2026-01-17

පීනස නිසා ඔබත් පීඩාවෙන්ද..?

ලෝක ජනගහනයෙන් 10-30% ක පිරිසක් නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම්
යාම, නාසා මාර්ගය අවහිර වීම යන රෝග ලක්ෂණ සහිත නාසය ආශ්‍රිත රෝග
තත්ත්වයන්ගෙන් බහුලව පීඩා විඳී.
පීනස නොහොත් Allergic rhinitis ශ්වසන පද්ධතියේ ඉහළ කොටස ආශ්‍රිතව
හටගනු ලබන රෝග අවස්ථාවක් ලෙස බටහිර වෛද්‍ය විද්‍යාව තුළ හැඳින්වුවද
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ‘පීනස’ රෝගය නාසා රෝග යටතේ විස්තර කොට
ඇත.
ප්‍රාණවහා ස්‍රෝතස ආශ්‍රිතව හටගනු ලබන මෙම රෝගයට නිසි ප්‍රතිකාර
නොලැබ සිටීමෙන් ජීවන තත්ත්වයට බාධා ඇතිකරන, කාලීන හා උපද්‍රව
ගෙනදෙන රෝග අවස්ථාවක් බවට පත් වීම නිසා රෝගීන් හට බොහෝ පීඩා
ගෙනදේ.
පීනස යනු වාත-කඵ දෝෂ මූලිකත්වයෙන් හටගනු ලබන රෝගයක් වන අතර පිත
දෝෂය සම්බන්ධ වීම බොහෝ දුරට බටහිර විද්‍යාත්මකව Atrophic rhinitis/Allergic
rhinitis රෝගයන් සමග සසැඳේ.
නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ඉතා පුළුල්ව හා සවිස්තරාත්මකව දක්වා
ඇති රෝග අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැක.
නුසුදුසු ආහාර විහරණ හේතුවෙන් හට ගනු ලබන ‘ආමය’ හේතුවෙන් ප්‍රකෝපිත
කඵ දෝෂය නාසා මාර්ගය ආශ්‍රිත ශ්වසන පථය අවරෝධය සිදු කරන අතර
විකෘති වාත දෝෂය හිස කරා ගමන් කරමින් ස්වසන මාර්ගයේ නිසි ක්‍රියාවලියට
බාධා පමුණුවමින් ‘පීනස’ ඇති කරන බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක
පිළිගැනීමයි.
කල් යත්ම පිත දෝෂය හා සම්බන්ධ වීමෙන් දැවිල්ල, නාසයෙන් කහ පැහැති/ඝන
දියරමය ස්‍රාව ගැලීම, හිසෙහි බර බව හා වේදනාව ඇතිවන අතර රස, රක්ත
මාංශ ධාතු දූෂණය කරමින් රෝග සම්ප්‍රාප්තිය සිදු වේ.
පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය තුළ දිය පීනස, සොටු පීනස හෝ සෙම් පීනස
ලෙස දක්වා ඇත්තේත් මෙම රෝගය ලෙසට පිළිගත හැක. මීට අමතරව දේශීය
වෙදකම තුළ බොහෝ පීනස් ප්‍රබේද දක්වා ඇත.
ඇතැම් පුද්ගලයන් ඉතා පහසුවෙන් ආසාත්මිකතාවයන්ට ගොදුරු වන අතර
ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මල් පරාග, දුම්, දූවිලි, සත්ත්ව ලොම් වැනි
ආගන්තුක ද්‍රව්‍ය විෂ ද්‍රව්‍ය ලෙසට හඳුනා ගැනීමෙන් ඒවාට එරෙහිව දැඩිව සටන්
කිරීමට පෙළඹේ. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව, සමෙහි ඇතිවෙන එක්සීමා
(Eczema), නාසා කුහරය තුළ ඇතිවන පීනස (Allergic rhinitis) හා පෙනහලු තුළ
ඇතිවන ඇදුම (Asthma) ඉහත ආසාත්මිකතාවයන් නිසා හටගනු ලබන විවිධ
ප්‍රදාහමය රෝග තත්ත්වයන් ය.

නවජාත හා ළදරු කාලයේ දරුවන් තුළ බහුලව හටගනු ලබන සම වේලීම,
රතුවීම, දද ඇතිවීම, කැසීම වැනි ලක්ෂණ සහිත ඇතැම් සමේ රෝගයන් (Eczema
වැනි) සබන් හෝ වෙනත් ආලේපන වර්ග සමඟ උත්සන්න වීම දක්නට ලැබීමත්,
දරුවා පෙර පාසැල් හා පාසැල් අවධියට එලබෙත්ම බොහෝවිට පීනස රෝග
ලක්ෂණ පෙන්නුම් කිරීමත්, පසු කාලීනව නිසි ප්‍රතිකාර නොලැබීම නිසා මෙම
ආසාත්මිකතාව තවදුරටත් පෙනහලු වලට බලපෑමෙන් පපුවේ මහන්සිය, හුස්ම
ගැනීමේ අපහසුව, රාත්‍රී කාලයේ කැස්ස ඇති වීම වැනි ලක්ෂණ සහිත ඇදුම
රෝගය හටගැනීමත් ඉහත කී ආසාත්මිකතාවයන් හා ප්‍රතිශක්තිකරණ
පද්ධතියේ දුර්වලතාවයන් නිසා සිදු වන බව පිළිගැනේ.
නමුත්, ළදරු කාලයේ නිතර එක්සීමා තිබූ පමණින් කල් යත්ම ඇදුම රෝගය
වැළඳීම අනිවාර්යයෙන්ම සිදු නොවුනද, ළදරු කාලයේ එක්සීමා පැවති දරුවෙකු
හට අන් නිරෝගී දරුවෙකුට වඩා ඇදුම රෝගය හට ගැනීමේ ඉහළ අවදානමක්
පවතී.
සමෙහි රෝග නිතර පහසුවෙන් වැළඳෙන පුද්ගලයන්ගේ සමෙහි පවතින ආරක්ෂිත
ආවරණය (skin barrier) දුර්වල තත්ත්වයේ පවතී. එමනිසා විෂබීජ හා ආගන්තුක
ද්‍රව්‍ය පහසුවෙන් සිරුර තුළට ඇතුල්වී ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය
කරමින් ආසාත්මික රෝග ලක්ෂණ හට ගැනීම සිදුවේ.
රෝග හේතු :-
– ශීත කාලගුණය, සීතල ජලය, දුම්, දූවිලි වලට නිරාවරණය වීම
– දිරවීමට අපහසු, තෙල් සහිත ආහාර නිතර නිතර ගැනීම (මුදවපු කිරි, එළකිරි
නිෂ්පාදන, බේකරි නිෂ්පාදන)
– කිවිසුම් පිට නොකර දරාගෙන සිටීම
– නිතර ශීතකල ආහාර පාන භාවිතය
– දහවල් කාලයේ නිදා ගැනීම
– ව්‍යායාම වලින් පසු සිරුර උණුසුම්ව දහඩිය දැමීමේදී එකවරම ශීතලට
නිරාවරණය වීම
– වෛරස් ආසාදන නිතර වැළඳීම
– ව්‍යායාම මද බව සහ අධිකව ව්‍යායාම කිරීම
– ආහාර දිරවීමට පෙර නැවත ආහාර අනුභව කිරීම
– රාත්‍රී කාලයේ නිදි මැරීම
රෝග ලක්ෂණ :-
– නාසයෙන් ස්‍රාව වැගිරීම හෝ නාසයේ අධික වියළි බව
– නාසය අවරෝධ වීම
– හිසෙහි බර බව හා නිතර ඇතිවන හිසෙහි වේදනාව

