2024-07-10

සො දුරු සං චා රකයා ගේ හමුවීම

“ ආයුබො වන් මම දිනේ ෂ් “

එ ආමන්ත්රණය ඇසෙ ද්දි ඔහුව දන්න අය දන්නවා , එ කවුද කියලා .. එ නිවුණු හඬ කතා විලා සයට

හිත බැ දෙ නවා හරි අපුරු වට.. එතරමි එ හඬ හදවතට සමිපයි.. එ තරමට ඔහු හිත නිවන සුන්දර

තරු ණයෙ ක් සුන්දර සං චා රකයෙ ක්

මිනිස්සුන්ගෙ හදවතට දැ නෙ න්න කතා කරන්න බැ හැ මො ටම, හැ බැ යි දිනේ ෂ් එ පැ තුම් කියන්නේ

එහෙ ම කෙ නෙ ක් , එ නිසා ම තමයි ට්රැ වල් වලට ආදරය කරන බො හො මයක් දෙ නා ඔහුව හදවතේ

සං චා රකයා ලෙ ස පිලිගන්නේ … එක මා රයි..

මම මෙ හෙ ම කිවුවො ත් , කො යිතරමි ට්රැ වල් විඩියෝ තිබුණත් එ හැ ම විඩියෝ එකක්ම අපි එක දිගට

බලනවා ද? සමහර විඩියෝ බලද්දිම එපා වෙ නවා … එත් දිනේ ෂ් එහෙ මත් නැ ත්තමි DAP ගෙ නෙ න

travel video බලද්දි නමි ඇස් ඉවතට ගන්න හිතෙ න්නේ නෑ .. එ තරමට එ රූ ප රා මු හදවත අල්ල

ගන්නවා .. ලං කා වෙි මම දැ ක්ක හො දම adventure traveler කෙ නෙ ක් තමයි ඔහු. පුද්ගලිකව මම

ගො ඩක් ආසම ඔහුගේ සං චා රයන් අතරින් කිපයක් තමයි ලකේ ගල තරණය ,අමිපා ර බලා න කදු

තරණයත්, ඇලි හත, කුණුදියපවුව තරණයත් සහා ලො කයේ උසම කන්ද evarest සො යා ගිය ගමන

ඉතිං එ නිසා ම වෙ නදා ට කො හේ හරි ලස්සන තැ නක විස්තර ගෙ නෙ න මට හිතුනා මෙ වර අපි මැ ගසින්

එකෙ න් ඔයා ලා ට මෙි අපුරු ආමන්ත්රණය තමන්ගේ අනන්යතා වයක් කරගත් සො දුරු සහෘ දයා

මුණගැ හෙ න්න, ටිකක් කතා කරන්න…

දිනේ ෂ් ආසිරි පැ තුමි එහෙ මත් නැ ත්තමි DAP ….

ඔහුට මගේ හිත බැ දුන එකට හෙ තුවක් තියනවා , එ තමයි ඔහු නිසයි මමත් සං චා රය කරන්න

ඇබිබැ හි උනේ … ඇත්තම කතා ව නමි කා මර වල හිරවෙ ලා හිටපු ගො ඩක් අයව කදු නගින්න ඇදලා

දැ මිම පුද්ගලයෙ ක් ඔහු,

තා මත් මතකයි ඔහුගේ youtube නා ලිකා වෙි මම නැ රඹු පළමු රූ ප රා මුව… එ අවා රේ සඳගලතැ න්න

හරහා සිරිපා කරු ණා ව… “මෙි වගේ ජෑ මි පෙ ර කන්න හමිබවෙ න්නෙ අවා රේ ඇත්තො න්ට තමා , මා ත්

එක්ක අමනා ප වෙ න්න එපා ” කියලා රස කර කන ජෑ මි පෙ ර එක්ක එ සුන්දර කතා විලා සය හිත

හො රකමි කලා …

එ විතරක් නෙ වෙ යි evarest bess camp දක්වා ගිය සුන්දර චා රිකා ව අමා ඩබිලමි, ටැං ජි, ශර්පා වරු න්

ගැ න ලා මා වරු න්ගෙ කතා වගේ ම යක්සලා ගැ න ඩා ල්බා ත් මෙි හැ මදේ ම එක්ක ඔහුට හැ කි උනා

අපිවත් එ ගමන එක්ක යන්න. තිරය ඉදිරිපිට ඉදගෙ න මම නමි දිනේ ෂ්, ලො කු පිරිස් ටැං ජි එක්ක

එවරටිස් බෙ ස් කැ මිප් එක දක්වා ම ගියා . එ තරමි එ රූ ප රා මු රසවත්.. මට මතකයි එවරටිස් යන්න

සති දෙ ක තුනකට කලින් ඔහු මට කෙ ටි පනිවිඩයක් එවා තිබුණා මම එවරටිස් යනවා කියලා .. එදා

ඉදන් ඔහු එවරටිස් බෙ ස් කැ මිප් දක්වා යන තෙ න්ම මගේ youtube updates තිබුණේ එවරටිස් විඩියෝ

විතරමයි..

*ආයු බො හො වෙි වා දිනේ ෂ්! මුලින්ම මම මෙ හෙ ම අහන්නමි, ඇත්තටම දිනේ ෂ් කියන්නේ කවුද?

මො නවගේ කෙ නෙ ක්ද?

සො බා දහම එක්ක නිදහසේ ජීවිතය විදින සරල මනුස්සයෙ ක්.

* youtube චැ නල් එකක් පටන්ගන්න ඔින කියලා හිතුනේ කො යි කා ලෙ ද? මං ඔබෙි මුල්ම කෙ ටි video

එකත් නැ රඹුව කෙ නෙ ක් එ නිසා මෙ හෙ ම අහන්නේ ,එ කා ලේ video කරන්න බා විතා කලේ මො කක්ද ?

මම පො ඩි කා ලෙ ඉදන් සං චා රය කරනවා අම්මා සහ තා ත්තා එක්ක. පුං චි කා ලෙ අම්මගෙ ගමේ , ඒ

කියන්නෙ කෑ ගල්ලේ ගියා ම ගො ඩක් තැ න් වල ඒ දෙ න්නා අපිව එක්කන් යනවා . මම හිතන්නේ

සං චා රය කරන එක ගැ න දැ නෙ න්න හිතෙ න්න ගන්න ඇත්තේ ඒ කා ලෙ ලැ බුනු අත්දැ කීම් නිසා . මම

තනියම සං චා රය කරන්න පටන් ගන්නේ උසස් පෙ ළ ඉවර උනා ට පස්සෙ , ඉතිං එහෙ ම යද්දි කරපු පුං චි

පුං චි වීඩියෝ එකතු කරලා යූ ටියුබ් එකට දැ ම්මා මතකයන් එකතුවක් විදිහට. කා ලයක් යද්දි තමා ඒ

මතක එකතු කිරිල්ල මේ තැ නට ආවේ . ඇත්තටම හැ මෝ ම වගේ ජං ගම දුරකථනයේ කැ මරා වෙ න්.

* ඔබගේ රූ ප රා මු වල මම දැ ක්ක විශේ ෂම දේ තමයි මෙි සො බා දහම ගැ න ඔබ කරන වර්ණනා ව.

කෙ නෙ කුට හදවතට දැ නෙ න්න කො හො මද ඔහො ම කතා කරන්නේ ? විශේ ෂයෙ න් විස්තර මතකේ

තියා ගෙ න?

ඒ වෙ ලා වට දැ නෙ න හිතෙ න දේ එහෙ ම්ම කියා ගෙ න යනවා . ඒ ඒ තැ න් වල විස්තර නම් යන්න කලින්

හො යලා බලනවා . ඒක හරි ආස හිතෙ න වැ ඩක්. කදු වල නම් එහෙ ම නම් දැ න් ටිකක් මතකයි ගිහින්

ගිහින්ම. කො හො ම උනත් සො බා දහම කියන්නෙ අපිට වර්ණනා කරලා ඉවර කරන්න බැ රි තරමේ

සො දුරු සහ පුදුම සහගත දෙ යක්.

*මුල්ම camping අත්දැ කීම ගැ න කිවුවො ත්? අමතක නො වන සිදුවීමි වෙ ලා නැ ද්ද? සත්තුන්ගෙ න්

එහෙ ම?

වතුර නැ ති වෙ ච්ච අවස්ථා එහෙ ම එමටයි. එහෙ ම දවස් වලට රෑ පින්නෙ න් කැ න්වස් රෙ දි වලට වතුර

එකතු කරගෙ න බීලා තියෙ නවා . සර්පයන් අලි ඇත්තු මුන ගැ හිලා තියෙ නවා . කො හො ම උනත් මේ

වෙ නකම් කරදරයක් අකරතැ බ්බයක් නම් වෙ ලා නෑ . තව අමතක නො වෙ න දෙ යක් තමයි එවරස්ට්

බේ ස් කෑ ම්ප් යද්දි ඉහලට ගමන් කරනකො ට ඔක්සිජන් අඩු කම අපිට දැ නුන විදිහ.

*මෙි දවස්වල කවුරු ත් කතා වෙ න නරඹන evarest bess camp දක්වා ඔබ ගිය ගමන අපටත් අමතක

නො වන රූ ප රා මු පෙ ලක්… ඉතිං මෙි ගමන යන්න කො යිතරමි මුදලක් වැ ය උනා ද? මං එහෙ ම ඇහුවෙි

බො හො දෙ නෙ ක් ඔබෙ න් අසන පැ නයක් නිසා

ඇත්තටම ලක්ෂ 10/12 ක් වගේ ගියා එක්කෙ නෙ ක්ට. හැ බැ යි මේ අපි ගෙ නියපු ඇදුම්, පැ ලදුම් වලට

සහ ඉන්ෂුවරන්ස් වලට අමතරව. ඇදුම් සහ සපත්තු ගන්නත් ඉං දියා වට යන්න උනා ලං කා වෙ න් හො යා

ගන්න නො තිබුනු නිසා .

* පො ඩි පුද්ගලික ප්රශ්නයක් , මං දැ නගන්න කැ මතියි ඔබෙි සහො දරයා ගැ න.. මල්ලිගෙ පිස්සුවම

තියන අයියෙ ක් කියන්නේ ලෝ කයක්.. ඉතිං තමන්ගේ අයියා ගැ න කිවුවො ත් EBC ගමනේ දි ඔහුගෙ න්

ලැ බුණු සහා යො ගය කො හො මද ?

