25-Oct-13

අපේ සමට අත්‍යාවශ්‍ය කොලජන් සහා සම ආරක්ෂා කිරීම

කොලජන් යනු අපේ ශරීරයේ ස්වභාවික ප්රෝටීන් වර්ගයකි. මෙය සම, ඇට, සන්ධි, කෙස්, නහර හා නිය ආදිය සුරැකීමට ඉතාම වැදගත්ය.
වයස වැඩි වීමත් සමඟ, කොලජන් නිෂ්පාදනය අඩුවීමෙන් සමය රැලි වැටීම, සන්ධි වේදනාව සහ තෙතමනය අඩුවීම සිදු වේ.

මුහුණේ කොලජන් වර්ධනය කිරීමට ක්රම
1.1 ස්වභාවික ප්රතිකාර
අලෝවෙරා ජෙල්රාත්රියේ මුහුණට ආල්පනය කිරෙිමන් සම තදකිරීම; සම තෙතමනය රදා පවතී.
අවකඩෝ Mask – සතියකට 2-3 වරක් භාවිත කිරීමේන් සම පෝෂණය කරයි. මෙම masked Vitamin E හා Omega-3 oil මිශ් කිරීම සමය පෝෂණය වැඩි කරයි
ගොටුකොළ පිටි Mask – කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරයි.
කහ + දෙහි Mask – Vitamin C හා ප්රතිජීවක ද්රව් සමඟ සමය වර්නවත් කරයි
• Face Massage – රුධිර ප්රවාහය වැඩි කර කොලජන් නිෂ්පාදනයට උදව් කරයි.

සප්ලිමන්ට් (Supplements)
• Hydrolyzed Collagen Powder – ජලයට හෝ සෙරියල් වලට එකතු කර ලබා ගන්න. කොලජන් නිෂ්පාදනයට උදව් කරයි.

• Vitamin C + Collagen Capsules – කොලජන් නිෂ්පාදනය සහ පරිවෘත්තිය උත්තේජනය කරයි.
• Biotin + Zinc – සම, කෙස් සහ නහර සුරැකීමට උදව් කරයි.



වාණිජ/වෛද් ප්රතිකාර
• Microneedling – මගින් සමය යළි සකස් කර නව කොලජන් නිෂ්පාදනය උත්සාහ කරයි.
• Chemical Peels – අළුත්, මෘදු සම මතු කරයි.
• Laser Therapy – වයස පෙනුම අඩු කරයි.
• RF (Radio Frequency) Therapy – තාපය මගින් කොලජන් වැඩි කරයි.
• PRP Therapy (Platelet-Rich Plasma) – ඔබේම ලේ භාවිතයෙන් නව කොලජන් වර්ධනය කරයි.



කොලජන් ආරක්ෂා කිරීමට දෛනික උපදෙස්

දින පුරාදී:
• SPF 30+ සන්ස්ක්රීන් භාවිතා කරන්න.
• Vitamin C serum යොදන්න.

රාත්රියේ:
• Collagen-boosting night cream භාවිතා කරන්න.
•6–8 පැය නිදා ගැනීම ඉතාම වැදගත්ය.
කොලජන් වර්ධනය කරන ආහාර
ආහාර වර්ගය
ගොටුකොළ, දෙළුම්
Vitamin C
Vitamin A
Omega-3
බිත්තර, පනීර්
Amino Acids

කොලජන් වර්ධනය සඳහා හොඳම ක්රමය වන්නේ
ස්වභාවික ආහාර ,සත්කාර රටාව ,නිසි විවේකය සහා නිසි ප්රතිකාර සමට එකතු කිරීමයි.

 

දුලාංජලී අලහප්පෙරුම

25-Oct-12

මේ අසරණකමද?

වැරද්ද මොකක් උනත්
සමාව දීලා ළඟට ගන්න තරම්
හිතක් අසරණ වෙද්දී

කොච්චර අඩුපාඩු තිබුණත්
ඒවත් දරාගත
ළඟින් ඉන්න තරම්
හිතක් ශක්තිමත් වෙද්දී

මඟහැර ගිහින් ආයේ ආවත්
ළඟට ගන්න තරම්
වෙලාවකට සමහර හිත්
අනුකම්පා කරද්දී

එයා හිටියට කමක් නෑ
මාත් ආදරෙයි කියන තරමට
ඇයි දෙවියනේ
සමහර ආදර කතා අසරණ වෙන්නේ

ගගන ගුරුගේ

25-Oct-11

ගංගාවේ ගීතය~


අහසට දුක සිතී කඳුළැලි වසින විට
පහසට කඳුළු වල, සොම්නස දැනෙයි මට
කඳුළට කඳුළ එක්වී මා වැඩෙන කොට
රටකට දුක් දෙන්න පුලුවන් වේවි හෙට

පෙරකල නිහඬවම සමුදුර තෙක් ඇදුණී
පින් කල බෝ දනට පැන් පහසුව ලැබුණී
කල හොඳ පසුව නරකෙන් නරකට හැරුණී
කලගුණ නැති නිසාවෙන් හොඳහිත මැරුණී

දැක මිනිසුන්ගෙ හීනව ගිය කුලුණු ගුණේ
දුක අනුකම්පාව යන කිසිවක් දැන් නොදැනේ
නෙක වතු උයන් රට තොට සිරි දකිනු මෙනේ
එක වැස්සෙන්ම උතුරා යමි සතර කොනේ

– තාරක ජයතිලක

25-Oct-09

ශ්‍රී ලංකාව තුළ ක්‍රමවත් මැතිවරණ ක්‍රියාවලියක් උදෙසා

ශ්රී ලංකාව තුළ ක්රමවත් මැතිවරණ ක්රියාවලියක් උදෙසා E – Voting හදුන්වා දීමේදී පවතින අභියෝග

ලොව පුරා සිටින ජනතාවට මැතිවරණවලට සහභාගී වීමට ඉලෙක්ට්රොනික ඡන්දය දීම (E – Voting) ජනප්රිය ක්රමයක් බවට පත්වෙමින් තිබේ. එය වේගවත් ප්රතිඵල, අඩු පිරිවැය සහ බොහෝ පුරවැසියන්ට පහසු ප්රවේශයක් පොරොන්දු වේ. ශ්රී ලංකාවේ, මෑත වසරවලදී විද්යුත් ඡන්දය පිළිබඳ සාකච්ඡා වර්ධනය වී ඇත, විශේෂයෙන් වැඩි සේවාවන් අන්තර්ජාලයට මාරු වන විට මේ ගැන අවබෝධය පුලුල් වී ඇත.එහෙත් මෙම සුවිශේෂි ක්රමවේදය පිටුපස නිහඬ අභියෝගයක් පවතී. සෑම ශ්රී ලාංකිකයෙකුටම සහභාගී වීමට එකම අවස්ථාවක් සහ පහසුකම් නොමැත. සමාජආර්ථික අසමානතාවයන් සහ ඩිජිටල් සාක්ෂරතාවයේ අඩු බව මෙම ක්රියාවලියට පවතින ප්රධාන බාධක වේ.