– නාසය තුළ යමක් ආලේප කලාක් සේ දැනීම
– නාසය අභ්‍යන්තරය කැසීම
– උගුර කැසීම
– ඇස් වලින් කඳුළු ගැලීම හා ඇස් කැසීම
– නාසයේ දැවිල්ල, වියළි බව හා තෙත් බව විටින් විට දැනීම
– ගඳ/සුවඳ සංවේදනය නොදැනී යාම
– නැවත නැවත කිවිසුම් යාම
– ආහාර අරුචිය
– මලානික බව
මීට අමතරව, හිසෙහි කෝඨරක ආසාදනය හා සෙම් කොටස් මගින් අවරෝධ වීම
(Sinusitis) නිසා හිසේ කැක්කුම හා කන් ඇසීම අඩු වීම යන රෝග ලක්ෂණද පසු
කාලීනව ඇති විය හැක.
කුල ප්‍රවෘත්ති ගත රෝගයක් ලෙස හඳුන්වන මෙය එකම පවුලේ අයවලුන් අතර
රෝග ඉතිහාසය සහිතව පහසුවෙන් හටගැනීමේ හැකියාවක් ඇති බවට
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ පිළිගැනේ.
පීනස යනු අභ්‍යන්තර හා බාහිර ප්‍රතිකාර මඟින් සුව කිරීමේ හැකියාව සහිත
රෝග අවස්ථාවක් වන බැවින් දෝෂ තත්ත්වය, පුද්ගල වයස, ප්‍රකෘතිය, පුද්ගල
බල-අබල තාවය සලකා බලා ප්‍රතිකාර ලබා දීම චිකිත්සාවේ මූලික අරමුණ වේ.
ත්‍රිඵලා අඩංගු ඖෂධ වර්ග, සෙම් රෝග නසන ඖෂධීය තෛල වර්ග භාවිතය
ප්‍රතිකාරයේදී විශේෂිත වේ.
කඵ නාශන ඖෂධීය තෙල් මගින් ශීර්ෂ අභ්‍යංගයේදී ශීර්ෂ ශූල/හිසෙහි කැක්කුම්
අඩු වීම, ස්නායු පද්ධතිය උත්තේජනය වීම, හිසකෙස් ගැලවී යාම හා අකලට
හිසකෙස් පැසීම අඩු වීම, හිස් කබල ආශ්‍රිත කෝඨරකයන්හි පවතින සෙම්
කොටස් ඉවත් වීම සහ මනස සන්සුන් වීම යන ප්‍රයෝජන සහිතව පීනස් රෝගය
ක්‍රමයෙන් සුව වීම සිදු වේ.
පංච කර්ම ප්‍රතිකාර යනු විකෘති වූ දෝෂ සිරුරෙන් බැහැර කරන්නාවූ චිකිත්සීය
ක්‍රමයකි. හිස ආශ්‍රිත සෙම් කොටස් ඇතුළු විකෘති වූ දෝෂ සිරුරෙන් ඉවත්
කිරීමට සුදුසුම ප්‍රතිකාර ක්‍රමය ශිරෝ විරේචන හෙවත් නස්‍ය ප්‍රතිකාර ක්‍රමය
වේ.
නස්‍ය ප්‍රතිකාරයද පීනස රෝගය සඳහා බොහෝ ප්‍රතිඵල ලබා දෙන්නකි. එය
ඖෂධීය තෙල් නාස් මාර්ගයෙන් සිරුර අභ්‍යන්තරයට ඇතුල් කරන සුවිශේෂී
ප්‍රතිකාර ක්‍රමයකි.
ශිරෝ විරේචන, මූර්ධා විරේචන, ශිරෝ විරේක යන පර්‍යාය නම් වලින්
හැඳින්වෙන්නේද මෙම නස්‍ය ප්‍රතිකාරයයි.

නස්‍ය ප්‍රතිකාරයේදී රේචන (purification), තර්පණ (nourishing), ශමන (pacification)
ලෙස විවිධ අවස්ථාවන් ප්‍රතිකාරයට යොදා ගනී.
චරක සංහිතාවට අනුව, නාවන (ඖෂධීය දියර ලෙසට ආඝ්‍රාණය කිරීම), අවපීඩ
(insufflation of drugs in thin paste form through nasal passage), ධ්මාපන
(චූර්ණ/powder ලෙසට ආඝ්‍රාණය කිරීම), ධූම (දුම් ලෙසට ආඝ්‍රාණය කිරීම),
ප්‍රතිමර්ෂ (නාස් පුඩු අභ්‍යන්තරයේ ඖෂධීය තෙල් ආලේප කිරීම) යන විශේෂිත
ප්‍රතිකාර ක්‍රම තවදුරටත් ආයුර්වේද මූලග්‍රන්ථ තුළ දක්වා ඇත.
නීරෝගී පුද්ගලයෙක් විසින් තම නීරෝගී බව රැක ගැනීමට පිළිපැදිය යුතු දින
චර්‍යාවක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ඉගැන්වේ. එමඟින් රෝග වලින් ආරක්ෂා
වීම නිරායාසයෙන්ම සිදුවේ. එබැවින් නස්‍ය යනු දිනපතා සිදු කළ යුතු ක්‍රියාවක්
ලෙසද ආයුර්වේද වෛද්‍ය සංකල්ප තුළ අන්තර්ගත වේ.
ත්‍රිඵලා යනු ප්‍රති-ප්‍රදේහ, ප්‍රති-ආසාදන, ප්‍රති-ජීවක හා පිළිකා නාශක
හැකියාව ඇති ඖෂධීය ගුණ අඩංගු අද්විතීය ඖෂධයක් බව පර්යේෂණ මගින්
සනාථ කොට ඇත. එමෙන්ම ප්‍රති-ඔක්සිකාරක (anti-oxidants) අන්තර්ගත වන
බැවින් පීනස සඳහා ප්‍රතිකාරයේදී සාර්ථක ප්‍රතිඵල ලබා දීමට සමත් වී ඇත.
විකෘති දෝෂයන් සමදෝෂ තත්ත්වයට ගෙන ඒමත්, නාසය ප්‍රමුඛ ශ්වසන පථය
අවරෝධ රහිත කිරීමත්, සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කිරීම හා ශ්වසන පද්ධතිය
ශක්තිමත් කිරීමත් පීනස් රෝගය සඳහා ආයුර්වේද වෛද්‍ය චිකිත්සාවේදී සිදු
කෙරේ.

හිතකර ක්‍රියා :-
– උණුසුම් ජලය පානය හා ස්නානය කිරීම
– ඔසු පැන් පානය කිරීම (කබලේ බැදි කොත්තමල්ලි, ඉඟුරු, හීන් මදුරුතලා,
කුරුඳු)
– පහසුවෙන් දිරවන සැහැල්ලු ආහාර ගැනීම
– නික, පාවට්ටා, බෙලි කොළ තැම්බූ හුමාලය ඇල්ලීම
– නාසය පිරිසිදුව තබා ගැනීම
– රාත්‍රී කාලයේ ස්නානය නොකිරීම
– දවල් කාලයේ නිදා ගැනීම සිදු නොකිරීම
– දුම් පානය නොකිරීම
– දුම් දූවිලි වලින් ආරක්ෂා වීමට නිතර මුව ආවරණ පැළඳීම
– ශීත ගුණ සහිත තෙල් වර්ග හිසට භාවිතා නොකිරීම
– හීං මදුරුතලා කොළ හා ගම්මිරිස් ඇට ස්වල්පයක් තැම්බූ මද උණුසුම් වතුරින්
උගුර සේදීම

– මී පැණි තේ හැන්දක් සමඟ ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි ස්වල්ප වශයෙන් මිශ්‍ර
කොට දිනපතා භාවිතා කිරීම
– පිටිකිරි වෙනුවට ඉඟුරු-කොත්තමල්ලි (කබලේ බැද) ඵාණ්ඨය පානය කිරීම
නිවැරදි වෛද්‍ය උපදෙස් පිලිපැද ජීවන රටාවේ හිතකර වෙනස්කම් ඇති කර
ගැනීමෙන් රෝගය උත්සන්න වීම වළක්වා ගැනීමටත් රෝග තත්ත්වය සුව
කරගැනීමටත් හැකි ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සතුවේ. ඒ සඳහා
ඉවසීමෙන් අහිතකර ක්‍රියා වලින් වැළකී හිතකර ක්‍රියා වලට යොමු වී සාර්ථක
ප්‍රතිඵල අත්කර ගැනීමට චිකිත්සා පද්ධතිය අවසන් වන තුරු ප්‍රතිකාර ලබා
ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වේ.
ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක
BAMS – Colombo (SL)

