25-Oct-02

මානසික ශක්‍යතා හත (The Seven Inner Strengths)

වරක් බුදුරජාණන්වහන්සේගෙන් කෙනෙක් ප්රශ්නයක් ඇසීය. එනම් විශ්වයේ බලවත්ම ශක්තිය කුමක්ද යන්නයි. උන්වහන්සේගේ ක්ෂණික පිළිතුර වූයේ මනස යන්නයි. විශ්වයේ ශ්රේෂ්ඨතම තත්ත්වය වන බුද්ධත්වය මනසේ ශක්තිය තුළින් ලබන්නකි. මිනිසුන් වන අපට ආගමික සංස්කෘතික වාර්ගික වෙනස්කම් කුමක් වුනත් මනසේ ශක්තිය ශක්යතා හතක් ලෙස අංගුත්තර නිකායේ සත්තක නිපාතයේදි උන්වහන්සේ විසින් උගන්වා තිබේ. එම හත එකින් එක ගෙන බලමු.

1. විශ්වාසය (confidence): අප මේ ශක්තිය ගැන හොඳම උදාහරණය ලෙස ගන්නේ බුදුරජාණන්වහන්සේ . විශ්වයේ ඉහළම සහ දෙවියන්ගේ වන්දනාවට පාත් වූ ආධ්යාත්මික තනතුර වන බුද්ධත්ත්වය උන්වහන්සේ ලබාගත්තේ මේ ශක්තිය මුල් කරගෙනය. තමන් විසින් තමාව විශ්වාස කළ යුතුයි. බුද්ධං සරණං ගච්ඡාමි කියා අප උන්වහන්සේව අනුගමනය කරන්නේ උන්වහන්සේ විශ්වාසයේ ආදර්ශය (role model of confidence) නිසාය.
2. වීර්යය (energy): මේ ශක්යතාව ජීවිතයේ ගැටළු හැල හැප්පීම්වලට මුහුණදීමට අප පුහුණු කරයි. සියල්ල කර්මයෙන් සිදුවේය යන දෛවවාදය (fatalism) ප්රතික්ෂේප කරන බුදුරජාණන්වහන්සේ විසින් කර්මය සැබෑ බලවේගයක් වුවත් එයට ප්රතිවිරුද්ධ නැගී සිටීමේ ශක්යතාව ලෙස මෙය දක්වා තිබේ. මෙම ශක්යතාව ආරම්භ වීර්යය (startup energy) සහ උට්ඨාන වීර්යය (reinforcement energy) ලෙස පියවර දෙකකින් යුක්තය. මුල් පියවර එක සිතින්ම උපරිම කැපවීමෙන් යමක් ආරම්භ කිරීම සඳහා . දෙවෙනි පියවර ඉලක්කය සපිරෙන තුරු වරින් වර ක්රියාවලිය ශක්තිමත් කිරීම සඳහාය.
3. හෘද සාක්ෂිය (conscience): මෙය කෙනෙකුට වැරදි කිරීම සඳහා ලැජ්ජාව ඇති කරයි. ආත්ම ගෞරවය රැක ගැනීමට වංචා දූෂණ පිටු දැකීමට මෙම ශක්යතාව පිටුබලයක් වෙයි. කොතරම් වාසි තනතුරු ලැබුණද තම චරිතය පාවාදීම මේ ශක්යතාව ඇති අය අතින් සිදු නොවේ.
4. අන්තරාය දැකීම (caution): මේ ශක්යතාව ඇති අය වැරදි කිරීමට බිය වේ. යමක් කිරීමට පෙර කීපවරක්ම සිතා බලයි. යම් ක්රියාවක සුන්දර යැයි පෙනෙන ප්රතිඵලයක ඇති සැඟවුනු අනතුර තේරුම් ගනියි. මෙය සහ තුන්වෙනි ශක්යතාව නිවුන් ශක්යතා . දෙකම එකවර භාවිත කිරීම නිසැක ප්රතිඵල ගෙන දෙයි.
5. සිහිය (mindfulness): මෙයින් ලැබෙන ප්රතිඵලය ඉතා විශාලය. කොතරම් කාර්යබහුල වුවද සිදුකරන හැම ක්රියාවක් ගැනම අවධානයෙන් සිටීමට මෙය උපකාරී වේ. අතිශය අවිවේකී කාර්යබහුල ජීවන රටාවක් ඇති වර්තමානයේ මේ ශක්යතාව ඉතා ජනප්රිය මෙන්ම ධනෝත්පාදක ආයෝජනයක් ලෙස මෙ ශක්යතාව විවිධ සංවිධාන සහ ආයතන මගින් market කරනු ලබන්නේ නිසාය. සෑම මොහොතකම කල්පනාකාරීව ක්රියා කිරීමට මෙය උපකාරි වේ.
6. සංසුන්බව (calm): මෙය සහ පස්වෙනි ශක්යතාව නිවුන් වේ. බෝම්බයක් නිෂ්ක්රීය කරන විශේෂඥයෙකු මෙන් ඉතා සංයමයෙන් කටයුතු කිරීමට මෙය උපකාර වේ. අර්බුද විසඳීමේ (conflict resolution) කාර්යයේදී මේ ශක්යතාව මහත් සම්පතකි. මේ ශක්යතාව ඇති අය නොසැලෙයි.
7. ප්රඥාව (wisdom): මෙය විෂයානුබද්ධ දැනුමට වඩා ඉතා උසස් දැනුමයි. ඥාන (knowledge) යනු විෂයානුබද්ධ දැනුමයි. ප්රඥා යනු යමක් දෙස පක්ෂග්රාහී නොවී යථාර්ථය දැකීමේ ශක්යතාව යි. මෙය ඉංග්රීසියෙන් unbiased vision of reality .
අකාලික මනෝවිද්යාවක් වන බුද්ධ ධර්මයෙහි ඉගැන්වෙන මෙම ශක්යතා හත පොදුවේ මානව වර්ගයෙහි සාමාජික වන අපට ආලෝකමත් සහ අවුල් වියවුල්වලින් තොර ජීවිතයක් ගත කිරීමට උපකාරි වේ. බුදුසරණයි!

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි
සාකල්‍ය මනෝවිද්‍යා උපදේශක

25-Oct-01

දෑවැද්දද් මිල

සම්ප්රදායික විවාහයක් සමඟ බැඳුණු දෑවැද්ද, ශ්රී ලාාංකික සමාජයයහි දිගු ඉතිහාසයක් සහිත සම්ප්රදායකි. යකයසේ

යවතත්, නූතන සමාජයේ යමම සාංකල්පය විශාල යවනසේකම්ප්වලට භාජනය වී ඇත. සේීපුරුෂ සමානාත්මතාවය,

අධ්යාපනය සහ ආර්ථික සේවාධීනත්වය වැනි සාධ් මත පදනම්ප් සමාජ ආකල්ප යවනසේ යවමින් පවතින අතර, දෑවැද්ද

පිළිබඳ අදහසේ සැලකිය යුතු යලස පරිණාමය වී තියේ.සම්ප්රදායිකව, දෑවැද්ද සැලකුයේ මව්පපියන් විසින් තම දියණියට

විවාහයේදී ලබායදන තෑග්ගක් යලසය. නිවාස, ඉඩම්ප්‍, ආභරණ, මුදල් යහෝ යවනත් වටිනා යද්පළ යමයට ඇතුළත් විය

හැකිය. යමය දියණියයග් නව ජීවිතය සඳහා ආරම්ප්භක රාග්ධ්නයක් හා ආර්ථික ආරක්ෂාවක් යලස සැලකුණි. සමහර

රයද්ශවල යමය දියණිය විවාහ වූ පසු ඇයග් පවුලට ඇති එකම සම්ප්බන්ධ් වූ අතර, ඇයග් මවුපියන්යග් යද්පළ

යකාටසක් ලබාගැනීයම්ප්අයිතිය තහවුරු කිරීයම්ප්ක්රමයක් විය.

