


කාන්තාවක්, යුවතියක් ලෙස වර්තමානයේ සැවො ම පාහේ තම රුව රැකගැනීමට අපරිමිත උනන්දුවක් දක්වන බව පෙනේ. ඒ අතර රූපලාවණ්‍යයාගාර සත්කාර , වෛද්‍යය උපදෙස් මත සිදුකරන රූපලාවණ්‍යය ම ය ප්‍රතිකාර මෙන් ම තමන් විසින් ම නිවසේදී සිදුකරගන්නා සත්කාර ද ඒ අතර වේ. මේ ඕනෑ ම සත්කාරයක දී ඔබ ඒ පිළිබඳව දැනුවත් වීම සහ ඉතා ම සැලැකිළිමත් වීම අතිශයින් ම වැදගත් වේ. මක් නිසාද යත් සම, හිසකෙස් ආදිය එකිනාගෙන් එකිනෙකාට වෙනස්වන අතර ම ඒ සඳහා සත්කාර කිරීමේ දී තම තමන් ගේ සම සහ හිසකෙස් හොඳින් හඳුනාගෙන තිබී ම ප්‍රථිඵලදායී වන නිසාවෙ නි. එබැවින් මෙම ලිපියෙන් ඉදිරිපත් කරන කරුණු ඔබට වටහාගැනීමට හැකිවෙතැ යි මා විශ්වාස කරනවා. ඉතින් රුව රැකගැනීමේ දී ඔබ අතින් මේ වැරැදි සිදුවනවා දැ යි විමසා බලන්න….
සම පිරිසුදු කිරීම
ඔබේ මුහුණේ ස්වාභාවය සහ ජීවනරටාවේ ස්වාභාවය අනුව යම් අවස්ථාවන්හි දී දිනකට කිහිපවරක් සම cleanse කරමින් මුහුණ සේදීමට ඔබ පුරුදු වී සිටිනවා නම්, හැකිතරම් දුරට එය අව ම කිරීමට උත්සාහ ගන්න. මක්නිසා ද යත් නිතර ම සේදුම්කාරක භාවිතයෙන් සහ වතුර භාවිතයෙන් මුහුණේ සම අධික ලෙස වියළිබවට හැරීමට ඉඩ ඇති බැවිනි. එමෙන් ම සමට හිතකර සෛල වියළීයාමෙන් අනවශ්‍යය ගැටළු පවා ඇතිවීමට මෙය බලපානු ඇති.
Sun cream භාවිත නොකිරී ම
ඔබ නිතර එලිමහනේ ගැවසෙන අයෙකු නම් ඔබ අනිවාර්යයෙන් ම හිරුකිරණින් ඔබේ සමට සිදුවන හානිය වළක්වාගැනීමට sun block පාවිච්චි කිරී ම ඉතා වැදගත් ය. මෙහි දී සමේ Ph අගයට සහ ඉහළ ආරක්ෂාවක් ලබාදෙන හොඳ ම තත්ත්වයේ sun block එකක් ම මිල දී ගැනීමට වග බලාගන්න.
අධික සීනි, තෙල් සහ ලුණු භාවිතය
රසට කන්න අකැමැති කවුද? එහෙත් කෑම රස ගැන ම සිතා ඔබ අධික ලෙස සීනි ප්‍රතිශතය ඉහළ කෑමවර්ග නිතර ආහාරයට ගන්නේ නම් ඔබේ රූපලාවණ්‍යය සහ සෞඛ්‍යය ගැන වඩා සැලකිලිමත් වන්න.
හිස තබන කොට්ට සහ ඇතිරිලි නිතර පිරිසුදු නොකිරී ම
කාර්‍යයබහුල ජීව්තයක දී ඔබට මඟහැරෙන නොයෙකුත් කාරණා තිබෙනවා ඇති. එහෙත් සතියකට වරක් හෝ දෙවරක් හැකි හැමවිට ම කොට්ටඋර සහ ඇතිරිලි මාරුකරමින් පිරිසුදු ඇඳ ඇතිරිලි සහ කොට්ටඋර භාවිත කරන්න. මක් නිසා ද යත් එමඟින් ඉස්හොරි , කුරුළෑ වැනි ගැටළුවලට ද විසඳුමක් ලැබේ.
නිතර උණුසුම් වතුර භාවිතයෙන් ස්නානය
මෙමඟින් හිසකෙස් සහ ශරීරයේ සම අධික වියළිබවට හැරෙන බැවින් හැකි හැමවිට ම උණුසුම අඩු ම වතුර භාවිතයෙන් ශරීරය සහ හිසකෙස් පිරිසුදුකරගැනීමට සැළකිලිමත් වන්න
නිසි සොයාබැලීමකින් තොරව skin care routine අනුගමනය කිරීම
සෑම කෙනෙක්ට ම එකිනෙකාට ආවේණික සමක්, රුවක් හිසකෙස් ආදිය තිබේ. එබැවින් හැමවිට ම පවතින රැල්ලට අනුගත වී සොයා බැලීමකින් තොරව සිදුකරන ඕනෑ ම ක්‍රියාවලියක අවසානය හැමවිට ම සාර්ථක වන්නේ නැත. එබැවින් දැන් මෙව් මොහොතේ පවතින trend එක අනුව ඔබේ රූපලාවණ්‍යය නිෂ්පාදන තෝරාගැනීම සහ භාවිතය සිදුකරන්න එපා. එමඟින් ඔබ හිතනවාට වඩා අයහපත් ප්‍රථිඵල ඔබ නොදැනුවත්ව ම ලැබෙන්නට ඉඩ ඇත. එමෙන් ම ඒ මඟින් දීර්ඝකාලීන අයහපත් ප්‍රථිඵල මෙන් ම නැවත කිසිදිනෙක ආපසු හැරවිය නොහැකි ප්‍රථිඵල වුව ලැබෙන්නට ඉඩ ඇත. එබැවින් හැමවිට ම ඔබේ රූපලාවණ්‍යය ශිල්පියාගෙ හෝ dermatology උපදෙස් අනුව ම පමණක් කටයුතු කරන්න. මක්නිසා ද යත් සමහර රසායනික සංයෝග ඔබේ පවුලේ ම කෙනෙකුට සාර්ථක ප්‍රථිඵල ලබා දුන්න ද ඔබට එය අහිතකර වීමට ඇති සම්භාවිතාව ඉහළ වන බැවිනි.
