25-Oct-16

Botox සහ fillers වලින් හැකිතාක් වැලකී සිටිය යුත්තේ ඇයි

Botox සහ fillers වලින් හැකිතාක් වැලකී සිටිය යුත්තේ ඇයි ?
අපි Botox වෙලදපලෙහි හදුන්වන්නේ botulinum toxin injections කියල . මෙම ඵන්නත මගින් සිදුවන්නේ මාංශ පේශින් (මුහුණෙහි) අක්රිය කිරිම තුලින් වැඩීම සම්පුර්ණයෙන්ම නවතා දැමීමයි. Botox දිගින් දිගටම ලබා ගත්විට එම මාංශ පේශි වලවර්ධනය සම්පුර්ණයෙන්ම නැවති ඉතාමත්ම කෘතිම බවකි මුහුණට ලැබෙනවා වගේම Botox එන්නත ලබා ගැනීම නිසා ලැබෙන එක් වාසියක් ලෙස Reduces Muscle Movement හදුන්වන්න පුලුවන් තුලින් lines and wrinkles ඇතිවීම නවතා දමනවා.
නමුත් මෙයින් ඇතිවන අතුරැ අබාධ ඉතාමත් වැඩියිමේ අතර 1 Severe reactions: Difficulty breathing, trouble swallowing, or muscle weakness spreading to other parts of the body. 
2 Eye problems: Double vision, blurred vision, or ptosis (dropping eyelids)
3 Urinary problems: Difficulty emptying the bladder or urinary retention, especially for those with conditions like diabetes or multiple sclerosis
මෙම හේතු නිසා අපි Botox ලබා ගැනීමේදි ඉතාමත්ම කල්පනාකාරී විය යුතුයි.


මීලගට අපි fillers ගැන සවිස්තරාත්මකව බලමු. fillers, are injectable substances, most commonly hyaluronic acid, used in cosmetic treatments to restore lost volume, reduce the appearance of wrinkles, and enhance facial features.
Fillers භාවිතයෙන් ඉතාමත් ඉක්මනින් ප්රතිපල ලබාගන්න පුලුවන් නමුත් එය දීර්ග කාලිනව පවත්වෙගෙන යාමට අපහසුයි. Filler එකක් කියන්නෙ දියර වශයෙන් ලබා දෙන gel එකක්. මෙය එන්නත් කරාට පසුව එම gel එක migrate කිරීමේ සම්භාවිතාව ඉතාමතිම වැඩියි . එම නිසා ගොඩක් වෙලාවට filler ප්රතිකාරය අසාර්තක වෙනව.

Fillers වල අත්රරැ අබාධ පහත සදහන් ,

* Allergic Reactions: Though rare, severe itching, swelling, or hardness can be signs of an allergic reaction. 
* Infections: Bacterial infections can occur, leading to painful nodules or abscesses. 
* Granulomas: These are inflammatory lumps that can form around the filler. 
* Filler Migration: The filler material can sometimes move from the original injection site. 
* Tissue Necrosis: This severe complication occurs when filler blocks blood flow to the skin, leading to tissue death and potentially scabbing or scarring. 
* Blindness: In very rare cases, filler can embolize (block) a blood vessel in the eye area, causing vision loss. 

අපි Botox සහ fillers වලින් වැලකි සිටිය යුත්තේ ඇයි ?
You don’t necessarily have to avoid fillers and Botox entirely, but you must be aware of the potential risks and choose qualified practitioners for safe administration. Serious risks include infection, nerve damage, vascular occlusion leading to blindness or stroke, and allergic reactions. To minimize these risks, always use a qualified and experienced professional, as incorrect injection techniques and lack of anatomical knowledge can lead to severe and permanent complications.

 

Dilanthi liyanarachchi
Aesthatic practitioner
Serenity body clinic
London – Colombo – galle

Home / Archive by category "Beauty-Hints"

25-Oct-13

අපේ සමට අත්‍යාවශ්‍ය කොලජන් සහා සම ආරක්ෂා කිරීම

කොලජන් යනු අපේ ශරීරයේ ස්වභාවික ප්රෝටීන් වර්ගයකි. මෙය සම, ඇට, සන්ධි, කෙස්, නහර හා නිය ආදිය සුරැකීමට ඉතාම වැදගත්ය.
වයස වැඩි වීමත් සමඟ, කොලජන් නිෂ්පාදනය අඩුවීමෙන් සමය රැලි වැටීම, සන්ධි වේදනාව සහ තෙතමනය අඩුවීම සිදු වේ.

මුහුණේ කොලජන් වර්ධනය කිරීමට ක්රම
1.1 ස්වභාවික ප්රතිකාර
අලෝවෙරා ජෙල්රාත්රියේ මුහුණට ආල්පනය කිරෙිමන් සම තදකිරීම; සම තෙතමනය රදා පවතී.
අවකඩෝ Mask – සතියකට 2-3 වරක් භාවිත කිරීමේන් සම පෝෂණය කරයි. මෙම masked Vitamin E හා Omega-3 oil මිශ් කිරීම සමය පෝෂණය වැඩි කරයි
ගොටුකොළ පිටි Mask – කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරයි.
කහ + දෙහි Mask – Vitamin C හා ප්රතිජීවක ද්රව් සමඟ සමය වර්නවත් කරයි
• Face Massage – රුධිර ප්රවාහය වැඩි කර කොලජන් නිෂ්පාදනයට උදව් කරයි.

සප්ලිමන්ට් (Supplements)
• Hydrolyzed Collagen Powder – ජලයට හෝ සෙරියල් වලට එකතු කර ලබා ගන්න. කොලජන් නිෂ්පාදනයට උදව් කරයි.

• Vitamin C + Collagen Capsules – කොලජන් නිෂ්පාදනය සහ පරිවෘත්තිය උත්තේජනය කරයි.
• Biotin + Zinc – සම, කෙස් සහ නහර සුරැකීමට උදව් කරයි.



වාණිජ/වෛද් ප්රතිකාර
• Microneedling – මගින් සමය යළි සකස් කර නව කොලජන් නිෂ්පාදනය උත්සාහ කරයි.
• Chemical Peels – අළුත්, මෘදු සම මතු කරයි.
• Laser Therapy – වයස පෙනුම අඩු කරයි.
• RF (Radio Frequency) Therapy – තාපය මගින් කොලජන් වැඩි කරයි.
• PRP Therapy (Platelet-Rich Plasma) – ඔබේම ලේ භාවිතයෙන් නව කොලජන් වර්ධනය කරයි.



