25-June-11

Modern Music culture එකේ Vibe එක

Q). ඔබ පුද්ගලයෙකු වශයෙන් ඔබව

දකින්නෙ කුමන අයුරකින්ද යන්න පිළිබඳව

සඳහනක් කරමු

සංගීතය යන විෂයේ පරතෙර ගවේෂණය කරද්දී

ලබාගන්නා දැනුම් සම්භාරයත් මෙන්ම අත්දැකීම්

සම්භාරයත් ඇසුරින් පෙර නොවූ විරූ විලාසයක

නිර්මාණයන් ප්රේක්ෂකයන් වෙතට දායාද කරන්න

උත්සාහ කරන්නෙක් විදිහට මම මාව දකින්න

කැමතියි.

Q). ඔබ ජීවිතය දකින්නෙ කුමන අයුරින්ද යන්න

පිළිබඳව හැඳින්වීමක් කරමු.  

තුළ තෝරාගත් ඉලක්කයක් හෝ කිහිපයක්

සාක්ෂාත් කරගන්න යොදවන උත්සාහයත්, එය

අඩාළ කරවන බාධාවනුත් මෙන්ම බාධක

මැඩලන්න සොයාගන්නා උපක්රමත් කැටිකොටගත්

ඉතාමත්ම දීර්ඝ කාල පරිච්ඡේදයක්.

 

Q). ඔබේ වැටහීමේ පරිද්දෙන් මනුශ්යත්වය අරු

ත්ගන්වන්නේ කෙසේද යන්න පිළිබඳව විස්තර 

කරමු.

වත්මන් මනුසත් ප්රජාව තුළින් ගිලිහී යමින්

තිබෙන මනුෂ්යත්වය ප්රශස්ථ සංගීත භාවිතාව

 

තුළින් නැවතත් ඔවුන් වෙත කැඳවන්න දරණ

වෙහෙස හරහා මනුෂ්යත්වය අරුත් ගැන්වේවි

කියලා මම විශ්වාස කරනවා.

Q). ඔබ කලාව නිර්වචනය කරගන්නේ

කෙසේද

මනුෂ්යයෙකු විසින් තවත් මනුෂ්යයෙකුගේ චිත්ත

සන්තානය පිනවීම වෙනුවෙන් මනුෂ්යයා විසින්ම

සකසපු කදිමතම සංස්කෘතික අංගය කලාව

ලෙසින් හඳුන්වාගන්න කැමතියි.

Q). ඔබ කලා මාධ්යයක් ලෙස සංගීතය හඳුනාග

න්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක්

කරමු.

කලාව විකාශනය වන ප්රමුඛතම මාධ්යයන්

කිහිපයෙන් එකක්.

 

Q).Vibe Music හී ආරම්භය සිදු වූ

ආකාරය පිළිබඳව සඳහනක් කරමු.

මලින්ද ප්රදීප්, දම්මික ක්රිෂ්ණදාස, තිමිල

ප්රමිලංක, දුල්ශාන් මදුරංග, අයේෂ් පීරිස් සහ

සුමීර අරංගල යන දැනුම පිපාසයෙන් යුතුව

සංගීතය හදාරපු නිපුණතාවයෙන් අනූන මිත්රයො

 

සය දෙනෙකුගේ එකමුතුව තමයි Vibe Music

ආරම්භය වෙන්නෙ.

 

Q). වෘත්තීය සංගීත කන්ඩායමක් ලෙස මේ

දක්වා ඔබ අත්කරගෙන තිබෙන සුවිශේෂී ජයග්

හණයන් පිළිබඳව මතකාවර්ජනයක් සිදුකරමු.

මේ වනවිට අපි නිර්මාණය කරලා මාධ්යය වෙත

මුදාහැරපු " දුක දරාගෙනම සිටියා, මට බඳින්න

බෑ, පළවෙනි ප්රේමය, මෙහෙම ගෑණු, මම

මැස්සෙක් හා මම මේ පාළු යාමේ " ගීතයන්

පහම අතිමහත් ජනප්රියත්වයක් හිමිකරගෙන

තියෙනවා. ඉතාමත්ම කෙටි කලකින් මිලියන

සංඛ්යාත රසික උන්මාදයක් අප වටා

ඇතිකරවන්නට සමත්වීම තමයි මේ දක්වා

පැමිණි ගමන්මගේ සුවිශේෂීම ජයග්රහණය.

Q). වෘත්තීය සංගීත කන්ඩායමක් ලෙස ගෝලීය 

සංගීත කරළියේ වෙළඳ අනන්යතාවයක්

ගොඩනගාගැනීම උදෙසා ක්රියාත්මක කරමින්

සිටින සැලසුම් පිළිබඳව හැඳින්වීමක් කරමු

අපේ සංගීත සංස්කෘතියට වඩාත්ම

ගැළපෙන්නෙ ගෘහස්ථ පරිශ්රයක් තුළ

සිදුකෙරෙන සංගීත භාවිතාවක් නිසා අපි

ප්රමුඛත්වය ලබාදෙන්නට තීරණය කර

 

තිබෙන්නෙ ගෘහස්ථ ප්රසංග වලට පමණයි.

ඔස්ට්රේලියාවේ, දකුණු කොරියාවේ හා ඉතාලියේ

ප්රදාන නගර කිහිපයක ප්රසංග පැවැත්වීම සඳහා

මේ වනවිට ඇරයුම් ලැබිලා තියෙනවා.

 

Q). ඉදිරියේදී එළිදැක්වීමට සැලසුම් කරමින්

සිටින නිර්මාණාංගයන්

පිළිබඳව විග්රහයක් කරමු

" Wibe Music Live in Concert " ලෙස ප්රසංග

මාලාවක් සංවිධානය කිරීමේ මූලික කටයුතු මේ

දිනවල සිදුකෙරෙමින් පවතිනවා. ඊට අමතරව

ස්වතන්ත් ගීතයන් කිහිපයක් එළිදක්වන්නත්

බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

Q). වෘත්තීය සංගීතවේදීයෙක් ලෙස වර්ථමාන ශ්රී

ලාංකේය සිනමා කර්මාන්තය

තුළ සංගීතයේ භාවිතාව නැතහොත් සිනමා

සංගීතය පිළිබඳව ඔබේ අදහස් ඉදිරිපත්කරමු

විශේෂයෙන්ම මෑත කාලයේ බිහිවූ කලාත්මක

මාදිලියේ සිනමා නිර්මාණයන් තුළින් විද්යාමාන වූ

සංගීත භාවිතාව ඉතාමත්ම ප්රතිභාන්විතයි.

ඉදිරියේදී අපිටත් සිනමා කෘතියක් උදෙසා

 

සංගීත සංරචනයෙන් දායක වීමට අවස්ථාව

උදාවේයැයි විශ්වාසයෙන් බලා ඉන්නවා.

 

Q). වෘත්තීය

සංගීතවේදියෙකු වීමට අපේක්ෂාවෙන් සංගීතය

හදාරණ්නෙකු හට ශ්රී ලාංකේය

සංගීත කර්මාන්තය තුළ සඵලධායී අයුරින්

ස්ථාවරත්වයට පත්වීම සඳහා ආධාර විය

හැකි යම් ඔවදනක් හෝ උපක්රමයක් සඳහන්

කරමු.

නිරන්තරයෙන්ම දැනුම් පිපාසයෙන් යුතුව

විවිදාකාරයේ ප්රගතිගාමී අත්හදාබැලීම් සිදුකරමින්

නිර්මාණකරණයේ යෙදීම විෂය ප්රාගුණ්

ගොඩනැංවෙන්නට කදිම තෝතැන්නක්

සකසනවා සහතිකයි.

සැකසුම | හිරාන් ගමගේ

අපි Magazine

Home / Articles posted byDigital My Business

25-June-10

මේ ආදරේද

නිතර රංඬු කළේ
හිත පුරාම තිබුණ
ආදරේට,

හැම තැනකදීම
පේ උනේ
නුඹේ නමටයි තනි උන වෙලාවට,

දොස් කීවේ
මේ තරම් නුඹව
සොයන
මගේ තනිකමට,

අඩුපාඩු
කොච්චර තිබුනත්
ළඟම හිටියේ
දුන්න ආදරේ ආයෙත්
ගන්න බැරි ලෝබකට

ඇත්තටම,
ආදරේ හැටිද
නැත්තන් ආදරේ කරන විදිහද
ඒකමයි තාමත්
හිතාගන්න බැරි මට

ගගන ගුරුගේ

Home / Articles posted byDigital My Business

25-June-09

ශ්‍රී තාලේ

ශ්රී ලාංකික අපේ නර්තන සම්ප්රදායන් කියන්නේ මුලු ලෝකයක්  ඉතාමපුදුමාකාර විදියට ආදරේ කරන සහ රසවිදින්නට ආස කරන කලාවන් අතර මුල් පෙලේ තියන කලාවන් වශයෙන් කියන්න පුළුවන්අපේ වෙස් මුහුණු අපේ නර්තන අපේ බෙර හඬට ඔවුන් දක්වන්නේ පුදුම ආදරයක්. ඉතින් ලංකාවේ තියන මේ සාම්ප්රදායික කලාව වෙනත් රටක ප්රවර්ධනය කිරීම ටිකක් අපහසු කටයුත්තක්, කිසිම දිනක ශ්රී ලාංකේය නර්තන අංගයක්බෙර වාදනයක් වෙස්මුහුණක් නොදැකපු රටක එවැනි කලාවන් දකින්නට ලැබුනොත් එයට ලැබෙන පිළිගැනීම විශ්මයජනකයිශ්රී තාලේ කියන්නේ වගේ රටක ආරම්භ කරපු අපුරු සංස්කෘතික කණ්ඩායමක්

 

2022 වර්ෂයේ ජනවාරි මස නැගෙනහිර යුරෝපයේ  රුමේනියානු රාජ්යයේ ආරම්භ කල ප්රථම සහ එකම සංස්කෘතික කණ්ඩායම වශයෙන් මේ වන විට ඉතාම සාර්ථකව අපගේ සංස්කෘතික අංග රුමේනියාවේ විවිධ නගර වල ඉදිරිපත් කරමින් සිටින අතර මෙරට ජනතාව එම ප්රසංග අංග වලට ලබා දෙන ඉහල ප්රතිචාර වල සාඩම්බර කොටස් කරුවන් වන්නෙමු.

