Category: Daily-Topics
25-April-10
25-April-09
25-April-08
25-April-07
25-April-06
25-April-05
25-April-04
ගොවි තාත්තා
….සොඳුරු අඳ ගොවියෙකුගේ විදුර හද සකිය…..
හිඟුරක්ගොඩ නගරයට මායිම්ව
පිහිටි උණගලාවෙහෙර නම් අතිශයින් මනහර ගම්
පියසේ එක් කෙළවරක ක්ෂිතිජ ඉම තෙක් විහිදී පැතිරුණු
සරුසාර කෙත්වතු යාය වෙහෙස මහන්සි වී යෙහෙන්
අස්වැද්දීමම එකඳු ජීවිකාව බවට
පත්කොටගත් සෞන්ද්‍ර්‍යවාදියෙකු වූ දුගී අඳ ගොවියෙකු වූ
උක්කුං මහත්තයා නොහොත් ප්‍රේමරත්නත්
ඔහුගේ කලාකාමී සොභහවිකවාදී කුඨුම්භයත්
සිනමාපටයේ ප්‍රධාන වස්තු බීජය බවට පත්ව ඇත.
මනුශ්‍ය ධර්මයන් සුරකින, ස්වාර්ථය පරයා පරාර්ථය
ගරුකරනා, සොභාදහමට ලෙන්ගතු ආදරණීයයෙකුගේ
අව්‍යාජ අභීත ආත්ම ප්‍රකාශනය ඊට හාත්පසින්ම විපරිත
වූ අතිධාවනකරී ධනවාදී අර්ථ ක්‍රමයත් එයින් වහනය වන
අධිපරිභෝජනවාදී සමාජ ව්‍යුහයත් ඉදිරියේ වියැකී යන
ආකාරය සුභාවිත මියැසි සුයාමයකට මැදිව ශ්‍රී ලාංකේය
සිනමාලෝලීන් හට තිළිණ කරවීමේ සංකල්පධාරීන්ගේ
මුක්‍ය අභිමතාර්ථය සරිලන අයුරින් මුදුන්පත් වන්නට ඇති
බව මා විශ්වාසකරමි.
කිසිවෙකු කිසි ලෙසකින් අපේක්ෂා නොකෙරූ අයුරින්
සමස්ථ ශ්‍රී ලාංකේය ජන ප්‍රජාවගේම ජීවන මංපෙත
උඩුයටිකුරු කරවීමට සමත්කම් පෑ ගෙවුණු අසූව
දශකයේදී මෙරට ජාතික අර්ථ ක්‍රමය පශ්චාත් නූතනවාදී
දිශානතියට අනුගත කරවීමේ අරමුණින් සිදුකළ අතිශයින්
අභියෝගාත්මක වූත් අතිශයින් ආන්දෝලනාත්මක
වූත් සුවිශේෂීම දේශපාලන තීන්දුව වූ විවෘත්‍ර ආර්ථිකය
මෙරටට හඳුන්වාදීමත් එයින් ජන විඤ්ඤානයට එල්ල වූ
පසුගාමී බලපෑමුත් ප්‍රගතිගාමී සිනමාරූපණයට නෑකම්
කියනා මැදහත් දේශපාලනික දෘෂ්ඨිකෝණයකින්
විග්‍රහ කරගැනීමටද තිර රචකයා මෙන්ම අදියුරුවරයා
කදිම ප්‍රයත්නයක් දරා තිබෙන අයුරු සිනමාපටයේ යටිපෙළ
මැනවින් කියවාගන්නෙකු හට දැකගත හැකිවනු ඇත.
ජගත් චමිල ඇතුළු සිනමාපටයේ කොඳුනාරටිය හට
ජීවයසම්ප්‍රේෂණය කරනා ප්‍රදාන රාංගන ශිල්පීන් සියළු
දෙනාම විසින් තම චරිතයන් හුදු නිරූපණය කිරීමකින්
ඉතා ඔබ්බට ගොස් අදියුරුවරයාගේ විධානයන්ට නතු වන
කාල සීමාව තුළදී අදාළ චරිතයන් තුළ භාවාත්මිකව ජීවත්
වෙන්නට ඇති බව සිනමාපටය නැරඹීමෙන් අනතුරුව හද
කීරිගැසෙන සුළු ඉතාසංකීර්ණ සංවේදී
මනෝභාවයන් ගොන්නක වල්මත් වී සිනමාශාලාවෙන්
පිටතට පැමිණෙන බොහෝ පිරිසකට මැනවින්ප්‍රත්‍යක්ෂ
වන්නට ඇත.