කොලජන් ආරක්ෂා කිරීමට දෛනික උපදෙස්

දින පුරාදී:
• SPF 30+ සන්ස්ක්රීන් භාවිතා කරන්න.
• Vitamin C serum යොදන්න.

රාත්රියේ:
• Collagen-boosting night cream භාවිතා කරන්න.
•6–8 පැය නිදා ගැනීම ඉතාම වැදගත්ය.
කොලජන් වර්ධනය කරන ආහාර
ආහාර වර්ගය
ගොටුකොළ, දෙළුම්
Vitamin C
Vitamin A
Omega-3
බිත්තර, පනීර්
Amino Acids

කොලජන් වර්ධනය සඳහා හොඳම ක්රමය වන්නේ
ස්වභාවික ආහාර ,සත්කාර රටාව ,නිසි විවේකය සහා නිසි ප්රතිකාර සමට එකතු කිරීමයි.

 

දුලාංජලී අලහප්පෙරුම

Home / Archive by category "Beauty-Hints"

25-Aug-16

රූපලාවන්‍ය ක්‍රේෂ්ත්‍රය උඩු යටිකුරු කර EXOSOME ප්‍රතිකාරය .

මෑතකදි ක්රේෂ්ත්රය තූල වැඩිපුරම කතා බහට ලක් වූ , සහ ඉතාමත්ම ඉහල ඉල්ලුමක් ඇති සෛල ප්රතිසංස්කරණය කිරීමේ ක්රියාවලිය අපි exosome ප්රතිකාරය නමින් හදුන්වනවා. මෙම ප්රතිකාර ක්රමය තුලින් වයස් ගතවීමේ වේගය පාලනය කරගැනීමට අපට හැකියාව තිබෙනවා.

මොනවද මේ exosome ?
අපගේ ශරීරය තුල නිපදවන ,සෛල සහ පටක අතර පනිවිඩ හුවමාරැ කර ගැනීම සිදුකරන ඉතාමත්ම කුඩා අංශුන් ලෙස මෙය හදුන්වන්නට පුලුවන්.
Exosomes are extracellular vesicles, meaning they are released from cells and exist outside of them. They are very small, typically between 30-150 nanometers in diameter

Exosome බොහෝ විට ශාක සාර භාවිතා කර නිපදවා ගන්නා , මිනිස් සෛල ප්රතිනිර්මාණය කරන අපුරැ උත්තේඡකයක්.

Exosome වලින් ශරිරයට ලැබෙන ප්රධානම ප්රතිලාබ
1 Skin rejuvenation
2 Hair restoration
3 Tissue repair

ඉතාමත්ම පැහැපත් , සහ තරුන පෙනුම රුකදෙන මෙම exosome ප්රතිකාරය එන්නත් මගින් සහ micro needling භාවිතයෙන් සම තුලට ලබා දිය හැකිය.

What is an exosome in biology?
Exosomes are extracellular vesicles generated by all cells and they carry nucleic acids, proteins, lipids, and metabolites. They are mediators of near and long-distance intercellular communication in health and disease and affect various aspects of cell biology.

 

Dilanthi liyanarachchi
Aesthetic practitioner
Serenity body clinic

Home / Archive by category "Beauty-Hints"

25-Aug-18

ආහාර සහ නිවැරදි ප්‍රතිකාර වලින් මුහුණු සම ආරක්ෂා කරගන්න කෙසේද

ආහාර සහ නිවැරදි ප්රතිකාර වලින් මුහුණු සම ආරක්ෂා කරගන්න කෙසේද?”
අද කාලෙක බොහෝ දෙනෙක් මුහුණු සමේ ගැටලු වලට මුහුණ දෙනවාවිශේෂයෙන්ම fast food කෑම නිසා. oily skin, pimples, acne වැනි ගැටලු එක එක අයගේ ආරක්ෂාකාරී රූපය, විශ්වාසය සහ ජීවන රටාවට බාධා කරනවා. අද මම ඔයාලට පැහැදිලි කරනවා fast food නිසා ඇතිවන සම ගැටලු වලට පාලනයක් ගන්න ක්රම සහ ඒවට ගැළපෙන ප්රතිකාර මොනවාද කියලා.”

 

ආහාර වලින් සමය ආරක්ෂා කරගන්නෙ කෙසේද?
1. තෙල් වැඩි ආහාර වළක්වා ගන්න
• fast food කෑම වළක්වන්න.
මේවා සමෙහි තෙල් නිෂ්පාදනය වැඩි කරලා pimples and acne වැනි ගැටලු ඇති කරනවා.
2. සීනි වැඩි ආහාර අඩු කරන්න
සීනි වැඩියෙන් ඇත්තේ සමයේ වයස වැඩීම (aging) වේගවත් කරනවා.
කේක්, Fizzy drinks වැනි ඒවා සීමා කරන්න.
3. ජලය බොන්න
දිනකට ලිටර් 2ක් වත් වතුර බොන්න.
සමය තෙතමනයෙන් පිරුණු ලෙස තබාගන්න.
4. උදෑසන පලතුරක්/කොළ පැළෑටි එක්ක ආහාර ගන්න
විටමින් C, E, Zinc සහ Antioxidants තියෙන ආහාර සමයට හොඳයි.
උදා: නාරං, දෙල්, ගෝවා, බෝංචි, මීකිරි, තක්කාලි.



 වැරදි ප්රතිකාර වලින් සමය ආරක්ෂා කරගන්නෙ කෙසේද?
1. සහතික නැති උපාංග භාවිතයෙන් වලකින්න
අධික රසායනික (chemical) තියෙන උපාංග සමයට හානිකරයි.
• FDA/කෘතිම භාවිතය පිළිගත් උපාංග පමණක් භාවිතා කරන්න.
2. Tretinoin, AHA/BHA වැනි ශක්තිමත් උපාංග නිවැරදිව භාවිතා කරන්න
බෙහෙතක් වගේ බැලිය යුතුයි.
වෛද් උපදෙස් නැතුව භාවිතා නොකරන්න.
3. scrub එකක් සීමා කරන්න
තදින් scrub කිරීම සමෙහි බාධාකාරී වේ.
4. රූපලාවන් නිෂ්පාදන බෙහෙත් මෙන් භාවිතා නොකරන්න


 එකතුවක් ලෙස:
හොඳ ආහාර පුරුදු
විශේෂයෙන් සෙරම්, sunscreen, moisturizer නිවැරදිව භාවිතය
වෛද් උපදෙස් වලට අනුව ක්රියා කිරීම
වියළි, තෙල් වැඩි, හීරුණු වගේ එකී සම වර්ගයට ගැලපෙන උපදෙස් අනුව ක්රියා කිරීම



අපේක්ෂා කරන ප්රතිඵල ලබා ගැනීමට, නිතරම මෙම දේවල් පිළිපදින්න. ඔයාට අවශ්යනම් සම වර්ගය අනුව වඩාත් සුදුසු උපදෙස් දිය හැක.