තනියම යන එකට වඩා දෙ න්නෙ ක් හෝ කං ඩා යමක් යන එක ඕනෑ ම ගමනක් සා ර්ථක කරගන්න

බලපා නවා . ඊටත් වඩා තමන් ගැ න දන්න කෙ නෙ ක් එක්ක යන එක සහ තමන්ගේ භා ෂා ව කතා කරන

කෙ නෙ ක් එක්ක යන එක විදෙ ස් කදු නැ ගීම් වලදී ගො ඩා ක් වැ දගත් වෙ නවා . මො කද එකට කදු නැ ග්ග

කෙ නෙ ක් දන්නවා අනිත් කෙ නා ගේ හැ සීරීම ගැ න හො දට. මේ වගේ ගමන් වලදී ඒක ගො ඩක් වැ දගත්.

කො හො ම උනත් “සා ගර පීරිස්” ඒ කියන්නෙ මගේ අයියා මේ ගමනේ මුල ඉදන් අවසා න වෙ නකම්ම

නො වෙ නස්ව උදව් කරා ගමන සා ර්ථක කරගන්න.

*ආය එහෙ යනවද? අදහසක් නැ ද්ද අපිව පිස්සු වටිටපු එ කන්ද අමා ඩබිලමි නගින්න ?

ඒක නම් අනිවා ර්යයෙ න්ම යන්න හිතා ගෙ න ඉන්න තැ නක්. ඒ වගේ ම තව කන්දක් තියෙ නවා ලෝ කේ

තවත් රටක. මේ දෙ කෙ න් එකකට අනිවා ර්යයෙ න් ලබන අවුරු ද්ද ඉවර වෙ න්න කලින් යන්න තමා

සැ ළසුම් කරගෙ න ඉන්නේ . කො හො ම උනත් අපි ඉන්නෙ පුං චි ලස්සන රටක. කදු නගින එකට ඇගේ

හයිය විතරක් මදි. ඉතිං ඒකට අවශ්ය පසුබිම නිර්මා ණය කරගත්ත ගමන් ආයෙ ත් මම නේ පා ල් හෝ

අනෙ ක් රටට යනවා මීලග කදු තරණයට.

* එවරටිස් යන්න ආසා වෙ න් ඉන්න කෙ නෙ ක්ට ඔබට මො නවද කියන්න තියෙ න්නේ ? ඔබ ලැ බු

අත්දැ කීමි එක්ක?

බලා පො රො ත්තුවක් තියා ගන්න දවසක අනිවා ර්යයෙ න්ම ඒ දේ කරන්න පුළුවන්. ලං කා වේ කදු

නගින්න කැ මති හැ ම කෙ නෙ ක්ටම ඒ ඉසව්වට යන්න ලැ බෙ න්න කියලා ප්රා ර්ථනා කරනවා .

*අවසා න වශයෙ න් ලං කා වෙි අපේ සං චා රකයන්ට hiking camping සමිබන්දව දෙ න්න තියන පනිවිඩය

මො කක්ද

සීතල හුලග එක්ක, කුරු ල්ලන්ගෙ නා දයන් එක්ක, දිය ඇලි වල, කදු මුදුන් වල, හිරු ත් එක්ක ලෝ කය

දැ ක්ක මිනිස්සු බො හො ම සන්සුන්. සො බා දහම විදින්න. සො බා දහම එක්ක රැ දෙ න්න. මිනිස්සු හැ මෝ ම

සො බා දහමට ආදරය කරන්න ගත්ත දවසක සො බා දහම රැ කෙ යි මීටත් වඩා හො දින් සහ පරිස්සමෙ න්

අද මෙ න්ම මතු අනා ගතයටත්.

ඉතිං බෙ හෙ වින් ස්තුතියි ඔබට දිනේ ෂ්, ප්ර්ර්ථනා කරනවා තව තවත් ලො කේ සුන්දර බො හො තැ න්

සො යා ගෙ න යන්න වා සනා ව ශක්තිය ධෛ ර්යය ලැ බෙි වා කියලා …

එ වගේ ම ආදරයෙ න් මතක් කරනවා DAPගෙ හෙ වනැ ල්ල ලො කු පිරිස් (සා ගර පිරිස්)වත් මෙි වෙ ලා වෙි .

තා මත් ඔබ මො හුගේ සං චා රයන් රසවිද නැ ත්නමි ඔහුගේ youtube නා ලිකා ව වන Dinesh A Pathum

youtube නා ලිකා ව ඔස්සේ රසවිදින්න කියලා මම ඔබට ආරා ධනා කරන ගමන් සමුගන්නවා , කන්දකදි

හමුවෙ මු…

නිසං සලා රණසිං හ

2024-07-07

බර්මින්හැම් පුරවරය බොදු බැතියෙන් සුවඳවත් කළ මහා උපසම්පදා මංගල්‍යය…….

බර්මින්හැම් පුරවරයේ සුන්දර පෙදෙසක පිහිටි වට් මහතත් කිංග්ස් බ්‍රොම්ලි (Wat Mahatat Kings Bromley) විහාරයේ දී පසුගිය ජූනි 16 වෙනිදා ඉරිදා පැවැත්වුණු ඉතාමත් ශාන්ත එමෙන්ම අතිශය උත්කර්ෂවත් උපසම්පදා විනය කර්මෝත්සවයේ දී ලන්ඩන් බෞද්ධ විහාරවාසී පූජ්‍ය සුඛිතමනෝ හිමියන්ගේ අධ්‍යාත්මික ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් උන්වහන්සේ තම පැවිදි උපසම්පදාව ලබා  ගන්නට යෙදුණි.

මේ උතුම් වූ උපසම්පදා උත්සවය එක්සත් රාජධානිය පුරා විසිර සිටින ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායට අයත් ශ්‍රී ලාංකික සහ තායි භික්ෂූන් වහන්සේලා විසි නමක්  ඇතුළු සියයකට අධික සැදැහැවත් ශ්‍රී ලාංකික, තායිසහ බ්‍රිතාන්‍ය ගිහි ප්‍රජාවක් සහභාගි වූ අතිශය දුර්ලභ හා පුණ්‍යවන්ත අවස්ථාවක් විය. 

බෞද්ධ ඉගැන්වීම් සහ පිළිවෙත් මනාව පිළිබිඹු කරන චරිතයකින් යුක්ත පූජ්‍ය සුඛිතමනෝ හිමියන්ගේ මේ උපසම්පදා විනය කර්මෝත්සවය පැවැත්වුණේ  මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමිපාණන්ගේ සහ ලන්ඩන් නුවර බුද්ධපදීප විහාරාධිපති සහ බර්මින්හැම්හි වට් මහතත් කිංග්ස් බ්‍රොම්ලි විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය ෆ්‍රමහා ලෝව් පඤ්ඤාසිරි නාහිමිපාණන් වහන්සේ යන දෙපළගේ ප්‍රධානත්වයෙනි. 

එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සහ බැංකු යන ක්ෂේත්‍රවල සාර්ථක වෘත්තීය ජීවිතයක් නිම කරමින් පැවිදි දිවිය ඇරඹූ පූජ්‍ය සුඛිතමනෝ හිමියන්, කාඩිෆ්හි කීර්තිමත් වේල්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ පශ්චාත්උපාධිධාරියෙකු මෙන්ම බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සාමාජිකයෙකු ද වෙයි. පැවිදි බිමට ඇතුළත් වීමට උන්වහන්සේ ගත් තීරණය සත්‍ය ගවේෂණය හා විමුක්තිය මුල් කර ගත් අතිශය ගැඹුරු හා අධ්‍යාත්මික තොරා ගැනීමකි.

2022 වසරේ සිට සුඛිතමනෝ හිමියන් ලන්ඩන් බෞද්ධ විහාරයේ වාසය කරමින් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම සූත්‍ර සාකච්ඡා පන්ති සහ භාවනා වැඩසටහන් පැවැත්වීමේ කාර්යයෙහි ප්‍රමුඛව මෙන්ම සක්‍රීයව නියැලී සිටින සේක. මෙලෙස උන්වහන්සේගේ ආගමනයත් උන්වහන්සේටම ආවේනික ඉගැන්වීම් රටාවත් එක්සත් රාජධානියේ බෞද්ධ ප්‍රජාවට තම අධ්‍යාත්මක ජීවිතය ත්‍රිපිටක සූත්‍ර දේශනා සහ භාවනාව ඇසුරෙන් සකස් කර ගැනීමට ඉමහත් රුකුලක් වී ඇති බව ඔවුන්ගේ අදහසයි. 

2023 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියාවේ Bhavana Society සහ නිව් යෝර්ක්හි Chuang Yen Monastery යන ආරමවලට වැඩම කරමින් අතිපූජ්‍ය හේනේපොල ගුණරතන සහ භික්ඛුබෝධි යන අතිගෞරවනීය ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේ දෙනමගේ මඟපෙන්වීම යටතේ වැඩිදුර පුහුණුව ලබා ගැනීමේ අතිශය දුර්ලභ අවස්ථව සුඛිතමනෝ හිමියන්ට ලැබිණි.

පූජ්‍ය සුඛිතමනෝ හිමියන් පූර්ණ ලෙස පැවිදි වූ භික්ෂු සංඝයට විධිමත්ව ප්‍රවේශය වීම සංකේතවත් කරන මේ අතිශය උත්කර්ෂවත්ව චාරිත්‍රානුකූලව පැවැත්වුණු මේ උපසම්පදා උත්සවයට සහභාගි වූ භික්ෂූන් වහන්සේලාට අටපිරිකර දහවල් දානය සහ අටපිරිකර පූජා කිරීම් ආදී කටයුතුවල ගිහි බැතිමත්හු නිරත වූහ.

එමෙන්ම මෙම උපසම්පදා උත්සවයට එක්සත් රාජධානියේ නන් දෙසින් වැඩමවා වදාල ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලාගේ සහ ගිහි බැතිමතුන්ගේ උද්‍යෝගිමත් සහභාගිත්වය එක්සත් රාජධානියේ ථෙරවාදී බෞද්ධ ප්‍රජාවේ ශක්තිය හා ප්‍රබෝධය මනාව පිළිඹිබු කළ අවස්ථාවක් විය.

-ආචාර්ය දුලිප් හේරත්, බ්‍රිස්බේන්, ඔස්ට්‍රේලියාවේ සිට

2024-07-05

අලුත් පරපුරේ නැඟීඑන ලන්ඩන් තරුව 

මාදී කරුණාරත්න

ඇය..ආ..මග. මාදී කරුණාරත්න වන ඇය අද  අපි ඉදිරියේ.. 

ආයුබෝවන් මාදි. ! 

කොහොමද ඉතින් මෙවර ලන්ඩනයේ පැවති ගායන තරඟාවලියේ කිරුළ හිමිකරගත් ආකර්ශණීයම ගායිකාව ඔබයි..

කොහොමද ඔබේ ඒ ගමන්මග…?