හොඳ අන්තර්ජාල සම්බන්ධතා, ස්මාර්ට්ෆෝන් සහ නිතිපතා පරිගණක භාවිතයක් ඇති නාගරික ප්රදේශවල බොහෝ දෙනෙකුට, විද්යුත් පද්ධතියක් හරහා ඡන්දය ප්රකාශ කිරීම සරල ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් දුප්පත් ප්රජාවන්හි, විශේෂයෙන් කුඩා නගරවල සහ දුරස්ථ ගම්මානවල, තාක්ෂණයට එදිනෙදා ප්රවේශය තවමත් සීමිතය. සමහර පවුල්වලට පරිගණකයක් හෝ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැත. ඔවුන් එසේ කළත්, දත්ත හෝ නව උපාංගවල පිරිවැය ඉතා ඉහළ විය හැකිය. මෙම මූල් බාධක ඩිජිටල් මෙවලම් පහසුවෙන් භාවිතා කළ හැකි අය සහ භාවිතා කළ නොහැකි අය අතර පැහැදිලි රේඛාවක් නිර්මාණය කරයි. මෙම පරතරය වසා දැමීමට ක්රියාමාර්ගයක් නොමැතිව, විද්යුත් ඡන්දය දීමෙන් තම හඬට අවස්ථාවක් නොමැති ගිය හැකිය.

ඩිජිටල් සාක්ෂරතාවය තවත් ගැටලුවක් එක් කරයි. එනම් කියවීමට සහ ලිවීමට දැන ගැනීම මාර්ගගත පෝරමයක් පුරවන්නේ කෙසේද, මුරපදයක් නිර්මාණය කරන්නේ කෙසේද හෝ වෙබ් අඩවියක ආරක්ෂක පියවර අනුගමනය කරන්නේ කෙසේද යන්න දැන ගැනීම සැමට එක සමාන නොවේ.බොහෝ වැඩිහිටි පුරවැසියන් මෙන්ම තාක්ෂණයට නිරාවරණය නොවන පුද්ගලයින්ට මාර්ගගත ඡන්දයක් ව්යාකූල හෝ බිය උපදවන සුළු විය හැකිය. ඔවුන් වැරදි කිරීමට බිය විය හැකිය හෝ ඔවුන්ගේ ඡන්දය ගණන් නොගනු ඇතැයි කනස්සල්ලට පත්විය හැකිය. තරුණ කණ්ඩායම් අතර පවා, ඩිජිටල් කුසලතා සමාන නොවේ. හොඳින් සන්නද්ධ පාසල්වල සිසුන් ඉක්මනින් උපාංග හැසිරවීමට ඉගෙන ගන්නා අතර, අරමුදල් නොමැති ප්රදේශවල සිටින සිසුන් මූලික පරිගණක භාවිතය සමඟ අරගල කළ හැකිය. පැහැදිලි මග පෙන්වීමක් සහ පුහුණුවක් ලබා නොදුනහොත්, විද්යුත් ඡන්දය ජනගහනයෙන් කොටසක් සඳහා පමණක් මෙවලමක් ලෙස පැවතිය හැකිය.

විශ්වාසය මෙම හිඩැස්වලට සම්බන්ධ වේ. ඉලෙක්ට්රොනික පද්ධතියක් ක්රියා කරන ආකාරය මිනිසුන්ට සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැති විට, ඔවුන් එහි ආරක්ෂාව සහ සාධාරණත්වය ප්රශ්න කළ හැකිය. අනවසරයෙන් ඇතුළුවීම, ඡන්ද අපයෝජනය හෝ තාක්ෂණික දෝෂ පිළිබඳ කනස්සල්ල ඡන්දදායකයින් අලුත් දෙයක් උත්සාහ කිරීමට මැලි කළ හැකිය. ප්රජාතන්ත්රවාදයක් සඳහා, මැතිවරණ කෙරෙහි විශ්වාසය ඡන්දය තරම්ම වැදගත් වේ. එයින් අදහස් කරන්නේ විද්යුත් ඡන්දය පුළුල් පිළිගැනීමක් ලබා ගැනීමට නම් දැනුවත් කිරීමේ ව්යාපාර, සරල උපදෙස් සහ දෘශ් ආරක්ෂණ (Visible Protections) අත්යවශ් බවයි.


ශුභාරංචිය නම් මෙම බාධක ජය ගැනීමට නොහැකි නොවන බවයි. දැරිය හැකි මිලකට අන්තර්ජාල සේවා පුළුල් කිරීම, ප්රජා පුහුණු මධ්යස්ථාන සඳහා සහාය වීම සහ රාජ්පෞද්ගලික හවුල්කාරිත්වයන් දිරිමත් කිරීම මගින් අවාසි සහගත කණ්ඩායම් වෙත තාක්ෂණය සමීප කිරීමට උපකාරී වේ. ජංගම හිතකාමී වේදිකා (Mobile-friendly platforms), දේශීය භාෂා අතුරුමුහුණත් (local language interfaces) සහ පැහැදිලි උපකාරක මාර්ග (clear help lines) පළමු වරට භාවිතා කරන්නන් සඳහා පද්ධති (Systems) පහසු කළ හැකිය. පුරවැසිභාවය පිළිබඳ පාඩම් සමඟ ආරක්ෂිත මාර්ගගත භාවිතයන් ඉගැන්වීමෙන් පාසල් සහ යෞවන සමාජවලට කාර්යභාරයක් ඉටු කළ හැකිය. වෙනත් රටවල මෙන් ශ්රී ලංකාව තුළ මෙය ක්රියාත්මක කීරීමෙන්, එනම් විද්යුත් ඡන්දයට මාරුවීම ප්රජාතන්ත්රවාදය බෙදීම වෙනුවට ශක්තිමත් කරන බව ශ්රී ලංකාවට සහතික කළ හැකිය.

රට තම මැතිවරණ ක්රියාවලිය නවීකරණය කිරීම සලකා බලන විට, තාක්ෂණය පමණක් සාධාරණත්වය හෝ ඇතුළත් කිරීම සහතික නොකරන බව මතක තබා ගැනීම වැදගත් වේ. ඡන්දයක් යනු සෑම පුරවැසියෙකුම වැදගත් බවට අංගයකි.ආදායම, වයස හෝ ඩිජිටල් අත්දැකීම් නොසලකා සියලුම ශ්රී ලාංකිකයින්ට සහභාගී වීමට අවස්ථාවක් ඇති විද්යුත් ඡන්ද (E- Voting) ක්රියාවලිය කරනු සක්රීය කරනු ඇත.