 

ආරම්භයෙදී ශිල්පීන් දෙදෙනෙක් හා ශිල්පිනියන් දෙදෙනෙකු වූ අප කණ්ඩායම මේ වන විට වෘත්තීය නර්තන ශිල්පීන් 30 කට අධික පිරිසක් කටයුතු කරන අතර එම පිරිසෙන් බහුතරයක් සෞන්දර්ය කළා විශ්වවිද්යාලයේත් ශ්රී පාලීමණ්ඩපයේත් , කැලණිය විශ්වවිද්යාලයේත් උපාධිධාරීන් වන අතර සාම්ප්රදායික නර්තනය හා බෙර වාදනය ඉතා හොදින් ප්රගුණ කර ඇති අතර ශ්රී ලංකාවේ සෞන්දර්ය ගුරුවරුන් ලෙසත් වෘත්තීය නර්තන හා බෙර වාදන ශිල්පින් ලෙසත් කටයුතු කල අය වෙති.

 

මේ වන විට රුමේනියාවේ බොහෝ ප්රදේශ වල අපගේ ශ්රී ලාංකේය සාම්ප්රදායික නර්තනයන් ඉදිරිපත් කර ඇති අතර ඒවා බොහොමයක් රුමේනියානු ජාතිකන් විසින්  සංවිධානය කරන සංස්කෘතික උත්සවයන් වේවාර්ෂිකව රුමේනියාවේ සංවිධානය වන බොහෝ අන්තර්ජාතික සංස්කෘතිකනර්තන  ප්රසංග වල නිල ශ්රී ලාංකේය නියෝජනය ලෙස අප කණ්ඩායමට ආරාධනා කිරීම අප හට ඉමහත් ගෞරවයක් ලෙස සලකන්නෙමු.

මේ වනවිට ශ්රී ලංකාවේ සාම්ප්රදායික නර්තනය හා බෙර වාදනය රුමේනියාවේ ජනතාව අතර ප්රවර්දනය කිරීමට අප කණ්ඩායම විසින් පළමු පියවර තබා ඇතශ්රී භේරී අපේ අලුත්ම වැඩසටහන , ඒක හරහා ප්රධාන වශයෙන් අපි  බලාපොරොත්තු වෙන්නේ අපේ බෙර වල තියන විවිධත්වය මේ රට තුල ප්රවර්ධනය කරන්නබැංකු රබානගැටබෙරය , අත් රබානඋඩැක්කියපහතරට බෙරයදවුලතම්මැට්ටම, හොරණෑව එක්ක රුමෙනියාවටආවේනික සංගීත භාණ්ඩත් එකතු කරගෙන හරි අපුරු වැඩක් කරන්න මේ දවස් වල පුහුණුවීම් සිදු කරගෙන යනවා

 

රුමේනියාවේ ප්රධාන විශ්වවිද්යාලයක ශාස්ත්රවේදී උපාධිය හදාරන උපාධි අපේක්ෂකයන්ට අපේ නර්තන කලාව වෙස්මුහුණු ගැන සහ බෙර පිලිබදවවැඩමුළුවක් කරන්නට අපට ආරාධනාවක් ලැබිලා තියෙනෙවාඅපේ කලාවේ වටිනාකම සහ විවිධත්වය පිළිබඳව අපි එහිදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.

 

මෙම කණ්ඩායමේ ඉන්න සියලුම ශිල්පීන් රුමේනියාවේ විවිධ ප්රදේශවල විවිධ ක්ෂේත් වල රැකියාවන් සිදුකරන රටවිරුවන් වෙති , තමන්ට ලැබෙන විවේක දිනය ඔවුන් කැප කරන්නේ විවිධ ප්රසංග සදහා පුහුණුවීම් කටයුතු සිදු කිරීමට හෝ ප්රසංගයන් සදහා සහාභාගී වීමටයි.පුහුණුවීම් සිදුකරන්නේ රුමේනියාවේ අග නගරය වන බුකරස්ට් හි බැවින් ඈත ප්රදේශවල සේවය කරන ඇතැම්ශීල්පීන් සහ ශිල්පිනියන් පුහුනුවිමට පැමිනීමට  පෙරදින රාත්රියේ දුම්රිය ගමන ආරම්භ කරති. ඇතැම් විට එය පැය 12 ගමනකි

ශ්රී තාලේ නර්තන කණ්ඩායමේ සිටින අපගේ ශිල්පීන් ශ්රී ලාංකේය සාම්ප්රදායික නර්තනයන් මෙන්ම භාරතීය නර්තන සම්ප්රදායන්ද ප්රගුණ කර ඇතඉදියේදීපැවැත්වීමට නියමිත ඉන්දියානු සංස්කෘතික කටයුත්තක් සදහා අප කණ්ඩායම ආරාධනා ලබා ඇති බැවින් ඉන්දියානු හා ශ්රී ලාංකේය කලාවන් එක්කොටඅපුරු නිර්මාණයක් ඉදිරිපත් කිරීම අපගේ අරමුනයි.

ලබන වසරේ අප කණ්ඩායම අපුරු වැඩකට සුදානම් වෙනවා ප්රථම වතාවට ලංකාවේ සංස්කෘතික නර්තනය බෙර වාදනය ගායනා ඔක්කොම එකතු කරලා ලස්සන ප්රසංගයක් පවත්වන්න. මෙම ප්රසංගය හුදෙක් නර්තන ප්රසංගයක්විතරක්ම නෙවේවෙනස්ම හැඩයක් ගත්ත අපුරු වැඩක් මේ වැඩෙන් පස්සේ ශ්රී ලාංකේය සලකුණ රුමේනියාවේ බොහොම අපුරු විදියට සනිටුහන්  වනවැඩක් බවට කිසිම සැකයක් නෑ,

 

මෙම කටයුත්ත පිටුපස බොහෝ පිරිසක් තමන්ගේ උපරිම කැපවීම වගේමසහයෝගය ලබා දෙනවාආරම්භයේ සිටම අපේ කණ්ඩායමට “ශ්රී තාලේ”  කියන නම ලබා දුන්න සහන් රන්වල ගුරුතුමන් මෙන්ම අප කණ්ඩායමේ ශිල්පීන්ට ගුරුහරුකම් දුන්න සියලුම ගුරුවරුන්ගේ ආශිර්වාදය ලැබෙනවා  වගේම අපට සහය ලබා දෙන පේජ් ඇඩ්මින්වරු අපගේ කණ්ඩායමේ ශිල්පීන් හා එම පවුල් වල සාමාජිකයන්රුමේනියානු ජාතිකයන්  වගේම ශ්රී ලාංකිකයන් බොහොමයක් අපගේ ගමනට සුබ පතනවා.

Home / Articles posted byDigital My Business

25-June-08

තව කෙනෙක් වෙනුවෙන්

තමන් විසින් කරන ලද සේවයක් මෙනෙහි කරන්න. මොනතරම් ආස්වාදයක් තුළ ගැබ් වෙලා තියනවාද කියා අත්විඳින්නට තුළින් ඉඩක් ලැබෙයි. පෞද්ගලික ලාබ ප්රයෝජනයක් නොමැතිව ඉත සිතින්, බොහොම ආදරෙන් අන් අය වෙනුවෙන් කාලය කැපකල සුන්දර මිනිසෙක් හෝ ගැහැණියක් ලෙස ඔබ ක්රියාත්මක වූ අවස්ථාවන් අනේකවත් ඇති. පොඩියකට නැවතිලා වගේ මහන්සි වෙලා අප්රමාණව සතුටු උන දවසක් ගැන හිතන්න. ඔබව උත්තේජනය වෙන ආකාරය හරිම ආනන්දනීයයි නේද? ?

 

පොදු වැඩකටයුත්තකදී මහන්සි වෙලා අන් අය වෙනුවෙන් ඔබ දැක්වු දායකත්වයේ නියම වටිනාකම රැඳෙන්නේ තවත් කෙනෙක්ගේ හිතේ. ඒක හරිම බලසම්පන්න, ගෞරවාන්විත හැඟීමක්. ඔයාට එහෙම කෙනෙක් පෙරලා ඉස්තුති කරලත් ඇති , අගය කරලත් ඇති.

 

සමාජ සත්කාරයට ඔබ තුළ ඇති නැඹුරුව පවුල් පසුබිමින්, ඔබ උගත් පාසලින් හෝ සංසාර පුරුද්ද්කින් හෝ වෙනයම් ආකාරයකින් ඔබට ලැබුණු අතිවිශාල ත්යාගයක්. තමාගේ කාලය, ධනය, ශ්රමය නොමසුරුව වෙනත් කෙනෙක් හෝ පිරිසක් වෙනුවෙන් ලබා දෙන්නට සිතීමම පිනක්, කිසිම වාසියක් ලැබීමේ පසු  අපේක්ෂාවකින් තොරව

 

ඉතින් මෙන්න මේ ගුණාංගය නොමඳව පිහිටා ඇති ඔබ, සමාජයට සම්පතක්. ඔයාගේ හිතත් එක්ක මම මේ ලියපු දේ විචාරය කරලා බලන්න. ඔයාට දැනෙන ආත්මාභිමානයට ඔයාම සාක්කි දරයි .

