ඩිල්ෂාන් මනුජය

ඩිල්ෂාන් මනුජය කියන්නේ කවුද කියලා මම ඇහුවොත් ඔයා මොකක්ද දෙන උත්තරය?

මම පොළොවෙ පයගහල ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්. ගොඩක් වෙලාවට මම මම ගැන කියනවට වැඩිය මිනිස්සු මම ගැන දක්වන ආකල්පය තමයි මට වටින්නේ .ඒක නිසා මම ගැන මමම අඳුන්වා දෙනවට වැඩිය ඔයාලා මම ගැන දන්න විදිහ මට වටිනවා.

 ඔබගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද?

මට bsc in computer science විද්‍යාවේදී උපාධියක් සහ finance, production ,Sales සහ HRM යන විෂය ධාරාවලින් diploma හතරක් තියෙනවා.ජීවිතයේ කියන්නේ කවදාවත්ම ඉගෙනගෙන ඉවර වෙන දෙයක් නෙමෙයි. ඉතින් තවදුරටත් ඉගෙන ගන්න එක තමයි මගේ බලාපොරොත්තුව.

ඔබගේ පවුලේ කවුද ඉන්නේ?

අම්මා,තාත්තා ,නංගී සහ මම.

ඔබතුමා වෘත්තිමය වශයෙන් මොනවද කරන්නේ ?

කලාකරුවෙක් ,ඉංජිනේරුවෙක් ,ව්‍යාපාරිකයෙක්,රචකයෙක් ,ගුරුවරයෙක් ,social media strategists කෙනෙක් වගේම මෑතකදී රටේ පිළිගත් ආයතනයක කළමනාකාරවරයකු වශයෙන් සේවයට බැඳීමට නියමිතයි. ඒත් බොහෝ දෙනා මාව දන්නෙ social media strategists කෙනෙක් විදිහටයි.

ඔයා කිව්ව විදිහට ඔයා social media strategist කෙනෙක් විදිහට කරලියට එන්නේ කොහොමද?

ඇත්තටම පුංචි කාලෙ ඉඳලම මම තාක්ෂණයට වගේම අලුත් අලුත් දේවල් හොයන්න කැමතියි.මට හැමවෙලේම උවමනා උනේඅනිත් අයට වඩා විෂ විශේෂ වෙන්න එහෙමත් නැත් නැත්නම් අනිත් අය නොදන්න දෙයක් මම දැන්ගන්නවට.ඉතින් මේ දැනුම හඹාගෙන යනකොට මේ ක්ෂේත්‍රයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුත් මට හම්බ වුණා එයාලගේ ආභාෂය සහ මගේ අදත්දැකීම් අනුව හිමින් හිමින් තමයි මේ තැන් මම ඇවිත් ඉන්නේ.මේ ක්ෂේත්‍රයේ තියෙන වැදගත්ම දේ තමයි හැම වෙලේම update එකේ ඉන්න එක.

මෙච්චර වැඩ ගොඩක් එක්ක කොහොමද ඔයාගෙ ජීවිතේ manage කරගන්නෙ ?

ජීවිතය කියන්නෙ ලේසි දෙයක් නෙමේ නේ ඉතින් මටත් තියනවා හැමෝටම වගේ ජීවිතයේ ලෙහෙසි නොවන ප්‍රශ්න. ගොඩක් වෙලාවට ජීවිතේ මගේ තියෙන වගකකීම් වලට වැඩිය,මගේ වැඩ වලින් වෙන්නේ වගකීම් වැඩියි. ඉතින් ගොඩක් වෙලාවට වැඩ වැඩි වීම් නිසා stressful mind එකක් නැතුවාම නොවේ.ඉතින් බුදු දහමේ එන ගොඩක් ඉගැන්වීම් සහ කලා කටයුතු නිසා මට ඒ දේවල් වලින් මේ මිදෙන්න ගොඩක් අවස්ථාවල හම්බෙනවා තව මගේ යාලුවෝ ගොඩක් මාත් එක්ක ඉන්නවා ඒ අය නිසා මගේ ජීවිත ගමන ගොඩක් ලේසියි.මේ දේවල් කොහොම වුණත් බුදුරජාණන් වහන්සේගේ දේශනා කරලා තියෙනවා විදිහට මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන්න තමයි මම ගොඩක් උත්සහ කරන්නේ සහ ඒ විදිහට ජීවිත ගැන දකින්නත් .සමහර වෙලා වෙලාවට ඉතින් සමහර වැඩ කටයුතු අතපසු වීම් නොවනවාම නොවේ.අපි magazine එකේ ඔයත් ඒ ගැන හොඳටම දන්නවා. හැබැයි අව අවසාන මොහොතේදී වුණත් මං මගේ වැඩේ හරි විදිහට ඉවරයක් කරනවා.මට ඕනේ අනිත් පාර්ශවයෙ විශ්වාසය විතරයි .