ප්‍රදාන රංගවේදීන්
ජගත් චමිල
හිමාලි ස්‍යුරංගි
ධර්මප්‍රිය ඩයස්
සනත් චන්ද්‍රසේකර
සනත් විමලසිරි
දිමුතු චින්තක
එරික් මදනායක
ගාමිණී ජයලත්
ප්‍රසන්න දිසානායක
නදීශා රංගනී දයාරත්න
සූර්‍යා දයාරුවන්
සචිනි රණවක
ප්‍රසාදි නිමන්තිකා
නිරෝෂා විරාජිනී
සරත් බණ්ඩාර කොක්වැව
අත්තනායක බණ්ඩාර
දයා වයමන්
ලාල් සිරිසේන
සුරංජිත් සමීර රණසිංහ
සේනක ඩග්ලස්
මීට අමතරව සිනමාපටයේ ළමා රංගන ශිල්පීන් සියළුම
දෙනා විසින්ද චිත්‍රපටය තුළ ඉදිරිපත් කරන්නා වූ
යථාර්ථවාදී රාංගනය ප්‍රදාන භූමිකාවන් ඉදිරිපත් කරන්නා
වූ රංගන ශිල්පීන්ගේ දැඩි උත්සාහයට හා කැපවීමට මනා
සාධාරණත්වයක් ඉටුකිරීමට සමර්ථ වී ඇති බවත්
පැහැදිලිව පෙනීයයි.
හඳුන්වාදෙන ළමා රංගන ශිල්පීන්
තෙනුක් රොද්‍රිගෝ
වාදිශ දිසානායක
දුල්මා දිසානායක
සගිත්නා ගමගේ
නෙත්මි දිසානායක
මෙතූප බිම්සර
චනුල් ඉමන්ජිත් කොක්වැව
රන්මිණි උත්තරා කොක්වැව
මෙත්සර කෞෂික
තිහාන් තිලකරත්න
පහාවී දිසානායක
එකී යථාර්ථවාදී වූත් අද්විතීය වූත් රංගන ප්‍රතිභාව පූර්ණ
වශයෙන් විදහාපෑමට මං සලසාදුන් ප්‍රශස්ථ
සංකල්පය, තිර රචනය හා අදියුරුත්වය යන කාරණාවන්
ත්‍රිත්වය විසින් සිනමාපටය රාමුගත
වන සංගීතමය ආක්‍යානය තුළ ඉහත සඳහන් කරන
ලද සමාජ – දේශපාලනික සංරචකයන් සියල්ල වඩාත්
හොඳින් ප්‍රේක්ෂකයන් වෙතට සන්නිවේදනය කිරීමට
මහත්රුකුලක් වී ඇති බැව් සිනමාපටය සමඟින් තියුණු
සබැඳියාවක් සකසාගත් සිනමා සංවේදී කා හට වුවද
වටහාගැන්මට අපහසු නොවනු ඇත.
සෑම රූපරාමුවකම පාහේ මිනිස් ඇසට මෙන්ම මනසටද
වඩාත් ප්‍රිය උපදවන සුළු සොභා අසිරියෙන් අනූන වූ
ස්ථානයන් රැසක සිනමාපටය රූපගතකොට තිබීමත්
ඒවායේ පාරිසරික සාධකයන්ට උචිත පසුතලයන්, රංග
වස්ත්‍ර හා රංග භාණ්ඩ ආදිය නිර්මාණයකොට භාවිතාව
තුළින් ඉහත සඳහන් කරන ලද තිරය හා
ප්රේක්ෂකයාගේ මනස අතර හටගන්නා සබැඳිය
ශක්තිමත් කිරීමට උපකාරී වී ඇති බව විශේෂ කාරණාවක්
ලෙස හුවාදැක්වීමට කැමැත්තෙමි.
උක්ත කාරණාවෙහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ
සිනමාපටයේ නිෂ්පාදකයා, අදියුරුවරයා, කැමරා
අධ්‍යක්ෂවරයා, කලා අධ්‍යක්ෂකවරයා, රංග වස්ත්‍ර හා
මෝස්තර නිර්මාණශිල්පියා හා වේශ නිරූපණ ශිල්පියා හට
බැව් අවංකව ප්‍රකාශ කළ යුතුය.
හෙලවුඩ් සිනමාවේ මධුර ගීත රචකයින්, ගායක
ගායිකාවන් හා සංගීත නිර්මාපකයන් කිහිපදෙනෙකුගේම
නොමඳ ධායකත්වය සැපිරීම තුළින් ප්රේක්ෂක හදවත්
වසඟ කරවමින් පිනා යෑමට සමත් අතිශය
චමත්කාරජනක රූපරාමු රැසකින් සමන්විත
ගීතකිහිපයක් සිනමාපටය තුළ විද්‍යාමාන කරවීමට සංගීත
රස නිෂ්පත්තිය හොඳින්ම හඳුනන උක්ත අදියුරුවරයා
අමතකකොට නැතිවීම පිළිබඳව මාගේ හෘදයාංගම තුති
පිදීමට කැමැත්තෙමි.
