ඔබ මන ෝවිද්‍යාව හැද්‍ෑරිය යුත්නත් ඇයි?

ආත්මය පිළිබඳ හදාරන විදයාවක් වශයයන් මීට වසර යදදහකට පමණ යපර මයනෝවිදයාව ආරම්භ

විය.ප්‍රථමයයන් දර්ශනය විෂයට සම්බන්ධ විෂයක් වූ මයනෝවිදයාව වර්තමානයේ උසස් අධයාපනය තුළ ස්වාධීන

විෂයක් බවට පත් වී ඇත.මයනෝවිදයාව ඉතා ප්‍රයයෝජනවත් විෂයක් වන අතර එමගින් සමාජයට ඵලදායී

යමයහවරක් සිදුයේ. සමාජයක ඕනෑම තරාතිරමක යකයනකුට මයනෝවිදයාව හැදෑරීම මගින් ලබාගත හැකි

ප්‍රයයෝජන ඉමහත් ය.

උපයේශනය සහ මයනෝවිදයාව අතර ඇත්යත් අේයයෝජනීය සම්බන්ධයකි.උපයේශන ක්යෂ්ත්‍රය තුළ

මයනෝවිදයාත්මක නයායන් බහුලව යයාදා ගනියි.වර්තමානයේ මිනිසුන් මුහුණ යදන අධයාපනික ,යපෞේගලික

සහ වෘත්ීය ප්‍රශ්න අභිමුව යබායහෝ පිරිසක් උපයේශනය කරා යයාමු යේ.

තවද වවදය කටයුතු සඳහාද මයනෝවිදයාත්මක ප්‍රතිකාර ක්‍රම යයාදා ගනියි.යම් අයයකු යරෝගී වීම යකයරහි

කායික යහ්තු යමන්ම මානසික යහ්තු ද බලපෑමට ඇති අවස්ථාව බහුලය .මානසික වයාධි පිළිබඳ අධයයනය

කිරීම මයනෝවිදයාව මගින් සිදුකරන නිසා මයනෝ වවදය ප්‍රතිකාර සඳහා මයනෝවිදයාත්මක ක්‍රම බහුලව යයාදා

ගනියි.

එයමන්ම අපරාධ පර්යේෂණ කටයුතු සඳහාද මයනෝවිදයාව මඟින් මනා පිටුවහලක්

ලැයේ.අපරාධකරුවන්යගන් යතාරතුරු ලබා ගැනීම ,අපරාධකාරී චර්යා අධයයනය යමන්ම ඔවුන්

පුනරුත්ථාපනය කර යහමගට ගැනීම සඳහා ද මයනෝවිදයාත්මක සංකල්ප යයාදා ගැයන්.

මයනෝවිදයාව ,අධයාපන ක්‍රියාවලිය ඉයගනුම් නයායන්, යපෞරුෂත්වය මැනීයම් ක්‍රම හා යපෞරුෂ වර්ධන ක්‍රම

ආදියයන් යපෝෂණය කරයි.එම නිසා සිසුන්යේ ඉයගනීයම් හැකියාවන් වර්ධනය කිරීමට ,ඉයගනුම් -ඉගැන්වීම්

ක්‍රියාවලියේ ඇති ඵලදායිතාවය ඔප් නැංවීමට,වියශ්ෂ අවශයතා ඇති දරුවන් හඳුනා ගැනීමට සහ හිතකර ඉයගනුම්

පරිසරයක් නිර්මාණය කර ගැනීමට යමම විෂය මයහෝපකාරයකි.

මයනෝවිදයාව හැදෑරීම මගින් පුේගලයකුට මනා යපෞරුෂයක් යගාඩනගා ගත හැකිය.”වඩාත්ම අපහසු කාර්යය

නම් තමාවම හඳුනා ගැනීමයි ” යලස බුදුරජාණන්වහන්යස් වදාළ යස්ක. පුේගලයකුට තමා පිළිබඳ ,තම කුසලතා

හා දුබලතා පිළිබඳ යමන්ම යපෞරුෂය පිළිබඳ මනා ආත්මාවයබෝධයයන් ලබා ගැනීමට යමම විෂය අධයනයයන්

අවකාශය ලැයේ.

වදනික ජීවිතය තුළ පැන නගින ගැටලු නිරාකරණයට යමන්ම වඩාත් යහපත් ජීවිතයක් යගාඩනැගීමට

අවශය ධනාත්මක ආකල්ප පුේගල මනස තුළ යරෝපණය කිරීම උයදසා ද මයනෝවිදයාව උපකාරි යේ.යමම විෂය

මගින් මානව චර්යාව පිළිබඳ නයායාත්මක හා ප්‍රායයෝගික අවයබෝධයක් ලබා ගත හැකි නිසා මයනෝවිදයාව

මගින් පුේගලයකුට මනා සමාජ අවයබෝධයක් ලැයේ.

2 | P a g e

එයමන්ම මයනෝවිදයාව වර්තමානයේ උපාධි සහ පශ්චාත් උපාධි මට්ටම දක්වා සංවර්ධිත විෂයක් බවට

ඇත.යබායහෝ විශ්වවිදයාලවල ශාස්ත්‍ර පීඨයන්හි මයනෝවිදයා අධයයන අංශ ඇත.එයමන්ම යමම විෂය හැදෑරීම

සඳහා රාජය පිළිගත් යබායහෝ ආයතනද ස්ථාපිතව තිබීමද සිසුන්ට වාසියකි.

මයනෝවිදයාව විෂයක් යලස හැදෑරීම මගින් පුේගලයකුට රැකියා අවස්ථා යබායහාමයක් ලබා ගැනීමට මං යපත්

විවර යවයි.වර්තමානය වන විට පාසල් තුළ උපයේශන ගුරු තනතුරු ඇත.එයමන්ම ළමා ආරක්ෂණ අධිකාරිය හා

ප්‍රායේශීය ළමා ආරක්ෂණ නිලධාරීන් යලස මයනෝවිදයා උපාධිධානීන් රැකියායේ නිරත වනු දැකිය හැකිය.මීට

අමතරව මයනෝ උපයේශක ,පරිවාස නිලධාරින්, ක්‍රීඩා මයනෝ විදයාඥයන් හා අධිකරණ මයනෝවිදයාඥයන් වැනි

ඉහළ වැටුප් සහිත රැකියා සඳහා යයාමු වීමට හැකිය.යේශීය යමන්ම වියේශීය ද රැකියා අවස්ථා සඳහා යයාමු වීමට

පුේගලයන්ට යමම විෂයයන් අවස්ථාව ලැයේ .

මයනෝ විදයාව මිනිස් චර්යාව විශ්යල්ෂණය කරමින් හා පුයරෝකථනය කරමින් මිනිසායේ ජීවිතය හා යලෝකය

වඩාත් දියුණු යහපත් තත්ත්වයකට පත් කිරීම සඳහා අවශය පදනම සකසයි.

යේශපාලන ක්යෂ්ත්‍රය තුළ ද මයනෝවිදයාව භාවිත යේ.යමාන විදයාත්මක මූලධර්ම හා ශිල්ප ක්‍රම යේශපාලනය

අධයයනය කිරීමට,යේශපාලන ප්‍රචාරණ වයාපාර සාර්ථක කර ගැනීමට යමන්ම යේශපාලන පරමාර්ථ ජනතාව

යවත යගන යාමට යයාදා ගනියි.

මීට අමතරව හමුදා ක්යෂ්ත්‍රය තුළ වර්තමානය වන විට මයනෝවිදයාව පුළුල් යලස භාවිත යේ.හමුදා නිලධාරින්

බඳවාගැනීම පුහුණු කිරීම සහ හමුදා නිලධාරීන්යේ මානසික ස්ථාවරත්වය පවත්වා යගන යාමට

මයනෝවිදයාත්මක මූලධර්ම උපයයෝගී කර ගනියි.

තවද වයාපාර හා කර්මාන්ත ක්යෂ්ත්‍රයන්හිද මයනෝවිදයාව ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.යස්වක

ඵලදායීතාවය වර්ධනය කර ගැනීමට,යස්වකයා හා ස්වාමියා අතර සම්බන්ධතාවය යමන්ම යස්වක

කාර්යක්ෂමතාව වැඩිදියුණු කර ගැනීමට යමම විෂයේ සිේධාන්ත උපයයෝගී යේ .

මයනෝවිදයාව අධයාපන,වවදය හමුදා,කර්මාන්ත හා උපයේශන ආදී ක්යෂ්ත්‍ර ගණනාවක යමන්ම පුේගලයකුට

තම ජීවන ගමන් මග වඩාත් සාර්ථක කර ගැනීම සඳහා ද උපකාරී වන සිේධාන්ත වලින් සුයපෝෂණය වූ

ප්‍රයයෝජනවත් කායලෝචිත විෂයකි.

සටහන -පියුමි යනළුමිකා

ජනසන්නියේදන අධයනාංශයශ්‍රි ජයවර්ධනපුර විශ්වවිදයාලය

හිස්ෙකස් ඉතා ඉක්මනින් දිග්‍රකර ගැනිමට උපකාරි වන රෝස්මරී

හිස්ෙකස් ඉතා ඉක්මනින් දිග්‍රකර ගැනිමට උපකාරි වන රෝස්මරී

රෝස්මරී යනු කුමක්ද?

රෝස්මරී යනු මධ්‍යධරණී කලාපයට ආවේණික ඔසුවක් වන අතර එය ආහාර පිසීම, ඖෂධ සහ රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා සියවස් ගණනාවක් තිස්සේ භාවිතා කර ඇත. මෙම ශාකය ප්‍රත්‍යස්ථ සහ පහසුවෙන් වර්ධනය වන බව දන්නා අතර පිසීමේදී එය රසවත් කෑම සඳහා භාවිතා කරන ශක්තිමත්, පස් රසැති ඔසු වර්ගයකි. බොහෝ නැගෙනහිර යුරෝපීය සහ මධ්‍යධරණී සංස්කෘතීන් ද සාම්ප්‍රදායිකව රෝස්මරී ඔවුන්ගේ හිසකෙස් රැකවරණ ,නිරෝගී හිස්කබලකට ආධාර කිරීමට, හිසකෙස් බැබළීමට සහ හිසකෙස් නැතිවීමට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ.