සාමාන් සම (Normal Skin) සඳහා:

1. Gentle Cleanser – දිනකට දෙවරක් සාමාන් facial wash එකක්.
2. Moisturizer – සම තෙතමනය තබාගන්න light moisturizer.
3. Sunscreen (SPF 30+) – ඉරිදිනාලේ හානියෙන් ආරක්ෂාවක්.



 තෙල් සහිත සම (Oily Skin) සඳහා:

1. Salicylic Acid Cleanser – බෝස්ටෙල් වලට සහ oily skin සඳහා සුදුසුයි.
2. Niacinamide Serum – තෙල් වැඩිවීම අඩු කරයි, pores හකුලයි.
3. Oil-free Moisturizer – gel වර්ගය වගේ lightweight moisturizer.
4. Clay Mask (සතියකට 1-2 වතාවක්) – තෙල් ඉවත් කරයි.



 වියළි සම (Dry Skin) සඳහා:

1. Hydrating Cleanser – සම වියළීමක් නොවන facial wash.
2. Hyaluronic Acid Serum – තෙතමනය වැඩි කරයි.
3. Thick Cream Moisturizer – හැම දිනෙකම යෙදිය යුතුයි.
4. Avoid Alcohol-based products – වියළි සමයට තවත් බරපතල බවක් ලැබෙනවා.



 හීරුණු සහ acne ඇති සම සඳහා:

1. Benzoyl Peroxide / Salicylic Acid – Acne වලට වැදගත්.
2. Tretinoin Cream (0.025% – 0.05%)
රාත්රියේ යෙදිය යුතුයි
ඉරිදා දවස්වල Sunscreen අනිවාර්යයි
මුලදී වියළි බවක්/සමට ලා දැනෙන්න පුළුවන්
වෛද් උපදෙස් යටතේ පමණක් භාවිතා කරන්න



 දායක ප්රතිකාර (Professional Treatments):

1. Chemical Peels – පළවුණු සෙරීම සහ තැලුම් අයින් කරයි
2. Microneedling – scars/pores වලට හොඳයි
3. Laser Treatments – pigmentation සහ wrinkles සඳහා



ඔබේ සම වර්ගය, වයස, තත්ත්වය (e.g. acne, dry patches, etc.) අනුව විශේෂ ප්රතිකාර ලබාදිය හැක. ඔයාට අදාල තොරතුරු කියනවනම්, ඒකට ගැළපෙන treatment plan එකක් හදලා දෙන්න පුළුවන්.

 

දුලාන්ජලී අලහප්පෙරුම

Home / Archive by category "Beauty-Hints"

25-June-02

කුරුලෑ නිසා ඔබත් පීඩාවෙන් ද?

ශාරීරිකව මෙන්ම මානසිකව අධිකව පීඩා දෙනකුරුලෑලෙස සාමාන් ව්යවහාරයේ හැඳින්වෙන Acne vulgaris නම් සම ආශ්රිත රෝගී තත්ත්වය කාලීනව (Chronic) හටගනු ලබන බැක්ටීරියා ආසාදිත රෝග අවස්ථාවකි. බටහිර වෛද් විද්යාත්මකව තරුණ අවධියේ ඇන්ඩ්ර්ජන් හෝර්මෝන ක්රියාකාරීත්වය නිසා අධිකව ස්නේහය ශ්රාවය වීම හා බැක්ටීරියා ( _Cutibacterium acnes_ bacteria) ආසාදනයට ලක්වීම කුරුලෑ හට ගැනීමේ රෝග හේතූන් ලෙස සැළකේ. එබැවින්, තාරුණ්යයේ ස්රාවය වන හෝර්මෝන වල අසමතුලිත බවත්, ස්නේහ ශ්රාවී ග්රන්ථි වල අධික ක්රියාකාරීත්වය හේතුවෙන් රෝම කූප (hair follicles) ආශ්රිතව ඇතිවන අවහිරතා පසුව  ආසාදනයට ලක්වීමෙන් (inflammation) කුරුලෑ හටගනු ලබන බව පිළිගැනේ.

 මෙසේ ස්නේහය නිපදවන ග්රන්ථි අවහිරවීමෙන් පසු අවට සමේ සෛල ආසාදනය වී බැක්ටීරියා ක්රියාකාරීත්වය හේතුවෙන් සැරව රැස් වීමෙන් සැරව පිරි විශාල කුරුලෑ (acne) ඇතිවේ

මෙවැනි අවහිරවීමකදී සම මතුපිටට ආසන්න ග්රන්ථි ස්වභාවිකව පුපුරා ගොස් ස්රාව පිටවී යාමෙන් ක්රමයෙන් සම යථා තත්ත්වයට පත් වේ.

නමුත් සමේ මදක් ගැඹුරින් පිහිටි ග්රන්ථියක් අවහිර වීමේදී එය පුපුරා නොගොස් ගෙඩියක් ලෙස ඉලිප්පී පැවතිය හැක

මෙම ගෙඩි වැනි නෙරීම් සමෙහි ස්නේහ ශ්රාවී ග්රන්ථි අධිකව පිහිටන මුහුණ, ගෙල, පිටෙහි හා ඉහළ පපු ප්රදේශයේ බහුලව දක්නට ලැබේ.

 

Black සහ white comedones, macules, papules (බිබිලි), pustules (සැරව සහිත ගෙඩි), cyst (ග්රන්ථි) හා ලප කැළැල් යන විවිධ ආකාරයන්ගෙන්  පීඩාවන් ඇතිකරන රෝග අවස්ථාවක් ලෙසට මෙය සැළකේ.

 

ආයුර්වේද වෛද් විද්යාවේදී රෝග වර්ගීකරණයට අනුව චර්ම රෝග යටතේ ක්ෂුද් රෝග අවස්ථාවක් ලෙස මෙම රෝග අවස්ථාව ප්රබේද වේ.