පවිත්‍රා රණතුංග

25-Oct-08

කථනයට බාධා ගෙන දෙන 'ස්වරභේද'

කථනයනොහොත්කතා කිරීමයනු සත්ත්වයන්ගේ ප්රකාශනයේ භාෂාවයි.
එමඟින් තමාට අවශ් දේ තවත් අයෙක් වෙත සම්ප්රේෂණය තුළින් සන්නිවේදනය කිරීමටත්, හැඟීම් හා දැනීම් ප්රකාශනයටත් අවස්ථාව සැළසේ.

අවශ් තැන්හි, නිවැරදි වචන ගැලපීමෙන් අදහස් හුවමාරු කිරීමටත්, අර්ථවත් හා නිරවද් සන්නිවේදනයටත් කථනය අතිශය වැදගත් වේ.

නමුත් ජනගහනයෙන් තුනෙන් එකක ප්රමාණයක් ජීවිත කාලය තුළ කුමන හෝ අවදියක දී කතා කිරීමේ විකෘතිතා ඇති කරන රෝග අවස්ථාවන්ට ගොදුරු වේ.

උස් හඬින් නිතර කතා කිරීම, පාඩම් කිරීමේදී ශබ්ද නගා කියවීම, විෂ ද්රව් පානය කිරීම, හදිසි අනතුරු වලට ලක්වීම සහ වෙනත්රෝග තත්ත්වයන්ගෙන් පසුව හටගන්නා වූ හේතූන් නිසා කටහඬෙහි විකෘතිතා හට ගැනීම සිදුවිය හැක.

පුද්ගලයෙකුගේ සාමාන් කටහඬ හෝ කතාකිරීමේ තීව්රතාවයෙහි වෙනස් කම්/විකෘතිතා ඇතිවීම මඟින් නියමිත ස්වර උත්පාදනය නොහැකි වීම ආයුර්වේද වෛද් විද්යාව තුළ හැඳින්වෙන්නේස්වරභේදනම් රෝග අවස්ථාව ලෙසයි.

ඉහත හේතු කාරණා නිසා වාත දෝෂය වෘද්ධි වීමෙන් අනතුරුව, කෝප වන වාත දෝෂය මගින් අනෙකුත් දෝෂ විකෘති කිරීම මඟින් රෝගය හට ගැනීම සිදුවේ. විකෘති දෝෂ ස්වර උත්පාදනයට අදාල අවයවයන්ගේ නිසි ක්රියාවට බාධා ගෙනදෙමින් ශබ්දය නිකුත් කිරීම අවුරුවා දැමීමත්, ගොරෝසු හඬක් (hoarseness of voice) නිකුත් කිරීමත් සිදු කරයි.

බොහෝවිට වයස්ගත වීමත් සමඟ රෝගය හටගැනීමේ හැකියාව ඉහළ යන අතර පුරුෂ පාර්ශ්වයට සාපේක්ෂව කාන්තාවන් හට රෝගය වැළඳීමේ හැකියාව ඉහළ .

ආයුර්වේද වෛද් විද්යාව තුළ මූකත්ව (ගොලු බව/වචන කථා නොකිරීම), මින්මින (නාසික ස්වරයන්ගෙන් කථා කිරීම) , ගද්ගත (ගොත බව) හා ස්වර නාශ (කථා කිරීමට සම්පූර්ණ හා අර්ධ වශයෙන් බාධා වීම) කථනයට බාධා ගෙනදෙන රෝග අවස්ථාවන් ලෙස තව දුරටත් සඳහන් කොට ඇත.

එමෙන්ම, කථනයේ විකෘතිතා ඇති කරනස්වරභේදරෝග අවස්ථාවක් ලෙස දක්වා ඇති නමුත් ඇතැම් විට වෙනත් ප්රධාන රෝගයක රෝග ලක්ෂණයක් ලෙසද සඳහන් වේ.

වාත දෝෂයේ සාමාන් ක්රියාව විකෘති වීමෙන් කම්පිත ස්වර (trembling voice), ශුෂ්ක ස්වර (dry or hoarse voice), නිර්ඝෝෂ (loss of voice) යන ලක්ෂණ ඇතිවේ. එමනිසා වාත දෝෂයේ ක්රියාව නිවැරදි කරමින් ප්රතිකාර සිදු කරයි.

රෝග ලක්ෂණ :-
උගුරේ වියළි බව/ ගොරෝසු බව
උගුර හා තල්ල ආශ්රිත දැවිල්ල/ වේදනාව
කටහඬ ස්ථාවර නොමැතිවීම
දුර්වල, බිඳුණු හඬක් පිටවීම
ගිලීමේ අපහසු බව
ස්වරය හිරවීම
පෙර පැවති හඬෙහි ගුණාංග වෙනස් වීම (තීව් බව අඩු / වැඩි වීම)
කතාව ඇරඹීම අපහසු වීම
අපහසුවෙන් කතා කිරීම

ඇතැම් මූල ග්රන්ථයන්ට අනුව ස්වරභේද යනු ඌර්දව ජත්රැගත එනම් හිස හා ගෙල ආශ්රිත ප්රදේශය මූලික කොට හටගන්නා කණ්ඨ් රෝගයකි.

උගුර, තල්ල, මුහුණ හා හිස ආශ්රිත රෝග අවස්ථාවන්හිදී ස්වරභේද තත්ත්වය හටගන්නා අතර එය ප්රබේද 6 කි.

වාතජ ස්වරභේද
පිත්තජ ස්වරභේද
කඵජ ස්වරභේද
ත්රිදෝෂජ ස්වරභේද
මේදෝජ ස්වරභේද
ක්ෂයජ ස්වරභේද

වාත, පිත, කඵ දෝෂ මූලික කොටගත් ස්වරභේද අවස්ථාවන්ට අමතරව ත්රිදෝෂජ ස්වරභේද, ස්වර උත්පාදනයට අවශ් වන මාංශ පටක හා ස්වර තන්ත් වල ක්ෂය වීම් හේතුවෙන් හටගන්නා ක්ෂයජ ස්වරභේද හා මේදෝජ ස්වරභේද අවස්ථාව එනම් උගුර හා ස්වර තන්ත් ආශ්රිත ස්නායු පටක වල මේදය තැන්පත් වීම නිසා හට ගන්නා අවස්ථාව ස්වරභේද ප්රබේද ලෙසට සැළකේ.