රෝස්මරී අත්යවශ්ය තෙල් රුධිර සංසරණයට සහාය විය හැකි අතර, හිසකෙස් නැතිවීම වළක්වා ගත උපකාරිෙවි. 

හිසකෙස් වර්ධනය උත්තේජනය කිරීමට, සුදු වීම සහ හිසේ කැක්කුම වැළැක්වීම සඳහා රෝස්මරී තෙල් භාවිතා කරයි. හිස්කබලේ වියළි හෝ කැසීම ඉවත් කිරීමටද උපකාරී වේ.

රෝස්මරී ස්නායු වර්ධනය වැඩි කරන අතර හිසකෙස් වර්ධනයට සහ සම පැහැපත් කිරිමට උපකාරි  විය හැක. එෙමන්ම  හිස්කබලේ ස්නායු ප්‍රබෝධමත් කර හිසකෙස් වර්ධනය යථා තත්වයට පත් කරයි. 

 ඉතාපහසුවෙන් නිවෙස්දි රෝස්මරී තෙල් සදාගන්නා අකාරය 

වියළි රෝස්මරී කොළ

ඔලිව් තෙල්

 වියළි රෝස්මරී කොළවලින් තුනෙන් එකක් භාජනය දමාගන්න. අවශ්‍ය පරිදි ඔලිව් තෙල් එකතු කරන්න. විනාඩි 30 double boil කර කර ෙහ්දින් room temperature cool  down කර්න්න. ඉන් පසු හිස් කබලෙය් සහ හිස ෙකස් වල ෙහදින් ෙල්පනය කරන්න. ම්‍ෙමම සත්කාරය සතියකට දවතාවක් ඔබෙග් හිස් බලෙය් ආෙල්ප කරන්න. ෙමම සත්කාරය මගින් ඔබට ඉතා අලංකාර ෙකස් කලබක් ලබා ගැනිමට උපකාරි ෙවයි. 

දුලාංජලී අලහප්පෙරුම

රති කෙළියට වැට බැඳි හද කෙළිය දූස්රා

රති කෙළියට වැට බැඳි හද කෙළිය… දූස්රා…

චන්න දේශප්‍රියගේ සාඩම්භර දෙවන සිනමා සම්ප්‍රාප්තිය…

වර්ෂ 2019 දී යූ ටර්න් චිත්‍රපටය අද්‍යක්ෂණය තුළින් හෙලවුඩ් සිනමා වංශකතාවේ

අදියුරු භූමිකාවට පිවිසීමට දොරගුළු විවර කොටගත් අන්තර්ජාතික සම්මාන උළෙල

නියෝජනය කරමින් තෙවරක් ඇගයීමට බඳුන් වූ ප්‍රවීණ කැමරා අද්‍යක්ෂකවරයෙකු

වන චන්න දේශප්‍රිය මහතාගේ දෙවන සිනමා නිර්මාණය දූස්රා යි.

තිලක්ෂිණී රත්නායක ඇතුළු සිනමාපටයේ කොඳුනාරටිය හට ජීවය සම්ප්‍රේෂණය

කරනා ප්‍රදාන රංගන ශිල්පීන් සියළු දෙනාම විසින් තම චරිතයන් හුදු නිරූපණය

කිරීමකින් ඉතා ඔබ්බට ගොස් අදියුරුවරයාගේ විධානයන්ට නතු වන කාල සීමාව

තුළදී අදාළ චරිතයන් තුළ භාවාත්මිකව ජීවත් වෙන්නට ඇති බව සිනමාපටය

නැරඹීමෙන් අනතුරුව හද කීරිගැසෙන සුළු ඉතා සංකීර්ණ සංවේදී මනෝභාවයන්

ගොන්නක වල්මත් වී සිනමාශාලාවෙන් පිටතට පැමිණෙන බොහෝ පිරිසකට මැනවින්

ප්‍රත්‍යක්ෂ වන්නට ඇත.

මීට අමතරව සිනමාපටයේ අතිරේඛ රංගන ශිල්පීන් සියළුම දෙනා විසින්ද චිත්‍රපටය

තුළ ඉදිරිපත් කරන්නා වූ යථාර්ථවාදී රාංගනය ප්‍රදාන භූමිකාවන් ඉදිරිපත් කරන්නා වූ

රංගන ශිල්පීන්ගේ දැඩි උත්සාහයට හා කැපවීමට මනා සාධාරණත්වයක් ඉටුකිරීමට

සමර්ථ වී ඇති බවත් පැහැදිලිව පෙනීයයි.

ප්‍රධාන රංගන ධායකත්වය

තිලක්ෂිණී රත්නායක

ලක්ෂාන් අබේනායක

සජිත ඇන්තනී

ශ්‍යාම් ෆර්නෑන්ඩු

ස්ටීව් ඩිලා සිල්වා

වසන්ති රන්වල

ජයනාත් බෝදාහන්දි

රුවන් මදනායක

නදීශානි පේලිආරච්චි

තරිඳු කාවින්ද ගමගේ

රෝහිත් මාන්නගේ

සමන්ත පරණලියනගේ

මෙම අද්විතීය රංගන කෞශල්‍යය රිදී තිරය මත විදහාපෑමට මං සලසා දුන් ප්‍රශස්ථ

සංකල්පය, තිර රචනය හා අදියුරුත්වය යන කාරණාවන් ත්‍රිත්වය විසින් සිනමාපටය

රාමුගත වන ආකයානය තුළ ඊට අදාළ දේශපාලනික සහ මානුශීය සංරචකයන්

සියල්ල වඩාත් හොඳින් ප්‍රේක්ෂකයන් වෙතට සන්නිවේදනය කිරීමට මහත් රුකුලක් වී

ඇති බැව් සිතේ.

හෙලවුඩ් සිනමාපටයන්හි ඉතා කලාතුරකින් දක්නට ලැබෙන සිනමා සංගීතය හා

චිත්‍රපටය තුළ දිගහැරෙන රූප රාමු එකිනෙක මනාව අතිච්චාදනය වී තිබීම තුළින්

ප්‍රේක්ෂකයා හා සිනමාපටය අතර ඉතා ශක්තිමත් බැඳීමක් නිර්මාණය කර තිබීම

මඟින් ස්මස්ථ නිර්මාණයේ සාර්ථකත්වය තවදුරටත් ඔපමට්ටම් කිරීම සඳහා විශාල

පිටුවහලක් සපයන බව කිවයුතු විශේෂ කාරණාවකි.

විදේශීය සිනමාපටයන්හි දක්නට ලැබෙන ආකාරයේ ඉහළ ගුණාත්මක භාවයකින් යුත්

ක්‍රියාදාම ජවනිකා හා දෘශ්‍ය ප්‍රයෝගයන් සිනමාපටය ගලාගෙන යන රිද්මයට හා ඉන්

ප්‍රේක්ෂකයාගේ මනස තුළ උපද්දවන භාවයන්ගේ තාත්වීකරණයට දශමයකුදු

හානියක් නොවෙන අයුරින් සංගෘහිත අනුපිළිවෙලකට ඇතුළත් කිරීම ඉතාමත්ම

ප්‍රශංසනීයයි.

මේ සඳහා සිනමාපටයේ තාක්ෂණික කාර්ය මණ්ඩලය, කැමරා ශිල්පීන් යමන්ම

සංස්කාරකවරුන් මහත් වගකීමකින් හා ප්‍රවේශමකින් කටයුතුයකාට ඇති බව

සිනමාපටය තියුණු අවධානයයන් නරඹන්නා වූ කා හට

වුවද මැනවින් ප්‍රතයක්ෂ වනු ඇත.

නිෂ්පාදන කාර්ය මණ්ඩලය

තිර රචනය සහ අද්‍යයක්ෂණය | චන්න දේශප්‍රිය

නිෂ්පාදනය | ලක්ෂාන් අබේනායක

මාර්ක් ටෙසියර්

සිනමාකරණය | ධම්මික රත්නායක

සහකාර අධ්‍යක්ෂණය | දමින්ද ඩී. මඩවල

සංස්කරණය | තිස්ස සුරේන්ද්‍ර

සංගීතය | චින්තක ජයකොඩි

නිෂ්පාදන කළමනාකරණය | ප්‍රවීන් රණසිංහ

නිෂ්පාදන සැලසුම්කරණය | ප්‍රදීප් චන්ද්‍රසිරි

කලා අධ්‍යක්ෂණය | ලකී විජේවර්ධන

හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය අපේක්ෂාවන් ඇති කරවන

මෙවන් ප්‍රශස්ථ සිනමා භාවිතාවක් පුරා දශක අටකට ආසන්න හෙලවුඩ් සිනමා

වංශකතාව වෙත තිළිණ කරවීම උදෙසා ස්මස්ථ නිෂතපාදන කණ්ඩායම හා රංගන

ශිල්පීන් දරනු ලබන අපමණ වෙහෙස හා කැපවීම සියළුම දේශප්‍රේමී හෙලවුඩ්

සිනමාලෝලීන්ගේ ස්ම්භාවනාවට ලක්විය යුතුය.

ත්‍රිලර් ශානරයේ චිත්‍රපටයකට දර්ශීය උදාහරණයක් වන මෙම සිනමාපටය හෙළවුඩ්

සිනමා වාංශ කතාවේ තවත් එක් සුවිශේෂී නිර්මාණයක් බැවින් සියළු සම්ප්‍රධායික

ගතානුගතික රාමු අභිබවා අනාගත ලෝකය සමඟින් මැනවින් යාවත්කාලීන වන

නැවුම් අනාගත ශ්‍රී ලාංකේය සිනමාවක පහස විඳීමට කැමති සියළු දේශානුරාගී

සිනමා ලෝලීන් සඳහා මෙම චිත්‍රපටය නැරඹීමට අවස්ථාව උදාවීම සම්බන්ධයෙන් ඉතා

ප්‍රයමෝදයට පත්වෙමි.