ප්රධාන රෝග කාණ්ඩයක් ලෙස දක්වා නොමැති වුවද සමාජය තුළ පුද්ගල පෞර්ෂය කෙරෙහි බොහෝ සෙයින් බලපෑම් ඇති කල හැකි, මානසිකව අධිකව පීඩා ගෙන දෙන රෝග තත්ත්වයක් ලෙස සැළකේ. එබැවින් කුරුලෑ යනු වර්තමානයේ බොහෝ දෙනා වැඩි වශයෙන් අවධානය ලබා දෙන සමේ රෝගයක් බවට පත් වී ඇත.

මෙම අවධානය ලබා දීම නිසි වෛද් උපදෙස් යටතේ සිදු නොකිරීමත්, වැරදි ආහාර හා පුරුදු නිරන්තරයෙන් අනුගමනය කිරීමත්, මුහුණට අත් හදා බලන වෛද් උපදේශයකින් තොර වූ ප්රතිකාර ක්රම සිදු කිරීමත් නිසා රෝගය පහසුවෙන් සුව කරගත හැකි අවස්ථාවන් මඟ හැරී යනු ඇත.

නව යොවුන් කාලයේ බහුලව හටගනු ලබන මෙම රෝගයයෞවන පිඩකාහාමුඛ දූෂිකාලෙසට සුශ්රැත සංහිතා ග්රන්ථයෙහි සඳහන් වේ.

ස්පර්ශයෙන් රළු, කටු වැනි නෙරීම් ඇති කරන මෙම රෝග අවස්ථාව වේදනාව, දැවිල්ල, සැරව ගැලීම, කැසීම යන රෝග ලක්ෂණ ස්ථානිකව දක්නට ලැබේ.

වාත හා කඵ දෝෂ විගුණතාවයත්, රස, රක්ත හා මේදස් ධාතූන් දූෂණය වීමත් නිසා රෝගයේ හටගැනීම පිළිබඳව ආයුර්වේද මූලධර්මානුකූලව විස්තර වේ.

 

රෝග හේතු :-

සිරුරේ ඇතිවන හෝර්මෝනමය වෙනස්වීම්

හිසෙහි හිස්සොරි පැවතීම

ජලය අවශ් තරම් පානය නොකිරීම

ඔසප් චක්රයේ අක්රමිකතා

අධික මානසික ආතතිය 

සුව නින්දක් නොලැබීම

රාත්රී කාලයේ අධික ලෙස නිදි වැරීම

ගැඹුරු තෙලේ බදින ලද අධික තෙල් සහිත ආහාර වැඩිපුර ආහාරයට ගැනීම

සමට අහිතකර සැර සබන් හෝ වෙනත් නුසුදුසු සෝදනකාරක භාවිතා කිරීම

රූපලාවණ් ආලේපන වර්ග බොහෝ වේලාවක් ගල්වා සිටීම

සැර ෂැම්පූ වර්ග භාවිතා කිරීම

ඇතැම් රූපලාවණ් නිෂ්පාදන ආසාත්මික වීම

අධික පැණි රස, කැෆේන් අඩංගු පානවර්ග නිතර පානය කිරීම

මුහුණ පිරිසිදු කිරීම නිසියාකාරව සිදු නොකිරීම

දුම්, දූවිලි, අධික හිරු රශ්මිය, විෂබීජ වලට සම නිතර නිරාවරණය වීම

ඇතැම් ඖෂධ හා උපත් පාලන පෙති වර්ග භාවිතය

 

අපිචර්මය යනු මිනිස් සිරුර ආස්තරණය කරමින් පවතින සමෙහි පවතින පිටස්තර සෛල ස්ථරයයි.

මෙය බාහිර පරිසරය හා නිරන්තරයෙන් ගැටෙන බැවින් පහසුවෙන් ආසාදනයන්ට ලක්වීමේ අවධානම නිරායාසයෙන්ම පවතී.

එමනිසා නිවසෙන් පිටත බාහිර පරිසරයේ දූවිලි හා විෂබීජ හා ගැටෙන අවස්ථා වලදී නිවසට පැමිණි වහාම මුහුණ සෝදා පිරිසිදු කරගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය.

එදිනෙදා බොහෝ කටයුතු වල යෙදීමේදී අපේ දෑත් නිරන්තරයෙන් කුණු, දූවිලි, විෂබීජ වලට ස්පර්ශ වේ. දෑත් නොසෝදා මුහුණ ඇල්ලීම සිදු කිරීම මඟින් සියළු විෂබීජ ඔබ මුහුණ කරා පහසුවෙන් ලඟා වෙනු ඇත. එමනිසා අපිරිසිදු දෑත් වලින් මුහුණ ඇල්ලීම සිදු නොකිරීමට වග බලා ගැනීම කුරුලෑ වලින් වැළකීම සඳහා ඔබ විසින් පිළිපැදිය යුත්තකි.

එමෙන්ම ඔසප්වීම් සම්බන්ධ ගැටලු පවතීනම් සම්බන්ධයෙන් ප්රතිකාර වලට යොමු වීම වහාම කළ යුතුය.

හිසේ හිස්සොරි පවතීනම් සඳහා නිවැරදි ප්රතිකාර ලබා ගත යුතු වේ.

බොහෝ කාලයක් තිස්සේ භාවිතා කිරීමෙන් අනතුරුව හිතකර ප්රතිඵල ලැබූ, ඔබට හුරු පුරුදු මුහුණ සේදුම් කාරකයක් (face wash) පවතීනම් එය මුහුණ සේදීමට භාවිතා කිරීම හෝ මෘදු සබන් වර්ගයක් (baby soap) භාවිතා කිරීම සුදුසු .

තෙල් සහිත සමක් පවතී නම් නිතර මුහුණ පිරිසිදු කිරීමත්, මෘදු වාෂ්ප ස්වේද (steam) සිදු කිරීමත් හිතකර ප්රථිඵල ලබා දේ.

පුද්ගල ප්රකෘතිය හා දෝෂ කෝපතාවය සළකා බලා කොහොඹ, කෝමාරිකා, ලොත්සුඹුල්, වැල්මදට, සුදුහඳුන්, රත් හඳුන්, මයිල පොතු, නෙල්ලි, කෝමාරිකා යන සමට හිතකර ශාකමය ඖෂධ වල උපයෝගය තුළින් බාහිර ප්රලේප අඩංගු පුද්ගලානුබන්ධ සාර්ථක චිකිත්සා පද්ධතියක් ආයුර්වේද ප්රතිකාරයේදී සිදු කෙරේ.