ඔයා වැඩ කරනකොට මේ සමාජයේ මිනිස්සු හම්බෙනවා වගේම ගොඩක් අය එක්ක ගනුදෙනු කරනවා.ඉතිං මේ විදිහට ජීවිතයේ ප්‍රශ්න මතුවෙලා නැද්ද?

සමාජයේ මිනිස්සු විවිධාකාරයි , බොහොමයක් දෙනා අවස්ථාවට සහ වාසිය තමයි තවත් කෙනෙක්ව ආශ්‍රය කරන්නේ.ඉතින් මිනිස්සු මොනවා කිව්වත් කරත්තමන් හරියට ඉන්නවා නම් තමන්ගෙ හිතට තමන් එකඟව ඉන්නවනම් මම හිතන්නේ එතන තමන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද කවුරු කොහොම මොනවා කිව්වත් ගොඩක් වෙලාවට තමන්ට තමන් විතරයි.ඉතින් මම නේ නිතරම කියන වගේ පොළොවෙ පය ගහල මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වෙන එකා මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත්වෙන එක ඇඟට ගුණයි.

 අපි magazine එකට සම්බන්ධ වීම ගැන ඔයාගේ අදහස් කුමක්ද?

ඇත්තටම මේකට මාව සම්බන්ධ කරගත්තු එක ගැන ගැන මෙහි මුල් පුරෝගාමීන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.මොකද මොන වැඩ තිබ්බත් පරක්කු වෙලා හරි මම මේකට ලියන්න පුදුම ආස ආසාවෙන්. අපි මේක magazine කියන්නේ එක පවුලක් ේක ඇතුලේ ඉන්න හැමෝම විවිධ අදහස් තියෙන විවිධ මත දරන විවිධ ක්ෂේත්‍රයන් වල ඉන්න සුපිරිම සෙට් එකක්. ඇත්තටම හරිම සුන්දරයි සහෝදර සහෝදරියො ගොඩයි .මේ වගේ පිරිසක් එක්ක එකතු උන ගැන මාරම සතුටුයි ඒ වගේම තමයි මම ප්‍රාර්ථනා කරනවා අනාගතයේදී අපි magazine එක තව තව ත් දුරට දියුණු වෙලා මුළු ලෝකයටම දැනුම සපයන මාධ්‍යයක් වන ලෙස සහ එහි කොටස් කාරයකු වීම ගැන මම ඉතාමත් ගෞරවනීය සතුටක් ලබනවා.

හිත ලෙඩ වුණොත්…

පසුගිය කොවිඩ් කාලවකවානුව සේම නැවතත් අප ඊටත් වඩා ඉතාම බැරෑරුම් හා දුෂ්කර කාල පරිච්ඡේදයකට අවතීර්ණ වී ඇති බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. රට දේශපාලනික, ආර්ථික හා සාමාජීය වශයෙන් අස්ථාවර වූ මේ අවස්තාවේ බඩු මිළ ඉහළ යන්නේ එක රැයින්. ඉන්ධන මිළ, කිරිපිටි , සබන් ඇතුළු අවශ්‍ය කරන සෑම භාණ්ඩයකම මිළ මෙසේ ඉහළ යද්දී එය අපට දැරිය නොහැකි මට්ටමකට පැමිණ තිබෙනවා. 