ප්‍රමාණවත් නොවන නින්ද
කාර්‍යයබහුල ජීවිතයක් ගත කරන ඔබට රැකියාව්ද් හෝ වෙනයම් ගැටළුවක් නිසා අඩු නින්දක් නම් ලැබෙන්නේ, එය ඔබේ සෞඛ්‍යයට සහ රූපයට දැඩිව බලපාන බව ඔබ දන්නවා ඇති. දිනය පුරාවට නොයෙකුත් දේශගුණික කාලගුණික විපර්‍යාස මැද අධික මහන්සිය , තෙහෙට්ටුව්ව සහ මානසික , කායික පීඩා මැද ඔබ ගැටෙනා විට ඔබේ ශරීරය මෙන් ම මනස ද දුර්වල වන්නෙ ඔබටත් නොදැනි ම යි. ශරීරාභ්‍යන්තරය මෙන් ම ඉහත කී කාරණාවලදී බොහෝවිට නිරාවරණය වන ඔබේ සම, හිසකෙස් පවා මේ ගැටළු නිසා විඩාවට පත්වේ. එහි දී ප්‍රමාණවත් සුව නින්දකට පිරිසුදුකරගත් ඔබේ සම සහ ශරීරය නැවත නැවුම්බවකින් පුබුදුවන්නට හැකි ය. එබැවින් හැකි හැමවිට ම සුව නින්දක් ලබාගන්න සැලසුම් කරන්න.
Make up සමඟ නින්දට යාම
ඔබ කෙතරම් කාර්‍යයබහුල වුවත්, කෙතරම් විඩාවට පත්වුවත් කිසිදිනක මෙය නම් කරන්නට එපා. දිගු වේලාවක් ඔබේ සම මත රැඳුණ මේක් අප් නිසා ඔබේ සමට බොහෝ හානි සිදුවිය හැකි ය. එමෙන් ම දවස පුරා රැඳුණ කුණු දූවිලඑමෙන් ම දවස පුරා රැඳුණ කුණු දූවිලි ආදිය මෙන් ම මේක් අප් නිසා විඩාවට පත් සම තව තවත් අයහපත් තත්ත්වයකට හැරීමට මේ නිසා ඉඩ කඩ ලැබේ. Pimples, acne, black heads ආදිය මෙන් ම සම රැලිවැටී ම දුර්වර්ණ වීම මේ නිසා ඉක්මනින් සිදුවනු ඇති. එබැවින් නිවැරදිව මේක් අප් ඉවත් කර සැහැල්ලු නැවුම්බවකින් නින්දට යන්න. නින්දේ දී විඩාවට පත් සම ප්‍රකෘතිමත් කරමින් ඔබට නැවුම්බවක් ලබාදෙනු ඇත.
ඉතින් මෙලෙස තවත් වැදගත් කාරණා රැසක් සමඟ නැවත්වරක් ඔබ හමුවන බලාපොරොත්තු ඇතිව මා අදට සමුගන්නවා. සුබ දවසක් !
සමීරා ජයසිංහ
වර්තමාන සමාජය තුල විවාහක, දරුවන් අපේක්ෂිත යුවල සංඛ්‍යාවෙන් 30%ක ට ආසන්න ප්‍රමාණයක් දරුවන් නොමැති වීමේ ගැටලුවට මුහුණ දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් තහවුරු කොට ඇත. ශ්‍රී ලාංකික කාන්තාවන් ගෙන් 7%ක් පමණ ද මදසරු බාවයට හේතු යෙදෙන “ඩිම්බ නොමේරීම” හෙවත් PCOS (Polycystic Ovarian Syndrome) යන රෝගී තත්ත්වයෙන් පෙලෙන අතර අවුරුදු 18-44 අතර වයසේ පසුවන කාන්තාවන් තුල මෙම තත්ත්වය සුලබව දක්නට ලැබේ.
ස්ත්‍රී හෝමෝනයන්ගේ සමතුලිතතාවය බිඳ වැටීම හේතුවෙන් නිසියාකාරව ඩිම්බ පරිණත වීම සිදු නොවීම මෙම රෝගී තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතුවයි. ඩිම්බ කෝෂය මතුපිට ස්වාභාවිකව පවතින සුමට බව නොමැති වී පරිණත ඩිම්බයක් වෙනුවට “Cyst” එනම් තරල පිරි කුඩා ගෙඩි ඩිම්බ කෝෂ පුරා පැවතීම ප්‍රධාන රෝග ලක්ෂණයක් ලෙස හඳුනා ගත හැක. TAS/ TVS ස්කෑන් පරීක්ෂණ මගින් මෙම තත්ත්වය නිවැරැදිව පරීක්ෂා කොට තහවුරු කරගත හැක.
මෙම රෝගී තත්ත්වයේදී කාන්තා ශරීරයේ අභ්‍යන්තර මෙන්ම බාහිර රෝග ලක්ෂණ දක්නට ලැබෙන අතර, ඒවා ඉක්මනින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් මෙම තත්ත්වය පහසුවෙන් මගහරවා ගත හැක. PCOS රෝගී තත්ත්වය පිටියුටරි ග්‍රන්ථිය, ඩිම්බ කෝෂ, තයිරොයිඩ් ග්‍රන්ථි හා අග්න්‍යාශය ආදී අන්තරාසර්ග ග්‍රන්ථීන්ගේ ක්‍රියාකාරීත්වයේ විෂමතා නිසා හටගනී. මීට අමතරව වත්මන් සමාජය තුළ මෙම රෝගී තත්ත්වය සඳහා බලපාන ප්‍රධාන හේතූන් ලෙස අධික තරබාරු බව, වැරදි ආහාර විහරණ හා ජානමය හේතු හඳුනාගත හැක.