අභ්යන්තර ඖෂධ ලෙස රක්ත ශෝධන, පිත් ශමන, මල අනුලෝමන කෂාය, ක්වාත, ගුලි, කල්ක, චූර්ණ, ආසව, ගුග්ගුලු වර්ග භාවිතා කෙරේ.

පංච කර්ම ප්රතිකාර වන වමන, විරේචන, නස් හා ජලෞකා රක්ත මෝක්ෂණය ප්රතිකාරයේදී සාර්ථක ප්රථිඵල ලබා දේ.

 

සතියකට වරක් හෝ දෙවරක් නුගපොතු, බෝ පොතු, අට්ටික්කා පොතු, මයිල පොතු තැම්බූ ඖෂධීය මද උණුසුම් ජලයෙන් මුහුණ සේදීමත් කුඹුක් පොතු සියුම් චූර්ණය මී පැණි සමඟ මිශ් කර හෝ කෝපි කුඩු, මී පැණි හා ලෙමන් යුෂ ඉතා ස්වල්පයක් මිශ් කර මුහුණේ ආලේප කොට මිනිත්තු 20කින් පමණ සෝදා හැරීම කුරුලෑ ඇතිවීම වළක්වා නිරෝගී පැහැපත් මුහුණක් හිමි කරගැනීමට නිවසේදී අනුගමනය කළ හැකි ප්රතිකාරයකි.

 

කුරුලෑ රෝගයෙන් පෙළෙන අයෙක් නම් සඳහා නිවැරදි ප්රතිකාර ලබා ගැනීම සඳහා සුදුසුකම් ලත් වෛද් උපදෙස් යටතේ ආයුර්වේද වෛද් ප්රතිකාර ලබා ගැනීම නිර්දේශ කළ හැකි අතර අභ්යන්තර හා බාහිර ප්රතිකාරයේ ඉහළ සාර්ථකත්වයක් ඇති රෝග අවස්ථාවක් ලෙස සඳහන් කළ හැක.

 

ආයුර්වේද වෛද් නාලිකා හංසිනී ජයතිලක 

BAMS – Colombo (SL)

Home / Archive by category "Beauty-Hints"

නිරෝගී කෙස් කළඹක් සඳහා ආයුර්වේද උපදෙස්

අතීතයේ සිටම කාන්තා පුරුෂ දෙපාර්ශවයටම පුද්ගල පෞර්ෂත්වය කෙරෙහි හිසකෙස් සඳහා වැදගත් තැනක් හිමි විය. 

වර්තමානයේද නිරෝගී හිසකෙස් පවත්වා ගැනීම මෙන්ම හිස් කබලෙහි නිරෝගීතාවය රැකගැනීම කෙරෙහි ස්ත්‍රී/පුරුෂ භේදයකින් තොරව බොහෝ දෙනාගේ උනන්දුව දක්නට ලැබේ.

නමුත්, අකලට හිසකෙස් පැසීම හා හිසකෙස් ගැලවී යාම නිසා වර්තමානයේ බොහොමයක් පුද්ගලයන්  බහුලව පීඩා විදී.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක ඉගැන්වීමට අනුව නිරෝගී පුද්ගලයකු යනු සරල අදහසින් දෝෂ, ධාතු, මල යන සියළු පදාර්ථයන් නිශ්චිත මට්ටමින් සිරුර තුළ පිහිටි පුද්ගලයෙකි. චරක සෘෂිවර ඉගැන්වීමට අනුව, හිසකෙස් යනු අස්ථි ධාතුවෙහි මල ධාතුවකි. එනම් නීරෝගී අස්ථි ධාතුව නිර්මාණයෙන් අනතුරුව හට ගන්නා වූ මල පදාර්ථය හිසකෙස් ය.  එමෙන්ම ඇතැම් ඉගැන්වීම් වල හිසකෙස් යනු අස්ථි ධාතුවෙහි උප ධාතුවක් ලෙසද පිළිගැනේ.

අප ආහාරයට ගන්නා වූ සියළු හිතකර ආහාරයන් නිසි පරිදි පරිපචනය වී ශරීරයට පෝෂ්‍ය ද්‍රව්‍ය අවශෝෂණ වීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදුවී සිරුරේ ධාතූන්ට අදාල පෝෂණය නිවැරදිව ලැබීම මඟින් ධාතු, උපධාතු හා මල කොටස් නිපදවීම සිදු වන බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීම යි. එම නිසා සිරුර තුල සිදුවන මෙම සමස්ථ ක්‍රියාවලිය පුද්ගල අනුබන්ධව ප්‍රශස්ථ තත්ත්වයක පවත්වා ගැනීම හිසකෙස් සම්බන්ධ නිරෝගීබව රැක ගැනීමේදීත් අතිශය වැදගත් වේ. 

හිසකෙස් සම්බන්ධ රෝග අවස්ථා අතර ඛාලිත්‍ය-හිසකෙස් ගැලවී යාම (Hair loss), පාලිත්‍ය- අකලට හිසකෙස් පැසීම, ඉන්ද්‍රලුප්ත-උඳුගොව්වන් කෑම (Alopecia areata), සහ දාරුණක-හිස්හොරි (dandruff) වර්තමාන සමාජය තුළ බහුලව දක්නට ලැබෙන රෝග අවස්ථා අතර වේ.

ආයුර්වේද වෛද්‍ය ඉගැන්වීමට අනුව වා, පිත් හා සෙම් දෝෂයන්හි අසමතුලිත බව හේතුවෙන්, රෝග හට ගැනීම සිදුවන බැවින් හිසකෙස් වල නිරෝගී බව රැකගැනීමට කේෂ්‍ය (hair tonic), කේෂ්‍ය-සංජනන (hair reviatalizer), කේෂ්‍ය රංජන (natural hair restoring agent) චිකිත්සා ප්‍රයෝගයන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරයේදී සුලබව භාවිතා කෙරේ.

රෝග හේතූන් වළක්වා ගනිමින්, ‍රෝග මූලයන්ට චිකිත්සාව සිදු කිරීම ආයුර්වේද චිකිත්සා පද්ධතියේ ප්‍රධාන අරමුණ වේ. එම නිසා, සිරුරේ සියුම් පරිවහන යාන්ත්‍රණයන් (ස්‍රෝතස්) ශෝධනය කිරීම මගින් නිරෝගී සප්ත ධාතූන් නිර්මාණය කිරීම ප්‍රතිකාරයේ දී ප්‍රධාන තැනක් හිමි කර ගනී.

