2026-01-10

මේ වසරේ සිට එක්සත් රාජධානියට අළුත් යුගයක්.

2026 වසර උපත් මරණ අනුපාතිකය සම්බන්ධයෙන් එක්සත් රාජධානියට “හැරවුම්
ලක්ෂයක්” වනු ඇතැයි විශේෂඥයන් කණ්ඩායමක් අනාවැකි පළ කරනවා. ඔවුන්
සදහන් කරන්නේ මෙම වසරේ සිට අඛණ්ඩව එක්සත් රාජධානියේ වාර්ෂික උපත්
ප්‍රමාණයට වඩා මරණ සංඛාව වැඩිවිය හැකි බවයි. 20 වන සියවස ආරම්භයේ
සිටම සුවිශේෂි අවස්ථාවක හැර අඛණ්ඩවම සෑම වසරකම වාර්ෂික මරණ
අනුපාතයට වඩා උපත් අනුපාතය වැඩි වූ අතර කොරෝනා වසංගතය හේතුවෙන්
2020 වසරේදී හා 2023 වසරේදී පමණක් මරණ ප්‍රමාණය උපත් සංඛාව ඉක්මවා
ගොස් ඇති අතර මේ වසරේ සිට එය අඛණ්ඩව සිදුවීමට නියමිත වේ.
එවැනි තත්වයක් රටක ජනගහන වර්ධනයට සෘණාත්මකව බලපෑමට හේතු
වනවා පමණක් නොව අනාගතයේදී එක්සත් රාජධානියේ ජනගහන වර්ධනය
සම්පූර්ණයෙන් සංක්‍රමණ මත රැදී සිටීමට සිදුවනු ඇති. දැනටමත් පුරෝකථනය
කර ඇති පරිදි 2032 වසර වන විට සංක්‍රමණ හේතුවෙන් එක්සත් රාජධානියේ
ජනගහණය 5.9 % වර්ධනය වනු ඇති අතර අනාගතයේදී රටේ ශ්‍රම බළකාය
වර්ධනය කිරීමට නම් සංක්‍රමණ දිරිමත් කිරීම කෙරෙහි අවධානය යොමුකල යුතු
වේ.
එහෙත් මේ වන විට සංක්‍රමණ කපා හැරීම සදහා බ්‍රිතාන්‍යයේ සියළුම
දේශපාලන පක්ෂ පෙරමුණ ගෙන ඇති අතර සංක්‍රමණ සම්පූර්ණයෙන්ම
දේශපාළණ කාරණාවක් වී ඇත. විදේශ රටවලින් තරුණ සේවකයන් ගෙන්වා
නොගන්නේ නම් වැඩකරන ජනගහණය අඩුවීමේ ප්‍රථිපලයක් ලෙස රජයට අහිමි
වන බදු ආදායම අය කරගැනීමට අනාගතයේදී බදු වැඩිකිරීමට හෝ රාජ්‍ය
සේවාවන් කපා හැරීමට රජයට සිදුවනු ඇති. ඒ අතර වයස්ගත ජනගහනය රැක
බලා ගැනීමේ ගැටළුවද රජය ඉදිරියේ ඇති බරපතළ අභියෝගයක් වේ.
2024 වසරේදී එංගලන්තයේ හා වේල්සයේ වාර්ථි වූ සාපල්‍යතා අනුපාතය හෙවත්
එක් කාන්තාවකට සිටින දරුවන් අනුපාතය 1.44 වූ අතර එය ඉතිහාසයේ වාර්ථා වූ
අඩුම අගය වේ. තවද G7 කණ්ඩායමට අයත් රටවල් අතරින් අඩුම සාපල්‍යතා
අගයක් වාර්ථා කෙරුනේද එක්සත් රාජධානියෙනි. දරුවන් ලැබීම නිසා දැරීමට වන
පිරිවැය බොහෝ දෙනෙකු දරුවන් නොසෑදීමට ප්‍රධාන හේතුව ලෙස හදුනාගෙන
ඇති අතර එම හේතුව කෙනෙකු දරුවන් සෑදීමට ඇති අකමැත්ත ඉක්මවා ගොස්
තිබේ. එක්සත් ජාතීන්ගේ වාර්ථාවකට අනුව එක්සත් රාජධානියේ පමණක් නොව
ගෝලීය වශයෙන්ද පසුගිය වසර 50 ක් පුරා සාපල්‍යතා අනුපාතය පහත වැටෙමින්
පවතී.

වර්ධනය වෙමින් පවතින තත්වය අනුව 2040 පමණ වන විට වාර්ෂික උපත්
ප්‍රමාණය හා මරණ සංඛාව අතර වෙනස 100,000 වඩා ඉහළ යා හැකියැයි
අනුමාන කෙරේ. මෙම තත්වය සලකා බලා මෙවර අයවැය මගින් බ්‍රිතාන්‍ය රජය
විසින් දරුවන් සදහා ගෙවන ප්‍රථිලාභ වෙනුවෙන් පනවා තිබූ සීමාවන්ද ඉවත්
කිරීමට යෝජනා කරන ලදී. කෙසේ වෙතත් නුදුරු අනාගතයේදීම නැවතත් එක්සත්
රාජධානියට සංක්‍රමණ දිරිගැන්වීම කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවනු
ඇත.