      මේ ගැටළු හමුවේ පිළිතුරු නැති වන විට අප මානසිකව ඇද වැටෙන්නේ නොදැනුවත්වම යි. මානසික බිඳ වැටිම කායික රෝග වලට ද බලපානු ලබනවා. සෞඛ්‍යය ක්ෂේත්‍රයේ මේ වන විට ඇති වී තිබෙන සම්පත් හිඟ කම හා ඖෂධ හිඟකමත් නිසා බොහෝ රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ ඉල්ලමින් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ඉල්ලීම් ද අප දැක නැතුවා නොවේ.

   එසේ නම් මේ ගැටළු වලට යම් තාක්

හෝ සහනයක් එසේත් නැත්තම් විසඳුමක් තිබේ ද?

   විසඳුමක් පේන තෙක් මානයක නොතිබුණත් අප අඩුම තරමේ මානසික මට්ටම යහපත් අයුරින් පවත්වාගෙන හෝ ශක්තිමත්ව මෙයට මුහුණ දිය යුතු යි.

එසේනම් ඒ සඳහා කළ යුත්තේ මොනවාද ?

  ඔව් ! මේ ඉතාම පීඩාකාරී අවස්තාවක් අපි සියලු දෙනාටම. රටේ එක් එක් තැන් වල සිදුවන සිදුවීම් වගේම පුද්ගලිකව තමන් අත්විඳින ඉහත මා සඳහන් කළ ආකාරයේ ගැටළුන් හමුවේ අපි අසරණයි. 

      එසේනම් මේ අසීරු අවස්තාවේ අප අනිවාර්යයෙන් ම අපගේ මානසික සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා හැකි සෑම අයුරකින්ම ක්‍රියා කළ යුතුය. 

1. දරුවන්, නිවැසියන් හා එක්ව එකට එක කෑම වේලක් හෝ ලබා ගැනීම, එක් එක් අයට ඇති ගැටළු සාකච්ඡ කිරීම, විසඳුමක් සෙවීම හෝ ඒ සඳහා මාර්ගයක් සෙවීම.

2. නිතර පීඩාකාරී පුවත් ලැබෙන මාධ්‍ය වලින් දවසේ පැය කිහිපයක් හෝ ඇත්ව සිටීම.

3. පාන්දර හෝ හවසක මදක් එළි පහළියට බැස පිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීම.

4. අත්‍යාවශ්‍ය වියදම් ලැයිස්තු ගත කොට ඒ සඳහා සැලසුමක් සකස් කර ගැනීම.

5. තමන් අදහන ආගමකට අනුව ආගමික කටයුතු වල යෙදීම.

6. ජලය හොඳින් පානය කිරීම.

7. තමන්ගේ ගැටළු පිළිබඳව සමීපතමයෙකු සමග සාකච්ඡා කිරීම.

8. හොඳ සවන්දෙන්නෙකු ලෙස සමීපතමයන් සමග කටයුතු කිරීම.

9. තිබෙන දේ අරපිරිමැස්මෙන් භාවිතා කිරීම.

10. බෝවන ලෙඩ රෝග සෑදීමට ඇති ඉඩ කඩ අවම වන ලෙස ක්‍රියාකිරීම.

වැනි කරුණු අපගේ මානසික සෞඛ්‍යය පවත්වාගැනීම සඳහා සෘජුවම හෝ වක්‍රාකාරයෙන් බලපානු ලබන බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් ය.

    ඔබට වැදගත් වන මෙම කරුණු ඔබගේ සමීපතමයන් අතර ද බෙදා ගැනීමෙන් යහපත් මානසික සෞඛ්‍යයයක් පවත්වාගැනීමේ වගකීමට ඔබට ද දායක විය හැකි නම් එය මහගු උපකාරයක් වනු නොඅනුමානය. 

©️දිගැZ✍️

(දිගැසි පබසරා අමරසිංහ )

දෙවියන් වහන්සේ ඔබව කවදාවත් අත් නාරින සේක!

(යෝෂුවා 1:5)

“ඔබේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට ඔබට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය.මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම ඔබ සමඟත් සිටින්නෙමි.ඔබෙන් අහක්ව නොයන්නෙමි,ඔබ අත්නාරින්නෙමි.”