කාන්තාවකගේ මාසික ඔසප් චක්‍රය ක්‍රමවත්ව පවත්වාගෙන යන ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන ඩිම්බ කෝෂ මගින් නිපදවන අතර සාමාන්‍ය තත්ත්ව යටතේ සුලු ප්‍රමාණයකින් නිපදවන Androgen හෝමෝනය අධිකව ස්‍රාවය වීම නිසා ඩිම්බ පරිණත වීමට බාධා පැමිණීම PCOS තත්ත්වයේදී සිදුවේ. නිරෝගී කාන්තාවකගේ ඩිම්බ කෝෂයකින් මසකට පිටවන නිරෝගී, පරිණත ඩිම්බයක් නිරෝගී ශුක්‍රාණුවක් සමඟ සංසේචනයෙන් නිරෝගී කළලයක් හටගනී. නිරෝගී පරිණත ඩිම්බයක් ලැබීමටත්, එය නිවැරැදි කාලයේදී මෝචනය වීමටත් හෝමෝනමය සමතුලිතතාවය අතිශය වැදගත් වේ. ඩිම්බ නිපදවීම හා ඒවායේ පරිණත භාවය සඳහා FSH හෝමෝනය හා ඩිම්බ මෝචනය සඳහා LH හෝමෝනය යන හෝමෝන වල නිවැරැදි ක්‍රියාකාරීත්වය මෙහිදී වැදගත් සාධකයක් වන අතර PCOS තත්ත්වයේදී FSH හා LH හෝමෝනයන්ගේ අසමතුලිතතාවයන් ද දක්නට ලැබේ. එමනිසා ඩිම්බ පරිණත වීම නිසියාකාරව සිදුනොවේ.
එමෙන්ම, අග්න්‍යාශයික ක්‍රියාකාරීත්වයේ විෂමතා හේතුවෙන් ඉන්සියුලින් හෝමෝනයේ බලපෑමෙන් ඩිම්බ කෝෂ වලින් වැඩි වශයෙන් පිරිමි හෝමෝන ස්‍රාවය උත්තේජනය වීම සිදු වේ. එහි බලපෑමෙන්, ඩිම්බ නිසිලෙස පරිණත නොවීම, ඩිම්බ මුදාහැරීම නිවැරැදිව සිදු නොවීම හේතුවෙන් දරුවෙකු පිළිසිඳ ගැනීමට බාධා ඇතිවේ.
PCOS රෝග ලක්ෂණ –
• අක්‍රමවත් ඔසප් චක්‍රයක් පැවතීම (ඔසප් චක්‍රය සිදු නොවීම, ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවීම)
• මුහුණේ අසාමාන්‍ය ලෙස කුරුලෑ හට ගැනීම
• මුහුණේ සහ ශරීරයේ ඇතැම් ස්ථාන වල (උඩුතොල, නිකට, පපුව, තට්ටම් ආදී ) අනවශ්‍ය ලෙස රෝම හට ගැනීම
• ගෙල, ඉකිලි හා කිහිලි ආශ්‍රිත සම කලු, වියළි, ගොරෝසු වීම
• අධික තරබාරු බව
• අධිකව හිසකෙස් ගැලවී යාම හා හිසකෙස් මෘදු වීම
PCOS තත්ත්වය නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ –
• මදසරු භාවය
• ගබ්සා වීම් (Abortion)
• ගර්භාෂ හා ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා තත්ත්ව
• දියවැඩියාව
• අධි රුධිර පීඩනය
• කොලෙස්ටරෝල්
• විශාදය ඇතුළු මානසික සංකුලතා
රුධිරගත FSH, LH හෝමෝන සාන්ද්‍රණය ( Hormone profile) පරීක්ෂා කිරිම මගින් මෙන්ම රුධිරගත තයිරොක්සින් හෝමෝන මට්ටම (Thyroid profile) මගින් මෙම රෝගී තත්ත්වය පහසුවෙන් නිශ්චය කරගත හැක.
ආයුර්වේද ප්‍රතිකාර –
සුවිශේෂී ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් තුළින් PCOS තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවකර ගත හැක. ඒ සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් “ආර්ථව ව්‍යාපත්” සඳහා වන චිකිත්සා පද්ධතිය ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දේ.
බාහිර ප්‍රතිකාර ලෙස නස්‍ය ප්‍රතිකාර (අසමතුලිත වූ හෝමෝන සමතුලිත කිරීම සඳහා), ශිරෝධාරා (මර්ම උත්තේජනය හා ත්‍රිදෝෂ ශමනය කිරීම සඳහා), උද්වර්තනය (ඖෂධීය චූර්ණ අභ්‍යංගය), තෛල අභ්‍යංගය හා ස්වේදනය (ස්‍රෝතස් ශෝධනය හා මේද දහනය සඳහා),ඖෂධීය කෂාය මගින් ශේක, පිචු, අවගාහ, වස්ති කර්ම ඇතුළු පංචකර්ම ප්‍රතිකාර හැඳින්විය හැක.
අභ්‍යන්තර ඖෂධ යෙදීමෙන් රෝගියාගේ ශරීරය ශෝධනය නොහොත් විෂ ඉවත් කොට පිරිසිදු කිරීම, රෝගියාගේ ශරීර අග්නිය නිසි ලෙස සැකසීම, දෝෂ ශමනය මගින් අසමතුලිත දෝෂ සමතුලිත කිරීම සිදුකරනු ලැබේ. එමෙන්ම රෝගියාගේ මානසික සෞඛ්‍ය සුරැකීම කෙරෙහි ද ප්‍රතිකාරයේදී විශේෂයෙන් අවධානය යොමුකල යුතු වේ.