එමෙන්ම තම දෙවන සිනමා අද්‍යක්ෂණය තුළින්ම වර්ෂ 2021 දී මොස්කව් ජාත්‍යන්තර

සිනමා සම්මාන උළෙල, වර්ෂ 2023 දී ඩකා ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල සහ

කල්කටා ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල යන ජාත්‍යන්තර සිනමා උළෙල වලදී

හෙලවුඩ් සිනමා කර්මාන්තය සම්භාවනාවට පාත්‍ර කරන්නට සමත්කම් පෑ ප්‍රවීණ

කැමරා ශිල්පීයෙකු වන චන්න දේශප්‍රිය මහතා හටත් ඔහුයේ සමස්ථ නිෂතපාදන

කණ්ඩායම හටත් මෙම සිනමාපටය සමගින් දීර්ඝ චාරිකාවක් නිම කිරීමටත් නුදුරු

අනාග්‍තයේදී මෙවන් තවත් අපූරු නිර්මාණයකින් අප හමුවට පැමිණීමටත් අවැසි

සියළු හේතු සම්පත් සැලසේවායි මුළු හදවතින්ම පතමි.

අවසන් වදන…..

ශිෂ්ටාචාරගත වීමේදී මිනිසා විසින් නිමවාගන්නා ලද සමාජීය, ආර්ථික, සංස්කෘතික,

දේශපාලනික, ආගමික සහ නීතිය ආදී පරාමිතීන් මද්‍යයේ සොභාදහමේ පදනම

හෙවත් ජීවයේ සංකේතය වන ස්ත්‍රීත්වයෙහි නිර්වචනයන් කවරෙක්ද…?

පිටතින් කෙතරම් රුදුරු පෞර්ෂයක් ලෙස නිරූපණය වන්නෙකුගේ වුවත්

අභ්‍යන්තරයේ අතිශයින් සෞම්‍ය පෞර්ෂයක් සැඟවී තිබිය හැකිද…?

ධනේශ්වර අර්ථ ක්‍රමය තුළ ස්වාධීන ගැහැණියක් හට ස්වකීය පැවැත්ම යෙහෙන්

තහවුරු කරගැනීම උදෙසා හැඟීම් යටපත් කරගෙන තීරණයන්ට එල්බීමට සිදුවීම

සාදාරණීකරණය කළ හැකිද…?

පිළිතුරු දත්තෝ දන්වත්වා…

සැකසුම : හිරාන් ගමගේ

කටුසු කොන්දට

හන්තා න ඌරා ගලින් මා රා න්තික කටුසුකො න්දට

සමහර ගමන් තියනවා කදු නගින්නෙ කු අනිවා ර්යෙ න් එක් වතා වක් හො යන්නම ඔින… මෙි කත් එ

වගේ ගමනක්.. මගේ හීන ලිස්ටි එකේ තවත් එක හීනයක් තමයි හන්තා න කටුසුකො න්ද කියන්නේ …

ඉතිං මෙි පා ර මම ගියා යා ළුවො එක්ක එ අපුරු ගමන…

හන්තා න කදු හතේ එක් කෙ ලවරක තියනවා අපුරු පුදුමා කා ර ස්වා භා වික පිහිටිමක්.. හරියට

කටුස්සෙ කුගෙ කො දු නා රටිය වගේ පෙ ණෙ න ගලක්… දැ ඬි අවදා නමි ස්ථා නයක්.. මෙි ස්ථා නයට යන්න

නමි හන්තා න කදු හතේ උසම ස්ථා නය වන ඌරා ගලත් නගින්නම වෙ නවා …

ඉතිං අපි පස් දෙ නෙ ක් එ ගමනට සුදා ණමි උනේ වර්ෂා ව මැ ද්දේ … ගමන යන්නේ හෙ ට කියලා රෑ ඉදන්ම

එක දිගටම වැ ස්ස පටන්ගත්තා .. මහා රෑ ත් කතා උනා අපි වැ ස්සො ත් මො කද කරන්නේ වෙ න කො හෙ ද

යන්නේ කියලා .. එත් අපි තුන්දෙ නා ගෙ ම එ කියන්නේ මමයි පැ තුම් මල්ලියි සදුන් මල්ලියි, අපි

තුන්දෙ නා ගෙ ම හිත තිබුණේ කටුසුකො න්දෙ වෙ ද්දි වෙ න කො හෙ වත් හිතට දැ ණුනේ නෑ …

කො හො ම හරි පහුවදා උදේ ම මම මා තලෙ න් පිටත්වෙ ලා ආවා සරසවිගමට.. (නුවර ඉදන් සරසවිගමට

14km ) සරසවිගමට ආවා විතරයි ආයෙ ත් ඇදහැ ලෙ න්න ගත්තා මහා වැ ස්සක්.. හිත කඩන් වැ ටුණා

වගේ … එතන හිටපු මා මා කෙ නෙ ක් කතා කලා මට , එ මා මා කිව්වා ලො කු වැ ස්සක් නැ ති නිසා යන්න

පුළුවන් කියලා .. ඉතිං එ වචනෙ ම ඇති..

මගේ ගමන්වල මම අත්විදපු දෙ යක් තමයි අපි යන්නේ හො ද ගමනක් නමි ඇත්තටම සො බා දහම අපිට

එ ගමන යන්න ඉඩ දෙ නවා ආශිර්වා ද කරනවා කියන එක.. මෙි ගමනෙ න් එකත් හරි අපුරු වට ඔප්පු

උනා .. ගමන පටන්ගන්න ලයිමි නිවා ස වෙ තට එද්දි වැ ස්ස හෙ මින් යන්නම ගිහින්… ඉතිං නුග ගහා ලග

දෙ වි පිළිරු වත් වැ දගෙ න ආශිර්වා ද අරන් අපි ආරමිභ කලා ගමන… දැ නගන්න ලැ බුණු විදහට ගමන

ආරමිභ වන ස්ථා නය නුග ගහා ලග ඉදන් 1.3kmක් ගමනා න්තයට යන්න ඔින…

සීග්ර දල බෑ වුමක් ඔස්සේ ඉලුක් යා යක් පහු කරගෙ න ගමන අපි ගියෙ හෙ මින්.. අපිටත් වඩා උසට

වැ ඩි ඇති ඉලුක් අතරින් අඩිපා ර හො යා ගන්නවා කියන එක සමහර තැ න්වල කරන්න අසිරු යි. එ

නිසා ම අවදා නයෙ න් අපි ඉදිරියට ඇදුනේ අවට සුන්දරත්වය විදගෙ න.. කියන්නම ඔින දෙ යක් තමයි

ඉලුක් යා යවල් මැ දින් යනවා නමි අත් දිගට ඇදගෙ න යන්න.. පිහි තුඩවල් වගේ අතපය හිරෙ නවා . අත්

දිගට ඇදගෙ න ගියත් මගේ නමි මුණත් සීරු නා ..

වර්ෂා ව නැ ති උනත් කන්දේ ඉහල නමි අපිට දැ කගත හැ කි උනේ නැ පහලදි, ඝන මීදුමකින් කන්ද උඩ

වසා ගෙ න තිබුණ නිසා අපි කවුරු ත් දැ නගෙ න සිටියෙ නැ කටුසුකො න්ද කො යි පැ ත්තෙ ද ඌරා ගල

කො යි පැ ත්තෙ ද කියන්න.. අඩි පා රත් යමි තැ න් වල තිබු ඊතල ලකුණුත් දිගේ අපි ඇවිද ගියෙ හරි

පරිස්සමට…. වැ හි පො ද වැ ටුණු බවක් පෙ නෙ න්නට නැ තත් යමි යමි තැ න්වල දියසීරා ව නිසා අඩිය

තැ බුවෙි හෙ මින්. කො හො ම උනත් හරි අපුරු වට කො ළපා ට ඉලුක් යා ය දිලිසෙ න්න ගත්තා වෙ ල්වටි

රෙ ද්දක් වගේ වැ ටුණු අවු රැ ල්ලට.. මො හො තක් එ ඉලුක් යා යේ අපි ගිමන් ඇරියේ ඇතින් පෙ ණෙ න

සුන්දරත්වය විදගෙ න ගෙ නා බිස්කට් රහා බලන ගමන්…

ඉලුක් යා ය කෙ ලවර ඉදන්ම තිබුණේ එක දිගටම ලො කු නැ ග්මක්.. දිය සිරා ව නැ ති තැ න්වලින් ඇඹුල්

ගස් වල අතු සහා පදුරු අල්ලා ගෙ න අපි ඉහලට ගියෙ හෙ මින්.. කියන්නම ඔින දෙ යක් තමයි

අනිවා ර්යයෙ න් කටුසුකො න්ද යනවා නමි හො ද සපත්තු පළදින්න, හෙ තුව ලිස්සනවා හැ ම තැ නම. එ

වගේ ම නගින්න තියන ආනතිය වැ ඩියි.. උස තැ න්වලට බය අය නමි යන්න එපා ..

හෙ මින් හෙ මින් අපි එ ගල් පො ත්ත පහු කරන් ඉහලට ආවා ම තමයි හො දම තැ න සෙ ටි උනේ .. මිටර්

කියක් දිගද කියන්න දන්නේ නැ ති උනත් තවත් විශා ල ගල් පො ත්තක් පා මුලට අපි ඇවිත්… අං ශක

60ක පමණ ආනතියකින් යුක්ක මෙි ගල් පො ත්ත නැ ග යා යුතුයි ඉහලට, මට නමි හිතුනේ ම හැ ටට

වඩා වැ ඩි ඇති කියලමයි.. මෙි ගල්පො ත්ත ඉහලට තරණය කලේ මැ ද හරියෙ දි නමි මම අතපය දෙ කම

යො දා ගෙ න.. බයක් හිතුනේ නැ තත් පරිස්සම වටිනවා .. යමි විදිහකින් කකුල ලිස්සුවො ත් වෙ න්නේ

මිටර් ගා ණනක් පහලට වැ ටෙ න්න..