නිෂ්පාදන කාර්‍ය මඬුල්ල
තාක්ෂණික පිටපත – ආචාර්‍ය සුනිල් රණසිංහ, දර්ශන රුවන්
දිසානායක
කතාව සහ අධ්‍යක්ෂණය | දර්ශන රුවන් දිසානායක
දෙබස් | ආචාර්‍ය සුනිල් රණසිංහ, දර්ශන රුවන් දිසානායක
නිෂ්පාදනය – සරත් බණඩාර කොක්වැව
නර්තන වින්‍යාසය | අයෝමි විජේසිරි
නිෂ්පාදන කලමනාකරණය | ලක්රුවන් ගුණතිලක, අත්තනායක බණ්ඩාර
සහය අධ්‍යක්ෂණය | ප්‍රසාදි නිමන්තිකා විජයරත්න, වසන්ත අමරසිංහ,
දිලිප් මධුරංග, වසන්ත වැල්ලවාය
දෘශ්‍ය ප්‍රයෝග | රුසිරු පන්නිලගේ
ඩිජිටල් වර්ණාකරණය | ආනන්ද බණ්ඩාර
ඇඳුම් නිර්මාණය | වසුන්දරා තෙන්නකෝන්
ඇඳුම් නිර්මාණ සහය | නදීශා නෙරන්ජලා සෙනෙවිරත්න
කලා අධ්‍යක්ෂණය | හරේන්ද්‍ර සංජය චන්ද්‍රරංජන
කලා අධ්‍යක්ෂණ සහය | තරිඳු ප්‍රදීප් රණතුංග, නිපුන් චතුරංග, රශ්මිත
නයනංජන, ඉන්දුක අතුකෝරාල, දයාවංශ විජයලත්
ප්‍රදාන වේශ නිරූපණ ශිල්පී සහ කෘතිම වේශ නිරූපණ නිර්මාණකරු |
නාරද තොටගමුව
වේශ නිරූපණ සහය | විදුර ශානක අබේධීර
කොණ්ඩා සැකසුම | ප්‍රේමලාල් ලියනගේ
ශබ්ද නිර්මාණ හා සම්මිශ්‍රණය | සසික රුවන් මාරසිංහ
සංස්කරණය | අජිත් රාමනායක
ගී තනු නිර්මාණය හා සංගීත අධ්‍යක්ෂණය | දර්ශන රුවන් දිසානායක
කැමරා අධ්‍යක්ෂණය | නිශාන්ත ප්‍රදීප්
කැමරා නාභිගතකිරීම | ආර්. කේ. රංගන, පී. ගුණතිලක
නිෂ්පාදන සහය | රාමයියා ජයක්‍රිශ්නා, තරංග මදුවන්ත
සහය ගායනය | සචිනි නිසංසලා සඳමාලි, තුසිත් සිම්සන්, තිළිණ උදේශ්
හඬකැවීම | සදෙව් භාසණ බණ්ඩාර, ලාල් සරත් කුමාර, ගීතානන්ද
අබේසුන්දර, නිමල් ජයසිංහ, නෙතලි නානායක්කාර
තාක්ෂණික අධ්‍යක්ෂණය | චානක ද සිල්වා
නිෂ්චල ඡායාරූප | සචිත් රවිඳු බෝගොඩ, රුක්මන්ත තාරක
ඩ්‍රෝන ක්‍රියාකරවීම | එරන්ද කැළුම්, සුසන්ත වල්පොල
සිලිකන් කාර්මික ශිල්පීන් | සකුන්තලා තොටගමුව, රජිත
සඳරුවන්
මූර්ති නිපදවීම | ලක් ශ්‍රී වජිර
ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයේ දීප්තිමත් මතු අනාගතයක් දකිනු රිසියෙන් ස්වදේශීය
සිනමාකෘතීන් සිනමා ශාලාවක් වෙතට ගොස් නරඹන, ඒ පිළිබඳව ශාස්ත්‍රීය සංවාදයන්හී
නියලෙන, ඒවා ඇගයීමට රුචි සිනමාලෝලියෙකු විලසින් ද එසේම ස්වකීය ජීවන
මංපෙත වෙතට යම් තරමක හෝ අරුණැල්ලක් පතිත කරවාගන්නා අටියෙන්
ද යුතු මා මෙවන් ප්‍රශස්ථ සිනමා භාවිතාවක් සමඟින්
නැවතත් හෙලවුඩය වර්ණවත් කිරීමට අවැසි සියළු හේතු
සම්පත් සැලසේවායි ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන්
දිසානයක අතුළු සමස්ථ නිෂ්පාදන කාර්‍ය මනඩලය වෙත