තිලාන් ජයසේකර

2026-01-09

2026 දී restart වෙමු

අපි හැමෝටම කිසිම දවසක නොහිතපු විදිහට ජීවිතේ තනිවෙච්ච අත්දැකීම්
තියෙනවා.සමහර විට ආදරය අහිමිවීමක් නැත්නම් අපි ආස කරපු රැකියාවක්
නැත්නම් මිතුරෙකුගේ වෙන්වීමක් වෙන්න පුළුවන්.එතකොට අපිට හිතෙනවා මේ
මට වෙච්ච දේවල් මගේ ජීවිතේ අවසානයද? කියලා.හැබැයි ඒ සිතුවිලි නම් හරිම
තාවකාලිකයි.
ජීවිතයේ එක එක වෙලාවට එක එක විදිහට අපිව පරීක්ෂා කරනවා.2026
කියන්නෙත් ඒ පරීක්ෂාවෙන් පස්සේ අපිට ලැබෙන අලුත් අවස්ථාවක් විදිහට දකින
එකයි හොදම දේ.ඉතින් අලුත් අවුරුද්දක අලුත් අදහසක් එක්ක restart වෙන එක
හොඳ දෙයක්.අපි අමිහිරි දේවල් වලින් හරි පාඩම ඉගෙන ගෙන වේදනාව
අත්හරින්න පුරුදු වෙන්න ඕනේ.අපිට වටිනාකමක් නොදුන්න තැන් සහ අපිව
පහතට දාලා කතා කරපු හැම තැනින්ම ලබපු වේදනාවලට සීමාවක් දාන්න කාලෙ
දැන් ඇවිත්.
අපි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ අනිත් අයගේ බලාපොරොත්තු සපුරාලන්න.
හොඳ දුව, හොඳ සේවකයා, හොඳ මිතුරා, හොඳ ආදරවන්තයා වෙන්න උත්සාහ
කරද්දී, අපි අපේම හදවත මග හැරලා දාන්නේ. ඒත් 2026දී අපිට එහෙම කරන්න
ඕනද? අපිට සාමය නැති, අපිව හිස් කරන ජීවිතයක් ඉදිරියටත් අරගෙන යන්න
ඕනද?
මෙවර අපි තෝරගමු වෙනස් මාර්ගයක්. අපිට ශක්තිය දෙන මිනිස්සු, අපිව
ඉදිරියට තල්ලු කරන අදහස්, අපේ මනසට නිදහස දෙන ජීවන රටාවක්. සමහරවිට
ඒක රැකියාවක් වෙනස් කිරීමක් වෙන්න පුළුවන්. නැත්නම් අවුරුදු ගාණක්
පසුබැසපු හීනයක් නැවත ආරම්භ කිරීමක්. කුඩා පියවරක් වුණත්, ඒක අපේම
පියවරක් නම්, ඒක වටිනවා.
අසාර්ථක වීම ගැන බය වෙන්න එපා. අසාර්ථක වීම කියන්නේ අපි වැරදි මාර්ගයක
යාම නෙවෙයි, අපි උත්සාහ කරපු දෙයක්. උත්සාහ නොකළ ජීවිතයක් තමයි
ඇත්තටම අසාර්ථක. 2026දී අපිට උත්සාහ කරන්න අවසර දීමු. වැටුණොත්
නැගිටින්න, වැරදි නම් ඉගෙනගන්න .
මේ අවුරුද්දේ වැදගත්ම තීරණය ලොකු එකක් වෙන්න ඕන නැහැ. සමහරවිට
හොඳින් නිදාගන්න පුරුද්දක් හදාගන්න එක. නැත්නම් අපිව අඩු කරන මිනිස්සුවලට
“නෑ” කියන්න ඉගෙනගන්න එක. හෝ අපිට අපිම වඩා කරුණාවන්ත වෙන්න පටන්
ගන්න එක. මේවා කුඩා දේවල් වගේ පේනවාට, ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්
කරන්න පුළුවන් තීරණ.
අවසානයේ, 2026 කියන්නේ පරිපූර්ණ වෙන්න අවුරුද්දක් නෙවෙයි. අපිට දුක

හිතුණොත් දුක හිතන්න, සතුටු හිතුණොත් සතුටු වෙන්න, අපිට අපිම වරදක්
කරගත්තොත් අපි අපිටම සමාව දෙන එක ඉගෙනගන්න අවුරුද්දක්.
පියුමි නෙළුමිකා

2026-01-08

මාස 6කට කලින් Remortgage process එක පටන් ගත යුතු ඇයි?

Smart Homeowners’ Smart Move
බොහෝ homeownersලා තමන්ගේ mortgage
deal එක අවසන් වෙන්නේ කවදද කියලා සැලකිල්ලට ගන්නේ අන්තිම මොහොතේ.
 ඒ වෙලාවේ remortgage කරන්න ගියාම, බොහෝ විට සිදුවෙන්නේ Standard
Variable Rate (SVR) එකකට මාරු වීම. SVR කියන්නේ, ඔබ කලින් ගෙවපු fixed
rate එකට වඩා ඉහළ interest rate එකක් , ඒ කියන්නේ unnecessary, වැඩි monthly
payments.
මේ situation එක avoid කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි,
 ඔබගේ වත්මන් fixed-rate mortgage
deal එක අවසන් වීමට මාස 6කට කලින් remortgage planning ආරම්භ කිරීම.
අනාගතය අපිට පෙර දැනගන්න බැරි වුණත්, ඒකට සූදානම් වෙන්න නම් අපිට පුළු
වන් මාස 6කට කලින් remortgage ගැන හිතන්න පටන් ගත්තොත්,
rate ඉහළ යාමෙන් ඔබව ආරක්ෂා කරගන්නත්, තීරණ නිසි ලෙස සහ සන්සුන්ව
ගන්නත් හැකියාව ලැබෙනවා.