 

දිමුතු

Home / Articles posted byDigital My Business

25-June-07

රමණීය කළුගල ආරණ්‍ය සෙනසුන

  1. බස්නාහිර පළාතේ කළුතර දිස්ත්රික්කයේ කෙළවරට වන්නට පිහිටා තිබෙන කළුගල ග්රාමය

    ඉතා සුන්දර වූ ත්, රමණීය වූ ත් ප්රදේශයකි. මෙම ප්රදේශයේ සුන්දරත්වය වර්ධනය කර

    ඇත්තේ හරිත වර්ණ වන අරණත් මැදින් ගලා බස්නා සුන්දර ජල ධාරාවන්ගේ රාවයන් .

    මෙම සුන්දර වන අරණ මැද පිහිටා තිබෙන කළුගල ආරණ් සෙනසුන විඩාබර හදවත් නිවා

    සනසන දිය දෝතක් වැන්න.

    බදුරලියපැලවත්ත මාර්ගයේ කිලෝමීටර 15 ක් පමණ ගමන් කරන විට කළුගල ග්රාමය

    හමු වේ. එතැන් සිට ආරණ් සේනාසනය දක්වා පා ගමනින් යා යුතුය. ගමන ආරම්භයේ දී

    හමු වන්නේ සුනිල්වන් දිය දහරාවකි. දෙපස හොර, කැකුණ, මිල්ල ආදී දුර්ලභ ශාකවලින්

    සැදුම්ලත් වන අරණ මැදි කොට සෑදී ඇති කුඩා අඩි පාරකි. එම අඩිපාර දිගේ ඉහළට ගමන්

    කරන විට පඩි 356 න් යුත් පඩි පෙළකි. ඊට සමාන්තර ගලා බසින්නේ ආරණ්

    සේනාසනයට ජල විදුලිය ලබා ගන්නා සුන්දර දිය ඇල්ලයි. ගමන් මග අතරතුර පුස් වැල්,

    වෙනිවැල් ගැට, බෙරළිය, කැකුණ වැනි දුර්ලභ ශාකයන් , ගිම් නිවා ගැනීමට හැකි ස්ථානයන්

    ඇත. රැහැයියන්ගෙන් නැගෙන ශබ්දය , ගතට දැනෙන සිසිළස කියා පාන්නේ මෙම වන

    අරණේ මිහිරියාවයි. එම මිහිරියාවත් සමග කූඩැල්ලන්ගේ හිරිහැර විඳ ගැනීමට සිදුවීම

    නම් අනිවාර්ය .

    එලෙස සුන්දර මගක ගමන් කරමින් පිවිසෙන්නේ කළුගල ආරණ් සේනාසනය අභියසට

    . පාවහන් සහ හිස්වැසුම් ගලවා තබා දාන ශාලාව තුළින් ගමන් කිරීමෙන් අනතුරුව

    පිවිසෙන්නේ සුදු වැලි ඇතිරූ, පොල් අතු රටාවට ඇමද තිබෙන මලුවට . දෙපස වවා ඇති

    රත් පැහැ නා දළුවල සිසිළ විදිමින් පළමුවෙන් පිවිසෙන්නේ ස්වභාවික ලෙනක් තුළ නිර්මිත

    ලෙන් විහාරය තුළට .

    ඉන් පසු හමුවන්නේ විහාරස්ථානයේ දාගැබයි. “කළුගල් චෛත්නමින් හැඳින්වෙන

    මෙම දාගැබ සම්පූර්ණයෙන් කළුගලින් නිමවන ලද්දකි. දාගැබ පිහිටි මලුව වටා සිල්වතුන්

    සඳහා සැකසුනු කුටි කිහිපයක් ඇත. පොහොය දිනවල මෙන් සෙසු දිනවල සිල්වත් පිරිස්

    මෙම කුටිවල භාවනානුයෝගී සිටින අයුරු දැක ගැනීමට හැකිය.

    දාගැබ අසලින් මෑත් ගමන් කරන විට හමු වන්නේ සිසිළ ගෙනෙන බෝ සෙවනයි.

    කළුගල ආරණ් සෙනසුනේ ඉතිහාසය විමසා බලන කල ඊට අදාළ ශිලා ලිපි රැසක් දැක ගත

    හැකිය. 1940 වසරේ දී ගොඩනැගුණු මෙම කළුගල ආරණ් බ්රහ්මචාරී දොන් පිලිප්

    සමරදිවාකර නැමැත්තෙක්ගේ නිර්මාණයකි. මෙහි දැක ගත හැකි තවත් විශේෂ සෙල් ලිපියක්

    වන්නේ ගලෙන් නිමවන ලද ශ්රී ලංකා සිතියමක ලියා ඇති ත්රිපිටකය යි. මෙය අන් කිසිඳු

    ස්ථානයක දක්නට නොලැබෙන්නකි. විහාරස්ථානයේ වැඩ සිට අපවත් වූ නායක ස්වාමීන්

    වහන්සේලාගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ඉදිකල සොහොනක් , ධාතු කරඬුවක් නිදන්

    කර ගොඩනැගූ ගල් ටැඹක් විහාර භූමිය තුළ වෙයි. විහාර භූමියට පැමිණෙන සැදැහැවතුන්

    වෙනුවෙන් පනවන ලද දැන්වීම් මෙන් , මරණානුස්සති භාවනාවේ පියවර පවා ගල් මත

    සටහන් කර තිබෙන අයුරු විහාරයට පිවිසෙන ඕනෑම අයෙකුට දැක ගත හැකිය.

     

    භික්ෂූන් වහන්සේලා සඳහා තනා ඇති භාවනා කුටි පරිශ්රය මධ්යයෙන් වැටී තිබෙන

    පියගැට පෙළෙන් ඉහළට පැමිණි විට පිවිසෙන්නේ බුදු ගෙයට . එම ස්ථානයේ සිට බලන

    කල දිස්වන්නේ මෙතෙක් පසු කර පැමිණි භාවනා කුටි, දාගැබ, බෝධීන් වහන්සේ . එමෙන්

    හරිත වර්ණයෙන් බබලන රමණීය සිතුවමක් දර්ශනය වේ. මෙම අසිරිමත් පරිසරය විඳ

    ගැනීමට නම් මෙහි පැමිණිය යුතුම . මෙම ආරණ් අවට සුන්දරත්වය මෙන් මෙහි ඇති

    ඓතිහාසික වටිනාකම පිළිබඳව අමතක නොකළ යුතුය. මෙහි නවාතැන් ගෙන භාවනාවේ

    යෙදී සිත් සැහැල්ලු කර ගැනීමට සැදැහැවතුන්ට අවකාශය තිබේ. කෙලෙස් පිරි සමාජයෙන්

    ඇත් බවුන් වඩන බුද්ධ පුත්රයන්ට නිවන අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබේවා යි අපි

    ප්රාර්ථනා කරමු.

     

    පියුමි නෙළුමිකා

    ශ්රි ජයවර්ධනපුර විශ්වවිද්යාලය

Home / Articles posted byDigital My Business

25-June-06

මිනිස් හදට සමීපතම ආමන්ත්‍රණය

  1. සංගීතය යනු වයස් භේදයකින්ත්‍, ජාති භේදයකින්ත්භහෝ ආගම් භේදයකින්ත්භතාරව භකායි කවුරුත් එකභෙස

    ආශා කරන භමන්ත් ආදරය කරන භදයකි. සංගීතය මිනිසා සමග ඉතාමත් සමීපව කටයුතු කරන්ත්නකි.

    සංගීතභේ රස වින්ත්දනයට ආගම, ජාතිය භහෝ භාෂාභේ අදාළත්වයක් කිසිභස්ත්ම අවශය භනාභේ. ද්රවිඩ වුව

    , සිංහෙ වුව , මුස්ිම් වුව භමකී කුමන ආගමක, ජාතියක භකභනක් වුව සංගීතභේ රසය විදගැනීමට

    අවකාශයන්ත්පවතී. වභේම සංගීතය මිනිස් හදට භමතරම් සමීප වන්ත්භන්ත්මිනිසාභේ දුභක් දී, සතුභේ දී,

    බභේ දී ආදී ඕනෑම මභනෝභාවයක දී මිනිසා සමගම සමීපව කටයුතු කරන නිසාභවන්ත්මය.

    භමයට භහාදම නිදසුන භෙස තමාට තමාවම හදුනාගන්ත්නට හැකි භේ. මන්ත් අප තනිවම කල්පනා කර

    බැලුවභහාත් දුකක්, සතුටක්, බයක් භහෝ තනිකමක් දැභනන ඕනෑම අවස්තාවක දී සංගීත රාවයකට,

    ගීතයකට අපභේ සවන්ත්භයාමුවන්ත්භන්ත්අපටත් රහභස්මය. භේමභයන්ත්පරාද වීම, ප්රියයන්ත්භගන්ත්භවන්ත්වීම,

    රැකියාව අහිමි වීම ආදී දුක්ිත අවස්තාවන්ත්හි , විවාහ වීම, නව බිළිභදකුභේ උපත, විභාග ජය ගැනීම,

    භේමණීය හමුවීම් ආදී සුිත අවස්තාවන්ත්හි , තමා තමාභේම සිත සමග භපාරබදින විට, පාලුව,කාන්ත්සිය

    දැභනන විට දී පවා අප භකතරම් නම් සංගීතයට ෙැදියාවක් දක්වනවා යන්ත් අපත් භනාදන්ත් අප තුළම

    පවතින රහසකි.