2026-01-16

නිසංසලාගේ චාරිකා

එදා දවස මට හොදට මතකයි 2021 සැප්තැම්බර් මාසේ…. මගේ පළවෙනි ලිපිය අපි
magazine එකෙන් පලවුන දවස… එකත් දළදා පෙරහැර ගැන…. එදා ඉදන් අද
වනතුරු මම අකුරු එකතු කරනවා සුන්දර මතක එක්ක…
මුලින්ම මම අපි magazine හරහා අරන් ආවෙි ලංකාවෙි ඉතිහාසය ගැන
තොරතුරු… නමුත් එක් වතාවක මට යන්න ලැබුණු ජිවිතේ අමතක නොවෙන
ගමනක් ගැන අත්දැකීම් රැගෙන ආවා… එ තමයි දෙහෙනකන්ද මුක්කුවත්ත
පාරෙන් අවාරේ සිරිපා වන්දනාවෙි ගිය චාරිකාව…. 2022 දෙසැම්බර් මස
කලාපයෙන් මගේ එ පළවෙනි hike එකේ අත්දැකිම රැගෙන පැමිණියාට පසු අපි
මැගසින් නිර්මාතෘවරයා මට යොජනවාක් කලා…. නිසංසාලා ඔයා දිගටම travel
article කරන්න කියලා… ඉතිං එ ලැබුණු පන්නරයත් එක්ක මම මෙි වෙනකමිම
මගේ සුන්දර චාරිකා අත්දැකීමි රැගෙන එනවා…
නමුත් මට මෙි නව වසරේ පළවෙනිම මාසේ මගේ චාරිකා අත්දැකීමක් ගෙන එන්න
නොහැකි උනේ නොවැම්බර් මස අපේ රටෙි ඇතිවු ව්‍යසනය තත්වය නිසා… හිතට
දැනෙන දුක අපමණයි…. එ නිසා එ ව්‍යසනය ගැන නොලියමි… මං ඇවිද ගිය
මංමාවත්, කදු, දිය ඇලි බොහොමයක සුන්දරත්වය සුනුවිසුනුවී ගොස් ඇති බව
දැනගත් විට හදවත කඩා වැටුනා… කොත්මලේ, වලපනේ , රිවස්ටන්.. මෙි වාගේ
බොහොමයක් මං ආදරය කරපු ආදරය හොයන් ගිය සුන්දර කඳුකරයේ
සුන්දරත්වයත් විනාශ උනා එහි අහිංසක ජිවිතත් එක්කම… හිතේ ලොකු
පීඩනයක් මම දරාගෙන සිටියේ මතක් වෙන විටත් දෑස්වලින් කඳුළු ගලද්දි… එ
නිසාම මම දෙසැම්බර් මාසයම නිවසටවි සිටියේ එ පීඩනයට…
2022 දෙසැම්බර් ඉදන්ම මම මගේ චාරිකා ඔබ හමුවට රැගෙන පැමිණියේ මහත්වු
ආශාවෙන්… මං දකින විදින සුන්දරත්වය ඔබටත් රැගෙන එමටයි මට අවැසි
උවෙි… මගේ මෙි චාරිකාවෙි මා පසු පස සිට මට යෝධ ශක්තියක් වන්නේ අපි
magazine මාසික සඟරාව…. මගේ දක්ෂතාවයට වටිනාකමක් ලගා කලා වගේම
මගේ අකුරු වලට ඉහළම වටිනාකමක් ලබා දුන්නා….
වසර හතරක කාලයක් මම අපි magazine හරහා රැගෙන පැමිණෙන ලංකාවෙි
සුන්දරත්වය පිලිබදව විවිද ස්ථාන පිළිබඳව අකුරු කරන්නට නිසංසලාගේ චාරිකා
නමින් නමක් යොජනා කලේද අපි magazine නිර්මාතෘ තුමාම තමයි….
මා මාර්ග පහකින් කල ශ්‍රිපාද චාරිකාවත් හැබැහින් දකින්න ආසා කල
කඩියන්ලෙන ඇල්ලත් පුනා ඇල්ලත් , මා තරණය කරන්න හීන දැක්ක නකල්ස් කදු

පහා ගැනත් අපි magazine සඟරාව ඔස්සේ මම රැගෙන පැමිණියේ එ සුන්දරත්වය
හැබැහින් දකින්න යන්න ඔබටත් ආසාවක් ඇති වන්න…
රාවන කරත්ත පාරත් හොයා ගිය මම එහි කඳවුරු රාත්‍රියක් ගෙවා දැමුවෙි
ජිවිතේ පළවෙනි වතාවට…  කබරගල වගේම කොතලාගල සුන්දර රාත්‍රින් ගෙවා
දමා එ අසිරිය මට ඔබ වෙතටත් රැගෙන එන්න හැකියාව ලැබුණා…
එ වගේම ජිවිතේටම ගිය අවදානමිම ගමන හන්තාන කටුසුකොන්ද තරණය ගැනද
මම ඔබ හමුවට රැගෙන ආවෙි හිත පුරාම එ සතුටත් මතකත් පුරවාගෙන…
එ වගේම මොණරකන්ද ගැන , ලංකාවෙි තුන්වෙනියට උසම කන්ද තොටුපොළ
කන්ද තරණය කරන ගමන් නෙළු මල් අසිරිය ඔබ වෙතට මම රැගෙන ආවා… එ
වගේම මගේ දින ගණනක දකුණු පුරවරයේ ස්තාන කීපයක මා විදි සුන්දරත්වය
මට රැගෙන එන්නට හැකි උනේ වාසනාවකට… තනිව ගිය ගමන් වගේම
කන්ඩායමි එකතුවී ගිය ගමන් බොහොමයක් මම ඔබ හමුවට මෙි කාලය පුරාම
රැගෙන විත් තිබෙනවා…
නවකතා කෙටිකතා ලියන මම චාරිකා සටහන් ලියන්න ආරමිභ කලේ අපි
magazine සඟරාව නිසා… ⁣ඉතිං ලියන්නියක් වගේම සංචාරකයෙක් විදිහට මාව
ඉහලින්ම ඔසවා තැබිම පිටුපස සිටින එ මහා වෘක්ෂය අපි magazine
නිර්මාතෘතුමා ගයාන් කරුණාරත්නයි…. ඔහු නිසයි මම නිසංසලාගේ චාරිකා
නමින් ඔබ හමුවෙි සිටින්නේ.. එ වගේම ඔහු නිසයි මම youtube ඔස්සේ මගේ
නවකතා කෙටි කතා ඔබ හමුවට රැගෙන එන්නේ….
අපි magazine පවුල නිසාම මට බොහො ආදරණිය හදවත් හදුනාගත හැකි උනා…

මෙි සටහන මෙසේ ලියන්න හෙතුවත් එයමයි…
මට අවැසියි මට වටිනාකමි ලබාදි හෙවනැල්ලක් සේ මා පිටුපස සිටින අපි
magazine මාසික සගරාවටත් ආදරණිය ගයාන් කරුණාරත්න නිර්මාතෘ තුමාටත්
ස්තුති කරන්න වගේම සුබ පතන්න.. හයවන සංවත්සරය සමරන ලන්ඩනයේ
ලියාපදිංචි අපි magazine සඟරාවෙි travel writer කෙනෙක් විදිහට මට ලැබුණු එ
ලොකෙටම වලංගු media හැඳුනුම්පත අත තබාගෙන හදවතින්ම ආදරය
පුරවාගෙන මම සුබ පතනවා, තවත් චිරාත් කාලයක් අපිවත් දරාගෙන මුළු
ලොකෙම වැජඹෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා…..
ඉතිං…. ආදරෙයි අපි Magazine,,, සුන්දර චාරිකාවක් රැ⁣ගෙන ඉක්මනින්ම එන්නමි
ඔබ හමුවට…

නිසංසලා රණසිංහ

2026-01-15

HELP THE MOTHERLAND

ලක්මවට සවියක් වෙන්න මවුබිමට දිරියක් වෙන්න පසුගියදා ලන්ඩනයේදී
බ්‍රිතානයේ ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කල හරි අපුරු වැඩක්
අතිසාර්ථකව නිමාවට පත්වුණා. ඒ අනෙකක් නොව “ලක්මවට සවියක් ” දැවැන්ත
සංගීත ප්‍රසංගයයි.
ප්‍රසංග සංගීත කලාවෙන් එහාට ගිය උතුම් මානුෂික ගුණාංග පෙරදැරිව
“ලක්මවට සවියක් ” බ්‍රිතාන්‍යයේදී රෝපණය වන්නේ ඉතිහාසයේ පළමු
වතාවටයි. එදා මෙදා තුර බ්‍රිතාන්‍යයේ සිටිනා ප්‍රමුක්තම ලාංකික සංගීත
කණ්ඩායම් පහක් එකට රොදබැදි “ලක්මවට සවියක් ” ප්‍රේක්ෂකයන් 450කගේ
දෑස් ඉදිරිපිට, බ්‍රිතාන්‍යයේ ඉන්නා මවුබිමට පෙම්බදින සියලුම වුර්ථිය ශිල්පීන්ගේ
ස්වේච්චා සහභාගිත්වයෙන් පැවැත්වීම විශේෂත්වයක්.
බ්‍රිතාන්‍යයේ මවුබිමට හිතැති ශ්‍රී ලාංකිකයන්ගේ ආශීර්වාදයෙන්, බ්‍රිතාන්‍යයේ
ශ්‍රී ලංකා මහකොමසාරිස් ගරු නිමල් සේනාධිර, නියෝජ්‍ය මහකොමසාරිස්තුමිය
මල්ලිකා — හා ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ඩිලන්ත ප්‍රනාන්දුගේ සහ තවත්
බොහෝ රාජත්‍රන්තිකයන්ගේ සහභාගිත්වයෙන් ලක්මවට සවියක් මේ දැවැන්ත
වේදිකාව හිරු නොබසිනා දේශයේදී මෙසේ දිගහැරුණේ ලංකික හදවත් සුවපත්
කරන උදාර අරමුණ පෙරදැදිවයි.
Exceed, Frontline, Solid, Hasthi, Strummers බ්‍රිතාන්‍යයේ සිටිනා ප්‍රමුක්තම
ලාංකික සංගීත කණ්ඩායම් ශ්‍රී ලංකාවේ අපදා තත්වය නිසා විපතට පත් සහෝදර
ශ්‍රී ලාංකිකයන්ගේ ජිවිත නගා සිටුවීම වෙනුවෙන් ඉතිහාසයේ පළමු වරට මෙසේ
බ්‍රිතාන්‍යයේදී එකම වේදිකාවට පැමිණීම නැවුම්ම අත්දැකීමක් වුණා. අතුරුසිදුරු
නොමැතිව මවුබිමට පෙම්බැදි මිනිසුන්ගෙන් පිරී ගිය ශාලාවට වෙන කිසිදා නොදුටු
සංගීත රස රටා මවන්නට මේ සංගීත ශිල්පින් පෙරමුණ ගත්තා.
රොෂාන් යාපා, ඉෂාණි සදනායක, ඩිලන් බුර්කත්ගේ හඩ පෞර්ෂයෙන් මේ සොදුරු
සංගීත රාත්‍රිය වර්ණවත් වූ අතර රන්වල බලකායේ නර්තනයන්ගෙන් ශ්‍රී
ලාංකික අපේ කම බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයන්ට මවුබිම ගැන දැනෙනා ගැගීම
තවත් වැඩිකරලීමට සමත් වුණා.
“ලක්මවට සවියක් ” වේදිකාව ගොඩනැගෙන්නේ බාලා වාමතෙවන් , චන්දන
එදිරිසූරිය, කාංචන රොද්‍රිගු යන සොයුරන්ගේ උපන් බිමට යුතුමකම් ඉටුකිරීමට
ඇති උතුම් සංකල්පයක තවත් එක් පරිච්චේදයක් විදියට. මේ දැවැන්ත සත්කාරයට
බ්‍රිතාන්‍යයේ සිටින සියලුම ගායන, වාදන, නර්ථන ශිල්පින්, මාධ්‍යය, උත්සව
සංවිධායකයන්, උත්සව අලංකරණ ශිල්පින්, සුපවේදීන් ඇතුළු උත්සව ආහාර