ප්‍රේමවන්ත දේව දරුවනේ තවත් අළුත් ආරම්භයක්,දෙවියන් වහන්සේගෙන් ශක්තිමත් පණිවිඩයක්.

ඔබ මොහොතක් ඉහත බයිබල් පදය දෙස ඔබගේ අවධානය යොමු කරන්න.

එදා මෝසස් තුමාට මග පෙන්වු දෙවි පියාණෝ ඔබත් මාත් සමඟ අදත් ජීවමානව සිටීම මහත් වූ ශක්තියක්, බලයක් නොවේද?එමෙන්ම ඉහත දේව වචනය ප්‍රකාරයට “මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම නුබ සමඟත් සිටින්නෙමි, නුඹෙන් අහක්ව නොයන්නේමි,නුබ අත්නාරින්නෙමි” කියා දෙවි සමිඳාණෝ ඔබටත් මටත් පොරොන්දු වන සේක.ඉන් මේනිසාම ඔබව හොඳින් තේරුම්ගත් දෙවියන් වහන්සේ ඔබව කවදාවත් අත් නාරින සේක.

ඒ වගේම සෑම මවක්ම තමන්ගේ දරුවන් ගැන ඉතා ආදරයෙන් සහ පිරී ඉතිරී යන සෙනෙහසින් සලකන්නාක් මෙන් අපගේ ස්වර්ගීක දෙවි පියාණන් වහන්සේද අපගේ මව්වරු මෙන් ද ඊටත් වඩා ද අප ගැන සලකන සේක.එබැවින් ඔබ කිසි කලක දුක් වෙන්න එපා මන්ද ඔබව දෙවියන් වහන්සේ අත් නොහරී.

ඉතින් මේ කාරණා නිසාම මම ඔබට කියන්නේ ජීවිතේට පැමිණෙන ප්‍රශ්න,පීඩා,කරදර ගැන බිය නොවන්න.දෙවියන් වහන්සේ ඔබ ගැන සලකන බව මෙනෙහි කරමින් ඔබගේ සියලු කාරණාවල දී ඔබ උන් වහන්සේට යාඥා කරන්න.තවද

 (නික්මයාම 3:14)

 “එවිට දෙවියන්වහන්සේ කථාකොට: මම යම්සේ සිටිම්ද එසේම සිටිමියි මෝසෙස්ට කීසේක.”

කියා මෝසෙස් තුමාට  පොරොන්දු වූ ජීවමාන දෙවියන් වහන්සේ අදත් මේ මොහොතෙදිත් ඔබ සමඟ සිටින සේක.එබැවින් උන්වහන්සේ ඔබගේන් අහක්ව යන්නේවත්,ඔබ අත්නාරින්නේවත් නැත.

ඔබ සැමට ආශිර්වාදමත් මාසයක් වේවා!

ජේසු පිහිටයි!

වෙසක් මාසයේ සම්බුදු තෙමඟුල අර්ථාන්විතව සමරන්න අදහසක්

ලොවපුරා ජීවත්වන බෞද්ධයන්ට පැමිණෙන විශේෂම වු මාසයක් ලෙස මැයි මාසය, සිංහල ලිතට අනුව වෙසක් මාසය හදුන්වන්න පුලුවනි. 

සම්බුදු තෙමඟුල එනම් අපගේ සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය පත්විම සහ පරිනිර්වාණය යන විශේෂ කරුණු ස්මරණය කිරිම සදහා 

පවත්වන වෙසක් උත්සවය බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවය ලෙස නම් කල හැකිය.

ඔබ අප සියලුදෙනාගේම හිතසුව පිණිස දහම් කරුණු “අපි සගරාව” ඔස්සේ සාකච්ඡා කිරිමට මුලික වි කටයුතු කරන රිදීකන්ද ආරණ්‍යයහි  සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ වු 

විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් දැනඋගත්

පරිදි නොබෝදිනකින් පැමිණෙන වෙසක් මාසයේ යෙදි ඇති “සම්බුදු තෙමඟුල අර්ථාන්විතව සමරන” ආකාරය පිළිබදව අදහස් කිපයක් ඔබ හමුවේ තබන්නටයි අපගේ සුදානම.

