2026-02-19 Posted on February 12, 2026 | by websupport ලොවීනාට ලියූ කවි මුහුදු රළට ඉහළින් ඇති මන්දිරයේරජෙකුගේ හද කැළඹුව ඒ සොඳුරු ඉමේරොඩී කෙල්ලගෙ නෙතඟට බැඳි ප්‍රේම සැරේලොවට හොරා ලියවුණු රහසකි සසරේවයින් ගබඩාවේ සිට ඈ එන තුරුමඋමං මගක් පෑදුණි රහසින් හැමෝටමකුල මල තහංචිය දිය වී දෙහදේමප්රේමය රජ විය ගල් කුළු අතරේමරාජ අණින් වෙන් කළ ඒ ආදරයේකඳුළු සැගවුණා බිදෙනා රළ අතරේ"මවුන්ට් ලැවීනියා" නම රැව් දෙන අඹරේඈ තව සිටී සිතුවමක් ලෙස මැදුරේමුහුදු හුළඟ තව රහසක් පවසනවාඋමං මගේ පෙම් කවි ගී මිමිණෙනවාඅසම්මතය මැද සම්මතයක් සොයලාතෝමස් ලෝවීනා මතකේ වැජඹෙනවා-පියුමි නෙළුමිකා –
2026-02-18 Posted on February 12, 2026 | by websupport නොසිතු හෝ මොහොතකමග බැලූ දෑස් පිය වේවී…අවසන්ම හුස්ම පොදෙත්නුඹේ නම ලියවේවී..සිහිනයෙන්වත් නුඹටඉඟියක්වත් නොදේවී..නුඹ හදාගත්ත හිතඒ නිසා නොම පෑරේවී…නිමේෂයෙන් මා අළුවදුමාරය නැගේවී..හමන මද නලෙ එතීඈතටම ඇදේවී…අහම්බෙන් මතකයන්නුඹට විත් කොඳුරාවී..නමුත් ඒ වන විටත්මා නොඑන්නම ගොස් හිඳීවී…සුරේඛා…
2026-02-17 Posted on February 12, 2026 | by websupport බැටන්බර්ග් කේක්. 1884 දී බැටන්බර්ග් කුමරු ලුවීගේ විවාහ මංගල්‍යය සඳහා නිර්මාණය කරන ලදමෙම චෙක්බෝඩ් කේක් එකමුතුකමේ සංකේතයක් බවට පත්විය. එහි කැපීපෙනෙන රෝස සහ කහ පැහැති කොටු මාසිපන් වලින් ඔතා තිබීම නිසා එයක්ෂණිකව හඳුනාගත හැකිය. කේක් රටාව සහ නිරවද්‍යතාවය කෙරෙහිවික්ටෝරියානු ආකර්ෂණය පිළිබිඹු කරන අතර එහි රාජකීය සම්භවය එයටකීර්තියක් ලබා දුන්නේය.වැලන්ටයින් දිනය සඳහා පරිපූර්ණ වන බැටන්බර්ග් බොහෝ විට චොකලට්-තැඹිලිහෝ පිස්ටා-රෝස රසයන්ගෙන් නැවත නිර්මාණය වේ. බේකරිකරුවන් එහිනිරවද්යතාවයට ප්‍රිය කරයි – පිළිවෙලට ඇති හතරැස් යනු කුසලතාවයේලාංඡනයකි. එය තේමාගත බේක් සඳහා ද ප්‍රියතම එකක් වන අතර, එහිදීඅවස්ථාවන්ට ගැලපෙන පරිදි වර්ණ අනුවර්තනය කළ හැකිය.අවශ්‍ය අමුද්‍රව්‍ය:• බටර් ග්‍රෑම් 175• කැස්ටර් සීනි ග්‍රෑම් 175• සෙල්ෆ්රේසින් පිටි ග්‍රෑම් 140• කුඩුකරගත් ආමන්ඩ් ග්‍රෑම් 50• බිත්තර 3• රෝස ආහාර වර්ණ• ඇප්රිකොට් ජෑම් ග්‍රෑම් 200• මාසිපන් ග්‍රෑම් 400සාදන ක්‍රමය –1. උඳුන 180°C ට preheat කරන්න. බැටන්බර්ග් ටින් එකක් හෝ පාන් සාදන ටින්එකක් ලැහැස්ති කරගන්න.2. ස්පොන්ජ් බැටර් එකක් සාදා, දෙකට බෙදන්න. එකක් රෝස පැහැයට හරවන්න.3. විනාඩි 25ක් පුළුස්සන්න. සිසිල් කරන්න, තීරු වලට කපන්න.4. ජෑම් තවරා ගන්න, චෙකර්බෝඩ් එකක් සකස් කරගන්න.5. මාසිපන් වලින් ඔතා ගන්න.පිළිගැන්වීමේ ක්‍රමය :චෙකර්බෝඩ් රටාව ඉස්මතු කිරීමට පෙති කපන්න – වෙනසක් සඳහා black teaසමඟ පිළිගන්වන්න.වැදගත් ඉඟි:• පිරිසිදු රේඛා සඳහා ඔබේ ටින් එකේ බෙදුම්කිරීමක් භාවිතා කරන්න.• සියල්ල එකලස් කිරීමට පෙර දාර ප්‍රවේශමෙන් කපන්න.• පහසුවෙන් තවරා ගැනීම සඳහා ඇප්රිකොට් ජෑම් තරමක් උණුසුම් කරන්න.චාරුණි පෙර්රා
2026-02-16 Posted on February 12, 2026 | by websupport දිනකර ප්රභාෂ්විත මෙත්සුව ආරාමය පොළොන්නරුව ලක්ෂ උයනේ පිහිටි වලගම්බා රාජ්‍ය සමයේ රහතන් වහන්සේලාවැඩ සිටි භූමියක, අභිනවයෙන් ඉදි කරන්නට නියමිත භාවනා මධ්යස්ථානයවගේම ගරාවැටි ඇති මෙහෙණි ගිලන්හල ගොඩ නැගිමට පිංවන්ත ඔබගේකාරුණික ආධාරය බලාපොරොත්තු වෙමිවිමසීම : 0779769706ඉණාමළුවෙි ධමිම උත්තරා මෙහෙණින් වහනසේආරාමාධිපති ; 0760184602111052330408 සමිපත් බැංකුව