මම ලංකාවෙ දිත් කුඩා අවදියේ සිටම ගීත ගායනයට යොමුවෙලා හිටියෙ . මගේ තාත්තා හොඳ ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක් . අපේ පවුලෙ හතරදෙනයි තාත්තා අම්මා අක්කා මම. අක්කත් ගායනයට ඉතාම දක්ශයි.  අපි දෙන්නගෙම ගුරුපියා නන්දසේන කටුවාවල මහතායි. අපි දෙන්නයි අම්මා තාත්තා හරිම සුන්දර ජීවිතයක් ගතකලේ . හැමදේම අපිට තිබුනා. ඔහොම කල්ගෙවෙද්දි අපි පාසැලේ ජනප්‍රියම ශිෂ්‍යාවන් උනේ කලා කටයුතුවලදි පෙරමුණේ සිටිනිසා. එක්දිනක් අපේ පාසැලේ ටෙලිනාට්‍යයක් රූප

ගතකරන්න ආවා. ඒ ජාතිකරූපවාහිණියේ විකාශනය වූ විමලරත්න අධිකාරී මහතාගෙ  ” ඉවුරුපාලම් ” ටෙලිනාට්‍යයයි. එම නාට්‍යයේ රඟපාන්න අක්කටත් මටත් අවස්ථාව ලැබුනා.

අපි දන්නෙ නෑනේ මාදි ඔයා ටෙලිනාට්‍යවල රඟපාපු බවක්…?

ඔව් මම ටෙලිනාට්‍ය කීපයකම රඟපෑවා. මුලින්ම මම රඟපෑවෙ අනුර චන්ද්‍රසිරි මහතාගෙ ඒකාංගික නාට්‍යයක ප්‍රධාන චරිතය ..ඊටපස්සෙ ” පාවෙනසරුංගල් ” ” මැණික් මාලිගා ” ” මිහිදුම් සෙවනැලි ” කරුණාරත්න දිවුල්ගනේ මහතාගෙ මගේ පෙම්ලොව.. සිහසුන්දරා…ගීතයේ රූපරචනාවටත් පෙනීසිටියා.

මේ හැම දෙයක්ම මම කලේ ඉගෙනීම කරනගමන් වැඩිදුර අධ්‍යාපනය සඳහා මට ජයවර්දනපුර සරසවියට යන්න වරම් ලැබීමත් සමඟ බාහිර කටයුතු සියල්ල නතර කරන්න සිදු උනා. ව්‍යාපාර අධ්‍යනය විශයතෝරගෙන එය හදාරමින් සිටින

අතර තමයි ..දෙරණ ඩ්‍රීම්ස්ටාර්  තරඟයටත් සිරස සුපර්ස්ටාර් තරඟයටත් යොමු උනේ මේ අතරතුර තමයි ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ රැකියාව මටලැබුනෙ, එයත් වැඩිකලක් කරන්න

ලැබුනෙ නෑ .තාත්තා මාව වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට එව්වා. මෙහි විද්‍යාලයක ඉගෙනීම කරමින්

සිටින අතරතුර එම විද්‍යාලයේම රැකියාවත් මට ලැබුනා.

මෙතෙක් මා ආ මග මේදක්වා මෙලෙසයි.

 ජීවිතය සොඳුරු වගේම අඳුරුවූ එක් සිදුවීමක් තමයි මගේ

ආදරණීය මෑණියන්ගේ වියෝව. අපි තිදෙනාගෙන් ඇය වෙන් උනා. මේ වනවිට මගේ අක්කාත් ඇයගේ ස්වාමියා දරුවන් සමඟ එංගලන්තයේම පදිංචිව සිටින නිසා මගේ අම්මා නැති අඩුව නොදැනෙන තරම් සෙනෙහසක් ඇයගෙන් මට ලැබෙනවා. සුපර්ස්ටා තරඟයේදි මම ගායනා කල සුජාතා අත්තනායක මහත්මියගෙ, ගංතීරේ ගංගාවේ ගීතය අහපු හැමෝම වගේ මට මගේම ගීතයක් කරන්න කිව්වා. යමුනා මාලනී මහත්මිය ලියූ ගීතයක් රෝහණ,වීරසිංහයන් සංගීතවත්කරලා පටිගත කලා. ඔය අතරම නවරත්න ගමගේ මහතා ගීත දෙකක් මා වෙනුවෙන් පටිගත කලා.. මේ හැමදෙයක්ම කරමින් සිටියදීම තමයි මට සියල්ල දාල

එංගලන්තෙට එන්න උනේ ….මගේ ඊලඟ බලාපොරොත්තුව

ඉක්මනින්ම ලංකාවට ගිහිල්ල ස්වර්ණවාහිණියේ සඟා ගුරුගේ කියන ප්‍රවීණයා ලවා,ගීතයක් කරගන්න එක . මේ වනවිට ඒ සම්බන්දව සාකච්ඡා කරගෙන තියෙන්නෙ. ඔහුලවාම රූපරචනාවත් කරගෙන නැවත ලන්ඩන්වලට එන්න.

අවසාන වශයෙන් මොනාද කියන්න තියන්නෙ .

” අපිමැගසින් ”  නම් ජාත්‍යාන්තර සංගරාවේ සම්පාදක වරයෙකුවූ ගයාන් කරුණාරත්න මහතාගෙන් මාහට ලැබෙන්නාවූ මේ සහයයෝගයට හදපිරි ස්තුතිය..මා පුදකරසිටින්නේ ප්‍රණාමයෙන්..!

2024-07-03

Mr. Prime Minister 

පසුගිය ජූලි 4 වෙනිදා පැවැත්වූ බ්‍රිතාන්‍යය මහ මැතිවරණය අවසන් වූයේ මේ දක්වා වසර 14 ක් බ්‍රිතාන්‍යය පාලනය කල කොන්සර්වේටිව් ආණ්ඩුවේ පාලනය අවසන් කරමින්, දැවැන්ත බහුතරයක් සහිතව කම්කරු පක්ෂය බලයට පත්කරමින්. මැතිවරණ ව්‍යාපාරය මුල සිටම කොන්සර්වේටිව් පක්ෂය පරාජය වන බව පෙනෙන්නට තිබුනද මෙතරම් දුරට හෝදා යාමක් කිසිවෙකු බලාපොරොත්තු නොවෙන්නට ඇති.

ලැබී තිබූ මැතිවරණ ප්‍රථිපල අනුව කම්කරු පක්ෂයට බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ ආසන 650 න් ආසල 412 ක් තරම් දැවැන්ත ජයග්‍රහණයක් හිමිවූ අතර ඒ අනුව බ්‍රිතාන්‍යයේ 58 වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබුවේ කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කීර් ස්ටාමර්. සම්ප්‍රදාය අනුව වැඩිම ආසන ලබාගත් පක්ෂයේ නායකයා ලෙස ඔහු 5 වන සිකුරාදා පෙරවරුවේ බකිංහැම් මාලිගයේදී III වන චාල්ස් රජු මුණගැසුණු අතර එහිදී රජතුමා විසින් කීර් ස්ටාමර්ට නව රජය පිහිටුවන ලෙස ආරාධනා කරනු ලැබුවා.

ශ්‍රිමත් කීර් ස්ටාමර් 1962 වසරේදී එංගලන්තයේ සරේ ප්‍රදේශයේදී උපත ලැබූ අතර මේ වන විට 61 වන වියෙහි පසුවනවා. ස්ටාමර්, Reigate Grammar පාසලෙන් මූලික අධ්‍යාපනයත් පසුව ලීඩ්ස් විශ්ව විද්‍යාලයෙන් සහ ලෝකයේ ඉහළම විශ්ව විද්‍යාලයක් වන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත් හැදෑරූ කීර් ස්ටාමර් නීතිඥවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරනවා. බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය පවුලක පුද්ගලයෙක් වූ  ඔහුගේ පියා උපකරණ සාදන්නෙකු ලෙසත් මව හෙදියක් ලෙසත් සේවය කර තිබේ. මැතිවරණ ව්‍යාපාරය පුරාම තමා “වැඩකරන පවුලකින් පැවත එන පුද්ගලයෙකු” ලෙස හැඳින්වීමට ස්ටාමර් කටයුතු කලේ එබැවිනි.

1987 වසරේදී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් කීර් ස්ටාමර් මානව හිමිකම් පිලිබඳ විශේෂඥයෙකු ලෙස කීර්තියට පත් උනා. මානව හිමිකම් නීතිඥයෙකු ලෙස පසුව කැරබියන් දූපත් හා අප්‍රිකානු රටවල් බලා ගිය කීර් එහිදී මරණ දඬුවම් හිමිවූ සිරකරුවන් වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. නැවත 2008 වසරේදී එංගලන්තයේ හා වේල්සයේ මහජන නඩු පැවරීමේ අධ්‍යක්ෂවරයා හෙවත් නීතිපති තනතුරට සමාන තනතුරකට පත්වන අතර ක්‍රියාකාරී දේශපාලනයට පත්වන තෙක් ඔහු එම තනතුර හොබවනු ලැබුවා.

කීර් ස්ටාමර් මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 2015 වසරේදීය. ඒ ලන්ඩනයේ Holborn and St Pancras ඡන්ද කොඨාසය නියෝජනය කරමිනි. එතැන් පටන් මෙවර මැතිවරණය ඇතුළු පිට පිට මැතිවරණ තුනකදී සිය අසුන ජයග්‍රහණය කිරීමට ස්ටාමර් සමත් උනා. 2019 මහ මැතිවරණයේදී කම්කරු පක්ෂය ලැබූ අමිහිරි පරාජයත් සමඟ එවකට පක්ෂ නායකත්වය දැරූ ජෙරමි කෝබින් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමත් සමඟ ස්ටාමර් එම පක්ෂයේ නායකත්වයට පත් වෙනවා. එතැන් පටන් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය ලෙසත් විපක්ෂ නායකයා ලෙසත් පක්ෂය ජයග්‍රහණය සඳහා මෙහෙයවන්නට කීර් ස්ටාමර් සමත් වෙනවා.

බ්‍රිතාන්‍යයේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස සිකුරාදා පෙරවරුවේම සුප්‍රසිද්ධ ඩව්නින් වීදියේ නොම්බර 10 නිවසට ඇතුළු වූ කීර් ස්ටාමර් එතැන් පටන් නොනැවතී සිය අග්‍රාමාත්‍යධූරයේ රාජකාරි ආරම්භ කලා. සිය ප්‍රථම කාර්‍ය්ය ලෙස බ්‍රිතාන්‍යයේ නව කැබිනට් මණ්ඩලය තෝරාපත් කර ගත් අග්‍රාමාත්‍යවරයා සිය රජයේ ප්‍රබලතම අමාත්‍යධුරය වන මුදල් අමාත්‍යධුරය බ්‍රිතාන්‍යය ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තාවකට ලබා දී තිබුනා.