PCOS රෝගී තත්ත්වය ඇතිවීම වලක්වා ගැනීම සඳහා,
• අධික සීනි/තෙල්/පිටි සහිත ආහාර ගැනීමෙන් වැළකීම
• උෂ්ණාධික මාංශ වර්ග (ගව මස්, ඌරු මස්) හා උෂ්ණාධික මාළු (බලමාළු, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්) ගැනීමෙන් වැළකීම
• ක්ෂණික ආහාර, කෘතිම රසකාරක/වර්ණකාරක යෙදූ ආහාර, ගැඹුරු තෙලේ බදින ලද ආහාර ගැනීමෙන් වැළකීම
සිදු කල යුතුය.
• රතු කැකුළු හෝ දේශීය සහල්, ධාන්‍ය වර්ග, තන්තු අධික එළවළු, පලතුරු, පලා, කුඩා මසුන් (හාල්මැස්සන් වැනි) වැඩි වශයෙන් ආහාරයට ගැනීම.
• වැඩිපුර ජලය පානය කිරීම
• ඖෂධීය කොළ කැඳ (කරපිංචා, යකි නාරං, හීන් බෝවිටියා) හා ඔසුපැන් (කොත්තමල්ලි, ඉරමුසු, පොල්පලා) පානය කිරීම
• ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම හා දවල් කාලයේදී නිදා නොගැනීම
• ව්‍යායාම කිරීම
• භාවනා කිරීම හා යෝග අභ්‍යාස වල නිරත වීම යෝග්‍ය වේ.
නිරෝගී දරු පිළිසිඳ ගැනීමක් සඳහා පරිණත ඩිම්බයක් නිසි කල නිසි අයුරින් ඩිම්බ කෝෂයෙන් මුදාහැරීම කාන්තාවකට අතිශය වැදගත් වේ.එබැවින් ඉහත සඳහන් රෝග ලක්ෂණ සහිත කාන්තාවක් වේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු වී නිසි ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමෙන් PCOS රෝගී තත්ත්වය හේතුවෙන් ඇතිවන මදසරු භාවය ඇතුළු අනෙකුත් අතුරු ආබාධ තුරන් කොට ඉක්මන් සුවය ලඟාකර ගත හැක.
ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක
BAMS (Colombo)
සඳගලතැන්න හරහා සිරිපා කරුණාව – 02 වන කොටස
( අප්‍රෙල් මස සඟරාවෙන් පළමු කොටස කියවන්න )
පුදුමාකාර ලස්සන වටපිටාවක් පහු කරගෙන අපි කැලේ ඇතුලේ අඩිපාරදිගේ ඉදිරියට ඇවිදගෙන ගියේ වටපිට සුන්දරත්වය විදිමින්… මෙවර නමි මම කවි කිය කිය තමයි ගමන ආරමිභ කලේ.. එ තරමි සතුටකින් මම සිටි බව කියන්නම ඔින…. ලස්සන දොල පාරවල් , ගස්කොළන් විතරක් නෙවෙයි නේකවිද කැලෑ මල් දැක්කාම ඉබෙිටම තුන්සරනේ කවි කියවෙනවා…. සුන්දර වනලැහැබ හිතම වශිකරගෙන… එක යායට පිපි තබුණු පුංචි මල් වගයක් හරියට පින්න වගේ….. එක යායට තියන නෙලු ශාක වල පත්‍ර වැස්සට තෙමිලා දිලිසෙනවා… එවා දිහා බලාගෙනමයි ඉන්න හිත… කවි සිංදු කිය කිය යන අතරමග සිරිපා කරුණාකරන තවත් දෙදෙනෙක් අපිට හමුඋනා… එ විතරක් නෙවෙයි ඉහල කඩ වලට බඩු අදින කමිකරුවන් අපිට හමුඋනා… ඔවුන්ගේ ගමනට කිසිදු බාදාවක් නොකර අපි හයදෙනා ඇවිද ගියේ පුදුමාකාර සතුටකින්…
හවස එකට පටන්ගත්ත ගමන සඳගලතැන්න ගල්තලාවට ලගා වෙද්දි හවස 3.05යි.. අපිට මද වර්ෂව නිසාත් ඦායාරුප ගැනීමට නතරවීමි නිසාත් පැය තුනක් ගතවෙලා…. මෙි ගැන කියන්නම අවශ්‍යයි… ගමනක් යන විට හදිසිකාරයො නැති එක නමි මානසික සුවයක්… වට පිට සුන්දරත්වය විදගෙන හෙමින් ගමනට තමයි මගෙ වැඩි කැමැත්ත… මෙි ගමන ගිය අපි හයදෙනාම එහෙමයි… ගමන පටන්ගත්ත මොහොතේ ඉදන් නැවත නිවෙස් කරා පැමිණෙන්න බස් රථයට ගොඩ වන තුරුත් අපි එකටමයි…
සුන්දරත්වය තියෙන්නේ ඇස් දෙකෙන් බලාගෙන විදින්න.. ඉතිං මෙි වගෙ සුන්දර නිස්කලංක පරිසරයකට ඇතුල් වෙනවා කියන්නේ විදින්න තියනදේ ගොඩයි… ගස් කඳන් තවත් ජිවයකට ඉඩ දිලා අපුර්වත්වයක් මවලා… තෙත බරිත පාසි වගේම මීවන ශාක විසල් ගස් වෙලාගෙන… තැනින් තැන ඇසෙන වතුර ගලන් යන හඬ හරියට සංගීතයක් වගේ… හිතම වශි නොවුනොත් පුදුමයි..