ඉතා දුර්වල වයස්ගත හා වැහැරීගිය රෝගීන් හට සුව කිරීම අපහසු අසාධ් රෝග අවස්ථාවක් ලෙස මෙම රෝගය දක්වා ඇති අතර බොහෝ කල්ගත වූ, උපතේ සිට පවතින හා අධික තරබාරු, මේදය අධික ලෙස ශරීර පටකයන්හි තැන්පත් පුද්ගලයන් හට රෝගය වැළඳීමේදී, සුව කිරීම අපහසු බව මූලග්රන්ථයන්හි දක්වා ඇත.

ශාරීරික හා මානසික අනතුරු, රසායන ද්රව් ශරීරගත වීම, උගුර ආශ්රිත අර්බුදග්රන්ථි හා පිළිකා තත්ත්ව, ගලගණ්ඩය වැනි උගුර ආශ්රිත රෝගාබාධ, ශල් කර්ම, ඇතැම් ඖෂධ, ආසාත්මිකතා වැනි හේතූන් නිසා ස්වරභේද තත්ත්වයක් ඇති විය හැකිය.

සෙම සහිත උණ හෝ ඇතැම් වෛරස් ආසාදන තත්ත්වයන් වලදී ප්රතිකාර ලබා ගැනීමේදී සාමාන්යයෙන් සති 2 කාලයක් තුළදී කටහඬ යථා තත්ත්වයට පැමිණේ. නමුත් සති 2 කට වඩා වැඩි කාලයක් රෝග ලක්ෂණ පවතින අවස්ථාවකදී රෝග හේතුව නිවැරදිව හඳුනා ගැනීමත් සඳහා ඉක්මන් නිසි ප්රතිකාර ලබා ගැනීමත් අතිශය වැදගත් වේ.

කණ්ඨගත රෝග එනම් උගුර ආශ්රිත ආසාදන හෝ ප්රදාහ තත්ත්වයන්, ස්වර තන්ත් ආශ්රිත ස්නායු හානි, පක්ෂාඝාත, අර්ධිත, හදිසි අනතුරු නිසා කථන ස්ථානයන්ට හානි වීම හා ඇතැම් මානසික රෝග නිසාත් ස්වරභේද හට ගනී.

එමෙන්ම කාස (කැස්ස), ශ්වාස (ඇදුම), තාලු ශෝෂ (තල්ල වියළීම) හා කණ්ඨ රෝග (උගුර ආශ්රිත රෝග) නිසා රෝග ලක්ෂණයක් ලෙස ස්වරභේද හටගනී.

කණ්ඨනොහොත් උගුර යනු කඵ දෝෂය මූලික ස්ථානයකි. එම නිසා නිතර නිතර සෙම් රෝග වැළඳෙන අතර උගුරේ ආසාදනයන්ට (tonsilitis, pharyngitis, laryngitis) වරින් වර ගොදුරු වීම පහසුවෙන් සිදුවේ. එම නිසා කටහඬෙහි සිදුවන වෙනස්වීම් නිරන්තරයෙන් අත්දැකිය හැක.
(Hoarseness of voice, feeble voice, split voice)

උගුර ආශ්රිත රෝගයන්ට හිතකර ඖෂධ ආයුර්වේද ප්රතිකාර තුළ බොහෝසෙයින් අන්තර්ගත වේ.

පලොල් මුල්, උක් මුල්, වැල්මී, තිප්පිලි, වියළි මිදි,එළබටු මුල්, කටුවැල්බටු, බෙහෙත් ගොටුකොළ, කැප්පෙටියා කොළ, ඉරිවේරිය, කප්පරවල්ලිය යන කඵ නාශන හා උගුරේ අභ්යන්තරයේ වියලි බව නැති කිරීමට හිතකර ආයුර්වේදීය ඖෂධයන් ලෙස ප්රතිකාරයේදී බහුලව යොදා ගැනේ.

හිතකර ක්රියා :-
කටහඬට විවේකය ලබා දීම
උස් හඬින් කතා කිරීම, සිනාසීම, කෑගැසීම අවම කිරීම
මද උණුසුම් ජලය පානය කිරීම
ගිතෙල් පානය කිරීම
ශීතකල ආහාර, ආසාත්මික ආහාර නොගැනීම
යෝග අභ්යාසප්රාණායම සිදු කිරීම
දුම් පානයෙන් වැළකීම
ඖෂධීය ද්රව් වලින් සැකසූ මුඛ දාවන සිදු කිරීම

රෝග රෝගී පරීක්ෂාවෙන් අනතුරුව ස්වරභේද රෝග අවස්ථාව සඳහා පුද්ගලානුබන්ධ චිකිත්සා පද්ධතියක් ආයුර්වේද වෛද් ක්රමය තුළ අන්තර්ගත වේ. එමෙන්ම නස්, ධූමපාන, කවල හා ගණ්ඩූෂ ප්රතිකාර මෙන්ම ඖෂධීය කෂාය, චූර්ණ, අවලේහ, කල්ක, අරිෂ්ඨ, ආසව හා රසායන ඖෂධ මඟින් ක්රමවත් චිකිත්සා පද්ධතියක් සිදුකිරීමෙන් සාර්ථක ප්රතිඵල ගෙනදෙන රෝග අවස්ථාවකි.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක
BAMS – Colombo University (SL)

25-Oct-07

කොතලාගල camping

නිසංසලාගේ චාරිකා 

(පළවෙන දිනය )



උදැසන පටන්ම ඇද හැලෙන වර්ෂාව මොහොතකට හිතත් ගැස්සුවා…. සුන්දර කදු මුදුණක් සොයාන කඳවුරු බදින්න මවපු හීන හෙදිලාම යයිදො කියලා හිතුනාවැස්සේ කඳවුරු බැදිම කියන්නේම සීතල කෙසේ වෙතත් මිනින්දෝරු මහත්තුරුන්ගේ ප්රහාරය එපා වෙන නිසා ( කුඩැල්ලො )


උදැසන නිවසෙන් පිටත් වෙන්න සූදානමි උනේ නමයටනමුත් නමයි තිහටයි මම ගෙදරින් පිටත් වෙලා නුවරට යන්න බස් එකට ගොඩ උනේ යන ගමනුත් මගේ මිත්රයන්ගෙන් මම ඇසුවෙි වර්ෂාව ගැන…. කොහොමත් කතා උනා නාන්න හරි දාගත්ත ගමන යමු කියලා…. අපි එහෙමයි….


අපේ ගමනාන්තය තමයි මෙවර වලපනේ කොතලාගල කන්ද…. ගමන යන්න අපි තුන්දෙනෙක් නුවරට එකතුවෙලා ගමන පටන් ගත්තා…. මගදි දින දෙකකට අවශ් කෑම බිම ගන්න නතර උන වෙලාවෙි ආයෙත් වැස්සාඋපුල් මල්ලි නමි කිවුවෙි නාන්න හරි යමං කියලා…. 