🔸වර්තමානයේ වෙසක් සැමරුම් කෙසේ අර්ථකථනය කල හැකිද?

වෙසක් මාසය තුල අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන උතුම් ත්‍රිවිධ මංගල්‍යයන් සිහිපත් කරමින් විවිධ ආකාරයේ සැමරුම් සිදුකරන මාසයක් ලෙස සලකන්න පුළුවන්. වෙසක් කූඩු, තෝරන් වැනි වෙසක් සැරසිල්ලේ සිට බෝධි පුජා, කප්රුක් පූජා වැනි විවිධ පූජා සම්ප්‍රදායන් මෙන්ම භක්ති ගීත, පෙරහැර, දන්සල්, දාන සීල භාවනා වැඩසටහන් වැනි විවිධ සැමරුම් සංවිධානය වන මාසයක් ලෙස දකින්න පුළුවන්. එක්  අකාරයකින් මෙම වෙසක් සැමරුම් හුදෙක් ආගමික සැමරුමකට ගොනු නොවී සාමාජීය සහ සංකෘතික ගුණයන්ගෙන් පෝෂණය වූ විවිධ අර්ථයන් විදහා දක්වන සැමරුමක් බවට වර්තමාන වෙසක් සැමරුම පත්වෙලා තියෙනවා. එය එසේ සිදුවන්නේ කාලයක් තිස්සේ එම සමාජ,සංස්කෘතික සහ ආගමික හැඩතල බෞද්ධ දර්ශනය සමඟ මිශ්‍රවීම නිසාය. සම්බුදු තෙමඟුල සමරන බෞද්ධ රටවල්වල එම සැමරුම් ඒ ඒ සමාජ,සංස්කෘතික සහ ආගමික හැඩතලයන්ට ආවේණිකව සිදුවන්නේ මේ නිසා බව තේරුම් ගන්න පුළුවන්. ඒ උනත් අප තේරුම් ගත යුතු ප්‍රධාන කාරණය වන්නේ මේ සෑම සැමරුමකම, යම් ශාසනික වශයෙන් යම් වටිනා පණිවිඩයන් හෝ අර්ථයන් ලබාදීම සිදුවන බව.

🔸වෙසක් කූඩුවෙන් අර්ථ ගැන්වෙන ධර්ම දර්ශනය කුමක්ද?

උදාහරණයක් ලෙස අපි හැමෝම වෙසක් සැරසිලි සිදුකරනවා, ඒ අතරින් වෙසක් කූඩුව විශේෂයි. විශේෂයින් වයස් බේදයකින් තොරව වෙසක් කුඩු නිර්මාණය කිරීමට කැමතියි. වෙසක් කූඩුව තුලින් අපිට බුද්ධ දර්ශනයේ ඉදිරිපත් කරන ජීවිත යතාර්ථය තේරුම්ගැනීමට භාවිතා කරගන්න පුළුවන්. විශේෂයෙන් ධර්ම ශ්‍රවණය තුලින් ධර්මය ඉගෙන ගන්නවා වෙනුවට, ප්‍රායෝගිකව ධර්ම අවබෝධය ලබාගැනීමේ ක්‍රමවේදයක් ලෙස වෙසක් කූඩුව අපිට දකින්න පුළුවන්. අපේ කයෙහි යථාර්තය තේරුම්ගැනීම සඳහා වෙසක් කූඩුව හොඳ උපමා නිදර්ශකයක් සපයනවා. කුඩා ලී දඬු හෝ උණ දඬු කිහිපයක් එකිනෙක සම්බන්ධ කරමින් නිර්මාණය කරන මුලික සැකිල්ල හරියට අපේ කයෙහි අස්ථි පද්ධතිය සේ තේරුම් ගන්න පුළුවන්. රාත්‍රී ආලෝකය පිණිස සැකිල්ල අභ්‍යන්තරයේ එල්ලන පරිපථ, වයර් සහ විදුළි බුබුළු, ශරීර අභ්‍යන්තර පද්ධතීන් නිරුපණය කරනවා. සව්කොල හෝ වෙනත් කඩදාසි යොදා ආවරණය කරන සම්පුර්ණ සැකිල්ල හරියට බාහිරින් ඇති සම නමැති පද්ධතිය සේ දකින්න පුළුවන්. වෙසක් කුඩුවේ බාහිර සැරසිලි ලෙස විවිධ වර්ණයන්ගෙන් යුත් කැටයම් සහ රැළි ආදීය, කයෙහි අලංකාරය පිණිස වූ වස්ත්‍ර, ආභරණයන් නිරුපණය කරනවා.  