ඇයි මාස 6කට කලින් remortgage ආරම්භ කිරීම වැදගත් වෙන්නේ?
අන්තිම මොහොතේ remortgage කිරීමේදී බොහෝ දෙනා කලබල තීරණ ගන්නවා.
Rate ඉහළ ගිය වෙලාවක deal එකකට එකඟ වීමට සිදුවීම, හොඳ අවස්ථා මඟහැ
රීම, හෝ තාවකාලිකව SVR එකට මාරු වී අවශ්‍ය නොවන වැඩි ගෙවීම් කිරීම වැ
නි ගැටලු මෙතැනදී ඇතිවෙන්න පුළුවන්.
ඒ වෙනුවට, මාස 6කට කලින් කටයුතු ආරම්භ කළොත්,
rate එකක් කලින්ම තෝරා secure/lock කරගන්න පුළුවන්. එමඟින් අනාගතයේදී ra
te එක ඉහළ ගියත් ඔබට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම, lender නීති, ගාස්තු,
valuation අවශ්‍යතා වැනි දේවල් හොඳින් සලකා බැලීමටත්, අවශ්‍ය ලේඛන සකස්
කරගැනීමටත් ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා.
කෙටියෙන් කියනවා නම්,
remortgage එක කලබලෙන් ගන්න තීරණයක් නොව, හොඳින් සැලසුම් කළ මූල්‍ය
තීරණයක් බවට පත්වෙනවා.

Remortgage process එක smart විදිහට කරන්නේ කොහොමද?
STEP 1: Deal end date එක confirm කරන්න

 ඔබගේ current fixed-rate deal එක අවසන් වන දිනය check කරන්න
 එයට මාස 6කට කලින් planning window එක start කරන්න
 Calendar reminder එකක් set කරගන්න
 මේක real-life game changer එකක්

STEP 2: Early Repayment Charge (ERC) තියෙනවද කියලා බලන්න

Deal එක ඉවර වෙන්න කලින් completion කළොත් ERC ගෙවන්න වෙයිද che
ck කරන්න
 බොහෝ cases වල, deal end date එකට ලං වෙද්දී ERC reduce /
zero වෙනවා
 ඒ නිසා completion timing එක smartly plan කිරීම ඉතා වැදගත්

STEP 3: Product transfer vs New lender – දෙකම compare කරන්න
Product transfer (same lender):
 Process එක relatively easy
 Legal work අඩුයි (හෝ නැතිවෙන්න පුළුවන්)
 හැබැයි rates & benefits limited වෙන්න පුළුවන්
Remortgage to a new lender:
 More competitive rates available වෙන්න පුළුවන්
 Cashback, free legals වගේ added benefits තිබෙන්න පුළුවන්
 Application, valuation, legal process ටිකක් longer වෙන්න පුළුවන්
Bottom line:
 “පහසු” option එක නෙවෙයි, “ඔබට වාසිදායක” option එක තමයි හොඳම එක.

STEP 4: Rate එක විතරක් බලන්න එපා – Total cost බලන්න
Deal compare කරන වෙලාවේ consider කරන්න:
 Arrangement / product fees

 Valuation fee (or lender-paid valuation)
 Legal / admin fees
 Overpayment allowance (future extra payments easy ද?)
 Mortgage portability (future home
move එකකදී mortgage එක transfer කරන්න පුළුවන්ද?)
 Tip:
Low rate එකක් තිබුණත් fees වැඩි නම්, overall
cost එකෙන් බැලුවාම ඒ deal එක best option එක නොවෙන්න පුළුවන්.

STEP 5: Documents කලින්ම ready කරගන්න
Smooth remortgage එකක් සඳහා:
 Income proof (payslips / accounts)
 Bank statements
 ID & address proof
 Current mortgage statement
 Existing loans / credit cards details
Documents කලින්ම ready නම්:
 Delays අඩු වෙයි
 Decision faster එන්න chance එක වැඩි

STEP 6: Offer ලැබුණම rate එක secure වෙනවා
Mortgage offer එක approve වුණාම:
 ඔබ select කරපු deal එක officially confirm වෙනවා
 Completion date එක deal end date එකට close කරලා plan කරන්න පුළුවන්
 Market rates ඉහළ ගියත්, ඔබේ rate එක lock වෙලා තියෙන්න පුළුවන්
(lender terms අනුව)

STEP 7: Completion timing smartly plan කරලා SVR risk එක avoid කරන්න

 Deal end date එකට හෝ ඒකට ඉතා ආසන්න දිනයක completion
plan කරන්න
 Legal / valuation delays handle කරන්න buffer time එකක් තබාගන්න

“Deal එක ඉවර වෙලා SVR එකට වැටුණා” කියන situation එක avoid කරන්

අවසානයට මතක තබාගන්න
Rate එක සුරක්ෂිත කරගත්ත පසුව, market
rate අඩු වුණොත්, බොහෝ lenderලා අඩු rate එකකට මාරු වීමට අවස්ථාව ලබාදෙ
නවා. එවැනි අවස්ථාවල, ඔබට වඩාත් වාසිදායක විකල්පය නැවත සලකා බැලිය
හැකියි.
ඒ වගේම, Mortgage offer එක apply කරන වෙලාවේ financial
position එක consider කරන නිසා, පසුව රැකියාව වෙනස් වීම, ආදායම අඩුවීම, හෝ
 අලුත් ණය ගැනීම් සිදුවුණොත්, නැවත ඇගයීමක් සිදු විය හැකි බවත් මතක තබා
ගන්න.

ඒ නිසා mortgage adviser කෙනෙකුගේ guidance එක ඉතාම වැදගත්.
Adviser කෙනෙක්:
 එක lender කෙනෙකුට  සීමා නොවී,
market එකේ competitive rates සහ විවිධ lenders ලා පිළිබඳ practical
guidance ලබා දෙනවා.
 Competitive rates, cashback deals, free legals වගේ benefits identify කරනවා
 Documents, valuation, legal process manage කරලා remortgage
journey එක smooth කරනවා
 Unnecessary stress, errors, panic decisions වලින් ඔබව protect කරනවා

 අදම mortgage
adviser කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා, මාස 6කට කලින් ඔබේ remortgage
plan එක සකස් කරගන්න.