දෑවැද්ද යනු දියණියයග් උරුමයක් මිස මිලදී ගැනීයම්ප්මුදලක් යනායව්ප,” යනුයවන් මහනුවර රයද්ශයේ සම්ප්රදායික

සිරිත් පිළිබඳ පර්ථයේෂකයයකු වන මහාචාර්ථය සුනිල් ආරියරත්න පැහැදිලි කරයි. “යමය ගැහැණු දරුවාට තම පවුයල්

වත්කම්ප්වලින් යකාටසක් ලබාදීයම්ප්ක්රමයක් වූ අතර, ඇයග් ආර්ථික ආරක්ෂාව සහතික කිරීමට උපකාර විය.”

එතුමායග් අදහස වුවද කාලයත් සමඟ, දෑවැද්ද යබායහෝ විට වරදවා භාවිතා කිරීයම්ප්හා අනිසි පීඩනයේ උපකරණයක්

බවට පත්විය. මනාලයායග් පවුල විසින් මනාලියයග් පවුලට අසාධ්ාරණ මූලයමය ඉල්ීම්ප්පැනවීම සාමානය යදයක්

බවට පත්විය. යමම වරදවා භාවිතා කිරීම්ප්යහේතුයවන් 1980 දී ශ්රී ලාංකායව්ප දෑවැද්ද තහනම්ප්කරන නීතියක් සම්ප්මත කරන

ලදී.

“1980 අාංක 18 දරන දෑවැද්ද තහනම්ප්කිරීයම්ප්පනත මගින් දෑවැද්ද ඉල්ීම, ලබාදීම යහෝ රතිග්රහණය කිරීම නීති

වියරෝධී කරන ලදී.”,”නීතිය උල්ලාංඝනය කරන්නන්ට වසර 5 සිර දඬුවම්ප්යහෝ රුපියල් 5,000 දඩයක් යහෝ

යම්ප්යදකම පැනවිය හැකිය.” යනුයවන් නීතිඥ නදීකා ජයතිලක සඳහන් කර ඇත.

යකයසේ යවතත්, යමම නීතිය ක්රියාත්මක කිරීයම්ප්දුෂේකරතා සහ සාක්ි රැසේ කිරීයම්ප්අභියයෝග යහේතුයවන් එය

සැලකිය යුතු යලස අක්රිය වී ඇත.නීතිමය තහනම තිබියදීත්, දෑවැද්ද සමාජයේ සැලකිය යුතු යකාටසක තවමත් පවතින

සම්ප්රදායකි. යකයසේ යවතත්, එය පැහැදිලි පරිවර්ථතනයකට ලක්ව ඇත. අද දින, වියශේෂයයන් නාගරික රයද්ශවල, එය

යබායහෝ විට විවෘතව දෑවැද්ද යලස හඳුන්වනු යනාලැබුවද, “තෑගියහෝසහායයලස මුවා වී පවතී.නාගරික රයද්ශවල,

අපි දැන් අර්ථථානුකූලව දෑවැද්දක් ගැන කතා යනාකළද, නව යුවළට නිවාස, වාහන යහෝ සැලකිය යුතු මුදල් රමාණයක්

ලබාදීම තවමත් බහුලව දක්නට ලැයේ.යබායහෝ ග්රාමීය රයද්ශවල, දෑවැද්ද තවමත් විවාහ සාකච්ඡාවල වැදගත්

යකාටසක් යලසද පවතී.

සමීක්ෂණ අනුව, වයස අවුරුදු 25-35 අතර ශ්රී ලාාංකිකයින්යගන් 68%ක් දෑවැද්ද ලබාදීයම්ප්යහෝ ලබාගැනීයම්ප්

සාම්ප්රදායික සිරිත සමඟ බැදී සිටින බව යපන්වා දී ඇත. යකයසේ යවතත්, 45%ක් තවමත් එය සමහර ආකාරයකින් තම

විවාහවලට සම්ප්බන්ධ්වන බව පිළිගනී.දෑවැද්ද පවුල් මත දැඩි ආර්ථික පීඩනයක් ඇති කරන අතර, සමහර විට ණය

ගැනීමට යහෝ යද්පල විකිණීමට සිදුවීම නිසා දරිද්රතාවයට යහේතු විය හැකිය. එය ගැහැණු දරුවන් සිටින පවුල්වලට වැඩි

බරක් දරන අතර, සමහර යදමාපියන්ට දරුවන්යග් අධ්යාපනය යහෝ තමන්යග් විශ්රාම ජීවිතය සඳහා ඉතිරි කිරීම යවනුවට

දෑවැද්ද සඳහා ඉතිරි කිරීමට සිදුයව්ප.

 

යමය සේීන් යකයරහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. විවාහයයන් පසු දෑවැද්ද සම්ප්බන්ධ්හිාංසනයන්ට යගාදුරු

වීයම්ප්අවදානම ඇති අතර, යබායහෝ විට ඔවුන්යග්වටිනාකමතීරණය කරන සාධ්කයක් යලස අනිසි බලපෑමක් ඇති

කරයි.ශ්රී ලාංකායව්ප කාන්තාවන්යග් අධ්යාපන මට්ටම ඉහළ යාම, ආර්ථික සේවාධීනත්වය සහ වෘත්තීය අවසේථා පුළුල් වීම

නිසා දෑවැද්ද පිළිබඳ සම්ප්රදායික අදහසේ සැලකිය යුතු යලස යවනසේ යවමින් පවතී.කාන්තාවන් වඩාත් සේවාධීන වන විට,

මුදල් උපයන විට සහ තම පවුල්වලට සහාය වන විට, දෑවැද්ද සඳහා ඇති අවශයතාවය සේවාභාවිකවම අඩු යව්ප.වත්මන්

නව පරම්ප්පරායව්ප යබායහෝ යදයනක් යම්ප්සම්ප්රදාය අතහැර දැමීම වාසනාවකි.