අවශ් කරන දේවල් රැගෙන නැවතත් අපි වලපනේ සුන්දර කදු මුදුණ සොයාගෙන යන්න පිටත් උනා…. මගක් යනකොට තමයි කො වැස්ස කියලා හිතුනේ…. වික්ටෝරියා ජලාශය පැත්තට නමි වැස්සක් වැටිලා නෑ මාස ගානකින් තරමට වියලියි පරිසරයම…… දැඩි අවු රශ්මියක් තිබුනේසමහර කදු මුදුන් ගිණිබත් වෙන සැටි සියැසින් දකිමින් ගමන ඉදිරියට ඇදුණා අපි…. 


දහවල් 11.30 පමණ නුවරින් පිටත් උන අපි කඳුකර මාර්ගයන් ඔස්සේ පැමිණියා 2.20 වලපනේ නඟරයට මෙි ගමනට එකතුවෙන භාග්යාව ගන්නඇයවත් රැගෙන හොටලයකට ගොඩ වෙලා දහවල් ආහාරයත් රැගෙන නැවත පිටත් උනා අපට පෙනි පෙනිම තිබෙන සුන්දර කදු මුදුණත සොයාගෙන


මෙි ගමන යන්න තියෙන්නේ වලපනේ රොහල ඇති මාර්ගයේ.. රෝහලට යන මාර්ගයේ කිලොමිටර් දෙකක් පමණ යා යුතුයි කදු මුදුණට ලගා වෙන්න ඇති අඩිපාරට අසලට යන්න


ඇත්තටම මට නමි හිතුනේම වලපනේ කියන්නෙම වලක් කියලා.. තනිකරම වලක තමයි වලපනේ නඟරය තිබෙන්නේඉතිං කාපටි පාරක් දිගේ ඇවිත් ගල් බොරළු මාර්ගයකට සෙන්දු උන අපි මෙි ගමනේ මග විස්තර කියාදුන් චරිත් අයියා පැවසු නිවසට පැමිණියාඅපි පැමිණි යතුරුපැදි ජාලිය අයියාගෙ නිවසේ නතර කර ගමනට සුදාණමි උනේ තවත් වෙලා නොගෙනමයි


හවස 3.30වන විට අපි ගමන පටන් ගත්තාබයිසිකල් දැමු නිවස ලගින් නැවතත් පහල බැහැලා අපි සේන්දු උනේ තවත් නිවසකට යන්න තියන මාර්ගයකටඇත්තෙන්ම නිවැසියන් නමි අපිව පිලිගත්තේ කාලයක් තිස්සේ දන්නා අඳුරන අය වගේ.. තරමට සුන්දර හදවත් ඇති මිනිසුන් මම දැක්කාමයි ගමකගමනට අවශ් වතුරත් අපි පුරවා ගත්තේ නිවසෙන්.. ඉතිං නිවසේ මාමාත් මාමාගේ මිනිබිරියත් අපට කදු මුදුණට ඇතුල් වෙන මාර්ගය පෙන්නූවාමෙි නිවෙස් මායිමෙි ඇත්තේ ගල් වැටියක්.. මෙි ගල් වැටිය එක්කම ඇලක්.. මෙතනින් ගොඩවී යා යුතුයි.. මෙසෙ මේ විදිහට ගල් වැටි බැද තිබෙන්න හේතුව ලැවුගිණි ගමිවැදිම නවතා ගැණිම, වගේම නාය යෑමි වලින් තරමක හො ආරක්ෂාවක් ලබා ගන්නහැබැයි නාය යෑමි වලට වඩා ලැවුගිණි වලට තමයි මෙසේ අඩි දෙක තුනක ගල් වැටි බැද තබන්නේ


කදු පාමුලම ඇති නිවස අසලින් වල් වැදි ඇති ගල් පඩිපෙල් නැඟගෙන අපි පැමිණියා ෆයිනස් යායට…. ඇත්තේ සීග් නැග්මක්කොයි හරියෙන් ගොඩ වෙනවාදැයි සිතාගත නොහැකියිමිට සති කීපයකට පෙර කොතලාගල කන්දේ මෙි ඉසවුව ගිණි අරගෙන.. නිසාම මාර්ගය අපැහැදිලියි.. 


අසා දැනගත් විදිහට කොතලාගල කඳු මුදුණත කුළු හරක් සිටින බව දැගත්තා. නමුත් අපට මග පෙන්වු මාමා පැවසුවෙි කඳු මුදුණත සිටි අහිංසක සතුන්ව ගමෙි මිනිසුන්ම මසට මරා දමා ඇති බවයිඇත්තෙන්ම එයට නමි පුදුම දුකක් දැණුනාකාලෙකට කලින් කොටියන්ද සිටි නමුත් දැන් නමි කිසිදු සතෙක් නැති බවයි මාමා පැවසූවෙි….


අපිට චරිත් අයියා පවසා තිබු විදිහට අපි වමට බර නොවි මෙි සීග් නැග්ම නගින්න පටන් ගත්තාහිතුවාට වඩා අමාරු නැති කන්දක්ෆයිනස් කොල වගේම වැලි බොරු පස නිසා ලිස්සන සුළුයි.. එත් ඉතිං අපිට ඇති හදිසියකුත් නැති නිසා මෙි වටපිට සුන්දරත්වය විදින ගමන් ඇවිද ගියා… 


ටික දුරක් මෙි විදිහට අපි නිසි අඩි පාරක් නොමැතිව හිතුමතේ මුදුණ බලාගෙන ඇවිද ගියේ රසබර කතා එක්ක.. කෙසෙ හො චරිත් අයියා පැවසු කාලෙකට කලින් කරන්ටි ලයින් එකක් ගිය ෆයිනස් ගස් නැති සුන්දර මාර්ගයක් වගේ තැනට පැමිණි විටයි අපිට අඩි පාර මුණගැසුනේෆයිනස් වනාන්තරය ගිනි අරගෙන තිබුණ නිසාම බොහො ගස් බිම වැටිලා.. මාර්ගය වැසි ගිහින්… 


අඩිපාර ඔස්සේ අපි කොතලාග කදු මුදුණේ ඉහලම ස්ථානයට එන විට නමි ඈතින් රන්දෙණිගල ජලාශය වගේම මම නමි නමි නොදන්නා කදු බොහොමයක් දැකගන්න පුළුවන් උනාවර්ෂාව නොමැති වීම නමි හිතට ගෙන දුන්නේ සහනයක්.. 