ගල් පො ත්ත පහු කල පසු හමුවන්නේ කුඩා කැ ලෑ කුටිටියක්.. හැ ම තැ නම දකින්න තියෙ න්නේ ඇබුල්

ගස්… කෙ මෙ න් කෙ මෙ න් ඉහලට ලගා වෙ ද්දි තද සුළග වගේ ම මීදුමෙ න් අපිව වෙ ලා ගත්තේ අඩි දහයක්

පමණ ඈතින් සිටින කෙ නා වත් නො පෙ නි යද්දි… මො හො තක් එක් තැ නක රැ දෙ න්න සිදු උනා මීදුම

සහිත හුළගේ වෙි ගය නීසා .. වැ හි වළා කුලක් අපව පසු කර යනවා දැ යි එ මො හො තේ සිතුනා මට..

මො කද මගේ ජිවිතේ පළවෙ නි වතා වට මම මෙි වගේ අත්දැ කීමක් ලැ බුවෙි .. මෙි මීදුම අතරින් හිරු

එළිය විදගෙ න ආවෙි සුදුපා ට මීදුම රිදිපා ටින් දිලිසෙ ද්දි.. සො බා දහමෙි ආශිර්වා දයෙ න් මුළු පලා තම එළිය

වැ ටුනා මීදුම මැ කි ගිහින්.. 360°ක වපසරියක් අපේ දැ ස් මා නයේ දිස් උනේ මම නමි සතුටින් කෑ ගහද්දි..

ත් ටෙි න් ත්

ඉතිං තවත් මො නවද… වටෙි තියන කදු දිහා බලා ගෙ න එ කදු අදුරගන්න උත්සා හ කලා අපි..

අමිබුලුවා ව, අලගල්ල , පෙ ටිටිගල, හන්තා න , සමනළ කන්ද වගේ කදු රා ශියක සුන්දරත්වය බලා ගන්න

පුළුවන් උනා .. ටික වෙ ලා වක් එ සුන්දරත්වය විදගෙ න අපි නැ වතත් හෙ මින් ගමන් කලේ ඌරා ගල

පැ ත්තට… හෙ මින් පරිස්සමෙ න් යන්න ඔින ගමනක්.. එක් පසෙ ක දරු ණු ප්රපා තයත් අනෙ ක් පසින් දල

බැ වුමත් නිසා ගමන අවදා නමි,

පුරා වෘ ත කතා වකටද නෑ කමි කියන ඌරා ගල තමයි මෙි හන්තා න කදු පන්තියෙ උසම තැ න… මුහුදු

මටිටමෙි සිට මීටර 1200 කට (~3800 ft)

ඌරා ගලට සමිබන්ද ජනප්රවා ද කතා වක් තියනවා කො හො ඹා කං කා රිය සමිබන්දව. එක තමයි

පඩුවස්දෙ වු රජුට ඇතිවු දිවි දො සය නිසා එක හො ද කරන්න මලය රටෙි රජතුමා ව ගෙ න්වන්න විම.. එ

කා ර්ය පැ වරු නේ රා හු අසුරේ ද්රයා ට… රා හු ඌරෙ කු වෙ ස් ගෙ න මලය රටට ගිහින් මලය රජතුමා ගේ

මගුල් උයන පො ඩි කරලා දා ලා . එකට කෙ න්ති ගිය මලය රජතුමා ඌරා පසු පස පන්නා ගෙ න ඇවිත්

තියෙ න්නේ මෙි හන්තා න කදු වැ ටියට.. එ පන්නා ගෙ න ඇවිත් ඌරා ව අල්ලා ගෙ න දුන්නෙ න් පහර දිලා . එ

පහරට ඌරා ගලක් බවට පත් උනා කියලා කියනවා .. තව ඌරා ව මෙි ස්ථා නයෙ දි කො ටා මරා දැ මිමා

කියලත් කියනවා .. කතා ව කො හො ම උනත් ඌරා ගල නමි ඇත්තටම සත්වයෙ ක් වගේ තමයි ඇතට…

ඌරා ගල පහලින් ගල් දෙ කක් අතරින් පහලට බහින්න කුඩා හිඩසක් තියනවා . එ හිඩසෙ න්

පහලට බැ සගත්තා ම කුඩා ගුහා වක්ද දැ කගන්න පුළුවන්. එහි වර්ෂා වකදි උවත් නො තෙ මි

ඉන්න හැ කියි පිරිසකට. හැ බැ යි පටු ස්ථා නයක් නිසා අවදා නමි ඉදිරියෙ න් ප්රපා තය නිසා … එහි

සිටියදියි අපි දැ ක්කේ විශා ල වැ හි වළා කුලක් මෙි කදු වැ ටිය පහු කරගෙ න ඈතට යනවා . එක

පුදුමා කා ර දර්ශනයක්.. බො හො වෙි ලා වක් අපි රැ දි සිටියා එ ස්ථා නයේ . එ මො හො තෙ යි තවත්

පිරිසක් කටුසුකො න්ද අනෙ ක් පසෙ න් නැ ගගෙ න ආවෙි ..

ඔවුන් සමගත් කතා බහා කරලා අපි පිටත් උනේ එ අසිරිමත් ගල් පො ත්ත ඇති පැ ත්තට…

ඦා යා රු ප වලින් විඩියෝ වලින් දැ ක තිබුණු කටුසුකො න්ද දුටු විට නමි ඇත්තටම හදවත

ගැ හුණා වෙි ගයෙ න්.. එ තරමි එ පිහිටිම නමි විශ්මිතයි… කටුසුකො න්ද ගල් පර්වතය මුදුණට

නගින්න නමි බහින්න ඔින ප්රපා තය අසලින් පහලට. කදු ගැ ට තරණය කරලා උපන්

හපන්කමි ඇති සදුන් මල්ලි නමි එ ප්රපා තය බැ ස්සා .

එත් මට දුක හිතුනා .. හෙ තුව එ පල්ලම දුටුවා ම මට එයට බහින්න බැ රි බව තෙ රු මි ගියා .

මම මිටියි, එ නිසා ගල අල්ලන් පහලට බැ සිම අවදා නමි.. බලන් හිටියා සදුන් මල්ලි කඩියා

වගේ කටුසුකො න්ද දා රය දිගේ යනවා .. ආසා ව තිබුණත් එ මො හො තේ එ අවදා නම ගන්න

මගේ හිත ඉඩ දුන්නේ නැ මට.. හිත කිවුවෙ ම බහින්න එපා කියලා …. අපිත් එක්ක ආව

අයියලා දෙ න්නා හෙ මින් පහලට ගියත් අපි තුන්දෙ නා ට නමි පහළට යන්න සිහියක් නෑ .. එ

තරමි මෙි සුන්දරත්වය අපිව වශි කරගෙ න…

නැ ග්ගා වගේ ම තමයි මෙි පල්ලම බහින එකත් පරිස්සමෙ න් කල යුතු වැ ඩක්… ඇත්තටම මට

නමි මෙි ගමන විර චා රිකා වක්… එ තරමි ගමන පුරා වටම මම සිටියෙ විශ්මයෙ න්.. කදු

මුදුණත බො හො ම පටුයි. එ පටු ස්ථා නයෙ ඉදන් මම වටෙි ම සුන්දරත්වය විදින ගමන් කල්පනා

කලේ ඇත්තටම මගේ රට කො යිතරමි ලස්සනද කියලා … අන්තිමට අපි තුන්දෙ නා පහලට

බහින්න ගත්තා . එකත් හෙ මින්.. සො බා දහම විසින් අපිට ඉදුණු ඇබුල් පෙ ර තෑ ගි ලෙ ස ලබා

දුන්නේ අපේ සතුට තවත් වැ ඩි කරලා …

හන්තා න ඌරා ගලින් මා රා න්තික කටුසුකො න්ද ගිය මෙි අපුරු චා රිකා ව දවසක අනිවා ර්යයෙ න්

ඔයා ලත් යන්න, හැ බැ යි මතක තියා ගන්න දැ ඬි අවදා නමි, වර්ෂව කා ලෙ ට නමි මෙ හි යන එක

සුදුසු නැ කො හෙ ත්ම.. යන්න එ විර චා රිකා ව ගිහින් එ සුන්දරත්වය විදින්න… එ වගේ ම මතක

තියා ගන්න තමන් ගෙ නියන සියළු දේ වල් නැ වත පහලට රැ ගෙ න එන්න.. එ සුන්දර කදු වැ ටිය

ආරක්ෂා කරන්න…

නිසං සලා රණසිං හ

රනීත කේක් සහ අතුරුපස නිවැරැදිව  සාදාගන්නා අයුරු අපි”ට කියා දෙන 

CHARUNI PERERA

Hello Charuni, කොහොමද? අපි ඔබ ගැන වැඩි විස්තර දැන ගැනීමට කැමතියි. ඉතින් ,ඔබ කවුද, ඔබේ වෘත්තිය කුමක්ද සහ ඔබේ පවුල් පසුබිම ගැන විස්තර ටිකක් අපට කියන්න පුළුවන්ද?

ආයුබෝවන්!  මම හොදින්, ස්තූතියි! මම බොහෝ මාර්ගයන් හී ගමන් ගන්නා බැවින් පිළිතුරු දීමට තරමක් අපහසු ප්‍රශ්නයක්!