මුළු හදින්ම සුභාශිංශන එක්කරමි.සැකසුම –
හිරාන් ගමගේ
අපගේ ජීවිත ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ මග
ජීවිතයේ සාර්ථකත්වය කරා යන ගමනේදී පැහැදිලි ඉලක්ක තිබීම ඉතා වැදගත් වේ. නමුත් බොහෝ දෙනෙකුට තම ඉලක්ක කරා ළඟා වීමට අපහසු වන්නේ නිසි ක්‍රමවේදයක් නොමැති නිසාය. මෙන්න ඔබේ සිහින සැබෑ කරගැනීමට උපකාරී වන ක්‍රමවේද කිහිපයක්:
පැහැදිලි ඉලක්ක හඳුනාගන්න
ඔබේ ජීවිත ඉලක්ක මොනවාදැයි හොඳින් සිතා බලන්න. ඒවා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ලෙස වර්ග කරගන්න. උදාහරණයක් ලෙස අධ්‍යාපනික සුදුසුකම් ලබාගැනීම, වෘත්තීය දියුණුව, ආර්ථික ස්ථාවරත්වය වැනි ඉලක්ක විය හැකිය.
සැලසුම් සකස් කරන්න
හඳුනාගත් එක් එක් ඉලක්කය සඳහා පියවරෙන් පියවර ක්‍රියාමාර්ග සැලසුම් කරන්න. එක් එක් පියවර සඳහා කාල රාමුවක් නියම කරගන්න. මෙහිදී ඔබේ දක්ෂතා, සීමාවන් හා බාහිර සාධක සැලකිල්ලට ගන්න.
දෛනික පුරුදු වර්ධනය කරගන්න
ඔබේ ඉලක්ක වෙත ළඟා වීමට උපකාරී වන හොඳ පුරුදු ඇති කරගන්න. උදාහරණයක් ලෙස උදෑසන අවදි වීම, කාල කළමනාකරණය, ධනාත්මක ආකල්ප පවත්වාගැනීම වැනි දේ ඇතුළත් විය හැකිය.
බාධක ජය ගන්න
ගමන් මගේදී විවිධ බාධක හා අභියෝග මතුවනු ඇත. ඒවා අසාර්ථකත්වයේ සලකුණු ලෙස නොසලකා, ඉගෙනීමේ අවස්ථා ලෙස සලකන්න. අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගනිමින් ඉදිරියට යන්න.
ප්‍රගතිය නිරීක්ෂණය කරන්න
නිතර ඔබේ ප්‍රගතිය පිරික්සා බලන්න. සාර්ථක වූ දේ හා වැඩිදියුණු කළ යුතු දේ හඳුනාගන්න. අවශ්‍ය විට සැලසුම් සංශෝධනය කරගන්න.
ධනාත්මක මානසිකත්වය පවත්වාගන්න
සෑම විටම ධනාත්මක සිතුවිලි පවත්වාගන්න. අසාර්ථකත්වයන්ට බිය නොවන්න. ඔබේ හැකියාවන් ගැන විශ්වාසය තබන්න. සාර්ථකත්වය කරා යන ගමනේදී ඉවසීම හා දැඩි අධිෂ්ඨානය අවශ්‍ය වේ.
උපකාර පතන්න
අවශ්‍ය විට අන් අයගේ උපදෙස් හා සහය ලබාගන්න. ඔබේ ක්ෂේත්‍රයේ පළපුරුදු අය හමුවී ඔවුන්ගේ අත්දැකීම් ඉගෙන ගන්න.
තමන් ගැන සැලකිලිමත් වන්න
ඉලක්ක වෙත යන ගමනේදී මානසික හා ශාරීරික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. විවේකය, ව්‍යායාම හා පෝෂ්‍යදායී ආහාර රටාවක් පවත්වාගන්න.
මතක තබාගත යුතු වැදගත්ම කරුණ නම්, සාර්ථකත්වය යනු ගමනක් මිස ගමනාන්තයක් නොවන බවයි. එබැවින් එක් එක් ජයග්‍රහණය සමරන්න. කුඩා ජයග්‍රහණ පවා අගය කරන්න. මෙම ක්‍රමවේද අනුගමනය කිරීමෙන් ඔබේ සිහින සැබෑ කරගත හැකි වනු ඇත.
අහිමි හිමිකරු