    මානසික සුවතාවයට පමණක්ම භනාව කායික භමන්ත් ආධ්යාත්මික සුවතාවය භවනුභවන්ත්වර්ර්තමානය වන

    විට සංගීතභේ උපභයෝගීතාව වර්ර්ධනය වී ඇත. ශාරීරික සුවතාවන්ත්‍, වයායාම, භයෝගා අභයාස, භාවනා

    වැඩසටහන්ත්ආදිය සදහා අවස්තාවට භයෝගය සංගීත රාවයන්ත්භයාදා ගැනීම අද වන විට එක්තරා

    ගණභේ විොසිතාවක් බවට පත් වී ඇත. අතීතභේ කුමන මේටමක පැවැතියක අද වන විට භෙෝකය පුරාම

    ඇගිි තුභේ දුරින්ත්භම් සියල්ෙම අන්ත්තර්ර්ජාෙය හරහා තමා භවත සමීප කර ගැනීමට හැකි තාක්ෂ් ණයක්

    පවතින නිසාභවන්ත්අවශය වූ විගසම අවශය කරන ඕනෑම ආකාරයක සංගීතයකට සවන්ත්භයාමු කිරීම

    ඉතාමත් පහසු කටයුත්තක් බවට පත් වී ඇත.

    මිනිසාභේ හැගීම්, මභනෝභාවයන්ත්ඕනෑවටත් වඩා ඉස්මතු වන සෑම විටම සංගීතය යනු ඒවා තුෙනය කිරීමට

    භයාදාගන්ත්නා භමවෙමක් වැනිය. නිසාම එකී මභනෝභාවයන්ත්සමතුිතව විදදරාගැනීමට මිනිසාට මහත්

    රුකුෙක් බවට සංගීතය පත් වී ඇත. එදිභනදා ජීවිතභේ දී තමාට දුෂ්කර භමන්ත් අධික සතුටුදායක

    අවස්තාවන්ත්තුෙනය කිරීමට සංගීතය භයාදාගන්ත්නවා භස්ම මභනෝ උපභේශනය වැනි විශාෙ වගකීමක දී

    වුව මිනිසාභේ මනස සුවපත් කිරීභමහිො පවතින ප්රතිකාර අතර වර්ර්තමානභේ දී වැඩි වශභයන්ත්

    ප්රචිතතාවයකට පත් වී ඇති ප්රතිකාරයක් භෙස සංගීතය හදුන්ත්වා දිය හැකිය.

    එය සංගීත ප්රතිකාරය භෙස හදුන්ත්වනු ෙබන අතරම මිනිසාව භසෞන්ත්ර්ර්යාත්මක මාවතකට භයාමු කරමින්ත්

    මිනිසා තුළ පවතින මභනෝභාවයන්ත්තුෙනය භකාට අශිෂ්ට හැගීම් හා සිතිවිි පාෙනය කරමින්ත් හරහා

    සිදුවන අශිෂ්ට හැසිරීම් පාෙනය කිරීම භහෝ මුින්ත් උපුටා දැමීම භම් හරහා සිදු භේ. භමකී සංගීත චිකිත්සාව

    මානසික යහපැවැත්ම වර්ර්ධනය, ආතති කෙමනාකරණය, භේදනාව කෙමනකරණය, පුනරුත්තාපනය

    ආදිය සදහා බහුෙව භයාදාගනී.

    වභේම ආදී කාෙභේ දී භමම සංගීත චිකිත්සාව භයාදාගත් බවට සාක්ි පවතී. චීනය, ඊජිප්තතුව, ග්රීසිය හා

    භරෝමය වැනි රටවල් සදහා ප්රමුඛස්තානයක් ගන්ත්නට විය. 1484 දී පමණ බටහිර රටවෙ භරෝහල් තුළ

    භරෝගින්ත්සදහා භමකී සංගීත චිකිත්සාව භයාදාභගන ඇත. වභේම වර්ර්තමානභේ දී භරෝහල් තුළ භරෝගින්ත්

    නිර්ර්වින්ත්දනය භනාකර සංගීතකයට සවන්ත්භදන්ත්නට සෙස්වා ශෙයකර්ර්ම වෙට භාජනය කිරීභම් ක්රමභේදයක්

    පවතී.

    භම් සියල්ෙක්ම භහ්තුභවන්ත්සංගීතය යනු මිනිස් හදට භමන්ත් මිනිසාභේ මභනෝභාවයන්ත් ඉතාමත් සමීපව

    ආමන්ත්රණය කළ හැකි එකම ක්රමය බවට පත් වනු ඇත.

    චභමෝදයා එදිරිසිංහ

Home / Articles posted byDigital My Business

25-June-05

FOC & BVS -එංගලන්තයේ විසල් ශ්‍රී ලාංකික සැණකෙළියට පණ පොවන BVS

  1. ඔබ එංගලන්තයේ දිවි ගෙවන ශ්රී ලාංකිකයෙක් නම් FESTIVAL OF CRICKET (FOC) ගැන අටුවා ටීකා  අවශ් වන්නේ නෑ.  
    පුරා දශක තුනකට අධික කාලයක් අඛණ්ඩව පැවත එන FOC සැ ණකෙලියට BVS අපි මෙවරත්  අනුග්රාහකත්වය ලබා දෙන්නේ බොහෝ  අභිමානයකින්. Silver Sponsor කෙනෙක් විදිහට.


    FOC සැණකෙලිය පුරා වසර 35 ගමනක් එත්දී 2018 වසරේ ඉදන් BVS ගමනේ සාක්ෂි කරුවන් බවට පත් වුණා.හරියටම කියනවනම් එංගලන්තයේ අභිමානවත් ශ්රී ලාංකික ආයතනයක් විදිහට BVS අපේ ආරම්භක අවුරුද්ද තමයි 2018 කියන්නේ. BVS ආරම්භ වුණේ පවුල් ව්යාපාරයක් ලෙසයි. නමුත් ,අද වන විට එය ශ්රී ලාංකික සමාජයේ සහයෝගයෙන් පෝෂණය වූ, විවිධ සේවා සපයන, විශාල කණ්ඩායමක් සහිත ප්රබල සන්නාමයකි.


    FOC භූමිය BVS සන්නාමය ශ්රී ලාංකිකයන් අතරට ගෙන යාමට ලැබුණු මූලික වේදිකාවක් වූ අතර එමගින් BVS සන්නාමය ශ්රී ලාංකික සමාජය තුළ තහවුරු කරගන්නට, විශ්වාසය දිනාගන්නට, සහ නිරන්තර සන්නිවේදනයක් ඇතිකරගන්නට විශේෂ දායකත්වයක් ලබා දී තිබෙනවා. එපමණක් නොවෙයි අපි හිතනවා  අපේ ගණුදෙනුකරුවන්ට සෘජුව අපිව මුණගැහෙන්නෙ තියන හොදම අවස්ථාව තමයි FOC භූමිය කියල.


    අපි අපේ සුවිශේෂී ප්රවර්ධන කුටිය ජූලි 06, නිර්මාණය කරන්නෙත් ඔබට අභිමානය දැනෙන විදිහට.  එදාට ඔබට පුළුවන් නිවාස සිහිනය යතාර්ථයක් බවට පත් කිරීමේ මූලික අඩිතාලම දමන්න.

    එපමනක් නොවේ ඔබ එන්න.. එදාට BVS MORTGAGES, අපේ ප්රවීණ උපදේශක මඩුල්ල මුණගැසෙන්න. ඔවුන් තොරතුරු බෙදාහැරීමේ පිපාසයෙන් පෙලෙන පිරිසක්.සිහින නිවාසයක සොදුරු යථාර්ථයක් ඔබේ ඇස් මානයට ගෙන එන ක්රියාවලිය ඔවුන් පෙළින් පෙළට විස්තර කිරීමට සූදානම්.


    විශේෂත්වය වන්නේ ඔබට පැනනගින ඕනෑම නිවාස සම්බන්ධ ගැටළුවකට අවස්ථාවේදීම පිළිතුරු ලබා ගත හැකි වීමයි.ඔබට ඔබේ පළමු නිවාසය කරා යන ගමනේදී මතුවන ගැටළු, ඔබ දැනටමත් නිවාස හිමියෙක් නම්..දෙවන නිවාසයෙන් ආදායමක් ලබන දිගු කාලීන ආයෝජන අවස්තා ගැන.. වගේම ඔබට ව්යාපාරික ස්ථානයක්  මිලදී ගන්න අවැසි උවහොත්.. FOC භූමියට පැමින BVS ප්රවර්ධන කුටියට එන්න.ඔබේ සියළු නිවාස අවශ්යතා වෙනුවෙන් කැප වෙන්නට අප සූදානම්.

    ඔබ ඇතැම්විට සිතනවා වෙන්නට පුළුවන් BVS අපි ඔබේ නිවාස සිහිනයට පමණක් කැප වෙන ආයතනයක් කියලා.නමුත් BVS අප ඔබේ අනාගත සුරක්ෂිතතාව ඉහලින් අගයන ඔබට අවැසි මොහොතේ ඔබ ලගින් සිටින ආරක්ෂක ජාලයක් ලෙස හැදින්වීම අතිශෝක්තියක් නොවේ. BVS  සතු සුවිශේෂී ආරක්ෂණ සේවා/protection  services , ඔබේ අනපේක්ෂිත කඩා වැටීම හී දී ශක්තියක් . ඔබට ගැලපෙන ජීවිත ආරක්ෂණයක් (Life insurance), ඔබේ මාසික ආදායමට ආරක්ෂණයක් (Income protection), ඔබේ නිවසට ආරක්ෂණයක් (Home Insurance ) මෙන්ම ඔබේ නිවසේ මාසික වාරිකට ආරක්ෂණයක් (Mortgage protection ) වෙනුවෙන් විවිධ ක්රමවේධ එදිනට අප සමග සාකච්ඡා කල හැකියි. මීට අමතරව ඔබට ගැලපෙන ඕනෑම ආරක්ෂණයක් වෙනුවෙන් වටිනා තොරතුරු අප සතුයි.