ඔබේ mortgage journey එකේ next smart
step එක ගැන අදම සිතන්න, ක්‍රියාත්මක වෙන්න, සහ financial confidence එක ලබාගන්න.

2026-01-07

දකින දේ විශ්වාස නොකරන 2026: තාක්ෂණයේ මායාවට අසු නොවී ඉන්නේ කොහොමද?

අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් බලාපොරොත්තු ගොන්නක්. අපි හැමෝම මේ
දවස්වල ඉන්නේ 2025 ට
සමුදීලා 2026 පිළිගන්න ලොකු උද්යෝගයකින්. හැබැයි අපි භෞතිකව අලුත්
අවුරුද්දට යද්දී, අපි ජීවත් වන
"ඩිජිටල් ලෝකය" ඊට වඩා වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. අපි
2026 ට ගෙනියන්න ඕන වැදගත්ම
දේ "අලුත් කැලැන්ඩරයක්" විතරක්ම නෙවෙයි,අපට අත්‍යවශ්‍යම දේ
තමයි "අලුත් විදියට හිතන ඔළුවක්".
අපි නිතරම වගේ "ඇහින් දැක්කොත් විශ්වාස කරනවා" කියලා
කියනවනේ නේද? ඒත් 2026 වෙද්දී ඒ කියමන
වලංගු නෑ.මොකද කෘත්‍රිම බුද්ධිය (AI) කොච්චර දියුණුද කියනවා නම්, දැන්
කෙනෙක්ගේ රූපයක්,
කටහඬක් විතරක් නෙවෙයි වීඩියෝවක් වුනත් තත්පර ගණනකින් ව්‍යාජව
නිර්මාණය කරන්න පුළුවන්.

ඡායාරූපකරණය කියන්නේ "ඇත්ත ඒ විදියටම සටහන් කරගැනීම"
වුනාට, අද වෙද්දී තාක්ෂණයට පුළුවන්
"නැති ඇත්තක් මවලා පෙන්නන්න". ඉතින් අලුත් අවුරුද්දෙත් ගිය
අවුරුද්දේ වගේ සමාජ ප්‍රශ්න,මඩ
ගැසීම්,ව්‍යාජ තොරතුරු බොහෝමයක් AI තාක්ෂණය භාවිතා කරලා සමාජ
මාධ්‍යයේ ජනප්‍රිය වෙන්න
පුළුවන්.ඉතින් මෙන්න මේ නිසා අපි හැමෝටම අභියෝග රැසකට මුහුණ දෙන්න
සිදු වේවි. ඇත්ත මොකක්ද
බොරුව මොකක්ද කියලා තෝරාගන්න බැරි තරමටම මේ නිර්මාණ තාත්වික වේවි.
පසුගිය දිනවල ශ්‍රි ලාංකික අපට ජීවිත කාලය පුරාවටම අමතක කළ නොහැකි
අඳුරු මතක රාශියක්

"දිට්වා" කුණාටුව අපට ලබා දුන්නනේ. ඒ දිනවල ස්වභාවික විපතකට
වඩා වේගයෙන් "වැරදි තොරතුරු"
සමාජ මාධ්‍ය පුරා පැතිරුණා. මිනිස්සු කලබල වුනා. හදිසි අවස්ථාවකදී, එක වැරදි
Share කිරීමක් නිසා
කොයි තරම් ලොකු හානියක් වෙන්න පුළුවන්ද කියලා එදා අපි අත්වින්දා. ඒ සිදුවීම
අපිට කියා දෙන ලොකුම
පාඩම තමයි, "Emotion" (හැඟීම්) වලට වඩා "Logic"
(තර්කනය) විශ්වාස කරන්න කියන එක.

මාධ්‍ය භාවිතා කරන අපි ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් තමයි, "මම
දැනගෙන හිටියේ නෑ ඒක බොරු
කියලා" කියන එක නීතිය ඉදිරියේ නිදහසට කරුණක් නොවෙන බව. ශ්‍රී
ලංකාවේ පවතින නීති රාමුව
ඇතුළේ (Online Safety Act ආදිය හරහා), අසත්‍ය තොරතුරු පැතිරවීම බරපතල
වරදක්.

විශේෂයෙන්ම , කෙනෙක්ගේ ඡායාරූපයක් අනවසරයෙන් , AI හරහා වෙනස්
කරලා සමාජ මාධ්‍යට මුදා
හැරීම සිවිල් සහ අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. ඔබ
විනෝදයට කරන දෙයක් නිසා
ඔබේ අනාගතයම අඳුරු වෙන්න පුළුවන්. ඒ නිසා කැමරාව සහ කීබෝඩ් එක
පාවිච්චි කරන්න ඕන හරිම
පරිස්සමින්.

2026 කියන්නේ තාක්ෂණය අපිට අභියෝග කරන අවුරුද්දක්. ස්මාර්ට් ෆෝන් එක
අතේ තිබුනට මදි, ඒක
පාවිච්චි කරන කෙනා "ස්මාර්ට්" වෙන්න ඕන.ඉතින් මේ නිසාම,
 සැක කරන්න පුරුදු වෙන්න: ඕනෑම පුවතක්, ඡායාරූපයක් Share කරන්න කලින්
"මේක ඇත්තද?"
කියලා දෙපාරක් හිතන්න.

 මූලාශ්‍ර හොයන්න: විශ්වාසවන්ත මාධ්‍ය ආයතනයකින් ඒක තහවුරු
කරගන්න.
 තාක්ෂණය ගැන දැනගන්න: AI රූපයක් හඳුනාගන්න පුළුවන් උපක්‍රම (විකෘති
වූ අකුරු,
අස්වාභාවික පසුබිම්) ගැන ඉගෙන ගන්න.