සපයන්නන්, පරිත්‍යාග ලබාදෙන්නන්, ස්වෙච්චා සංවිධාන ඇතුළු සියලුම
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයන් මේ කටයුත්තට ස්වේඡාවෙන් සිය ශක්තිය
ලබාදුන්නා.
Raffle Draw එකකින් හා වෙන්දේසියකින් යුතුවූ ලක්මවට සවියක් ප්‍රසංගය
වෙනුවෙන් පරිත්‍යාග ත්‍යාගයන් ලබාදීමට බ්‍රිතාන්‍යයේ ඇති ප්‍රමුකතම ශ්‍රී
ලංකික වෙළද සන්නාමයන් ප්‍රසංගය හා අත්වැල් බැදගෙන තිබුණා.
වෙන්දේසියේදී ක්‍රිකට් තරුවන කුමාර සංගක්කයන්ගේ හා ලසිත් මාලිංගගේ
සමරු සිහිවටන වෙන්දේසියට ලක්වූ අතර එමගින් විශාල මුදලක් අරමුදල් ලෙස
එකතු කිරීමට සංවිධායකයන් සමත්වුණා. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයන්
සියල්ලෝම නොමසුරුව සිය මුදල් මවුබිමට ශක්තියක් ලබාදීමට නොපැකිලව
ලබදීමට කටයුතු කලා.
ප්‍රසංගය අවසානයේදී බ්‍රිතාන්‍යය පවුම් 14734 මුදලක් ( ශ්‍රී ලංකික රුපියල්
මිලියන 6.1 ක් ) ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ rebuild Sri Lanka අරමුදලට
එකතුකිරීමට බ්‍රිතාන්‍යයේ යුතුකම් දන්නා සහකම්පනය ඇති ශ්‍රී ලංකික
ප්‍රජාවට හැකිවුණා. සියලුම මුදල් නිලවශයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා
මහකොමසාරිස් කාර්යාලය හරහා මවුබිම වෙත සෙනහසින් ලබාදීමට ප්‍රසංග
සංවිධායකයන් පසුගියදා කටයුතු කළා.
මේ “ලක්මවට සවියක් ” වේදිකාව තැනීම වෙනුවෙන් දිවා රෑ නොබලා සිය කාලය,
ශ්‍රමය , ධනය ස්වේඡාවෙන් මවුබිම වෙනුවෙන්, ප්‍රසංගය සාර්ථක කර ගැනීම
වෙනුවෙන් වැයකළ සංවිධායක මණ්ඩලය කල ඒ කැපවීම අමතක කරන්නම්
බැහැ. එය එතරම් ප්‍රශන්ෂනියයි. සංවිධායක මණ්ඩලයේ බාලා, චන්දන,
කාංචන,රැවනි, ගයාන් , විපුල ඇතුළු සැමට ස්තූතිවන්ත වියයුතුයි.
මවුබිමට අවැසිම මොහොතේ මවුබිම වෙනුවෙන් යුතුකම් කල බ්‍රිතාන්‍යයේ
ලැතැත් හදවත් ඇති බ්‍රිතානයේ ශ්‍රී ලාංකිකයන්ට, මවුබිමේ අපේ මිනිසුන්ගේ
ආශීර්වාදය හා ප්‍රශංසාව නිබදව ලැබෙන බව නම් සිකුරුයි. හැමදාමත් වගේ රැලි
හැදෙනා බ්‍රිතාන්‍යයේ අපේ මිනිස්සු මේ හදනා මනුසත්කමේ යුතුකමේ රැල්ල
බ්‍රිතාන්‍යය පුරාම මෙන්ම ලොව පුරාම ඉදිරි සති කිහිපය මුළුල්ලේම පැතිර යනවා
දක්නට ලැබීමද සතුටක්.
එලෙසම පුද්ගලිකව මටත් “ලක්මවට සවියක් ” ප්‍රසංගය හා එකතු වෙමින්
මවුබිමට ශක්තියක් දිරියක් ලබාදීමට හැකිවීම සතුටක් , කිසිදා නොමැකෙන
මතකයක් !