    ඒවගේම  BVS LEGAL යනු BVS ජාලයේ තවත් එක් සේවා අංශයක් බව එංගලන්තයේ ජීවත් වන ඔබ හොදින් දන්නා කාරණයක්.FOC භූමියේදී ඔබට BVS LEGAL ආයතනයේ නියෝජිතයින් මුණගැසීමට කදිම අවස්ථාවක් හිමි වනවා. UK සිටින ඔබට UK වල අළුත් වන නීති රීති ගැන , විශේෂයෙන්ම  ආගමන විගමන (Immigration) නීති සම්බන්ධයෙන් , work visas, student visas and specialist role visas සම්බන්ධයෙන්, Sponsorship Application process  සහ මෑතකදී  වෙනස්  වූ නීති පිළිබදව ඔබට යම් අදහසක් ගැනීමට FOC භූමියේ පිහිටා තිබෙන BVS ප්රවර්ධන කුටියට පිවිසෙන්න අමතක කරන්න එපා.


    ඔබ අලුතින් ව්යාපාරක් ආරම්භ කරන්න අවශ්යතාවයකින් සිටින අයෙක් හෝ දැනටමත් ව්යාපාරයක් ආරම්භ කර සිටින කෙනෙක් වේනම් ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ් උපදෙස් ලබා දෙන්න BVS ACCOUNTING උපදේශක මඩුල්ල සූදානමින්. සදහා අවශ් Business advisory Service එක , මීට අමතරව ගිණුම්කරණ සමාගමකින් ඔබ අපේක්ෂා කරන සාමාන් සේවාවන්  (Book  keeping ,payroll ,tax services etc )  පිළිබදවද BVS Accounting වෙතින් ඔබට ලබා ගත හැක .


    එමෙන්ම, අද ව්යාපාරයකට නැතිවම බැරි Digital services සැපයීම සදහා BVS හි තවත් සේවා අංශයක් වන BVS Digital ආයතනයේ නියෝජිතයින්යද මෙම ස්ථානයේදී ඔබට හමු විය හැක. එය Website development, SEO, Copyright and Social Media ආදියට විශේෂිත ඩිජිටල් සහය ලබා දෙන ව්යාපාරික අංශයක් වන අතර, නවීන ඩිජිටල් අවශ්යතා සඳහා ව්යාපාරිකයන්ට සහ පුද්ගලයන්ට උදව් කරන ආකාරයෙන් ක්රියාත්මක වේ.  


    BVS Consultancy යනු BVS හි තවත් ව්යාපාරික අංශයක් වන අතර, විශේෂඥ උපදෙස් සහ විසඳුම් ලබාදීමේ කාර්යය භාරගෙන ඇති ආයතනයකි. ව්යාපාර ආරම්භක උපදෙස්, අධ්යාපනික උපදෙස් සහ විදේශ රැකියා පිළිබඳව පළපුරුදු උපදේශක මණ්ඩලයක් සතුව ඇති BVS Consultancy, සියලුම විශේෂ අවශ්යතා සඳහා ගනුදෙනුකරුවන්ට නිවැරදි තීරණ ගන්න උපකාරී විකල්ප ලබා දීමට සූදානමින් සිටිනවා

    ඉතින් ඔබට දැන් වැටහෙනව ඇති මෙවර FOC භූමියේ BVS භූමිකාව සුළුපටු නොවන වග. එය හුදු ප්රවර්ධන ඉලක්ක සපුරාගැනීමේ සාම්ප්රදායික ගමනක් නොවේ.අද වන විට එංගලන්තයේ සතර කොන රැව්දෙන BVS  සම්නබන්ධයෙන් ඔබ දැනුවත් වුවත් ඔබේ අවශ්යතාව වෙනුවෙන් නිවැරදිව යම් අදහස් ගැනීම අපේ අරමුනයි.

    ඉතින් ඔබට බොහොම විවෘත ආරාධනයක් කරනව, ශ්රී ලාංකිකයින් වෙනුවෙන් එංගලන්තයේ සංවිධාන වන විශාලතම සැණකෙළියට ඔබ එන්නSunday 6th of July , 2025, Hainault Recreation Ground ( IG6 3HX).

    එහි හවුල් කරුවෙක්ව BVS කුටියටත් ගොඩ වෙලා අවශ් දැනුම ලබාගන්න

Home / Articles posted byDigital My Business

25-June-04

යාත්‍රා

  1. යාත්‍රා Live in Concert 2025. මොකක්ද මේ යාත්‍රා කියන්නෙ?
    යාත්රා කියන්නෙ එක්සත් රාජධානියේ වෙසෙන ශ්රී ලාංකිකයින් වෙනුවෙන් Roxsel Entertainment විසින් ගෙන එනු ලබන අව්යාජ සංගීතමය චාරිකාවේ සුවිශේෂ වූ තවත්එක් සංදිස්ථානයක්.

    2. Roxsel Entertainment ගැන යම් දෙයක් කිව්වොත්?
    එක්සත් රාජධානියේ සිටින ශ්රී ලාංකික ප්රේක්ෂකයින්ගෙ හදවතට ලාංකීය සංගීතයේ උසස් රසාස්වාදයක් සහ අමතක නොවන අත්දැකීම් රැසක් නිර්මාණය කිරීමේ කීර්තියක් ලබාගෙන ඇති ආයතනයක් තමයි Roxsel Entertainment කියන්නෙ. මෑත ඉතිහාසය ගත්තම ඔවුන් විසින් සංවිධානය කරපු සුනිලයාමය 2023 සහ ආදරනීය රෝහණ 2024 ප්රසංග සුවිශේෂී තැනක් ගත්තා. දිවයිනේ ආදරණීය සහ ප්රවීන කලාකරුවන් ජාත්යන්තර වේදිකාවට ගෙන එමින් එතෙර ජීවත් වන ශ්රී ලාංකික ප්රජාවට ඉතාමත් විශිෂ්ට සංගීතමය අත්දැකීමක් ලබාදෙන්නට Roxsel Entertainment සෑම මොහොතකම ඉඩ සලස්වනව. මෙම ප්රසංග සම්බන්ධයෙන් ඔවුන්ගේ ගුණාත්මකභාවය සහ නොසැලෙන කැපවීම ඉතා අනර්ඝයි. විශේෂයෙන්ම ශබ්දය, ආලෝකකරණය, සංගීතය සපයන්නන්ගේ සිට වේදිකා නිර්මාණය සහ කලාකරුවන්ගේ පෙළගැස්ම දක්වා දැඩි අවධානයක් යොමු කරනව. ප්රවේශපත් නිකුත් කිරීමෙන් ටික කලක ඉඳන්ම නිරන්තරයෙන් ඒවා අලෙවි වන්නේම මේ සියලු කැපවීම් වල අවසාන ප්රථිඵලයක් වශයෙන්ය. ශ්රී ලාංකීය සංගීතයේ රිද්මය, හැඟීම සහ උරුමය වැනි කාරණා හරහා ඔබ දිගුකාලීන රසිකයෙක් වුවද නවකයෙක් වුවද වයස් බේදයකින් තොරව මෙම ප්රසංගයන්හි මතකයන් ඔබ සියලුදෙනාගේම හිත් වල රැඳී පවතින්නේය.

    3. යාත්‍රා Live in Concert එකට එන ආර්ටිස්ට්ල කවුද?
    මේ වැඩේට ශ්රී ලාංකීය සංගීත ක්ෂේත්රයේ ප්රවීණයින් තිදෙනෙක් වන, සුනිල් එදිරිසිංහ මහත්මයා, කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා සහ දීපිකා ප්රියදර්ශනී මහත්මිය එක් වෙනව. දශක පහකට අධික කලාත්මක හැකියාවන් සහ අත්දැකීම් ඇති සුනිල් එදිරිසිංහයන් ජාතියේ සංගීත අනන්යතාවය හැඩගැසීමේ කාර්යය තුළ ඔහුගේ ආත්මීය හඬ සහ ලබාදුන් සදාකාලික දායකත්වය විශිෂ්ටය. ඔහුගේ අධ්යාත්මික ගැඹුර සහ සුවිශේෂී ගායන විලාසය සඳහා ආදරණීය කරුණාරත්න දිවුල්ගනේ, සම්භාව් සම්ප්රදාය හෘදයාංගම හැඟීම් සමඟ මුසු කරමින් ප්රේක්ෂකයින් සමඟ ගැඹුරින් අනුනාද වේ. ක්ෂෙත්රයේ බලවත්ම සහ ලස්සන කාන්තා හඬක් වන දීපිකා ප්රියදර්ශනී, සම්භාව්, අර්ධ සම්භාව් සහ සමකාලීන ප්රභේද අතර බාධාවකින් තොරව ගමන් කිරීමේ හැකියාව සමඟ වේදිකාවට බහුකාර්යතාව එක් කරයි. මෙම ප්රතිභාපූර්ණ කලාකරුවන් තිදෙනා එක්ව වේදිකාවට දුර්ලභ හා බලගතු සහජීවනයක් ගෙන එන අතර, යාත්රා Live in Concert යනු හුදෙක් තවත් එක් ප්රසංගයක් පමණක් නොවන අතර අව්යාජ ශ්රී ලාංකීය සංගීත ප්රේක්ෂකයින්ට ජීවිතයේ එක් වරක් පමණක් අත්විඳිය හැකි අත්දැකීමක් බවට පත් කෙරෙනවා.