තාක්ෂණය කියන්නේ නරක දෙයක් නෙවෙයි. නරක දේ වෙන්නේ, ඒක පාලනයකින්
තොරව භාවිතා කරන
එකයි. ඒ නිසා, 2026 අවුරුද්දේ, තාක්ෂණයේ වහලෙක් නොවී, තාක්ෂණය හරි
විදිහට පාලනය කරන්න
ඉගෙන ගමු.

1.ඔබ "වගකීම් සහගත ඩිජිටල් පුරවැසියෙක්" ද?
2.අනෙකාගේ පෞද්ගලිකත්වයට (Privacy) ගරු කරනවාද?
3.තොරතුරක් Share කරන්න කලින් එහි සත්‍යතාව සොයනවාද?
4.සමාජ මාධ්‍ය තුළ අනුන්ට අපහාස කිරීමෙන් වළකිනවාද?
5.නීතිය ගැන අවබෝධයෙන් කටයුතු කරනවාද?

මේ ප්‍රශ්න හතරටම ඔබේ පිළිතුර "ඔව්" නම්, ඔබ 2026 ට සුදුසුයි!

2026-01-06

“ ධර්මයුද්ධය 2 “

~ දෙවෙනි වේනම් හිරු අරුණමයි පිය සෙනෙහෙට… ~
කැළණිය විශ්වවිද්‍යාලයෙන් සරසවි අධ්‍යාපනය සාක්ෂාත් කරගෙන ඉන් අනතුරුව ජාතික චිත්‍රපට
සංස්ථාවේ සිනමාකරණය පිළිබඳව උපාධිය හදාරා ඉන් නොනැවතී ජාතික තරුණ සේවා සභාවේ
රූපවාහිනී හා චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව ඩිප්ලෝමාව ද හදාරා දිවයිනේ ප්‍රමුඛතම රූපවාහිනී
නාලිකා යුගලක් වන සිරස ටී.වි. හා හිරු ටී.වී. හී දශක ද්විත්යකට අධික කාල සීමාවක් මුළුල්ලේ
වැඩසටහන් නිෂ්පාදකවරයෙකු මෙන්ම වැඩසටහන් කලමණාකරුවෙකු වශයෙන් ද සිය ප්‍රතිභාන්විත
නිර්මාණ කෞශල්‍ය මෙරට මිලියන සංඛයාත ටෙලිවිෂන් ප්‍රේක්ෂකයන් හමුවේ විදහාපෑමට
සමර්ථකම්
පෑවෙකි අරුණ ජයවර්ධනයන්.
වර්ෂ 2009 දී ජනගත වූ “ඩාන්සින්ග් ස්ටාර්” චිත්‍රපටයේ සම අදියුරුවරයා වශයෙන් ස්වදේශීය
සිනමාවට අත්පොත් තැබූ අරුණ ජයවර්ධනයන් නිකිණි වැස්ස (2013), හැපි බර්ත්ඩේ (2022),
1970 ලව්
ස්ටෝරි (2024) සහ මාරියා (2025) යන මැයින් විදෙස්ගතව වෙසෙන සුවහසක් ශ්‍රී ලාංකේය සිනමා
රසිකයින් පවා අමන්දානන්දයට පත්කරවීමට සමත් වු අද්විතීය සිනමාපටයන් ශ්‍රේණියේ තිර
රචකයා
මෙන්ම අදියුරුවරයා ද වෙයි. “ධර්මයුද්ධය 2” ඔහු විසින් අධ්‍යක්ෂනය කෙරූ මීළඟ සිනමාපටයයි.
දශක කිහිපයක් පුරාවට නොයෙකුත් අන්තයන්ගෙන් දේශීය සිනමා කර්මාන්තයේ පුනරුදය උදෙසා
අනභිභවනීය මෙහෙවරක් ඉටුකල “සිරස ටී.වී.” “එම්. එන්ටර්ටේන්මන්ට්ස්” ප්‍රමුඛ “එම්. ටී. වී. මාධ්‍ය
ජාලය” එහි දිගුවක් වශයෙන් “ඩාන්සින්ග් ස්ටාර් (2009)”, “මෝටර් බයිසිකල් (2016)”, “ධර්මයුද්ධය
(2017)”, “ඒ ලෙවල් (2017)”, “ගෝල් (2018)”, “උදුම්බරා (2018)”, “තාල (2019)”, “යූ ටර්න්
(2019)”
සහ “හැපි බර්ත්ඩේ (2019)” යන ජනකාන්ත සිනමාපට දාමයේ අර්ථ පතීත්වය උසුලන ලද්දේය.
“ධර්මයුද්ධය 2” එමඟින් නිමවෙන නවතම සිනමාපටයයි.
හරිස්චන්ද්‍ර විසින් ශේන් සමරසිංහගේ දේහය වළලනු ලබන ඉදිකෙරෙමින් පවතින පොලිස්
ගොඩනැගිල්ලේ මිනීමැරුමක් සිදුකොට පොලිස් නිළදාරීන් වෙතින් පළායන ගජේන්ද්‍ර නම් පුද්ගලයෙකු
සැඟවේ. එහිදී දේහය වළලා පලායන හරිස්චන්ද්‍රව ගජේන්ද්‍ර අහම්භෙන් දකී. චෝදනා වලින් නිදොස්