සඳගලතැන්නෙදි අපිට තවත් නඬ දෙකක් දැගන්න හැකි උනා… රාත්‍රිය එහි ගත කරන්න කුඩාරමි බදින පිරිසක් වගේම සිරිපා කරුණාකරලා පහලට බසින නඬයක් සඳගලතැන්න ගල් තලාවෙිදි අපිට හමුඋනා… අපි දවල් ආහාරය ගත්තේ සඳගලතැන්නෙදි…. පාන් එක්ක සීනිසමිබල් අපේ කුසගින්න නිවා දැමුවා….. සීතලෙ වෙවුලන ගමන් ඇතීන් විටින් විට මීදුමි සළුවෙන් වෙලාගන්න සමනොළ කන්ද දිහා බලාගෙන අපි හැමොම හිටියෙ පුදුමාකර සතුටකින්…. මෙි සමනොළ කන්ද ගැන මොනතරමි නමි ජනප්‍රවාද කතා තියනවාද.. සුමනසමන් දෙවියන් ගැන විස්තර මම මීට පෙර අපි මැගසින් එකෙන් ඔයාලට අරන් ආවා. එ නිසා මෙවර එ පිළිබදව අවශ්‍ය නැතියි සිතනවා… නමුත් අපේ නඩෙි චානක මල්ලි නමි අපේ අයට සමනළ කන්ද ගැන වටිනා විස්තර ටිකක් සඳගලතැන්න ගල් තලාවෙිදි පැවසුවා….
හාස්කමි ඇති භුමියක් වෙතට පැමිණෙන විට අපි කවුරුත් පේ වෙලා එන්න ඔින.. කිලිකුණු නැතුව නිර්මාංශව…. විශේෂයෙන් කැලෑ පාරවල් වල… මං වැරදිමි වෙනවා බොහො අයට මම දැකලා තියනවා… කට වරද්දා ගැනීමි නිසා කරදර වෙන බවයි වැඩිහිටියන් පවසන්නේ.. එ දෙවල් කොහොම උනත් අපි පැරණි කියමන් වලට ගරු කරන්න ඔින… වැඩිහිටියො නිකමි කට කහනවාට කියන කතා නෙවෙයි….
මෙි මාර්ගයේ යාමේදී සුන්දර දිය කඩිති කිහිපයක් හමුවෙනවා… බීමට සුදුසු පිරිසිදු වතුර, එත් බොන්න කලින් දියපාරේ ඉහළ ටිකක් පරික්ෂා කරලා බලන්න… කැලය නිසා මිය ගිය සතෙක් වැටි සිටියහොත් කැලෙන් පිටතට එන්න පෙර ඔබ ලෙඩ වෙන්න පුළුවන්…. එ නිසා එ ගැන කල්පනාවෙන්… එ වගේම තමයි වෙනත් අඩි පාරවල් බොහෝ දුරට ශාක වලින් වැසි තිබෙනවා.. එ නිසා අවදානයෙන් නිවැරදි මාර්ගයේම ගමන් කරන්න…. මෙි මාර්ගය යායට වැවුණු නෙලූ අතරින් ඝන මීදුම, සීතල සහ නේකවිද ශාක වලින් අනුන වගේම කුඩල්ලන්ගෙන් අඩු නැති මාර්ගයක්…. නමුත් වාසනාවකට අපිට නමි කූඩැල්ලන්ගෙන් කරදරයක් සිදු උනේ නෑ දෙහෙනකන්දේදි වගේ…..
මෙි මාර්ගයේ යන විට නල්ලතන්නි මාර්ගයේ පිහිටි යකා ඇඩු ඇල්ල, සාම චෛත්‍ය දැකගන්න පුළුවන්…. හැබැයි මෙි සමස්ත මාර්ගය පුරාවටම කඩ නමි නෑ, විදුලි ආලෝකය වගේම වැසිකිලි පහසුකම්ද නෑ….. එත් දිවියන් බහුලව ගැවසෙන ඉසව්වක් වන නිසාම කිසිසේත්ම රාත්‍රී ගමන් සුදුසු නැති බව කියන්න ඔින… එ වගේම තනිව රාත්‍රි ගමනත් අවදානමි…. හිදිසියකදි කරදරයක් උනොත් ඔබට ඔබ පමණයි…. මෙි මාර්ගය බොහෝ දුරට භාවිතා කරන්නේ නල්ලතන්නිය මාර්ගයේ ඉහල කඩ වලට බඩු අදින කම්කරුවෝ…
මෙි ගැනත් කියන්නම ඔින පවුල් පිටින් එන නඩ වගේම කැලය සම්බන්දයෙන් කිසිම අවබෝදයක් නොමැති පිරිසට මෙම මාර්ගයේ යාම ජිවිත වලට පවා තර්ජනයක් ඇති ගමනක් වන්න පුළුවන්… විශෙෂයෙන් වයොවෘර්ධ අය දරුවන් වගේ අයට මෙි මාර්ගය ඇත්තෙන්ම සුදුසු නෑ… එ නිසා කියන්නේ අසනීප තත්වයක සිටිනවා නමි කැලෑ මාර්ගවල ගමන් කිරිමෙන් වලකින්න…. දැන් රැල්ලක් වෙලානේ දරුවන් ලැබෙන්න ඉන්න අමිමලා සිරිපා වන්දනාවෙි යෑම… ඉතිං එවැනි අය නමි මෙවැනි දුෂ්කර මාර්ග වල ගමන් කිරිමෙන් වැලකි සිටිනවා නමි හොදයි… කරදරයක් සිදු උවහොත් නිරපරාදේ සුමනසමන් දෙවියන්ටයි එ සැදැහැවතුන්ගෙන් බැනුමි අහන්න වෙන්නේ… එහෙම බැතිමතුන්නේ ලංකාවෙි ඉන්නේ…..