2026-01-14

න"තන යෙ & අ (ෙ කම +කග&නා කලා පව1ල

වයස අව%&’ අ ටෙ * න,තනය ආර0භ කළ චල6 7 8භා:ව; අද වන =ට >&ව?ය@, න,තන ABC6ය@ සහ
ප, Fෙ ෂකව?ය@ ලෙ ස Hෙ Iය න,තන කලාවට දායක වන කලාකා?6යJ. Kවන සහක&වා වL6රංජ >ණ Pෙ කර සහ QයRය
රෙ Sමලා සමඟ එ@ව, ඇය X ලාං @ෙ ය න,තන උ&මය Zකගැ]ම සඳහා Q> කා_න කලා ගමනක 6රත වෙ `.
චල6 aෙ න,තන ගමන ඇර ඹෙ * *ෙ 8cණ න,තනාචා,ය න*දන බාලසL?ය >&Cයාණ* යට eෙ උඩරට න,තනය
හැදෑ; මෙ *ය. පාසB අවh Fෙ i සමPත ලංකා න,තන තරග හා අ නෙ je පාසB උeසව අවPථාව*li ඇය න,තන යෙ *
දායක c ඇත. jඩා කල mටම Hෙ Iය න,තනයට දැ@වLදැn කැමැeත, ඇයව න,තන ස08දාය* oeවයම (උඩරට, පහතරට
සහ සබරගම%) =hමeව හැදෑ;මට ජන කලා @ෙ *pය වෙ ත ගෙ න q Fෙ ය. එli ඇය =A:ට සාමා,ථ සlතව එම පාඨමාලාව
සා,ථකව අවස* කළාය. X ලංකා sෙ බරත නාටt කලාව සඳහා මහe 8mHhයකට පeව mu කලා v; පHwR දහනායක
>&xwය යට eෙ ඇය බරත නාටt කලාව ද 8>ණ ක yෙ ය. 0ෙ අතරxර අ. පෙ ා.ස. (උසP පෙ ළ) =භාග Fෙ =A:ට 8zඵල ලබා
ගe ඇයට කෙ ාළඹ =|ව=දtාලයට ඇxළe cමට වර0 lw =ය. කෙ ාළඹ =|ව=දtාල Fෙ i 8ාසාංqක කලා = |ෙ ෂ sෙ Q
උපාhය හැදෑ} කාලය xළ, X ලාං @ෙ ය න,තන ස08දාය* oeවයම පමණ@ නෙ ාව, ඉ*Qයාන%න,තන ස08දාය* වන
බරත, කත@, කතක සහ ම6පු? න,තන CÅබඳවද ගැඹ%& අධtයනය@ J;මට ඇයට අවPථාව උදා=ය. =|ව =දtාල
Aෂtයj වශ යෙ * mu එම අවh Fෙ i Cයසාර ABපාQපz, ර=බ*’ =දtාපz, මl*ද =මලm?, Ñ*තක බÖඩාර, උ 7ෙ ඛා
ගං ගෙ ාඩ=ල ආi 8cණ =Hවe =|ව=දtා_ය >& මÖඩලය@ යට eෙ මෙ ම අධtාප6ක ගමන ලැáම, ඇය aෙ න,තන
K=තයට මහà ශ@zය@ c ඇත. එl 8zඵලය@ ලෙ ස, “ Hෙ Iය සL=m =වරණය*l 8âයමාන 8ාසාංqක ල@ෂණ” යන
මාතෘකාව යට eෙ ඇය aෙ 8ථම ප, Fෙ ෂණාeමක 6බ*ධනයද සා,ථකව 6ම =ය.
2006 වස ,ෙ i චල6 aෙ K=ත Fෙ නව ස*QPථානය@ ස6ට%හ* =ය, එන0 න,තන කලා sෙ ම ගම* කරන ද@ෂ න,තන
ABC යෙ j වL6රංජ >ණ Pෙ කර ඇය aෙ Kවන සහක&වා බවට පecමය. පාසB අවh Fෙ mටම න,තනය හැදෑ} 6රංජ, 8cණ
න,තන ABC] ZãR සෙ Bවනායග0 >&xwය යට eෙ උඩරට න,තනය හදාරා, lස වෙ P තැබL වෙ P න,තන ABC යෙ J.
තවද ච*න =ජයව,ධන, රcබ*’ =දtාපz සහ jලm? බ%දවeත යන =Hවe න,තන >&ව&* යට eෙ ABප හැදෑ} ඔහ%,
බPනාlර පළාe නැට%0 කÖඩාය 0ෙ ද සාමාãක යෙ j ලෙ ස කටය%x කර ඇත. ජාතt*තර මçට 0ෙ සංද,ශනවල mට, රාජt
උeසව, සමPත ලංකා න,තන තරග, රාජt ඇසළ පෙ රහැර සහ 6දහP උeසව ද@වා 6රංජ aෙ න,තන දායකeවය =ශාලය.
තවද ඔහ%රJම%කලාක& වෙ S සං=ධාන Fෙ eෙ මා පාට 6,මාතෘ සහ භාÖඩාගා?ක ලෙ සද කටය%x කර`.
2006 වස ,ෙ ම, තම* උගe දැන%ම අනාගත පරපුරට ලබාi 0ෙ අරම%R* චල3 – 3රංජ රංගායතනය ආර0භ =ය.
ද&ව* aෙ න,තන, ගායන සහ වාදන ද@ෂතාව* ව,ධනය J;ම මෙ *ම, ඔව%* aෙ 6,මාණාeමක jසලතාවය* Qය%é
කරw* ==ධ උeසව සහ කලාeමක වැඩසටහ* සඳහා සහභාè cමට මෙ ම රංගායතනය අවPථා සලසා ඇත. රාජt උeසව,
ස0මාන උeසව සහ =වාහ උeසව සඳහා සා08දා`ක න,තනාංග, 6,මාණාeමක න,තනාංග, බෙ ර ස*êව6 සහ ඉ*Qයාන%
බෙ ර වාදන අංග ලබාiමද මෙ l = |ෙ ෂeවයJ. පස%ව අ7ඨක Weddings & Dance Company ලෙ ස 8mHධeවයට පe
වL මෙ ම ආයතනය, = දෙ P සංචාරවලටද ස0බ*ධ වෙ w* X ලාං @ෙ ය අනනtතාවය ජාතt*තර sෙ Qකාවට ගෙ න ගෙ ාP ඇත.
මෙ ම කාලය xළi චල6 තම 8ථම උපාhය ස0පූ,ණ කර, න% aෙ ගෙ ාඩ ල`mය0 ජාතt*තර පාසලට ස0බ*ධ cම ඇය aෙ
K=ත Fෙ තවe ස*QPථානයJ. වසර නමය@ පුරාවට mස%ද&ව* Zසකට න,තන කලාව ඉගැ*වLඇය, >ණාeමක mස%
පරපුර@ íl J;මට කැප වL>&ව?ය@ ලෙ ස හැì*=ය හැක. වා,îක පාසB න,තන 8සංග, තtාග 8ධා නෙ Seසව, මෙ *ම

ල`mය0 පාසB ජාලය මq* පවeවන%ලබන “මාïා” 8ාසාංqක න,තන 8සංගය සඳහාද රංග =ñඤාස යෙ *, රංග
වPïාභරණ 6,මාණ යෙ * සහ sෙ ශ 6}පණ යෙ * ඇය aෙ නෙ ාමද සහය ලබාi ඇත. තවද සමPත ලංකා න,තන තරග,
රාජt න,තන තරග සහ ජාතt*තර න,තන තරගාව සඳහාද ද&ව* පුහ%é කරවw* ජයòහණ ලබා ගැ]මට ඇය aෙ
දායකeවය ඉමහeය. එම සම Fෙ i 9; ජයව,ධනපුර =|ව=දtාල Fෙ ප|චාe උපාh අධtයන ôඨ Fෙ භාෂා හා සංPකෘzක
අධtනාංශය යට eෙ ශාPïපz උපාhය (MA) සඳහා අධtාපනය ලබw*, මහාචා,ය ම%Qය* Pෙ Qසානායක සහ මහාචා,ය
ලයනB බෙ *තර යන =Hවe >& මÖඩලය යට eෙ “පහතරට ශා*z ක,මය*l 8âයමාන ය@ෂ =|වාස” යන මාතෘකාව
යට eෙ දෙ වන ප, Fෙ ෂණාeමක 6බ*ධනයද සා,ථකව 6ම කළාය. =|ව=දtා_ය වා,îක සඟරා සහ 8ා Hෙ Iය සඟරා සඳහා
ශාPöය C පළ J;මද මෙ ම කාල Fෙ m’ =ය.
මෙ ම කලා ගමනට තවe ආ ලෙ Sකය@ එ@ ක yෙ ඔව%* aෙ QයRය රෙ Sමලාය. jඩා කල mටම මsCය* aෙ >& උප Hෙ ශන
යට eෙ න,තනය හැදෑ} ඇය, පස%ව 8cණ න,තන ABô ච*න = õෙ ව,ධන සහ 8cණ බැ Bෙ න,තන ABô කCල පහවඩන
යට eෙ ද අධtාපනය ලැáය. ජාzක උeසව, වා,îක න,තන 8සංග සහ ජාතt*තර සංද,ශනවලටද ඇය සහභාè c ඇත.
2019 වස ,ෙ i කෙ ාළඹ =ච ජාතt*තර පාස Bෙ න,තන >&ව?ය ලෙ ස eෙ ; පe වLචල6, එli X ලාංJක ද&ව*ට මෙ *ම
= Hෙ Iය ද&ව*ටද න,තන කලාව ඉගැ*cමට කටය%x කළාය. එම කාලය xළ පාස Bෙ වා,îක න,තන 8සංග වැ6 ==ධ
උeසව අවPථාව* සඳහා න,තන 6,මාණකරණ යෙ * දායක වLඇය, mස%ද&ව* aෙ ද@ෂතා sෙ Qකාවට ගෙ න ඒමට
සා,ථකව කටය%x කළාය.
2023 වස ,ෙ i QයRය aෙ උසP අධtාපන කටය%x සඳහා එංගල*තයට පැwR මෙ ම කලා පව%ල, එliද තම මෙ හෙ වර
අeහැර නැත. වසර දෙ කහමාරක කාලය@ xළi චල6, “අ:ඨක Dance Academy” හරහා එංගල*ත Fෙ උප* X ලාංJක
ද&ව*ට Hෙ Iය න,තනය ඉගැ*cමට කටය%x කරw*, බෙ ෟHධ =හාර 8ධාන කර ගe mංහල අûe අව%&’ උeසව, ජාzක
උeසව සහ ==ධ 8සංග සඳහා න,තන 6,මාණකරණ යෙ * නෙ ාමද දායකeවය ලබාi ඇත. මෙ ම කාලය xළi ද&ව* aෙ
ද@ෂතා පමණ@ නෙ ාව, දෙ මාCය* xළ සැඟව%é න,තන ද@ෂතාවය* ද sෙ Qකාවට ගෙ න ඒමටe ඇය සමe වLඅවPථා
බෙ ා හෙ Sය. එ Pෙ ම එංගල*ත Fෙ ආර0භ කර ඇz ම%xහර ළමා සමාජය =m* ඉQ?පe කළ “වලාj* බැස” 8සංගය
සඳහාද න,තන 6,මාණ යෙ * දායක cම = |ෙ ෂ යෙ * සඳහ* කළ ය%xය. එ Pෙ ම එංගල*ත Fෙ පවe වන%ලබන X ලාංJක
උeසව, ජාzක උeසව, =වාහ උeසව, පෙ රහැර ආi අවPථාවලi 8cණ වෙ P න,තන ABC යෙ j හා බෙ ර වාදන ABC යෙ j
ලෙ ස 6රංජ දායක cම තවe = |ෙ ෂeවයJ. තවද එංගල*ත Fෙ පවeවන%ලබන වෙ නe න,තන ආයතනය*l වා,îක 8සංස
සඳහා රංග =ñඤාසකරන යෙ * ද sෙ ශ 6}පණ යෙ * ද ඔව%*ට තම නෙ ාමද සහය ලබාiමට 0ෙ z දෙ නා කටය%x කර ඇත.
මනmකව හා ශා;?කව =ඩාවට පe c muන වැnlu C?P සඳහා üයාI 8 බෙ Sධමe Kවන රටාව@ හ%&කරc 0ෙ අරම%R*
මෙ *ම Hෙ Iය න,තන කලා sෙ අනනtතාවය Zකගැ] 0ෙ අරම%R* X ලාංJකය*ට හා = Hෙ Aකය*ට න,තන වැඩම%†
පැවැecමද 0ෙ වන =ට ආර0භ කර ඇත.
න,තනය ඔP Pෙ X ලාං @ෙ ය අනනtතාවය ලෙ Sකය වෙ ත ගෙ න යා 0ෙ දැn අරම%R* ගම* කරන මෙ ම කලා පව%ල,
සංPකෘzය@ Zකගැ]ම යන%අ°තයට බැ¢ m£ම@ නෙ ාව, එය අනාගතයට වගJව ය%x ලෙ ස භාර iම@ බව 8ා යෙ Sqකව
පෙ *වා දෙ `. X ලාං @ෙ ය න,තන කලාව Zකගැ]ම පමණ@ නෙ ාව, එය ලෙ Sකයට ගෙ න යාම තම K=ත මෙ හෙ වර කරගe
ඔව%*, රu* ‘රP වLවe මLලය* අමතක නෙ ාකර සංPකෘz Fෙ වuනාකම නව පරපුරටe = Hෙ Iය sෙ Qකාව*ටe අඛÖඩව
හ§*වා iමට කැපc m£.