කීර් ස්ටාමර් පාර්ලිමේන්තුවට තේරීපත් වූ පසුව කිසිම දිනයක රජයේ අමාත්‍යවරයෙකු හෝ ආණ්ඩු පක්ෂය නියෝජනය කර නොතිබූ අතර විපක්ෂනායකධූරයේ සිට කෙලින්ම අග්‍රාමාත්‍යධුරය දක්වා උසස්වීම් ලැබුවා. මැතිවරණ ව්‍යාපාරය පුරාවටම ඔහු විසින් ජනතාවට පොරොන්දු රැසක් ලබාදුන් අතර එම පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කිරීම කීර් ස්ටාමර්ගේ වගකීම වනු ඇති. නව රජය සහ අග්‍රාමාත්‍යවරයාගේ සාර්ථක අසාර්ථකභාවය පිලිබඳව දැන්ම තියා අනාවැකි පලකල නොහැකි අතර ‘අපි’ ඔහුට සුබපැතුම් පිරිනමමින් නව රජයේ කාර්‍ය්භාරය පිලිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටිමු.

තිලාන් ජයසේකර 

24-06-19

ඔබට ආදරෙයි නම්….

ඔයා එක වරකට එක වැඩකට වඩා කරන කෙනෙක්ද? හරියට මේ වගේ. දුරකතනයට සවන්දෙන අතර තේ එකක් හදන, බබාගෙ කොන්ඩෙ පීරන ගමන් එයාගෙ හවස පන්ති ගැන අහන, දවසෙම වැඩ ටික කරලා පොඩි නින්දක් දාන්න ඇඳට ගියත් නින්ද යනකං රෑට හදන කෑම වේල ගැන වදවෙන, තේ එකක් කෝපි එකක් බොන අතරවාරෙ ගෙදරට උවමනා අඩුම කුඩුම ගැන හිතන?? එහෙමත් නැත්නම් ⁣ගෙදර අය සමග ගතකරන පොඩි විවේකයකදි හරි තම රැකියාව හෝ ව්‍යාපාරය ගැන හිතන‍‍, අතපසුවු හෝ ඉදිරියට කල යුතු දෑ සමග හිතින් දුර ගමන් යන??

මේ කියන ධර්මතාව අපි හැමෝටම පොදු කාරණාවක්. වෙනසකට තියෙන්නේ ඒ ඒ පුද්ගලයා මේ කියන කාරණාව සම්බන්ධයෙන් කොපමණ කාලයක් වැය කරනවාද යන්නයි. 

කොහොම උනත් අපි හැම කෙනෙකුටම තියෙන්නේ දවසකට එකම පැය විසිහතරයි, ඒක ඇත්ත. වෙනස් වෙනස් ඔරලෝසු වලින් වෙලාව බැලුවට හැම කෙනාගෙම එක දවසක් කියන්නේ එක පැය විසිහතරක්.. කාල කළමනාකරණය ගැනවත් දවස සැලැසුම් කරන එක ගැනවත් නෙවෙයි මේ කියන්න උත්සහ කරන්නේ. ඔයාට පහසු ඕනෑම විදියකට, අවශ්‍යතාවට ගැලපෙන්න ඔයාගෙ සැලසුම ඔයාට හදාගන්න පුලුවන්. සමහර අය ඒක ⁣සටහනක් ලෙස ලියනවා, ජංගම දුරකතනයේ සිහි කැඳවීමක් ලෙස පවත්වාගෙන යනවා‍.තවත් කෙනෙක් මේ මුකුත්ම නැතුව එදා යෙදෙන විදියට වැඩ ටික පෙලගස්ස ගන්නවා.

කොයි කොහොම උනත්, සැලසුම් කොච්චර ලොකු පොඩි උනත්, ඔයා මොන සමාජ තලයක ජීවත් උනත් ‍, කොටින්ම ස්ත්‍රී පුරුෂභාවය කුමක් උනත් ‍, ඒ හැම දෛනික සැලැස්මක් ඇතුළෙම ඔයා වෙනුවෙන් නිවී සැනසිල්ලෙ ගත කරන්න පුලුවන් කාල පරාසයක් වෙන් කරගන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරන්නයි අද නං හිතුවේ. අභියෝගක් තමයි . අලුත් අත්දැකීමක් වෙන්නත් බැරි නෑ. ඒත් ඒක අවශ්‍යතාවක් කරගමු. දුර ගමනක කෙලවර පොඩි හරි අස්වැසිල්ලක් තිබිය යුතුමයි. බාහිර ලෝකයත් සමග කල ගන්දෙනුවල නිමාවක් දකින ඇසිල්ලක තමාට තමා සමග සංවාදයක් කිරීමට කාලයක්  තිබිය යුතුමයි. තමා සමග සතුටු වෙන්න ‍, දුක් වෙන්න‍, අගය කරන්න‍, තර්ක කරන්න වගේම‍, තමාට සැබැවින්ම අවැසි දේ තෝරා බේරා ගන්නට දවසේ කාලයක් වෙන් විය යුතුමයි. 

බොහෝ වේලාවට දවස අවසන් කිරීමට මේ ක්‍රමය යොදා ගන්නට හැකි නම් එය වඩාත් ප්‍රායෝගික මෙන්ම ඵලදායි උත්සාහයක් වනු නොඅනුමානයි. මොකද තමාට ආදරය කිරීම තුළ ලබන මානසික සුවය‍, තමා සමග සිටින අයට ඍජුව හෝ වක්‍රව ලබා දෙන්⁣නෙත්  සැනසිලිදායක අවකාශයක් නිසා. අනිත් අතට ඔයාගෙ ආදරණීයන්ට වගේම ඔයාගෙ ආදරේ ඔයාගෙම හිතටත් ගතටත් උවමනා බව අමතක කරන්න හොඳ නැති නිසා.

දිමුතු

24-06-17

Content Writing වලින් ආදායමක් ලබමු

Content Writing  හෙවත් “අන්තර්ගත ලිවීම” යනු අලෙවිකරණය, අධ්‍යාපනය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ අරමුණු සඳහා ලිඛිත අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ ප්‍රකාශනය කිරීමේ ක්‍රියාවලියයි. 

      ඔබ Content Writer කෙනෙක් වශයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන්නේ නම්,  මාතෘකා පර්යේෂණ කිරීමට, පැහැදිලි හා සංක්ෂිප්ත ශෛලියකින් ලිවීමට සහ ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස දෝෂ සඳහා ඔවුන්ගේ වැඩ සංස්කරණය කිරීමට හැකි විය යුතුය.

              නිදහස් ලිවීම ගිග් ආර්ථිකයේ සැලකිය යුතු බලවේගයක් ලෙස මතු වී ඇති අතර, නම්‍යශීලී බව, ස්වාධීනත්වය සහ මාර්ගගතව සහ නොබැඳිව මුදල් ඉපයීමේ මාර්ගයන් සලාසෙ දෙයි.  ව්‍යාපාර සහ පුද්ගලයන් නිරතුරුවම ගුණාත්මක අන්තර්ගතයන් සොයන නිසා, දක්ෂ ලේඛකයින් සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතී. බොහෝ දෙනෙකුට, නිදහස් ලිවීමේ ආකර්ෂණය පවතින්නේ ඔබේ පුද්ගලික අවශ්‍යතා සමඟ ගැලපෙන ව්‍යාපෘති තෝරා ගැනීමේ නිදහස සහ ලෝකයේ ඕනෑම තැනක සිට වැඩ කිරීමේ හැකියාවයි.

         ඔබ ඔබේ ආදායමට අතිරේකව, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පූර්ණ කාලීන වෘත්තියක් කිරීමට බලාපොරොත්තු වන්නේද, නිදහස් ලේඛකයෙකු ලෙස මුදල් උපයන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම සඳහා ඔබේ ආශාව ලාභයක් බවට පත් කිරීම පළමු පියවරයි.

නිදහස් ලේඛකයෙකු ලෙස මුදල් උපයන්නේ කෙසේද? 

             ඔබේ ව්‍යාපාරය ඵලදායී ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා, නිදහස් වෙබ් අඩවියක් තිබීම අවශ්‍යම කරණකි. අනාගත ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා කැපවූ වේදිකාවක් මත හෝ මාර්ගගත ක්‍රමයක්  හරහා ඔබේ කාර්යය ප්‍රදර්ශනය කිරීම ඉතා වැදගත් වේ.

          නිදහස් ලේඛකයකු ලෙස මුදල් ඉපැයීමේදී ඔබට විශේෂිත ප්‍රවීණතා කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වන අතර  ඔබ ලිවීමේ කුසලතාව විශේෂීකරණය කරන්නෙකු විය යුතුය. මෙම විශේෂීකරණය ඔබගේ අධිකාරිය ස්ථාපිත කරයි.  ඉලක්කගත රැකියා සොයා ගැනීමේ අවස්ථා වැඩි කිරීම සහ ඉහළ අනුපාත, වෙළඳපල ඉල්ලුම සහ පුද්ගලික ආශාවන් සමඟ සමපාත වූ නිකේතනයක් හඳුනා ගැනීම, නිදහස් ලිවීමේ භූමිකාවේ සාර්ථකත්වය සඳහා ප්‍රධාන වේ.

                හොඳ අන්තර්ගත ලේඛකයෙකු වීමට “වචන සැකසීමට” වඩා වැඩි යමක් අවශ්‍ය වේ. 

     ඔබ නිදහස් ලේඛකයෙකු හෝ ඔබ ඔබේම බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්නේ නම්, එය ඔබ අවම වශයෙන් ලිවීමේ මූලික කරුණු දැන සිටිය යුතුය: මූලික ව්‍යාකරණ, වාක්‍ය සම්පාදනය කරන ආකාරය සහ ලිපියක ව්‍යුහය (හැඳින්වීම, ශරීරය, නිගමනය).  

     ඔබ අන්තර්ගත ලිවීමේ කුසලතාවන්හි මෙම “කුළුණු” වර්ධනය කිරීමට හෝ වැඩිදියුණු කිරීමට කැමති නම්,  Strunk & White විසින් රචිත “The Elements of Style”ග්‍රන්ථය  මහත් පිටිවහලක්වනු ඇත. .

ඔබ නිර්මාණය කරන අන්තර්ගතයට ඔබේ අවසාන ඉලක්කය කරා ඔබව ගෙන යන අරමුණක් තිබිය යුතුය. මෙම අන්තර්ගතය පාඨකයන්ට මෙන්ම සෙවුම් යන්ත්‍ර සහ සමාජ මාධ්‍ය සඳහා හොඳින් අධ්‍යයනය කර, දක්ෂ ලෙස-ලිඛිතව, සහ ප්‍රශස්ත කළ යුතුය

      පූර්ණ කාලීන ආදායම් ලිවීමේ මාර්ගගත අන්තර්ගතයක් නිර්මාණය කරන්නේ කරගැනීමට

සහ පූර්ණ කාලීන අන්තර්ගත ලේඛකයෙකු වීමට අත්‍යවශ්‍ය කුසලතා ගැන අවධායන යොමු කරමු.