සඳගලතැන්නෙන් ගමන ආරමිභ කරලා අපි නැවත ඉතිරි දුරත් හෙමින් ගමන් කලේ අවට සුන්දරත්වය විදගෙනමයි… හරියටම හවස 4.45ත් 5ත් අතර අපි සඳගලතැන්න මාර්ගය නල්ලතන්නි මාර්ගයට එකතුවෙන තැන මහාගිරිදබෙිට අපි හය දෙනාම පැමිණියා….. ලස්සන ගමනක් පටන් ගෙන එසේ පැමිණියත් මගෙ හිතේ සතුට තත්පරයට වෙනස් උනේ නල්ලතන්නි මාර්ගය දැකලා…. ඇති උනේ ලොකු කළකිරීමක්… එ තරමි අපිරිසිදුයි නල්ලතන්නි මාර්ගය… මුත්‍රා ගඳ විතරක් නෙවෙයි ප්ලාස්ටික් බොතල් පොලිතින් හැමතැනම.. එ වගේමයි සඳගලතැන්න මාර්ගයත් නල්ලතන්නි මාර්ගයත් එකතුවෙන තැන මළපහා කරන්න තරමි මිනිස්සු නින්දිත වෙලා….ඇත්තමයි මට වාරේ සිරිපා කරුණාව එපා උනා කිවහොත් හරි….
මට හිතාගන්න බෑ…. මෙි තරමි සුන්දර පරිසරයක් මිනිස්සු මෙි විදිහට ජරා කරන්නේ කොහොමද කියලා…. ඇත්තමයි සත්තු ඉන්න තැන් පිරිසිදුයි එත් මිනිස්සු එ තැන්වලට ගියොත් එතනත් ඉවරයි…. මෙි තරමි විනාසයක් සමනළ අඩවියට සිදු වෙද්දි පරිසරවෙිදින් ඇස් කන් පියාගෙන ඉන්නවා , හැබැයි සිරිපා වාරේ අවසන් වෙලා ආවාරේ සිරිපා කරුණාකරන පිරිස දුටු සැණින් එ පරිසරවෙිදින් අවදිවෙනවා.. අවාරේ සිරිපා යනවාට බැන වදිනවා. ගිය වර දෙහෙනකන්දෙන් අවාරේ සිරිපා කරුණා කරන බව පැවසු පසු මටත් අයෙක් බැන වැදුණා පරිසරය විනාස කරන්නයි අවාරේ යන්නේ කියලා… මං අහනවා එ අයගෙන් අවාරේ විතරයිද සමනළ අඬවිය විනාස වෙන්නේ වාරේ එහෙම වෙන්නේ නැද්ද කියලා… මං දැක්ක දෙයක් තමයි වාරේ යන අයට වඩා අවාරේ යන අයයි වාරේ ගිය අයගේ කුණු පහලට අරන් ඇවිත් සිරිපා මාර්ග පිරිසිදු කරන්නේ… කලකිරිමක් පමණයි මිනිස් ක්‍රියාකාරකම් නිසා ඉතිරි වන්නේ….
අවසානයෙදි මම බුදුන් වදින අත් දෙක එකතුකරලා ඔයාලාගෙන් ඉල්ලන්නේ මෙි ලස්සන පරිසරය විනාස කරන්න එපා.. රැගෙන යන ඔයාලාගේ කුණු ටික නැවත ගෙදර අරන් යන්න තරමි කාරුණික වෙන්න….. ඉතාමත් සංවෙිදි පරිසර පද්දතියක් ඇති සමනොළ අඬවිය මතු පරපුරටත් පරිස්සමි කරලා දෙන එක අපේ වඟකිමක් බව සිතට ගන්න.. යන්න එ සුන්දර පරිසරය විදින්න…. එත් ඔබ රැගෙන යන සියළු දෑ නැවත රැගෙන යන්න….
( ගමන පුරාවටම මගේ ඦායාරුප මට අරන් දුන්න චානක මල්ලිටත් පැතුම් මල්ලිටත් බෙහෙවින් ස්තුතියි )
නිසංසලා රණසිංහ
බැරි දේට අඬනවට වඩා උත්සාහක් වීම ප්‍රභලයි!
ඒ සාර්ථකත්වය සහ හැඟීම් අතර ඇත්තේ ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවත්. සාර්ථකත්වය අත් කර ගන්නා අය කිසි විටෙකත් ඔවුන්ට බාධක ආවිට කඳුළු සලමින් කාලය නාස්ති කළේ නෑ.ඔවුන් දැන සිටියා හඬන මිනිසුන් කිසිවිටෙකත් සාර්ථක නොවන වග. සාර්ථකත්වය හා ජයග්‍රහණය යනු දෙකකි. නමුත් සියලු දෙනා උත්සාහ කරන්නේ සාර්ථකත්වය අත් කර ගැනීම නොවේ. ඔවුන් සැමවිටම උත්සාහ කරන්නේ ජයග්‍රහණය කුසලානය අත්කර ගැනීමටත් සාර්ථකත්වයක් අත් කර ගැනීමටයි.නමුත් සාර්ථකත්වය යනු තරගයක් හඹාගොස් කුසලානයක් අත්කර ගැනීම පමණක්ම නොවේ, අභියෝග ජයගෙන ඒවාට මුහුණ දී කටුකත්වයත් සුන්දර මල් යහනාවක් කර ජීවිතයම ජය ගැනීමයි. සාර්ථකත්වය ඉතා අපැහැදිලිය. එය ජයගන්නේ මිලියන ගණනින් කීපදෙනකු පමණි.