රෝග හේතු:-

• අහිතකර ආහාර පාන (පෝෂ්‍ය ගුණයෙන් අඩු හා සෞඛ්‍ය ආරක්ෂිත නොවූ ආහාර පාන / කෘත්‍රිම අහාර)

• දිනචර්‍ය්යා හා සෘතු චර්‍යයා නිසි ලෙස අනුගමනය නොකිරීම

• මානසික ආතතිය

• පරිසර දූෂණය වූ වටපිටාවක ජීවත් වීම 

ඉහත සඳහන් හේතූන් හිසකෙස් සම්බන්ධ සංකූලතා ඇතිවීමට පමණක් නොව, පුද්ගලයෙක් පහසුවෙන් රෝගී වීමටත්, ශරීර ව්‍යුහාත්මකව ඉක්මනින් වයසට යාමටත් සෘජුවම හේතු කාරක වේ.

එමෙන්ම,

• පවුලේ ඉතිහාසය 

• ජානමය හේතු

• හෝර්මෝන අසමතුලිත බව (ගර්භනී බව, කිරි දෙන මව්වරුන්, ආර්තවාභාවය, තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝගාබාධ, PCOD) 

• හිස් කබලේ ඇති විය හැකි ඇතැම් ආසාධන තත්ත්ව (trichotillomania)

•දියවැඩියාව, පීනස, දීර්ඝ කාලීන සෙම් රෝග වැනි රෝග තත්ත්ව

• දුම් පානය

• දීර්ඝ කාලයක් පුරා පවතින මානසික ආතතිය

• ඇතැම් ඖෂධ භාවිතයේ අතුරු විපාක (පිළිකා, ආතරයිටීස්, මානසික ආතතිය, හෘද රෝග, අධි රුධිර පීඩනය වැනි)

හේතු විය හැක. 

මීට අමතරව, අතිශය සංවේදී අවස්ථාවකට පසුව හටගනු ලබන depression තත්ත්ව වලදීත්, ප්‍රමාණවත් නින්ද නොලැබී යාම නිසාත් හිසකෙස් තුනී වී අධිකව ගැලවී යාම දැකිය හැක.

කොණ්ඩා විලාසිතාවන් සඳහා වැඩි වශයෙන් යොමුවීම, හිස කෙස් බොහෝ වේලාවක් තදින් බැඳ තබා ගැනීම, නෑමෙන් පසු හිසකෙස් පිස දැමීම මෘදුව සිදු නොකිරීම, තෙත හිසකෙස් පනාවෙන් පීරීම, වර්තමානයේ හිසකෙස් සඳහා සිදු කරන ප්‍රමිතියක් නොමැති ප්‍රතිකාර ක්‍රම, වෙළඳ පොළෙහි පවතින ඇතැම් ඖෂධ/ෂැම්පු වර්ග හිතුමතේ භාවිතය,

නවීන විලාසිතා නිසා අධික උණුසුම/රසායනික ද්‍රව්‍ය වලට හිසකෙස් නිරාවරණය වීම වැනි වැරදි ක්‍රියාවන් හේතුවෙන් ද අකලට හිසකෙස් පැසීම මෙන්ම අධිකව හිසකෙස් ගැලවී යාම සිදුවිය හැක.

හිසකෙස් සම්බන්ධ රෝග අවස්ථාවන් වලදී රෝගීන් ක්‍රමවත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ප්‍රමාද වීම ද බහුලව දක්නට හැක. රූපවාහිනී දැන්වීම් වල ප්‍රදර්ශනය වන හිසකෙස් ආලේපන වර්ග හා නොයෙක් තෙල් වර්ග වෙළඳපොළෙන් පහසුවෙන් ලබාගෙන ආලේප කිරීමෙන්  ඉක්මන් සුවයක් බලාපොරොත්තු වුවද සාර්ථක ප්‍රතිඵල නොලැබෙන්නේ මූලධර්මානුකූලව, නිසි වෛද්‍ය ප්‍රතිකාර සිදු නොවන බැවිනි. එම නිසා රෝග තත්ත්වය පහසුවෙන් සුව කර ගැනීමේ අවස්ථාව මග හැරී යාම රෝගීන් අතර බොහෝ විට දක්නට ලැබේ. 

නියමිත වෛද්‍ය ප්‍රතිකාර නිසි අවස්ථාවේ දී නොලැබීයාම නිසා රෝගය තීව්‍ර අවස්ථාවන් දක්වා වර්ධනය වීම සිදුවිය හැක.

නිරෝගී පැහැපත් සමක්, නිරෝගී කෙස් කළඹක් ලබාගැනීමට මෙන්ම, සිරුරේ සමස්ථ තරුණ බව රැකගැනීමට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල විශේෂයෙන් සඳහන් ‘රසායන තන්ත්‍රය’ යන විෂය පථය අතිශය වැදගත් වේ. අතීතයේ උතුරු ඉන්දියානු සමාජය තුළ ප්‍රකටව භාවිතා කළ වයසට යාම ප්‍රමාද කරමින් තරුණ බව රැක ගැනීම සඳහා වූ විශේෂිත ප්‍රතිකාර ක්‍රම මෙහි සඳහන් වේ.

එහි සඳහන් විශේෂ ප්‍රයෝගයන් අතර, රසදිය, ලෞහ (ලෝහ වර්ග), රත්න (මැණික් වර්ග), විෂ වර්ග අඩංගු ඖෂධ වට්ටෝරු බොහොමයක් අන්තර්ගත වේ.

හිසකෙස් සම්බන්ධ රෝග තත්තවයන් වලදී ඉහත චිකිත්සා ක්‍රම අභ්‍යන්තරව හා බාහිරව ප්‍රයෝග කිරීම ආයුර්වේද චිකිත්සා ක්‍රම අතර සුවිශේෂීබවක් උසුළයි.

ආයුර්වේද චිකිත්සා ක්‍රම අතර අස්ථි ධාතු ආශ්‍රිත ප්‍රතිකාර නිසි ආකාරව සිදු කිරීමත්, පෝෂණ ඌනතා මගහරවා ගැනීමත්, හිතකර ආහාර පාන වැඩි වශයෙන් ආහාරයට එක් කර ගැනීමත් ඉතා වැදගත් වේ. 