    4. යාත්‍රා ප්‍රසංගයේ කලාකරුවන් මෙතරම් විශේෂ වන්නේ කුමක් නිසාද?
    විශේෂත්වය පවතින්නේ එහි සිටින කලාකරුවන්ගේ පෙළගැස්ම තුළ පමණක්ම නෙවෙයි, ප්රසංග වේදිකාවෙ ඔවුන්ගෙ ඓතිහාසිකව සිදුවන නැවත හමුවීම තුළ . සුනිල් එදිරිසිංහ, කරුණාරත්න දිවුල්ගනේ සහ දීපිකා ප්රියදර්ශනී යනු හුදෙක් සංගීතඥයන්ම නෙවෙයි, ඔවුන් ශ්රී ලාංකික සංගීත ලෝලීන්ගේ පරම්පරා හැඩගස්වා ඇති සංස්කෘතික නිරූපක වේ.

    යාත්රා සැබවින්ම අමතක නොවන ප්රසංගයක් බවට පත් වන්නේ, වසර 25 කට වැඩි කාලයකට පසු පළමු වරට එකම වේදිකාවක ගායනයෙන් එක්වන කරුණාරත්න දිවුල්ගනේ සහ දීපිකා ප්රියදර්ශනීගේ චිත්තවේගීය නැවත එක්වීමයි. මෙම සුහද හමුවීම ඔවුන්ගේ සදාකාලික වූ යුගල ගීතවලට සවන් දෙමින් හැදී වැඩුණු රසිකයින්ට අතීත මිහිරියාව නැවත දනවන මොහොතකි. “අහසයි ඔබ මටසහමුදු මුහුනේවැනි ජනප්රිය ගීත සජීවීව ඔවුන්ගේ හඬින් ගැයෙන අතර ශ්රී ලාංකීය සම්භාව් හා ආදර සංගීතයේ ස්වර්ණමය යුගය නිර්වචනය කළ ගීතවලට සවන් දීමට ප්රේක්ෂකයින්ට අද්විතීය අවස්ථාවක් ලැබෙනු ඇත. බොහෝ දෙනෙකුට, මෙය ප්රසංගයක් පමණක් නොව, සංගීත ඉතිහාසය නැවත අත්විඳීමට පරම්පරාවකට වරක් ලැබෙන තවත් අවස්ථාවකි.

    5. යාත්‍රා – Live in Concert හි සංගීතය පිටුපස සිටින්නේ කවුද?
    මෙහි සංගීත අධ්යක්ෂණය මෙහෙයවනු ලබන්නේ ශ්රී ලංකාවේ වඩාත් ප්රසිද්ධ හා ගෞරවනීය සංගීතඥයෙකු වන සුගත් හෙට්ටිආරච්චි විසිනි. සුගත් සම්භාව් සහ සමකාලීන ශ්රී ලාංකික සංගීතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් තියෙන සුවිශේෂී තරුණයෙක්. ඔහු ක්ෂෙත්රයේ ප්රසිද්ධ කලාකරුවන් රැසක් සමඟ වැඩ කර ඇති අතර, දේශීය හා විදේශීය ප්රේක්ෂකයින් කෙරෙහි සදාකාලික හැඟීම් ඇති කර ඇති චිත්රපට, රූපවාහිනී වැඩසටහන් සහ සජීවී සංගීත ප්රසංග සඳහාද සංගීත අධ්යක්ෂනයෙන් දායකත්වය ලබා දී තිබෙනව.

    වගේම ඔහු සමඟ ශ්රී ලංකාවේ තවත් ප්රවීන සංගීතඥයන් කිහිප දෙනෙකුගෙන් තෝරාගත් කණ්ඩායමක් පැමිණෙනව. එක් එක් අය ඔවුනොවුන්ගේ විෂය ඇතුළෙ ප්රවීණයන් වෙනව. මෙම ප්රභූ වාද් වාදක කණ්ඩායම සමස්ත ප්රසංගය තුළ උසස් වෘත්තීමයභාවය සහ අව්යාජභාවය ඉස්මතු කරනව. ඔවුන්ගේ සාමූහික අත්දැකීම් සහ දස්කම් දශක ගණනාවක් දේශීය වගේම විදේශීය මහාද්වීප පුරාද විහිදී ඇති අතර සුගත්ගේ සංගීත අධ්යක්ෂණය යටතේ, ඔවුන් තාක්ෂණිකව සහ විචිත්රාකාරයෙන් අමතක නොවන සජීවී සංගීතමය අත්දැකීමක් ලබා දෙන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ප්රසංගයේ කලාත්මක බව සමඟ ශ්රව් ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා සුගත් ශ්රී ලංකාවෙන් ඔහුගේ ප්රවීණ ශබ්ද ඉංජිනේරුවරයා ගෙන්වන්නට කටයුතු සකස් කර ඇත.

    6. යාත්‍රා – Live in Concert එක පැවැත්වෙන්නේ කවද්ද, කොහේද?
    ප්රසංගය ලන්ඩනයේ Wood Green හි පිහිටි සුප්රසිද්ධ Dominion Centre හි පැවැත්වෙනව. ප්රධාන ප්රවාහන සම්බන්ධතා වෙත පහසුවෙන් ප්රවේශ විය හැකි ස්ථානයක පිහිටා ඇති Dominion Centre, ලන්ඩනය පුරා සහ ඉන් ඔබ්බට ගමන් කරන සහභාගිවන්නන් සඳහාද කරදරයකින් තොර ගමනක් සහතික කරයි.

    2025 ජුනි 28 වන සෙනසුරාදා ප්රසංගය පැවැත්වීමට අවශ් කරන සියලු කටයුතු නිමා වී ඇත. එදින දොරටු සවස 5:00 විවෘත වන අතර ප්රසංගය සවස 6:00 ආරම්භ කෙරෙනව ( වෙලාවට එන්න ). මේ සංගීතමය සන්ධ්යාව වඩාත් විනෝදජනක කිරීම සඳහා, Roxsel Entertainment එක්සත් රාජධානියේ සුප්රසිද්ධ ශ්රී ලාංකික ආහාර සැපයුම්කරුවෙකු වන Sri Lankan Street Foods සමඟ සම්බන්ධ වී ඇති අතර, සාධාරණ මිල ගණන් යටතේ ප්රණීත ශ්රී ලාංකික ආහාර පාන ඔවුන් විසින් සපයනු ලබයි.

    7. Car Parking ගැන යමක් කිව්වොත්?
    Parking සම්බන්ධයෙන් Dominion Centre අසල පිහිටි The Mall – Wood Green පර්යන්ත දෙකෙහි වාහන නැවැත්වීමේ පහසුකම් සකසා ඇති අතරම ප්රසංගයට සහභාගී වන අයගේ වාහන නැවැත්වීම සඳහා සහනදායි ගාස්තුවක් පිරිනමයි. වට්ටම් සහිත වාහන නැවැත්වීමේ පහසුකම, නිශ්චිත නියමයන් සහ කොන්දේසි වලට යටත් වන බව කරුණාවෙන් සලකන්න. එබැවින් මෙම ප්රතිලාභයෙන් උපරිම ප්රයෝජන ගැනීම සඳහා කල්තියා විස්තර දැන ගැනීමට අමතක නොකරන්න.

    8. ප්‍රවේශපත්‍ර වල මිල ගණන් කොහොමද?
    හැමෝටම අමතක නොවන සම්භාව් සංගීතමය අත්දැකීමක් ගෙන එන්න හැම මොහොතකම උනන්දුවක් දක්වන Roxsel Entertainment විසින් සෑම කෙනෙකුටම වගේ දැරිය හැකි මිලකට ප්රසංගයේ ප්රවේශපත් පිරිනමනව. කාර්යබහුල ජීවිතවල සුහද ඉල්ලීම් සහ ප්රායෝගික ගැටළු වලද වැදගත්කම අවබෝධ කර ගනිමින්, පවුම් 35 කින් ආරම්භ වන ටිකට්පත් මිල ගණන් ඉදිරිපත් කර ඇති අතර, එමඟින් හැමෝටම වගේ මේ සුවිශේෂී සංගීත ප්රසංගය එකට රසවිදින්න පුළුවන් වෙනව.

    9. ප්‍රේක්ෂකයන්ට ප්‍රවේශපත්‍ර මිලදී ගන්න පුළුවන් වෙන්නෙ කොහොමද
    යාත්රා සඳහා ප්රවේශපත්, නිල වෙබ් අඩවියwww.roxsel.comහරහා මිලදී ගන්න පුළුවන්. වැඩිදුර තොරතුරු හෝ ඕනෑම විමසීමක් සඳහා, පහත දුරකථන අංක දෙකෙන් සංවිධායකයින් සෘජුවම සම්බන්ධ කර ගන්න පුළුවන් 07486 861488 / 07846 461488.

    10. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මොනවද?
    මේ ප්රසංගයට හරියටම තව සති තුනක වගේ කාලයක් පමණයි තියෙන්නෙ. ප්රවේශපත් ඉතාමත් වේගයෙන් අලෙවි වෙමින් යන මොහොතක්. ඉතිං තවමත් ඔබේ ප්රවේශපත් වෙන්කරගෙන නැත්නම් ප්රමාද නොවී එය වෙන් කර තබාගෙන ජූනි 8 වෙනි සෙනසුරාදා හවස London Dominion Centre එකට ඇවිත් අපිත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියල ගෞරවයෙන් ආරාධනා කරනව. බොහොම ස්තුතියි.