දෑවැද්ද නමැති සම්ප්රදාය නීතියයන් තහනම්ප්කර දශක හතරකට වැඩි කාලයක් ගතවී ඇතත්, එය ශ්රී ලාාංකික සමාජයේ

සැලකිය යුතු යකාටසක තවමත් පවතී. යකයසේ යවතත්, අධ්යාපනය, ආර්ථික සේවාධීනත්වය සහ සේී පුරුෂ

සමානාත්මතාවය පිළිබඳ යවනසේ වන ආකල්ප සමඟ, යමම සම්ප්රදාය පරම්ප්පරායවන් පරම්ප්පරාවට ක්රමයයන් යවනසේ

යවමින් පවතී.තරුණ පරම්ප්පරාව, වියශේෂයයන් නාගරික රයද්ශවල, දෑවැද්ද සම්ප්රදාය රතික්යෂේප කළත්, සමාජයේ

සමහර යකාටසේවල යමම භාවිතය ක්රමයයන් යවනසේ වන ආකාරයකින් පවතින බව යපයන්. දෑවැද්ද පිළිබඳ විවෘත සාංවාද

සහ අධ්යාපනය තුළින් සියලු පාර්ථශේවයන්ට ගරු කරන සහ සමාන වූ විවාහ සම්ප්බන්ධ්තාවල මූලධ්ර්ථම පිළිබඳ වැඩි

අවයබෝධ්යක් ලබාදීමට හැකි වනු ඇත.


රවිශානි දේශාලිකා

25-Sep-18

Back Cover

පාළු සුළඟට දැවෙන දෙනෙතට
හඬන්නට තව කඳුළු නැතිවද ?
හිස් අහස මත නුඹේ රූපය
මවන්නට තහනමක් කාගෙද ..?

මතකයන් කටු ඇනී රිදුනද
සුවඳ තාමත් රැඳෙයි හිත මත
නුඹ මගෙන් දුර ඈත ගිය හැටි
සිහිනයක්මයි තවම මා හට

වදන් නොම වූ නුඹේ සෙනෙහස
දෙනෙත් වල ලිය වූ අපූරුව
නුඹයි කීවේ කියවනා ලෙස
නුඹේ නෙත් තුළ රැඳුණ ප්රේමය….

අකුරු වැරදී ගියාදෝ මට
එදා නුඹෙ පෙම කියවනා කල
එක වරක් විත් කියනවද මට
ආදරේ මම කලා ඇත්තට“…

සුරේඛා

25-Sep-17

සංසාර චාරිකාවකි මේ...


ජීවිතේ කියන්නෙම පාසලක්,
හැමදාම අපි එහි ශිෂ්යයන්..
දුක, වේදනාව කියන්නෙම අභියෝගයන්,
දවසක දිනන්නම ඕන පරීක්ෂණයන්..
සමහරක් චරිත වේදිකාවල රගපාද්දී
තවත් සමහරෙක්,
ඇත්ත ජීවිතේම රගමඩලක් කරන්
පව් පින් දෙකම පොදු මිනිස් ධර්මතාවන්,
දවසක කාටත් මුහුණ දිය යුතුවූ
සංසාර චක්රයක්
තනග පිණිබිදක් වන් ජීවිතේ
කොයියම්ම මොහොතක හෝ
ගමන යා යුතුයි
ඉදින් තව තවත් ව්යිරය වපුරා
එහි අස්වැන්න නෙලන්නෙපා
අපෙන් මතු පරපුරක් හෙට තනා
අස්වැන්නේ සිරගත කරනෙපා..
මල් කැකුළට රෝසමලක්ව පිපී
කටු මැද වුවත් ලස්සන ගුණ රැකන්
පිපී දිලෙන්නත්,
තවකෙකුට ආදරේම මිස
ව්යිරය නොදෙන්නත් කියාදී,
මේ රගමඩලෙන් සැනසීමෙන් අපි සමුගනිමු

 

රීනා

25-Sep-16

උපන් මස සහ අපගේ ජීවිතය

අපි මේ ලෝකයට ආවේ විවිධ මසකදීය. සමහරවිට අපගේ උපන් මස අපගේ හැඳුනුම්පතේ මූලික තොරතුරක් පමණක් ලෙස පෙනුනත්, බොහෝ කලාපවල සංස්කෘතික, ආගමික සහ ජෝතිෂ් විශ්වාසයන් අනුව එය අපගේ ජීවිතයට විශේෂ අරුතක් ලබා දෙයි.

 

උපන් මස හා ජෝතිෂ්යය

 

ඇතැම් විශ්වාසයන් අනුව උපන් මස අනුව පුද්ගලයෙකුගේ චරිත ගුණ, පාලන ග්රහ සහ ජීවිතයේ ගමන නියම වේ. උදාහරණයක් ලෙස:

  • ජනවාරි මස උපන් අය ගැටුම් ජයගන්නා ශක්තියක් ඇති අය ලෙස විස්තර කෙරේ.
  • අප්රේල් මස උපන් අය නව සංකල්ප ආරම්භ කරන උද්යෝගශීලී අය ලෙස සැලකේ.
  • අගෝස්තු මස උපන් අය නායකත්ව ගුණ සහ විශ්වාසය ඇති අය ලෙස දක්වයි.

 

මෙය විද්යාත්මක සත්යයක් නොවූවත්, බොහෝ දෙනාට තමන්ගේ උපන් මස හා ග්රහ සම්බන්ධාත්මක කතා රසවත් .

 

උපන් මස හා සංස්කෘතිය

 

ලෝකයේ විවිධ රටවල් තුළ මනුෂ්යයෝ තම උපන් මස සම්බන්ධයෙන් විශේෂ සම්ප්රදායන් පවත්වාගෙන යති.

  • දකුණු ආසියාවේ, උපන් මස සමග බැඳී ඇතිඋපන් රත්රන්” (Birthstone) සහඋපන් මල” (Birth Flower) පිළිබඳ විශ්වාස ඇත.
  • බටහිර රටවල නම්ද, උපන් මසට අදාළ රත්රන් පරම්පරාවක් ඇත. උදාහරණයක් ලෙස, මැයි මසට Emerald රත්රන් හා Lily of the Valley මල සම්බන්ධ කරයි.

 

උපන් මස සහ පුද්ගලික හැඟීම්

 

අපගේ උපන් මස අපට විශේෂ හෝ ආදරණීය හැඟීමක් ලබා දෙයි. උපන් මස පැමිණෙන විට, අලුත් අවුරුද්දක් ආරම්භ වන සේම, ජීවිතය ගැන නව අරමුණු සකස් කරන අවස්ථාවක් වේ.

 

නිගමනය

 

උපන් මස යනු අපගේ හැඳුනුමක කොටසක් පමණක් නොව, ජීවිතයට අලුත් අරුතක් දෙන කාලයක් ලෙසද සැලකිය හැක. එය විද්යාත්මකව සාධාරණ වුවද නොවුවද, අපේ සම්ප්රදා, විශ්වාස සහ මතක වලට එය වටිනාකමක් ලබා දේ.

 

උපන් මස අනුව ගුණාංග, රත්රන් සහ මල්

 

ජනවාරි (January)

  • ගුණාංග: ශක්තිමත්, නායකත්වය ගන්නා, අභියෝග ජයගන්නා.
  • උපන් රත්රන්: Garnet (ගාර්නට්) – ආරක්ෂාව හා ආදරය නියෝජනය කරයි.
  • උපන් මල: Carnation (කර්නේෂන්) – පිරිසිදු ආදරය.