2026-01-13

සිප්හල වෙත...


සැනසූ සිත්සතන් මොහොතක් නවතා
දගකර සිනහා පාමින් හැමතැන දුවනා
තුන්වස් ඇවෑමෙන් පෙරපාසල් යවනා
නිවුන්දූ නැතිව මුලු ගේ පාලුව දවනා…
ඉන්නා විටදී ලග හැමවිට දැවටී
දැනුනා නොවේ යනබව මොහොතක තනිවී
මනුසත් කමින් හා දැනුමෙන් සමවී
වැඩියන් දරුවනේ ඒ මහමෙරක් වටී…
නොමනා කම් වලින් දුසිරිතෙන් මිදී
යහගුණ සේම සවිබළයෙන් ඔද වී
නොමිනිස් සිත්සතන් හා කිසිදින නොගැටී
දිරිදී වැඩෙන් සැනසුම සාමය ගෙනදී…
දූවරු තිදෙන පණ හා සම වේ මාගේ
නැහැ කිසිදිනෙක වෙනසක් දරු පෙම හා මේ
උන්නොත් උරිනුරින් සම වී වාගේ
ඒ වේ මා පැතුම ජීවේ අවසානේ…

රීනා

2026-01-12

අප්‍රකාශිත හැඟීම් සුන්දරය…
ඒ හැඟීම කුමක්දැයි සිතන
අනෙකාගේ හැඟීමද නොඉවසිලිමත්ය…
කුතුහලය, අවිනිශ්චිතභාවය මත
ඒ ගෙවෙන කාලය කල්පයක්මය…
ඒ හැඟීම ගැන මවා ගන්නා
සිහිනයන් මනහරය…
සිත සමඟ තර්ක කරමින්
ඒ හැඟීම කුමක් විය හැකිදැයි
තෝරා බේරා ගැනීමම වෙහෙසකරය…
නමුත් සිතට අවැසි දේ සිතා
සිත සතුටු කර ගැනීමට තරම්
එය නිදහස්ය…
එබැවින් අප්‍රකාශිත හැඟීම්
සත්තකින්ම සුන්දරය…
සුරේඛා…

2026-01-11

නව වසර සාර්ථකව සැලසුම් කරන්නේ කෙසේද?

නව වසරක් ආරම්භ වීම අපගේ ජීවිතයට නව අවස්ථා, නව බලාපොරොත්තු සහ නව අභියෝග ගෙන එන විශේෂ කාලයකි. පසුගිය වසරේ සිදු වූ දේවල් විමර්ශනය කර, ඉදිරියට යාම සඳහා හොඳ සැලැස්මක් සකස් කරගැනීමට මෙය ඉතා සුදුසු මොහොතකි. නව වසර නිසි ලෙස සැලසුම් කිරීමෙන් අපගේ පුද්ගලික, වෘත්තීය සහ මානසික ජීවිතය වඩාත් සාර්ථක කරගත හැක.

1. පසුගිය වසර සමාලෝචනය කිරීම

නව වසර සැලසුම් කිරීමේ පළමු පියවර වන්නේ පසුගිය වසර පිළිබඳ අවංක සමාලෝචනයක් කිරීමයි.
ඔබට ලැබූ සාර්ථකත්වයන් මොනවාද?
ඔබට අසාර්ථක වූ අවස්ථා මොනවාද?
ඔබ ඉගෙනගත් පාඩම් මොනවාද?

මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමෙන්, නව වසරේදී කළ යුතු දේ පැහැදිලිව තීරණය කළ හැක.

2. පැහැදිලි ඉලක්ක නියම කිරීම

නව වසරට ඉලක්ක තැබීම අතිශය වැදගත්ය. එම ඉලක්ක:
පැහැදිලි විය යුතුය
මැනිය හැකි විය යුතුය
යථාර්ථවාදී විය යුතුය

උදාහරණයක් ලෙස, “මම මේ වසරේ සෞඛ්‍යය වැඩිදියුණු කරගන්නවා” කියන ඉලක්කයට වඩා, “සතියට දින 4ක් ව්‍යායාම කරනවා” යන්න වඩා ප්‍රයෝජනවත්ය.

3. කාලය නිසි ලෙස කළමනාකරණය කිරීම

හොඳ සැලැස්මක් තිබුණත් කාලය නිසි ලෙස භාවිතා නොකළහොත් එය සාර්ථක නොවේ.
දෛනික හා මාසික කාලසටහන් සකස් කරන්න
වැදගත් කාර්යයන්ට ප්‍රමුඛතාවය දෙන්න
අවශ්‍ය නොවන දේවල් සඳහා කාලය නාස්ති වීම අවම කරන්න

4. ආර්ථික සැලසුමක් සකස් කිරීම

නව වසරේදී මුදල් කළමනාකරණය සඳහා සැලැස්මක් තිබීම ඉතා වැදගත්ය.
මාසික වියදම් ලැයිස්තුවක් සකස් කරන්න
ඉතිරි කිරීමේ ඉලක්ක තබාගන්න
අනවශ්‍ය වියදම් අඩු කරන්න

මෙය ආර්ථික සුරක්ෂිතතාවය සහ මානසික සාමය දෙකම ලබාදේ.

5. ශාරීරික හා මානසික සෞඛ්‍යයට අවධානය

සාර්ථක ජීවිතයක් සඳහා සෞඛ්‍යය අත්‍යවශ්‍යය.
නිසි ආහාර රටාවක් අනුගමනය කරන්න
නිතර ව්‍යායාම කරන්න
මානසික නිදහස සඳහා භාවනා, පොත් කියවීම හෝ ඔබ කැමති කාර්යයන් කරන්න

6. නව දේවල් ඉගෙනගැනීම

නව වසර නව දැනුමක් ලබාගැනීමට හොඳ අවස්ථාවකි.
නව කුසලතා ඉගෙනගන්න
භාෂාවක්, තාක්ෂණික දැනුමක් හෝ නව විනෝදාංශයක් ආරම්භ කරන්න

මෙය ඔබගේ පුද්ගලික වර්ධනයට මහත් දායකත්වයක් සපයයි.

නිගමනය

නව වසර යනු අලුත් ආරම්භයක් පමණක් නොව, අපගේ ජීවිතය වඩා හොඳ දිශාවකට ගෙනයාමට ලැබෙන අවස්ථාවකි. නිසි සැලසුමක්, පැහැදිලි ඉලක්ක සහ ස්ථිර කැපවීමක් සමඟ නව වසරට පියඹා යා හැක. අදම ඔබගේ නව වසර සැලැස්ම සකස් කර, සාර්ථක හා සතුටුදායක වසරක් සඳහා පියවර ගන්න.

