Crispy Authentic Falafel

අවශ්‍ය ද්‍රව්‍ය

කඩල ග්‍රෑම් දෙසීයක්  පොඩියට කපාගත් ලූනු ගෙඩියක්

සුදුළූණු බික් දෙක තුනක් පාර්ස්ලි ඉතිං තුන හතරක් coriender කොළ ස්වල්පයක් ලුණු තේ හැඳි එකහමාරක් ගම්මිරිස් තේ හැදි එකක් බේකිං සෝඩා තේ හැඳි එකක් සූදුරු කුඩු මේස හැඳි එකක්

කොත්තමල්ලි කුඩු තේ හැදි එකක්

මිරිස් කුඩු තේ හැදි බාගයක් පාම් පිටි මේස හැඳි දෙක තුනක්

දෙහි යුෂ මේස හැදි දෙකක් බැද ගැනීමට අවශ්‍ය තේල් ටිකක් ප්‍රමාණයක්

සදා ගන්නා ආකාරය

 කඩල ටික වතුරට දමා දවසක් පෙඟෙන්න තබන්න. නැත්නම් කඩල ටික පැය දෙක තුනක් පමණ බේකින් සෝඩා සමග තම්බා හොඳින් තම්බා වතුර නැතිවුන තුරු පෙරන්න තබන්න. ඉන් පසුව සියලුම ද්‍රව්‍ය ටික food food processor එකට දමා විනාඩි හතරක් පහක් හොඳින් මිශ්‍ර කරගන්න. මෙය ඝන තලපයක් වූ පසු එළියට ගන්න. ගැඹුරු තෙලේ බදිනවනම් රවුම් බෝල ආකාරයට හෝ මධ්‍යම තෙල් ප්‍රමාණයක බදිනවනම් රවුම් පැතලි ආකාරයට සාදා ගන්න ඉන්පසුව  180°c රත් වූ පසු තෙල් භාජනයට දමා  විනාඩි හතර පහක් පමණ බැදගන්න. එළියට ගෙන  බේරෙන්න තබන්න. මෙය වෙජිටේරියන් සහ වීගන් ආහාරයක් වන අතර ාන් පිටි සහ බේකින් සෝඩ නොදා හැදුවා නම් මෙය gluten ෆ්‍රී වර්ගයේ කෑමක් ලෙස ගත හැක. Falafei Sandwich ඉතාම ප්‍රසිද්ධ ආහාරයක් වන අතර එය සාදා ගැනීමට

Pita පාන් ගෙඩියක් ගෙන  එයට hummous ටිකක් හැඳෙන ගා පෙති කපාගත් තක්කාලි, සිහින්ව කපාගත් ලූණු, Falafel තුන හතරක්, සලාද කොළ  දමා ඉතාම රසවත් සැන්විච් එකක් ආකාරයට ආහාරයට ගත හැක. උතුරු අප්‍රිකාවේ සිට මධ්‍ය මාසය දක්වා සියලුම රටවල ඉතා ප්‍රසිද්ධ ආහාරයක් වන අතර මේ දැන් මුළු ලෝකය පුරාම තා ඉක්මණින් ප්‍රසිද්ධියට පත් වූවක්

Manoj Fernando

Ginger Oat Cake

අවශ්‍ය ද්‍රව්‍ය:

– පිටි 150g

– ලුණු ස්වල්පයක්

– ඉඟූරු කුඩු

– 1/2 ground ginger

– 200g oat meal

– පැණි 175g

– බටර් 100g

– දුඹුරු සීනි 85g

– කිරි 1tbsp

– බිත්තර 1

සාදන ක්‍රමය:

– Oven එක කලින් රත්කර ගන්න. 140 C/ 275 F/ Gask Mark 1. අඟල් 6 ක බේකින් ටින් එකක් බේකින් පේපර්ස් දමා සකස්කර ගන්න.

– පිටි, ලුණු, mixed spices සහ ඉඟුරු කුඩු mixing bowl එකකට දමා හොඳින් කලවම් කරගන්න.

– පැණි, බටර් සහ සීනි saucepan එකකට දමා හොඳින් කලවම් වන තුරු රත් කරගන්න. එය ලිපෙන් ඉවතට ගෙන විනාඩි 2ක් පමණ නිවෙන්නට හරින්න.

– එම මිශ්‍රණය පිටි මිශ්‍රණය දමා හොඳින් කළවම් කරගන්න. දැන් කිරි සහ ගසා ගත් බිත්තරයද එයට දමා මිශ්‍ර කරන්න.

– සකසා ගත් මිශ්‍රණය බේකින් ටින් එකට දමා පැය 2ක් බේක් කරගන්න.

– දැන් හොඳින් නිවෙන්නට හරින්න. හොඳින් නිවුනාට පසුව, පෙට්ටියකට හෝ වෙනත් භාජනයකට දමා සුලං නොවදින ලෙස ආවරනය කර දින 7ක් පමණ තබන්න. (Allow it to become moist and sticky)

– දැන් පිළිගන්වන්න.

DreamsArt

Anushka Nanayakkara