පෙබරවාරි (February)

  • ගුණාංග: සිතල හදවතක්, නිවන් ගුණ සහ කුසලතා.
  • උපන් රත්රන්: Amethyst (ඇමෙතිස්ට්) – සත්යය හා ප්රඥාව.
  • උපන් මල: Violet (වයලට්) – විශ්වාසය.



මාර්තු (March)

  • ගුණාංග: මෘදු, කලාත්මක, සිහින බලය ඇති.
  • උපන් රත්රන්: Aquamarine (ඇක්වමරීන්) – සාමය හා සුභවාදීභාවය.
  • උපන් මල: Daffodil (ඩැෆොඩිල්) – අලුත් ආරම්භ.



අප්රේල් (April)

  • ගුණාංග: නව දේ ආරම්භ කරන උද්යෝගශීලී, ශක්තිමත්.
  • උපන් රත්රන්: Diamond (වැලිමණි) – ශක්තිය හා නිතර ආදරය.
  • උපන් මල: Daisy (ඩේසි) – පිරිසිදු ආදරය.



මැයි (May)

  • ගුණාංග: ආදරය හා සුන්දරත්වයට ආසාවෙන්.
  • උපන් රත්රන්: Emerald (ඉමෙරල්ඩ්) – නිරතුරුව ආදරය.
  • උපන් මල: Lily of the Valley (ලීලී මල) – සත් ආදරය.



ජූනි (June)

  • ගුණාංග: මනෝහර, නාස්තික, හැඟීම් ගැඹුර.
  • උපන් රත්රන්: Pearl (මුතු), Alexandrite – පිරිසිදු බව.
  • උපන් මල: Rose (රෝස මල) – ආදරය හා රහස්යභාවය.



ජූලි (July)

  • ගුණාංග: දීප්තිමත්, ගැඹුරු හැඟීම් සහ ආදරය.
  • උපන් රත්රන්: Ruby (රූබි) – ආදරය හා උණුසුම් හදවත.
  • උපන් මල: Larkspur (ලාර්ක්ස්පර්) – සතුට හා විශ්වාසය.



අගෝස්තු (August)

  • ගුණාංග: නායකත්වය, විශ්වාසය, සමාජිකත්වය.
  • උපන් රත්රන්: Peridot (පෙරිඩොට්) – ශක්තිය හා නිරතුරුව ආදරය.
  • උපන් මල: Gladiolus (ග්ලැඩියෝලස්) – ශක්තිය හා ආදරය.



සැප්තැම්බර් (September)

  • ගුණාංග: විශ්වාසදායක, සාධාරණ, අවංක.
  • උපන් රත්රන්: Sapphire (සැෆයර්) – ප්රඥාව හා ආරක්ෂාව.
  • උපන් මල: Aster (ඇස්ටර්) – විශ්වාසය හා ආදරය.



ඔක්තෝබර් (October)

  • ගුණාංග: නිර්මාණශීලී, නර්මය, මනෝහරත්වය.
  • උපන් රත්රන්: Opal (ඕපල්), Tourmaline – ආදරය හා කලා.
  • උපන් මල: Marigold (මැරිගෝල්ඩ්) – උණුසුම් බව.



නොවැම්බර් (November)

  • ගුණාංග: ශක්තිමත්, කෘතඥතාව සහ අවංක බව.
  • උපන් රත්රන්: Topaz (ටොපාස්), Citrine – සතුට හා ශක්තිය.
  • උපන් මල: Chrysanthemum (ක්රිසන්තමම්) – සතුට.



දෙසැම්බර් (December)

  • ගුණාංග: සතුටු, හොඳ හිත සහ බෙදාගන්නා කම.
  • උපන් රත්රන්: Turquoise (ටර්කොයිස්), Tanzanite, Zircon – ආරක්ෂාව හා හොඳ සිතුම්.
  • උපන් මල: Narcissus (නාර්සිසස්) – ආශාව.

 

අහිමි හිමිකරු

25-Sep-15

නිති පෙරලෙන දුක සැප

ජීවිතයත් හරියට මේ ගතවෙන ඍතු වගේ කියලා හිතෙනවා. සීතලම කාල, ගිනියම් කාල, වැහි කාල වගේම සුලි කුනාටු කාලවල් අපේ ජීවත වලටත් වරින් වර එනවා යනවා.

ඇවිත් යන මේ වෙනස්කම් තුලින් අත්දැකීම් ජීවිතේට එකතු කරගන්නවා වගේම පෙරට වඩා ශක්තිය සම්පන්න පුද්ගලයකු වීම තමයි කල යුතු වන්නේ කියලා හිතනවා. සමහර වෙලාවට මේ ගෙවෙන්නේ හරිම අමරු ඍතුවක් කියලා හිතුන, හිතෙන අවස්ථාවන් ඕන තරම් ඇති. එතනින් ඉදිරියට යන්න, වඩාත්ම කාලීන හා නිවැරැදිම තීරණය ගැනීම තමයි අභියෝගය. අවස්ථානුකූලව කටයුතු කරන්න පුලුවන් නම්, සමහර අමාරු කාල වල තරම් සුන්දරම මතක ජීවිතයට එකතු වෙන්නෙ නැහැ.

ලස්සනම දවස් වගේම හරිම අමාරු දවසුත් තියෙයි. අත හැරෙන්නට නොදී හැමදේම අල්ලාගෙන ඉන්න. හෙට දවස ශක්තිමත් වෙන්න අද දවසේ එකතු කරගත්ත දේවලුත් උදව් කරගන්න.

මොන ඍතුව ආවත්, ජීවිතය දිහා සුබවාදීව බලන එක නම් නතර කරන්න එපා.

දිමුතු සේනාදි

25-Sep-14

Scotland: Dundee Cake



ඉතා පලතුරු රසයෙන් පිරුණු සහ සම්ප්රදායන්ගෙන් අනූන“Dundee cake” යනු කාලයේ පරීක්ෂණයට ලක් වූ ස්කොට්ලන්ත සම්භාව්යයකි. අලංකාර ලෙස සකස් කරන ලද සුමටව සකසා ගත් ආමන්ඩ් සඳහා ප්රසිද්ධ මෙම සැහැල්ලු පළතුරු කේක් 19 වන සියවස දක්වා දිවෙන අතර උත්සව අවස්ථාවන් සඳහා ප්රියතම තේරීමක් ලෙස පවතීනැතහොත් තේ සමඟ සුවපහසු දහවල් සංග්රහයක් ලෙසද ගැළපේ. නිවසේදී නියමාකාරයෙන් “Dundee cake” එකක් සාදා ගන්නේ කෙසේද යන්න දැන් බලමු