1. විශිෂ්ට ලිඛිත සන්නිවේදන කුසලතා

පළමුවෙන්ම සහ ප්‍රධාන වශයෙන්, ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය සහ වාක්‍ය ගොඩනැගීම පිළිබඳ මූලික අවබෝධයක් ඔබට තිබිය යුතුය. මෙය හොඳ ලිවීමේ පදනම පමණක් නොව, එය නොමැතිකම ඔබේ විශ්වසනීයත්වය අඩු කරයි.

2. සෝදුපත් කියවීම සහ සංස්කරණය කිරීමේ හැකියාව

ඔබේම වැඩ නිවැරදි කිරීමට සහ යාවත්කාලීන කිරීමට හැකිවීම හොඳ අන්තර්ගත ලේඛකයෙකු වීමේ කොටසකි.

ඔබ ලිපියක් ලිවීමෙන් පසු, කෙටි විවේකයක් ගෙන ඔබේ ලේඛකයාගේ තොප්පිය ගලවන්න. ඉන්පසු, නැවත වාඩි වී ඔබේ සංස්කාරක තොප්පිය පැළඳ ගන්න.

3. කතන්දර කීමට ඇති හැකියාව

අන්තර්ගත ලේඛක කුසලතා: 

කතාවක් කීම ව්‍යාකරණ, වචන තේරීම සහ අක්ෂර වින්‍යාසයෙන් ඔබ්බට ය. එය සංකීර්ණ මාතෘකාවක් බිඳ දැමීමට සහ ඔබේ පාඨකයන්ට සම්බන්ධ කිරීමට ඔබේම අත්දැකීම් සහ සංජානන භාවිතා කරයි.

විශිෂ්ට කතන්දරකරුවන්ට පාඨකයන්ට යමක් උගන්වමින් විනෝදාස්වාදය ලබා දීමට හැකි වන අතර සංක්ෂිප්තව සිටියදී හැඟීම් ඇති කළ හැකිය. ඔබේ අන්තර්ගත ලිවීමට (මාතෘකාව කුමක් වුවත්) කතන්දර ගෙතීමට ඔබ වඩාත් දක්ෂ වන තරමට ඔබේ අන්තර්ගතය වඩාත් ඵලදායී වනු ඇත.

4. පෞරුෂය

ඔබ සමඟ කිසියම් ආකාරයක සම්බන්ධයක් දැනීමට, මිනිසුන්ට තමන් කියවන්නේ ලිපි උත්පාදක යන්ත්‍රයක් නොව සත්‍ය පුද්ගලයෙකු විසින් ලියන ලද අන්තර්ගතයක් බව හැඟිය යුතුය (එය සැබෑ දෙයකි – සහ කෘත්‍රිම බුද්ධි තාක්‍ෂණයේ නැගීමත් සමඟ ඔවුන් වඩාත් කැපී පෙනේ. )

සැබෑ, සාපේක්ෂ කථා කීම ඔබේ පාඨකයන්ට ඔබෙන් ටිකක් පිරිනැමීම ඇතුළත් වේ. එය භයානක විය හැක, නමුත් ඔබ සියල්ල හෙළි කිරීමට අවශ්ය නොවේ.

5. පර්යේෂණ ප්‍රවීණතාවය

හොඳින් ලියා ඇති අන්තර්ගතයක් හොඳය, නමුත් හොඳින් පර්යේෂණ කළ අන්තර්ගතයක් ඊටත් වඩා හොඳය. සබැඳි අන්තර්ගතය සඳහා, ඔබේ තරඟකරුවන් නොකරන බවට ඔබ සපයන තීක්ෂ්ණ බුද්ධිය ඔබට ලබා දෙන අතර ඔබේ අන්තර්ගතයේ සාර්ථකත්වය සමඟ සෘජුව සම්බන්ධ වේ. ඒ අවබෝධය ලැබෙන්නේ පර්යේෂණවලිනි.

අන්තර්ගත ලේඛකයෙකු ලෙස, ඔබට විශ්වාසදායක වෙබ් අඩවි මොනවාද සහ ඔබ ලියන ස්ථානයේ ප්‍රමුඛ වන්නේ කුමන බ්ලොග්කරුවන් සහ බලපෑම් කරන්නන්දැයි සොයා ගැනීමට ඔබට හැකි විය යුතුය. මතක තබා ගන්න, ඔබේ අන්තර්ගතය ඔබේ තොරතුරු මූලාශ්‍ර තරම් හොඳ ය.

6. ඔබේ ඉලක්ක පාඨකයා පිළිබඳ දැනුම.

ඩිජිටල් ප්‍රවණතා හැරුණු විට, පාරිභෝගික මනාපයන් ද නිරන්තරයෙන් වෙනස් වේ. ඔබේ ඉලක්ක ජනවිකාසය හෘද ස්පන්දනයකදී ඔවුන්ගේ මනාපයන් වෙනස් කළ හැකිය; ඔවුන් අතර දැන් ජනප්‍රිය දෙයක් මාස කිහිපයකින් හෝ සති කිහිපයකින් පවා යල්පැන යා හැක.

ඔබට මෙම වෙනස්කම් සමඟ සම්බන්ධ වීමට නොහැකි නම්, ඔබේ අන්තර්ගතය ඒ සඳහා දුක් විඳිනු ඇත. ඔබ සැම විටම මෙන් ගුණාත්මක අන්තර්ගතයක් සපයන බවක් පෙනෙන්නට ඇත, නමුත් පාඨකයන් එය තවදුරටත් අදාළ නොවන බව සිතනු ඇති අතර එය කියවීම නවත්වනු ඇත 

හොඳ අන්තර්ගත රචකයෙකු නිරන්තරයෙන් වෙනස් වන වඩදිය සමඟ පරිණාමය වන අතර කිසි විටෙකත් ඔවුන්ගේ අන්තර්ගතයට දින නියම වීමට ඉඩ නොදේ.

7. සමාජ මාධ්‍ය දැනුම

සමාජ මාධ්‍ය අලෙවිකරණය යනු බොහෝ ව්‍යාපාර මේ දිනවල තම නිෂ්පාදන, සේවා සහ අන්තර්ගතය ප්‍රවර්ධනය කිරීම සඳහා යොමු වන දෙයකි.

8. අඛණ්ඩතාව

අන්තර්ගත අලෙවිකරණයේ සහ දේශීය වෙළඳ ප්‍රචාරණයේ වර්තමාන යුගයේ, විනිවිදභාවයෙන් සිටීම වෙන කවරදාටත් වඩා වැදගත් වේ.

මිනිසුන්ට විකිණීමෙන් වෙහෙසට පත් වී ඇති අතර, විකිණීම ගැන බොරු කීමෙන් ඔවුන් වෙහෙසට පත්ව සිටිති. ඔවුන් වැඩි සබැඳි අන්තර්ගතයන් දිරවන බැවින්, අනුග්‍රහය දක්වන පළ කිරීම් (එනම් අනුබද්ධ සබැඳි ප්‍රවර්ධනය කිරීම සඳහා සාදන ලද පළ කිරීම්) හඳුනා ගැනීමට පාරිභෝගිකයින් සැලකිය යුතු ලෙස හොඳ වී ඇත.

අවංක වීමට ඔබට කිසිවක් වැය නොවේ. ඔවුන්ගේ භාණ්ඩය හෝ සේවාව ගැන ලිවීමට සමාගමක් විසින් ඔබට ගෙවනු ලැබුවේ නම් ඔබේ ලිපිය තුළ සෑම විටම පැහැදිලිව සඳහන් කරන්න.

අනුග්‍රහය දැක්වීම පිළිබඳ සම්පූර්ණ හෙළිදරව් කිරීම්වලට අමතරව, ඔබේ අඛණ්ඩතාව 100% මුල් අන්තර්ගතය හරහා ප්‍රකාශ විය යුතුය.

          වර්තමානය වන විට Content Writing යන සංකල්පය බොහෝ දුරට ජනප්‍රිය වී ඇති අතර ඊට පවතින ඉල්ලුමද ඉහළ මට්ටමක පවතී.   නිර්මාණශීලී ලේඛනය මගින් මුදල් සෙවීමේ හැකියාවක් පවතින නිසා මෙම විෂය පිළිඹඳ හැදෑරීම වැදගත්ය. 

සටහන-:  මංගලා පවිත්‍රානි

24-06-15

ජීවිතය දිගේ ජීවත්වීම: හුදකලාව වැලඳ ගැනීම සහ ස්වයං-සොයාගැනීම

ජීවිතය යනු අප බොහෝ විට අන් අය සමඟ ගමන් කරන ගමනකි, නමුත් ජීවිතය ගත කිරීමේ විශාල වටිනාකමක් ද ඇත. හුදෙකලාව වැලඳගැනීමෙන් අපට අප, අපගේ සිතුවිලි සහ අපගේ ආශාවන් සැබෑ ලෙස දැනගැනීමට අවස්ථාව සැලසිය හැක. එය අප කලින් නොදැන සිටි සැඟවුණු ආශාවන්, සිහින සහ ශක්තීන් හෙළි කිරීමට ඉඩ සලසන ස්වයං-ආවර්ජනය සහ ස්වයං-සොයාගැනීමේ කාලයක් විය හැකිය.

ජීවිතය ගත කිරීම යනු තනිකම හෝ හුදකලා වීම නොවේ. එයින් අදහස් කරන්නේ ස්වාධීනව වර්ධනය වීමට, ඉගෙනීමට සහ දියුණු වීමට ඔබට ඉඩක් නිර්මාණය කිරීමයි. එය පුද්ගලික අවශ්‍යතා ලුහුබැඳීමට, නව කුසලතා වර්ධනය කිරීමට හෝ සාමයේ සහ නිස්කලංක අවස්ථාවන් භුක්ති විඳීමට කාලය විය හැකිය.

හුදකලා අවස්ථාවන්හිදී, අපට අපගේ අභ්‍යන්තරය සමඟ නැවත සම්බන්ධ වී අපගේ බුද්ධියට සවන් දිය හැකිය. බාහිර බාධා කිරීම් හෝ බලපෑම් නොමැතිව අපගේ අවශ්‍යතා සහ ආශාවන් කෙරෙහි අවධානය යොමු කළ හැකිය. මෙය අපට වඩාත් පැහැදිලි තීරණ ගැනීමට, අර්ථවත් ඉලක්ක තැබීමට සහ අපගේ ජීවිතයේ අරමුණ පිළිබඳ හැඟීමක් ඇති කර ගැනීමට උපකාරී වේ.