වන හරිස්චන්ද්‍ර සිය ලබැඳියන් සමග විනෝද වෙන අතරේ ගජේන්ද්‍ර සිරබත් කයි. වසර 8 ක්
ඉක්මවෙන
තැන ගජේන්ද්‍ර සිරෙන් නිදහස ලබයි. ශේන්ගේ ඝාතන නඩුව තවමත් විභාග වෙමින් පවතින බව
අහම්භෙන් දැනගන්නට ලැබෙන ගජේන්ද්‍ර පොලීසිය හමුවට ගොස් ගොඩනැගිල්ලේදී තමන් දුටු දෑ
හෙළිදරව් කරයි. සිනමාපටයේ ආරම්භය මෙලෙසින් සනිටුහන් වන අතර මින් ඉදිරියට තිරය මත
ප්‍රක්ශේපනය වන්නේ හරිස්චන්ද්‍රගේ අසමසම පීතෘ සෙනෙහසේ වීර වික්‍රමයයි.
පියෙකුගේ මහෝත්තම සංවේදනාව වන ධාරක ස්නේහය මුදුන්පත් වූ කල්හී ඔහු හට බිඳලිය නොහැකි
බාධකයක් නොමැත්තේමය යන්න අග්‍රගන්‍ය සිනමාත්මක ශ්‍රව්‍ය දෘශ්‍ය අඬහැරයක් ඔස්සේ පිළිපිඹු
කරවීම තිර රචකයාගේ මෙන්ම අදියුරුවරයාගේ ද මුඛ්‍ය අභිමතාර්ථය හෙවත් උඩුපෙළ බව
සිනමාපටය
සිහි නුවණින් නරඹන කා හට වුවද පසක් වන බව නොවළහා පැවසිය යුතුයි.
කිසිවෙකු හට යම් හෙයකින් උරුමවන අනිසි බලයත් එම බලය තවදුරටත් රැකගැනීමට ඔහු හෝ ඇය
දරනා
අදූරදර්ශී වෑයමත් සැමදා සැමවිටකදීම ඔහු හෝ ඇය හට පිරිහීමේ දොරටුවම විවර කරනු ඇති බව
සිනමාපටයේ යටිපෙළ හෙවත් ව්‍යංගාර්ථය විය යුතුයැයි විශ්වාස කරමි.

සිනමාපටය සවිඤානකව කියවාගැනීමේදී උක්ත අයුරේ ගැඹුරු අභ්‍යන්තරික යටිපෙළක් පිළිබඳව
සංකල්පනාවක නිරත විය හැකි මෙන්ම නිරූපිත ප්‍රදාන චරිතයටත් ඔහුගේ ලබැඳියන්ටත් අහඹු
ලෙසින්
මුහුණපාන්නට සිදුවන අනපේක්ෂිත සිදුවීම් දාමයන් නිසාවෙන් සිනමාපටයේ පළමු දසුනේ පටන්
අවසන්
දසුන දක්වාම ප්‍රේක්ෂකාගාරය තුළට සන්ත්‍රාසය ජනිත කෙරවෙන අතර සෙසු සහය චරිතයන්ගේ
නිරූපනයන් තුළින් කිසිවිටෙකත් ප්‍රේක්ෂක මනසේ සහේතුකව ජනනය වන කුතුහලය පලුදු
නොකෙරෙන්නට වගබලාගැනීම ද නිර්මාණකරුවන් විසින් සිනමාපටය තුළ හිතාමතාම සංගෘහිත
කරවන
ලද සුවිශේෂී කාරණාවක් බව ඉතා ඕනෑකමින් පැවසිය යුතුය.
කැමරාකරණය, කලා අදයයක්ෂණය, අංගරචනය හා සංස්කරණය යන සිනමාපටයක ප්‍රාදාන
සංරචකයන් අතර පවත්නා මනා පෑහීම ප්‍රේක්ෂක මනස තුළ කතා තේමාවට මැනවින් සුසර වන
අයුරේ

උද්වේගකාරී එල්බගැනීමක් හටගැන්වීමට සමත්වන බැව් අව්‍යාජව කිවයුතුය.
සිනමාපටය තුළ අන්තර්ගත ගීතයන් හා එහි මුල සිට අවසානය වන තෙක් දාවනය වන මියුරු
භාවාත්මික
පසුබිම් සංගීතයත් සිනමාපටයේ කථා තේමාව සමඟින් අපූර්ව ලෙස ඒකාත්මික වීම ප්‍රේක්ෂකයන් හා
සිනමාපටය අතර හටගන්නා සියුම් සන්නිවේදනය වඩාත් ත්‍රීව කරන බව ප්‍රකාශ කිරීමට
කැමැත්තෙමි.
ගීත රචකයන්, ගීත ගයන්නන් සහ සාංගීත අදයයක්ෂකවරයා අතර ඇති අන්‍යෝන්‍ය අවබෝධය
හා සුසංයෝගය උක්ත කාරණාවට මං සැලසූ බව සිනමාපටය සිනමා සංවේදීව රසවින්දනය කරන්නා
වූ
රසකාමියෙකුට යෙහෙන් වැටහී යනු ඇති බව සිතමි.
නිෂ්පාදන ධූරාවලිය
අධ්‍යක්ෂණය – අරුණ ජයවර්ධන
නිෂ්පාදනය – මහරාජා මාධ්‍ය ජාලය
විධායක නිෂ්පාදනය – යසරත් කමල්සිරි
රේඛීය නිෂ්පාදනය – ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක
කැමරා අධ්‍යක්ෂණය – චන්න දේශප්‍රිය
අනුවර්තනීය තිර රචනය හා නිර්මාණ සැලසුම්කරණය – සුනෙත් මාලිංග ලුකුහේවා
සංස්කරණය හා වර්ණ සං‍යෝජනය – ශාන් අල්විස්
පසුබිම් සංගීතය – කෙෂාන් පෙරේරා
ගී පද රචනය – වසන්ත දුක්ගන්නාරාල, අංජලී බුදවත්ත
ගීත ගායනය – බිමල් ජයකොඩි, තිමොති සිල්වා සහ අශ්මිත අභිෂේක විජේරත්න
ගී තනු නිර්මාණය – කෙෂාන් පෙරේරා සහ රවිහාන්ස් වැටකේපොත
නිෂ්පාදන කළමනාකරණය – මොහාන් රාමනායක