අවශ් ද්රව් :-

කේක් සඳහා:
* ලුණු රහිත බටර් ග්රෑම් 175 (මෘදු කළ)
* මෘදු, ලා දුඹුරු සීනි ග්රෑම් 175
* ලොකු බිත්තර 3
* පිටි ග්රෑම් 225
* බේකිං කුඩු තේ හැඳි
* මිශ් කුළුබඩු ග්රෑම් 1
* මිශ් වියළි පලතුරු ග්රෑම් 250 (මුද්දරප්පලම්, සුල්තානා, වියළි මිදි)
* කැබළි කරගත් ග්ලේස් චෙරි ග්රෑම් 50
* කැබළි කරගත් මිශ් ලෙලි ග්රෑම් 50
* දොඩම් ගෙඩියක ලෙල්ලෙන් ගාගත් කුඩු
* කිරි මේස හැඳි 2 (අවශ් නම්)

ටොපිං සඳහා:
* සම්පූර්ණ පොතු රහිත කළ ආමන්ඩ් 25-30

උපදෙස්
1. උඳුන -(160°C (140°C විදුලි ) / 325°F / ගෑස් 3) දක්වා රත් කරන්න. ගැඹුරු සෙන්ටිමීටර 20 (අඟල් 8) වටකුරු කේක් ටින් එකක් බේකිං කඩදාසිවලින් ග්රීස් කර පෙළගස්වන්න.
2. බටර් සහ සීනි සැහැල්ලු හා සුදුමැලි වන තෙක් එකට ක්රීම් කරන්න.
3. බිත්තර එකින් එක එකතු කරන්න, එක් එක් එකතු කිරීමෙන් පසු හොඳින් බීට් කරගන්න. මිශ්රණය කැටි ගැසීමට පටන් ගන්නේ නම්, පිටි මේස හැන්දක් එක් කරන්න.
4. පිටි, බේකිං කුඩු සහ මිශ් කුළුබඩු එකට හලා, පසුව ක්රමයෙන් බැටරයට මිශ් කරගන්න.
5. වියළි පලතුරු, චෙරි, මිශ් ලෙලි සහ දොඩම් ලෙලි කුඩු ඒකාකාරව මිශ් වන තෙක් කලවම් කරන්න. බැටරය ඉතා තද බවක් දැනේ නම්, කිරි ස්වල්පයක් එක් කරන්න.
6. මිශ්රණය සකස් කරගත් කේක් ටින් එකට හැන්දකින් දමා මතුපිට සුමට කරන්න. සකස්කොටගත් ආමන්ඩ් පිළිවෙලට වක්රාකාරයෙන් සකසන්න.
7. පැයසිට 2 දක්වා පුළුස්සන්න, නැතහොත් මැදට ඇතුළු කළ කූරක් පිරිසිදුව එළියට එන තුරු. කේක් එක ඉක්මනින් දුඹුරු පැහැයට හැරේ නම්, foil තීරු වලින් ලිහිල්ව ආවරණය කරන්න.
8. කේක් ටින් එකේ විනාඩි 15 ක් සිසිල් කරන්න, පසුව සම්පූර්ණයෙන්ම සිසිල් වීමට වයර් රාක්කයකට මාරු කරන්න.

සැබවින්ම ස්කොට්ලන්ත ආකාර පිළිස්සීමක් සඳහා උපදෙස්

* ගුණාත්මක වියළි පලතුරු භාවිතා කරන්නහැපෙනසුළු මුද්දරප්පලම් සහ පිම්ඹුනු සුල්තානා සියල්ල වෙනස් කරයි.
* දොඩම් ලෙලි මඟ හරින්න එපා; එය දිදුලන සුලුබවක් සහා ඉතා අගනා රසයක් එක් කරයි.
* සාම්ප්රදායික භාවයක් සඳහා, රසයේ අමතර ගැඹුර සඳහා පළතුරු විස්කි හෝ තැඹිලි යුෂ වල එක රැයකින් පොඟවා ගන්න.

ඩන්ඩි කේක් හොඳින් තබා ගැනීමට
foil කොළ වල ඔතා සති දෙකක් දක්වා වාතය රහිත ටින් එකක ගබඩා කරන්න.

 

චාරුණී පෙරේරා



25-Sep-13

සන්ධි වේදනා ගෙනදෙන වාතරක්ත

වාතරක්ත රෝගය යනු, වාත දෝෂය හා රක්ත ධාතුව මූලික කොට ගෙන ත්රිදෝෂය කෝපවන හා රක්තය දූෂණය වන හේතු කාරණා නිසා හටගන්නා රෝග අවස්ථාවකි.

මෙය, ළමුන් හා ඔසප් වයසේ පසුවන කාන්තාවන්ට කලාතුරකින් වැළඳෙන රෝග අවස්ථාවක් වුවද, ආර්තවය අවසන් වූ කාන්තාවන් හට බහුලව වැළඳෙන රෝගී තත්ත්වයකි.

අධික වේදනාව හා ඉදිමුම යන රෝග ලක්ෂණ සහිත බැවින් බොහෝ දෙනා විසින් සාමාන් ආතරයිටීස් තත්ත්වයක් ලෙස සිතා නිසි රෝග විනිශ්චයකින් තොරව නිවැරදි ප්රතිකාර නොලබා නොසලකා හැරීමෙන්, පසු කාලීනව ස්ථිර අස්ථි විකෘතිතා පවා ඇති කරන රෝග අවස්ථාවක් ලෙස දැක්විය හැක.

වාතරක්ත යන වචනාර්ථයට අනුව වාතය හා රක්තය සම්බන්ධ වීමක් රෝග සම්ප්රාප්තිය කෙරෙහි හේතුවන බව පෙන්නුම් කෙරේ. නමුත් රක්තවාත යන රෝග අවස්ථාව හා මෙම රෝගී අවස්ථාව අතර වෙනස්කම් දක්වයි.

ආඩ්යවාතඑනම් සුවපහසු ජීවිත ගත කරන පුද්ගලයන්ගේ වාත දෝෂයේ විකෘති බව හේතුවෙන් රක්තය දූෂණය වීම නිසා හටගනු ලබන රෝගය ලෙස හඳුන්වන්නේ වාතරක්ත රෝගය යි.

දැවිලි සහිත අධික වේදනාව, සන්ධි ආශ්රිතව රතු වීම,
සන්ධි ඉදිමුම යන ප්රදාහ ලක්ෂණ මෙම රෝගයේදී පළමුව හට ගන්නා අතර ශරීරයේ කෙළවර පිහිටි කුඩා සන්ධීන්ගෙන් එනම් පාදයේ හා අතේ ඇඟිලි අතර පිහිටා ඇති කුඩා සන්ධීන්ගෙන් රෝග ලක්ෂණ ආරම්භ වීම විශේෂිත වේ.

නිසි ප්රතිකාර සඳහා යොමු නොවීමෙන් සන්ධි ක්රියා කරවීමේ අපහසුව, අධික වේදනාව, හන්දිවල තද බව හා සන්ධි විකෘති හැඩයක් ගැනීම සිදුවිය හැක.

බොහෝ විට පිරිමි පුද්ගලයන්ට මෙම රෝග තත්ත්වය වැලඳීමේ අවදානම කාන්තාවන්ට සාපේක්ෂව වැඩි වන නමුත් කාන්තාවන් හට ආර්තවහරණයෙන් පසුව රෝගය වැළඳීමේ අවදානම බොහෝ සෙයින් වැඩිවේ.