එමනිසා, ඔබ යම් කාලයක් තනිව සිටීමට ආශා කරන්නේ නම්, එය වැළඳ ගැනීමට බිය නොවන්න. තනි ගමනක් යන්න, නව විනෝදාංශයක් ආරම්භ කරන්න, නැතහොත් සොබාදහමේ දවසක් ගත කරන්න. ඔබට සැබවින්ම ප්‍රීතිය සහ තෘප්තිය ගෙන දෙන දේ නැවත ආරෝපණය කිරීමට, පරාවර්තනය කිරීමට සහ නැවත සොයා ගැනීමට මෙම කාලය භාවිතා කරන්න.

මතක තබා ගන්න, ජීවිතය ගත කිරීම යනු තනිව සිටීම නොවේ – එය ඔබ සමඟ සම්පූර්ණයෙන්ම පෙනී සිටීම සහ ඔබේ සැබෑ ආත්මය බැබළීමට ඉඩ දීමයි. ස්වයං-සොයාගැනීමේ ගමන වැලඳගෙන ජීවිතය සමඟින් ලැබෙන නිදහස සහ බල ගැන්වීම භුක්ති විඳින්න.

ඔබට මෙම ලිපිය ප්‍රයෝජනවත් සහ ප්‍රබෝධමත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි! ඔබට කිසියම් නිශ්චිත ප්‍රශ්න ඇත්නම් හෝ වැඩිදුර සහාය අවශ්‍ය නම්, විමසීමට නිදහස් වන්න.

අහිමි හිමිකරු 

24-06-14

සුරූපි රුව නිසා විරූපී වීමට ශාපලත් මමඩූසා

ග්‍රීක මිථ්‍යා කතා සහ පුරාණ ෝක්ති පිළිබඳ ව ණ ාව පුරා ජනයා සුවිණ ේෂී ඇල්මක්ත දක්තවන්ණන් එම කතා තුළ ගැබ්

වන කුතුහ ය මිශ්‍රිත රසවත් බව ණහේතුණවනි. ග්‍රීක මිතයා කතා අතර ණමඩූසාණේ කතාන්දරයට හිමි වන්ණන්

සුවිණ ේෂ ජනප්‍රියත්වයකි.සර්ප හිසණකසේ සහිත තමා ණදස බ න ඕනෑම අණයකු පාෂා බවට පත් කරන කුරිරු

යක්තෂණියක ණ ස ග්‍රීක පුරා කතාව ණමඩූසා වරිතය දැක්තණේ.නමුත් ණමඩූසාණේ සැබෑ ජීවන අන්දරය සිත්

කම්පා කිරීමට සමත් ණේදවාචකයකි.

ණමඩූසා යනු ග්‍රීක ණේව කතා සාහිතයය තුළ අපට හමුවන අර්ධ ණදවඟනකි.ඇතැම් පුරා කතා අනුව ඇය මිනිසේ

දුවකි.ණමඩූසා ‘ණ ෝකිසේ ‘නමැි ග්‍රීක මුහුදු ණදවි ණකණනකුට සහ’ සීණටෝ’ නැමැි මුහුදු ණේවතාවියකට දාව උපත

ැබීය.ඇයට සේණතණනෝ සහ යුණර්ල් නම් සණහෝදරියන් ණදණදණනකු ද විය.ණමාවුන් ිණදනා ‘ණගෝර්ගන් සණහෝදරියන්’

ණ ස ද හැදින්ණේ.

ණමඩුසා ඇයණේ මනසේකාන්ත වූ සුරූපී රූ සපුව කර ණකාට ණගන ජනයා අතර ණමන්ම ණදවියන් අතර ජනප්‍රිය

විය. ඇයට රන්වන් පැහැි අ ංකාර දිගු වර සක්ත ිබූ බව සදහන් ණේ.

ණකතරම් රූමත් වුවත් ණමඩූසා අවිහිංසක ගිගු වලින් යුත් සංවර තරුණියක විය.ඇය තුළ විවාහ වීණම්

අණේක්තෂාවක්ත ණනාිබූ බැවින් ඇිනා ණදවඟන පිළිබඳ මහත් භක්තතයාදරයක්ත දැක්තවූ ණමඩූසා ඇිනා ණදවඟනණේ

පූජකවරියක ණ ස ඇප කැප විය.

ණම් අතර මුහුදට අධිපි ණදවියන් වන ණපාසයිඩන් ණමඩූසාණේ රුවට රාගණයන් මත්ව ඇයව බා ගැනීමට උත්සාහ

දැරීය.නමුත් ණමඩූසා ඔහුණේ ඇරයුම් ප්‍රික්තණෂේප කළාය.ණකණසේ ණහෝ තමා ආ ාව මුදුන් පම වා ගැනීමට සිතූ

ණපාසයිඩන් දිනක්ත ඇිනාණේ ණදණවාණල්දී ණමඩූසාව දුෂ යට ක්තකර ප ා ගිණේය.තමා හදවින්ම ගරු කරන

සාමයට හා නීියට අධිපි ඇතීනා තමා ණවනුණවන් යුක්තිය ඉටු කරනු ඇතැයි සිතූ ණමඩූසා තමාට උපකාර කරන

ණමන් ඇිනාණගන් ඉල් ා සිටියාය.

නමුත් සිදු වූණේ ණමඩූසා ණනාසිතූ ණදයකි .ණමඩූසාණේ රූමත් බව සහ අ ංකාර වර ස ඇිනාණේ හිසණකසේ

ව ටත් වඩා අ ංකාර බවට පවසමින් ජනයා ණමඩූසාව දැක බ ා ගැනීමට පැමිණීම පිළිබඳ ඇිනා ණදවඟන

ණමඩූසා පිළිබද ඊර්ෂයාණවන් පසුවිය. ණමඩූසා තම ණේවා ය අපිරිසිදු ක බවද ණපෝසයිඩන්ණේ සිත දුෂ ය වීමට

බ පෑණේ ණමඩූසාණේ රූපය බවද පවසමින් ඇතීනා ඇයට අසේථ්‍ාන ණචෝදනා කළාය.එයට දඬුවමක්ත ණ ස

ණමඩූසාණේ හිසණකසේ සර්පයන් බවටද ,ඉණනන් පහළ ණකාටස සර්පයකුණේ රීරය ණ සටද විරූපි ණකරූ ඇතීනා

ඉන් ණනානැවතී ණමඩූසාණේඑ දෑසේ ණදස බැලුවණහාත් ඇය ණදස බ න ඕනෑම ණකණනකු ගල් බවට පත් වන

අයුරින් ඇයට ාප කළාය.ඇිනාණේ නින්දිත ඊර්ෂයාව නිසා අවසානණේ අවිහිංසක සුරූපි තරුණියක විරූපී

යක්තෂණියක බවට පරිවර්තනය විය.

ග්‍රීක මිථ්‍යා කතා තුළ ණමවැනි අසාධාර ක්‍රියාවන් බහු ණේ.අවසානණේ ණමඩූසා වරදක්ත ණනාමැිවම වින්දිතයා

බවට පත් විය.නමුත් ණමම කතාණේ සැබෑ යක්තෂණිය ණමඩූසාද? ඇතීනා ද? ණමඩූසා යක්තෂණියක ණනාවූ

යක්තෂණියකි.
සටහන- පියුමි ණනළුමිකා

24-06-11

සිනමාව හා සබැඳි තතු අපි මැගසීන්හී පාඨක ප්‍රජාව වෙතට ඉදිරිපත් කරනා

වෘත්තීයෙන් සිනමාවේ සහ ටෙලිවිෂනයේ තිර රචකයෙකු වශයෙන් කටයුතු

කරමින් සිටින හිරාන් ගමගේ නම් ඔහුගේ

ආද්‍යාත්මයේ, දේශපාලනික ආක්‍යානයෙහි සහ වෘත්තීත්වයේ ප්‍රථූල

හරසකඩක් පාඨක ඔබ වෙතට සම්මුඛ කරවීමට ලත් වෑයමකි මේ. 

Q). ඔබ පුද්ගලයෙකු වශයෙන් ඔබව දකින්නෙ කුමන අයුරකින්ද යන්න පිළිබඳව

සඳහනක් කරමු. 

මම මා පිළිබඳවම විචාරන්න වෙහෙසෙන, කලාවට ලැදි, සංවේදී, මනුදම් ගරුකරන

මනුස්සයෙක්.

Q). ඔබ ජීවිතය යන්න දකින්නෙ කුමන අයුරින්ද යන්න පිළිබඳව

හැඳින්වීමක් කරමු.

මම ජීවිතය හඳුනාගන්නේ මඟහැරීමට නුපුළුවන් අභියෝග ලබාදෙන සූර

මායාකරුවෙක් හැටියටයි.

Q). ඔබේ ආගම හෝ දර්ශනය යන්න කුමක්ද

යන්න සඳහන්කොට ඔබ අවබෝධකොටගත් ආකාරයට එම ආගමේ හෝ

දර්ශනයේ මූලික හර

පද්ධතිය පිළිබඳව සෛද්දාන්තිකවිග්‍රහයක් ඉදිරිපත්කරමින් ඒ තුළින්

ජීවිතයට ලබාගත් වටිනාම දේ හෝ

දේවල් මොනවාද යන්න පිළිබඳවද විග්‍රහයක් සිදුකරමු.

බුද්ධ දේශනාව තමයි අනුගමනය කරන්නෙ. එය ආගමක් හෝ දර්ශනයක් නොව

දහමක් ලෙසයි මම හඳුනාගත්තෙ. ඒ තුළින් විග්‍රහ කෙරෙන්නේ සොභාදහමයි.

කෙටියෙන් කිවහොත් කාරණා දෙකයි. එනම්, පවතින දෑත්, සිදුවන හැටිත්

යන්නයි.

~ තමන් යනුවෙන් හැඳිනෙන දෙයෙහි පැවැත්ම පිහිටන ලෝකය යන්න, තමන්

යනුවෙන් හැඳිනෙන දෙය තුළම පිහිටයි ~

තමා ලෙස හෝ තමාගේ ලෙස හෝ තමා විසින්ම සිදුකෙරෙන, එනම් ශේෂව

පවතින පෞද්ගලික ගොඩනැගීමක් හෝ සත්‍යවශයෙන්ම නොපවතින්නක් වන

අතර ස්වභාවධර්මය තුළ හේතු – ඵල ධර්මතාවයට අනුකූලව එකිනෙකට

සම්බන්ධව ක්‍රියාත්මක වන විවිධ සංකීර්ණ යාන්ත්‍රණවල එක් කුඩා අංගයක්

ලෙස තාවකාලික පැවැත්මක් පමණක් නිරූපණය වේ, යනුවෙන් සෛද්දාන්තික

විග්‍රහයක් සිදුකිරීමට පුළුවන්.