වටිනාකම් හෝ ගුණාංග සමඟ මා ගැන විස්තර කරන්නේ නම්, මම ශක්තිමත් , ඕනෑම දෙයකට ඔරොත්තු දෙන, විමසිලිමත්, දැඩි ලෙස පක්ෂපාතී සහ අවශ්‍ය වූ විට ඝෝෂාකාරී වන කෙනෙක් කියලා කියන්නට පුලුවන් .. සම්මත පිළිතුරක් ලබා දෙන්නේ නම්, මම 1994 දී ලන්ඩනයේ උපත ලබා, මා සහා මගේ සහෝදරයා අපගේ ශ්‍රී ලාංකීය සම්ප්‍රදායන් සහ සංස්කෘතිය ඉගෙන ගැනීමට කාලය පැමිණ ඇති බව මගේ දෙමාපියන් තීරණය කොට, ඔවුන් අපව ලංකාවට ගෙන යන විට මට වයස අවුරුදු 7 කි. ලංකාවෙහි වසර 10 ක්  ජීවත් වූ අතර ලයිසියම් ඉන්ටර්නැෂනල් හි අධ්‍යාපනය ලැබ, එම කාලය තුළ මම වඩාත් චතුර ලෙස භාෂාව කතා කිරීමට ඉගෙනගෙන, මගේ උරුමය වැළඳ ගත් අතර, වඩාත්ම වැදගත් දෙය නම් 2008 දී මගේ සැමියා බුද්ධික මුණගැසීමයි. මගේ පවුල නැවත එක්සත් රාජධානියට ගියේ 2012 දී ය. ඉන් මගේ විශ්ව විද්‍යාල උපාධිය ආරම්භ කළ අතර ඉතිරිය ඉතිහාසයයි. ශ්‍රී ලංකාවේ හැදී වැඩෙන කුඩා දරුවෙකු ලෙස බුදුදහම පිළිබඳ වැඩිදුර ඉගෙනීමට මගේ දෙමාපියන් මාව දහම් පාසලකට ඇතුළත් කිරීමේදී අභිධර්මය මගේ අවධානයට ලක් වූවා., මා මනෝවිද්‍යාවට දැඩිලෙස බැදී ගිය නිසා මිනිස් හැසිරීම් වඩාත් ස්විස්තරාත්මකව තේරුම් ගැනීමට මට පුලුවන් වුණා .. ඉන් අනතුරුව මම ශ්‍රී ලංකාවේ සිසුන්ට අභිධර්මය ඉගැන්වීම සහ ශ්‍රී ලංකාවේ සහ එක්සත් රාජධානියේදී මනෝවිද්‍යාවේ මාවත අනුගමනය කළා.සායනිකව මම මනෝචිකිත්සකවරියක්, හෝ වඩාත් නිශ්චිතව කිවහොත්, NHS හී වාචිකව කරනු ලබන ප්‍රතිකාර සේවා කණ්ඩායම් සාමජිකවරියක ලෙස සේවය කරනවා. වසර 10 ක් මුළුල්ලේ NHS සඳහා සේවය කරමින් සිටින අතර එය අභියෝගාත්මක නමුත් ඒ සමඟම ප්‍රතිලාභදායකයි. බුද්ධික සහ මම හර්ට්ෆර්ඩ්ෂයර් සිට ලන්ඩනයට ගොස් දැන් මර්සිසයිඩ්, විර්රල් හි දැන් අවුරුදු 5 තිස්සේ පදිංචිව සිටිනවා.,. රිය පැදවීම, සංචාරය කිරීම සහ නව ස්ථාන ගවේෂණය කිරීම, සංගීතය, කියවීම සහ නව අවන්හල්වල ආහාර ගැනීම අපි දෙන්නම කැමතියි . එය මගේ එදිනෙදා ජීවිතයේ සාරාංශයයි! මින් අන්තුරුව බේකිං පැමිණෙන්නේ මෙහිදීය.

2. ඔබට බේකිං කිරීම යනු වඩාත්ම විනෝදාංශයක්ද නැතිනම් වෘත්තියක් ද?

එය තනිකරම විනෝදාස්වාදයකි, කිසිදා වෘත්තියක් නොවේ. ඇණවුම් භාර ගත්තද මම කිසි විටෙකත් වෘත්තීය බේකරිකරුවෙකු ලෙස සලකන්නේ නැ. එය මගේ නිස්කලංකත්වය අත්විදීමට සහ මගේම සිතුවිලි තුල අතරමං වීමට යොදා ගන්නා මගේ කාලයයි. මම කෑමට ප්‍රිය කරන දේ මම බේක් කරනවා, තමුන්ගේ ඇණවුම් කල කේක් එක අතට ගන්නා විට ඒ අයගේ මුහුණුවල ඇති උද්යෝගය දැකීමෙන් මම සතුටක් ලබනවා. මට වඩාත්ම වැදගත් දෙය නම් මගේ නිර්මාණයෙහි අන්තර්ගත රසයයි. කේක් වල පෙනුම වැදගත් වුවත්, කේක් වල රසය අපගේ මතකයේ පවතින බව මම විශ්වාස කරනවා. කාල සීමාවන්හී ඇති ඉඩ මදි කම් නිසාවෙන් වසර ගණනාවක් පුරා බොහෝ ඇණවුම් භාර නොගත් අතර, එහි ඇති වූ අවාසිය නම් මගේ නිර්මාණයන්හී පරිපූර්ණත්වයට පත්වීම සඳහා මට එතරම් පුහුණුවීමට කාලය නොලැබීමයි. නමුදු රසය කිසි විටෙකත් අඩුවක් නොවීමට මම දැඩිව වගබලාගන්නවා.

3. කේක් සාදන්නෙකු වීමට ඔබව පෙලඹවූයේ කුමක්ද?

මගේ අම්මා. මම හැදී වැඩුණේ මගේ මව  මිතුරන්ට සහ පවුලේ අයට සත්කාරකත්වය සදහා , ඉතා පුළුල් පරාසයක පැතිරුණු ප්‍රධාන සහ අතුරුපස ලබා දීමෙන් සතුටක් ලබන ආකාරය දෙස බලාය. අතුරුපස සෑම විටම මට ඉන් කැපී පෙනුනු අතර, මම සහා මගේ සහෝදරයා අපගේ මව අතුරුපස සාදා අවසන් වූ පසු බඳුනේ පතුලේ රස දිවගා බලන්නට මුලුතැන්ගෙයිහි වාඩි වී සිටිනවා. අවසානයේදී ඇය මෙම ක්‍රියාවලිය සමඟ මා කෙරෙහි විශ්වාසය තැබීමට පටන් ගත් අතර මම මුලින්ම ඇගේ මඟ පෙන්වීම යටතේ වයස අවුරුදු 10/11 දී පමණ කේක් එකක් පිළිස්සූ අතර ඉන් මාගැන ගොඩනැගුනු විශ්වාසය නිසා මට වයස අවුරුදු 13 දී අපි එක්ව ඇණවුම් භාර ගැනීමට පටන් ගත්තා. එවකට මගේ ප්‍රධාන කාර්යභාරය වූයේ කේක් අලංකාර කිරීමයි, ඒත් සම්පූර්ණ ක්‍රියාවලියම භාර ගන්න මට ලොකු කාලයක් ගියේ නෑ..

4. ඔබේ බේකිං කෙතරම් පිළිවෙලට සහ සවිස්තරාත්මක දැයි අපි දැකලා තියනවා. ඔබ එම මට්ටමේ නිරවද්‍යතාවය සහ කලාත්මක බව ලබා ගන්නේ කෙසේද? 

පුහුණුවීම් සහ කාලය! මගේ කේක් මා කැමති තරම් පිළිවෙලට හා සවිස්තරාත්මක වීමට නම් මා තව සැලකියයුතු මට්ටමකට පැමිණිය යුතුය. මාගේ බේකිං සීමිත වන තරමටම, එම පරිපූර්ණ නිමාව සහ සුමට දාරයන් ලබා ගැනීමත් සමඟ මම වැඩි වැඩියෙන් වෙහෙසෙනවා. මම හිතන්නේ ටික කාලයක් බේක් නොකර ඉඳලා මම නිර්මාණය කරන කේක් වල ඒක හොඳටම පේනවා. කොහොම වුනත්, මා කලින් කී පරිදි, කේක් වල රසය මෝස්තරයට වඩා පවතිනු ඇතැයි මම සිතමි, එබැවින් මට පරිපූර්ණ දාරයක් නොමැති නම් මම වැඩිය කරදර නොවන්නෙමි. එහෙම කිව්වම, මම රකින ප්‍රමිතියක් තියෙනවා, මම කවදාවත් සතුටු නොවන කේක් එකක් විකුණන්නේ නැහැ. සමහර විට මා විසින් මුළුතැන්ගෙයිහි හොදින්ම සරසා අවසන් කල කේක් ගෙඩියක් මටම තෘප්තියක් මදි බවක් හැගුනු විටදි නැවත අලුතින්ම සරසන ආකාරය බුද්ධිකට පවා ඉතා සුපුරුදු දසුනක්.

5. ඔබ ඕනෑම කේක් වර්ගයක් හෝ රසයක් ගැන විශේෂඥයෙක්ද?

මම යන්නේ වැඩියෙන්ම වැනිලා අයිසිං සහිත සම්භාව්‍ය ශ්‍රී ලාංකේය රිබන් කේක් හෝ චොකලට් අයිසිං සහිත චොකලට් කේක් දෙසටය. මම පෞද්ගලිකව මෙම රස දෙක ආහාරයට ගැනීමට ප්‍රිය කරන බැවින් ඉන් බැහැර වීම මට ඉතා අපහසුය. තවද ඒවා මගේ අම්මා මට මුලින්ම ඉගැන්වූ වට්ටෝරු දෙකයි, එම නිසාවෙන්ම සමහර විට මම ඒවා සමඟ වඩාත් සුවපහසු විය හැකිය.

6. ඔබ නව කේක් නිර්මාණ ඉදිරිපත් කරන්නේ කෙසේද? 

මම මා සමගම වැඩිපුරම අරගල කොට වෙහෙසෙන්නේ  නවතම මෝස්තර බේකිං අංගයන් සදහායි, විශේෂයෙන්ම වැඩිහිටි කේක් ඒ අතර මුල්තැනක් ගනී. එබැවින් හැම විටම පාරිභෝගිකයාගෙන් මා ඉල්ලා සිටින්නේ ඔවුන්ට අවශ්‍ය දේ සම්බන්ධයෙන් මට අදහස් හෝ දළ සටහනක් ලබා දෙන ලෙසයි. ළමයින්ගේ සහ කාටූන් කේක් කිරීම පහසු වන අතර මට ඒවායින් බොහොමයක් නිදහස් දෑතින් කල හැකිය, නමුත් වර්තමානයේ ප්‍රවණතාවක් ඇති වඩාත් සෞන්දර්යාත්මක මෝස්තර සමඟ මම ඇත්තටම අරගල කරනවා.