වාතරක්ත රෝගය, වාත දෝෂය ප්රධාන රෝග අවස්ථාවක් වුවද පිත හා කඵ දෝෂ සම්බන්ධිත ත්රිදෝෂ ජන් රෝග අවස්ථාවකි.

වාතය හා රක්තය කෝපකරන හේතූන් වාත දෝෂයත්, රක්ත ධාතුවත් දූෂණය කරමින් විකෘති වූ දෝෂධාතු මඟින් වාතරක්ත නම් රෝගය ඇති කරයි.
විකෘති වාත දෝෂය රක්තය අවුරුවා රක්ත ධාතුවේ දූෂණය තව දුරටත් සිදු කරන අතර, දූෂිත රක්තය ශරීරය පුරා පැතිරී ගොස් වාතයේ ක්රියාව අවුරුවාලමින් අතෙහි හා පාදයෙහි ඇඟිලි ආශ්රිතව අධික වේදනාවත් ගෙනදේ.
පසුව පිත දෝෂයද හා එක්ව විවිධාකාර වේදනාවන් හට ගැනීම වාතරක්ත රෝගයේදී සිදුවේ. තවද, කඵ දෝෂයේ විකෘතිවීම නිසා ස්රාව ගැලීම වැනි රෝග ලක්ෂණද දැකිය හැකි වේ.

රක්තය, සම හා මාංශ ධාතු දූෂණය කරමින් හස්තපාද සන්ධි ආශ්රිතව මෙම රෝගය පළමුව හටගනී.
ක්රියාකාරී බවින් අඩු ව්යායාම් වල නොයෙදෙන සුකුමාර පුද්ගලයන් නිතර නිතර පැණිරස භාවිතය, දිරවීමට අපහසු ආහාර භාවිතය වැනි අහිතකර චර්යයා රටා හේතුවෙන් පසු කාලීනව වාතරක්ත රෝගයට පහසුවෙන් ගොදුරුවිය හැකි බව ආයුර්වේද වෛද් ඉගැන්වීම් වල තවදුරටත් සඳහන් වේ.

බටහිර වෛද් විද්යානුකූල සංසන්දනය සමඟ බැලූ විට ගම්භීර වාතරක්ත අවස්ථාව බොහෝ සෙයින් ‘Gout’ රෝගය හා සමානතා දක්වයි. සාමාන් ආතරයිටීස් රෝග අවස්ථාවදී මෙන්ම සන්ධීන් ක්රියාකරවීමට අපහසු වීම, සන්ධීන්ගේ තද බව, ඇවිදීමට අපහසු වීම යන රෝග ලක්ෂණ ක්රමයෙන් හටගන්නා අතර ඇතැම් විට තීව් රෝග ලක්ෂණ එකවිටම ප්රකට වීමේ අවස්ථා පවතී.

 

Gout රෝග තත්ත්වය සිරුරේ පරිවෘත්තිය ක්රියාවලියේ දෝෂ තත්ත්වයක් නිසා ඇතිවන රෝගී අවස්ථාවක් වන අතර අධික තරබාරුව, දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග තත්ත්ව, අධික ලෙස මත්පැන් භාවිතය, ඇතැම් ඖෂධ හා මානසික ආතතිය රෝග හේතු ලෙස දක්වා ඇත. රතු මස් වර්ග, පැණි බීම, මත්පැන්/බියර් වැනි ආහාරපාන නිතර ගැනීම නිසා ශරීරයේ යූරික් අම්ල සාද්රණය වැඩි වීමෙන් මුත්රා සමඟ නිසි ලෙස ශරීරයෙන් බැහැර වීම සිදු නොවීමෙන් යූරික් අම්ල (Uric acid) පදාර්ථ (මොනො සෝඩියම් යුරේට් ස්ඵටික) සන්ධිවල තැන්පත් වීම නිසා Gout රෝගය හට ගැනීම සිදුවේ.

නිරෝගී පුද්ගලයකුගේ සාමාන්යයෙන් සිරුරේ යූරික් අම්ලය නිපදවීම වැඩි වූ විට බැහැර කිරීමේ යාන්ත්රණය මඟින් එය පාලනය වේ. නමුත් මෙම යාන්ත්රණය නිසියාකාරව සිදු නොවීමෙන් ඇතැම් විට අධික ලෙස යූරික් අම්ලය නිපදවීමත්, නිසි ලෙස බැහැර කිරීම සිදු නොවීමත් යන හේතූන් නිසා රුධිරගත යූරික් අම්ල සාන්ද්රනය වැඩි විය හැක. මෙම යූරික් අම්ල පදාර්ථ, විශේෂයෙන්ම සන්ධි, කණ්ඩරා සහ සිරුරේ ඇතැම් වෙනත් පටකවල තැන්පත් වීමෙන් ආශ්රිතව වේදනාව, ඉදිමීම සහ සන්ධි ප්රදාහ තත්ත්වයන් ඇතිවීම සිදුවේ.

මුල් අවස්ථාවේදීම රෝග ලක්ෂණ පෙන්නුම් නොකළද, පසු කාලීනව පළමු ඇඟිලි පුරුක් ආශ්රිතව (first metatarsal joints) රෝග ලක්ෂණ ඇතිවේ.

වාතරක්ත රෝග හේතු :-

ලුණු සහිත ආහාර
අම්ල රසැති ආහාර
අධික කුළු සහ තික්ත රස ආහාර
කෂාරීය ආහාර
අධික පැණිරස ආහාර
අධික තෙල් සහිත ආහාර
උෂ්ණාධික ආහාර
අමු හෝ කලින් සකස් කරන ලද මස් වර්ග
වියළි එළවළු හා රූක්ෂ ධාන් වර්ග
ජලජ සත්ත්ව මාංශ
මීකිරි සහ මාළු ආදී වශයෙන් වූ විරුද්ධ ආහාර
අජීර්ණ ආහාර
ආහාර දිරවීමට පෙර නැවත ආහාරයට ගැනීම
නිරාහාරව සිටීම හා බොහෝ අඩුවෙන් ආහාර ගැනීම
නියමිත වේලාවට ආහාර නොගැනීම
පෝෂ් ගුණයෙන් අඩු ආහාර ගැනීම
උක්පැණි, කොල්ලු, උඳු, රාබු වැනි ආහාර අධිකව පරිභෝජනය කිරීම.