අහිමි හිමිකරු

2026-01-10

මේ වසරේ සිට එක්සත් රාජධානියට අළුත් යුගයක්.

2026 වසර උපත් මරණ අනුපාතිකය සම්බන්ධයෙන් එක්සත් රාජධානියට “හැරවුම්
ලක්ෂයක්” වනු ඇතැයි විශේෂඥයන් කණ්ඩායමක් අනාවැකි පළ කරනවා. ඔවුන්
සදහන් කරන්නේ මෙම වසරේ සිට අඛණ්ඩව එක්සත් රාජධානියේ වාර්ෂික උපත්
ප්‍රමාණයට වඩා මරණ සංඛාව වැඩිවිය හැකි බවයි. 20 වන සියවස ආරම්භයේ
සිටම සුවිශේෂි අවස්ථාවක හැර අඛණ්ඩවම සෑම වසරකම වාර්ෂික මරණ
අනුපාතයට වඩා උපත් අනුපාතය වැඩි වූ අතර කොරෝනා වසංගතය හේතුවෙන්
2020 වසරේදී හා 2023 වසරේදී පමණක් මරණ ප්‍රමාණය උපත් සංඛාව ඉක්මවා
ගොස් ඇති අතර මේ වසරේ සිට එය අඛණ්ඩව සිදුවීමට නියමිත වේ.
එවැනි තත්වයක් රටක ජනගහන වර්ධනයට සෘණාත්මකව බලපෑමට හේතු
වනවා පමණක් නොව අනාගතයේදී එක්සත් රාජධානියේ ජනගහන වර්ධනය
සම්පූර්ණයෙන් සංක්‍රමණ මත රැදී සිටීමට සිදුවනු ඇති. දැනටමත් පුරෝකථනය
කර ඇති පරිදි 2032 වසර වන විට සංක්‍රමණ හේතුවෙන් එක්සත් රාජධානියේ
ජනගහණය 5.9 % වර්ධනය වනු ඇති අතර අනාගතයේදී රටේ ශ්‍රම බළකාය
වර්ධනය කිරීමට නම් සංක්‍රමණ දිරිමත් කිරීම කෙරෙහි අවධානය යොමුකල යුතු
වේ.
එහෙත් මේ වන විට සංක්‍රමණ කපා හැරීම සදහා බ්‍රිතාන්‍යයේ සියළුම
දේශපාලන පක්ෂ පෙරමුණ ගෙන ඇති අතර සංක්‍රමණ සම්පූර්ණයෙන්ම
දේශපාළණ කාරණාවක් වී ඇත. විදේශ රටවලින් තරුණ සේවකයන් ගෙන්වා
නොගන්නේ නම් වැඩකරන ජනගහණය අඩුවීමේ ප්‍රථිපලයක් ලෙස රජයට අහිමි
වන බදු ආදායම අය කරගැනීමට අනාගතයේදී බදු වැඩිකිරීමට හෝ රාජ්‍ය
සේවාවන් කපා හැරීමට රජයට සිදුවනු ඇති. ඒ අතර වයස්ගත ජනගහනය රැක
බලා ගැනීමේ ගැටළුවද රජය ඉදිරියේ ඇති බරපතළ අභියෝගයක් වේ.
2024 වසරේදී එංගලන්තයේ හා වේල්සයේ වාර්ථි වූ සාපල්‍යතා අනුපාතය හෙවත්
එක් කාන්තාවකට සිටින දරුවන් අනුපාතය 1.44 වූ අතර එය ඉතිහාසයේ වාර්ථා වූ
අඩුම අගය වේ. තවද G7 කණ්ඩායමට අයත් රටවල් අතරින් අඩුම සාපල්‍යතා
අගයක් වාර්ථා කෙරුනේද එක්සත් රාජධානියෙනි. දරුවන් ලැබීම නිසා දැරීමට වන
පිරිවැය බොහෝ දෙනෙකු දරුවන් නොසෑදීමට ප්‍රධාන හේතුව ලෙස හදුනාගෙන
ඇති අතර එම හේතුව කෙනෙකු දරුවන් සෑදීමට ඇති අකමැත්ත ඉක්මවා ගොස්
තිබේ. එක්සත් ජාතීන්ගේ වාර්ථාවකට අනුව එක්සත් රාජධානියේ පමණක් නොව
ගෝලීය වශයෙන්ද පසුගිය වසර 50 ක් පුරා සාපල්‍යතා අනුපාතය පහත වැටෙමින්
පවතී.

වර්ධනය වෙමින් පවතින තත්වය අනුව 2040 පමණ වන විට වාර්ෂික උපත්
ප්‍රමාණය හා මරණ සංඛාව අතර වෙනස 100,000 වඩා ඉහළ යා හැකියැයි
අනුමාන කෙරේ. මෙම තත්වය සලකා බලා මෙවර අයවැය මගින් බ්‍රිතාන්‍ය රජය
විසින් දරුවන් සදහා ගෙවන ප්‍රථිලාභ වෙනුවෙන් පනවා තිබූ සීමාවන්ද ඉවත්
කිරීමට යෝජනා කරන ලදී. කෙසේ වෙතත් නුදුරු අනාගතයේදීම නැවතත් එක්සත්
රාජධානියට සංක්‍රමණ දිරිගැන්වීම කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවනු
ඇත.

තිලාන් ජයසේකර

2026-01-09

2026 දී restart වෙමු

අපි හැමෝටම කිසිම දවසක නොහිතපු විදිහට ජීවිතේ තනිවෙච්ච අත්දැකීම්
තියෙනවා.සමහර විට ආදරය අහිමිවීමක් නැත්නම් අපි ආස කරපු රැකියාවක්
නැත්නම් මිතුරෙකුගේ වෙන්වීමක් වෙන්න පුළුවන්.එතකොට අපිට හිතෙනවා මේ
මට වෙච්ච දේවල් මගේ ජීවිතේ අවසානයද? කියලා.හැබැයි ඒ සිතුවිලි නම් හරිම
තාවකාලිකයි.
ජීවිතයේ එක එක වෙලාවට එක එක විදිහට අපිව පරීක්ෂා කරනවා.2026
කියන්නෙත් ඒ පරීක්ෂාවෙන් පස්සේ අපිට ලැබෙන අලුත් අවස්ථාවක් විදිහට දකින
එකයි හොදම දේ.ඉතින් අලුත් අවුරුද්දක අලුත් අදහසක් එක්ක restart වෙන එක
හොඳ දෙයක්.අපි අමිහිරි දේවල් වලින් හරි පාඩම ඉගෙන ගෙන වේදනාව
අත්හරින්න පුරුදු වෙන්න ඕනේ.අපිට වටිනාකමක් නොදුන්න තැන් සහ අපිව
පහතට දාලා කතා කරපු හැම තැනින්ම ලබපු වේදනාවලට සීමාවක් දාන්න කාලෙ
දැන් ඇවිත්.
අපි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ අනිත් අයගේ බලාපොරොත්තු සපුරාලන්න.
හොඳ දුව, හොඳ සේවකයා, හොඳ මිතුරා, හොඳ ආදරවන්තයා වෙන්න උත්සාහ
කරද්දී, අපි අපේම හදවත මග හැරලා දාන්නේ. ඒත් 2026දී අපිට එහෙම කරන්න
ඕනද? අපිට සාමය නැති, අපිව හිස් කරන ජීවිතයක් ඉදිරියටත් අරගෙන යන්න
ඕනද?
මෙවර අපි තෝරගමු වෙනස් මාර්ගයක්. අපිට ශක්තිය දෙන මිනිස්සු, අපිව
ඉදිරියට තල්ලු කරන අදහස්, අපේ මනසට නිදහස දෙන ජීවන රටාවක්. සමහරවිට
ඒක රැකියාවක් වෙනස් කිරීමක් වෙන්න පුළුවන්. නැත්නම් අවුරුදු ගාණක්
පසුබැසපු හීනයක් නැවත ආරම්භ කිරීමක්. කුඩා පියවරක් වුණත්, ඒක අපේම
පියවරක් නම්, ඒක වටිනවා.
අසාර්ථක වීම ගැන බය වෙන්න එපා. අසාර්ථක වීම කියන්නේ අපි වැරදි මාර්ගයක
යාම නෙවෙයි, අපි උත්සාහ කරපු දෙයක්. උත්සාහ නොකළ ජීවිතයක් තමයි
ඇත්තටම අසාර්ථක. 2026දී අපිට උත්සාහ කරන්න අවසර දීමු. වැටුණොත්
නැගිටින්න, වැරදි නම් ඉගෙනගන්න .
මේ අවුරුද්දේ වැදගත්ම තීරණය ලොකු එකක් වෙන්න ඕන නැහැ. සමහරවිට
හොඳින් නිදාගන්න පුරුද්දක් හදාගන්න එක. නැත්නම් අපිව අඩු කරන මිනිස්සුවලට
“නෑ” කියන්න ඉගෙනගන්න එක. හෝ අපිට අපිම වඩා කරුණාවන්ත වෙන්න පටන්
ගන්න එක. මේවා කුඩා දේවල් වගේ පේනවාට, ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්
කරන්න පුළුවන් තීරණ.
අවසානයේ, 2026 කියන්නේ පරිපූර්ණ වෙන්න අවුරුද්දක් නෙවෙයි. අපිට දුක

හිතුණොත් දුක හිතන්න, සතුටු හිතුණොත් සතුටු වෙන්න, අපිට අපිම වරදක්
කරගත්තොත් අපි අපිටම සමාව දෙන එක ඉගෙනගන්න අවුරුද්දක්.
පියුමි නෙළුමිකා

2026-01-08

මාස 6කට කලින් Remortgage process එක පටන් ගත යුතු ඇයි?