මෙි කදු මුදුණේ සුන්දරම ස්ථානය.. සුන්දරම කඳවුරු භූමිය වෙතට ලගා වෙන විට හවස පහයි.. මහන්සියක් දැනුණේ නැති තරමි තරමි අපහසු නෑ මෙි කඳු තරණයදවසින් උවත් පැමිණ ගිය හැකි තැනක් බව පැවසිය යුතුමයි…. 


කඳවුරු භූමිය වෙත පැමිණි අපි හතර දෙනාම ඉක්මනින් රෑ බො වෙන්න ප්රතම අපෙ කූඩාරම් දෙක අටවා ගත්තේ ඉක්මනින් තේ කොප්පයක් සාදාගෙන පානය කිරිමෙි හදිසියෙන්……


(රාත්රි කඳවුරු අත්දැකිම සමග දෙවනි කොටසින් හමුවෙමු )


නිසංසලා රණසිංහ  

25-Oct-05

සිහින සරුංගල්

~ නොනැසෙන දිරිය නිති ජය රන්දයි ~

වේදිකා නාට්යය රංගන ශිල්පියෙකු ලෙස ශ්රී ලාංකේය කලා කෙතට දොරට වැඩ

වත්මනේදී අංග රචනා ශිල්පියෙකු, පරිපාලන ශිල්පියෙකු හා නාට්යය

නිෂ්පාදකවරයෙකු ලෙස වේදිකාව තුළත්, නිෂ්පාදන කළමනාකරුවකු,

නිෂ්පාදන සැලසුම්කරණ ශිල්පියෙකු හා ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු හා

අධ්යක්ෂකවරයෙකු ලෙස ටෙලිනාට්යය කර්මාන්තය තුළත් ස්වකීය නිර්මාණ

ප්රතිභාව උත්කර්ෂයට නංවමින් සිටින කලාකාමිඋඑකි තාරක අධිකාරි

නව යොවුන් ළමා වැඩසටහන් ඉදිරිපත්කරන්නෙකු ලෙස මෙරට කලා ලොවට

අවතීර්ණ වෙමින් පසුකාලීනව රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා රැසක

විවිධාකාර ළමා වැඩසටහන් ඉදිරිපත්කරන්නෙකු ලෙසින් අනන් පෞර්ෂයක්

ගොඩනංවාගෙන, ළමා ගීත ගායන ශිල්පියෙකු, ගීත රචකයෙකු, පිටපත්

රචකයෙකු, රංගන ශිල්පියෙකු, අධ්යක්ෂකවරයෙකු හා නිෂ්පාදකවරයෙකු ලෙස

වේදිකා, ටෙලිනාට්යය හා චිත්රපට යන තුන් වැදෑරුම් ශ්රව්දෘශ්

මාධ්යයන්ගේම මෙකලදීත් ක්රියාකාරීව නිර්මාණ කාර්යයේ නියැලෙන

රසකාමියෙකි ආචාර් උපුල් වීරසිංහ.

මොවුන් දෙදෙනාගේම සාකල් රසවින්දනයේත් නිර්මාණවේදයේත්

සමෝධානයේ උත්කෘෂ්ට ප්රතිඵලයක් ලෙස "සිහින සරුංගල්" සිනමාපටය

නුදුරේදීම මෙරට දිවයින පුරා රිදී තිරයන් ප්රතිදීප්ත කරවන්නට සැරසෙන බව

ඉමහත් ප්රීතියෙන් පවසන්නට කැමැත්තෙමි.

උපතින් උරුම වූ ඛේදවාචකයක් ලෙසින් දිළිඳුකමේ අනන්ත ආදීනව නොවලහා

අත්දකින්නට සිදුවුවත්, මරණ මංචකය තෙක්ම එය කරපින්නාගෙන

සදාතනිකව දුක උරුම කරගන්නට අකමැති දිරිමත් නැණවත් පාසල් සිසුවෙකු

ප්රදාන ප්රස්තූතය කොටගනිමින් සිනමාපටය ආඛ්යාන ගතවන බව බැලුබැල්මට

පෙනේ.

"හිත ඇත්නම් පත කුඩාද?" යන පුරාණ ආත්යෝපදේශය සිනමා රූ සරණියක්

ඇසුරුකොටගෙන පසක් කරවීම තිර රචකයා හා අදියුරුවරයා යන කේන්ද්රීය

නිමැවුම්කරුවන් යුගලය සිනමාපටය හරහා ගම් කරවන්නට සැරසෙන

උඩුපෙළත් එමෙන්ම ත්රාඩ අදුරදර්ශී දේශපාලනයේ හා අතිධාවනකාරී

වාණිජකරණයේ අනිටු ඵලවිපාකයන් සමස්ථ සමාජ සංස්ථාවම පාරභෞතික

ආධ්යාත්මික නිර්නායක අතින් පසුගාමීත්වයට පොළඹවන්නට අර ඇඳීම

යටිපෙළ ලෙසත් කියවාගතිමි.

උක්ත උඩුපෙළ හා යටිපෙළ පරිපූර්ණ අයුරින් පසක් වන්නට යථාර්ථවාදී රඟ

සොභාවක් තිරය මතට ගෙනහැරපෑමට සමත් වැඩිහිටි හා ළමා රූපණ වේදීන්

 

සමුදායක් තිර රචනය වටා ඒකරාශි කරගැනීමට අදියුරුවරුන් යුගලය භාග්

සම්පන්න වී ඇති බැව් නොවලහා කිවයුතුය.

ප්රවීණ රංගන ධායකත්වය

රොෂාන් රණවන

හේමසිරි ලියනගේ

ජනක රණසිංහ

ක්ලීටස් මෙන්ඩිස්

සතිෂ්චන්ද් එදිරිසිංහ

චමීර සිල්වා

කුමාර තිරිමාදුර

ආනන්ද අතුකෝරල

උපුල් වීරසිංහ

මනෝහාරි විමලතුංග

ශිරෝමිකා ප්රනාන්දු

උමා කරඳගොල්ල

ළමා රංගන ධායකත්වය

මෙතික සෙනරත්

ඔමාෂි චාතූර්යා

සස්නිත දෙව්මුතු

ලබ්දි හෙසන්යා

සිතුම්දි විහස්නා

සදිනි දිලස්නා

තිර රචකයාගේ තියුණු පෑන් පහරේ නිර්මිත අරුත රිදී තිරය මත

තේජාන්විතව රූප මාධ්යයෙන් ගෙත්තම් කරවීමේ අදියුරුවරයාගේ මුඛ්

කාර්යභාරය ප්රශස්ථව ඉටුකළ හැක්කේ කලා අධ්යක්ෂකවරුන්, කැමරා ශිල්පීන්,

වේශ නිරූපණ ශිල්පීන් හා සංස්කාරකවරුන් යන සිව් වැදෑරුම් නිර්මාණවේදීන්

ස්වකීය මෙහෙය සකසුරුවම්ව අනූපමේයව ඉටුකරලන්නේ නම් පමණි.