මත්පැන් පානය කිරීම
දහවල් නිදා ගැනීම
රාත්රී නිදි වැරීම
නිතර කෝප ගැනීම
අධික මානසික ආතතිය
අධික සීතලට නිරාවරණය වීම
රක්ත ශෝධනය නිසිපරිදි සිදු නොකිරීම
අධිකව ව්යායාම කිරීම හා ව්යායාම නොකර සිටීම
පිහිනීම වැනි ජල ක්රීඩා වල නිතර යොමු වීම
මල, මුත්රා වැනි පිට කල යුතු වේගයන් පිට නොකර දරා සිටීම
හදිසි අනතුරු
බොහෝ වේලාවක් පාද පහළට හෙළා දීර්ඝ ගමන්බිමන් වල යෙදීම

ඉහත සඳහන් අහිතකර ආහාර හා චර්යා රටා, වාතරක්ත රෝගයට හේතු වන බව ආයුර්වේද මූලග්රන්ථයන්හි දක්වා ඇති බැවින් එම හේතූන්ගෙන් වැළකීමෙන් රෝගය හටගැනීම වළක්වා ගත හැක. එමෙන්ම රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් අහිතකර ආහාර හා චර්යයා රටාවන්ගෙන් වැළකීමත්, හිතකර ආහාර හා චර්යයාවන් අනුගමනය කිරීමත් විශේෂයෙන් සිදුකළ යුතුය.

රෝග ලක්ෂණ :-

අධිකව දහඩිය දැමීම හෝ සාමාන් පරිදි දහඩිය දැමීම අඩුවීම
ශරීරය කළු පැහැ ගැනීම
ස්පර්ශය අපහසු බව
සන්ධීන්ගේ ලිහිල් බව ඇතිවීම
අලස බව, දුර්වල බව
අත්පා වල බර බව
හිරිය
සන්ධි ආශ්රිත කැසීම
කුඩා බිබිලි හට ගැනීම

වාතරක්ත ප්රබේද:-
1. උත්ථාන වාතරක්ත
2. ගම්භීර වාතරක්ත

මීට අමතරව,
1. වාත ප්රධාන වාතරක්ත
2. පිත්ත ප්රධාන වාතරක්ත
3. කඵ ප්රධාන වාතරක්ත
4. රක්ත ප්රධාන වාතරක්ත
ලෙස ප්රමුඛ වන දෝෂය අනුව ප්රබේද වේ.

උත්ථාන වාතරක්තරෝග අවස්ථාවේදී, සම සහ මාංශ (මස්) ආශ්රිතව රෝග ලක්ෂණ හටගන්නා අතර සම මත තුවාල ඇති වීම, කැසීම, සන්ධි ඉදිමීම, දැවිල්ල, අනින්නාක් බඳු වේදනාව, සම දුඹුරු/කළු, රතු පැහැයක් ගැනීම හා ස්රාව ගැලීම වැනි ලක්ෂණ දැකිය හැක. මෙය වාතරක්ත රෝගයේ ප්රාථමික අවස්ථාව වශයෙන් දැක්විය හැකිය.

ගම්භීර වාතරක්තඑසේත් නැති නම් අස්ථි, ඇටමිදුළු, ආශ්රිතව නොයෙක් විෂ පදාර්ථ තැන්පත් වීමෙන් හටගන්නා රෝග තත්ත්වය රෝගයේ උත්සන්න අවස්ථාවයි. ඉදිමුම හා සන්ධීන්ගේ තද ගතිය, දාහ, වේදනා, සපර්ශ කිරීමේ අපහසුබව, පැසවීම වැනි ප්රදාහ ලක්ෂණ මෙහිදී දක්නට ලැබේ.

රෝග ප්රතිකාර :-
රෝගයේ නිවැරදි විනිශ්චය සඳහා රෝගරෝගී පරීක්ෂාව සඳහා රෝග ඉතිහාසය ඉතා වැදගත් වේ. ඇතැම්විට පවුලේ සාමාජිකයන් අතර රෝග ඉතිහාසයක් පැවතීමද රෝගය හටගැනීමට හේතුවක් විය හැක.
Serum uric acid මට්ටම පරීක්ෂා කිරීම තුළින් රෝග තත්ත්වයේ තීව් තාවය හඳුනා ගැනීම ඉතා පහසු වේ.

මෙම රෝගය ශරීරයේ විෂ පදාර්ථ තැන්පත් වීමක් නිසා හටගන්නා රෝග අවස්ථාවක් බැවින්පංචකර්මප්රතිකාර මඟින් සිරුරෙන් එම විෂ සහිත දොස් බැහැර කිරීම ආයුර්වේද මූලධර්මානුකූලව චිකිත්සාවේදී සිදු කරයි.

සඳහා විරේක, වස්ති,රක්ත මෝක්ෂණය යන පංච කර්ම ප්රතිකාර මෙන්ම, අවස්ථානුකූලව විශේෂිත බාහිර ප්රතිකාර ලෙස ප්රදේහ, පරිශේක, අභ්යංග ප්රතිකාර සිදු කෙරේ.
කෂාය, ගුලි, කල්ක, ගුග්ගුලු, චූර්ණ ඖෂධ මඟින් අභ්යන්තර ප්රතිකාර ලබා දීමෙන් ශෝධන හා ශමන ප්රතිකාර පද්ධතියක් පුද්ගල ප්රකෘතිය, රෝගයේ තීව්රතාවය, රෝගයේ හා රෝගියාගේ ශක්තිමත් බව සළකා බලා ආයුර්වේද වෛද්යවරයා විසින් තීරණය කරනු ලැබේ.

රෝගය පිළිබඳ මනා දැනුවත් බව තුළින් රෝගය හටගැනීම වළක්වා ගැනීමත්, රෝග ලක්ෂණ හඳුනාගත් වහාම සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්යවරයෙක් වෙත ගොස් ඉක්මන් ප්රතිකාර ලබා ගැනීමෙන් රෝගී තත්ත්වය උත්සන්න වීම වළක්වා ගැනීමත් අතිශය වැදගත් වේ.

ආයුර්වේද වෛද් නාලිකා හංසිනී ජයතිලක
BAMS – Colombo (SL)

25-Sep-12

හිරුන්දි තිරන්‍යා වික්‍රමසිංග

ශ්රි ලාංකේය නිවේදන ක්ෂ්රේත්රයේ අභිමානය ජාත්යාන්තරයට රැගෙන යන මෑත කාලයේ බිහි වූ ආදරණීය පුංචි සුරංගනාවිය……

හිරුන්දි තිරන්යා වික්රමසිංග


01. හිරුන්දි….මේ දවස්වල කොහොමද ජීවිතේ ?

හරිම සතුටින් ජිවිතේ ගත කරනවා.

02. මෑතකදී සම්මාන උලෙලවල් ද්විත්වයකින් සම්මාන පිදුම් ලැබුවා නේද ?Diamond Excellence Awards 2025 සම්මාන උළෙලේ ලැබුණ සම්මානය ගැන මතක් කළොත් ?

හරිම වටිනා අවස්ථාවක් තමයි Diomend Excellence Award 2025 කියන්නේ. දකුණු ආසියාවේ පවත්වපු සුවිශේෂි සම්මාන උළෙලක් තමයි ඒක. ඉතිං මට ගිය මාසේ සාරංගනාවී රන් සම්මානයත් ලැබුණා. ඉතින් රන් සම්මානයට පස්සේ Diamond සම්මානයත් ලැබීම මට හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.