Smart Homeowners’ Smart Move
බොහෝ homeownersලා තමන්ගේ mortgage
deal එක අවසන් වෙන්නේ කවදද කියලා සැලකිල්ලට ගන්නේ අන්තිම මොහොතේ.
 ඒ වෙලාවේ remortgage කරන්න ගියාම, බොහෝ විට සිදුවෙන්නේ Standard
Variable Rate (SVR) එකකට මාරු වීම. SVR කියන්නේ, ඔබ කලින් ගෙවපු fixed
rate එකට වඩා ඉහළ interest rate එකක් , ඒ කියන්නේ unnecessary, වැඩි monthly
payments.
මේ situation එක avoid කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි,
 ඔබගේ වත්මන් fixed-rate mortgage
deal එක අවසන් වීමට මාස 6කට කලින් remortgage planning ආරම්භ කිරීම.
අනාගතය අපිට පෙර දැනගන්න බැරි වුණත්, ඒකට සූදානම් වෙන්න නම් අපිට පුළු
වන් මාස 6කට කලින් remortgage ගැන හිතන්න පටන් ගත්තොත්,
rate ඉහළ යාමෙන් ඔබව ආරක්ෂා කරගන්නත්, තීරණ නිසි ලෙස සහ සන්සුන්ව
ගන්නත් හැකියාව ලැබෙනවා.

ඇයි මාස 6කට කලින් remortgage ආරම්භ කිරීම වැදගත් වෙන්නේ?
අන්තිම මොහොතේ remortgage කිරීමේදී බොහෝ දෙනා කලබල තීරණ ගන්නවා.
Rate ඉහළ ගිය වෙලාවක deal එකකට එකඟ වීමට සිදුවීම, හොඳ අවස්ථා මඟහැ
රීම, හෝ තාවකාලිකව SVR එකට මාරු වී අවශ්‍ය නොවන වැඩි ගෙවීම් කිරීම වැ
නි ගැටලු මෙතැනදී ඇතිවෙන්න පුළුවන්.
ඒ වෙනුවට, මාස 6කට කලින් කටයුතු ආරම්භ කළොත්,
rate එකක් කලින්ම තෝරා secure/lock කරගන්න පුළුවන්. එමඟින් අනාගතයේදී ra
te එක ඉහළ ගියත් ඔබට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම, lender නීති, ගාස්තු,
valuation අවශ්‍යතා වැනි දේවල් හොඳින් සලකා බැලීමටත්, අවශ්‍ය ලේඛන සකස්
කරගැනීමටත් ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා.
කෙටියෙන් කියනවා නම්,
remortgage එක කලබලෙන් ගන්න තීරණයක් නොව, හොඳින් සැලසුම් කළ මූල්‍ය
තීරණයක් බවට පත්වෙනවා.

Remortgage process එක smart විදිහට කරන්නේ කොහොමද?
STEP 1: Deal end date එක confirm කරන්න

 ඔබගේ current fixed-rate deal එක අවසන් වන දිනය check කරන්න
 එයට මාස 6කට කලින් planning window එක start කරන්න
 Calendar reminder එකක් set කරගන්න
 මේක real-life game changer එකක්

STEP 2: Early Repayment Charge (ERC) තියෙනවද කියලා බලන්න

Deal එක ඉවර වෙන්න කලින් completion කළොත් ERC ගෙවන්න වෙයිද che
ck කරන්න
 බොහෝ cases වල, deal end date එකට ලං වෙද්දී ERC reduce /
zero වෙනවා
 ඒ නිසා completion timing එක smartly plan කිරීම ඉතා වැදගත්

STEP 3: Product transfer vs New lender – දෙකම compare කරන්න
Product transfer (same lender):
 Process එක relatively easy
 Legal work අඩුයි (හෝ නැතිවෙන්න පුළුවන්)
 හැබැයි rates & benefits limited වෙන්න පුළුවන්
Remortgage to a new lender:
 More competitive rates available වෙන්න පුළුවන්
 Cashback, free legals වගේ added benefits තිබෙන්න පුළුවන්
 Application, valuation, legal process ටිකක් longer වෙන්න පුළුවන්
Bottom line:
 “පහසු” option එක නෙවෙයි, “ඔබට වාසිදායක” option එක තමයි හොඳම එක.

STEP 4: Rate එක විතරක් බලන්න එපා – Total cost බලන්න
Deal compare කරන වෙලාවේ consider කරන්න:
 Arrangement / product fees

 Valuation fee (or lender-paid valuation)
 Legal / admin fees
 Overpayment allowance (future extra payments easy ද?)
 Mortgage portability (future home
move එකකදී mortgage එක transfer කරන්න පුළුවන්ද?)
 Tip:
Low rate එකක් තිබුණත් fees වැඩි නම්, overall
cost එකෙන් බැලුවාම ඒ deal එක best option එක නොවෙන්න පුළුවන්.

STEP 5: Documents කලින්ම ready කරගන්න
Smooth remortgage එකක් සඳහා:
 Income proof (payslips / accounts)
 Bank statements
 ID & address proof
 Current mortgage statement
 Existing loans / credit cards details
Documents කලින්ම ready නම්:
 Delays අඩු වෙයි
 Decision faster එන්න chance එක වැඩි

STEP 6: Offer ලැබුණම rate එක secure වෙනවා
Mortgage offer එක approve වුණාම:
 ඔබ select කරපු deal එක officially confirm වෙනවා
 Completion date එක deal end date එකට close කරලා plan කරන්න පුළුවන්
 Market rates ඉහළ ගියත්, ඔබේ rate එක lock වෙලා තියෙන්න පුළුවන්
(lender terms අනුව)

STEP 7: Completion timing smartly plan කරලා SVR risk එක avoid කරන්න

 Deal end date එකට හෝ ඒකට ඉතා ආසන්න දිනයක completion
plan කරන්න
 Legal / valuation delays handle කරන්න buffer time එකක් තබාගන්න

“Deal එක ඉවර වෙලා SVR එකට වැටුණා” කියන situation එක avoid කරන්

අවසානයට මතක තබාගන්න
Rate එක සුරක්ෂිත කරගත්ත පසුව, market
rate අඩු වුණොත්, බොහෝ lenderලා අඩු rate එකකට මාරු වීමට අවස්ථාව ලබාදෙ
නවා. එවැනි අවස්ථාවල, ඔබට වඩාත් වාසිදායක විකල්පය නැවත සලකා බැලිය
හැකියි.
ඒ වගේම, Mortgage offer එක apply කරන වෙලාවේ financial
position එක consider කරන නිසා, පසුව රැකියාව වෙනස් වීම, ආදායම අඩුවීම, හෝ
 අලුත් ණය ගැනීම් සිදුවුණොත්, නැවත ඇගයීමක් සිදු විය හැකි බවත් මතක තබා
ගන්න.

ඒ නිසා mortgage adviser කෙනෙකුගේ guidance එක ඉතාම වැදගත්.
Adviser කෙනෙක්:
 එක lender කෙනෙකුට  සීමා නොවී,
market එකේ competitive rates සහ විවිධ lenders ලා පිළිබඳ practical
guidance ලබා දෙනවා.
 Competitive rates, cashback deals, free legals වගේ benefits identify කරනවා
 Documents, valuation, legal process manage කරලා remortgage
journey එක smooth කරනවා
 Unnecessary stress, errors, panic decisions වලින් ඔබව protect කරනවා

 අදම mortgage
adviser කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා, මාස 6කට කලින් ඔබේ remortgage
plan එක සකස් කරගන්න.

ඔබේ mortgage journey එකේ next smart
step එක ගැන අදම සිතන්න, ක්‍රියාත්මක වෙන්න, සහ financial confidence එක ලබාගන්න.