එමෙන්ම ආයුර්වේද ප්‍රතිකාර අතර විශේෂිත ප්‍රතිකාර ලෙස සඳහන් වන පංච කර්ම චිකිත්සා (නස්‍ය, විරේචන,වස්ති, ශිරෝධාරා වැනි) මෙන්ම ඖෂධීය ස්නාන, ප්‍රලේප, තෛල වර්ග, ඝෘත වර්ග භාවිතය ප්‍රතිකාරයේදී සාර්ථක ප්‍රතිඵල ලබා දේ.

හිතකර ආහාර හා විහරණ :-

• කතුරු මුරුංගා, මුරුංගා, ගොටුකොළ, සාරණ, නිවිති, තම්පලා, මුකුණුවැන්න වැනි පලා වර්ග නෙල්ලි, පේර, අඹ, කෙසෙල් වැනි පලතුරු වර්ග නිතරම ආහාරයට එකතු කර ගැනීම

• ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම

• කොළ කැඳ, බෙලිමල්, රණවරා, ඉරමුසු, නීරමුල්ලිය වැනි ඔසු පැන් වර්ග නිතරම පානය කිරීම

• මුං ඇට, කඩල, කව්පි, කුරක්කන්, තල වැනි පෝෂ්‍ය ගුණයෙන් අධික ධාන්‍ය වර්ග ආහාරයට එක් කර ගැනීම

• දිනපතා උදෑසන කාලයේ ස්නානයත්, ශීර්ෂ අභ්‍යංගය එනම් හිස් කබලට ඖෂධීය තෙල් දමා සිදු කරන මෘදු සම්භාහනයත් නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට උපකාරී වේ.

• මෘදු ශැම්පු වර්ග භාවිතා කිරීම

• හිසේ තෙල් ආලේප කරන විට ස්නානයට පැයකට පමණ පෙර හෝ දහවල් ස්නානය කිරීමෙන් පසු හිස කෙස් හොදින් වියලුනු පසුව තෙල් ආලේප කිරීම

• ඔබට සරිලන ඖෂධීය තෙල් වර්ගයක් වෛද්‍ය උපදෙස් මත භාවිතා කිරීම

• හිස්හොරි සඳහා බෙහෙත් නෙල්ලි, අමු දෙහි, උළුහාල් තම්බා හිස සේදීම

• වෙනත් චර්ම රෝග හිස ආශ්‍රිතව ඇතිනම් (හිස් කබල ආශ්‍රිතව ඇතිවන පොතුකබර,උදු ගොව්වා කෑම වැනි රෝග) හා පීනස හෝ වෙනත් සෙම් රෝග තිබේනම් වෛද්‍ය ප්‍රතිකාර නොපමාව ලබා ගැනීම 

• රාත්‍රී නිදිවැරීමෙන් වැළකීම හා ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම

• නිතරම මානසික ආතතියෙන් සිටීනම් ඒ සදහා උපදේශනයට හෝ හිත සන්සුන් කරවන ආගමික කටයුතු සදහා යොමු වීම

• රාත්‍රී ස්නානය මෙන්ම වියලන යන්ත්‍රයන් මගින් හිසකෙස් වේලීම, කෘත්‍රිම ශැම්පු වර්ග ,සැර සබන් වර්ග භාවිතයෙන් වැළකීම

• දුම් පානය හා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම

• සිරුරේ උණුසුම වැඩි කරන උෂ්ණ ආහාර ගැනීමෙන් වැළකීම

• කෘත්‍රිම ආහාර, ක්ෂණික ආහාර, රස කාරක යොදා සකස් කල ආහාර අවම කිරීම

අකලට හිසකෙස් පැසීම, හිසකෙස් ගැලවී යාම ඇතුළු බොහොමයක් හිසකෙස් සම්බන්ධ රෝග අවස්ථා සුව කරලීමේ හැකියාව ආයුර්වේද ප්‍රතිකාර සතු වේ. එබැවින්, හිස කෙස් සම්බන්ධ රෝග තත්ත්වයන් සඳහා ප්‍රමිතියකින් තොර වෙළඳපොළේ සඳහන් ප්‍රතිකාර අත් හදා බැලීම සිදු නොකොට සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක

BAMS – Colombo (SL)

නිවසේදී තනියෙන් කරන්න පුළුවන් ෆේෂල් එකක් තමයි අද කියලා දෙන්න හදන්නේ

ෆේෂල් එකක් යනු කුමක්ද?

ෆේෂල් යනු ඔබේ මුහුණ පිරිසිදු කිරීමට,  hydrate කිරීමට, මොයිස්චරයිසින් කිරීමට සහ ලිහිල් කිරීමට උපකාර වන විවිධ ක්‍රියාවලීන් ඇතුළත් ස්පා ප්‍රතිකාරයකි. ෆේෂල් සියලු වර්ගවල සම ආරක්ෂණ කරගැනිමට උපකාරි වෙ

Double cleanse the skin

පලමුව මුහුනෙ ඇති makeup හේ දුවිලි ඉවත් කරගන්න. ෙම සදහා ෙකාමාරිකා ඉස්ම ස්වල්පයක් මුහුෙන් අිෙල්ප කරන්න. තත්පර 30 ක් සම්බාහනය කර උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

Gently exfoliate කෝපි ස්ක්‍රබ්

කෝපි ,දුඹුරු සිනි සහ  පොල් තෙල් මිශ්‍රණය මුහුන මත ආෙල්ප කර මෘදු ලෙස අතුල්ලන්න ඇස් අවට ප්‍රදේශවලට ආෙලප කිරිෙමන් වළකින්න. මිනිත්තු කිහිපයක්  පසුව ෙස්දා හරින්න. 

මුහුණ වාෂ්ප කිරිම

මුහුණ වාෂ්ප කිරීම සිදුරු විවෘත කිරීමට සහ ගැඹුරු පිරිසිදු කිරීම සඳහා තෙල් හා අපද්‍රව්‍ය ගොඩනැගීමට ලිහිල් කිරීමට උපකාරී වේ. 