නිෂ්පාදන සම්බන්ධීකරණය – මංජුල යටවතුර
සහය අධ්‍ය්ක්ෂණය – රංජන් ප්‍රසන්න
කලා අධ්‍යක්ෂණය – මංජුල අයගම
අංග රචනය – ප්‍රියංක රත්නායක

ඇඳුම් නිර්මාණය – නිවර්තනා මාන්නගේ
විශේෂ ප්‍රයෝග සජීවීකරණය – කසුන් චන්ද්‍රනාත් පතිරණ
ශබ්ද සැලසුම්කරණය – ස්ගසින් ගිම්හාන් පෙරේරා
නිශ්චල ඡායාරූප – ඉන්දික මල්ලවාඅරච්චි
කොණ්ඩා මෝස්තර – සන්තුෂ් නිමේෂ
ආලෝකකරණය – ආරියරත්න පෙරේරා
මාධ්‍යය සම්බන්ධීකරණය – ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
ප්‍රදාන රංගන ධායකත්වය
බිමල් ජයකොඩි
දිල්හානි අශෝකමාලා
තිසුරි යුවනිකා
විනුම් වින්සදී
කුසුම් රේණු
ඩග්ලස් රණසිංහ
කුමාර තිරිමාදුර
ආනන්ද අතුකෝරාල
අශාන් ඩයස්
දිනක්ෂි ප්‍රියසාද්
සනත් ගුණතිලක
මවිලි ෆර්ඩිනෑන්ඩු
නලින් ලුසේනා
කළණ ගුනසේකර

බුද්ධදාස විතානාඅරච්චි
මැල්කම් මචාඩෝ
කසුනි කාවින්ද්‍යා
හර්ෂිකා රත්නායක

තිලක්ෂිණී රත්නායක
ආරියසේන ගමගේ
ඉරේෂ් ලක්මාල්
නිරුක්ෂාන් ඒකනායක
ජයරත්න ගලගෙදර
වීරයා, දුෂ්ඨයා, පෙම්වතිය පෙරටුකොටගත් තුන්කොන් ආදරය ඉස්මතුවෙන කතාංගයන් හෝ
රාජකීයත්වය සමගින් පෑහුණු බෞද්ධ සංස්කෘතිය ඔප්නැංවෙන කතාංගයන් හෝ තේමා කරගන්නවා
වෙනුවට අභියෝගාත්මක, ආන්දෝලනාත්ම්ක තේමාවන් තෝරාගෙන සිනමා නිර්මානකරණයට
පිවිසීමේ
වත්මන් ධණාත්මක ප්‍රවණතාවය පිළිබඳව සිනමා කර්මාන්තයේ සහ ටෙලිවිෂන් මාධ්‍යයේ වෘතීය
තිර
රචකයෙකු ලෙසින් කටයුතුකරන මා හට ඇත්තේ හද පිනා යන සන්තුෂ්ටියක් බව මා අවංකවම පවසමි.
හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය අපේක්ෂාවන් ඇති කරවන මෙවන් ප්‍රශස්ථ
සිනමා භාවිතාවක් සමඟින් නැවතත් හෙලවුඩය වර්ණවත් කිරීමට අවැසි සියළු හේතු සම්පත්
සැලසේවායි
අරුණ ජයවර්ධන අතුළු සමස්ථ නිෂ්පාදන කාර්‍ය මනඩලය වෙත මුළු හදින්ම සුභාශිංශන එක්කරමි.
සැකසුම
හිරාන් ගමගේ

2026-01-05

අපි ට 6ක්

2026 ජනවාරි වෙනකොට අපි Magazine එකට අවුරුදු 6 ක්.
ඇත්තටම කිව්වොත් මේක කන්ඩායමක් එකමුතු වෙලා කරන වැඩක්. ලෝකයේ හතර වටෙන්ම
එකතුවෙලා හරි ලස්සනට හැම මාසෙකම මුල ඔබ අතට එන මේ ලිපි එකතුව පිටිපස්සෙ ලොකු
පිරිසක් ඉන්නවා. ලොකු වැඩ කොටසක් කෙරෙනවා. හැමෝගෙම අතින් ලියවෙනවා වගේම ඒ ලියවෙන
දේට ගැලපෙන ඩිසයින් එක වගේම ඒ පිටු එකතුව සමාජ මාද්‍ය අතරට රැගෙන එන එකත් අපේම
කන්ඩායමේ වගකීමක්.
2025 වසරේ Magazine එකෙ තවත් වැදගත් සංදිස්තානයක් පසු කරා. ඒ තමයි ISSN
(International Standard Serial Number )
මේය තමයි දෙස් විදෙස් ඕනම තැනක අපේ Magazine එක හදුනා ගන්න පුලුවන් විදිය. ඒක ලබා
ගන්න ලේසි පහසු වුණේ නෑ. මොකද එංගලන්තය වගේ රටක සිංහල මාද්‍යයෙන් කරන Magazine
එකකට ටිකක් අමාරු කාර්යක්.
ඒවගේම අපි ලබා ගත් තවත් ජයග්‍රහණයක් තමයි.. “අපි Magazine” පිටුවට 50000 Followers
පසු කිරීම. ඉතින් මේ හැමදේම අපේ කන්ඩායමේ එකමුතුව සහ ශක්තියි.
පටන් ගත්ත දවසේ සිට මේ වෙනකන් නොඅඩුව ලැබෙන ප්‍රතිචාර අපි හරිම ආදරෙන් බාරගන්නවා. ඒ
ප්‍රතිචාරන් තමයි අපිව දිරිමත් කරන්නෙ.
ඉතින් මේක මම වෙලාව කරගන්නවා අපේ කන්ඩායමටත් අපි වටා ඉන්න අපෙ ආදරනීය පාඨකයන්ටත්
ස්තුති කරන්න. ඒ වගේම ඉදිරියටත් “අපි Magazine” තුලින් අලුත් දේවල් එකතු කරගෙන තවත්
ලස්සනට මේ වැඩේ කරගෙන යන්න ඔගොල්ලන්ගෙ සහයෝගය , ශක්තිය සහ ආදරය අපි
බලාපොරොත්තු වෙනවා.
ස්තුතියි!
ගයාන් කරුණාරත්න