පැවැත්මේ නැවැත්ම සාක්ෂාත් කරගැනීමේ ක්‍රියාවලිය සෛද්දාන්තිකව නිවැරදිව

ඉගෙනගැනීමට හැකිවීමත් එය ප්‍රායෝගිකව නිවැරදිව භාවිතයේ යෙදීමට

හැකිවීමත් තමයි මා බුදුන් වහන්සේගේ දේශනාවෙන් ලබාගත් වටිනාම දේවල්

වන්නේ.

Q). ඔබේ වැටහීමේ පරිද්දෙන් මනුශ්‍යත්වය අරුත්ගන්වාගන්නේ කෙසේද

හා ඒ හට ඉහළම වටිනාකමක් හිමිකරදෙන්නේ කෙසේද

යන්න පිළිබඳව විස්තරයක් සිදුකරමු.

මනුසත්භව කියන්නෙ අතිශයින්ම දුර්ලභ මහා භාග්‍යයක්. සොභාදහමේ

ක්‍රියාකාරිත්වය දැකගැනීමට දැනගැනීමට උත්සාහ කිරීමත්, එම උත්සාහය

සඵල කරගැනීමත් තුළින් මනුශ්‍යත්වයේ වටිනාකම උපරිමයට පත්කරගන්න

පුළුවන්.

Q). ඔබේ ජීවිතාර්ථයන් මොනවාද?

ප්‍රමුඛ ජීවිතාර්ථයන් තුනයි. ඒවා කේන්ද්‍රකොටගත් අවශේෂ ජීවිතාර්ථයන්

අවස්ථානුකූලව සකස්වෙනවා.

1). ස්වකීය ආද්‍යාත්මය ගවේෂණය

2). කලාත්මක නිර්මාණයන්හී නියැලීම

3). ස්ත්‍රිය යන විෂයෙහි නිරාමිස ප්‍රේමය ප්‍රමුඛ සොඳුරු හැඟුම් ශ්‍රේණිය

අත්විඳීම

4). පරෝපකාරය

Q). ඔබ කලාමාද්‍යයක් ලෙස සිනමාව හඳුනාගන්නේ කෙසේද යන්න

පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු.

" සිනමාව යනු සකලවිධ කලා මාද්‍යයන්ගේ කූඨප්‍රාප්තියයි " යන්න විෂය

පිළිබඳ විශේෂ ප්‍රාගුන්‍යයක් සපිරි බොහෝ ශාස්ත්‍රීය විද්වතුන්ගේ මතය වන

අතර තාක්ෂණිකව සිනමාව යනු චලිත රූපය ලෙසින් කෙටියෙන් හැඳින්වෙනවා.

එනමුත් ලේඛනය, චිත්‍ර කලාව, සංගීතය, නර්තනය ආදී වූ ප්‍රමුඛතම

කලාංගයන් සියල්ලගේම නිර්මිතයක් ලෙසින් තමයි මම සිනමාව හඳුනාගන්නේ. ඒ

අනුව ඉහත දැක්වෙන මතයට මම එකඟවනවා.

Q). ඔබ වෘත්තීය තිර රචකයෙක්. සිනමාව සහ ටෙලිවිෂනය තුළ තිර රචනයේ

භාවිතාව පිළිබඳව ඔබේ අදහස් ඉදිරිපත්කරමු. 

සිනමා හෝ ටෙලිවිෂන් නිර්මාණය සුවිසල් නිවසකට උපමා කළහොත් තිර රචනය

යනු එහි ශක්තිමත් පාදම ලෙසින් සළකන්න පුළුවන්. දක්ෂ තිර රචකයෙකුගේ සහ

දක්ෂ අදියුරුවරයෙකුගේ නිර්මාණාත්මක කෞශල්‍යය එකතුවෙන් ප්‍රතිභාපූර්ණ

නිර්මාණයක් ව්‍යුත්පන්න විය හැකි සේම දුර්වල තිර රචකයෙකුගේ සහ දුර්වල

අදියුරුවරයෙකුගේ නිර්මාණාත්මක කෞශල්‍යය එකතුවෙන් හරසුන් නිර්මාණයක්

ව්‍යුත්පන්න විය හැකියි. එම තත්ත්වය සාමාන්‍යයි.

එමෙන්ම දුර්වල තිර රචනයකින් ප්‍රතිභාන්විත නිර්මාණයක් ව්‍යුත්පන්න වීම

සිදුවිය නොහැකියි සේම ප්‍රභල තිර රචනයකින් දුර්වල නිර්මාණයක්

ව්‍යුත්පන්න වීමද සිදුවිය හැකියි යන්න මගේ අත්දැකීමයි. එහීදී අදියුරුවරයාගේ

භූමිකාව නිර්මාණයේ ගුණාත්මක භාවය කෙරෙහි තීරණාත්මක සාධකයක් බවට

පත්වෙනවා.

Q). ඔබේ වෘත්තීය පසුබිම පිළිබඳ හැඳින්වීමක් සිදුකොට වෘත්තීය ජීවිතය තුළ

ඔබ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳව මතකාවර්ජනයක් සිදුකරමු.

චිත්‍රපට අද්‍යයක්ෂක කසුන් පතිරණ මහතා විසින් සිදුකෙරූ දැනුවත් කිරීමක්

හරහා වර්ෂ 2023 මාර්තු මාසයේදී පැවැත්වුණු " AURA DGSL සිනමාභිමාන –

2023 " නැමැති චිත්‍රපට ප්‍රදර්ශන සහ ඇගයීම් උළෙලේ ස්වේච්ඡා

නිළදාරියෙකු ලෙසින් කටයුතු කිරීමට මා හට භාග්‍යය සැලසුනා. එම සිදුවීම

මාගේ ජීවිතය ධණාත්මක මඟකට යොමුකළා.

එය සංවිධානය කරනු ලැබූයේ ශ්‍රී ලංකා සිනමා අද්‍යයක්ෂකවරුන්ගේ සංසදය

විසින් නිසාම ඒ කාල සීමාව තුළදී එහි විධායක කමිටු සාමාජිකත්වය උසුලන

ප්‍රවීණ අදියුරුවරුන් ඉතාමත් සමීපව ඇසුරු කරන්නට මා වාසනාවන්ත වූවා. එම

ඇසුර සිනමාව නම් විෂය සම්බන්ධයෙන් මාව බොහෝ සෙයින් පෝෂණය කළා

පමණක් නොවෙයි සිනමාව විෂයක් ලෙසින් විධිමත්ව හැදෑරීමට මා තුළ ප්‍රථම

උත්තේජනය හට ගැන්වූවා. කුඩා කළ පටන් සිනමාව සම්බන්ධයෙන් මා තුළ

පැවති ඇල්ම ඊට පසුබිම සකසා තිබුණා.

එම ව්‍යාපෘතිය අවසාන වීමත් සමඟම කසුන් පතිරණ මහතාගේ දැනුවත් කිරීම

හරහා ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදය විසින් සංවිධානය කෙරූ තිර රචනා.

වැඩමුළුවකට මා සහභාගි වූවා. මා ප්‍රථම වරට තිර රචනය විධිමත් ලෙසින්

උගත්තේ එහිදීයි. වැඩමුළුව අවසානයේ පැවති කෙටි චිත්‍රපට තිර රචනා

තරඟයේදී මා රචනා කළ කෙටි චිත්‍රපට පිටපත ඇගයීමට බඳුන් වූවා.

එහිදී කසුන් පතිරණ මහතා විසින් මා හට ඇරයුම් කර සිටිනවා ඔහුත් සමඟින්

නිර්මාණකරණයේ යෙදෙන ලෙසට. ඒ අනුව ඔහුත් සමඟින් නිර්මාණකරණයේ

යෙදෙමින් කාලය ගතවත්ම සමාජ මාද්‍යය ඔස්සේ පළ වූ දැන්වීමක් හරහා

ප්‍රවීණ සිනමා අදියුරුවරයෙකු වන චන්ද්‍රන් රත්නම් මහතා විසින්

සිනමාකරණය උගන්වන ජාත්‍යන්තර ආයතනයක් " Asian Film Academy

"ලෙසින් ආරම්භ කර ඇති බව මා හට දැනගැනීමට ලැබෙනවා.

එකල මා හට නිශ්චිත ආධායම් මාර්ගයක් නොතිබූ බැවින් මා පැළඳි රන්

ආභරණයක් උගස් තබා එම පාඨමාලාව හැදෑරීම වෙනුවෙන් ගෙවිය යුතු මුදල

සපයාගැනීමට සිදු වූවා. අනතුරුව මා ඔහුගේ මඟපෙන්වීම යටතේ ගුරුවරුන්

රැසකගෙන් සිනමාකරණය පිළිබඳ මූලික පාඨමාලාවක් හදාරණවා.

එහිදී මා තුළ සිනමාව සහ තිර රචනය කෙරෙහි ඇති දැඩි උනන්දුව මෙන්ම තිර

රචනයේ නියැලීමට ඇති දක්ෂතාවය ඔහුගේ අවධානයට සහ ප්‍රශංසාවට

ලක්වෙනවා. ඒත් සමඟින් ඔහුව ඉතා සමීපව ඇසුරු කිරීමට මා හට භාග්‍යය

සැලසෙනවා. එය මා සළකන්නේ මගේ ජීවිතය තුළ මා ලැබූ සුවිශේෂී කඩඉමක්

ලෙසයි.

කාලය මෙසේ ගතවත්ම ප්‍රවීණ සිනමා අදියුරුවරයෙකු මෙන්ම ප්‍රවීණ තිර

රචකයෙකු වූ අරුණ ජයවර්ධන මහතාගේ දැනුවත් කිරීමක් ඔස්සේ ආසියානු

මාද්‍යය ජාලයේ (හිරු ටී.වී) තිර රචකයෙකු උදෙසා පවතින රැකියා

පුරප්පාඩුවක් සඳහා මා ඉල්ලුම් කරනවා. ඒ අනුව ආයතන ප්‍රධානීන් හමුවේ

පැවරුම් සහ සම්මුඛ පරීක්ෂණ ශ්‍රේණියකට මුහුණ දීමෙන් අනතුරුව රැකියාවේ

නියුක්ත වීමට සමත් වෙනවා.

සිනමාව හදාරණ අතරතුරදීම ටෙලිවිෂනයට අත්පොත් තබන්නට පසුබිම

සැකසීමද ධණාත්මක දෛවෝපගත සිදුවීමක් ලෙසින් සැළකීමට මා කැමතියි.