7. ඔබ මෙතෙක් සාදා ඇති වඩාත්ම අභියෝගාත්මක කේක් එක කුමක්ද? 

සෑම ඇණවුමක්ම වෙනස් අභියෝගයක් වන බැවින් එක් කේක් එකක් සඳහන් කිරීම අපහසුය. කෙසේ වෙතත්, ඇණවුම් භාර ගැනීමේදී මා මුහුණ දුන් වඩාත්ම අභියෝගාත්මක කාලය ගැන සිතන්නේ නම්, එය අනිවාර්යයෙන්ම 2021 දී මමත් මගේ අම්මාත් භාර ගත් සිංහල සහ දෙමළ අලුත් අවුරුදු තොග ඇණවුමයි. අපට විවිධ සම්ප්‍රදායික කැවිළි, කේක් සහ වෙනත් අතුරුපස වර්ග සාදා, බෙදා හැරීමටද, තැපැල් මාර්ග වලින් යැවීමට සහ පැමිණ රැගෙන යාම් සදහා සුදානම් කිරීමට තිබුණා . සෑම දෙයක්ම නැවුම් ලෙස පිසීම සහ සකස් කිරීම අවශ්‍ය බව මම තරයේ විශ්වාස කිරීම හා ඉල්ලුම් වලට සාර්ථකව මුහුණ දීම සඳහා මට අලුත් අවුරුද්දට පෙර නිදි නැති පැය ගණනක් ගත කිරීමට සිදු වීමෙන්, අවාසනාවන්ත ලෙස අපට ශාරීරික සමබරතාවයන් පවත්වා ගැනීමට නොහැකිව අවසානයේ නව ඇණවුම් ප්‍රතික්ෂේප කිරීමටද සිදු වුණා . මම එම අවස්ථාවේදී මගේ පාඩම ඉගෙන ගත් අතර එතැන් සිට මට ඕනෑම වේලාවක ඇණවුම් කොපමන ගත හැකිද යන්නට සීමාවක් තබා ගැනීමට මම වගබලා ගත්තා .

8. ඔබ නවතම බේකිං ප්‍රවණතා සහ ශිල්පීය ක්‍රම සමඟ යාවත්කාලීනව සිටින්නේ කෙසේද? 

Instagram සහ Tiktok! මම ඒවායේ දිනපතා රීල් නැරඹීම හරහා දැනුවත්භාවයක් ලබා ගන්නවා . මෙයින් අදහස් කරන්නේ මම සෑම විටම ඒවා අනුකරණය කරන බව නොවේ, නමුත් බේකිං ලෝකයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව දැනුවත් වීමට මම කැමතියි.

9. ඔබේ බේකිං වෘත්තියෙහි ඔබේ අනාගත ඉලක්ක සහ සැලසුම් බෙදා ගැනීමට ඔබ කැමතිද?

මට ඇත්තටම ඒ ගැන හරි පැහැදිලි කිරීමක් අපහසුයි. මානසික සෞඛ්‍යය සහ බේකිං ලෝකය එකට එකතු කිරීමට මම කැමතියි නමුත් මෙය කරන්නේ කෙසේද යන්න පිළිබඳව මට තවමත් පැහැදිලි දැක්මක් නැහැ. සමහර විට මම මාව බේකිං චිකිත්සකවරිය ලෙස හඳුන්වනු ඇත! විහිළු පසෙක තබා, මම දැන් මෙම අවකාශයන් දෙකම සමඟ සිටින ස්ථානය ගැන සතුටු වන අතර අනාගතය කුමක් රදවාවිදැයි අපි බලමු.

10. අපි සඟරාව ගැන ඔබ සිතන්නේ කුමක්ද?

අපි සඟරාව මගේ හදවතේ විශේෂ තැනක් ගන්නවා. එය සියලුම ප්‍රජාව එකමුතු කරන වේදිකාවක් දක්වා වර්ධනය වී ඇති අතර තම සිතැගි, නිර්මාණ, කුසලතා ප්‍රකාශ කිරීමට අවකාශයක් සලසා දෙන තෝතැන්නකි. විවිධ ක්ෂේත්‍ර සහ මාතෘකා ගවේෂණය කරන සඟරාවේ සංකල්පයට මම ඇලුම් කරන අතරම, එය විශිෂ්ට කාර්‍යභාරයක් යැයි මම සිතනවා. වෙනදා වගේම මගේ ලිපි ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරලා සඟරාවට ගැළපෙන විදියට නිර්මාණ කරන්න මේ අවස්ථාව ලබාදුන් ගයාන් ඇතුළු අපි සඟරාවේ මුළු කණ්ඩායමටම මම ස්තුතිවන්ත වෙනවා. සුභ පැතුම් අපි සඟරාව!

අනාගතය හැඩගැස්වීමේදී ශ්‍රී ලාංකේය තරුණයින්ගේ කාර්යභාරය

සංස්කෘතික හා ඓතිහාසික උරුමයන්ගෙන් පොහොසත් දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, එහි තරුණ පරම්පරාව විසින් අනාගතය ක්‍රියාකාරීව හැඩගස්වන සන්ධිස්ථානයක සිටී.  රට ආර්ථික, සමාජීය සහ පාරිසරික අභියෝග හරහා ගමන් කරන විට, එහි තරුණයින්ගේ කාර්යභාරය වඩ වඩාත් වැදගත් වේ.  ජීව ශක්තියෙන්, නිර්මාණශීලීත්වයෙන් සහ අද්විතීය ඉදිරිදර්ශනයකින් පිරී ඇති ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට ජාතිය සමෘද්ධිමත් සහ තිරසාර අනාගතයක් කරා යොමු කිරීමේ හැකියාව ඇත.  ඔවුන්ගේ දායකත්වය අධ්‍යාපනය, තාක්‍ෂණය, පරිසර සංරක්ෂණය සහ සමාජ සාධාරණත්වය ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට විහිදේ.  අධ්‍යාපනය සමාජ සංවර්ධනයේ මූලික ගලක් වන අතර, අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ හා නවෝත්පාදනය මෙහෙයවීමෙහිලා ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් ඉදිරියෙන්ම සිටී.  අන්තර්ජාලය සහ ජාත්‍යන්තර අධ්‍යාපනික සම්පත් හරහා ගෝලීය තොරතුරු වෙත ප්‍රවේශ වීමත් සමඟම, ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වැඩි වැඩියෙන් උසස් අධ්‍යාපනය සහ විශේෂිත කුසලතා හඹා යමින් සිටිති.  මෙම වර්ධනය වන බුද්ධිමය ප්‍රාග්ධනය කර්මාන්ත නවීකරණය කිරීම සහ නවෝත්පාදනයන් පෝෂණය කිරීම සඳහා ඉතා වැදගත් වේ.  STEM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිතය) ක්ෂේත්‍රවල නිරත වීමෙන් තරුණ තරුණියන් තමන්ගේම අපේක්ෂාවන් වැඩිදියුණු කරනවා පමණක් නොව ගෝලීය දැනුම් ආර්ථිකයේ තරඟකාරී ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කරයි.

 තාක්‍ෂණය ලොව පුරා සමාජයන් වේගයෙන් පරිවර්තනය කරමින් සිටින අතර ශ්‍රී ලංකාවද ඊට ව්‍යතිරේකයක් නොවේ.  තරුණ පරම්පරාව, ඩිජිටල් ස්වදේශිකයන් වීම, තාක්ෂණය සහ ව්‍යවසායකත්වය කෙරෙහි ස්වභාවික නැඹුරුවක් ඇත.  බොහෝ තරුණ ශ්‍රී ලාංකිකයන් දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපොළට සරිලන මෘදුකාංග, යෙදුම් සහ ඩිජිටල් වේදිකා සංවර්ධනය කරමින් ආරම්භක සහ තාක්ෂණික ව්‍යාපාර වෙත පිවිසෙමින් සිටිති.  ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ ජාතියේ ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා මෙම ව්‍යවසායකත්වය අත්‍යවශ්‍ය වේ.  තාක්‍ෂණ මධ්‍යස්ථාන සහ නවෝත්පාදන විද්‍යාගාර වැනි මුලපිරීම් මගින් තරුණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ අදහස් මල්ඵල ගැන්වීම සඳහා සම්පත් සහ ජාල ලබා දෙන අතර එමඟින් ආර්ථික පරිවර්තනයක් ඇති කිරීමට සහ නව්‍ය විසඳුම් හරහා දේශීය අභියෝගවලට විසඳුම් ලබාදේ.  පාරිසරික ගැටළු, විශේෂයෙන්ම දේශගුණික විපර්යාස සහ පාරිසරික හායනය, ශ්‍රී ලංකාවේ අනාගතයට සැලකිය යුතු තර්ජන එල්ල කරයි.  තාරුණ්‍යය, ඔවුන්ගේ ඉහළ දැනුවත්භාවය සහ වගකීම පිළිබඳ හැඟීම සමඟ, පාරිසරික තිරසාරභාවය සඳහා ප්‍රධාන උපදේශකයින් ලෙස මතුවෙමින් තිබේ.  බොහෝ තරුණ ශ්‍රී ලාංකිකයන් බිම් මට්ටමේ ව්‍යාපාරවල සහ සංරක්ෂණය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරන සංවිධානවල සම්බන්ධ වී සිටිති.  දැනුවත් කිරීම, පරිසර හිතකාමී භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රතිපත්තිමය තීරණවලට බලපෑම් කිරීම සඳහා ඔවුන් දරන උත්සාහය ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීම සහතික කිරීම සඳහා ඉතා වැදගත් වේ.  තිරසාරත්වය වෙනුවෙන් පෙනී සිටීමෙන් තරුණයින් ක්ෂණික පාරිසරික ගැටළුවලට විසඳුම් ලබා දෙනවා පමණක් නොව දිගුකාලීන පාරිසරික සමතුලිතතාවය සඳහා වේදිකාව ද සකස් කරයි.

 ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, වාර්ගික සහජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම වැනි ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ සාධාරණත්වය ශ්‍රී ලංකාව තුළ දැවෙන ප්‍රශ්නයක් ලෙස පවතී.  තරුණයින් වැඩි වැඩියෙන් සමාජ වෙනසක් සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටිති.  ක්‍රියාකාරීත්වය, ස්වේච්ඡා සේවය සහ සිවිල් සමාජ සංවිධානවල සහභාගීත්වය තුළින් යෞවනයන් සමාජ අසමානතා ආමන්ත්‍රණය කරමින් සහ ඇතුළත් කිරීම් ප්‍රවර්ධනය කරයි.  මෙම ක්ෂේත්‍රයන්හි ඔවුන්ගේ මැදිහත්වීම පවතින සම්මතයන්ට අභියෝග කිරීමට, ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ සඳහා තල්ලු කිරීමට සහ වඩාත් සාධාරණ සමාජයක් පෝෂණය කිරීමට උපකාරී වේ.  සමාජ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමෙන් සහ ප්‍රජා උන්නතිය සඳහා ක්‍රියා කිරීමෙන්, ශ්‍රී ලංකාවට සාධාරණ සහ සාධාරණ අනාගතයක් හැඩගැස්වීම සඳහා තරුණයින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.  ඔවුන්ගේ හැකියාවන් තිබියදීත්, ශ්‍රී ලාංකික තරුණයින් ඔවුන්ගේ දායකත්වයට බාධාවක් විය හැකි අභියෝග කිහිපයකට මුහුණ දෙයි.  මේවාට ආර්ථික බාධා, සම්පත් සඳහා සීමිත ප්‍රවේශය සහ සමාජ-දේශපාලන බාධක ඇතුළත් වේ.  කෙසේ වෙතත්, මෙම අභියෝග ඔරොත්තු දීමේ හැකියාව සහ නවෝත්පාදනය සඳහා අවස්ථා ද ඉදිරිපත් කරයි.  ජාත්‍යන්තර හවුල්කාරිත්වයන්, අධ්‍යාපනික ශිෂ්‍යත්ව සහ ආධාරක ජාලයන් උපයෝගී කර ගැනීමෙන්, තරුණ ශ්‍රී ලාංකිකයින්ට මෙම බාධක ජයගෙන ඒවායේ බලපෑම උපරිම කර ගත හැක.

 තම රටේ අනාගතය හැඩගැස්වීමේදී ශ්‍රී ලාංකීය තරුණයන්ගේ කාර්යභාරය ගැඹුරු මෙන්ම පරිවර්තනීයද වේ.  අධ්‍යාපනය, තාක්‍ෂණය, පාරිසරික භාරකාරත්වය සහ සමාජ සාධාරණත්වය තුළ ඔවුන්ගේ නියැලීම තුළින් ඔවුන් ජාතියේ සංවර්ධනයට සහ යහපැවැත්මට ක්‍රියාකාරීව දායක වේ.  ඔවුන් තම ශක්තිය, නිර්මාණශීලිත්වය සහ දැක්ම අඛණ්ඩව භාවිතා කරන විට, ඔවුන් ශ්‍රී ලංකාව වඩාත් සමෘද්ධිමත්, සමානාත්මතාවය සහ තිරසාර අනාගතයක් කරා මෙහෙයවීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු නොඅනුමානය.  මෙම විචිත්‍රවත් පරම්පරාව පෝෂණය කිරීම සහ සහාය දැක්වීම සඳහා වන ආයෝජනය ඔවුන්ගේ දායකත්වයේ පූර්ණ හැකියාවන් අවබෝධ කර ගැනීම සඳහා සහ ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාව දියුණු වන බව සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

පවිත්‍රා රනතුංග

UK වල මොකද මේ වෙන්නේ…..

පසුගිය ජූලි 29 වනදා එංගලන්තයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේදී කුඩා දැරියන් පිරිසක් ඉලක්ක කරමින් එල්ල කල පිහි ප්‍රහාරයත් සමඟ එක්සත් රාජධානිය පුරා ආරම්භ වූ නොසන්සුන්කාරී තත්වය තවමත් පහව ගොස් නොමැත. එම පිහි ප්‍රහාරයෙන් වයස අවුරුදු 6-9 ත් අතර දැරියන් තිදෙනෙකු මියගිය අතර තවත් දැරියන් කිහිප දෙනෙකු හා වැඩිහිටියන් කිහිප දෙනෙකු බරපතළ තුවාල ලැබුවා. ප්‍රහාරය සම්බන්ධයෙන් අත්තඩංගුවට ගැනුනේ  17 හැවිරිදි කළු ජාතික තරුණයෙක්. ඔහු රුවන්ඩා සම්භවයක් සහිත පුද්ගලයෙකු උනා.

මෙම ප්‍රහාරයට දින දෙකකට පසුව එම ප්‍රහාරයට විරෝධයපාමින් ප්‍රහාරය සිදුවූ සවුත්පෝර්ට් ප්‍රදේශයෙන් ආරම්භ වූ විරෝධතා රැල්ල එංගලන්තයේ සහ අයර්ලන්තයේ නගර රැසක් කරා ව්‍යාපත් උනා. මුලදී ප්‍රහාරයට විරෝධය දක්වමින් සිදුකල උද්ඝෝෂණ රැල්ල පසුව ඉතා ප්‍රචන්ඩකාරී හා ජාතිවාදී මුහුණුවරක් ගණු ලැබුවා. ඉතා සංවිධානාත්මකව පවත්වන්ට යෙදුනු එම විරෝධතා ව්‍යාපාරයේ ඉලක්කය බ්‍රිතාන්‍යයේ ජීවත් වන මුස්ලිම් ජාතිකයන් හා සරණාගතභාවය පතා මෙහි පැමිණි පුද්ගලයන් උනා. ස්ථාන රැසක නගර මධ්‍යයට රැස්වූ විරෝධතාකරුවන් වාහන හා දේපළ ගිණි තබමින් මෙන්ම පොලිසියට පවා පහර දෙමින් ඉතා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙනු දක්නට ලැබුනා.

පසුව මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය රජය ඉතා ඉක්මනින් මැදිහත් වූ අතර විරෝධතා වල නිරතවන්නන් අන්ත දක්ෂිනාංශික මැරයන් ලෙස හඳුන්වමින් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කීත් ස්ටාර්මර් ප්‍රකාශයක් නිකුත් කලා. වහාම බ්‍රිතාන්‍යයේ පොලිස් ප්‍රධානින් කැඳවූ අග්‍රාමාත්‍යවරයා තත්වය පාලනය කරන්නට පොලිසියට උපදෙස් ලබාදුන් අතර පොලිසියට අනුබද්ධව විශේෂ කැරලි මර්ධන ඒකකයත් ආරම්භ කරන්නටද උපදෙස් ලබා දුන්නා .තවද මෙම ප්‍රචන්ඩ ක්‍රියා සඳහා සම්බන්ධ වන සියළුම පුද්ගලයන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔවුන්ට ඊට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් සඳහන් කලා.

අග්‍රාමාත්‍යවරයාගේ සහ රජයේ එම ක්‍රියා ප්‍රචන්ඩත්වය මැඩපැවැත්වීමට තරම් ප්‍රමාණවත් නොවූ අතර විරෝධතාකරුවන් සන්ඩර්ලෑන්ඩ් හී පොලිස් ස්ථානයකට පවා ගිනි තැබූ අතර සරණාගතයන් නවාතැන් ගෙන සිටින හෝටල් ඉලක්ක කරමින් පහර දෙන්නට උනා. විරෝධතා ව්‍යාපාර ලන්ඩන් නගරයට මෙන්ම ලිවර්පූල්, බ්‍රිස්ටල්, මැන්චෙස්ටර්, බෙල්ෆාස්ට් සහ ස්ටොක් ඇතුළු නගර රැසකට පැතිර ගිය අතර එම ප්‍රදේශවල ජන ජීවිත අඩාල වීමට පවා මෙම විරෝධතා හේතු උනා.

මෙම සටහන ලියන අවස්ථාව වන විට ප්‍රචන්ඩකාරී ලෙස විරෝධතා වල යෙදුනු අන්ත දක්ෂිණාංශිකයන් 400 ක් පමණ පොලිස් අත්තඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සමහරකට නඩු පැවරීමට පවා පොලිසිය කටයුතු කර තිබුනා. ඒ අතර නයිජීරියාව, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් බ්‍රිතාන්‍යයේ සංචාරය නොකරන ලෙස සිය පුරවැසියන්ට අනතුරු අඟවමින් නිවේදන නිකුත් කර තිබුනා.

තත්වය පාලනය කර හැකි ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා රජයේ ඉහළම නිළධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ ආසන්න දින දෙකකදී “කෝබ්‍රා” රැස්වීම් දෙකක් කැඳවා තිබුනා. බ්‍රිතාන්‍යයේ ඉතා හදිසි අවස්ථාවකදී පමණක් කැඳවන ඉහළ පෙලේ සාකච්ඡාවක් වන “කෝබ්‍රා” රැස්වීම ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටළු වලදී තීරණාත්මක තීරණ ගැනීම සඳහා කැඳවනු ලබනවා.එහිදී පොලිසියට අමතරව ආරක්ෂක හමුදාව කැඳවීම කෙරෙහිද අවධානය යොමුවී තිබුනා.

ලිපිය ලියන අවස්ථාව වන විට ඉදිරි දින කිහිපය තුල අරගලය තවත් වර්ධනය වේ යැයි ගණන් බලා තිබූ අතර ජාතිවාදී කැරලි වලට එරෙහිව ජාතිවාදී නොවන කණ්ඩායම් තවත් උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරමින් සිටිනවා. දේපළ වලට සිදුවන හානි වලට අමතරව දෙපාර්ශ්වය අතර සිදුවන ගැටුම් වැලැක්වීමටද බ්‍රිතාන්‍ය පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබෙනවා. කෙසේ වෙතත් අන්ත දක්ෂිණාංශික ජාතිවාදීන් විසින් ගෙන යන මෙම ගැටුම් පාලනය කිරීමට පියවර නොගතහොත් බහු ජාතික බහු වාර්ගික විශාල ජනතාවක් ජීවත් වන බ්‍රිතාන්‍යයේ අනාගතය කෙබඳු වේදැයි පුරෝකථනය කල නොහැකි තැනකට තල්ලු වනු ඇති.