 

නිෂ්පාදන කාර් මණ්ඩලය

අධ්යක්ෂණය | තාරක අධිකාරි, උපුල් වීරසිංහ

නිෂ්පාදනය | නවීන් රත්නායක, රෝහණ වන්නිආරච්චි

තිර රචනය | සනත් භාෂ්වර කරුණාරත්න

කැමරා අධ්යක්ෂණය | මංජුල පත්මකුමාර

සංස්කරණය | ශාන් අල්විස්

ශබ්ද සංයෝජනය හා සැලසුම්කරණය | තනුෂ්ක කහඳවල

සංගීත අධ්යක්ෂණය | කිත්සිළු වික්රමසිංහ

අංග රචනය | ජනක රණසිංහ

සහය අධ්යක්ෂණය හා නිෂ්පාදන කළමනාකරණය | චන්දන එදිරිසිංහ

කලා අධ්යක්ෂණයචන්දන ප්රියන්කර

ඇඳුම් නිර්මාණය | ලක්මාල් අතුකෝරල

ගී පද රචනය | පූජ් පාතෙගම ඤාණිස්සර හිමි

ගී ගායනා | ගමිත් නිසංස, ලබ්දි හෙසන්යා

පසුබිම් කථනය | අතුල ජයසිංහ

පසු කාලයට සාපේක්ෂව මෑත කාලයේදී නිකුත් වූ ශ්රී ලාංකේය සිනමාපට

රැසක්ම මෙරට සිනමාලෝලීන් හෘදයාංගමව වැළඳගැනීම ස්වදේශීය සිනමා

කර්මාන්තයේ නියැලෙන මා ඇතුළුව නානාප්රකාරයේ වෘත්තීකයන් හට

සොම්නසට කාරණාවක්ව ඇති බව නොරහසකි. එසේ වන්නට මූලය වන්නට

ඇත්තේ විදේශීය සිනමාපටයන්ට සමාන්තරව උසස් තාක්ෂණික

ප්රයෝගයන්ගෙන් සමන්විතව අර්ථසාරී ප්රතිභාපූර්ණ සිනමා භාවිතාවක් ප්රකට

කරවීම බව නොරහසකි.

ඉතින් එබැවින් උක්ත සිනමා රීතීන් පිළිපදිමින්, උක්ත සිනමා ආනතියම

ආරක්ෂා කරගනිමින් අඛන්ඩව නිර්මාණකරණයේ නියැලීම වත්මන් සොම්නස

වඩවාගැනීමේ එකම සරිලන උපක්රමය බැව් එකී වෘත්තීකයන්ටම ඒත්තු යා

යුතුවෙ තිබේ.

තාරක අධිකාරි හා උපුල් වීරසිංහගේ දෙවන සිනමා සම්ප්රාප්තියට

ආශිර්වාදයක් වන මැයින් චිත්රපට ශාලාවන් වෙතටම සිය ළබැඳියන් සමඟම

ගොස් අරුමැසි සිනමා ආශ්වාදයක් විඳගන්නට ස්වදේශීය සිනමාලෝලීන් හට

 

ලෙන්ගතු සිත් පෙරදැරිව ඇරයුම් කර සිටින්නේ මතු ශ්රී ලාංකේය

සිනමාවලෝකනයේ ප්රභාෂ්වරය නෙතු ගැටෙන්නට හද පුරාවට පතමිනි.

සටහන

හිරාන් ගමගේ

25-Oct-04

එක්සත් රාජධානියේ උරුම බද්ද

එක්සත් රාජධානියේ උරුම බද්ද (Inheritance Tax) – පළමු සාකච්චාව

ශ්රී ලංකාව තුළ inheritance tax නොතිබීම නිසා, UK හි පදිංචි ශ්රී ලාංකිකයන්ට මෙය අලුත් කරුණු කිහිපයක්. නමුත්, මෙම නීති පිළිබඳ දැනුවීම සහ early planning ඔබේ පවුලේ ආර්ථික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට අතිශය වැදගත් වේ.

  1. Inheritance Tax (IHT) යනු කුමක්ද?

ඔබ මිය ගිය පසු ඔබ සතු නිවාස, ඉඩම්, බැංකු තැන්පතු, jewellery, shares, investments වැනි සියලු assets එකතුව estate ලෙස හඳුන්වයි.

  • Estate value £325,000 Nil-rate band ඉක්මුවොත්, ඉතිරි කොටසට 40% IHT අය වේ.
  • නමුත් spouse, civil partner, හෝ registered charity වෙත දී ඇති assets සඳහා IHT නොමැත.
  1. Estate Valuation

Estate value නිවැරදිව ගණනය කිරීම අත්යවශ් වේ, මන්ද estate valuation එක IHT liability නියම කිරීමට මූලික කරුණකි.

  • Assets ලැයිස්තුගත කිරීම – property, money, jewellery, motor vehicles, shares, insurance payouts සහ jointly owned assets සියල්ල මරණය සිදුවූ දිනේ අගය අනුව estate එකට ඇතුළත් කළ යුතුය. 2027 අප්රේල් සිට unspent pension pots සහ death benefits estate value එකට ඇතුළත් වේ.
  • Debts සහ Liabilities අඩු කිරීම – mortgages, household bills, credit card debts, funeral expenses ආදී estate value එක අඩු කර ගණනය කළ යුතුය.
  • Records maintain කිරීම – estate valuation records, asset valuations, gifts history අවම වශයෙන් 20 වසරක් සුරක්ෂිතව තැබිය යුතුය. HMRC විසින් පසුකාලීනව වසර 20 දක්වා විමසීම් සිදු කළ හැක.
  • Gifts within 7 years සහ reservation of benefit gifts – නිවසක් දී තිබුණත් දායකයා තවමත් rent-free වාසය කරනවා නම්, estate value එකට නැවත එකතු කර ගණනය කළ යුතුය.
  1. Nil-rate Band සහ Residence Nil-rate Band (RNRB)
  • Nil-rate band (NRB) – £325,000 tax-free allowance.
  • Residence Nil-rate band (RNRB) – £175,000 extra allowance, ඔබේ ප්රධාන නිවස දරුවන් හෝ දෙමව්පියෝ වෙත උරුම කරන විට.