2026-01-04

ලැබුවා වූ 2026 නව වසර සැමට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

​නව වසරක් උදාවීම යනු හුදෙක් දින දර්ශනයක පිටුවක් පෙරළීම පමණක් නොව,
අපේ ජීවිතවල අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමට ලැබෙන මහගු අවස්ථාවකි.
​අලුත් අවුරුද්දට අලුත් වෙලා යමුද?
​සෑම වසරකම ජනවාරි පළමුවැනිදා අප හමුවට එන්නේ දහසක් බලාපොරොත්තු
පෙරදැරි කරගෙනය. “පරණ අවුරුද්ද ඉවරයි, දැන්වත් හැදෙන්න ඕනේ” යන්න අප
බොහෝ දෙනෙකුගේ මුවින් නිතර ඇසෙන වැකියකි. නමුත් සැබෑවටම “අලුත් වීම”
යනු කුමක්ද?
​1. මනසින් අලුත් වෙමු
​අලුත් ඇඳුම් පැළඳුම් හෝ භෞතික සම්පත්වලට වඩා වැදගත් වන්නේ අපේ
සිතුවිලි අලුත් කර ගැනීමයි. පසුගිය වසරේ අප අතින් වූ වැරදි, අසාර්ථක වීම් සහ
පසුතැවීම් දෙස උපේක්ෂාවෙන් බැලීමට පුරුදු වෙමු. අතීතයේ එල්බගෙන සිටීම
වෙනුවට, එම වැරදිවලින් උගත් පාඩම් සමඟින් වර්තමානය ජය ගැනීමට සිත
ශක්තිමත් කරගත යුතුය.


​2. ඉලක්ක සහ සැලසුම්
​බොහෝ දෙනෙක් අවුරුද්ද ආරම්භයේදී විශාල පොරොන්දු ලැයිස්තුවක් (New Year
Resolutions) සාදා ගත්තද, ජනවාරි මාසය අවසන් වීමටත් පෙර ඒවා අමතක කර
දමති. මේ වසරේ අප කළ යුත්තේ ඉටු කළ හැකි කුඩා නමුත් පැහැදිලි ඉලක්ක
වෙත අවධානය යොමු කිරීමයි.
​දිනකට පොතක පිටු කිහිපයක් කියවීම.
​සිරුරේ සෞඛ්‍යය වෙනුවෙන් සුළු ව්‍යායාමයක නිරත වීම.
​අනවශ්‍ය වියදම් පාලනය කර ඉතිරිකිරීම් ආරම්භ කිරීම.


​3. සබඳතා අලුත් කරගමු
​තාක්ෂණය සමඟ හුදකලා වූ ලෝකයක, සැබෑ මිනිස් සබඳතාවලට අද ඇත්තේ අඩු
වටිනාකමකි. මේ නව වසරේ ඔබේ පවුලේ අය, මිතුරන් සහ අසල්වැසියන් සමඟ
ඇති සබඳතා වඩාත් අර්ථවත් කරගන්න. එකිනෙකාට ඇහුම්කන් දීම, උපකාර
කිරීම සහ දයාව දැක්වීම තුළින් ඔබට ලැබෙන මානසික සහනය අතිමහත්ය.


​4. පරිසරයටත් අලුත් අවුරුද්දක්
​අප අලුත් වන අතරතුර අප ජීවත් වන පරිසරය ගැනත් සිතිය යුතුය. අවම
වශයෙන් පැළයක් සිටුවීමට හෝ පරිසරයට මුදාහරින ප්ලාස්ටික් ප්‍රමාණය අවම
කිරීමට මේ වසරේ අදිටන් කර ගනිමු.
​”සැබෑ වෙනස ආරම්භ වන්නේ අප තුළිනි. ලෝකය අලුත් වීමට පෙර ඔබ අලුත්
වන්න.”

​නව වසර යනු හිස් පොතක මුල්ම පිටුව වැනිය. එහි ලස්සනම කතාව ලිවීමේ
වගකීම ඇත්තේ ඔබේ අතේය. එදිනෙදා වැඩකටයුතුවලට කොටු නොවී, ජීවිතය
විඳිමින්, අන් අයටත් ආලෝකයක් වෙමින් මේ වසර ගත කිරීමට උත්සාහ කරමු.
​ඔබ සැමට අර්ථවත් නව වසරක් වේවා!
සටහන,
නවොද්‍යා දෙව්මිණි ආරියවංශ

2026-01-03

සංසාර ප්‍රේමය

පෙම් නාද නින්නාද දුන් ලොවේ මිහිරිතම

තුම් ආල දම් පිරූ රන් සිතේ සොඳුරුතම

ගුම් දිදී උන් බිඟුන් පැරදවූ නිතැතින්ම

නිම් නොවූ සිහිනෙකින් ආව කුමරෙක්මි මම

නම් දරා ආ හෙයින් සංසාර සාගරේ

මම් ඔබේ නාමයෙන් සදහටම ආදරේ

ඉම් දකින තුරුම මේ භව චක්‍රවාටයේ

දම් පුරමු ලංව මිණි මෙන් වජ්‍රමාලයේ

තාරක ජයතිලක