    Kapila Deshabandu සහ Precila Hewa
Home / Articles posted byDigital My Business

25-June-03

සප්තස්වරයේ සාහිත්‍යවේදියා ඔහුයි. නදීක ගුරුගේ

සාහිත්යවේදියා කවුදැයි ඔබට පවසන්නට මත්තෙන් මේ සටහන මම මෙහෙම පටන් ගන්නම්. නින්දට යනවිට පමණක්ම නොව නිදහසේ සිටිනවිටත් ඇඟිල්ලක් මුවෙහි රුවාගෙන ඉරීම බොහෝ කුඩා දරුවන්ගේ ඇබ්බැහියකි. මේ හේතුවෙන් මුඛයෙහි දත් ඉදිරියට නෙරා ඒම වැනි අලකලංචීන් සිදුවිය හැකි බැවින් මව්වරුන් උත්සහා කරන්නේ කෙසේ හෝ මෙම නරක පුරුද්ද නතරකර ගැනුමටයි. මෙහිදී ඇඟිල්ලේ තිත්ත දෑ ඉලීම,ඇඟිල්ලේ පාන්කඩ එතීම වැනි ක්රම භාවිතය ඉතාමත් සුලබය. එහෙත් මගේ මේ සටහනේ කතානායකයාගේ මව සිදුකොට තිබුණේ අප හීනෙන් හෝ නොසිතනා ක්රියාවකි. එමෙන්ම ආන්දෝලනයකට පවා තුඩුදිය හැකි තරමක මුරණ්ඩු එමෙන්ම ළමා හිංසාවක් යැයි සැලකිය හැකි ක්රියාවකි. එනම් මෙම නොදරුවා අතට ගීතාරුවක් ලබා දීමයි. ගිතාරුවේ ඇදී ඇති තත් අතර තම ළපටි අතැඟිලි යවන දරුවාගේ ඇඟිලි ඉන් කැපී තුවාළ වූ විට ඒවා ඉරීම නවතනු ඇති බව මවගේ හැඟීම විය. සිතූ පරිදිම ඇඟිලි ඉරීම නතර වී තිබූ අතර තවත් සුවිශේෂි ආශ්චර්යමත් දෙයක්ද ඊට සමගාමීව සිදු වී තිබිණ. එනම් මෙම ළදරුවා ගිතාරුව වැයීමට පෙම් බැඳීමයි. එනයින්ම පසුකළෙක හේ ප්රතිභාපුර්ණ ගිතාරුවාදකයෙකු පමණක් නොව අමුතුම මාදිලියේ සංගීතවේදියෙකුද බවට පත්වීමයි. එහෙයින් මව ගත් තරමක් දරුණු තීරණය අපේ රටට තවත් අපූරු සංගීතඥයෙකු බිහිකිරීමට ඉවහල් වූයේ දෛවයේ සරදමක් විලස නොව දෛවයේ ලියා තිබූ ලෙසටය

 

එදා ඇඟිලි කපාගෙන ඒවා ඉරීම අතහැර වෙනුවට ඒවායින් ගිතාරු තත් පිරිමැද අපූරු නාද රටා මවන්නට පටන් ගත්තේ වෙන කවුරුන් හෝ නොව අද අපේ රටම දන්නා නදීක ගුරුගේ නම්වූ ප්රතිභාසම්පන්න ගිතාරු වාදකයාය. අපූරු සංගීතඥයා හා ගායනවේදියාය. ප්රභල සාහිත්යධරයාය. සුන්දර මිනිසාය

 

රටේ පිනට පහළ වූ ආචාර්ය ප්රේමසිරි කේමදාසයන් යටතේ ගීත ගායනයෙන් සංගීත ලොවට පා තැබූ නදීක තරුණයා තම වැඩිමහල් සොයුරු සුමුදු ගුරුගේ ගේ මගපෙන්වීමෙන් ගිතාරු වාදනයටද කුඩා කල පටන්ම හුරු වූයේය. නදීකම පවසනා පරිදි ඔහුගේ සොයුරා ඔහුට පෙන්වා දී තිබුණේ එකම එක ගිතාරු ස්වරයකි. ඉන්පසු ස්වයං අධ්යනයත් සහජ දක්ෂතාවයත් විසින් ඔහු අද සිටිනා සුපිරි තත්ත්වය ඔසවාලනු ලැබිණ

 

ඔහුගේ අතලොස්සක් වූ ගීත සහ ඒවා බහුතරයක තිබෙන ඔහුගේම පද රචනා වෙනනම කතාකළ යුතු එමෙන්ම ඇගැයිය යුතු මාතෘකාය. එමෙන්ම ඔහුගේ සිනමා සංගීතයද ඉතාමත් අපූරු විශාල කතාකාවකට බඳුන් විය යුතු සංගීත වියමන්ය. එහෙත් අපේ රටේ තවමත් එවන් කතිකාවක්, සාකච්ඡාවක් ඇතිවී ඇතිදැයි සැක සහිතය. ඔහුගේ ගැඹුරු හඬ හා හුරුබුහුටි ගිතාරු වාදනය ඔහුටම ආවේනිකය. එයයි ඔහු සතු සුවිශේෂී ගුණය

 

අපේ රටේ සංගීතයේ හැරවුම් ලක්ෂ වූ සුනිල් සාන්තයන් හා ක්ලැරන්ස් විජේවර්ධනයන් නදීකගේ සංගීත ගමනට ආලෝකය සපයන හිරු සඳු වැනිය. ඔහු ඔවුන් ගැන පවසන්නේ ඉමහත් ගෞරවයෙනි. එමෙන්ම නදීකගේ සංගීතයේ ගැබ්වෙන අපේ ජන සංගීතය හා ලෝක සංගීතයේ නාද මාලා වෙන වෙනම විශ්ලේෂණය කොට කිරා මැන බලා කතා කළ යුතුමය. එපමණක් නොව සිංහල හා ඉංග්රීසි බස හැසිරවීමේ ඔහු සතු හැකියාව අද්විතීයය. ඔහු සතු ගැඹුරු සාහිත් ඥානය, ඔහුගේ ලිවීමේ හැකියාව ආදිය තවමත්ඇගැයීමට තබා කතාබහටවත් හසු නොවූ මාතෘකා බැව් කණගාටුවෙන් යුතුව උවද පැවසිය යුතුමය

 

දැනට කෘති කිහිපයක්ම මුද්රණද්වාරයෙන් ලියා පළකොට ඇති නදීක මේ දිනවල තවත් විසල් එමෙන්ම බරසාර කෘතීන් කිහිපයක්ම රචනාකොට අවසන්කොට ඇතිබව මා හට පැවසුවේය. සංගීතය පිළිබඳව කෘතියක් හා අපේ රටේ මිත්යා මතයන් පදනම්කරගත් ප්රබන්ධ නවකතාවක් සිංහලෙන් මෙන්ම ඉංග්රීසියෙන්ද රචනාකොට ඇති හෙතෙම දැන් ඒවයේ සංස්කරණ කටයුතු කරමින් පසුවෙයි. එළැඹෙන සැප්තැම්බරයේ ඒවා පාඨක ඔබ අතට පත්කිරීම ඔහුගේ අරමුණයි

 

ඔහු පිළිබඳව තව නම් ලිවිය යුතු දෑ බොහෝයි. එහෙත් මේ සටහන මා අවසන් කළ යුතුව ඇත. ඉඳින් මා තුළ නලියනා මේ ප්රශ්ණ ඔබටත් ප්රශ්ණයක් සේ ඉතිරි කරමින් හා නදීක ගුරුගේ නම්වූ අපූරු කලාකරුවාට සුබ අනාගයක් පතමින් නතර වීමට මත්තෙන් මෙම ප්රශ්ණ ටික මම මෙසේ ලියා තබමි

නදීක ගුරුගේගේ සංගීත භාවිතය හා ගී පද රචනා අප හරියට කියවාගෙන තිබේද? ඔහුගේ සිනමා සංගීතය පිළබඳව ගැඹුරු කතාබහක් ඇතිවීද? මේ මහා බරසාර සාහිත්යවේදියාව අපි හඳුනාගෙනද?

 

චන්දන ගුණසේකර

Home / Articles posted byDigital My Business

25-June-02

කුරුලෑ නිසා ඔබත් පීඩාවෙන් ද?

ශාරීරිකව මෙන්ම මානසිකව අධිකව පීඩා දෙනකුරුලෑලෙස සාමාන් ව්යවහාරයේ හැඳින්වෙන Acne vulgaris නම් සම ආශ්රිත රෝගී තත්ත්වය කාලීනව (Chronic) හටගනු ලබන බැක්ටීරියා ආසාදිත රෝග අවස්ථාවකි. බටහිර වෛද් විද්යාත්මකව තරුණ අවධියේ ඇන්ඩ්ර්ජන් හෝර්මෝන ක්රියාකාරීත්වය නිසා අධිකව ස්නේහය ශ්රාවය වීම හා බැක්ටීරියා ( _Cutibacterium acnes_ bacteria) ආසාදනයට ලක්වීම කුරුලෑ හට ගැනීමේ රෝග හේතූන් ලෙස සැළකේ. එබැවින්, තාරුණ්යයේ ස්රාවය වන හෝර්මෝන වල අසමතුලිත බවත්, ස්නේහ ශ්රාවී ග්රන්ථි වල අධික ක්රියාකාරීත්වය හේතුවෙන් රෝම කූප (hair follicles) ආශ්රිතව ඇතිවන අවහිරතා පසුව  ආසාදනයට ලක්වීමෙන් (inflammation) කුරුලෑ හටගනු ලබන බව පිළිගැනේ.

 මෙසේ ස්නේහය නිපදවන ග්රන්ථි අවහිරවීමෙන් පසු අවට සමේ සෛල ආසාදනය වී බැක්ටීරියා ක්රියාකාරීත්වය හේතුවෙන් සැරව රැස් වීමෙන් සැරව පිරි විශාල කුරුලෑ (acne) ඇතිවේ

මෙවැනි අවහිරවීමකදී සම මතුපිටට ආසන්න ග්රන්ථි ස්වභාවිකව පුපුරා ගොස් ස්රාව පිටවී යාමෙන් ක්රමයෙන් සම යථා තත්ත්වයට පත් වේ.