ලෝකයේ බිහිවුණු සාර්ථක දැවැන්ත චරිත කිසිවිටෙකත් සාර්ථකත්වය කරා ගමන් කිරීමේ දී එන ගැටලු බාධක හමුවේ හඩමින් කාලය නාස්ති කර දැමුවේ නැත. ඔවුන් එම කාර්යයක් උපයෝගී කර ගනිමින් නැවත නැවත උත්සාහ කරමින් කෙසේ හෝ සාර්ථකත්වය හඹා යෑමට උත්සුක විය.ලෝකයේ බිහිවුනු ප්‍රබල සාර්ථක චරිත ගැන අපි අසා තිබෙනවා. ඔවුන් නික්ම යෑමෙන් පසු වත් මිනිසුන් ඔවුන් අනුකරණය කරමින් සාර්ථකත්වය සඳහා ආදර්ශ ගන්නවා. ඇල්බට් අයින්ස්ටයින්,චාල්ස්ඩාවින්, සොක්‍රටීස්, තෝමස් එඩිසන්, ඒබ්‍රහම් ලින්කන්,චාලි චැප්ලින්, හෙන්රි ෆෝඩ්,බිල් ගේට්ස්, මහත්මා ගාන්ධි ආදීන් අප මවිතයට පත් කරන නම් කිහිපයකි.ඉහත සදහන් කල සියලුම පුද්ගලයින් සාර්ථකත්වය ළගා කර ගැනීමේ රහස් අපට කියා දුන්නා. “අත් නො හැර නැවත නැවත උත්සාහ කිරීම”ඉන් එකකි.
සාර්ථකත්වය ළඟා කරගැනීම නිසැකවම ඉතා අපහසුය.එහි මාවත බලවත් අසාර්ථකත්වයකන් ගෙන් පිරී තිබේ. අප ක්‍රියාත්මක විය යුත්තේ නොපසුබට උත්සහය සහ සාර්ථක වීමට අධිෂ්ඨානය පෙරදැරිවයි. ඔබ සාර්ථක වීමට උනන්දුවෙන් වැඩ කරන විට එන බාධක හමුවේ දුක් වී හඬා වැටීමෙන් කිසිම ප්‍රයෝජනයක් නො වේ.එම නිසා එන සියලු අභියෝග හමුවේ උනන්දුවෙන් උත්සාහවන්තව කටයුතු කරන්න.
එවිට ඔබගේ අවසානය කිසිම විටෙක කඳුළු සැලීමක් නොවෙනු ඇත.
ඔබට ජය!
සටහන නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ .
01 වන කොටස
ඔන්න මං අදත් ආවෙි මම 2023 මාර්තු 03න් වෙනිදා ගිය තවත් ලස්සන සුන්දර ගමනක් ගැන ඔයාලාට කියන්න… වෙනදා වගේම ආරාධනා කරනවා එකතුවෙන්න මාත් එක්ක ලස්සන තැන් ගැන විස්තර දැනගන්න.. දවසක ඔයාලටත් එ තැන් බලන්න යන්න ආස හිතෙයි…
නිල් වන් අහස්කුස විදගෙන වළාකුළුත් වට කරගෙන විරාජමානව පෙනි සිටින දිව්‍යලොකය වගේ තැනක් ගැන කිවුවාම කවුරුත් දන්නවා එ කොහෙද කියලා….. එ තමයි මගේ හදවත බැදි කන්ද සමනොළ කන්ද ගැන… මෙවර කියන්න යන්නෙත් සමනොළ තරණය කරන්න අපි හයදෙනෙක් තොරාගත්ත අලුත් පාරක් ගැන….. අහලා තියන විදිහට සමනොළ කන්ද තරණය කරන්න පාරවල් හතක් තියනවා.. ඉතිං මගේ ආසාව මෙි හැම පාරකින්ම සිරිපා වදින්න යන්න… එ නිසාම අපි මෙවර යන්න කතා කරගත්තේ මාරේ වතුයාය ,රජමලේ වත්ත, සඳගලතැන්න හරහා සමනොළ කන්දට… සිරිපාදේ යන්න කෙටිම සුන්දරම මාර්ගය තමයි මෙි සඳගලතැන්න හරහා මාර්ගය…
හීනයක්….. හීනයක්ම වෙන්නට නොදුන්න ගමනක්…. මෙි ගමන යන්න ඇත්තටම මං හීන දැක්කා…. මොකද ගොඩක් අය කියලා තිබුණා මෙි මාර්ගය දුෂ්කර වගේම ඉතාමත් සුන්දර වනගත මාර්ගයක් කියලා…. ඉතිං මං ආසම එ වගේ දුෂ්කර ගමන් යන්නමනේ….. කොයිතරමි අපහසු උනත් එවැනි ගමනකදි ලබන අද්දැකිමිවල වටිනාකම කියලා නිමක් නැ….. එ නිසාම මම මගේ යාළුවොත් එක්ක මෙවර සඳගලතැන්න හරහා වාරේ සිරිපා කරුණාකරන්න කතා කරගත්තා….
ඉතිං මෙි ගමන යන්න 2023/03/03 වෙනිදා නුවරින් හවස 5.20ට තියන නානුඔය දුමිරියෙන් මමයි වාසනයි දෙන්නා හැටන් එකට ආවා… ගමන යන්න කතා කරගත්තේ පහු වෙනිදා උදෙට, එ කියන්නේ 4 වෙනි සෙනසුරාදා උදේ…. ගමන උදෙන්ම පටන්ගන්න ඔින නිසාමයි කලින් දවසේ අපි හැටන් එකට ගියේ… ඉතිං මෙි සිරිපා වාරේ නිසා හැටන් දුමිරියපලේ විශ්‍රාම ශාලාවෙි නමි ඉඩක් නැති තරමි.. කොහොම හරි මමයි මගේ මිතුරිය වාසනයි දෙන්නා අපේ අනික් සඟයො දෙන්න පැතුමි ,චානක එනකමි විශ්‍රාම ශාලාවෙි පැත්තක් අල්ලන් නිදාගත්තා….
ඉතිං හරිම සුන්දර ගමනක්… ගමන පටන්ගත්ත වෙලාවෙි ඉදන් මම නමි හිටියේ කියාගන්න බැරි තරමි සතුටකින්… සිරිපාදේ යන්න දුරින් අඩුම මාර්ගය විදිහට සැලකෙන්නේ මෙි සඳගලතැන්න මාර්ගය තමයි… එකට හෙතුව 7km පමණ සුන්දර තේ යායවල් මැදින් වාහනයක උනත් යන්න පුළුවන් නිසා.. කැලෑ පාර තියෙන්නේ 5kmක් වගේ. ටිකක් දුෂ්කරයි.. එත් හිතට සැණසිල්ක් ගෙන එන ගමනක්..