ඔබේ මුහුණ වාෂ්ප කරන්නේ කෙසේද: විශාල භාජනයකට උතුරන උණු වතුර ප්‍රවේශමෙන් වත් කරන්න. ඔබේ හිස මත තුවායක්  දමා  විනාඩි 10ක් දක්වා ඔබේ මුහුණ වතුරට අඟල් 8ක් ඉහළින් තබා  වාෂ්ප ගන්න. කරුණාකර ඔබම පිළිස්සී නොගැනීමට වගබලා ගන්න. පසුව  Extractor Tool ආදාරෙයන් අනවශය Blackhead , whitehead  pimples ඉවත් කරන්න. 

Toner 

Rose water පුලුන් කැබැලි දමා මුහුෙන් ආෙල්ප කරන්න. 

Massage 

ෙම සදහා ඔබට ඔලිවි ෙතල් බවිතා කල හැක. ඔලිවි ෙතල් මුහුෙන් ආෙල්ප කර විනාඩි 10.00 සමිභහනය කරන්න. 

face mask මුහුණු ආවරණයක් යොදන්න

සම අනුව  face mask ෙවනස් ෙවනවා 

Dry skin වියළි සම 

ඔබේ සමේ තෙතමනය රඳවා ගැනීමට සහ අඳුරු බව සහ කැසීම සමනය කිරීමට උපකාරී වේ.

පිපිඤ්ඤා

2 තේ හැදි. කෝමාරිකා ජෙල්

පිපිඤ්ඤා බ්ලෙන්ඩ් කර කෝමාරිකා ජෙල් සමඟ ඒකාබද්ධ කරන්න.පේස්ට් එක ඔබේ මුහුණේ මෘදු ලෙස ආෙල්ප කරන්න.

එය විනාඩි 30 පසු වතුරෙන් ෙසදා හරින්න. 

තෙල් සහිත සම ආවරණ

1 කෙසෙල්

ලෙමන් යුෂ බිංදු 10 ක්

1 තේ හැදි. අමතර වර්ජින් ඔලිව් තෙල්

බඳුනක කෙසෙල් පොඩි කරන්න. දියර පේස්ට් සෑදීමට ලෙමන් යුෂ සහ ඔලිව් තෙල් එකතු කරන්න.

ඔබේ මුහුණ මත ආවරණ යොදන්න. මිනිත්තු 15 ක් සිටීමට ඉඩ දෙන්න, ඉන්පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

කැළැලැ සම 

බිත්තර සුදු වල ඇති ප්‍රෝටීන් සමේ බැක්ටීරියා විනාශ කිරීමට සහ කැළැල් නැවැත්වීමට උපකාරී වේ.

බිත්තර සුදු මද කහ මදයෙන් වෙන් කර බිත්තර සුදු මද බඳුනකට දමන්න.

කපු පුළුන් කැබැල්ලක් බඳුනේ ගිල්වා බිත්තර සුදු මදය ඔබේ මුහුණේ අතුල්ලන්න.

වෙස් මුහුණ විනාඩි 10 සිට 15 දක්වා රැඳී සිටීමට ඉඩ දෙන්න.

තෙත් රෙද්දකින් සෝදා මොයිස්චරයිසර් යොදන්න.

Apply moisturizer

ගෙදරදීම සිදු කරන ෆේෂල් එකේ අවසාන පියවර වන්නේ පෙර මුහුණේ ඇති පෝෂ්‍ය පදාර්ථ සම ආරක්ෂා කිරීමයි. ෙම සදහා ඵදිෙනදා භාවිතා කරන moisturizer  ආෙල්ප කරන්න.  

After care 

පැය 12 පසු face wash ෙහ සබන් භාවිතා කරන්න. 

පැය 24  පසුව makeup foundation භාවිතා කරන්න. 

සැම මාසකට වරක් facial නරන්න.

දුලංජලී අලහප්පෙරුම

කෝපි ස්ක්‍රබ්

අද අපි ඔබවෙත ගෙනඑන්නෙ නිවසෙදි ඉතා පහසුවෙන් සාදා ගත හැකි සත්කාර. 

මුහුණ සහ ශරීරය සඳහා කෝපි ස්ක්‍රබ්

කෝපි ක වැනි වයනය ගෙදර හැදූ ස්ක්‍රබ්වල මගින් මිය ගිය සමේ සෛල මෘදු ලෙස ඉවත් කිරීමට ක්‍රියා කරන අතර එමඟින් රුධිර සංසරණය ප්‍රබෝධමත් කිරීමට සහ වැඩි දියුණු   වනු ඇත. 

මුහුණ සහ ශරීරය සඳහා කෝපි ස්ක්‍රබ්

අවශය 

නැවුම් කෝපි කෝප්ප 1/2

දුඹුරු සීනි කෝප්ප 1/2 ක්

උණු කළ පොල් තෙල් කෝප්ප 1/2 ක්

1 තේ හැන්දක වැනිලා සාරය

 කෝපි කෝප්ප 1/2 සහ දුඹුරු සීනි කෝප්ප 1/2 එකට මිශ්ර කරන්න.

කෝපි මිශ්‍රණයට පොල්තෙල් කෝප්ප 1/2ක් සහ වැනිලා සාරය තේ හැදි 1ක් එක් කරන්න.

හොඳින් මිශ්‍ර වන තුරු මිශ්‍ර කරන්න.

මිශ්‍රණය ඔබේ සිරුර මත මෘදු ලෙස අතුල්ලන්න ඇස් අවට ප්‍රදේශවලට ආෙලප කිරිෙමන් වළකින්න. මිනිත්තු කිහිපයක්  පසුව ෙස්දා හරින්න. 

පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න හිසකෙස් සඳහා ඇපල් සයිඩර් විනාකිරි භාවිතා කිරීම

පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න හිසකෙස් සඳහා ඇපල් සයිඩර් විනාකිරි භාවිතා කිරීම විශිෂ්ට  රූපලාවන්‍ය උපක්‍රමය කි. ඔබට අවශ්ය වන්නේ අමුද්රව්ය දෙකක් පමණි: ඇපල් සයිඩර් විනාකිරි සහ ජලය.මෙම සරල සංයෝජනය මගින් ඔබට සිනිදු කෙස් කලබක් ලබා ගත හැක. 

පළමුව, ඔබේ හිසකෙස් ෂැම්පු කර කන්ඩිෂන් කරන්න. ඉන්පසු ඇපල් සයිඩර් විනාකිරි ද්‍රාවණය ඔබේ කෙස් මත වත් කර මිනිත්තු කිහිපයක් පසු ඔබ ඔබේ හිසකෙස් සෝදාගන්න. 

දුලාන්ජලී අලහප්පෙරුම