03. Sri Lankan Top 100 සම්මානයෙන් ද පිදුම් ලැබීමටද අපේ පුංචි දියණියට හැකි උනා. ශ්‍රී ලංකාවේ දක්ෂයින් 100 අතරට තේරී පත්වීම ගැන ඔයාට දැනෙන හැඟීම මතක් කළොත් ?

මට ලැබෙන හැම සම්මානයක්ම මට ලොකු විශේෂත්වයක් එක්ක තමයි ලැබෙන්නේ. මගේ මුල්ම සම්මානය 2021 Future Leader සම්මානය. ඉතිං එදා 2023 Future Leader කෙනෙක් විදිහට සම්මානනිය කරපු අහස මීඩියා අද මට ශ්රි ලංකාවේ හොඳම දක්ෂයින් 100 අතරට එකතු කලා. මට හැකි උනා Sri Lankan Top 100 සම්මානය දිනාගන්න. මම හිතනවා මාමේ එදා අහස මීඩියා මට දීපු අඩිතාලම උඩ මම ලොකු මාලිගාවක් හැදුවා කියලා. මම ගොඩක් වැඩ කරලා තමයි මේ සම්මානය ලබාගත්තේ. ඒක නිසා ගොඩක් සතුටුයි.




04. හිරුන්දි අපිට ආරංචි වුණා ඔයා මේ දවස් වල අලුත්ම කලා කටයුතු ටිකක් නාලිකා මෙන්ම ආයතන එක්ක ආරම්භ කරලා තියෙනවා කියලා. ඒ අලුත් වැඩකටයුතු මොනවද ?

මම මාමේ ඇත්තටම අලුත් වැඩක්, අලුත් Team එකක් එක්ක කරන්න මේ දිනවල කටයුතු කරනවා. ගැන විස්තර ළඟදීම කියන්නම්. තව නිවේදන අංශවල පවත්වන දේශන වල ආරාධිත දේශන වලටත් ආරාධනා ලැබිලා තියෙනවා. දැනට නුවර/කොලොන්නාව/දේශන වලට සහභාගි වෙලා තියෙනවා. සැප්තැම්බර් 13 ගාල්ලේ දේශනයකටත් සහභාගි වෙනවා. මගේ නිවේදන අත්දැකීම් මගේ යහළුවන් එක්ක බෙදාගන්න එක මට සතුටක්.




05. නිවේදන ක්ෂේත්‍රට ආරම්භය ලබාගත්තේ කොහොමද ?

ඒක අහම්බෙන් සිදු වුණු දෙයක්. මගේ හොඳම යහළුවා දිනේලි. ඉතින් දිනේලිගේ තාත්තා මගේ දක්ෂතා දැකලා මාව සිරස TV ආයතනයට අදුන්වලා දුන්නා. එතනදි ටෂ්මා නැන්දා/විරාජ් මාමා/චන්ද්රිකා නැන්දා ළමයි ගොඩක් අතරින් මාව තෝරාගෙන තිබුණා.



06. පාසලේ කටයුතුත් සමග නිවේදන කටයුතු කළමනාකරණය කර ගන්නේ කොහොමද ?


ඒකට නම් මගේ අම්මා තමයි ලොකුම වගකීම ගන්නේ. අම්මා මාත් එක්ක එකතු වෙලා දවසේ වැඩ ප්ලෑන් කරනවා. සමහර දවස් අපිට දිගයි. නින්ද අඩුයි. ඒත් අපි දවසේ වැඩ දවසේම ඉවර කරනවා. අපි නිදහසේ හොඳ කැපවීමෙන් වැඩ කරනවා.


07. හිරුන්දි කියලා කියන්නේ ජාත්‍යන්තර ජයග්‍රහණයන් ලබපු කෙනෙක්. දේශීය මෙන්ම විදේශීය ලබාගත් ජයග්‍රහණ ගැන මතක් කළොත් ?

ඒක වෙනමම අත් දැකීමක්. ජිවිතේ අමතක නොවන එකක්. තමන්ගේ රට වෙනුවෙන් ලෝකේ තියෙන ලොකුම Stage එකේ තමයි අපි ඉදිරිපත් කිරිම් කරේ. මට දවසේ තමයි මගේ රට ගැන ලොකුම ලොකු දෙයක් දැණුනේ. හරිම ශක්තියක් දැනෙනවා. අපේ ජාතික කොඩිය ලගදී. විවිධ රටවල් 30 ක් ඉන්දියාවේ ප්රාන්ත 29 ළමයි ඉදිරියේ මගේ උපරිමය කලා. ලෝකයෙම 3 ස්ථානය සහ Best team player ශ්රි ලංකාවට අරගෙන ආවා.


08. නිවේදනයට අමතරව මේ දවස් වල රංගන කටයුතුවලත් නියැලෙනවා නේද ?

ඔව් වේදිකා නාට්යයක රංගනයෙන් දායක වෙනවා. වෙනස්ම අත්දැකීමක්. ටෙලිනාට් වලටත් ආරාධනා නම් ලැබිලා තියෙනවා. ගැන නම් තාම හිතනවා. ඊට අමතරව මම Tebale Tennis ක්රීඩාව කරනවා. නිවේදන වලට අමතරව දැනට වැඩි කාලයක් දෙන්නෙ ක්රීඩාවටයි.



09. නිවේදන ක්ෂේත්‍රය සම්බන්ධ වැඩමුළු යම් ආයතන සමඟ එකතුවෙලා කරනවා නේද ?

ඔව් ඇත්තටම මගේ නිවේදන සහ හඬ කැවීම් වල අත් දැකිම මම වගේම පුංචි යහළුවන්ට බෙදා දෙන්න මම හරිම ආසාවෙන් ආරාධිත දේශන වලට සහභාගි වෙනවා. පුංචි අපි හැමෝටම දක්ෂතා තියෙනවා. මම ආසයි මගේ අත්දැකීම් වලින් ප්රයෝජන අරගෙන මම වගේ හැමෝම ඉදිරියට යන එකට. දැනට මම ආයතන කිහිපයක් එක්ක ආරාධිත දේශන වලට සහභාගි වෙනවා. ඉදිරියේදි ගොඩක් වෙනස් වැඩක් ආයතනයක් සමග කරන්න බලාපොරොත්තු වෙනවා.


10. හිරුන්දි ඔයාගේ ඉදිරි බලාපොරොත්තු මොනවද ?

මම හරිම ආසයි හැමෝටම මට පුළුවන් උදව්වක් කරගෙන සතුටින් ජීවත් වෙන්න. මගේ අම්මා මට නිතර පුරුදු කරන දෙයක් තමයි අපිට කාටහරි උදව්වක් කරන්න පුළුවන් පලවෙනි අවස්ථාවෙම දේ කරන්න කියන එක. අපි හැමෝටම විවිධ දක්ෂතා තියෙනවා. අපි හැම වෙලාවෙම අනිත් අයගේ පුංචි දක්ෂතාවයක් උනත් අගය කරන්න ඕනි. අපේ අත්පුඩි හැම වෙලාවෙම අනුන් වෙනුවෙන් ගැහෙනවා නම් අපිට අත්පුඩි නිකම්ම ලැබෙනවා.


සටහනබුද්ධික පින්නදුව