මෙසේ මහන්සියෙන් නිර්මාණය කරන ලද වෙසක් කූඩුවේ සැබෑ අලංකාරය දකින්න පුළුවන් වෙන්නේ රාත්‍රියටයි. මන්ද, වෙසක් කූඩුවට විදුලිය ලැබීමත් සමඟම ආලෝකමත් වන වෙසක් කූඩුවේ විසිතුරු බව, වින්දනීය බව, එයට යම් සජීවී බවක් ආරෝපණය කරනවා. එය හරියට කය මෙහෙයවන සිත නමැති ක්‍රියාවලිය නිරුපනය කිරීමක්. මෙලෙස වෙසක් කුඩුවෙන් අර්ථවත් කය සහ සිතෙහි ක්‍රියාකාරීත්වය, හුදෙක් තාවකාලික සංසිද්ධියක් බව පසක් වන්නේ, වෙසක් කුඩුවේ ආයුකාලය ඉතා කෙටිකලකින් ව්නාශ වී යන විටය. ඉතා මහන්සියෙන් නිර්මාණය කරපු විසිතුරු, මන බඳින, ප්‍රියජනක වූ වෙසක් කූඩුව, ක්‍රමයෙන් රැළි ගැලවී, අවර්ණ වී, ඇලවූ සව්කොල වැරහැලි සේ එල්ලී තිබෙන විට ඇතිවන ජීවිතයේ යථා ස්වරුපය වෙසක් කූඩුවෙන් අවබෝධ කරගැනීමට පුළුවන. ඒ වගේම, ඉතා මහන්සියෙන් නිර්මාණය කරපු වෙසක් කූඩුව ඉතා ඉක්මනින් විනාශ වීම ඉවසා, දරා ගැනීමට අවශ්‍ය මනා පුහුණුව මෙම නිර්මාණ ක්‍රියාවලියෙන් නිර්මාණකරුවාට ලැබෙනවා.

🔸වෙසක් මාසයේ ක්‍රියාත්මක වන දන්සැල් සංස්කෘතිය කෙතරම් අර්ථසම්පන්නද?

දානය පිලිබඳ බෞද්ධ ඉගැන්වීම ඉතාම විසිතුරු දර්ශනයක්. නිවන් මාර්ගය පසක් කිරීමේ ක්‍රමානුකූල ගමන් මාර්ගයේ ආරම්භක ධර්මතාවය ලෙස දානය හඳුන්වන්න පුළුවන්. භෞතික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික අත්හැරීම්  වශයෙන් විවිධ මට්ටම්වලින් දානය පුරුදු කිරීම බුද්ධ දර්ශනය තුල නිරතුරුව ඉස්මතු කෙරෙන ධර්මතාවයක්. මූලික වශයෙන් තමන් සතු තමන්ගේ පරිභෝජනයට ඇති භෞතික ධර්මතා විශේෂයෙන් ආහාර, පාන හෝ වෙනත් ද්‍රව්‍යයන් අන් කෙනෙකුගේ හිත සුව පිණිස පරිත්‍යාග කිරීම තුල මෛත්‍රීය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව වැනි උතුම් ගුණාංග වර්ධනය වීම දකින්න පුළුවන් කම තියෙනවා. ඊටත් වඩා, තමන් සන්තකයේ පවතින ද්‍රව්‍ය දේ තුල පෝෂණය වූ මම මගේ සංකල්පයන් බැහැර කිරීම පිණිස ද්‍රව්‍ය දේ අත්හැරීම පුරුදු කල යුතුයි. සමාජීය වශයෙන් සියලු දෙනාගේ එකමුතු බව සහ සහසම්බන්ධතාවය වර්ධනය වීමත් වැනි අර්ථාන්විත ගුණ වගාවන් වර්තමාන දන්සැල් සංස්කෘතිය දකින්න පුළුවන් කම තියෙනවා.