නමුත් සමේ මදක් ගැඹුරින් පිහිටි ග්රන්ථියක් අවහිර වීමේදී එය පුපුරා නොගොස් ගෙඩියක් ලෙස ඉලිප්පී පැවතිය හැක

මෙම ගෙඩි වැනි නෙරීම් සමෙහි ස්නේහ ශ්රාවී ග්රන්ථි අධිකව පිහිටන මුහුණ, ගෙල, පිටෙහි හා ඉහළ පපු ප්රදේශයේ බහුලව දක්නට ලැබේ.

 

Black සහ white comedones, macules, papules (බිබිලි), pustules (සැරව සහිත ගෙඩි), cyst (ග්රන්ථි) හා ලප කැළැල් යන විවිධ ආකාරයන්ගෙන්  පීඩාවන් ඇතිකරන රෝග අවස්ථාවක් ලෙසට මෙය සැළකේ.

 

ආයුර්වේද වෛද් විද්යාවේදී රෝග වර්ගීකරණයට අනුව චර්ම රෝග යටතේ ක්ෂුද් රෝග අවස්ථාවක් ලෙස මෙම රෝග අවස්ථාව ප්රබේද වේ.

ප්රධාන රෝග කාණ්ඩයක් ලෙස දක්වා නොමැති වුවද සමාජය තුළ පුද්ගල පෞර්ෂය කෙරෙහි බොහෝ සෙයින් බලපෑම් ඇති කල හැකි, මානසිකව අධිකව පීඩා ගෙන දෙන රෝග තත්ත්වයක් ලෙස සැළකේ. එබැවින් කුරුලෑ යනු වර්තමානයේ බොහෝ දෙනා වැඩි වශයෙන් අවධානය ලබා දෙන සමේ රෝගයක් බවට පත් වී ඇත.

මෙම අවධානය ලබා දීම නිසි වෛද් උපදෙස් යටතේ සිදු නොකිරීමත්, වැරදි ආහාර හා පුරුදු නිරන්තරයෙන් අනුගමනය කිරීමත්, මුහුණට අත් හදා බලන වෛද් උපදේශයකින් තොර වූ ප්රතිකාර ක්රම සිදු කිරීමත් නිසා රෝගය පහසුවෙන් සුව කරගත හැකි අවස්ථාවන් මඟ හැරී යනු ඇත.

නව යොවුන් කාලයේ බහුලව හටගනු ලබන මෙම රෝගයයෞවන පිඩකාහාමුඛ දූෂිකාලෙසට සුශ්රැත සංහිතා ග්රන්ථයෙහි සඳහන් වේ.

ස්පර්ශයෙන් රළු, කටු වැනි නෙරීම් ඇති කරන මෙම රෝග අවස්ථාව වේදනාව, දැවිල්ල, සැරව ගැලීම, කැසීම යන රෝග ලක්ෂණ ස්ථානිකව දක්නට ලැබේ.

වාත හා කඵ දෝෂ විගුණතාවයත්, රස, රක්ත හා මේදස් ධාතූන් දූෂණය වීමත් නිසා රෝගයේ හටගැනීම පිළිබඳව ආයුර්වේද මූලධර්මානුකූලව විස්තර වේ.

 

රෝග හේතු :-

සිරුරේ ඇතිවන හෝර්මෝනමය වෙනස්වීම්

හිසෙහි හිස්සොරි පැවතීම

ජලය අවශ් තරම් පානය නොකිරීම

ඔසප් චක්රයේ අක්රමිකතා

අධික මානසික ආතතිය 

සුව නින්දක් නොලැබීම

රාත්රී කාලයේ අධික ලෙස නිදි වැරීම

ගැඹුරු තෙලේ බදින ලද අධික තෙල් සහිත ආහාර වැඩිපුර ආහාරයට ගැනීම

සමට අහිතකර සැර සබන් හෝ වෙනත් නුසුදුසු සෝදනකාරක භාවිතා කිරීම

රූපලාවණ් ආලේපන වර්ග බොහෝ වේලාවක් ගල්වා සිටීම

සැර ෂැම්පූ වර්ග භාවිතා කිරීම

ඇතැම් රූපලාවණ් නිෂ්පාදන ආසාත්මික වීම

අධික පැණි රස, කැෆේන් අඩංගු පානවර්ග නිතර පානය කිරීම

මුහුණ පිරිසිදු කිරීම නිසියාකාරව සිදු නොකිරීම

දුම්, දූවිලි, අධික හිරු රශ්මිය, විෂබීජ වලට සම නිතර නිරාවරණය වීම

ඇතැම් ඖෂධ හා උපත් පාලන පෙති වර්ග භාවිතය

 

අපිචර්මය යනු මිනිස් සිරුර ආස්තරණය කරමින් පවතින සමෙහි පවතින පිටස්තර සෛල ස්ථරයයි.

මෙය බාහිර පරිසරය හා නිරන්තරයෙන් ගැටෙන බැවින් පහසුවෙන් ආසාදනයන්ට ලක්වීමේ අවධානම නිරායාසයෙන්ම පවතී.

එමනිසා නිවසෙන් පිටත බාහිර පරිසරයේ දූවිලි හා විෂබීජ හා ගැටෙන අවස්ථා වලදී නිවසට පැමිණි වහාම මුහුණ සෝදා පිරිසිදු කරගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය.

එදිනෙදා බොහෝ කටයුතු වල යෙදීමේදී අපේ දෑත් නිරන්තරයෙන් කුණු, දූවිලි, විෂබීජ වලට ස්පර්ශ වේ. දෑත් නොසෝදා මුහුණ ඇල්ලීම සිදු කිරීම මඟින් සියළු විෂබීජ ඔබ මුහුණ කරා පහසුවෙන් ලඟා වෙනු ඇත. එමනිසා අපිරිසිදු දෑත් වලින් මුහුණ ඇල්ලීම සිදු නොකිරීමට වග බලා ගැනීම කුරුලෑ වලින් වැළකීම සඳහා ඔබ විසින් පිළිපැදිය යුත්තකි.

එමෙන්ම ඔසප්වීම් සම්බන්ධ ගැටලු පවතීනම් සම්බන්ධයෙන් ප්රතිකාර වලට යොමු වීම වහාම කළ යුතුය.

හිසේ හිස්සොරි පවතීනම් සඳහා නිවැරදි ප්රතිකාර ලබා ගත යුතු වේ.

බොහෝ කාලයක් තිස්සේ භාවිතා කිරීමෙන් අනතුරුව හිතකර ප්රතිඵල ලැබූ, ඔබට හුරු පුරුදු මුහුණ සේදුම් කාරකයක් (face wash) පවතීනම් එය මුහුණ සේදීමට භාවිතා කිරීම හෝ මෘදු සබන් වර්ගයක් (baby soap) භාවිතා කිරීම සුදුසු .

තෙල් සහිත සමක් පවතී නම් නිතර මුහුණ පිරිසිදු කිරීමත්, මෘදු වාෂ්ප ස්වේද (steam) සිදු කිරීමත් හිතකර ප්රථිඵල ලබා දේ.

පුද්ගල ප්රකෘතිය හා දෝෂ කෝපතාවය සළකා බලා කොහොඹ, කෝමාරිකා, ලොත්සුඹුල්, වැල්මදට, සුදුහඳුන්, රත් හඳුන්, මයිල පොතු, නෙල්ලි, කෝමාරිකා යන සමට හිතකර ශාකමය ඖෂධ වල උපයෝගය තුළින් බාහිර ප්රලේප අඩංගු පුද්ගලානුබන්ධ සාර්ථක චිකිත්සා පද්ධතියක් ආයුර්වේද ප්රතිකාරයේදී සිදු කෙරේ.

අභ්යන්තර ඖෂධ ලෙස රක්ත ශෝධන, පිත් ශමන, මල අනුලෝමන කෂාය, ක්වාත, ගුලි, කල්ක, චූර්ණ, ආසව, ගුග්ගුලු වර්ග භාවිතා කෙරේ.

පංච කර්ම ප්රතිකාර වන වමන, විරේචන, නස් හා ජලෞකා රක්ත මෝක්ෂණය ප්රතිකාරයේදී සාර්ථක ප්රථිඵල ලබා දේ.

 

සතියකට වරක් හෝ දෙවරක් නුගපොතු, බෝ පොතු, අට්ටික්කා පොතු, මයිල පොතු තැම්බූ ඖෂධීය මද උණුසුම් ජලයෙන් මුහුණ සේදීමත් කුඹුක් පොතු සියුම් චූර්ණය මී පැණි සමඟ මිශ් කර හෝ කෝපි කුඩු, මී පැණි හා ලෙමන් යුෂ ඉතා ස්වල්පයක් මිශ් කර මුහුණේ ආලේප කොට මිනිත්තු 20කින් පමණ සෝදා හැරීම කුරුලෑ ඇතිවීම වළක්වා නිරෝගී පැහැපත් මුහුණක් හිමි කරගැනීමට නිවසේදී අනුගමනය කළ හැකි ප්රතිකාරයකි.

 

කුරුලෑ රෝගයෙන් පෙළෙන අයෙක් නම් සඳහා නිවැරදි ප්රතිකාර ලබා ගැනීම සඳහා සුදුසුකම් ලත් වෛද් උපදෙස් යටතේ ආයුර්වේද වෛද් ප්රතිකාර ලබා ගැනීම නිර්දේශ කළ හැකි අතර අභ්යන්තර හා බාහිර ප්රතිකාරයේ ඉහළ සාර්ථකත්වයක් ඇති රෝග අවස්ථාවක් ලෙස සඳහන් කළ හැක.

 

ආයුර්වේද වෛද් නාලිකා හංසිනී ජයතිලක 

BAMS – Colombo (SL)

Home / Articles posted byDigital My Business