තිලාන් ජයසේකර 

2024-07-21

Life Goals

අර්ථවත් ජීවිත ඉලක්ක සැකසීම සහ සාක්ෂාත් කර ගැනීම

ජීවිත ඉලක්ක තැබීම ඔබේ ජීවිතයට දිශානතිය, අවධානය සහ අරමුණ ලබා දීමට ප්‍රබල ක්‍රමයකි. එය ඔබට සැබවින්ම වැදගත් වන්නේ කුමක්ද යන්න හඳුනා ගැනීමට සහ ඔබේ සිහින සැබෑ කර ගැනීමට මාර්ග සිතියමක් ලබා දීමට උපකාරී වේ. අර්ථවත් ජීවිත ඉලක්ක තබා ගැනීම සහ ඒවා සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් කිහිපයක් මෙන්න:

1. **ඔබේ වටිනාකම් ගැන මෙනෙහි කරන්න**: ජීවිතයේ ඔබට සැබවින්ම වැදගත් වන දේ ගැන සිතීමෙන් ආරම්භ කරන්න. ඔබ පවුල, වෘත්තීය සාර්ථකත්වය, පෞද්ගලික වර්ධනය, සෞඛ්යය හෝ වෙනත් යමක් අගය කරනවාද? ඔබේ ඉලක්ක සැබෑ ලෙසම ඉටු වන බව සහතික කිරීම සඳහා ඔබේ මූලික වටිනාකම් සමඟ සමපාත විය යුතුය.

2. **නිශ්චිත සහ මැනිය හැකි**: “සුදුසු වීම” හෝ “සාර්ථක වන්න” වැනි නොපැහැදිලි ඉලක්ක තැබීම වෙනුවට වඩාත් නිශ්චිත සහ මැනිය හැකි වීමට උත්සාහ කරන්න. උදාහරණයක් ලෙස, “මාස තුනකින් පවුම් 10 ක් නැති කර ගන්න” හෝ “මේ වසරේ මගේ ආදායම 20% කින් වැඩි කරන්න”. මෙය ඔබගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සහ අභිප්‍රේරණය වීම පහසු කරයි.

3. **කෙටි කාලීන සහ දිගු කාලීන ඉලක්ක තබන්න සති කිහිපයකින් හෝ මාස කිහිපයකින් ඔබට ළඟා කර ගත හැකි කෙටි කාලීන ඉලක්ක මෙන්ම, ඉටු කිරීමට වසර ගණනාවක් ගත විය හැකි දිගු කාලීන ඉලක්ක සකසන්න.

4. **ඒවා ලියන්න**: පර්යේෂණ මගින් පෙන්නුම් කර ඇත්තේ ඔබේ ඉලක්ක ලිවීමෙන් ඒවා සාක්ෂාත් කර ගැනීමේ සම්භාවිතාව වැඩි වන බවයි. ඔබේ ඉලක්ක කඩදාසි මත හෝ ඩිජිටල් ලෙස ලියන්න සහ අවධානයෙන් සහ අභිප්‍රේරණයෙන් සිටීමට ඒවා නිතිපතා නැවත බලන්න.

5. **සැලැස්මක් සාදන්න**: ඔබ ඔබේ ඉලක්ක හඳුනා ගත් පසු, ක්‍රියාකාරී සැලැස්මක් සාදන්න. ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ ගත යුතු පියවර මොනවාද? ඔබට අවශ්‍ය සම්පත් හෝ සහාය මොනවාද? පැහැදිලි සැලැස්මක් තිබීම මාර්ගයේ රැඳී සිටීමට පහසු වනු ඇත.

6. ** නම්‍යශීලීව සිටින්න**: නිශ්චිත ඉලක්ක තැබීම වැදගත් වන අතරම, නම්‍යශීලීව සිටීමද ඉතා වැදගත් වේ. ජීවිතය අනපේක්ෂිත ය, තත්වයන් වෙනස් විය හැකිය. ඔබේ මූලික වටිනාකම්වලට අනුකූලව ඔබේ ඉලක්ක අවශ්‍ය පරිදි සකස් කිරීමට විවෘත වන්න.

7. **ඔබේ ජයග්‍රහණ සමරන්න**: ඔබේ සාර්ථකත්වයන් කොතරම් කුඩා වුවත් සැමරීමට අමතක නොකරන්න. ඔබේ ප්‍රගතිය පිළිගෙන ඔබ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සඳහා ඔබටම ගෞරවය ලබා දෙන්න. මෙය ඔබට ඉදිරියට යාමට දිරිගැන්වීම් සහ ප්‍රබෝධමත් වීමට උපකාරී වේ.

මතක තබා ගන්න, ජීවිතයේ ඉලක්ක තැබීම සහ සාක්ෂාත් කර ගැනීම ගමනක් මිස ගමනාන්තයක් නොවේ. මඟදී අභියෝග සහ පසුබෑම් වලට මුහුණ දුන්නට කමක් නැහැ. වැදගත්ම දෙය නම් කැපවී සිටීම, ඉගෙනීම සහ වර්ධනය වීම සහ ඔබට සැබවින්ම වැදගත් වන දේ කිසි විටෙකත් නැති කර නොගැනීමයි. ඔබේ ඉලක්ක තැබීමේ ගමනට සුබ පැතුම්!

අහිමි හිමිකරු 

2024-07-17

සිනහවක සුව

හැම වෙලාවකම සිනහවකින් ඔබව පිළිගන්නා පුද්ගලයකු ගැන ඔබ පෙරළා සිහිපත් කරන්නේ මොනතරම් ආදරණීය හැඟීමකින්ද? අනිත් අතට ඔබත්,තවත් කෙනෙකුගේ නිර්ලෝභී ආදරය දිනාගෙන ඇති‍, ඔබ සංග්‍රහ කරන අව්‍යාජ සිනහව හේතුවෙන් .

ඔබ ඉදිරියට පැමිණෙන කවරහෝ පුද්ගලයකු තුළින් ඔබ දකින අවංක සිනහව තුළ ගැබ් වෙලා තියෙන්නේ ඉතා ප්‍රබල ශක්ති ප්‍රවාහයක්. ලබන්නා තුළ මෙන්ම තිළිණ කරන්නා තුළද සතුට උත්පාදනය කරවන්නට සමත් කදිම තිළිණයක් තමයි සිනහව කියන්නේ.

විද්‍යාත්මකව බැලූ කල සිනහව කියන්නේ සතුටක් දැනීමේ පණිවිඩයට මොළය විසින් දක්වන ප්‍රතිචාරයට. ඒක හැඟීම් ප්‍රකාශ කිරීමට යොදා ගන්නා මාධ්‍යයක්. ඒ තුළින් මාංශ පේශි ලිහිල් වීම ‍, කායිකව හා මානසිකව සැහැල්ලු බවක් දැනීම‍, මනා රුධිර සංසරණයක් සිරුර තුළ ක්‍රියාත්මක වීම‍, ආතතිය විශාදිය වැනි සංකූලතා අවම වීම‍ හෝ පාලනය වීම‍, දැකුම්කළු පෙනුමක් ලැබීම, දිගු ජීවන කාලයක් උරුම වීම, ප්‍රතිශක්තිකරණ වර්ධනය වීම වගේ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්. 

හැබැයි ඉතින් මෙකී නොකී වාසි වලට ලොබින්  හෙට ඉඳලා බොරුවට හිනාවෙන්න නම් හිතන්න එපා. ඒක අසාර්ථක ප්‍රයත්නයක් වෙනවා නොඅනුමානයි.

සිනහව අවංකවම, නිරායාසයෙන්‍, හදවතින්ම උත්පාදනය වන පිරිසිදු සිතුවිල්ලක ප්‍රතිඵලයක් නොවනතාක් කල් සැබෑ සිනහවේ රස හඳුනා ගන්න හැකි වෙන්නේ නෑ. 

සිනහවකින් තවත් කෙනෙකුගේ විශ්වාසය හා ආත්මශක්තිය ඉහළ අහස කරා ඔසවා තබන්නට ඔබට ගත වෙන්නේ ඔබ හිතන්නේවත් නැති තරම් අංශුමාත්‍ර කාලයක්. කොහොම උනත් කටපුරා හිනාවෙන කෙනෙක් දකින්න අකමැති කවුද ? ඔබ විනෝදකාමී සැහැල්ලු ජීවන රටාවකට රුචියක් දක්වන බව සනාථ කරන කැඩපත ඔබේ සිනහවයි. ඒ තුළින් තවත් කෙනෙක් සුවපත් කිරීමට හැකිවීම ඔබ ලද භාග්‍යයක්. 

හැම කෙනෙක්ම අවස්ථා ගවේෂණය කරමින් හොඳම විකල්පය තෝරා ගැනීමේ ක්‍රියාවලියක යෙදෙනවා‍, දැන හෝ නොදැන. දිනාගැනීම්‍, අසාර්ථකවීම් අඩු වැඩි වශ⁣යෙන් අත්දකිමින් ඉදිරියට යන ගමනක තවත් කෙනෙක්ට උත්තේජනයක්‍, ශක්තියක් ලබාදිය හැකි විජ්ජාවක් සිනහව.

හැබැයි ඉතින් නොදන්නා කෙනෙක් එකක්  කටපුරා හිනාවෙනවට වඩා අපහසු වෙන්න පුලුවන් හොඳින්ම දන්න‍, ඒත් හිත රිදවපු කෙනෙක් එක්ක හිතට එකඟව හිනාවෙන එක. තමන්ට තියන අධ්‍යාත්මික පසුබිම එක්ක  ඒ ගනුදෙනුව කරන එක ඔයාට බාරයි. 

පුලුවන් හැම වෙලාවකම හිත පිරෙන්න හිනා වෙලා ඉමු.

දිමුතු සේනාදි