මේ වෙසක් කූඩුව, දන්සැල විතරක් නොවේ, ඉහත පෙන්වා දුන් සියලු සැමරුම් තුලින් අපේක්ෂා කලයුත්තේ, ඒ තුලින් සෑම සියළු දෙනාට, විශේෂයෙන්  ළදරු වියේ සිට, තරුණ, මහලු සියලු දෙනාටම තම තම නැණ පමණින් බුද්ධ දර්ශනය පිලිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට අවකාශ විවර කිරීමයි. ඒ සඳහා වෙසක් මාසය පුරාවට සංවිධානය කෙරෙන විවිධ සම්බුදු සැමරුම් වල අර්ථාන්විත බව අවබෝධ කරගෙන ඒ සඳහා සියළු දෙනා සහභාගී කරවමින් විශේෂයෙන් ළමා පරපුර දැනුවත් කරවමින් මෙම වෙසක් මාසය තුල සම්බුදු තෙමඟුල අර්ථාන්විතව සැමරීමට ඔබ සියලු දෙනාට මෙය අනුශාසනවක්ම වේවා!

මෙම ඉතාමත් වටිනා කරුණු සමුච්චය ඔබ හමුවේ විග්‍රහ කිරිමට අපට අනුශාසකත්වය ලබාදුන් අපගේ පින්වත් ස්වාමින්වහන්සේට “අපි සගරාවෙහි කාර්ය මණ්ඩලයේ සහ අපි පාඨක සියලු දෙනාගේම ” කෘතවේදීත්වය පුද කරමු. ඔබ වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා!

“භාවනා වැඩසටහන්” පිළිබදව තොරතුරු දැන ගැනිමට පහත සදහන් මාධ්‍යයන් ඔස්සේ ඔබට රිදීකන්ද ආරණ්‍යය සේනාසනය සමග සම්බන්ධවිමට පුලුවන.

Contact (SL): +94 763229860

Contact (UK): +44 7525843376 

Email: rideekanda@gmail.com

Web: www.rideekanda.com
අමා නාකන්දලගේ 

මිනිස්සුන්ට ලන්වෙන්නේ බලාගෙන

ගොඩක් වෙලාවට මිනිස්සු කියන දෙයක් තමයි,

අපි හොඳනම් කාව ආශ්‍රය කලත් ප්‍රශ්නයක් නැහැ “කියන එක

වාක්‍යයක් විදිහට ඒක හරි සරළව කිව්වට ඇත්තටම එතන ප්‍රශ්නයක් තියෙනවා.

අපි හැමෝටම යාළුවො ඉන්නවා, හිතවත් අය ඉන්නවා, හැබැයි ඔවුන් ඉන්නෙ එක එක කවයන් වල,

📍දැනෙන නොදැනෙන සියළු හැඟීම් ඒ ආකාරයෙන්ම බෙදා ගන්නා පිරිස 

📍අවශ්‍ය හැඟීම් පමණක් බෙදා හදාගන්න පිරිස 

📍හායි බායි කියන පිරිස

📍නමට ඉන්න පිරිස

ඔයා මැද ස්ථාන ගත කරලා ඔය කවයන් එක සමාන ගැප් එකකින් ටික ඔයා වටා වුර්තාකාර ලෙස ඇන්දොත් ඔයාට වඩාත්ම බලපෑමක් වෙන්නේ ලඟම කවය තුලින්.

ඔබ විශ්වාස කලත් නොකලත් ඒ ලඟම කවය තුලට ඔබ තෝරාගන්නා පිරිස, ඔබට, ඔබගේ හැඟීම් වලට, ඔබගේ සිතුවිලි වලට බලපෑමක් කරනවම තමයි.

📍ඔබේ ලඟම කවය ඉතා විනෝදකාමී නම් ඔබත් නොදැනීම ඔබ විනෝදයට බර වීමේ ප්‍රතිශතය ඉතා ඉහළයි.