මාඋස්සාකැලේ පාලම පහු කරලා සුමනසමන් දේවාලයත් වැදගෙනම නල්ලතන්නියට එන විට නල්ලතන්නියට බස් හොල්ටි දෙකක් මෙහායින් මුල්ගම හන්දිය හමුවෙනවා…. මුල්ගම හංදියෙන් Fishing Hut / මරේ වතුයාය මාර්ගයට හැරෙන ස්ථානය හමුවෙනවා ( 6°49’30.0″N 80°31’39.0″E). අපි නමි නල්ලතන්නිය බස් එකේ ඇවිත් මෝහිනි ඇල්ල බලන්න එතනින් බැස්සා… හරියටම මෝහිනි ඇල්ල ලගට එද්දි වෙලාව උදේ 9.15. මෙවර අපේ ගමනට නල්ලතන්නියෙන් අලුත් යාළුවො දෙදෙනෙක් එකතු උනා එ තමයි දර්ශන් වගේම ජීවා…. ගිය වර දෙහෙනකන්දෙන් සිරිපා කරුණාකරලා හැටන් පාරෙන් පහලට බහිද්දි තමයි මට දර්ශන්ව අදුනගන්න ලැබුණේ…….. මෝහිනි ඇල්ලත් බලලා අපි එතනින් පා ගමනින්ම පිටත් උනා ඈතින් පේන සමනළ කන්ද දිහා බලාගෙනම මුල්ගම හන්දියට….
මුල්ගම හන්දියට එද්දි උදේ 9.55යි… මුල්ගම හන්දියට ගියාම එතැනින් වමට තියනවා පාරක්….. Fishing Hut , මරේ වතුයායට යන මාර්ගය…. එතන ඉදන් 7km පමණ ගමන් කරලා සිරිපා මාර්ගය ආරම්භ වන ස්ථානයට රජමලේ වතුයායට (6°48’01.7″N 80°31’29.9″E) පැමිණිය හැකියි… මෙම මාර්ගයේ පැමිණෙන විට අවසන් කිලෝමීටරයට පෙර නැවතත් ඔබට හන්දියක් හමුවෙනවා (6°47’53.6″N 80°31’30.6″E) , එහි Fishing Hut සහ සිරිපාදය ලෙස පුවරු සඳහන් කර තිබෙනවා දකින්න පුළුවන්.. එතනින් උඩහට ඇති සිරිපා මාර්ගය තොර ගෙන රජමාලේ වතුයායට පැමිණෙන්න පුළුවන්…. අතරමග කඩ එහෙමත් තියනවා අවශ්‍ය දෙයක් මිලදි ගන්න පුළුවන්… මොනවා උනත් රජමලේ වතුයායට නමි මට හිත ගියා. පදිංචි වෙන්න ඇත්නමි කියලා හිතුනා.. එ වෙන දෙයක් නිසා නෙවෙයි… එ තරමි එ පරිසරය සුන්දරයි එ ජිවිත සරලයි..
තව දෙයක් කියන්න ඔින මෙි මාර්ගයේ එනවා නමි බස් රථයක් තියනවා.. නල්ලතන්නියෙන් එ බසය තියන වෙලාවට එන්න පුළුවන්…… නැත්නමි මුල්ගම හන්දියෙන් ත්‍රිවිල් එකක් හයර් එකට අරන් එන්න පුළුවන්.. අපි නමි පා ගමනින් 400m විතර ඇවිත් අවුව සැර වැඩි නිසා ත්‍රිවිල් එක්ක තමයි ගියේ… මෙි වෙලාවෙි ත්‍රිරොද රථයේ රියදුරු මල්ලිවත් මතක් කරනවා… මොකද අපේ ගමනට කිසිම හදිසියක් කලේ නෑ.. අපිට අපේ නිදහසේ යන්න පුළුවන් උනා… එ යන ගමන් Gartmore ඇල්ල Viewpoint එක බලන්නත් ගියා… ඇත්තටම එක නමි පාරාදිසයක්… තව මරේ වතු යාය, මාඋස්සා කැලේ ජලාශය, මරේ ඇල්ල සහ Fishing Hut නැරඹිය හැකියි… අපි සිරිපා මාර්ගය ආරමිභ වෙන තැනට එද්දි වෙලාව හවස එකයි… මොකද අපි ගාටිමොර් viewpoint එක බලන්න ගිය නිසා ටිකක් වෙලාව ගත උනා…
රජමලේට ආවට පස්සේ ත්‍රිවිල් මල්ලිට සමු දිලා අපි හය දෙනාම ගමන පටන්ගත්තෙ සමන්දෙවිහාමුදුරුවන් සිහිකලාමයි… හීනයක් වගේ ගමනක් ආරමිභ කරන්න සුදාණමි වෙද්දිම අහසත් කළු කරගෙන වැහි පොද යමිතමි වැටෙන්න ගත්තා කැලෙට ඇතුල්වෙන තැන ඉද්දිම… කොකටත් කියලා කුඩැල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න ඔින දෙවලුත් කරගෙන කැලෙට ඇතුල් උනේ ගහක අත්තක් කඩලා දෙවියන්ට බාරහාර වෙලාමයි…. මඟ දුරක් යද්දි වැස්ස පටන්ගත්තා…. වැස්ස කියන්නේ කැලේක යදිද් තියෙන්නම ඔින දෙයක් කියලා තෙරුනේ මෙි වතාවෙි තමයි… වැස්සේ උනත් වාසනාවකට කුඩැල්ලෙක් නමි අපි කාටවත් දකින්නවත් ලැබුණේ නමි නෑ….
ගමනේ තවත් විස්තර දෙවනි කොටසින් අරන් එනකමි බලන් ඉන්න…..
නිසංසලා රණසිංහ