අනාගතයේදි කරන්න හිතන දෙයක්
මගේ ආත්මික ගමන

19. සමාජයට ඔබෙන් ගත හැකි ආදර්ශයක්
මම කැමතියි මිනිසුන්ට, සතුන්ට, පරිසරයට කරුණාවන්ත වෙනවට.

20. ඔබේ ප්‍රේක්ෂකයන්ට ඔබේ ඉදිරි කලා නිර්මාණ පිළිබදව පණිවිඩයක්
මෙම දිනවල නීරා චිත්රපටය තිරගත වෙනවා. එමෙන්ම ආදරණීය මිනිසෙක් සහ මූණු ටෙලිනාට්යය විකාශනය වෙනවා. ඉදිරියේදී කීර්ති කේ රත්නායකගේ නිර්මාණයකින් මාව දැක ගන්න පුළුවන්.

අමා නාකන්දලගේ

25-Oct-14

ජීවිතය සමරන්න, ලැබෙන හැම ඇසිල්ලේ..

අපි හැම කෙනාටම තමන්ටම ආවේණිකවූ ජීවන රටාවක්, ගති පැවතුම් ස්වභාවයක්, අනන්යතාවක් තියනවා. මෙකී සාධකත්, නොකී යම් යම් සාධකත් පදනම් කරගෙන අපි අපේම කියලා ගමනක යෙදෙනවා. එතනදී පෞද්ගලික ඉලක්ක, වෘත්තීමය ඉලක්ක වගේම ආධ්යාත්මික ඉලක්ක මුල් කරගෙන සැලසුම් ක්රියාත්මක කරනවා. මේ අතරමැද හමුවන ජයග්රහණ, විශේෂ අවස්ථාවන් හැකි ශක්ති ප්රමාණයෙන් සමරන්න කියලා පොඩි ආයාචනාත්මක ලිපියක් අද දවසේ ගෙනෙන්නට හිතුවා.

ඇතැම්විට ඔබ මේ කටයුත්ත දැනටමත් ඉතාම සැලසුම් සහගතව, ක්රමානුකූලව, හොඳ සංයමයකින් කරනවා වෙන්න පුලුවන්. අනෙක් අතට පිළිබඳව ලොකු අවදානයක් නොදී, සාමාන් පරිදි එදිනෙදා කටයුතු වල නිරතවෙමින් ඉන්නවා වෙන්නත් පුලුවන්. එහෙම විශේෂ සැමරුම් පිළිබඳව ස්ථිර අදහසක් හෝ මුලපිරීමක් නොමැති නම් මේ ලිපිය ඔයාට.

ඉතාම කෙටි කාල පරාසයක, දුක සැප පෙරළෙන අස්ථිර ගමනක ,කොටස්කාරයො උන ඔයාට මට, මේ ගමන තුළ සතුටු වෙන්න පුලුවන් හැම කඩඉමක්ම දිනුම් කණු. ඉලක්ක වලට සීරුවෙන්, මහන්සියෙන් යන්න එපා කියල නම් නෙමෙයි මේ කියන්නේ. අතරමග හිනා වෙන්නත් මතක් කරගන්න ඕනෙ කියලයි ලියන්න ඕනෙ උනේ.

ඉතින් සීත කාලය ඉවර වෙනකන්, අමාරු කාල ඉවර වෙනකන්, ආදායම් මාර්ග තර වෙනකන්ම ඉන්න අපිට කල් නෑ. සතුටින් ඉන්න පුලුවන්, සවුදිය පුරන්න පුලුවන් හැම මොහොතකටම, හැම දවසකටම උපරිම සාධාරණයක් ඉටු කරමු. මොකද, එහෙම සතුටු වෙන්න අපි හැම කෙනාටම සමාන අයිතියක් තියනවා, සම්පත් විශමාකාරයෙන් එකිනෙකා අතරේ බෙදී ගිහින් තිබුණත්. සතුට සමරන්න කල් ගන්න එපා.

හති අරින්නට ඕනෑ,
දුවන ඔය දිවිල්ලේ
පලක් වෙද තුටක් නැති,
වේගවත් විදිල්ලේ
හිනැහෙමින් කාලයට,
පියඹලා නිදැල්ලේ
සමරන්න ජීවිතය ,
ලැබෙන හැම ඇසිල්ලේ

දිමුතු සේනාදි