Q). තරුණ වෘත්තීය තිර රචකයෙකු ලෙස ජාත්‍යන්තර සිනමාව ජයගැනීම

කෙරෙහි ඇති ඔබේ අභිලාෂය මුදුන්පත්කරගැනීම සඳහා ක්‍රියාත්මක කරමින්

සිටින සැලසුම් පිළිබඳව කෙටි විග්‍රහයක් කරමු. 

වර්ථමානය වනවිටදී ප්‍රවීණ සිනමා අදියුරුවරයෙකු වන චන්ද්‍රන් රත්නම්

මහතා අද්‍යයක්ෂණය කරන මීළඟ සිනමාපටයෙහි තිර රචකයා ලෙසින් කටයුතු

කරනවා. එහි නිෂ්පාදන කටයුතු භාරව සිටින්නේ ප්‍රවීණ චිත්‍රපට

නිෂ්පාදකයෙකු වන රාජ් රණසිංහ මහතායි.

එය බොහෝවිට විදේශීය රංගන ශිල්පීන් ශිල්පිණියන් යොදාගැනෙනා

අන්තර්ජාතික සිනමා වෙළඳපොළ වෙත ප්‍රමුඛ ලෙසින් මුදාහැරෙන කාන්තා

චරිතයක් මුල්කොටගනිමින් ධාවනය වන නාට්‍යමය – ප්‍රේමය ක්ෂානරයේ

සිනමාපටයක් බව විශේෂයෙන් සඳහන් කිරීමට හැකියි.

විදේශීය සිනමාකරණ පාසලක් වෙත ගොස් විධිමත්ව අධ්‍යාපනය ලැබීම මාගේ

සන්තානය තුළ කාලාන්තරයක් තිස්සේ පවතින එක් අහිංසක අපේක්ෂාවක් බව

සඳහන් කිරීමට කැමතියි.

Q). සිනමා  සහ ටෙලිවිෂන් කර්මාන්තය තුළ ඔබ වර්ථමානයේ නිරත වී

සිටිනනිර්මාණාංගයන් හා ඉදිරියේදී එළිදැක්වීමට සැලසුම් කරමින් සිටින

නිර්මාණාංගයන් පිළිබඳව හෙළිදරව් කරමු. 

වර්ථමානයේ මා ආසියානු මාද්‍යය ජාලයේ (හිරු ටී.වී) ප්‍රමුඛතම වැඩසටහන

ලෙසින් සැළකෙන මෙන්ම මෙරට වඩාත් ජනගතම ටෙලිවිෂන් වැඩසටහන ලෙසින්

කාලාන්තරයක් තිස්සේ සම්භාවනාවට පාත්‍ර වූ " හිරු ස්ටාර් " සිව්වන අදියරේ

රූපවාහිනී තිර රචකයා ලෙසින් කටයුතු කරනවාེ.

එමෙන්ම සිනමා අදියුරුවරුන් කිහිපදෙනෙකුගේ ඉදිරියේදී පූර්ව නිෂ්පාදන කටයුතු

ඇරඹීමට නියමිත සිනමා නිර්මාණයන් කිහිපයක තිර රචකයා මෙන්ම සම තිර

රචකයෙකු ලෙසින් මගේ පරිකල්පන සහ ලේඛන කෞශල්‍ය ධායක කිරීමට

අපේක්ෂාවන් සිටිනවා.

Q). Api Magazine හී ලේඛකයෙකු ලෙසින් කටයුතු කරන්න අවස්ථාව සැලසීම

සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

මම වර්ෂ දෙකහමාරක් පමණ තිස්සෙ මගේ සමාජ ජාලා ගිණුම් හී මෙන්ම සිනමා

රසිකයින් විසින් නිර්මාණය කරන ලද සමාජ මාද්‍යය පිටුවල සිනමාව හා සබැඳි

ලේඛණයන් පළ කරමින් සිටියා. ඒවා කියවීමට ලොල් වූ ප්‍රාමාණිකව

සැළකියයුතු පාඨකයන් පිරිසක්ද මේ වනවිට නිර්මාණය වී තිබෙන බව සතුටින්

ප්‍රකාශ කරන්න කැමතියි.

මේ තත්ත්වය සඟරාවේ කතුවරයා වන ගයාන් කරුණාරත්න මහතාගේ අවධානයට

ලක්වීමෙන් අනතුරුව ඔහු මට සාදරණීය ඇරයුමක් සිදුකරනවා ඒ අයුරින්ම Api

Magazine හී සිනමාව පිළිබඳ ලේඛණයන් පළ කරන්නට. ඔහු මගේ පාසල වන

කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් නිසාවෙන් මම දෙවරක්

නොසිතා ඔහුගේ ඇරයුම ඉතාමත්ම සතුටින් පිළිගන්නවා. ඔහු මගේ හිතෛෂීයෙක්.

මෙරට දැනට පවතින ඩිජිටල් සඟරාවන් කිහිපය අතුරින් සුවිසල් ශ්‍රී ලාංකීය

පාඨකයන් පිරිසක් ඒකරාශි කරගැනීමට මෙන්ම විදේශීය රටවල් කිහිපයකම

වෙසෙන ශ්‍රී ලාංකීය පාඨකයන් බහුතරයකගේ ප්‍රමුඛතම ඩිජිටල් සඟරාව බවට

පත්වීමට Api Magazine සමත් වී තිබීම පිළිබඳව මම ඉතාමත්ම ප්‍රමෝදයට

පත්වෙනවා.

විවිදාකාරයේ විෂයන් හා සබැඳි වටිනා තොරතුරු විශ්වසනීයව ජනගත කිරීමට

රිසි Api Magazine හී ලේඛක මඩුල්ල ලෙන්ගතුකමින් බැඳුණු පවුලක් කිව්වොත්

මා නිවැරැදියි. එබැවින් කතෘ තුමා ප්‍රමුඛ සඟරාවේ කාර්‍ය මණඩලයේ සියලු

පෞද්ගලික සහ වෘත්තීය අපේක්ෂාවන් මුදුන්පමුණුවාගත හැකි සෞභාග්‍යයමත්කාලවකවානුවක් උදාවේවායි මුළු හදින්ම සුබ ප්‍රාර්ථනා කරනවා.

24-06-08

ෆොර්ට් නේපියන්

ෆිලිප් අයිලන්ඩ් (Phillip Island ) යනු මෙල්බර්න් ජීවත් වන බොහෝ දෙනෙකු දවසේ නිවාඩුවකට තෝරාගන්නා බෙහෙවින් ප්‍රසිද්ධ ගමනාන්තයක්. හැමදාමත් වගේ දන්නා මායිමෙන් ඔබ්බට ගොස් සුන්දරත්වය සොයා වෙහෙසකර ගමනක් යාමට කැමති රුචියා සහ නික් අපිත් සමග එකතු වුනේ බොහෝ අය නොදන්නා නමුත් ෆිලිප් අයිලන්ඩ් ප්‍රදේශයේම පිහිටා ඇති ෆෝර්ට් නේපියන් (Fort Napean) නැරඹීමට යාමට.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ යුධ බලකොටුවක් ලෙස  යටත් විජිතය ආරක්ෂා කිරීමට සහ හමුදා පුහුණුවටත් , බලකොටු ජාලයක කොටසක් ලෙසත් මෙම ස්ථානය යොදා ගැනුණා.   අද වනවිට මෙම ඉසව්ව ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කර තිබෙනවා.

වෙනදා මෙන් පෙර සුදානමක් නොතිබූ නිසාවෙන් ආහාර පාන සකස් කරගන්නේ නැතුවම අපි ගමන පිටත් වුනේ මගදී හමුවන අවන්හලකින් කඩචෝරු බඩට දාගන්නට යටි හිතේ අරමුණු කරගනිමින්. පැයක පමණ ගමනකින් පසු අපි මෝර්නින්ග්ටන් අර්ධද්වීපයේ (Mornington Peninsula) පිහිටා ඇති පෝට්සී (Portsea) ග්‍රාම්‍ය කළාපය වෙත පිවිසුනේ  අපේ ගමනාන්තයට ලඟා වෙමින්. 

වාහනයේ තිරිංග තද කර වාහනයෙන් බැසගත් අපි, නේපියන් බලකොටුව වෙත යන මගට පිවිසුනේ ඈත  මුහුදෙන් දිස්වන චමත්කාරයත් , ඒ පරයා කන්ද මුදුනේ  හුණු ගල් වලින් තනා ඇති බලකොටු ප්‍රකාරයේ තේජාන්විත බවත් අදහා ගත නොහැකිවයි. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මෙම ස්ථානයේ මද වෙලාවක් ගත කල අපිට දැනුනේ , බලකොටුවේ පිහිටා තිබු බිම් ගෙවල් සහ ආරක්‍ෂිත කුටි තුලින් තවමත් යටත් විජිත සමයේ සහ ලෝක යුධ සමයේ සිරවුන වෙඩි හඬවල්  දෝංකාර දෙනවාද යන්නයි. එය ජීවමානව දැනෙන තරමට බොහෝ වැදගත් කරුණු අඩංගු දැන්වීම් පුවරු සෑම ස්ථානයකම වගේ ඡායාරුප සමගම බලකොටුව පුරා සංචාරකයින්ට දැකබලාගැනීමට පිහිටා තිබුණා .

ලංකාවේ රූමස්සල කැලෑ බද මුහුදු වෙරළට යනවිට දැනෙන ඒ සිතැඟියාව , නිල්වන් මුහුදත් එක්ක මුහු වෙන ගස් කොළන් වල වර්ණයන් වලින් අපිව ඇද බැඳගන්නා ඒ මායාවන් මෙම පෙදෙසේ නොඅඩුව ඇති බව වැටහුනේ, බලකොටුවෙන් ඔබ්බට ඇති පඩිපෙළ දිගේ පල්ලම් බහිනා විට.   

අනූව දශකයේ ඉපදී හැදුනු වැඩුණු නිසාවෙන් රොබින්සන් අන්දරය, පන් පසිඳුවන්ගේ වික්‍රම ආදී කතා මාලා නරඹා තිබු අපේ නඩය නැවතත් වාහනයට ඇවිදන් එනකන් ම පරණ කතාවල මතකයන් හාරවුස්සන්නට ගත්තේ, මෙම පෙදෙසේ දසුන් පමණක් නොව ඉන් හමා ආ සුළඟ පවා අපිව මතක ගොන්නක හිර කරගන්නට සමත් වූ නිසාවෙන්. 

එන අතර මග හරිහමන් අවන්හලක් හමු නොවූ නිසාවෙන් බෙරික් වල පිහිටා ඇති ඇඹුලට ගොඩවුනේ සුමිතුරන් නැවතත් එක්වන දවසක් නොදන්නා නිසා ලංකාවේ ක්‍රමයට හිත පිරෙන්න ආහාර වේලක් ලබාගෙන , මතක පොත තුරුළු කරන් විසිර යන්නට.