📍ඒ කවය කියවන්නන්ගෙන් සමන්විත නම් කියවීම එපා කරපු කෙනෙක් උනත් ඔබ‍ට නොදැනීම කියවීම ගැන ආශාවක් ඔබේ මනසේ තැන්පත් වෙනවා.

ඒ වගේම,

ඔබේ ළඟම කවය, හොරකමේ යනවනම්, හොරකම මොනතරම් පිළිකුල් කරමින් සිටියත් කාලයත් සමග ඔබත් නොදැනීම ඔබ හොරකම වරදක් නොවන බව පිළිගන්න තත්වයට පත් වෙන්න පුළුවන් වගේම කල්යත්ම හොරෙක් වෙන්නත් පුළුවන්.

ඔබේ ලඟම කවය සමාජයට වයිර කරන්නන් වුනොත්, රට අවුලන්නන් උනොත්, කේලම් කියන්නන් උනත්, නීරස පවුල් ජීවිත ගෙවන අසන්තෘප්ත මිනිසුන් උනත් ඒ බලපෑම කාලයත් සමග යම් යම් ප්‍රමාණයන්ගෙන් ඔබට කාන්දු වෙනවා.

ඒක ඔබ වත් ඔවුන් වත් හිතලා කරන දෙයක් වුනත් නොවුනත් වෙන්නේ ඒක තමයි.

කෙනෙකුට තර්කයක් ගේන්න පුළුවන්, මගෙ සමහර යාළුවො හෙරොයින් බොනවා ඒත් මම බොන්නේ නැහැ කියලා,

ඔව් මම එකඟයි,

හොඳට බලන්න ඒ යාළුවා ඉන්නෙ ඔබගේ මොන කවය තුලද කියලා, බොහෝවිට ඒ යාළුවා ඉන්නවා ඇත්තේ ලඟම කවය තුල නෙමෙයි.

කවය ඈත් වෙන්න වෙන්න බලපෑම අවම වෙනවා.

බහුවිද චර්යා සහිත මිනිසුන් වෙසෙන සමාජයක පිරිස සමග කටයුතු කිරීම අමාරු බව ඇත්ත,

නමුත් ඔබේ අරමුණු මුදුන්පත් කරගැනීමට නම් ඒක බොහොම වැදගත්.

ඔබ ඉගනගන්න ආස කෙනෙක් නම් ඉගනගන්න ආස පිරිස හෝ ඉගනගත් පිරිස තුලින් සමීපතම කවය සන්නද්ධ කරගන්න.

ඔබ සංගීතයට ආස කෙනෙක් නම් ගීතවත් පිරිස ලඟම කවයට ගන්න.

ඒකෙ තේරුම සමාන අදහස් ඇත්තන් පමණක්ම ආශ්‍රය කල යුතුයි කියන එක නෙමෙයි, ඒත් ඔබට ලඟම කවය ඔබේ රුචි අරුචි කම් බලාපොරොත්තු අරමුණු, සහ සිතුවිලි වලට ධනාත්මක දායකත්වයක්‌ දිය යුතු පිරිස විය යුතුයි කියන එකයි.

ගැලපෙන මිනිස්සු කොහෙද ඉන්නෙ, ඉන්න කෙනෙක්‌ ආශය කරනවා මිසක්,

කියන තර්කය ඔබ‍ට ආවොත් පිළිතුර වෙන්නේ,

💢එහෙනම් ලඟම කවය හිස් ව තියාගන්න, අනිත් අය ඈත කව වලම තියාගන්න.

තවත් සරළවම කලොත් ඔබට ගැලපෙන ඔබේ සිතුවිලි වලට ගැලපෙන පිරිසක්‌ ඔබේ ආශ්‍රයට නැත්තම්, ඒත් හැමෝවම ආශ්‍රය කරන්න  නමුත්, ඒ කිසිවෙකු ඉතා ලඟින් ආශය කිරීමෙන් වලකින්න,

ඔබ වටා ඇති මිතුරු කවයන් නිසි පරිදි පවත්වාගෙන යාම, ශාරීරිකව මානසික ව ඔබට ඔබේ අරමුණු ගතවීම උදෙසා ඔබ හිතනවට වඩා බොහොමත්ම වැදගත්.
අනීෂා ජයකොඩි