 මෙය NRB සමග එකතු කළ විට, පුද්ගලයෙකුට £500,000 දක්වා  tax-free limit එකක් ලබා ගත හැක
Married couples / civil partners සඳහා unused allowances transfer කළ හැක. නිසා couple එකට එකතුවෙන් £1 million දක්වා  tax-free limit එකක් ලබා ගත හැක

  1. Estate value £2m ඉක්මුවේ සිදුවන බලපෑම්

Estate අගය £2 million ඉක්මවා තිබේ නම්Residence Nil Rate Band (RNRB) එක ක්රමයෙන් අඩු වේ (tapered withdrawal), estate value වැඩිවීමත් සමඟ home allowance අඩු කරනු ලබයි. මෙවැනි තත්ත්වයන්හි tax planning සඳහා විශේෂ අවධානයක් ලබා ගැනීම අත්යවශ් වේ.

  1. Gifts සහ Allowances
  • වාර්ෂික තෑගි සීමාව (Annual Gift Allowance) – එක් tax year එකක් තුළ £3,000 දක්වා cash හෝ assets තෑගි දී IHT වලින් නිදහස් විය හැක. භාවිතා නොකළ allowance portion එක ලබන වසරට transfer කළ හැක.
  • කුඩා තෑගි (Small Gifts) – £250 අඩු තෑගි IHT ගණනයට ඇතුළත් නොවේ. මෙවැනි තෑගි බොහෝ පුද්ගලයන්ට දිය හැක, නමුත් recipient එම tax year එකේ £3,000 annual allowance භාවිතා නොකල නම් පමණක්.
  • විවාහ තෑගි (Wedding Gifts) – දරුවාට £5,000, මවපියෝගේ දරුවන්ට £2,500, අනෙක් අයට £1,000 දක්වා wedding gifts, විවාහයට පෙර tax-free ලෙස ලබා දිය හැක.
  • Surplus Income Gifts – මාසික income වලින් ඉතිරි surplus portion එක regular payments ලෙස දීම IHT වලින් නිදහස් වේ. මෙවැනි regular payments සදහා proper record-keeping අවශ් වේ.
  • Charity Gifts – charity හෝ qualifying charitable trusts වෙත දෙන gifts සම්පූර්ණයෙන් tax-free වේ. Estate net value 10%+ charities donate කළොත් IHT rate 40% → 36% දක්වා අඩු වේ.
  • Potentially Exempt Transfers (PETs) – තෑගි දෙන පාර්ශවය මරණයෙන් 7 අවුරුද්දකට පසු IHT වලින් සම්පූර්ණයෙන් නිදහස් වේ. නමුත් මරණය මේ කාලය තුළ සිදු වූ විට, gift estate value එකට එකතු කර IHT ගණනය වේTaper Relief යටතේ: 3–4 years → 32%, 4–5 years → 24%, 5–6 years → 16%, 6–7 years → 8% අඩු වේ.
  1. IHT ගෙවීම හා Deadlines

Estate taxation manage කිරීම Executor (Will ඇතොත්) හෝ Administrator (Will නැතිනම්) වගකීම යටතේ සිදු වේ.

  • Direct Payment Scheme – bank accounts වල funds HMRC වෙත direct transfer කර IHT settle කළ හැක.
  • Life Insurance – whole-of-life policy trust ලෙස ලියා තිබේ නම්, payout estate valuation එකට count නොවී tax save කළ හැක.
  • Deadlines – මරණ දිනයෙන් පසු මාස 6 ඇතුළත IHT ගෙවිය යුතුය. ප්රමාද ගෙවීම් සඳහා interest පනවන අතර, estate value වැඩි වූ විට, IHT 10 වසරක් දක්වා installments ලෙස බෙදා ගෙවිය හැක. interest අඩු කිරීමට උපකාරී වුවත්, interest පනවීම තවම සිදු විය හැක.
  • Payment on account – විශාල estate සඳහා, probate finalize වීමට පෙර estate value පරීක්ෂා කර partial tax early pay කිරීම interest අඩු කිරීමට උපකාරී වේ.
  1. Trusts සහ ඒවාගේ බදු බලපෑම්

Trusts,  estate planning සඳහා භාවිතා කළ හැකි අතර, ඒවා ස්වකීය බදු නීති (tax rules) සහිත වේ.ජීවිත කාලය තුළ trust එකට දෙන assets, beneficiary සහ estate valuation එකට බදු බලපෑම් ඇති කළ හැක.

  • Discretionary Trusts – ජීවිත කාලය තුළ trust එකට දෙන assets Nil-Rate Band ඉක්මුවන විට, පළමුව 20% upfront බදු අය වේ; ඉන්පසු 10 වසරකට වරක් “periodic charges” ලෙස 6% දක්වා බදු අයකිරීම සිදු වේ.  
  • Life Interest Trusts (Interest in Possession) – beneficiary (බොහෝ විට spouse) lifetime තුළ trust income හි හිමිකමක් සතු වේ. එම beneficiary මිය යාමේදී trust assets estate valuation එකට ඇතුළත් වේ.
  • Flexible Life Interest Trusts (FLITs) – Will වලදී බොහෝ විට භාවිතා කරයි. spouse income ලබා ගැනීමට හැකි වන අතර, assets දරුවන් වෙනුවට ආරක්ෂා කර තබාගත හැක.
  1. Business Relief (BPR) & Agricultural Relief (APR)
  • Business Relief (BPR) – qualifying business assets, shares, unlisted company shares, business property, machinery වැනි දේ සඳහා 50%-100% IHT relief. Executors HMRC forms IHT400 සහ IHT413 භාවිතා කර claim කළ යුතුය.
  • Agricultural Relief (APR) – family farmland, crops, livestock, stud farms වැනි agricultural assets සඳහා 50%-100% IHT relief යෙදේ. මෙය family farm ownership පරපුරට transfer කිරීමට පහසු කරයි, heavy IHT burden මතු නොවීමට උපකාරී වේ.

Inheritance Tax (IHT) ගැටළුව ඉතා ධනවත් පවුල් වලට පමණක් සීමා නොවේ. නිවාස මිල ඉහළ යාම නිසා, සාමාන් families IHT බලපෑම්ට ලක් විය හැක. සරල වචන වලින්: estate value £325,000 ඉක්මවූ විට (home allowance එක එක් කළොත් £500,000) 40% බද්දට යටත් විය හැක. නීති පිළිබඳ අවබෝධය ලබා ගැනීම ආරම්භක පියවරයි.   ඊළඟ ලිපියෙන්, UK හි පදිංචි ශ්රී ලාංකිකයින්ට estate planning මඟින් ආර්ථික ආරක්ෂාව සහ බදු කාර්යක්ෂමතාව සුරක්ෂිත කරගැනීමේ වැදගත්කම විස්තර කරනු ලැබේ.

අදම කරන සැලසුම, හෙට ඔබේ ආදරණීය පුද්ගලයන්ට ලැබෙන උරුමය සුරක්ෂිත කරයි.